යෙදුමෙන් කියවන්න

දන‍්තභූමි සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

දන‍්තභූමි සුත‍්තවණ‍්ණනා

දන්තභූමි සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති දන‍්තභූමිසුත‍්තං. තත්‍ථ අරඤ‍්ඤකුටිකායන‍්ති තස‍්සෙව වෙළුවනස‍්ස එකස‍්මිං විවිත‍්තට‍්ඨානෙ පධානකම‍්මිකානං භික‍්ඛූනං අත්‍ථාය කතසෙනාසනෙ. රාජකුමාරොති බිම‍්බිසාරස‍්ස පුත‍්තො ඔරසකො.

එවම්මෙසුතන්ති මා විසින් දන්තභූමි සූත්‍රය මෙසේ අසන ලදි. එහි අරඤ්ඤකුටිකායන්ති ඒ වේළුවනයට එක් හිස් ස්ථානයක ප්‍රධන් කර්මය කරන භික්‍ෂූන් උදෙසා කරන ලද සේනාසනයෙහි. රාජකුමාරොති බිම්බිසාරගේ ඖරස පුත්‍රයා.

ඵුසෙය්‍යාති ලභෙය්‍ය. එකග‍්ගතන‍්ති එවං පටිපන‍්නො සමාපත‍්තිං නාම ලභති, ඣානං නාම ලභතීති ඉදං මයා සුතන‍්ති වදති. කිලමථොති කායකිලමථො. විහෙසාති ස‍්වෙව කිලමථො වුත‍්තො. යථාසකෙ තිට‍්ඨෙය්‍යාසීති අත‍්තනො අජානනකොට‍්ඨාසෙයෙව තිට‍්ඨෙය්‍යාසීති.

ඵුසෙය්‍යාති ලබන්නේ ය. එකග්ගතන්ති මෙසේ පිළිපදින්නේ සමාපත්තිය නම් ලබයි. ධ්‍යානය නම් ලබයි යනුවෙන් මෙය මා විසින් අසන ලද යැයි කියයි. කිලමථොති ශරීරයේ ක්ලාන්තයයි. විහේසාව ද ඒ ක්ලාන්තයමැයි කියන ලදි. යථා සකෙ තිත්ට්ඨෙය්‍යාසීති තමාගේ නොදන්නා කොටසෙහිම සිටින්නේය.

දෙසෙසීති චිත‍්තෙකග‍්ගතං නාම එවං ලභති, සමාපත‍්තිං එවං නිබ‍්බත‍්තෙතීති අප‍්පනාඋපචාරං පාපෙත්‍වා එකකසිණපරිකම‍්මං කථෙසි. පවෙදෙත්‍වාති පකාසෙත්‍වා.

දෙසෙතීති සිතේ එකඟබව නම් මෙසේ ලබයි. සමාපත්තිය මෙසේ උපදවයි. අර්පනා උපචාරයට පමුණුවා එක කසින කර්මයක් කීය. පචෙදෙත්‍වාති ප්‍රකාශ කොට.

නෙක‍්ඛම‍්මෙන ඤාතබ‍්බන‍්ති කාමතො නිස‍්සටගුණෙන ඤාතබ‍්බං. කාමතො නිස‍්සටගුණෙ ඨිතෙන පුග‍්ගලෙන එකග‍්ගං නාම ජානිතබ‍්බන‍්ති අධිප‍්පායෙනෙතං වුත‍්තං. සෙසානි තස‍්සෙව වෙවචනානි. කාමෙ පරිභුඤ‍්ජන‍්තොති දුවිධෙපි කාමෙ භුඤ‍්ජමානො.

නෙක්ඛම්මෙන ඥාතබ්බන්ති කාමයෙන් හරින ලද ගුණයෙන් දත යුතුයි. කාමයෙන් හරින ලද ගුණයෙහි සිටි පුද්ගලයා විසින් එකඟබව නම් දත යුතුයි යන අදහසින් මෙය කියන ලදි. ඉතිරිය එයට ම පර්යාය වචනයි. කාමෙ පරිභූඤ්ජන්තොති දෙවැදෑරුම් කාමයන් අනුභව කරන්නේ.

හත්‍ථිදම‍්මා වා අස‍්සදම‍්මා වා ගොදම‍්මා වාති එත්‍ථ අදන‍්තහත්‍ථිදම‍්මාදයො විය චිත‍්තෙකග‍්ගරහිතා පුග‍්ගලා දට‍්ඨබ‍්බා. දන‍්තහත්‍ථිආදයො විය චිත‍්තෙකග‍්ගසම‍්පන‍්නා. යථා අදන‍්තහත්‍ථිදම‍්මාදයො කූටාකාරං අකත්‍වා ධුරං අඡඩ‍්ඩෙත්‍වා දන‍්තගමනං වා ගන‍්තුං, දන‍්තෙහි වා පත‍්තබ‍්බං භූමිං පාපුණිතුං න සක‍්කොන‍්ති, එවමෙව චිත‍්තෙකග‍්ගරහිතා සම‍්පන‍්නචිත‍්තෙකග‍්ගෙහි නිබ‍්බත‍්තිතගුණං වා නිබ‍්බත‍්තෙතුං පත‍්තභූමිං වා පාපුණිතුං න සක‍්කොන‍්ති.

ඇතුන් දමනය හෝ අශ්වයන් දමනය හෝ ගවයන් දමනය හෝ මෙහි දමනය නොවූ ඇතුන් දමනය කිරීමාදිය මෙන් සිත එකඟ නැති පුද්ගලයෝ දත යුතුයි. දමනය වූ ඇතුන් දමනය කරන්නාක් මෙන් සිත එකඟ බැවින් සම්පූර්ණ වූ යම්සේ නොදැමුණු ඇතුන් දමනය කරන්නවුන් ආදිහු කුළුගෙයක් නොකොට ධුරය නොදමා දැමුණු ගමනට යන්නට හෝ දැමුණවුන් විසින් පැමිණිය යුතු බිමට පැමිණෙන්නට නොහැකි වෙත්.

හත්‍ථවිලඞ‍්ඝකෙනාති හත්‍ථෙන හත්‍ථං ගහෙත්‍වා.

හත්‍ථවිලංගකෙනාති අතින් අත ගෙන.

දට‍්ඨෙය්‍යන‍්ති පස‍්සිතබ‍්බයුත‍්තකං. ආවුතොති ආවරිතො. නිවුතොති නිවාරිතො. ඔඵුටොති ඔනද‍්ධො.

දට්ඨෙය්‍යන්ති දැකිය යුතු ආවටොති අවුරණ ලද. නිවුටොති වළකන ලදි. ඔවුටොති වැසුණු

නාගවනිකන‍්ති හත්‍ථිපදොපමෙ (ම· නි· 1.288 ආදයො) නාගවනචරකො පුරිසො “නාගවනිකො”ති වුත‍්තො, ඉධ හත්‍ථිසික‍්ඛාය කුසලො හත්‍ථිං ගහෙතුං සමත්‍ථො. අතිපස‍්සිත්‍වාති දිස‍්වා. එත්‍ථගෙධාති එතස‍්මිං පවත‍්තගෙධා. සරසඞ‍්කප‍්පානන‍්ති ධාවනසඞ‍්කප‍්පානං. මනුස‍්සකන‍්තෙසු සීලෙසු සමාදපනායාති එත්‍ථ යදා නාගො ඉත්‍ථිපුරිසෙහි කුමාරකුමාරිකාහි සොණ‍්ඩාදීසු ගහෙත්‍වා උපකෙළයමානො විකාරං න කරොති සුඛායති, තදානෙන මනුස‍්සකන‍්තානි සීලානි සමාදින‍්නානි නාම හොන‍්ති.

නාගවනිකන්ති ඇත් උපමාවෙහි ඇත් වනයෙහි හැසිරෙන පුද්ගලයා නාගවනිකයා යැයි කියන ලදි. මෙහි ඇතුන් හික්මවීමෙහි දක්‍ෂයා ඇතුන් ගැනීමට සමත් වෙයි. අතිපස්සිත්‍වාති දැක. එතගෙධාති මෙහි පැවැති. සරසංකප්පානන්ති වාක් සංකල්පයන්ගේ. මනුස්සකන්තෙසු සීලෙසු සමාදපනායාති මෙහි යම්සේ ඇතා ස්ත්‍රිය පුරුෂය කුමාරයා කුමාරිකාව යන මොවුන් විසින් සොඬ ආදියෙන් ගෙන ක්‍රීඩා කරන්නේ විකාරයක් නොකරයි. සැපසේ වෙයි. එකල මෙම ක්‍රමයෙන් මිනිසුන්ට කැමැති සීලයන් සමාදාන නම් වෙයි.

පෙමනීයාති තාත රාජා තෙ පසන‍්නො මඞ‍්ගලහත්‍ථිට‍්ඨානෙව ඨපෙස‍්සති, රාජාරහානි භොජනාදීනි ලභිස‍්සසීති එවරූපී නාගෙහි පියාපිතබ‍්බා කථා. සුස‍්සූසතීති තං පෙමනීයකථං සොතුකාමො හොති. තිණඝාසොදකන‍්ති තිණඝාසඤ‍්චෙව උදකඤ‍්ච, තිණඝාසන‍්ති ඝාසිතබ‍්බං තිණං, ඛාදිතබ‍්බන‍්ති අත්‍ථො.

පෙමනීයාති දරුව. රජු නුඹට පැහැදුනේ. මඟුල් ඇතු තනතුරෙහි තබන්නේ ය. රජුන්ට සුදුසු ආහාර ලබන්නේ ය. මෙබඳු ඇතුන් විසින් ප්‍රිය උපදවන කථාවයි. සුස්සුසතීති ඒ ප්‍රිය උපදවන කථාව ඇසීමට කැමැති වෙයි. තිණඝාසොදකන්ති තණ කෑම ද ජලය ද, තිණඝාසන්ති යනු කෑයුතු තණ කෑ යුතුයි යන තේරුමයි.

පණවොති ඩිණ‍්ඩිමො. සබ‍්බවඞ‍්කදොසනිහිතනින‍්නීතකසාවොති නිහිතසබ‍්බවඞ‍්කදොසො චෙව අපනීතකසාවො ච. අඞ‍්ගන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡතීති අඞ‍්ගසමො හොති.

පණවොති බෙර විශේෂයකි. සබ්බවංකදොස නිහිත නින්නිතකසාවොති හරින ලද සියළු වංක දෝෂ ද හරින ලද කසට වස්ත්‍ර ඇත්තේ ද අංගන්තෙව සංඛං ගච්ඡතීති ශරීරය සමාන වෙයි.

ගෙහසිතසීලානන‍්ති පඤ‍්චකාමගුණනිස‍්සිතසීලානං. ඤායස‍්සාති අට‍්ඨඞ‍්ගිකමග‍්ගස‍්ස.

ගෙහසිත සීලානන්ති පස්කම් සැප නිශ්‍රිත සීලයන්. ඤායස්සාති ආර්ය අෂ්ඨාංගික මාර්ගයට.

අදන‍්තමරණං මහල‍්ලකො රඤ‍්ඤො නාගො කාලඞ‍්කතොති රඤ‍්ඤො මහල‍්ලකො නාගො අදන‍්තමරණං මතො කාලං කතො හොති, අදන‍්තමරණං කාලංකිරියං නාම කරියතීති අයමෙත්‍ථ අත්‍ථො. එස නයො සබ‍්බත්‍ථ. සෙසං උත‍්තානමෙවාති.

අදන්තමරණං මහල්ලකො රඤ්ඤො නාගො කාලකතොති රජු මහළුය. ඇතා දමනය නොවී මැරුණේය. කාලකතොති යනු අදන්ත මරණ කාලක්‍රියාව යන තේරුමයි. සියලු තැන්හි ම මේ ක්‍රමයයි. ඉතිරිය ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය දන‍්තභූමිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දන්ත භූමි සූත්‍ර වර්ණනාව නිමි.