යෙදුමෙන් කියවන්න

සෙවිතබ‍්බාසෙවිතබ‍්බ සුත‍්තං

3. 2. 4.

3. 2. 4.

සෙවිතබ‍්බාසෙවිතබ‍්බ සුත‍්තං

සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා මහණුන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල සුත වදාළ සේක.

සෙවිතබ‍්බාසෙවිතබ‍්බං වො භික‍්ඛවෙ, ධම‍්මපරියායං දෙසිස‍්සාමි. තං සුණාථ සාධුකං මනසි කරොථ. භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මහණෙනි, තොපට සේවිතව්‍ය අසේවිතව්‍ය වූ ධර්‍මපර්‍ය්‍යාය දේශනා කරමි. ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’ යි. ‘වහන්ස, එසේ’ යයි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.

කායසමාචාරම‍්පහං භික‍්ඛවෙ දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං කායසමාචාරං. වචීසමාචාරම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං වචීසමාචාරං. මනොසමාචාරම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං මනොසමාචාරං. චිත‍්තුප‍්පාදම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං චිත‍්තුප‍්පාදං. සඤ‍්ඤාපටිලාභම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං සඤ‍්ඤාපටිලාභං. දිට‍්ඨිපටිලාභම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං දිට‍්ඨිපටිලාභං. අත‍්තභාවපටිලාභංපම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං අත‍්තභාවපටිලාභ’න‍්ති.

මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි. එ ද එකිනෙක වෙනස් කායසමාචාර යි. මහණෙනි, මම වචීසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් වාක්සමාචාර යි, මහණෙනි, මම මනස්සමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් මනස්සමාචාර යි. මහණෙනි, මම චිත්තෝත්පාදය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් චිත්තෝත්පාද යි. මහණෙනි, මම සංඥාප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් සංඥාප්‍රතිලාභ යි. මහණෙනි, මම දෘෂ්ටිප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් දෘෂ්ටිප්‍රතිලාභ යි. මහණෙනි, මම ආත්මභාවප්‍රතිලාභ ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් ආත්මභාවප්‍රතිලාභ වේ යයි.

එවං වුත‍්තෙ ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: ඉමස‍්ස ඛො අහං භන‍්තෙ භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි.

මෙසේ වදාළ කල ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ විස්තර විසින් අර්‍ත්‍ථ විභාග නො කළ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ විස්තර විසින් මෙසේ අවබෝධ කොට දනිමි.

“කායසමාචාරම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං කායසමාචාරන‍්ති. ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං භන‍්තෙ, කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො කායසමාචාරො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ, කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො කායසමාචාරො සෙවිතබ‍්බො.

“මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන සිටි කායසමාචාරය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ තෙල බසෙක් වදාරන ලද ද, තෙල බස කුමක් පිණිස වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු කායසමාචාරයෙක් සෙවුනහට අකුශලධර්‍මයෝ වෙසෙසා වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු කායසමාචාර නො සෙවිය යුතු ය. වහන්ස, යම් බඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වෙසෙසා වැඩෙත් ද, මෙබඳු කායසමාචාර සෙවිය යුතු යැයි.

කථං රූපං භන‍්තෙ, කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. කුසලා ධම‍්මා පරිහායන‍්ති. ඉධ භන‍්තෙ, එකච‍්චො පාණාතිපාතී හොති, ලුද‍්දො ලොහිතපාණි හතපහතෙ නිවිට‍්ඨො අදයාපන‍්නො පාණභූතෙසු. අදින‍්නාදායී ඛො පන හොති, යං තං පරස‍්ස පරවිත‍්තූපකරණං ගාමගතං වා අරඤ‍්ඤගතං වා තං අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදාතා හොති. කාමෙසු මිච‍්ඡාචාරී ඛො පන හොති, යා තා මාතුරක‍්ඛිතා පිතුරක‍්ඛිතා මාතාපිතුරක‍්ඛිතා භාතුරක‍්ඛිතා භගිනිරක‍්ඛිතා ඤාතිරක‍්ඛිතා ගොත‍්තරක‍්ඛිතා ධම‍්මරක‍්ඛිතා සස‍්සාමිකා සපරිදණ‍්ඩා අන‍්තමසො මාලාගුළපරික‍්ඛිත‍්තාපි. තථාරූපාසු චාරිත‍්තං ආපජ‍්ජිතා හොති. එවරූපං භන‍්තෙ කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. කුසලා ධම‍්මා පරිහායන‍්ති.

වහන්ස, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, වහන්ස, මෙලොවැ කිසිවෙක් රෞද්‍ර ලෙහෙ වැකුණු අත් ඇති පරප්‍රහාරයෙහි පරවධයෙහි නියුක්ත ප්‍රාණීන් කෙරෙයි අදයාපන්න පණිවා ඇතියෙක් වේ ද, අයිනාදන් ගන්නේ වේ ද, මෙරමා සතු පරා අයත් සතුටු එළවන පිරිකර බඩු ඇද්ද ග්‍රාමගත වේවයි, අරණ්‍යගත වේවයි. ඒ නුදුන් දැය සොරසිතින් ගන්නේ වේ ද, යළි කාමයෙහි මිසහසර ඇතියේ වේ ද, මවු විසින් රක්නා ලද පියා විසින් රක්නා ලද දෙමාපියන් විෂින් රක්නා ලද බෑයා විසින් රක්නා ලද බුහුන විසින් රක්නා ලද නෑයන් විසින් රක්නා ලද ගෝත්‍රය විසින් රක්නා ලද ධර්‍මය විසින් රක්නා ලද සස්වාමික සපරි දණ්ඩ වූ යටතින් මාලාගුණමාත්‍රයෙනුදු පරික්‍ෂිප්ත වූ යම් කුලකුමරිකාවෝ ඇද්ද, එබඳු ස්ත්‍රීන් කෙරෙහි මිථ්‍යාචාර වශයෙන් ව්‍යතික්‍රම කරන්නේ වේ ද. වහන්ස, මෙබඳු කාය සමාචාරය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙති කියා යි.

කථං රූපං භන‍්තෙ, කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති: ඉධ භන‍්තෙ එකච‍්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. නිහිතදණ‍්ඩො නිහිතසත්‍ථො ලජ‍්ජී දයාපන‍්නො සබ‍්බපාණභූතහිතානුකම‍්පී විහරති. අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො හොති, යං තං පරස‍්ස පරවිත‍්තූපකරණං ගාමගතං වා අරඤ‍්ඤගතං වා, තං අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං න ආදාතා හොති. කාමෙසු මිච‍්ඡාචාරං පහාය කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, යා තා මාතුරක‍්ඛිතා පිතුරක‍්ඛිතා මාතාපිතුරක‍්ඛිතා භාතුරක‍්ඛිතා භගිනීරක‍්ඛිතා ඤාතිරක‍්ඛිතා ගොත‍්තරක‍්ඛිතා ධම‍්මරක‍්ඛිතා සස‍්සාමිකා සපරිදණ‍්ඩා අන‍්තමසො මාලාගුළපරික‍්ඛිත‍්තාපි. තථාරූපාසු චාරිත‍්තං න ආපජ‍්ජිතා හොති. එවරූපං භන‍්තෙ කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

වහන්ස, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ කිසිවෙක් පණිවා හැරපියා පණිවායෙන් දුරුවූයේ වේ ද, බහාතැබූ දඬු ඇති ව බහාතැබූ ශස්ත්‍ර ඇති ව ලජ්ජාවට පැමිණ දයාපන්න ව සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී වාස කෙරේ ද, අයිනාදන් හැරපියා අයිනාදනින් විරත වේ ද, මෙරමා සතු පරා අයත් තෘෂ්ටිජනක යම් උපකරණ ඇද්ද, ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි එ හැම අයිනාදන් සොරසිතින් නො ගන්නේ වේ ද. කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වැළැකුණේ වේ ද, මාතුරක්ඛිතා ය, පිතුරක්ඛිතා ය, මාතාපිතුරක්ඛිතා ය, භාතුරක්ඛිතා ය, භගිනිරක්ඛිතා ය, ඤාතිරක්ඛිතා ය, ගොත්තරක්ඛිතා ය, ධම්මරක්ඛිතා ය, සස්සාමිකා ය, සපරිදණ්ඩා ය යන මොවුන් හා යටතින් මල්දමින් වටලා වෙන්කළා වූවා දැ’ යි යම් කුලකුමාරිකාවෝ ඇද්ද, එබඳු ස්ත්‍රීන් කෙරෙහි ව්‍යතික්‍රම නො කරන්නේ වේ ද, වහන්ස, මෙබඳු කායසමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති කියා යි.

“කායසමාචාරම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං කායසමාචාර”න‍්ති. ඉති යං තං වුත‍්තං භගවතා. ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන කායසමාචාර වෙතී’ භාග්‍යවතුන් වහන්සේ යමක් වදාරන ලද ද, මෙය තෙල පිණිස වදාරන ලදි.

“වචීසමාචාරම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං වචීසමාචාර”න‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං භන‍්තෙ, වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො වචීසමාචාරො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො වචීසමාචාරො සෙවිතබ‍්බො.

“මහණෙනි, මම වාක්සමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන වාක්සමාචාර වෙති’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල කුමක් පිණිස වදාරන ලද්දේ ද යත්: වහන්ස, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු වාක්සමාචාරය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු වාක්සමාචාරය සෙවිය යුතු ය.

කථං රූපං භන‍්තෙ, වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. කුසලා ධම‍්මා පරිහායන‍්ති. ඉධ භන‍්තෙ එකච‍්චො මුසාවාදී හොති. සභග‍්ගතො වා පරිසග‍්ගතො වා ඤාතිමජ‍්ඣගතො වා පූගමජ‍්ඣගතො වා රාජකුලමජ‍්ඣගතො වා අභිනීතො සක‍්ඛිපුට‍්ඨො ‘එහම‍්භො පුරිස, යං ජානාසි තං වදෙහී’ති. සො අජානං වා ආහ ‘ජානාමී’ති, ජානං වා ආහ ‘න ජානාමී’ති, අපස‍්සං වා ආහ ‘පස‍්සාමීති, පස‍්සං වා ආහ ‘න පස‍්සාමී’ති. ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වා සම‍්පජානමුසා භාසිතා හොති. පිසුනාවාචො ඛො පන හොති ඉතො සුත්‍වා අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය, ඉති සමග‍්ගානං වා භෙත‍්තා, භින‍්නානං වා අනුප‍්පදාතා, වග‍්ගාරාමො වග‍්ගරතො වග‍්ගනන්‍දී වග‍්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසවාචො ඛො පන හොති, යා සා වාචා අණ‍්ඩකා කක‍්කසා ඵරුසා පරකටුකා පරාභිසජ‍්ජනී කොධසාමන‍්තා අසමාධිසංවත‍්තනිකා, තථාරූපිං වාචං භාසිතා හොති. සම‍්ඵප‍්පලාපී ඛො පන හොති අකාලවාදී අභූතවාදී අනත්‍ථවාදී අධම‍්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා හොති අකාලෙන අනපදෙසං අපරියන‍්තවතිං අනත්‍ථසංහිතං. එවරූපං භන‍්තෙ, වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති.

වහන්ස, කෙබඳු වාක්සමාචාරයක් සෙවුනහුට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, වහන්ස, මෙලොවැ එකෙක් මුසවා කියනසුලු වෙයි. සභායෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑ මුළුයෙහි සිටියේ වේවයි, සෙනීන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද සිටියේ වේවයි, ඉදිරියට පමුණුවන ලදු ව ‘එම්බා පුරුෂය, එ යමක් දන්හි නම් ඒ කියා’ යි සාක්‍ෂ්‍ය කොට පුළුවුස්නා ලදු ව හේ නො දන්මින් හෝ ‘දන්මි’ කියයි. දන්මින් හෝ ‘නො දන්මි’ කියයි. නො දක්මින් හෝ ‘දක්මී’ යි කියයි. දක්මින් හෝ ‘නො දක්මී’ යි කියයි. මෙසේ ආත්මහේතුයෙන් හෝ පරහේතුයෙන් හෝ අල්පමාත්‍ර අත්ලස් හේතුයෙන් හෝ දැන දැන මුසවා කියනු වෙයි. යළි මෙහි දී අසා එතැන දී මුන්ගේ බිඳුමට ඇසුවා කියනු වෙයි, එතැන දී හෝ අසා උන්ගේ බිඳුමට මුනට ඇසුවා කියනු වේ යයි මෙසේ පිසුනුබස් ඇතියේ වෙයි. මෙසේ සමග වූවන් හෝ බිඳිනුයේ බුන් ඇත්තනට හෝ අනුබල දෙනු වෙයි. වර්‍ගාරාම ව වර්‍ගරත ව වර්‍ගනන්‍දි ව වර්‍ග කරන බස් බණනු වෙයි. යළි පරොස් බස් බණනු වෙයි: යම් බසෙක් සදොස් වී ද, කැකුළු වේ ද, පරොස් වේ ද, පරාහට මනෝපදෝස ඇති කෙරේ ද, මෙරමා ගටනු වේ ද, ක්‍රෝධාසන්න වේ ද, සමාධිසංවත්තනික නො වේ ද, එබඳු වාග් බණනු වෙයි. යළි පලප් ඇතියේ වෙයි: අකාලවාදී ව අභූතවාදී ව අධර්‍මවාදී ව අවිනයවාදී ව අකාලයෙහි සූත්‍රාපදෙස නැති පර්‍ය්‍යන්ත රහිත අනර්‍ත්‍ථසංහිත ළෙහි නිදහනට නො නිසි බස් බණනු වෙයි. වහන්ස, මෙබඳු වාක්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙති.

කථං රූපං භන‍්තෙ, වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති: ඉධ භන‍්තෙ, එකච‍්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. සභග‍්ගතො වා පරිසග‍්ගතො වා ඤාතිමජ‍්ඣගතො වා පූගමජ‍්ඣගතො වා රාජකුලමජ‍්ඣගතො වා අභිනීතො සක‍්ඛිපුට‍්ඨො ‘එහම‍්භො පුරිස, යං ජානාසි තං ‘වදෙහී’ති, සො අජානං වා ආහ ‘න ජානාමී’ති, අපස‍්සං වා ආහ ‘න පස‍්සාමී’ති, ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වා න සම‍්පජානමුසා භාසිතා හොති. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති ඉතො සුත්‍වා න අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය අමුත්‍ර වා සුත්‍වා න ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය, ඉති භින‍්නානං වා සන්‍ධාතා සහිතානං වා අනුප‍්පදාතා, සමග‍්ගාරාමො සමග‍්ගරතො සමග‍්ගනන්‍දී සමග‍්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙලා කණ‍්ණසුඛා පෙමණීයා හදයඞ‍්ගමා පොරී බහුජනකන‍්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම‍්ඵප‍්පලාපං පහාය සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති. කාලවාදී භූතවාදී අත්‍ථවාදී ධම‍්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන‍්තවතිං අත්‍ථසංහිතං එවරූපං භන‍්තෙ, වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

වහන්ස, කෙබඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් මුසවා හැරපියා මුසවායෙන් වැළැකියේ වෙයි. සභාගත ව වේවයි, පර්‍ෂද්ගත ව වේවයි, ඥාතිමධ්‍යගත ව වේවයි, පූගමධ්‍යගත ව වේවයි, රාජකුලමධ්‍යගත ව වේවයි, ඉදිරියට පමුණුවන ලදුයේ ‘භවත් පුරුෂය, ඒ, යමක් දන්හි නම් ඒ කියව’ යි සාක්‍ෂ්‍ය විසින් පුළුවුස්නා ලදු ව හේ නො දන්මින් හෝ ‘නො දන්මි’ කියයි. දන්මින් හෝ ‘දන්මි’ කියයි. නො දක්මින් හෝ ‘නො දක්මි’ යි කියයි. දක්මින් හෝ ‘දක්මි’ යි කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි පරහේතුයෙන් වේවයි ඇලුප් අල්ලස් හේතුයෙන් වේවයි දැන දැන මුසවා නො කියනු වෙයි. පෙහෙසුන් හැරැපියා පෙහෙසුන් බසින් වැළැකියේ වෙයි. මෙහි අසා මුන් බිඳිනු පිණිස එහි ලා නො කියනු වෙයි. එහි අසා හෝ උන් බිඳුනු පිණිස මුනට නො කියනු වේ යයි. මෙසේ භෙදගතයන් සන්‍ධාන කරනුයේ හෝ සන්‍ධාන වූවනට අනුබල දෙනුයේ හෝ සමග්‍රාරාම ව සමග්‍රරත ව සමග්‍රනන්‍දි ව සමඟ කරන බස් කියනු වෙයි. පරොස් බස් හැරැපියා පරොස් බසින් වැළැකියේ වෙයි. යම් බසෙක් නිර්දෝෂ වේ ද, කනට සුව එළවා ද, ප්‍රේමනීය වේ ද, හෘදයඞ්ගම වේ ද, පුරවැසි වේ ද, බොහෝ දෙනාට කන්කලු වේ ද, බොහෝ දෙනා මන්වඩනු වේ ද, එබඳු බස් බණනු වෙයි. පලප් හැරැපියා පලප්බසින් වැළැකියේ වෙයි. කාලවාදී ව භූතවාදී ව අර්‍ත්‍ථවාදී ව ධර්‍මවාදී ව විනයවාදී ව සූත්‍රාපදෙස සහිත පර්‍ය්‍යන්ත ඇති අර්‍ත්‍ථ සංහිත ළෙහි නිදහනට යන බස් කියනු වෙයි. වහන්ස, මෙබඳු වාක්සමාචාර සෙවුනහුට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති.

වචීසමාචාරම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං වචීසමාචාර”න‍්ති ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“මහණෙනි, මම වාක්සමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන වාක්සමාචාර වෙතී’ භාග්‍යවතුන් වහන්සේ යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තර පිණිස වදාරන ලදි.

මනොසමාචාරම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං මනොසමාචාරන‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං භන‍්තෙ, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, එවරූපො මනොසමාචාරො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපො මනොසමාචාරො සෙවිතබ‍්බො.

“මහණෙනි, මම මනඃසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන මනඃසමාචාර වෙති’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල කුමක් පිණිස වදාරන ලද්දේ යැ යත්: වහන්ස, යම්බඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු මනස්සමාචාරය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු මනස්සමාචාරය සෙවිය යුතු ය.

කථංරූපං භන‍්තෙ, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති: ඉධ භන‍්තෙ එකච‍්චො අභිජ‍්ඣාලු හොති, යං තං පරස‍්ස පරවිත‍්තූපකරණං, තං අභිජ‍්ඣාතා හොති: ‘අහො වත යං පරස‍්ස, තං මම අස‍්සා”ති. ව්‍යාපන‍්නචිත‍්තො ඛො පන හොති පදුට‍්ඨමනසංකප‍්පො: ‘ඉමෙ සත‍්තා හඤ‍්ඤන‍්තු වා වජ‍්ඣන‍්තු වා උච‍්ඡිජ‍්ජන‍්තු වා, විනස‍්සන‍්තු වා, මා වා අහෙසුන‍්ති. එවරූපං භන‍්තෙ, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති.

වහන්ස, කෙබඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අභිධ්‍යා බහුල වෙයි, මෙරමාගේ යම් පරගත තුෂ්ටිජනක උපකරණ ඇද්ද, ‘පරා අයත් යමෙක් වේ ද, ඒ මා සතු වේ නම් මැනැවැ’ යි මෙසේ එය අභිධ්‍යායෙන් බලනු වෙයි. විපත් සිත් ඇතියේ ‘මේ සත්ත්‍වයෝ නැසෙත්වා, වධයට වැටෙත්වා, සිඳෙත්වා, වැනැසෙත්වා, නො වෙත්වා’ යි මෙසේ ද්වේෂයෙන් දුෂ්ට මනස්සංකල්ප ඇතියේ වෙයි. වහන්ස, මෙබඳු මනස්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙති.

කථං රූපං භන‍්තෙ, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති: ඉධ භන‍්තෙ, එකච‍්චො අනභිජ‍්ඣාලු හොති: යං තං පරස‍්ස පරවිත‍්තූපකරණං, තං නාභිජ‍්ඣාතා හොති: අහො වත යං පරස‍්ස, තං මම අස‍්සා’ති. අව්‍යාපන‍්නචිත‍්තො ඛො පන හොති. අප‍්පදුට‍්ඨමනසංකප‍්පො ‘ඉමෙ සත‍්තා අවෙරා අබ්‍යාපජ‍්ඣා අනීඝා සුඛිනො අත‍්තානං පරිහරන‍්තූ’ති. එවරූපං භන‍්තෙ, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

වහන්ස, කෙබඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අභිධ්‍යා බහුල නො වෙයි, මෙරමා අයත් යම් පරායත්ත තුෂ්ටිජනක උපකරණ ඇද්ද, ‘පරා අයත් යමක් ඇද්ද, ඒ මා සතු වේව’ යි මෙසේ එය අභිධ්‍යායෙන් නො බලනු වෙයි. අව්‍යාපන්න සිත් ඇතියේ ‘මේ සත්ත්‍වයෝ අවෛර වූවාහු නිදුක් වූවාහු ව්‍යසන නැත්තාහු සුඛිත වූවාහු තමන් පරිහරණ කෙරෙත්ව’යි මෙසේ අප්‍රදුෂ්ට මනස්සංකල්ප ඇත්තේ වෙයි. වහන්ස, මෙබඳු මනස්සමාචාර සෙවුනාහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති.

“මනොසමාචාරම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං මනොසමාචාර”න‍්ති ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“මහණෙනි, මම මනස්සමාචාර ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන මනස්සමාචාර වෙතී’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තර පිණිස වදාරන ලදි.

චිත‍්තුප‍්පාදම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං චිත‍්තුප‍්පාද”න‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං භන‍්තෙ, චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, එවරූපො චිත‍්තුප‍්පාදො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ, චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපො චිත‍්තුප‍්පාදො සෙවිතබ‍්බො.

“මහණෙනි, මම චිත්තෝත්පාදය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන චිත්තෝත්පාද වෙති’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ තෙල බසෙක් වදාරන ලද ද, තෙල බස් කුමක් පිණිස වදාරන ලද්දේ යැ යත්: වහන්ස, යම්බඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු චිත්තෝත්පාදය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු චිත්තෝත්පාදය සෙවිය යුතු ය.

කථංරූපං භන‍්තෙ, චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති: ඉධ භන‍්තෙ, එකච‍්චො අභිජ‍්ඣාලු හොති, අභිජ‍්ඣාසහගතෙන චෙතසා විහරති. ව්‍යාපාදවා හොති, ව්‍යාපාදසහගතෙන චෙතසා විහරති. විහෙසවා හොති. විහෙසා සහගතෙන චෙතසා විහරති. එවරූපං භන‍්තෙ, චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. කුසලා ධම‍්මා පරිහායන‍්ති.

වහන්ස, කෙබඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අභිධ්‍යා බහුල වෙයි, අභිධ්‍යා සහගත සිතින් වාස කෙරෙයි. ව්‍යාපාද ඇතියේ වෙයි ව්‍යාපාදසහගත සිතින් වාස කෙරෙයි. විහිංසා ඇතියේ වෙයි. විහිංසාසහගත සිතින් වාස කෙරෙයි. වහන්ස, මෙබඳු චිත්තෝත්පාදය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙති.

කථංරූපං භන‍්තෙ, චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති: ඉධ භන‍්තෙ එකච‍්චො අනභිජ‍්ඣාලු හොති, අනභිජ‍්ඣාසහගතෙන චෙතසා විහරති. අව්‍යාපාදවා හොති, අව්‍යාපාදසහගතෙන චෙතසා විහරති. අවිහෙසවා හොති, අවිහෙසාසහගතෙන චෙතසා විහරති. එවරූපං භන‍්තෙ චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

වහන්ස, කෙබඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අභිධ්‍යා බහුල නො වෙයි, අනභිධ්‍යාසහගත සිතින් වාස කෙරෙයි. අව්‍යාපාද ඇතියේ වෙයි, අව්‍යාපාද සහගත සිතින් වාස කෙරෙයි. අවිහිංසා ඇතියේ වෙයි. අවිහිංසාසහගත සිතින් වාස කෙරෙයි. වහන්ස, මෙබඳු චිත්තෝත්පාද සෙවුනහුට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති.

“චිත‍්තුප‍්පාදම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි, තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං චිත‍්තුප‍්පාද”න‍්ති ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“මහණෙනි, මම චිත්තෝත්පාදයත් දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන චිත්තෝත්පාද වෙති’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙ බස තෙල විස්තරය පිණිස වදාරන ලදි.

“සඤ‍්ඤාපටිලාභම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි, තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං සඤ‍්ඤාපටිලාභන‍්ති” ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං භන‍්තෙ, සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, එවරූපො සඤ‍්ඤාපටිලාභො න සෙවිතබ‍්බො, යථාරූපං ච ඛො භන‍්තෙ සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො සඤ‍්ඤාපටිලාභො සෙවිතබ‍්බො.

“මහණෙනි, මම සංඥාප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. හෙ ද වෙන වෙන සංඥාප්‍රතිලාභ යැ’ යි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල කුමක් පිණිස වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු සංඥාප්‍රතිලාභය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවිය යුතු ය.

කථංරූපං භන‍්තෙ, සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති: ඉධ භන‍්තෙ, එකච‍්චො අභිජ‍්ඣාලු හොති. අභිජ‍්ඣාසහගතාය සඤ‍්ඤාය විහරති. ව්‍යාපාදවා හොති. ව්‍යාපාදසහගතාය සඤ‍්ඤාය විහරති. විහෙසවා හොති. විහෙසාසහගතාය සඤ‍්ඤාය විහරති. එවරූපං භන‍්තෙ, සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. කථංරූපං භන‍්තෙ, සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති: ඉධ භන‍්තෙ, එකච‍්චො අනභිජ‍්ඣාලු හොති, අනභිජ‍්ඣාසහගතාය සඤ‍්ඤාය විහරති. අව්‍යාපාදවා හොති, අව්‍යාපාදසහගතාය සඤ‍්ඤාය විහරති. අවිහෙසවා හොති. අවිහෙසාසහගතාය සඤ‍්ඤාය විහරති. එවරූපං භන‍්තෙ සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

වහන්ස, කෙබඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අභිධ්‍යාලු වෙයි, අභිධ්‍යාසහගත සංඥායෙන් වෙසෙයි. ව්‍යාපාද ඇතියේ වෙයි, ව්‍යාපාදසහගත සංඥායෙන් වෙසෙයි. විහිංසා ඇතියේ වෙයි. විහිංසාසහගත සංඥායෙන් වෙසෙයි. වහන්ස, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්. වහන්ස, කෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අනභිධ්‍යාලු වෙයි, අනභිධ්‍යාසහගත සංඥායෙන් වෙසෙයි. අව්‍යාපාද ඇතියේ වෙයි, අව්‍යාපාදසහගත සංඥායෙන් වෙසෙයි. අවිහිංසා ඇතියේ වෙයි. අවිහිංසාසහගත සංඥායෙන් වෙසෙයි. වහන්ස, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.

“සඤ‍්ඤාපටිලාභම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි, තං ච අඤ‍්ඤමඤ‍්ඤං සඤ‍්ඤාපටිලාභන‍්ති” ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“මහණෙනි, මම සංඥාප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන සංඥාප්‍රතිලාභ වෙති”. භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය පිණිස වදාරන ලදි.

“දිට‍්ඨිපටිලාභම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි, තං ච අඤ‍්ඤමඤ‍්ඤං දිට‍්ඨිපටිලාභන‍්ති” ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං, යථාරූපං භන‍්තෙ දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො දිට‍්ඨිපටිලාභො න සෙවිතබ‍්බො, යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ, දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති එවරූපො දිට‍්ඨිපටිලාභො සෙවිතබ‍්බො.

“මහණෙනි, මම දෘෂ්ටිප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන දෘෂ්ටිප්‍රතිලාභ වෙති’ යි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල බස් කුමක් පිණිස වදාරන ලද්දේ ය යත්: වහන්ස, යම්බඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය සෙවිය යුතු ය.

කථංරූපං භන‍්තෙ, දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති: ඉධ භන‍්තෙ, එකච‍්චො එවංදිට‍්ඨිකො හොති: ‘නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා, යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී’ති: එවරූපං භන‍්තෙ දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. කථංරූපං භන‍්තෙ, දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති? ඉධ භන‍්තෙ, එකච‍්චො එවංදිට‍්ඨිකො හොති: ‘අත්‍ථි දින‍්නං, අත්‍ථි යිට‍්ඨං, අත්‍ථි හුතං, අත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, අත්‍ථි අයං ලොකො, අත්‍ථි පරො ලොකො, අත්‍ථි මාතා, අත්‍ථි පිතා, අත්‍ථි සත‍්තා ඔපපාතිකා, අත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා, යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී’ති. එවරූපං භන‍්තෙ, දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

වහන්ස, කෙබඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් එවංදෘෂ්ටික වෙයි: දුන් දැයැ විපාක නැත. යාග විපාක නැත. ප්‍රාඝුණසත්කාර විපාක නැත. සුකෘතදුෂ්කෘත කර්‍ම ඵල විපාක නැත. (පරලොවැ සිටුනාහට) මෙලොව නැත. (මෙලොවැ සිටුනා හට) පරලොව නැත. මවු නැත, පියා නැත, ච්‍යුත වැ උපදනා සත්ත්‍වයෝ නැත. යම් මහණ බමුණු කෙනෙක් මෙලොව හා පරලොව හා තුමූ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට පවසත් ද, එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණු කෙනෙක් නැති’යි කියා යි. වහන්ස, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති. කුශලධර්‍මයෝ පිරිහෙත්. වහන්ස, කෙබඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් එවංදෘෂ්ටික වෙයි: දාන විපාක ඇත. යාග විපාක ඇත. ප්‍රාඝුණසත්කාර විපාක ඇත. සුකෘතදුෂ්කෘතකර්‍ම ඵල විපාක ඇත. මෙලොව ඇත. පරලොව ඇත. මවු ඇත, පියා ඇත, ච්‍යුත වැ උපදනා සත්ත්‍වයෝ ඇත. යම් මහණ බමුණු කෙනෙක් මෙලොව හා පරලොව හා තුමූ විශිෂ්ටප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට පවසත් ද, සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණු කෙනෙක් ඇතැ’ යි කියා යි. වහන්ස, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභ සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති කුශලධර්‍මයෝ වැඩෙත්.

“දිට‍්ඨිපටිලාභම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං දිට‍්ඨිපටිලාභ”න‍්ති. ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“මහණෙනි, මම දෘෂ්ටිප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන දෘෂ්ටිප්‍රතිලාභ වෙති’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය පිණිස වදාරන ලදි.

“අත‍්තභාවපටිලාභම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි, තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං අත‍්තභාවපටිලාභ”න‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං භන‍්තෙ, අත‍්තභාවපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති එවරූපො අත‍්තභාවපටිලාභො න සෙවිතබ‍්බො. යථාරූපං ච ඛො භන‍්තෙ, අත‍්තභාවපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපො අත‍්තභාවපටිලාභො සෙවිතබ‍්බො.

“මහණෙනි, මම ආත්මභාවප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන ආත්මප්‍රතිලාභ වෙති’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල බස් කුමක් පිණිස වදාරන ලද්දේ යැ යත්: වහන්ස, යම්බඳු ආත්මප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු ආත්මභාවප්‍රතිලාභය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු ආත්මභාවප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු ආත්මභාවප්‍රතිලාභය සෙවිය යුතු ය.

කථංරූපං භන‍්තෙ, අත‍්තභාවපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති: සබ්‍යාපජ‍්ඣං භන‍්තෙ, අත‍්තභාවපටිලාභං අභිනිබ‍්බත‍්තයතො අපරිනිට‍්ඨිතභාවාය අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. කථංරූපං භන‍්තෙ, අත‍්තභාවපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. අබ්‍යාපජ‍්ඣං භන‍්තෙ, අත‍්තභාවපටිලාභං අභිනිබ‍්බත‍්තයතො පරිනිට‍්ඨිතභාවාය අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

වහන්ස, කෙබඳු ආත්මභාවප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: වහන්ස, සදුඃඛආත්මභාවප්‍රතිලාභය නිපදවනුහට භවයන්ගේ අපරිනිෂ්ඨිතභාවය පිණිස අකුශලධර්‍මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙත්. වහන්ස, කෙබඳු ආත්මභාවප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, අදුඃඛආත්මභාවප්‍රතිලාභය නිපයනුවහට භවයන්ගේ පරිනිෂ්ඨිතභාවය පිණිස අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.

“අත‍්තභාවපටිලාභම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං අත‍්තභාවපටිලාභ’න‍්ති ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“මහණෙනි, මම ආත්මභාවප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන ආත්මභාවප්‍රතිලාභ වෙති’ යි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය පිණිස වදාරන ලදි.

ඉමස‍්ස ඛො අහං භන‍්තෙ භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමීති.

වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද විස්තර විසින් අර්‍ත්‍ථ විභාග නො කළ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ මෙසේ විස්තර විසින් අවබෝධ කොට ගනිමි.

සාධු සාධු සාරිපුත‍්ත, සාධු ඛො ත්‍වං සාරිපුත‍්ත, ඉමස‍්ස මයා සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාසි.

ශාරිපුත්‍රය, මැනැව, මැනැව, ශාරිපුත්‍රය, තෙපි මා විසින් සැකෙවින් වදාළ විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නො කළ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ මනාකොට අවබෝධ කරන්නාව.

“කායසමාචාරම‍්පහං භික‍්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං කායසමාචාර’න‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං මයා, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. යථාරූපං සාරිපුත‍්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො කායසමාචාරො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො සාරිපුත‍්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො කායසමාචාරො සෙවිතබ‍්බො.

“මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි එ ද වෙන වෙන කායසමාචාර’ වෙති’ යි මෙසේ මා විසින් තෙල බසෙක් කියන ලද ද, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ශාරිපුත්‍රය, යම්බඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු කායසමාචාර නො සෙවිය යුතු ය. ශාරිපුත්‍රය, යම් බඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු කායසමාචාර සෙවිය යුතු ය.

කථංරූපං සාරිපුත‍්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති: ඉධ සාරිපුත‍්ත, එකච‍්චො පාණාතිපාතී හොති -පෙ- එවරූපං සාරිපුත‍්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. කථං රූපං සාරිපුත‍්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. ඉධ සාරිපුත‍්ත, එකච‍්චො පාණාතිපාතං පහාය -පෙ- එවරූපං සාරිපුත‍්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. “කායසමාචාරම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි, තං ච අඤ‍්ඤමඤ‍්ඤං කායසමාචාරන‍්ති ඉති යං තං වුත‍්තං මයා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් පණිවා කරනු වෙයි ... ශාරිපුත්‍රය, මෙබඳු කායසමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් පණිවා හැරපියා ... ශාරිපුත්‍රය, මෙබඳු කායසමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්. “ශාරිපුත්‍රය, මම කායසමාචාර ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි, එ ද වෙන වෙන කායසමාචාර වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය පිණිස වදාරන ලදි.

“වචීසමාචාරම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං වචීසමාචාර’න‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං මයා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. යථාරූපං සාරිපුත‍්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො වචීසමාචාරො න සෙවිතබ‍්බො, යථාරූපං ච ඛො සාරිපුත‍්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො වචීසමාචාරො සෙවිතබ‍්බො.

“ශාරිපුත්‍රය, මම වාක්සමාචාරය ද, සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙ පරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන වාක්සමාචාර වෙති” යි, මෙසේ මා විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල කුමක් පිණිස වදාරන ලද්දේ ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු වාක්සමාචාරය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු වාක්සමාචාරය සෙවිය යුතු ය.

කථංරූපං සාරිපුත‍්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. ඉධ සාරිපුත‍්ත, එකච‍්චො මුසාවාදී හොති -පෙ- එවරූපං සාරිපුත‍්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. කථංරූපං සාරිපුත‍්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. ඉධ සාරිපුත‍්ත, එකච‍්චො මුසාවාදං පහාය මුසාවාදො පටිවිරතො හොති -පෙ- එවරූපං සාරිපුත‍්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

ශාරිපුත්‍රය, කෙබඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මුසවා ඇත්තේ වෙයි. ... ශාරිපුත්‍රය, මෙබඳු වාක්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති. කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මුසවා හැරැපියා මුසවායෙන් වැළැකුණේ වෙයි. ... ශාරිපුත්‍රය, මෙබඳු වාක්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.

“වචීසමාචාරම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං වචීසමාචාර’න‍්ති ඉති යං තං වුත‍්තං මයා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“ශාරිපුත්‍රය,මම වාක්සමාචාරය ත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන වාක්සමාචාර යැ” යි මෙසේ මා විසින් යමක් කියන ලද ද, මෙය තෙල විස්තර සඳහා පවසන ලද්දේ ය.

“මනොසමාචාරම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං මනොසමාචාර’න‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං මයා, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. යථාරූපං සාරිපුත‍්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො මනොසමාචාරො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො සාරිපුත‍්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපො මනොසමාචාරො සෙවිතබ‍්බො.

“ශාරිපුත්‍රය, මම මනස්සමාචාරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන මනස්සමාචාර යැ” යි මෙසේ මා විසින් තෙල (සැකෙවින්) කියන ලද. තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු මනස්සමාචාරයක් සෙවුනා හට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු මනස්සමාචාරය නො සෙවිය යුතු ය. තව ද ශාරිපුත්‍රය, යම්බඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු මනස්සමාචාරය සෙවිය යුතු ය.

කථංරූපං සාරිපුත‍්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති: ඉධ සාරිපුත‍්ත, එකච‍්චො අභිජ‍්ඣාලු හොති -පෙ- එවරූපං සාරිපුත‍්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති.

ශාරිපුත්‍රය, කෙබඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් අභිධ්‍යාලු වෙයි. ... ශාරිපුත්‍රය, මෙබඳු මනස්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්.

කථංරූපං සාරිපුත‍්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. ඉධ සාරිපුත‍්ත, එකච‍්චො අනභිජ‍්ඣාලු හොති -පෙ- එවරූපං සාරිපුත‍්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

ශාරිපුත්‍රය, කෙබඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ කිසිවෙක් අනභිධ්‍යාලු වෙයි ... ශාරිපුත්‍රය, මෙබඳු මනස්සමාචාර සෙවුනාහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.

“මනොසමාචාරම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං මනොසමාචාර’න‍්ති ඉති යං තං වුත‍්තං මයා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“ශාරිපුත්‍රය, මම මනස්සමාචාර යත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන මනස්සමාචාර වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තර සඳහා කියන ලද.

“චිත‍්තුප‍්පාදම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං චිත‍්තුප‍්පාදන‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං මයා, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං සාරිපුත‍්ත, චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො චිත‍්තුප‍්පාදො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො සාරිපුත‍්ත, චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපො චිත‍්තුප‍්පාදො සෙවිතබ‍්බො.

“ශාරිපුත්‍රය, මම චිත්තෝත්පාදයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන චිත්තෝත්පාද යැ” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු චිත්තෝත්පාදය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු චිත්තෝත්පාදය සෙවිය යුතු.

කථංරූපං සාරිපුත‍්ත, චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති: ඉධ සාරිපුත‍්ත, එකච‍්චො අභිජ‍්ඣාලු හොති, අභිජ‍්ඣාසහගතෙන චෙතසා විහරති. ව්‍යාපාදවා හොති, ව්‍යාපාදසහගතෙන චෙතසා විහරති. විහෙසවා හොති, විහෙසාසහගතෙන චෙතසා විහරති. එවරූපං සාරිපුත‍්ත, චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. කථංරූපං සාරිපුත‍්ත, චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති: ඉධ සාරිපුත‍්ත, එකච‍්චො අනභිජ‍්ඣාලු හොති, අනභිජ‍්ඣාසහගතෙන චෙතසා විහරති. අව්‍යාපාදවා හොති, අව්‍යාපාදසහගතෙන චෙතසා විහරති. අවිහෙසවා හොති, අවිහෙසාසහගතෙන චෙතසා විහරති. එවරූපං සාරිපුත‍්ත, චිත‍්තුප‍්පාදං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

ශාරිපුත්‍රය, කෙබඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් අභිධ්‍යාලු වෙයි, අභිධ්‍යා සහගත සිතින් වෙසෙයි. ව්‍යාපාද ඇතියේ වෙයි, ව්‍යාපාද සහගත සිතින් වෙසෙයි. විහිංසා ඇතියේ වෙයි, විහිංසාසහගත සිතින් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු චිත්තෝත්පාදය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ කිසිවෙක් අනභිධ්‍යාලු වෙයි, අනභිධ්‍යාසහගත සිතින් යුක්ත ව වෙසෙයි. අව්‍යාපාද ඇතියේ වෙයි අව්‍යාපාදසහගත සිතින් වෙසෙයි. අවිහිංසා ඇතියේ වෙයි. අවිහිංසාසහගත සිතින් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු චිත්තෝත්පාදය සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.

“චිත‍්තුප‍්පාදම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං චිත‍්තුප‍්පාද”න‍්ති ඉති යං තං වුත‍්තං මයා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“ශාරිපුත්‍රය, මම චිත්තෝත්පාදයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන චිත්තෝත්පාද යැ” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදි.

“සඤ‍්ඤාපටිලාභම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං සඤ‍්ඤා පටිලාභන‍්ති” ඉති ඛො පනෙතං වුත‍්තං මයා, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං සාරිපුත‍්ත, සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො සඤ‍්ඤාපටිලාභො න සෙවිතබ‍්බො. යථාරූපං ච ඛො සාරිපුත‍්ත, සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපො සඤ‍්ඤාපටිලාභො සෙවිතබ‍්බො.

“ශාරිපුත්‍රය, මම සංඥාප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන සංඥාප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් තෙල කරුණ කියන ලද, කුමක් සඳහා තෙල බස් කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු සංඥාප්‍රතිලාභය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු සංඥාප්‍රතිලාභය සෙවිය යුතු.

කථංරූපං සාරිපුත‍්ත, සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති: ඉධ සාරිපුත‍්ත, එකච‍්චො අභිජ‍්ඣාලු හොති, අභිජ‍්ඣාසහගතාය සඤ‍්ඤාය විහරති. ව්‍යාපාදවා හොති, ව්‍යාපාදසහගතාය සඤ‍්ඤාය විහරති. විහෙසවා හොති විහෙසා සහගතාය සඤ‍්ඤාය විහරති. එවරූපං සාරිපුත‍්ත, සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. කථංරූපං සාරිපුත‍්ත, සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති: ඉධ සාරිපුත‍්ත, එකච‍්චො අනභිජ‍්ඣාලු හොති, අනභිජ‍්ඣාසහගතාය සඤ‍්ඤාය විහරති. අව්‍යාපාදවා හොති, අව්‍යාපාදසහගතාය සඤ‍්ඤාය විහරති. අවිහෙසවා හොති, අවිහෙසාසහගතාය සඤ‍්ඤාය විහරති. එවරූපං සාරිපුත‍්ත, සඤ‍්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

ශාරිපුත්‍රය, කෙබඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් අභිධ්‍යාලු වෙයි, අභිධ්‍යාසහගත සංඥායෙන් යුක්ත ව වෙසෙයි. ව්‍යාපාද ඇත්තේ වෙයි, ව්‍යාපාදසහගත සංඥායෙන් වෙසෙයි. විහිංසා ඇතියේ වෙයි. විහිංසාසහගත සංඥායෙන් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ කිසිවෙක් අනභිධ්‍යාලු වෙයි, අනභිධ්‍යාසහගත සංඥායෙන් යුක්ත ව වෙසෙයි. අව්‍යාපාද ඇතියේ වෙයි, අව්‍යාපාදසහගත සංඥායෙන් වෙසෙයි. අවිහිංසා ඇතියේ වෙයි, අවිහිංසාසහගත සංඥායෙන් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.

“සඤ‍්ඤාපටිලාභම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි, අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං සඤ‍්ඤාපටිලාභන‍්ති” ඉති යං තං වුත‍්තං මයා. ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“ශාරිපුත්‍රය, මම සංඥාප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන සංඥාප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදි.

‘දිට‍්ඨිපටිලාභම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි, අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං දිට‍්ඨිපටිලාභන‍්ති’ ඉති ඛො පනෙතං වුත‍්තං මයා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං? යථාරූපං සාරිපුත‍්ත, දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො දිට‍්ඨිපටිලාභො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො සාරිපුත‍්ත, දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො දිට‍්ඨිපටිලාභො සෙවිතබ‍්බො.

“ශාරිපුත්‍රය, මම දෘෂ්ටිප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන දෘෂ්ටිප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් තෙල කරුණ කියන ලද. කුමක් සඳහා තෙල කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු දෘෂ්ටිප්‍රතිලාභය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය සෙවිය යුතු ය.

කථංරූපං සාරිපුත‍්ත, දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති: ඉධ සාරිපුත‍්ත, එකච‍්චො එවංදිට‍්ඨිකො හොති: නත්‍ථි දින‍්නං -පෙ- පවෙදෙන‍්තීති. එවරූපං සාරිපුත‍්ත, දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. කථංරූපං සාරිපුත‍්ත, දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති: ඉධ සාරිපුත‍්ත, එකච‍්චො එවංදිට‍්ඨිකො හොති: අත්‍ථි දින‍්නං -පෙ- පවෙදෙන‍්තීති. එවරූපං සාරිපුත‍්ත, දිට‍්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති.

ශාරිපුත්‍රය, කෙබඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දුන් දැය ඵල විපාක නැත, ... යම් කෙනෙක් මෙ ලොවත් පරලොවත් මොනොවට දැන ප්‍රත්‍යක්‍ෂ කොට දැනගනිත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණු කෙනෙක් ලොව නැති’යි. ශාරිපුත්‍රය, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති. කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මෙබඳු දෘෂ්ටි අත්තේ වෙයි: දුන් දැය ඵල විපාක ඇත, .... යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මොනොවට දැන ප්‍රත්‍යක්‍ෂ කොට දැනැගනිත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණෝ ලොව ඇතැ’ යි. ශාරිපුත්‍රය, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභ සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.

“දිට‍්ඨිපටිලාභම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං දිට‍්ඨිපටිලාභන‍්ති” ඉති යං තං වුත‍්තං මයා. ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“ශාරිපුත්‍රය, මම දෘෂ්ටිප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන දෘෂ්ටිප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදි.

අත‍්තභාවපටිලාභම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන -පෙ- වුත‍්තං මයා, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං සාරිපුත‍්ත, -පෙ- න සෙවිතබ‍්බො, යථාරූපඤ‍්ච ඛො සාරිපුත‍්ත, අත්‍ථබාවපටිලාභං -පෙ- අභිවඩ‍්ඪන‍්ති. එවරූපො අත්‍ථබභාවපටිලාභො සෙවිතබ‍්බො.

ශාරිපුත්‍රය, මම ආත්මභාවප්‍රතිලාභයත් දෙපරිද්දෙකින් ... මා විසින් තෙල බසෙක් කියන ලද ද, කුමක් සඳහා තෙල බස් කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු ... නො සෙවිය යුතු. තවද ශාරිපුත්‍රය, යම්බඳු ආත්මභාවප්‍රතිලාභයක් ... කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ආත්මභාවප්‍රතිලාභය සෙවිය යුතු.

කථංරූපං සාරිපුත‍්ත, -පෙ- පරිහායන‍්ති: සව්‍යාපජ‍්ඣං සාරිපුත‍්ත, -පෙ- පරිහායන‍්ති. කථංරූපං සාරිපුත‍්ත, -පෙ- අභිවඩ‍්ඪන‍්ති? අව්‍යාපජ‍්ඣං සාරිපුත‍්ත, -පෙ- අභිවඩ‍්ඪන‍්ති. “අත‍්තභාවපටිලාභම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි, තඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං අත‍්තභාවපටිලාභන‍්ති” ඉති යං තං වුත‍්තං මයා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, කෙබඳු ... කුශලධර්‍මයෝ පිරිහෙත් ද, ශාරිපුත්‍රය, දුක් සහිත වූ ... කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු ... කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, නිදුක් වූ ... කුශලධර්‍මයෝ වැඩෙත්. ශාරිපුත්‍රය මම ආත්මභාවප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන ආත්මභාවප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදී.

ඉමස‍්ස ඛො සාරිපුත‍්ත, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බො.

ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් කියන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තර හෙයින් අර්‍ත්‍ථ දත යුත්තේ යි.

චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. සොතවිඤ‍්ඤෙය්‍යං සද‍්දම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. ඝානවිඤ‍්ඤෙය්‍යං ගන්‍ධම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. ජිව‍්හා විඤ‍්ඤෙය්‍යං රසම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. කායවිඤ‍්ඤෙය්‍යං ඵොට‍්ඨබ‍්බම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. මනොවිඤ‍්ඤෙය්‍යං ධම‍්මම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පීති.

ශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ඝ්‍රාණවිඥේය ගන්‍ධයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ජිහ්වාවිඥේය රසයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි.

එවං වුත‍්තෙ ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: ඉමස‍්ස ඛො අහං භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: ‘වහන්ස, මේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දනිමි’:

‘චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පීති. ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං භන‍්තෙ, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපං චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපං න සෙවිතබ‍්බං. යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ, චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපං චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපං සෙවිතබ‍්බං. චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පීති’ ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥේය රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද. කුමක් සඳහා තෙල බස් වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු චක්‍ෂුර්විඥේය රූපයක් සෙවුනාහට අකුශල ධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු චක්‍ෂුර්විඥේය රූපය නො සෙවිය යුතු ය. තවද වහන්ස, යම්බඳු චක්‍ෂුර්විඥේය රූපයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු චක්‍ෂුර්විඥේය රූපය සෙවිය යුතු ය. “ශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥේය රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි” යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තර සඳහා වදාරන ලදි.

‘සොතවිඤ‍්ඤෙය්‍යං සද‍්දම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං භන‍්තෙ, සොතවිඤ‍්ඤෙය්‍යං සද‍්දං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො සොතවිඤ‍්ඤෙය්‍යො සද‍්දො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ, සොතවිඤ‍්ඤෙය්‍යං සද‍්දං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපො සොතවිඤ‍්ඤෙය්‍යො සද‍්දො සෙවිතබ‍්බො. ‘සොතවිඤ‍්ඤෙය්‍යං සද‍්දම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස් වදාරන ලද. කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය නො සෙවිය යුතු ය. යළි වහන්ස, යම්බඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය සෙවිය යුතු ය. ‘ශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.

‘ඝානවිඤ‍්ඤෙය්‍යං ගන්‍ධම‍්පහං, සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං යථාරූපං භන‍්තෙ, ඝානවිඤ‍්ඤෙය්‍යං ගන්‍ධං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො ඝානවිඤ‍්ඤෙය්‍යො ගන්‍ධො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ, ඝානවිඤ‍්ඤෙය්‍යං ගන්‍ධං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො ඝානවිඤ‍්ඤෙය්‍යො ගන්‍ධො සෙවිතබ‍්බො ‘ඝානවිඤ‍්ඤෙය්‍යං ගන්‍ධම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති යං තං වුත‍්තං භගවතා ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, මම ඝ්‍රාණවිඥේය ගන්‍ධයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද. තෙල බස් කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය නො සෙවිය යුතු ය. වහන්ස, යළි යම්බඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම ඝ්‍රාණවිඥේය ගන්‍ධයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.

ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යං රසම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. යථාරූපං භන‍්තෙ, ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යං රසං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යො රසො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ, ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යං රසං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යො රසො සෙවිතබ‍්බො ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යං රසම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති යං තං වුත‍්තං භගවතා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, මම ජිහ්වාවිඥේය රසයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද. තෙල බස් කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු ජිහ්වාවිඥේය රසයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ජිහ්වාවිඥේය රසය නො සෙවිය යුතු ය. වහන්ස, යළි යම්බඳු ජිහ්වාවිඥේය රසයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ජිහ්වාවිඥේය රසය සෙවිය යුතු. ශාරිපුත්‍රය, මම ජිහ්වාවිඥේය රසයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.

‘කායවිඤ‍්ඤෙය්‍යං ඵොට‍්ඨබ‍්බම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති. ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං භන‍්තෙ, කායවිඤ‍්ඤෙය්‍යං ඵොට‍්ඨබ‍්බං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො කායවිඤ‍්ඤෙය්‍යො ඵොට‍්ඨබ‍්බො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ, කායවිඤ‍්ඤෙය්‍යං ඵොට‍්ඨබ‍්බං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො කායවිඤ‍්ඤෙය්‍යො ඵොට‍්ඨබ‍්බො සෙවිතබ‍්බො ‘කායවිඤ‍්ඤෙය්‍යං ඵොට‍්ඨබ‍්බම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති යං තං වුත‍්තං භගවතා ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, මම කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස් වදාරන ලදි. තෙල කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය නො සෙවිය යුතු ය. යළි වහන්ස, යම්බඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයක්, සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.

‘මනොවිඤ‍්ඤෙය්‍යං ධම‍්මම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං භන‍්තෙ, මනොවිඤ‍්ඤෙය්‍යං ධම‍්මං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො මනොවිඤ‍්ඤෙය්‍යො ධම‍්මො න සෙවිතබ‍්බො. යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ, මනොවිඤ‍්ඤෙය්‍යං ධම‍්මං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපො මනොවිඤ‍්ඤෙය්‍යො ධම‍්මො සෙවිතබ‍්බො. මනොවිඤ‍්ඤෙය්‍යං ධම‍්මම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති යං තං වුත‍්තං භගවතා ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස් වදාරන ලද, තෙල කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු මනෝවිඥේය ධර්‍මයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු මනෝවිඥේය ධර්‍මය නො සෙවිය යුතු ය. යළි වහන්ස, යම්බඳු මනෝවිඥේය ධර්‍මයක්, සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු මනෝවිඥේය ධර්‍මය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.

ඉමස‍්ස ඛො අහං භන‍්තෙ භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමීති.

වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ ධර්‍මයා ගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දනිමි’ යි.

සාධු සාධු සාරිපුත‍්ත, සාධු ඛො ත්‍වං, සාරිපුත‍්ත, ඉමස‍්ස මයා සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාසි.

සාධු සාධු ශාරිපුත්‍රය, මැනැවැ ශාරිපුත්‍රය, තෙපි මා විසින් සැකෙවින් දෙසන ලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයා ගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දන්නාව.

‘චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං රූපම‍්පහං, සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති ඛො පනෙතං වුත‍්තං මයා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං ; යථාරූපං සාරිපුත‍්ත, -පෙ- න සෙවිතබ‍්බං. යථාරූපඤ‍්ච ඛො සාරිපුත‍්ත, -පෙ- අසෙවිතබ‍්බම‍්පී’ති ඉති යං තං වුත‍්තං මයා, ඉදමෙතං පටිච‍්ච වුත‍්තන‍්ති.

ශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥේය රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල කියන ලද, තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, මෙබඳු ... නො සෙවිය යුතු ය. යළි ශාරිපුත්‍රය, යම්බඳු ... අසේවිතව්‍ය දැ’ යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදැ’ යි.

‘සොතවිඤ‍්ඤෙය්‍යං සද‍්දම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති ඛො පනෙතං වුත‍්තං මයා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. යථාරූපං සාරිපුත‍්ත, සොතවිඤ‍්ඤෙය්‍යං සද‍්දං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපො සොතවිඤ‍්ඤෙය්‍යො සද‍්දො න සෙවිතබ‍්බො. -පෙ- එවරූපො සොතවිඤ‍්ඤෙය්‍යො සද‍්දො සෙවිතබ‍්බො. -පෙ- එවරූපො ඝානවිඤ‍්ඤෙය්‍යො ගන්‍ධො න සෙවිතබ‍්බො -පෙ- එවරූපො ඝානවිඤ‍්ඤෙය්‍යො ගන්‍ධො සෙවිතබ‍්බො -පෙ- එවරූපො ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යො රසො න සෙවිතබ‍්බො -පෙ- එවරූපො ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යො රසො සෙවිතබ‍්බො. එවරූපො කායවිඤ‍්ඤෙය්‍යො ඵොට‍්ඨබ‍්බො න සෙවිතබ‍්බො -පෙ- එවරූපො කායවිඤ‍්ඤෙය්‍යො ඵොට‍්ඨබ‍්බො සෙවිතබ‍්බො -පෙ-

ශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල පවසන ලද, තෙල කුමක් සඳහා පවසන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය නො සෙවිය යුතු ... එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය සෙවිය යුතු ... එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය නො සෙවිය යුතු ය ... එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය සෙවිය යුතු ... එබඳු ජිහ්වාවිඥේය රසය නො සෙවිය යුතු ය ... එබඳු ජිහ්වාවිඥේය රසය සෙවිය යුතු ... එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය නො සෙවිය යුතු ය ... එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය සෙවිය යුතු. ...

මනොවිඤ‍්ඤෙය්‍යං ධම‍්මම‍්පහං සාරිපුත‍්ත -පෙ- එවරූපො මනොවිඤ‍්ඤෙය්‍යො ධම‍්මො න සෙවිතබ‍්බො -පෙ- එවරූපො මනොවිඤ‍්ඤෙය්‍යො ධම‍්මො සෙවිතබ‍්බො. ‘මනොවිඤ‍්ඤෙය්‍යං ධම‍්මම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති යං තං වුත‍්තං මයා ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් ... එබඳු මනෝවිඥේය ධර්‍මය නො සෙවිය යුතු ය, ... එබඳු මනෝවිඥේය ධර්‍මය සෙවිය යුතු. ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් යම් බසෙක් පවසන ලද ද, මෙය තෙල විස්තරය සඳහා පවසන ලදි.

ඉමස‍්ස ඛො සාරිපුත‍්ත, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බො.

ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් පවසන ලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කරන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දත යුත්තේ යි.

චීවරම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. පිණ‍්ඩපාතම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. සෙනාසනම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. ගාමම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. නිගමම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. නගරම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. ජනපදම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පි. පුග‍්ගලම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පීති.

ශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ශයනාසනයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ග්‍රාමයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම නියම්ගමත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම නගරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ජනපදයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම පුද්ගල ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි.

එවං වුත‍්තෙ ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: ‘ඉමස‍්ස ඛො අහං භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි:

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: ‘වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දැනගනිමි’:

චීවරම‍්ප’හං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති ඛො පනෙතං වුත‍්තං භගවතා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. යථාරූපං භන‍්තෙ, චීවරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති. එවරූපං චීවරං න සෙවිතබ‍්බං. යථාරූපඤ‍්ච ඛො භන‍්තෙ, චීවරං සෙවතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. එවරූපං චීවරං සෙවිතබ‍්බං. චීවරම‍්ප’හං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති යං තං වුත‍්තං භගවතා ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද, තෙල භාෂිතය කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු චීවරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු චීවරය නො සෙවිය යුතු ය. වහන්ස, යළි යම්බඳු චීවරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු චීවරය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් භාෂිතයක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.

පිණ‍්ඩපාතම‍්ප’හං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච‍්ච වුත‍්තං. සෙනාසනම‍්ප’හං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච‍්ච වුත‍්තං. ගාමම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච‍්ච වුත‍්තං. නිගමම‍්ප’හං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච‍්ච වුත‍්තං. නගරම‍්ප’හං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච‍්ච වුත‍්තං. ජනපදම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච‍්ච වුත‍්තං. පුග‍්ගලම‍්ප’හං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම ශයනාසනයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම ග්‍රාමයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම නියම්ගමත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම නගරයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම ජනපදයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම පුද්ගලයාත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි.

ඉමස‍්ස ඛො අහං භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස, විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමීති.

වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දැනගනිමි.

සාධු සාධු සාරිපුත‍්ත, සාධු ඛො ත්‍වං සාරිපුත‍්ත, ඉමස‍්ස මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස, විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාසි.

සාධු සාධු ශාරිපුත්‍රය, මැනැවැ ශාරිපුත්‍රය, තෙපි මා විසින් සැකෙවින් කියන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දන්නාව.

චීවරම‍්ප’හං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති ඛො පනෙතං වුත‍්තං මයා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: යථාරූපං සාරිපුත‍්ත, චීවරං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, -පෙ- පටිච‍්ච වුත‍්තං. පිණ‍්ඩපාතම‍්ප’හං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති ඛො පනෙතං වුත‍්තං මයා. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. යථාරූපඤ‍්ච සාරිපුත‍්ත, පිණ‍්ඩපාතං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, -පෙ- ඉදමෙතං පටිච‍්ච වුත‍්තං. සෙනාසනම‍්පහං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති -පෙ- එවරූපං සෙනාසනං න සෙවිතබ‍්බං. -පෙ- එවරූපං සෙනාසනං සෙවිතබ‍්බං. -පෙ- එවරූපො ගාමො න සෙවිතබ‍්බො. -පෙ- එවරූපො ගාමො සෙවිතබ‍්බො. -පෙ- එවරූපො නිගමො න සෙවිතබ‍්බො. -පෙ- එවරූපො නිගමො සෙවිතබ‍්බො. -පෙ- එවරූපං නගරං න සෙවිතබ‍්බං. -පෙ- එවරූපං නගරං සෙවිතබ‍්බං. -පෙ- එවරූපො ජනපදො න සෙවිතබ‍්බො. -පෙ- එවරූපො ජනපදො සෙවිතබ‍්බො. -පෙ- ‘පුග‍්ගලම‍්ප’හං සාරිපුත‍්ත, දුවිධෙන වදාමි: සෙවිතබ‍්බම‍්පි අසෙවිතබ‍්බම‍්පී’ති ඉති ඛො පනෙතං වුත‍්තං මයා, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං. යථාරූපං සාරිපුත‍්ත, පුග‍්ගලං සෙවතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, -පෙ- ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල කියන ලද, තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු චීවරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද ... තෙල සඳහා කියන ලදි. ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල කියන ලද. තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු පිණ්ඩපාතයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද ... තෙල සඳහා කියන ලදි. ශාරිපුත්‍රය, මම ශයනාසනයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි ... මෙබඳු ශයනාසනය නො සෙවිය යුතු ය ... මෙබඳු ශයනාසනය සෙවිය යුතු ය ... මෙබඳු ග්‍රාමය නො සෙවිය යුතු ය ... මෙබඳු ග්‍රාමය සෙවිය යුතු ය ... මෙබඳු නිගමය නො සෙවිය යුතු ය ... මෙබඳු නිගමය සෙවිය යුතු ය ... මෙබඳු නගරය නො සෙවිය යුතු ය ... මෙබඳු නගරය සෙවිය යුතු ය ... මෙබඳු ජනපදය නො සෙවිය යුතු ය ... මෙබඳු ජනපදය සෙවිය යුතු ය ... ‘ශාරිපුත්‍රය, මම පුද්ගලයාත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ තෙල බස් මා විසින් පවසන ලද, තෙල කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු පුද්ගලයකු සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද ... තෙල සඳහා වදාරන ලදි.

ඉමස‍්ස ඛො සාරිපුත‍්ත, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බො.

ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් දෙසන ලද විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කරන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දත යුතු.

සබ‍්බෙපි චෙ සාරිපුත‍්ත, ඛත‍්තියා ඉමස‍්ස මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍යුං සබ‍්බෙසානම‍්ප’ස‍්ස ඛත‍්තියානං දීඝරත‍්තං හිතාය සුඛාය. සබ‍්බෙපි චෙ සාරිපුත‍්ත, බ්‍රාහ‍්මණා -පෙ- වෙස‍්සා -පෙ- සබ‍්බෙපි චෙ සාරිපුත‍්ත, සුද‍්දා ඉමස‍්ස මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍යුං. සබ‍්බෙසානම‍්ප’ස‍්ස සුද‍්දානං දීඝරත‍්තං හිතාය සුඛාය. සදෙවකොපි චෙ සාරිපුත‍්ත, ලොකො සමාරකො සබ්‍රහ‍්මකො සස‍්සමණබ්‍රාහ‍්මණී පජා සදෙවමනුස‍්සා ඉමස‍්ස මයා සංඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍ය. සදෙවකස‍්සපිස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය දීඝරත‍්තං හිතාය සුඛායාති.

ශාරිපුත්‍රය, ඉදින් හැම ක්‍ෂත්‍රියයෝ මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්‍මපර්‍ය්‍යාය මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථ දන්නාහු නම්, හැම ක්‍ෂත්‍රියයනට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වන්නේය. ශාරිපුත්‍රය, ඉදින් හැම බ්‍රාහ්මණයෝ ... වෛශ්‍යයෝ ... ශාරිපුත්‍රය, ඉදින් හැම ශුද්‍රයෝ මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්‍මපර්‍ය්‍යාය මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථ දන්නාහු නම්, හැම ශුද්‍රයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුවයට වන්නේය. ශාරිපුත්‍රය, ඉදින් සමාරක සබ්‍රහ්මක් සදේවක ලෝක ද, දෙව්මිනිසුන් සහිත ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්‍මපර්‍ය්‍යාය මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථ දන්නේ නම්, මරුන් සහිත බඹුන් සහිත සදේවක ලෝකයට ද, දෙවිමිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාවටද දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුවයට වන්නේය යි වදාළ සේක.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා සාරිපුත‍්තො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ සේවිතව්‍යාසේවිතව්‍ය ධර්‍මපර්‍ය්‍යාය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළ සේකැ’ යි.

සෙවිතබ‍්බාසෙවිතබ‍්බසුත‍්තං චතුත්‍ථං.

සතරවැනි සේවිතබ්බාසේවිතබ්බ සුත්‍රයි.