යෙදුමෙන් කියවන්න

ඉසිගිලි සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

ඉසිගිලි සුත‍්තවණ‍්ණනා

ඉසිගිලි සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ඉසිගිලිසුත‍්තං. තත්‍ථ අඤ‍්ඤාව සමඤ‍්ඤා අහොසීති ඉසිගිලිස‍්ස ඉසිගිලීති සමඤ‍්ඤාය උප‍්පන‍්නකාලෙ වෙභාරො න වෙභාරොති පඤ‍්ඤායිත්‍ථ, අඤ‍්ඤායෙවස‍්ස සමඤ‍්ඤා අහොසි. අඤ‍්ඤා පඤ‍්ඤත‍්තීති ඉදං පුරිමපදස‍්සෙව වෙවචනං. සෙසෙසුපි එසෙව නයො.

එවම්මෙසුතන්ති ඉසිගිලි සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි අඤ්ඤාව සමඤ්ඤා අහොසීති ඉසිගිලියට සෘෂීන් ගිලින්නා යැයි නම උපන් කල්හි වේහාර නමින් එය ප්‍රකට නොවීය. වෙනත් නමකින් ම ප්‍රකට විය. අඤ්ඤාපඤ්ඤත්තීති මෙය මුලින් කී පදයට පර්යායකි. ඉතිරියෙහි ද මේ ක්‍රමයයි.

තදා කිර භගවා සායන‍්හසමයෙ සමාපත‍්තිතො වුට‍්ඨාය ගන්‍ධකුටිතො නික‍්ඛමිත්‍වා යස‍්මිං ඨානෙ නිසින‍්නානං පඤ‍්ච පබ‍්බතා පඤ‍්ඤායන‍්ති, තත්‍ථ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො නිසීදිත්‍වා ඉමෙ පඤ‍්ච පබ‍්බතෙ පටිපාටියා ආචික‍්ඛි. තත්‍ථ න භගවතො පබ‍්බතෙහි අත්‍ථො අත්‍ථි, ඉති ඉමෙසු පන පබ‍්බතෙසු පටිපාටියා කථියමානෙසු ඉසිගිලිස‍්ස ඉසිගිලිභාවො කථෙතබ‍්බො හොති. තස‍්මිං කථියමානෙ පදුමවතියා පුත‍්තානං පඤ‍්චසතානං පච‍්චෙකබුද‍්ධානං නාමානි චෙව පදුමවතියා ච පත්‍ථනා කථෙතබ‍්බා භවිස‍්සතීති භගවා ඉමං පඤ‍්ච පබ‍්බතපටිපාටිං ආචික‍්ඛි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි සමවතින් නැගී සිට ගඳකිළියෙන් නික්මී යම් තැනක සිටිනවුන්ට පංච පර්වතයන් පෙනෙත් ද එතැන භික්‍ෂු සංඝයා පිරිවරා වැඩහිඳ මේ පර්වත පහ පිළිබඳව පිළිවෙළින් දෙසූහ. එහි දී භාග්‍යවතුන් වහන්සේට පර්වතයන්ගෙන් වැඩක් නොවීය. මෙසේ මේ පර්වත පහ ගැන පිළිවෙළින් කියනු ලබන කල්හි ඉසිගිලිය සෘෂිවරුන් ගිලින බව කිවයුතු වෙයි. එසේ කියනු ලබන කල්හි පද්මාවතීගේ පුත්‍රයන් වූ පන්සියයක් පසේබුදුවරුන්ගේ නම් ද පද්මාවතියගේ ප්‍රාර්ථනාවන් ද කිවයුතු වන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ පර්වතයන් ගැන පිළිවෙළින් දෙසූහ.

පවිසන‍්තා දිස‍්සන‍්ති පවිට‍්ඨා න දිස‍්සන‍්තීති යථාඵාසුකට‍්ඨානෙ පිණ‍්ඩාය චරිත්‍වා කතභත‍්තකිච‍්චා ආගන‍්ත්‍වා චෙතියගබ‍්භෙ යමකමහාද‍්වාරං විවරන‍්තා විය තං පබ‍්බතං ද‍්වෙධා කත්‍වා අන‍්තො පවිසිත්‍වා රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානානි මාපෙත්‍වා තත්‍ථ වසිංසු, තස‍්මා එවමාහ. ඉමෙ ඉසීති ඉමෙ පච‍්චෙකබුද‍්ධඉසී.

පවිසන්තා දිස්සන්ති පවිට්ඨා න දිස්සන්තීති යසේ පහසු තැනක පිඬු පිණිස හැසිර නිම කරන ලද බත්කිස ඇත්තාහු අවුත් චෛත්‍ය ගර්භයෙහි යුගල මහා දොරටුව විවෘත කරන්නාක් මෙන් ඒ පර්වතය දෙකඩ කොට ඇතුළට පිවිස රාත්‍රී ස්ථාන දහවල් ස්ථාන මවා එහි විසූහ. එහෙයින් මෙසේ වදාළහ. ඉමෙ ඉසීති මේ පසේබුදු සෘෂිවරුන්

කදා පන තෙ තත්‍ථ වසිංසු? අතීතෙ කිර අනුප‍්පන‍්නෙ තථාගතෙ බාරාණසිං උපනිස‍්සාය එකස‍්මිං ගාමකෙ එකා කුලධීතා ඛෙත‍්තං රක‍්ඛමානා එකස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස පඤ‍්චහි ලාජාසතෙහි සද‍්ධිං එකං පදුමපුප‍්ඵං දත්‍වා පඤ‍්ච පුත‍්තසතානි පත්‍ථෙසි. තස‍්මිංයෙව ච ඛණෙ පඤ‍්චසතා මිගලුද‍්දකා මධුරමංසං දත්‍වා “එතිස‍්සා පුත‍්තා භවෙය්‍යාමා”ති පත්‍ථයිංසු. සා යාවතායුකං ඨත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තා, තතො චුතා ජාතස‍්සරෙ පදුමගබ‍්භෙ නිබ‍්බත‍්ති. තමෙකො තාපසො දිස‍්වා පටිජග‍්ගි, තස‍්සා විචරන‍්තියාව පාදුද‍්ධාරෙ පාදුද‍්ධාරෙ භූමිතො පදුමානි උට‍්ඨහන‍්ති. එකො වනචරකො දිස‍්වා බාරාණසිරඤ‍්ඤො ආරොචෙසි. රාජා නං ආහරාපෙත්‍වා අග‍්ගමහෙසිං අකාසි, තස‍්සා ගබ‍්භො සණ‍්ඨාසි. මහාපදුමකුමාරො මාතුකුච‍්ඡියං වසි, සෙසා ගබ‍්භමලං නිස‍්සා නිබ‍්බත‍්තා. වයප‍්පත‍්තා උය්‍යානෙ පදුමස‍්සරෙ කීළන‍්තා එකෙකස‍්මිං පදුමෙ නිසීදිත්‍වා ඛයවයං පට‍්ඨපෙත්‍වා පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තයිංසු. අයං තෙසං බ්‍යාකරණගාථා අහොසි –

කවරකලෙක මෙහි වාසය කළාහු ද? බුදුරදුන් නූපන් අතීතයෙහි බරණැස ඇසුරු කොටගෙන එක් ගමක එක් කුලදුවක් කුඹුර රකින්නේ පසේ බුදුවරයන් වහන්සේ නමකට ලාජ පන්සියයක් සමඟ නෙලුම් මලක් පුදා පුතුන් පන්සියයක් පැතුවාය. ඒ මොහොතෙහි ම පන්සියයක් මුව වැද්දෝ මී හා මස් පුදා ඇයට පුතුන් වන්නෙමුයි පැතූහ. දිවි ඇතිතෙක් සිට දෙව්ලොව උපන්නී එයින් චුතව ස්වයං ජාත විලෙහි පද්ම ගර්භයක උපන්නීය. තවුසෙක් ඇය දැක පෝෂණය කළේය. ඇය ඇවිදින කල්හි පය තබන තබන තැනින් පියුම් නැගෙත්. වනයේ හැසිරෙන්නෙක් ඇය දැක බරණැස් රජුට දැන්වීය. රජු ඇය ගෙන්වාගෙන අගමෙහෙසිය කළේය. ඇයට ගැබක් පිහිටියේය. මහාපදුම කුමාර තෙමේ මව්කුසෙහි වාසය කළේය. සෙස්සෝ ගැබ්මල ඇසුරුකොට උපන්නාහ. ඔවුහු වැඩිවියට පත්වූවාහු උයනේ විලේ ක්‍රීඩා කරන්නාහු එක එක නෙලුමක හිඳ අනිත්‍යතාව සිහිකොට පසේබුදු බව අවබෝධ කළහ. මේ ඔවුන්ගේ ප්‍රකාශනයයි.

“සරොරුහං පදුමපලාසපත‍්තජං, සුපුප‍්ඵිතං භමරගණානුචිණ‍්ණං; අනිච‍්චතායුපගතං විදිත්‍වා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

නිරන්තරයෙන් බඹර සමූහයා විසින් ඇසුරු කරන ලද විලෙහි පිපුණු පියුමක හිඳ අනිත්‍යතාව දැන මැනවින් සිහිකොට කඟවේනෙකු මෙන් තනිව ම සැරිසරයි.

තස‍්මිං කාලෙ තෙ තත්‍ථ වසිංසු, තදා චස‍්ස පබ‍්බතස‍්ස ඉසිගිලීති සමඤ‍්ඤා උදපාදි.

එකල්හි ඔවුහු එහි වාසය කළාහුය. එකල්හි මේ පර්වතයට ඉසිගිලි යන නම ඇති විය.

යෙ සත‍්තසාරාති අරිට‍්ඨො උපරිට‍්ඨො තගරසිඛී යසස‍්සී සුදස‍්සනො පියදස‍්සී ගන්‍ධාරො පිණ‍්ඩොලො උපාසභො නීතො තථො සුතවා භාවිතත‍්තොති තෙරසන‍්නං පච‍්චෙකබුද‍්ධානං නාමානි වත්‍වා ඉදානි තෙසඤ‍්ච අඤ‍්ඤෙසඤ‍්ච ගාථාබන්‍ධෙන නාමානි ආචික‍්ඛන‍්තො යෙ සත‍්තසාරාතිආදිමාහ. තත්‍ථ සත‍්තසාරාති සත‍්තානං සාරභූතා. අනීඝාති නිද‍්දුක‍්ඛා. නිරාසාති නිත‍්තණ‍්හා.

යෙ සත්තසාරාති අරිට්ය. උපරිට්ඨ, තගරසිඛී, යසස්සී, සුදස්සන, පියදස්සී, ගන්ධාර, පිණ්ඩෝල, උපාසභ, නීථ, තථ, සුතවා, භාවිතත යන තෙළෙස් පසේබුදුවරයන් වහන්සේලාගේ නම් කියා ගාථා බන්ධනයකින් ඔවුන්ගේත් අන්‍යයන්ගේත් නම් ප්‍රකාශ කරන්නේ යෙ සන්තසාරාති ආදියෙන් කීහ. එහි සත්තසාරාති සත්ත්වයන් අතුරෙන් සාරවත් වූ යන අදහසයි. අනීඝාති දුක් නැති නිරාසාති තෘෂ්ණාවන් නැති

ද‍්වෙ ජාලිනොති චූළජාලි මහාජාලීති ද‍්වෙ ජාලිනාමකා. සන‍්තචිත‍්තොති ඉදම‍්පි එකස‍්ස නාමමෙව. පස‍්සි ජහි උපධිදුක‍්ඛමූලන‍්ති එත්‍ථ පස‍්සි නාම සො පච‍්චෙකබුද‍්ධො, දුක‍්ඛස‍්ස පන මූලං උපධිං ජහීති අයමස‍්ස ථුති. අපරාජිතොතිපි එකස‍්ස නාමමෙව.

ද්වෙ ජාලිනොති කුඩාජාලිය මහාජාලිය යැයි දෙදෙනෙකුගේ නම් ය. සත්තචිත්තොති මෙය ද එක් අයෙකුගේ නමකි. පස්සී ජහී උපධිං දුක්ඛමූලන්ති මෙහි පස්සි නම් ඒ පසේබුදුරදුන් දුකට කාරණා වූ කෙලෙස් හළේය යන මෙය ස්තූති සඳහාය. අපරාජිතොපි එක් අයෙකුගේ නමකි.

සත්‍ථා පවත‍්තා සරභඞ‍්ගො ලොමහංසො උච‍්චඞ‍්ගමායොති ඉමෙ පඤ‍්ච ජනා. අසිතො අනාසවො මනොමයොති ඉමෙපි තයො ජනා. මානච‍්ඡිදො ච බන්‍ධුමාති බන්‍ධුමා නාම එකො, මානස‍්ස පන ඡින‍්නත‍්තා මානච‍්ඡිදොති වුත‍්තො. තදාධිමුත‍්තොතිපි නාමමෙව.

සත්‍ථා පවත්තා සරභංගො ලොමහංසො උච්චංගමායොති සත්ථ, පවත්ත, සරභංග, ලෝමහංස, උච්චංගමය යන පස්දෙනාගේ නම් ය. අසිතො අනාසවො මනොමයොති අසිත. අනාසව, මනෝමය යන තුන්දෙනාගේ නම් ය. මානච්ඡිදොච බන්‍ධුමාති බන්ධුමා නම් තැනැත්තා මානයන් සිඳ ලූ බැවින් මානච්ඡිද්ද යැයි කියන ලදි. තදාධිමුත්තොතිපි යනුද නමකි.

කෙතුම‍්භරාගො ච මාතඞ‍්ගො අරියොති ඉමෙ තයො ජනා. අථච‍්චුතොති අථ අච‍්චුතො. අච‍්චුතගාමබ්‍යාමඞ‍්කොති ඉමෙ ද‍්වෙ ජනා. ඛෙමාභිරතො ච සොරතොති ඉමෙ ද‍්වෙයෙව.

කෙතුම්බරාගො ච මාතංගො අරියොති කෙතුම්බරාග, මාතංග, ආර්ය යන තුන්දෙනාය. අථච්චුතොති අථ අච්චුත යන පද දෙකයි. අච්චුතගාමඛ්‍යාමකොති අච්චුත, ගාමඛ්‍යාම යන දෙදෙනායි. ඛෙමාභිරතො ච සොරතොති ඛේමාභිරත හා සෝරත යන දෙදෙනායි.

සය‍්හො අනොමනික‍්කමොති සය‍්හො නාම සො බුද‍්ධො, අනොමවීරියත‍්තා පන අනොමනික‍්කමොති වුත‍්තො. ආනන්‍දො නන්‍දො උපනන්‍දො ද‍්වාදසාති චත‍්තාරො ආනන්‍දා, චත‍්තාරො නන්‍දා චත‍්තාරො උපනන්‍දාති එවං ද‍්වාදස. භාරද‍්වාජො අන‍්තිමදෙහධාරීති භාරද‍්වාජො නාම සො බුද‍්ධො. අන‍්තිමදෙහධාරීති ථුති.

සය්හො අනොමනික්කමොති සය්හෝ යනු නමයි. ඒ පසේබුදුරදුන් අලාමක වීර්ය ඇති හෙයින් අනෝමනික්කම යැයි කියන ලදී. ආනන්‍ද නන්‍දො උපනන්‍දො ද්වාදසාති ආනන්දලා හතර දෙනෙකුත් නන්දලා හතර දෙනෙකුත් උපනන්දලා හතර දෙනෙකුත් බැගින් දොළොස් දෙනෙක් වේ. භාරද්වාජො අන්තිමදෙහධාරීති භාරද්වාජ නම් ඒ පසේබුදුරදුන් අන්තිම දේහධාරීය.

තණ‍්හච‍්ඡිදොති සිඛරිස‍්සායං ථුති. වීතරාගොති මඞ‍්ගලස‍්ස ථුති. උසභච‍්ඡිදා ජාලිනිං දුක‍්ඛමූලන‍්ති උසභො නාම සො බුද‍්ධො දුක‍්ඛමූලභූතං ජාලිනිං අච‍්ඡිදාති අත්‍ථො. සන‍්තං පදං අජ‍්ඣගමොපනීතොති උපනීතො නාම සො බුද‍්ධො සන‍්තං පදං අජ‍්ඣගමා. වීතරාගොතිපි එකස‍්ස නාමමෙව. සුවිමුත‍්තචිත‍්තොති අයං කණ‍්හස‍්ස ථුති.

තණ්හච්ඡිදොති සීදරි නම් පසේබුදුරදුන්ට ස්තූතිය පිණිසය. වීතරාගොතිපි මංගල නම් පසේබුදුරදුන්ට ස්තූතිය පිණිසය. උසහච්ඡිදා ජාලිනිං දුක්ඛමූලන්ති උසභ නම් ඒ පසේබුදුරදුන් දුකට කාරණා වූ තෘෂ්ණාව සින්දේය යන තේරුමයි. සන්තං පදං අජ්ඣගමූපනීතොති උපනීත නම් ඒ පසේබුදුරදුන් ශාන්ති පදයට පැමිණියේය. වීතරාගොතිපි එක් අයෙකුගේ නමකි. සුවිමුත්තචිත්තොති මේ කණ්හ නම් පසේබුදුරදුන්ට ස්තූතිය පිණිසය.

එතෙ ච අඤ‍්ඤෙ චාති එතෙ පාළියං ආගතා ච පාළියං අනාගතා අඤ‍්ඤෙ ච එතෙසං එකනාමකායෙව. ඉමෙසු හි පඤ‍්චසු පච‍්චෙකබුද‍්ධසතෙසු ද‍්වෙපි තයොපි දසපි ද‍්වාදසපි ආනන්‍දාදයො විය එකනාමකා අහෙසුං. ඉති පාළියං ආගතනාමෙහෙව සබ‍්බෙසං නාමානි වුත‍්තානි හොන‍්තීති ඉතො පරං විසුං විසුං අවත්‍වා “එතෙ ච අඤ‍්ඤෙ චා”ති ආහ. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එතෙ ච අඤ්ඤෙ චාති පෙළෙහි ආවා වූ හෝ නොආවාවූ හෝ අනෙත් අයගේ නම් ය. මේ පන්සියයක් පසේබුදුවරුන් අතරෙහි දෙතුන්දෙන දහදොළොස්දෙන ආනන්ද යනාදිය මෙන් එක නම් ඇත්තෝ වූහ. මෙසේ පෙළේ ආවා වූ නම්වලින් ම සියල්ලන්ගේ නම් කියන ලදි. මින්පසු වෙන වෙනම නොකියා මොවුන් හා ඔවුන් යනුවෙන් කියයි. ඉතිරිය සියලු තැන්හිම උක්ත ප්‍රකාරමැයි.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය ඉසිගිලිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ඉසිගිලි සූත්‍ර වර්ණනාව නිමි.