මහාචත්තාරීසක සුත්තවණ්ණනා අට්ඨකථා
මහාචත්තාරීසක සුත්තවණ්ණනා
මහාචත්තාරීසක සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාචත්තාරීසකසුත්තං. තත්ථ අරියන්ති නිද්දොසං ලොකුත්තරං, නිද්දොසඤ්හි “අරිය”න්ති වුච්චති. සම්මාසමාධින්ති මග්ගසමාධිං. සඋපනිසන්ති සපච්චයං. සපරික්ඛාරන්ති සපරිවාරං.
එවම්මෙසුතන්ති මහාචත්තාරීසක සූත්‍රය මාවිසින් මෙසේ අසන ලදි. එහි අරියන්ති දොස් නැති. ලෝකෝත්තර වූ නිර්දෝෂී බව අරිය යැයි කියයි. සම්මා සමාධින්ති මාර්ග සමාධියයි. සඋපනිසන්ති ප්‍රත්‍යය සහිත. සපරික්ඛාරන්ති පිරිවර සහිත.
පරික්ඛතාති පරිවාරිතා. සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොතීති ද්විධා සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති පුරෙචාරිකා විපස්සනාසම්මාදිට්ඨි ච මග්ගසම්මාදිට්ඨි ච. විපස්සනාසම්මාදිට්ඨි තෙභූමකසඞ්ඛාරෙ අනිච්චාදිවසෙන පරිවීමංසති; මග්ගසම්මාදිට්ඨි පන පරිවීමංසනපරියොසානෙ භූමිලද්ධං වට්ටං සමුග්ඝාටයමානා වූපසමයමානා සීතුදකඝටසහස්සං මත්ථකෙ ආසිඤ්චමානා විය උප්පජ්ජති. යථා හි ඛෙත්තං කුරුමානො කස්සකො පඨමං අරඤ්ඤෙ රුක්ඛෙ ඡින්දති, පච්ඡා අග්ගිං දෙති, සො අග්ගි පඨමං ඡින්නෙ රුක්ඛෙ අනවසෙසෙ ඣාපෙති, එවමෙව විපස්සනාසම්මාදිට්ඨි පඨමං අනිච්චාදිවසෙන සඞ්ඛාරෙ වීමංසති, මග්ගසම්මාදිට්ඨි තාය වීමංසනත්ථං සඞ්ඛාරෙ පුන අප්පවත්තිවසෙන සමුග්ඝාටයමානා උප්පජ්ජති, සා දුවිධාපි ඉධ අධිප්පෙතා.
පරික්ඛතාති පිරිවරණ ලද. සම්මාදිට්ඨි පුබ්බංගමා හොතීති දෙපරිද්දකින් පෙරටු වෙයි. විදර්ශනා සම්මාදිට්ඨිය ත්‍රෛභූමික සංස්කාරයන් අනිත්‍යාදී වශයෙන් සොයයි. මාර්ග සම්මාදිට්ඨිය වනාහි විමර්ශන කෙළවර භූමිලද්ධ වූ සංසාරය විනාශ කරමින් සංසිඳුවමින් සිහිල් ජල කල දහසක් මුදුනෙහි වත්කරන්නාක් මෙන් උපදියි. යම්සේ කුඹුරක් කරන්නා වූ ගොවියා පළමුව වනයෙහි ගස් සිඳියි. පසුව ගිනි තබයි. ඒ ගින්න පළමුව සිඳින ලද ගස් සම්පූර්ණයෙන් දවයි. එපරිද්දෙන්ම විදර්ශනා සම්මාදිට්ඨිය පළමුවරට අනිත්‍යාදී වශයෙන් සංස්කාරයන් විමසයි. මාර්ග සම්මාදිට්ඨියෙන් විමසනු සඳහා සංස්කාරයන් නැවත නූපදනා පරිද්දෙන් සම්පූර්ණයෙන් විනාශ කරමින් උපදියි. ඒ දෙයාකාරය ම මෙහි දී අදහස් කරන ලදි.
මිච්ඡාදිට්ඨීති පජානාතීති මිච්ඡාදිට්ඨිං අනිච්චං දුක්ඛං අනත්තාති ලක්ඛණපටිවෙධෙන ආරම්මණතො පජානාති, සම්මාදිට්ඨිං කිච්චතො අසම්මොහතො පජානාති. සාස්ස හොති සම්මාදිට්ඨීති සා එවං පජානනා අස්ස සම්මාදිට්ඨි නාම හොති.
මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨිති ජානාතීති මිථ්‍යාදෘෂ්ටිය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වශයෙන් අවබෝධකොට ගෙන ආරම්මණ වශයෙන් දැන ගනියි. සම්‍යක් දෘෂ්ටිය කෘත්‍ය වශයෙන් සිහිමුලා නොවී දැන ගනියි. සාස්ස හොති සම්මාදිට්ඨීති එය මෙසේ මැනවින් දැන ගන්නේය යනු සම්‍යක් දෘෂ්ටිය නම් වෙයි.
ද්වායං වදාමීති ද්වයං වදාමි, දුවිධකොට්ඨාසං වදාමීති අත්ථො. පුඤ්ඤභාගියාති පුඤ්ඤකොට්ඨාසභූතා. උපධිවෙපක්කාති උපධිසඞ්ඛාතස්ස විපාකස්ස දායිකා.
ද්වයං වදාමීති දෙකක් කියමි. දෙකොටසක් කියමි යන තේරුමයි. පුඤ්ඤභාගියාති පිනට කොටස්කරුවෙකු වූ. උපධිවෙපක්කාති උපධි නම් විපාකය දෙන්නා වූ.
පඤ්ඤා පඤ්ඤින්ද්රියන්තිආදීසු විභජිත්වා විභජිත්වා අමතද්වාරං පඤ්ඤපෙති දස්සෙතීති පඤ්ඤා. තස්මිං අත්ථෙ ඉන්දත්තං කරොතීති පඤ්ඤින්ද්රියං. අවිජ්ජාය න කම්පතීති පඤ්ඤාබලං. බොජ්ඣඞ්ගප්පත්තා හුත්වා චතුසච්චධම්මෙ විචිනාතීති ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො. මග්ගසම්පත්තියා පසට්ඨා සොභනා දිට්ඨීති සම්මාදිට්ඨි. අරියමග්ගස්ස අඞ්ගන්ති මග්ගඞ්ගං. සොති සො භික්ඛු. පහානායාති පජහනත්ථාය. උපසම්පදායාති පටිලාභත්ථාය. සම්මාවායාමොති නිය්යානිකො කුසලවායාමො. සතොති සතියා සමන්නාගතො හුත්වා. අනුපරිධාවන්ති අනුපරිවත්තන්තීති සහජාතා ච පුරෙජාතා ච හුත්වා පරිවාරෙන්ති. එත්ථ හි සම්මාවායාමො ච සම්මාසති ච ලොකුත්තරසම්මාදිට්ඨිං සහජාතා පරිවාරෙන්ති රාජානං විය එකරථෙ ඨිතා අසිග්ගාහඡත්තග්ගාහා. විපස්සනාසම්මාදිට්ඨි පන පුරෙජාතා හුත්වා පරිවාරෙති රථස්ස පුරතො පත්තිකාදයො විය. දුතියපබ්බතො පට්ඨාය පන සම්මාසඞ්කප්පාදීනං තයොපි සහජාතපරිවාරාව හොන්තීති වෙදිතබ්බා.
පඤ්ඤා පඤ්ඤින්ද්රියන්ති ආදියෙහි බෙදා බෙදා අමෘතද්වාරය පණවයි. දක්වයි. ප්‍රඥාව ඒ අර්ථයෙහි අධිපතිකම කෙරෙනුයේ පඤ්ඤින්ද්රිය නමි. අවිද්‍යාවෙන් කම්පා නොවන්නේ පඤ්ඤාබල නම් වේ. බොජ්ඣංග ධර්මයන්ට පැමිණ චතුරාර්ය සත්‍ය ධර්මයන් සොයනුයේ ධම්මවිචය සංබොජ්ඣංගො නමි. මාර්ග සම්පත්තියෙන් ප්‍රශංසා කරන ලද ශෝභන වූ දෘෂ්ටිය සම්මාදිට්ඨි යයි. ආර්ය මාර්ගයට කරුණු මග්ගංගං නමි. සොති ඒ භික්ෂුවයි. පහානායාති හැරීම සඳහා උපසම්පදායාති ප්‍රතිලාභය පිණිස සම්මාවායාමොති නෛර්යාණික කුසල වීර්යයයි. සතොති සිහියෙන් යුක්තව හාත්පසින් ධාවනය කරත්. අනුපරිවත්තන්තීති එක්ව ඉපිද පුරෙජාතව පිරිවරත්. මෙහි සම්මාවායාමයත් සම්මාසතියත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය සමග එක්ව ඉපිද පිරිවරත්. හරියට රජු හා එකම රථයෙහි සිටි කඩු ගත්තවුන් මෙනි. විදර්ශනා සම්‍යක් දෘෂ්ටිය වනාහි පුරේජාතව කරත්තයට පෙරටුව යන පාබල සෙනඟ මෙන් පිරිවරයි. දෙවන කොටසෙහි පටන් සම්‍යක් සංකල්පනා ආදි තුන්දෙන එක්ව ඉපිද පිරිවරත් යැයි දතයුතුයි.
මිච්ඡාසඞ්කප්පොති පජානාතීති මිච්ඡාසඞ්කප්පං අනිච්චං දුක්ඛං අනත්තාති ලක්ඛණපටිවෙධෙන ආරම්මණතො පජානාති සම්මාසඞ්කප්පං කිච්චතො අසම්මොහතො පජානාති. ඉතො අපරෙසු සම්මාවාචාදීසුපි එවමෙව යොජනා වෙදිතබ්බා. කාමසඞ්කප්පාදයො ද්වෙධාවිතක්කසුත්තෙ (ම· නි· 1.206) වුත්තායෙව.
මිච්ඡාසංකප්පොති පජානාතීති අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රතිවේධයෙහි ආරම්මණ වශයෙන් දැනගනියි. සම්‍යක් සංකල්පනාව කෘත්‍ය වශයෙන් සිහිමුලා නොවී දැනගනියි. මෙයින් මතු සම්‍යක් වචනාදියෙහි දැනීම මෙපරිද්දෙන් දැනගත යුතුයි. කාම සංකල්පනාදිය ද්වෙධාවිතක්ක සූත්‍රයෙහි කියන ලද්දේය.
තක්කොතිආදීසු තක්කනවසෙන තක්කො. ස්වෙව ච උපසග්ගෙන පදං වඩ්ඪෙත්වා විතක්කොති වුත්තො, ස්වෙව සඞ්කප්පනවසෙන සඞ්කප්පො. එකග්ගො හුත්වා ආරම්මණෙ අප්පෙතීති අප්පනා. උපසග්ගෙන පන පදං වඩ්ඪෙත්වා බ්යප්පනාති වුත්තං. චෙතසො අභිනිරොපනාති චිත්තස්ස අභිනිරොපනා. විතක්කස්මිඤ්හි සති විතක්කො ආරම්මණෙ චිත්තං අභිනිරොපෙති විතක්කෙ පන අසති අත්තනොයෙව ධම්මතාය චිත්තං ආරම්මණං අභිරුහති ජාතිසම්පන්නො අභිඤ්ඤාතපුරිසො විය රාජගෙහං. අනභිඤ්ඤාතස්ස හි පටිහාරෙන වා දොවාරිකෙන වා අත්ථො හොති, අභිඤ්ඤාතං ජාතිසම්පන්නං සබ්බෙ රාජරාජමහාමත්තා ජානන්තීති අත්තනොව ධම්මතාය නික්ඛමති චෙව පවිසති ච, එවංසම්පදමිදං වෙදිතබ්බං. වාචං සඞ්ඛරොතීති වචීසඞ්ඛාරො. එත්ථ ච ලොකියවිතක්කො වාචං සඞ්ඛරොති, න ලොකුත්තරො. කිඤ්චාපි න සඞ්ඛරොති, වචීසඞ්ඛාරොත්වෙව ච පනස්ස නාමං හොති. සම්මාසඞ්කප්පං අනුපරිධාවන්තීති ලොකුත්තරසම්මාසඞ්කප්පං පරිවාරෙන්ති. එත්ථ ච තයොපි නෙක්ඛම්මසඞ්කප්පාදයො පුබ්බභාගෙ නානාචිත්තෙසු ලබ්භන්ති, මග්ගක්ඛණෙ පන තිණ්ණම්පි කාමසඞ්කප්පාදීනඤ්ච පදච්ඡෙදං සමුග්ඝාතං කරොන්තො මග්ගඞ්ගං පූරයමානො එකොව සම්මාසඞ්කප්පො උප්පජ්ජිත්වා නෙක්ඛම්මසඞ්කප්පාදිවසෙන තීණි නාමානි ලභති. පරතො සම්මාවාචාදීසුපි එසෙව නයො.
තක්කොති යනාදියෙහි තර්ක කිරීම් වශයෙන් තක්ක නම් වෙයි. එයම උපසර්ගයකින් පදය වැඩිකොට විතක්කො යැයි කියන ලදි. එයම යහපත් සංකල්පනාදිය වශයෙන් සංකප්පො නම් වෙයි. එකඟව අරමුණු කරා පමුණුවන්නේ අප්පනා නම් වෙයි. එයම උපසර්ගයකින් පදය වැඩිකොට ව්යප්පනා යැයි කියන ලදි. චෙතසො අභිනිරොපනාති සිතට නැංවීමයි. විතර්කය ඇති කල්හි ඒ විතර්කය අරමුණට සිත නංවයි. විතර්කය නැති කල්හි ස්වකීය ධර්මතා වශයෙන් සිත අරමුණට නංවයි. රජ ගෙදර හොඳින් දන්නා කුලවත් පුරුෂයෙකු මෙනි. නොදන්නා සේවකයෙකු මගින් හෝ දොරටු පාලයා මගින් හෝ පිහිට ලැබිය යුතුය. හොඳින් දන්නාවූත් කුලවත්වූත් පුරුෂයා සියලු මහාමාත්‍යාදීන් දනියි. එනිසා තමාට උවමනා පරිදි පිවිසීමත් නික්මීමත් කරයි. මේ කරුණ මෙසේ දත යුතුයි. වචන සංස්කරණය වචීසංඛාරො නමි. මෙහි ලෞකික විතර්කය වචන සංස්කරණය කරයි. ලෝකෝත්තර විතර්කය නොකරයි. කිසිවකුත් සංස්කරණය නොකරන්නේ වචී සංස්කාර යන නමක් ඔහුට වෙයි. සම්මාසඞ්කප්පං අනුපරිධාවන්ති ලෝකෝත්තර සම්‍යක් සංකල්පනාව පිරිවරත්. මෙහි නෙක්ඛම්ම සංකප්පය ආදී තුන්දෙන පූර්වභාගයේ දී නොයෙක් නොයෙක් සිත්වල ලැබෙත්. මාර්ගක්ෂණයෙහි වනාහි ත්‍රිවිධ කාම සංකල්පනාදීන්ගේ පරිච්ඡේදය සම්පූර්ණ නැසීම කරන්නේ මාර්ගාංගය පුරවමින් එකම සම්‍යක් සංකල්පය ඉපිද නෙක්ඛම්ම සංකල්පය ආදීන් වශයෙන් ත්‍රිවිධ නාමයන් ලබයි. මින්පසු සම්‍යක් වචනය ආදියෙහිත් මේ ක්‍රමයයි.
මුසාවාදා වෙරමණීතිආදීසු විරතිපි චෙතනාපි වට්ටති. ආරතීතිආදීසු වචීදුච්චරිතෙහි ආරකා රමතීති ආරති. විනා තෙහි රමතීති විරති. තතො තතො පටිනිවත්තාව හුත්වා තෙහි විනා රමතීති පටිවිරති. උපසග්ගවසෙන වා පදං වඩ්ඪිතං, සබ්බමිදං ඔරමනභාවස්සෙව අධිවචනං. වෙරං මණති විනාසෙතීති වෙරමණි. ඉදම්පි ඔරමනස්සෙව වෙවචනං.
මුසාවාදා වේරමණීති ආදියෙහි විරතියත් චේතනාවත් යන දෙකම වටී. ආරතීති යනාදියෙහි වාක් දුශ්චරිතයන්ගෙන් දුරින් රමණය කරන්නේ ආරතියයි. ඔවුන්ගෙන් තොරව රමණය කරන්නේ විරතියයි. එයින් එයින් ආපසු හැරී ඔවුන්ගෙන් තොරව රමණය කරන්නේ පටිවිරතියයි. උපසර්ග වශයෙන් පදය වැඩිකරන ලදි. මේ සියල්ල වෙන්වීමට පර්යාය වචනයි. වෛරය විනාශ කරන්නේ වෙරමණී යි. මෙය ද වෙන්වීමට පර්යාය වචනයි.
පාණාතිපාතා වෙරමණීතිආදීසුපි චෙතනා විරතීති උභයම්පි වට්ටතියෙව.
පාණාතිපාතා වෙරමණී ආදියෙහි චේතනාවෙන් වෙන්වීම යන දෙකම වටින්නේමය.
කුහනාතිආදීසු තිවිධෙන කුහනවත්ථුනා ලොකං එතාය කුහයන්ති විම්හාපයන්තීති කුහනා. ලාභසක්කාරත්ථිකා හුත්වා එතාය ලපන්තීති ලපනා. නිමිත්තං සීලමෙතෙසන්ති නෙමිත්තිකා, තෙසං භාවො නෙමිත්තිකතා. නිප්පෙසො සීලමෙතෙසන්ති නිප්පෙසිකා, තෙසං භාවො නිප්පෙසිකතා. ලාභෙන ලාභං නිජිගීසන්ති මග්ගන්ති පරියෙසන්තීති ලාභෙන ලාභං නිජිගීසනා, තෙසං භාවො ලාභෙන ලාභං නිජිගීසනතා. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරෙන පනෙතා කුහනාදිකා විසුද්ධිමග්ගෙ සීලනිද්දෙසෙයෙව පාළිඤ්ච අට්ඨකථඤ්ච ආහරිත්වා පකාසිතා. මිච්ඡාආජීවස්ස පහානායාති එත්ථ න කෙවලං පාළියං ආගතොව මිච්ඡාආජීවො, ආජීවහෙතු පන පවත්තිතා පාණාතිපාතාදයො සත්තකම්මපථචෙතනාපි මිච්ඡාආජීවොව. තාසංයෙව සත්තන්නං චෙතනානං පදපච්ඡෙදං සමුග්ඝාතං කුරුමානං මග්ගඞ්ගං පූරයමානා උප්පන්නා විරති සම්මාආජීවො නාම.
කුහනාති ත්‍රිවිධාකාර කුහන වස්තුවෙන්. මෙය කරණකොටගෙන ලෝකය කුහකවේ විස්මයට පත්වේය යනු කුහනාවයි. ලාභසත්කාර කැමැතිව මෙය කියන්නේය යනු ලපනාවයි. නිමිතිකීම් ස්වභාවය ඇත්තේ මොවුන්ටය යනු නෙමිත්තික නමි. ඔවුන්ගේ ස්වභාවය නෙමිත්තිකති නමි. පණිවිඩ ගෙනයන ස්වභාව ඇති මොවුන් නිප්පෙසික නමි. ඔවුන්ගේ ස්වභාවය නිප්පෙසිකතා නමි. ලාභයෙන් ලාභය සොයත් ද ඒ සඳහා මාර්ග සොයත් ද මොවුන්ගේ ස්වභාවය නිජිගිංසනතා නමි. මේ මෙහි සංක්ෂේපයයි. මේ කුහනකාදිය විස්තර වශයෙන් විසුද්ධිමාර්ගයේ සීල නිර්දේශයේ පෙළ හා අටුවාවලින් ගෙන කියන ලදි. මිච්ඡාආජීවස්ස පහානායාති මෙහි හුදෙක් පාළියෙහි ආවා වූ මිච්ඡාජීවය පමණක් නොවේ. දිවිපැවැත්ම සඳහා පවත්වන ලද ප්‍රාණඝාතාදි වූ සප්තකර්මපථ චේතනාත් මිථ්යාජීවයත් ඔවුන් පිළිබඳ සප්ත චෛතසිකයන්ගේ සිඳීම් කරමින් මාර්ගාංගයන් පුරමින් උපන් විරතිය සම්‍යක් ආජීවය නම් වේ.
සම්මාදිට්ඨිස්සාති මග්ගසම්මාදිට්ඨියං ඨිතස්ස පුග්ගලස්ස. සම්මාසඞ්කප්පො පහොතීති මග්ගසම්මාසඞ්කප්පො පහොති, ඵලසම්මාදිට්ඨිස්සපි ඵලසම්මාසඞ්කප්පො පහොතීති එවං සබ්බපදෙසු අත්ථො වෙදිතබ්බො. සම්මාඤාණස්ස සම්මාවිමුත්තීති එත්ථ පන මග්ගසම්මාසමාධිම්හි ඨිතස්ස මග්ගපච්චවෙක්ඛණං සම්මාඤාණං පහොති, ඵලසම්මාසමාධිම්හි ඨිතස්ස ඵලපච්චවෙක්ඛණං සම්මාඤාණං පහොති. මග්ගපච්චවෙක්ඛණසම්මාඤාණෙ ච ඨිතස්ස මග්ගසම්මාවිමුත්ති පහොති, ඵලපච්චවෙක්ඛණසම්මාඤාණෙ ඨිතස්ස ඵලසම්මාවිමුත්ති පහොතීති අත්ථො. එත්ථ ච ඨපෙත්වා අට්ඨ ඵලඞ්ගානි සම්මාඤාණං පච්චවෙක්ඛණං කත්වා සම්මාවිමුත්තිං ඵලං කාතුං වට්ටතීති වුත්තං.
සම්මාදිට්ඨිස්සාති මාර්ග සම්‍යක් දෘෂ්ටියෙහි සිටියා වූ පුද්ගලයාට, සම්මාසංකප්පො පහොතීති මාර්ග සම්‍යක් සංකල්පනාවට සුදුසු වෙයි. ඵල සම්‍යක් දෘෂ්ටිකයාට ඵල සම්‍යක් සංකල්පනාව සුදුසු වෙයි. මෙසේ සියලු පදයන්හි අර්ථය දත යුතුයි. සම්මාඤාණං සම්මාවිමුත්තීති මෙහි මාර්ග සම්‍යක් සමාධියෙහි සිටියහුගේ ඵල ප්රත්යවේක්ෂාව සම්‍යක් ඥානයට සුදුසු වෙයි. ඵල සමාධියෙහි සිටියහුගේ ඵල ප්රත්යවේක්ෂාව සම්‍යක් ඥානයට සුදුසු වෙයි. මාර්ග ප්රත්යවේක්ෂා ඥානයෙහි සිටියහුට මාර්ග සම්‍යක් විමුක්තිය සුදුසු වෙයි. ඵල ප්රත්යවේක්ෂා ඥානයෙහි සිටියහුට ඵල සම්‍යක් විමුක්තිය සුදුසු වෙයි යන තේරුමයි. මෙහි ඵලඅංගයන් අට හැර සම්‍යක් ඥානය ප්රත්යවේක්ෂා කොට සම්‍යක් විමුක්තිය ඵලය කරන්නට වටින්නේ යැයි කියන ලදී.
සම්මාදිට්ඨිස්ස, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොතීතිආදීසු අවසෙසනිකායභාණකා ඵලං කථිතන්ති වදන්ති, මජ්ඣිමභාණකා පන දසන්නං නිජ්ජරවත්ථූනං ආගතට්ඨානෙ මග්ගො කථිතොති වදන්ති. තත්ථ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි වෙදිතබ්බා, විදිතකරණට්ඨෙන සම්මාඤාණං, තදධිමුත්තට්ඨෙන සම්මාවිමුත්ති.
සම්මාදිට්ඨිස්ස භික්ඛවෙ මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොතීති යනාදියෙහි සෙසු නිකාය භාණකයෝ ඵලය කියන ලද යැයි කියත්. මජ්ඣිම භාණකයෝ වනාහි දස වැදෑරුම් විනාශකර වස්තූන් දැක්වූ තැන මාර්ගය කියන ලදැයි කියත්. එහි දර්ශනාර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිය දත යුතුයි. ප්‍රකට කරන අර්ථයෙන් සම්‍යක් ඥානය වෙයි. එය දැඩි මිදීම යන අර්ථයෙන් සම්‍යක් විමුක්තිය නම් වෙයි.
වීසති කුසලපක්ඛාති සම්මාදිට්ඨිආදයො දස, “සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා”තිආදිනා නයෙන වුත්තා දසාති එවං වීසති කුසලපක්ඛා හොන්ති. වීසති අකුසලපක්ඛාති “මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොතී”තිආදිනා නයෙන වුත්තා මිච්ඡාදිට්ඨිආදයො දස, “යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා”තිආදිනා වුත්තා දස චාති එවං වීසති අකුසලපක්ඛා වෙදිතබ්බා. මහාචත්තාරීසකොති මහාවිපාකදානෙන මහන්තානං කුසලපක්ඛිකානඤ්චෙව අකුසලපක්ඛිකානඤ්ච චත්තාරීසාය ධම්මානං පකාසිතත්තා මහාචත්තාරීසකොති.
වීසතිකුසල පක්ඛාති සම්‍යක් දෘෂ්ටිය ආදී වූ දස වැදෑරුම් සම්‍යක් දෘෂ්ටි ප්‍රත්‍යයෙන් ද නොයෙක් කුසල ධර්මයෝය යනාදියෙහිත් කියන ලද ක්‍රමයෙන් දහය යැයි ද මෙසේ විසි වැදෑරුම් කුසල පක්ෂයෝ වෙති. විසි වැදෑරුම් අකුසල පක්ෂයෝ නම්. මිච්ඡාදිට්ඨි නිජ්ජිණණා හොතීති ආදී ක්‍රමයෙන් කියන ලද මිථ්‍යා දෘෂ්ටිය මුල්කර ගත් දහය ද යෙ මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකාති යනාදියෙන් කියන ලද දහය දැයි මෙසේ විසි වැදෑරුම් අකුසල පක්ෂයෝ දත යුතුයි. මහාචත්තාරීසකො මහත් වූ විපාක දීමේ මහත් වූ කුසල පාක්ෂිකයෝ ද අකුසල පාක්ෂිකයෝ දැයි හතළිස් ධර්මයක් ප්‍රකාශිත බැවින් මහාචත්තාරීසකො යැයි කියන ලදි.
ඉමස්මිඤ්ච පන සුත්තෙ පඤ්ච සම්මාදිට්ඨියො කථිතා විපස්සනාසම්මාදිට්ඨි කම්මස්සකතාසම්මාදිට්ඨි මග්ගසම්මාදිට්ඨි ඵලසම්මාදිට්ඨි පච්චවෙක්ඛණාසම්මාදිට්ඨීති. තත්ථ “මිච්ඡාදිට්ඨිං මිච්ඡාදිට්ඨීති පජානාතී”තිආදිනා නයෙන වුත්තා විපස්සනාසම්මාදිට්ඨි නාම. “අත්ථි දින්න”න්තිආදිනා නයෙන වුත්තා කම්මස්සකතාසම්මාදිට්ඨි නාම. “සම්මාදිට්ඨිස්ස, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො පහොතී”ති එත්ථ පන මග්ගසම්මාදිට්ඨි ඵලසම්මාදිට්ඨීති ද්වෙපි කථිතා. “සම්මාඤාණං පහොතී”ති. එත්ථ පන පච්චවෙක්ඛණාසම්මාදිට්ඨි කථිතාති වෙදිතබ්බා.
මේ සූත්‍රයෙහි සම්‍යක් දෘෂ්ටි පහක් කියන ලදි. විදර්ශනා සම්‍යක් දෘෂ්ටිය කර්මස්වකත සම්‍යක් දෘෂ්ටිය, මාර්ග සම්‍යක් දෘෂ්ටිය, ඵල සම්‍යක් දෘෂ්ටිය, ප්රත්යවේක්ෂා සම්‍යක් දෘෂ්ටිය වශයෙනි. එහි මිථ්‍යා දෘෂ්ටිය මිථ්‍යා දෘෂ්ටිය යැයි දැනගනී ආදි ක්‍රමයෙන් කියන ලද්දේ විදර්ශනා සම්‍යක් දෘෂ්ටියයි. දෙන ලද දෙයෙහි සැප විපාක ඇත යනාදි ක්‍රමයෙන් කියන ලද්දේ කම්මස්සකතා සම්‍යක් දෘෂ්ටියයි. සම්මාදිට්ඨිස්ස හි භික්ඛවෙ සම්මාසංකප්පො පහොතීති මෙහි මාර්ග හා ඵල සම්‍යක් දෘෂ්ටි දෙක ගැනම කියන ලදි. සම්මාඤාණං පහොතීති මෙහි ප්රත්යවේක්ෂා සම්‍යක් දෘෂ්ටිය කියන ලද්දේ යැයි දතයුතුයි.
සම්මාදිට්ඨිං චෙ භවං ගරහතීති මිච්ඡාදිට්ඨි නාමායං සොභනාති වදන්තොපි සම්මාදිට්ඨි නාමායං න සොභනාති වදන්තොපි සම්මාදිට්ඨිං ගරහති නාම. ඔක්කලාති ඔක්කලජනපදවාසිනො. වස්සභඤ්ඤාති වස්සො ච භඤ්ඤො චාති ද්වෙ ජනා. අහෙතුවාදාති නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියාති එවමාදිවාදිනො. අකිරියවාදාති කරොතො න කරීයති පාපන්ති එවං කිරියපටික්ඛෙපවාදිනො. නත්ථිකවාදාති නත්ථි දින්නන්තිආදිවාදිනො. තෙ ඉමෙසු තීසුපි දස්සනෙසු ඔක්කන්තනියාමා අහෙසුං. කථං පනෙතෙසු නියාමො හොතීති. යො හි එවරූපං ලද්ධිං ගහෙත්වා රත්තිට්ඨානදිවාට්ඨානෙ නිසින්නො සජ්ඣායති වීමංසති, තස්ස “නත්ථි හෙතු නත්ථි පච්චයො කරොතො න කරීයති පාපං, නත්ථි දින්නං, කායස්ස භෙදා උච්ඡිජ්ජතී”ති තස්මිං ආරම්මණෙ මිච්ඡාසති සන්තිට්ඨති, චිත්තං එකග්ගං හොති, ජවනානි ජවන්ති. පඨමජවනෙ සතෙකිච්ඡො හොති, තථා දුතියාදීසු. සත්තමෙ බුද්ධානම්පි අතෙකිච්ඡො අනිවත්තී අරිට්ඨකණ්ඩකසදිසො හොති.
සම්මාදිට්ඨිං චෙ භවං ගරහතීති මේ මිථ්‍යා දෘෂ්ටිය ලක්ෂණ යැයි කියන්නෝ ද මේ සම්‍යක් දෘෂ්ටිය අවලක්ෂණ යැයි කියන්නෝ ද සම්මා දෘෂ්ටිය ගරහන්නෝ නම් වෙත්. ඔක්කලාති ඔක්කල නම් ජනපද වාසීහුයි. වස්සභඤ්ඤාචාති වස්ස හා භඤ්ඤ යන දෙදෙනායි. අහේතුවාදාති සත්ත්වයන්ගේ විසුද්ධියට හේතු නැත. ප්‍රත්‍ය නැත. මේ ආදී ලෙසින් කියන්නෝය. අකිරියවාදාති කරන්නා පව් නොකරයි ආදී ලෙසින් මෙසේ ක්‍රියා ප්‍රතික්ෂේප කරන්නෝය. නත්ථිකවාදාති දුන් දෙයෙහි විපාක නැත ආදී ලෙස කියන්නෝය. ඔවුහු මේ ත්‍රිවිධ දර්ශනයන්හි බැසගත් නියාම ඇත්තෝ වූහ. ඔවුන් අතර කෙසේනම් නියාම වෙයි ද යමෙක් මෙබඳු ලබ්ධි ගෙන රාත්‍රීස්ථාන හා දිවාස්ථානයන්හි සිටියේ සජ්ඣායනා කරයි. විමසයි. එහි හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. කරන්නෙක් නැත. කරවන්නෙක් නැත. පවක් නැත. කයේ බිඳීමෙන් පසු නැසෙයි. ඒ අරමුණෙහි මිථ්‍යා ස්මෘතිය පිහිටයි. සිත එකඟ වෙයි. ජවනයක් දුවත් පළමු ජවනයෙහි පිළියම් සහිත වෙයි. දෙවන ජවනාදියෙහිත් එසේමය. සත්වැන්නෙහි බුදුරදුන්ටවත් පිළියම් කළ නොහැකි වෙයි. අරිට්ඨකණ්ඨක හා සමාන වෙයි.
තත්ථ කොචි එකං දස්සනං ඔක්කමති, කොචි ද්වෙ, කොචි තීණිපි, නියතමිච්ඡාදිට්ඨිකොව හොති, පත්තො සග්ගමග්ගාවරණඤ්චෙව මොක්ඛමග්ගාවරණඤ්ච. අභබ්බො තස්ස අත්තභාවස්ස අනන්තරං සග්ගම්පි ගන්තුං, පගෙව මොක්ඛං, වට්ටඛාණු නාමෙස සත්තො පථවීගොපකො, යෙභුය්යෙන එවරූපස්ස භවතො වුට්ඨානං නත්ථි. වස්සභඤ්ඤාපි එදිසා අහෙසුං. නින්දාබ්යාරොසඋපාරම්භභයාති අත්තනො නින්දාභයෙන ඝට්ටනභයෙන උපවාදභයෙන චාති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
එහි කිසිවෙක් එක් දර්ශනයකට බැස ගනියි. කිසිවෙක් දෙක තුනකට බැස ගනියි. නියත වශයෙන් ම මිථ්‍යා දෘෂ්ටිකයෙක් වෙයි. ස්වර්ග මෝක්ෂ ආවරණය කර ගත්තෙකු බවට පත්වෙයි. ඒ ආත්මභවයේ දී හේ අන්තරා ආත්මභාවයක දී හෝ ස්වර්ගයට හෝ මෝක්ෂයට නුසුදුසු වෙයි. ස්වර්ගයට සුදුසුනම් මෝක්ෂයක් ගැන කියනු කිම? මේ පුද්ගලයා පොළොවට පොහොර වෙන්නෙකි. සසරට කණුවකි. මෙබන්දන්ට සසරින් ගැළවීමක් බොහෝ සෙයින් නැත. වස්ස හා භඤ්ඤ යන දෙදෙනා ද මෙබන්දෝ වූහ. නින්දාව්යා රොසඋපාරම්භභයාති තමාට නින්දා බියෙන් ඝට්ටන බියෙන් දෝෂාරෝපණ බියෙන් යන තේරුමයි. ඉතිරි සියල්ල ද පෙර කියන ලද පරිදිමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාචත්තාරීසකසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහාචත්තාරීසක සූත්‍ර වර්ණනාව නිමි.