ඉසිගිලි සුත්තං
3. 2. 6.
3. 2. 6.
ඉසිගිලි සුත්තං
ඉසිගිලි සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ඉසිගිලිස්මිං පබ්බතෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පව්වෙහි වැඩවසන සේක. එකල්හි එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යී භික්ෂූන් අඬගාවදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල ඉසිගිලි සුත වදාළ සේක:
පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං වෙභාරං පබ්බතන්ති.
මහණෙනි, තෙපි තෙල වෙභාර පර්වතය දක්නාහු නො දැ’ යි.
එවං භන්තෙ.
එසේ යැ වහන්ස,
එතස්සපි ඛො භික්ඛවෙ, වෙභාරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති, පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං පණ්ඩවං පබ්බතන්ති.
මහණෙනි තෙල පෙනෙන වෙභාර පර්වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල පාණ්ඩව පර්වතය දක්නාහු නො දැ’ යි.
එවං භන්තෙ.
එසේ යැ වහන්ස.
එතස්සපි ඛො භික්ඛවෙ, පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති. පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං වෙපුල්ලං පබ්බතන්ති.
මහණෙනි, තෙල පෙනෙන පාණ්ඩව පර්වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල වෛපුල්‍ය පර්වතය දක්නාහු නො දැ’ යි.
එවං භන්තෙ.
එසේ යැ වහන්ස.
එතස්සපි ඛො භික්ඛවෙ, වෙපුල්ලස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති. පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං ගිජ්ඣකූටං පබ්බතන්ති.
මහණෙනි, තෙල පෙනෙන වෛපුල්‍ය පර්වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල ගෘධ්‍රකූට පර්වතය දක්නාහු නො දැ’ යි.
එවං භන්තෙ.
එසේ යැ වහන්ස.
එතස්සපි ඛො භික්ඛවෙ, ගිජ්ඣකූටස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති. පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, ඉමං ඉසිගිලිං පබ්බතන්ති.
මහණෙනි, තෙල පෙනෙන ගෘධ්‍රකූට පර්වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්රඥප්තියක් වී. මහණෙනි, තෙපි මේ ඉසිගිලි පර්වතය දක්නාහු නො දැ’ යි.
එවං භන්තෙ.
එසේ යැ වහන්ස.
ඉමස්ස ඛො භික්ඛවෙ, ඉසිගිලිස්ස පබ්බතස්ස එසාව සමඤ්ඤා අහොසි එසා පඤ්ඤත්ති.
මහණෙනි, මේ ඉසිගිලි පර්වතයට තෙල සංඥාව මැ විය, තෙල ප්රඥප්තිය වී.
භූතපුබ්බං භික්ඛවෙ, පඤ්ච පච්චෙකබුද්ධසතානි ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසිනො අහෙසුං. තෙ ඉමං පබ්බතං පවිසන්තා දිස්සන්ති, පවිට්ඨා න දිස්සන්ති. තමෙන මනුස්සා දිස්වා එවමාහංසු: ‘අයං පබ්බතො ඉමෙ ඉසී ගිලතී’ති ඉසිගිලි ඉසිගිලීත්වෙව සමඤ්ඤා උදපාදි. ආචික්ඛිස්සාමි භික්ඛවෙ, පච්චෙකබුද්ධානං නාමානි. කිත්තයිස්සාමි භික්ඛවෙ, පච්චෙකබුද්ධානං නාමානි. දෙසෙස්සාමි භික්ඛවෙ, පච්චෙකබුද්ධානං නාමානි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති.
මහණෙනි, භූත පූර්වයෙකි: මේ ඉසිගිලි පර්වතයෙහි පන්සියක් පසේබුදුහු බොහෝ කලක් වාසය කළාහුය. ඔහු මේ පර්වතයට පිවිසෙන්නාහු දක්නා ලැබෙති, පිවිසියාහු නො දක්නා ලැබෙත්. එ දැක මනුෂ්‍යයෝ මෙසේ කීහු: ‘මේ පර්වත මේ ප්රත්යෙක බුද්ධ ඍෂීන් ගිලගනී’ යයි. එහෙයින් ‘ඉසිගිලි ඉසිගිලි’ යි කියා මැ නම් උපන. මහණෙනි, පසේබුදුවරුන්ගේ නම් පවසන්නෙමි. මහණෙනි, පසේ බුදුවරුන්ගේ නම් කීර්තනය, කරන්නෙමි. මහණෙනි, පසේ බුදුවරයන්ගේ නම් දෙසන්නෙමි. ඒ අසව්, මොනොවට මෙනෙහි කරව්, කියන්නෙමි’ යි.
එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
එසේ යැ වහන්සැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
අරිට්ඨො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. උපරිට්ඨො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. තගරසිඛී නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. යසස්සී නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. සුදස්සනො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. පියදස්සී නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. ගන්ධාරො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. පිණ්ඩොලො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. උපාසභො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. නීතො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. තථො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. සුතවා නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. භාවිතත්තො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි.
මහණෙනි, අරිට්ඨ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි බොහෝ කල් විසූහ. මහණෙනි, උපරිට්ඨ නම් පසේ බුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, තගරසිඛී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, යසස්සී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, සුදස්සන නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, පියදස්සී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, ගන්ධාර නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, පිණ්ඩෝල නම් පසේ බුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, උපාසභ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, නීත නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, තථ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, සුතවන්තු නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි බොහෝ කල් විසූහ. මහණෙනි, භාවිතත්ත නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ’යි.
යෙ සත්තසාරා අනීඝා නිරාසා, පච්චෙකමෙවජ්ඣගමුං සුබොධිං තෙසං විසල්ලාන නරුත්තමානං නාමානි මෙ කිත්තයතො සුණාථ.
සත්ත්වයන් කෙරෙහි සාර වූ හෙවත් උත්තම සත්ත්ව වූ නිදුක් වූ නිස්තෘෂ්ණ වූ යම් පසේබුදු කෙනෙක් වෙන වෙන මැ සතර මාර්ගඥාන බෝධිය අවබෝධ කළාහු ද විගත වූ රාගාදී ශල්‍ය ඇති ඒ නරෝත්තමයන් ගේ නාමයන් කීර්තනය කරන්නාවූ මාගේ බසින් අසව්.
අරිට්ඨො උපරිට්ඨො තගරසිඛී යසස්සී සුදස්සනො පියදස්සී ච බුද්ධො ගන්ධාරො පිණ්ඩොලො උපාසභො ච නීතො තථො සුතවා භාවිතත්තො.
අරිට්ඨ යැ, උපරිට්ඨ යැ, තගරසිඛී යැ, යසස්සී යැ, සුදස්සන යැ, පියදස්සී බුද්ධ යැ, ගන්ධාර යැ, පිණ්ඩෝල යැ, උපාසභ යැ, නීත යැ, තථ යැ, සුතවන්තු යැ, භාවිතත්ත යැ, යන පසේබුදුහු ද,
සුම්භො සුභො මෙථුලො අට්ඨමො ච අථස්සුමෙඝො අනීඝො සුදාඨො, පච්චෙකබුද්ධා භවනෙත්තිඛීණා හිඞ්ගූ ච හිඞ්ගො ච මහානුභාවා.
සුම්භ යැ, සුභ යැ, මෙථුල යැ, අට්ඨම යැ, යළි සුමේඝ යැ, අනීඝ යැ, සුදාඨ යැ, හිඞ්ග යැ, යන මහත් අනුභාව ඇති භවනෙත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණා ක්ෂය කළ පසේ බුදුහු යැ-
ද්වෙ ජාලිනො මුනිනො අට්ඨකො ච අථ කොසලො බුද්ධො අථො සුබාහු, උපනෙමිසො නෙමිසො සන්තචිත්තො සච්චො තථො විරජො පණ්ඩිතො ච.
චුල්ලජාලී මහාජාලී යැයි ජාලී නම් ඇති දෙ මුනිහු යැ, අරිට්ඨක බුදුහු යැ. නැවත කෝසල බුද්ධ යැ. යළි සුබාහු යැ, උපනෙමිස යැ, නෙමිස යැ, සන්ත චිත්ත යැ, සච්ච යැ, තථ යැ, විරජ යැ, පණ්ඩිත යැ, යන පසේබුදුහු ද-
කාලූපකාලා විජිතො ජිතො ච අඞ්ගො ච පඞ්ගො ච ගුත්තිජිතො ච, පස්සී ජහී උපධිං දුක්ඛමූලං අපරාජිතො මාරබලං අජෙසි.
කාල උපකාල යන දෙ බුදුහු යැ, විජිත යැ, ජිත යැ, අඞ්ග යැ, පඞ්ග යැ, ගුතිජ්ජිත යැ, පස්සී නම් ඒ පසේබුදුහු ස්කන්ධ දුඃඛයට මුල වූ උපධි හළය. අපරාජිත නම් පසේබුදුහු මාරබල දිනූය.
සත්ථා පවත්තා සරභඞ්ගො ලොමහංසො උච්චඞ්ගමායො අසිතො අනාසවො, මනොමයො මානච්ඡිදො ච බන්ධුමා තදාධිමුත්තො විමලො ච කෙතුමා.
සත්ථු, පවත්තු, සරභඞ්ග, ලෝමහංස, උච්චඞ්ගමාය, යන නම් ඇති පස් පසේබුදුහු යැ, අසිත, අනාසව, මනෝමය, යන තුන් පසේබුදුහු යැ, නවවිධ මාන පසුන් කළ බන්ධුමන්තු නම් පසේබුදුහු යැ, තදාධිමුත්ත යැ, විමල යැ, කේතුමන්තු යැ, යන පසේ බුදුහු ද-
කෙතුම්බරාගො ච මාතඞ්ගො අරියො අථච්චුතො අච්චුතගාමබ්යාමකො, සුමඞ්ගලො දබ්බිලො සුප්පතිට්ඨිතො අසය්හො ඛෙමාභිරතො ච සොරතො.
කෙතුම්බරාග යැ, මාතඞ්ග යැ, අරිය යැ, යන තුන් පසේ බුදුහු යැ, යළි අච්චුත යැ, අච්චුතගාමබ්‍යාමක යැ, යන පසේබුදුහු දෙදෙන යැ, සුමංගල, දබ්බිල, සුප්පතිට්ඨිත, අසය්හ යන පසේබුදුහු යැ, ඛේමාභීරත යැ, සොරත යැ, යන පසේ බුදුහු දෙදෙන ද-
දුරන්නයො සඞ්ඝො අථොපි උච්චයො අපරො මුනී සයිහො අනොමනික්කමො, ආනන්දනන්දො උපනන්දො ද්වාදස භාරද්වාජො අන්තිමදෙහධාරී.
දුරන්නය, සඞ්ඝ, යන පසේ බුදුහු යැ, යළිදු උච්ච යැ, අලාමක වීර්‍ය්‍ය ඇති සය්හ නම් අන්‍යත් පසේබුදු මුනිවරයෙකැ, ආනන්ද, නන්ද, උපනන්ද, සියු දෙනකුන් බැගින් දොළොස් පසේබුදු කෙනෙකැ, අන්තිම ශරීරය ධරන භාරද්වාජ නම් පසේ බුදුහු ද-
බොධී මහානාමො අථොපි උත්තරො කෙසී සිඛී සුන්දරො භාරද්වාජො තිස්සූපතිස්සා භවබන්ධනච්ඡිදා උපසීදරී තණ්හච්ඡිදො ච සීදරී.
බෝධි, මහානාම යන පසේ බුහු යැ, යළිදු උත්තර, කේසී, සිඛී, සුන්දර, භාරද්වාජ යන පස් පසේබුදුහු යැ. බවබැඳුම් පසුන් කළ තිස්ස, උපතිස්ස යන පසේබුදුහු දෙදෙන යැ, උපසීදරී නම් පසේබුදුහු යැ, තෘෂ්ණා පසුන් කළ සීදරී නම් පසේබුදුහු ද-
බුද්ධො අහු මඞ්ගලො වීතරාගො උසභච්ඡිදා ජාලිනිං දුක්ඛමූලං, සන්තං පදං අජ්ඣගමූපනීතො උපොසථො සුන්දරො සච්චනාමො.
වීතරාග වූ මංගල පසේබුදුහු ද වූහ. උසභ නම් පසේබුදුහු පස්කඳදුකට මුල් වූ තෘෂ්ණාජාලිනිය සුන් කළය. උපනීත නම් පසේබුදුහු ශාන්ත නිර්වාණපදය අධිගම කළය. උපෝසථ සුන්දර සච්චනාම යන තුන් පසේ බුදුහු ද-
ජෙතො ජයන්තො පදුමො උප්පලො ච පදුමුත්තරො රක්ඛිතො පබ්බතො ච, මානත්ථද්ධො සොභිතො වීතරාගො කණ්හො ච බුද්ධො සුවිමුත්තචිත්තො.
ජේත ජයන්ත, පදුම, උප්පල, යන සියු පසේබුදුහු ද, පදුමුත්තර, රක්ඛිත, පබ්බත, යන තුන් පසේබුදුහු ද, මානත්ථද්ධ, සෝභිත, වීතරාග, යන පසේබුදුහු ද, මොනොවට කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති කණ්හ නම් පසේබුදුහු ද යන-
එතෙ ච අඤ්ඤෙ ච මහානුභාවා පච්චෙකබුද්ධා භවනෙත්තිඛීණා. තෙ සබ්බසඞ්ගාතිගතෙ මහෙසී පරිනිබ්බුතෙ වන්දථ අප්පමෙය්යෙ’ති.
නාම විසින් පෙළ ආ තෙල පසේබුදුහු ද, ගුණු භාවතෘෂ්ණා ඇති මහත් අනුභාව ඇති (පසේ බුදුන් පන්සියක් කෙරෙහිපෙළ නො ආ) අන්‍ය වූත් යම් පසේබුදු කෙනෙක් ඇද්ද, සියලු ක්ලේශසඞ්ගයන් ඉක්මවා ගිය ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් වන් ගුණ විසින් අප්‍රමේය වූ ඒ ප්‍රත්‍යෙකබුද්ධ මහර්ෂින්හට නමස්කාර කරව’යි.
ඉසිගිලිසුත්තං ඡට්ඨං.
සවැනි ඉසිගිලි සූත්‍ර යි.