යෙදුමෙන් කියවන්න

ඡබ‍්බිසොධන සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

ඡබ‍්බිසොධන සුත‍්තවණ‍්ණනා

ඡබ්බිසොධන සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ඡබ‍්බිසොධනසුත‍්තං. තත්‍ථ ඛීණා ජාතීතිආදීසු එකෙනාපි පදෙන අඤ‍්ඤා බ්‍යාකතාව හොති, ද‍්වීහිපි. ඉධ පන චතූහි පදෙහි අඤ‍්ඤබ්‍යාකරණං ආගතං. දිට‍්ඨෙ දිට‍්ඨවාදිතාතිආදීසු යාය චෙතනාය දිට‍්ඨෙ දිට‍්ඨං මෙති වදති, සා දිට‍්ඨෙ දිට‍්ඨවාදිතා නාම. සෙසපදෙසුපි එසෙව නයො. අයමනුධම‍්මොති අයං සභාවො. අභිනන්‍දිතබ‍්බන‍්ති න කෙවලං අභිනන්‍දිතබ‍්බං, පරිනිබ‍්බුතස‍්ස පනස‍්ස සබ‍්බොපි ඛීණාසවස‍්ස සක‍්කාරො කාතබ‍්බො. උත‍්තරිං පඤ‍්හොති සචෙ පනස‍්ස වෙය්‍යාකරණෙන අසන‍්තුට‍්ඨා හොථ, උත‍්තරිම‍්පි අයං පඤ‍්හො පුච‍්ඡිතබ‍්බොති දස‍්සෙති. ඉතො පරෙසුපි තීසු වාරෙසු අයමෙව නයො.

එවම්මෙසුතන්ති ජබ්බිසෝධන සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි යන්නයි. එහි ඛීණාජාතීති එක පදයකින් රහත්බව ප්‍රකාශ කරන ලද්දේ වෙයි. දෙපදයෙන් මෙහි අදහස දක්වයි. සතර පදයකින් රහත් බව පවසයි. දිට්ඨෙ දිට්ඨවාදිතාති යම් චේතනාවකින් දක්නා ලද්ද දක්නා ලද්දක් සේ කියයි ද එය දක්නා ලද්දෙහි දක්නා ලද බව කීම නමි. ඉතිරි පද ද මේ ක්‍රමයෙන් ම වේ. අයමනුධම්මොති මෙය ස්වභාවයයි. අභිනන්‍දිතබ්බන්ති හුදෙක් සතුට පමණක් නොවේ. මොහු පිරිනිවන් පෑ කල්හි රහතන්වහන්සේ නමකට දැක්විය යුතු සියළු සත්කාර කළ යුතුයි. උත්තරිං පඤ්හොති ඉදින් පැවසීමෙන් නොසතුටු සිත් ඇත්තෝ වෙව්. මත්තෙහි ද මේ ප්‍රශ්නය ඇසිය යුත්තේ යැයි දත යුතුයි. මෙයින් අන්‍ය වූ වාර පිළිබඳව ද මේ ක්‍රමයමයි.

අබලන‍්ති දුබ‍්බලං. විරාගුනන‍්ති විගච‍්ඡනසභාවං. අනස‍්සාසිකන‍්ති අස‍්සාසවිරහිතං. උපායූපාදානාති තණ‍්හාදිට‍්ඨීනමෙතං අධිවචනං. තණ‍්හාදිට‍්ඨියො හි තෙභූමකධම‍්මෙ උපෙන‍්තීති උපායා, උපාදියන‍්තීති උපාදානා. චෙතසො අදිට‍්ඨානාභිනිවෙසානුසයාතිපි තාසංයෙව නාමං. චිත‍්තඤ‍්හි තණ‍්හාදිට‍්ඨීහි සක‍්කායධම‍්මෙසු තිට‍්ඨති අධිතිට‍්ඨතීති තණ‍්හාදිට‍්ඨියො චෙතසො අධිට‍්ඨානා, තාහි තං අභිනිවිසතීති අභිනිවෙසා, තාහියෙව තං අනුසෙතීති අනුසයාති වුච‍්චන‍්ති. ඛයා විරාගාතිආදීසු ඛයෙන විරාගෙනාති අත්‍ථො. සබ‍්බානි චෙතානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානෙව.

අබලන්ති දුර්වල විරාගන්ති නොඇලීම් ස්වභාවය අනස්සාසිකන්ති ආශ්වාද රහිත උපායුපාදානාති තෘෂ්ණා දෘෂ්ටි දෙකට මෙය තවත් නමකි. තෘෂ්ණා දෘෂ්ටීහු ත්‍රෛභූමික ධර්මයන් කරා පමුණුවත් යනු උපායා නමි. ඒවා දැඩිකොට ගන්නේ උපාදානා නමි. චෙතසො අදිට්ඨාභි නිවෙසානුසයාති මෙයටම නමකි. සිත වනාහි තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ස්වකීය ධර්මයන්හි ඇලී සිටියි. තෘෂ්ණා දෘෂ්ටි දෙක සිතින් බැඳී පවතියි. ඒවා කරනකොටගෙන වෙසෙනුයේ අභිනිවෙසා නමි. ඒවා කරනකොටගෙනම අනුශයනය කෙරෙනුයේ අනුසයාති නමියි කියන ලදි. ඛයාවිරාගාති ක්‍ෂයවීමෙන් හා නොඇලීමෙන් යන තේරුමයි. මේ සියල්ල එකිනෙකට පර්යාය පදයි.

පථවීධාතූති පතිට‍්ඨානධාතු. ආපොධාතූති ආබන්‍ධනධාතු. තෙජොධාතූති පරිපාචනධාතු. වායොධාතූති විත්‍ථම‍්භනධාතු. ආකාසධාතූති අසම‍්ඵුට‍්ඨධාතු. විඤ‍්ඤාණධාතූති විජානනධාතු. න අනත‍්තතො උපගච‍්ඡින‍්ති අහං අත‍්තාති අත‍්තකොට‍්ඨාසෙන න උපගමිං.

පඨවිධාතූති පිහිටීමේ ධාතුවයි. ආපොධාතූති ආබන්ධන ධාතුවයි. තෙජොධාතූති පරිපාචන ධාතුවයි. වායොධාතූති විත්ථම්භන (ආධාර කිරීම) ධාතුවයි. ආකාසධාතු අසම්පුට්ඨ ධාතුවයි. විඤ්ඤාණධාතු විජානන (අවබෝධ) ධාතුවයි. අනත්තතො උපගච්ඡින්ති මම ආත්මය වෙමියි ආත්ම කොටස් බවට නොඑළඹියෙමි.

න ච පථවීධාතුනිස‍්සිතන‍්ති පථවීධාතුනිස‍්සිතා සෙසධාතුයො ච උපාදාරූපඤ‍්ච අරූපක‍්ඛන්‍ධා ච. තෙපි හි නිස‍්සිතවත්‍ථුරූපානං පථවීධාතුනිස‍්සිතත‍්තා එකෙන පරියායෙන පථවීධාතුනිස‍්සිතාව. තස‍්මා “න ච පථවීධාතුනිස‍්සිත”න‍්ති වදන‍්තො සෙසරූපාරූපධම‍්මෙපි අත‍්තතො න උපගච‍්ඡින‍්ති වදති. ආකාසධාතුනිස‍්සිතපදෙ පන අවිනිබ‍්භොගවසෙන සබ‍්බම‍්පි භූතුපාදාරූපං ආකාසධාතුනිස‍්සිතං නාම, තථා තංනිස‍්සිතරූපවත්‍ථුකා අරූපක‍්ඛන්‍ධා. එවං ඉධාපි රූපාරූපං ගහිතමෙව හොති. විඤ‍්ඤාණධාතුනිස‍්සිතපදෙ පන සහජාතා තයො ඛන්‍ධා චිත‍්තසමුට‍්ඨානරූපඤ‍්ච විඤ‍්ඤාණධාතුනිස‍්සිතන‍්ති රූපාරූපං ගහිතමෙව හොති.

න ච පඨවිධාතුනිස්සිතන්ති පෘථිවි ධාතුව නිශ්‍රිත සෙසු ධාතූහු උපාදා රූපයන් ද අරූපයෝ ද අරූපස්කන්ධ ද ඔවුන් විසින් ඇසුරු කරන ලද වස්තු රූපයන්ගේ පෘථිවි ධාතු නිශ්‍රිත බැවින් එක් ක්‍රමයකින් එසේ කියන ලදි. එහෙයින් පෘථිවි ධාතු නිශ්‍රිත නොවේ යැයි කියන්නහු අනෙත් රූපාරූප ධර්මවල ද තමාගේ නොඑළඹීම කියයි. ආකාස ධාතුව ඇසුරු කළ පදයෙහි අවිනිර්භෝග වශයෙන් සියළු භූත උපාදාය රූප ආකාස ධාතුව ඇසුරු කළ පදයෙහි අවිනිර්භෝග වශයෙන් සියළු භූත උපාදාය රූප ආකාස ධාතු නිශ්‍රිත නම් වේ. එසේම එය ඇසුරු කළ රූපවස්තු ද අරූප කඳු ද මෙසේ මෙහි ද රූප අරූප භේදය ගන්නා ලද්දේ ම වෙයි. විඥාන ධාතු ඇසුරු කරන ලද පදයෙහි සහජාත ස්කන්ධ තුන ද චිත්ත සමුට්ඨාන රූපය ද විඥානධාතු නිශ්‍රිත නමින් රූප අරූප භේදය ගන්නා ලද්දේ ම වෙයි.

රූපෙ චක‍්ඛුවිඤ‍්ඤාණෙ චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසූති එත්‍ථ යං අතීතෙ චක‍්ඛුද‍්වාරස‍්ස ආපාථං ආගන‍්ත්‍වා නිරුද‍්ධං, යඤ‍්ච අනාගතෙ ආපාථං ආගන‍්ත්‍වා නිරුජ‍්ඣිස‍්සති, යම‍්පි එතරහි ආගන‍්ත්‍වා නිරුද‍්ධං, තං සබ‍්බං රූපං නාම. යං පන අතීතෙපි ආපාථං අනාගන‍්ත්‍වා නිරුද‍්ධං, අනාගතෙපි අනාගන‍්ත්‍වා නිරුජ‍්ඣිස‍්සති, එතරහිපි අනාගන‍්ත්‍වා නිරුද‍්ධං, තං චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බධම‍්මෙසු සඞ‍්ගහිතන‍්ති වුත‍්තෙ තිපිටකචූළාභයත්‍ථෙරො ආහ – “ඉමස‍්මිං ඨානෙ ද‍්විධා කරොථ, උපරි ඡන්‍දොවාරෙ කින‍්ති කරිස‍්සථ, නයිදං ලබ‍්භතී”ති. තස‍්මා තීසු කාලෙසු ආපාථං ආගතං වා අනාගතං වා සබ‍්බම‍්පි තං රූපමෙව, චක‍්ඛුවිඤ‍්ඤාණසම‍්පයුත‍්තා පන තයො ඛන්‍ධා චක‍්ඛුවිඤ‍්ඤාණවිඤ‍්ඤාතබ‍්බධම‍්මාති වෙදිතබ‍්බා. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො “චක‍්ඛුවිඤ‍්ඤාණෙන සද‍්ධිං විඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසූ”ති. ඡන්‍දොති තණ‍්හාඡන්‍දො. රාගොති ස‍්වෙව රජ‍්ජනවසෙන රාගො. නන්‍දීති ස‍්වෙව අභිනන්‍දනවසෙන නන්‍දී. තණ‍්හාති ස‍්වෙව තණ‍්හායනවසෙන තණ‍්හා. සෙසද‍්වාරෙසුපි එසෙව නයො.

රූපෙ චක්ඛුවිඤ්ඤාණෙ චක්ඛු විඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසුති මෙහි පසුගිය යමක් චක්‍ෂුද්වාර හමුවට පැමිණ නිරුද්ධ වෙයි ද යමක් අනාගතයෙහි චක්‍ෂුද්වාර හමුවට පැමිණ විනාශ වෙයි ද යමක් දැන් චක්‍ෂුද්වාර හමුවට පැමිණ විනාශ වෙයි ද ඒ සියල්ල රූප නම් වේ. යමක් වනාහි අතීතයෙහි හෝ අනාගතයෙහි හෝ වර්තමානයෙහි හෝ චක්‍ෂුද්වාර හමුවට නොපැමිණ නිරුද්ධ වෙයි ද එය චක්‍ෂුර්විඥානයෙන් ම දැනගත යුතු වූ ධර්මයන් අතුරෙහි සංග්‍රහ වෙතියි කී කළ ත්‍රිපිටක චූල අභය තෙරුන් වහන්සේ කීහ. මෙබඳු තැනක දී දෙපරිද්දකින් කරව්. ජන්නෝවාදයෙන් මත්තෙහි කුමක් කරහු ද? මෙය මෙසේ නො ලැබෙයි. එහෙයින් තුන් කල්හි ඇස් හමුවට පැමිණියා වූ හෝ නොපැමිණියා වූ හෝ ඒ සියල්ල රූප ම වේ. චක්‍ෂුර්විඥානය සම්ප්‍රයුක්ත ස්කන්ධ තුන ම චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බ ධර්මයන් හැටියට දත යුතුයි. මේ මෙහි තේරුමයි. ඡන්‍දොති තෘෂ්ණා ඡන්දයයි. රාගොති තෙමේම ඇලීම් වශයෙන් රාගයයි. නන්‍දීති තමා කෙරෙහි ම සතුටුවීම් වශයෙන් නන්දයයි. තණ්හාති තමා කෙරෙහි ම තෘෂ්ණා කිරීම් වශයෙන් තණ්හාවයි. සෙසු ද්වාරයන්හි ද මේ ක්‍රමයමයි.

අහඞ‍්කාරමමඞ‍්කාරමානානුසයාති එත්‍ථ අහඞ‍්කාරො මානො, මමඞ‍්කාරො තණ‍්හා, ස‍්වෙව මානානුසයො. ආසවානං ඛයඤාණායාති ඉදං පුබ‍්බෙනිවාසං දිබ‍්බචක‍්ඛුඤ‍්ච අවත්‍වා කස‍්මා වුත‍්තං? භික‍්ඛූ ලොකියධම‍්මං න පුච‍්ඡන‍්ති, ලොකුත‍්තරමෙව පුච‍්ඡන‍්ති, තස‍්මා පුච‍්ඡිතපඤ‍්හංයෙව කථෙන‍්තො එවමාහ.

අහිංකාර මමිංකාරමානානුසයාති මෙහි අහංකාර යනු මානයයි. මමිංකාර යනු තෘෂ්ණාවයි. තමන් ම මානානුසයයි. ආසවානං ඛයඤාණායාති පුබ්බේනිවාසානුස්සතියත් දිබ්බචක්ඛුවත් නොකියා කුමක් නිසා මෙය කියන ලද්දේ ද? භික්‍ෂූහු ලෞකික ධර්මයන් නොවිමසත්. ලෝකෝත්තර ධර්ම ගැනම විමසත්. එහෙයින් අසන ලද පැණයන්ට ම පිළිතුරු සපයමින් මෙසේ කීහ.

එකවිස‍්සජ‍්ජිතසුත‍්තං නාමෙතං, ඡබ‍්බිසොධනන‍්තිපිස‍්ස නාමං. එත්‍ථ හි චත‍්තාරො වොහාරා පඤ‍්ච ඛන්‍ධා ඡ ධාතුයො ඡ අජ‍්ඣත‍්තිකබාහිරානි ආයතනානි අත‍්තනො සවිඤ‍්ඤාණකකායො පරෙසං සවිඤ‍්ඤාණකකායොති ඉමෙ ඡ කොට‍්ඨාසා විසුද‍්ධා, තස‍්මා “ඡබ‍්බිසොධනිය”න‍්ති වුත‍්තං. පරසමුද‍්දවාසිත්‍ථෙරා පන අත‍්තනො ච පරස‍්ස ච විඤ‍්ඤාණකකායං එකමෙව කත්‍වා චතූහි ආහාරෙහි සද‍්ධින‍්ති ඡ කොට‍්ඨාසෙ වදන‍්ති.

මේ ඒකවිසර්ජක සූත්‍රයට ඡබ්බිසෝධනය යන නාමය ද වේ. මෙහි ව්‍යවහාර සතර, පංචස්කන්ධය, ධාතු හය, අධ්‍යාත්මික හා බාහිර ආයතන හය, තමා පිළිබඳ සවිඥානක ශරීරය හා අනුන් පිළිබඳ සවිඥානක ශරීරය යන මේ කොටස් හය පිරිසිදුය. එහෙයින් ඡබ්බිසෝධනීය යැයි කියන ලදි. පරසමුද්දවාසී තෙරවරු තමාගේ ද අනුන්ගේ ද සවිඥානක ශරීරය එකක් කොට ආහාර සතරත් සමඟ කොටස් හයකැයි කියත්.

ඉමෙ පන ඡ කොට‍්ඨාසා “කිං තෙ අධිගතං, කින‍්ති තෙ අධිගතං, කදා තෙ අධිගතං, කත්‍ථ තෙ අධිගතං, කතමෙ තෙ කිලෙසා පහීනා, කතමෙසං ත්‍වං ධම‍්මානං ලාභී”ති (පාරා· 198) එවං විනයනිද‍්දෙසපරියායෙන සොධෙතබ‍්බා.

මේ කොටස් හය තොප අවබෝධ කළේ ද? කවරදාක තොප මෙය අවබෝධ කළහු ද? කොතනක දී තොප විසින් මෙය අවබෝධ කළෙහි ද? තොප කෙළෙස් කොපමණ ප්‍රහීණ කළේ ද? තොප කිනම් ධර්මයක් ලැබුවෙහි ද? මෙසේ විනයෙහි දක්වන ලද ක්‍රමයෙන් පිරිසිදු කරගත යුතුයි.

එත්‍ථ හි කිං තෙ අධිගතන‍්ති අධිගමපුච‍්ඡා, ඣානවිමොක‍්ඛාදීසු සොතාපත‍්තිමග‍්ගාදීසු වා කිං තයා අධිගතං. කින‍්ති තෙ අධිගතන‍්ති උපායපුච‍්ඡා. අයඤ‍්හි එත්‍ථාධිප‍්පායො – කිං තයා අනිච‍්චලක‍්ඛණං ධුරං කත්‍වා අධිගතං, දුක‍්ඛානත‍්තලක‍්ඛණෙසු අඤ‍්ඤතරං වා, කිං වා සමාධිවසෙන අභිනිවිසිත්‍වා, උදාහු විපස‍්සනාවසෙන, තථා කිං රූපෙ අභිනිවිසිත්‍වා, උදාහු අරූපෙ, කිං වා අජ‍්ඣත‍්තං අභිනිවිසිත්‍වා, උදාහු බහිද‍්ධාති. කදා තෙ අධිගතන‍්ති කාලපුච‍්ඡා, පුබ‍්බණ‍්හමජ‍්ඣන‍්හිකාදීසු කතරස‍්මිං කාලෙති වුත‍්තං හොති.

මෙහි තොප කුමක් ලබන ලදදැයි ලබන ලද දේ ගැන ඇසීමෙන් ධ්‍යාන විමොක්‍ෂාදියෙහිත් සෝවාන් මාර්ගය කෙරෙහිත් කුමක් තොප අවබෝධ කළහු ද? ඔබ ලැබූ දේ කුමක් ද? යනු උපාය ප්‍රශ්නයකි. මේ එහි අදහසයි. කිමෙක් ද? ඔබ අනිත්‍ය ලක්‍ෂණය ඉදිරිපත් කොට අවබෝධ කළේ ද? දුක්ඛ අනාත්ම ලක්‍ෂණ දෙකෙන් එකක් ඉදිරිපත් කළේ ද? සමාධි වශයෙන් ද නැතහොත් විදර්ශනා වශයෙන් ද? නැතහොත් රූප අරූප පෙරදැරි කොට ලැබුවෙහි ද? නැතහොත් අධ්‍යාත්මය හෝ බාහිරය පෙරදැරි කොට ලැබුවෙහි ද? කවරදාක ඔබ විසින් ලබන ලද්දේ ද යන්න කාල ප්‍රශ්නයකි. පෙරයම මැදියම ආදි කාල අතරෙන් කවර කාලයක දැයි කියන ලද්දේ වෙයි.

කත්‍ථ තෙ අධිගතන‍්ති ඔකාසපුච‍්ඡා, කිස‍්මිං ඔකාසෙ, කිං රත‍්තිට‍්ඨානෙ දිවාට‍්ඨානෙ රුක‍්ඛමූලෙ මණ‍්ඩපෙ කතරස‍්මිං වා විහාරෙති වුත‍්තං හොති. කතමෙ තෙ කිලෙසා පහීනාති පහීනකිලෙසෙ පුච‍්ඡති, කතරමග‍්ගවජ‍්ඣා තව කිලෙසා පහීනාති වුත‍්තං හොති.

කොහිදී ඔබ අවබෝධ කළේදැයි යන්න අවකාශ ප්‍රශ්නයයි. කිනම් අවකාශයක ද? රාත්‍රී ස්ථානයක ද? දහවල් ස්ථානයක ද? ගසක් මුල ද? මණ්ඩපයක ද? කවරනම් විහාරයක දී දැයි යනුයි. කතමෙ තෙ කිලෙසා පහීනාති ප්‍රහීන කළ කෙලෙස් ගැන විචාරීමයි. කවර මාර්ගයන් හරනා ලද්දේ ද? ඔබ විසින් කෙලෙස් ප්‍රහීන කළේ දැයි කියන ලද්දේ වෙයි.

කතමෙසං ත්‍වං ධම‍්මානං ලාභීති පටිලද‍්ධධම‍්මපුච‍්ඡා, පඨමමග‍්ගාදීසු කතමෙසං ත්‍වං ධම‍්මානං ලාභීති වුත‍්තං හොති.

කතමෙසං ත්‍වං ධම්මානං ලාභීති ලබන ලද ධර්ම ගැන විචාරීමයි. පළමුවන මාර්ගාදිය අතුරෙන් ඔබ කවර නම් ධර්මයක් ලැබුවේ ද? යනුයි.

තස‍්මා ඉදානි චෙපි කොචි භික‍්ඛු උත‍්තරිමනුස‍්සධම‍්මාධිගමං බ්‍යාකරෙය්‍ය, න සො එත‍්තාවතාව සක‍්කාතබ‍්බො. ඉමෙසු පන ඡසු ඨානෙසු සොධනත්‍ථං වත‍්තබ‍්බො “කිං තෙ අධිගතං, කිං ඣානං උදාහු විමොක‍්ඛාදීසු අඤ‍්ඤතර”න‍්ති? යො හි යෙන අධිගතො ධම‍්මො, සො තස‍්ස පාකටො හොති. සචෙ “ඉදං නාම මෙ අධිගත”න‍්ති වදති, තතො “කින‍්ති තෙ අධිගත”න‍්ති පුච‍්ඡිතබ‍්බො. අනිච‍්චලක‍්ඛණාදීසු කිං ධුරං කත්‍වා, අට‍්ඨතිංසාය වා ආරම‍්මණෙසු රූපාරූපඅජ‍්ඣත‍්තබහිද‍්ධාදිභෙදෙසු වා ධම‍්මෙසු කෙන මුඛෙන අභිනිවිසිත්‍වාති? යො හි යස‍්සාභිනිවෙසො, සො තස‍්ස පාකටො හොති.

එහෙයින් කිසියම් භික්‍ෂුවක් දැන් තමා උතුරු මිනිස් ධර්මයන්ට පත්වී යැයි කියන්නේ ද එපමණකින්ම ඔහුට සත්කාර නොකළ යුතුයි. මේ කාරණා හය පිරිසිදු කර ගැනීම සඳහා ඇසිය යුතුයි. ඔබ අවබෝධ කරගත්තේ කිනම් ගුණයක් ද? එය ධ්‍යානයක් ද නැතහොත් විමෝක්‍ෂයන් අතරෙන් යමක් ද? යමෙක් යම් විදියකින් අවබෝධ කරන ලද ධර්මයක් වේද එය ඔහුට ප්‍රකට වෙයි. ඉදින් මෙනම් ගුණය මා විසින් අවබෝධ කරන ලද යැයි කියයි නම් එහි දී කුමක් ඔබ අවබෝධ කළේ දැයි ඇසිය යුතුයි. අනිත්‍ය ලක්‍ෂණාදියෙන් හෝ අටතිස් අරමුණුවලින් හෝ රූප අරූප අධ්‍යාත්මික බාහිර යන මේ ධර්ම භේදයන්ගෙන් කුමක් මුල්කරගෙන ලබන ලද්දේ දැයි සෙවීමයි. කෙන මුඛෙන අභිනිවිසිත්‍වාති යමෙක් යමෙකුට නිවේස වීද එය ඔහුට ප්‍රකට වෙයි.

සචෙ පන “අයං නාම මෙ අභිනිවෙසො, එවං මයා අධිගත”න‍්ති වදති, තතො “කදා තෙ අධිගත”න‍්ති පුච‍්ඡිතබ‍්බො, “කිං පුබ‍්බණ‍්හෙ, උදාහු මජ‍්ඣන‍්හිකාදීසු අඤ‍්ඤතරස‍්මිං කාලෙ”ති ? සබ‍්බෙසඤ‍්හි අත‍්තනා අධිගතකාලො පාකටො හොති. සචෙ “අමුකස‍්මිං නාම මෙ කාලෙ අධිගත”න‍්ති වදති, තතො “කත්‍ථ තෙ අධිගත”න‍්ති පුච‍්ඡිතබ‍්බො, “කිං දිවාට‍්ඨානෙ, උදාහු රත‍්තිට‍්ඨානාදීසු අඤ‍්ඤතරස‍්මිං ඔකාසෙ”ති? සබ‍්බෙසඤ‍්හි අත‍්තනා අධිගතොකාසො පාකටො හොති. සචෙ “අමුකස‍්මිං නාම මෙ ඔකාසෙ අධිගත”න‍්ති වදති, තතො “කතමෙ තෙ කිලෙසා පහීනා”ති පුච‍්ඡිතබ‍්බො, “කිං පඨමමග‍්ගවජ‍්ඣා, උදාහු දුතියාදිමග‍්ගවජ‍්ඣා”ති? සබ‍්බෙසඤ‍්හි අත‍්තනා අධිගතමග‍්ගෙන පහීනකිලෙසා පාකටා හොන‍්ති.

ඉදින් මෙය මට නිවේස වීයැයි දනී ද මා විසින් මෙය අවබෝධ කරගන්නා ලදි යි පවසයි. එහිදී කවරදාක ඔබ විසින් එය ලැබුවේදැයි ඇසිය යුතුය. පෙරවරු කාලයෙහි ද මැදියම් කාලයෙහි ද නැතහොත් වෙනත් කාලයකදැයි යනුවෙනි. සියළුදෙනාට ම තමා අවබෝධ කළා වූ කාලය පැහැදිළිය. ඉදින් අසවල් වේලාවේ දී මා විසින් අවබෝධ කළේ යැයි පවසයි. අනතුරුව කොතනක දී ඔබ අවබෝධ කළේ දැයි ඇසිය යුතුය. දහවල් ස්ථානයක ද රාත්‍රී ස්ථානයක ද නැතහොත් වෙනත් ස්ථානයක දැයි යනුවෙනි. සියළුදෙනාට ම තමා අවබෝධ කළා වූ ස්ථානය පැහැදිළිය. ඉදින් අසවල් ස්ථානයක දී මා විසින් අවබෝධ කළේ යැයි පවසයි. එහිදී කොපමණ කෙලෙස් ඔබ විසින් ප්‍රහීන කළේ දැයි ඇසිය යුතුයි. පළමුවන මාර්ගයෙන් ප්‍රහීන කරන ඒවා ද? දෙවන මාර්ගයෙන් ප්‍රහීන කරන ඒවා ද? සියළු දෙනාට තමා විසින් ප්‍රහීන කළ කෙලෙස් තමාට ඉතා පැහැදිළිය.

සචෙ “ඉමෙ නාම මෙ කිලෙසා පහීනා”ති වදති, තතො “කතමෙසං ත්‍වං ධම‍්මානං ලාභී”ති පුච‍්ඡිතබ‍්බො, “කිං සොතාපත‍්තිමග‍්ගස‍්ස, උදාහු සකදාගාමිමග‍්ගාදීසු අඤ‍්ඤතරස‍්සා”ති? සබ‍්බෙසඤ‍්හි අත‍්තනා අධිගතධම‍්මො පාකටො හොති. සචෙ “ඉමෙසං නාමාහං ධම‍්මානං ලාභී”ති වදති, එත‍්තාවතාපිස‍්ස වචනං න සද‍්ධාතබ‍්බං. බහුස‍්සුතා හි උග‍්ගහපරිපුච‍්ඡාකුසලා භික‍්ඛූ ඉමානි ඡ ඨානානි සොධෙතුං සක‍්කොන‍්ති. ඉමස‍්ස භික‍්ඛුනො ආගමනපටිපදා සොධෙතබ‍්බා, යදි ආගමනපටිපදා න සුජ‍්ඣති, “ඉමාය පටිපදාය ලොකුත‍්තරධම‍්මා නාම න ලබ‍්භන‍්තී”ති අපනෙතබ‍්බො.

ඉදින් මේ කෙලෙස් මාවිසින් ප්‍රහීන කළේ යැයි කියයි. අනතුරුව ඔබ කිනම් ධර්මයක් ලැබුවේ දැයි ඇසීය. සෝවාන් මාර්ගය ද, සකෘදාගාමි මාර්ගය ද නැතහොත් වෙනත් මාර්ගයක් දැයි යනුවෙනි. සියළු දෙනාට තමා ලැබු ධර්මය තමාට පැහැදිළිය. මම මේ ධර්මයෙන් ලැබුවෙමියි කියයි. මෙපමණකින් ම ඔහුගේ කීම නොඇදහිය යුතුයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප්‍රශ්නෝත්තර ක්‍රමයෙහි දක්‍ෂ වූ භික්‍ෂුවට මේ කරුණු හය පිරිසිදු කිරීමට හැකි වෙත්. ඉදින් භික්‍ෂුවගේ ආගමන ප්‍රතිපදාව පිරිසිදු කරගත යුතුය. ඉදින් ආගමන ප්‍රතිපදාව පිරිසිදු නොවේ නම් මේ ප්‍රතිපදාවෙන් ලෝකෝත්තර ධර්මයක් ලැබිය නොහැකි යැයි ඉවත් කළ යුතුය.

යදි පනස‍්ස ආගමනපටිපදා සුජ‍්ඣති, “දීඝරත‍්තං තීසු සික‍්ඛාසු අප‍්පමත‍්තො ජාගරියමනුයුත‍්තො චතූසු පච‍්චයෙසු අලග‍්ගො ආකාසෙ පාණිසමෙන චෙතසා විහරතී”ති පඤ‍්ඤායති, තස‍්ස භික‍්ඛුනො බ්‍යාකරණං පටිපදාය සද‍්ධිං සංසන්‍දති සමෙති. “සෙය්‍යථාපි නාම ගඞ‍්ගොදකං යමුනොදකෙන සද‍්ධිං සංසන්‍දති සමෙති, එවමෙව සුපඤ‍්ඤත‍්තා තෙන භගවතා සාවකානං නිබ‍්බානගාමිනී පටිපදා සංසන්‍දති සමෙති නිබ‍්බානඤ‍්ච පටිපදා චා”ති (දී· නි· 2.296) වුත‍්තසදිසං හොති.

ඉදින් ඔහුගේ ආගමන ප්‍රතිපදාව පිරිසිදු නම් බොහෝ කාලයක් ත්‍රිවිධ ශික්‍ෂායෙහි අප්‍රමාදව යෙදුණේ නිදි වර්ජනයෙහි ඇලුණේ සිව්පසයෙහි නොඇලුණේ අහසෙහි පාවෙන අන්ල සේ සිත් ඇතිව වාසය කෙරේ යැයි හැඟෙයි. ඒ භික්‍ෂුවගේ ප්‍රකාශ කිරීමත් ප්‍රතිපදාවත් යන දෙකම සැසඳෙයි. ගැළපෙයි. කෙසේද යත්? ගංගා නදියෙහි ජලය යමුනා නදියෙහි ජලය හා සැසඳෙන්නාක් මෙනි. මෙපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ නිර්වානගාමී ප්‍රතිපදාව සංසන්දනය කරයි. නිවන ද ප්‍රතිපදාව ද කියන ලද පරිදි ම වෙයි.

අපිච ඛො එත‍්තකෙනාපි සක‍්කාරො න කාතබ‍්බො. කස‍්මා? එකච‍්චස‍්ස හි පුථුජ‍්ජනස‍්සාපි සතො ඛීණාසවපටිපත‍්තිසදිසා පටිපදා හොති. තස‍්මා සො භික‍්ඛු තෙහි තෙහි උපායෙහි උත‍්තාසෙතබ‍්බො. ඛීණාසවස‍්ස නාම අසනියාපි මත්‍ථකෙ පතමානාය භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා න හොති, පුථුජ‍්ජනස‍්ස අප‍්පමත‍්තකෙනාපි හොති.

තවද මෙපමණකින්ම සත්කාර නොකළ යුතුයි. කුමක්හෙයින් ද යත්? ඇතැම් සිහිඇති පෘථග්ජනයා කෙරෙහි ද රහතන් වහන්සේගේ පිළිවෙතට සමාන පිළිවෙත් පවතියි. එහෙයින් ඒ භික්‍ෂුව ඒ ඒ උපායයෙන් තැති ගැන්විය යුතුයි. රහතන් වහන්සේ නමකට නම් හෙණයක් හිස මත වැටුණ ද බියක් හෝ තැති ගැනුමක් හෝ ලොමුදැහැගැන්මක් හෝ නොවෙයි. පෘථග්ජනයාට අල්පමාත්‍ර කාරණයක දී ද එසේ වෙයි.

තත්‍රිමානි වත්‍ථූනි – දීඝභාණකඅභයත්‍ථෙරො කිර එකං පිණ‍්ඩපාතිකං පරිග‍්ගහෙතුං අසක‍්කොන‍්තො දහරස‍්ස සඤ‍්ඤං අදාසි. සො තං න‍්හායමානං කල්‍යාණීනදීමුඛද‍්වාරෙ නිමුජ‍්ජිත්‍වා පාදෙ අග‍්ගහෙසි. පිණ‍්ඩපාතිකො කුම‍්භීලොති සඤ‍්ඤාය මහාසද‍්දමකාසි, තදා නං පුථුජ‍්ජනොති සඤ‍්ජානිංසු. චන්‍දමුඛතිස‍්සරාජකාලෙ පන මහාවිහාරෙ සඞ‍්ඝත්‍ථෙරො ඛීණාසවො දුබ‍්බලචක‍්ඛුකො විහාරෙයෙව අච‍්ඡි. රාජා ථෙරං පරිග‍්ගණ‍්හිස‍්සාමීති භික‍්ඛූසු භික‍්ඛාචාරං ගතෙසු අප‍්පසද‍්දො උපසඞ‍්කමිත්‍වා සප‍්පො විය පාදෙ අග‍්ගහෙසි. ථෙරො සිලාථම‍්භො විය නිච‍්චලො හුත්‍වා කො එත්‍ථාති ආහ ? අහං, භන‍්තෙ, තිස‍්සොති. සුගන්‍ධං වායසි නො තිස‍්සාති? එවං ඛීණාසවස‍්ස භයං නාම නත්‍ථීති.

එයට මෙය සාධකයකි - දීඝභාණක අභය තෙරුන් වහන්සේ එක් පිණ්ඩපාත භික්‍ෂුවකගේ පුහුදුන් බව ඒත්තු ගැනීමට නොහැකි වූ විට දහර සාමණේරයෙකුට සංඥාවක් දුන්නේය. පිණ්ඩපාතික භික්‍ෂුව කැළණි ගං මුවදොර නාමින් සිටිය දී සාමණේරයා දිය යට ගිලී උන්වහන්සේගේ පාදයෙන් ඇද්දේය. පිණ්ඩපාතිකයා කිඹුලෙකැයි සිතා උස් හඬින් කෑ ගැසීය. එවිට ඔහු පෘථග්ජනයෙකැයි දැනගත්තාහ. චන්දමුඛ තිස්ස නම් රජු දවස මහා විහාරයේ සංඝස්ථවිර වූ රහතන් වහන්සේ දුබල ඇස් ඇත්තේ විහාරයෙහිම වාසය කරයි. රජු තෙරුන් වහන්සේ පරීක්‍ෂා කරන්නෙමියි භික්‍ෂූන් පිඬුසිඟා ගිය කළ නිශ්ශබ්දව ළඟට පැමිණි සර්පයෙකු මෙන් පා ඇල්ලීය. තෙරුන් වහන්සේ ගල් ටැඹක් මෙන් නිශ්චලව සිට මෙහි කවරෙක්දැයි ඇසීය. ස්වාමීනි, මම තිස්ස වෙමි. තිසය අපට සුවඳ දැනුනේ යැයි පැවසීය. මෙසේ රහතුන්ට බියක් නැත.

එකච‍්චො පන පුථුජ‍්ජනොපි අතිසූරො හොති නිබ‍්භයො. සො රඤ‍්ජනීයෙන ආරම‍්මණෙන පරිග‍්ගණ‍්හිතබ‍්බො. වසභරාජාපි හි එකං ථෙරං පරිග‍්ගණ‍්හමානො ඝරෙ නිසීදාපෙත්‍වා තස‍්ස සන‍්තිකෙ බදරසාළවං මද‍්දමානො නිසීදි. මහාථෙරස‍්ස ඛෙළො චලි, තතො ථෙරස‍්ස පුථුජ‍්ජනභාවො ආවිභූතො. ඛීණාසවස‍්ස හි රසතණ‍්හා නාම සුප‍්පහීනා, දිබ‍්බෙසුපි රසෙසු නිකන‍්ති නාම න හොති. තස‍්මා ඉමෙහි උපායෙහි පරිග‍්ගහෙත්‍වා සචස‍්ස භයං වා ඡම‍්භිතත‍්තං වා ලොමහංසො වා රසතණ‍්හා වා උප‍්පජ‍්ජති, න ත්‍වං අරහාති අපනෙතබ‍්බො. සචෙ පන අභීරූ අච‍්ඡම‍්භී අනුත්‍රාසී හුත්‍වා සීහො විය නිසීදති, දිබ‍්බාරම‍්මණෙපි නිකන‍්තිං න ජනෙති. අයං භික‍්ඛු සම‍්පන‍්නවෙය්‍යාකරණො සමන‍්තා රාජරාජමහාමත‍්තාදීහි පෙසිතං සක‍්කාරං අරහතීති.

ඇතැම් පෘථග්ජනයෙක් ඉතා දක්ෂ වෙයි. නිර්භය වෙයි. ඔහු ඇලුම් කරන අරමුණුවලින් පරීක්‍ෂා කළ යුතුය. වසභ රජු ද එක් තෙරුන් වහන්සේ නමක් පරීක්‍ෂා කර බලන්නේ ගෙහි වැඩහිඳුවා උන්වහන්සේගේ ඉදිරියෙහි දෙබර ඵල මිරිකමින් සිටියේය. මහතෙරුන්ට කෙළ ඉනීය. එයින් තෙරුන්ගේ පුහුදුන් බව ප්‍රකට විය. රහතුන්ට රස තෘෂ්ණාවක් නැත. දිව්‍ය රසයෙහි ද ඇල්මක් නැත. එහෙයින් මේ උපායෙන් පරීක්‍ෂා කර බලා ඉදින් ඔහුට බියක් හෝ තැති ගැන්මක් හෝ රස තෘෂ්ණාවක් හෝ උපදියි ද ඔබ රහතෙක් නොවේ යැයි ඉවත් කළ යුතුය. ඉදින් බිය නොවේ ද තැති නොගනී ද සිංහයෙකු මෙන් සිටියි ද දිව්‍ය අරමුණෙහි ද ආශා නූපදවයි ද මේ භික්‍ෂුව මනා සත්‍ය ප්‍රකාශ කිරීම් ඇත්තෙකි. රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් කරනු ලබන සත්කාර ලැබීමට සුදුසුය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය ඡබ‍්බිසොධනසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ඡබ්බිසෝධන සූත්‍ර වර්ණනාව නිමි.