අච්ඡරියබ්භුත සුත්තවණ්ණනා අට්ඨකථා
අච්ඡරියබ්භුත සුත්තවණ්ණනා
අච්ඡරියබ්භුත සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති අච්ඡරියඅබ්භුතසුත්තං. තත්ථ යත්ර හි නාමාති අච්ඡරියත්ථෙ නිපාතො. යො නාම තථාගතොති අත්ථො. ඡින්නපපඤ්චෙති එත්ථ පපඤ්චා නාම තණ්හා මානො දිට්ඨීති ඉමෙ තයො කිලෙසා. ඡින්නවටුමෙති එත්ථ වටුමන්ති කුසලාකුසලකම්මවට්ටං වුච්චති. පරියාදින්නවට්ටෙති තස්සෙව වෙවචනං. සබ්බදුක්ඛවීතිවත්තෙති සබ්බං විපාකවට්ටසඞ්ඛාතං දුක්ඛං වීතිවත්තෙ. අනුස්සරිස්සතීති ඉදං යත්රාති නිපාතවසෙන අනාගතවචනං, අත්ථො පනෙත්ථ අතීතවසෙන වෙදිතබ්බො. භගවා හි තෙ බුද්ධෙ අනුස්සරි, න ඉදානි අනුස්සරිස්සති. එවංජච්චාති විපස්සීආදයො ඛත්තියජච්චා, කකුසන්ධාදයො බ්රාහ්මණජච්චාති. එවංගොත්තාති විපස්සීආදයො කොණ්ඩඤ්ඤගොත්තා, කකුසන්ධාදයො කස්සපගොත්තාති. එවංසීලාති ලොකියලොකුත්තරසීලෙන එවංසීලා. එවංධම්මාති එත්ථ සමාධිපක්ඛා ධම්මා අධිප්පෙතා. ලොකියලොකුත්තරෙන සමාධිනා එවංසමාධිනොති අත්ථො. එවංපඤ්ඤාති ලොකියලොකුත්තරපඤ්ඤාය එවංපඤ්ඤා. එවංවිහාරීති එත්ථ පන හෙට්ඨා සමාධිපක්ඛානං ධම්මානං ගහිතත්තා විහාරො ගහිතොව, පුන කස්මා ගහිතමෙව ගණ්හාතීති චෙ, න ඉදං ගහිතමෙව. ඉදඤ්හි නිරොධසමාපත්තිදීපනත්ථං, තස්මා එවංනිරොධසමාපත්තිවිහාරීති අයමෙත්ථ අත්ථො.
එවම්මෙසුතන්ති අච්ඡරියධම්ම සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි යත්‍රහි නාමාති ආශ්චර්ය අර්ථයෙහි නිපාතයයි. යම් තථාගතයන් වහන්සේ නමක් යන තේරුමයි. ජින්නප්පඤ්චෙති මෙහි ප්‍රපංච නම් තෘෂ්ණා මාන දෘෂ්ටි යන මේ කෙලෙස් තුනයි. ජින්නවටුමෙති මෙහි වටුම නම් කුසල් අකුසල් කර්ම වැටයි කියයි. පරියාදින්නවට්ටෙති එයට ම පර්යාය වචනයයි. සබ්බදුක්ඛවීතිවවත්තෙති සියලු විපාක ව්රතයැයි කියන ලද දුක ඉක්ම වූ. ජානිස්සතීති මේ යන්ත්‍ර යනු නිපාත වශයෙන් අනාගත වචනයකි. මෙහි තේරුම අතීත වශයෙන් දත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ ඒ බුදුරදුන් සිහි කළේය. දැන් සිහි නො කරන්නේ ය. එවං ජච්චාති විපස්සී ආදීහු ක්ෂත්රීය ජාතියහ. කකුසඳ ආදීහු බ්‍රාහ්මණ ජාතියහ. එවං ගොත්තාති විපස්සි ආදීහු කොණ්ඩඤ්ඤ ගෝත්‍රිකයෝය. කකුසඳ ආදීහු කාශ්‍යප ගෝත්‍රිකයෝය. එවං සීලාති ලෞකික ලෝකෝත්තර සීලයෙන් මෙසේ සීලයයි. එවං ධම්මාති එහි සමාධි පාක්ෂික වූ ධර්මයෝ අදහස් කරන ලදි. ලෞකික ලෝකෝත්තර සමාධියෙන් මෙසේ සමාධිය යැයි තේරුමයි. එවං පඤ්ඤාති ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවෙන් මෙසේ නුවණ ඇති. එවං විහාරීති මෙහි වනාහි යට බෝධිපාක්ෂික ධර්මයන්ගේ ගන්නා ලද හෙයින් විහරණය ගන්නා ලද්දේමය. නැවත කුමක් නිසා ගන්නා ලද දෙය ගනී ද යත්? මෙය නොගන්නා ලදි. මෙය නිරෝධ සමාපත්තිය ප්‍රකාශ කිරීම සඳහා ය. එහෙයින් මෙසේ නිරෝධ සමාපත්ති විහරණය යන මෙය මෙහි තේරුමයි.
එවංවිමුත්තාති එත්ථ වික්ඛම්භනවිමුත්ති තදඞ්ගවිමුත්ති සමුච්ඡෙදවිමුත්ති පටිප්පස්සද්ධිවිමුත්ති නිස්සරණවිමුත්තීති පඤ්චවිධා විමුත්තියො. තත්ථ අට්ඨ සමාපත්තියො සයං වික්ඛම්භිතෙහි නීවරණාදීහි විමුත්තත්තා වික්ඛම්භනවිමුත්තීති සඞ්ඛං ගච්ඡන්ති. අනිච්චානුපස්සනාදිකා සත්ත අනුපස්සනා සයං තස්ස තස්ස පච්චනීකඞ්ගවසෙන පරිචත්තාහි නිච්චසඤ්ඤාදීහි විමුත්තත්තා තදඞ්ගවිමුත්තීති සඞ්ඛං ගච්ඡන්ති. චත්තාරො අරියමග්ගා සයං සමුච්ඡින්නෙහි කිලෙසෙහි විමුත්තත්තා සමුච්ඡෙදවිමුත්තීති සඞ්ඛං ගච්ඡන්ති. චත්තාරි සාමඤ්ඤඵලානි මග්ගානුභාවෙන කිලෙසානං පටිප්පස්සද්ධන්තෙ උප්පන්නත්තා පටිප්පස්සද්ධිවිමුත්තීති සඞ්ඛං ගච්ඡන්ති. නිබ්බානං සබ්බකිලෙසෙහි නිස්සටත්තා අපගතත්තා දූරෙ ඨිතත්තා නිස්සරණවිමුත්තීති සඞ්ඛං ගතං. ඉති ඉමාසං පඤ්චන්නං විමුත්තීනං වසෙන එවංවිමුත්තාති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො.
එවං විමුත්තාති මෙහි මෙසේ විෂ්කම්භන විමුක්තිය, තදංග විමුක්තිය, සමුච්ඡේද විමුක්තිය, පටිප්පස්සද්ධි විමුක්තිය, නිස්සරණ විමුක්තිය යැයි විමුක්තිය පස් ආකාරයයි. එහි අෂ්ටසමාපත්තීන් තෙමේම විෂ්කම්භීත නීවරණයන්ගෙන් මිදුණු හෙයින් විෂ්කම්භන විමුක්තිය යන නමට පැමිණෙත්. අනිත්‍යානුපස්සනාව ආදී අනුපස්සනා හත තෙමේම එය එයට පච්චනික අංග වශයෙන් හරින ලද නිත්‍ය සංඥාදියෙන් මිදුණු හෙයින් තදංග විමුක්තිය යන නමට පැමිණෙත්. ආර්ය මාර්ග හතර තෙමේම සිඳන ලදුව ක්ලේශයන්ගෙන් මිදුණු හෙයින් සමුච්ඡේද විමුක්තිය යන නමට පැමිණෙත්. ශ්‍රාමණ්‍ය ඵල හතර මාර්ගානුභාවයෙන් ක්ලේශයන්ගේ ප්රතිපස්සද්ධියෙන් උපන් හෙයින් පටිප්පස්සද්ධි විමුක්තිය යන නමට පැමිණෙත්. නිවන සියලු ක්ලේශයන්ගෙන් පහ වූ හෙයින් දුරසිටි හෙයින් නිස්සරණ විමුක්තිය යන නමට ගියේය. මෙසේ මේ පංච - විමුක්තීන්ගේ වශයෙන් මෙසේ මිදුණා යැයි මෙහි තේරුම දතයුතුය.
තස්මාතිහාති යස්මා ත්වං “තථාගතා අච්ඡරියා”ති වදසි, තස්මා තං භිය්‍යොසො මත්තාය පටිභන්තු තථාගතස්ස අච්ඡරියා අබ්භුතධම්මාති. සතො සම්පජානොති එත්ථ ද්වෙසම්පජඤ්ඤානි මනුස්සලොකෙ දෙවලොකෙ ච. තත්ථ වෙස්සන්තරජාතකෙ බ්රාහ්මණස්ස ද්වෙ පුත්තෙ දත්වා පුනදිවසෙ සක්කස්ස දෙවිං දත්වා සක්කෙන පසීදිත්වා දින්නෙ අට්ඨ වරෙ ගණ්හන්තො –
තස්මා තිහාති යම්හෙයකින් එය බුදුවරු ආශ්චර්ය යැයි කියයි ද එහෙයින් එය බොහෝසෙයින් වැටහෙත්වා. බුදුරදුන්ගේ ආශ්චර්ය අද්භූත ධර්මයයි. සතො සම්පජානොති මෙහි මනුෂ්‍ය ලෝකයෙහි ද දිව්‍ය ලෝකයෙහි ද යන සම්පජඤ්ඤ දෙකයි. වෙස්සන්තර ජාතකයෙහි බමුණාට දරුවන් දෙන්නා දී දෙවන දිනයෙහි ශක්‍රයාට දේවිය දී ශක්‍රයා විසින් පැහැදී දෙන ලද වර අට ගන්නේ.
“ඉතො විමුච්චමානාහං, සග්ගගාමී විසෙසගූ; අනිවත්තී තතො අස්සං, අට්ඨමෙතං වරං වරෙ”ති. (ජා· 2.22.2300) –
මම මෙයින් මිදී ස්වර්ගගාමී විෂයෙහි උපදිමි. ඉන්පසු නිර්වාණගාමී වෙමි. මේ අටවැනි උතුම්ම වරය ය.
එවං තුසිතභවනෙ මෙ පටිසන්ධි හොතූති වරං අග්ගහෙසි, තතො පට්ඨාය තුසිතභවනෙ උප්පජ්ජිස්සාමීති ජානාති, ඉදං මනුස්සලොකෙ සම්පජඤ්ඤං. වෙස්සන්තරත්තභාවතො පන චුතො පුන තුසිතභවනෙ නිබ්බත්තිත්වා නිබ්බත්තොස්මීති අඤ්ඤාසි, ඉදං දෙවලොකෙ සම්පජඤ්ඤං.
මෙසේ තුසිත භවනෙහි මාගේ ප්රතිසන්ධිය වේවයි වරයක් ගත්තේය. එතැන් පටන් තුසිත භවනෙහි උපදිමියි දනියි. මේ මනුෂ්‍ය ලෝකයෙහි සම්පජඤ්ඤයයි. වෙස්සන්තර ආත්මභාවයෙන් චුතව තුසිත භවනෙහි ඉපිද උපන්නෙමියි දැන ගත්තේය. මේ දිව්‍යලෝක සම්පජඤ්ඤයයි.
කිං පන සෙසදෙවතා න ජානන්තීති? නො න ජානන්ති. තා පන උය්යානවිමානකප්පරුක්ඛෙ ඔලොකෙත්වා දෙවනාටකෙහි තූරියසද්දෙන පබොධිතා “මාරිස අයං දෙවලොකො තුම්හෙ ඉධ නිබ්බත්තා”ති සාරිතා ජානන්ති. බොධිසත්තො පඨමජවනවාරෙ න ජානාති, දුතියජවනතො පට්ඨාය ජානාති. ඉච්චස්ස අඤ්ඤෙහි අසාධාරණජානනං හොති.
කිමෙක්ද? සෙසු දෙවියෝ දනිත් ද? නොදනිත් ද? ඒ දෙවියෝ උයන් විමාන කල්පවෘක්ෂ බලා දිව්‍ය නාටක තූර්ය ශබ්දයෙන් සතුටු වී නිදුකාණෙනි, මේ දිව්‍ය ලෝකයයි නුඹ මෙහි උපන්නාහු යැයි සිහිකරන ලදුව දනිත්. බෝධිසත්වයන් වහන්සේ පළමු ජවන වාරයෙහි නොදනියි. දෙවැනි ජවන වාරයෙහි පටන් දනියි. මෙසේ උන්වහන්සේගේ දැනීම අන්‍යයන්ට අසාධාරණ වෙයි.
අට්ඨාසීති එත්ථ කිඤ්චාපි අඤ්ඤෙපි දෙවා තත්ථ ඨිතා ඨිතම්හාති ජානන්ති, තෙ පන ඡසු ද්වාරෙසු බලවතා ඉට්ඨාරම්මණෙන අභිභුය්යමානා සතිං විස්සජ්ජෙත්වා අත්තනො භුත්තපීතභාවම්පි අජානන්තා ආහාරූපච්ඡෙදෙන කාලං කරොන්ති. බොධිසත්තස්ස කිං තථාරූපං ආරම්මණං නත්ථීති? නො නත්ථි. සො හි සෙසදෙවෙ දසහි ඨානෙහි අධිග්ගණ්හාති, ආරම්මණෙන පන අත්තානං මද්දිතුං න දෙති, තං ආරම්මණං අභිභවිත්වා තිට්ඨති. තෙන වුත්තං – “සතො සම්පජානො, ආනන්ද, බොධිසත්තො තුසිතෙ කායෙ අට්ඨාසී”ති.
අට්ඨාසීති මෙහි කිසියම් අනෙත් දෙවියෝ එහි සිට සිටියාහු යැයි දනිත්. ඔවුහු ද්වාර හයෙහි බලවත් ඉෂ්ටාරම්මණයෙන් මඩින ලද්දාහු සිහිය අත්හැර තමාගේ කාපු බීපුබව ද නොදන්නාහු ආහාර සිඳ ගැනීමෙන් කලුරිය කරත්. බෝධිසත්වයන් වහන්සේට එබඳු අරමුණක් ඇත්තේ ද? නැත්තේ ද? උන්වහසේ සෙසු දෙවියන් කරුණු දහයකින් අභිබවා සිටියි. අරමුණෙන් තමා මඩින්නට නොවෙයි. ඒ අරමුණ අභිබවා සිටියි. එහෙයින් කියන ලදි. සතො සම්පජානො ආනන්ද බෝධිසත්තො තුසිතෙ කායෙ අට්ඨාසීති
යාවතායුකන්ති සෙසත්තභාවෙසු කිං යාවතායුකං න තිට්ඨත්තීති? ආම න තිට්ඨති. අඤ්ඤදා හි දීඝායුකදෙවලොකෙ නිබ්බත්තො තත්ථ පාරමියො න සක්කා පූරෙතුන්ති අක්ඛීනි නිමීලෙත්වා අධිමුත්තිකාලංකිරියං නාම කත්වා මනුස්සලොකෙ නිබ්බත්තති. අයං කාලඞ්කිරියා අඤ්ඤෙසං න හොති. තදා පන අදින්නදානං නාම නත්ථි, අරක්ඛිතසීලං නාම නත්ථි, සබ්බපාරමීනං පූරිතත්තා යාවතායුකං අට්ඨාසි.
යාවතායුකන්නි කුමක්හෙයින් ඉතිරි ආත්ම භාවයන්හි ආයුෂ ඇතිතාක් නොසිටී ද? එසේය. නොසිටියි. දීර්ඝ ආයුෂ ඇති දිව්‍ය ලෝකයෙහි උපන්නේ එහි පාරමිතා සම්පූර්ණ කිරීමට නොහැකිය. ඇස් පියාගෙන අධිමුක්ති කාලක්‍රියාව කොට මිනිස් ලොව උපදියි. මේ කලුරිය කිරීම අන්‍යයන්ට නොවෙයි. එකල්හි නුදුන් දානයක් නැත. නොරකින ලද සීලයක් නම් නැත. සියලු පාරමිතා ධර්මයන් පුරන ලද බැවින් ආයුෂ ඇතිතාක් සිටියේය.
සතො සම්පජානො තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමතීති එවං තාව සබ්බපාරමියො පූරෙත්වා තදා බොධිසත්තො යාවතායුකං අට්ඨාසි. දෙවතානං පන – “මනුස්සගණනාවසෙන ඉදානි සත්තහි දිවසෙහි චුති භවිස්සතී”ති පඤ්ච පුබ්බනිමිත්තානි උප්පජ්ජන්ති – මාලා මිලායන්ති, වත්ථානි කිලිස්සන්ති, කච්ඡෙහි සෙදා මුච්චන්ති, කායෙ දුබ්බණ්ණියං ඔක්කමති, දෙවො දෙවාසනෙ න සණ්ඨාති.
සතො සම්පජානො තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමතීති මෙසේ පළමුවෙන් සියලු පාරමිතා පුරා එකල්හි බෝසත් තෙමේ ආයුෂ ඇතිතාක් සිටියේය. දෙවියන්ට වනාහි මිනිසුන්ගේ ගණන් වශයෙන් දැන් හත් දවසකින් චුතිය වන්නේ යැයි පූර්වනිමිති පහක් උපදිත්. මල් මැලවෙයි. වස්ත්‍ර කිලිටි වෙයි. කිහිලිවලින් දහඩිය ගලත්. ශරීරය දුර්වර්ණ වෙයි. දෙවිතෙමේ දෙව් ආසනයෙහි නොසිටියි.
තත්ථ මාලාති පටිසන්ධිග්ගහණදිවසෙ පිළන්ධනමාලා. තා කිර සට්ඨිසතසහස්සාධිකා සත්තපණ්ණාස-වස්සකොටියො අමිලායිත්වා තදා මිලායන්ති. වත්ථෙසුපි එසෙව නයො. එත්තකං පන කාලං දෙවානං නෙව සීතං න උණ්හං හොති, තස්මිං කාලෙ සරීරතො බින්දුබින්දුවසෙන සෙදා මුච්චන්ති. එත්තකඤ්ච කාලං තෙසං සරීරෙ ඛණ්ඩිච්චපාලිච්චාදිවසෙන විවණ්ණතා න පඤ්ඤායති, දෙවධීතා සොළසවස්සුද්දෙසිකා විය, දෙවපුත්තා වීසතිවස්සුද්දෙසිකා විය ඛායන්ති. මරණකාලෙ පන නෙසං කිලන්තරූපො අත්තභාවො හොති. එත්තකඤ්ච නෙසං කාලං දෙවලොකෙ උක්කණ්ඨිතා නාම නත්ථි, මරණකාලෙ පන නිස්සසන්ති විජම්භන්ති, සකෙ ආසනෙ නාභිරමන්ති.
එහි මාලා නම් පිළිසිඳ ගන්නා දවසේ පළදින ලද මල්ය. ඒවා හැට හත්දාහක් අධික කොට ඇති පණස්හත් කෝටියක් අවුරුදු මලානික නොවී එකල මැලවෙයි. වස්ත්‍ර ද මෙම ක්‍රමයයි. මෙපමණ කලක් දෙවියන්ට ශීතයක් ද උණුසුමක් ද නොවෙයි. ඒ කාලයෙහි ශරීරයෙන් බින්දු බින්දු වශයෙන් දහඩිය ගලත්. මෙතෙක් කාලයක් ඔවුන්ගේ ශරීරයෙහි කැඩුණු බිඳුණු ආදී වශයෙන් දුර්වර්ණ බවක් නොපෙනෙයි. දෙව් දූවරු දහසය වයසට පැමිණියවුන් මෙන් ද දෙව් පුතුන් විසි වයස් පැමිණියවුන් මෙන් ද වැටහෙයි. මැරෙණ කාලයෙහි ඔවුන්ගේ ශරීරය ක්ලාන්ත ස්වභාව වෙයි. මෙතෙක් කල් ඔවුන්ට දෙව්ලොව කෙරෙහි කළකිරීමක් නම් නැත. මැරෙන කාලයෙහි ඔවුන් තමන්ගේ ආසනයෙහි නොඇලෙත්.
ඉමානි පන පුබ්බනිමිත්තානි, යථා ලොකෙ මහාපුඤ්ඤානං රාජරාජමහාමත්තාදීනංයෙව උක්කාපාතභූමිචාලචන්දග්ගාහාදීනි නිමිත්තානි පඤ්ඤායන්ති, න සබ්බෙසං, එවමෙව මහෙසක්ඛානං දෙවතානංයෙව පඤ්ඤායන්ති, න සබ්බෙසං. යථා ච මනුස්සෙසු පුබ්බනිමිත්තානි නක්ඛත්තපාඨකාදයොව ජානන්ති, න සබ්බෙ, එවමෙව තානිපි සබ්බෙ දෙවා න ජානන්ති, පණ්ඩිතා එව පන ජානන්ති. තත්ථ යෙ ච මන්දෙන කුසලකම්මෙන නිබ්බත්තා දෙවපුත්තා, තෙ තෙසු උප්පන්නෙසු – “ඉදානි කො ජානාති, කුහිං නිබ්බත්තිස්සාමා”ති භායන්ති. යෙ මහාපුඤ්ඤා, තෙ – “අම්හෙහි දින්නං දානං රක්ඛිතං සීලං භාවිතං භාවනං ආගම්ම උපරිදෙවලොකෙසු සම්පත්තිං අනුභවිස්සාමා”ති න භායන්ති. බොධිසත්තොපි තානි පුබ්බනිමිත්තානි දිස්වා “ඉදානි අනන්තරෙ අත්තභාවෙ බුද්ධො භවිස්සාමී”ති න භායි. අථස්ස තෙසු නිමිත්තෙසු පාතුභූතෙසු දසසහස්සචක්කවාළදෙවතා සන්නිපතිත්වා – “මාරිස තුම්හෙහි දස පාරමියො පූරෙන්තෙහි න සක්කසම්පත්තිං න මාරබ්රහ්මචක්කවත්තිසම්පත්තිං පත්ථෙන්තෙහි පූරිතා, ලොකනිත්ථරණත්ථාය පන බුද්ධත්තං පත්ථයමානෙහි පූරිතා. සො වො ඉදානි කාලො මාරිස බුද්ධත්තාය, සමයො මාරිස බුද්ධත්තායා”ති යාචන්ති.
මේ වනාහී පූර්වනිමිතියි. යම්සේ ලෝකයෙහි මහා පින් ඇති රාජ රාජ මහාමාත්‍යාදීන්ට උල්කාපාත භූමිකම්පා චන්ද්‍රග්‍රහණ ආදී නිමිති පෙනෙත් ද සියල්ලන්ට ම නොපෙනෙත්. එපරිද්දෙන් මහේශාක්‍ය දෙවියන්ටම පෙනෙත්. සියල්ලන්ට ම නොපෙනෙත්. යම්සේ මිනිසුන් අතරෙහි පූර්වනිමිති නැකැත් කියන්නෝ ම දනිත් ද සියලු දෙනාම නොදනිත්. එසේම ඒවා ද සියලු දෙවියෝ ම නොදකිත්. පණ්ඩිතයෝ ම දනිත්. එහි යම් දිව්‍ය පුත්‍රයෙක් මද කුසල කර්මයෙන් උපන්නාහු ද ඔවුහු එහි උපන් කල්හි දැන් කවරෙක් දනී ද කොහි උපන්නහුදැයි බිය වෙත්. යම්කෙනෙක් මහත් පින් ඇත්තාහු ද ඔවුහු අප විසින් දන් දෙන ලදි. සිල් රකින ලදි. භාවනා වඩන ලදි. මතු දෙව්ලොව සැප අනුභව කරන්නෙමියි බිය නොවෙත්. බෝසත් තෙමේ ද ඒ පූර්වනිමිති දැක දැන් ඊළඟ ආත්ම භාවයේ දී බුදුවන්නෙමියි බිය නොවීය. එකල උන්වහන්සේ ඒ නිමිති පහළ වූ කල්හි දසදහසක් සක්වළ දෙවියෝ රැස්ව නිදුකාණෙනි, නුඹ වහන්සේ දස පාරමිතාවන් පුරන්නහු විසින් ශක්‍ර සම්පත්තිය මාර සම්පත්තිය බ්‍රහ්ම සම්පත්තිය චක්‍රවර්ති සම්පත්තිය ප්‍රාර්ථනා නොකරන ලදි. ලෝකයා එතර කරනු පිණිස බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් පුරන ලදහ. නිදුකාණෙනි, ඔබ වහන්සේට බුදුවීමට දැන් සුදුසු කාලය යැයි බුදුවනු මැනවයි ඉල්ලත්.
අථ මහාසත්තො දෙවතානං පටිඤ්ඤං අදත්වාව කාලදීපදෙසකුලජනෙත්තිආයුපරිච්ඡෙදවසෙන පඤ්චමහාවිලොකනං නාම විලොකෙසි. තත්ථ “කාලො නු ඛො, න කාලො”ති පඨමං කාලං විලොකෙසි. තත්ථ වස්සසතසහස්සතො උද්ධං වඩ්ඪිතආයුකාලො කාලො නාම න හොති. කස්මා? තදා හි සත්තානං ජාතිජරාමරණානි න පඤ්ඤායන්ති, බුද්ධානඤ්ච ධම්මදෙසනා නාම තිලක්ඛණමුත්තා නත්ථි, තෙසං අනිච්චං දුක්ඛං අනත්තාති කථෙන්තානං “කිං නාමෙතං කථෙන්තී”ති නෙව සොතුං න සද්ධාතුං මඤ්ඤන්ති, තතො අභිසමයො න හොති, තස්මිං අසති අනිය්යානිකං සාසනං හොති. තස්මා සො අකාලො. වස්සසතතො ඌනආයුකාලොපි කාලො නාම න හොති. කස්මා? තදා හි සත්තා උස්සන්නකිලෙසා හොන්ති, උස්සන්නකිලෙසානඤ්ච දින්නොවාදො ඔවාදට්ඨානෙ න තිට්ඨති. උදකෙ දණ්ඩරාජි විය ඛිප්පං විගච්ඡති. තස්මා සොපි අකාලො. සතසහස්සතො පන පට්ඨාය හෙට්ඨා වස්සසතතො පට්ඨාය උද්ධං ආයුකාලො කාලො නාම. තදා ච වස්සසතකාලො හොති. අථ මහාසත්තො “නිබ්බත්තිතබ්බකාලො”ති කාලං පස්සි.
එකල බෝසත් තෙමේ දෙවියන්ට පිළිතුරක් නොදී කාලය දීපය දේශය කුලය මව ආයුෂ පිරිසිඳීම් වශයෙන් පස්මහබැලුම් බැලීය. එහි කාලය ද නොකාලය දැයි පළමුව කාලය බැලීය. එහි අවුරුදු ලක්ෂයකින් මතු වැඩෙන ආයුෂ කාලය කාලය නම් නොවෙයි. කුමක්හෙයින් ද? ඒ කාලයෙහි සත්වයන්ගේ ජාති ජරා මරණයෝ නොපෙනෙත්. බුදුවරුන්ගේ ධර්ම දේශනා නම් ත්රිලක්ෂණයන්ගෙන් මිදීමක් නම් නැත. ඔවුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම යැයි කිව්වත් මේ කුමක් කියන්නේදැයි ඇසීමට ඇදහීමට නොසිතත්. එහෙයින් අවබෝධ නොවෙත්. එය නැති කල්හි ශාසනය අනිර්යානික වෙයි. එහෙයින් එය අකාලයයි. අවුරුදු සීයෙන් අඩු කාලය ද කාලය නොවෙයි. කුමක් හෙයින් ද? එකල සත්ත්වයෝ උස් කෙලෙස් ඇත්තාහු වෙත්. උස් කෙලෙස් ඇති අයට දෙන ලද අවවාද නිසි තැන නොසිටියි. දියෙහි ඇඳි ඉරක් මෙන් වහා පහවෙයි. ඒ නිසා එය ද කාලය නොවෙයි. ලක්ෂයෙහි පටන් යට සියයේ පටන් උඩ ආයු කාලය අකාලය නම් වෙයි. එකල්හි අවුරුදු සියයේ කාලය වෙයි. එකල බෝසත් තෙමේ ඉපදිය යුතු කාලය යැයි දැක්කේය.
තතො දීපං විලොකෙන්තො සපරිවාරෙ චත්තාරො දීපෙ ඔලොකෙත්වා – “තීසු දීපෙසු බුද්ධා න නිබ්බත්තන්ති, ජම්බුදීපෙයෙව නිබ්බත්තන්තී”ති දීපං පස්සි.
ඉක්බිතිව දීපය බලන්නේ පිරිවර සහිතව සතර දීපයන් බලා දීප තුනක බුදුවරු නූපදිති. දඹදිව ම උපදිතියි දීපය දැක්කේය.
තතො – “ජම්බුදීපො නාම මහා, දසයොජනසහස්සපරිමාණො, කතරස්මිං නු ඛො පදෙසෙ බුද්ධා නිබ්බත්තන්තී”ති දෙසං විලොකෙන්තො මජ්ඣිමදෙසං පස්සි. මජ්ඣිමදෙසො නාම “පුරත්ථිමාය දිසාය ගජඞ්ගලං නාම නිගමො”තිආදිනා නයෙන විනයෙ (මහාව· 259) වුත්තොව. සො පන ආයාමතො තීණි යොජනසතානි. විත්ථාරතො අඩ්ඪතියානි, පරික්ඛෙපතො නවයොජනසතානීති. එතස්මිඤ්හි පදෙසෙ චත්තාරි අට්ඨ සොළස වා අසඞ්ඛ්යෙය්යානි, කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා සම්මාසම්බුද්ධා උප්පජ්ජන්ති. ද්වෙ අසඞ්ඛ්යෙය්යානි, කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා පච්චෙකබුද්ධා උප්පජ්ජන්ති, එකං අසඞ්ඛ්යෙය්යං, කප්පසතසහස්සඤ්ච පාරමියො පූරෙත්වා සාරිපුත්තමොග්ගල්ලානාදයො මහාසාවකා උප්පජ්ජන්ති, චතුන්නං මහාදීපානං ද්විසහස්සානං පරිත්තදීපානඤ්ච ඉස්සරියාධිපච්චකාරකචක්කවත්තිරාජානො උප්පජ්ජන්ති, අඤ්ඤෙ ච මහෙසක්ඛා ඛත්තියබ්රාහ්මණගහපතිමහාසාලා උප්පජ්ජන්ති. ඉදඤ්චෙත්ථ කපිලවත්ථු නාම නගරං, තත්ථ මයා නිබ්බත්තිතබ්බන්ති නිට්ඨමගමාසි.
එයින් දඹදිව නම් යොදුන් දස දහසක් පමණ මහත්ය. කවර ප්‍රදේශයක බුදුවරු උපදිත් දැයි දේශය බලන්නේ මධ්‍යම ප්‍රදේශය දැක්කේය. මධ්‍යම ප්‍රදේශය නම් බටහිර දිශාවෙන් කජංගල නම් නියම් ගමය ආදී ක්‍රමයෙන් විනයෙහි කියන ලද්දේය. එය දිගින් යොදුන් තුන්සියයකි. පළලින් දෙකහමාරකි. වටින් යොදුන් නවසියයකි. මේ ප්‍රදේශයෙහි බුදුවරු, පසේබුදුවරු, අග්‍රශ්‍රාවකයන්, අසූ මහාශ්‍රාවකයන්. සක්විති රජවරුන්. අනෙත් මහේශාක්‍ය ක්ෂත්රිය බ්‍රාහ්මණ ගෘහපති මහාසාලයෝ උපදිති. මෙහි මේ කිඹුල්වත් නම් නුවර මා ඉපදිය යුතුයැයි නිෂ්ටාවට ගියේය.
තතො කුලං විලොකෙන්තො – “බුද්ධා නාම ලොකසම්මතෙ කුලෙ නිබ්බත්තන්ති, ඉදානි ච ඛත්තියකුලං ලොකසම්මතං, තත්ථ නිබ්බත්තිස්සාමි, සුද්ධොදනො නාම රාජා මෙ පිතා භවිස්සතී”ති කුලං පස්සි.
ඉක්බිතිව කුලය බලන්නේ බුදුවරු නම් ලෝක සම්මත කුලයෙහි උපදිත්. දැන් ක්ෂත්රිය කුලය ලෝක සම්මතයි. එහි උපදින්නෙමි. සුද්ධෝදන නම් රජු මාගේ පියා වන්නේ යැයි කුලය දැක්කේය.
තතො මාතරං විලොකෙන්තො – “බුද්ධමාතා නාම ලොලා සුරාධුත්තා න හොති, කප්පසතසහස්සං පූරිතපාරමී ජාතිතො පට්ඨාය අඛණ්ඩපඤ්චසීලා හොති, අයඤ්ච මහාමායා නාම දෙවී එදිසා. අයං මෙ මාතා භවිස්සති. කිත්තකං පනස්සා ආයූ”ති ආවජ්ජන්තො – “දසන්නං මාසානං උපරි සත්ත දිවසානී”ති පස්සි.
ඉක්බිතිව මව බලන්නේ බුද්ධමාතාව නම් ලොල් වූ සුරා ධුර්තයෙක් නොවෙයි. කල්ප ලක්ෂයක් පුරන ලද පාරමිතා ඇති ජාතියේ පටන් පන්සිල් නොකඩන ලද්දී වෙයි. මේ මහාමායා දේවිය නම් මෙබඳුය. මැය මාගේ මව වන්නීය. ඇයට ආයුෂ කොපමණක් ද? මාස දහයක් හා සත් දවසක් දැක්කේය.
ඉති ඉමං පඤ්චමහාවිලොකනං විලොකෙත්වා – “කාලො මෙ මාරිසා බුද්ධභාවායා”ති දෙවතානං සඞ්ගහං කරොන්තො පටිඤ්ඤං දත්වා “ගච්ඡථ තුම්හෙ”ති තා දෙවතා උය්යොජෙත්වා තුසිතදෙවතාහි පරිවුතො තුසිතපුරෙ නන්දනවනං පාවිසි. සබ්බදෙවලොකෙසු හි නන්දනවනං අත්ථියෙව. තත්ථ නං දෙවතා – “ඉතො චුතො සුගතිං ගච්ඡ, ඉතො චුතො සුගතිං ගච්ඡා”ති පුබ්බෙකතකුසලකම්මොකාසං සාරයමානා විචරන්ති. සො එවං දෙවතාහි කුසලං සාරයමානාහි පරිවුතො තත්ථ විචරන්තොව චවි.
මෙසේ පස් මහබැලුම් බලා නිදුකාණෙනි, මට බුදුවීමට කාලය යැයි දෙවියන්ට සංග්‍රහ කරන්නේ ප්‍රතිඥා දී නුඹලා යව යි ඒ දෙවිවරුන් යවා තුසිත දෙවියන් පිරිවරා තුසිත පුරයෙහි නන්දන වනයට පිවිසියේය. සියලු දිව්‍ය ලෝකවල නන්දන වන ඇත. එහි දී දෙවියන් ඔහුට මෙයින් චුතව සුගතියට යව මෙයින් චුතව සුගතියට යව යි කරන ලද කුසලයන්ගේ අවකාශ සිහිකරමින් හැසිරෙත්. හෙතෙම මෙසේ දෙවියන් විසින් කුසලය සිහිකරමින් ම පිරිවරා එහිම හැසිරෙන්නේ චුත විය.
එවං චුතො චවාමීති පජානාති, චුතිචිත්තං න ජානාති. පටිසන්ධිං ගහෙත්වාපි පටිසන්ධිචිත්තං න ජානාති, ඉමස්මිං මෙ ඨානෙ පටිසන්ධි ගහිතාති එවං පන ජානාති. කෙචි පන ථෙරා “ආවජ්ජනපරියායො නාම ලද්ධුං වට්ටති, දුතියතතියචිත්තවාරෙයෙව ජානිස්සතී”ති වදන්ති. තිපිටකමහාසීවත්ථෙරො පනාහ – “මහාසත්තානං පටිසන්ධි න අඤ්ඤෙසං පටිසන්ධිසදිසා, කොටිප්පත්තං තෙසං සතිසම්පජඤ්ඤං. යස්මා පන තෙනෙව චිත්තෙන තං චිත්තං ඤාතුං න සක්කා, තස්මා චුතිචිත්තං න ජානාති. චුතික්ඛණෙපි චවාමීති පජානාති, පටිසන්ධිං ගහෙත්වාපි පටිසන්ධිචිත්තං න ජානාති, අසුකස්මිං ඨානෙ පටිසන්ධි ගහිතාති පජානාති, තස්මිං කාලෙ දසසහස්සී කම්පතී”ති. එවං සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමන්තො පන එකූනවීසතියා පටිසන්ධිචිත්තෙසු මෙත්තාපුබ්බභාගස්ස සොමනස්ස-සහගත-ඤාණසම්පයුත්ත-අසඞ්ඛාරික-කුසලචිත්තස්ස සදිසමහාවිපාකචිත්තෙන පටිසන්ධිං ගණ්හි. මහාසීවත්ථෙරො පන “උපෙක්ඛාසහගතෙනා”ති ආහ.
මෙසේ චුත වන්නේ චුත වෙමියි දනියි. චුති සිත නොදනියි. පිළිසිඳ ගෙන ප්රතිසන්ධි සිත ද නොදනියි. මේ ස්ථානයෙහි මාගේ ප්රතිසන්ධිය ගන්නා ලද යැයි මෙසේ දනියි. සමහර තෙර කෙනෙක් ආවර්ජන පර්යාය නම් ලබන්නට වටියි. දෙවැනි සිත් වාරයෙහි ම දන්නේ යැයි කියත්. ත්‍රිපිටක මහාසිව තෙරුන් වහන්සේ කීය. බෝසතුන්ගේ ප්රතිසන්ධිය අන් සතුන්ගේ ප්රතිසන්ධිය හා සමාන නැත. ඔවුගේ සති සම්පජඤ්ඤය කෙළවරට පැමිණියේය. යම්හෙයකින් ඒ සිතින් ම ඒ සිත දැනගන්නට නොහැකි ද එහෙයින් චුත සිත නොදනියි. චුත වන මොහොතෙහි ම චුත වෙමියි දනියි. පිළිසිඳ ගෙන ප්රතිසන්ධි සිත නොදනියි. අසවල් තැන මා පිළිසිඳ ගත්තේ යැයි දනියි. ඒ කාලයෙහි දසදහසක් සක්වළ කම්පාවෙයි. මෙසේ මව් කුසට බැසගත්තේ දහනවයක් වූ ප්රතිසන්ධි සිත්වල මෛත්‍රී පෙරටු සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත අසංකාර කුසල් සිත සමාන මහා විපාක සිතින් පිළිසිඳ ගත්තේය. මහාසිව තෙරහු උපේක්ෂා සහගත සිතින් යැයි කීහ.
පටිසන්ධිං ගණ්හන්තො පන ආසාළ්හීපුණ්ණමායං උත්තරාසාළ්හනක්ඛත්තෙන අග්ගහෙසි. තදා කිර මහාමායා පුරෙ පුණ්ණමාය සත්තමදිවසතො පට්ඨාය විගතසුරාපානං මාලාගන්ධවිභූසනසම්පන්නං නක්ඛත්තකීළං අනුභවමානා සත්තමෙ දිවසෙ පාතො වුට්ඨාය ගන්ධොදකෙන න්හායිත්වා සබ්බාලඞ්කාරවිභූසිතා වරභොජනං භුඤ්ජිත්වා උපොසථඞ්ගානි අධිට්ඨාය සිරීගබ්භං පවිසිත්වා සිරීසයනෙ නිපන්නා නිද්දං ඔක්කමමානා ඉදං සුපිනං අද්දස – “චත්තාරො කිර නං මහාරාජානො සයනෙනෙව සද්ධිං උක්ඛිපිත්වා අනොතත්තදහං නෙත්වා එකමන්තං අට්ඨංසු. අථ නෙසං දෙවියො ආගන්ත්වා මනුස්සමලහරණත්ථං න්හාපෙත්වා දිබ්බවත්ථං නිවාසෙත්වා ගන්ධෙහි විලිම්පෙත්වා දිබ්බපුප්ඵානි පිළන්ධිත්වා තතො අවිදූරෙ රජතපබ්බතො, තස්ස අන්තො කනකවිමානං අත්ථි, තස්මිං පාචීනතො සීසං කත්වා නිපජ්ජාපෙසුං. අථ බොධිසත්තො සෙතවරවාරණො හුත්වා තතො අවිදූරෙ එකො සුවණ්ණපබ්බතො, තත්ථ චරිත්වා තතො ඔරුය්හ රජතපබ්බතං අභිරුහිත්වා උත්තරදිසතො ආගම්ම කනකවිමානං පවිසිත්වා මාතරං පදක්ඛිණං කත්වා දක්ඛිණපස්සං ඵාලෙත්වා කුච්ඡිං පවිට්ඨසදිසො අහොසි.
පිළිසිඳ ගැනීම ඇසළ පුන් පොහෝ දින උතුරුසැල් නැකැතින් ගත්තේය. ඒ කාලයෙහි මහාමායා දේවිය පෝයට කලින් සතියක් පටන් සුරාපානයෙන් වෙන්ව මල්ගඳ විලවුන්ගෙන් යුක්තව නැකැත් කෙළිය අනුභව කරන්නී හත්වෙනි දින උදෑසන ම නැගිට සුවඳ පැනින් ස්නානය කොට සියලු ආභරණයන්ගෙන් සැරසී උතුම් ආහාර වළඳා පෙහෙවස් ඉටා සිරියහන් ගැබට පිවිස සිරියහනෙහි වැද ඉන්නී නින්දට පැමිණ මේ සිහිනය දැක්කේය. සිව්වරම් මහ රජවරු ඇය යහන පිටින් ඔසවා අනෝතප්ත විලට පමුණුවා එකත්පසක සිටියාහ. ඉක්බිතිව ඔවුන්ගේ දෙවඟනන් පැමිණ මිනිස් කිළිටි හැරීම පිණිස නහවා දිව්‍ය වස්ත්‍ර අන්දවා සුවඳ ගල්වා දිව්‍ය මල් පළඳවා එයට නුදුරෙහි රිදී පර්වතයක එහි ඇතුළත රන් විමානයක් ඇත. එහි නැගෙනහිරට හිස දමා සයනය කරවූහ. ඉක්බිතිව බෝධිසත්වයන් වහන්සේ සුදු ඇත්පැටියෙක්ව එයට නුදුරෙහි එක් රන් පර්වතයක හැසිර එයින් බැස රිදී පර්වතයට නැග උතුරු දිශාවෙන් පැමිණ රන් විමනට පිවිස මව පැදකුණු කොට දකුණු පස පලා කුසට ඇතුලු වූවා හා සමාන විය.
අථ පබුද්ධා දෙවී තං සුපිනං රඤ්ඤො ආරොචෙසි. රාජා පභාතාය රත්තියා චතුසට්ඨිමත්තෙ බ්රාහ්මණපාමොක්ඛෙ පක්කොසාපෙත්වා හරිතූපලිත්තාය ලාජාදීහි කතමඞ්ගලසක්කාරාය භූමියා මහාරහානි ආසනානි පඤ්ඤාපෙත්වා තත්ථ නිසින්නානං බ්රාහ්මණානං සප්පිමධුසක්කරාභිසඞ්ඛාරස්ස වරපායාසස්ස සුවණ්ණරජතපාතියො පූරෙත්වා සුවණ්ණරජතපාතීතිහෙව පටිකුජ්ජිත්වා අදාසි, අඤ්ඤෙහි ච අහතවත්ථකපිලගාවීදානාදීහි තෙ සන්තප්පෙසි. අථ නෙසං සබ්බකාමසන්තප්පිතානං සුපිනං ආරොචාපෙත්වා – “කිං භවිස්සතී”ති පුච්ඡි. බ්රාහ්මණා ආහංසු – “මා චින්තයි මහාරාජ, දෙවියා තෙ කුච්ඡිම්හි ගබ්භො පතිට්ඨිතො, සො ච ඛො පුරිසගබ්භො, න ඉත්ථිගබ්භො, පුත්තො තෙ භවිස්සති. සො සචෙ අගාරං අජ්ඣාවසිස්සති, රාජා භවිස්සති චක්කවත්තී. සචෙ අගාරා නික්ඛම්ම පබ්බජිස්සති, බුද්ධො භවිස්සති ලොකෙ විවට්ටච්ඡදො”ති. එවං සතො සම්පජානො බොධිසත්තො තුසිතකායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමති.
එවිට පිබිදියා වූ දේවිය ඒ සිහිනය රජුට දැන්වීය. රජතෙමේ රාත්‍රිය පහ වූ කල්හි හැටහතරක් පමණ ප්‍රධාන බමුණන් ගෙන්වාගෙන සිරියල් හා විළඳ ඉස සරසන ලද බිම අනර්ඝ ආසන පණවා එහි උන්නා වූ බමුණන්ට ගිතෙල් මී සකුරුවලින් කරන ලද කිරිබතින් රන්තලි පුරවා රන්තලිවලින්ම වසා දුන්නේය. අන්‍යයන් විසින් ද ගෝදාන වස්ත්‍ර දීම් ආදියෙන් ඔවුහු සන්තර්පනය කළේය. එකල සියල්ලෙන් සතුටු කළ ඔවුන්ට සිහිනය සැළකොට කුමක්වන්නේදැයි ඇසීය. බමුණෝ කීහ. මහරජතුමනි, අනිකක් නොසිතව. නුඹගේ දේවියගේ කුසෙහි දරුගැබක් පිහිටියේය. එය ද පුරුෂ ගැබකි. ස්ත්‍රී ගැබක් නොවේ. ඔබට පුතෙක් වන්නේය. ඔහු ඉදින් ගිහිගෙහි වසන්නේ නම් සක්විති රජ වන්නේය. ඉදින් ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් බුදු වන්නේය. මෙසේ සිහියෙන් යුක්තව බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව මව් කුසට පැමිණෙයි.
තත්ථ සතො සම්පජානොති ඉමිනා චතුත්ථාය ගබ්භාවක්කන්තියා ඔක්කමතීති දස්සෙති. චතස්සො හි ගබ්භාවක්කන්තියො.
එහි සතොසම්පජානොති මෙයින් හතර වැනි ගර්භවක්රාන්තියට පැමිණෙයි යැයි දක්වයි. ගර්භවක්රාන්තියෝ හතරක් වෙත්.
“චතස්සො ඉමා, භන්තෙ, ගබ්භාවක්කන්තියො. ඉධ, භන්තෙ, එකච්චො අසම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, අසම්පජානො මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අයං පඨමා ගබ්භාවක්කන්ති.
“ස්වාමීනි, මේ ලෝකයෙහි සමහරෙක් සිහිනැතිවම මව් කුසට පැමිණෙත්. සිහි නැතිවම මව්කුස සිටිත්. සිහි නැතිවම මව්කුසින් නික්මෙත්. මේ පළමුවන ගර්භවක්‍රාන්තියයි.
පුන චපරං, භන්තෙ, ඉධෙකච්චො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, අසම්පජානො මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අයං දුතියා ගබ්භාවක්කන්ති.
නැවත ද ස්වාමීනි, මේ ලෝකයෙහි සමහරෙක් සිහි ඇතිවම මව් කුසට පැමිණෙත්. සිහිනැතිවම මව්කුස සිටිති. සිහි නැතිවම මව්කුසින් නික්මෙත්. මේ දෙවන ගර්භවක්‍රාන්තියයි.
පුන චපරං, භන්තෙ, ඉධෙකච්චො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, සම්පජානො මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අයං තතියා ගබ්භාවක්කන්ති.
නැවත ද ස්වාමීනි, මේ ලෝකයෙහි සමහරෙක් සිහි ඇතිවම මව් කුසට පැමිණෙත්. සිහි ඇතිවම මව්කුස සිටිති. සිහිනැතිවම මව්කුසින් නික්මෙත්. මේ තුන්වන ගර්භවක්‍රාන්තියයි.
පුන චපරං, භන්තෙ, ඉධෙකච්චො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, සම්පජානො මාතුකුච්ඡිස්මිං ඨාති, සම්පජානො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අයං චතුත්ථා ගබ්භාවක්කන්තී”ති (දී· නි· 3.147).
නැවත ද ස්වාමීනි, මේ ලෝකයෙහි සමහරෙක් සිහි ඇතිවම මව්කුසට පැමිණෙත්. සිහි ඇතිවම මව්කුස සිටිත්. සිහි ඇතිවම මව්කුසින් නික්මෙති. මේ හතරවන ගර්භවක්‍රාන්තියයි.
එතාසු පඨමා ලොකියමනුස්සානං හොති, දුතියා අසීතිමහාසාවකානං, තතියා ද්වින්නං අග්ගසාවකානං පච්චෙකබොධිසත්තානඤ්ච. තෙ කිර කම්මජවාතෙහි උද්ධංපාදා අධොසිරා අනෙකසතපොරිසෙ පපාතෙ විය යොනිමුඛෙ තාළච්ඡිග්ගලෙන හත්ථී විය අතිවිය සම්බාධෙන යොනිමුඛෙන නික්ඛමමානා අනන්තං දුක්ඛං පාපුණන්ති. තෙන නෙසං “මයං නික්ඛමාමා”ති සම්පජානතා න හොති. චතුත්ථා සබ්බඤ්ඤුබොධිසත්තානං. තෙ හි මාතුකුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හන්තාපි ජානන්ති, තත්ථ වසන්තාපි ජානන්ති. නික්ඛමනකාලෙපි නෙසං කම්මජවාතා උද්ධංපාදෙ අධොසිරෙ කත්වා ඛිපිතුං න සක්කොන්ති, ද්වෙ හත්ථෙ පසාරෙත්වා අක්ඛීනි උම්මීලෙත්වා ඨිතකාව නික්ඛමන්ති.
මෙයින් පළමුවැන්න ලෞකික මිනිසුන්ට වෙයි. දෙවැන්න අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාටයි. තෙවැන්න අගසව් දෙනමට හා පච්චේක බෝධිසත්වයන්ටයි. මොවුහු වනාහි කර්මජ වාතයෙන් පාද උඩුකුරුව හිස යට කොට නොයෙක් සිය ගණන් පුරුෂයන් හෙළන ප්‍රපාතයක මෙන් යෝනි මුඛයෙහි වැටුණාහු යතුරු සිඳුරකින් ඇතෙක් අදින්නාක් මෙන් බොහෝ සම්බාධයන්ගෙන් යෝනි මුඛයෙන් නික්මෙන්නාහු නොයෙක් දුකට පැමිණෙත්. එහෙයින් ඔවුන්ට අපි නික්මෙමුයි සිහියක් නොවෙයි. හතර වැන්නෙන් කී සර්වඥ බෝධිසත්ත්වයන් වහන්සේ තමන් මව්කුස පිළිසිඳ ගැනීම දනිත්. එහි වාසය කරන බව දනිත්. නික්මෙන කාලයෙහි ද කර්මජ වාතයෙන් ඔහු පාද උඩුකුරුවත් හිස යටිකුරුවත් කොට හෙළන්නට නොහැකි වෙත්. අත්දෙක දිගු කොට ඇස් හැර සිටගෙන ම නික්මෙත්.
මාතුකුච්ඡිං ඔක්කමතීති එත්ථ මාතුකුච්ඡිං ඔක්කන්තො හොතීති අත්ථො. ඔක්කන්තෙ හි තස්මිං එවං හොති, න ඔක්කමමානෙ. අප්පමාණොති බුද්ධප්පමාණො, විපුලොති අත්ථො. උළාරොති තස්සෙව වෙවචනං. දෙවානුභාවන්ති එත්ථ දෙවානං අයමානුභාවො – නිවත්ථවත්ථස්ස පභා ද්වාදස යොජනානි ඵරති, තථා සරීරස්ස, තථා අලඞ්කාරස්ස, තථා විමානස්ස, තං අතික්කමිත්වාති අත්ථො.
මාතුකුච්ඡිං ඔක්කමතීති මෙහි මව් කුසින් නික්මෙන්නේ වෙයි යන තේරුමයි. නික්මෙන්නේ එහි මෙසේ වෙයි. අප්පමාණොති බුද්ධ ප්‍රමාණය. මහත්ය යන තේරුමයි. උළාරොති එයටම පර්යාය වචනයයි. දෙවානං දෙවානුභාවන්ති මෙහි දෙවියන්ගේ මේ ආනුභාවයයි. අඳින ලද වස්ත්‍රයාගේ ප්‍රභාව යොදුන් දොළහක් පැතිරෙයි. ශරීරයේ ද අලංකාරයේ ද විමානයේ ද ප්‍රභාව එසේමය. එය ඉක්මවා යන තේරුමයි.
ලොකන්තරිකාති තිණ්ණං තිණ්ණං චක්කවාළානං අන්තරා එකෙකො ලොකන්තරිකා හොති, තිණ්ණං සකටචක්කානං පත්තානං වා අඤ්ඤමඤ්ඤං ආහච්ච ඨපිතානං මජ්ඣෙ ඔකාසො විය. සො පන ලොකන්තරිකනිරයො පරිමාණතො අට්ඨයොජනසහස්සො හොති. අඝාති නිච්චවිවටා. අසංවුතාති හෙට්ඨාපි අප්පතිට්ඨා. අන්ධකාරාති තමභූතා. අන්ධකාරතිමිසාති චක්ඛුවිඤ්ඤාණුප්පත්තිනිවාරණතො අන්ධභාවකරණතිමිසෙන සමන්නාගතා. තත්ථ කිර චක්ඛුවිඤ්ඤාණං න ජායති. එවංමහිද්ධිකාති චන්දිමසූරියා කිර එකප්පහාරෙනෙව තීසු දීපෙසු පඤ්ඤායන්ති, එවංමහිද්ධිකා. එකෙකාය දිසාය නවනවයොජනසතසහස්සානි අන්ධකාරං විධමිත්වා ආලොකං දස්සෙන්ති, එවං මහානුභාවා. ආභාය නානුභොන්තීති අත්තනො පභාය නප්පහොන්ති. තෙ කිර චක්කවාළපබ්බතස්ස වෙමජ්ඣෙන චරන්ති, චක්කවාළපබ්බතඤ්ච අතික්කම්ම ලොකන්තරිකනිරයො, තස්මා තෙ තත්ථ ආභාය නප්පහොන්ති.
ලොකන්තරිකාති තුන් තුන් සක්වළ අතර එකක් ලෝකාන්තරිකයක් වෙයි. කරත්ත රෝද තුනක් අතරට හෝ සක්‍ර තුනක් අතරට ඔවුනොවුන් වැඩ සිටිය මැද ඇතිවන අවකාශයක් මෙනි. ඒ ලෝකාන්තරික නරකය ප්‍රමාණයෙන් යොදුන් අටදාහකි. අඝාති නිතර විවෘතයි. අසංවුතාති යටට ද නොපිහිටයි. අන්ධකාරාති අඳුරු විය. අන්ධකාරතිමිසාති චක්ෂුර් විඥානයාගේ ඉපදීම වැළකීමෙන් අඳුරු බව කරන කළුවරින් යුක්ත විය. එහි වනාහි චක්ෂුර් විඥානය නොඋපදියි. එවං මහිද්ධිකාති සඳ හිරු එක පහරින් ම දිවයින් තුනක් පෙනෙත්. මෙසේ මහත් සෘද්ධි ඇත. එක එක දිසාවෙහි යොදුන් නව නව ලක්ෂයක් අඳුර නසා එළිය දක්වත්. එවං මහානුභාවා ආභාය නානුභොන්තීති තමාගේ ප්‍රභාවෙන් නොසෑහෙයි. ඔවුහු එහි එළියෙන් නොසෑහෙත්,
යෙපි තත්ථ සත්තාති යෙපි තස්මිං ලොකන්තරමහානිරයෙ සත්තා උපපන්නා. කිං පන කම්මං කත්වා තෙ තත්ථ උප්පජ්ජන්තීති? භාරියං දාරුණං මාතාපිතූනං ධම්මිකසමණබ්රාහ්මණානඤ්ච උපරි අපරාධං අඤ්ඤඤ්ච දිවසෙ දිවසෙ පාණවධාදිසාහසිකකම්මං කත්වා උප්පජ්ජන්ති තම්බපණ්ණිදීපෙ අභයචොරනාගචොරාදයො විය. තෙසං අත්තභාවො තිගාවුතිකො හොති, වග්ගුලීනං විය දීඝනඛා හොන්ති. තෙ රුක්ඛෙ වග්ගුලියො විය නඛෙහි චක්කවාළපාදෙ ලග්ගන්ති. යදා පන සංසප්පන්තා අඤ්ඤමඤ්ඤස්ස හත්ථපාසං ගතා හොන්ති, අථ “භක්ඛො නො ලද්ධො”ති මඤ්ඤමානා තත්ථ වාවටා විපරිවත්තිත්වා ලොකසන්ධාරකඋදකෙ පතන්ති. වාතෙ පහරන්තෙ මධුකඵලානි විය ඡිජ්ජිත්වා උදකෙ පතන්ති. පතිතමත්තා ච අච්චන්තඛාරෙ උදකෙ පිට්ඨපිණ්ඩි විය විලීයන්ති.
යෙපි තත්ථ සත්තාති යම් සත්වයෙක් ඒ ලෝකාන්තරික නරකයෙහි උපන්නාහු ද කිනම් කර්මයක් කොට ඒ සත්වයෝ එහි උපදිත් ද? මව්පියන්ට හා දැහැමි මහණ බමුණන්ට බරපතල හා දරුණු වූ කර්ම කොට ද දිනපතා ප්‍රාණඝාත ආදී අනෙත් දරුණු සැහැසිකම් කොට උපදිත්. තම්බපණ්ණිදීපයෙහි අභයචෝරනාග සොරා ආදීහු මෙනි. ඔවුන්ගේ ආත්මභාවය ගව් තුනක් පමණ වෙයි. වවුලන්ගේ මෙන් දිග නියපොතු වෙති. ඔවුහු ගස්වල වවුලන් මෙන් නියවලින් සක්වළ පාදයෙහි එල්ලෙත්. යම්කලෙක හැසිරෙන්නෝ ඔවුනොවුන් අත්පසට පැමිණියාහු ද එකල අපට ආහාරයක් ලැබුණා යැයි සිතමින් එහි සිදුවන්නහු පෙරලී ලෝකසන්ධාරක ජලයෙහි වැටෙත්. වාතයෙන් පහරන ලද මිහිරි ගෙඩියක් මෙන් සිඳී ජලයෙහි වැටෙත්. වැටෙන්නාහු ඉතා ක්ෂාර ජලයෙහි පිටි ගුලියක් මෙන් වියලෙත්.
අඤ්ඤෙපි කිර භො සන්ති සත්තාති – “යථා මයං මහාදුක්ඛං අනුභවාම, එවං අඤ්ඤෙපි කිර සත්තා ඉදං දුක්ඛං අනුභවන්තා ඉධූපපන්නා”ති තං දිවසං පස්සන්ති. අයං පන ඔභාසො එකයාගුපානමත්තම්පි න තිට්ඨති, යාවතා නිද්දායිත්වා පබුද්ධො ආරම්මණං විභාවෙති, තත්තකං කාලං හොති. දීඝභාණකා පන “අච්ඡරාසඞ්ඝාටමත්තමෙව විජ්ජුභාසො විය නිච්ඡරිත්වා කිං ඉදන්ති භණන්තානංයෙව අන්තරධායතී”ති වදන්ති. සඞ්කම්පතීති සමන්තතො කම්පති. ඉතරද්වයං පුරිමපස්සෙව වෙවචනං. පුන අප්පමාණො චාතිආදි නිගමනත්ථං වුත්තං.
අඤ්ඤෙපි කිර නො සන්ති සත්තාති. පින්වත්නි, යම්සේ අපි මහත් දුක් අනුභව කරමු ද? එසේම අන්‍ය සත්වයෝ ද මේ දුක් අනුභව කිරීම පිණිස මෙහි උපන්නාහු ද ඒ දවසක් පෙනෙත්. මේ එළිය එක කැඳක් බොන පමණක්වත් නොසිටියි. යම්තාක් නිදා අවදි වූයේ අරමුණක් වඩයි ද එපමණ කාලයක් වෙයි. දීඝභාණකයෝ වනාහි අසුරුසනක් ගසන කාලය පමණක් යැයි විදුලියක් මෙන් නික්මී මේ කුමක්දැයි කියන අතරම නැතිවේ යැයි කියත්. සංකම්පතීති හාත්පසින් කම්පවෙයි. මේ අනෙත් මුලින් කී පදය පර්යායයි. නැවත ද අප්පමාණො චාති යනාදිය නිගමනය පිණිස කියන ලදි.
චත්තාරො දෙවපුත්තා චතුද්දිසං ආරක්ඛාය උපගච්ඡන්තීති එත්ථ චත්තාරොති චතුන්නං මහාරාජූනං වසෙන වුත්තං, දසසහස්සචක්කවාළෙ පන චත්තාරො චත්තාරො කත්වා චත්තාලීසදසසහස්සා හොන්ති. තත්ථ ඉමස්මිං චක්කවාළෙ මහාරාජානො ඛග්ගහත්ථා ආගන්ත්වා බොධිසත්තස්ස ආරක්ඛණත්ථාය උපගන්ත්වා සිරීගබ්භං පවිට්ඨා, ඉතරෙ ගබ්භද්වාරතො පට්ඨාය අවරුද්ධපංසුපිසාචකාදියක්ඛගණෙ පටික්කමාපෙත්වා යාව චක්කවාළා ආරක්ඛං ගණ්හිංසු.
චත්තාරො නං දෙවපුත්තා චාතුද්දිසං ආරක්ඛාය උපගච්ඡන්තීති මෙහි චත්තාරො නම් සතර මහ රජුන්ගේ වශයෙන් කියන ලදි. දසදහසක් සක්වළ හතර හතර කොට හතළිස් දසදහසක් වෙති. එහි මේ සක්වළෙහි මහ රජවරු කඩු ගත් අත් ඇතිව පැමිණ බෝසතුන්ගේ ආරක්ෂාව පිණිස එළඹ සිරියහන්ගැබට පිවිසියාහ. අනෙත් අය ගැබ දොර පටන් විරුද්ධ පාංශුපිශාච ආදී යක්ෂ සමූහයා ඉවත්කොට සක්වළ තෙක් ආරක්ෂාව ගත්තාහ.
කිමත්ථං පනායං රක්ඛා ආගතා? නනු පටිසන්ධික්ඛණෙ කලලකාලතො පට්ඨාය සචෙපි කොටිසතසහස්සා මාරා කොටිසතසහස්සං සිනෙරුං උක්ඛිපිත්වා බොධිසත්තස්ස වා බොධිසත්තමාතුයා වා අන්තරායකරණත්ථං ආගච්ඡෙය්යුං, සබ්බෙ අන්තරාව අන්තරධායෙය්යුං. වුත්තම්පි චෙතං භගවතා රුහිරුප්පාදවත්ථුස්මිං – “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො, යං පරූපක්කමෙන තථාගතං ජීවිතා වොරොපෙය්ය. අනුපක්කමෙන, භික්ඛවෙ, තථාගතා පරිනිබ්බායන්ති. ගච්ඡථ තුම්හෙ, භික්ඛවෙ, යථාවිහාරං, අරක්ඛියා, භික්ඛවෙ, තථාගතා”ති (චූළව· 341). එවමෙතං, න පරූපක්කමෙන තෙසං ජීවිතන්තරායො අත්ථි. සන්ති ඛො පන අමනුස්සා විරූපා දුද්දසිකා, භෙරවරුපා පක්ඛිනො, යෙසං රූපං දිස්වා සද්දං වා සුත්වා බොධිසත්තමාතු භයං වා සන්තාසො වා උප්පජ්ජෙය්ය, තෙසං නිවාරණත්ථාය රක්ඛං අග්ගහෙසුං. අපිච ඛො බොධිසත්තස්ස පුඤ්ඤතෙජෙන සඤ්ජාතගාරවා අත්තනො ගාරවචොදිතාපි තෙ එවමකංසු.
කුමක් නිසා ආරක්ෂාවට ආවාහු ද? ප්රතිසන්ධි මොහොතෙහි කළල අවස්ථාවේ පටන් ඉදින් කෙළ සියයක් මාරයෝ කෙළ සියයක් මහමෙර ඔසවා බෝසතුන්ට හෝ බෝසත් මවට හෝ අනතුරු කිරීමට ආවාහු. නමුත් සියලු අනතුරු වළක්වන්නාහ. රුහිරුප්පාද වස්තුවෙහි බුදුරදුන් මෙය කියන ලදි. “මහණෙනි, මේ කරුණු හේතු රහිතය. අනුන්ගේ උපක්‍රමයකින් බුදුරදුන්ගේ ජීවිතය තොර කරන්නේය. අනුන්ගේ උපක්‍රමයකින් බුදුරදුන් පිරිනිවන් පාන්නේය. මහණෙනි, නුඹලා යව්. මහණෙනි. බුදුවරයෝ රැකිය නොහැකිය. මෙසේ අනුන්ගේ උපක්‍රමයකින් ඔවුන්ගේ ජීවිතයට අනතුරක් නැත. විරූප වූ දැකිය නොහැකි වූ අමනුෂ්‍යයෝ ඇත. භය ශබ්ද ඇති පක්ෂීහු ඇත. යම් කෙනෙකුන්ගේ රූප දැක හෝ ශබ්දය අසා හෝ බෝසත් මවට බියක් හෝ තැති ගැනීමක් හෝ උපදින්නේ ද ඔවුන්ගේ ආරක්ෂාව පිණිස ආරක්ෂාව ගත්තාහ. එසේ වුවත් බෝසතුන්ගේ පින් තේජසින් හටගත් ගෞරවයෙන් තමන්ගේ ගෞරවාදරය නිසා ඔවුහු මෙසේ කළාහ.
කිං පන තෙ අන්තොගබ්භං පවිසිත්වා ඨිතා චත්තාරො මහාරාජානො බොධිසත්තමාතුයා අත්තානං දස්සෙන්ති න දස්සෙන්තීති? නහානමණ්ඩනභොජනාදිසරීරකිච්චකාලෙ න දස්සෙන්ති, සිරීගබ්භං පවිසිත්වා වරසයනෙ නිපන්නකාලෙ පන දස්සෙන්ති. තත්ථ කිඤ්චාපි අමනුස්සදස්සනං නාම මනුස්සානං සප්පටිභයං හොති, බොධිසත්තමාතා පන අත්තනො චෙව පුත්තස්ස ච පුඤ්ඤානුභාවෙන තෙ දිස්වා න භායති, පකතිඅන්තෙපුරපාලකෙසු විය අස්සා තෙසු චිත්තං උප්පජ්ජති.
කිමෙක් ද? ඔවුහු ඇතුළු ගැබට පිවිස සිටියාහු සතරවරම් මහ රජවරු බෝසත් මවට තමන් දක්වත් ද? නොදක්වත් ද? ස්නානය කරන සැරසෙන වළඳන ආදී ශරීර කෘත්‍ය කරන කාලයෙහි නොදක්වත්. සිරියහන්ගැබට පැමිණ උතුම් සයනයෙහි හුන් කාලයෙහි දක්වත්. එහි ඉදින් අමනුෂ්‍යයන්ගේ දර්ශනය මිනිසුන්ට බිය උපදවන සුළු වෙයි. බෝසත් මව තමාගේත් පුතාගේත් පින් බලයෙන් ඔවුන් දැක බිය නොවෙයි. ප්‍රකෘති අන්තඃපුර ආරක්ෂකයන් මෙන් ඔවුන් කෙරෙහි සිතක් උපදියි.
පකතියා සීලවතීති සභාවෙනෙව සීලසම්පන්නා. අනුප්පන්නෙ කිර බුද්ධෙ මනුස්සා තාපසපරිබ්බාජකානං සන්තිකෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා සීලං ගණ්හන්ති, බොධිසත්තමාතාපි කාලදෙවිලස්ස ඉසිනො සන්තිකෙ ගණ්හාති. බොධිසත්තෙ පන කුච්ඡිගතෙ අඤ්ඤස්ස පාදමූලෙ නිසීදිතුං නාම න සක්කා, සමාසනෙ නිසීදිත්වා ගහිතසීලම්පි අවඤ්ඤා කාරණමත්තං හොති. තස්මා සයමෙව සීලං අග්ගහෙසීති වුත්තං හොති.
පකතියා සීලවතීති ස්වභාවයෙන් ම සීලයෙන් යුතු වූ. බුදුරදුන් නූපන් කල්හි මිනිස්සු තාපස පිරිවැජි ආදීන් ළඟ වැඳ උක්කුටිකයෙන් හිඳ සිල් ගණිත්. බෝසත් මව කාලදේවල සෘෂිවරයා වෙතින් සිල් ගනියි. බෝසතුන් කුසට පැමිණි කල්හි අනෙකකුගේ පාමුල ඉන්නට නොහැකිය. සම අසුනෙහි හිඳ ගන්නා ලද සීලය ද නින්දාවට කාරණයක් වෙයි. එහෙයින් සයමෙව සීලං ගහෙසීති යන්න කියන ලදි.
පුරිසෙසූති බොධිසත්තස්ස පිතරං ආදිං කත්වා කෙසුචි මනුස්සෙසු පුරිසාධිප්පායචිත්තං නුප්පජ්ජති. තඤ්ච ඛො බොධිසත්තෙ ගාරවෙන, න පහීනකිලෙසතාය. බොධිසත්තමාතු රූපං පන සුකුසලාපි සිප්පිකා පොත්ථකම්මාදීසුපි කාතුං න සක්කොන්ති, තං දිස්වා පුරිසස්ස රාගො නුප්පජ්ජතීති න සක්කා වත්තුං. සචෙ පන තං රත්තචිත්තො උපසඞ්කමිතුකාමො හොති, පාදා න වහන්ති, දිබ්බසඞ්ඛලිකා විය බජ්ඣන්ති. තස්මා “අනතික්කමනීයා”තිආදි වුත්තං.
පුරිසෙසුති බෝසත් පියා ආදී කොට කිසි මිනිසෙකු කෙරෙහි පුරුෂයන් කෙරෙහි ඇලීම් සිතක් නූපදියි. එය බෝධිසත්වයන් කෙරෙහි ගෞරවයක් නොව කෙළෙස් හීන බැවිනි. බෝසත් මවගේ රූපය ඉතා දක්ෂ සිත්තරුන්ට පොත්වල අඳින්නට නොහැකි වෙත්. එය දැක මිනිසුන්ට රාගය උපදින්නේ නැතැයි කීමට නොහැකිය. ඉදින් ඇය කෙරෙහි ඇලුණු සිතින් එළඹීමට කැමැති වෙයි ද පාද නොඑසවෙත්. දිව්‍ය මාංචුවලින් බැඳෙත්. එහෙයින් අනත්තක්කමනීයාති යනාදිය කීය.
පඤ්චන්නං කාමගුණානන්ති පුබ්බෙ “කාමගුණූපසංහිත”න්ති පුරිසාධිප්පායවසෙන වත්ථුපටික්ඛෙපො කථිතො, ඉධ ආරම්මණප්පටිලාභො දස්සිතො. තදා කිර “දෙවියා එවරූපො පුත්තො කුච්ඡිස්මිං උප්පන්නො”ති, සුත්වා සමන්තතො රාජානො මහග්ඝආභරණතූරියාදිවසෙන පඤ්චද්වාරාරම්මණවත්ථුභූතං පණ්ණාකාරං පෙසෙන්ති, බොධිසත්තස්ස ච බොධිසත්තමාතුයා ච කතකම්මස්ස උස්සන්නත්තා ලාභසක්කාරස්ස පමාණපරිච්ඡෙදො නාම නත්ථි.
පඤචන්නං කාමගුණානන්ති පෙර කාම ගුණයෙන් යුතුයැයි පුරුෂ අධිප්පාය වශයෙන් වස්තු ප්රතික්ෂේපය කියන ලදි. මෙහි අරමුණු ප්‍රතිලාභය දක්වන ලදි. එකල්හි දේවියට මෙබඳු පුතෙක් කුසෙහි උපන්නේ යැයි අසා හාත්පසින් රජවරු මාහැගි ආභරණ තූර්යාදි වශයෙන් පංචද්වාරයට අරමුණු පඬුරු එවත්. බෝසතුන්ට ද බෝසත් මවට ද කරන ලද කර්ම උස්සන්න හෙයින් ලාභසත්කාරයන්හි ප්‍රමාණයක් නැත.
අකිලන්තකායාති යථා අඤ්ඤා ඉත්ථියො ගබ්භභාරෙන කිලමන්ති, හත්ථපාදා උද්ධුමාතකාදීනි පාපුණන්ති, න එවං තස්සා කොචි කිලමථො අහොසි. තිරොකුච්ඡිගතන්ති අන්තොකුච්ඡිගතං. කලලාදිකාලං අතික්කමිත්වා සඤ්ජාතඅඞ්ගපච්චඞ්ගං අහීනින්ද්රියභාවං උපගතංයෙව පස්සති. කිමත්ථං පස්සති? සුඛවාසත්ථං. යථෙව හි මාතා පුත්තෙන සද්ධිං නිසින්නා වා නිපන්නා වා “හත්ථං වා පාදං වා ඔලම්බන්තං උක්ඛිපිත්වා සණ්ඨපෙස්සාමී”ති සුඛවාසත්ථං පුත්තං ඔලොකෙති, එවං බොධිසත්තමාතාපි යං තං මාතු උට්ඨානගමනපරිවත්තනනිසජ්ජාදීසු උණ්හසීතලොණිකතිත්තකකටුකාහාරඅජ්ඣොහරණකාලෙසු ච ගබ්භස්ස දුක්ඛං උප්පජ්ජති, අත්ථි නු ඛො මෙ තං පුත්තස්සාති සුඛවාසත්ථං බොධිසත්තං ඔලොකයමානා පල්ලඞ්කං ආභුජිත්වා නිසින්නං බොධිසත්තං පස්සති. යථා හි අඤ්ඤෙ අන්තොකුච්ඡිගතා පක්කාසයං අජ්ඣොත්ථරිත්වා ආමාසයං උක්ඛිපිත්වා උදරපටලං පිට්ඨිතො කත්වා පිට්ඨිකණ්ටකං නිස්සාය උක්කුටිකා ද්වීසු මුට්ඨීසු හනුකං ඨපෙත්වා දෙවෙ වස්සන්තෙ රුක්ඛසුසිරෙ මක්කටා විය නිසීදන්ති, න එවං බොධිසත්තො. බොධිසත්තො පන පිට්ඨිකණ්ටකං පිට්ඨිතො කත්වා ධම්මාසනෙ ධම්මකථිකො විය පල්ලඞ්කං ආභුජිත්වා පුරත්ථාභිමුඛො නිසීදති. පුබ්බෙ කතකම්මං පනස්සා වත්ථුං සොධෙති, සුද්ධෙ වත්ථුම්හි සුඛුමච්ඡවිලක්ඛණං නිබ්බත්තති. අථ නං කුච්ඡිගතං තචො පටිච්ඡාදෙතුං න සක්කොති, ඔලොකෙන්තියා බහි ඨිතො විය පඤ්ඤායති. තමත්ථං උපමාය විභාවෙන්තො සෙය්යථාපීතිආදිමාහ. බොධිසත්තො පන අන්තොකුච්ඡිගතො මාතරං න පස්සති. න හි අන්තොකුච්ඡියං චක්ඛුවිඤ්ඤාණං උප්පජ්ජති.
අකිලන්තකායාති යම්සේ ස්ත්‍රීහු ගැබෙහි බරින් ක්ලාන්ත වෙත්. අත්පා ඉදිමීමට පැමිණෙත්. ඇයට මෙබඳු කිසිම ක්ලාන්තයක් නැත. තිරොකුච්ඡිගතන්ති ඇතුල් කුසට ගියේ. කළල අවස්ථාදිය නොඉක්මවා හටගත් අංග ප්‍රත්‍යංග අඩුනොවූ ඉන්ද්රිය බවට පැමිණියේ ම දකියි. කුමක් පිණිස දකියි ද සැපසේ වාසය කිරීම පිණිසය. යම්සේ මව පුතා සමඟ හුන්නේ හෝ හොත්තේ හෝ අත් පා එළඹෙන්නාහු ඔවා තබන්නෙමියි සැපසේ විසීම පිණිස පුතා බලයි. මෙසේ බෝසත් මව ද යම් ඒ මවගේ නැගිටීම යාම පෙරළිම හිඳීම ආදියෙහි ද උණුසුම ශීතල ලුණු රස තිත්ත රස කටුක ආහාර අනුභව කරන කල්හි ද ගැබට දුක් උපදියි. මගේ පුතාට එය සුවය පිණිස ඇත්දැයි බලන්නී පර්යංකයක් බැඳ හුන් බෝසතුන් බලයි. යම්සේ අනෙත් අය ඇතුල් කුසට පැමිණියාහු පක්වාසය ආමාශය ඔසවා උදර පටලයෙහි පෘෂ්ටය කොට පිටකටුව නිසා උක්කුටිකව දෙමිටෙහි හනුව තබා වැසි වසිනා කල ගස් සිදුරෙහි වඳුරෙක් මෙන් හිඳිති. බෝධිසත්වයන් එසේ නොවේ. බෝධිසත්වයන් වනාහි පිටකටුව පිටට කොට ධර්මාසනයෙහි ධර්මකථිකයෙක් මෙන් පළඟක් බැඳ පෙරදිගට අභිමුඛව සිටියි. පෙර කරන ලද කර්මය ඔහුගේ වස්තුව පිරිසිදු කරයි. වස්තුව පිරිසිදු වූ කල සියුම් සිව් ලකුණ උපදියි. එකල කුසට පැමිණියේ එය සමෙන් වසන්නට නොහැකි වෙයි. බලන කල පිටත සිටියාක් මෙන් පෙනෙයි. එහි තේරුම උපමාවකින් පෙන්නුම් කරන්නේ සෙය්යථාපි යනාදිය කීය. බෝසත් තෙමේ ඇතුල් කුසට ගියේ මව නොදකියි. ඇතුල් කුසෙහි දී චක්ෂුර් විඥානය නොඋපදියි.
කාලං කරොතීති න විජාතභාවපච්චයා, ආයුපරික්ඛයෙනෙව. බොධිසත්තෙන වසිතට්ඨානඤ්හි චෙතියකුටිසදිසං හොති අඤ්ඤෙසං අපරිභොගං, න ච සක්කා බොධිසත්තමාතරං අපනෙත්වා අඤ්ඤං අග්ගමහෙසිට්ඨානෙ ඨපෙතුන්ති තත්තකංයෙව බොධිසත්තමාතු ආයුප්පමාණං හොති, තස්මා තදා කාලං කරොති. කතරස්මිං පන වයෙ කාලං කරොතීති? මජ්ඣිමවයෙ. පඨමවයස්මිඤ්හි සත්තානං අත්තභාවෙ ඡන්දරාගො බලවා හොති, තෙන තදා සඤ්ජාතගබ්භා ඉත්ථී තං ගබ්භං අනුරක්ඛිතුං න සක්කොන්ති, ගබ්භො බහ්වාබාධො හොති. මජ්ඣිමවයස්ස පන ද්වෙ කොට්ඨාසෙ අතික්කම්ම තතියකොට්ඨාසෙ වත්ථුං විසදං හොති, විසදෙ වත්ථුම්හි නිබ්බත්තා දාරකා අරොගා හොන්ති. තස්මා බොධිසත්තමාතාපි පඨමවයෙ සම්පත්තිං අනුභවිත්වා මජ්ඣිමවයස්ස තතියකොට්ඨාසෙ විජායිත්වා කාලං කරොති.
කළුරිය කරේනුයි ප්‍රසූත බැව් හේතුවෙන් නොවේ. ආයුෂ ක්ෂය වීමෙනි. බෝසතුන් විසින් වසන ස්ථානය සෑ කුටියක් හා සමාන වෙයි. අන්‍යයන්ට පරිභෝග කළ නොහැකිය. බෝසත් මව ඉවත්කොට අනෙකෙක් අගමෙහෙසිය තනතුරෙහි තබන්නට නොහැකිය. බෝසත් මවට ආයුෂ එපමණම වෙයි. එහෙයින් එකල්හි ම කළුරිය කරයි. කුමන වයසේ දී කළුරිය කරයි ද? මධ්‍යම වයසේ දී ය. පළමු වයස් කාලයෙහි සත්වයන්ට ආත්මය කෙරෙහි ජන්දරාගය බලවත් වෙයි. එහෙයින් එකල හටගත් ගැබ් ඇති ස්ත්‍රීහු ඒ ගැබ ආරක්ෂා කරන්නට නොහැකි වෙයි. ගැබට බොහෝ බාධා ඇති වෙයි. මැද වයස් ඇත්තියගේ දෙකොටසක් ඉක්මවා තුන්වන කොටසෙහි වස්තුව පිරිසිදු වෙයි. වස්තුව පිරිසිදු වූ කල ඉපදුන දරුවෝ නිරෝගී වෙත්. එහෙයින් බෝසත් මව පළමු වයසේ දී සම්පත් අනුභව කොට මැද වයසේ තුන්වන කොටසෙහි ප්‍රසූත කොට කාළක්‍රියා කරයි.
නව වා දස වාති එත්ථ වා-සද්දෙන විකප්පනවසෙන සත්ත වා අට්ඨ වා එකාදස වා ද්වාදස වාති එවමාදීනම්පි සඞ්ගහො වෙදිතබ්බො. තත්ථ සත්තමාසජාතො ජීවති, සීතුණ්හක්ඛමො පන න හොති. අට්ඨමාසජාතො න ජීවති, සෙසා ජීවන්ති.
නව වා දස වාති මෙහි වා ශබ්දය විකල්ප වශයෙන් හත හෝ අට හෝ එකොළහ හෝ දොළහ හෝ යනාදී වශයෙන් සංග්‍රහ දත යුතුයි. එහි හත් මසින් උපන්නෝ ජීවත් වෙත්. ශීත උෂ්ණ නොවෙයි. අට මසින් උපන්නෝ ජීවත් නොවෙත්. සෙසු අය ජීවත් වෙත්.
ඨිතාවාති ඨිතාව හුත්වා. මහාමායාපි දෙවී උපවිජඤ්ඤා ඤාතිකුලඝරං ගමිස්සාමීති රඤ්ඤො ආරොචෙසි. රාජා කපිලවත්ථුතො දෙවදහනගරගාමිමග්ගං අලඞ්කාරාපෙත්වා දෙවිං සුවණ්ණසිවිකාය නිසීදාපෙසි. සකලනගරවාසිනො සක්යා පරිවාරෙත්වා ගන්ධමාලාදීහි පූජයමානා දෙවිං ගහෙත්වා පායිංසු. සා දෙවදහනගරස්ස අවිදූරෙ ලුම්බිනිසාලවනුය්යානං දිස්වා උය්යානවිචරණත්ථාය චිත්තං උප්පාදෙත්වා රඤ්ඤො සඤ්ඤං අදාසි. රාජා උය්යානං පටිජග්ගාපෙත්වා ආරක්ඛං සංවිදහාපෙසි. දෙවියා උය්යානං පවිට්ඨමත්තාය කායදුබ්බල්යං අහොසි, අථස්සා මඞ්ගලසාලමූලෙ සිරීසයනං පඤ්ඤාපෙත්වා සාණියා පරික්ඛිපිංසු. සා අන්තොසාණිං පවිසිත්වා සාලසාඛං හත්ථෙන ගහෙත්වා අට්ඨාසි. අථස්සා තාවදෙව ගබ්භවුට්ඨානං අහොසි.
ඨිතාවාති සිටියේම වී. මහමායා දේවිය ප්‍රසූතියට ළං වූවා නෑ කුලගෙට යන්නෙමියි රජුට දැන්වීය. රජු කිඹුල්වත් නුවර පටන් දෙව්දහ නුවර දක්වා මාර්ගය සරසවා දේවිය රන්සිවි ගෙයක හිඳවූයේය. නුවරවාසීහු ඇය පිරිවරා සුවඳ මල් ආදියෙන් පුදන්නාහු දේවිය ගෙනගියාහුය. දෙව්දහ නුවරට නුදුරෙහි වූ ලුම්බිනි සල් වනය දැක උයනෙහි හැසිරීමට සිතක් ඉපදී රජුට සංඥාවක් දුන්නේය. රජු උයන පිරිසිදු කරවා ආරක්ෂාව යෙදවීය. උයනට පිවිසි කල්හිම දේවියගේ ශරීරය දුර්වල විය. ඉක්බිතිව ඇයට මඟුල් සල්ගස මුල සයනයක් පණවා තිරයෙන් වටකළාහ. ඇය තිරයෙන් ඇතුලට පිවිස සල් අත්තක් අතින් ගෙන සිටියාය. එකල්හි එකෙනෙහිම ඇයගේ ගැබෙහි නැගීම විය.
දෙවා නං පඨමං පටිග්ගණ්හන්තීති ඛීණාසවා සුද්ධාවාසබ්රහ්මානො පටිග්ගණ්හන්ති. කථං? සූතිවෙසං ගණ්හිත්වාති එකෙ. තං පන පටික්ඛිපිත්වා ඉදං වුත්තං – තදා බොධිසත්තමාතා සුවණ්ණඛචිතං වත්ථං නිවාසෙත්වා මච්ඡක්ඛිසදිසං දුකූලපටං යාව පාදන්තාව පාරුපිත්වා අට්ඨාසි. අථස්සා සල්ලහුකං ගබ්භවුට්ඨානං අහොසි ධම්මකරණතො උදකනික්ඛමනසදිසං. අථ තෙ පකතිබ්රහ්මවෙසෙනෙව උපසඞ්කමිත්වා පඨමං සුවණ්ණජාලෙන පටිග්ගහෙසුං. තෙසං හත්ථතො මනුස්සා දුකූලචුම්බටකෙන පටිග්ගහෙසුං. තෙන වුත්තං – “දෙවා නං පඨමං පටිග්ගණ්හන්ති පච්ඡා මනුස්සා”ති.
දෙවා පඨමං පතිගණ්හන්තීති රහත් වූ ශුද්ධාවාස බ්‍රහ්මයෝ පිළිගත්හ. කෙසේ ද? සුති වේෂය ගෙනයැයි සමහරු කියත්. එය ප්‍රතික්ෂේප කොට මෙය කියන ලදි. එකල්හි බෝසත් මව රනින් කරන ලද වස්ත්‍රයක් ඇඳ මසුන්ගේ ඇස් හා සමාන දූකූල වස්ත්‍රයක් පා තෙක් පොරවා සිටියාය. එකල්හි ඇයට සැහැල්ලුව ගැබෙහි නැගීම විය. පෙරහන් කඩින් වතුර නික්මෙන්නාක් මෙනි. ඉක්බිතිව ඔවුහු ප්‍රකෘති බ්‍රහ්ම වේෂයෙන් ම එළඹ පළමුකොට රන් දැලින් පිළිගත්තාහ. ඔවුන්ගේ අතින් මිනිස්සු සියුම් රෙදි සුඹුළුවකින් පිළිගත්තාහ. දෙවා පඨමං පතිගණ්හන්ති පච්ඡා මනුස්සාති යන්න එහෙයින් කියන ලදි.
චත්තාරො නං දෙවපුත්තාති චත්තාරො මහාරාජානො. පටිග්ගහෙත්වාති අජිනප්පවෙණියා පටිග්ගහෙත්වා. මහෙසක්ඛොති මහාතෙජො මහායසො ලක්ඛණසම්පන්නොති අත්ථො.
චත්තාරො නං දෙවපුත්තාති සතර මහා රජවරුන්ය. පටිග්ගහෙත්වාති අදුන් දිවි සමින් කළ ඇතිරිල්ලෙක පිළිගෙන. මහෙසක්කොති මහත් තේජස් මහත් යසස්වලින් සම්පූර්ණ යන තේරුමයි.
විසදොව නික්ඛමතීති යථා අඤ්ඤෙ සත්තා යොනිමග්ගෙ ලග්ගන්තා භග්ගවිභග්ගා නික්ඛමන්ති, න එවං නික්ඛමති, අලග්ගො හුත්වා නික්ඛමතීති අත්ථො. උදෙනාති උදකෙන. කෙනචි අසුචිනාති යථා අඤ්ඤෙ සත්තා කම්මජවාතෙහි උද්ධංපාදා අධොසිරා යොනිමග්ගෙ පක්ඛිත්තා සතපොරිසනරකපපාතං පතන්තා විය තාළච්ඡිද්දෙන නික්කඩ්ඪියමානා හත්ථී විය මහාදුක්ඛං අනුභවන්තා නානාඅසුචිමක්ඛිතාව නික්ඛමන්ති, න එවං බොධිසත්තො. බොධිසත්තඤ්හි කම්මජවාතා උද්ධංපාදං අධොසිරං කාතුං න සක්කොන්ති. සො ධම්මාසනතො ඔතරන්තො ධම්මකථිකො විය නිස්සෙණිතො ඔතරන්තො පුරිසො විය ච ද්වෙ හත්ථෙ ච පාදෙ ච පසාරෙත්වා ඨිතකොව මාතුකුච්ඡිසම්භවෙන කෙනචි අසුචිනා අමක්ඛිතොව නික්ඛමති.
විසදොව නික්ඛමතීති යම්සේ අන්‍ය සත්වයෝ යෝනි මාර්ගයෙහි ඇලෙන්නාහු කැඩී බිඳී නික්මෙත් ද? මෙසේ නොනික්මෙයි. ඇලීමක් නැතිව නික්මේය යන තේරුමයි. උද්දෙනාති ජලයෙන්. කෙනචි අසුචිනාති යම්සේ අන්‍ය සත්වයෝ කර්මජ වාතයෙන් පා උඩුකුරුව හිස යට කොට යෝනි මාර්ගයෙහි බහාලන ලද්දාහු සියක් පුරුෂයන් වැටෙන නරවළක වැටෙන්නාක් මෙන් ද කෙස් සිඳුරකින් නික්මෙන ඇතෙකු මෙන් මහත් දුක් අනුභව කරන්නාහු නොයෙක් අපවිත්‍ර තැවරුණාහු නික්මෙත් ද? බෝධිසත්වයන් එසේ නැත. බෝසතුන් කර්ම වාතයෙන් පා උඩටත් හිස යටටත් කරන්නට නොහැකිය. මෙසේ බෝසතුන් ධර්මාසනයෙන් බසින ධර්ම කථිකයෙකු මෙන් ද හිණිමගින් බසින පුරුෂයකු මෙන් ද දෙ අත් දෙපා විහිදුවා සිටියේ ම මව්කුසින් හටගත් කිසි අශුචියක් හා අමිශ්‍රව නික්මෙයි.
උදකස්ස ධාරාති උදකවට්ටියො. තාසු සීතා සුවණ්ණකටාහෙ පතති, උණ්හා රජතකටාහෙ. ඉදඤ්ච පථවීතලෙ කෙනචි අසුචිනා අසම්මිස්සං තෙසං පානීයපරිභොජනීයඋදකඤ්චෙව අඤ්ඤෙහි අසාධාරණං කීළනඋදකඤ්ච දස්සෙතුං වුත්තං. අඤ්ඤස්ස පන සුවණ්ණරජතඝටෙහි ආහරියමානඋදකස්ස චෙව හංසවට්ටකාදිපොක්ඛරණිගතස්ස ච උදකස්ස පරිච්ඡෙදො නත්ථි.
උදකස්ස ධාරාති වතුර දහර එයින් සිසිල් වූ දහර රන් කටායෙහි වැටෙයි. උෂ්ණ වූවා රිදී කටායෙහි ද වැටෙයි. මෙය ද පෘථිවි තලයෙහි කිසි අශුචියක් හා අසම්මිශ්රයි. ඔවුන්ගේ පරිභෝග කරන ජලය ද අන්‍යයන් හා සාධාරණ නැත. ක්‍රීඩා කරන ජලය ද දක්වන්නට කියන ලදි. අන්‍යයන්ගේ රන්රිදී කළවලින් ගෙනෙන ජලයේ ද හංසවට්ටකාදී පොකුණුවලට පැමිණි ජලයේ ද පිරිසිඳීමක් නැත.
සම්පතිජාතොති මුහුත්තජාතො. පාළියං පන මාතුකුච්ඡිතො නික්ඛන්තමත්තො විය දස්සිතො, න පන එවං දට්ඨබ්බං. නික්ඛන්තමත්තඤ්හි තං පඨමං බ්රහ්මානො සුවණ්ණජාලෙන පටිග්ගණ්හිංසු, තෙසං හත්ථතො චත්තාරො මහාරාජානො මඞ්ගලසම්මතාය සුඛසම්ඵස්සාය අජිනප්පවෙණියා, තෙසං හත්ථතො මනුස්සා දුකූලචුම්බටකෙන, මනුස්සානං හත්ථතො මුච්චිත්වා පථවියං පතිට්ඨිතො.
සම්පති ජාතොති උපන් මොහොතේ ම පෙළෙහි මව්කුසින් නික්මුණු වේලාව මෙයයි දක්වන ලදී. මෙසේ නොදත යුතුය. නික්මුණු මොහොතේම ඔහු පළමුවෙන් බ්‍රහ්මයෝ රන් දැලින් පිළිගත්තාහ. ඔවුන්ගේ අතින් සිව්වරම් රජවරු ද මගුල් යැයි සම්මත සැප ස්පර්ශ ඇති අඳුන් දිවි සමින් ද ඔවුන්ගේ අතින් මිනිස්සු සියුම් වස්ත්‍ර දරණුවෙන් ද පිළිගත්තාහ. මිනිසුන්ගෙන් මිදී පොළොවෙහි පිහිටියේය.
සෙතම්හි ඡත්තෙ අනුධාරියමානෙති දිබ්බසෙතච්ඡත්තෙ අනුධාරියමානෙ. එත්ථ ච ඡත්තස්ස පරිවාරානි ඛග්ගාදීනි පඤ්ච රාජකකුධභණ්ඩානිපි ආගතානෙව. පාළියං පන රාජගමනෙ රාජා විය ඡත්තමෙව වුත්තං. තෙසු ඡත්තමෙව පඤ්ඤායති, න ඡත්තග්ගාහකා. තථා ඛග්ග-තාලවණ්ට-මොරහත්ථක-වාළබීජනි-උණ්හීසමත්තායෙව පඤ්ඤායන්ති, න තෙසං ගාහකා. සබ්බානි කිර තානි අදිස්සමානරූපා දෙවතා ගණ්හිංසු. වුත්තම්පි චෙතං –
සෙතම්හි ජත්තෙ අනුහීරමානෙති දිව්‍ය සේස්සත් දරණ කල්හි. මෙහි සේසතට පිරිවර වූ කඩුව ආදී පංචකකුධ භාණ්ඩ ආවාහ. පෙළෙහි රජුගේ ගමනෙහි රජු මෙන් කුඩය ම කියන ලදි. ඔවුන් කෙරෙහි කුඩය ම පෙනෙයි. කුඩ ගත්තෝ නොපෙනෙත්. එසේ කඩු තල්වැට මෝරහත්ථක වල්විදුනාව නලල්පට යන මොවුහු ම පෙනෙත්. ඔවුන් ගත් අය නොපෙනෙත්. ඒ සියල්ලම වනාහි නොපෙනී සිටින දෙවියෝ ගත්තාහ. එහෙයින් කියන ලදි.
“අනෙකසාඛඤ්ච සහස්සමණ්ඩලං, ඡත්තං මරූ ධාරයුමන්තලික්ඛෙ; සුවණ්ණදණ්ඩා විපතන්ති චාමරා, න දිස්සරෙ චාමරඡත්තගාහකා”ති. (සු· නි· 693);
නොයෙක් දහසක් මණ්ඩල ආකාශයෙහි දෙවියෝ කුඩ දැරූහ. සෙමර රන්දඬු ඇතිව සිටිත්. සෙමර සේසත් ගත්තෝ නොපෙනෙත්.
සබ්බා ච දිසාති ඉදං සත්තපදවීතිහාරූපරි ඨිතස්ස විය සබ්බදිසානුවිලොකනං වුත්තං, න ඛො පනෙවං දට්ඨබ්බං. මහාසත්තො හි මනුස්සානං හත්ථතො මුච්චිත්වා පුරත්ථිමදිසං ඔලොකෙසි, අනෙකචක්කවාළසහස්සානි එකඞ්ගණානි අහෙසුං. තත්ථ දෙවමනුස්සා ගන්ධමාලාදීහි පූජයමානා – “මහාපුරිස ඉධ තුම්හෙහි සදිසොපි නත්ථි, කුතො උත්තරිතරො”ති ආහංසු. එවං චතස්සො දිසා, චතස්සො අනුදිසා, හෙට්ඨා, උපරීති දසපි දිසා අනුවිලොකෙත්වා අත්තනා සදිසං අදිස්වා අයං උත්තරා දිසාති සත්තපදවීතිහාරෙන අගමාසීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. ආසභින්ති උත්තමං. අග්ගොති ගුණෙහි සබ්බපඨමො. ඉතරානි ද්වෙ පදානි එතස්සෙව වෙවචනානි. අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවොති පදද්වයෙන ඉමස්මිං අත්තභාවෙ පත්තබ්බං අරහත්තං බ්යාකාසි.
සබ්බා ච දිසාති මේ සත් පියවරින් සිටියහුගේ මත්තෙහි මෙන් සියලු දිසාවන්හි බැලීම් කියන ලදි. මෙය නොදත යුතුයි. මහා සත්ව තෙමේ මිනිසුන්ගේ අතින් මිදී පෙරදිග බැලීය. නොයෙක් ලක්ෂ ගණන් සක්වළ එක මිදුලක් විය. එහි දෙවියන් හා මිනිසුන් සුවඳ මල් ආදියෙන් පුදන්නාහු මහාපුරුෂයාණෙනි. මෙළොව නුඹ හා සමාන කෙනෙක් නැත. නුඹ හා උතුම් කෙනෙක් කොයිදැයි කීවාහ. සිව් දිශාව ද එසේය. හතර අනුදිශාවන් ද යටට ද ඉහළ ද දස දිශාවන් බලා තමාට සමාන කෙනෙක් නොදැක උතුරු දිශාව මෙයයැයි පියවර හතක් ගියේය. මෙහි මෙසේ තේරුම දත යුතුයි. ආසභින්ති උතුම්. අග්ගොති ගුණවලින් සියල්ලන්ට ම පළවෙනිය. අනෙත් පද දෙක මෙයට ම පර්යාය වචනයි. අයමන්තිමා ජාති නත්ථිදානිපුනබ්භවොති මේ පද දෙකෙන් මේ ආත්මයේ දී පැමිණිය යුතු වූ රහත් බව ප්‍රකාශ කළේය.
එත්ථ ච සමෙහි පාදෙහි පථවියං පතිට්ඨානං චතුඉද්ධිපාදපටිලාභස්ස පුබ්බනිමිත්තං, උත්තරාභිමුඛභාවො මහාජනං අජ්ඣොත්ථරිත්වා අභිභවිත්වා ගමනස්ස පුබ්බනිමිත්තං, සත්තපදගමනං සත්තබොජ්ඣඞ්ගරතනපටිලාභස්ස පුබ්බනිමිත්තං, දිබ්බසෙතච්ඡත්තධාරණං විමුත්තිච්ඡත්තපටිලාභස්ස පුබ්බනිමිත්තං, පඤ්චරාජකකුධභණ්ඩානි පඤ්චහි විමුත්තීහි විමුච්චනස්ස පුබ්බනිමිත්තං, දිසානුවිලොකනං අනාවරණඤාණපටිලාභස්ස පුබ්බනිමිත්තං, ආසභීවාචාභාසනං අප්පටිවත්තියධම්මචක්කප්පවත්තනස්ස පුබ්බනිමිත්තං. “අයමන්තිමා ජාතී”ති සීහනාදො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බානස්ස පුබ්බනිමිත්තන්ති වෙදිතබ්බං. ඉමෙ වාරා පාළියං ආගතා, සම්බහුලවාරො පන ආගතො, ආහරිත්වා දීපෙතබ්බො.
මෙහි සම පාදවලින් පොළොවේ පිහිටීම සතර සෘද්ධිපාදයාගේ ලැබීමට පෙර නිමිත්තය. උතුරට අභිමුඛ බව මහජනයා මැඩ පවත්වා යාමට පෙර නිමිත්තය. සත් පියවරක් ගමන් කිරීම සප්ත බොජ්ඣංගයන් ලැබීමට පෙරනිමිත්තය. දිව්‍ය සේසත් දැරීම විමුක්ති ජත්‍ර ප්‍රතිලාභයට පෙරනිමිත්තය. පංචරාජකකුධ භාණ්ඩයෝ පංච විමුක්තීන්ගේ ලැබීමට පෙර නිමිත්තය. දිශාවන් බැලීම අනාවරණ ඥානය ලැබීමේ පෙරනිමිත්තය. උතුම් වචනය කීම නොපැවැත්විය හැකි දම්සක් පැවැත්වීමේ පෙරනිමිත්තය. අයමන්තිමා ජාතීති යන සිංහ නාදය නිරුපදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීමට පෙරනිමිත්ත යැයි දත යුතුයි. මේ වාරයෝ පෙළෙහි ආවාහ. බොහෝ වාරයෝ පෙළෙහි නොආවාහ. ගෙනහැර දැක්විය යුතුයි.
මහාපුරිසස්ස හි ජාතදිවසෙ දසසහස්සිලොකධාතු කම්පි. දසසහස්සිලොකධාතුම්හි දෙවතා එකචක්කවාළෙ සන්නිපතිංසු. පඨමං දෙවා පටිග්ගහිංසු, පච්ඡා මනුස්සා. තන්තිබද්ධා වීණා චම්මබද්ධා භෙරියො ච කෙනචි අවාදිතා සයමෙව වජ්ජිංසු, මනුස්සානං අන්දුබන්ධනාදීනි ඛණ්ඩාඛණ්ඩං භිජ්ජිංසු. සබ්බරොගා අම්බිලෙන ධොතතම්බමලං විය විගච්ඡිංසු, ජච්චන්ධා රූපානි පස්සිංසු. ජච්චබධිරා සද්දං සුණිංසු, පීඨසප්පී ජවනසම්පන්නා අහෙසුං, ජාතිජළානම්පි එළමූගානං සති පතිට්ඨාසි, විදෙසෙ පක්ඛන්දනාවා සුපට්ටනං පාපුණිංසු, ආකාසට්ඨකභූමට්ඨකරතනානි සකතෙජොභාසිතානි අහෙසුං, වෙරිනො මෙත්තචිත්තං පටිලභිංසු, අවීචිම්හි අග්ගි නිබ්බායි. ලොකන්තරෙ ආලොකො උදපාදි, නදීසු ජලං න පවත්ති, මහාසමුද්දෙසු මධුරසදිසං උදකං අහොසි, වාතො න වායි, ආකාසපබ්බතරුක්ඛගතා සකුණා භස්සිත්වා පථවීගතා අහෙසුං, චන්දො අතිරොචි, සූරියො න උණ්හො න සීතලො නිම්මලො උතුසම්පන්නො අහොසි, දෙවතා අත්තනො අත්තනො විමානද්වාරෙ ඨත්වා අප්ඵොටනසෙළනචෙලුක්ඛෙපාදීහි මහාකීළං කීළිංසු, චාතුද්දීපිකමහාමෙඝො වස්සි, මහාජනං නෙව ඛුදා න පිපාසා පීළෙසි, ද්වාරකවාටානි සයමෙව විවරිංසු, පුප්ඵූපගඵලූපගා රුක්ඛා පුප්ඵඵලානි ගණ්හිංසු, දසසහස්සිලොකධාතු එකද්ධජමාලා අහොසීති.
මහා පුරුෂයන්ගේ උපන් දවසෙහි දසසහස්සී ලෝකධාතුව කම්පා විය. දසදහසක් ලෝකධාතුවේ දෙවියෝ එකම සක්වළකට රැස්වුවාහ. පළමුව දෙවියෝ පිළිගත්හ. පසුව මිනිස්සු පිළිගත්හ. ඒ අනුව ම බෙර ද කිසිවෙක් වාදනය නොකර ම තුමූම වාදනය වූහ. මිනිසුන්ගේ යදම්වලින් බැඳුම් කඩ කඩ වී සිඳුනාහ. ගොයම්වල රෝග ඇඹුලෙන් සේන්දු තඹවල මලකඩ මෙන් පහවූහ. ජාත්යන්ධයෝ රූප දැක්කාහ. උපතින් බිහිරෝ ශබ්ද ඇසූහ. පිළිහු දිවීමෙන් සම්පූර්ණ වූහ. උප්පත්තියෙන් කෙල තොල්ලන්ට සිහිය ඇති විය. නොරටට ගිය නැව් හොඳ තොටට පැමිණියාහ. අහසෙහි හා බිම් ඇති ස්වකීය පැහැය බැබලුනාහ. විරුද්ධකාරයෝ මෛත්‍රී සිත් ඇත්තෝ වූහ. අවීචියේ ගින්දර නිවුණාහ. ලෝකාන්තර නරකයෙහි එළිය ඇති විය. ගංගාවන්හි ජලය නො ගැලීය. මහමුහුදේ ජලය මිහිරි විය. සුළඟ නොහැමූහ. අහසෙහි හා ගස් පර්වතවලට ගිය පක්ෂීහු සන්තෝෂව පොළොවට පැමිණියාහ. සඳ ඉතා බැබලුණි. ඉරු ඌෂ්ණ නොවීය. සිහිල් නොවීය. නිර්මල සෘතුවෙන් යුතු විය. දෙවියෝ තමතමන්ගේ විමන්වල සිට අත්පොළසන් දීම පිළිහිස වටකර කැවීමාදියෙන් මහත් ක්‍රීඩා පැවැත්වූහ. හතර දිගින් වර්ෂාව වැසේය. මහජනයා බඩගිනි පිපාස දෙකින් නොපෙලුණේය. දොර කවුළු තුමූම ඇරුණාහ. ගෙඩි හා මල් හටගන්නා ගස් මල් හා ගෙඩිවලින් බරවූහ. දසසහස්සී ලොකධාතු එකධජමාලා අහොසීති
තත්රාපිස්ස දසසහස්සිලොකධාතුකම්පො සබ්බඤ්ඤුතඤාණපටිලාභස්ස පුබ්බනිමිත්තං, දෙවතානං එකචක්කවාළෙ සන්නිපාතො ධම්මචක්කප්පවත්තනකාලෙ එකප්පහාරෙන සන්නිපතිත්වා ධම්මපටිග්ගණ්හනස්ස පුබ්බනිමිත්තං, පඨමං දෙවතානං පටිග්ගහණං චතුන්නං රූපාවචරජ්ඣානානං පටිලාභස්ස පුබ්බනිමිත්තං. පච්ඡා මනුස්සානං පටිග්ගහණං චතුන්නං අරූපජ්ඣානානං පටිලාභස්ස පුබ්බනිමිත්තං, තන්තිබද්ධවීණානං සයං වජ්ජනං අනුපුබ්බවිහාරපටිලාභස්ස පුබ්බනිමිත්තං, චම්මබද්ධභෙරීනං වජ්ජනං මහතියා ධම්මභෙරියා අනුස්සාවනස්ස පුබ්බනිමිත්තං, අන්දුබන්ධනාදීනං ඡෙදො අස්මිමානසමුච්ඡෙදස්ස පුබ්බනිමිත්තං, සබ්බරොගවිගමො සබ්බකිලෙසවිගමස්ස පුබ්බනිමිත්තං, ජච්චන්ධානං රූපදස්සනං දිබ්බචක්ඛුපටිලාභස්ස පුබ්බනිමිත්තං, ජච්චබධිරානං සද්දස්සවනං දිබ්බසොතධාතුපටිලාභස්ස පුබ්බනිමිත්තං, පීඨසප්පීනං ජවනසම්පදා චතුඉද්ධිපාදාධිගමස්ස පුබ්බනිමිත්තං, ජළානං සතිපතිට්ඨානං චතුසතිපට්ඨානපටිලාභස්ස පුබ්බනිමිත්තං, විදෙසපක්ඛන්දනාවානං සුපට්ටනසම්පාපුණනං චතුපටිසම්භිදාධිගමස්ස පුබ්බනිමිත්තං, රතනානං සකතෙජොභාසිතත්තං යං ලොකස්ස ධම්මොභාසං දස්සෙස්සති තස්ස පුබ්බනිමිත්තං.
එහි මේ දස දහසක් ලෝකධාතුව කම්පාවීම සර්වඥතා ඥානය ලැබීමට පෙර නිමිත්තය. දෙවියන්ගේ එක සක්වළ රැස්වීම දම්සක් සුත්‍රය පවත්වන කාලයෙහි එක් පැහැරින් ම රැස්වී ධර්මය පිළිගැනීමට පෙරනිමිත්තය. පළමුව දෙවියන්ගේ පිළිගැනීම රූපාවචර ධ්‍යානයන් හතර ලැබීමට පෙරනිමිත්තය. පසුව මිනිසුන්ගේ පිළිගැනීම අරූපාවචර ධ්‍යානයන් හතර ලැබීමට පෙර නිමිත්තය. එහි බඳනා ලද වීණාවන්ගේ තුමූම වාදනය වීම අනුපූර්ව විහාර ප්‍රතිලාභයට පෙර නිමිත්තය. සමින් බඳනා ලද බෙරවල වාදනය මහත් වූ ධර්මභේරී නැමැති අනුශාසනයාගේ පෙරනිමිත්තය. බන්ධනයන්ගේ සිඳීම අස්මිමානය සිඳීමට පෙරනිමිත්තය. සියලු රෝගයන්ගේ පහවීම සියලු කෙලෙසුන්ගේ පහවීමට පෙරනිමිත්තය. ජාත්යන්ධයන්ගේ රූප දැකීම දිවැස් ලැබීමේ පෙරනිමිත්තය. ජාති බිහිරන්ගේ ශබ්ද ඇසීම දිබ්බසෝත ධාතුව ලැබීමේ පෙරනිමිත්තය. පිලුන්ගේ දිවීම සතර සෘද්ධිපාද ලැබීමේ පෙරනිමිත්තය. කෙලතොලුන්ගේ සිහිය ඇතිවීම සතර සතිපට්ඨානය ලැබීමේ පෙරනිමිත්තය. නොරටට ගිය නැව් යහපත් පටුනට ඒම සිව්පිළිසිඹියා ලැබීමේ පෙරනිමිත්තය. මැණික්වල ස්වකීය බැබලීම ලෝකයාට යම් ධර්මය නැමැති එළියක් පෙන්වන්නේ ද එයට පෙරනිමිත්තය.
වෙරීනං මෙත්තචිත්තපටිලාභො චතුබ්රහ්මවිහාරපටිලාභස්ස පුබ්බනිමිත්තං, අවීචිම්හි අග්ගිනිබ්බානං එකාදසඅග්ගිනිබ්බානස්ස පුබ්බනිමිත්තං, ලොකන්තරාලොකො අවිජ්ජන්ධකාරං විධමිත්වා ඤාණාලොකදස්සනස්ස පුබ්බනිමිත්තං, මහාසමුද්දස්ස මධුරතා නිබ්බානරසෙන එකරසභාවස්ස පුබ්බනිමිත්තං, වාතස්ස අවායනං ද්වාසට්ඨිදිට්ඨිගතභින්දනස්ස පුබ්බනිමිත්තං, සකුණානං පථවීගමනං මහාජනස්ස ඔවාදං සුත්වා පාණෙහි සරණගමනස්ස පුබ්බනිමිත්තං, චන්දස්ස අතිවිරොචනං බහුජනකන්තතාය පුබ්බනිමිත්තං, සූරියස්ස උණ්හසීතවිවජ්ජනඋතුසුඛතා කායිකචෙතසිකසුඛුප්පත්තියා පුබ්බනිමිත්තං, දෙවතානං විමානද්වාරෙසු අප්ඵොටනාදීහි කීළනං බුද්ධභාවං පත්වා උදානං උදානස්ස පුබ්බනිමිත්තං, චාතුද්දීපිකමහාමෙඝවස්සනං මහතො ධම්මමෙඝවස්සනස්ස පුබ්බනිමිත්තං, ඛුදාපීළනස්ස අභාවො කායගතාසතිඅමතපටිලාභස්ස පුබ්බනිමිත්තං, පිපාසාපීළනස්ස අභාවො විමුත්තිසුඛෙන සුඛිතභාවස්ස පුබ්බනිමිත්තං, ද්වාරකවාටානං සයමෙව විවරණං අට්ඨඞ්ගිකමග්ගද්වාරවිවරණස්ස පුබ්බනිමිත්තං, රුක්ඛානං පුප්ඵඵලගහණං විමුත්තිපුප්ඵෙහි පුප්ඵිතස්ස ච සාමඤ්ඤඵලභාරභරිතභාවස්ස ච පුබ්බනිමිත්තං, දසසහස්සිලොකධාතුයා එකද්ධජමාලතා අරියද්ධජමාලාමාලිතාය පුබ්බනිමිත්තන්ති වෙදිතබ්බං. අයං සම්බහුලවාරො නාම.
විරුද්ධකාරයන්ගේ මෛත්‍රී සිත ඇතිවීම සතර බ්‍රහ්මවිහාර ලැබීමේ පෙරනිමිත්තය. අවීචි නරකයෙහි ගිනි නිවීම එකොළොස් ගිනි නිවීමේ පෙරනිමිත්තය. ලෝකාන්තරිකයෙහි එළිය ඇතිවීම අවිද්‍යා අන්ධකාරය නසා ඥානාලෝකය දැක්වීමේ පෙරනිමිත්තය. මහසයුරේ මිහිරිබව නිවන් රසයෙහි පෙරනිමිත්තය. වාතය නොහැමීම දෙසැටක් මිථ්‍යාදෘෂ්ටි බිඳීමේ පෙරනිමිත්තය. පක්ෂීන්ගේ පොළොවෙහි ගමන මහජනයා අවවාදය අසා දිවිතෙක් සරණ යාම් පෙරනිමිත්තය. සඳ ඉතා බැබලීම බොහෝ දෙනා කැමැතිවීමේ පෙරනිමිත්තය. ඉරුගේ සම ශීත බව කායික චෛතසික සැපය ඉපදීමේ පෙරනිමිත්තය. දෙවියන්ගේ විමාන ද්වාරයන්හි අත්පොළසන් දෙමින් ක්‍රීඩා කිරීම බුදුබවට පැමිණ උදම් ඇනීමේ පෙරනිමිත්තය. සතරදිග වැසි වැසීම මහත් ධර්ම වර්ෂාව වැස්සවීමේ පෙරනිමිත්තය. බඩගින්නෙන් පෙළෙන්නවුන් නොමැතිවීම කායගතාසති අමෘත ලාභයගේ පෙරනිමිත්තය. පිපාසාවන්ගෙන් පීඩිතවූවන් නොමැතිවීම විමුක්ති සුවයෙන් සුවපත්වීමේ පෙරනිමිත්තය. දොර කවුළු ඉබේ ඇරීම අෂ්ඨාංගික නැමැති දොර ඇරීමේ පෙරනිමිත්තය. ගස්වල ගෙඩිමල් හටගැනීම විමුක්ති මල්වලින් පිපී යන බවට ද සාමාන්‍ය ඵලබරින් බරබවේ පෙරනිමිත්තය. දසදහසක් ලෝකධාතුව එකම කොඩි මල්වලින් ගැවසීම ආර්යධජ මල්වලින් ගැවසීමට පෙරනිමිත්ත යැයි දතයුතුය. මෙය සම්බහුල වාරය නමි.
එත්ථ පඤ්හෙ පුච්ඡන්ති – “යදා මහාපුරිසො පථවියං පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො ගන්ත්වා ආසභිං වාචං භාසති, තදා කිං පථවියා ගතො, උදාහු ආකාසෙන? දිස්සමානො ගතො, උදාහු අදිස්සමානො? අචෙලකො ගතො, උදාහු අලඞ්කතප්පටියත්තො? දහරො හුත්වා ගතො, උදාහු මහල්ලකො? පච්ඡාපි කිං තාදිසොව අහොසි, උදාහු පුන බාලදාරකො”ති? අයං පන පඤ්හො හෙට්ඨා ලොහපාසාදෙ සඞ්ඝසන්නිපාතෙ තිපිටකචූළාභයත්ථෙරෙන විස්සජ්ජිතොව. ථෙරො කිරෙත්ථ නියති පුබ්බෙකතකම්ම-ඉස්සරනිම්මානවාදවසෙන තං තං බහුං වත්වා අවසානෙ එවං බ්යාකාසි – “මහාපුරිසො පථවියං ගතො, මහාජනස්ස පන ආකාසෙ ගච්ඡන්තො විය අහොසි. දිස්සමානො ගතො, මහාජනස්ස පන අදිස්සමානො විය අහොසි. අචෙලකො ගතො, මහාජනස්ස පන අලඞ්කතප්පටියත්තොව උපට්ඨාසි. දහරොව ගතො, මහාජනස්ස පන සොළසවස්සුද්දෙසිකො විය අහොසි. පච්ඡා පන බාලදාරකොව අහොසි, න තාදිසො”ති. එවං වුත්තෙ පරිසා චස්ස “බුද්ධෙන විය හුත්වා භො ථෙරෙන පඤ්හො කථිතො”ති අත්තමනා අහොසි. ලොකන්තරිකවාරො වුත්තනයො එව.
මෙහි ප්‍රශ්න අසත්. යම්කලෙක මහා සත්වතෙමේ පොළොවෙහි සිටගෙන උතුරු දිශාවට අභිමුඛව ගොස් උතුම් වචන කීයේ ද? එකල්හි කිම පොළොවෙන් ගියේ ද? නොහොත් අහසින් ගියේ ද? පෙනෙමින් ගියේ ද? නොපෙනී ගියේ ද? නග්නව ගියේ ද? නොහොත් වස්ත්‍ර ඇතිව ගියේ ද? ළදරුව ගියේ ද? නොහොත් මහළුව ගියේ ද? පසුව එසේම වූයේ ද? නොහොත් බාල දරුවෙක් ද? මේ ප්රශ්නය ලෝවාමහා ප්‍රාසාදයෙහි සංඝයාගේ රැස්වීමේ දී ත්‍රිපිටක චූලාභය තෙරුන් විසින් විසඳන ලදි. තෙරුන් වහන්සේ මෙහි නියම පෙර කරන ලද කර්ම ඊශ්වර නිර්මාණවාද වශයෙන් බොහෝ සේ කියා අන්තිමේ දී ප්‍රකාශ කළේ ය. මහාපුරුෂ තෙමේ පොළොවෙන් ගියේය. මහජනයාට අහසින් යන්නාක් මෙන් පෙනුණේය. පෙනෙමින් ගියේය. මහජනයාට වස්ත්‍රයෙන් සැරසී ගියාක් මෙන් පෙනුණේය. ළදරුව ගියේය. මහජනයාට දහසය හැවිරිදි කෙනෙකු මෙන් පෙනුණේය. පසුව බාල දරුවෙක් ම වූයේය. මෙසේ කී කල්හි පිරිස පින්වත්නි, බුදුරදුන් මෙන් තෙරුන් විසින් ප්රශ්නය කියන ලද යැයි සතුටු විය. ලෝකාන්තරික වාරය කියන ලද ක්‍රමයටයි.
විදිතාති පාකටා හුත්වා. යථා හි සාවකා නහානමුඛධොවනඛාදනපිවනාදිකාලෙ අනොකාසගතෙ අතීතසඞ්ඛාරෙ නිප්පදෙසෙ සම්මසිතුං න සක්කොන්ති, ඔකාසපත්තයෙව සම්මසන්ති, න එවං බුද්ධා. බුද්ධා හි සත්තදිවසබ්භන්තරෙ වවත්ථිතසඞ්ඛාරෙ ආදිතො පට්ඨාය සම්මසිත්වා තිලක්ඛණං ආරොපෙත්වාව විස්සජ්ජෙන්ති, තෙසං අවිපස්සිතධම්මො නාම නත්ථි, තස්මා “විදිතා”ති ආහ. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
විදිතාති ප්‍රසිද්ධ වී. යම්සේ ශ්‍රාවකයෝ ස්නානය කිරීම මුව දෙවීම කන බොන කාලයෙහි අවකාශ නැති කල අතීත සංස්කාරයන් නිප්රදේශ වශයෙන් සිහි කරන්නට නොහැකි වෙත්. අවකාශයක් ලැබුණු කල්හි ම සිහි කරත්. බුදුවරු එසේ නැත. බුදුවරු සතියක් ඇතුළත නියම සංස්කාරයන් මුලපටන් සිහිකොට ත්රිලක්ෂණයට නගා විසඳත්. ඔවුන්ට නොලබන ධර්මයක් නම් නැත. එහෙයින් විදිතාති යන්න කීය. ඉතිරිය සියලු තැන්හි ම ප්රකටයි.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය අච්ඡරියඅබ්භුතසුත්තවණ්ණනා නිට්ඨිතා.
අච්ඡරියධම්ම සූත්‍ර වර්ණනාව නිමි.