කායගතාසති සුත්තවණ්ණනා අට්ඨකථා
කායගතාසති සුත්තවණ්ණනා
කායගතාසති සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති කායගතාසතිසුත්තං. තත්ථ ගෙහසිතාති පඤ්චකාමගුණනිස්සිතා. සරසඞ්කප්පාති ධාවනසඞ්කප්පා. සරන්තීති හි සරා, ධාවන්තීති අත්ථො. අජ්ඣත්තමෙවාති ගොචරජ්ඣත්තස්මිංයෙව. කායගතාසතින්ති කායපරිග්ගාහිකම්පි කායාරම්මණම්පි සතිං. කායපරිග්ගාහිකන්ති වුත්තෙ සමථො කථිතො හොති, කායාරම්මණන්ති වුත්තෙ විපස්සනා. උභයෙන සමථවිපස්සනා කථිතා හොන්ති.
එවම්මෙසුතන්ති කායගතාසති සූත්‍රය මාවිසින් මෙසේ අසන ලදී. එහි ගෙහසිතාති පංචකාම ගුණයන් ඇසුරු කළ, සරසඞ්කප්පාති දුවන ස්වභාව ඇති අරමුණු සර නම් වේ. දුවත් යන තේරුමයි. අජ්ඣත්තමෙවාති ගොදුරු අධ්‍යාත්මයේ මය. කායගතාසතින්ති කයින් ගත්තා වූ ද කයින් අරමුණු කොට ඇති කල්හි කාය පරිග්රාහක යැයි කී කළ සමථය කියන ලද වෙයි. කායාරම්මණ යැයි කී කළ විදර්ශනාවයි. දෙකෙන් ම සමථ විදර්ශනා කීවේ වෙත්.
පුන චපරං…පෙ… එවම්පි, භික්ඛවෙ, භික්ඛු කායගතාසතිං භාවෙතීති සතිපට්ඨානෙ චුද්දසවිධෙන කායානුපස්සනා කථිතා.
නැවත ද අනිකක් කියමි. මහණෙනි, මෙසේ භික්ෂුව කායගතාසතිය වඩයි ද සතිපට්ඨානයෙහි දහහතර ක්‍රමයකින් කායානුපස්සනාව කියන ලදි.
අන්තොගධාවාස්සාති තස්ස භික්ඛුනො භාවනාය අබ්භන්තරගතාව හොන්ති. විජ්ජාභාගියාති එත්ථ සම්පයොගවසෙන විජ්ජං භජන්තීති විජ්ජාභාගියා. විජ්ජාභාගෙ විජ්ජාකොට්ඨාසෙ වත්තන්තීතිපි විජ්ජාභාගියා. තත්ථ විපස්සනාඤාණං, මනොමයිද්ධි, ඡ අභිඤ්ඤාති අට්ඨ විජ්ජා. පුරිමෙන අත්ථෙන තාහි සම්පයුත්තධම්මාපි විජ්ජාභාගියා. පච්ඡිමෙන අත්ථෙන තාසු යා කාචි එකා විජ්ජා විජ්ජා, සෙසා විජ්ජාභාගියාති එවං විජ්ජාපි විජ්ජාය සම්පයුත්තා ධම්මාපි විජ්ජාභාගියාතෙව වෙදිතබ්බා. චෙතසා ඵුටොති එත්ථ දුවිධං ඵරණං ආපොඵරණඤ්ච, දිබ්බචක්ඛුඵරණඤ්ච, තත්ථ ආපොකසිණං සමාපජ්ජිත්වා ආපෙන ඵරණං ආපොඵරණං නාම. එවං ඵුටෙපි මහාසමුද්දෙ සබ්බා සමුද්දඞ්ගමා කුන්නදියො අන්තොගධාව හොන්ති, ආලොකං පන වඩ්ඪෙත්වා දිබ්බචක්ඛුනා සකලසමුද්දස්ස දස්සනං දිබ්බචක්ඛුඵරණං නාම. එවං ඵරණෙපි මහාසමුද්දෙ සබ්බා සමුද්දඞ්ගමා කුන්නදියො අන්තොගධාව හොන්ති.
අන්තොගධාති ඇතුළත වූ. තස්සාති ඒ භික්ෂුවට භාවනා වශයෙන් අභ්‍යන්තරගත ම වෙයි. විජ්ජාභාගියාති මෙහි සම්ප්‍රයෝග වශයෙන් විද්‍යාව භජනය කරත්නුයි විජ්ජාභාගී නම් වේ. විද්‍යා කොට්ඨාශයෙහි පවතින්නේ විජ්ජාභාගී නම් වේ. එහි විදර්ශනා ඥානය, මනෝමයසිද්ධිය, ෂඩ් අභිඥා, අෂ්ට විද්‍යාවෝ වෙති. පෙර කී අර්ථයෙන් ඒ විද්‍යාවෙන් ඒ විද්‍යාවන් සමග යෙදුණ ධර්ම ද විජ්ජාභාගී නම් වේ. පසුව කී අර්ථයෙන් ඒ කිසියම් එකක් විද්‍යාවය ඉතිරිය විජ්ජාභාගීය යැයි මෙසේ විද්‍යාවත් විද්‍යා සම්ප්‍රයුක්ත ධර්ම විජ්ජාභාගීම යැයි දත යුතුයි. චෙතසාඵුටොති මෙහි පැතිරවීම දෙයාකාරයි. ආපෝ ඵරණ හා දිව්යචක්ෂු ඵරණ වශයෙනි. එහි ආපෝ කසිනයට සමවැද ජලය පැතිරවීම ආපෝ ඵරණයයි. මෙසේ පැතිර වූ කල්හි සියලු මුහුදු බලා යන්නා වූ කුඩා නදීහු ඇතුළත් වෙත්. ආලෝකය වඩා දිවැසින් සියලු මුහුදු බැලීම දිව්යචක්ෂු ඵරණයයි. මෙසේ පැතිරුණු කල්හි මුහුදු කරා යන සියලු කුඩා නදීහු මහ මුහුදෙහි ම ඇතුළත් වෙත්.
ඔතාරන්ති විවරං ඡිද්දං. ආරම්මණන්ති කිලෙසුප්පත්තිපච්චයං. ලභෙථ ඔතාරන්ති ලභෙය්ය පවෙසනං, විනිවිජ්ඣිත්වා යාව පරියොසානා ගච්ඡෙය්යාති අත්ථො. නික්ඛෙපනන්ති නික්ඛිපනට්ඨානං.
ඔතාරන්ති විවරය, සිදුර ආරම්මණන්ති ක්ලේශයන්ගේ උපතට හේතුවන ලභෙථ ඔතාරන්ති පිවිසීම ලබන්නේය. විනිවිද ගෙන අවසානය දක්වා ගමන් කරන්නේය යන තේරුමයි. නික්ඛෙපනන්ති බහා තැබීය.
එවං අභාවිතකායගතාසතිං පුග්ගලං අල්ලමත්තිකපුඤ්ජාදීහි උපමෙත්වා ඉදානි භාවිතකායගතාසතිං සාරඵලකාදීහි උපමෙතුං සෙය්යථාපීතිආදිමාහ. තත්ථ අග්ගළඵලකන්ති කවාටං.
මෙසේ නොවඩන ලද කායගතාසතිය ඇති පුද්ගලයා තෙත මැටි පිඬකට උපමා කොට දැන් කායගතාසතිය වැඩියහු හර දැවයකට උපමාකොට දැක්වීමට සෙය්යථාපීති යනාදිය කීය. එහි අග්ගලඵලකන්ති කවුලුවය.
කාකපෙය්යොති මුඛවට්ටියං නිසීදිත්වා කාකෙන ගීවං අනාමෙත්වාව පාතබ්බො. අභිඤ්ඤාසච්ඡිකරණීයස්සාති අභිඤ්ඤාය සච්ඡිකාතබ්බස්ස. සක්ඛිභබ්බතං පාපුණාතීති පච්චක්ඛභාවං පාපුණාති. සති සති ආයතනෙති සතිසති කාරණෙ. කිං පනෙත්ථ කාරණන්ති? අභිඤ්ඤාව කාරණං. ආළිබන්ධාති මරියාදබද්ධා.
කාකපෙය්යාති මුවවිට හිඳ කපුටා විසින් බෙල්ල නොනමා ම පිය යුතුයි. අභිඤ්ඤා සච්ඡිකරණී යස්සාති අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු. සක්ඛි භබ්බතං පාපුණාතීති ප්රත්යක්ෂ බවට පැමිණෙයි. සති සති ආයතනෙති කරුණක් ඇති කල්හි කිම මෙහි කාරණා යනු අභිඥාවම කාරණයයි. ආළිබද්ධාති සීමා බැඳි
යානීකතායාති යුත්තයානං විය කතාය. වත්ථුකතායාති පතිට්ඨාකතාය. අනුට්ඨිතායාති අනුප්පවත්තිතාය. පරිචිතායාති පරිචයකතාය. සුසමාරද්ධායාති සුට්ඨු සමාරද්ධාය සුසම්පග්ගහිතාය. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
යානිකතායාති යොදන ලද යානයක් මෙන් කරන ලද වත්ථුකතායාති පිහිටවීමට කරන ලද අනුට්ඨිතායාති අනුව පැවැත්ම සඳහා පරිචිතායාති පුරුදු කරණු පිණිස සුසමාරද්ධායාති මනාකොට ආරම්භ කරන ලද, මනාකොට උත්සහ කරන ලද. ඉතිරිය සියලු තැන්හිම කියන ලද ක්‍රමයයි.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය කායගතාසතිසුත්තවණ්ණනා නිට්ඨිතා.
කායගතාසති සූත්‍ර වර්ණනාව නිමි.
සඞ්ඛාරුප්පත්ති සුත්තවණ්ණනා
සංඛාරුප්පත්ති සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සඞ්ඛාරුපපත්තිසුත්තං. තත්ථ සඞ්ඛාරුපපත්තින්ති සඞ්ඛාරානංයෙව උපපත්තිං, න සත්තස්ස, න පොසස්ස, පුඤ්ඤාභිසඞ්ඛාරෙන වා භවූපගක්ඛන්ධානං උපපත්තිං.
එවම්මෙසුතන්ති සංඛාරුප්පත්ති සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි සංඛාරුප්පතින්ති සංස්කාරයන්ගේ ම ඉපදීමයි. සත්වයෙකුගේ හෝ පුරුෂයෙකුගේ හෝ පුණ්යභිසංස්කාරයන් විසින් භවයට එවන ලද ඉපදීම නොවේ.
සද්ධාය සමන්නාගතොති සද්ධාදයො පඤ්ච ධම්මා ලොකිකා වට්ටන්ති. දහතීති ඨපෙති. අධිට්ඨාතීති පතිට්ඨාපෙති. සඞ්ඛාරා ච විහාරා චාති සහ පත්ථනාය සද්ධාදයොව පඤ්ච ධම්මා. තත්රුපපත්තියාති තස්මිං ඨානෙ නිබ්බත්තනත්ථාය. අයං මග්ගො අයං පටිපදාති සහ පත්ථනාය පඤ්ච ධම්මාව. යස්ස හි පඤ්ච ධම්මා අත්ථි, න පත්ථනා, තස්ස ගති අනිබද්ධා. යස්ස පත්ථනා අත්ථි, න පඤ්ච ධම්මා, තස්සපි අනිබද්ධා. යෙසං උභයං අත්ථි, තෙසං ගති නිබද්ධා. යථා හි ආකාසෙ ඛිත්තදණ්ඩො අග්ගෙන වා මජ්ඣෙන වා මූලෙන වා නිපතිස්සතීති නියමො නත්ථි, එවං සත්තානං පටිසන්ධිග්ගහණං අනියතං. තස්මා කුසලං කම්මං කත්වා එකස්මිං ඨානෙ පත්ථනං කාතුං වට්ටති.
සද්ධාය සමන්නාගතොති ශ්‍රද්ධාදි පංච ධර්මයෝ ලෞකිකව පවතිත්. දහතීති තබයි. අධිට්ඨාතීති පිහිටුවයි. සංඛාරා ච විහාරොචාති ප්‍රාර්ථනාව සමග ශ්‍රද්ධාදි පංච ධර්මයෝය. තත්රෑපපත්තියාති ඒ ස්ථානයෙහි ඉපදීම සඳහා අයං මග්ගො අයං පටිපදාති ප්‍රාර්ථනාව සමඟ පංච ධර්මයෝය. යමෙකුට පංච ධර්මයෝ ඇත්ද ප්‍රාර්ථනා නැත්ද ඔහුගේ ප්රතිසන්ධිය අනුබද්ධ වෙයි. යමෙකුට ප්‍රාර්ථනා ඇද්ද පංච ධර්මයෝ නැත්ද ඔහුගේ ස්වභාවය ද අනියතය. යම්කිසිවෙකුගේ ප්රතිසන්ධිය නිබද්ධ නම් යම්සේ අහසට දමන ලද දණ්ඩ අගින් හෝ මැදින් හෝ මුලින් හෝ වැටෙන්නේ ය යන්න නියත වේද මෙසේ සත්වයන්ගේ ප්රතිසන්ධි ග්රහණයෙහි නියමයක් නැත. එහෙයින් කුසල ක්‍රියාකොට එක් තැනක් ප්‍රාර්ථනා කළ යුතුවෙයි.
ආමණ්ඩන්ති ආමලකං. යථා තං පරිසුද්ධචක්ඛුස්ස පුරිසස්ස සබ්බසොව පාකටං හොති, එවං තස්ස බ්රහ්මුනො සද්ධිං තත්ථ නිබ්බත්තසත්තෙහි සහස්සී ලොකධාතු. එස නයො සබ්බත්ථ.
ආමණ්ඩන්ති නෙල්ලි ය. එය පිරිසිදු ඇස් ඇති පුරුෂයාට සියලු ආකාරයෙන් ප්‍රකට වෙයි. එසේ ඒ බ්‍රහ්මයාට එහි උපන් සත්වයන් සහිත දහසක් සක්වළ පෙනෙයි. සියලු තැන්හි මේ ක්‍රමයයි.
සුභොති සුන්දරො. ජාතිමාති ආකරසම්පන්නො. සුපරිකම්මකතොති ධොවනාදීහි සුට්ඨුකතපරිකම්මො. පණ්ඩුකම්බලෙ නික්ඛිත්තොති රත්තකම්බලෙ ඨපිතො.
සුභොති යහපත් ජාතිමාති ආකාර සම්පන්න සුපරිකම්මකතොති දෙවීම් ආදියෙන් මනාකොට පිරියම් කරන ලද පණ්ඩුකම්බලෙ නික්ඛිත්තොති රන් කම්බිලියෙහි තබන ලද
සතසහස්සොති ලොකධාතුසතසහස්සම්හි ආලොකඵරණබ්රහ්මා. නික්ඛන්ති නික්ඛෙන කතං පිළන්ධනං, නික්ඛං නාම පඤ්චසුවණ්ණං, ඌනකනික්ඛෙන කතං පසාධනඤ්හි ඝට්ටනමජ්ජනක්ඛමං න හොති, අතිරෙකෙන කතං ඝට්ටනමජ්ජනං ඛමති, වණ්ණවන්තං පන න හොති, ඵරුසධාතුකං ඛායති. නික්ඛෙන කතං ඝට්ටනමජ්ජනඤ්චෙව ඛමති, වණ්ණවන්තඤ්ච හොති. ජම්බොනදන්ති ජම්බුනදියං නිබ්බත්තං. මහාජම්බුරුක්ඛස්ස හි එකෙකා සාඛා පණ්ණාස පණ්ණාස යොජනානි වඩ්ඪිතා, තාසු මහන්තා නදියො සන්දන්ති, තාසං නදීනං උභයතීරෙසු ජම්බුපක්කානං පතිතට්ඨානෙ සුවණ්ණඞ්කුරා උට්ඨහන්ති, තෙ නදීජලෙන වුය්හමානා අනුපුබ්බෙන මහාසමුද්දං පවිසන්ති. තං සන්ධාය ජම්බොනදන්ති වුත්තං.
සතසහස්සාති ලක්ෂයක් ලෝකධාතූන් හි ආලෝකය පතුරුවන බ්‍රහ්මයා නෙක්ඛන්ති රුවනින් කරන ලද පළඳනා, නික්ඛ නම් පංච සුවර්ණයි. අඩු සුවර්ණයෙන් කරන ලද පළඳනාව ගැටීම් මැඩීම් ඉවසන්නේ නොවේ. වැඩි සුවර්ණයෙන් කරන ලද පළඳනාව ගැටීම් මැඩීම් ඉවසයි. සුවර්ණවත් නොවෙයි. කර්කශ ස්වභාවයෙන් පෙනෙයි. පංච සුවර්ණයෙන් කරන ලද්ද ගැටීම් මැඩීම් ඉවසයි. එසේම වර්ණවත් ද වෙයි. ජම්බොනදන්ති ජම්බු නදියෙහි උපන්. මහා දඹ ගසේ එක් එක් අත්තක් පණස් පණස් යොදුනක් වැඩුණාහු ඒ අතු අතරින් මහත් මහත් ගංගාවෝ ගලා බසිත්. ඒ ගංගාවල දෙපස ඉවුරුවල ඉදුණු දඹ වැටුණු තැන්හි ස්වර්ණ පැළ හටගනිත්. ඒවා ගඟ දියෙන් ගසාගෙන යන්නේ පිළිවෙළින් මහ මුහුදට පිවිසෙත්. ඒ සඳහා ජබොනදන්ති යැයි කියන ලදි.
දක්ඛකම්මාරපුත්තඋක්කාමුඛසුකුසලසම්පහට්ඨන්ති දක්ඛෙන සුකුසලෙන කම්මාරපුත්තෙන උක්කාමුඛෙ පචිත්වා සම්පහට්ඨං. උක්කාමුඛෙති උද්ධනෙ. සම්පහට්ඨන්ති ධොතඝට්ටිතමජ්ජිතං. වත්ථොපමෙ (ම· නි· 1.75-76) ච ධාතුවිභඞ්ගෙ (ම· නි· 3.357-360) ච පිණ්ඩසොධනං වුත්තං. ඉමස්මිං සුත්තෙ කතභණ්ඩසොධනං වුත්තං.
දක්ඛකම්මකාරපුත්ත උක්කාමුඛසුකුසලසම්පහට්ඨන්ති ඉතා දක්ෂ කර්මාරපුත්රයා විසින් කෝවේ දමා උණු කරන ලද. උක්කාමුඛෙති උඳුනයි. සම්පහට්ඨන්ති සෝදා ගසා මඩිනා ලද. වත්ථුපම සූත්‍රයෙහි ද ධාතුවිභංග සූත්‍රයෙහි ද පිණ්ඩ සෝධනය යැයි කියන ලදී. මේ සූත්‍රයේ දී කරන ලද බඩු පිරිසිඳු කිරීමයි.
යං පන සබ්බවාරෙසු ඵරිත්වා අධිමුච්චිත්වාති වුත්තං, තත්ථ පඤ්චවිධං ඵරණං චෙතොඵරණං කසිණඵරණං දිබ්බචක්ඛුඵරණං ආලොකඵරණං සරීරඵරණන්ති. තත්ථ චෙතොඵරණං නාම ලොකධාතුසහස්සෙ සත්තානං චිත්තජානනං. කසිණඵරණං නාම ලොකධාතුසහස්සෙ කසිණපත්ථරණං. දිබ්බචක්ඛුඵරණං නාම ආලොකං වඩ්ඪෙත්වා දිබ්බෙන චක්ඛුනා සහස්සලොකධාතුදස්සනං. ආලොකඵරණම්පි එතදෙව. සරීරඵරණං නාම ලොකධාතුසහස්සෙ සරීරපභාය පත්ථරණං. සබ්බත්ථ ඉමානි පඤ්ච ඵරණානි අවිනාසෙන්තෙන කථෙතබ්බන්ති.
යමක් වනාහි සියලු වාරවල පැතිර විශේෂයෙන් වෙන් ව කියන ලදි. එහි පැතිරිම පස් ආකාරයි. චෙතොඵරණය, කසිනඵරණය, දිබ්බචක්ඛුඵරණය, ආලෝකඵරණය, සරීරඵරණය යනුවෙනි. එහි චෙතොඵරණය නම් දහසක් සක්වළ සත්වයන්ගේ සිත් දැනගැනීමයි. කසිනඵරණය නම් දහසක් සක්වළ කසිණාලෝකය පැතිරවීමයි. දිබ්බචක්ඛුඵරණය නම් ආලෝකය වඩා දහසක් සක්වළ දිවැසින් බැලීමයි. ආලෝකඵරණයත් මෙයමයි. සරීරඵරණය නම් දහසක් සක්වළ ශරීරාවලෝකය පැතිරවීමයි. සියලු තැන්හි මේ පංච ඵරණයන් නොනසා කිවයුතුය.
තිපිටකචූළාභයත්ථෙරො පනාහ – “මණිඔපම්මෙ කසිණඵරණං විය නික්ඛොපම්මෙ සරීරඵරණං විය දිස්සතී”ති. තස්ස වාදං විය අට්ඨකථා නාම නත්ථීති පටික්ඛිත්වා සරීරඵරණං න සබ්බකාලිකං, චත්තාරිමානි ඵරණානි අවිනාසෙත්වාව කථෙතබ්බන්ති වුත්තං. අධිමුච්චතීති පදං ඵරණපදස්සෙව වෙවචනං, අථ වා ඵරතීති පත්ථරති. අධිමුච්චතීති ජානාති.
ත්‍රිපිටක චූලාභය තෙරුන් වහන්සේ මෙසේ කීහ. මිණි උපමාවෙහි කසිණය මෙන් පංචස්වර්ණ උපමාවෙහි ශරීර පැතිරීම පෙනේයැයි යන ඔහුගේ වාදය මෙන් අර්ථකථා නම් නැතැයි ප්‍රතික්ෂේප කොට සදාකාලික සරීරඵරණයක් නොකියයි. පැතිරවීම් හතර අඩු නොකොට කිවයුතුයැයි කියන ලදි. අධිමුච්චතීති යන පදය ඵරණ යන්නට ම පර්යාය පදයකි. නැතහොත් එරතීති පැතිරෙයි. අධිමුච්චති යනු දැන ගනියි යන්නයි.
ආභාතිආදීසු ආභාදයො නාම පාටියෙක්කා දෙවා නත්ථි, තයො පරිත්තාභාදයො දෙවා ආභා නාම, පරිත්තාසුභාදයො ච. සුභකිණ්හාදයො ච සුභා නාම. වෙහප්ඵලාදිවාරා පාකටායෙව.
ආභාති ආදියෙහි ආභාදී නමින් වෙන වෙනම දෙවියෝ නොවෙති. පරිත්තාභාදී තුන්දෙවියෝ ආභා නම් වේ. පරිත්තසුභාදීන් හා සුභකිණ්ණකාදීන් සුභා නම් වේ. වේහප්ඵලාදීන්ගේ වාරය ප්රකටයි.
ඉමෙ තාව පඤ්ච ධම්මෙ භාවෙත්වා කාමාවචරෙසු නිබ්බත්තතු. බ්රහ්මලොකෙ නිබ්බත්තං පන ආසවක්ඛයඤ්ච කථං පාපුණාතීති? ඉමෙ පඤ්ච ධම්මා සීලං, සො ඉමස්මිං සීලෙ පතිට්ඨාය කසිණපරිකම්මං කත්වා තා තා සමාපත්තියො භාවෙත්වා රූපීබ්රහ්මලොකෙ නිබ්බත්තති, අරූපජ්ඣානානි නිබ්බත්තෙත්වා අරූපීබ්රහ්මලොකෙ, සමාපත්තිපදට්ඨානං විපස්සනං වඩ්ඪෙත්වා අනාගාමිඵලං සච්ඡිකත්වා පඤ්චසු සුද්ධාවාසෙසු නිබ්බත්තති. උපරිමග්ගං භාවෙත්වා ආසවක්ඛයං පාපුණාතීති.
මොවුහු පළමුව පංචධර්මයන් වඩා කාමාවචර ලෝකවල උපදිත්. බ්‍රහ්මලෝකවල ඉපදීමත් රහත් බවට පැමිණීමත් කෙසේ නම් කරත් ද? මේ පංචධර්මයන්ගෙන් සීලය යැයි යමක් වේ නම් මේ සීලයෙහි පිහිටා කසිණ පිරියම් කොට ඒ ඒ සම්පත්ති වඩා රූපීබ්රහ්ම ලෝකයෙහි උපදිත්. අරූපධ්යන උපදවා අරූපීබ්රහ්ම ලෝකයෙහි උපදිත්. සමාපත්තියෙහි සිටගෙන විදර්ශනාව වඩා අනාගාමී ඵලය සාක්ෂාත් කොට සුද්ධාවාසවල උපදිත්. මතු මාර්ගය වඩා රහත්බවට පැමිණෙයි.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය සඞ්ඛාරුපපත්තිසුත්තවණ්ණනා නිට්ඨිතා.
සංඛාරුප්පත්ති සූත්‍ර වර්ණනාව නිමි.
දුතියවග්ගවණ්ණනා නිට්ඨිතා.
දෙවැනි අනුපද වර්ගය සමාප්තයි.