සඞ්ඛාරුප්පත්ති සුත්තං
3. 2. 10.
3. 2. 10.
සඞ්ඛාරුප්පත්ති සුත්තං
සංඛාරුප්පත්ති සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි මහණුන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල සංඛාරුප්පත්ති සූත්‍රය වදාළෝ.
සඞ්ඛාරුප්පත්තිං වො භික්ඛවෙ, දෙසිස්සාමි. තං සුණාථ. සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මහණෙනි, තොපට සංස්කාරොත්පත්තිය දෙසමි. ඒ අසව, මනා කොට මෙනෙහි කරව. කියමි’ යි වදාළ කල වහන්ස, එසේ යැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ඉධ භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති. සීලෙන සමන්නාගතො හොති. සුතෙන සමන්නාගතො හොති. චාගෙන සමන්නාගතො හොති. පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඛත්තියමහාසාලානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහුට මෙසේ සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි කැත් මහසල්කුලන්ගේ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් භවයි. මෙසේ භාවිත මෙසේ බහුලීකෘත ඔහුගේ ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය මේ ප්‍රතිපත් ඒ උපත පිණිස පවතී.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති. සීලෙන සමන්නාගතො හොති. සුතෙන සමන්නාගතො හොති. චාගෙන සමන්නාගතො හොති. පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා බ්රාහ්මණමහාසාලානං වා -පෙ- ගහපතිමහාසාලානං වා සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල් කුලන්ගේ හෝ … ගැහැවිමහසල් කුලන්ගේ හෝ සහභාවයට පැමිණෙම් නම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් භවයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහරණයෝ මෙසේ භාවිත වූවාහු මෙසේ බහුලීකෘත වූවාහු එහි උපත පිණිස වැටෙත්. මහණෙනි, මේ පිළිවෙත එහි උපතට වැටෙයි.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති. සීලෙන සමන්නාගතො හොති. සුතෙන සමන්නාගතො හොති. චාගෙන සමන්නාගතො හොති. පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: චාතුම්මහාරාජිකා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් අසන ලද වෙයි. ‘සියුමහරජයෙහි වූ දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි කියා යි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි සිව්මහරජයෙහි දෙවියන්ගේ හෝ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එසිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහරණයෝ මෙසේ භාවිත ව මෙසේ බහුලීකෘත ව සිට ඒ දෙව්ලොව උපත් පිණිස පවතිත්. මහණෙනි, මේ ප්‍රතිපත් එහි උපතට වැටෙයි.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති. සීලෙන සමන්නාගතො හොති. සුතෙන සමන්නාගතො හොති. චාගෙන සමන්නාගතො හොති. පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: තාවතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම්මානරතී දෙවා -පෙ- පරනිම්මිතවසවත්තිනො දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති. අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං ඛො භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද වෙයි: ‘තව්තිසා වැසි දෙවියෝ ... යාමවැසි දෙවියෝ ... තුසීපුර වැසි දෙවියෝ ... නිර්මාණරතියෙහි වැසි දෙවියෝ ... පරිනිර්මිත වශවර්තියෙහි වැසි දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්ණ ඇතියහ, බහුල සුඛ ඇතියහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි පරනිර්මිතවශවර්තියෙහි වැසි දෙවියන්ගේ හෝ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මෙසේ භාවිත වූවෝ බහුලීකෘත වූවෝ එහි උපත පිණිස පවතිත්. මහණෙනි, මේ මග මේ පිළිවෙත් එහි උපතට වැටෙයි.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන සමන්නාගතො හොති, චාගෙන සමන්නාගතො හොති, පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: ‘සහස්සො බ්රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලො’ති. සහස්සො භික්ඛවෙ, බ්රහ්මා සහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්යථාපි භික්ඛවෙ, චක්ඛුමා පුරිසො එකං ආමණ්ඩං හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ, සහස්සො බ්රහ්මා සහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා සහස්සස්ස බ්රහ්මුනො සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද: ‘සහස්රබ්රහ්ම දිගා ඇතියෙ යැ, වර්ණ ඇතියෙ යැ, සුඛබහුල යැ’ යි. මහණෙනි, සහස්රබ්රහ්ම සහස්‍රී ලෝකධාතු පැතිරැගෙන බැසගෙන වාස කෙරෙයි. එහි යම් සත්ත්ව කෙනෙක් උපන්හු ද, උනුදු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් එක් ඇඹුලක් අතෙහි කොට ගෙන ප්රත්යවේක්ෂා කෙරේ ද, මහණෙනි, එපරිදි මැ සහස්රබ්රහ්ම සහස්රීලෝකධාතු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. එහි යම් සත්ත්ව කෙනෙක් උපන්හු ද උනුදු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. ඒ මහණහට මෙබඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු සහස්රබ්රහ්මයාගේ සහභාවයට එළැඹෙම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. මෙසේ භාවිත වූ මෙසේ බහුලීකෘත වූ ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මේ උපත් සඳහා වැටෙත්. මහණෙනි, මේ මග මේ පිළිවෙත එහි උපත් පිණිස පවතී.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන සමන්නාගතො හොති, චාගෙන සමන්නාගතො හොති, පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: ද්වීසහස්සො බ්රහ්මා -පෙ- තිසහස්සො බ්රහ්මා -පෙ- චතුසහස්සො බ්රහ්මා -පෙ- පඤ්චසහස්සො බ්රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලොති. පඤ්චසහස්සොපි භික්ඛවෙ, බ්රහ්මා පඤ්චසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්යථාපි භික්ඛවෙ, චක්ඛුමා පුරිසො පඤ්ච ආමණ්ඩානි හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ, පඤ්චසහස්සො බ්රහ්මා පඤ්චසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා පඤ්චසහස්සස්ස බ්රහ්මුනො සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති. තං චිත්තං අධිට්ඨාති. තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද වෙයි. ‘ද්විසහස්රබ්රහ්ම ... ත්රිසහස්රබ්රහ්ම ... චතුස්සහස්රබ්රහ්ම ... පඤ්චසහස්රබ්රහ්ම දිගා ඇතියේය, වර්ණ ඇතියේය, සුවබිහිලි යයි. මහණෙනි, පඤ්චසහස්ර බ්‍රහ්ම ද, පඤ්චසහස්රී ලෝකධාතුව පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් ඇඹුලුපක් පසක් අතෙහි කොට ගෙන ප්රත්යවේක්ෂා කෙරේ ද, මහණෙනි, එපරිදි මැ පඤ්චසහස්රබ්රහ්ම පඤ්චසහස්රී ලෝකධාතු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. එහි යම් ම සත්ත්ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. ඒ මහණහට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතු පඤ්චසහස්ර බ්‍රහ්මයාගේ සහභාවයට එළැඹෙම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. මෙසේ භාවිත මෙසේ බහුලීකෘත වූ ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මේ උපත් සඳහා වැටෙත්. මහණෙනි, මේ මාර්ග මේ ප්‍රතිපදා එහි උපත් සඳහා වැටෙයි.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, -පෙ- සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: දසසහස්සො බ්රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලොති. දසසහස්සො භික්ඛවෙ, බ්රහ්මා දසසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්යථාපි භික්ඛවෙ, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො පණ්ඩුකම්බලෙ නික්ඛිත්තො භාසතෙ ච, තපතෙ ච විරොචති ච. එවමෙව ඛො භික්ඛවෙ, දසසහස්සො බ්රහ්මා දසසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා දසසහස්සස්ස බ්රහ්මුනො සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද: ‘දශසහස්රබ්රහ්ම දීර්ඝායුෂ්ක යැ, වර්ණවත් යැ, සුඛබහුල යැ’ යි. මහණෙනි, දශසහස්ර බ්‍රහ්ම දශසහස්රීලෝකධාතුව පැතිරැගෙන ආවිෂ්ට කොට ගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්වකෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි සුන්දර ආකාරසම්පන්න වූ මොනොවට පිරියම් කළ රක්තකම්බලයෙක්හි තැබූ අටැස් වෙරළුමිණ බබළා ද දිලියේ ද වෙසෙසින් දිලියේ ද, මහණෙනි, එපරිදි මැ දශසහස්ර බ්‍රහ්ම දශසහස්‍රී ලෝකධාතු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කායභේදයෙන් මරණින් මතු දශසහස්ර බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. මෙසේ වැඩූ මෙසේ බිහිලි කළ ඒ මහණහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මේ උපතට සංවර්තන කෙරෙත්. මහණෙනි, මේ මාර්ග මේ ප්‍රතිපත් එහි උපතට වැටෙයි.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන -පෙ- සුතෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: සතසහස්සො බ්රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලොති. සතසහස්සො භික්ඛවෙ, බ්රහ්මා සතසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්යථාපි භික්ඛවෙ, ෙනක්ඛං ජම්බොනදං දක්ඛකම්මාරපුත්තඋක්කාමුඛසුකුසලසම්පහට්ඨං පණ්ඩුකම්බලෙ නික්ඛිත්තං භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙව ඛො භික්ඛවෙ, සතසහස්සො බ්රහ්මා සතසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා සතසහස්සස්ස බ්රහ්මුනො සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලදි: ‘ශතසහස්‍ර බ්‍රහ්ම දීර්ඝජීවීයැ, වර්‍ණසම්පන්න යැ, සුඛබහුල යැ’ යි. මහණෙනි, ශතසහස්‍ර බ්‍රහ්ම ශතසහස්රී ලෝකධාතුව පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි ජම්බුනදියෙහි උපන් පස්හුණෙකින් කළ පළඳනා දක්ෂ ලෝහකාර පුත්රකු විසින් කඹුරු උදුනෙහි ලා සුධෞත වූයේ පාණ්ඩුකම්බලයෙහි නික්‍ෂිප්ත වූයේ බබළා ද, දිලියේ ද, වෙසෙසින් දිලියේ ද, මහණෙනි, එපරිදි මැ ශතසහස්රබ්රහ්ම ශතසහස්රී ලෝකධාතු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කායභේදයෙන් මරණින් මතු ශතසහස්‍ර බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එසිත් වඩයි. මෙසේ වැඩූ මෙසේ බිහිලි කළ ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ එහි උපත් පිණිස සංවර්තන කෙරෙත්. මහණෙනි, මේ මාර්ග මේ ප්‍රතිපත් එහි උපත් පිණිස සංවර්තන කෙරේ.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: ආභා දෙවා -පෙ- පරිත්තාභා දෙවා -පෙ- අප්පමාණාභා දෙවා -පෙ- ආභස්සරා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ආභස්සරානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලදි: ‘ආභ දෙවියෝ ... පරිත්තාභ දෙවියෝ ... අප්පමාණභ දෙවියෝ .... ආභස්සර දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුල’ යි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි ආභස්සර දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. ඔහුගේ මෙසේ භාවිත වූ බහුලීකෘත වූ ඒ සංස්කාරයන් හා විහාරයෝ එහි උපතට වැටෙත්. මහණෙනි, මේ මාර්ග මේ ප්‍රතිපත් එහි උපතට වැටේ.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: පරිත්තසුභා දෙවා -පෙ- අප්පමාණසුභා දෙවා -පෙ- සුභකිණ්ණා දෙවා -පෙ- දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති: අහො වතාහං -පෙ- සංවත්තති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලදි: ‘පරිත්තසුභ දෙවියෝ ... අප්පමාණසුභ දෙවියෝ ... සුභකිණණකදෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම ... වැටෙයි.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති. සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: වෙහප්ඵලා දෙවා -පෙ- අවිහා දෙවා -පෙ- අතප්පා දෙවා -පෙ- සුදස්සා දෙවාඩ -පෙ- සුදස්සී දෙවා -පෙ- අකනිට්ඨා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා අකනිට්ඨානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති සංවත්තති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද වෙයි: ‘වෙහප්ඵල දෙවියෝ ... අවිහ දෙවියෝ ... අතප්ප දෙවියෝ ... සුදස්ස දෙවියෝ ... සුදස්සී දෙවියෝ ... අකණිට්ඨකදෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම කාබුන් මරණින් මතු අකණිට්ඨකදෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම්, මනා මැ නු” යි. හේ එ සිත් තබයි ... වැටෙයි.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: ආකාසානඤ්චායතනූපගා දෙවා දීඝායුකා චිරට්ඨිතිකා සුඛබහුලාති. තස්ස එවං හොති: අහො වතාහං -පෙ- සංවත්තති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද: ‘ආකාසානඤ්චායතනූපග දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, චිරස්ථිතිකයහ, සුඛබහුලයහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම ... වැටෙයි.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: විඤ්ඤාණඤ්චායතනූපගා දෙවා -පෙ-
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් අසන ලද: ‘විඤ්ඤාණඤ්චායතනූපග දෙවියෝ ...
පුන චපරං භික්ඛවෙ, -පෙ- ආකිඤ්චඤ්ඤායතනූපගා දෙවා -පෙ-
තවද මහණෙනි, ... ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියෝ ...
පුන චපරං භික්ඛවෙ, -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා දෙවා දීඝායුකා චිරට්ඨිතිකා සුඛබහුලාති. තස්ස එවං හොති: අහො වතාහං -පෙ- සංවත්තති.
තවද මහණෙනි, ... නෙවසඤ්ඤානාඤ්ඤායතනූපග දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, චිරස්ථිතිකයහ, සුඛබහුලයහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: ... වැටෙයි.
පුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන සමන්නාගතො හොති, චාගෙන සමන්නාගතො හොති, පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස එවං හොති: අහො වතාහං ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං භික්ඛවෙ, භික්ඛු න කත්ථචි උපපජ්ජති න කුහිඤ්චි උපපජ්ජතීති.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම ආස්‍රවක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි මැ තමා විශිෂ්ටඥානයෙන් පසක් කොට උපයා වාස කෙරෙම් නම් මනා මැ නු”යි. හේ ආස්රවක්ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි මැ තමා අභිඥායෙන් ප්රත්යක්ෂ කොට උපසම්පාදන කොට වාස කෙරෙයි. මහණෙනි, මේ මහණ කිසිදු තැනෙක නො පැමිණෙයි, කිසිදු තැනෙක ප්රතිසන්ධි විසින් නො උපදනේ යි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙ සුත් වදාළෝ සියමන ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ සංඛාරුප්පත්ති සූත්‍ර දේශනාව අභිනන්දනායෙන් පිළිගත්හු.
සඞ්ඛාරුප්පත්ති සුත්තං දසමං.
දසවැනි සංඛාරුප්පත්ති සූත්‍ර යි.
අනුපදවග්ගො දුතියො.
දෙවෙනි අනුපද වර්ග යි
තස්ස වග්ගස්ස උද්දානං:
ඒ වර්ගයාගේ උද්දානය:
අනුපදසොධන පොරිස ධම්මා - සෙවිතබ්බ බහුධාතු විභත්ති. ඉසිගිලිකිත්තිතචත්තාලීසං - ආනාපානසතී උප්පත්තිං.
අනුපද සූත්‍රය, ජබ්බිසෝධන සූත්‍රය, සප්පුරිස සූත්‍රය, සෙවිතබ්බාතබ්බා සූත්‍රය, බහුධාතුක සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, මහාචත්තාරීසක සූත්‍රය, ආනාපානසති සූත්‍රය, කායගතාසති සූත්‍රය, සංඛාරුප්පත්ති සූත්‍ර යි.