යෙදුමෙන් කියවන්න

චූළසුඤ‍්ඤත සුත‍්තං

3. 3. 1.

3. 3. 1.

චූළසුඤ‍්ඤත සුත‍්තං

චූළසුඤ්ඤත සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො ආයස‍්මා ආනන්‍දො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පුවරම් වෙහෙර මුවරමාපායෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස්කාලයෙහි පිළිසලනින් නැඟීසිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:

එකමිදං භන‍්තෙ, සමයං භගවා සක‍්කෙසු විහරති නාගරකං නාම සක්‍යානං නිගමො. තත්‍ථ මෙ භන‍්තෙ, භගවතො සම‍්මුඛා සුතං සම‍්මුඛා පටිග‍්ගහිතං. සුඤ‍්ඤතාවිහාරෙනාහං ආනන්‍ද, එතරහි බහුලං විහරාමීති. කච‍්චි මෙ තං භන‍්තෙ, සුස‍්සුතං සුග‍්ගහීතං. සුමනසිකතං සූපධාරිතන‍්ති.

වහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි ශාක්‍යයන්ගේ නාගරක නම් නියම් ගම්හි වැඩ වසන සේක. වහන්ස, එහි දී මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දී “ආනන්‍දය, මම දැන් ශුන්‍යතාවිහාරයෙන් බහුල කොට වෙසෙමි” අසන ලදි. හමුයෙහි දී පිළිගන්නා ලදි. ‘වහන්ස, කිම, මාගේ ඒ ඇසීම සුශ්‍රැත වේ ද? සුගෘහිත වේ ද? මනා කොට මෙනෙහි කරන ලද වේ ද? මොනොවට කළ විමසීමෙක් වේ ද?

තග‍්ඝ තෙ එතං ආනන්‍ද, සුස‍්සුතං සුග‍්ගහීතං සුමනසිකතං සූපධාරිතං. පුබ‍්බෙපාහං ආනන්‍ද, එතරහි පි සුඤ‍්ඤතාවිහාරෙන බහුලං විහරාමි. සෙය්‍යථාපි ආනන්‍ද, අයං මිගාරමාතුපාසාදො සුඤ‍්ඤො හත්‍ථිගවස‍්සවළවෙන, සුඤ‍්ඤො ජාතරූපරජතෙන, සුඤ‍්ඤො ඉත්‍ථිපුරිසසන‍්නිපාතෙන, අත්‍ථි චෙවිදං අසුඤ‍්ඤතං යදිදං භික‍්ඛුසඞ‍්ඝං පටිච‍්ච එකත‍්තං. එවමෙව ඛො ආනන්‍ද, භික‍්ඛු අමනසිකරිත්‍වා ගාමසඤ‍්ඤං, අමනසිකරිත්‍වා මනුස‍්සසඤ‍්ඤං, අරඤ‍්ඤසඤ‍්ඤං පටිච‍්ච මනසි කරොති එකත‍්තං. තස‍්ස අරඤ‍්ඤසඤ‍්ඤාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති අධිමුච‍්චති. සො එවං පජානාති: ‘යෙ අස‍්සු දරථා ගාමසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. යෙ අස‍්සු දරථා මනුස‍්සසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. අත්‍ථි චෙවායං දරථමත‍්තා යදිදං අරඤ‍්ඤසඤ‍්ඤං පටිච‍්ච එකත‍්තන‍්ති. සො සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං ගාමසඤ‍්ඤායාති පජානාති. සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං මනුස‍්සසඤ‍්ඤායාති පජානාති. අත්‍ථි චෙවිදං අසුඤ‍්ඤතං යදිදං අරඤ‍්ඤසඤ‍්ඤං පටිච‍්ච එකත‍්තන‍්ති. ඉති යං හි ඛො තත්‍ථ න හොති, තෙන තං සුඤ‍්ඤං සමනුපස‍්සති. යං පන තත්‍ථ අවසිට‍්ඨං හොති තං සන‍්තමිදං අත්‍ථීති පජානාති. එවම‍්පිස‍්ස එසා ආනන්‍ද, යථාභුච‍්චා අවිපල‍්ලත්‍ථා පරිසුද‍්ධා සුඤ‍්ඤතාවක‍්කන‍්ති භවති.

ආනන්‍දය, ඒකාන්තයෙන් තොපගේ තෙල ඇසීම සුශ්‍රැත වෙයි, සුගෘහිත වෙයි, මනා කොට මෙනෙහි කරන ලද වෙයි, මොනොවට විමසන ලද වෙයි. ආනන්‍දය, මම පළමුවත් දැනුත් ශුන්‍යතවිහරණයෙන් බහුල කොට වෙසෙමි. ආනන්‍දය, යම් පරිදි මේ මුවරමා පැහැය ඇත් ගව අස් වෙළඹුන් ගෙන් ශුන්‍ය වේ ද, රන්රිදියෙන් ශුන්‍ය වේ ද, ස්ත්‍රීපුරුෂ සන්නිපාතයෙන් ශුන්‍ය වේ ද, (එතෙකුදු වුව) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: බික්සඟුන් නිසා වන ඒකත්‍වය යි. ආනන්‍දය, එපරිදි ම මහණ ග්‍රාමසංඥා මෙනෙහි නො කොට මනුෂ්‍යසංඥා මෙනෙහි නො කොට අරණ්‍යසංඥා පිණිස ඒකත්‍වයක් මෙනෙහි කෙරේ ද, ඒ මහණහුගේ අරණ්‍යසංඥායෙහි සිත දිවෙයි, පහදියි, මොනොවට සිටී, බැස ගනී. ඒ මහණ මෙසේ නුවණින් දන්නේ ය. ග්‍රාමසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එතෙකුදු වුව) මේ දරථමාත්‍රයෙක් ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන ඒකත්‍වය යි. ඒ මහණ ග්‍රාමසංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. මනුෂ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. (එතෙකුදු වුව) අශුන්‍යතායෙක් ද ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන ඒකත්‍වය යි (කියා ද දන්නේ ය). මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි මොනොවට නුවණින් දනී. යමෙක් එහි ඉතිරි වේ ද, විද්‍යමාන වන එය ඒ මේ අශුන්‍යතාව ඇතැ’ යි නුවණින් දන්නේ ය. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණ හට තෙල යථාභූතවූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ ශුන්‍යතාවක්‍රාන්තියෙක් වෙයි.

පුන චපරං ආනන්‍ද, භික‍්ඛු අමනසිකරිත්‍වා මනුස‍්සසඤ‍්ඤං, අමනසිකරිත්‍වා අරඤ‍්ඤසඤ‍්ඤං, පථවීසඤ‍්ඤං පටිච‍්ච මනසි කරොති එකත‍්තං. තස‍්ස පඨවීසඤ‍්ඤාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති අධිමුච‍්චති. සෙය්‍යථාපි ආනන්‍ද, ආසභචම‍්මං සඞ‍්කුසතෙන සුවිහතං විගතවලිකං එවමෙව ඛො ආනන්‍ද, භික‍්ඛු යං ඉමිස‍්සා පඨවියා උක‍්කූලවිකූලං නදීවිදුග‍්ගං ඛාණුකණ‍්ටකධානං පබ‍්බතවිසමං, තං සබ‍්බං අමනසිකරිත්‍වා පඨවිසඤ‍්ඤං පටිච‍්ච මනසිකරොති එකත‍්තං. තස‍්ස පඨවිසඤ‍්ඤාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති අධිමුච‍්චති. සො එවං පජානාති: ‘යෙ අස‍්සු දරථා මනුස‍්සසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. යෙ අස‍්සු දරථා අරඤ‍්ඤසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. අත්‍ථි චෙවායං දරථමත‍්තා යදිදං පඨවිසඤ‍්ඤං පටිච‍්ච එකත‍්තන‍්ති. සො සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං මනුස‍්සසඤ‍්ඤායාති පජානාති. සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං අරඤ‍්ඤසඤ‍්ඤායාති පජානාති. අත්‍ථි චෙවිදං අසුඤ‍්ඤතං යදිදං පඨවීසඤ‍්ඤං පටිච‍්ච එකත‍්තන‍්ති. ඉති යං හි ඛො තත්‍ථ න හොති. තෙන තං සුඤ‍්ඤං සමනුපස‍්සති. යං පන තත්‍ථ අවසිට‍්ඨං හොති. තං සන‍්තමිදං අත්‍ථීති පජානාති. එවම‍්පිස‍්ස එසා ආනන්‍ද, යථාභුච‍්චා අවිපල‍්ලත්‍ථා පරිසුද‍්ධා සුඤ‍්ඤතාවක‍්කන‍්ති භවති.

තවද ආනන්‍දය, මහණ මනුෂ්‍යසංඥා සිත්හි නො කොට, අරණ්‍යසංඥා සිත්හි නො කොට, පෘථිවිසංඥා පිණිස ඒකත්‍වය සිත්හි කෙරෙයි. ඔහුට පෘථිවිසංඥායෙහි සිත අවතරණ කෙරෙයි. පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට බැසගනී. ආනන්‍දය, යම් පරිදි ගෙරි සමෙක් සියක්තුලින් මොනවට හිදුවන ලද්දේ පහවගිය රැළි ඇත්තේ වේ ද, ආනන්‍දය, එපරිදි ම මහණ මේ පොළොවෙහි යම් උස්පහත් තැන් ඇද්ද, නදීන් හා දුර්‍ගමස්ථාන ඇද්ද, කණුකටු තැන් ඇද්ද, පර්‍වතයෙන් විෂම වූ තැන් ඇද්ද, එ හැම සිත්හි නො කොට පෘථිවිසංඥා නිසා ඒකත්‍වය මෙනෙහි කෙරේ ද, ඔහුට පෘථිවිසංඥායෙහි සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී. ඒ මහණ මෙසේ නුවණින් දනී: මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන ඒකත්‍වයයි කියා යි. හේ මනුෂ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී, අරණ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී, (එහෙත්) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන ඒකත්‍වයයි කියාත් දනී. මෙසේ එහි යමෙක් නැද්ද එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇතැ’ යි නුවණින් දනී. මෙසෙයිනුදු ආනන්‍දය, ඔහුට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.

පුන චපරං ආනන්‍ද, භික‍්ඛු අමනසිකරිත්‍වා අරඤ‍්ඤසඤ‍්ඤං, අමනසිකරිත්‍වා පථවීසඤ‍්ඤං, ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං පටිච‍්ච මනසිකරොති එකත‍්තං. තස‍්ස ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති අධිමුච‍්චති. සො එවං පජානාති: ‘යෙ අස‍්සු දරථා අරඤ‍්ඤසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. යෙ අස‍්සු දරථා පඨවීසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. අත්‍ථි චෙවායං දරථමත‍්තා යදිදං ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං පටිච‍්ච එකත‍්ත’න‍්ති. සො සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං අරඤ‍්ඤ සඤ‍්ඤායාති පජානාති. සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං පඨවීසඤ‍්ඤායාති පජානාති. අත්‍ථි චෙවිදං අසුඤ‍්ඤතං යදිදං ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං පටිච‍්ච එකත‍්තන‍්ති. ඉති යං හි ඛො තත්‍ථ න හොති. තෙන තං සුඤ‍්ඤං සමනුපස‍්සති. යං පන තත්‍ථ අවසිට‍්ඨං හොති, තං සන‍්තමිදං අත්‍ථීති පජානාති. එවම‍්පිස‍්ස එසා ආනන්‍ද, යථාභුච‍්චා අවිපල‍්ලත්‍ථා පරිසුද‍්ධා සුඤ‍්ඤතාවක‍්කන‍්ති භවති.

තවද ආනන්‍දය, මහණ අරණසංඥා මෙනෙහි නො කොට, පෘථිවිසංඥා මෙනෙහි නො කොට, ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකභාවය මෙනෙහි කෙරෙයි. ආකාසානඤ්චායතනසංඥා පිණිස ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී, හේ මෙසේ නුවණින් දනී: අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එහෙත්) මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකත්‍වය කියායි. හේ අරණසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. පෘථිවිසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. එහෙත් මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකත්‍වය කියාද දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.

පුන චපරං ආනන්‍ද, භික‍්ඛු අමනසිකරිත්‍වා පඨවීසඤ‍්ඤං, අමනසිකරිත්‍වා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං, විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං පටිච‍්ච මනසිකරොති එකත‍්තං. තස‍්ස විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති අධිමුච‍්චති. සො එවං පජානාති: ‘යෙ අස‍්සු දරථා පඨවිසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. යෙ අස‍්සු දරථා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. අත්‍ථි චෙවායං දරථමත‍්තා යදිදං විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං පටිච‍්ච එකත‍්ත’න‍්ති. සො සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං පඨවීසඤ‍්ඤායාති පජානාති. සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං ආකාසානඤ‍්චායතනසඤ‍්ඤායාති පජානාති. අත්‍ථි චෙවිදං අසුඤ‍්ඤතං යදිදං විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං පටිච‍්ච එකත‍්තන‍්ති. ඉති යං හි ඛො තත්‍ථ න හොති. තෙන තං සුඤ‍්ඤං සමනුපස‍්සති. යං පන තත්‍ථ අවසිට‍්ඨං හොති. තං සන‍්තමිදං අත්‍ථීති පජානාති. එවම‍්පිස‍්ස එසා ආනන්‍ද, යථාභුච‍්චා අවිපල‍්ලත්‍ථා පරිසුද‍්ධා සුඤ‍්ඤතාවක‍්කන‍්ති භවති.

තවද ආනන්‍දය, මහණ පෘථිවිසංඥා මෙනෙහි නො කොට, ආකාසානඤ්චායතනසංඥා මෙනෙහි නො කොට, විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන ඒකභාවය මෙනෙහි කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. ආකාසානඤ්චායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන යම් ඒකීභාවයෙක් වේ ද, මේ දරථ මාත්‍රා මතුයෙක් ඇත කියා යි. හේ පෘථිවිසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. ආකාසානඤ්චායතනසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා එකඟභාවයෙක් වේ ද, මේ අශුන්‍යතා ඇති’ යි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.

පුන චපරං ආනන්‍ද, භික‍්ඛු අමනසිකරිත්‍වා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං, අමනසිකරිත්‍වා විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං, ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං පටිච‍්ච මනසි කරොති එකත‍්තං. තස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති අධිමුච‍්චති. සො එවං පජානාති: ‘යෙ අස‍්සු දරථා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. යෙ අස‍්සු දරථා විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. අත්‍ථි චෙවායං දරථමත‍්තා, යදිදං ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං පටිච‍්ච එකත‍්ත’න‍්ති. සො සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං ආකාසානඤ‍්චායතනසඤ‍්ඤායාති පජානාති. සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤායාති පජානාති. අත්‍ථි චෙවිදං අසුඤ‍්ඤතං යදිදං ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං පටිච‍්ච එකත‍්තන‍්ති. ඉති යං හි ඛො තත්‍ථ න හොති. තෙන තං සුඤ‍්ඤං සමනුපස‍්සති. යං පන තත්‍ථ අවසිට‍්ඨං හොති. තං සන‍්තමිදං අත්‍ථීති පජානාති. එවම‍්පිස‍්ස එසා ආනන්‍ද, යථාභුච‍්චා අවිපල‍්ලත්‍ථා පරිසුද‍්ධා සුඤ‍්ඤතාවක‍්කන‍්ති භවති.

තවද ආනන්‍දය, මහණ ආකාසානඤ්චායතනසංඥා සිත්හි නො කොට, විඤ්ඤාණඤ්චායතනසංඥා සිත්හි නො කොට, ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන ඒකභාවය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥායෙහි බසී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘ආකාසානඤ්චායතන සංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. විඤ්ඤාණඤ්චායතනසංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. එහෙත් මේ දරථ මාත්‍රායෙක් ඇත. කිමෙක යත්: ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන ඒකභාවය යි කියා යි. හේ ආකාසානඤ්චායතනසංඥා පිළිබඳ ශුන්‍ය යයි නුවණින් දනී. විඤ්ඤාණඤ්චායතනසංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. (එතෙකුදු වුව) මේ අසුඤ්ඤතායෙක් ද ඇත. කිමෙක යත්: ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන ඒකත්‍වය වෙතී නුවණින් දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එය ශුන්‍ය යයි නුවණින් දකී, යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.

පුන චපරං ආනන්‍ද භික‍්ඛු අමනසිකරිත්‍වා විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං, අමනසිකරිත්‍වා, ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤං පටිච‍්ච මනසි කරොති එකත‍්තං. තස‍්ස නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති අධිමුච‍්චති. සො එවං පජානාති: ‘යෙ අස‍්සු දරථා විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. යෙ අස‍්සු දරථා ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. අත්‍ථි චෙවායං දරථමත‍්තා, යදිදං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤං පටිච‍්ච එකත‍්ත’න‍්ති. සො සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤායාති පජානාති. සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤායාති පජානාති. අත්‍ථි චෙවිදං අසුඤ‍්ඤතං යදිදං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤං පටිච‍්ච එකත‍්තන‍්ති. ඉති යං හි ඛො තත්‍ථ න හොති. තෙන තං සුඤ‍්ඤං සමනුපස‍්සති. යං පන තත්‍ථ අවසිට‍්ඨං හොති. තං සන‍්තමිදං අත්‍ථීති පජානාති. එවම‍්පිස‍්ස එසා ආනන්‍ද, යථාභුච‍්චා අවිපල‍්ලත්‍ථා පරිසුද‍්ධා සුඤ‍්ඤතාවක‍්කන‍්ති භවති.

තවද ආනන්‍දය, මහණ විඤ්ඤාණඤ්චායතනසංඥා මෙනෙහි නො කොට, ආකිඤ්චඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා නිසා ඒකත්‍වය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි බැසගෙන සිටී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘විඤ්ඤාණඤ්චායතන සංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. ආකිඤ්චඤ්ඤායතනසංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථ මාත්‍රායෙක් ද ඇත. කිමෙක යත්: නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නිසා වන ඒකත්‍වය වෙති’ යි දනී, හේ විඤ්ඤාණඤ්චායතන සංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. ආකිඤ්චඤ්ඤායතනසංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. වැලිත් මේ අශුන්‍යත්‍වයෙක් ද ඇත, කිමෙක යත්: නේවසඤ්ඤානාසඤ්ඤායතනය පිළිබඳ ඒකත්‍වය වෙති’යි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී. යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.

පුන චපරං ආනන්‍ද, භික‍්ඛු අමනසිකරිත්‍වා ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං, අමනසිකරිත්‍වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤං, අනිමිත‍්තං චෙතොසමාධිං පටිච‍්ච මනසිකරොති එකත‍්තං. තස‍්ස අනිමිත‍්තෙ චෙතොසමාධිම‍්හි චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති අධිමුච‍්චති. සො එවං පජානාති: යෙ අස‍්සු දරථා ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. ‘යෙ අස‍්සු දරථා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤං පටිච‍්ච, තෙධ න සන‍්ති. අත්‍ථි චෙවායං දරථමත‍්තා යදිදං ඉමමෙව කායං පටිච‍්ච සළායතනිකං ජීවිතපච‍්චයා’ති. සො සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤායාති පජානාති. සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤායාති පජානාති. අත්‍ථි චෙවිදං අසුඤ‍්ඤතං යදිදං ඉමමෙව කායං පටිච‍්ච සළායතනිකං ජීවිතපච‍්චයාති. ඉති යං හි ඛො තත්‍ථ න හොති. තෙන තං සුඤ‍්ඤං සමනුපස‍්සති. යං පන තත්‍ථ අවසිට‍්ඨං හොති. තං සන‍්තමිදං අත්‍ථීති පජානාති. එවම‍්පිස‍්ස එසා ආනන්‍ද, යථාභුච‍්චා අවිපල‍්ලත්‍ථා පරිසුද‍්ධා සුඤ‍්ඤතාවක‍්කන‍්ති භවති.

තවද ආනන්‍දය, මහණ ආකිඤ්චඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, අනිමිත්තචේතෝසමාධිය (විදර්‍ශනාචිත්ත ස්මධිය) නිසා ඒකභාවය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත අනිමිත්තචේතෝසමාධියයෙහි බැසගෙන සිටී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනියි: ‘ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රායෙක් ද ඇත. කිමෙක යත්: ‘මේ කය ම නිසා යම් ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතයට ප්‍රත්‍යය වූ ප්‍රවෘත්ත දරථමාත්‍රයෙක් ඇති’ යි දනී. හේ ආකිඤ්චඤ්ඤායතනසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා පිළිබඳ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. වැලිත් මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: මේ කය ම නිසා වූ ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතප්‍රත්‍යය දරථමාත්‍රායෙක් ඇති’ යි දනී. මෙසේ යමෙක් එහි නැද්ද, එයින් එය ශුන්‍ය යයි නුවණින් දකී. යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්ති වෙයි.

පුන චපරං ආනන්‍ද, භික‍්ඛු අමනසිකරිත්‍වා ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං, අමනසිකරිත්‍වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤං, අනිමිත‍්තං චෙතොසමාධිං පටිච‍්ච මනසි කරොති එකත‍්තං. තස‍්ස අනිමිත‍්තෙ චෙතොසමාධිම‍්හි චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති අධිමුච‍්චති. සො එවං පජානාති: ‘අයම‍්පි ඛො අනිමිත‍්තො චෙතොසමාධි අභිසඞ‍්ඛතො ආභිසඤ‍්චෙතසිකො. යං ඛො පන කිඤ‍්චි අභිසඞ‍්ඛතං ආභිසඤ‍්චෙතසිකං, තදනිච‍්චං නිරොධධම‍්ම’න‍්ති පජානාති. තස‍්ස එවං ජානතො එවං පස‍්සතො කාමාසවාපි චිත‍්තං විමුච‍්චති. භවාසවාපි චිත‍්තං විමුච‍්චති. අවිජ‍්ජාසවාපි චිත‍්තං විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති. සො එවං පජානාති: ‘යෙ අස‍්සු දරථා කාමාසවං පටිච‍්ච, තෙධ න සන‍්ති. යෙ අස‍්සු දරථා භවාසවං පටිච‍්ච තෙධ න සන‍්ති. යෙ අස‍්සු දරථා අවිජ‍්ජාසවං පටිච‍්ච, තෙධ න සන‍්ති. අත්‍ථි චෙවායං දරථමත‍්තා, යදිදං ඉමමෙව කායං පටිච‍්ච සළායතනිකං ජීවිතපච‍්චයා’ති. සො සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං කාමාසවෙනාති පජානාති. සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං භවාසවෙනාති පජානාති. සුඤ‍්ඤමිදං සඤ‍්ඤාගතං අවිජ‍්ජාසවෙනාති පජානාති. අත්‍ථි චෙවිදං අසුඤ‍්ඤතං යදිදං ඉමමෙව කායං පටිච‍්ච සළායතනිකං ජීවිතපච‍්චයාති. ඉති යං හි ඛො තත්‍ථ න හොති. තෙන තං සුඤ‍්ඤං සමනුපස‍්සති. යං පන තත්‍ථ අවසිට‍්ඨං හොති, තං සන‍්තමිදං අත්‍ථීති පජානාති. එවමස‍්ස එසා ආනන්‍ද, යථාභුච‍්චා අවිපල‍්ලත්‍ථා පරිසුද‍්ධා පරමානුත‍්තරා සුඤ‍්ඤතාවක‍්කන‍්ති භවති.

තවද ආනන්‍දය, මහණ ආකිඤ්චඤ්ඤායතසංඥා මෙනෙහි නො කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, අනිමිත්තචේතෝසමාධිය සඳහා ඒකත්‍වයක් මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත අනිමිත්තචේතොසමාධියයෙහි බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනියි: ‘අනිමිත්තචේතෝසමාධිය ද අභිසංස්කෘත ය, ආභිසංචේතසික ය, යම් කිසිවක් අභිසංස්කෘතත්, ආභිසංචේතසිකත් වේ නම් ඒ අනිත්‍ය ය, නිරොධස්භාව ඇති’ යි නුවණින් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයන් කෙරෙනුදු වෙසෙසින් මිදෙයි, භවාස්‍රවයෙන් කෙරෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයන් කෙරෙනුදු සිත මිදෙයි. විමුක්ත වත් මැ විමුක්ත යැ යන ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ ය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, කරණී කරන ලද, මේ අර්‍හත්‍වය පිණිස මතුයෙහි කිසිදු නැති’ යි නුවණින් දනී. හේ මෙසේ නුවණින් දනී: කාමාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්‍ග-ඵලයෙහි නැත. භවාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්‍ග-ඵලයෙහි නැත. අවිද්‍යාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්‍ග-ඵලයෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රයෙක් ද ඇති. කිමෙක යත්: මේ කය ම නිසා ෂඩායතනසම්ප්‍රයුක්ත ජීවිතප්‍රත්‍යය වූ දරථමාත්‍ර යයි දනී. හේ කාමාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. භවාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. අවිද්‍යාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. වැලිත් මේ අශුන්‍යතායෙක් ද ඇති. කිමෙක යත්: ‘මේ කය ම නිසා ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතප්‍රත්‍යය වූ දරථමාත්‍ර සංඛ්‍යාත අශුන්‍යතා යයි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී. එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි දනී. ආනන්‍දය, මෙසේ ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ නිරුපක්ලේශ වූ තෙල පරමානුත්තර ශුන්‍යතාවක්‍රාන්ති වේ.

යෙපි හි කෙචි ආනන්‍ද, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා පරිසුද‍්ධං පරමානුත‍්තරං සුඤ‍්ඤතං උපසම‍්පජ‍්ජ විහරිංසු. සබ‍්බෙ තෙ ඉමං යෙව පරිසුද‍්ධං පරමානුත‍්තරං සුඤ‍්ඤතං උපසම‍්පජ‍්ජ විහරිංසු. යෙපි හි කෙචි ආනන්‍ද, අනාගතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා පරිසුද‍්ධං පරමානුත‍්තරං සුඤ‍්ඤතං උපසම‍්පජ‍්ජ විහරිස‍්සන‍්ති. සබ‍්බෙ තෙ ඉමංයෙව පරිසුද‍්ධං පරමානුත‍්තරං සුඤ‍්ඤතං උපසම‍්පජ‍්ජ විහරිස‍්සන‍්ති. යෙපි හි කෙචි ආනන්‍ද, එතරහි සමණා වා බ්‍රාහ‍්මණා වා පරිසුද‍්ධං පරමානුත‍්තරං සුඤ‍්ඤතං උපසම‍්පජ‍්ජ විහරන‍්ති. සබ‍්බෙ තෙ ඉමංයෙව පරිසුද‍්ධං පරමානුත‍්තරං සුඤ‍්ඤතං උපසම‍්පජ‍්ජ විහරන‍්ති. තස‍්මාතිහ ආනන්‍ද, පරිසුද‍්ධං පරමානුත‍්තරං සුඤ‍්ඤතං උපසම‍්පජ‍්ජ විහරිස‍්සාමාති. එවං හි වො ආනන්‍ද, සික‍්ඛිතබ‍්බන‍්ති.

ආනන්‍දය, අතීත කාලයෙහි යම් මැ ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ නිරුපක්ලේශ පරමානුත්තර ශුන්‍යතාඵලසමාපත්තියට පැමිණ විසූහු ද, ඒ හැම මහණ බමුණෝ පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාවට ම පැමිණ විසූහු. ආනන්‍දය, අනාගත කාලයෙහි යම් මැ ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ කෙනෙක් වෙත් ද, ඔහු පරමානුත්තර පරිශුද්ධ ශුන්‍යතාව උපයා වාස කෙරෙත් ද, එ හැම පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාව ම උපයා ගෙන වෙසෙත්. ආනන්‍දය, දැන් යම් මැ ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ කෙනෙක් පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාවට පැමිණ වෙසෙත් ද, එ හැම පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාවට මැ පැමිණ වෙසෙති. ආනන්‍දය, එහෙයින් පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාව උපයාගෙන වසම්හ’ යි ආනන්‍දය, මෙසේ තොප හික්මෙන්නේ ය.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා ආනන්‍දො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බුදුවදන් සතුටින් පිළිගත්හ.

චූළසුඤ‍්ඤතසුත‍්තං පඨමං.

පළමුවැනි චූළසුඤ්ඤත සූත්‍ර යි.