යෙදුමෙන් කියවන්න

සප‍්පුරිස සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සප‍්පුරිස සුත‍්තවණ‍්ණනා

සප්පුරිස සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති සප‍්පුරිසධම‍්මසුත‍්තං. තත්‍ථ සප‍්පුරිසධම‍්මන‍්ති සප‍්පුරිසානං ධම‍්මං. අසප‍්පුරිසධම‍්මන‍්ති පාපපුරිසානං ධම‍්මං. එවං මාතිකං ඨපෙත්‍වාපි පුන යථා නාම මග‍්ගකුසලො පුරිසො වාමං මුඤ‍්චිත්‍වා දක‍්ඛිණං ගණ‍්හාති. පඨමං මුඤ‍්චිතබ‍්බං කථෙති, එවං පහාතබ‍්බං ධම‍්මං පඨමං දෙසෙන‍්තො කතමො ච, භික‍්ඛවෙ, අසප‍්පුරිසධම‍්මොතිආදිමාහ. තත්‍ථ උච‍්චාකුලාති ඛත‍්තියකුලා වා බ්‍රාහ‍්මණකුලා වා. එතදෙව හි කුලද‍්වයං “උච‍්චාකුල”න‍්ති වුච‍්චති. සො තත්‍ථ පුජ‍්ජොති සො භික‍්ඛු තෙසු භික‍්ඛූසු පූජාරහො. අන‍්තරං කරිත්‍වාති අබ‍්භන‍්තරං කත්‍වා.

එවම්මෙසුතන්ති සප්පුරිසධම්ම සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි සප්පුරිසධම්මන්ති සත්පුරුෂයන්ගේ ධර්මයන්ය. අසප්පුරිසධම්මන්ති පවිටු පුරුෂයන්ගේ ධර්මයන්ය. මෙසේ මාතෘකා තබා නැවතත් මාර්ගයෙහි දක්‍ෂ පුරුෂයෙක් වම මුදා දකුණ ගනියි ද පළමුව මිදිය යුත්ත කියයි. මෙසේ අත්හළයුතු ධර්ම පළමුව දක්වමින් කතමො ච භික්ඛවෙ අසප්පුරිසධම්මාති යනාදිය කීය. එහි උච්චාකුලාති ක්‍ෂත්‍රිය කුලය බ්‍රාහ්මණ කුලය යන මේ කුල දෙක උසස් කුල යැයි කියයි. සො තත්‍ථ පුජ්ජොති ඔහු ඒ භික්‍ෂූන් අතරෙහි පූජාවට සුදුස්සෙක් වේ. අන්තරං කරිත්‍වාවාවාති ඇතුළතට කොට

මහාකුලාති ඛත‍්තියකුලා වා බ්‍රාහ‍්මණකුලා වා වෙස‍්සකුලා වා. ඉදමෙව හි කුලත‍්තයං “මහාකුල”න‍්ති වුච‍්චති. මහාභොගකුලාති මහන‍්තෙහි භොගෙහි සමන‍්නාගතා කුලා. උළාරභොගකුලාති උළාරෙහි පණීතෙහි භොගෙහි සම‍්පන‍්නකුලා. ඉමස‍්මිං පදද‍්වයෙ චත‍්තාරිපි කුලානි ලබ‍්භන‍්ති. යත්‍ථ කත්‍ථචි කුලෙ ජාතො හි පුඤ‍්ඤබලෙහි මහාභොගොපි උළාරභොගොපි හොතියෙව.

මහාකුලාති ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය යන මේ කුල තුන මහාකුල යැයි කියයි. මහාභොගකුලාති මහත් භෝගයන්ගෙන් සමන්විත කුලයන් උළාරභොගකුලාති මහත් සේ ප්‍රණීත වූ භෝගයන්ගෙන් සමන්විත කුලයන්. මේ පද දෙකෙන් සතර කුලයම ගනු ලැබෙත්. යම්කිසි කුලයක උපන්නෙක් පින් බලයෙන් මහා භෝගයන්ගෙන් ද එළාර භෝගයන්ගෙන් ද යුක්ත වෙයි.

යසස‍්සීති පරිවාරසම‍්පන‍්නො. අප‍්පඤ‍්ඤාතාති රත‍්තිං ඛිත‍්තසරා විය සඞ‍්ඝමජ‍්ඣාදීසු න පඤ‍්ඤායන‍්ති. අප‍්පෙසක‍්ඛාති අප‍්පපරිවාරා.

යස්සසීති පිරිවර සහිත වූයේ අප්පඤ්ඤාතාති රාත්‍රියෙහි යවන ලද හීයක් මෙන් සංඝයා මැද ආදි තැන්හි නොදක්නා ලැබෙත්. අප්පෙසක්ඛාති ස්වල්ප වූ පිරිවර ඇත්තේ

ආරඤ‍්ඤිකොති සමාදින‍්නආරඤ‍්ඤිකධුතඞ‍්ගො. සෙසධුතඞ‍්ගෙසුපි එසෙව නයො. ඉමස‍්මිඤ‍්ච සුත‍්තෙ පාළියං නවෙව ධුතඞ‍්ගානි ආගතානි, විත්‍ථාරෙන පනෙතානි තෙරස හොන‍්ති. තෙසු යං වත‍්තබ‍්බං, තං සබ‍්බං සබ‍්බාකාරෙන විසුද‍්ධිමග‍්ගෙ ධුතඞ‍්ගනිද‍්දෙසෙ වුත‍්තමෙව.

ආරඤ්ඤකොති සමාදන් වූ ආරඤ්ඤික ධුතාංගය ඇති. සෙසු ධුතාංගයන් ගැන ද මේ ක්‍රමයමයි. මේ සූත්‍ර පෙළෙහි ධුතාංග නවයක් ආවේය. ඒවා විස්තර වශයෙන් දහතුනක් වෙයි. ඒවා අතුරෙන් යමක් ගැන කිවයුතු ද ඒ සියල්ල සියළු ආකාරයෙන් විසුද්ධිමාර්ගයෙහි ධුතාංග නිර්දේශයේ දී කියන ලදි.

අතම‍්මයතාති තම‍්මයතා වුච‍්චති තණ‍්හා, නිත‍්තණ‍්හාති අත්‍ථො. අතම‍්මයතඤ‍්ඤෙව අන‍්තරං කරිත්‍වාති නිත‍්තණ‍්හතංයෙව කාරණං කත්‍වා අබ‍්භන‍්තරං වා කත්‍වා, චිත‍්තෙ උප‍්පාදෙත්‍වාති අත්‍ථො.

අතම්මයතාති තම්මයතා යනු තෘෂ්ණාවයි. තෘෂ්ණාවක් නොමැති බව තේරුමයි. අතම්මයතං යෙව අන්තරං කරිත්‍වාති තෘණා රහිතබව ම කාරණා කොට එය ඇතුළත් කොට සිත උපදවා යන තේරුමයි.

නිරොධවාරෙ යස‍්මා අනාගාමිඛීණාසවාව තං සමාපත‍්තිං සමාපජ‍්ජන‍්ති, පුථුජ‍්ජනස‍්ස සා නත්‍ථි, තස‍්මා අසප‍්පුරිසවාරො පරිහීනො. න කඤ‍්චි මඤ‍්ඤතීති කඤ‍්චි පුග‍්ගලං තීහි මඤ‍්ඤනාහි න මඤ‍්ඤති. න කුහිඤ‍්චි මඤ‍්ඤතීති කිස‍්මිඤ‍්චි ඔකාසෙ න මඤ‍්ඤති. න කෙනචි මඤ‍්ඤතීති කෙනචි වත්‍ථුනාපි තං පුග‍්ගලං න මඤ‍්ඤති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

නිරෝධවාරයේ දී අනාගාමීහු හා රහත්හු ඒ සමාපත්තියට සමවදිත්. පෘථග්ජනයාට එය නැත. එහෙයින් අසප්පුරිසවරය පිරිහුණේය. න කිඤ්චි මඤ්ඤාතීති කිසියම් පුද්ගලයෙක් ත්‍රිවිධ මඤ්ඤනාවෙන් නොහඟියි. කුහිඤ්චි න මඤ්ඤතීති කිසියම් අවකාශයක යැයි නොහඟියි. න කෙනචි මඤ්ඤතීති කිසියම් වස්තුවක් නිසා හෝ පුද්ගලයෙක් නිසා හෝ නොහඟියි. ඉතිරිය සියළු තැන්හිම දැක්වූවා මෙන්ය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය සප‍්පුරිසධම‍්මසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සප්පුරිසධම්මසූත්‍ර වර්ණනාව නිමි.

සෙවිතබ‍්බාසෙවිතබ‍්බ සුත‍්තවණ‍්ණනා

සේවිතබ්බාසේවිතබ්බ සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති සෙවිතබ‍්බාසෙවිතබ‍්බසුත‍්තං. තත්‍ථ තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං කායසමාචාරන‍්ති අඤ‍්ඤං සෙවිතබ‍්බං කායසමාචාරං, අඤ‍්ඤං අසෙවිතබ‍්බං වදාමි, සෙවිතබ‍්බමෙව කෙනචි පරියායෙන අසෙවිතබ‍්බන‍්ති, අසෙවිතබ‍්බං වා සෙවිතබ‍්බන‍්ති ච න වදාමීති අත්‍ථො. වචීසමාචාරාදීසු එසෙව නයො. ඉති භගවා සත‍්තහි පදෙහි මාතිකං ඨපෙත්‍වා විත්‍ථාරතො අවිභජිත්‍වාව දෙසනං නිට‍්ඨාපෙසි. කස‍්මා? සාරිපුත‍්තත්‍ථෙරස‍්ස ඔකාසකරණත්‍ථං.

එවම්මෙසුතන්ති සෙවිතබ්බනසෙවිතබ්බ සුත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි අඤ්ඤමඤ්ඤං කායසමාචාරන්ති සේනයට සුදුසු කාය සමාචාරය අනිකකි. සේවනයට නුසුදුසු කාය සමාචාරය අනිකකි යි පවසමි. සේවනය කළ යුත්ත ම යම්කිසි ක්‍රමයකින් සේවනය නොකටයුතු යැයි ද සේවනය නොකටයුත්ත සේවනය කළ යුතු යැයි ද නොකියමි යි යන තේරුමයි. වාග් සමාචාරාදිය ගැන ද මේ ක්‍රමයමයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පද හතකින් මාතෘකා තබා විස්තර වශයෙන් නොබෙදා ම දේශනාව නිමවීය. කුමක් නිසා ද යත්? සැරියුත් තෙරණුවන්ට අවකාශ දීම සඳහාය.

මනොසමාචාරෙ මිච‍්ඡාදිට‍්ඨිසම‍්මාදිට‍්ඨියො දිට‍්ඨිපටිලාභවසෙන විසුං අඞ‍්ගං හුත්‍වා ඨිතාති න ගහිතා.

මනෝ සමාචාරයේ දී මිථ්‍යාදෘෂ්ටි සම්‍යක් දෘෂ්ටීහු දෘෂ්ටීන්ගේ ලැබීම් වශයෙන් වෙන්වීමෙන් යුතුව සිටියේ යැයි නොගන්නා ලදි.

චිත‍්තුප‍්පාදෙ අකම‍්මපථප‍්පත‍්තා අභිජ‍්ඣාදයො වෙදිතබ‍්බා.

චිත්තෝප්පාදයෙහි කර්මපථ බවට නොපත් බැවින් අභිධ්‍යාදිය දත යුතුයි.

සඤ‍්ඤාපටිලාභවාරෙ අභිජ‍්ඣාසහගතාය සඤ‍්ඤායාතිආදීනි කාමසඤ‍්ඤාදීනං දස‍්සනත්‍ථං වුත‍්තානි.

සංඥා ප්‍රතිලාභ වාරයේ දී අභිධ්‍යා සහගත බැවින් සඤ්ඤායාති ආදිය කාමසංඥා ආදිය දැක්වීම සඳහා කියන ලදි.

සබ්‍යාබජ‍්ඣන‍්ති සදුක‍්ඛං. අපරිනිට‍්ඨිතභාවායාති භවානං අපරිනිට‍්ඨිතභාවාය. එත්‍ථ ච සබ්‍යාබජ‍්ඣත‍්තභාවා නාම චත‍්තාරො හොන‍්ති. පුථුජ‍්ජනොපි හි යො තෙනත‍්තභාවෙන භවං පරිනිට‍්ඨාපෙතුං න සක‍්කොති, තස‍්ස පටිසන්‍ධිතො පට‍්ඨාය අකුසලා ධම‍්මා වඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා ච පරිහායන‍්ති, සදුක‍්ඛමෙව අත‍්තභාවං අභිනිබ‍්බත‍්තෙති නාම. තථා සොතාපන‍්නසකදාගාමිඅනාගාමිනො. පුථුජ‍්ජනාදයො තාව හොන‍්තු, අනාගාමී කථං සබ්‍යාබජ‍්ඣං අත‍්තභාවං අභිනිබ‍්බත‍්තෙති, කථඤ‍්චස‍්ස අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්තීති. අනාගාමීපි හි සුද‍්ධාවාසෙ නිබ‍්බත‍්තො උය්‍යානවිමානකප‍්පරුක‍්ඛෙ ඔලොකෙත්‍වා “අහො සුඛං අහො සුඛ”න‍්ති උදානං උදානෙති, අනාගාමිනො භවලොභො භවතණ‍්හා අප‍්පහීනාව හොන‍්ති, තස‍්ස අප‍්පහීනතණ‍්හතාය අකුසලා වඩ‍්ඪන‍්ති නාම, කුසලා පරිහායන‍්ති නාම, සදුක‍්ඛමෙව අත‍්තභාවං අභිනිබ‍්බත‍්තෙති, අපරිනිට‍්ඨිතභවොයෙව හොතීති වෙදිතබ‍්බො.

සව්‍යාපජ්ඣන්ති දුක් සහිත අපරිනිට්ඨිතභාවායාති භවයන් පිළිබඳව කෙළවරක් නොමැති බවයි. මෙහි ව්‍යාපාද සහිත බව නම් සතර වැදෑරුම් වෙයි. පෘථග්ජනයා එම ආත්මභාවයේ ම භවය අවසන් කිරීමට නොහැකි වෙයි ද ඔහුගේ ප්‍රතිසන්ධියේ පටන් අකුසල ධර්මයෝ ම වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්. දුක් සහිත ආත්ම භාවයක් උපදවා ගන්නේම ය. සෝවාන් සකෘදාගාමි අනාගාමීහු ද එසේමය. පෘථග්ජන ආදීන් එහිම වෙත්වා. අනාගාමියා දුක් සහිත ආත්ම භාවයක් උපදවා ගන්නේ කෙසේද? ඔහු පිළිබඳ අකුසල ධර්ම වැඩෙන්නේ කෙසේද? කුසල ධර්ම පිරිහෙන්නේ කෙසේද යත්? අනාගාමියා සුද්ධාවාසයෙහි උපන්නේ උයන්විමන් කප්රුක් ආදිය බලා අනේ සැපයි! අනේ සැපයි! යනුවෙන් උදම් අනයි. අනාගාමියා භව ආශාව භව තෘෂ්ණාව ප්‍රහීණ නොකළේ වෙයි. තෘෂ්ණාව ප්‍රහීණ නොකළ බැවින් ඔහුට අකුසල ධර්ම වැඩෙත්. කුසල් පිරිහෙත්. දුක් සහිත ආත්ම භාවයක් ලැබුවේ වෙයි. එහෙයින් කෙළවර නොකළ භවයක් ඇත්තෙකැයි දත යුතුයි.

අබ්‍යාබජ‍්ඣන‍්ති අදුක‍්ඛං. අයම‍්පි චතුන‍්නං ජනානං වසෙන වෙදිතබ‍්බො. යො හි පුථුජ‍්ජනොපි තෙනත‍්තභාවෙන භවං පරිනිට‍්ඨාපෙතුං සක‍්කොති, පුන පටිසන්‍ධිං න ගණ‍්හාති, තස‍්ස පටිසන්‍ධිග‍්ගහණතො පට‍්ඨාය අකුසලා පරිහායන‍්ති, කුසලායෙව වඩ‍්ඪන‍්ති, අදුක‍්ඛමෙව අත‍්තභාවං නිබ‍්බත‍්තෙති, පරිනිට‍්ඨිතභවොයෙව නාම හොති. තථා සොතාපන‍්නසකදාගාමිඅනාගාමිනො. සොතාපන‍්නාදයො තාව හොන‍්තු, පුථුජ‍්ජනො කථං අබ්‍යාබජ‍්ඣඅත‍්තභාවං නිබ‍්බත‍්තෙති, කථඤ‍්චස‍්ස අකුසලපරිහානිආදීනි හොන‍්තීති. පුථුජ‍්ජනොපි පච‍්ඡිමභවිකො තෙනත‍්තභාවෙන භවං පරිනිට‍්ඨාපෙතුං සමත්‍ථො හොති. තස‍්ස අඞ‍්ගුලිමාලස‍්ස විය එකෙනූනපාණසහස‍්සං ඝාතෙන‍්තස‍්සාපි අත‍්තභාවො අබ්‍යාබජ‍්ඣොයෙව නාම, භවං පරිනිට‍්ඨාපෙතියෙව නාම. අකුසලමෙව හායති, විපස‍්සනමෙව ගබ‍්භං ගණ‍්හාපෙති නාම.

අව්‍යාපජ්ඣන්ති දුක් නැති මෙය ද මුලින් කී සතරදෙනා වශයෙන් දත යුතුයි. යම්කිසි පෘථග්ජනයෙක් එම ආත්ම භවයේදීම භවය අවසන් කරන්නට හැකිවෙයි. නැවත ප්‍රතිසන්ධියක් ද නොගනියි. ඔහුගේ පිළිසිඳ ගැනීමේ පටන් අකුසලය පමණක් පිරිහෙයි. කුසලය පමණක් වැඩෙයි. දුක් නැති ආත්ම භාවයක ම උපදියි. භවය අවසන්කළේ වෙයි. සෝවාන් සකෘදාගාමි අනාගාමීහු ද එසේය. සෝවාන් ආදීන් එහිම වෙත්වා. පෘථග්ජනයා කෙසේනම් දුක් නැති ආත්ම භාවයක උපදියි ද? ඔහුගේ අකුසල ආදිය පිරිහෙන්නේ කෙසේද? පශ්චිමභවික පෘථග්ජනයා ඒ ආත්ම භාවයෙන් තම භවය අවසන් කිරීමට සමත් වෙයි. ඔහුට නවසිය අනූනවයක් සත්ත්වයන් ඝාතනය කළ අංගුලිමාලයාට මෙන් දුක්නැති ආත්ම භාවයක් ලැබෙයි. භවය අවසන් වේ. අකුසලය පිරිහෙයි. විදර්ශනාව ම ගැබ්කර ගනියි.

චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යන‍්තිආදීසු යස‍්මා එකච‍්චස‍්ස තස‍්මිංයෙව රූපෙ රාගාදයො උප‍්පජ‍්ජන‍්ති, අභිනන්‍දති අස‍්සාදෙති, අභිනන්‍දන‍්තො අස‍්සාදෙන‍්තො අනයබ්‍යසනං පාපුණාති, එකච‍්චස‍්ස නුප‍්පජ‍්ජන‍්ති, නිබ‍්බින්‍දති විරජ‍්ජති, නිබ‍්බින්‍දන‍්තො විරජ‍්ජන‍්තො නිබ‍්බුතිං පාපුණාති, තස‍්මා “තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤ”න‍්ති න වුත‍්තං. එස නයො සබ‍්බත්‍ථ.

චක්ඛුවිඤ්ඤෙය්‍යන්ති යම්හෙයකින් යමෙකුගේ රූපයෙහි රාගාදීහු උපදිත් ද ආශා කරයි ද ආශ්වාද කරයි ද එසේ ආශා කරන්නා වූ ආශ්වාද කරන්නා වූ ඔහු මහත් කරදරයට පැමිණේ. ඇතැමෙකුට එසේ නොඋපදිත්. කළකිරෙයි. නොඇලෙයි. කළකිරෙන්නා වූ නොඇලෙන්නා වූ ඔහු නිවනට පැමිණෙයි. එහෙයින් එය ද ඔවුනොවුන්ගේ වශයෙන් නොකියන ලදි. හැම තැන්හිම මේ ක්‍රමයයි.

එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍යුන‍්ති එත්‍ථ කෙ භගවතො ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානන‍්ති, කෙ න ආජානන‍්තීති? යෙ තාව ඉමස‍්ස සුත‍්තස‍්ස පාළිඤ‍්ච අට‍්ඨකථඤ‍්ච උග‍්ගණ‍්හිත්‍වා තක‍්කරා න හොන‍්ති, යථාවුත‍්තං අනුලොමපටිපදං න පටිපජ‍්ජන‍්ති, තෙ න ආජානන‍්ති නාම. යෙ පන තක‍්කරා හොන‍්ති, යථාවුත‍්තං අනුලොමපටිපදං පටිපජ‍්ජන‍්ති, තෙ ආජානන‍්ති නාම. එවං සන‍්තෙපි සපටිසන්‍ධිකානං තාව දීඝරත‍්තං හිතාය සුඛාය හොතු, අප‍්පටිසන්‍ධිකානං කථං හොතීති.

එවං විත්‍ථාරෙන ආජානෙය්‍යුන්ති මෙහි දී කවරෙක් බුදුරදුන්ගෙන් මේ දේශනාව දැනගත්තේ ද? කවරෙක් දැන නොගත්තේ ද? යමෙක් මේ සූත්‍ර පෙළත් අට්ඨකථාවත් ඉගෙන එය පිළිපදින්නෝ නොවෙත් ද? කියන ලද පරිදි අනුලොම් පිළිවෙත නොපිළිපදිත් ද? ඔවුහු නොදන්නෝ නම් වෙත්. යමෙක් පිළිපදිත් ද කියන ලද පරිදි අනුලොම් පිළිවෙත පිළිපදිත් ද ඔවුහු දන්නෝ නම් වෙත්. එවං සන්තෙපි සප්පටිසන්‍ධිකානං තාව දීඝරත්තං හිතාය හොතු අප්පටිසන්‍ධිකානං කථං හොතීති.

අප‍්පටිසන්‍ධිකා අනුපාදානා විය ජාතවෙදා පරිනිබ‍්බායන‍්ති, කප‍්පසතසහස‍්සානම‍්පි අච‍්චයෙන තෙසං පුන දුක‍්ඛං නාම නත්‍ථි. ඉති එකංසෙන තෙසංයෙව දීඝරත‍්තං හිතාය සුඛාය හොති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

ප්‍රතිසන්ධි රහිතයෝ ඉන්‍දන රහිත ගින්න මෙන්න නිවෙත්. කල්ප ලක්‍ෂයකගේ ඇවෑමෙන්වත් ඔවුන්ට නැවත දුකක් නම් නැත. මෙසේ ඒකාන්තයෙන් ම ඔවුන්ට දීර්ඝ කාලයක් හිත සැප පිණිස වෙයි. ඉතිරිය සියළු තැන්හිම දැක්වූවා මෙන් ය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය සෙවිතබ‍්බාසෙවිතබ‍්බසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සෙවිතබ්බනසෙවිතබ්බ සූත්‍ර වර්ණනාව නිමි.