යෙදුමෙන් කියවන්න

බක‍්කුල සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

බක‍්කුල සුත‍්තවණ‍්ණනා

බක්කුල සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති බාකුලසුත‍්තං. තත්‍ථ බාකුලොති යථා ද‍්වාවීසති ද‍්වත‍්තිංසාතිආදිම‍්හි වත‍්තබ‍්බෙ බාවීසති බාත‍්තිංසාතිආදීනි වුච‍්චන‍්ති, එවමෙව ද‍්විකුලොති වත‍්තබ‍්බෙ බාකුලොති වුත‍්තං. තස‍්ස හි ථෙරස‍්ස ද‍්වෙ කුලානි අහෙසුං. සො කිර දෙවලොකො චවිත්‍වා කොසම‍්බිනගරෙ නාම මහාසෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්තො, තමෙනං පඤ‍්චමෙ දිවසෙ සීසං න‍්හාපෙත්‍වා ගඞ‍්ගාකීළං අකංසු. ධාතියා දාරකං උදකෙ නිමුජ‍්ජනුම‍්මුජ‍්ජනවසෙන කීළාපෙන‍්තියා එකො මච‍්ඡො දාරකං දිස‍්වා “භක‍්ඛො මෙ අය”න‍්ති මඤ‍්ඤමානො මුඛං විවරිත්‍වා උපගතො. ධාතී දාරකං ඡඩ‍්ඩෙත්‍වා පලාතා. මච‍්ඡො තං ගිලි. පුඤ‍්ඤවා සත‍්තො දුක‍්ඛං න පාපුණි, සයනගබ‍්භං පවිසිත්‍වා නිපන‍්නො විය අහොසි. මච‍්ඡො දාරකස‍්ස තෙජෙන තත‍්තකපල‍්ලං ගිලිත්‍වා දය‍්හමානො විය වෙගෙන තිංසයොජනමග‍්ගං ගන‍්ත්‍වා බාරාණසිනගරවාසිනො මච‍්ඡබන්‍ධස‍්ස ජාලං පාවිසි, මහාමච‍්ඡා නාම ජාලබද‍්ධා පහරියමානා මරන‍්ති. අයං පන දාරකස‍්ස තෙජෙන ජාලතො නීහටමත‍්තොව මතො. මච‍්ඡබන්‍ධා ච මහන‍්තං මච‍්ඡං ලභිත්‍වා ඵාලෙත්‍වා වික‍්කිණන‍්ති. තං පන දාරකස‍්ස ආනුභාවෙන අඵාලෙත්‍වා සකලමෙව කාජෙන හරිත්‍වා සහස‍්සෙන දෙමාති වදන‍්තා නගරෙ විචරිංසු. කොචි න ගණ‍්හාති.

එවම්මෙසුතන්ති මා විසින් බක්කුල සූත්‍රය මෙසේ අසන ලදි. එහි බක්කුලොති යම්සේ ද්වාවීසති ද්වත්තිංසති ආදිය කිවයුතු තැන බාවීසති බත්තිංසති යනුවෙන් කියත් ද එසේම ද්වක්කුල ද්වකුල යැයි කිවයුතු තැන බක්කුල යැයි කියන ලදි. ඒ තෙරුන්ට කුල දෙකක් වූහ. උන්වහන්සේ දෙව්ලොවින් චුතව කොසබෑ නුවර සිටුකුලයක උපන්නේය. ඒ ඔහු පස්වෙනි දවස ස්නානය කොට දිය ක්‍රීඩාව කළහ. කිරිමව දරුවා ජලයෙහි කිමිදවමින් සෙල්ලම් කරවන්න එක් මත්ස්‍යයෙක් දරුවා දැක මේ මට ගොදුරක් යැයි සිතා කට ඇර පැමිණියේය. කිරිමව දරුවා දමා පැන ගියාය. මත්ස්‍යයා ඔහු ගිල්ලේය. පිනැති සත්වයා දුකට නොපැමිණියේය. නිදන කාමරයකට පිවිස උන්නාක් මෙනි. මත්ස්‍යයා දරුවාගේ තේජසින් රත් වූ තලයක් ගිල දමන්නාක් මෙන් වී වේගයෙන් යොදුන් තිහක මාර්ගයක ගොස් බරණැස් නුවර වැසි මසුන් අල්ලන්නෙකුගේ දැලට පිවිසියේය. මහා මත්ස්‍යයෝ නම් දැලෙහි බැදුණේ මරනු ලබන්නාහු මැරෙත්. මොහු වනාහි දරුවාගේ තේජසින් දැලෙන් ගත් පමණින් මළේය. මසුන් අල්ලන්නා ද මහත් මහත් මසුන් ලැබ කපා පලා විකුණත්. ඔහු දරුවාගේ අනුහසින් නො කපා නොපලා කදින් ගෙන ගොස් දහසකින් දෙමු යැයි කියමින් නුවර හැසිරුණේය. කිසිවෙක් නොගනියි.

තස‍්මිං පන නගරෙ අපුත‍්තකං අසීතිකොටිවිභවං සෙට‍්ඨිකුලං අත්‍ථි, තස‍්ස ද‍්වාරමූලං පත්‍වා “කිං ගහෙත්‍වා දෙථා”ති වුත‍්තා කහාපණන‍්ති ආහංසු. තෙහි කහාපණං දත්‍වා ගහිතො. සෙට‍්ඨිභරියාපි අඤ‍්ඤෙසු දිවසෙසු මච‍්ඡෙ න කෙලායති, තං දිවසං පන මච‍්ඡං ඵලකෙ ඨපෙත්‍වා සයමෙව ඵාලෙසි. මච‍්ඡඤ‍්ච නාම කුච‍්ඡිතො ඵාලෙන‍්ති, සා පන පිට‍්ඨිතො ඵාලෙන‍්තී මච‍්ඡකුච‍්ඡියං සුවණ‍්ණවණ‍්ණං දාරකං දිස‍්වා – “මච‍්ඡකුච‍්ඡියං මෙ පුත‍්තො ලද‍්ධො”ති නාදං නදිත්‍වා දාරකං ආදාය සාමිකස‍්ස සන‍්තිකං අගමාසි. සෙට‍්ඨි තාවදෙව භෙරිං චරාපෙත්‍වා දාරකං ආදාය රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා – “මච‍්ඡකුච‍්ඡියං මෙ දෙව දාරකො ලද‍්ධො, කිං කරොමී”ති ආහ. පුඤ‍්ඤවා එස, යො මච‍්ඡකුච‍්ඡියං අරොගො වසි, පොසෙහි නන‍්ති.

ඒ නුවර දරුවන් නැති අසූකෝටියක් වස්තුව ඇති සිටුකුලයක් ඇත. ඒ ගේ දොර මුලට පැමිණ කුමක් ගෙන දෙව්දැයි කී කළ කහවනුවකටැයි කීහ. ඔවුන් විසින් කහවණුවක් දී ගන්නා ලදී. සිටු බිරිඳ වෙනත් දවස්වල මසුන් නොපලයි. එදා මාළුවා පුවරුවේ තබා තෙමේම පැලුවාය. මසුන් නම් බඩින් පලත්. ඇය වනාහි පිට පැත්තෙන් පලන්නී මත්ස්‍යයාගේ බඩෙහි රන්වන් දරුවා දැක මත්ස්‍යයාගෙන් මට පුතෙක් ලැබුණේ යැයි නාද කොට දරුවා ගෙන ස්වාමියාගේ ළඟට ගියාය. සිටුතුමා ඒ වේලාවෙහිම බෙර හසුරුවා දරුවා ගෙන රජු ලඟට ගොස් දේවයන් වහන්ස, මා විසින් මත්ස්‍යයෙකුගේ කුසින් දරුවෙක් ලද්දේය. කුමක් කරන්නේදැයි කීය. මොහු පින් ඇත්තෙකි. මාළුවකුගේ කුසෙහි ද නිරෝගීව වාසය කළේය. මොහු පෝෂණය කරවයි රජු කීය.

අස‍්සොසි ඛො ඉතරං කුලං – “බාරාණසියං කිර එකං සෙට‍්ඨිකුලං මච‍්ඡකුච‍්ඡියං දාරකං ලභතී”ති, තෙ තත්‍ථ අගමංසු. අථස‍්ස මාතා දාරකං අලඞ‍්කරිත්‍වා කීළාපියමානං දිස‍්වාව “මනාපො වතායං දාරකො”ති ගන‍්ත්‍වා පවතිං ආචික‍්ඛි. ඉතරා මය‍්හං පුත‍්තොතිආදිමාහ. කහං තෙ ලද‍්ධොති? මච‍්ඡකුච‍්ඡියන‍්ති. නො තුය‍්හං පුත‍්තො, මය‍්හං පුත‍්තොති. කහං තෙ ලද‍්ධොති? මයා දසමාසෙ කුච‍්ඡියා ධාරිතො, අථ නං නදියා කීළාපියමානං මච‍්ඡො ගිලීති. තුය‍්හං පුත‍්තො අඤ‍්ඤෙන මච‍්ඡෙන ගිලිතො භවිස‍්සති, අයං පන මයා මච‍්ඡකුච‍්ඡියං ලද‍්ධොති, උභොපි රාජකුලං අගමංසු. රාජා ආහ – “අයං දස මාසෙ කුච‍්ඡියා ධාරිතත‍්තා අමාතා කාතුං න සක‍්කා, මච‍්ඡං ගණ‍්හන‍්තාපි වක‍්කයකනාදීනි බහි කත්‍වා ගණ‍්හන‍්තා නාම නත්‍ථීති මච‍්ඡකුච‍්ඡියං ලද‍්ධත‍්තා අයම‍්පි අමාතා කාතුං න සක‍්කා, දාරකො උභින‍්නම‍්පි කුලානං දායාදො හොතු, උභොපි නං ජග‍්ගථා”ති උභොපි ජග‍්ගිංසු.

බරණැස් නුවර එක සිටුකුලයක් මත්ස්‍යයෙකුගේ කුසෙන් දරුවෙක් ලැබී යැයි අනෙත් කුලය ඇසුයේය. ඔවුහු එහි ගියාහ. එකල ඔහුගේ මව දරුවා සරසා ක්‍රීඩා කරන්නාහු දැක මේ දරුවා ප්‍රියමනාප යැයි ගෙන ප්‍රවෘත්තිය කීවාය. අනෙක් තැනැත්තිය මාගේ පුතා යැයි කීවාය. තී විසින් කවර තැනකින් ලබන ලද්දේ ද? මත්ස්‍යයෙකුගේ කුසින්ය. නුඹගේ පුත්‍රයා නොවෙයි. මගේ පුත්‍රයාය. තී විසින් කවර තැනකින් ලබන ලද්දේ ද? මා විසින් දස මසක් කුසෙහි දරණ ලද්දේය. එකල මොහු ගංගාවෙහි සෙල්ලම් කරවන කල මත්ස්‍යයෙක් ගිල්ලේය. නුඹේ පුත්‍රයා වෙනත් මත්ස්‍යයෙක් විසින් ගිලින ලද්දේය. මොහු වනාහි මා විසින් මත්ස්‍යයාගේ බඩින් ලබන ලදි. දෙපක්‍ෂයම රජු ළඟට ගියාහ. මෝ තොමෝ දස මාසයක් කුසෙහි දැරූ හෙයින් මව නොකරන්නට නොහැකිය. මත්ස්‍යයා ගන්නේ අතුනුබහන් බැහැරකොට ගැනීමක් නම් නැතැයි මත්ස්‍යයාගේ කුසෙන් ලත් හෙයින් මෝ තොමෝ ද මව නොකරන්නට නොහැකිය. දරුවා කුල දෙකටම දායාද වෙයි. දෙගොල්ලෝම ඔහු පෝෂණය කරවයි රජු කීය. දෙකුලයම පෝෂණය කළහ.

විඤ‍්ඤුතං පත‍්තස‍්ස ද‍්වීසුපි නගරෙසු පාසාදං කාරෙත්‍වා නාටකානි පච‍්චුපට‍්ඨාපෙසුං. එකෙකස‍්මිං නගරෙ චත‍්තාරො චත‍්තාරො මාසෙ වසති, එකස‍්මිං නගරෙ චත‍්තාරො මාසෙ වුට‍්ඨස‍්ස සඞ‍්ඝාටනාවාය මණ‍්ඩපං කාරෙත්‍වා තත්‍ථ නං සද‍්ධිං නාටකාහි ආරොපෙන‍්ති. සො සම‍්පත‍්තිං අනුභවමානො ඉතරං නගරං ගච‍්ඡති. තංනගරවාසිනො නාටකානි උපඩ‍්ඪමග‍්ගං අගමංසු. තෙ පච‍්චුග‍්ගන‍්ත්‍වා තං පරිවාරෙත්‍වා අත‍්තනො පාසාදං නයන‍්ති. ඉතරානි නාටකානි නිවත‍්තිත්‍වා අත‍්තනො නගරමෙව ගච‍්ඡන‍්ති. තත්‍ථ චත‍්තාරො මාසෙ වසිත්‍වා තෙනෙව නියාමෙන පුන ඉතරං නගරං ගච‍්ඡති. එවමස‍්ස සම‍්පත‍්තිං අනුභවන‍්තස‍්ස අසීති වස‍්සානි පරිපුණ‍්ණානි.

නුවණැති බවට පත් ඔහුට නගර දෙකේම ප්‍රාසාදයන් කරවා නාට්‍යාංගනාවන් සේවයේ යෙදවූහ. එක එක නුවර හාර මාසය බැගින් වාසය කරයි. එක නුවරක හාර මාසය බැගින් වාසය කරන ලද ඔහුට එකට බඳනා ලද නැවෙහි මණ්ඩපයක් කොට එහි ඔහු සමග නාට්‍යාංගනාවන් නංවත්. ඔහු සම්පත් අනුභව කරමින් අනෙක් නගරයට යයි. ඒ නගරවාසීහු නාට්‍යාංගනාවන් හා අඩමගට ගියාහ. ඔවුහු පෙරගමන් කොට ඔහු පිරිවරා තමන්ගේ ප්‍රාසාදයට පමුණුවති. අනෙත් නාට්‍යාංගනාවන් නැවතී තමන්ගේ නුවරටම යත්. එහි සාර මසක් නැවතී ඒ ක්‍රමයෙන් ම නැවත අනෙත් නුවරට යයි. මෙසේ සම්පත් අනුභව කරන ඔහුට අසූ වර්ෂයක් සම්පූර්ණ විය.

අථ භගවා චාරිකං චරමානො බාරාණසිං පත‍්තො. සො භගවතො සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිතො. පබ‍්බජිත්‍වා සත‍්තාහමෙව පුථුජ‍්ජනො අහොසි, අට‍්ඨමෙ පන සො සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණීති එවමස‍්ස ද‍්වෙ කුලානි අහෙසුං. තස‍්මා බාකුලොති සඞ‍්ඛං අගමාසීති.

එකල බුදුරදුන් චාරිකාවෙහි හැසිරෙන්නේ බරණැසට වැඩියහ. ඔහු බුදුරදුන් වෙතින් බණ අසා ලබන ලද ශ්‍රද්ධාව ඇත්තේ පැවිදි විය. පැවිදි වී සතියක්ම පෘථග්ජන විය. අට වන දින සිව්පිළිසිඹියා සහිතව රහත්බවට පැමිණියේය. මෙසේ ඔහුට කුල දෙකක් වූහ. එහෙයින් බක්කුල යැයි හැඳින්වීමට ගියේය.

පුරාණගිහිසහායොති පුබ‍්බෙ ගිහිකාලෙ සහායො. අයම‍්පි දීඝායුකොව ථෙරං පබ‍්බජිතං පස‍්සිතුං ගච‍්ඡන‍්තො අසීතිමෙ වස‍්සෙ ගතො. මෙථුනො ධම‍්මොති බාලො නග‍්ගසමණකො බාලපුච‍්ඡං පුච‍්ඡති, න සාසනවචනං, ඉදානි ථෙරෙන දින‍්නනයෙ ඨිතො ඉමෙහි පන තෙති පුච‍්ඡි.

පුරාණගිහීසහායොති පෙර ගිහි කාලයෙහි යහළු වූ. මේ තෙමේ ද දීර්ඝායුෂ ඇත්තේ ම පැවිදි වූ තෙරුන් බලන්නට යන්නේ අසූවෙනි වර්ෂයෙහි ගියේය. මෙථුනො ධම්මොති බාල වූ නග්න ශ්‍රමණ තෙමේ ලාමක විචාරීම අසයි. ශාසනයෙහි හැසිරීම පිණිස නොවෙයි. දැන් තෙරුන් විසින් දෙන ලද ක්‍රමයෙහි සිටියේ. ඉමෙහි පන තෙති ඇසීය.

යංපායස‍්මාතිආදීනි පදානි සබ‍්බවාරෙසු ධම‍්මසඞ‍්ගාහකත්‍ථෙරෙහි නියමෙත්‍වා ඨපිතානි. තත්‍ථ සඤ‍්ඤා උප‍්පන‍්නමත‍්තාව, විතක‍්කො කම‍්මපථභෙදකොති. ථෙරො පනාහ – “කස‍්මා විසුං කරොථ, උභයම‍්පෙතං කම‍්මපථභෙදකමෙවා”ති.

යංපායස්මාති ආදි පද සියලු වාරයන්හි ධර්ම සංග්‍රාහක තෙරුන් විසින් නියම කොට තබන ලදහ. එහි සංඥාව උපන් ඇසිල්ලේ ම විතර්කය. කර්මපථ භේදය යැයි තෙරුන් වහන්සේ කීහ. කුමක් නිසා තවත් කරයි ද? මේ දෙකම කර්මපථ භේදකය.

ගහපතිචීවරන‍්ති වස‍්සාවාසිකං චීවරං. සත්‍ථෙනාති පිප‍්ඵලකෙන. සූචියාති සූචිං ගහෙත්‍වා සිබ‍්බිතභාවං න සරාමීති අත්‍ථො. කථිනෙ චීවරන‍්ති කථිනචීවරං, කථිනචීවරම‍්පි හි වස‍්සාවාසිකගතිකමෙව. තස‍්මා තත්‍ථ “සිබ‍්බිතා නාභිජානාමී”ති ආහ.

ගහපතිචීවරන්ති වස්සාවාසික සිවුර. සත්‍ථෙනාති කතුරෙන්. සුචියාති ඉඳිකටුව ගෙන මහන බව සිහි නොකරමි යන තේරුමයි. කඨිනෙ චීවරන්ති කඨින සිවුරයි. කඨින සිවුර ද වස්සාවාසික සිවුරෙහි ස්වභාවයය. එහෙයින් එහි මැසීම නොදනිමියි කීය.

එත‍්තකං පනස‍්ස කාලං ගහපතිචීවරං අසාදියන‍්තස‍්ස ඡින්‍දනසිබ‍්බනාදීනි අකරොන‍්තස‍්ස කුතො චීවරං උප‍්පජ‍්ජතීති. ද‍්වීහි නගරෙහි. ථෙරො හි මහායසස‍්සී, තස‍්ස පුත‍්තධීතරො නත‍්තපනත‍්තකා සුඛුමසාටකෙහි චීවරානි කාරෙත්‍වා රජාපෙත්‍වා සමුග‍්ගෙ පක‍්ඛිපිත්‍වා පහිණන‍්ති. ථෙරස‍්ස න‍්හානකාලෙ න‍්හානකොට‍්ඨකෙ ඨපෙන‍්ති. ථෙරො තානි නිවාසෙති චෙව පාරුපති ච, පුරාණචීවරානි සම‍්පත‍්තපබ‍්බජිතානං දෙති. ථෙරො තානි නිවාසෙත්‍වා ච පාරුපිත්‍වා ච නවකම‍්මං න කරොති, කිඤ‍්චි ආයූහනකම‍්මං නත්‍ථි. ඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා අප‍්පෙත්‍වා නිසීදති. චතූසු මාසෙසු පත‍්තෙසු ලොමකිලිට‍්ඨානි හොන‍්ති, අථස‍්ස පුන තෙනෙව නියාමෙන පහිණිත්‍වා දෙන‍්ති. අඩ‍්ඪමාසෙ අඩ‍්ඪමාසෙ පරිවත‍්තතීතිපි වදන‍්තියෙව.

මෙපමණ කලක් ගෘහපති සිවුරු නොඉවසන සිදුණු තැන් මැසීම් නොකරන ඔහුට කොතනින් සිවුරු ලැබුණේ ද? නුවර දෙකෙනි. තෙරුන් වහන්සේ මහත් යසස් ඇත්තාහ. ඔහුගේ දූ දරුවෝ මුනුබුරෝ සියුම් සළුවලින් සිවුරුකොට පඬු පොවා කරඬුවල දමා යවති. තෙරුන් ස්නානය කරන කාලයෙහි නාන කොටුවෙහි තබත්. තෙරුන් වහන්සේ ඒවා අඳිති. පොරවති. පරණ සිවුරු පැමිණි භික්‍ෂූන්ට දෙති. තෙරුන් වහන්සේ ඒවා ඇඳ පෙරවා අළුත් වැඩක් නොකරයි. කිසියම් රැස්කරන වැඩක් ද නැත. ඵලසමවතට පැමිණ සිටියි. හාර මාසයක් පැමිණි කල්හි ලොම් කිලිටි වෙයි. එකල්හි ඔහුට එම ක්‍රමයෙන් නැවත යවා දෙත්. අඩ මසක් අඩ මසක් පෙරළා යයි ද කියත්මය.

අනච‍්ඡරියඤ‍්චෙතං ථෙරස‍්ස මහාපුඤ‍්ඤස‍්ස මහාභිඤ‍්ඤස‍්ස සතසහස‍්සකප‍්පෙ පූරිතපාරමිස‍්ස, අසොකධම‍්මරඤ‍්ඤො කුලූපකො නිග්‍රොධත්‍ථෙරො දිවසස‍්ස නික‍්ඛත‍්තුං චීවරං පරිවත‍්තෙසි. තස‍්ස හි තිචීවරං හත්‍ථික‍්ඛන්‍ධෙ ඨපෙත්‍වා පඤ‍්චහි ච ගන්‍ධසමුග‍්ගසතෙහි පඤ‍්චහි ච මාලාසමුග‍්ගසතෙහි සද‍්ධිං පාතොව ආහරියිත්‍ථ, තථා දිවා චෙව සායඤ‍්ච. රාජා කිර දිවසස‍්ස නික‍්ඛත‍්තුං සාටකෙ පරිවත‍්තෙන‍්තො “ථෙරස‍්ස චීවරං නීත”න‍්ති පුච‍්ඡිත්‍වා “ආම නීත”න‍්ති සුත්‍වාව පරිවත‍්තෙසි. ථෙරොපි න භණ‍්ඩිකං බන්‍ධිත්‍වා ඨපෙසි, සම‍්පත‍්තසබ්‍රහ‍්මචාරීනං අදාසි. තදා කිර ජම‍්බුදීපෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස යෙභුය්‍යෙන නිග්‍රොධස‍්සෙව සන‍්තකං චීවරං අහොසි.

කල්ප ලක්‍ෂයක් පුරන ලද පාරමිතා ඇති මහත් පින් ඇති තෙරුන් වහන්සේගේ මෙය ආශ්චර්ය නොවෙයි. අශෝක රජුගේ කුළුපග නිග්‍රෝධ ස්ථවිර තෙමේ දවසට තුන් වරක් සිවුරු මාරු කළේය. උන්වහන්සේගේ තුන් සිවුර ඇත් කඳෙහි තබා පන්සියයක් සුවඳ අමුණු හා පන්සියයක් මල් කරඩු සමග උදෑසන ම ගෙන එත්. දහවල් ද සවස ද එසේමය. රජු දවසට තුන් වරක් සළු මාරු කරන්නේ තෙරුන් වහන්සේට සිවුරු ගෙන යන ලද්දේ දැයි අසා එසේය ගෙන ගියේ යැයි අසාම මාරු කරයි. තෙරුන් වහන්සේ ද පොදි බැඳ නොතැබුයේය. පැමිණි සතුරුන්ට දුන්නේය. එකල දඹදිව භික්‍ෂු සංඝයාට බොහෝ සෙයින් නිග්‍රෝධ තෙරුන් සතු සිවුරුම වූහ.

අහො වත මං කොචි නිමන‍්තෙය්‍යාති කිං පන චිත‍්තස‍්ස අනුප‍්පාදනං භාරියං, උප‍්පන‍්නස‍්ස පහානන‍්ති. චිත‍්තං නාම ලහුකපරිවත‍්තං, තස‍්මා අනුප‍්පාදනං භාරියං, උප‍්පන‍්නස‍්ස පහානම‍්පි භාරියමෙව.

කිසිවෙක් මට ආමන්ත්‍රණය කරන්නේය. කිමෙක් ද? සිතේ නොඉපදීම දුෂ්කර ද? ඉපදීමේ ප්‍රහාණය අමාරු ද? සිත නම් වහා පෙරළෙන සුළුය. එහෙයින් නොඉපදීම දුෂ්කරය. උපන් සිත ප්‍රහාණ කිරීමත් දුෂ්කරය.

අන‍්තරඝරෙති මහාසකුලුදායිසුත‍්තෙ (ම· නි· 2.237) ඉන්‍දඛීලතො පට‍්ඨාය අන‍්තරඝරං නාම ඉධ නිම‍්බොදකපතනට‍්ඨානං අධිප‍්පෙතං. කුතො පනස‍්ස භික‍්ඛා උප‍්පජ‍්ජිත්‍ථාති. ථෙරො ද‍්වීසු නගරෙසු අභිඤ‍්ඤාතො, ගෙහද‍්වාරං ආගතස‍්සෙවස‍්ස පත‍්තං ගහෙත්‍වා නානාරසභොජනස‍්ස පූරෙත්‍වා දෙන‍්ති. සො ලද‍්ධට‍්ඨානතො නිවත‍්තති, භත‍්තකිච‍්චකරණට‍්ඨානං පනස‍්ස නිබද‍්ධමෙව අහොසි. අනුබ්‍යඤ‍්ජනසොති ථෙරෙන කිර රූපෙ නිමිත‍්තං ගහෙත්‍වා මාතුගාමො න ඔලොකිතපුබ‍්බො. මාතුගාමස‍්ස ධම‍්මන‍්ති මාතුගාමස‍්ස ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙතුං වට‍්ටති, පඤ‍්හං පුට‍්ඨෙන ගාථාසහස‍්සම‍්පි වත‍්තුං වට‍්ටතියෙව. ථෙරො පන කප‍්පියමෙව න අකාසි. යෙභුය්‍යෙන හි කුලූපකථෙරානමෙතං කම‍්මං හොති. භික‍්ඛුනුපස‍්සයන‍්ති භික‍්ඛුනිඋපස‍්සයං. තං පන ගිලානපුච‍්ඡකෙන ගන‍්තුං වට‍්ටති, ථෙරො පන කප‍්පියමෙව න අකාසි. එස නයො සබ‍්බත්‍ථ. චුණ‍්ණෙනාති කොසම‍්බචුණ‍්ණාදිනා. ගත‍්තපරිකම‍්මෙති සරීරසම‍්බාහනකම‍්මෙ. විචාරිතාති පයොජයිතා. ගද‍්දූහනමත‍්තන‍්ති ගාවිං ථනෙ ගහෙත්‍වා එකං ඛීරබින්‍දුං දූහනකාලමත‍්තම‍්පි.

අන්තරඝරෙති මහා සකුළුදායි සූත්‍රයෙහි ඉන්ද්‍රඛීලයෙහි පටන් ඇතුළු ගෙය නම් මෙහි නිම්බෝදක වැටෙන තැන සිට යැයි අදහස් කරන ලදි. කොතනින් භික්‍ෂාව උපදී ද? තෙරුන් වහන්සේ නුවර දෙකෙහි දැනීමෙන් ගෙදරට පැමිණියහුගේ පාත්‍රය ගෙන නොයෙක් රස ආහාරවලින් පුරවා දෙති. උන්වහන්සේ ලබන ලද තැනින් නවතියි. බත් කිස කරන තැනට නිරන්තර යාම විය. අනුව්‍යඤ්ජනසොති තෙරුන් වහන්සේ විසින් රූපයෙහි නිමිති ගෙන ස්ත්‍රියක් නොබලන ලද විරූය. මාතුගාමස්ස ධම්මන්ති ස්ත්‍රියකට වචන පහකින් හයකින් බණ කියන්නට වටියි. ප්‍රශ්න කළොත් ගාථා දහසක් වුවත් කියන්නට වටින්නේමය. තෙරුන් වහන්සේ මෙය කැප වුවද නොකළහ. බොහෝ සෙයින් කුළුපග භික්‍ෂූන්ට ම මේ කටයුත්ත වෙයි. භික්ඛුනුපස්සයන්ති භික්‍ෂුණීන්ගේ ආරාමයයි. එයට ගිලන් පෘච්ඡකයා විසින් යන්නට වටියි. තෙරුන් වහන්සේ කැප නොකළහ. සියලු තැන්හිම මේ ක්‍රමයයි. චුණ්ණොනාති කොහොඹ චූර්ණ ආදියෙන්. ගත්තපරිකම්මෙති ශරීරය පිරිමැදීම් කර්මයෙහි. ව්‍යාපජ්ජිතාති යොදවන ලද ගද්දුහනමත්තන්ති දෙනගේ තනය ගෙන එක කිරි බින්දුවක් දොවන කාල ප්‍රමාණයයි.

කෙන පන කාරණෙන ථෙරො නිරාබාධො අහොසි. පදුමුත‍්තරෙ කිර භගවති සතසහස‍්සභික‍්ඛුපරිවාරෙ චාරිකං චරමානෙ හිමවති විසරුක‍්ඛා පුප‍්ඵිංසු. භික‍්ඛුසතසහස‍්සානම‍්පි තිණපුප‍්ඵකරොගො උප‍්පජ‍්ජති. ථෙරො තස‍්මිං සමයෙ ඉද‍්ධිමා තාපසො හොති, සො ආකාසෙන ගච‍්ඡන‍්තො භික‍්ඛුසඞ‍්ඝං දිස‍්වා ඔතරිත්‍වා රොගං පුච‍්ඡිත්‍වා හිමවන‍්තතො ඔසධං ආහරිත්‍වා අදාසි. උපසිඞ‍්ඝනමත‍්තෙනෙව රොගො වූපසමි. කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙපි පඨමවප‍්පදිවසෙ වප‍්පං ඨපෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස පරිභොගං අග‍්ගිසාලඤ‍්චෙව වච‍්චකුටිඤ‍්ච කාරෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස භෙසජ‍්ජවත‍්තං නිබන්‍ධි, ඉමිනා කම‍්මෙන නිරාබාධො අහොසි. උක‍්කට‍්ඨනෙසජ‍්ජිකො පනෙස උක‍්කට‍්ඨාරඤ‍්ඤකො ච තස‍්මා “නාභිජානාමි අපස‍්සෙනකං අපස‍්සයිතා”තිආදිමාහ.

කවර කාරණයකින් තෙරුන් වහන්සේ නිරෝගී වීද? පදුමුත්තර බුදුරදුන් භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවරා චාරිකාවෙහි හැසිරෙන කාලයෙහි හිමාලයෙහි විස ගස්වල මල් පිපුණාහ. ලක්‍ෂයක් භික්‍ෂූන්ට තිණ පුෂ්පික රෝගය ඇති විය. තෙරුන් වහන්සේ ඒ කාලයෙහි සෘද්ධි ඇති තවුසෙක් විය. ඔහු අහසින් යන්නේ භික්‍ෂු සමූහයා දැක බැස ලෙඩ අසා හිමාලයෙන් බෙහෙත් ගෙන දුන්නේය. සිඹින ලද පමණකින්ම ලෙඩ සුව විය. කාශ්‍යප බුදුරදුන්ගේ කාලයේ ද පළමු වප් මගුල් දවසෙහි වප් මඟුල තබා භික්‍ෂු සංඝයාගේ පරිභෝගයට ගිනිහල් ශාලාවක් ද වැසිකිළියක් ද කරවා භික්‍ෂු සංඝයාට බෙහෙත් වැටක් තැබුවේය. මේ පුණ්‍ය කර්මයෙන් නිරෝගී වූයේය. මේ තෙමේ උත්කෘෂ්ට නේසජ්ජිකය. උත්කෘෂ්ට ආරණ්‍යයකය. එහෙයින් නොදනිමි. අපස්සෙනකං අපස්සෙතාති යනාදිය කීය.

සරණොති සකිලෙසො. අඤ‍්ඤා උදපාදීති අනුපසම‍්පන‍්නස‍්ස අඤ‍්ඤං බ්‍යාකාතුං න වට‍්ටති. ථෙරො කස‍්මා බ්‍යාකාසි? න ථෙරො අහං අරහාති ආහ, අඤ‍්ඤා උදපාදීති පනාහ. අපිච ථෙරො අරහාති පාකටො, තස‍්මා එවමාහ.

සරණොති කෙලෙස් සහිතය. අඤ්ඤා උදපාදීති අනුපසම්පන්නයාට රහත් බව කියන්නට නොවටියි. තෙරුන් වහන්සේ කුමක් හෙයින් ප්‍රකාශ කළේ ද? තෙරුන් වහන්සේ මම රහත් යැයි නොකීය. ඥාණය පහළවීයැයි කීය. එහෙත් තෙරුන් වහන්සේ රහත් යැයි ප්‍රසිද්ධය. කුමක් හෙයින් මෙසේ කීයේ ද?

පබ‍්බජ‍්ජන‍්ති ථෙරො සයං නෙව පබ‍්බාජෙසි, න උපසම‍්පාදෙසි අඤ‍්ඤෙහි පන භික‍්ඛූහි එවං කාරාපෙසි. අවාපුරණං ආදායාති කුඤ‍්චිකං ගහෙත්‍වා.

පබ්බජ්ජන්ති තෙරුන් වහන්සේ තෙමේ පැවිදි නොකරයි. උපසම්පදා නොකරයි. අනුන් ලවා මෙසේ කරවූහ. ආපාපුණං ආදායාති යතුර ගෙන.

නිසින‍්නකොව පරිනිබ‍්බායීති අහං ධරමානොපි න අඤ‍්ඤස‍්ස භික‍්ඛුස‍්ස භාරො අහොසිං, පරිනිබ‍්බුතස‍්සාපි මෙ සරීරං භික‍්ඛුසඞ‍්ඝස‍්ස පලිබොධො මා අහොසීති තෙජොධාතුං සමාපජ‍්ජිත්‍වා පරිනිබ‍්බායි. සරීරතො ජාලා උට‍්ඨහි, ඡවිමංසලොහිතං සප‍්පි විය ඣායමානං පරික‍්ඛයං ගතං, සුමනමකුලසදිසා ධාතුයොව අවසෙසිංසු. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව. ඉදං පන සුත‍්තං දුතියසඞ‍්ගහෙ සඞ‍්ගීතන‍්ති.

නිසින්නකො පරිනිබ්බායීති මම ඉන්න කාලයේ දී අනෙත් භික්‍ෂුවකට කරදර නොවූයෙමි. පිරිනිවි මාගේ ශරීරය ද භික්‍ෂු සංඝයාට කරදර නොවේවායි තේජෝ ධාතුවට සමවැද පිරිනිවියහ. ශරීරයෙන් ගිනි දැලි නැංගේය. සම් මස් ලේ ගිතෙල් මෙන් දැවී ක්‍ෂය වූයේය. සමන් කැකුළු හා සමාන ධාතු ඉතිරි විය. ඉතිරිය සියලු තැන්හිම ප්‍රකටය. මේ සූත්‍රය දෙවන සංගායනාවේ දී සංග්‍රහ කරන ලදි.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය බාකුලසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

බක්කුල සූත්‍ර වර්ණනාව නිමි.