බහුධාතුක සුත්තං
3. 2. 5.
3. 2. 5.
බහුධාතුක සුත්තං
බහුධාතුක සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේවඩු මහසිටුහු ගේ අරම්හි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල බහුධාතුක සුත වදාළ සේක.
යානි කානිචි භික්ඛවෙ, භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො. යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො. යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො. සෙය්යථාපි භික්ඛවෙ, නළාගාරො වා තිණාගාරො වා අග්ගිමුක්කො කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුස්සිතග්ගළානි පිහිතවාතපානානි. එවමෙව ඛො භික්ඛවෙ, යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො. යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො. ඉති ඛො භික්ඛවෙ, සප්පටිභයො බාලො අප්පටිභයො පණ්ඩිතො. සඋපද්දවො බාලො අනුපද්දවො පණ්ඩිතො. සඋපසග්ගො බාලො අනුපසග්ගො පණ්ඩිතො. නත්ථි භික්ඛවෙ, පණ්ඩිතතො භයං. නත්ථි පණ්ඩිතතො උපද්දවො. නත්ථි පණ්ඩිතතො උපසග්ගො. තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: පණ්ඩිතා භවිස්සාම විමංසකාති, එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, ගිනි ඇවිළැගත් නළ (බට) සෙවෙනිගෙයක් වේවයි තණ සෙවෙනි ගෙයක් වේවයි ඇතුළත පිටත සුණු පිරියම් කළ වැළැහු වාත ප්‍රවේශ ඇති පැහැසු දොර කවුළු ඇති පියු වාතපාන ඇති කුළුගෙවලුදු යම් සේ දවා ද, එසෙයින් මැ මහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනා හු ද එ හැමබාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, මෙසේ බාල සප්‍රතිභය වෙයි, පණ්ඩිත අප්‍රතිභය වේ. බාල උපද්‍රව සහිත වෙයි, පණ්ඩිත අනුපද්‍රව වේ. බාල උපසර්ග සහිත වෙයි, පණ්ඩිත අනුපසර්ග වේ. මහණෙනි, පණ්ඩිතයා නිසා භයෙක් නැත, පණ්ඩිතයා නිසා උපද්‍රවයෙක් නැත, පණ්ඩිතයා නිසා උපසර්ගයෙක් නැත්. එ හෙයින් මහණෙනි, මෙහි ලා පණ්ඩිත වන්නම් හ. විමංසක වන්නම්හ,යි මෙසේ හික්මිය යුතු. මහණෙනි තොප විසින් මෙසේ ම හික්මිය යුතු යයි.
එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: කිත්තාවතා නු ඛො භන්තෙ, පණ්ඩිතො භික්ඛු වීමංසකොති අලං වචනායාති.
මෙසේ වදාළ කල්හි ආනන්දයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, කිපමණෙකින් මහණ පණ්ඩිත යැ විමංසක යැ යි කියන්නට නිසි වේදැයි.
යතො ඛො ආනන්ද, භික්ඛු ධාතුකුසලො ච හොති, ආයතනකුසලො ච හොති, පටිච්චසමුප්පාදකුසලො ච හොති, ඨානාඨානකුසලො ච හොති. එත්තාවතා ඛො ආනන්ද, පණ්ඩිතො භික්ඛු වීමංසකොති අලං වචනායාති.
ආනන්දය, මහණ යම් හෙයකින් ධාතු කුශල වේ ද, ආයතනකුශල වේ ද, ප්‍රතීත්‍යසමුත්පාද කුශල වේ ද, ස්ථානාස්ථානකුශල වේ ද, ආනන්දය, මෙතෙකින් මහණ පණ්ඩිත යැ විමසෙක යැ,යි කියන්නට නිසි වේ යයි.
කිත්තාවතා පන භන්තෙ, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
යළි වහන්ස, කිපමණෙකින් ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ දැ,යි.
අට්ඨාරස ඛො ඉමා ආනන්ද, ධාතුයො: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතූති. ඉමා ඛො ආනන්ද, අට්ඨාරස ධාතුයො යතො ජානාති පස්සති, එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
ආනන්දය, මේ අටළොස් ධාතු කෙනෙක් වෙති: චක්‍ෂුර්ධාතු රූප ධාතු චක්‍ෂුර්විඥානධාතු යැ, ශ්‍රෝත්‍රධාතු ශබ්ද ධාතු ශ්රෝතවිඥානධාතු යැ, ඝ්‍රාණ ධාතු ගන්ධධාතු ඝ්‍රාණවිඥාන ධාතු යැ, ජිහ්වාධාතු රස ධාතු ජිහ්වාවිඥානධාතු යැ, කායධාතු ස්ප්‍රෂ්ටව්‍යධාතු කායවිඥාන ධාතු යැ, මනෝධාතු ධර්මධාතු මනෝවිඥානධාතු යි. ආනන්දය, යම් හෙයකින් මේ අටළොස් ධාතුන් දනී ද, දකී ද, ආනන්දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැ,යි කියන්නට නිසි වේ යයි.
සියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ’යි.
සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයො: පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු ආකාසධාතු විඤ්ඤාණධාතු. ඉමා ඛො ආනන්ද, ඡ ධාතුයො යතො ජානාති පස්සති. එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
ආනන්දය, වන්නේය. ආනන්දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: පෘථුවිධාතු යැ, අබ්ධාතු යැ, තෙජොධාතු යැ, වායුධාතු යැ, ආකාශධාතු යැ, විඥානධාතු යි. ආනන්දය, යම් කරුණෙකින් මේ ෂඩ්ධාතූන් දනී ද, දකී ද, ආනන්දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ යයි.
සියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැ,යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ’යි.
සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයො: සුඛධාතු දුක්ඛධාතු සොමනස්සධාතු දොමනස්සධාතු උපෙක්ඛාධාතු අවිජ්ජාධාතු. ඉමා ඛො ආනන්ද, ඡ ධාතුයො යතො ජානාති පස්සති. එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
ආනන්දය, වන්නේය. ආනන්දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: සුඛධාතු යැ දුඃඛධාතු යැ සෞමනස්යධාතු යැ දෞර්මනස්යධාතු යැ උපේක්‍ෂාධාතු යැ අවිද්‍යාධාතු යයි. ආනන්දය, යම් කරුණෙකින් මේ ෂඩ්ධාතූන් දනී ද, දකී ද, ආනන්දය, මෙතෙකිනුදු ධාතු කුශල මහණැ,යි කියන්නට නිසි වේ යයි.
සියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතු කුශල මහණැ,යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ,යි.
සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයො: කාමධාතු නෙක්ඛම්මධාතු ව්‍යාපාදධාතු අව්‍යාපාදධාතු විහිංසාධාතු අවිහිංසාධාතු. ඉමා ඛො ආනන්ද, ඡ ධාතුයො යතො ජානාති පස්සති. එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
ආනන්දය, වන්නේය. ආනන්දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: කාමධාතු යැ නෙක්ඛම්මධාතු යැ ව්‍යාපාදධාතු යැ අව්‍යාපාදධාතු යැ විහිංසාධාතු යැ අවිහිංසාධාතු යි. ආනන්දය, යම් කරුණෙකින් මේ ෂඩ් ධාතූන් දනී ද දකී ද, ආනන්දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැ යි කියන්නට නිසි වේ යයි.
සියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැ යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ යි.
සියා ආනන්ද, තිස්සො ඉමා ආනන්ද, ධාතුයො: කාමධාතු රූපධාතු අරූපධාතු. ඉමා ඛො ආනන්ද, තිස්සො ධාතුයො යතො ජානාති පස්සති. එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
වන්නේ ය ආනන්දය, ආනන්දය, මේ ධාතූහු තිදෙනෙක් වෙති: කාමධාතුයැ රූප ධාතු යැ අරූප ධාතු යි. ආනන්දය, යම් කරුණෙකින් මේ තුන් ධාතූන් දනී ද දකී ද ආනන්දය මෙතෙකිනුදු ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ ය’යි.
සියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතු කුශල මහණැ යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුත් වන්නේ දැ යි.
සියා ආනන්ද, ද්වෙ ඉමා ආනන්ද, ධාතුයො: සඞ්ඛතා ච ධාතු අසඞ්ඛතා ච ධාතු. ඉමා ඛො ආනන්ද, ද්වෙ ධාතුයො යතො ජානාති පස්සති. එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
වන්නේය, ආනන්දය, ආනන්දය, මේ ධාතූහු දෙදෙනෙක් වෙති: සඞ්ඛත ධාතු ද අසඞ්ඛත ධාතු දැ’යි. ආනන්දය, යම් කරුණෙකින් මේ දෙ ධාතූන් දනී ද දකී ද, මෙතෙකිනුදු ධාතු කුශල මහණැයි කියන්නට නිසි වේ ය’යි.
කිත්තාවතා පන භන්තෙ, ආයතනකුසලො භික්ඛූති අලං වචනායාති.
යළි වහන්ස, කිපමණෙකින් ආයතනකුශල මහණැයි කියන්නට නිසි වේ දැ යි.
ඡ ඛො පනිමානි ආනන්ද, අජ්ඣත්තිකබාහිරානි ආයතනානි: චක්ඛුං චෙව රූපා ච, සොතඤ්ච සද්දා ච, ඝානඤ්ච ගන්ධා ච, ජිව්හා ච රසා ච, කායො ච ඵොට්ඨබ්බා ච, මනො ච ධම්මා ච. ඉමානි ඛො ආනන්ද, ඡ අජ්ඣත්තිකබාහිරානි ආයතනානි යතො ජානාති පස්සති. එත්තාවතා ඛො ආනන්ද, ආයතනකුසලො භික්ඛූති අලං වචනායාති.
ආනන්දය, මේ අධ්‍යාත්මික බාහ්‍ය වූ ආයතනයෝ සදෙනෙක් වෙති: ඇස ද රූපයෝ ද කන ද ශබ්දයෝ ද නැහැය ද ගන්ධයෝ ද දිව ද රසයෝද කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද සිත ද ධර්මයෝ දැ යි. ආනන්දය, යම් කරුණකින් මේ ආධ්‍යාත්මික බාහ්‍ය වූ ෂඩායතනයන් දනී ද, දකී ද, ආනන්දය, මෙතෙකින් ආයතන කුශල මහණැයි කියන්නට නිසි වේ යැයි.
කිත්තාවතා පන භන්තෙ, පටිච්චසමුප්පාදකුසලො භික්ඛූති අලං වචනායාති.
යළි වහන්ස, කිපමණෙකින් ප්රතීත්යසමුත්පාදකුශල මහණැ,යි කියන්නට නිසි වේ දැ’යි.
ඉධානන්ද, භික්ඛු එවං පජානාති: ඉමස්මිං සති ඉදං හොති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මිං අසති ඉදං න හොති. ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. එත්තාවතා ඛො ආනන්ද, පටිච්චසමුප්පාදකුසලො භික්ඛූති අලං වචනායාති.
ආනන්දය, මෙ සස්නෙහි මහණ මෙසේ දැනගනී: මේ අවිද්‍යාදි ප්‍රත්‍යය ඇති කල්හි මේ සංස්කාරාදි ඵලය වෙයි. මේ අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ ඉපැදීමෙන් මේ සංස්කාරාදි ඵලය උපදී. මේ අවිද්‍යාදි ප්‍රත්‍යය නැති කල්හි මේ සංස්කාරාදි ඵලය නො වෙයි. මේ අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ අනුත්පාද නිරෝධයෙන් මේ සංස්කාරාදි ඵලය නිරුද්ධ වෙයි. එ කිසේ යැ යත්: අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ සම්භය වෙති. සංස්කාර ප්‍රත්‍යයෙන් විපාක විඥානය වෙයි. ප්‍රතිසන්‍ධිවිඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙයි. ස්පර්ශප්රත්යයෙන් වේදනා වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. කර්මභව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ හා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ සම්භව වෙත්. මෙසේ යථෝක්ත අසම්මිශ්‍ර දුඃඛසමුදායයාගේ නිර්වෘතිය වෙයි. යළි අවිද්‍යාවගේ මැ විරාග සංඛ්‍යාත මාර්ගයෙන් අශේෂ නිරෝධය හේතු කොටගෙන සංස්කාරයන්ගේ අනුත්පාද නිරෝධය වෙයි. සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානයාගේ නිරෝධය වෙයි. විඥානනිරෝධයෙන් නාමරූපයන්ගේ නිරෝධය වෙයි. නාමරූප නිරෝධයෙන් ෂඩායතනයාගේ නිරෝධය වෙයි. ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශයාගේ නිරෝධය වෙයි. ස්පර්ශ නිරෝධයෙන් වේදනාවන්ගේ නිරෝධය වෙයි. වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදානයන්ගේ නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ හා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ අසම්මිශ්‍ර වූ යථෝක්ත දුඃඛරාශිහුගේ අනුත්පාද නිරෝධය වේ. ආනන්දය, මෙතෙකින් ප්‍රතීත්‍යසමුත්පාද කුශල මහණැ යි කියන්නට නිසි වේ යයි.
කිත්තාවතා පන භන්තෙ, ඨානාඨානකුසලො භික්ඛූති අලං වචනායාති.
යළි වහන්ස, කිපමණෙකින් ස්ථානාස්ථානකුශල මහණැ,යි කියන්නට නිසි වේ දැ’යි.
ඉධානන්ද, භික්ඛු: අට්ඨානමෙතං අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානං ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
ආනන්දය, මේ සස්නෙහි මහණ යම් කරුණෙකින් මාර්ගදෘෂ්ටිසම්පන්න (ස්‍රෝතාපන්න ආර්‍ය්‍යශ්‍රාවක) පුද්ගල (චාතුර්භූමක සංස්කාරයන් කෙරෙහි) කිසි එක් සංස්කාරයකුදු නිත්‍ය වශයෙන් ගන්නේ ද තෙල හේතු රහිත යැ, ප්‍රත්‍යය රහිත යැ, තෙල කරුණ නො ලැබේ’යයි දැනගනී. යළි තෙල කරුණ ඇත: යම් හෙයකින් පෘථග්ජන කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ ද, තෙල කරුණ ඇතැ යි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අහේතුකය, අප්‍රත්‍යය: යම් හෙයකින් මාර්ගදෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගල (චාතුර්භූමක සංස්කාරයන් කෙරෙහි) කිසි එක ද සංස්කාරයක් සුඛ වශයෙන් ගන්නේය යන තෙල කරුණ නැතැයි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් (ත්‍රෛභූමක සංස්කාරයන් කෙරෙහි) කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානං ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අහේතුක ය, අප්‍රත්‍යය: යම් කරුණකින් මාර්ග දෘෂ්ටියෙන් සමන්වාගත පුද්ගල (චාතුර්භූමක ධර්මයන් කෙරෙහි) කිසි එක ද ධර්මයක් ආත්ම විසින් ගන්නේය යන තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් (ත්‍රෛභූමක ධර්මයන් කෙරෙහි) කිසි ධර්මයක් ආත්ම විසින් ගන්නේ ය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානං ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො මාතරං ජීවිතා වොරොපෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අහේතුක ය අප්‍රත්‍යය: යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්න (සෝවාන්) පුඟුල් මව දිවියෙන් තොරකරන්නේය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් කරුණකින් පුහුදුන් පුඟුල් මව දිවියෙන් තොරකරන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො පිතරං ජීවිතා වොරොපෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුථුජ්ජනො පිතරං ජීවිතා වොරොපෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් සෝවාන් පුඟුල් පියා දිවියෙන් තොර කරන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් පියා දිවියෙන් තොර කරන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො අරහන්තං ජීවිතං වොරාපෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුථුජ්ජනො අරහන්තං ජීවිතං වොරාපෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින්සෝවාන් පුඟුල් රහතක්හු දිවියෙන් තොරකරන්නේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් කරුණෙකින් පුහුදුන් පුඟුල් රහත්හු දිවියෙන් තොර කරන්නේ ය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං දිට්ඨිසම්පන්නො පුග්ගලො දුට්ඨචිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානං ච ඛො එතං විජ්ජති: යං පුථුජ්ජනො දුට්ඨචිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් කරුණෙකින් මාර්ගදෘෂ්ටියෙන් සමන්වාගත පුද්ගල (වධකචේතනායෙන්) ප්‍රදුෂ්‍ය වූ සිත් ඇති යේ තථාගතයන් වහන්සේගේ (ජීවමානක සිරුරුහි කුඩා මැස්සක බොන පමණකුදු) ලෙහෙ උපදවන්නේ ය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් ප්‍රදුෂ්‍ය වූ සිත් ඇතියේ තථාගතයන් වහන්සේගේ (දිවමන් සිරුරුහි කුඩා මැස්සක බොන පමණකුදු) ලෙහෙ උපද වන්නේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානං ච ඛො එතං විජ්ජති: යං පුථුජ්ජනො සඞ්ඝං භින්දෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් සෝවාන් පුඟුල් (සමාන සංවාසක) සංඝයා භේද කරන්නේය යන තෙල කරුණ නැතැ’යි දැන ගනී. තෙලකරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් සංඝයා භේද කරන්නේ ය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං දිට්ඨිසම්පන්නො පුග්ගලො අඤ්ඤං සත්ථාරං උද්දිස්සෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානං ච ඛො එතං විජ්ජති: යං පුථුජ්ජනො අඤ්ඤං සත්ථාරං උද්දිස්සෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් කරුණකින් සෝවාන් පුද්ගල අන් ශාස්තෘ වක්හු (මේ මාගේ ශාස්තෘ යයි) ගන්නේය යන මෙකරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුද්ගල අන් ශාස්තෘවක් හු (මේ මාගේ ශාස්තෘ යයී) ගන්නේය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානං ච ඛො එතං විජ්ජති: යං එකිස්සා ලොකධාතුයා එකො අරහං සම්මාසම්බුද්ධො උප්පජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් ලෝකධාතුයෙක් හි අර්හත් සම්‍යක්සම්බුද්ධයෝ දෙදෙනෙක් පෙර පසු නො වැ එක්වට උපදනාහුය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් එක් ලෝකධාතුයෙක එක් අර්හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් උපදනාහ යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං එකිස්සා ලොකධාතුයා ද්වෙ රාජානො චක්කවත්තිනො අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං එකිස්සා ලොකධාතුයා එකො රාජා චක්කවත්තී උප්පජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් එක් ලෝකධාතුයෙක සක්විති රජවරු දෙදෙනෙක් පර පසු නො වැ එක්වට උපදනසුලුය යන තෙල නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් එක් ලෝකධාතුයෙක එක් සක්විති රජෙක් උපදනේය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුරිසො අරහං අස්ස සම්මාසම්බුද්ධො, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් අර්හත් සම්‍යක්සම්බුද්ධ වන්නීය යන තෙල කරුණ නැතැ යි දැන ගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂයෙක් අර්හත් සම්‍යක් සම්බුද්ධ වන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තී, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුරිසො රාජා අස්ස චක්කවත්තී, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අස්ථාන යැ: අනවකාශ ය: යම් හෙයකින් ස්ත්‍රියක් සක්විතිරජ වන්නීය යන තෙල කරුණ නැතැයි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂයෙක් සක්විති රජ වන්නේ ය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං ඉත්ථී සක්කත්තං කරෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුරිසො සක්කත්තං කරෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් ශක්‍රභාවය කරන්නීය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂයෙක් ශක්‍රභාවය කරන්නේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං ඉත්ථි මාරත්තං කරෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුරිසො මාරත්තං කරෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් මාර බව කරන්නීය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂ මාර බව කරන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං ඉත්ථි බ්රහ්මත්තං කරෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුරිසො බ්රහ්මත්තං කරෙය්ය ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් බ්රහ්මත්වය කරන්නේය යන තෙල කරුණ නැතැ යි දැන ගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂ බ්රහ්මත්වය කරන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං කායදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං කායදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් කායදුශ්චරිතයා ගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකයෙක්උපදනේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කායදුශ්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං වචීදුච්චරිතස්ස -පෙ- යං මනොදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං මනොදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානමෙතං විජ්ජතීති පජානාති.
තෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් වාග්දුශ්චරිතයාගේ ... මනෝදුශ්චරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් මනෝදුශ්චරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකය උපදනේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො: යං කායසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං කායසුචරිතස්සඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානං මෙතං විජ්ජතී’ති පජානාති.
තෙල අස්ථාන යැ අනවකාශයි: යම් හෙයකින් කාය සුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ නැතැ’යි දැන ගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කාය සුචරිතයාගේ ඉෂ්ටකාන්ත මනාප විපාකය උපදනේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
‘අට්ඨානමෙතං අනවකාසො යං වචීසුචරිතස්ස -පෙ- යං මනොසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං මනොසුචරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් වාක්සුචරිතයා ගේ ... යම් හෙයකින් මනස්සුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් මනස්සුචරිතයා ගේ ඉෂ්ට කාන්ත මනාප විපාකය උපදනේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
අට්ඨානමෙතං අනවකාසො: යං කායදුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං කායදුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් කායදුශ්චරිතසමඞ්ගී පුද්ගල ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් සුගති ස්වර්ග ලෝකයට පැමිණෙන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කායදුශ්චරිත සමඞ්ගී පුද්ගල එ කරුණෙක් ඒ හේතුයෙන් අපාය දුර්ගතිවිනිපාත වූ නිරයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
අට්ඨානමෙතං අනවකාසො: යං වචීදුච්චරිතසමඞ්ගී -පෙ- යං මනොදුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති. යං මනො දුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් වාග් දුශ්චරිත සමඞ්ගී ... මනෝදුශ්චරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු සුගති ස්වර්ග ලෝකයටපැමිණෙන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් මනෝදුශ්චරිත සමංගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුගති විනිපාත වූ නිරයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
අට්ඨානමෙතං අනවකාසො: යං කායසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං කායසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
තෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් කාය සුචරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත නිරයෙහි උපදනේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කාය සුචරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු සුගති ස්වර්ග ලෝකයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
අට්ඨානමෙතං අනවකාසො: යං වචීසුචරිතසමඞ්ගී -පෙ- යං මනොසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං මනොසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. එත්තාවතා ඛො ආනන්ද, ඨානාඨානකුසලො භික්ඛූති අලං වචනායාති.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශයි: යම් හෙයකින් වාක්සුචරිත සමඞ්ගී පුද්ගල ... මනෝ සුචරිත සමඞ්ගී පුද්ගල එ කරුණෙන් ඒ ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්ගත විනිපාත වූ නිරයට පැමිණෙන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් කරුණෙකින් මනස්සුචරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් එ හේතුයෙන් කාබුන් මරණින් මතු සුගති ස්වර්ග ලෝකයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැ යි දැනගනී. ආනන්දය, මෙතෙකින් ඨානාඨානකුසල මහණැයි කියන්නට නිසි වේ යයි වදාළ සේක.
එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, කො නාමො අයං භන්තෙ, ධම්මපරියායොති.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේට තෙල සැළකළහ: ආශ්චර්‍ය්‍ය යැ වහන්ස, අද්භූත යැ වහන්ස, වහන්ස, මේ කිනම් ධර්‍මපර්‍ය්‍යා යෙක් දැ යි.
තස්මාතිහ ත්වං ආනන්ද, ඉමං ධම්මපරියායං බහුධාතුකොතිපි නං ධාරෙහි, චතුපරිවට්ටොතිපි නං ධාරෙහි, ධම්මාදාසොතිපි නං ධාරෙහි, අමතදුන්දුභීතිපි නං ධාරෙහි, අනුත්තරො සඞ්ගාමවිජයොතිපි නං ධාරෙහීති.
එහෙයින් ආනන්දය, තෙපි මේ ධර්මපර්ය්යාය බහුධාතුක ’ යී ද ධරව, චතුෂ්පරිවර්‍ත යී ද ධරව, ධර්මාදර්ශ යී ද ධරව, අමෘතදුන්දුභී යී ද ධරව, අනුත්තර සංග්රාමවිජය යී ද ධරව’යි වදාළ සේක.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මේ බහුධාතුක සුත වදාළසේක. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්හ’යි.
බහුධාතුකසුත්තං පඤ්චමං.
පස්වැනි බහුධාතුක සූත්‍ර යි.