සප්පුරිස සුත්තං
3. 2. 3.
3. 2. 3.
සප්පුරිස සුත්තං
සප්පුරිස සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූන් ‘වහන්සැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහු. භාග්‍යවතුන් වහන්සේ තෙල සත්පුරුෂ සූත්‍රය වදාළ සේක:
සප්පුරිසධම්මඤ්ච වො භික්ඛවෙ, දෙසෙස්සාමි අසප්පුරිසධම්මඤ්ච. තං සුණාථ සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති.
මහණෙනි, තොපට සත්පුරුෂධර්මය හා අසත්පුරුෂධර්මය හා දෙසමි. එය අසව. මනා කොට මෙනෙහි කරව, කියමි’ යි.
එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
වහන්ස, එසේ යයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙලවදාළ සේක:
කතමො ච භික්ඛවෙ, අසප්පුරිසධම්මො: ඉධ භික්ඛවෙ, අසප්පුරිසො උච්චාකුලා පබ්බජිතො හොති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි උච්චාකුලා පබ්බජිතො ඉමෙ පනඤ්ඤෙ භික්ඛු න උච්චා කුලා පබ්බජිතාති. සො තාය උච්චාකුලීනතාය අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො උච්චාකුලීනතාය ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි උච්චාකුලා පබ්බජිතො හොති, සො ච හොති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී. සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසොති. සො පටිපදං යෙව අන්තරං කරිත්වා තාය උච්චාකුලීනතාය නෙවත්තානුක්කංසෙති. න පරං වම්භෙති. අයං භික්ඛවෙ, සප්පුරිසධම්මො.
මහණෙනි, අසත්පුරුෂධර්ම නම් කවරෙ යත්: මහණෙනි, මෙලොවැ පාපපුරුෂ (කැත් බමුණු) උසස් කුලයෙන් පැවිදි වූයේ වෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි උසස් කුලෙන් නික්ම පැවිදි වූයෙමි. මේ තෙසු භික්ෂූහු උසස් කුලෙන් පැවිදි නො වූහ’ කියා යි, හේ ඒ උසස් කුල ඇති බැවින් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්මයෙක. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘උච්චාකුලීන භාවයෙන් ලෝභ ධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති. ඉදින් උසස් කුලයෙන් පැවිදි නොවූයේ නමුදු හේ ද ධර්මානුධර්මප්රතිපන්න වී නම්, සාමීචිප්‍රතිපන්න වී නම්, අනුධර්මයෙහි හැසිරෙන සුලු වී නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි කියා’ යි. හේ ප්‍රතිපදාව ම අභ්‍යන්තර කොට තබා ඒ උච්චා කුලීනතාහේතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මහණෙනි, මේ සත්පුරුෂධර්මයි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො මහාකුලා පබ්බජිතො හොති -පෙ- මහාභොගකුලා පබ්බජිතො හොති -පෙ- උළාරභොගකුලා පබ්බජිතො හොති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි උළාරභොගකුලා පබ්බජිතො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න උළාරභොගකුලා පබ්බජිතා’ති. සො තාය උළාරභොගතාය අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො උළාරභොගතාය ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි උළාරභොගකුලා පබ්බජිතො හොති. සො ච හොති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී, සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසො’ති. සො පටිපදංයෙව අන්තරං කරිත්වා තාය උළාරභොගතාය නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ (කැත් බමුණු ගැහැවි යන) මහාකුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි ... මහාභෝග ඇති කුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි ... උදාරභෝගකුල සංඛ්‍යාත සතරකුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි උදාර භොග ඇති කුලයෙන් නික්ම පැවිදි වූයෙම් වෙමි. මේ සෙසු භික්ෂූහු උදාරභෝග කුලයෙන් නික්ම පැවිදි වූවාහු නො වෙති කියා’ යි. හෙ ඒ උදාරභෝගතායෙන් තමාහුවන්නේ වෙයි. මෙරමා හෙළාදක්නේ වෙයි. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘උදාරභෝගතායෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. උදාර භොග ඇති කුලයෙන් නික්ම පැවිදි නො වූයේ නමුදු හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ වේ ද, සාමීචිධර්මයෙහි පිළිපන්නේ වේ ද, අනුධර්මය පුරනසුලු වේ ද, හේ ඒ භික්ෂූන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ භික්ෂූන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි කියා’ යි. හේ පිළිවෙත ම අභ්‍යන්තර කොට තබා ඒ උදාරභෝගතාහේතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මෙ ද මහණෙනි, සත්පුරුෂධර්ම යි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො ඤාතො හොති යසස්සී. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි ඤාතො යසස්සී. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අප්පඤ්ඤාතා අප්පෙසක්ඛා’ති. සො තෙන ඤාතත්තෙන අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො ඤාතත්තෙන ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි ඤාතො හොති යසස්සී, සො ච හොති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී. සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසො’ති. සො පටිපදංයෙව අන්තරං කරිත්වා තෙන ඤාතත්තෙන නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ ප්‍රසිද්ධ වූයේ පරිවාර සම්පන්න වූයේ වෙයි. හේ මෙසේ ප්රත්යවේක්ෂණ කෙරෙයි: ‘මම වනාහි ප්‍රසිද්ධ වූයෙම් වෙමි, පරිවාරසම්පන්න වූයෙම් වෙමි. මේ සෙසු භික්ෂූහු වනාහි අප්‍රසිද්ධයහ, අල්පපරිවාර ඇතියහ කියා’ යි. හේ ඒ ඥාතභාවහේතුයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ ප්රත්යවේක්ෂණ කෙරෙයි: ‘ඥාතභාවහේතුයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. ප්‍රසිද්ධ නො වූයේ නමුදු පරිවාරසම්පන්න නො වූයේ නමුදු හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ වේ ද, සාමීචිධර්මයෙහි පිළිපන්නේ වේ ද, අනුධර්මය පුරනසුලු වේ ද, හේ ඒ භික්ෂූන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ භික්ෂූන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි කියා’ යි. හේ පිළිවෙත ම අභ්‍යන්තර කොට තබා ඒ ඥාතභාවහේතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මහණෙනි මෙ ද සත්පුරුෂ ධර්ම යි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න ලාභිනො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. සො තෙන ලාභෙන අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො ලාභෙන ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. සො ච හොති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී, සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසො’ති. සො පටිපදංයෙව අන්තරං කරිත්වා තෙන ලාභෙන නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර ලබන සුලු වෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර ලබනසුලුයෙම් වෙමි. මේ සෙසු භික්ෂූහු සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර නොලබනසුලු වෙති කියා’ යි. හේ ඒ ලාභහේතුයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘ලාභ හේතුයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති. සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර නොලබනසුලු වුව ද, හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ වේ නම්, සාමීචිධර්මයෙහි පිළිපන්නේ වේ නම්, අනුධර්මය පුරනසුලු වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි කියා’ යි. හේ පිළිවෙත මැ අභ්‍යන්තර කොට ගෙන ඒ ලාභහේතුයෙන් තමා හුවාගන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ හෝ නො වෙයි. මහණෙනි මෙ ද සත්පුරුෂ ධර්ම යි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො බහුස්සුතො හොති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි බහුස්සුතො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න බහුස්සුතා’ති. සො තෙන බාහුසච්චෙන අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො බාහුසච්චෙන ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි බහුස්සුතො හොති, සො ච හොති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී, සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසොති. සො පටිපදංයෙව අන්තරං කරිත්වා තෙන බාහුසච්චෙන නෙව අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ බහුශ්‍රුත වෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි බහුශ්‍රැතයෙමි. මෙ සෙසු භික්ෂූහු බහුශ්‍රැතයෝ නො වෙති’ කියායි. හේ ඒ බහුශ්රැතභාවයෙන් තමා හුවාදකී, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘බහුශ්රැතභාවයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. බහුශ්‍රුත නො වුව ද, හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ නම්, සාමීචිධර්මයෙහිත් පිළිපන්නේ වේ නම්, අනුධර්මය පුරන සුලු වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි’ කියා යි. හේ ප්‍රතිපත් ම කරුණු කොට ගෙන ඒ බහුශ්රැතභාවයෙන් තමා නොහුවන්නේ යැ, මෙරමා නො හෙළාදක්නේ යැ. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො විනයධරො හොති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි විනයධරො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න විනයධරා’ති. සො තෙන විනයධරත්තෙන අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො විනයධරත්තෙන ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි විනයධරො හොති, සො ච හොති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී, සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසො’ති. සො පටිපදංයෙව අන්තරං කරිත්වා තෙන විනයධරත්තෙන නෙව අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ විනයධර වෙයි. හේ මෙසේ ප්රත්යවේක්ෂණ කෙරෙයි: ‘මම වනාහි විනයධර වෙමි. මෙ සෙසු භික්ෂූහු විනයධර නො වෙති’ කියායි. හේ ඒ විනයධරභාවයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ ප්රත්යවේක්ෂණ කෙරෙයි: ‘විනයධරභාවයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. විනයධර නො වුව ද, හේ ධර්මානුධර්මයට පැමිණියේ වේ නම්, සාමීචිධර්මයට පැමිණියේ වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොට ගෙන ඒ විනයධරභාවයෙන් තමා නො හුවයි. මෙරමා නොහෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො ධම්මකථිකො හොති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි ධම්මකථිකො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න ධම්මකථිකා’ති. සො තෙන ධම්මකථිකත්තෙන අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො ධම්මකථිකත්තෙන ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි ධම්මකථිකො හොති, සො ච හොති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී, සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසො’ති. සො පටිපදංයෙව අන්තරං කරිත්වා තෙන ධම්මකථිකත්තෙන නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ ධර්මකථික වෙයි. හේ මෙසේ සිතයි: ‘මම ධර්මකථිකයෙමි. මෙ සෙසු භික්ෂූහු ධර්මකථිකයෝ නො වෙති’ කියායි. හේ ඒ ධර්මකථිකභාවයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මේද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සිතයි: ‘ධර්මකථිකභාවයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. ධර්මකථික නො වුව ද, හේ ධර්මානුධර්මය පිළිපදනේ වේ නම්, සාමීචිධර්මය පිළිපදනේ වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හෙ මහණුන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොට ගෙන ඒ ධර්මකථිකභාවයෙන් තමා නො හුවයි. මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො ආරඤ්ඤිකො හොති. සො ඉති පටිසඤ්චික්ඛති ; ‘අහං ඛොම්හි ආරඤ්ඤිකො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න ආරඤ්ඤිකා’ති. සො තෙන ආරඤ්ඤිකත්තෙන අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි, භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො ආරඤ්ඤිකත්තෙන ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි ආරඤ්ඤිකො හොති, සො ච හොති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී, සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසො’ති. සො පටිපදංයෙව අන්තරං කරිත්වා තෙන ආරඤ්ඤිකත්තෙන නෙව අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ ආරණ්‍යක වෙයි. හේ මෙසේ සලකයි: ‘මම ආරණ්‍යක යෙමි. මේ සෙසු භික්ෂූහු ආරණ්‍යක නො වෙති’ කියායි. හේ ඒ ආරණ්‍යක භාවයෙන් තමා හුවාගනී. පරා හෙළාදකී. මහණෙනි, මේද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘ආරණ්යකභාවයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. ආරණ්‍යක නො වුව ද, හේ ධර්මානුධර්මප්රතිපන්න වේ නම්, සාමීචිධර්ම ප්‍රතිපන්න වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හෙ ඒ මහණුන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොට ගෙන ඒ ආරණ්‍යක භාවයෙන් තමා නො හුවයි. පරා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො පංසුකූලිකො හොති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි පංසුකූලිකො. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න පංසුකූලිකා’ති. සො තෙන පංසුකූලිකත්තෙන අත්තානුක්කංසෙති. පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො පංසුකූලිකත්තෙන ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි පංසුකූලිකො හොති, සො ච හොති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී. සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසො’ති. සො පටිපදංයෙව අන්තරං කරිත්වා තෙන පංසුකූලිකත්තෙන නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි, භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ පංසුකූලික වෙයි. හේ මෙසේ සලකයි: ‘මම පංසකුලිකයෙමි. මේ සෙසු භික්ෂූහු පංසුකූලික නො වෙති’ කියායි. හේ ඒ පංසුකූලික භාවයෙන් තමා හුවාගනී. පරා හෙළාදකී. මහණෙනි, මේද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ ද වනාහි මෙසේ සිතයි: ‘පංසුකූලික භාවයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙත්. පංසුකූලික නො වුවද, හේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වේ නම්, සාමීචිධර්මප්රතිපන්න වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හෙ මහණුන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි’ කියා යි. හෙ පිළිවෙත ම කරුණු කොටගෙන ඒ පසුකුලික භාවයෙන් තමා නො හුවයි. පරා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො පිණ්ඩපාතිකො හොති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි පිණ්ඩපාතිකො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න පිණ්ඩපාතිකා’ති. සො තෙන පිණ්ඩපාතිකත්තෙන අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො පිණ්ඩපාතිකත්තෙන ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි පිණ්ඩපාතිකො හොති. සො ච හොති. ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී. සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසො’ති. සො පටිපදංයෙව අන්තරං කරිත්වා තෙන පිණ්ඩපාතිකත්තෙන නෙවත්තානුක්කංසෙති. න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ පිණ්ඩපාතික වෙයි. හේ මෙසේ සිතයි: ‘මම වනාහි පිණ්ඩපාතිකයෙමි. මේ සෙසු භික්ෂූහු පිණ්ඩපාතිකයෝ නො වෙති’ කියායි. හේ ඒ පිණ්ඩපාතික භාවයෙන් තමා හුවයි. පරා හෙළාදකී. මහණෙනි, මේද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සිතයි: ‘පිණ්ඩපාතිකභාවයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. පිණ්ඩපාතික නො වුව ද ධර්මානුධර්ම ප්‍රතිපන්න වේ නම්, සාමීචිධර්මප්රතිපන්න වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හෙ මහණුන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොටගෙන ඒ පිණ්ඩපාතිකභාවයෙන් තමා නො හුවයි. පරා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො රුක්ඛමූලිකො හොති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි රුක්ඛමූලිකො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න රුක්ඛමූලිකා’ති. සො තෙන රුක්ඛමූලිකත්තෙන අත්තානුක්කංසෙති. පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො රුක්ඛමූලිකත්තෙන ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි රුක්ඛමූලිකො හොති, සො ච හොති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී. සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසො’ති. සො පටිපදංයෙව අන්තරං කරිත්වා තෙන රුක්ඛමූලිකත්තෙන නෙවත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ රුක්ඛමූලික වෙයි. හේ මෙසේ ප්රත්යවේක්ෂණ කෙරෙයි: ‘මම වනාහි රුක්ඛමූලිකයෙමි. මේ සෙසු භික්ෂූහු රුක්ඛමූලිකයෝ නො වෙති’ කියායි. හේ ඒ රුක්ඛමූලිකභාවයෙන් තමා හුවයි. පරා හෙළාදකී. මහණෙනි, මේද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ මෙසේ ප්රත්යවේක්ෂණ කෙරෙයි: ‘රුක්ඛමූලිකභාවයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. රුක්ඛමූලික නො වුව ද ධර්මානුධර්මප්රතිපන්න වේ නම්, සාමීචිප්‍රතිපන්න වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ භික්ෂූන් කෙරෙහි පූජාර්හ වෙයි, හෙ ඒ භික්ෂූන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොටගෙන ඒ රුක්ඛමූලිකභාවයෙන් තමා නො හුවන්නේ වෙයි. පරා නො හෙළාදක්නේ යැ. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො සොසානිකො හොති -පෙ- අබ්භොකාසිකො හොති -පෙ- නෙසජ්ජිකො හොති -පෙ- යථාසන්ථතිකො හොති -පෙ- එකාසනිකො හොති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි එකාසනිකො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න එකාසනිකා’ති. සො තෙන එකාසනිකත්තෙන අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘න ඛො එකාසනිකත්තෙන ලොභධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, දොසධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති, මොහධම්මා වා පරික්ඛයං ගච්ඡන්ති. නො චෙපි එකාසනිකො හොති. සො ච හොති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී. සො තත්ථ පුජ්ජො, සො තත්ථ පාසංසො’ති. සො පටිපදංයෙව අන්තරං කරිත්වා තෙන එකාසනිකත්තෙන නෙවත්තානුක්කංසෙති. න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ සෝසානික වෙයි, .... අබ්භෝකාසික වෙයි, ... නෙසජ්ජික වෙයි, ... යථාසන්ථතික වෙයි, ... ඒකාසනික වෙයි, හේ මෙසේ සලකයි: ‘මම ඒකාසනික වෙමි. මේ සෙසු භික්ෂූහු ඒකාසනික නො වෙති’ කියා යි. හේ ඒ ඒකාසනිකභාවයෙන් තමා හුවයි. මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: ‘ඒකාසනික භාවයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. ඒකාසනික නො වුව ද ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙ යි, සාමීචිප්‍රතිපන්න වෙයි, අනුධර්මචාරී වෙයි, හේ ඒ භික්ෂූන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ භික්ෂූන් කෙරෙහි ප්රශංසාර්හ වෙයි. හේ ප්‍රතිපදාව ම කරුණු කොටගෙන ඒ ඒකාසනිකභාවයෙන් තමා නො හුවයි. මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි පඨමජ්ඣානසමාපත්තියා ලාභී, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න පඨමජ්ඣානසමාපත්තියා ලාභිනො’ති. සො තාය පඨමජ්ඣානසමාපත්තියා අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘පඨමජ්ඣානසමාපත්තියාපි ඛො අතම්මයතා වුත්තා භගවතා. යෙන යෙන හි මඤ්ඤන්ති, තතො තං හොති අඤ්ඤථා’ති. සො අතම්මයතංයෙව අන්තරං කරිත්වා තාය පඨමජ්ඣානසමාපත්තියා නෙව අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ කාමයෙන් වෙන් වැ මැ අකුසල්දහමින් වෙන් වැ විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි ප්රථමධ්යානසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්ෂූහු ප්රථමධ්යානසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ ප්‍රථමධ්‍යාන සමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මේ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රථමධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිතබව වදාරන ලදි. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එහෙයින් එය අන් පරිද්දෙකින් වෙයි කියා යි. හේ තෘෂ්ණා රහිතබව මැ කරුණු කොට ගෙන් ඒ ප්රථමධ්යානසමාපත්තියෙන් තමා නො මැ හුවයි, මෙරමා නො හෙළා දකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි චතුත්ථජ්ඣානසමාපත්තියා ලාභී, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ චතුත්ථජ්ඣානසමාපත්තියා න ලාභිනො’ති. සො තාය චතුත්ථජ්ඣානසමාපත්තියා අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘චතුත්ථජ්ඣානසමාපත්තියාපි ඛො අතම්මයතා වුත්තා භගවතා. යෙන යෙන හි මඤ්ඤන්ති තතො තං හොති අඤ්ඤථා’ති. සො අතම්මයතංයෙව අන්තරං කරිත්වා තාය චතුත්ථජ්ඣානසමාපත්තියා නෙව අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ විතර්ක විචාරයන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිත පිළිබඳ එකඟ බව ඇති විතර්ක රහිත විචාර රහිත ප්‍රීති සුඛ ඇති ද්වීතිය ධ්‍යානය ... තෘතීය ධ්‍යානය ... චතුර්ත්ථ ධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි චතුර්ත්ථධ්යානසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්ෂූහු චතුර්ත්ථධ්යානසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ චතුර්ත්ථ ධ්‍යානසමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් චතුර්ත්ථධ්යානසමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව වදාරන ලදි. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, ඒ හේතුයෙන් එය අන් පරිදි වෙයි’ කියා යි. හේ තෘෂ්ණා රහිතබව ම කරුණු කොට ගෙන ඒ චතුර්ත්ථධ්යානසමාපත්තියෙන් තමා නො හුවයි, මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි ආකාසානඤ්චායතනසමාපත්තියා ලාභී. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ ආකාසානඤ්චායතනසමාපත්තියා න ලාභිනො’ති. සො තාය ආකාසානඤ්චායතනසමාපත්තියා අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘ආකාසානඤ්චායතනසමාපත්තියාපි අතම්මයතා වුත්තා භගවතා. යෙන යෙන හි මඤ්ඤන්ති, තතො තං හොති අඤ්ඤථා’ති. සො අතම්මයතංයෙව අන්තරං කරිත්වා තාය ආකාසානඤ්චායතනසමාපත්තියා නෙව අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ සර්වප්රකාරයෙන් රූප සංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාසානඤ්චායතන සමවතට පැමිණ වෙසෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි ආකාසානඤ්චායතනසමාපත්ති ලාභී වෙමි, මේ සෙසු භික්ෂූහු ආකාසානඤ්චායතනසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ ආකාසානඤ්චායතනසමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකියි. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ආකාසානඤ්චායතනසමාපත්තියෙනුදු නිස්තෘෂ්ණා වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, ඒ හේතුයෙන් අන් පරිදි වෙයි කියා යි. හේ නිස්තෘෂ්ණා බව මැ කරුණු කොට ගෙන ඒ ආකාසානඤ්චායතනසමාපත්තියෙන් තමා නො හුවයි, මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ලාභී, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා න ලාභිනො’ති. සො තාය විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘විඤ්ඤාණඤ්චායතනසමාපත්තියාපි ඛො අතම්මයතා වුත්තා භගවතා, යෙන යෙන හි මඤ්ඤන්ති තතො තං හොති අඤ්ඤථා’ති. සො අතම්මයතංයෙව අන්තරං කරිත්වා තාය විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා නෙව අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ විඥානය අනන්ත යයි විඤ්ඤාණඤ්චායතන සමවතට පැමිණ විහරණ කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්ෂූහු විඤ්ඤාණඤ්චායතන සමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන්වහන්සේ විසින් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙනුදු නිස්තෘෂ්ණතාව වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එයින් එය අන් පරිදි වෙයි’ කියා යි. හේ නිස්තෘෂ්ණාව ම කරුණු කොට ගෙන ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් තමා නො හුවයි, මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා ලාභී, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා න ලාභිනො’ති. සො තාය ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො භික්ඛවෙ, ඉති පටිසඤ්චික්ඛති: ‘ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියාපි ඛො අතම්මයතා වුත්තා භගවතා. යෙන යෙන හි මඤ්ඤන්ති තතො තං හොති අඤ්ඤථා’ති. සො අතම්මයතංයෙව අන්තරං කරිත්වා තාය ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා නෙව අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය සමතික්‍රමණය කොට ‘කිසිදු නැති’යි ගෙනැ ආකිඤ්චඤ්ඤායතන සමවතට සම වැද විහාර කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්ෂූහු ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් තමා හුවයි, පරා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්මයි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙනුදු නිස්තෘෂ්ණාව වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එයින් එය අන් පරිදි වෙයි කියා යි. හේ නිස්තෘෂ්ණතාව මැ කරුණු කොට ගෙන ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් තමා නො මැ හුවයි. පරා නො හෙළයි. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.
පුන චපරං භික්ඛවෙ, අසප්පුරිසො සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ලාභී, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා න ලාභිනො’ති. සො තාය නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා අත්තානුක්කංසෙති, පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, අසප්පුරිසධම්මො. සප්පුරිසො ච ඛො, භික්ඛවෙ , ඉති පටිසඤ්චික්ඛති: ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියාපි ඛො අතම්මයතා වුත්තා භගවතා. යෙන යෙන හි මඤ්ඤන්ති, තතො තං හොති අඤ්ඤථා’ති. සො අතම්මයතංයෙව අන්තරං කරිත්වා තාය නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා නෙව අත්තානුක්කංසෙති, න පරං වම්භෙති. අයම්පි භික්ඛවෙ, සප්පුරිසධම්මො.
තවද මහණෙනි, අසත්පුරුෂ සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවත උපයාගෙන විහාර කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්ෂූහු නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිලාභයෙන් තමා හුවයි, පරා හෙළාදකියි. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙනුදු නිස්තෘෂ්ණතාව වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එයින් එය අන් පරිදි වෙයි’ කියා යි. හේ නිස්තෘෂ්ණතාව මැ කරුණු කොට ගෙන ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් තමා නො මැ හුවයි. පරා නො හෙළයි. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.
පුන චපරං භික්ඛවෙ, සප්පුරිසො සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං ඛො භික්ඛවෙ, භික්ඛු න කිඤ්චි මඤ්ඤති, න කුහිඤ්චි මඤ්ඤති, න කෙනචි මඤ්ඤතී’ති.
තවද මහණෙනි, සත්පුරුෂ සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රම කොට සඤ්ඤාවේදයිතනිරෝධය උපයාගෙන විහරණ කෙරෙයි. ප්‍රඥායෙන් දැකීම් හේතු කොට ගෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්ෂීණ වෙති. මහණෙනි, මේ මහණ වනාහි කිසිදු පුඟුලකු ත්‍රිවිධ මඤ්ඤනායෙන් නො හඟනේ යැ. කිසිදු අවකාශයෙක ලා නො හඟනේ යැ. කිසිදු වස්තුයෙකිනුදු නො හඟනේ යැ යි වදාළ සේක.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. ප්‍රීතිසෞමනස්‍ය විසින් ගන්නා ලද සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේ ගේ දේශනා අභිනන්දයෙන් පිළිගත්හු.
සප්පුරිස සුත්තං තතියං.
තුන්වැනි සප්පුරිස සූත්‍ර යි.