යෙදුමෙන් කියවන්න

මහාසුඤ‍්ඤත සුත‍්තං

3. 3. 2.

3. 3. 2.

මහාසුඤ‍්ඤත සුත‍්තං

මහාසුඤ්ඤත සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය කපිලවත්‍ථුං පිණ‍්ඩාය පාවිසි. කපිලවත්‍ථුස‍්මිං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන කාළඛෙමකස‍්ස සක‍්කස‍්ස විහාරො, තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. තෙන ඛො පන සමයෙන කාළඛෙමකස‍්ස සක‍්කස‍්ස විහාරෙ සම‍්බහුලානි සෙනාසනානි පඤ‍්ඤත‍්තානි හොන‍්ති. අද‍්දසා ඛො භගවා කාළඛෙමකස‍්ස සක‍්කස‍්ස විහාරෙ සම‍්බහුලානි සෙනාසනානි පඤ‍්ඤත‍්තානි. දිස‍්වාන භගවතො එතදහොසි: සම‍්බහුලානි ඛො කාළඛෙමකස‍්ස සක‍්කස‍්ස විහාරෙ සෙනාසනානි පඤ‍්ඤත‍්තානි. සම‍්බහුලා නු ඛො ඉධ භික‍්ඛූ විහරන‍්තීති.

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැහැජනවියෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩි සේක. කිඹුල්වත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලැකි සේක් කාළඛේමක සැහැරජහුගේ විහාරය කරා දිවා විහරණය පිණිස වැඩියෝ. එසමයෙහි කාළඛේමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. භාග්‍යවතුන් වහන්සේ කාළඛේමක සැහැරජහුගේ වෙහෙරෙහි පනවන ලද බොහෝ සෙනසුන් දුටු සේක. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී. කාළඛේමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. මෙ වෙහෙර භික්‍ෂූහු සම්බහුල වශයෙන් වෙසෙත් ද හෝ යි.

තෙන ඛො පන සමයෙන ආයස‍්මා ආනන්‍දො සම‍්බහුලෙහි භික‍්ඛූහි සද‍්ධිං ඝටාය සක‍්කස‍්ස විහාරෙ චීවරකම‍්මං කරොති. අථ ඛො භගවා සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො, යෙන ඝටාය සක‍්කස‍්ස විහාරො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: සම‍්බහුලානි ඛො ආනන්‍ද, කාළඛෙමකස‍්ස සක‍්කස‍්ස විහාරෙ සෙනාසනානි පඤ‍්ඤත‍්තානි, සම‍්බහුලා නු ඛො එත්‍ථ භික‍්ඛූ විහරන‍්තීති.

එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බොහෝ භික්‍ෂූන් හා සමග ඝටාය නම් ශාක්‍යයන්ගේ විහාරයෙහි චීවරකර්‍ම කෙරෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලණින් නැඟී සිටි සේක් ඝටාය නම් ශාක්‍යයන්ගේ විහාරය කරා වැඩි සේක. වැඩැ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ හිඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක. “ආනන්‍දය, කාළඛේමක ශාක්‍යයන්ගේ විහාරයෙහි සම්බහුල සේනාසනයෝ පනවන ලද්දාහු වෙති. කිම් මෙහි සම්බහුල භික්‍ෂූහු වාස කෙරෙත් ද හෝ” යි, පුළුවුත්හ.

සම‍්බහුලානි භන‍්තෙ, කාළඛෙමකස‍්ස සක‍්කස‍්ස විහාරෙ සෙනාසනානි පඤ‍්ඤත‍්තානි, සම‍්බහුලා එත්‍ථ භික‍්ඛු විහරන‍්ති. චීවරකාරසමයො නො භන‍්තෙ, වත‍්තතීති.

වහන්ස, කාළඛේමක ශාක්‍යයන්ගේ විහාරයෙහි පැන්වූ බොහෝ සෙනසුන් ඇත. මෙහි බොහෝ භික්‍ෂූහු වාස කෙරෙති. වහන්ස, අපගේ චීවරකාර සමය පවත්නේ යයි පිළිවදන් දුන්හු.

න ඛො ආනන්‍ද, භික‍්ඛු සොභති සඞ‍්ගණිකාරාමො සඞ‍්ගණිකාරතො සඞ‍්ගණිකාරාමතං අනුයුත‍්තො ගණාරාමො ගණරතො ගණසම‍්මුදිතො. සො වතානන්‍ද, භික‍්ඛු සඞ‍්ගණිකාරාමො සඞ‍්ගණිකාරතො සඞ‍්ගණිකාරාමතං අනුයුත‍්තො ගණාරාමො ගණරතො ගණසම‍්මුදිතො, යං තං නෙක‍්ඛම‍්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම‍්බොධසුඛං තස‍්ස සුඛස‍්ස නිකාමලාභී භවිස‍්සති අකිච‍්ඡලාභී අකසිරලාභීති නෙතං ඨානං විජ‍්ජති. යො ච ඛො සො ආනන්‍ද, භික‍්ඛු එකො ගණස‍්මා වූපකට‍්ඨො විහරති. තස‍්සෙතං භික‍්ඛුනො පාටිකඞ‍්ඛං: යං තං නෙක‍්ඛම‍්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම‍්බොධසුඛං තස‍්ස සුඛස‍්ස නිකාමලාභී භවිස‍්සති අකිච‍්ඡලාභී අකසිරලාභීති ඨානමෙතං විජ‍්ජති.

ආනන්‍දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි යෙදුණු ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා හා සම්මුදිත වූ මහණ නො හොබනේ ය. ආනන්‍දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි අනුයුක්ත වූ ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා කෙරෙහි සම්මුදිත වූ ඒ මහණ යම් ඒ නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවේකසුඛයෙක් උපශමසුඛයෙක් සම්බෝධසුඛයෙක් ඇද්ද, ඒ සුඛය ඒකාන්තයෙන් කැමැති සේ ලබනුයේ නිදුක් ව ලබනුයේ විපුල ව ලබනුයේ වෙයි යන තෙල කරුණ නො වේ. ආනන්‍දය, යම් මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ වාස කෙරේ ද, ඒ මහණහට තෙල කැමැති විය යුතු ය: “යම් ඒ නෛෂ්ක්‍රම්‍යසුඛයෙක්, ප්‍රවිවේකසුඛයෙක්, උපශමසුඛයෙක්, සම්බොධ සුඛයෙක් ඇද්ද, ඒ සුඛය කැමැති සේ ලබන්නේ නිදුක් ව ලබන්නේ විපුල ව ලබන්නේ වෙයි” යන තෙල කරුණ ඇත.

සො වතානන්‍ද, භික‍්ඛු සඞ‍්ගණිකාරාමො සඞ‍්ගණිකාරතො සඞ‍්ගණිකාරාමතං අනුයුත‍්තො ගණාරාමො ගණරතො ගණසම‍්මුදිතො සාමයිකං වා කන‍්තං චෙතොවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරිස‍්සති, අසාමයිකං වා අකුප‍්පන‍්ති නෙතං ඨානං විජ‍්ජති. යො ච ඛො සො ආනන්‍ද, භික‍්ඛු එකො ගණස‍්මා වූපකට‍්ඨො විහරති, තස‍්සෙතං භික‍්ඛුනො පාටිකඞ‍්ඛං: සාමයිකං වා කන‍්තං චෙතොවිමුත‍්තිං උපසම‍්පජ‍්ජ විහරිස‍්සති, අසාමායිකං වා අකුප‍්පන‍්ති ඨානමෙතං විජ‍්ජති.

ආනන්‍දය, එකැතින් ඒ මහණ ස්වකීය පර්‍ෂත්සමෝධානයෙහි නියැලියේ සිය පිරිස් හා එක්වීමෙහි ඇලුණේ සංගණීකාරාමතායෙහි යෙදුණේ ගණයා කෙරෙහි නියැලියේ ගණයා කෙරෙහි ඇලුණේ ගණයා හා සම්මුදිත වූයේ මනාප වූ රූපාරූපාවචර චිත්ත විමුක්තිය හෝ කෙලෙසුන් විසින් අකෝප්‍ය වූ අසාමයික හෙවත් ලෝකෝත්තර අත්‍යන්ත විමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ නො වේ. ආනන්‍දය, යම් ඒ මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් ව්‍යපකර්‍ෂ වූයේ වෙසේ ද, ඒ මහණ හට තෙල කැමැති විය යුතු ය. කිමෙක් යත්: කාන්ත වූ සාමයික චේතෝවිමුක්තිය හෝ අකෝප්‍ය වූ අසාමයික චේතෝවිමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ වෙයි.

නාහං ආනන්‍ද, එකරූපම‍්පි සමනුපස‍්සාමි: යත්‍ථ රත‍්තස‍්ස යත්‍ථාභිරත‍්තස‍්ස රූපස‍්ස විපරිණාමඤ‍්ඤථාභාවා න උප‍්පජ‍්ජෙය්‍යුං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සූපායාසා.

ආනන්‍දය, යම් රූපයෙක රාග වශයෙන් ඇලුණක් හට යම් රූපයෙක අභිරක්ත වූවක්හට ඒ රූපයාගේ විපරිණාම අන්‍යථා භාව හේතුයෙන් ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ නූපදිත් නම්, මම එබඳු එක ද රූපයක් නුවණැසින් නො දක්මි.

අයං ඛො ආනන්‍ද, විහාරො තථාගතෙන අභිසම‍්බුද‍්ධො, යදිදං සබ‍්බනිමිත‍්තානං අමනසිකාරා අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතං උපසම‍්පජ‍්ජ විහරිතුං තත්‍ර චෙ ආනන්‍ද, තථාගතං ඉමිනා විහාරෙන විහරන‍්තං භවන‍්ති උපසඞ‍්කමිතාරො භික‍්ඛූ භික‍්ඛුනියො උපාසකා උපාසිකායො රාජානො රාජමහාමත‍්තා තිත්‍ථියා තිත්‍ථියසාවකා. තත්‍රානන්‍ද, තථාගතො විවෙකනින‍්නෙනෙව චිත‍්තෙන විවෙකපොණෙන විවෙකපබ‍්භාරෙන වූපකට‍්ඨෙන නෙක‍්ඛම‍්මාභිරතෙන බ්‍යන‍්තීභූතෙන සබ‍්බසො ආසවට‍්ඨානීයෙහි ධම‍්මෙහි අඤ‍්ඤදත්‍ථු උය්‍යොජනිකපටිසංයුත‍්තංයෙව කථං කත‍්තා හොති. තස‍්මාතිහ ආනන්‍ද, භික‍්ඛු චෙපි ආකඞ‍්ඛෙය්‍ය: අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති. තෙනානන්‍ද, භික‍්ඛුනා අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සණ‍්ඨපෙතබ‍්බං, සන‍්නිසාදෙතබ‍්බං, එකොදි කාතබ‍්බං, සමාදහාතබ‍්බං.

ආනන්‍දය, තථාගතයන් විසින් මේ විහාරය මොනොවට අවබෝධ කරන ලද, කුමක් පිණිස යැ යත්: රූපාදි හැම නිමිති නො මෙනෙහි කිරීමෙන් විෂය අධ්‍යාත්මයෙහි ශුන්‍යත ඵලසමාපත්තිය සපයා වාස කිරීම පිණිස යි. ආනන්‍දය, ඉදින් මේ විහරණයෙන් වාස කරන ඒ තථාගතයන් කරා මහණ මෙහෙණ උවසු උවැසි රජ රජමහමැති තොටු තොටුසව්වෝ එළඹෙන්නාහු වෙත් ද, ආනන්‍දය, එ පිරිස්හි තථාගත විවෙක ප්‍රවණ වූ විවෙක ප්‍රාග්භාර වූ ව්‍යපකර්‍ෂ වූ නිෂ්කාමාභිරත වූ සර්‍වප්‍රකාරයෙන් ආස්‍රවයනට හේතුභූත ධර්‍මයන් කෙරෙන් විසංයුක්ත වූ නිවනට නැඹුරු වූ මැ සිතින් එකැතින් යන්නට මෙහෙයන කථායෙන් යුක්ත කථාවක් ම කරනු වෙයි. ආනන්‍දය, එහෙයින් ඉදින් මහණ ද ගෝචරාධ්‍යාත්මයෙහි ශුන්‍යතාව උපයාගෙන වාසය කරන්නේ නම් මැනැවැ’යි කැමැති වන්නේ ද ආනන්‍දය, ඒ මහණ විසින් අධ්‍යාත්මයෙහි සිත මොනොවට පිහිටු වියැ යුතු යි, හිඳුවියැ යුතු යි, එකඟ කළ යුතු යි, සමාධාන කළ යුතු යි.

කථඤ‍්ච ආනන්‍ද, භික‍්ඛු අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සණ‍්ඨපෙති සන‍්නිසාදෙති එකොදිං කරොති සමාදහති. ඉධානන්‍ද, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එවං ඛො ආනන්‍ද, භික‍්ඛු අජ‍්ඣත‍්තමෙව චිත‍්තං සණ‍්ඨපෙති, සන‍්නිසාදෙති, එකොදි කරොති, සමාදහති. සො අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතං මනසිකරොති. තස‍්ස අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතං මනසිකරොතො සුඤ‍්ඤතාය චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති. එවං සන‍්තමෙතං ආනන්‍ද, භික‍්ඛු එවං පජානාති: අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතං ඛො මෙ මනසිකරොතො අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතාය චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චතී’ති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. සො බහිද‍්ධා සුඤ‍්ඤතං මනසිකරොති -පෙ- සො අජ‍්ඣත‍්තබහිද‍්ධා සුඤ‍්ඤතං මනසි කරොති -පෙ- සො ආනෙඤ‍්ජං මනසිකරොති. තස‍්ස ආනෙඤ‍්ජං මනසිකරොතො ආනෙඤ‍්ජාය චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති. එවං සන‍්තමෙතං ආනන්‍ද, භික‍්ඛු එවං පජානාති: ආනෙඤ‍්ජං ඛො මෙ මනසිකරොතො ආනෙඤ‍්ජාය චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චතී’ති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති.

ආනන්‍දය, කෙසේ නම් මහණ අධ්‍යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවන්නේ මොනොවට හිඳුවන්නේ එකඟ කරන්නේ සමාධාන කරන්නේ වේ ද යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව මැ අකුසල දහමින් වෙන් ව සවිතර්‍ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති පළමු දැහැන් උපයා වාස කෙරෙයි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශම හේතුයෙන් සිත්හි පැහැදීම් කරන සිත පිළිබඳ එකඟ බව ඇති අවිතර්‍ක අවිචාර සමාධිජ ප්‍රීතිසුඛ ඇති දෙවන දැහැන් ... තෙවන දැහැන් ... සිව්වන දැහැන් උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙසේ මහණ අධ්‍යාත්මයෙහි සිත මොනවට පිහිටුවයි, මොනොවට හිඳුවයි, එකඟ කෙරෙයි, සමාධාන කෙරෙයි. හේ සිය පස්කඳෙහි උපන් ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි. අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන ඔහුට ශුන්‍යතායෙහි සිත නො බසී, නො පහදී, මොනොවට නො පිහිටයි, නො මිදේ. ආනන්‍දය, මහණ මෙසේ වූ තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන මාගේ අධ්‍යාත්මයෙහි ශුන්‍යතාවට සිත නොබස්නේ ය, නො පහදනේ ය, නො පිහිටන්නේ ය, නො මිදේ ය කියා යි. මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. හේ පරපඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතා මෙනෙහි කරයි. ... හේ ස්ව පර උභය පඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතා මෙනෙහි කරයි. ... හේ ආනෙඤ්ජ අරූපසමාපත්ති මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්ති මෙනෙහි කරන ඔහුට ආනෙඤ්ජ අරූප සමාපත්තියට සිත නො බසී, නො පහ දී, මොනොවට නො පිහිටයි. නො මිදේ. ආනන්‍දය, මහණ මෙසේ විද්‍යමාන වූ තෙල සිත මෙසේ නුවණින් දැනගනී: ආනෙඤ්ජය මෙනෙහි කරන මට ආනෙඤ්ජය පිණිස සිත නො බස්නේ ය. නො පහදන්නේ ය. මොනොවට නො පිහිටන්නේ ය. නො බිඳෙන්නේ ය කියා යි. මෙ සේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි.

තෙනානන්‍ද, භික‍්ඛුනා තස‍්මිංයෙව පුරිමස‍්මිං සමාධිනිමිත‍්තෙ අජ‍්ඣත‍්තං එව චිත‍්තං සණ‍්ඨපෙතබ‍්බං, සන‍්නිසාදෙතබ‍්බං, එකොදිකාතබ‍්බං, සමාදහාතබ‍්බං. සො අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතං මනසිකරොති. තස‍්ස අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතං මනසිකරොතො අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති. එවං සන‍්තමෙතං ආනන්‍ද, භික‍්ඛු එවං පජානාති: අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතං ඛො මෙ මනසිකරොතො අජ‍්ඣත‍්තං සුඤ‍්ඤතාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චතීති.

ආනන්‍දය, ඒ මහණ විසින් එ මැ පූර්‍වසමාධිනිමිත්තයෙහි අධ්‍යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවිය යුතු යැ, මොනොවට හිදුවියැ යුතු යැ, එකඟ කළ යුතු යැ, සමාධාන කළ කළ යුතු යි. හේ අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරයි. අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන ඔහුගේ සිත අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, මිදේ. ආනන්‍දය, ඒ මහණ මෙසේ ඇති තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන මාගේ සිත අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව පිණිස බැසගනී,

ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. සො බහිද‍්ධා සුඤ‍්ඤතං මනසිකරොති -පෙ- සො අජ‍්ඣත‍්තබහිද‍්ධා සුඤ‍්ඤතං මනසිකරොති -පෙ- සො ආනෙඤ‍්ජං මනසිකරොති. තස‍්ස ආනෙඤ‍්ජං මනසිකරොතො ආනෙඤ‍්ජාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති. එවං සන‍්තමෙතං ආනන්‍ද, භික‍්ඛු එවං පජානාති: ආනෙඤ‍්ජං ඛො මෙ මනසිකරොතො ආනෙඤ‍්ජාය චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චතීති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති.

පහදියි, මොනොවට පිහිටයි, වෙසෙසින් මිදේ යයි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ඒ මහණ පර පඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි ... හේ ස්ව පර උභය පඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි. ආනෙඤ්ජය මෙනෙහි කරන ඔහුගේ සිත ආනෙඤ්ජය පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, මිදේ. ආනන්‍දය, ඒ මහණ මෙසේ ඇති තෙල සිත මෙසේ නුවණින් දනී: ආනෙඤ්ජය මෙනෙහි කරන මාගේ සිත ආනෙඤ්ජය පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, වෙසෙසින් මිදේ ය යි කියා යි.

තස‍්ස චෙ ආනන්‍ද, භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො චඞ‍්කමාය චිත‍්තං නමති. සො චඞ‍්කමති එවං මං චඞ‍්කමන‍්තං නාභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවිස‍්සන‍්තීති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. තස‍්ස චෙ ආනන්‍ද, භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො ඨානාය චිත‍්තං නමති. සො තිට‍්ඨති: එවං මං තිට‍්ඨන‍්තං නාභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවිස‍්සන‍්තීති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති.

ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට සක්මන පිණිස සිත නැමේ නම් හේ සක්මන් කෙරෙයි. මෙසේ සක්මන් කරන මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහු නො බඳනාහ යි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට සිටිනු පිණිස සිත නැමේ නම් හේ සිටී. මෙසේ සිටුනා මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ නො ලුහුබඳනාහ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.

තස‍්ස චෙ ආනන්‍ද, භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො නිසජ‍්ජාය චිත‍්තං නමති. සො නිසීදති: එවං මං නිසීදන‍්තං නාභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවිස‍්සන‍්තීති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. තස‍්ස චෙ ආනන්‍ද, භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො සයනාය චිත‍්තං නමති. සො සයති: එවං මං සයන‍්තං නාභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවිස‍්සන‍්තීති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති.

ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට හිඳිනු පිණිස සිත නැමේ නම් හේ හිඳියි. මෙසේ හිඳුනා මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශල ධර්‍මයෝ නො ලුහුබඳනාහ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට හෝනා පිණිස සිත නැමේ නම් හේ හෝනේ වෙයි. ‘මෙසේ හෝනා මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශල ධර්‍මයෝ නො ලුහුබඳනාහ’ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.

තස‍්ස චෙ ආනන්‍ද, භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො කථාය චිත‍්තං නමති. සො යායං කථා හීනා ගම‍්මා පොථුජ‍්ජනිකා අනරියා අනත්‍ථසංහිතා න නිබ‍්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්තති. සෙය්‍යථිදං: රාජකථා චොරකථා මහාමත‍්තකථා සෙනාකථා භයකථා යුද‍්ධකථා අන‍්නකථා පානකථා වත්‍ථකථා සයනකථා මාලාකථා ගන්‍ධකථා ඤාතිකථා යානකථා ගාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ඉත්‍ථිකථා පුරිසකථා සුරාකථා විසිඛාකථා කුම‍්භට‍්ඨානකථා පුබ‍්බපෙතකථා නානත‍්තකථා ලොකක‍්ඛායිකා සමුද‍්දක‍්ඛායිකා ඉතිභවාභවකථා, ඉති වා ඉති එවරූපිං කථං න කථෙස‍්සාමීති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. යා ච ඛො අයං ආනන්‍ද, කථා අභිසල‍්ලෙඛිකා චෙතොවිනීවරණසප‍්පායා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. සෙය්‍යථිදං: අප‍්පිච‍්ඡකථා සන‍්තුට‍්ඨිකථා පවිවෙකකථා අසංසග‍්ගකථා වීරියාරම‍්භකථා සීලකථා සමාධිකථා පඤ‍්ඤාකථා විමුත‍්තිකථා විමුත‍්තිඤාණදස‍්සනකථා, ඉති එවරූපිං කථං කථෙස‍්සාමීති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති.

ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට භාෂ්‍යකථා පිණිස සිත නැමේ නම්, හේ යම් කථායෙක් හීන ග්‍රාම්‍ය පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය අනර්‍ත්‍ථ සංහිත වේ ද, නිර්වේදය පිණිස නො වැටේ ද, විරාග ය පිණිස නො වැටේ ද, නිරෝධය පිණිස නො වැටේ ද, උපශමය පිණිස නො වැටේ ද, අභිඥා පිණිස නො වැටේ ද, සම්බෝධය පිණිස නො වැටේ ද, නිර්‍වාණය පිණිස නො වැටේ ද, ඒ කෙබඳු කථා යැ යත්: රාජකථා, චෞරකථා, මහාමාත්‍රකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්‍ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, සුරාකථා, වීථිකථා, කුම්භස්ථානකථා, පූර්‍වප්‍රේතකථා, නානාත්‍වකථා, ලෝකායතකථා, සාමුද්‍රිකකථා, ඉතිභාවභවකථා යයි මෙසේ හෝ මෙසේ මෙබඳු වූ හෝ කථා නො කියමි’ කියා මෙසෙයින් එහි සමප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, යම් කථායෙක් ක්ලේශයෙන්ගේ තුනුබව කරන්නේ චිත්තයාගේ විනීවරණයට සත්ප්‍රාය වූයේ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස වැටේ ද, කෙබඳු කථා යැ යත්: අල්පේච්ඡකථා, සන්තුෂ්ඪිකථා, ප්‍රවිවෙකකථා, අසංසර්‍ගකථා, වීර්‍ය්‍යාරම්භකථා, ශීලකථා, සමාධිකථා, ප්‍රඥාකථා, විමුක්තිකථා, විමුක්ති ඥානදර්‍ශනකථා යයි’ මෙසේ මෙබඳු කථා කියමි’ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.

තස‍්ස චෙ ආනන්‍ද, භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො විතක‍්කාය චිත‍්තං නමති. සො යෙ තෙ විතක‍්කා හීනා ගම‍්මා පොථුජ‍්ජනිකා අනරියා අනත්‍ථසංහිතා න නිබ‍්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්තන‍්ති. සෙය්‍යථිදං: කාමවිතක‍්කො ව්‍යාපාදවිතක‍්කො විහිංසාවිතක‍්කො, ඉති එවරූපෙ විතක‍්කෙ න විතක‍්කෙස‍්සාමීති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. යෙ ච ඛො ඉමෙ ආනන්‍ද, විතක‍්කා අරියා නිය්‍යානිකා නිය්‍යන‍්ති. තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. සෙය්‍යථිදං: නෙක‍්ඛම‍්මවිතක‍්කො අව්‍යාපාදවිතක‍්කො අවිහිංසාවිතක‍්කො. ඉති එවරූපෙ විතක‍්කෙ විතක‍්කෙස‍්සාමීති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති.

ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට විතර්‍කය පිණිස සිත නැමේ නම්, ඒ මහණ යම් ඒ විතර්‍ක කෙනෙක් හීන වූවාහු ග්‍රාම්‍ය වූවාහු පුහුදුනන් කෙරෙහි පවත්නාහු අනාර්‍ය්‍ය වූවාහු අනර්‍ත්‍ථසංහිත වූවාහු නිර්වේදයට නො වැටෙන්නාහු විරාගයට නො වැටෙන්නාහු නිරෝධයට නො වැටෙන්නාහු උපශමයට නො වැටෙන්නාහු අභිඥාවට නො වැටෙන්නාහු සම්බෝධියට නො වැටෙන්නාහු නිවනට නො වැටෙන්නාහු වෙත් ද, කෙබඳු විතර්‍කයෝ යැ යත්: ‘කාමවිතර්‍ක යැ, ව්‍යාපාද විතර්‍ක යැ, විහිංසාවිතර්‍ක යි. මෙසේ මෙබඳු විතර්‍කයන් විතර්‍කණය නො කෙරෙමි’ යි කියා මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, යම් විතර්‍ක කෙනෙක් ආර්‍ය්‍ය වූවාහු නෛර්‍ය්‍යාණික වූවාහු ඒ විතර්‍කණ කරනුවන් මොනොවට දුක් කෙළවර කරනු පිණිස පමුණුවත් ද, කෙබඳු විතර්‍කයෝ යැ යත්: ‘නිෂ්කාමවිතර්‍ක යැ, අව්‍යාපාදවිතර්‍ක යැ, අවිහිංසාවිතර්‍ක යි. මෙසේ මෙබඳු විතර්‍කයන් විතර්‍කණ කෙරෙමි’ යි කියා මෙසෙයින් මෙහි සම්ප්‍රඥාන ඇති වෙයි.

පඤ‍්ච ඛො ඉමෙ ආනන්‍ද, කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො ආනන්‍ද, පඤ‍්චකාමගුණා, යත්‍ථ භික‍්ඛුනා අභික‍්ඛණං සකං චිත‍්තං පච‍්චවෙක‍්ඛිතබ‍්බං. අත්‍ථි නු ඛො මෙ ඉමෙසු පඤ‍්චසු කාමගුණෙසු අඤ‍්ඤතරස‍්මිං වා අඤ‍්ඤතරස‍්මිං වා ආයතනෙ උප‍්පජ‍්ජති චෙතසො සමුදාචාරොති. සචෙ ආනන්‍ද, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං පජානාති: අත්‍ථි ඛො මෙ ඉමෙසු පඤ‍්චසු කාමගුණෙසු අඤ‍්ඤතරස‍්මිං වා අඤ‍්ඤතරස‍්මිං වා ආයතනෙ උප‍්පජ‍්ජති චෙතසො සමුදාචාරොති. එවං සන‍්තමෙතං ආනන්‍ද, භික‍්ඛු එවං පජානාති: යො ඛො ඉමෙසු පඤ‍්චසු කාමගුණෙසු ඡන්‍දරාගො, සො මෙ අප‍්පහීනොති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. සචෙ පනානන්‍ද, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං පජානාති. නත්‍ථි ඛො මෙ ඉමෙසු පඤ‍්චසු කාමගුණෙසු අඤ‍්ඤතරස‍්මිං වා අඤ‍්ඤතරස‍්මිං වා ආයතනෙ උප‍්පජ‍්ජති චෙතසො සමුදාචාරොති, එවං සන‍්තමෙතං ආනන්‍ද, භික‍්ඛු එවං පජානාති: යො ඛො ඉමෙසු පඤ‍්චසු කාමගුණෙසු ඡන්‍දරාගො, සො මෙ පහීනොති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති.

ආනන්‍දය, මේ කාමගුණයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව අරමුණු කොට උපදනා කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ චක්‍ෂුර්විඥානයෙන් දැක්ක යුතු රූපයෝ යැ ... ශ්‍රෝතවිඥානයෙන් දතයුතු ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥානයෙන් වින්දයුතු රසයෝ යැ ... ඉෂ්ටාලම්බන වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව අරමුණු කොට උපදනා කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ කායවිඥානයෙන් දත යුතු ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. යම් කාමගුණයෙක මහණහු විසින් ‘මේ පස්කම් ගුණයෙහි යම් යම් කාමගුණයෙක උපදනා චිත්තසමුදාවාරයෙක් ඇද්දෝ’යි නිතර තම සිත ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු වේ ද, ආනන්‍දය, මේ ඒ පස්කම්ගුණයෝ යි. ආනන්‍දය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ නුවණින් දන්නේ වේ ද, කිසේ යැ යත්: ‘මේ පස්කම්ගුණයෙහි අන්‍යතර අන්‍යතර ගුණයෙක මාගේ චිත්තසමුදාවාරයෙක් උපදනේ ඇද්ද කියා යි. ආනන්‍දය, මහණ මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ මෙසේ නුවණින් දන්නේ යැ. කිසේ යැ යත්: ‘මේ පස්කම් ගුණයෙහි යම් ඡන්‍දරාගයෙක් වී නම් මට ඒ ප්‍රහීණ යයි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇත වෙයි. ආනන්‍දය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ නුවණින් දන්නේ වේ ද, කිසේ යැ යත්: ‘මේ පස්කම් ගුණයෙහි අන්‍යතර අන්‍යතර ආයතනයෙක් මාගේ චිත්තසමුදාවාරයෙක් නැත’ කියා යි. ආනන්‍දය, ඒ මහණ මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ මෙසේ නුවණින් දන්නේ ය: මේ පඤ්චකාමගුණයන් කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් වී නම්, ඒ මට ප්‍රහීණය කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.

පඤ‍්ච ඛො ඉමෙ ආනන්‍ද, උපාදානක‍්ඛන්‍ධා, යත්‍ථ භික‍්ඛුනා උදයබ‍්බයානුපස‍්සිනා විහාතබ‍්බං. ඉති රූපං ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථඞ‍්ගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්‍ථඞ‍්ගමො. ඉති සඤ‍්ඤා -පෙ- ඉති සඞ‍්ඛාරා -පෙ- ඉති විඤ‍්ඤාණං, ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථඞ‍්ගමොති. තස‍්ස ඉමෙසු පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු උදයබ‍්බයානුපස‍්සිනො විහරතො, යො පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු අස‍්මිමානො, සො පහීයති. එවං සන‍්තමෙතං ආනන්‍ද, භික‍්ඛු එවං පජානාති: යො ඛො ඉමෙසු පඤ‍්චසූපාදානක‍්ඛන්‍ධෙසු අස‍්මිමානො, සො මෙ පහීනොති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. ඉමෙ ඛො තෙ ආනන්‍ද, ධම‍්මා එකන‍්තකුසලායතිකා අරියා ලොකුත‍්තරා අනවක‍්කන‍්තා පාපිමතා.

ආනන්‍දය, මහණ යම් උපාදාන ස්කන්‍ධයෙක උදයව්‍යය නුවණින් දක්නාහු විසින් විසිය යුතු වේ ද, එබඳු මේ උපාදාන ස්කන්‍ධයෝ පස්දෙනෙකි. රූපය මෙසේ යැ, රූපසමුදය මෙසේ යැ, රූපයාගේ අස්තඞ්‍ගමය මෙසේ යැ, වේදනා මෙසේ යැ, වේදනා සමුදය මෙසේ යැ, වේදනාවගේ අස්තඞ්‍ගමය මෙසේ යැ, සංඥා මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥාන මෙසේ යැ, විඥානසමුදය මෙසේ යැ, විඥානයාගේ අස්තංගමය මෙසේ යැ’ යි කියා යි. මේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදයව්‍යය නුවණින් දක්මින් වාස කරන ඒ මහණහට පඤ්චෝපාදාන ස්කන්‍ධයෙහි යම් අස්මිමානයෙක් ඇද්ද, ඒ පහ වෙයි. ආනන්‍දය, මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ ඒ මහණ මෙසේ නුවණින් දනී: මේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි යම් අස්මිමානයෙක් වී ද, ඒ මට ප්‍රහීණය කියා යි. මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, ඒකාන්ත කුශලයෙන් පැමිණි නිකෙලෙස් වූ ලෝකයෙහි විශිෂ්ට වූ මරහු විසින් නො ඇක්මුණු ඒ දම්හු නම් මොහු ය:

තං කිං මඤ‍්ඤසි ආනන්‍ද, කං අත්‍ථවසං සම‍්පස‍්සමානො අරහති සාවකො සත්‍ථාරං අනුබන්‍ධිතුං අපි පණුජ‍්ජමානොති.

ආනන්‍දය, ඒ කෙසේ හඟනෙහි ද ශ්‍රාවකයා කිනම් අර්‍ත්‍ථයක් දක්මින් නෙරතුදු ශාස්තෘන් නුහුබඳනට නිසි වේ ද?

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා භගවංනෙත‍්තිකා භගවංපටිසරණා. සාධු වත භන‍්තෙ, භගවන‍්තංයෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො, භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තීති.

වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත. වහන්ස තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ නුබ වහන්සේට මැ වැටහේ නම් මනාමැනු, භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්‍ෂූහු ධරති’යි සැල කළෝ.

න ඛො ආනන්‍ද, අරහති සාවකො සත්‍ථාරං අනුබන්‍ධිතුං යදිදං සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං තස‍්ස හෙතු තං කිස‍්ස හෙතු: දීඝරත‍්තස‍්ස හි වො ආනන්‍ද, ධම‍්මා සුතා ධතා වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. යා ච ඛො අයං ආනන්‍ද, කථා අභිසල‍්ලෙඛිකා චෙතො විනීවරණසප‍්පායා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. සෙය්‍යථිදං: අප‍්පිච‍්ඡකථා සන‍්තුට‍්ඨිකථා පවිවෙකකථා අසංසග‍්ගකථා වීරියාරම‍්භකථා සීලකථා සමාධිකථා පඤ‍්ඤාකථා විමුත‍්තිකථා විමුත‍්තිඤාණදස‍්සනකථා. එවරූපියා ඛො ආනන්‍ද, කථාය හෙතු අරහති සාවකො සත්‍ථාරං අනුබන්‍ධිතුං අපි පණුජ‍්ජමානො.

ආනන්‍දය, ශ්‍රාවකයා සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය යන ඒ හේතු කොට ශාස්තෘන් වහන්සේ නුහුබඳනට නිසි වෙයි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, පැවිදි ව බොහෝ කල් ඇත්තහු විසින් පර්‍ය්‍යාප්තිධර්‍මයෝ අසන ලදහ, ධරන ලදහ, බසින් පුරුදු කරන ලදහ, සිතින් දක්නා ලදහ, ප්‍රඥායෙන් අවබෝධ කරන ලදහ. ආනන්‍දය, යම් ක්ලේශයන්ගේ තුනුබව කරන්නාහු චේතෝවිනීවරණයට සත්ප්‍රාය වූවාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශම පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත් ද, ඔහු කවරහ යත්: අල්පේච්ඡකථා යැ, සන්තුෂ්ටිකථා යැ, ප්‍රවිවෙකකථා යැ, අසංසර්‍ගකථා යැ, වීර්‍ය්‍යාරම්භකථා යැ, ශීලකථා යැ, සමාධිකථා යැ, ප්‍රඥාකථා යැ, විමුක්තිකථා යැ, විමුක්තිඥානදර්‍ශනකථා යැ යන මොහු යි. ආනන්‍දය, ශ්‍රාවකයා නෙරතුදු මෙවන් කථාහෙතුයෙන් ශාස්තෘන් වහන්සේ නුහුබැඳ යන්නට නිසි වෙයි.

එවං සන‍්තෙ ඛො ආනන්‍ද, ආචරියූපද‍්දවො හොති. එවං සන‍්තෙ අන‍්තෙවාසූපද‍්දවො හොති. එවං සන‍්තෙ බ්‍රහ‍්මචාරූපද‍්දවො හොති.

ආනන්‍දය, මෙසේ ආචාර්‍ය්‍යෝපද්‍රව වෙයි, මෙසේ වත් ම අන්තේවාසිකෝපද්‍රව වෙයි. මෙසේ වත් ම බ්‍රහ්මචාරූපද්‍රව වේ.

කථං චානන්‍ද, ආචරියූපද‍්දවො හොති: ඉධානන්‍ද, එකච‍්චො සත්‍ථා විවිත‍්තං සෙනාසනං භජති අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජං. තස‍්ස තථා වූපකට‍්ඨස‍්ස විහරතො අන්‍වාවට‍්ටන‍්ති බ්‍රාහ‍්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. සො අන්‍වාවට‍්ටන‍්තෙසු බ්‍රාහ‍්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච මුච‍්ඡති, නිකාමයති, ගෙධං ආපජ‍්ජති, ආවට‍්ටති බාහුල‍්ලාය. අයං වුච‍්චතානන්‍ද, උපද‍්දවො ආචරියො. ආචරියූපද‍්දවෙන අවධිංසු නං පාපකා අකුසලා ධම‍්මා සංකිලෙසිකා පොනොබ‍්භවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, එවං ඛො ආනන්‍ද, ආචරියූපද‍්දවො හොති.

ආනන්‍දය, කෙසේ ආචාර්‍ය්‍යෝපද්‍රව වේ යැ යත්: ආනන්‍දය, මෙලො වැ ඇතැම් ශාස්තෘවරයෙක් අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කඳුරැලි ය, ගිරිගුහා ය, ශ්මසාන ය, වන ප්‍රස්ථ ය, අභ්‍යවකාශ ය, පලාලපුඤ්ජ යයි විවික්ත ශායනාසන ඇසුරු කෙරෙයි. එසේ එකලා වැ වාස කරන ඔහු වෙත බමුණු ගැහැවියෝ ද නියම්ගම්වැස්සෝ ද දනව්වැස්සෝ ද එළැඹෙත්. හේ බමුණු ගැහැවියනුදු නියම්ගම්වැස්සනුදු දනව්වැස්සනුදු එළැඹෙන කල තෘෂ්ණායෙන් මූර්ඡිත වෙයි නිකාම කෙරෙයි, ගිජුබවට පැමිණෙයි, ප්‍රත්‍යයබාහුල්‍යයට වැටෙයි. ආනන්‍දය, මේ ආචාර්‍ය්‍යෝපද්‍රව යයි කියනු ලැබේ. ආචාර්‍ය්‍යෝපද්‍රව හේතුයෙන් සංක්ලේශයට හිත වූ පුනර්‍භවය පිණිස පවත්නා දරථ සහිත දුඃඛවිපාක ඇති මතුයෙහි ජාතිජරාමරණයට හිත වූ පාපක අකුශලධර්‍මයෝ ඒ ආචාර්‍ය්‍යවරයා ගුණ මරණයෙන් මැරූහ. ආනන්‍දය, මෙසේ ආචාර්‍ය්‍යයාහට උපද්‍රව වෙයි.

කථං චානන්‍ද, අන‍්තෙවාසූපද‍්දවො හොති: තස‍්සෙව ඛො පනානන්‍ද, සත්‍ථු සාවකො තස‍්ස සත්‍ථු විවෙකමනුබ්‍රූහයමානො විවිත‍්තං සෙනාසනං භජති අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජං. තස‍්ස තථා වූපකට‍්ඨස‍්ස විහරතො අන්‍වාවට‍්ටන‍්ති බ්‍රාහ‍්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. යො අන්‍වාවට‍්ටන‍්තෙසු බ්‍රාහ‍්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච මුච‍්ඡති, නිකාමයති, ගෙධං ආපජ‍්ජති, ආවට‍්ටති බාහුල‍්ලාය. අයං වුච‍්චතානන්‍ද, උපද‍්දවො අන‍්තෙවාසී. අන‍්තෙවාසූපද‍්දවෙන අවධිංසු නං පාපකා අකුසලා ධම‍්මා සංකිලෙසිකා පොනොබ‍්භවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො ආනන්‍ද, අන‍්තෙවාසූපද‍්දවො හොති.

ආනන්‍දය, කිසෙයින් අන්තේවාසිකෝපද්‍රව වේ යැ යත්: ආනන්‍දය, ඒ ශාස්තෘහුගේ මැ සව්වෙක් ඒ ශාස්තෘහුගේ විවේකය අනුව වඩනුයේ අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කඳුරු ය, ගිරිලෙන, සොහොන, වනපෙත, අභ්‍යවකාශ ය, පිදුරුකිළිය යන සෙනසුන් ඇසුරු සෙවෙයි. එසෙයින් එකලා වැ වාස කරන ඔහු වෙත බමුණු ගැහැවියන් හා නියම්ගම් වැස්සෝ ද දනව්වැස්සෝ ද එළැඹෙති. හේ බමුණු ගැහැවියන් හා නියම්ගම් වැස්සනුදු දනව්වැස්සනුදු එළැඹෙත් ම තෘෂ්ණාමුච්ඡායෙන් මුසපත් වෙයි, නිකාම කෙරෙයි, ගිජුබවට පැමිණෙයි, බාහුල්‍යයට වැටෙයි. ආනන්‍දය, මේ අන්තේවාසිකෝපද්‍රව යයි කියනු ලැබේ. අන්තේවාසිකෝපද්‍රව හේතුයෙන් කෙලෙසන පුනර්‍භවය කරන දරථ සහිත දුඃඛවිපාක දෙන මතුයෙහි ජාතිජරාමරණ උදාකරන ලාමක අකුසලදහම්හු ඒ අතවැස්සා ගුණමරණයෙන් මැරූහ. ආනන්‍දය, මෙසේ අන්තේවාසිකෝපද්‍රව වෙයි.

කථං චානන්‍ද, බ්‍රහ‍්මචාරූපද‍්දවො හොති: ඉධානන්‍ද, තථාගතො ලොකෙ උප‍්පජ‍්ජති අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. සො විවිත‍්තං සෙනාසනං භජති අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජං. තස‍්ස තථා වූපකට‍්ඨස‍්ස විහරතො අන්‍වාවට‍්ටන‍්ති බ්‍රාහ‍්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. සො අන්‍වාවට‍්ටන‍්තෙසු බ්‍රාහ‍්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච න මුච‍්ඡති, න නිකාමයති, න ගෙධං ආපජ‍්ජති. න ආවට‍්ටති බාහුල‍්ලාය. තස‍්සෙව ඛො පනානන්‍ද, සත්‍ථු සාවකො තස‍්ස සත්‍ථු විවෙකමනුබ්‍රූහයමානො විවිත‍්තං සෙනාසනං භජති අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජං. තස‍්ස තථා වූපකට‍්ඨස‍්ස විහරතො අන්‍වාවට‍්ටන‍්ති බ්‍රාහ‍්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. සො අන්‍වාවට‍්ටන‍්තෙසු බ්‍රාහ‍්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච මුච‍්ඡති, නිකාමයති, ගෙධං ආපජ‍්ජති. ආවට‍්ටති බාහුල‍්ලාය. අයං වුච‍්චතානන්‍ද, උපද‍්දවො බ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරූපද‍්දවෙන අවධිංසු නං පාපකා අකුසලා ධම‍්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො ආනන්‍ද, බ්‍රහ‍්මචාරූපද‍්දවො හොති.

ආනන්‍දය, කෙසේ බ්‍රහ්මචාරී උපද්‍රව වේ යැ යත්: ආනන්‍දය, මෙලොවැ අර්‍හත්, සම්‍යක්සම්බුද්ධ, විද්‍යාචරණසම්පන්න, සුගත වූ, ලෝකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ, චතුස්සත්‍යාවබෝධ කළ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ උපදනා සේක. ඔබ අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කන්‍දර ය, ගහ්වර ය, ශ්මසාන ය, වනප්‍රස්ථ ය, අභ්‍යවකාශ ය, පලාලපුඤ්ජ යයි විවික්ත ශායනාසන සෙවුති. එසේ එකලා ව වාස කරන ඔබ වෙත බමුණුගැහැවියෝ ද නියම්ගම්වැස්සෝ ද දනව්වැස්සෝ ද පැමිණෙති. ඔබ බමුණු ගැහැවියනුදු නියම්ගම් වැසියනුදු දනව්වැසියනුදු පැමිණෙන කල මූර්ච්ඡිත නො වෙති, නිකාම නො කෙරෙති, ගේධයට නො පැමිණෙති, බාහුල්‍යයට නො වැටෙත්. ආනන්‍දය, ඒ තථාගත ශාස්තෘන්ගේ මැ සව්වෙක් ඒ ශාස්තෘන්ගේ විවේකය වඩන්නේ අරණ, රුක්මුල, පව්, කඳුරු, ලෙන, සොහොන, වනපෙත, එළිමහන, පිදුරුකිළි යයි ජනසුන් සෙනසුන් සෙවී. එසේ එකලා වැ වාස කරන ඔහු වෙත බ්‍රාහ්මණ ගෘහපතියෝ ද නිගමවාසීහු ද ජනපදවාසීහු ද පැමිණෙති. හේ බ්‍රාහ්මණ ගෘහපතියනුදු නිගමවාසීනුදු ජනපදවාසීනුදු පැමිණෙත් ම තෘෂ්ණාමුච්ඡායෙන් මූර්ච්ඡිත වෙයි, නිකාම කෙරෙයි, ගේධයට පැමිණෙයි, බාහුල්‍යයට වැටෙයි. ආනන්‍දය, මේ බ්‍රහ්මචාරීඋපද්‍රව යයි කියනු ලැබේ. බ්‍රහ්මචාරී උපද්‍රව හේතුයෙන් සංක්ලේශයට හිත වූ පුනර්‍භවයට වැටෙන සදර වූ දුඃඛවිපාක වූ මතු ජාතිජරාමරණයට කරුණු වූ ලමු අකුසලදහම්හු ඒ බ්‍රම්සරහු ගුණමරණයෙන් මැරූහ.

තත්‍රානන්‍ද, යො චෙවායං ආචරියූපද‍්දවො යො ච අන‍්තෙවාසූපද‍්දවො, අයං තෙහි බ්‍රහ‍්මචාරූපද‍්දවො දුක‍්ඛවිපාකතරො චෙව කටුකවිපාකතරො ච, අපි ච විනිපාතාය සංවත‍්තති.

ආනන්‍දය, එහි යම් ආචාර්‍ය්‍යෝපද්‍රවයෙක් ඇද්ද, යම් අන්තෙවාසිකොපද්‍රවයෙක් ඇද්ද, ඒ උපද්‍රවයනට වඩා මේ බ්‍රහ්මචාරීඋපද්‍රවය දුඃඛවිපාකතර වෙයි. කටුකවිපාකතර ද වෙයි. තවද විනිපාතයට වැටෙයි.

තස‍්මාතිහ මං ආනන්‍ද, මිත‍්තවතාය සමුදාචරථ, මා සපත‍්තවතාය. තං වො භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛාය.

ආනන්‍දය, එකරුණෙන් මා මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කරව, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කරව, එය තොපට දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වෙයි.

කථං චානන්‍ද, සත්‍ථාරං සාවකා සපත‍්තවතාය සමුදාචරන‍්ති නො මිත‍්තවතාය: ඉධානන්‍ද, සත්‍ථා සාවකානං ධම‍්මං දෙසෙති අනුකම‍්පකො හිතෙසී අනුකම‍්පං උපාදාය ඉදං වො හිතාය ඉදං වො සුඛායාති. තස‍්ස සාවකා න සුස‍්සූසන‍්ති, න සොතං ඔදහන‍්ති, න අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙන‍්ති. වොක‍්කම‍්ම ච සත්‍ථුසාසනා වත‍්තන‍්ති. එවං ඛො ආනන්‍ද, සත්‍ථාරං සාවකා සපත‍්තවතාය සමුදාචරන‍්ති නො මිත‍්තවතාය.

ආනන්‍දය, කෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති යත්: මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙතී යත්: ‘ආනන්‍දය, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇති වැ හිතෛෂී වැ අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති. ‘මෙය තොපට හිතපිණිස ය, මෙය තොපට සුව පිණිස ය කියා යි. සව්වෝ ඔබගේ වචනය නො අසනු කැමැති වෙති, කන් නො නතු කෙරෙති, දැනගනුවට සිත නො එළවති, ශාස්තෘශාසනයෙන් ඉවත් වැ වැටෙත්. ආනන්‍දය, මෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති. මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙත්.

කථඤ‍්චානන්‍ද, සත්‍ථාරං සාවකා මිත‍්තවතාය සමුදාචරන‍්ති නො සපත‍්තවතාය: ඉධානන්‍ද, සත්‍ථා සාවකානං ධම‍්මං දෙසෙති අනුකම‍්පකො හිතෙසී අනුකම‍්පං උපාදාය: ඉදං වො හිතාය ඉදං වො සුඛායාති. තස‍්ස සාවකා සුස‍්සූසන‍්ති, සොතං ඔදහන‍්ති, අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙන‍්ති, න ච වොක‍්කම සත්‍ථුසාසනා වත‍්තන‍්ති.

ආනන්‍දය, කෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති යත්: වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙතී යත්: ‘ආනන්‍දය, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පක ව හිතෛෂී ව අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති. ‘මෙය තොපට හිත පිණිස ය, මෙය තොපට සුව පිණිස ය කියා’ යි. සව්වෝ ඔබගේ වචනය අසනු කැමැති වෙති, කන් නතු කෙරෙති, දැනගන්නට සිත එළවති, ශාස්තෘශාසනයෙන් ඉවත් ව නො ද වැටෙත්.

එවං ඛො ආනන්‍ද, සත්‍ථාරං සාවකා මිත‍්තවතාය සමුදාචරන‍්ති, නො සපත‍්තවතාය. තස‍්මාතිහ මං ආනන්‍ද, මිත‍්තවතාය සමුදාචරථ, මා සපත‍්තවතාය. තං වො භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛාය. න ඛො අහං ආනන්‍ද, තථා පරක‍්කමිස‍්සාමි. යථා කුම‍්භකාරො ආමකෙ ආමකමත‍්තෙ. නිග‍්ගය‍්හ නිග‍්ගය‍්හාහං ආනන්‍ද, වක‍්ඛාමි. පවය‍්හ ආනන්‍ද, පවය‍්හ වක‍්ඛාමි. යො සාරො සො ඨස‍්සතීති.

ආනන්‍දය, මෙසෙයින් සව්වෝ ශාස්තෘන් වහන්සේ මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙත්. ආනන්‍දය, එකරුණෙන් මා මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කරව, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කරව, එය තොපට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වෙයි. ආනන්‍දය, යම් පරිදි කුම්භකාරයෙක් අපක්ව වූ අමු මැටිබඳුනෙහි ක්‍රියා කෙරේ ද, මම එපරිදි නො පිළිපදිමි. ආනන්‍දය, මම පුනපුනා නිග්‍රහ කොට කියමි. ආනන්‍දය, දොස් පුනපුනා නෙර කියමි. යම් සාරයෙක් ඇද්ද, ඒ සිටුනේය කියා යි.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා ආනන්‍දො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මේ මහාසුඤ්ඤත සුත වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

මහාසුඤ‍්ඤත සුත‍්තං දුතියං.

දෙවැනි මහාසුඤ්ඤතසූත්‍ර යි.