ආනාපානසති සුත්තවණ්ණනා අට්ඨකථා
ආනාපානසති සුත්තවණ්ණනා
ආනාපානසති සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති ආනාපානස්සතිසුත්තං. තත්ථ අඤ්ඤෙහි චාති ඨපෙත්වා පාළියං ආගතෙ දස ථෙරෙ අඤ්ඤෙහිපි අභිඤ්ඤාතෙහි බහූහි සාවකෙහි සද්ධිං. තදා කිර මහා භික්ඛුසඞ්ඝො අහොසි අපරිච්ඡින්නගණනො.
එවම්මෙසුතන්ති ආනාපානසති සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි අඤ්ඤෙහි වාති පෙළෙහි ආ දස තෙරුන් හැර වෙනත් ප්‍රසිද්ධ වූ බොහෝ ශ්‍රාවකයන් සමග එකල්හි වනාහි පිරිසිඳිය නොහැකි ගණනින් මහත් වූ භික්ෂුසංඝයා විය.
ඔවදන්ති අනුසාසන්තීති ආමිසසඞ්ගහෙන ධම්මසඞ්ගහෙන චාති ද්වීහි සඞ්ගහෙහි සඞ්ගණ්හිත්වා කම්මට්ඨානොවාදානුසාසනීහි ඔවදන්ති ච අනුසාසන්ති ච. තෙ චාති චකාරො ආගමසන්ධිමත්තං. උළාරං පුබ්බෙනාපරං විසෙසං ජානන්තීති සීලපරිපූරණාදිතො පුබ්බවිසෙසතො උළාරතරං අපරං කසිණපරිකම්මාදිවිසෙසං ජානන්තීති අත්ථො.
ඔවදන්ති අනුසාසන්තීති ආමිෂ සංග්‍රහය ධර්ම සංග්‍රහය යන දෙවැදෑරුම් සංග්රහයන්ගෙන් සංග්‍රහ කොට කර්මස්ථාන අවවාද අනුශාසනාවන්ගෙන් අවවාද කරත්. අනුශාසනා කරත්. තෙ චාති චකාරය ආගම සන්ධි මාත්‍රයක් පමණි. උළාරං පුබ්බෙනාපරං විසෙසං ජානන්තීති සීලය සම්පූර්ණ කිරීම් ආදියෙන් විශේෂයෙන් උළාර වූ අනෙක් කසින පරිකර්මාදී විශේෂය දනිත් යන තේරුමයි.
ආරද්ධොති තුට්ඨො. අප්පත්තස්ස පත්තියාති අප්පත්තස්ස අරහත්තස්ස පාපුණනත්ථං. සෙසපදද්වයෙපි අයමෙව අත්ථො. කොමුදිං චාතුමාසිනින්ති පච්ඡිමකත්තිකචාතුමාසපුණ්ණමං. සා හි කුමුදානං අත්ථිතාය කොමුදී, චතුන්නං වස්සිකානං මාසානං පරියොසානත්තා චාතුමාසිනීති වුච්චති. ආගමෙස්සාමීති උදික්ඛිස්සාමි, අජ්ජ අපවාරෙත්වා යාව සා ආගච්ඡති, තාව කත්ථචි අගන්ත්වා ඉධෙව වසිස්සාමීති අත්ථො. ඉති භික්ඛූනං පවාරණසඞ්ගහං අනුජානන්තො එවමාහ.
ආරද්ධොති සතුටු වූයේ අප්පත්තස්ස පත්තියාති නොපැමිණි රහත්බවට පැමිණීම පිණිස සෙසු පද දෙකේ ද මේ තේරුමයි. කොමුදීචාතුමාසිනීති ඉල් මස මැදි පොහෝ දා ඒ කාලයෙහි කුමුදු ඇති නිසා කොමුදී යැයි කියයි. වස් හාරමස අවසානයෙහි පිහිටි හෙයින් චතුමාසීති යැයි කියනු ලැබේ. ආගමෙස්සාමි බලාපොරොත්තු වන්නෙමි. අද නොපවරා යම්තාක් ඕ පැමිණෙන්නේ ද ඒතාක් කිසිතැනක නොගොස් මෙහිම වසමියි යන තේරුමයි. මෙසේ භික්ෂූන්ට පවාරණ සංග්‍රහය අනුදැන වදාරනේ මෙසේ කීය.
පවාරණසඞ්ගහො නාම ඤත්තිදුතියෙන කම්මෙන දිය්යති කස්ස පනෙස දිය්යති, කස්ස න දිය්යතීති. අකාරකස්ස තාව බාලපුථුජ්ජනස්ස න දිය්යති, තථා ආරද්ධවිපස්සකස්ස චෙව අරියසාවකස්ස ච. යස්ස පන සමථො වා තරුණො හොති විපස්සනා වා, තස්ස දිය්යති. භගවාපි තදා භික්ඛූනං චිත්තාචාරං පරිවීමංසන්තො සමථවිපස්සනානං තරුණභාවං ඤත්වා – “මයි අජ්ජ පවාරෙන්තෙ දිසාසු වස්සංවුට්ඨා භික්ඛූ ඉධ ඔසරිස්සන්ති. තතො ඉමෙ භික්ඛූ වුඩ්ඪතරෙහි භික්ඛූහි සෙනාසනෙ ගහිතෙ විසෙසං නිබ්බත්තෙතුං න සක්ඛිස්සන්ති. සචෙපි චාරිකං පක්කමිස්සාමි, ඉමෙසං වසනට්ඨානං දුල්ලභමෙව භවිස්සති. මයි පන අපවාරෙන්තෙ භික්ඛූපි ඉමං සාවත්ථිං න ඔසරිස්සන්ති, අහම්පි චාරිකං න පක්කමිස්සාමි, එවං ඉමෙසං භික්ඛූනං වසනට්ඨානං අපලිබුද්ධං භවිස්සති. තෙ අත්තනො අත්තනො වසනට්ඨානෙ ඵාසු විහරන්තා සමථවිපස්සනා ථාමජාතා කත්වා විසෙසං නිබ්බත්තෙතුං සක්ඛිස්සන්තී”ති සො තංදිවසං අපවාරෙත්වා කත්තිකපුණ්ණමායං පවාරෙස්සාමීති භික්ඛූනං පවාරණසඞ්ගහං අනුජානි. පවාරණසඞ්ගහස්මිඤ්හි ලද්ධෙ යස්ස නිස්සයපටිපන්නස්ස ආචරියුපජ්ඣායා පක්කමන්ති, සොපි “සචෙ පතිරූපො නිස්සයදායකො ආගමිස්සති, තස්ස සන්තිකෙ නිස්සයං ගණ්හිස්සාමී”ති යාව ගිම්හානං පච්ඡිමමාසා වසිතුං ලභති. සචෙපි සට්ඨිවස්සා භික්ඛූ ආගච්ඡන්ති, තස්ස සෙනාසනං ගහෙතුං න ලභන්ති. අයඤ්ච පන පවාරණසඞ්ගහො එකස්ස දින්නොපි සබ්බෙසං දින්නොයෙව හොති.
පවාරණ සංග්‍රහය ඤත්ති දුතිය කර්මයෙන් දෙනු ලබන්නකි. කවරෙකුට එය දෙන්නේ ද? කවරෙකුට නොදෙන්නේ ද? නොකරන්නාටත් මෝඩ පෘථග්ජනයාටත් නොදෙයි. එසේම ආරද්ධ විදර්ශකයාටත් ආදිය ශ්‍රාවකයාටත් නොදෙයි. යමෙකුට වනාහි සමථයත් විදර්ශනාවත් තරුණ නම් ඔහුට දෙනු ලැබෙයි. භාග්‍යවතුන් වහන්සේ ද එදා භික්ෂූන්ගේ චිත්තාවාරය විමසන්නේ සමථ විදර්ශනාවන්ගේ තරුණ බව දැන මා අද පවරනු ලබන කල්හි නොයෙක් නොයෙක් දිසාවල වස්විසූ භික්ෂූහු මෙහි රැස්වන්නාහුය. එයින් මේ භික්ෂූහු වයසින් වැඩි භික්ෂූන් සෙනසුන් ගත් කල්හි විශේෂයක් උපදවන්නට නොහැකි වෙත්. ඉදින් චාරිකාවෙහි හැසිරෙන්නේ නම් මොවුන්ට වාසස්ථාන දුර්ලභ වන්නේය. මා පවාරණය නොකරන කල්හි භික්ෂූහු මේ සැවැත්නුවරට නොරැස්වන්නාහුය. මා චාරිකාවේ නොයන්නේ නම් මෙසේ මේ භික්ෂූන්ට වාසස්ථාන පළිබෝධ නොවන්නේය. ඔවුහු තම තමන්ගේ වාසස්ථානවල සුවසේ වසන්නාහු සමථ විදර්ශනා ශක්තිමත් කොට විශේෂයක් උපදවන්නට හැකිවන්නෝ යැයි උන්වහන්සේ එදින නොපවරා ඉල් මස පුණුපොහෝදා පවාරණය කරන්නෙමියි භික්ෂූන්ට පවාරණ සංග්‍රහය අනුදැන වදාළහ. පවාරණ සංග්‍රහය ලද කල්හි නිස සමාදන්ව ගත්තහුගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ආපසු එත්. ඔහුත් ඉදින් සුදුසු වූ නිස දෙන්නෙක් එන්නේ නම් ඔහුගේ සමීපයෙහි නිස ගන්නෙමියි ග්‍රීෂ්ම සෘතුවේ අවසන් මාසය දක්වා වාසය කරන්නට ලබයි. ඉදින් සැටවස් ඇති භික්ෂූන් එත් ද උන්වහන්සේලාට සෙනසුනක් ලබන්නට නොහැකි වෙත්. මේ පවාරණ සංග්‍රහය එක් අයෙකුට දුන් කල්හි සියල්ලන්ට ම දුන්නේ වෙයි.
සාවත්ථිං ඔසරන්තීති භගවතා පවාරණසඞ්ගහො දින්නොති සුතසුතට්ඨානෙයෙව යථාසභාවෙන එකං මාසං වසිත්වා කත්තිකපුණ්ණමාය උපොසථං කත්වා ඔසරන්තෙ සන්ධාය ඉදං වුත්තං. පුබ්බෙනාපරන්ති ඉධ තරුණසමථවිපස්සනාසු කම්මං කත්වා සමථවිපස්සනා ථාමජාතා අකංසු, අයං පුබ්බෙ විසෙසො නාම. තතො සමාහිතෙන චිත්තෙන සඞ්ඛාරෙ සම්මසිත්වා කෙචි සොතාපත්තිඵලං…පෙ… කෙචි අරහත්තං සච්ඡිකරිංසු. අයං අපරො උළාරො විසෙසො නාම.
සාවත්ථිං ඔසරන්තීති භාග්‍යවතුන් වහන්සේ විසින් පවාරණ සංග්‍රහය දෙන ලදැයි සූත්‍රය ඇසූ තැනම යථාස්වභාවයෙන් එක් මාසයක් වාසය කොට ඉල් පුණු පොහෝ දා පොහොය කොට පැමිණෙන්නවුන් සඳහා මෙය කියන ලදි. පුබ්බෙනාපරන්ති මෙහි තරුණ විදර්ශනාව කොට සමථ විදර්ශනාව ශක්තිමත් කළාහුය. මේ පූර්ව විශේෂයයි. ඉක්බිත්තෙන් එකඟ වූ සිතින් සංස්කාරයන් සිහිකොට සමහරෙක් සෝවාන් ඵලය -පෙ- සමහරක් රහත්බව සාක්ෂාත් කළාහුය. මෙය තවත් උදාර වූ විශේෂයකි.
අලන්ති යුත්තං. යොජනගණනානීති එකං යොජනං යොජනමෙව, දසපි යොජනානි යොජනානෙව, තතො උද්ධං යොජනගණනානීති වුච්චන්ති. ඉධ පන යොජනසතම්පි යොජනසහස්සම්පි අධිප්පෙතං. පුටොසෙනාපීති පුටොසං වුච්චති පාථෙය්‍යං. තං පාථෙය්‍යං ගහෙත්වාපි උපසඞ්කමිතුං යුත්තමෙවාති අත්ථො. “පුටංසෙනා”තිපි පාඨො, තස්සත්ථො – පුටො අංසෙ අස්සාති පුටංසො, තෙන පුටංසෙන, අංසෙ පාථෙය්යපුටං වහන්තෙනාපීති වුත්තං හොති.
අලන්ති යුතුවෙයි. යොජනගණනානීති එක් යොදුනත් යොදුනමය. දස යොදුනත් යොදුනමය. එයින් මත්තේ යොදුන් ගණනැයි කියත්. මෙහි යොදුන් සියයක් යොදුන් දහසක් අදහස් කරන ලදි. පුටොසෙනාපීති පුටෝසං යැයි මාගෝපකරණවලට කියයි. ඒ මාර්ගෝපකරණ ගෙන එළඹෙන්නට සුදුසුය යන තේරුමයි. පුටංසේන යන පදයක් ද ඇත. මාර්ගෝපකරණ අංශයක ඇත්තේ ද ඔහු පුටංස නමි. ඔහු විසින් අංශයකින් මාර්ගෝපකරණ උසුලන හෙයින් පුටංසෙ යනුවෙන් කියන ලදි.
ඉදානි එවරූපෙහි චරණෙහි සමන්නාගතා එත්ථ භික්ඛූ අත්ථීති දස්සෙතුං සන්ති, භික්ඛවෙතිආදිමාහ. තත්ථ චතුන්නං සතිපට්ඨානානන්තිආදීනි තෙසං භික්ඛූනං අභිනිවිට්ඨකම්මට්ඨානදස්සනත්ථං වුත්තානි. තත්ථ සත්තතිංස බොධිපක්ඛියධම්මා ලොකියලොකුත්තරා කථිතා. තත්ර හි යෙ භික්ඛූ තස්මිං ඛණෙ මග්ගං භාවෙන්ති, තෙසං ලොකුත්තරා හොන්ති. ආරද්ධවිපස්සකානං ලොකියා. අනිච්චසඤ්ඤාභාවනානුයොගන්ති එත්ථ සඤ්ඤාසීසෙන විපස්සනා කථිතා. යස්මා පනෙත්ථ ආනාපානකම්මට්ඨානවසෙන අභිනිවිට්ඨාව බහූ භික්ඛූ, තස්මා සෙසකම්මට්ඨානානි සඞ්ඛෙපෙන කථෙත්වා ආනාපානකම්මට්ඨානං විත්ථාරෙන කථෙන්තො ආනාපානස්සති, භික්ඛවෙතිආදිමාහ. ඉදං පන ආනාපානකම්මට්ඨානං සබ්බාකාරෙන විසුද්ධිමග්ගෙ විත්ථාරිතං, තස්මා තත්ථ වුත්තනයෙනෙවස්ස පාළිත්ථො ච භාවනානයො ච වෙදිතබ්බො.
දැන් මෙබඳු ගුණයන්ගෙන් සමන්විත වූ භික්ෂූහු මෙහි ඇත්තාහු යැයි දැක්වීමට සන්ති භික්ඛවෙති යනාදිය කීහ. එහි චතුන්නං සතිපට්ඨානාන්ති ආදිය ඒ භික්ෂූන් විසින් වඩන ලද කර්මස්ථාන දැක්වීම සඳහා කියන ලදි. එහි සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ ලෞකික ලෝකෝත්තර යැයි කියන ලදි. එහි යම් භික්ෂුවක් එකෙණෙහි ම මාර්ගය වඩත් ද ඔවුන්ට ලෝකෝත්තර වෙත්. පටන්ගන්නා ලද විදර්ශනා ඇත්තවුන්ට ලෞකිකය. අනිච්චසඤ්ඤාභාවනානුයොගන්ති එහි සංඥා ශීර්ෂයෙන් විදර්ශනාව කියන ලදි. යම්හෙයකින් මෙහි බොහෝ භික්ෂූහු ආනාපානය කර්මස්ථාන වශයෙන් වඩන ලදි. එහෙයින් සෙසු කර්මස්ථාන කෙටියෙන් කියා ආනාපාන කර්මස්ථානය විස්තර වශයෙන් කියන්නේ ආනාපාන සති භික්ඛවෙ යනාදිය කීහ. මේ ආනාපාන කර්මස්ථානය සියලු ආකාරයෙන් විසුද්ධිමාර්ගයෙහි විස්තර කරන ලදි. එහෙයින් එහි කියන ලද ක්‍රමයෙන් මෙහි පෙළේ තේරුම ද භාවනා ක්‍රමය ද දතයුතුය.
කායඤ්ඤතරන්ති පථවීකායාදීසු චතූසු කායෙසු අඤ්ඤතරං වදාමි, වායො කායං වදාමීති අත්ථො. අථ වා රූපායතනං…පෙ… කබළීකාරො ආහාරොති පඤ්චවීසති රූපකොට්ඨාසා රූපකායො නාම. තෙසු ආනාපානං ඵොට්ඨබ්බායතනෙ සඞ්ගහිතත්තා කායඤ්ඤතරං හොති, තස්මාපි එවමාහ. තස්මාතිහාති යස්මා චතූසු කායෙසු අඤ්ඤතරං වායොකායං, පඤ්චවීසතිරූපකොට්ඨාසෙ වා රූපකායෙ අඤ්ඤතරං ආනාපානං අනුපස්සති, තස්මා කායෙ කායානුපස්සීති අත්ථො. එවං සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො. වෙදනාඤ්ඤතරන්ති තීසු වෙදනාසු අඤ්ඤතරං, සුඛවෙදනං සන්ධායෙතං වුත්තං. සාධුකං මනසිකාරන්ති පීතිපටිසංවෙදිතාදිවසෙන උප්පන්නං සුන්දරමනසිකාරං. කිං පන මනසිකාරො සුඛවෙදනා හොතීති. න හොති, දෙසනාසීසං පනෙතං. යථෙව හි “අනිච්චසඤ්ඤාභාවනානුයොගමනුයුත්තා”ති එත්ථ සඤ්ඤානාමෙන පඤ්ඤා වුත්තා, එවමිධාපි මනසිකාරනාමෙන වෙදනා වුත්තාති වෙදිතබ්බා. එතස්මිං චතුක්කෙ පඨමපදෙ පීතිසීසෙන වෙදනා වුත්තා, දුතියපදෙ සුඛන්ති සරූපෙනෙව වුත්තා. චිත්තසඞ්ඛාරපදද්වයෙ “සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා, එතෙ ධම්මා චිත්තපටිබද්ධා චිත්තසඞ්ඛාරා”ති (පටි· ම· 1.174) වචනතො “විතක්කවිචාරෙ ඨපෙත්වා සබ්බෙපි චිත්තසම්පයුත්තකා ධම්මා චිත්තසඞ්ඛාරෙ සඞ්ගහිතා”ති වචනතො චිත්තසඞ්ඛාරනාමෙන වෙදනා වුත්තා. තං සබ්බං මනසිකාරනාමෙන සඞ්ගහෙත්වා ඉධ “සාධුකං මනසිකාර”න්ති ආහ.
කායසඤ්ඤතරන්ති පෘථිවි කායාදි හතර කයෙහි එකක් යැයි කියමි. වායොකායං වදාමීති වායෝකාය කියමියි යන තේරුමයි. නැතහොත් රූපායතනය -පෙ- කබලිංකාර ආහාරය යන පස්විසි රූප කොට්ඨාශය රූපකාය නමි. ඒ අතරෙහි ආනාපානය ඵොට්ඨබ්බායතනයෙහි සංගෘහිත බැවින් එක්තරා කයක් වෙයි. එහෙයින් ද මෙය කීහ. තස්මාතිහාති යම්හෙයකින් කයවල් හතර අතුරෙහි වායෝ කය ද එකකි. වායෝ කය පස්විසි වැදෑරුම් කොට්ඨාශයෙහි හෝ එක්තරා රූප කයක හෝ ආනාපානය අනුව දකියි. එහෙයින් කයෙහි කය අනුව බලන්නේ යැයි යන තේරුමයි. මෙසේ සියලු තැන්හිම තේරුම දතයුතුයි. වෙදනඤ්ඤතරන්ති විවිධ වේදනාවන් අතුරෙන් එක්තරා සුඛ වේදනාවක් සඳහා මෙය කියන ලදි, සාධුකං මනසිකාරන්ති ප්රීතිපටිසංවිදිතාදි වශයෙන් උපන් යහපත් මනසිකාරයයි. කිම මනසිකාරය සුඛ වේදනා වේද? නොවේ ද? මේ වනාහි දේශනා ශීර්ෂයයි. යම්සේ අනිත්‍ය සංඥා භාවනානු යෝගයෙහි යෙදුනේ යන මෙතැන සංඥා නාමයෙන් ප්‍රඥාව කියන ලදි. මෙසේ මෙහි මනසිකාර නාමයෙන් වේදනාව කියන ලද යැයි දතයුතුයි. පළමු චතුෂ්කයෙහි පළමු පදයෙහි ප්‍රීති ශීර්ෂයෙන් වේදනාව කියන ලදි. දෙවන පදයෙහි සුඛ යැයි ස්වරූපයෙන් ම කියන ලදි. චිත්ත සංස්කාර යන පද දෙකෙහි සංඥා හා වේදනා යන චෛතසිකයෝය. මේ ධර්මයෝ සිතෙහි එකට බැඳුණු බැවින් චිත්ත සංස්කාර යන වචනයෙන් විතර්ක විචාරයන් හැර සියලු චිත්ත සම්ප්‍රයුක්ත ධර්මයෝ චිත්ත සංස්කාරයෙහි සංගෘහිත යැයි කී හෙයින් චිත්ත සංස්කාර නාමයෙන් වේදනාව කියන ලදි. ඒ සියල්ල මනසිකාර නාමයෙන් සංග්‍රහ කොට මෙය යහපත් මනසිකාරය යැයි කීය.
එවං සන්තෙපි යස්මා එසා වෙදනා ආරම්මණං න හොති, තස්මා වෙදනානුපස්සනා න යුජ්ජතීති. නො න යුජ්ජති, සතිපට්ඨානවණ්ණනායම්පි හි “තංතංසුඛාදීනං වත්ථුං ආරම්මණං කත්වා වෙදනාව වෙදයති, තං පන වෙදනාපවත්තිං උපාදාය ‘අහං වෙදයාමී’ති වොහාරමත්තං හොතී”ති වුත්තං. අපිච පීතිපටිසංවෙදීතිආදීනං අත්ථවණ්ණනායමෙතස්ස පරිහාරො වුත්තොයෙව. වුත්තඤ්හෙතං විසුද්ධිමග්ගෙ –
මෙසේ ඇති කල්හි යම් හෙයකින් මේ වේදනාවෝ අරමුණු නොවෙයි. එහෙයින් වේදනානුපස්සනාව නොයෙදේ ද? නොයෙදෙන්නේ නොවේ ද? සතිපට්ඨාන වර්ණනාවේත් ඒ ඒ සුඛාදීන්ට වස්තු වූ දේ අරමුණු කොට වේදනාව විඳියි. ඒ වේදනාව වනාහි ප්රවෘත්ති පටන් කොට මම විඳිමි ව්‍යවහාර මාත්‍රයෙන් වේ යැයි කියන ලදි. තවද ප්රීතිපටිසංවේදී යනාදීන්ගේ අර්ථ වර්ණනාවන් එයට පිළිතුරක් කියන ලද්දේමය. එහෙයින් විසුද්ධිමාර්ගයෙහි කියන ලදි -
“ද්වීහාකාරෙහි පීති පටිසංවිදිතා හොති ආරම්මණතො ච අසම්මොහතො ච. කථං ආරම්මණතො පීති පටිසංවිදිතා හොති? සප්පීතිකෙ ද්වෙ ඣානෙ සමාපජ්ජති, තස්ස සමාපත්තික්ඛණෙ ඣානපටිලාභෙන ආරම්මණතො පීති පටිසංවිදිතා හොති ආරම්මණස්ස පටිසංවිදිතත්තා. කථං අසම්මොහතො (පීති පටිසංවිදිතා හොති)? සප්පීතිකෙ ද්වෙ ඣානෙ සමාපජ්ජිත්වා වුට්ඨාය ඣානසම්පයුත්තං පීතිං ඛයතො වයතො සම්මසති, තස්ස විපස්සනාක්ඛණෙ ලක්ඛණපටිවෙධා අසම්මොහතො පීති පටිසංවිදිතා හොති. වුත්තම්පි චෙතං පටිසම්භිදායං ‘දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා, තෙන ඤාණෙන සා පීති පටිසංවිදිතා හොතී’ති. එතෙනෙව නයෙන අවසෙසපදානිපි අත්ථතො වෙදිතබ්බානී”ති.
දෙයාකාරයකින් ප්‍රීතිය විඳින්නේ වෙයි. අරමුණු වශයෙන් හෝ සිහිමුළා නොවී වශයෙන් හෝ යනුවෙනි. අරමුණු වශයෙන් ප්‍රීතිය විඳින්නේ කෙසේ ද? ප්‍රීතිය සහිතව ධ්‍යාන දෙකට සමවදියි. එයට සමවැදුණු කෙණෙහිම ධ්‍යාන ප්‍රතිලාභය වන හෙයින් අරමුණු වශයෙන් ප්‍රීතිය විඳින්නේ වෙයි. අරමුණ මැනවින් දත් හෙයිනි. සිහිමුළා නොවී ප්‍රීතිය විඳින්නේ කෙසේ ද? ප්‍රීතිය සහිත ධ්‍යාන දෙකට සමවැද නැගිට ධ්‍යාන සහිත ප්‍රීතිය ක්ෂයවීම් වැයවීම් වශයෙන් සිහිකරයි. ඔහුට විදර්ශනා ක්රමයෙහි ලක්ෂණ ප්‍රතිවේධයෙන් සිහිමුළා නොවී ප්‍රීතිය විඳියි. එහෙයින් පටිසම්භිදාවෙහි කියන ලදි. දීර්ඝ ආශ්වාස වශයෙන් සිතේ එකඟබව වික්ෂේප රහිත බව දන්නවුන්ට සිහිය එළඹ සිටියේ වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ප්‍රීතිය විඳින්නේ වෙයි. මේ ක්‍රමයෙන්ම අනෙත් පදයන්හි ද තේරුම දත යුතුයි.
ඉති යථෙව ඣානපටිලාභෙන ආරම්මණතො පීතිසුඛචිත්තසඞ්ඛාරා පටිසංවිදිතා හොන්ති, එවං ඉමිනාපි ඣානසම්පයුත්තෙන වෙදනාසඞ්ඛාතමනසිකාරපටිලාභෙන ආරම්මණතො වෙදනා පටිසංවිදිතා හොති. තස්මා සුවුත්තමෙතං හොති “වෙදනාසු වෙදනානුපස්සී තස්මිං සමයෙ භික්ඛු විහරතී”ති.
මෙසේ ධ්‍යාන ප්‍රතිලාභයෙන් අරමුණු වශයෙන් ප්‍රීති සුඛ චිත්ත සංස්කාර දැනගන්නා ලද්දාහු වෙත්. මෙසේ මෙයිනුත් ධ්‍යාන සම්ප්‍රයුක්ත වූ වේදනා සංඛ්‍යාත මෙනෙහි කිරීම් ප්‍රතිලාභයෙන් අරමුණු වශයෙන් වේදනාව දැනගත්තේ වෙයි. එහෙයින් භික්ෂුව වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරයි යනු ඒ වේලාවෙහි මනාකොට කියන ලදි.
නාහං, භික්ඛවෙ, මුට්ඨස්සතිස්ස අසම්පජානස්සාති එත්ථ අයමධිප්පායො – යස්මා චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීතිආදිනා නයෙන පවත්තො භික්ඛු කිඤ්චාපි අස්සාසපස්සාසනිමිත්තං ආරම්මණං කරොති, තස්ස පන චිත්තස්ස ආරම්මණෙ සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච උපට්ඨපෙත්වා පවත්තනතො චිත්තෙ චිත්තානුපස්සීයෙව නාමෙස හොති. න හි මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානස්සතිභාවනා අත්ථි. තස්මා ආරම්මණතො චිත්තපටිසංවිදිතාදිවසෙන චිත්තෙ චිත්තානුපස්සී තස්මිං සමයෙ භික්ඛු විහරතීති. සො යං තං අභිජ්ඣාදොමනස්සානං පහානං, තං පඤ්ඤාය දිස්වා සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොතීති එත්ථ අභිජ්ඣාය කාමච්ඡන්දනීවරණං, දොමනස්සවසෙන බ්යාපාදනීවරණං දස්සිතං. ඉදඤ්හි චතුක්කං විපස්සනාවසෙනෙව වුත්තං, ධම්මානුපස්සනා ච නීවරණපබ්බාදිවසෙන ඡබ්බිධා හොති, තස්සා නීවරණපබ්බං ආදි, තස්සපි ඉදං නීවරණද්වයං ආදි, ඉති ධම්මානුපස්සනාය ආදිං දස්සෙතුං “අභිජ්ඣාදොමනස්සාන”න්ති ආහ. පහානන්ති අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤං පජහතීති එවං පහානකරඤාණං අධිප්පෙතං. තං පඤ්ඤාය දිස්වාති තං අනිච්චවිරාගනිරොධපටිනිස්සග්ගාඤාණසඞ්ඛාතං පහානඤාණං අපරාය විපස්සනාපඤ්ඤාය, තම්පි අපරායාති එවං විපස්සනාපරම්පරං දස්සෙති. අජ්ඣුපෙක්ඛිතා හොතීති යඤ්ච සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, යඤ්ච එකතො උපට්ඨානං අජ්ඣුපෙක්ඛතීති ද්විධා අජ්ඣුපෙක්ඛති නාම. තත්ථ සහජාතානම්පි අජ්ඣුපෙක්ඛනා හොති ආරම්මණස්සපි අජ්ඣුපෙක්ඛනා, ඉධ ආරම්මණඅජ්ඣුපෙක්ඛනා අධිප්පෙතා. තස්මාතිහ, භික්ඛවෙති යස්මා අනිච්චානුපස්සී අස්සසිස්සාමීතිආදිනා නයෙන පවත්තො න කෙවලං නීවරණාදිධම්මෙ, අභිජ්ඣාදොමනස්සසීසෙන පන වුත්තානං ධම්මානං පහානඤාණම්පි පඤ්ඤාය දිස්වා අජ්ඣුපෙක්ඛිතා හොති, තස්මා “ධම්මෙසු ධම්මානුපස්සී තස්මිං සමයෙ භික්ඛු විහරතී”ති වෙදිතබ්බො.
නාහං භික්ඛවෙ මුට්ඨස්සතිස්ස අසම්පජානස්සාති මෙහි මේ අදහසයි. යම්හෙයකින් ආශ්වාස කරන්නෙමියි සිතින් දැන ගන්නේය යනාදි ක්‍රමයෙන් පවතින භික්ෂුව කිසියම් ආශ්වාස ප්රාශ්වාස නිමිත්තක් අරමුණු කරයි. ඒ සිතේ අරමුණෙහි සිහියත් සම්ප්රජන්යයන් උපදවා පවතින හෙයින් මෙය චිත්තේචිත්තානුපස්සී නම් වෙයි. මුළා වූ සිත් ඇත්තාටත් නොදන්නාහටත් ආනාපානසති භාවනාවක් නැත. එහෙයින් අරමුණු වශයෙන් ද සිත මනාකොට දැනගැනීම් වශයෙන් ද එකල්හි භික්ෂුව සිතෙහි සිත අනුව බලමින් වාසය කළේ යැයි කියයි. හෙතෙම යම් ඒ අභිධ්‍යා දෝමනස්සයන්ගේ ප්රහාණයක් වේද තං පඤ්ඤාය දිස්වා සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොතීති මෙහි අභිධ්‍යාව කාමච්ඡන්ද නීවරණයමයි. දෝමනස්ස වශයෙන් ව්‍යාපාද නීවරණය දක්වන ලදි. මේ චතුෂ්කය විදර්ශනා වශයෙන් කියන ලදි. ධම්මානුපස්සනාව ද නීවරණ පබ්බාදීන්ගේ වශයෙන් සය වැදෑරුම් වේ. එහි නීවරණ පබ්බය ආදී නීවරණ දෙකක් මුල් වෙයි. මෙසේ ධම්මානුපස්සනාව පළමුකොට දැක්වීමට අභිජ්ඣාදොමනස්සානන්ති යන්න කීය. පහානන්ති අනිත්යානුපස්සනාවෙන් නිත්‍ය සංඥාව දුරුකෙරේ යැයි ප්රහාණකර නුවණ අදහස් කරන ලදි. තං පඤ්ඤාය දිස්වා දිස්වාති ඒ අනිත්‍ය විරාග නිරෝධ පටිනිස්සග්ගීඥාන සංඛ්‍යාත ප්‍රහාණ ප්‍රඥාව අනෙත් විදර්ශනා ප්‍රඥාවට වඩා වෙනත් එකකැයි මෙසේ විදර්ශනා පරම්පරාව දක්වයි. අජ්ඣුපෙක්ඛිතා හොතීති යම් සමථයකට පිළිපදින්නේ ද එහි මධ්‍යස්ථ වේද යම්කිසිවක් තනිකොට වැටහුණේ ද මධ්‍යස්ථ වේද මෙසේ අජ්ඣුපෙක්ඛණය දෙයාකාරයි. එහි එක්ව හටගත්තවුන් මනාව බැලීම වේ. අරමුණ ම මනාව බැලීම වේ. මෙහි අරමුණම මනාකොට බැලීම අදහස් කරන ලදි. තස්මාතිහ භික්ඛවෙති යම්හෙයකින් අනිත්‍ය අනුව බලන්නේ ආශ්වාස කරන්නෙමියි ආදී ක්‍රමයෙන් පැවතීම හුදෙක් නීවරණ ධර්ම නොවේ. අභිධ්‍යා දෝමනස්ස ශීර්ෂයෙන් කියන ලද ධර්මයන්ගේ ප්‍රහාණ ඥානය ද නුවණින් දැක දැක මනාව වටහාගන්නේ වෙයි. එහෙයින් භික්ෂුව ධර්මයෙහි ධර්මය අනුව බලමින් එවිට වාසය කරන්නේ යැයි දතයුතුය.
පවිචිනතීති අනිච්චාදිවසෙන පවිචිනති. ඉතරං පදද්වයං එතස්සෙව වෙවචනං. නිරාමිසාති නික්කිලෙසා. පස්සම්භතීති කායිකචෙතසිකදරථපටිප්පස්සද්ධියා කායොපි චිත්තම්පි පස්සම්භති. සමාධියතීති සම්මා ඨපියති, අප්පනාපත්තං විය හොති. අජ්ඣුපෙක්ඛිතා හොතීති සහජාතඅජ්ඣුපෙක්ඛනාය අජ්ඣුපෙක්ඛිතා හොති.
පවිචින්තීති අනිත්‍යාදී වශයෙන් සොයයි. සෙසු පද දෙක මෙයට ම පර්යායයි. නිරාමිසාති කෙලෙස් නැති පස්සම්භතීති කායික වූත් චෛතසික වූත් කෙලෙස් කරදර සන්සුන් හෙයින් කයත් සිතත් සංසිඳෙයි. සමාධිගත වූවාක් මෙන් මනාව පිහිටයි. අර්පණාවට පැමිණි කලක මෙන් වෙයි. අජ්ඣුපෙක්ඛිතා විය හොතීති හටගත් මධ්‍යස්ථ බවින් මධ්‍යස්ථ වෙයි.
එවං චුද්දසවිධෙන කායපරිග්ගාහකස්ස භික්ඛුනො තස්මිං කායෙ සති සතිසම්බොජ්ඣඞ්ගො, සතියා සම්පයුත්තං ඤාණං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, තංසම්පයුත්තමෙව කායිකචෙතසිකවීරියං වීරියසම්බොජ්ඣඞ්ගො, පීති, පස්සද්ධි, චිත්තෙකග්ගතා සමාධිසම්බොජ්ඣඞ්ගො, ඉමෙසං ඡන්නං සම්බොජ්ඣඞ්ගානං අනොසක්කනඅනතිවත්තනසඞ්ඛාතො මජ්ඣත්තාකාරො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. යථෙව හි සමප්පවත්තෙසු අස්සෙසු සාරථිනො “අයං ඔලීයතී”ති තුදනං වා, “අයං අතිධාවතී”ති ආකඩ්ඪනං වා නත්ථි, කෙවලං එවං පස්සමානස්ස ඨිතාකාරොව හොති, එවමෙව ඉමෙසං ඡන්නං සම්බොජ්ඣඞ්ගානං අනොසක්කනඅනතිවත්තනසඞ්ඛාතො මජ්ඣත්තාකාරො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො නාම හොති. එත්තාවතා කිං කථිතං? එකචිත්තක්ඛණිකා නානාරසලක්ඛණා විපස්සනාසම්බොජ්ඣඞ්ගා නාම කථිතා.
මෙසේ දහහතර විදියකින් කාය පරිග්‍රහය ඇති භික්ෂුවට ඒ කය ඇති කල්හි සතිසංබොජ්ඣංගය ද සිහියෙන් යුතු ඥානය ද ධම්මවිචය සංබොජ්ඣංගය ද ඒ හා සම්ප්‍රයුක්ත කායික හා චෛතසික වීර්ය ද විරිය සංබොජ්ඣංගය ද පස්සද්ධි ඒකාග්‍රතා සමාධි සංබොජ්ඣංගය යැයි යන මේ සය වැදෑරුම් බොජ්ඣංගයන් ගේ නොපසුබස්නා නොනවතින සංඛ්‍යාත මධ්‍යස්ථ වූ උපේක්ෂා සංබොජ්ඣංගයයි. යම් සේ අශ්වයාත් සමව පවත්නා කල්හි අශ්වාරෝහකයා මොහු පසුබස්නේ යැයි තැලීමක් හෝ මොහු වේගයෙන් දුවන්නේ යැයි ඇදීමක් හෝ නැත්ද හුදෙක් බලාසිටීම් මාත්‍රයක්ම වෙයි. එපරිද්දෙන් ම මේ බොජ්ඣංග හයේ නොපසුබස්නා නොනවතින තත්ත්වය මධ්‍යස්ථ බව උපේක්ෂා සංබොජ්ඣංගය නම් වෙයි. මෙපමණකින් කුමක් කියන ලදී ද? ඒක චිත්තක්ෂණික වූ නා නා රස ලක්ෂණ වූ විපස්සනා නම් බොජ්ඣංගය කියන ලදි.
විවෙකනිස්සිතන්තිආදීනි වුත්තත්ථානෙව. එත්ථ පන ආනාපානපරිග්ගාහිකා සති ලොකියා හොති, ලොකියා ආනාපානා ලොකියසතිපට්ඨානං පරිපූරෙන්ති, ලොකියා සතිපට්ඨානා ලොකුත්තරබොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, ලොකුත්තරා බොජ්ඣඞ්ගා විජ්ජාවිමුත්තිඵලනිබ්බානං පරිපූරෙන්ති. ඉති ලොකියස්ස ආගතට්ඨානෙ ලොකියං කථිතං, ලොකුත්තරස්ස ආගතට්ඨානෙ ලොකුත්තරං කථිතන්ති. ථෙරො පනාහ “අඤ්ඤත්ථ එවං හොති, ඉමස්මිං පන සුත්තෙ ලොකුත්තරං උපරි ආගතං, ලොකියා ආනාපානා ලොකියසතිපට්ඨානෙ පරිපූරෙන්ති, ලොකියා සතිපට්ඨානා ලොකියෙ බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, ලොකියා බොජ්ඣඞ්ගා ලොකුත්තරං විජ්ජාවිමුත්තිඵලනිබ්බානං පරිපූරෙන්ති, විජ්ජාවිමුත්තිපදෙන හි ඉධ විජ්ජාවිමුත්තිඵලනිබ්බානං අධිප්පෙත”න්ති.
විවෙක නිස්සිතන්ති යනාදියෙහි පෙර කියන ලද තේරුම් ඇත්තේ වෙයි. මෙහි වනාහි ආනාපානයන් පරිග්‍රහණය කරන්නා වූ සිහිය ලෞකික වෙයි. ලෞකික ආනාපානය ලෞකික සතිපට්ඨානය සම්පූර්ණ කරයි. ලෞකික සතිපට්ඨානය ලෝකෝත්තර බොජ්ඣංගයන් සම්පූර්ණ කරයි. ලෝකෝත්තර බොජ්ඣංගයන් විද්‍යා විමුක්ති ඵල නිර්වාණය සම්පුර්ණ කරයි. මෙසේ ලෞකික වශයෙන් ආ තැන ලෞකික යැයි කියන ලදි. ලෝකෝත්තර යැයි ආ තැන ලෝකෝත්තර යැයි කියන ලදි. තෙරුන් වහන්සේ කීහ. සෙසු තැන් ද මෙසේම වෙයි. මේ සූත්‍රයෙහි ලෝකෝත්තර බව ප්‍රථමයෙන්ම ආවේ ය. ලෞකික ආනාපානසතිය ලෞකික සතිපට්ඨානයෙහි සම්පූර්ණ කරයි. ලෞකික සතිපට්ඨානය ලෞකික බොජ්ඣංගයන් සම්පූර්ණ කරයි. ලෞකික බොජ්ඣංගයන් ලෝකෝත්තර විද්‍යා විමුක්ති ඵල නිර්වාණය සම්පූර්ණ කරයි. විද්‍යා විමුක්ති පදයෙන් එහි විද්‍යා ඵල නිර්වාණය අදහස් කරන ලදි.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය ආනාපානස්සතිසුත්තවණ්ණනා නිට්ඨිතා.
ආනාපානසති සූත්‍ර වර්ණනාව නිමි.