මහාසුඤ්ඤත සුත්තවණ්ණනා අට්ඨකථා
මහාසුඤ්ඤත සුත්තවණ්ණනා
මහාසුඤ්ඤත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාසුඤ්ඤතසුත්තං. තත්ථ කාළඛෙමකස්සාති ඡවිවණ්ණෙන සො කාළො, ඛෙමකොති පනස්ස නාමං. විහාරොති තස්මිංයෙව නිග්රොධාරාමෙ එකස්මිං පදෙසෙ පාකාරෙන පරික්ඛිපිත්වා ද්වාරකොට්ඨකං මාපෙත්වා හංසවට්ටකාදිසෙනාසනානි චෙව මණ්ඩලමාළභොජනසාලාදීනි ච පතිට්ඨපෙත්වා කතො විහාරො. සම්බහුලානි සෙනාසනානීති මඤ්චො පීඨං භිසිබිම්බොහනං තට්ටිකා චම්මඛණ්ඩො තිණසන්ථාරො පණ්ණසන්ථාරො පලාලසන්ථාරොතිආදීනි පඤ්ඤත්තානි හොන්ති, මඤ්චෙන මඤ්චං…පෙ… පලාලසන්ථාරෙනෙව පලාලසන්ථාරං ආහච්ච ඨපිතානි, ගණභික්ඛූනං වසනට්ඨානසදිසං අහොසි.
එවම්මෙසුතන්ති මහාසුඤ්ඤතා සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි කාළඛෙමකස්සාති ශරීර වර්ණයෙන් ඔහු කලුය. ඛෙමකොති ඔහුගේ නමයි. විහාරොති ඒ නිග්‍රෝධාරාමයේ ම එක් පෙදෙසක පවුරකින් වට කොට දොරකොටු මවා හංසවට්ටක ආදී සෙනසුන් ද මණ්ඩලමාල භෝජනශාලා ආදිය ද පිහිටුවා කරන ලද විහාරයයි. සම්බහුලානි සෙනාසනාතීති ඇඳ පුටු මේ කොට්ට තැටි පත්කඩ තණ ඇතිරිලි පිදුරු ඇතිරිලි ආදිය පණවන ලද්දාහු වෙත්. ඇඳෙන් ඇඳ -පෙ- පිදුරු ඇතිරිල්ලෙන් පිදුරු ඇතිරිල්ල පැතිර තබන ලද්දාහු සමූහ භික්ෂූන්ගේ වාසය කරන තැන හා සමාන විය.
සම්බහුලා නු ඛොති භගවතො බොධිපල්ලඞ්කෙයෙව සබ්බකිලෙසානං සමුග්ඝාටිතත්තා සංසයො නාම නත්ථි, විතක්කපුබ්බභාගා පුච්ඡා, විතක්කපුබ්බභාගෙ චායං නුකාරො නිපාතමත්තො. පාටිමත්ථකං ගච්ඡන්තෙ අවිනිච්ඡිතො නාම න හොති. ඉතො කිර පුබ්බෙ භගවතා දස ද්වාදස භික්ඛූ එකට්ඨානෙ වසන්තා න දිට්ඨපුබ්බා.
සම්බහුලානුඛොති බුදුරදුන් බෝ මැඩදීම සියලු කෙලෙස් සහමුලින් නැසූ නිසා සැකයක් නම් නැත. විතර්ක පූර්වභාග ප්‍රශ්න විතර්ක පූර්වභාග ම වෙයි. නු කාරය නිපාත මාත්‍රයකි. ප්රාප්ති මස්තකයට යන්නේ අවිනිශ්චිත නම් නොවෙයි. මෙයින් පෙර වනාහි බුදුරදුන් විසින් දහය දොළහ බැගින් භික්ෂූන් එක තැන වාසය කරන බව නොදක්නා ලදි.
අථස්ස එතදහොසි – ගණවාසො නාමායං වට්ටෙ ආචිණ්ණසමාචිණ්ණො නදීඔතිණ්ණඋදකසදිසො, නිරයතිරච්ඡානයොනිපෙත්තිවිසයාසුරකායෙසුපි, මනුස්සලොක-දෙවලොකබ්රහ්මලොකෙසුපි ගණවාසොව ආචිණ්ණො. දසයොජනසහස්සො හි නිරයො තිපුචුණ්ණභරිතා නාළි විය සත්තෙහි නිරන්තරො, පඤ්චවිධබන්ධනකම්මකාරණකරණට්ඨානෙ සත්තානං පමාණං වා පරිච්ඡෙදො වා නත්ථි, තථා වාසීහි තච්ඡනාදිඨානෙසු, ඉති ගණභූතාව පච්චන්ති.
ඉක්බිතිව උන්වහන්සේට මෙබඳු සිතක් විය. මේ සමූහ වාසය නම් සසර ආචීර්ණ සමාවීර්ණය. ගංගාවට බැසගත් ජලය හා සමානය. නරකය, තිරිසන් යෝනිය, ප්‍රේතවිෂය, අසුරකාය යන මේ තැන්හි ද මනුෂ්‍යලෝක. දිව්‍යලෝක. බ්‍රහ්මලෝක යන ස්ථානයන්හි ද සමූහ වාසය ආචීර්ණය. යොදුන් දසදහසක් වූ නරකය ඊයම් සුණුවලින් බරිතය. නැළි වැනිය. සතුන් ගෙන් අතරක් නැත. පස්වැදෑරුම් බැඳුම් කරන ස්ථානයෙහි සතුන්ගේ ප්‍රමාණයක් හෝ පිරිසිඳීමක් හෝ නැත. ආයුධවලින් සිඳීම කරන තැන්හි ද එසේමය. මෙසේ ගණභූතව හෙවත් සමූහ වශයෙන් පැසෙත්.
තිරච්ඡානයොනියං එකස්මිං වම්මිකෙ උපසිකානං පමාණං වා පරිච්ඡෙදො වා නත්ථි, තථා එකෙකබිලාදීසුපි කිපිල්ලිකාදීනං. තිරච්ඡානයොනියම්පි ගණවාසොව. පෙතනගරානි ච ගාවුතිකානි අඩ්ඪයොජනිකානිපි පෙතභරිතානි හොන්ති. එවං පෙත්තිවිසයෙපි ගණවාසොව. අසුරභවනං දසයොජනසහස්සං කණ්ණෙ පක්ඛිත්තසූචියා කණ්ණබිලං විය හොති. ඉති අසුරකායෙපි ගණවාසොව. මනුස්සලොකෙ සාවත්ථියං සත්තපණ්ණාස කුලසතසහස්සානි, රාජගහෙ අන්තො ච බහි ච අට්ඨාරස මනුස්සකොටියො වසිංසු. එවං අඤ්ඤෙසුපි ඨානෙසූති මනුස‍්සලොකෙපි ගණවාසොව. භුම්මදෙවතා ආදිං කත්වා දෙවලොකබ්රහ්මලොකෙසුපි ගණවාසොව. එකෙකස්ස හි දෙවපුත්තස්ස අඩ්ඪතියා නාටකකොටියො හොන්ති, නවපි කොටියො හොන්ති, එකට්ඨානෙ දසසහස්සාපි බ්රහ්මානො වසන්ති.
තිරිසන් යෝනියෙහි එක තුඹසක වේයන්ගේ පිරිසිඳීමක් නැත. එක බිලයක ආදියෙහි ද කුහුඹු ආදීන්ගේ තිරිසන් යෝනියෙහි ද සමූහ විසීම එසේමය. ප්‍රේත නගරයන් ද ගව්ව ආදිය ද අර්ධ යොදුන් වූ ද ප්රේබරිත වෙත්. ප්‍රේතවිෂයෙහි සමූහ වාසය ද මෙසේය. අසුරභවන යොදුන් දසදහසකි. කණෙහි ගසන ලද හිසෙන් කණ බිලය මෙන් වෙයි. මෙසේ අසුරභවනෙහි සමූහ වාසය වෙයි. මිනිස්ලොව සැවැත්නුවර පණස්හත් ලක්ෂයක් කුලයන් ද රජගහනුවර ඇතුළත හා පිටත දහඅට කෝටියක් මනුෂ්‍යයෝ ද විසූහ. මනුෂ්‍යලෝකයෙහි වෙනත් තැන්වලත් සමූහ වාසය මෙසේමය. භූමාටු දෙවියන් ආදි කොට දෙව්ලොවත් බඹලොවත් සමූහ වාසය සමානය. එක එක දිව්‍යපුත්‍රයාට නළඟනෝ කෝටි දෙකහමාරක් වෙත්. කෝටි නවයක් වෙත්. එක්තැනක දසදහසක් බ්‍රහ්මයෝ වාසය කරත්.
තතො චින්තෙසි – “මයා සතසහස්සකප්පාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි ගණවාසවිද්ධංසනත්ථං දස පාරමියො පූරිතා, ඉමෙ ච භික්ඛූ ඉතො පට්ඨායෙව ගණං බන්ධිත්වා ගණාභිරතා ජාතා අනනුච්ඡවිකං කරොන්තී”ති. සො ධම්මසංවෙගං උප්පාදෙත්වා පුන චින්තෙසි – “සචෙ ‘එකට්ඨානෙ ද්වීහි භික්ඛූහි න වසිතබ්බ’න්ති සක්කා භවෙය්ය සික්ඛාපදං පඤ්ඤපෙතුං, සික්ඛාපදං පඤ්ඤාපෙය්යං, න ඛො පනෙතං සක්කා. හන්දාහං මහාසුඤ්ඤතාපටිපත්තිං නාම සුත්තන්තං දෙසෙමි, යං සික්ඛාකාමානං කුලපුත්තානං සික්ඛාපදපඤ්ඤත්ති විය නගරද්වාරෙ නික්ඛිත්තසබ්බකායිකආදාසො විය ච භවිස්සති. තතො යථා නාමෙකස්මිං ආදාසෙ ඛත්තියාදයො අත්තනො වජ්ජං දිස්වා තං පහාය අනවජ්ජා හොන්ති, එවමෙවං මයි පරිනිබ්බුතෙපි පඤ්චවස්සසහස්සානි ඉමං සුත්තං ආවජ්ජිත්වා ගණං විනොදෙත්වා එකීභාවාභිරතා කුලපුත්තා වට්ටදුක්ඛස්ස අන්තං කරිස්සන්තී”ති. භගවතො ච මනොරථං පූරෙන්තා විය ඉමං සුත්තං ආවජ්ජිත්වා ගණං විනොදෙත්වා වට්ටදුක්ඛං ඛෙපෙත්වා පරිනිබ්බුතා කුලපුත්තා ගණනපථං වීතිවත්තා.
එහෙයින් සිතීය. මාවිසින් කල්ප ලක්ෂයක් අධික කොට ඇති සාරාසංඛෙය්යයක් සමූහ වාසය නැති කිරීම පිණිස පාරමි පුරන ලදි. මේ භික්ෂූන් ද මෙතැන් පටන් සමූහයා කෙරෙහි බැඳී සමූහයා කෙරෙහි ඇලුණේ විය. භික්ෂූහු නුසුදුස්සක් කරත්. උන්වහන්සේ ධර්ම සංවේගය උපදවා නැවත මෙසේ සිතීය. ඉදින් එක ස්ථානයක භික්ෂූන් දෙදෙනෙක් නොවිසිය යුතුයැයි ශික්ෂාපදයක් පණවන්නට හැකි වන්නේය. ශික්ෂාපද පණවන්නෙමියි මෙය හැකි නොවෙයි. ඒකාන්තයෙන් මම මහාසුඤ්ඤතා ප්‍රතිපත්ති නම් සූත්‍රය දේශනා කරමි. ශික්ෂාකාමී සර්වකායික ආදාසයක් මෙන් වන්නේය. එහෙයින් යම් එක කාණ්ඩයෙහි නම් ඇති ක්ෂත්රීය ආදීහු තමන්ගේ වරද දැක එය හැර නිවැරදි අය වෙත්. එසේම මා පිරිනිවි කල්හි අවුරුදු පන්දහසක් කල් මේ සූත්‍රය ආවර්ජනය කොට සමූහයා පහකොට තනිව වාසය කිරීමෙහි ඇලුණු කුලපුත්‍රයෝ සසර දුක ගෙවා කෙළවර කරන්නාහ. බුදුරදුන්ගේ මනදොල පුරන්නාක් මෙන් මේ සූත්‍රය ආවර්ජනය කොට සමූහයා සසර දුක ගෙවා පිරිනිවි කුලපුත්‍රයන්ගේ ගණනක් නම් නැත.
වාලිකපිට්ඨිවිහාරෙපි හි ආභිධම්මිකඅභයත්ථෙරො නාම වස්සූපනායිකසමයෙ සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං ඉමං සුත්තං සඤ්ඣායිත්වා “සම්මාසම්බුද්ධො එවං කාරෙති, මයං කිං කරොමා”ති ආහ. තෙ සබ්බෙපි අන්තොවස්සෙ ගණං විනොදෙත්වා එකීභාවාභිරතා අරහත්තං පාපුණිංසු. ගණභෙදනං නාම ඉදං සුත්තන්ති.
වාලිකපිට්ඨි විහාරයෙහි ආභිධම්මික අභය තෙරුන් වහන්සේ වසන කාලයෙහි බොහෝ භික්ෂූන් සමඟ මේ සූත්‍රය සජ්ඣායනය කොට බුදුරදුන් මෙසේ කරවති. අපි කුමක් කරමුදැයි කීය. ඒ සියල්ලෝම ඇතුළු වසෙහි සමූහයා හැර හුදකලා වූවාහු රහත්භාවයට පැමිණියාහ. ගණභේදය නම් මේ සූත්‍රයයි.
ඝටායාති එවංනාමකස්ස සක්කස්ස. විහාරෙති අයම්පි විහාරො නිග්රොධාරාමස්සෙව එකදෙසෙ කාළඛෙමකස්ස විහාරො විය කතොති වෙදිතබ්බො. චීවරකම්මන්ති ජිණ්ණමලිනානං අග්ගළට්ඨානුප්පාදනධොවනාදීහි කතපරිභණ්ඩම්පි, චීවරත්ථාය උප්පන්නවත්ථානං විචාරණසිබ්බනාදීහි අකතං සංවිධානම්පි වට්ටති, ඉධ පන අකතං සංවිධානං අධිප්පෙතං. මනුස්සා හි ආනන්දත්ථෙරස්ස චීවරසාටකෙ අදංසු. තස්මා ථෙරො සම්බහුලෙ භික්ඛූ ගහෙත්වා තත්ථ චීවරකම්මං අකාසි. තෙපි භික්ඛූ පාතොව සූචිපාසකස්ස පඤ්ඤායනකාලතො පට්ඨාය නිසින්නා අපඤ්ඤායනකාලෙ උට්ඨහන්ති. සූචිකම්මෙ නිට්ඨිතෙයෙව සෙනාසනානි සංවිදහිස්සාමාති න සංවිදහිංසු. චීවරකාරසමයො නොති ථෙරො කිර චින්තෙසි – “අද්ධා එතෙහි භික්ඛූහි න පටිසාමිතානි සෙනාසනානි, භගවතා ච දිට්ඨානි භවිස්සන්ති. ඉති අනත්තමනො සත්ථා සුට්ඨු නිග්ගහෙතුකාමො, ඉමෙසං භික්ඛූනං උපත්ථම්භො භවිස්සාමී”ති; තස්මා එවමාහ. අයං පනෙත්ථ අධිප්පායො – “න, භන්තෙ, ඉමෙ භික්ඛූ කම්මාරාමා එව, චීවරකිච්චවසෙන පන එවං වසන්තී”ති.
ඝටායාති මෙනම් ඇති ශාක්‍යයාගේ විහාරෙති මේ විහාරය ද නිග්‍රෝධාරාමයේ එක් පෙදෙසක කාළඛේමගේ විහාරය මෙන් කරන ලද්දේ යැයි දත යුතුයි. චීවරකම්මන්ති දිරූ කිළිටු වූ සිවුරුවල අණ්ඩ දැමීම් සේදීම් ආදියෙන් කළ දෙය ද සිවුරු පිණිස ලැබූ වස්ත්‍රයන්ගේ මැසීම් කඩකැපීම් ආදි නොකරන ලද විධානය ද පවත්වයි. මෙහි නොකරන ලද සංවිධානය අදහස් කරන ලදි. මිනිස්සු අනඳ තෙරුන්ට සිවුරු සඳහා සළු දුන්හ. එහෙයින් තෙරුන් වහන්සේ බොහෝ භික්ෂූන් ගෙන එහි සිවුරු කර්මය කළේය. ඒ භික්ෂූන් ද උදෑසන ඉදිකටු පාර පෙනෙන කාලයේ පටන් හුන්නාහු නොපෙනෙන කාලයේ නැගිටිත්. ඉදිකටු කර්මය නිමි කල්හි ම අපේ සිවුරු කරන කාලය යැයි සෙනසුන් සංවිධානය කරන්නෙමුයි සංවිධානය නොකළහ. තෙරුන් වහන්සේ සිතූහ. ඒකාන්තයෙන් මේ භික්ෂූන් විසින් සෙනසුන් පිළියෙල නොකරන ලදි. බුදුරදුන් විසින් ම දක්නා ලද්දාහු වෙත් යැයි නොසතුටු විය. ශාස්තෘන් වහන්සේ මනාකොට නිගාකරනු කැමැත්තේ මේ භික්ෂූන්ට උපකාර වන්නෙමියි එහෙයින් මෙය කීහ. මෙහි මේ අදහසයි. ස්වාමීනි, මේ භික්ෂූහු කටයුතුවල ඇලුනෝ නොවෙත්. සිවුරු කෘත්‍ය වශයෙන් මෙසේ වාසය කරයි.
න ඛො, ආනන්දාති, ආනන්ද, කම්මසමයො වා හොතු අකම්මසමයො වා, චීවරකාරසමයො වා හොතු අචීවරකාරසමයො වා, අථ ඛො සඞ්ගණිකාරාමො භික්ඛු න සොභතියෙව. මා ත්වං අනුපත්ථම්භට්ඨානෙ උපත්ථම්භො අහොසීති. තත්ථ සඞ්ගණිකාති සකපරිසසමොධානං. ගණොති නානාජනසමොධානං. ඉති සඞ්ගණිකාරාමො වා හොතු ගණාරාමො වා, සබ්බථාපි ගණබාහුල්ලාභිරතො ගණබන්ධනබද්ධො භික්ඛු න සොභති. පච්ඡාභත්තෙ පන දිවාට්ඨානං සම්මජ්ජිත්වා සුධොතහත්ථපාදො මූලකම්මට්ඨානං ගහෙත්වා එකාරාමතමනුයුත්තො භික්ඛු බුද්ධසාසනෙ සොභති. නෙක්ඛම්මසුඛන්ති කාමතො නික්ඛන්තස්ස සුඛං. පවිවෙකසුඛම්පි කාමපවිවෙකසුඛමෙව. රාගාදීනං පන වූපසමත්ථාය සංවත්තතීති උපසමසුඛං. මග්ගසම්බොධත්ථාය සංවත්තතීති සම්බොධිසුඛං. නිකාමලාභීති කාමලාභී ඉච්ඡිතලාභී. අකිච්ඡලාභීති අදුක්ඛලාභී. අකසිරලාභීති විපුලලාභී.
න ඛො ආනන්දාති ආනන්දයෙනි, කටයුතු කරන කාලයෙහි හෝ වේවා නොකරන කාලයෙහි හෝ වේවා සිවුරු කරන කාලයෙහි හෝ වේවා සිවුරුනොවන දේ කරන කාලයෙහි හෝ වේවා සංගණිකාරාමය භික්ෂූන්ට නොහොබියි. නුඹ උපකාර නොවන තැන උපකාර නොවෙහිය. එහි සංගණිකාති ස්වකීය පිරිස හා එක්වීමයි. ගණොති නොයෙක් නොයෙක් දෙනාගේ එක්වීමයි. මෙසේ සංගණිකාරාමය වේවා ගණාරාමය හෝ වේවා සියලු ආකාරයෙන් ගණබාහුල්යයෙහි ඇලුණු ගණ බැඳුමෙන් බැඳුණු භික්ෂුව නොහොබියි. පසුබත් කාලයෙහි දිවා ස්ථානය ඇමද සෝදන ලද අත් පා ඇතිව මූලකමටහන ගෙන හුදකලා වාසයෙහි ඇලුණු භික්ෂුව බුදුසසුන බබළයි. නෙක්ඛම්මසුඛන්ති කාමයෙන් නික්මෙන්නහුගේ සැපය. පවිවෙකසුඛම්පි කාමයන්ගේ සංසිඳීම පිණිස පවතින සැපය. රාගාදීන්ගේ වූපසමනය පිණිස පවතින්නේ උපසමසුඛං මාර්ග අවබෝධය පිණිස පවතින්නේ සම්බොධසුඛං නිකාමලාභීති කැමැති දෙය ලැබීම. අකිච්ඡලාභීති දුක නැතිබව ලැබීම. අකසිරලාභීති බොහෝ ලැබීම.
සාමායිකන්ති අප්පිතප්පිතසමයෙ කිලෙසෙහි විමුත්තං. කන්තන්ති මනාපං. චෙතොවිමුත්තින්ති රූපාරූපාවචරචිත්තවිමුත්තිං. වුත්තඤ්හෙතං – “චත්තාරි ච ඣානානි චතස්සො ච අරූපසමාපත්තියො, අයං සාමායිකො විමොක්ඛො”ති (පටි· ම· 1.213). අසාමායිකන්ති න සමයවසෙන කිලෙසෙහි විමුත්තං, අථ ඛො අච්චන්තවිමුත්තං ලොකුත්තරං වුත්තං. වුත්තඤ්හෙතං – “චත්තාරො ච අරියමග්ගා චත්තාරි ච සාමඤ්ඤඵලානි, අයං අසාමායිකො විමොක්ඛො”ති. අකුප්පන්ති කිලෙසෙහි අකොපෙතබ්බං.
සාමයිකන්ති අර්පිත අර්පිත කාලයෙහි කෙලෙසුන්ගෙන් මිදීම. කන්තන්ති මනාප වූ. චෙතො විමුත්තින්ති රූප අරූප සිතේ මිදීමයි. එහෙයින් මෙය කියන ලදි. ධ්‍යාන හතරයි. අරූප සමාපත්ති හතරයි. මෙය සාමයිකො විමොඛොති අසාමයිකන්ති කාල වශයෙන් කෙලෙසුන්ගෙන් මිදීම නොවෙයි. අතිශයින් මිදීම ලෝකෝත්තර බවයි. එහෙයින් කියන ලදි. ආර්යමාර්ග හතරයි. ශ්‍රමණඵල හතරයි. මේ සාමයික නොවන විමෝක්ෂයයි. අකුප්පන්ති කෙලෙසුන්ගෙන් කෝප නොවීමයි.
එත්තාවතා කිං කථිතං හොති? සඞ්ගණිකාරාමො භික්ඛු ගණබන්ධනබද්ධො නෙව ලොකියගුණං, න ච ලොකුත්තරගුණං නිබ්බත්තෙතුං සක්කොති, ගණං විනොදෙත්වා පන එකාභිරතො සක්කොති. තථා හි විපස්සී බොධිසත්තො චතුරාසීතියා පබ්බජිතසහස්සෙහි පරිවුතො සත්ත වස්සානි විචරන්තො සබ්බඤ්ඤුගුණං නිබ්බත්තෙතුං නාසක්ඛි, ගණං විනොදෙත්වා සත්තදිවසෙ එකීභාවාභිරතො බොධිමණ්ඩං ආරුය්හ සබ්බඤ්ඤුගුණං නිබ්බත්තෙසි. අම්හාකං බොධිසත්තො පඤ්චවග්ගියෙහි සද්ධිං ඡබ්බස්සානි විචරන්තො සබ්බඤ්ඤුගුණං නිබ්බත්තෙතුං නාසක්ඛි, තෙසු පක්කන්තෙසු එකීභාවාභිරතො බොධිමණ්ඩං ආරුය්හ සබ්බඤ්ඤුගුණං නිබ්බත්තෙසි.
මෙපමණකින් කුමක් කියන ලද ද? ගණසංඝණිකාරාමයෙහි ඇලුණු භික්ෂුව ගණබන්ධනයෙන් බැඳුණේය. ලෞකික ගුණයක් හෝ ලෝකෝත්තර ගුණයක් හෝ උපදවන්නට නොහැක. සමූහයා හැර හුදකලාව විසීමෙන් හැකිය. එසේම විපස්සී බෝසත් තෙමේ අසූහාරදහසක් පැවිද්දන් පිරිවරණ ලද්දේ වර්ෂ හතක් හැසිරෙන්නේ නමුදු සර්වඥතා ගුණය උපදවන්නට නොහැකි විය. සමූහයා හැර දවස් හතක් හුදකලාව හැසිරුණේ බෝමැඩට පැමිණ සර්වඥතා ගුණය ඉපදවීය. අපගේ බෝධිසත්වයන් ද පස්වග මහණුන් සමග අවුරුදු හයක් හැසිරුණේ සර්වඥතා ගුණය උපදවන්නට නොහැකි විය. ඔවුන් ගිය කල්හි හුදකලාව බෝමැඩට පැමිණ සර්වඥතා ගුණය ඉපදවීය.
එවං සඞ්ගණිකාරාමස්ස ගුණාධිගමාභාවං දස්සෙත්වා ඉදානි දොසුප්පත්තිං දස්සෙන්තො නාහං ආනන්දාතිආදිමාහ. තත්ථ රූපන්ති සරීරං. යත්ථ රත්තස්සාති යස්මිං රූපෙ රාගවසෙන රත්තස්ස. න උප්පජ්ජෙය්යුන්ති යස්මිං රූපෙ රත්තස්ස න උප්පජ්ජෙය්යුං, තං රූපං න සමනුපස්සාමි, අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානානං දසබලසාවකත්තුපගමනසඞ්ඛාතෙන අඤ්ඤථාභාවෙන සඤ්චයස්ස විය, උපාලිගහපතිනො අඤ්ඤථාභාවෙන නාටපුත්තස්ස විය, පියජාතිකසුත්තෙ සෙට්ඨිආදීනං විය ච උප්පජ්ජන්තියෙව.
මෙසේ සංගණිකායෙහි ඇලීමෙන් ගුණයක් ලබා ගැනීමට නොහැකි බව දක්වා දැන් දෝෂයාගේ උප්පත්තිය දක්වන්නේ නාහං ආනන්දාති යනාදිය කීය. එහි රූපන්ති ශරිරයයි. යත්ථ රත්තස්සාති යම් රූපයක රාග වශයෙන් ඇලුණහුගේ න උප්පජ්ජෙය්යුන්ති යම් රූපයක ඇලුණු අයට නො උපදින්නේය. එම රූපය නො බලන්නෙමි. එකල සැරියුත් මුගලන් දෙදෙනා බුදුරදුන්ගේ ශ්‍රාවක බවට පැමිණීම නම් අන්පරිද්දකින් සංජයගේ මෙන් උපාලි ගෘහපතියාගේ අන්පරිද්දකින් නාථපුත්රගේ මෙන් පියජාතික සූත්‍රයෙහි සිටුවරයා ආදීන්ට මෙන් උපදින්නාහ.
අයං ඛො පනානන්දාති කො අනුසන්ධි? සචෙ හි කොචි දුබ්බුද්ධී නවපබ්බජිතො වදෙය්ය – “සම්මාසම්බුද්ධො ඛෙත්තං පවිට්ඨා ගාවියො විය අම්හෙයෙව ගණතො නීහරති, එකීභාවෙ නියොජෙති, සයං පන රාජරාජමහාමත්තාදීහි පරිවුතො විහරතී”ති, තස්ස වචනොකාසුපච්ඡෙදනත්ථං – “චක්කවාළපරියන්තාය පරිසාය මජ්ඣෙ නිසින්නොපි තථාගතො එකකොවා”ති දස්සෙතුං ඉමං දෙසනං ආරභි. තත්ථ සබ්බනිමිත්තානන්ති රූපාදීනං සඞ්ඛනිමිත්තානං. අජ්ඣත්තන්ති විසයජ්ඣත්තං. සුඤ්ඤතන්ති සුඤ්ඤතඵලසමාපත්තිං. තත්ර චෙති උපයොගත්ථෙ භුම්මං, තං චෙති වුත්තං හොති. පුන තත්රාති තස්මිං පරිසමජ්ඣෙ ඨිතො. විවෙකනින්නෙනාති නිබ්බානනින්නෙන. බ්යන්තීභූතෙනාති ආසවට්ඨානීයධම්මෙහි විගතන්තෙන නිස්සටෙන විසංයුත්තෙන. උය්යොජනිකපටිසංයුත්තන්ති ගච්ඡථ තුම්හෙති එවං උය්යොජනිකෙන වචනෙන පටිසංයුත්තං.
අයං ඛො පනානන්දාති කිනම් අනුසන්ධියක් ද? ඉදින් යම්කිසි දුර්වල බුද්ධි ඇති අලුත පැවිදි වූවෙක් කියන්නේය. බුදුරදුන් කුඹුරට පිවිසි ගවයන් මෙන් අපව සමූහයාගෙන් බැහැර කරයි. හුදකලාවම යොදවයි. තමන් වනාහි රාජ රාජ මහාමාත්‍යයන් පිරිවරා වාසය කරයි. උන්වහන්සේගේ වචනයට අවකාශ නැතිවීම පිණිස සක්වළ කෙළවර දක්වා ඇති පිරිස් මැද සිටියත් බුදුරදුන් හුදකලාවමැයි දක්වන්නට මේ දේශනාව පටන් ගත්තේය. එහි සබ්බනිමිත්තානන්ති රූපාදි සියලු නිමිතිවල. අජ්ඣත්තන්ති අධ්‍යාත්මික විෂය. සුඤ්ඤතන්ති ශුන්යඵල සමාපත්තිය. තත්ර චෙති උපයෝගාර්ථයෙහි සත්තමියයි. එයයැයි කියන ලදි. නැවත තත්රාති ඒ පිරිස මැද සිටියේ. විවෙකනින්නෙනාති නිවනට නැමුණු. බ්‍යන්ති භූතෙනාති ආසවට්ඨානීය ධර්මයන්ගෙන් වෙන්වුණු. උය්යොජනිකපටිසංයුත්තන්ති නුඹලා යව්. මෙසේ යවන වචනයෙන් යුක්ත.
කාය පන වෙලාය භගවා එවං කථෙති? පච්ඡාභත්තකිච්චවෙලාය, වා පුරිමයාමකිච්චවෙලාය වා. භගවා හි පච්ඡාභත්තෙ ගන්ධකුටියං සීහසෙය්යං කප්පෙත්වා වුට්ඨාය ඵලසමාපත්තිං අප්පෙත්වා නිසීදති. තස්මිං සමයෙ ධම්මස්සවනත්ථාය පරිසා සන්නිපතන්ති. අථ භගවා කාලං විදිත්වා ගන්ධකුටිතො නික්ඛමිත්වා බුද්ධාසනවරගතො ධම්මං දෙසෙත්වා භෙසජ්ජතෙලපාකං ගණ්හන්තො විය කාලං අනතික්කමිත්වා විවෙකනින්නෙන චිත්තෙන පරිසං උය්යොජෙති. පුරිමයාමෙපි “අභික්කන්තා ඛො වාසෙට්ඨා රත්ති, යස්ස දානි කාලං මඤ්ඤථා”ති (දී· නි· 3.299) එවං උය්යොජෙති. බුද්ධානඤ්හි බොධිපත්තිතො පට්ඨාය ද්වෙ පඤ්චවිඤ්ඤාණානිපි නිබ්බානනින්නානෙව. තස්මාතිහානන්දාති යස්මා සුඤ්ඤතාවිහාරො සන්තො පණීතො, තස්මා.
කොයි වෙලාවක බුදුරදුන් මෙසේ කියයි ද? පසුබත් කිස වේලාවෙහි හෝ පෙරබත් කිස වේලාවෙහි හෝ බුදුරදුන් පසුබත් කාලයෙහි ගඳකිළියෙහි සිංහසෙය්‍යාව කොට නැගිට ඵලසමවතට පැමිණ හිඳියි. එකල බණ ඇසීමට පිරිස රැස්වෙයි. ඉක්බිතිව බුදුරදුන් කල් දැන ගඳකිළියෙන් නික්මී උතුම් බුද්ධාසනයට වැඩියේ ධර්මය දේශනා කොට බෙහෙත් තෛලපාකය ගන්නාක් මෙන් කාලය නොඉක්මවා විවේකයට නැමුණු සිතින් පිරිස පිටත්කර යවයි. වාසෙට්ඨයෙනි, පළමු යාමෙහි රාත්‍රිය සිත්කළුය. දැන් කාලය සිතව් යැයි මෙසේ පිටත්කර යවයි. බුදුරදුන්ට බෝධියට පැමිණි තැන් පටන් ද්වි පංච විඥානයෝ නිවනට නැමුණාහ. තස්මාතිහානන්දාති යම්හෙයකින් ශුන්‍යතා විහාරය ශාන්ත ද ප්‍රණීත ද එහෙයිනි.
අජ්ඣත්තමෙවාති ගොචරජ්ඣත්තමෙව. අජ්ඣත්තං සුඤ්ඤතන්ති ඉධ නියකජ්ඣත්තං, අත්තනො පඤ්චසු ඛන්ධෙසු නිස්සිතන්ති අත්ථො. සම්පජානො හොතීති කම්මට්ඨානස්ස අසම්පජ්ජනභාවජානනෙන සම්පජානො. බහිද්ධාති පරස්ස පඤ්චසු ඛන්ධෙසු. අජ්ඣත්තබහිද්ධාති කාලෙන අජ්ඣත්තං කාලෙන බහිද්ධා. ආනෙඤ්ජන්ති උභතොභාගවිමුත්තො භවිස්සාමාති ආනෙඤ්ජං අරූපසමාපත්තිං මනසි කරොති.
අජ්ඣත්තමෙවාති ගෝචර අධ්‍යාත්මය. අජ්ඣත්තං සුඤ්ඤතන්ති මෙහි නියත අධ්‍යාත්මය තමාගේ පංචස්ඛන්ධයෙහි උපදීය යන තේරුමයි. සම්පජානො හොතීති කමටහනට නොපැමිණ දැනගන්නා සිහි ඇති. බහිද්ධාති අනුන්ගේ පංචස්ඛන්ධයන්හි. අජ්ඣත්තබහිද්ධාති කාලයකින් අධ්‍යාත්මයයි. කාලයකින් බාහිරයි. ආනඤ්ජාති උභතෝ භාගයෙන් මිදුණේ වන්නෙමියි ආනංජ අරූප සමාපත්තිය සිහි කරයි.
තස්මිංයෙව පුරිමස්මින්ති පාදකජ්ඣානං සන්ධාය වුත්තං. අපගුණපාදකජ්ඣානතො වුට්ඨිතස්ස හි අජ්ඣත්තං සුඤ්ඤතං මනසිකරොතො තත්ථ චිත්තං න පක්ඛන්දති. තතො “පරස්ස සන්තානෙ නු ඛො කථ”න්ති බහිද්ධා මනසි කරොති, තත්ථපි න පක්ඛන්දති. තතො – “කාලෙන අත්තනො සන්තානෙ, කාලෙන පරස්ස සන්තානෙ නු ඛො කථ”න්ති අජ්ඣත්තබහිද්ධා මනසි කරොති, තත්ථපි න පක්ඛන්දති. තතො උභතොභාගවිමුත්තො හොතුකාමො “අරූපසමාපත්තියං නු ඛො කථ”න්ති ආනෙඤ්ජං මනසි කරොති, තත්ථපි න පක්ඛන්දති. ඉදානි – “න මෙ චිත්තං පක්ඛන්දතීති විස්සට්ඨවීරියෙන උපට්ඨාකාදීනං පච්ඡතො න චරිතබ්බං, පාදකජ්ඣානමෙව පන සාධුකං පුනප්පුනං මනසිකාතබ්බං. එවමස්ස රුක්ඛෙ ඡින්දතො ඵරසුම්හි අවහන්තෙ පුන නිසිතං කාරෙත්වා ඡින්දන්තස්ස ඡිජ්ජෙසු ඵරසු විය කම්මට්ඨානෙ මනසිකාරො වහතී”ති දස්සෙතුං තස්මිංයෙවාතිආදිමාහ. ඉදානිස්ස එවං පටිපන්නස්ස යං යං මනසි කරොති, තත්ථ තත්ථ මනසිකාරො සම්පජ්ජතීති දස්සෙන්තො පක්ඛන්දතීති ආහ.
තස්මිඤ්ඤෙව පුරිමස්මින්ති පාදක ධ්‍යානය සඳහා කියන ලදි. නුපුහුණු පාදක ධ්‍යානයෙන් නැගිටි අයගේ අධ්‍යාත්මික ශුන්‍යතාව සිහිකරමින් සිටින අයගේ සිතෙහි මනස්කාරය සිද්ධ නොවේ. එයින් අන්‍ය සිත්හි කෙසේදැයි පිටත සිහිකරයි. තත්ථපි න පක්ඛන්දතීති ඉක්බිතිව කාලයකින් තම සිතෙහි කාලයකින් අනුන්ගේ සිතෙහි ද කෙසේදැයි අධ්‍යාත්ම බාහිර වශයෙන් සිහිකරයි. එහිද නොපැකිලෙයි. එයින් උභතෝභාග විමුත්තියට හේතු කැමැති වූයේ අරූප සමාපත්තිය යනු කෙසේදැයි ආනංජය සිහි කරයි. එහිද නොපැකිලෙයි දැන් මාගේ සිත නොපැකිලෙන්නේ යැයි වීර්යයෙන් උපට්ඨකාදීන්ගේ පසුපසින් නොහැසිරිය යුතුයි. පාදක ධ්‍යානය ම මැනවින් නැවත නැවත සිහිකළ යුතුයි. තස්මිඤ්ඤෙවාති යනාදිය කීය. දැන් මෙසේ පිළිපන්නහුට යමක් යමක් සිහිකරයි ද ඒ ඒ තැන්හි මනස්කාරය වේයැයි දක්වන්නේ පක්ඛන්දතීති යනාදිය කීය.
ඉමිනා විහාරෙනාති ඉමිනා සමථවිපස්සනාවිහාරෙන. ඉතිහ තත්ථ සම්පජානොති ඉති චඞ්කමන්තොපි තස්මිං කම්මට්ඨානෙ සම්පජ්ජමානෙ “සම්පජ්ජති මෙ කම්මට්ඨාන”න්ති ජානනෙන සම්පජානො හොති. සයතීති නිපජ්ජති. එත්ථ කඤ්චි කාලං චඞ්කමිත්වා – “ඉදානි එත්තකං කාලං චඞ්කමිතුං සක්ඛිස්සාමී”ති ඤත්වා ඉරියාපථං අහාපෙත්වා ඨාතබ්බං. එස නයො සබ්බවාරෙසු. න කථෙස්සාමීති, ඉතිහ තත්ථාති එවං න කථෙස්සාමීති ජානනෙන තත්ථ සම්පජානකාරී හොති.
ඉමිනා විහාරෙනාති මේ සමථ විදර්ශනා විහරණයෙන් ඉතිහ තත්ථසම්පජානොති මෙසේ සක්මන් කරන්නේ ද එම කමටහනෙහි සිදුවන කළ මාගේ කමටහන සිදුවීය යැයි දන්නේ වෙයි. සයතීති සයනය. කරයි. මෙහි කිසියම් කාලයක් සක්මන් කොට දැන් මෙපමණක් කල් සක්මන් කරන්නට හැක්කෙමියි දැන ඉරියව් නොගෙවා සිටිය යුතුයි. සියලු වාරයන්හි මේ ක්‍රමයයි. න කථෙස්සාමීති මෙහි මෙසේ යැයි නො කියන්නෙමියි දැනීමෙන් එහි සම්පජානකාරි වෙයි.
පුන දුතියවාරෙ එවරූපිං කථං කථෙස්සාමීති ජානනෙන සම්පජානකාරී හොති, ඉමස්ස භික්ඛුනො සමථවිපස්සනා තරුණාව, තාසං අනුරක්ඛණත්ථං –
දෙවැනි වාරයෙහි ද මෙවැනි කථාවක් කියමියි දැනීමෙන් සම්පජානකාරී වෙයි. මේ භික්ෂුවගේ සමථ විදර්ශනාව අළුත්ය. එහි ආරක්ෂාව පිණිස සප්පාය හතක් කැමැති වන ලද්දාහ.
“ආවාසො ගොචරො භස්සං, පුග්ගලො අථ භොජනං; උතු ඉරියාපථො චෙව, සප්පායො සෙවිතබ්බකො”ති.
ආවාස, ගෝචර, භස්ස, පුද්ගල, භෝජන, ඍතු, ඉරියව් යන සප්පායන් සේවනය කළ යුතුය.
සත්ත සප්පායානි ඉච්ඡිතබ්බානි. තෙසං දස්සනත්ථමිදං වුත්තං. විතක්කවාරෙසු අවිතක්කනස්ස ච විතක්කනස්ස ච ජානනෙන සම්පජානතා වෙදිතබ්බා.
ඒවා දැක්වීම පිණිස මෙය කියන ලදි. විතර්ක විචාරයන්හි අවිතර්කය ද විතර්කය ද දැනීමෙන් මනාකොට දැනීමෙන් දතයුතුයි.
ඉති විතක්කපහානෙන ද්වෙ මග්ගෙ කථෙත්වා ඉදානි තතියමග්ගස්ස විපස්සනං ආචික්ඛන්තො පඤ්ච ඛො ඉමෙ, ආනන්ද, කාමගුණාතිආදිමාහ. ආයතනෙති තෙසුයෙව කාමගුණෙසු කිස්මිඤ්චිදෙව කිලෙසුප්පත්තිකාරණෙ. සමුදාචාරොති සමුදාචරණතො අප්පහීනකිලෙසො. එවං සන්තන්ති එවං විජ්ජමානමෙව. සම්පජානොති කම්මට්ඨානස්ස අසම්පත්තිජානනෙන සම්පජානො. දුතියවාරෙ එවං සන්තමෙතන්ති එවං සන්තෙ එතං. සම්පජානොති කම්මට්ඨානසම්පත්තිජානනෙන සම්පජානො. අයඤ්හි “පහීනො නු ඛො මෙ පඤ්චසු කාමගුණෙසු ඡන්දරාගො නො”ති පච්චවෙක්ඛමානො අපහීනභාවං ඤත්වා වීරියං පග්ගහෙත්වා තං අනාගාමිමග්ගෙන සමුග්ඝාටෙති, තතො මග්ගානන්තරං ඵලං, ඵලතො වුට්ඨාය පච්චවෙක්ඛමානො පහීනභාවං ජානාති, තස්ස ජානනෙන “සම්පජානො හොතී”ති වුත්තං.
මෙසේ විතර්කයාගේ ප්‍රහාණයෙන් මාර්ග දෙක කියා දැන් තුන්වැනි මාර්ගයේ විදර්ශනාව කියන්නේ පඤ්ච ඛො ඉමෙ ආනන්ද කාමගුණාති යනාදිය කීය. ආයතනෙති ඒ කාමගුණයන්හි ම කිසියම් ක්ලේශයන්ගේ ඉපදීමට හේතුවෙක්හි. සමුදාචාරොති ප්‍රහීන නොවූ කෙලෙස් ඇති. එවං සන්තන්ති මෙසේ විද්‍යාමාන වූ. සම්පජානොති කමටහනෙහි නොපැමිණීම දන්නේ. දෙවැනි වාරයෙහි එහි සත්තමෙන්ති එසේ ඇති කල්හි මෙය. සම්පජානොති කමටහනට පැමිණීම දන්නේ. පංචකාම ගුණයන්හි මාගේ ඡන්ද රාගය ප්‍රහීන වූයේ ද නොවූයේ දැයි සළකන්නේ පහනොවූ බව දැන වීර්ය ගෙන එය අනාගාමී මාර්ගයෙන් නැති කරයි. එයින් මාර්ගාන්තරයෙන් ඵලයෙන් නැගිට ප්රත්යවේක්ෂා කරන්නේ ප්රහීනබව දනියි. එහි දැනීමෙන් මනාකොට දන්නේ යැයි කියන ලදි.
ඉදානි අරහත්තමග්ගස්ස විපස්සනං ආචික්ඛන්තො පඤ්ච ඛො ඉමෙ, ආනන්ද, උපාදානක්ඛන්ධාතිආදිමාහ. තත්ථ සො පහීයතීති රූපෙ අස්මීති මානො අස්මීති ඡන්දො අස්මීති අනුසයො පහීයති. තථා වෙදනාදීසු සම්පජානතා වුත්තනායෙනෙව වෙදිතබ්බා.
දැන් අර්හත් මාර්ගයේ විදර්ශනාව කියන්නේ පඤ්ච ඛො ඉමෙ ආනන්ද උපාදානක්ඛන්ධාති යනාදිය කීය. එහි සො පහීයතීති රූපයෙහි වෙමි මානය වෙමි ඡන්දය වෙමියි යන අනුසයන් හරියි. එසේම වේදනාදියෙහි ද දැනගන්නා බව කියන ලද ක්‍රමයෙන් ම දත යුතුයි.
ඉමෙ ඛො තෙ, ආනන්ද, ධම්මාති හෙට්ඨා කථිතෙ සමථවිපස්සනාමග්ගඵලධම්මෙ සන්ධායාහ. කුසලායතිකාති කුසලතො ආගතා. කුසලා හි කුසලාපි හොන්ති කුසලායතිකාපි, සෙය්යථිදං, පඨමජ්ඣානං කුසලං, දුතියජ්ඣානං කුසලඤ්චෙව කුසලායතිකඤ්ච…පෙ… ආකිඤ්චඤ්ඤායතනං කුසලං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං කුසලඤ්චෙව කුසලායතිකඤ්ච, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං කුසලං, සොතාපත්තිමග්ගො කුසලො චෙව කුසලායතිකො ච…පෙ… අනාගාමිමග්ගො කුසලො, අරහත්තමග්ගො කුසලො චෙව කුසලායතිකො ච. තථා පඨමජ්ඣානං කුසලං, තංසම්පයුත්තකා ධම්මා කුසලා චෙව කුසලායතිකා ච…පෙ… අරහත්තමග්ගො කුසලො, තංසම්පයුත්තකා ධම්මා කුසලා චෙව කුසලායතිකා ච.
ඉමෙ ඛො තෙ ආනන්ද ධම්මාති යට කියන ලද සමථ විදර්ශනා මාර්ග ඵල ධර්මයන් සඳහා කීය. කුසලායතිකාති කුසලයෙන් ආවා වූ. කුසලයෝ කුසල් ද කුසලයතික ද වෙත්. කවරේද යත්? ප්රථමධ්යන කුසලය, ද්විතීයධ්‍යාන කුසලය ද මෙම කුසලායතිකය ද ආකිඤ්චඤ්ඤායතන කුසලය, නේවසංඥානාසංඥායතන කුසලය ද කුසලායතිකය ද සෝවාන් මාර්ග කුසලය ද කුසලායතිකය ද -පෙ- අනාගාමී මාර්ග කුසලය ද අර්හත් මාර්ග කුසලය ද කුසලායතිකය ද වෙයි. එසේම ප්‍රථමධ්‍යානය කුසලයයි. ඒ හා යුක්ත වූ කුසල ධර්මයන් කුසලායතිකයයි. -පෙ- අර්හත් මාර්ගය කුසලයයි. ඒ හා යුක්ත වූ කුසල ධර්මයන් කුසලායතිකයයි.
අරියාති නික්කිලෙසා විසුද්ධා. ලොකුත්තරාති ලොකෙ උත්තරා විසිට්ඨා. අනවක්කන්තා පාපිමතාති පාපිමන්තෙන මාරෙන අනොක්කන්තා. විපස්සනාපාදකා අට්ඨ සමාපත්තියො අප්පෙත්වා නිසින්නස්ස හි භික්ඛුනො චිත්තං මාරො න පස්සති, “ඉදං නාම ආරම්මණං නිස්සාය සංවත්තතී”ති ජාතිතුං න සක්කොති. තස්මා “අනවක්කන්තා”ති වුත්තං.
අරියාති කෙලෙස් නැති. පිරිසිදු. ලොකුත්තරාති ලෝකයෙහි උතුම් ය. විශිෂ්ටය. අනවක්කන්තා පාපිමතාති පාපී වූ මාරයා විසින් නොමඩින්නාහ. විදර්ශනා පාදකය. අෂ්ට සමාපත්තීන්ට නොපැමිණ සිටියා වූ භික්ෂුවගේ සිත මාරයා නොබලයි. මේ අරමුණ නිසා පවතීයැයි දැනගැනීමට නොහැකිය. එහෙයින් අනොක්කන්තාති යැයි කියන ලදි.
තං කිං මඤ්ඤසීති ඉදං කස්මා ආහ? ගණෙපි එකො ආනිසංසො අත්ථි, තං දස්සෙතුං ඉදමාහ. අනුබන්ධිතුන්ති අනුගච්ඡිතුං පරිචරිතුං.
තං කිං මඤ්ඤසීති මෙය කුමක් නිසා කීයේ ද? සමූහයා කෙරෙහි ද එක ආනිසංසයක් ඇත. එය දැක්වීමට මෙය කීය. අනුබන්ධිතුන්ති අනුවයාමට, අනුව හැසිරීමට
න ඛො, ආනන්දාති එත්ථ කිඤ්චාපි භගවතා – “සුතාවුධො, භික්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති, අනවජ්ජං භාවෙති, සුද්ධං අත්තානං පරිහරතී”ති (අ· නි· 7.67) බහුස්සුතො පඤ්චාවුධසම්පන්නො යොධො විය කතො. යස්මා පන සො සුතපරියත්තිං උග්ගහෙත්වාපි තදනුච්ඡවිකං අනුලොමපටිපදං න පටිපජ්ජති, න තස්ස තං ආවුධං හොති. යො පටිපජ්ජති, තස්සෙව හොති. තස්මා එතදත්ථං අනුබන්ධිතුං නාරහතීති දස්සෙන්තො න ඛො, ආනන්දාති ආහ.
න ඛො ආනන්දොති මෙහි කුමක්හෙයින් බුදුරදුන් මහණෙනි, සුතවත් ආර්යශ්‍රාවක තෙමේ අකුසල් දුරු කරයි. කුසල් වඩයි. වැරදි සහිත දෙය දුරු කරයි. නිවැරදි දෙය වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කෙරේ යැයි බහුශ්‍රැත තෙමේ පංචායුධයෙන් යුක්ත යෝධයෙක් මෙන් කරන ලද්දේ. යම්හෙයකින් ඔහු සූත්‍ර පර්යාප්තිය ඉගෙනගෙන ඊට සුදුසු අනුලොම් ප්‍රතිපදාව නොපිළිපදියි. ඔහුට එය ආයුධයක් නොවේ. යමෙක් පිළිපදියි ද ඔහුට වෙයි. එහෙයින් මෙය සඳහා ලුහුබඳින්නට සුදුසු නොවේයැයි දක්වන්නේ න ඛො ආනන්දොති යි කීය.
ඉදානි යදත්ථං අනුබන්ධිතබ්බො, තං දස්සෙතුං යා ච ඛොතිආදිමාහ. ඉති ඉමස්මිං සුත්තෙ තීසු ඨානෙසු දස කථාවත්ථූනි ආගතානි. “ඉති එවරූපං කථං කථෙස්සාමී”ති සප්පායාසප්පායවසෙන ආගතානි, “යදිදං සුත්තං ගෙය්ය”න්ති එත්ථ සුතපරියත්තිවසෙන ආගතානි, ඉමස්මිං ඨානෙ පරිපූරණවසෙන ආගතානි. තස්මා ඉමස්මිං සුත්තෙ දස කථාවත්ථූනි කථෙන්තෙන ඉමස්මිං ඨානෙ ඨත්වා කථෙතබ්බානි.
දැන් යමක් සඳහා ලුහුබැඳිය යුතු ද එය දක්වන්නට යා ච ඛොති යනාදිය කීය. මෙසේ මේ සූත්‍රයෙහි තුන් තැනක දස කථාවස්තූන් ආවාහ. ඉති එවරූපිං කථෙස්සාමීති කැප අකැප වශයෙන් ආවාහ. යදිදං සුත්තං ගෙය්යන්ති මෙහි සූත්‍ර පර්යාප්ති වශයෙන් ආවාහ. මේ ස්ථානයෙහි සම්පූර්ණ වශයෙන් ආවාහ. එහෙයින් මේ සූත්‍රයෙහි දස කථාවස්තූන් කියන්නහු විසින් මේ ස්ථානයේ සිට කිව යුතුයි.
ඉදානි යස්මා එකච්චස්ස එකකස්ස විහරතොපි අත්ථො න සම්පජ්ජති, තස්මා තං සන්ධාය එකීභාවෙ ආදීනවං දස්සෙන්තො එවං සන්තෙ ඛො, ආනන්දාතිආදිමාහ. තත්ථ එවං සන්තෙති එවං එකීභාවෙ සන්තෙ.
දැන් යම්හෙයකින් සමහරෙකුට එක එක වාසය යැයි තේරුමයි. නොයෙදෙයි. එහෙයින් ඒ සඳහා එක්වීමෙහි ආදීනව දක්වන්නේ එවං සන්තෙ ඛො ආනන්දාති යනාදිය කීය. එහි එවං සන්තෙති මෙසේ එක්ව වසන බව ඇති කල්හි.
සත්ථාති බාහිරකො තිත්ථකරසත්ථා. අන්වාවත්තන්තීති අනුආවත්තන්ති උපසඞ්කමන්ති. මුච්ඡං කාමයතීති මුච්ඡනතණ්හං පත්ථෙති, පවත්තෙතීති අත්ථො. ආචරියූපද්දවෙනාති අබ්භන්තරෙ උප්පන්නෙන කිලෙසූපද්දවෙන ආචරියස්සුපද්දවො. සෙසුපද්දවෙසුපි එසෙව නයො. අවධිංසු නන්ති මාරයිංසු නං. එතෙන හි ගුණමරණං කථිතං.
සත්ථාති බැහැර වූ තීර්ථ කරන ශාස්තෘෘය. අන්වා වට්ටන්තීති අනුව එළඹෙත්. මුච්ඡන්තිකාමයතීති මුර්ජන තෘෂ්ණාව පතයි. පවත්වයි යන තේරුමයි. ආචරියුපද්දවෙනාති තමාගේ ඇතුළත උපන් කෙලෙස් උවදුරෙන් ගුරුවරයාගේ උවදුරයි. සෙසු උවදුරුවල ද මේ ක්‍රමයමයි. අවධිංසුන්ති ඔහු නැසූහ. මෙයින් ඔහුගේ ගුණ සිහිකිරීම කියන ලදි.
විනිපාතායාති සුට්ඨු නිපතනාය. කස්මා පන බ්රහ්මචාරුපද්දවොව – “දුක්ඛවිපාකතරො ච කටුකවිපාකතරො ච විනිපාතාය ච සංවත්තතී”ති වුත්තොති. බාහිරපබ්බජ්ජා හි අප්පලාභා, තත්ථ මහන්තො නිබ්බත්තෙතබ්බගුණො නත්ථි, අට්ඨසමාපත්තිපඤ්චාභිඤ්ඤාමත්තකමෙව හොති. ඉති යථා ගද්රභපිට්ඨිතො පතිතස්ස මහන්තං දුක්ඛං න හොති, සරීරස්ස පංසුමක්ඛනමත්තමෙව හොති, එවං බාහිරසමයෙ ලොකියගුණමත්තතොව පරිහායති, තෙන පුරිමං උපද්දවද්වයං න එවං වුත්තං. සාසනෙ පන පබ්බජ්ජා මහාලාභා, තත්ථ චත්තාරො මග්ගා චත්තාරි ඵලානි නිබ්බානන්ති මහන්තා අධිගන්තබ්බගුණා. ඉති යථා උභතො සුජාතො ඛත්තියකුමාරො හත්ථික්ඛන්ධවරගතො නගරං අනුසඤ්චරන්තො හත්ථික්ඛන්ධතො පතිතො මහාදුක්ඛං නිගච්ඡති, එවං සාසනතො පරිහායමානො නවහි ලොකුත්තරගුණෙහි පරිහායති. තෙනායං බ්රහ්මචාරුපද්දවො එවං වුත්තො.
විනිපාතායාති මනාකොට නැසීම පිණිස කුමක්හෙයින් බඹසර උවදුරු දුක් විපාක යැයි ද කර්කශ විපාක යැයි ද විනිපාතය පිණිස පවතීය යැයි කියන ලදි. බාහිර පැවිද්ද අල්ප ලාභයි. එහි මහත් වූ ඉපදිය යුතු ගුණයක් නැත. අෂ්ට සමාපත්ති පංච අභිඥා මාත්‍රයක් ම වෙයි. මෙසේ යම්පරිදි බූරුවාගේ පිටෙන් වැටුනහුට මහත් දුකක් නොවෙයි. ශරීරයේ පස් තැවරුනා පමණක් වෙයි. මෙසේ බාහිර ශාසනයෙහි ලෞකික ගුණ මාත්‍රයෙන් පිරිහෙයි. එයින් පළමු උවදුරු දෙක මෙසේ නොකියන ලදි. ශාසනයෙහි පැවිද්ද මහත් ලාභයකි. එහි සතර මාර්ගයන් සතර ඵලයන් ද නිවන ද අවබෝධ කළයුතු මහත් ගුණයෝය. මෙසේ යම් ආකාරයෙන් දෙපාර්ශවයෙන් පිරිසිදු වූ ක්ෂත්රීය කුමාරයෙක් උතුම් ඇතු පිටට නැග නගරයෙහි හැසිරෙන්නේ ඇතු පිටින් වැටුණේ මහත් දුකට පැමිණෙයි. මෙසේ සසුනෙන් පිරිහෙන්නා නවලෝකෝත්තර ගුණයන්ගෙන් ද පිරිහෙයි. එහෙයින් මේ බඹසර උවදුර මෙසේ කියන ලදි.
තස්මාති යස්මා සෙසුපද්දවෙහි බ්රහ්මචාරුපද්දවො දුක්ඛවිපාකතරො, යස්මා වා සපත්තපටිපත්තිං වීතික්කමන්තො දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තති, මිත්තපටිපත්ති හිතාය, තස්මා. එවං උපරිමෙනපි හෙට්ඨිමෙනපි අත්ථෙන යොජෙතබ්බං. මිත්තවතායාති මිත්තපටිපත්තියා. සපත්තවතායාති වෙරපටිපත්තියා.
තස්මාති යම්හෙයකින් සෙසු උවදුරුවලින් බඹසර උවදුර අතිශයින් දුක් විපාක ද යම්පරිදි සතුරු ප්‍රතිපත්තිය බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතියි. මෛත්‍රී ප්‍රතිපත්තිය හිත පිණිස වේ. තස්මාති මෙසේ මත්තෙහි වූ ද යටින් වූ ද අර්ථය හා යෙදිය යුතුය. මෙත්තවතායාති මෛත්‍රී පිළිවෙතින්. සපත්තවතායාති වෛර පිළිවෙතින්.
වොක්කම්ම ච සත්ථුසාසනාති දුක්කටදුබ්භාසිතමත්තම්පි හි සඤ්චිච්ච වීතික්කමන්තො වොක්කම්ම වත්තති නාම. තදෙව අවීතික්කමන්තො න වොක්කම්ම වත්තති නාම.
වොක්කම්ම ච සත්ථුසාසනාති දුෂ්කෘත දුර්භාසිත මාත්‍රයක් ද දැන දැන ඉක්මවන්නේ වොක්කම්ම පැවැත්ම නමි. එයම නොඉක්මවන්නේ නවොක්කම්ම පැවැත්ම නමි.
න වො අහං, ආනන්ද, තථා පරක්කමිස්සාමීති අහං තුම්හෙසු තථා න පටිපජ්ජිස්සාමි. ආමකෙති අපක්කෙ. ආමකමත්තෙති ආමකෙ නාතිසුක්ඛෙ භාජනෙ. කුම්භකාරො හි ආමකං නාතිසුක්ඛං අපක්කං උභොහි හත්ථෙහි සණ්හිකං ගණ්හාති “මා භිජ්ජතූ”ති. ඉති යථා කුම්භකාරො තත්ථ පටිපජ්ජති, නාහං තුම්හෙසු තථා පටිපජ්ජිස්සාමි. නිග්ගය්හ නිග්ගය්හාති සකිං ඔවදිත්වා තුණ්හී න භවිස්සාමි, නිග්ගණ්හිත්වා නිග්ගණ්හිත්වා පුනප්පුනං ඔවදිස්සාමි අනුසාසිස්සාමි. පවය්හ පවය්හාති දොසෙ පවාහෙත්වා පවාහෙත්වා. යථා පක්කභාජනෙසු කුම්භකාරො භින්නඡින්නජජ්ජරානි පවාහෙත්වා එකතො කත්වා සුපක්කානෙව ආකොටෙත්වා ආකොටෙත්වා ගණ්හාති, එවමෙව අහම්පි පවාහෙත්වා පවාහෙත්වා පුනප්පුනං ඔවදිස්සාමි අනුසාසිස්සාමි. යො සාරො සො ඨස්සතීති එවං වො මයා ඔවදියමානානං යො මග්ගඵලසාරො, සො ඨස්සති. අපිච ලොකියගුණාපි ඉධ සාරොත්වෙව අධිප්පෙතා. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
න ඛො අහං ආනන්ද තථා පරක්කමිස්සාමීති මම නුඹලා කෙරෙහි එසේ පිළිනොපදින්නෙමි. ආමකෙති නොපැසුණු. ආමකමත්තෙති අමු වූ නොවේලුණු භාජනයෙහි. කුඹල්තෙමේ අමු නොවේලුණු බඳුන අත්දෙකෙන්ම නොබිඳුවයි වහා ගනියි. කුඹල්තෙමේ යම්සේ එහි පිළිපදී ද මම නුඹලා කෙරෙහි එසේ පිළිනොපදිමි. නිග්ගය්හ නිග්ගය්හාති එක්වරක් අවවාද කොට නිශ්ශබ්ද නොවෙමි. නිග්‍රහකොට නිග්‍රහ කොට නැවත නැවත අවවාද කරන්නෙමි. අනුශාසනා කරන්නෙමි. පවය්හ පවය්හාති දොස් උල්පව උල්පවා. යම්සේ වේලුණු භාජනවල කුඹල්තෙමේ සිදුණු බිදුණු තැන් උල්පවා එකට වේලුණු ඒවා මෙන් කොට ගනියි ද මෙපරිද්දෙන් මම ද උල්පව උල්පවා නැවත නැවත අවවාද කරන්නෙමි. අනුශාසනා කරන්නෙමි. යමක් සාර ද එය සිටින්නේය. මෙසේ මාවිසින් නුඹලාට අවවාද කරමින් සිටිය දී යමක් මාර්ග ඵලසාර ද එය සිටියි. තවද ලෞකික ගුණයෝ ම මෙහි සාර යැයි අදහස් කරන ලදි. සෙස්ස සියලු තැන්හිම ප්රකටය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාසුඤ්ඤතසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහාසුඤ්ඤතා සූත්‍ර වර්ණනාව නිමි.