බහුධාතුක සුත්තවණ්ණනා අට්ඨකථා
බහුධාතුක සුත්තවණ්ණනා
බහුධාතුක සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති බහුධාතුකසුත්තං. තත්ථ භයානීතිආදීසු භයන්ති චිත්තුත්රාසො. උපද්දවොති අනෙකග්ගතාකාරො. උපසග්ගොති උපසට්ඨාකාරො තත්ථ තත්ථ ලග්ගනාකාරො. තෙසං එවං නානත්තං වෙදිතබ්බං – පබ්බතාදිවිසමනිස්සිතා චොරා ජනපදවාසීනං පෙසෙන්ති “මයං අසුකදිවසෙ නාම තුම්හාකං ගාමං පහරිස්සාමා”ති. තං පවත්තිං සුතකාලතො පට්ඨාය භයං සන්තාසං ආපජ්ජන්ති. අයං චිත්තුත්රාසො නාම. “ඉධ නො චොරා කුපිතා අනත්ථම්පි ආවහෙය්යු”න්ති හත්ථසාරං ගහෙත්වා ද්විපදචතුප්පදෙහි සද්ධිං අරඤ්ඤං පවිසිත්වා තත්ථ තත්ථ භූමියං නිපජ්ජන්ති, ඩංසමකසාදීහි ඛජ්ජමානා ගුම්බන්තරානි පවිසන්ති, ඛාණුකණ්ටකෙ මද්දන්ති. තෙසං එවං විචරන්තානං වික්ඛිත්තභාවො අනෙකග්ගතාකාරො නාම. තතො චොරෙසු යථාවුත්තෙ දිවසෙ අනාගච්ඡන්තෙසු “තුච්ඡකසාසනං තං භවිස්සති, ගාමං පවිසිස්සාමා”ති සපරික්ඛාරා ගාමං පවිසන්ති, අථ තෙසං පවිට්ඨභාවං ඤත්වා ගාමං පරිවාරෙත්වා ද්වාරෙ අග්ගිං දත්වා මනුස්සෙ ඝාතෙත්වා චොරා සබ්බං විභවං විලුම්පෙත්වා ගච්ඡන්ති. තෙසු ඝාතිතාවසෙසා අග්ගිං නිබ්බාපෙත්වා කොට්ඨච්ඡායභිත්තිච්ඡායාදීසු තත්ථ තත්ථ ලග්ගිත්වා නිසීදන්ති නට්ඨං අනුසොචමානා. අයං උපසට්ඨාකාරො ලග්ගනාකාරො නාම.
එවම්මෙසුතන්ති බහුධාතුක සූත්‍රය මවිසින් මෙසේ අසන ලදි. එහි භයානීති බිය වූ සිත්හි හටගන්නා තැති ගැන්මයි. උපද්දවොති අස්වැසිල්ලක් නැති උපසග්ගොති ලතවන ආකාරය. ඒ ඒ තැන්වල ඇලෙන ගතිය. ඒවායේ වෙනස් ස්වභාවය ද දත යුතුයි. පර්වත ආදී විෂමභාවයෙන් යුත් තැන්වල දී සොරු දනව් වැසියන් කරා යෙති. අපි අසවල් දවසෙහි නුඹලාගේ ගම පහරන්නෙමු යි කියත්. ඒ පුවත ඇසූ කාලයේ පටන් බියට තැති ගැනීමට පැමිණෙත්. මේ චිත්තුත්රාසය නම් වේ. මෙහිදී සොරු අප හා කිපී අනතුරු කරතැයි බියෙන් හස්තසාර වස්තූන් හා දෙපා සිව්පා සතුන් ද සමග වනයට පිවිස ඒ ඒ තැන්හි හිඳිත්. මැසි මදුරුවන් කනු ලබන්නේ ද වන ලැහැබට පිවිසෙත්. කණකටු හුල් ඇනෙත්. මොවුන්ගේ මේ හැසිරීම අස්වැසිල්ලක් නැති බව දක්වයි. ඉක්බිති සොරුන් විසින් කියන ලද දවසෙහි නොපැමිණි විට එය බොරු පුවතක් වන්නේ යැයි ගමට යමුයි සපිරිවරින් සියළු දේ ගෙන ගමට පිවිසෙත්. අනතුරුව ඔවුන් පැමිණි බව දැන ගම පිරිවා දොර ගිනි තබා මිනිසුන් මරා සොරු සියළු සම්පත් පැහැරගෙන යති. ඔවුන් අතරෙන් මරණයෙන් බේරුණු අය ගිනි නිවා කොටු සෙවන බිත්ති සෙවන ආදි ඒ ඒ තැන්වල ලැග හිඳිත්. නැසුණු අය ගැන දුක්වෙති. මේ පිවිසෙන ආකාරය හා තැවෙන ආකාරයයි.
නළාගාරාති නළෙහි පරිච්ඡන්නා අගාරා, සෙසසම්භාරා පනෙත්ථ රුක්ඛමයා හොන්ති. තිණාගාරෙපි එසෙව නයො. බාලතො උප්පජ්ජන්තීති බාලමෙව නිස්සාය උප්පජ්ජන්ති. බාලො හි අපණ්ඩිතපුරිසො රජ්ජං වා උපරජ්ජං වා අඤ්ඤං වා පන මහන්තං ඨානං පත්ථෙන්තො කතිපයෙ අත්තනා සදිසෙ විධවාපුත්තෙ මහාධුත්තෙ ගහෙත්වා “එථ අහං තුම්හෙ ඉස්සරෙ කරිස්සාමී”ති පබ්බතගහනාදීනි නිස්සාය අන්තන්තෙ ගාමෙ පහරන්තො දාමරිකභාවං ජානාපෙත්වා අනුපුබ්බෙන නිගමෙපි ජනපදෙපි පහරති, මනුස්සා ගෙහානි ඡඩ්ඩෙත්වා ඛෙමන්තට්ඨානං පත්ථයමානා පක්කමන්ති, තෙ නිස්සාය වසන්තා භික්ඛූපි භික්ඛුනියොපි අත්තනො අත්තනො වසනට්ඨානානි පහාය පක්කමන්ති. ගතගතට්ඨානෙ භික්ඛාපි සෙනාසනම්පි දුල්ලභං හොති. එවං චතුන්නං පරිසානං භයං ආගතමෙව හොති. පබ්බජිතෙසුපි ද්වෙ බාලා භික්ඛූ අඤ්ඤමඤ්ඤං විවාදං පට්ඨපෙත්වා චොදනං ආරභන්ති. ඉති කොසම්බිවාසිකානං විය මහාකලහො උප්පජ්ජති, චතුන්නං පරිසානං භයං ආගතමෙව හොතීති එවං යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතො උප්පජ්ජන්තීති වෙදිතබ්බානි.
නළාගාරාති හුණදඬු ආදියෙන් සෙවන ඇති කරගත් ගෙවල්. අනෙත් උපකරණ දැවමය වෙයි. තණකොළවලින් සෑදු ගෙවල් ද මේ ක්‍රමයමයි. බාලතො උප්පජ්ජන්තීති බාලයන් නිසාම උපදිත්. බාලයා යනු මෝඩයායි. රාජ්‍යයක් හෝ උප රාජ්‍යයක් හෝ වෙනත් බලවත් තනතුරක් හෝ බලාපොරොත්තු වන්නෙක් සොර අඹුවකගේ පුතුන් කීපදෙනෙක් තමාට සමාන අයගෙන් තෝරාගෙන එව්, මම නුඹලා පොහොසතුන් කරන්නෙමියි පර්වත ගුහා ආදිය ඇසුරු කොටගෙන ඇතුළු ගම් පහරමින් දාමරිකයන් බව හඟවා පිළිවෙළින් නියම්ගම් ද ජනපදයන් ද පැහැරිය යුතුය. මිනිස්සු ගෙවල් අතහැර බිය නැති තැන් සොයා යති. ඔවුහු නිසා විසූ භික්ෂු භික්ෂුණීහු ද තමතමන් වසන තැන් අතහැර දමා යති. ගිය ගිය තැන ආහාර ද සෙනසුන් ද දුර්ලභ වෙයි. මෙසේ සිව්පිරිසට බියේ පැමිණියේ වෙයි. පැවිද්දන් අතරෙහි මෝඩ මහණුන් දෙදෙනෙක් ඔවුනොවුන් විවාදයක් ඇතිකොට චෝදනාවක් ඇති කරයි. මෙසේ කොසබෑනුවර වැසි මහණුන් අතර මෙන් මහත් කලහයක් උපදියි. චතුන්නං පරිසානං භයං ආගතමෙව හොතීති මෙසේ යම්කිසි බියක් උපදියි ද ඒ සියල්ල මෝඩයා නිසාම ඉපදුණේ යැයි දතයුතුයි.
එතදවොචාති භගවතා ධම්මදෙසනා මත්ථකං අපාපෙත්වාව නිට්ඨාපිතා. යංනූනාහං දසබලං පුච්ඡිත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණෙනෙවස්ස දෙසනාය පාරිපූරිං කරෙය්යන්ති චින්තෙත්වා එතං “කිත්තාවතා නු ඛො, භන්තෙ”තිආදිවචනං අවොච.
එතදවොචාති බුදුරදුන් ධර්මදේශනාව අවසන් නොකොට නිමවූහ. මම බුදුරදුන් විමසා සර්වඥතා ඥානයෙන් දේශනාවගේ කෙළවර කරන්නේ නම් ඉතා යෙහෙකියි සිතා මේ කිත්තාවතා නු ඛො භන්තෙ යනාදී වචන කීය.
අට්ඨාරසසු ධාතූසු අඩ්ඪෙකාදසධාතුයො රූපපරිග්ගහො, අඩ්ඪට්ඨමකධාතුයො අරූපපරිග්ගහොති රූපාරූපපරිග්ගහොව කථිතො. සබ්බාපි ඛන්ධවසෙන පඤ්චක්ඛන්ධා හොන්ති. පඤ්චපි ඛන්ධා දුක්ඛසච්චං, තෙසං සමුට්ඨාපිකා තණ්හා සමුදයසච්චං, උභින්නං අප්පවත්ති නිරොධසච්චං, නිරොධපජානනා පටිපදා මග්ගසච්චං. ඉති චතුසච්චකම්මට්ඨානං එකස්ස භික්ඛුනො නිග්ගමනං මත්ථකං පාපෙත්වා කථිතං හොති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පනෙතා ධාතුයො විසුද්ධිමග්ගෙ කථිතාව. ජානාති පස්සතීති සහ විපස්සනාය මග්ගො වුත්තො.
අටළොස් ධාතූන්හි එකොළොස් හමාරක් ධාතු රූප පිළිගන්නාහුය. ධාතූන් අට හමාරක් අරූප පිළිගන්නාහුය. මින් රූපාරූප පරිග්‍රහය කියන ලදි. සියල්ල ස්ඛන්ධ වශයෙන් පංචස්ඛන්ධයෝ වෙත්. පංචස්ඛන්ධය දුක්ඛ සත්‍යයයි. ඒවායේ ඇලෙන ගතිය සමුදය සත්‍යයයි. දෙදෙනාගේ නොපැවැත්ම නිරෝධ සත්‍යයයි. නිරෝධය දැන ගැනීම් ප්‍රතිපදාව මාර්ග සත්‍යයයි. මෙසේ චතුරාර්ය සත්‍ය කර්මස්ථානය එක් භික්ෂුවකගේ නික්ම යෑම කුළු ගන්වමින් දේශනා කළේ වෙයි. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර වශයෙන් මේ ධාතු පිළිබඳව විසුද්ධිමාර්ගයේ දී කියන ලදි. ජානාති පස්සතීති විදර්ශනාව සමඟ ම මාර්ගය කියන ලදි.
පථවීධාතුආදයො සවිඤ්ඤාණකකායං සුඤ්ඤතො නිස්සත්තතො දස්සෙතුං වුත්තා. තාපි පුරිමාහි අට්ඨාරසහි ධාතූහි පූරෙතබ්බා. පූරෙන්තෙන විඤ්ඤාණධාතුතො නීහරිත්වා පූරෙතබ්බා. විඤ්ඤාණධාතු හෙසා චක්ඛුවිඤ්ඤාණාදිවසෙන ඡබ්බිධා හොති. තත්ථ චක්ඛුවිඤ්ඤාණධාතුයා පරිග්ගහිතාය තස්සා වත්ථු චක්ඛුධාතු, ආරම්මණං රූපධාතූති ද්වෙ ධාතුයො පරිග්ගහිතාව හොන්ති. එස නයො සබ්බත්ථ. මනොවිඤ්ඤාණධාතුයා පන පරිග්ගහිතාය තස්සා පුරිමපච්ඡිමවසෙන මනොධාතු, ආරම්මණවසෙන ධම්මධාතූති ද්වෙ ධාතුයො පරිග්ගහිතාව හොන්ති. ඉති ඉමාසු අට්ඨාරසසු ධාතූසු අඩ්ඪෙකාදසධාතුයො රූපපරිග්ගහොති පුරිමනයෙනෙව ඉදම්පි එකස්ස භික්ඛුනො නිග්ගමනං මත්ථකං පාපෙත්වා කථිතං හොති.
පෘථිවිධාතු ආදිය සවිඥානක ශරීරය ශුන්‍ය වශයෙන් නිශ්‍රය වශයෙන් දක්වනු සඳහා කියන ලදි. පළමු අටළොස් ධාතූන්ගෙන් පිරිය යුතු කොටස් පුරන්නහු විසින් විඥානධාතූන් වශයෙන් ගෙන පිරිය යුතුයි. සෙසු විඥානධාතූහු චක්ෂුර්විඥානාදී වශයෙන් සය වැදෑරුම් වේ. එහි චක්ෂුර්විඥාන ධාතුවෙන් පිළිගත් එහි වස්තුව චක්‍ෂුර්ධාතු ආරම්මණයයි. රූපධාතු දෙකක් පිළිගන්නා ලද්දේ වෙයි. සියළු තැන්හිම මේ ක්‍රමයයි. මනෝවිඥාන ධාතුවෙන් ගන්නා ලද එහි පෙර පසු වශයෙන් මනෝධාතු ආරම්මණ වශයෙන් ධම්මධාතූන් දෙදෙනෙක් ගන්නා ලදි. මෙසේ මේ අටළොස් ධාතූන්හි එකොළහ හමාරක් ධාතූහු රූප ගනියි. මුලින් කී පරිදි මෙය ද එක් භික්ෂුවකගේ නික්ම යෑම නිසා කියන ලදි.
සුඛධාතූතිආදීසු සුඛඤ්ච තං නිස්සත්තසුඤ්ඤතට්ඨෙන ධාතු චාති සුඛධාතු. එස නයො සබ්බත්ථ. එත්ථ ච පුරිමා චතස්සො ධාතුයො සප්පටිපක්ඛවසෙන ගහිතා, පච්ඡිමා ද්වෙ සරික්ඛකවසෙන. අවිභූතභාවෙන හි උපෙක්ඛාධාතු අවිජ්ජාධාතුයා සරික්ඛා. එත්ථ ච සුඛදුක්ඛධාතූසු පරිග්ගහිතාසු කායවිඤ්ඤාණධාතු පරිග්ගහිතාව හොති, සෙසාසු පරිග්ගහිතාසු මනොවිඤ්ඤාණධාතු පරිග්ගහිතාව හොති. ඉමාපි ඡ ධාතුයො හෙට්ඨා අට්ඨාරසහියෙව පූරෙතබ්බා. පූරෙන්තෙන උපෙක්ඛාධාතුතො නීහරිත්වා පූරෙතබ්බා. ඉති ඉමාසු අට්ඨාරසසු ධාතූසු අඩ්ඪෙකාදසධාතුයො රූපපරිග්ගහොති පුරිමනයෙනෙව ඉදම්පි එකස්ස භික්ඛුනො නිග්ගමනං මත්ථකං පාපෙත්වා කථිතං හොති.
සුඛධාතූති සැපය ද නිශ්රිත ශූන්යාර්ථයෙන් ධාතු ද සුඛධාතු නම් වේ. සියළු තැන්හිම මේ ක්‍රමයයි. මෙහි පළමු ධාතු සතර ප්‍රතික්ෂේප සහිතව ගන්නා ලදි. පසුව කී දෙක සමාන වශයෙන් ද අවිභූත වශයෙන් ද ගැනේ. උපේක්ෂාධාතුව අවිද්යාධාතුව කෙරෙන් සමානය. මෙහි සුඛදුක්ඛ ධාතූන් කෙරෙහි ගත කළ කායවිඥාන ධාතුව ගන්නා ලද්දේ වේ. ඉතිරිය ගත් කළ මනෝවිඥාන ධාතුව ගත්තේ වෙයි. මේ ධාතු හය යට කී අටළොස් ධාතූන්ගෙන් ම පිරවිය යුතුය. පුරවන්නහු විසින් උපේක්ෂා ධාතුවෙන් බැහැර කර පිරවිය යුතුය. මෙසේ මේ අටළොස් ධාතූන් අතරෙහි එකොළහ හමාරක් ධාතූහු රූප පරිගෘහිතය. මුලින් කී පරිදි මෙය ද එක් භික්ෂුවකගේ නික්ම යෑම නිසා කියන ලදි.
කාමධාතුආදීනං ද්වෙධාවිතක්කෙ (ම· නි· 1.206) කාමවිතක්කාදීසු වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො. අභිධම්මෙපි “තත්ථ කතමා කාමධාතු, කාමපටිසංයුත්තො තක්කො විතක්කො”තිආදිනා (විභ· 182) නයෙනෙව එතාසං විත්ථාරො ආගතොයෙව. ඉමාපි ඡ ධාතුයො හෙට්ඨා අට්ඨාරසහියෙව පූරෙතබ්බා. පූරෙන්තෙන කාමධාතුතො නීහරිත්වා පූරෙතබ්බා. ඉති ඉමාසු අට්ඨාරසසු ධාතූසු අඩ්ඪෙකාදසධාතුයො රූපපරිග්ගහොති පුරිමනයෙනෙව ඉදම්පි එකස්ස භික්ඛුනො නිග්ගමනං මත්ථකං පාපෙත්වා කථිතං හොති.
කාමධාතු ආදීන් පිළිබඳව දෙපරිද්දකින් විතර්කනය කිරීමෙන් කාමවිතර්කාදියෙහි කී ක්‍රමයෙන්ම අර්ථය දත යුතුය. අභිධර්මයෙහි ද තත්ථ කතමා කාමධාතු කාමපටිසංයුත්තො තක්කො විතක්කොති ආදී ක්‍රමයෙන් මෙය විස්තර කරන ලදි. මේ ධාතු හය යට කී අටළොස් ධාතුන්හි ම පිරවිය යුතුය. එසේ පුරන්නහු විසින් කාමධාතුවෙන් බැහැර කර පිරවිය යුතුය. මෙසේ මේ අටළොස් ධාතූන් අතරෙහි එකොළහ හමාරක් ධාතූහු රූප පරිගෘහිතය. මුලින් කී පරිදි මෙය ද එක් භික්ෂුවකගේ නික්ම යෑම නිසා කියන ලදි.
කාමධාතුආදීසු පඤ්ච කාමාවචරක්ඛන්ධා කාමධාතු නාම, පඤ්ච රූපාවචරක්ඛන්ධා රූපධාතු නාම, චත්තාරො අරූපාවචරක්ඛන්ධා අරූපධාතු නාම. අභිධම්මෙ පන “තත්ථ කතමා කාමධාතු, හෙට්ඨතො අවීචිනිරයං පරියන්තං කරිත්වා”තිආදිනා (විභ· 182) නයෙන එතාසං විත්ථාරො ආගතොයෙව. ඉමාපි තිස්සො ධාතුයො හෙට්ඨා අට්ඨාරසහියෙව පූරෙතබ්බා. පූරෙන්තෙන කාමධාතුතො නීහරිත්වා පූරෙතබ්බා. ඉති ඉමාසු අට්ඨාරසසු ධාතූසු අඩ්ඪෙකාදසධාතුයො රූපපරිග්ගහොති පුරිමනයෙනෙව ඉදම්පි එකස්ස භික්ඛුනො නිග්ගමනං මත්ථකං පාපෙත්වා කථිතං හොති.
කාමධාතු ආදීන්හි කාමාවචර ස්ඛන්ධ පහ කාමධාතු නම් වේ. රූපාවචර ස්ඛන්ධ පහ රූපධාතු නම් වේ. අරූපාවචර ස්ඛන්ධ හතර අරූපධාතු නම් වේ. අභිධර්මයේ දී එහි කාමධාතු කවරේද යත්? යටින් අවීචි නිරය මායිම් කර යනාදී ක්‍රමයෙන් මෙහි විස්තර දැක්වේ. මේ ධාතු තුන යට කී අටළොස් ධාතූන්හි පිරවිය යුතුයි. පුරන්නහු විසින් කාමධාතුවෙන් බැහැර කර පිරවිය යුතුයි. මෙසේ මේ අටළොස් ධාතූන් අතරෙහි එකොළහ හමාරක් ධාතූහු රූප පරිගෘහිතය. මුලින් කී පරිදි මෙය ද එක් භික්ෂුවකගේ නික්ම යෑම නිසා කියන ලදි.
සඞ්ඛතාති පච්චයෙහි සමාගන්ත්වා කතා, පඤ්චන්නං ඛන්ධානමෙතං අධිවචනං. න සඞ්ඛතා අසඞ්ඛතා. නිබ්බානස්සෙතං අධිවචනං. ඉමාපි ද්වෙ ධාතුයො හෙට්ඨා අට්ඨාරසහියෙව පූරෙතබ්බා. පූරෙන්තෙන සඞ්ඛතධාතුතො නීහරිත්වා පූරෙතබ්බා. ඉති ඉමාසු අට්ඨාරසසු ධාතූසු අඩ්ඪෙකාදසධාතුයො රූපපරිග්ගහොති පුරිමනයෙනෙව ඉදම්පි එකස්ස භික්ඛුනො නිග්ගමනං මත්ථකං පාපෙත්වා කථිතං හොති.
සංඛතාති ප්රත්යයන්ගෙන් සකස් වී. මෙය පංචස්ඛන්ධයට තවත් නමකි. සංඛත නොවූයේ අසංඛතයි. මෙය නිවනට තවත් නමකි. මේ ධාතු දෙක යට කී අටළොස් ධාතූන්හි පිරවිය යුතුයි. පුරන්නහු විසින් සංඛත ධාතුවෙන් බැහැර කර පිරවිය යුතුයි. මෙසේ මේ අටළොස් ධාතූන් අතරෙහි එකොළහ හමාරක් ධාතූහු රූප පරිගෘහිතය. මුලින් කී පරිදි මෙය ද එක් භික්ෂුවකගේ නික්ම යෑම නිසා කියන ලදි.
අජ්ඣත්තිකබාහිරානීති අජ්ඣත්තිකානි ච බාහිරානි ච. එත්ථ හි චක්ඛුආදීනි අජ්ඣත්තිකානි ඡ, රූපාදීනි බාහිරානි ඡ. ඉධාපි ජානාති පස්සතීති සහ විපස්සනාය මග්ගො කථිතො.
අජ්ඣත්තිකබාහිරානීති අධ්‍යාත්මික වූ ද බාහිර වූ ද වේ. මෙහි ඇස් ආදී ද්වාර හය අධ්‍යාත්මිකයි. රූප ආදී අරමුණු හය බාහිර නම් වේ. මෙය ද දනියි දකියි යනුවෙන් විදර්ශනා මාර්ගයෙන් කියන ලදි.
ඉමස්මිං සති ඉදන්තිආදි මහාතණ්හාසඞ්ඛයෙ විත්ථාරිතමෙව.
ඉමස්මිං සති ඉදන්ති යනාදිය මහා තණ්හාසංඛ්‍ය සූත්‍රයේ විස්තර කරන ලද්දේ වේ.
අට්ඨානන්ති හෙතුපටික්ඛෙපො. අනවකාසොති පච්චයපටික්ඛෙපො. උභයෙනාපි කාරණමෙව පටික්ඛිපති. කාරණඤ්හි තදායත්තවුත්තිතාය අත්තනො ඵලස්ස ඨානන්ති ච අවකාසොති ච වුච්චති. යන්ති යෙන කාරණෙන. දිට්ඨිසම්පන්නොති මග්ගදිට්ඨියා සම්පන්නො සොතාපන්නො අරියසාවකො. කඤ්චි සඞ්ඛාරන්ති චතුභූමකෙසු සඞ්ඛතසඞ්ඛාරෙසු කඤ්චි එකසඞ්ඛාරම්පි. නිච්චතො උපගච්ඡෙය්යාති නිච්චොති ගණ්හෙය්ය. නෙතං ඨානං විජ්ජතීති එතං කාරණං නත්ථි න උපලබ්භති. යං පුථුජ්ජනොති යෙන කාරණෙන පුථුජ්ජනො. ඨානමෙතං විජ්ජතීති එතං කාරණං අත්ථි. සස්සතදිට්ඨියා හි සො තෙභූමකෙසු සඞ්ඛතසඞ්ඛාරෙසු කඤ්චි සඞ්ඛාරං නිච්චතො ගණ්හෙය්යාති අත්ථො. චතුත්ථභූමකසඞ්ඛාරා පන තෙජුස්සදත්තා දිවසං සන්තත්තො අයොගුළො විය මක්ඛිකානං දිට්ඨියා වා අඤ්ඤෙසං වා අකුසලානං ආරම්මණං න හොන්ති. ඉමිනා නයෙන කඤ්චි සඞ්ඛාරං සුඛතොතිආදීසුපි අත්ථො වෙදිතබ්බො.
අට්ඨානන්ති හේතු ප්රතික්ෂේපයයි. අනවකාසොති ප්‍රත්‍ය ප්රතික්ෂේපයයි. මේ දෙකින් ම කාරණය ප්‍රතික්ෂේප කරයි. කාරණය යනු එයට අයත් පැවැත්ම නිසා සිය ඵලයට කරුණු වේ ද අවකාශය යැයි කියයි. යන්ති යම් කරුණකින් දිට්ඨිසම්පන්නොති මාර්ග දෘෂ්ටියෙන් යුතු වූ සෝවාන් ආර්ය ශ්රාවකයා. කඤ්චි සංඛාරන්ති චාතුර්භූමික සංස්කාරයන් අතරෙහි කිසියම් එක් සංස්කාරයක්, නිච්චතො උපගච්ඡෙය්යාති නිත්‍ය යැයි පිළිගනියි. නෙතං ඨානං විජ්ජතීති මෙනම් කරුණක් නැත. නොලැබෙයි. යං පුථුජ්ජනොති යම් කරුණකින් පෘථග්ජනයා ඨානං මෙතං විජ්ජතීති මෙයට කරුණක් ඇත. ශාස්වත දෘෂ්ටියෙන් ත්‍රෛභූමික සංස්කාරයන්හි කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය යන තේරුමයි. සතරවන භූමිගත සංස්කාරයෝ තේජසින් උණුසුම්ව පවත්නා බැවින් දවස මුළුල්ලේ තැවුණු ලෝහ ගුලියක් සේ අනෙක් අකුසල අරමුණු නොවෙත්. මේ ක්‍රමයෙන් කිසියම් සංස්කාරයක් සැප යැයි ආදී තැන්වල අර්ථ දත යුතුයි.
සුඛතො උපගච්ඡෙය්යාති “එකන්තසුඛී අත්තා හොති අරොගො පරං මරණා”ති (ම· නි· 3.21, 22) එවං අත්තදිට්ඨිවසෙන සුඛතො ගාහං සන්ධායෙතං වුත්තං. දිට්ඨිවිප්පයුත්තචිත්තෙන පන අරියසාවකො පරිළාහාභිභූතො පරිළාහවූපසමත්ථං මත්තහත්ථිං පරිත්තාසිතො විය, චොක්ඛබ්රාහ්මණො විය ච ගූථං කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡති. අත්තවාරෙ කසිණාදිපණ්ණත්තිසඞ්ගහත්ථං සඞ්ඛාරන්ති අවත්වා කඤ්චි ධම්මන්ති වුත්තං. ඉධාපි අරියසාවකස්ස චතුභූමකවසෙන වෙදිතබ්බො, පුථුජ්ජනස්ස තෙභූමකවසෙන. සබ්බවාරෙසු අරියසාවකස්සාපි තෙභූමකවසෙනෙව පරිච්ඡෙදො වට්ටති. යං යඤ්හි පුථුජ්ජනො ගණ්හාති, තතො තතො අරියසාවකො ගාහං විනිවෙඨෙති. පුථුජ්ජනො හි යං යං නිච්චං සුඛං අත්තාති ගණ්හාති, තං තං අරියසාවකො අනිච්චං දුක්ඛං අනත්තාති ගණ්හන්තො තං ගාහං විනිවෙඨෙති.
සුඛතො උපගච්ඡෙය්යාති ඒකාන්ත සැපවත් ආත්මයක් වෙයි. දතයුතුයි. අරොගො පරම්මරණාති මෙසේ ආත්මදෘෂ්ටි වශයෙන් සැප යැයි ගැනීම සඳහා මෙය කියන ලදි. දෘෂ්ටි විප්‍රයුක්ත සිතින් ආර්ය ශ්රාවකයා පරිදාහයෙන් මඩනා ලද්දේ එය සංසිඳවීම සඳහා මත් ඇතෙකුගේ තැති ගැනීමක් මෙන් චොක්ක නම් බමුණා අසූචි සංඛ්‍යාත කෙලෙස් සැප වශයෙන් ගනියි. ආත්ම වාරයේ දී කසින ආදී ප්රඥප්තීන් සංග්‍රහ කිරීම් වස් සංස්කාරයන් යැයි නොකියා කිසියම් ධර්මයක් යැයි කීය. මෙහි ද ආර්ය ශ්‍රාවකයාගේ චතුභූමික වශයෙන් පිරිසිඳීම දත යුතුය. පෘථග්ජනයාගේ ත්‍රෛභූමික වශයෙන් හැම වාරයන්හි ම හෝ ආර්ය ශ්‍රාවකයාගේ ත්‍රෛභූමික වශයෙන් පිරිසිඳීමයි. යං හි යං පුථුජ්ජනො ගණ්හාති පෘථග්ජනයා යමක් යමක් ගනී ද ආර්ය ශ්රාවකයා එයින් ගැනීම විපරීතව දකී. පෘථග්ජනයා යමක් නිත්‍ය සැප ආත්මයක් යයි ගනී ද ආර්ය ශ්රාවකයා එය අනිත්‍ය දුක්ඛ අනාත්ම යැයි ගනිමින් ඒ ගැනීම විපරීතව දක්වයි.
මාතරන්තිආදීසු ජනිකාව මාතා, ජනකො පිතා, මනුස්සභූතොව ඛීණාසවො අරහාති අධිප්පෙතො. කිං පන අරියසාවකො අඤ්ඤං ජීවිතා වොරොපෙය්යාති? එතම්පි අට්ඨානං. සචෙපි හි භවන්තරගතං අරියසාවකං අත්තනො අරියභාවං අජානන්තම්පි කොචි එවං වදෙය්ය “ඉමං කුන්ථකිපිල්ලිකං ජීවිතා වොරොපෙත්වා සකලචක්කවාළගබ්භෙ චක්කවත්තිරජ්ජං පටිපජ්ජාහී”ති, නෙව සො තං ජීවිතා වොරොපෙය්ය. අථාපි නං එවං වදෙය්ය “සචෙ ඉමං න ඝාතෙස්සසි, සීසං තෙ ඡින්දිස්සාමා”ති. සීසමෙවස්ස ඡින්දෙය්ය, න ච සො තං ඝාතෙය්ය. පුථුජ්ජනභාවස්ස පන මහාසාවජ්ජභාවදස්සනත්ථං අරියසාවකස්ස ච බලදීපනත්ථමෙතං වුත්තං. අයඤ්හෙත්ථ අධිප්පායො – සාවජ්ජො පුථුජ්ජනභාවො, යත්ර හි නාම පුථුජ්ජනො මාතුඝාතාදීනිපි ආනන්තරියානි කරිස්සති. මහාබලො ච අරියසාවකො, යො එතානි කම්මානි න කරොතීති.
මාතරන්ති ආදියෙහි උපදවන්නී මවයි. උපදවන්නා පියායි. මනුෂ්‍ය වූ කෙලෙස් ක්ෂය කරන ලද රහතෙක්ය යන අදහසයි. ආර්ය ශ්රාවකයා අනෙකෙකු ජීවිතයෙන් තොර කරන්නේ ය යන මේ කරුණ නො වන්නේම ය. ඉදින් භවාන්තරගත ආර්ය ශ්‍රාවක බව නොදැන කිසිවෙක් මෙසේ කියන්නේය. මේ කුඩා කුහුඹුවා මරා සියළු සක්වළෙහි සක්විති රාජ්‍ය පිළිගනුවයි කියයි ද ඒ රහත් උතුමා ඒ සතා නො මරන්නේම ය. ඉදින් මේ සතා නොමරන්නේ නම් නුඹගේ හිස සිඳින්නෙමු යි කියයි. ඔහුගේ හිස සිඳුවත් ඔහු ඒ සතා නො මරන්නේම ය. පෘථග්ජන බවෙහි මහා වැරදි බව දැක්වීම සඳහා ද ආර්ය ශ්‍රාවකයාගේ බලය දැක්වීම සඳහා ද මෙය කියන ලදි. පෘථග්ජන ගතිය වැරදි සහිතය. යම්හෙයකින් පෘථග්ජනයා මව මැරීම් ආදී ආනන්තරිය අකුසලයක් කරන්නේය. මහා බලවත් වූ ආර්ය ශ්‍රාවක තෙමේ මේ කර්ම නොකරයි.
දුට්ඨචිත්තොති වධකචිත්තෙන පදුට්ඨචිත්තො. ලොහිතං උප්පාදෙය්යාති ජීවමානකසරීරෙ ඛුද්දකමක්ඛිකාය පිවනමත්තම්පි ලොහිතං උප්පාදෙය්ය. සඞ්ඝං භින්දෙය්යාති සමානසංවාසකං සමානසීමාය ඨිතං පඤ්චහි කාරණෙහි සඞ්ඝං භින්දෙය්ය. වුත්තඤ්හෙතං “පඤ්චහුපාලි ආකාරෙහි සඞ්ඝො භිජ්ජති. කම්මෙන උද්දෙසෙන වොහරන්තො අනුස්සාවනෙන සලාකග්ගාහෙනා”ති (පරි· 458).
දුට්ඨචිත්තොති වධක චේතනාවෙන් දූෂණය වූ සිත ලොහිතං උප්පාදෙය්යාති ප්‍රාණය සහිත ශරීරයෙහි කුඩා මැස්සෙක් බොන ප්‍රමාණයේ ලේ බිඳක්වත් සොලවන්නේ ද යනුයි. සංඝං භින්දෙය්යාති සමාන සංවාසක වූ සමාන සීමාවෙහි සිටි සංඝයා කරුණු පහකින් බිඳින්නේය. එහෙයින් මෙය කියන ලදි. උපාලිය, කරුණු පහකින් සංඝභේදය වන්නේය. කර්මයෙන්, උදෙසීමෙන්, ව්‍යවහාරයෙන්, අනුසාවනයෙන්, ලාහබත් ගැනීමෙන් යනුයි.
තත්ථ කම්මෙනාති අපලොකනාදීසු චතූසු කම්මෙසු අඤ්ඤතරෙන කම්මෙන. උද්දෙසෙනාති පඤ්චසු පාතිමොක්ඛුද්දෙසෙසු අඤ්ඤතරෙන උද්දෙසෙන. වොහරන්තොති කථයන්තො, තාහි තාහි උප්පත්තීහි අධම්මං ධම්මොතිආදීනි අට්ඨාරස භෙදකරවත්ථූනි දීපෙන්තො. අනුස්සාවනෙනාති නනු තුම්හෙ ජානාථ මය්හං උච්චාකුලා පබ්බජිතභාවං බහුස්සුතභාවඤ්ච, මාදිසො නාම උද්ධම්මං උබ්බිනයං සත්ථුසාසනං ගාහෙය්යාති චිත්තම්පි උප්පාදෙතුං තුම්හාකං යුත්තං, කිං මය්හං අවීචි නීලුප්පලවනං විය සීතලො, කිං අහං අපායතො න භායාමීතිආදිනා නයෙන කණ්ණමූලෙ වචීභෙදං කත්වා අනුස්සාවනෙන. සලාකග්ගාහෙනාති එවං අනුස්සාවෙත්වා තෙසං චිත්තං උපත්ථම්භෙත්වා අනිවත්තිධම්මෙ කත්වා “ගණ්හථ ඉමං සලාක”න්ති සලාකග්ගාහෙන.
එහි කම්මෙනාති අපලෝකනාදි කර්ම හතරින් එක්තරා කර්මයකින්, උද්දෙසෙනාති පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතරෙන් එක්තරා උද්දේසයකින්. වොහරන්තොති කීමෙන්ය. ඒ ඒ උප්පත්තීන්ගෙන් ධර්මය අධර්මය යැයි ආදී අටළොස් භේදකර වස්තූන් දක්වමින්. අනුසාවනෙනාති කිම නුඹලා දන්නහු ද? මා උසස් කුලයකින් පැවිදි වූ බව ද බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද ධර්මය විනය ආදී ශාස්තෘ ශාසනය මා සේ උගනිව්. සිත් ඉපදවීම් මා සේ කරව්. මට අවීචිය නිලුපුල් වනයක් සේ සිහිල්ය. එහෙයින් මම අවීචියට බිය නොවෙමි. යනාදි ක්‍රමයෙන් කනට ලංකර කියා පෑමෙන්. සලාකගාහෙනාති මෙසේ කියා ඔවුන්ගේ සිත් ප්‍රමාණය ඉක්මවීම් ස්වභාවයට පමුණුවා ගනුවයි. ඉමං සලාකන්ති සලාකග්රහය දක්වයි.
එත්ථ ච කම්මමෙව උද්දෙසො වා පමාණං, වොහාරානුස්සාවනසලාකග්ගාහා පන පුබ්බභාගා. අට්ඨාරසවත්ථුදීපනවසෙන හි වොහරන්තෙන තත්ථ රුචිජනනත්ථං අනුස්සාවෙත්වා සලාකාය ගාහිතායපි අභින්නොව හොති සඞ්ඝො. යදා පන එවං චත්තාරො වා අතිරෙකා වා සලාකං ගාහෙත්වා ආවෙණිකං කම්මං වා උද්දෙසං වා කරොන්ති, තදා සඞ්ඝො භින්නො නාම හොති. එවං දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දෙය්යාති නෙතං ඨානං විජ්ජති. එත්තාවතා මාතුඝාතාදීනි පඤ්ච ආනන්තරියකම්මානි දස්සිතානි හොන්ති, යානි පුථුජ්ජනො කරොති, න අරියසාවකො, තෙසං ආවිභාවත්ථං –
මෙහි කර්මය හෝ උදෙසීම පමණි. ව්‍යවහාර, අනුසාවන, සලාකග්රාහ යන මේ දේ පූර්වභාග නම් වේ. අටළොස් වස්තූන් දැක්වීම් වශයෙන් ව්‍යවහාර කරන්නහු විසින් එහි රුචිය උපදවනු සඳහා අනුසාවනය කර ලාහබත් ගත්තාහු සංඝයා ඉක්මවා සිටියි. යම්විටෙක මෙසේ හතර දෙනෙක් හෝ හයට වඩා හෝ ලාහබත් ගන්වා පුරුදුකර පවත්වාගෙන කර්මයක් හෝ උදෙසීමක් හෝ කරත් ද එකළ සංඝයා බිඳුණේ වෙයි. මෙසේ දෘෂ්ටි සම්පන්න පුද්ගලයා සංඝයා බිඳින්නේය යන මේ කරුණ විද්‍යාමාන නොවෙයි. මෙපමණකින් මව මැරීම් ආදි පංච ආනන්තරිය කර්ම දක්වන ලදි. මින් යමක් පෘථග්ජනයා ම කරයි. ආර්ය ශ්රාවකයා නොකරයි. එය ප්රකටවීම සඳහා -
කම්මතො ද්වාරතො චෙව, කප්පට්ඨිතියතො තථා; පාකසාධාරණාදීහි, විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
කර්මයෙන් ද ද්වාරයෙන් ද කල්පස්ථායි ක්‍රමයෙන් ද විපාක සාධාරණය අනුව ද මෙහි විනිශ්චය වටහාගත යුත්තේය.
තත්ථ කම්මතො තාව – එත්ථ හි මනුස්සභූතස්සෙව මනුස්සභූතං මාතරං වා පිතරං වා අපි පරිවත්තලිඞ්ගං ජීවිතා වොරොපෙන්තස්ස කම්මං ආනන්තරියං හොති, තස්ස විපාකං පටිබාහිස්සාමීති සකලචක්කවාළං මහාචෙතියප්පමාණෙහි කඤ්චනථූපෙහි පූරෙත්වාපි සකලචක්කවාළං පූරෙත්වා නිසින්නභික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වාපි බුද්ධස්ස භගවතො සඞ්ඝාටිකණ්ණං අමුඤ්චන්තො විචරිත්වාපි කායස්ස භෙදා නිරයමෙව උපපජ්ජති. යො පන සයං මනුස්සභූතො තිරච්ඡානභූතං මාතරං වා පිතරං වා, සයං වා තිරච්ඡානභූතො මනුස්සභූතං, තිරච්ඡානොයෙව වා තිරච්ඡානභූතං ජීවිතා වොරොපෙති, තස්ස කම්මං ආනන්තරියං න හොති, භාරියං පන හොති, ආනන්තරියං ආහච්චෙව තිට්ඨති. මනුස්සජාතිකානං පන වසෙන අයං පඤ්හො කථිතො.
එහි කර්මයෙන් යන්න පළමුකොට දක්වයි. මෙහිදී මනුෂ්‍ය වූවෙකුගේ ම මනුෂ්‍ය වූ ම මව හෝ පියා හෝ ලිංග පරිවර්තනය වූ අයකු දිවිතොර කරන්නහුට ආනන්තරිය කර්මයක් වෙයි. එහි විපාකය වළකමියි සිතා සියළු සක්වළ ම මහා චෛත්‍ය ප්‍රමාණයෙන් රත්තරං චෛත්‍යයෙන් පිරෙව්ව ද සියළු සක්වළ ම පුරවා වැඩ හිඳ වූ භික්ෂු සංඝයාට මහා දන් දුන්න ද බුදුවරයෙකුගේ සිවුරු කොණ අතනොහැර හැසිරුණේ ද කාබුන් මරණින් පසු නිරයෙහි ම උපදියි. යම් විදියකින් තමා මනුෂ්‍යයෙකු වී මව හෝ පියා හෝ තිරිසන්ව උපදී සිටිත් ද නැතහොත් තමා තිරිසන්ව උපත ලබා සිටිද්දී මව හෝ පියා හෝ මනුෂ්‍යව ඉපදී සිටිත් ද නැතහොත් තමාත් තිරිසන් වූයේ මව්පියනුත් තිරිසන්ව ඉපදී සිටිය දී තිරිසන් වූ මව්පියන් මරා ද ඒ කර්මය ආනන්තරිය කර්මයක් නොවේ. බරපතල කර්මයක් වේ. ආනන්තරිය කර්මයට සමාන වශයෙන් සිටී. මනුෂ්‍ය ජාතීන් වශයෙන් ගෙන මේ ප්රශ්නය කියන ලදි.
තත්ථ එළකචතුක්කං සඞ්ගාමචතුක්කං චොරචතුක්කඤ්ච කථෙතබ්බං. එළකං මාරෙමීති අභිසන්ධිනාපි හි එළකට්ඨානෙ ඨිතං මනුස්සො මනුස්සභූතං මාතරං වා පිතරං වා මාරෙන්තො ආනන්තරියං ඵුසති. එළකාභිසන්ධිනා පන මාතාපිතාඅභිසන්ධිනා වා එළකං මාරෙන්තො ආනන්තරියං න ඵුසති. මාතාපිතාඅභිසන්ධිනා මාතාපිතරො මාරෙන්තො ඵුසතෙව. එසෙව නයො ඉතරස්මිම්පි චතුක්කද්වයෙ. යථා ච මාතාපිතූසු, එවං අරහන්තෙපි එතානි චතුක්කානි වෙදිතබ්බානි.
එහිදී එළක චතුෂ්කය ද සංග්රාම චතුෂ්කය ද චෝර චතුෂ්කය ද කිව යුතුයි. එළුවෙකු මරමි යි එළුවා බැඳ තබන තැන සිටි මනුෂ්‍ය වූ මවක හෝ පියෙකු හෝ මරන්නේ ද ආනන්තරිය කර්මයට අසුවෙයි. එළුවෙකු හසුකොට ගනිමියි එළුවෙකු ම ගතහොත් ආනන්තරිය කර්මයට හසු නොවෙයි. මව්පියන් නොවුවහොත් ද එම කර්මයට හසු නොවෙයි. මව්පියන් දෙදෙනා එම චේතනාවෙන් හසුකොට ගතහොත් ආනන්තරිය කර්මයට හසුවන්නේමය. ඉතිරි චතුෂ්ක දෙකෙහි ද මේ ක්‍රමයමයි. මව්පියන් රහතුන් වේද එවිට ද මේ චතුෂ්ක හතර දත යුතුයි.
මනුස්සඅරහන්තමෙව මාරෙත්වා ආනන්තරියං ඵුසති, න යක්ඛභූතං. කම්මං පන භාරියං, ආනන්තරියසදිසමෙව. මනුස්සඅරහන්තස්ස ච පුථුජ්ජනකාලෙයෙව සත්ථප්පහාරෙ වා විසෙ වා දින්නෙපි යදි සො අරහත්තං පත්වා තෙනෙව මරති, අරහන්තඝාතො හොතියෙව. යං පන පුථුජ්ජනකාලෙ දින්නං දානං අරහත්තං පත්වා පරිභුඤ්ජති, පුථුජ්ජනස්සෙව දින්නං හොති. සෙසඅරියපුග්ගලෙ මාරෙන්තස්ස ආනන්තරියං නත්ථි. කම්මං පන භාරියං, ආනන්තරියසදිසමෙව.
මිනිසෙක්ව සිට රහතෙකු මැරීමෙන් පමණක් ආනන්තරිය කර්මය වේ. යක්ෂයෙක්ව සිට එසේ කිරීමෙන් ආනන්තරිය කර්මය නොවේ. ඒ කර්මය ඉතා බරපතලය. ආනන්තරිය කර්මය හා සමානය. මිනිස් රහතෙකුට ද පෘථග්ජන කාලයේ දී ම අවි පහර දුන් කළ ද විෂ හෝ දුන් කළ ද ඔහු රහත් බවට පැමිණ ඒ උවදුරෙන් ම මැරෙයි. එය අරහත්ත ඝාතනයක් ම වෙයි. පෘථග්ජන කාලයේ දෙන ලද යම් දානයක් රහත් බවට පැමිණ වළඳයි ද එය පෘථග්ජනයාට ම දෙන ලද්දේ වෙයි. සෙසු ආර්ය පුද්ගලයන් මරන්නට ආනන්තරිය අකුසලයක් නැත. ඒ කර්ම ආනන්තරිය කර්මයන් හා සමානව බරපතලය.
ලොහිතුප්පාදෙ තථාගතස්ස අභෙජ්ජකායතාය පරූපක්කමෙන චම්මච්ඡෙදං කත්වා ලොහිතපග්ඝරණං නාම නත්ථි. සරීරස්ස පන අන්තොයෙව එකස්මිංයෙව ඨානෙ ලොහිතං සමොසරති. දෙවදත්තෙන පවිද්ධසිලතො භිජ්ජිත්වා ගතා සකලිකාපි තථාගතස්ස පාදන්තං පහරි, ඵරසුනා පහටො විය පාදො අන්තොලොහිතොයෙව අහොසි. තථා කරොන්තස්ස ආනන්තරියං හොති. ජීවකො පන තථාගතස්ස රුචියා සත්ථකෙන චම්මං ඡින්දිත්වා තම්හා ඨානා දුට්ඨලොහිතං නීහරිත්වා ඵාසුමකාසි, තථා කරොන්තස්ස පුඤ්ඤකම්මමෙව හොති.
ලොහිතුප්පාදෙති බුදුරදුන්ට නොබිඳිය හැකි ශරීරයක් ඇති බැවින් වෙනත් උපක්‍රමයකින් හම සිඳීම කොට ලේ වැගිරීමක් නම් නැත. ශරීරය ඇතුළතම එක් ස්ථානයක ලේ වැගිරීමක් ඇත. දේවදත්ත විසින් විසිකරන ලද ගලින් බුදුරදුන්ගේ පාදය තුවාල වී ලේ ගැලීය. පොරවෙන් පහර ලද කළ සේ පාද අභ්‍යන්තරයෙහි ම ලේ ගැලුවේය. එසේ කළ අයට ආනන්තරිය කමය වේ. ජීවක තෙමේ බුදුරදුන්ගේ කැමැත්ත අනුව සැතකින් හම කපා එතනින් අපිරිසිදු ලේ ඉවත් කර පහසුව සැළසීය. එසේ කරන්නහුට පිනක් ම සිදු වේ.
අථ යෙ ච පරිනිබ්බුතෙ තථාගතෙ චෙතියං භින්දන්ති, බොධිං ඡින්දන්ති ධාතුම්හි උපක්කමන්ති, තෙසං කිං හොතීති? භාරියං කම්මං හොති ආනන්තරියසදිසං. සධාතුකං පන ථූපං වා පටිමං වා බාධමානං බොධිසාඛං ඡින්දිතුං වට්ටති. සචෙපි තත්ථ නිලීනා සකුණා චෙතියෙ වච්චං පාතෙන්ති, ඡින්දිතුං වට්ටතියෙව. පරිභොගචෙතියතො හි සරීරචෙතියං මහන්තතරං. චෙතියවත්ථුං භින්දිත්වා ගච්ඡන්තං බොධිමූලම්පි ඡින්දිත්වා හරිතුං වට්ටති. යා පන බොධිසාඛා බොධිඝරං බාධති, තං ගෙහරක්ඛණත්ථං ඡින්දිතුං න ලභති, බොධිඅත්ථඤ්හි ගෙහං, න ගෙහත්ථාය බොධි. ආසනඝරෙපි එසෙව නයො. යස්මිං පන ආසනඝරෙ ධාතු නිහිතා හොති, තස්ස රක්ඛණත්ථාය බොධිසාඛං ඡින්දිතුං වට්ටති. බොධිජග්ගනත්ථං ඔජොහරණසාඛං වා පූතිට්ඨානං වා ඡින්දිතුං වට්ටතියෙව, භගවතො සරීරපටිජග්ගනෙ විය පුඤ්ඤම්පි හොති.
තව ද යමෙක් බුදුරදුන් පිරිනිවි කල්හි සෑයවල් බිඳිති. බෝ ගස් සිඳිති. ධාතූන් උදුරා දමති. මෙසේ කරන්නන්ට කුමක් සිදුවේ ද? ආනන්තරිය කර්මය හා සමාන බරපතල අකුසල කර්මයක් වේ. ධාතු සහිත සෑයකට හෝ ප්‍රතිමාවකට අවහිර වන බෝ අතු කැපුවාට කම් නැත. තවද ඒ බෝ අතුවල සැගවුණු පක්ෂීහු පිළිමාදියෙහි අපවිත්‍ර කරත් ද ඒවා කැපුවාට ද කම් නැත. පාරිභෝගික චෛත්‍යයට වඩා ශාරීරික චෛත්‍යය උතුම් වේ. චෛත්‍ය වස්තූන් බිඳගෙන යන බෝ මුල් සිඳ දැමීම ද සුදුසුය. යම් බෝ අත්තක් බෝධිඝරයට බාධා වෙයි ද එය ගෙය රැකීම පිණිස සිඳීමට ඉඩ නොලැබෙයි. මක්නිසාද යත්? ඒ ගෙය තනා ඇත්තේ බෝධියේ ප්‍රයෝජනය සඳහාය. ගෙහි ප්‍රයෝජනය සඳහා බෝධිය කළේ නොවන හෙයිනි. බෝධි ආසන ගෘහය කෙරෙහි ද මේ ක්‍රමයයි. යම්කිසි ආසන ගෘහයක ධාතු තැන්පත් කර ඇද්ද එහි ආරක්ෂාව උදෙසා බෝ අතු සිඳීම සුදුසුය. බෝධියේ ආරක්ෂාව සඳහා කුණු දිරූ අතුපතර ආදිය ඉවත් කිරීම ද සුදුසුය. ශරීරය පෝෂණය කිරීම මෙන් පිනක් එයින් ලැබෙයි.
සඞ්ඝභෙදෙ සීමට්ඨකසඞ්ඝෙ අසන්නිපතිතෙ විසුං පරිසං ගහෙත්වා කතවොහාරානුස්සාවන-සලාකග්ගාහස්ස කම්මං වා කරොන්තස්ස, උද්දෙසං වා උද්දිසන්තස්ස භෙදො ච හොති ආනන්තරියකම්මඤ්ච. සමග්ගසඤ්ඤාය පන වට්ටතීති කම්මං කරොන්තස්ස භෙදොව හොති, න ආනන්තරියකම්මං, තථා නවතො ඌනපරිසායං. සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන නවන්නං ජනානං යො සඞ්ඝං භින්දති, තස්ස ආනන්තරියකම්මං හොති. අනුවත්තකානං අධම්මවාදීනං මහාසාවජ්ජකම්මං. ධම්මවාදිනො පන අනවජ්ජා.
සංඝභෙදෙති ඒ සීමාවට අයිති සංඝයා නොපැමිණි කළ වෙනත් තැනක වාසය කරන සඟ පිරිසක් ගෙන කරනු ලබන කර්ම, ව්‍යවහාර ලාහබත් ගැනීමාදිය කරන්නන්ට ද උද්දේසාදිය කරන්නන්ට ද සංඝභේදය වේ. ආනන්තරිය කර්මය ද වේ. එහෙත් සමඟිය යන හැඟීමෙන් කරන්නන්ට සංඝභේදය වේ. ආනන්තරිය කර්මය නොවේ. තව ද නව දෙනෙකුට අඩු පිරිසෙන් යුතුව ද අන්තිම පරිච්ඡේදයෙන් නව දෙනෙකුගෙන් යුතුව සංඝයා බිඳුවයි ද ඔහුට ආනන්තරිය කර්මය වේ. අනුවර්තක අධර්මවාදීන්ට මහා සාවද්‍ය කර්මය වේ. ධර්මවාදීන්ට අනවද්‍ය කර්මය වේ.
තත්ථ නවන්නමෙව සඞ්ඝභෙදෙ ඉදං සුත්තං – “එකතො උපාලි චත්තාරො හොන්ති, එකතො චත්තාරො, නවමො අනුස්සාවෙති, සලාකං ගාහෙති ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනං, ඉදං ගණ්හථ, ඉමං රොචෙථා’ති, එවං ඛො, උපාලි, සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො ච. නවන්නං වා, උපාලි, අතිරෙකනවන්නං වා සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො චා”ති (චූළව· 351). එතෙසු පන පඤ්චසු සඞ්ඝභෙදො වචීකම්මං, සෙසානි කායකම්මානීති. එවං කම්මතො විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
එහි නව දෙනෙකුගෙන් අඩු වූ කළ ද නව දෙනෙකුගෙන් පිරුණු කළ ද සංඝභේදය වන බව මේ සූත්‍රයෙන් පැවසෙයි. උපාලිය, හතර දෙනෙක් එකතු වෙත් ද නව වැන්නා අස්වා ද ලාහබත් ගන්නවා ද මේ ධර්මයයි. මේ විනයයි. මේ ශාස්තෘ ශාසනයයි. මෙය ගනිව්. මෙයට රුචි කරව්. උපාලිය, මෙසේ කිරීමෙන් සංඝයා අතර පලුද්දක් ඇති වේ. සංඝභේදයක් වෙයි. උපාලිය, නව දෙනෙකු හෝ එයට අඩුව හෝ විනය කර්මයක් කළහොත් සංඝයා අතර පලුද්දක් ඇති වෙයි. සංඝභේදයක් ඇති වෙයි. මේ පහ අතරෙන් සංඝභේදය වචී කර්මයයි. ඉතිරි ඒවා කාය කර්මයයි. මෙසේ කර්ම වශයෙන් විනිශ්චයන් දතයුතුයි.
ද්වාරතොති සබ්බානෙව චෙතානි කායද්වාරතොපි වචීද්වාරතොපි සමුට්ඨහන්ති. පුරිමානි පනෙත්ථ චත්තාරි ආණත්තිකවිජ්ජාමයපයොගවසෙන වචීද්වාරතො සමුට්ඨහිත්වාපි කායද්වාරමෙව පූරෙන්ති, සඞ්ඝභෙදො හත්ථමුද්දාය භෙදං කරොන්තස්ස කායද්වාරතො සමුට්ඨහිත්වාපි වචීද්වාරමෙව පූරෙතීති. එවමෙත්ථ ද්වාරතොපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
ද්වාරතොති මේ සියල්ල කාය දොරටුවෙන් සිදුවෙයි. වචන දොරටුවෙන් නැගී සිටියි. මෙහි කී මුල් හතර ආණත්තික, විජ්ජාමය යන ප්‍රයෝග වශයෙන් වචන දොරටුවෙන් නැගී සිට කාය දොරටුවෙන් ම පුරවයි. සංඝභේදය හස්තමුද්‍රා වශයෙන් කරන්නහුට කාය දොරටුවෙන් නැගිට වචන දොරටුවෙන් පුරවයි. මෙහිදී දොරටු යනුවෙන් විනිශ්චය දත යුතුයි.
කප්පට්ඨිතියතොති සඞ්ඝභෙදොයෙව චෙත්ථ කප්පට්ඨිතියො. සණ්ඨහන්තෙ හි කප්පෙ කප්පවෙමජ්ඣෙ වා සඞ්ඝභෙදං කත්වා කප්පවිනාසෙයෙව මුච්චති. සචෙපි හි ස්වෙව කප්පො විනස්සිස්සතීති අජ්ජ සඞ්ඝභෙදං කරොති, ස්වෙව මුච්චති, එකදිවසමෙව නිරයෙ පච්චති. එවං කරණං පන නත්ථි. සෙසානි චත්තාරි කම්මානි ආනන්තරියානෙව හොන්ති, න කප්පට්ඨිතියානීති එවමෙත්ථ කප්පට්ඨිතියතොපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
කප්පට්ඨිතියතොති මෙහි සංඝභේදය ම කල්පයක් පවත්නේය. සණ්ඨහන්තෙති කල්පයෙහි හෝ කල්පයේ මැද හෝ සංඝභේදය කොට කල්ප විනාශයෙහි ම මිදෙයි. ඉදින් හෙට ම කල්ප විනාශය වෙයි ද අද සංඝභේදය කරයි ද හෙට ම මිදෙයි. එකම දවසක් පමණක් නිරයෙහි පැසෙයි. මෙබඳු කරුණක් නම් නැත. සෙසු කර්ම හතර ම ආනන්තරිය වෙයි. කල්පයක් පවත්නා ස්වභාවයක් නැත්තේය. මෙහි මෙසේ ද කල්පයක් පවත්නා ස්වභාවය දත යුතුයි.
පාකතොති යෙන ච පඤ්චපෙ’තානි කම්මානි කතානි හොන්ති, තස්ස සඞ්ඝභෙදොයෙව පටිසන්ධිවසෙන විපච්චති, සෙසානි “අහොසිකම්මං, නාහොසි කම්මවිපාකො”ති එවමාදීසු සඞ්ඛ්‍යං ගච්ඡන්ති. සඞ්ඝස්ස භෙදාභාවෙ ලොහිතුප්පාදො, තදභාවෙ අරහන්තඝාතො, තදභාවෙ ච සචෙ පිතා සීලවා හොති, මාතා දුස්සීලා, නො වා තථා සීලවතී, පිතුඝාතො පටිසන්ධිවසෙන විපච්චති. සචෙ මාතාපිතුඝාතො, ද්වීසුපි සීලෙන වා දුස්සීලෙන වා සමානෙසු මාතුඝාතොව පටිසන්ධිවසෙන විපච්චති. මාතා හි දුක්කරකාරිනී බහූපකාරා ච පුත්තානන්ති එවමෙත්ථ පාකතොපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
පාකතොති යමෙකු විසින් පස් වැදෑරුම් නම් කර්ම කළාහු වෙත්. එහි සංඝභේදය ම පිළිසිඳීම් වශයෙන් විපාක දෙයි. ඉතිරිය විපාකය අහෝසි වීමේ කර්මය විපාකය අහෝසි නොවීමේ කර්මය යන මේ ආදීන්ගේ සැකයට යත්. සංඝභේදය නොවූ තැන්හි බුදුරදුන්ගේ ඇඟේ ලේ සෙලවීම එයද නොවූ කල්හි රහතුන් නැසීම එයද නොවූ කල්හි ඉදින් පියා සිල්වත් වී මව දුසිල්වත් නම් හෝ පියා දුසිල්වත් වී මව සිල්වත් නම් හෝ එබන්දෙකු නැසීමෙන් පිළිසිදීම් වශයෙන් විපාක දෙයි. ඉදින් මව්පිය දෙදෙනා ම නැසූ කල්හි දෙදෙනා ම සිල්වත් බවින් හෝ දුසිල්වත් බවින් එක හා සමාන නම් මව නැසීමේ කර්මය පිළිසිදීම් වශයෙන් විපාක දෙයි. මව වනාහි බොහෝ සෙයින් දුක ඉවසන බැවින් හා දරුවන්ට බොහෝ උපකාරී වන බැවිනුත් යැයි මෙහි මෙසේ ප්‍රකට වූ විනිශ්චය දත යුතුයි.
සාධාරණාදීහීති පුරිමානි චත්තාරි සබ්බෙසම්පි ගහට්ඨපබ්බජිතානං සාධාරණානි. සඞ්ඝභෙදො පන “න ඛො, උපාලි භික්ඛුනී, සඞ්ඝං භින්දති, න සික්ඛමානා, න සාමණෙරො, න සාමණෙරී, න උපාසකො, න උපාසිකා සඞ්ඝං භින්දති, භික්ඛු ඛො, උපාලි, පකතත්තො සමානසංවාසකො සමානසීමායං ඨිතො සඞ්ඝං භින්දතී”ති (චූළව· 351) වචනතො වුත්තප්පකාරස්ස භික්ඛුනොව හොති, න අඤ්ඤස්ස, තස්මා අසාධාරණො. ආදිසද්දෙන සබ්බෙපි තෙ දුක්ඛවෙදනාසහගතා දොසමොහසම්පයුත්තා චාති එවමෙත්ථ සාධාරණාදීහිපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
සාධාරණාදිහීති පළමු හතර ගිහි පැවිදි සියළු අයට සාධාරණයය. සංඝභේදය වනාහි උපාලිය, භික්ෂුණීහු සංඝභේදය නොකරයි. සික්ඛමානාවෝ ද සාමණේරයෝ ද සාමණේරියෝ ද උපාසකයෝ ද උපාසිකාවෝ ද සංඝභේදය නොකරයි. උපාලිය, භික්ෂුව වනාහි ප්‍රකෘති පැවතුම් ඇත්තේ සමානව එකට වාසය කරන්නේ සමාන සීමාවෙහි සිටින්නේ සංඝභේදය කරයි යන වචනයෙන් කී ආකාරයට භික්ෂූන්ට ම වෙයි. අන්‍යයන්ට නොවේ. එහෙයින් අසාධාරණො ආදි ශබ්දයෙන් මේ සියලු දුක් වේදනා සහිත වූ ද්වේෂ මෝහයන් සමඟ යෙදුනා වූ ද යන මෙහි මෙසේ සාධාරණාදීන්ගේ විනිශ්චය දත යුතුයි.
අඤ්ඤං සත්ථාරන්ති “අයං මෙ සත්ථා සත්ථුකිච්චං කාතුං අසමත්ථො”ති භවන්තරෙපි අඤ්ඤං තිත්ථකරං “අයං මෙ සත්ථා”ති එවං ගණ්හෙය්ය, නෙතං ඨානං විජ්ජතීති අත්ථො.
අඤ්ඤං සත්ථාරන්ති මේ මාගේ ශාස්තෘෘන්ය. ශාස්තෘෘන්ගේ කෘත්‍ය කිරීමට අසමත්යැයි භවාන්තරයෙහි අන්‍යතීර්ථකයන්ට මේ මාගේ ශාස්තෘෘන්ය. මෙසේ ගන්නෙහිය යන මේ කාරණය නොවන්නේමය යන තේරුමයි.
එකිස්සා ලොකධාතුයාති දසසහස්සිලොකධාතුයා. තීණි හි ඛෙත්තානි ජාතිඛෙත්තං ආණාඛෙත්තං විසයඛෙත්තං. තත්ථ ජාතිඛෙත්තං නාම දසසහස්සී ලොකධාතු. සා හි තථාගතස්ස මාතුකුච්ඡිඔක්කමනකාලෙ නික්ඛමනකාලෙ සම්බොධිකාලෙ ධම්මචක්කප්පවත්තනෙ ආයුසඞ්ඛාරොස්සජ්ජනෙ පරිනිබ්බානෙ ච කම්පති. කොටිසතසහස්සචක්කවාළං පන ආණාඛෙත්තං නාම. ආටානාටියමොරපරිත්තධජග්ගපරිත්තරතනපරිත්තාදීනඤ්හි එත්ථ ආණා වත්තති. විසයඛෙත්තස්ස පන පරිමාණං නත්ථි. බුද්ධානඤ්හි “යාවතකං ඤාණං තාවතකං නෙය්‍යං, යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං, ඤාණපරියන්තිකං නෙය්‍යං නෙය්යපරියන්තිකං ඤාණ”න්ති (පටි· ම· 3.5) වචනතො අවිසයො නාම නත්ථි.
එකිස්සා ලොකධාතුයාති දස දහසක් ලෝක ධාතූන්ය. තීනි හි ඛෙත්තානීති ජාති ක්ෂේත්‍ර, ආඥා ක්ෂේත්‍ර, විෂය ක්ෂේත්‍ර යනුයි. එහි ජාති ක්ෂේත්රය නම් දස දහසක් ලෝක ධාතූන්මය. යමක් වනාහි බුදුරදුන් මව්කුස පිළිසිඳ ගන්නා වේලාවෙහි, බිහිවන වේලාවෙහි, බුදුවන වේලාවෙහි, දම්සක් පවත්වන වේලාවෙහි, ආයුසංස්කාරය හළ වේලාවෙහි පිරිනිවන්පාන වේලාවෙහි කම්පා වන්නේ එයය. කෝටි දස දහසක් සක්වළ ආඥා ක්ෂේත්රය නම් වේ. ආටානාටිය. මෝර පිරිත, ධජග්ග පිරිත, රතන පිරිත ආදීන්ගේ එහි අණ පැවැත්මය. විෂය ක්ෂේත්රයෙහි ප්‍රමාණයක් නැත. බුදුවරුන්ගේ ඤාණය යම් පමණක ද අවබෝධය ද එපමණය. අවබෝධය යම් පමණක ද ඤාණය ද එපමණය. ඤාණය කෙළවර කොට ඇති අවබෝධය ය. අවබෝධය කෙළවර කර ඇති ඤාණය යන වචනයෙන් අවිෂය වූවක් නම් නැත.
ඉමෙසු පන තීසු ඛෙත්තෙසු ඨපෙත්වා ඉමං චක්කවාළං අඤ්ඤස්මිං චක්කවාළෙ බුද්ධා උප්පජ්ජන්තීති සුත්තං නත්ථි, න උප්පජ්ජන්තීති පන අත්ථි. තීණි පිටකානි විනයපිටකං සුත්තන්තපිටකං අභිධම්මපිටකං, තිස්සො සඞ්ගීතියො මහාකස්සපත්ථෙරස්ස සඞ්ගීති, යසත්ථෙරස්ස සඞ්ගීති, මොග්ගලිපුත්තතිස්සත්ථෙරස්ස සඞ්ගීතීති. ඉමා තිස්සො සඞ්ගීතියො ආරුළ්හෙ තෙපිටකෙ බුද්ධවචනෙ ඉමං චක්කවාළං මුඤ්චිත්වා අඤ්ඤත්ථ බුද්ධා උප්පජ්ජන්තීති සුත්තං නත්ථි, න උප්පජ්ජන්තීති පන අත්ථි.
මේ ත්‍රිවිධ විෂය ක්ෂේත්රයන් හැර මේ සක්වළෙන් අන්‍ය වූ සක්වළක බුදුවරු උපදිත්ය යන කීමක් නැත. නූපදිත් යනුවෙන් ම ඇත. තීනිපිටකානීති විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යනුයි. තිස්සො සංගීතියොති මහකසුප් තෙරුන්ගේ සංගීතිය, යස තෙරුන්ගේ සංගීතිය, මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ සංගීතිය යන ත්‍රිවිධ සංගීතීන්ය. ආරූඪ වූ ත්‍රිපිටක බුද්ධ වචනයෙහි මේ සක්වළ හැර අන්තැනක බුදුවරු උපදිත්ය යැයි කීමක් නැත. නූපදිත්ය යනුවෙන් ම ඇත.
අපුබ්බං අචරිමන්ති අපුරෙ අපච්ඡා. එකතො න උප්පජ්ජන්ති, පුරෙ වා පච්ඡා වා උප්පජ්ජන්තීති වුත්තං හොති. තත්ථ හි බොධිපල්ලඞ්කෙ බොධිං අප්පත්වා න උට්ඨහිස්සාමීති නිසින්නකාලතො පට්ඨාය යාව මාතුකුච්ඡිස්මිං පටිසන්ධිග්ගහණං, තාව පුබ්බෙති න වෙදිතබ්බං. බොධිසත්තස්ස හි පටිසන්ධිග්ගහණෙන දසසහස්සචක්කවාළකම්පනෙනෙව ඛෙත්තපරිග්ගහො කතො, අඤ්ඤස්ස බුද්ධස්ස උප්පත්ති නිවාරිතාව හොති. පරිනිබ්බානකාලතො පට්ඨාය යාව සාසපමත්තා ධාතු තිට්ඨති, තාව පච්ඡාති න වෙදිතබ්බං. ධාතූසු හි ඨිතාසු බුද්ධා ඨිතාව හොන්ති. තස්මා එත්ථන්තරෙ අඤ්ඤස්ස බුද්ධස්ස උප්පත්ති නිවාරිතාව හොති. ධාතුපරිනිබ්බානෙ පන ජාතෙ අඤ්ඤස්ස බුද්ධස්ස උප්පත්ති න නිවාරිතා.
අපුබ්බං අචරිමන්ති පෙර පසු නොවී එකවර නූපදිත්. පළමුව හෝ පසුව හෝ උපදිත් යැයි කියන ලදි. එහි බෝ පළඟෙහි ගැනීම සිදුවීද ඒතාක් පෙර නොනැගිටින්නෙමියි හුන්තැන් පටන් යම්සක් මව්කුස පිළිසිඳ ගැනීම සිදුවීද ඒතාක් පෙර යැයි නොදත යුතුයි. බෝධිසත්වයන්ගේ පිළිසිඳ ගැනීමෙන් දස දහසක් සක්වළ කම්පාවෙන් ම ක්ෂේත්‍ර පරිග්‍රහය කරන ලදි. අන් බුදු කෙනෙකුගේ උපත වළක්වන ලද්දේ වෙයි. පිරිනිවනේ පටන් යම්තාක් අබ ඇටයක් තරම්වත් ධාතු පිහිටා ද ඒතාක් පසුයැයි නොදත යුතුයි. ධාතූන් ඇති කල්හි බුදුවරු සිටියාහු ම වෙත්. එහෙයින් මේ අතරතුර අන් බුදු කෙනෙකුගේ උපත වළක්වන ලදි. ධාතු පිරිනිවන් පෑ කළ අන් බුදු කෙනෙකුගේ උපත නොවළක්වන ලදි.
තීණි හි අන්තරධානානි නාම පරියත්තිඅන්තරධානං, පටිවෙධඅන්තරධානං, පටිපත්තිඅන්තරධානන්ති. තත්ථ පරියත්තීති තීණි පිටකානි. පටිවෙධොති සච්චපටිවෙධො. පටිපත්තීති පටිපදා. තත්ථ පටිවෙධො ච පටිපත්ති ච හොතිපි න හොතිපි. එකස්මිඤ්හි කාලෙ පටිවෙධධරා භික්ඛූ බහූ හොන්ති, එසො භික්ඛු පුථුජ්ජනොති අඞ්ගුලිං පසාරෙත්වා දස්සෙතබ්බො හොති. ඉමස්මිංයෙව දීපෙ එකවාරෙ පුථුජ්ජනභික්ඛු නාම නාහොසි. පටිපත්තිපූරිකාපි කදාචි බහූ හොන්ති කදාචි අප්පා. ඉති පටිවෙධො ච පටිපත්ති ච හොතිපි න හොතිපි, සාසනට්ඨිතියා පන පරියත්ති පමාණං.
පර්යාප්ති අන්තර්ධානය, ප්‍රතිවේධ අන්තර්ධානය, ප්‍රතිපත්ති අන්තර්ධානය යනුවෙන් අන්තර්ධාන තුනෙකි. එහි පරියත්තීති තුන් පිටකයයි. පටිවෙධාතීති සත්‍ය ප්‍රතිවේධයයි. පටිපත්තීති ප්‍රතිපදාවයි. එහි ප්රතිවේදය ද ප්‍රතිපත්තිය ද වෙයි ද නොවෙයි දැයි එක් කළෙක ප්රතිවේධධර භික්ෂූහු බොහෝ වෙත්. මේ භික්ෂූහු පෘථග්ජන යැයි ඇඟිලි දික්කර පෙන්විය යුත්තේ වෙයි. මේ දිවයිනෙහි එක් වරක් පෘථග්ජන භික්ෂුන් නොවීය. කිසිකළෙක පිළිවෙත් පුරන්නෝ ද බොහෝ වෙත්. කිසිකලෙක ස්වල්ප වෙත්. මෙසේ ප්‍රතිවේධය ද ප්‍රතිපත්තිය ද වෙයි ද නොවෙයි දැයි සසුන පැවැත්මෙහි පර්යාප්තිය ම ප්රමාණවත්ය.
පණ්ඩිතො හි තෙපිටකං සුත්වා ද්වෙපි පූරෙති. යථා අම්හාකං බොධිසත්තො ආළාරස්ස සන්තිකෙ පඤ්චාභිඤ්ඤා සත්ත ච සමාපත්තියො නිබ්බත්තෙත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා පරිකම්මං පුච්ඡි, සො න ජානාමීති ආහ. තතො උදකස්ස සන්තිකං ගන්ත්වා අධිගතං විසෙසං සංසන්දෙත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස පරිකම්මං පුච්ඡි, සො ආචික්ඛි, තස්ස වචනසමනන්තරමෙව මහාසත්තො තං සම්පාදෙසි, එවමෙව පඤ්ඤවා භික්ඛු පරියත්තිං සුත්වා ද්වෙපි පූරෙති. තස්මා පරියත්තියා ඨිතාය සාසනං ඨිතං හොති.
පණ්ඩිතයා ත්‍රිපිටකය අසා දෙකම පුරයි. යම්සේ අපේ බෝසත් තෙමේ ආළාරගේ සමීපයෙහි පංච අභිඥා හා සප්ත සමාපත්ති උපදවා නේවසංඥානාසංඥායතනයෙහි පරිකර්ම ඇසුවේය. ඔහු නොදනිමියි කීය. එතනින් උද්දකගේ සමීපයට ගොස් අධිගත විශේෂය සංසන්දනය කොට නේවසංඥානාසංඥායතනයෙහි පරිකර්ම ඇසුවේය. ඔහු කීය. ඒ වචනයට අනතුරුව බෝසත් තෙමේ එය ඉපිදවීය. එපරිද්දෙන් ම ප්‍රඥාවත් භික්ෂුව පර්යාප්තිය අසා දෙකම පුරයි. එහෙයින් පර්යාප්තිය ඇති කල්හි සසුන ඇත්තේ වෙයි.
යදා පන සා අන්තරධායති, තදා පඨමං අභිධම්මපිටකං නස්සති. තත්ථ පට්ඨානං සබ්බපඨමං අන්තරධායති, අනුක්කමෙන පච්ඡා ධම්මසඞ්ගහො, තස්මිං අන්තරහිතෙ ඉතරෙසු ද්වීසු පිටකෙසු ඨිතෙසු සාසනං ඨිතමෙව හොති. තත්ථ සුත්තන්තපිටකෙ අන්තරධායමානෙ පඨමං අඞ්ගුත්තරනිකායො එකාදසකතො පට්ඨාය යාව එකකා අන්තරධායති, තදනන්තරං සංයුත්තනිකායො චක්කපෙය්යාලතො පට්ඨාය යාව ඔඝතරණා අන්තරධායති, තදනන්තරං මජ්ඣිමනිකායො ඉන්ද්රියභාවනතො පට්ඨාය යාව මූලපරියායා අන්තරධායති, තදනන්තරං දීඝනිකායො දසුත්තරතො පට්ඨාය යාව බ්‍රහ්මජාලා අන්තරධායති. එකිස්සාපි ද්වින්නම්පි ගාථානං පුච්ඡා අද්ධානං ගච්ඡති, සාසනං ධාරෙතුං න සක්කොති සභියපුච්ඡා (සු· නි· සභියසුත්තං) විය ආළවකපුච්ඡා (සු· නි· ආළවකසුත්තං; සං· නි· 1.246) විය ච. එතා කිර කස්සපබුද්ධකාලිකා අන්තරා සාසනං ධාරෙතුං නාසක්ඛිංසු.
යම්කලෙක එය අතුරුදහන් වී සෙසු පිටක දෙක ඇති කල්හි ද සසුන අතුරුදන් වේ ද පළමුකොට අභිධර්ම පිටකය නැසෙයි. එහි පළමු පට්ඨානප්පකරණය සියල්ලට කලින් අතුරුදහන් වෙයි. පිළිවෙළින් පසුව ධම්මසංගණියයි. අතුරුදහන් වී සෙසු පිටක දෙක ඇති කල්හි ද සසුන පවත්නේම වෙයි. එහි සුත්‍ර පිටකය අතුරුදහන් වීමෙහි පළමුව අංගුත්තර නිකායේ එකොළොස් වැන්නෙහි පටන් එක දක්වා ම අතුරුදහන් වෙයි. අනතුරුව සංයුත්ත නිකායේ චක්කපෙය්යාලයෙහි පටන් ඕඝතරණයන් දක්වා අතුරුදහන් වෙයි. අනතුරුව මජ්ඣිම නිකායේ ඉන්ද්රියභාවනාවේ පටන් මූලපරියාය දක්වා අතුරුදහන් වෙයි. අනතුරුව දීඝනිකායේ දසුත්තරයෙහි පටන් බ්රහ්මජාලය දක්වා අතුරුදන් වෙයි. එකක් දෙකක් ගාථා අසා කල්ගිය ද සසුන දැරීමට නොහැකි වෙයි. සභියගේ හා ආළවකගේ විමසීම් මෙනි. මේ වනාහි කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි අතර සසුන දැරීමට නොහැකි වීමය.
ද්වීසු පන පිටකෙසු අන්තරහිතෙසුපි විනයපිටකෙ ඨිතෙ සාසනං තිට්ඨති, පරිවාරඛන්ධකෙසු අන්තරහිතෙසු උභතොවිභඞ්ගෙ ඨිතෙ ඨිතමෙව හොති. උභතොවිභඞ්ගෙ අන්තරහිතෙ මාතිකාය ඨිතායපි ඨිතමෙව හොති. මාතිකාය අන්තරහිතාය පාතිමොක්ඛපබ්බජ්ජඋපසම්පදාසු ඨිතාසු සාසනං තිට්ඨති. ලිඞ්ගමද්ධානං ගච්ඡති, සෙතවත්ථසමණවංසො පන කස්සපබුද්ධකාලතො පට්ඨාය සාසනං ධාරෙතුං නාසක්ඛි. පච්ඡිමකස්ස පන සච්චපටිවෙධතො පච්ඡිමකස්ස සීලභෙදතො ච පට්ඨාය සාසනං ඔසක්කිතං නාම හොති. තතො පට්ඨාය අඤ්ඤස්ස බුද්ධස්ස උප්පත්ති න වාරිතාති.
පිටක දෙකක් අතුරුදහන් වූ කල්හි විනය පිටකය තිබේනම් සසුන පවතින්නේ වෙයි. පරිවාර ඛන්ධකය අතුරුදහන් වූ කල්හි උභයවිභංගය ඇති නම් සසුන ඇත්තේම වේ. උභය විභංගය අතුරුදන් වූ කල්හි මාතිකා ඇතිනම් සසුන ඇත්තේ ම වෙයි. මාතිකා අතුරුදහන් වූ කල්හි පාමොක් පැවිදිවීම් උපසම්පදාවීම් ඇතිනම් සසුන පවතියි. ශ්‍රමණ ලිංගය බොහෝ කලක් පවතී. සුදු වස්ත්‍ර පෙරවූ ශ්‍රමණ වංශයකට කාශ්‍යප බුදුරදුන්ගේ කාලයේ පටන් සසුන දැරීමට නොහැකි විය. පසුව වූවහුගේ සත්‍ය ප්‍රතිවේදයෙන් හා පසුව වූවහුගේ සීල භේදයෙන් ද පටන් සසුන පසුබසින්නේ වෙයි. එතැන්පටන් අන් බුදුවරයෙකුගේ උපත නොවළක්වන ලදි.
තීණි පරිනිබ්බානානි නාම කිලෙසපරිනිබ්බානං ඛන්ධපරිනිබ්බානං ධාතුපරිනිබ්බානන්ති. තත්ථ කිලෙසපරිනිබ්බානං බොධිපල්ලඞ්කෙ අහොසි, ඛන්ධපරිනිබ්බානං කුසිනාරායං, ධාතුපරිනිබ්බානං අනාගතෙ භවිස්සති. සාසනස්ස කිර ඔසක්කනකාලෙ ඉමස්මිං තම්බපණ්ණිදීපෙ ධාතුයො සන්නිපතිත්වා මහාචෙතියං ගමිස්සන්ති, මහාචෙතියතො නාගදීපෙ රාජායතනචෙතියං, තතො මහාබොධිපල්ලඞ්කං ගමිස්සන්ති, නාගභවනතොපි දෙවලොකතොපි බ්රහ්මලොකතොපි ධාතුයො මහාබොධිපල්ලඞ්කමෙව ගමිස්සන්ති. සාසපමත්තාපි ධාතු අන්තරා න නස්සිස්සති. සබ්බා ධාතුයො මහාබොධිපල්ලඞ්කෙ රාසිභූතා සුවණ්ණක්ඛන්ධො විය එකග්ඝනා හුත්වා ඡබ්බණ්ණරස්මියො විස්සජ්ජෙස්සන්ති, තා දසසහස්සිලොකධාතුං ඵරිස්සන්ති.
පිරිනිවීම් තුන නම් ක්ලේශ පිරිනිවීම, ස්කන්ධ පිරිනිවීම හා ධාතු පිරිනිවීමයි. එහි ක්ලේශ පිරිනිවීම් බෝධි පර්යංකයෙහි දී විය. ස්කන්ධ පිරිනිවීම කුසිනාරාවේ දී ධාතු පිරිනිවීම අනාගතයේ දී වන්නේ ය. සසුන පසුබසින කාලයෙහි මේ තම්බපණ්ණි දීපයෙහි ධාතු රැස්ව මහාසෑයට යෙත්. මහාසෑයෙන් නාගදීප රාජායතන සෑයට ද එතනින් මහාබෝධි පර්යංකයට ද යෙත්. නාගභවනෙන් ද දිව්‍ය ලෝකයෙන් ද ධාතූහු මහාබෝධි පර්යංකයට ම යෙත්. අබ ඇටයක් තරම්වත් ධාතුවක් අතරතුර නොනැසෙත්. මහාබෝධි පර්යංකයෙහි එකතු වූ ධාතූහු රන් කඳක් මෙන් එකතු වී සවනක් රැස් විහිදුවත්. එය දස දහසක් ලෝක ධාතුවෙහි පැතිරෙත්.
තතො දසසහස්සචක්කවාළෙ දෙවතා යො සන්නිපතිත්වා “අජ්ජ සත්ථා පරිනිබ්බායති, අජ්ජ සාසනං ඔසක්කති, පච්ඡිමදස්සනං දානි ඉදං අම්හාක”න්ති දසබලස්ස පරිනිබ්බුතදිවසතො මහන්තතරං කාරුඤ්ඤං කරිස්සන්ති. ඨපෙත්වා අනාගාමිඛීණාසවෙ අවසෙසා සකභාවෙන සණ්ඨාතුං න සක්ඛිස්සන්ති. ධාතූසු තෙජොධාතු උට්ඨහිත්වා යාව බ්රහ්මලොකා උග්ගච්ඡිස්සති, සාසපමත්තායපි ධාතුයා සති එකජාලාව භවිස්සති, ධාතූසු පරියාදානං ගතාසු පච්ඡිජ්ජිස්සති. එවං මහන්තං ආනුභාවං දස්සෙත්වා ධාතූසු අන්තරහිතාසු සාසනං අන්තරහිතං නාම හොති. යාව එවං න අනන්තරධායති, තාව අචරිමං නාම හොති. එවං අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුන්ති නෙතං ඨානං විජ්ජති.
එයින් දස දහසක් සක්වළ දෙවියෝ රැස්ව අද ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පාන්නේය. අද සසුන නැසෙන්නේය. දැන් අපේ මේ අවසාන දැකීමයි. බුදුරදුන් පිරිනිවන් පෑ දිනයෙහි මහත් වැළපීම් සිදුවී ද ක්ෂීණාශ්රවයන් හා අනාගාමීන් හැර සෙස්සවුන්ට ප්‍රකෘතියෙන් සිටීමටවත් නොහැකි වෙත්. ධාතූන් කෙරෙන් තේජෝ ධාතුව පැණ නැගී බඹලොව දක්වා උඩට නගියි. අබ ඇටයක් තරම්වත් ධාතුවක් පවතී නම් එකට එක්වීම පවතියි. මෙසේ මහත් ආනුභාව දක්වා ධාතු අතුරුදහන් වූ කල්හි සසුන අතුරුදහන් වූයේ නම් වෙයි. යම්තාක් මෙසේ අතුරුදහන් නොවේ ද ඒතාක් කල් අචරිම නම් වෙයි. මෙසේ පෙර පසුනොවී උපදින්නේය යන කරුණ විද්‍යමාන නොවේ.
කස්මා පන අපුබ්බං අචරිමං න උප්පජ්ජන්තීති. අනච්ඡරියත්තා. බුද්ධා හි අච්ඡරියමනුස්සා. යථාහ – “එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අච්ඡරියමනුස්සො, කතමො එකපුග්ගලො, තථාගතො අරහං සම්මාසම්බුද්ධො”ති (අ· නි· 1.171-174).
කුමක් හෙයින් ද යත්? පෙර පසු නොවී නූපදින්නේ ද යනු ආශ්චර්යයක් නොමැති හෙයිනි. බුදුවරු වනාහි ආශ්චර්යවත් මනුෂ්‍යයෝය. යම් හෙයකින් කීය. මහණෙනි, එක් පුද්ගලයෙක් ලෝකයෙහි ආශ්චර්ය මනුෂ්‍යයෙක්ව උපදියි. ඒ එක් පුද්ගලයා කවුරුද යත්? තථාගත අර්හත් සම්‍යක් බුදුරජාණන් වහන්සේමය යනුයි.
යදි ච ද්වෙ වා චත්තාරො වා අට්ඨ වා සොළස වා එකතො උප්පජ්ජෙය්යුං, න අච්ඡරියා භවෙය්යුං. එකස්මිඤ්හි විහාරෙ ද්වින්නං චෙතියානම්පි ලාභසක්කාරො උළාරො න හොති භික්ඛූපි බහුතාය න අච්ඡරියා ජාතා, එවං බුද්ධාපි භවෙය්යුං. තස්මා න උප්පජ්ජන්ති.
ඉදින් දෙදෙනෙක් හෝ හතර දෙනෙක් හෝ අට දෙනෙක් හෝ සොළොස් දෙනෙක් හෝ එක්විට උපදින්නාහු ද ආශ්චර්යයක් නොමැත. එකම විහාරයක චෛත්‍ය දෙකක් වූ විට ද ලාභයක් හෝ සත්කාරයක් හෝ මහත් නොවෙයි. භික්ෂූහු ද බොහෝ බැවින් ආශ්චර්යයක් නොවෙයි. මෙසේ බුදුවරු ආශ්චර්යවත් වන්නේය. එහෙයින් නූපදිත්.
දෙසනාය ච විසෙසාභාවතො. යඤ්හි සතිපට්ඨානාදිභෙදං ධම්මං එකො දෙසෙති, අඤ්ඤෙන උප්පජ්ජිත්වාපි සොව දෙසෙතබ්බො සියා. තතො න අච්ඡරියො සියා, එකස්මිං පන ධම්මං දෙසෙන්තෙ දෙසනාපි අච්ඡරියා හොති.
දේශනාවෙහි ද විශේෂයක් නොවන හෙයිනි. යම්තැනක සතිපට්ඨානය ආදී ප්‍රභේද ඇති ධර්ම එක් අයෙක් දේශනා කරයි. අන්අයෙක් උපදවා ද එයම දේශනා කරන ලද්දේ වේද එය ආශ්චර්යවත් නොවෙයි. එකම ධර්මයක් දේශනා කරන කල්හි දේශනාව ද ආශ්චර්යවත් වන්නේය.
විවාදාභාවතො ච. බහූසු ච බුද්ධෙසු උප්පජ්ජන්තෙසු බහූනං ආචරියානං අන්තෙවාසිකා විය “අම්හාකං බුද්ධො පාසාදිකො, අම්හාකං බුද්ධො මධුරස්සරො ලාභී පුඤ්ඤවා”ති විවදෙය්යුං, තස්මාපි එවං න උප්පජ්ජන්ති. අපිචෙතං කාරණං මිලින්දරඤ්ඤා පුට්ඨෙන නාගසෙනත්ථෙරෙන විත්ථාරිතමෙව. වුත්තඤ්හි (මි· ප· 5.1.1) –
විවාදයක් නැතිවීමෙන් ද බොහෝ බුදුවරුන් උපන් කල්හි බොහෝ ගුරුවරුන්ගේ අතවැස්සෝ අපේ බුදුරදුන් ප්රාසාදිකය. අපේ බුදුරදුන් මධුරස්වරලාභීය. පින් ඇත්තේ යැයි විවාද කරන්නාහ. එහෙයින් ද මෙසේ නූපදිත්. ඉදින් මේ කරුණ මිළිඳු රජු විමසූයෙන් නාගසේන තෙරුන් විස්තර කරන ලද්දේමය කියන ලදි.
“තත්ථ, භන්තෙ නාගසෙන, භාසිතම්පෙතං භගවතා ‘අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො, යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං, නෙතං ඨානං විජ්ජතී’ති. දෙසෙන්තා ච, භන්තෙ නාගසෙන, සබ්බෙපි තථාගතා සත්තතිංස බොධිපක්ඛියධම්මෙ දෙසෙන්ති, කථයමානා ච චත්තාරි අරියසච්චානි කථෙන්ති, සික්ඛාපෙන්තා ච තීසු සික්ඛාසු සික්ඛාපෙන්ති, අනුසාසමානා ච අප්පමාදපටිපත්තියං අනුසාසන්ති. යදි, භන්තෙ නාගසෙන, සබ්බෙසම්පි තථාගතානං එකා දෙසනා එකා කථා එකා සික්ඛා එකා අනුසිට්ඨි, කෙන කාරණෙන ද්වෙ තථාගතා එකක්ඛණෙ නුප්පජ්ජන්ති? එකෙනපි තාව බුද්ධුප්පාදෙන අයං ලොකො ඔභාසජාතො. යදි දුතියො බුද්ධො භවෙය්ය, ද්වින්නං පභාය අයං ලොකො භිය්යොසොමත්තාය ඔභාසජාතො භවෙය්ය. ඔවදමානා ච ද්වෙ තථාගතා සුඛං ඔවදෙය්යුං, අනුසාසමානා ච සුඛං අනුසාසෙය්යුං, තත්ථ මෙ කාරණං බ්රූහි, යථාහං නිස්සංසයො භවෙය්යන්ති.
ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඒ භාසිතය ද බුදුරදුන් විසින් මහණෙනි, යම් මේ එක ලෝක ධාතුවක අර්හත් සම්‍යක් සම්බුදුවරුන් දෙදෙනෙක් පෙර පසුනොවී උපදින්නාහ යන මේ කරුණ විද්‍යමාන නොවේ. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, දේශනා කරන කල්හි ද සියලුම බුදුවරු සත්තිස්බෝධිපාක්ෂික ධර්ම දේශනා කරත්. කියන කල්හි චතුරාර්ය සත්‍යය කියත්. හික්මවන කල්හි ත්රිශික්ෂාවන්හි හික්මවත්. අනුශාසනා කරන කල්හි අප්‍රමාද ප්‍රතිපත්තියෙන් අනුශාසනා කරත්. ඉදින් නාගසේන ස්වාමීන් වහන්ස, සියලුම බුදුවරුන්ගේ එකම උදෙසීම, එකම කථාව, එකම ශික්ෂාව එකම අනුශාසනාව නම් කවර කරුණක් නිසා බුදුවරු දෙදෙනෙක් එකවර නූපදිත් ද? ඉදින් එක බුදුකෙනෙකුන් වහන්සේ නමකගේ ඉපදීමෙන් මේ ලෝකය ආලෝකවත් වේද? එසේනම් බුදුවරුන් දෙදෙනෙකුගේ ඉපදීමෙන් බෙහෙවින් ම ආලෝකමත් වන්නෙහිය. අවවාද කරන කල්හි බුදුවරු දෙදෙනා ම සුවසේ අවවාද කරන්නාහ. අනුශාසනා කරන කල්හි ද එසේමය. එයට කරුණු මට පහදා දෙන්න. යම්සේ මම සැක නැත්තෙක් වන්නෙම් ද? එසේ දේශනා කරන්න.
අයං මහාරාජ දසසහස්සී ලොකධාතු එකබුද්ධධාරණී, එකස්සෙව තථාගතස්ස ගුණං ධාරෙති, යදි දුතියො බුද්ධො උප්පජ්ජෙය්ය, නායං දසසහස්සී ලොකධාතු ධාරෙය්ය, චලෙය්ය කම්පෙය්ය නමෙය්ය ඔනමෙය්ය විනමෙය්ය විකිරෙය්ය විධමෙය්ය විද්ධංසෙය්ය, න ඨානමුපගච්ඡෙය්ය.
මහරජතුමනි, මේ දස දහසක් ලෝක ධාතුව එකම බුදුකෙනෙකුන් දරන්නේ එකම තථාගත ගුණයක් දරන්නේ වෙයි. ඉදින් දෙවැනි බුදුවරයෙක් උපදින්නේ නම් මේ දස දහසක් ලෝක ධාතුව නොදරන්නේය. සෙලවෙන්නේය. කම්පාවන්නේය. නැමෙන්නේය. යටත් වන්නේය. හකුලන්නේය. විසුරුවන්නේය. විනාශ වන්නේය. දුරු කරන්නේය. විනාශවීම් ස්වභාවයට පත්වන්නේය.
යථා, මහාරාජ, නාවා එකපුරිසසන්ධාරණී භවෙය්ය. එකස්මිං පුරිසෙ අභිරූළ්හෙ සා නාවා සමුපාදිකා භවෙය්ය. අථ දුතියො පුරිසො ආගච්ඡෙය්ය තාදිසො ආයුනා වණ්ණෙන වයෙන පමාණෙන කිසථූලෙන සබ්බඞ්ගපච්චඞ්ගෙන, සො තං නාවං අභිරූහෙය්ය. අපිනු සා මහාරාජ, නාවා ද්වින්නම්පි ධාරෙය්යාති? න හි, භන්තෙ, චලෙය්ය කම්පෙය්ය නමෙය්ය ඔනමෙය්ය විනමෙය්ය විකිරෙය්ය විධමෙය්ය විද්ධංසෙය්ය, න ඨානමුපගච්ඡෙය්ය, ඔසීදෙය්ය උදකෙති. එවමෙව ඛො, මහාරාජ, අයං දසසහස්සී ලොකධාතු එකබුද්ධධාරණී, එකස්සෙව තථාගතස්ස ගුණං ධාරෙති, යදි දුතියො බුද්ධො උප්පජ්ජෙය්ය, නායං දසසහස්සී ලොකධාතු ධාරෙය්ය, චලෙය්ය…පෙ… න ඨානමුපගච්ඡෙය්ය.
යම්සේ මහරජතුමනි, නැව එක් මිනිසෙකු එතෙර කිරීමට සමත් නම් එක මිනිසෙකු නැගුණු කල්හි එය මනාව පැදවිය හැකි වන්නේ ද? ඉන්පසු එබඳු වූ ආයුෂයෙන් වර්ණයෙන් යසසින් ප්‍රමාණයෙන් කෘශ බැවින් හා මහත් බැවින් සියලු අඟපසඟින් යුත් දෙවැනි වූ පුරුෂයෙක් අවුත් ඔහු ද ඒ නැවට නගින්නේය. මහරජතුමනි, ඒ නැව දෙදෙනාම දරන්නේ ද? නැත ස්වාමීනි. සෙලවෙන්නේය. කම්පාවන්නේය. නැමෙන්නේය. යටත් වන්නේය, හකුලන්නේය, විසුරුවන්නේය, විනාශ වන්නේය, දුරු වන්නේය, යායුතු තැනට නොයන්නේය. දියේ ගිලෙන්නේය යනුයි. මහරජතුමනි, මෙපරිද්දෙන් ම මේ දස දහසක් ලෝක ධාතුව එක බුදුවරයෙක් ම දරයි. එක් බුදුවරයෙකුගේ ගුණ පමණක්ම දරයි. ඉදින් දෙවැනි බුදුවරයෙක් උපදින්නේ නම් දස දහසක් ලෝක ධාතුව නොදරන්නේය. සෙලවෙන්නේය. කම්පාවන්නේය. නැමෙන්නේය. යටත් වන්නේය. හකුලන්නේය. විසුරුවන්නේය. විනාශ වන්නේය. දුරු වන්නේය. යායුතු තැනට නොයන්නේය.
යථා වා පන මහාරාජ පුරිසො යාවදත්ථං භොජනං භුඤ්ජෙය්ය ඡාදෙන්තං යාවකණ්ඨමභිපූරයිත්වා, සො ධාතො පීණිතො පරිපුණ්ණො නිරන්තරො තන්දිකතො අනොනමිතදණ්ඩජාතො පුනදෙව තත්තකං භොජනං භුඤ්ජෙය්ය, අපිනු ඛො, මහාරාජ, පුරිසො සුඛිතො භවෙය්‍යාති? න හි, භන්තෙ, සකිං භුත්තොව මරෙය්යාති. එවමෙව ඛො, මහාරාජ, අයං දසසහස්සී ලොකධාතු එකබුද්ධධාරණී …පෙ… න ඨානමුපගච්ඡෙය්යාති.
යම්සේ මහරජතුමනි, බඩසයින් පෙළෙන්නා වූ පුරුෂයෙක් ඇතිතාක් ආහාර ගෙන ගෙළතාක් පුරවා ගත් ඔහු සතුටට පැමිණියේ පිනා ගියේ සම්පූර්ණ වූයේ නිතර නිදිබර ගති ඇත්තෙක් ව නොනැමිය හැකි දණ්ඩක් මෙන් වූයේ නැවත ද ඇතිතාක් ආහාර අනුභව කොට සිටින පුරුෂයා සැපවත් වන්නේ ද? නැත ස්වාමීනි. තනිවම අනුභව කළේ මැරෙන්නේය. මහරජතුමනි, මෙපරිද්දෙන් ම මේ දස දහසක් ලෝක ධාතුව එක බුදුවරයෙක්ම දරයි. සුදුසු තැනට නොමයන්නේය යනුයි.
කිං නු ඛො, භන්තෙ නාගසෙන, අතිධම්මභාරෙන පථවී චලතීති? ඉධ, මහාරාජ, ද්වෙ සකටා රතනපරිපූරිතා භවෙය්යුං යාව මුඛසමා. එකස්මා සකටතො රතනං ගහෙත්වා එකස්මිං සකටෙ ආකිරෙය්යුං, අපිනු ඛො තං, මහාරාජ, සකටං ද්වින්නම්පි සකටානං රතනං ධාරෙය්යාති? න හි, භන්තෙ, නාභිපි තස්ස ඵලෙය්ය, අරාපි තස්ස භිජ්ජෙය්යුං, නෙමිපි තස්ස ඔපතෙය්ය, අක්ඛොපි තස්ස භිජ්ජෙය්යාති. කිං නු ඛො, මහාරාජ, අතිරතනභාරෙන සකටං භිජ්ජතීති? ආම, භන්තෙති. එවමෙව ඛො, මහාරාජ, අතිධම්මභාරෙන පථවී චලතීති.
කිමෙක් ද? නාගසේන ස්වාමීන් වහන්ස, ධර්මයෙහි වැඩිබරින් පොළොව සෙලවෙයි ද? මහරජතුමනි, මෙහි ගැල් දෙකක් රනින් පිරවූයේ වන්නේ ද? මුදුන තෙක් රන් පිරී ඇති එක් ගැලකින් රන් ගෙන වෙනත් ගැලක දමන්නේය. මහරජතුමනි, ගැල් දෙකෙහිම වූ රන් එවිට එක ගැලක් උසුලා ද? නැත ස්වාමීනි, ගැලෙහි නැබද සෙලවෙන්නේය. ගරාදි ද බිඳෙන්නේය. නිම් වළල්ල ද බිඳෙන්නේය. එහි අලවංගුව ද කැඩෙන්නේය යනුයි. කිමෙක් ද? මහරජතුමනි, රත්තරං බර වැඩි නිසා ගැල බිඳේ ද? එහෙමයි ස්වාමීනි, මහරජතුමනි, මෙසේ ධර්මයේ වැඩි බරින් පොළොව සෙල වේ.
අපිච මහාරාජ ඉමං කාරණං බුද්ධබලපරිදීපනාය ඔසාරිතං, අඤ්ඤම්පි තත්ථ අභිරූපං කාරණං සුණොහි, යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ නුප්පජ්ජන්ති. යදි, මහාරාජ, ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ උප්පජ්ජෙය්යුං, තෙසං පරිසාය විවාදො උප්පජ්ජෙය්ය – “තුම්හාකං බුද්ධො අම්හාකං බුද්ධො”ති උභතොපක්ඛජාතා භවෙය්යුං. යථා, මහාරාජ, ද්වින්නං බලවාමච්චානං පරිසාය විවාදො උප්පජ්ජෙය්ය ‘තුම්හාකං අමච්චො අම්හාකං අමච්චො’ති උභතොපක්ඛජාතා හොන්ති, එවමෙව ඛො, මහාරාජ, යදි, ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ උප්පජ්ජෙය්යුං, තෙසං පරිසාය විවාදො උප්පජ්ජෙය්ය ‘තුම්හාකං බුද්ධො අම්හාකං බුද්ධො’ති උභතොපක්ඛජාතා භවෙය්යුං. ඉදං තාව, මහාරාජ, එකං කාරණං, යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ නුප්පජ්ජන්ති.
මේ කරුණ බුදුරදුන්ගේ බලය දැක්වීම සඳහා දක්වන ලදි. එයට සුදුසු තවත් කරුණක් අසන්න. යම් කරුණක් නිසා සම්බුදුවරුන් දෙනමක් එක් මොහොතක නූපදිත්. ඉදින් මහරජතුමනි, සම්බුදුවරුන් දෙනමක් එක් මොහොතක උපදින්නේ නම් පිරිස අතර නුඹලාගේ බුදුන්ය, අපගේ බුදුන්ය යනුවෙන් විවාද පහළ වන්නේය. දෙපිරිස ම පක්ෂයක් ගත්තෝ වන්නාහ. යම්සේ මහරජතුමනි, බලවත් ඇමතියන් දෙදෙනෙකුගේ පිරිස අතර නුඹලාගේ ඇමතියාය අපගේ ඇමතියාය යනුවෙන් විවාදයක් වෙත්. දෙපිරිස ම පක්ෂයක් ගත්තෝ වන්නාහ. මෙපරිද්දෙන් ම මහරජතුමනි, සම්බුදුවරුන් දෙනමක් එක් මොහොතක උපදින්නේ නම් පිරිස අතර නුඹලාගේ බුදුන්ය, අපගේ බුදුන්ය යනුවෙන් විවාද පහළ වන්නේය. දෙපිරිස ම පක්ෂයක් ගත්තෝ වන්නාහ. මේ පළමු කරුණ අසව. යම්කරුණක් නිසා සම්බුදුවරුන් දෙනමක් එක් මොහොතක නූපදිත්.
අපරම්පි, මහාරාජ, උත්තරිං කාරණං සුණොහි, යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ නුප්පජ්ජන්ති. යදි, මහාරාජ, ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ උප්පජ්ජෙය්යුං, අග්ගො බුද්ධොති යං වචනං, තං මිච්ඡා භවෙය්ය. ජෙට්ඨො බුද්ධොති යං වචනං, තං මිච්ඡා භවෙය්ය. සෙට්ඨො බුද්ධොති, විසිට්ඨො බුද්ධොති, උත්තමො බුද්ධොති, පවරො බුද්ධොති, අසමො බුද්ධොති, අසමසමො බුද්ධොති, අප්පටිසමො බුද්ධොති, අප්පටිභාගො බුද්ධොති, අප්පටිපුග්ගලො බුද්ධොති යං වචනං, තං මිච්ඡා භවෙය්ය. ඉදම්පි ඛො ත්වං, මහාරාජ, කාරණං අත්ථතො සම්පටිච්ඡ, යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ නුප්පජ්ජන්ති.
තවත් කරුණක් අසව. ඉදින් මහරජතුමනි, සම්බුදුවරුන් දෙනමක් එක් මොහොතක උපදින්නේ නම් අග්‍ර බුද්ධය යන යම් වචනයක් තමන් කැමති වන්නේය. ජ්‍යෙෂ්ඨ බුද්ධය, විශිෂ්ට බුද්ධය, උත්තම බුද්ධිය, ප්‍රවර බුද්ධය, අසමසම බුද්ධය, අප්පටිභාග බුද්ධය, අප්පටිපුද්ගල බුද්ධය, යන යම් වචනයක් වේද එය බොරු වන්නේය. මෙය ද මහරජතුමනි, අර්ථ වශයෙන් හා කරුණු වශයෙන් යම් හේතුවකින් සම්බුදුවරුන් දෙනමක් එක් මොහොතක නූපදිත්.
අපිච ඛො මහාරාජ බුද්ධානං භගවන්තානං සභාවපකති එසා, යං එකොයෙව බුද්ධො ලොකෙ උප්පජ්ජති. කස්මා කාරණා? මහන්තතාය සබ්බඤ්ඤුබුද්ධගුණානං. අඤ්ඤම්පි මහාරාජ යං ලොකෙ මහන්තං, තං එකංයෙව හොති. පථවී, මහාරාජ, මහන්තී, සා එකායෙව. සාගරො මහන්තො, සො එකොයෙව. සිනෙරු ගිරිරාජා මහන්තො, සො එකොයෙව. ආකාසො මහන්තො, සො එකොයෙව. සක්කො මහන්තො, සො එකොයෙව. මාරො මහන්තො, සො එකොයෙව. බ්රහ්මා මහන්තො, සො එකොයෙව. තථාගතො අරහං සම්මාසම්බුද්ධො මහන්තො, සො එකොයෙව ලොකස්මිං. යත්ථ තෙ උප්පජ්ජන්ති, තත්ථ අඤ්ඤස්ස ඔකාසො න හොති. තස්මා, මහාරාජ, තථාගතො අරහං සම්මාසම්බුද්ධො එකොයෙව ලොකස්මිං උප්පජ්ජතීති. සුකථිතො, භන්තෙ නාගසෙන, පඤ්හො ඔපම්මෙහි කාරණෙහී”ති.
තවද මහරජතුමනි, බුදුවරුන්ගේ ස්වභාවය හා ප්‍රකෘති වශයෙන් මෙසේ යම් එකම බුදුවරයෙක් ලොව පහළ වේ. කුමක් නිසාද යත්? බුදුරදුන්ගේ බුද්ධ ගුණයන්ගේ මහත්බව නිසාය. තවද මහරජතුමනි, යමක් මහත්වේ ද? එය එකක්ම වේ. මහරජතුමනි, පොළොව ඉතා මහත්ය. එය එකක්මය. සාගරය ඉතා මහත්ය. එය එකක්ම වේ. මහමෙර ශ්‍රේෂ්ඨය. ඉතා මහත්ය. එය එකක්මය. අහස ඉතා මහත්ය. එය එකක්මය. ශක්‍රයා ඉතා මහත්ය. ඔහු එක් අයෙකි. බ්‍රහ්මයා ඉතා මහත්ය. ඔහු එක් අයෙකි. යම්තැනක ඔවුහු උපදිත් ද එහි අන් අයට ඉඩක් නැත. තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරදුන් ද ඉතා මහත්ය. ඔහු එක් අයෙකි. එහෙයින් තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරදුන් වහන්සේලා එක් නමක් ම ලෝකයෙහි උපදියි. ස්වාමීනි නාගසේනයන් වහන්ස, ප්‍රශ්න උපමා කරුණු ආදීන්ගෙන් මනාව කියන ලදි.
එකිස්සා ලොකධාතුයාති එකස්මිං චක්කවාළෙ. හෙට්ඨා ඉමිනාව පදෙන දසචක්කවාළසහස්සානි ගහිතානි තානිපි, එකචක්කවාළෙනෙව පරිච්ඡින්දිතුං වට්ටන්ති. බුද්ධා හි උප්පජ්ජමානා ඉමස්මිංයෙව චක්කවාළෙ උප්පජ්ජන්ති, උප්පජ්ජනට්ඨානෙ පන වාරිතෙ ඉතො අඤ්ඤෙසු චක්කවාළෙසු නුප්පජ්ජන්තීති වාරිතමෙව හොති.
එකිස්ස ලොකධාතුයාති එකම සක්වළක. යට මෙම පදයෙන් දස දහසක් සක්වළ ගත්තත් එක් සක්වළකින් යැයි පිරිසිඳින්නට වටියි. බුදුවරුන් වනාහි උපදිනු ලබන්නාහු මේ සක්වළම උපදිති. උපදින තැන වැළක් වූ කල්හි මෙයින් වෙනත් සක්වළක නූපදියි. වළක්වන ලද්දේ ම වෙයි.
අපුබ්බං අචරිමන්ති එත්ථ චක්කරතනපාතුභාවතො පුබ්බෙ පුබ්බං, තස්සෙව අන්තරධානතො පච්ඡා චරිමං. තත්ථ ද්විධා චක්කරතනස්ස අන්තරධානං හොති, චක්කවත්තිනො කාලංකිරියතො වා පබ්බජ්ජාය වා. අන්තරධායමානඤ්ච පන තං කාලංකිරියතො වා පබ්බජ්ජතො වා සත්තමෙ දිවසෙ අන්තරධායති, තතො පරං චක්කවත්තිනො පාතුභාවො අවාරිතො.
අපුබ්බං අචරිමන්ති මෙහි චක්රරත්නයේ පහළවීමෙන් පළමුව පළමුව එහි ම අතුරුදහන්වීමට පසුව චරිම යනුයි. එහි චක්‍රරත්නයාගේ අතුරුදහන්වීම දෙපරිදි ය. සක්විති රජුගේ කළුරිය කිරීමෙන් හෝ පැවිදි වීමෙන් හෝ වෙයි. අතුරුදහන්වීම ද කළුරිය කිරීමෙන් හෝ පැවිදි වීමෙන් හෝ හත්වෙනි දවසෙහි අතුරුදහන් වෙයි. ඉන්පසු සක්විති රජුගේ පහළවීම නොවළකන ලදි.
කස්මා පන එකචක්කවාළෙ ද්වෙ චක්කවත්තිනො නුප්පජ්ජන්තීති. විවාදුපච්ඡෙදතො අච්ඡරියභාවතො චක්කරතනස්ස මහානුභාවතො ච. ද්වීසු හි උප්පජ්ජන්තෙසු “අම්හාකං රාජා මහන්තො අම්හාකං රාජා මහන්තො”ති විවාදො උප්පජ්ජෙය්ය. එකස්මිං දීපෙ චක්කවත්තීති ච එකස්මිං දීපෙ චක්කවත්තීති ච අනච්ඡරියා භවෙය්යුං. යො චායං චක්කරතනස්ස ද්විසහස්සදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු ඉස්සරියානුප්පදානසමත්ථො මහානුභාවො, සො පරිහායෙථ. ඉති විවාදුපච්ඡෙදතො අච්ඡරියභාවතො චක්කරතනස්ස මහානුභාවතො ච න එකචක්කවාළෙ ද්වෙ උප්පජ්ජන්ති.
කුමක් නිසා ද යත්? එක් සක්වළක සක්විති රජවරුන් දෙදෙනෙක් නූපදිති යන විවාදය නැති කරන ආශ්චර්යක් නිසාය. චක්රරත්නයේ මහත් ආනුභාවය නිසාය. දෙදෙනෙකු උපදිනු ලබන කල්හි අපේ රජු මහත්ය. අපේ රජු මහත්ය යනුවෙන් විවාදයක් උපදින්නේය. මේ දීපයෙහි සක්විති රජ මේ දීපයෙහි සක්විති රජ යැයි ආශ්චර්යයක් නො වන්නේ ය. යම් මේ චක්‍රරත්නයට දිවයින් දෙදහසක් පිරිවරන ලද සිව් මහද්වීපවල අධිපතිත්වය දීමට සමත් මහානුභාව සම්පන්න වූ ඔහු පහළට දමව් යන විවාදය නැති කිරීමෙන් ආශ්වරිය නැති කිරීමෙන් චක්‍රරත්නයාගේ මහත් ආනුභාවයෙන් ද එක් සක්වළක දෙදෙනෙක් නූපදිත්.
යං ඉත්ථී අස්ස අරහං සම්මාසම්බුද්ධොති එත්ථ තිට්ඨතු තාව සබ්බඤ්ඤුගුණෙ නිබ්බත්තෙත්වා ලොකුත්තාරණසමත්ථො බුද්ධභාවො, පණිධානමත්තම්පි ඉත්ථියා න සම්පජ්ජති.
යං ඉත්ථි අරහං අස්ස සම්මාසමම්බුද්ධොති මෙහි දී බුදුගුණ පිළිබඳ කීම තියේවා. ඒ බුදුගුණ උපදවාගෙන ලෝකයෙන් එතරවීමට සමත් වූ බුදු බව පිළිබඳ ප්‍රණිධාන මාත්‍රයක්වත් ස්ත්‍රියට නොලැබෙයි.
මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං; පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා; අට්ඨධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣතීති. (බු· වං· 2.59) –
මනුෂ්‍යාත්මය, ලිංග සම්පත්තිය, හේතු සම්පත්තිය, බුදු කෙනෙකු හමුවීම, පැවිද්ද ලැබීම, ගුණ සම්පත්තිය, අධිකාරකරණය, බුදුබව පැතීමේ කැමැත්ත යන මේ අට වැදෑරුම් ධර්මයන් එකතුවීමෙන් අභිනීහාරය සම්පූර්ණ වේ.
ඉමානි හි පණිධානසම්පත්තිකාරණානි. ඉති පණිධානම්පි සම්පාදෙතුං අසමත්ථාය ඉත්ථියා කුතො බුද්ධභාවොති “අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථී අස්ස අරහං සම්මාසම්බුද්ධො”ති වුත්තං. සබ්බාකාරපරිපූරො ච පුඤ්ඤුස්සයො සබ්බාකාරපරිපූරමෙව අත්තභාවං නිබ්බත්තෙතීති පුරිසොව අරහං හොති සම්මාසම්බුද්ධො.
මේ ප්රණිධානය සම්පුර්ණ කිරීමේ කරුණුයි. මෙසේ ප්රණිධානයවත් සම්පූර්ණ කර ගැනීමට අසමත් ස්ත්‍රිය කෙසේනම් බුදු වන්නේ ද? ස්ත්‍රියක් අර්හත් සම්‍යක් සම්බුද්ධභාවය ලබාගනීය යන මේ කරුණ නොසිදුවන්නේ යැයි කියන ලදි. සියලු ආකාරයෙන් පුරන ලද පුණ්‍ය ඵලය සියලු ආකාරයෙන් පිරිපුන් ආත්මභාවයක් ලබාදෙයි යන මෙහි පුරුෂයෙක් ම අර්හත් සම්‍යක් සම්බුද්ධභාවය ලබයි.
යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තීතිආදීසුපි යස්මා ඉත්ථියා කොසොහිතවත්ථගුය්හතාදීනං අභාවෙන ලක්ඛණානි න පරිපූරෙන්ති, ඉත්ථිරතනාභාවෙන සත්තරතනසමඞ්ගිතා න සම්පජ්ජති, සබ්බමනුස්සෙහි ච අධිකො අත්තභාවො න හොති, තස්මා “අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තී”ති වුත්තං. යස්මා ච සක්කත්තාදීනි තීණි ඨානානි උත්තමානි, ඉත්ථිලිඞ්ගඤ්ච හීනං, තස්මා තස්සා සක්කත්තාදීනිපි පටිසිද්ධානි.
ස්ත්‍රියක් නොවේ. සක්විති රජ නොවෙයි ආදි තැන්වල ද යම්හෙයකින් ස්ත්‍රියට කෝසෝහිත වස්ත්‍ර ගෘහ්යතාව නැති හෙයින් ලක්ෂණ සම්පූර්ණ නොවේ. ස්ත්‍රී රත්නයාගේ අභාවයෙන් සප්ත රත්නයන්ගේ සම්පූර්ණ බව සිදු නොවෙයි. සියලු මිනිසුන් වැඩියෙන් ආත්මභාවයක් නොවෙයි. එහෙයින් ස්ත්‍රියක් සක්විති රජවන්නේය යන මේ කරුණ සිදු නොවන්නකි. අවකාශ නොලබන්නකි යි කියන ලදි. යම්හෙයකින් ශ්රක්රබව ආදී තුන් ස්ථානයක් උතුම් වන්නේ ද ස්ත්‍රී ආත්මය පහත් වන්නේ ද එහෙයින් ශ්‍රක්‍ර බව ප්රතිසිද්ධය.
නනු ච යථා ඉත්ථිලිඞ්ගං, එවං පුරිසලිඞ්ගම්පි බ්රහ්මලොකෙ නත්ථි? තස්මා “යං පුරිසො බ්රහ්මත්තං කරෙය්ය, ඨානමෙතං විජ්ජතී”තිපි න වත්තබ්බං සියාති. නො න වත්තබ්බං. කස්මා? ඉධ පුරිසස්ස තත්ථ නිබ්බත්තනතො. බ්රහ්මත්තන්ති හි මහාබ්රහ්මත්තං අධිප්පෙතං. ඉත්ථී ච ඉධ ඣානං භාවෙත්වා කාලං කත්වා බ්රහ්මපාරිසජ්ජානං සහබ්යතං උපපජ්ජති, න මහාබ්රහ්මානං, පුරිසො පන තත්ථ න උප්පජ්ජතීති න වත්තබ්බො. සමානෙපි චෙත්ථ උභයලිඞ්ගාභාවෙ පුරිසසණ්ඨානාව බ්රහ්මානො, න ඉත්ථිසණ්ඨානා, තස්මා සුවුත්තමෙවෙතං.
ස්ත්‍රී ලිංගය මෙන්ම පුරුෂ ලිංගය ද බ්‍රහ්ම ලෝකයෙහි නැත. එහෙයින් පුරුෂ තෙමේ බ්රහ්මබවට පැමිණෙන්නේය යැයි මේ කරුණ සිදු වන්නේ යැයි නොකිව යුතු වන්නේය. නොකිය යුතු ද නොවන්නේය. කුමක් නිසා ද යත්? මෙහි පුරුෂව සිටියෙක් ම එහි උපදින බැවිනි. බ්රහ්මත්වය යන්නෙන් මෙහි දී මහාබ්‍රහ්මයා ම අදහස් කරන ලදි. ස්ත්‍රියක් මෙහි ධ්‍යාන වඩා කළුරිය කොට බ්‍රහ්ම පිරිසට එකතු වෙයි. මහා බ්‍රහ්මයාට එකතු නොවේ. පුරුෂයෝ වනාහි එහි නූපදින්නේ යැයි නොකිව යුතුය. මෙහි උභය ලිංගයාගේ අභාවය ඇති කල්හි ද බ්‍රහ්මයෝ පුරුෂ සටහන් ඇත්තෝ වෙත්. ස්ත්‍රී සටහන් ඇත්තෝ නොවෙත්. එහෙයින් මෙය මනාකොට කියන ලදි.
කායදුච්චරිතස්සාතිආදීසු යථා නිම්බබීජකොසාතකීබීජාදීනි මධුරඵලං න නිබ්බත්තෙන්ති, අසාතං අමධුරමෙව නිබ්බත්තෙන්ති, එවං කායදුච්චරිතාදීනි මධුරවිපාකං න නිබ්බත්තෙන්ති, අමධුරමෙව විපාකං නිබ්බත්තෙන්ති. යථා ච උච්ඡුබීජසාලිබීජාදීනි මධුරං සාදුරසමෙව ඵලං නිබ්බත්තෙන්ති, න අසාතං කටුකං, එවං කායසුචරිතාදීනි මධුරමෙව විපාකං නිබ්බත්තෙන්ති, න අමධුරං. වුත්තම්පි චෙතං –
කායදුච්චරිතස්සාති ආදියෙහි යම්සේ කොහොඹ ඇට වැටකොලු ඇට ආදිය රසවත් ගෙඩි නොඋපදවත්. අමිහිරි ගෙඩිම නිපදවන්නේ යැයි කී ලෙස ම කාය දුශ්චරිත ආදීහුට මිහිරි විපාක නූපදවති. යම්සේ උක් හැල් බීජාදීහු මිහිරි යහපත් රස ම උපදවත් ද අමිහිරි කටුක රස නූපදවත් ද එසේ ම කාය සුචරිතවාදීහු යහපත් විපාකයක් ම ගෙන දෙන්නේය. අමිහිරි විපාක නොදෙන්නේය. එහෙයින් කියන ලදි.
“යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං; කල්‍යාණකාරී කල්‍යාණං, පාපකාරී ච පාපක”න්ති. (සං· නි· 1.256);
යම්සේ බීජ වපුරයි ද එපරිද්දෙන් ම ඵලය ගනියි. යහපත කරන්නාට යහපත ද අයහපත කරන්නාට අයහපත ද ලැබේ.
තස්මා “අට්ඨානමෙතං අනවකාසො යං කායදුච්චරිතස්සා”තිආදි වුත්තං.
එහෙයින් කාය දුශ්චරිතයාට නොතැනය. අවකාශ නැත යනාදිය කියන ලදි.
කායදුච්චරිතසමඞ්ගීතිආදීසු සමඞ්ගීති පඤ්චවිධා සමඞ්ගිතා ආයූහනසමඞ්ගිතා චෙතනාසමඞ්ගිතා කම්මසමඞ්ගිතා විපාකසමඞ්ගිතා, උපට්ඨානසමඞ්ගිතාති. තත්ථ කුසලාකුසලකම්මායූහනක්ඛණෙ ආයූහනසමඞ්ගිතාති වුච්චති. තථා චෙතනාසමඞ්ගිතා. යාව පන අරහත්තං න පාපුණන්ති, තාව සබ්බෙපි සත්තා පුබ්බෙ උපචිතං විපාකාරහං කම්මං සන්ධාය “කම්මසමඞ්ගිනො”ති වුච්චන්ති, එසා කම්මසමඞ්ගිතා. විපාකසමඞ්ගිතා විපාකක්ඛණෙයෙව වෙදිතබ්බා. යාව පන සත්තා අරහත්තං න පාපුණන්ති, තාව නෙසං තතො තතො චවිත්වා නිරයෙ තාව උප්පජ්ජමානානං අග්ගිජාලලොහකුම්භිආදීහි උපට්ඨානාකාරෙහි නිරයො, ගබ්භසෙය්යකත්තං ආපජ්ජමානානං මාතුකුච්ඡි, දෙවෙසු උප්පජ්ජමානානං කප්පරුක්ඛවිමානාදීහි උපට්ඨානාකාරෙහි දෙවලොකොති එවං උප්පත්තිනිමිත්තං උපට්ඨාති, ඉති නෙසං ඉමිනා උප්පත්තිනිමිත්තඋපට්ඨානෙන අපරිමුත්තතා උපට්ඨානසමඞ්ගිතා නාම. සා චලති සෙසා නිච්චලා. නිරයෙ හි උපට්ඨිතෙපි දෙවලොකො උපට්ඨාති, දෙවලොකෙ උපට්ඨිතෙපි නිරයො උපට්ඨාති, මනුස්සලොකෙ උපට්ඨිතෙපි තිරච්ඡානයොනි උපට්ඨාති, තිරච්ඡානයොනියා ච උපට්ඨිතායපි මනුස්සලොකො උපට්ඨාතියෙව.
කායදුච්චරිතසමංගීති ආදියෙහි යුක්තබව පස් ආකාර වේ. රැස්කිරීමෙන් යුක්ත බව සිතුවිලිවලින් යුක්ත බව, කර්මයෙන් යුක්ත බව, විපාකයෙන් යුක්ත බව හා වැටහෙන ආකාරයෙන් යුක්ත බව යනුවෙනි. එහි කුසල් අකුසල් රැස්කරන ලද විපාක දීමට සුදුසු කර්ම සඳහා කර්මයෙන් යුක්තබව යැයි කියයි. විපාකයෙන් යුක්ත බව නම් විපාක දෙන මොහොතෙහි දත යුතුය. යම්තාක් සත්වයෝ රහත් බවට නොපැමිණෙත් ද ඒතාක් ඔවුන් ඒ ඒ තැන්වලින් චුතව නිරයේ උපදින්නේ නම් ගිනිදැල් ලොහොකුඹු ආදිය ගැන වැටහේ. කුස තුළක උපදින්නේ නම් මව්කුස. සිහි වේ. දෙව්ලොව උපදින්නහුට කප්රුක් විමාන ආදිය වැටහේ. මෙසේ උපදින තැන්වල නිමිති වැටහේ. මෙසේ ඔවුන් උපතට යන තැන් පිළිබඳව නිමිති පහළවීමෙන් නොමිදුණු වැටහෙන බැවින් වැටහෙන ආකාරයෙන් යුක්තබව යැයි කියයි. එය සැලෙයි. ඉතිරි ඒවා නොසැලෙයි. නිරයෙහි නිමිති එළඹුණු කල්හි දෙව්ලොව නිමිති එළඹෙයි. දෙව්ලොව නිමිති එළඹුණු කල්හි නිරයෙහි නිමිති එළඹෙයි. මනුෂ්‍ය ලෝකයෙහි නිමිති එළඹුණ කල්හි තිරිසන්ගත යෝනියෙහි නිමිති එළඹෙයි. තිරිසන්ගත යෝනියෙහි නිමිති එළඹුණ කල්හි මනුෂ්‍ය ලෝකයෙහි නිමිති එළඹෙයි.
තත්රිදං වත්ථු – සොණගිරිපාදෙ කිර අචෙලවිහාරෙ සොණත්ථෙරො නාම එකො ධම්මකථිකො, තස්ස පිතා සුනඛජීවිකො අහොසි. ථෙරො තං පටිබාහන්තොපි සංවරෙ ඨපෙතුං අසක්කොන්තො “මා නස්සි ජරකො”ති මහල්ලකකාලෙ අකාමකං පබ්බාජෙසි. තස්ස ගිලානසෙය්යාය නිපන්නස්ස නිරයො උපට්ඨාති, සොණගිරිපාදතො මහන්තා මහන්තා සුනඛා ආගන්ත්වා ඛාදිතුකාමා විය සම්පරිවාරෙසුං. සො මහාභයභීතො – “වාරෙහි, තාත සොණ, වාරෙහි, තාත සොණා”ති ආහ. කිං මහාථෙරාති. න පස්සසි තාතාති තං පවත්තිං ආචික්ඛි. සොණත්ථෙරො – “කථඤ්හි නාම මාදිසස්ස පිතා නිරයෙ නිබ්බත්තිස්සති, පතිට්ඨා’ස්ස භවිස්සාමී”ති සාමණෙරෙහි නානාපුප්ඵානි ආහරාපෙත්වා චෙතියඞ්ගණබොධියඞ්ගණෙසු තලසන්ථරණපූජං ආසනපූජඤ්ච කාරෙත්වා පිතරං මඤ්චෙන චෙතියඞ්ගණං ආහරිත්වා මඤ්චෙ නිසීදාපෙත්වා – “අයං මහාථෙර-පූජා තුම්හාකං අත්ථාය කතා ‘අයං මෙ භගවා දුග්ගතපණ්ණාකාරො’ති වත්වා භගවන්තං වන්දිත්වා චිත්තං පසාදෙහී”ති ආහ. සො මහාථෙරො පූජං දිස්වා තථා කරොන්තො චිත්තං පසාදෙසි, තාවදෙවස්ස දෙවලොකො උපට්ඨාසි, නන්දනවන-චිත්තලතාවන-මිස්සකවන-ඵාරුසකවනවිමානානි චෙව නාටකානි ච පරිවාරෙත්වා ඨිතානි විය අහෙසුං. සො “අපෙථ අපෙථ සොණා”ති ආහ. කිමිදං ථෙරාති? එතා තෙ, තාත, මාතරො ආගච්ඡන්තීති. ථෙරො “සග්ගො උපට්ඨිතො මහාථෙරස්සා”ති චින්තෙසි. එවං උපට්ඨානසමඞ්ගිතා චලතීති වෙදිතබ්බා. එතාසු සමඞ්ගිතාසු ඉධ ආයූහනචෙතනාකම්මසමඞ්ගිතාවසෙන කායදුච්චරිතසමඞ්ගීතිආදි වුත්තං.
ඒ සඳහා මේ කථා වස්තුවකි - සෝණ පර්වත පාදයෙහි පාචේලි නම් විහාරයෙහි සෝණ නම් ධර්මකථික භික්ෂුවක් වෙයි. උන්වහන්සේගේ පියා බල්ලන් ගෙන දඩයම් කරන්නෙක් විය. තෙරුන්වහන්සේ ඔහු වැළකු නමුත් සංවරයෙහි පිහිටුවන්නට නොහැකි වූයේ අසරණයා නොනැසේවයි. මහලු කාලයෙහි නොකැමැත්තෙන් පැවිදි කළේය. දැඩි සේ ගිලන්ව හොත් ඔහුට නිරයෙහි නිමිති එළඹ සිටියි. සෝණ පර්වත පාදයෙන් මහත් බල්ලන් දෙදෙනෙක් පැමිණ කනු කැමැතිව වටකළහ. ඔහු මහත් බිය වූයේ දරුව සෝණය, බල්ලන් වළකව. දරුව සෝණය. බල්ලන් වළකව යැයි කීය. මහා තෙරුන්වහන්සේ කුමක්දැයි ඇසුවේ දරුවන්ට නොපෙනේදැයි අසා ඒ ප්‍රවෘත්තිය කීය. සෝණ තෙරුන්වහන්සේ මා වැන්නෙකුගේ පියා කෙසේ නම් නිරයේ උපදින්නට හරින්නේ ද? මොහුට පිහිට වන්නෙමියි සාමණේරයන් ලවා නොයෙක් නොයෙක් මල් ගෙන්වාගෙන සෑ මළුව හා බෝ මළුව අතුරවා ගොඩ අතුරන පූජාවත් ආසන පූජාවත් කරවා පියා ඇඳක තබා සෑ මළුවට ගෙනවිත් ඇඳෙහි හිඳවා මහා තෙරුන් වහන්සේ මේ පූජාව ඔබ සඳහා කරන ලදහ. මෙය භාග්‍යවතුන් වහන්සේට දුප්පත් පඬුරක් යැයි කියා බුදුන් වැඳ සිත පහදා ගනුවයි කීය. මහා තෙරුන්වහන්සේ පූජාව දැක එසේ කරන්නේ සිත පහදා ගත්තේය. එකෙණෙහි ඔහුට දෙව්ලොව නිමිති එළඹෙන්නට විය. නන්දන උයන, චිත්තලතා උයන, මිස්සක උයන, ඵාරුසක උයන නා දෙව්විමන් ද නළඟනන් ද පිරිවරා සිටියාක් මෙන් විය. ඔහු සෝණය ඉවත් වෙව. සෝණය ඉවත් වේව යි කීය. කිමෙක් ද? තෙරුන් වහන්ස, මේ තොපගේ මව්වරු එත් යැයි කීය. තෙරුන්වහන්සේ පියාට ස්වර්ගය එළඹ සිටියේ යැයි සිතූහ. මෙසේ එළඹ සිටි නිමිති සෙළවෙන අයුරු දත යුතුය. මේ යුක්ත වෙත්. මෙහි කර්ම රැස්කිරීම් වශයෙන් කාය දුශ්චරිතයෙන් යුත් පුද්ගලයායි යනාදිය කියන ලදි.
එවං වුත්තෙ ආයස්මා ආනන්දොති “එවං භගවතා ඉමස්මිං සුත්තෙ වුත්තෙ ථෙරො ආදිතො පට්ඨාය සබ්බසුත්තං සමන්නාහරිත්වා එවං සස්සිරිකං කත්වා දෙසිතසුත්තස්ස නාම භගවතා නාමං න ගහිතං. හන්දස්ස නාමං ගණ්හාපෙස්සාමී”ති චින්තෙත්වා භගවන්තං එතදවොච.
එවං වුත්තෙ ආයස්මා ආනන්දොති මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළ කල්හි තෙරුන් වහන්සේ මුල පටන් සියලු සූත්‍රය ගෙනහැර දක්වා මෙසේ සශ්‍රීක කොට දේශනා කරන ලද සූත්‍රයට භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
තස්මා තිහ ත්වන්තිආදීසු අයං අත්ථයොජනා –
තස්මාතිහ ත්වන්ති ආදියෙහි මේ අර්ථ යෝජනාවය.
ආනන්ද, යස්මා ඉමස්මිං ධම්මපරියායෙ “අට්ඨාරස ඛො ඉමා, ආනන්ද, ධාතුයො, ඡ ඉමා, ආනන්ද, ධාතුයො”ති එවං බහුධාතුයො විභත්තා, තස්මා තිහ ත්වං ඉමං ධම්මපරියායං බහුධාතුකොතිපි නං ධාරෙහි. යස්මා පනෙත්ථ ධාතුආයතනපටිච්චසමුප්පාදට්ඨානාට්ඨානවසෙන චත්තාරො පරිවට්ටා කථිතා, තස්මා චතුපරිවට්ටොතිපි නං ධාරෙහි. යස්මා ච ආදාසං ඔලොකෙන්තස්ස මුඛනිමිත්තං විය ඉමං ධම්මපරියායං ඔලොකෙන්තස්ස එතෙ ධාතුආදයො අත්ථා පාකටා හොන්ති, තස්මා ධම්මාදාසොතිපි නං ධාරෙහි. යස්මා ච යථා නාම පරසෙනමද්දනා යොධා සඞ්ගාමතූරියං පග්ගහෙත්වා පරසෙනං පවිසිත්වා සපත්තෙ මද්දිත්වා අත්තනො ජයං ගණ්හන්ති, එවමෙව කිලෙසසෙනමද්දනා යොගිනො ඉධ වුත්තවසෙන විපස්සනං පග්ගහෙත්වා කිලෙසෙ මද්දිත්වා අත්තනො අරහත්තජයං ගණ්හන්ති, තස්මා අමතදුන්දුභීතිපි නං ධාරෙහි. යස්මා ච යථා සඞ්ගාමයොධා පඤ්චාවුධං ගහෙත්වා පරසෙනං විද්ධංසෙත්වා ජයං ගණ්හන්ති, එවං යොගිනොපි ඉධ වුත්තං විපස්සනාවුධං ගහෙත්වා කිලෙසසෙනං විද්ධංසෙත්වා අරහත්තජයං ගණ්හන්ති. තස්මා අනුත්තරො සඞ්ගාමවිජයොතිපි නං ධාරෙහීති.
ආනන්දය, යම්හෙයකින් මේ ධර්ම පර්යායෙහි මේ අටළොස් ධාතුහුය. මේ ෂඩ් ධාතුහුය යැයි බොහෝ සෙයින් බෙදන ලදි. තස්මා තිහ ත්වං ඉමං ධම්මපරියායං බහුධාතුකොති එහෙයින් ඔබ මේ ධර්ම පර්යායෙහි බොහෝ සෙයින් ධාතූන් බෙදන ලද හෙයින් බහුධාතුක යැයි දරන්න. යම්සේ මෙහි ධාතු ආයතන ප්‍රතීත්‍යසමුප්පාද පදට්ඨාන වශයෙන් සතර පරිවට්ටයන් කියන ලදි. එහෙයින් චතුපරිවට්ටය යැයි දරන්න. යම්සේ කණ්ණාඩියෙන් මුහුණ බලන්නහුගේ මෙන් මේ ධර්ම කොට්ඨාශ බලන්නහුට මේ ධාතු ආදීහු අර්ථ වශයෙන් ප්‍රකට වෙත්. එහෙයින් ධම්මාදාසොති යැයි දරන්න. යසේ සතුරු සෙනඟ මර්දනය කරන්නා වූ යෝධයෝ හේවිසි ගෙන සතුරු මුලට පැමිණ සතුරන් මැඩ තමහට ජය ගනිත් ද එපරිද්දෙන් කෙලෙස් මඩනා යෝගීහු මෙහි කියන ලද ක්‍රමයෙන් විදර්ශනාව දැඩිකොට ගෙන කෙලෙසුන් මැඩ තමා රහත්බව නැමැති ජය ගනිති. එහෙයින් අමතදුන්දුභීති යැයි දරන්න. යම්සේ යුදසෙබළෝ ආයුධපහ ගෙන සතුරන් විනාශකොට ජය ගනිත් ද එසේ යෝගාවචරයෝ ද මෙහි කියන ලද විදසුන් අවි දරා කෙලෙස් සතුරන් විනාශ කොට ජය ගනිත් ද එහෙයින් අනුත්තරො සංගාම විජයොති යැයි දරන්න.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය බහුධාතුකසුත්තවණ්ණනා නිට්ඨිතා.
බහුධාතුක සූත්‍ර වර්ණනාව නිමි.