දන්තභූමි සුත්තං
3. 3. 5.
3. 3. 5.
දන්තභූමි සුත්තං
දන්තභූමි සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අචිරවතො සමණුද්දෙසො අරඤ්ඤකුටිකායං විහරති. අථ ඛො ජයසෙනො රාජකුමාරො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන අචිරවතො සමණුද්දෙසො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අචිරවතෙන සමණුද්දෙසෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජයසෙනො රාජකුමාරො අචිරවතං සමණුද්දෙසං එතදවොච: සුතං මෙතං භො අග්ගිවෙස්සන, ඉධ භික්ඛු අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඵුසෙය්ය චිත්තස්ස එකග්ගත’න්ති.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. තව ද එසමයෙහි අචිරවත සමණුද්දෙස අරණ්‍යකුටිකායෙක්හි වෙසෙයි. එකල්හි ජයසේන රාජකුමාර ජංඝාවිහරණයෙන් ඔබැ මොබැ හැසිරෙනුයේ අචිරවත සමණුද්දෙස යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියේ ය. එළැඹ අචිරවත සමණුද්දේසයන් සමග සතුටු විය, සතුටුවිය යුතු සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ජයසේන රාජකුමාර අචිරවත සමණුද්දේසනට තෙල කී: “භවත ගිනිවෙස්න, මෙ සස්නෙහි මහණ අප්‍රමත්ත වැ ආතාපන වීර්‍ය්‍ය ඇති වැ ප්‍රහිතාත්ම වැ වසනුයේ චිත්තෛකාග්‍රතා ලබන්නේ ය යන මෙ කරුණ මා විසින් අසන ලදැ” යි.
එවමෙතං රාජකුමාර, එවමෙතං රාජකුමාර, ඉධ භික්ඛු අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඵුසෙය්ය චිත්තස්ස එකග්ගතන්ති.
රාජ කුමාරය, තෙල එ සේ මැය, රාජ කුමාරය, තෙල එසේ මැ ය. මෙ සස්නෙහි මහණ අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරනුයේ චිත්තෛකාග්‍රතා ලබන්නේ යයි ඇසූ සේකි.
සාධු මෙ භවං අග්ගිවෙස්සනො යථාසුතං යථාපරියත්තං ධම්මං දෙසෙතූති.
භවත් ගිනිවෙස්න, ඇසූ පරිදි පුහුණු කළ පරිදි මට දහම් දෙසාවයි අයැද සිටිමි.
න ඛො තෙ අහං රාජකුමාර, සක්කොමි යථාසුතං යථාපරියත්තං ධම්මං දෙසෙතුං. අහං චරහි තෙ රාජකුමාර, යථාසුතං යථාපරියත්තං ධම්මං දෙසෙය්යං, ත්වඤ්ච මෙ භාසිතස්ස අත්ථං න ආජානෙය්යාසි. සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසාති.
රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසන්නට නො හැකියෙමි. රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසන්නෙම් නම් තෙපි ද මබස අරුත් අවබෝධ නො කරන්නහු නම් ඒ මට කායක්ලමථුයෙක් වෙයි, ඒ මට විහිංසායෙක් වෙයි.
දෙසෙතු මෙ භවං අග්ගිවෙස්සනො යථාසුතං යථාපරියත්තං ධම්මං, අප්පෙවනාමාහං භොතො අග්ගිවෙස්සනස්ස භාසිතස්ස අත්ථං ආජානෙය්යන්ති.
භවත් අග්ගිවෙස්සනයෝ මට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසත්වා. මම භවත් අග්ගිවෙස්සනයන්ගේ කී අරුත් නුවණින් දන්නෙම් නම් මනා මැ නු.
දෙසෙය්යං ඛො තෙ අහං රාජකුමාර, යථාසුතං යථාපරියත්තං ධම්මං, සචෙ මෙ ත්වං භාසිතස්ස අත්ථං ආජානෙය්යාසි ඉච්චෙතං කුසලං. නො චෙ මෙ ත්වං භාසිතස්ස අත්ථං ආජානෙය්යාසි. යථා සකෙ තිට්ඨෙය්යාසි න මං තත්ථ උත්තරිං පටිපුච්ඡෙය්යාසීති.
රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසමි. ඉදින් තෙපි මබස අරුත් නුවණින් දැනගන්නහු නම් තෙල් මැනැව, ඉදින් තෙපි මබස අරුත් දැන නො ගන්නහු නම් තමා නො දන්නා තන්හි මැ සිටුහු නම්, එහි ලා මතුයෙහි මා නුපුළුවුස්නා බව යයි.
දෙසෙතු මෙ භවං අග්ගිවෙස්සනො යථාසුතං යථාපරියත්තං ධම්මං. සචෙ අහං භොතො අග්ගිවෙස්සනස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමි. ඉච්චෙතං කුසලං, නො චෙ අහං භොතො අග්ගිවෙස්සනස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමි. යථා සකෙ තිට්ඨිස්සාමි. නාහං තත්ථ භවන්තං අග්ගිවෙස්සනං උත්තරිං පටිපුච්ඡිස්සාමීති.
භවත් අග්ගිවෙස්සනයෝ මට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසත්වා, ඉදින් මම භවත් අග්ගිවෙස්සනයන්ගේ බස අරුත් නුවණින් දන්නෙම් නම්, මෙසේ මේ මැනව, ඉදින් මම භවත් අග්ගිවෙස්සනයන්ගේ බස අරුත් නුවණින් නො දන්නෙම් නම් තමන් සතු නො දන්නා තන්හි මැ සිටීම් නම් එහි දී භවත් අග්ගිවෙස්සනයන් මතුයෙහි නො පුළුවුස්මි’ යි.
අථ ඛො අචිරවතො සමණුද්දෙසො ජයසෙනස්ස රාජකුමාරස්ස යථාසුතං යථාපරියත්තං ධම්මං දෙසෙසි. එවං වුත්තෙ ජයසෙනො රාජකුමාරො අචිරවතං සමණුද්දෙසං එතදවොච: ‘අට්ඨානමෙතං භො අග්ගිවෙස්සන, අනවකාසො යං භික්ඛු අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඵුසෙය්ය චිත්තස්ස එකග්ගත’න්ති. අථ ඛො ජයසෙනො රාජකුමාරො අචිරවතස්ස සමණුද්දෙසස්ස අට්ඨානතඤ්ච අනවකාසතඤ්ච පවෙදෙත්වා උට්ඨායාසනා පක්කාමි.
එසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරහට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසී. මෙසේ දෙසූ කළ ජයසේන රජකුමර අචිරවත හෙරණහට තෙල කී: “භවත් ගිනිවෙස්න, මහණ නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසනුයේ චිත්තෛකාග්‍රතා ලබා යන යමෙක් ඇද්ද, තෙල නො වන්නෙකි. වන්නට අවකාශ ද නැති. එ සඳ ජයසේන රජකුමර අචිරවත හෙරණ හට අස්ථානතා ද අනවකාසතා ද පවසා හුනස්නෙනේ නැගී ගියේ.
අථ ඛො අචිරවතො සමණුද්දෙසො අචිරපක්කන්තෙ ජයසෙනෙ රාජකුමාරෙ යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අචිරවතො සමණුද්දෙසො යාවතකො අහොසි ජයසෙනෙන රාජකුමාරෙන සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
එසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරු නැඟී යන්නා හා මැ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් වැ හින. එකත් පස් වැ හුන් එසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරු හා යම් පමණ කථා සංලාපයෙක් වී ද, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකෙළේ.
එවං වුත්තෙ භගවා අචිරවතං සමණුද්දෙසං එතදවොච: ‘තං කුතෙත්ථ අග්ගිවෙස්සන, ලබ්භා යං තං නෙක්ඛම්මෙන ඤාතබ්බං, නෙක්ඛම්මෙන දට්ඨබ්බං, නෙක්ඛම්මෙන පත්තබ්බං, නෙක්ඛම්මෙන සච්ඡිකාතබ්බං, තං වත ජයසෙනො රාජකුමාරො කාමමජ්ඣෙ වසන්තො කාමෙ පරිභුඤ්ජන්තො කාමවිතක්කෙහි ඛජ්ජමානො කාමපරිළාහෙන පරිඩය්හමානො කාමපරියෙසනාය උස්සුක්කො ඤස්සති වා දක්ඛති වා සච්ඡි වා කරිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. සෙය්යථාපිස්සු අග්ගිවෙස්සන, ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතා, ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා අදන්තා අවිනීතා. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යෙ තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතා, අපි නු තෙ දන්තාව දන්තකාරණං ගච්ඡෙය්යුං, දන්තාව දන්තභූමිං සම්පාපුණෙය්යුන්ති:
මෙසේ සැල කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අචිරවත හෙරණ හට තෙල වදාළ සේක: “ගිනිවෙස්න, යම් දහමෙක් කාමයෙන් නික්මැ යෑමෙන් දත යුතු වේ ද, නික්මීමෙන් දැක්ක යුතු වේ ද, නික්මීමෙන් ලැබිය යුතු වේ ද, නික්මීමෙන් පසක්කළ යුතු වේ ද, ඒ දහම මෙහි ලා කොයින් ලැබේ ද? ජයසේන රජකුමර දෙවැදෑරුම් කාමමධ්‍යයෙහි වසනුයේ කාමයන් වළඳ කරනුයේ කාම විතර්කයන් විසින් කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ ඒකාන්තයෙන් ඒ දහම දන්නේ වේව’යි දක්නේ වෙව’යි පසක් කරනුයේ වේව’යි යන තෙල කරුණ නො වෙයි. ගිනිවෙස්න, යම් පරිදි හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ සුදාන්ත වූවාහු සුවිනීත වූවාහු ඇද්ද, හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වූවාහු අවිනීත වූවාහු ඇද්ද, ගිනිවෙස්න, ඒ කෙසේ හඟිහි, සුදාන්ත වූ සුවිනීත වූ යම් හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ ඇද්ද, ඔහු දැමුණාහු මැ දාන්තකාරණයට යන්නා හු නො වේ ද? දැමුණාහු මැ දාන්ත කාරණයට දාන්තභූමියට යන්නාහු නො වේ ද?
එවං භන්තෙ.
වහන්ස, එසේ යැ.
යෙ පන තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා අදන්තා අවිනීතා, අපි නු තෙ අදන්තාව දන්තකාරණං ගච්ඡෙය්යුං. අදන්තාව දන්තභූමිං සම්පාපුණෙය්යුං. සෙය්යථාපි තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතාති:
යම් ඒ හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වූවාහු අවිනීත වූවාහු ඇද්ද, ඔහු අදාන්ත වැ මැ සිට සුදාන්ත සුවිනීත වූ ඒ හස්තිදම්‍යයන් දෙදෙනා සෙයින් අශ්වදම්‍යයන් දෙදෙනා සෙයින් ගෝදම්යයන් දෙදෙනා සෙයින් දාන්ත කාරණයට යන්නාහු වේ ද, අදාන්ත වැ මැ සිට දාන්ත කාරණයට යන්නාහු වේ ද,
නො හෙතං භන්තෙ.
වහන්ස, තෙල නො වන්නේ මැ යි.
එවමෙව ඛො අග්ගිවෙස්සන, යං තං නෙක්ඛම්මෙන ඤාතබ්බං නෙක්ඛම්මෙන දට්ඨබ්බං නෙක්ඛම්මෙන පත්තබ්බං නෙක්ඛම්මෙන සච්ඡිකාතබ්බං තං වත ජයසෙනො රාජකුමාරො කාමමජ්ඣෙ වසන්තො කාමෙ පරිභුඤ්ජන්තො කාමවිතක්කෙහි ඛජ්ජමානො කාමපරිළාහෙන පරිඩය්හමානො කාමපරියෙසනාය උස්සුක්කො ඤස්සති වා දක්ඛති වා සච්ඡි වා කරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
ගිනිවෙස්න, එපරිදි මැ යම් දහමෙක් නික්මීමෙන් දත යුතු ව ද නික්මීමෙන් දැක්ක යුතු වේ ද, නික්මීමෙන් ලැබිය යුතු වේ ද, නික්මීමෙන් පසක් කළ යුතු වේ ද, ජයසේන රජ කුමර කාමමධ්‍යයෙහි වසනුයේ කාමයන් වළඳ කරනුයේ කාමවිතර්කයන් විසින් කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ එකැතින් ඒ දහම් දන්නේ වේව’යි දක්නේ වේව’යි පසක් කරනුයේ වේව’යි යන තෙල කරුණ නො වේ.
සෙය්යථාපි අග්ගිවෙස්සන, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහාපබ්බතො. තමෙනං ද්වෙ සහායකා තම්හා ගාමා වා නිගමා වා නික්ඛමිත්වා හත්ථවිලඞ්ඝකෙන යෙන සො පබ්බතො, තෙනුපසඞ්කමෙය්යුං. උපසඞ්කමිත්වා එකො සහායකො හෙට්ඨා පබ්බතපාදෙ තිට්ඨෙය්ය. එකො සහායකො උපරිපබ්බතං ආරොහෙය්ය. තමෙනං හෙට්ඨා පබ්බතපාදෙ ඨිතො සහායකො උපරිපබ්බතෙ ඨිතං සහායකං එවං වෙදය්ය: ‘යං සම්ම කිං ත්වං පස්සසි උපරිපබ්බතෙ ඨිතො’ති: සො එවං වදෙය්ය:
ගිනිවෙස්න, යම් පරිදි ගමකට හෝ නිගමයකට හෝ නුදුරෙහි මහාපර්වතයෙක් වේ ද, යහළුවෝ දෙදෙනෙක් ඒ ගමින් හෝ නියම් ගමින් හෝ නික්මැ අතිනත් ගෙන් ඒ පර්වතය යම් තැනෙක් හි ද එහි එළැඹෙන්නාහු ය. එළැඹ එක් යහළුවෙක් යට පවුපාත්හි සිටිනේ ය. එක් යහළුවෙක් පර්වත මස්තකයට නඟින්නේ ය. යට පවුපාත්හි සිටි යහළු පර්වත මස්තකයෙහි සිටි යහළුහට මෙසේ කියන්නේ ය: ‘යහළුව, තෙපි ගල් මුදුන්හි සිටියහු කුමක් දක්නා ව’යි. හේ මෙසේ කියන්නේ ය:
‘පස්සාමි ඛො අහං සම්ම, උපරි පබ්බතෙ ඨිතො ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණීරාමණෙය්යකන්ති. සො එවං වදෙය්ය: අට්ඨානං ඛො එතං සම්ම, අනවකාසො යං ත්වං උපරිපබ්බතෙ ඨිතො පස්සෙය්යාසි ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණී රාමණෙය්යකන්ති. තමෙනං උපරිපබ්බතෙ ඨිතො සහායකො හෙට්ඨිමපබ්බතපාදං ඔරොහිත්වා තං සහායකං බාහායං ගහෙත්වා උපරිපබ්බතං ආරොපෙත්වා මුහුත්තං අස්සාසෙත්වා එවං වදෙය්ය: ‘යං සම්ම කිං ත්වං පස්සසි උපරිපබ්බතෙ ඨිතොති. සො එවං වදෙය්ය: ‘පස්සාමි ඛො අහං සම්ම, උපරිපබ්බතෙ ඨිතො ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණීරාමණෙය්යකන්ති. සො එවං වදෙය්ය: ‘ඉදානෙව ඛො තෙ සම්ම, භාසිතං: මයං එවං ආජානාම: අට්ඨානං ඛො එතං සම්ම, අනවකාසො යං ත්වං උපරිපබ්බතෙ ඨිතො පස්සෙය්යාසි ආරාමරාමණෙය්යකං -පෙ- පොක්ඛරණීරාමණෙය්යකන්ති. ඉදානෙව ච පන තෙ භාසිතං: ‘මයං එවං ආජානාම: පස්සාමි ඛො අහං සම්ම, උපරිපබ්බතෙ ඨිතො ආරාමරාමණෙය්යකං -පෙ- පොක්ඛරණීරාමණෙය්යකන්ති. සො එවං වදෙය්ය: තථා හි පනාහං සම්ම, ඉමිනා මහතා පබ්බතෙන ආවුතො දට්ඨෙය්යං නාද්දසන්ති.
‘යහළුව මම් ගල් මුදුන්හි සිටියෙම් රමණී අරම් රමණී වන රමණී බිම් පෙදෙස් රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, යම් හෙයෙකින් තෙපි උපරි පර්වතයෙහි සිටියහු රමණී අරම් රමණී වන රමණී බිම්පෙදෙස් රමණී පොකුණු දක්නහු නම් තෙල අස්ථාන යැ අනවකාශ ය’යි. එසඳ පර්වත මස්තකයෙහි සිටි යහළු යට පවුපාතට බැස ඒ යහළුවා අත ගෙන් උපරි පර්වතයට නඟා මොහොතක් අස්වසා මෙසේ කියන්නේ ය: ‘යහළු, තෙපි උපරි පර්වතයෙහි සිටියහු කුමක් දක්නාව’ යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, මම් උපරි පර්වතයෙහි සිටියෙම් රමණී අරම් රමණී වන රමණී බිම් පෙදෙස් රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, මෙවිටැ මැ තොප විසින් කියන ලද: ‘ඇපි මෙසේ දනුම් හ: යහළු යම් හෙයෙකින් උපරි පර්වතයෙහි සිටියහු රමණී අරම් ... රමණී පොකුණු දක්නහු ද, තෙල අස්ථාන යැ, අනවකාශ ය’ යි. තව ද යළි මෙවිට මැ තොප විසින් කියන ලද: ඇපි මෙසේ දනුම් හ: යහළු මම් ගල්මුදුන්හි සිටියෙම් රමණී අරම් ... රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ඒ එසේ මැ යැ. යහළු, මම් මේ මහා පර්වතයෙන් අවුරන ලදුයෙම් දැක්ක යුතු දෑ නො දිටි මි’යි.
එවමෙව ඛො අතො මහන්තතරෙන ඛො අග්ගිවෙස්සන, අවිජ්ජාඛන්ධෙන ජයසෙනො රාජකුමාරො ආවුතො නිවුතො ඔවුතො, පරියොනද්ධො. සො වත යං තං නෙක්ඛම්මෙන ඤාතබ්බං, නෙක්ඛම්මෙන දට්ඨබ්බං, නෙක්ඛම්මෙන පත්තබ්බං, නෙක්ඛම්මෙන සච්ඡිකාතබ්බං, තං වත ජයසෙනො රාජකුමාරො කාමමජ්ඣෙ වසන්තො කාමෙ පරිභුඤ්ජන්තො කාමවිතක්කෙහි ඛජ්ජමානො කාමපරිළාහෙන පරිඩය්හමානො කාමපරියෙසනාය උස්සුක්කො ඤස්සති වා දක්ඛිති වා සච්ඡි වා කරිස්සතීති නෙතං ඨානං විජ්ජති. සචෙ ඛො තං අග්ගිවෙස්සන, ජයසෙනස්ස රාජකුමාරස්ස ඉමා ද්වෙ උපමා පටිභාසෙය්යුං අනච්ඡරියං තෙ ජයසෙනො රාජකුමාරො පසීදෙය්ය: පසන්නො ච තෙ පසන්නාකාරං කරෙය්යාති.
එසෙයින් ම ගිනිවෙස්න, තෙල මහාපර්වතයට වඩා ඉතා මහත් වූ අවිද්යාස්කන්ධයෙන් ජයසේන රජකුමර අවුරන ලද වළහන ලද වෙළන ලද හාත්පසින් බඳනා ලදි. හේ ඒකාන්තයෙන් කාමයෙන් නික් මැ යෑමෙන් දත යුතු නික්මීමෙන් දැක්ක යුතු නික්මීමෙන් පැමිණිය යුතු නික්මීමෙන් පසක්කළ යුතු යම් චිත්තෛකාග්‍රතා ධර්මයෙක් ඇද්ද, ජයසේන රජකුමර වත්කම් කෙලෙස්කම් මැද වසනුයේ කාමයන් වළඳනුයේ කාමවිතර්කයන් විසින්, කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ ඒකාන්තයෙන් ඒ දහම දන්නේ යැ හෝ දක්නේ යැ හෝ පසක් කරන්නේ යැ හෝ යන තෙල කරුණ නො වන්නේ ය. ඉදින් ගිනිවෙස්න, ජයසේන රජකුමර හට මේ උපමාවෝ දෙදෙන තා ලකුණු කොට හෙළි වෙත් නම් තොපට ජයසේන රජකුමර පහදින්නේ ය යනුදු ප්‍රසන්න ව තොපට සත්කාර කරන්නේ ය යනුදු අසිරි නො වේ.
කුතො පන මං භන්තෙ, ජයසෙනස්ස රාජකුමාරස්ස ඉමා ද්වෙ උපමා පටිභාසිස්සන්ති අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. සෙය්යථාපි භගවන්තන්ති.
වහන්ස, භාග්‍යවතුන්වහන්සේ ලකුණු කොට හෙළි වන්නා සෙයින් කෙසේ නම් මා ලකුණු කොට ජයසේන රජකුමරහට පුනපුනා අසිරියට නිසි වූ පෙර නො ඇසූවිරූ මේ උභය උපමාවෝ හෙළි වෙත් ද.
සෙය්යථාපි අග්ගිවෙස්සන, රාජා ඛත්තියො මුද්ධාවසිත්තො නාගවනිකං ආමන්තෙති: එහි ත්වං සම්ම නාගවනික, රඤ්ඤො නාගං අභිරුහිත්වා නාගවනං පවිසිත්වා ආරඤ්ඤකං නාගං අතිපස්සිත්වා රඤ්ඤො නාගස්ස ගීවාය උපනිබන්ධාහීති. එවං දෙවාති ඛො අග්ගිවෙස්සන, නාගවනිකො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස පටිස්සුත්වා රඤ්ඤො නාගං අභිරුහිත්වා නාගවනං පවිසිත්වා ආරඤ්ඤකං නාගං අතිපස්සිත්වා රඤ්ඤො නාගස්ස ගීවාය උපනිබන්ධති. තමෙනං රඤ්ඤො නාගො අබ්භොකාසං නීහරති. එත්තාවතා ච ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො අබ්භොකාසං ගතො හොති. එත්ථ ගෙධා හි අග්ගිවෙස්සන, ආරඤ්ඤකා නාගා යදිදං නාගවනං. තමෙනං නාගවනිකො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ආරොචෙති ; ආබ්භොකාසගතො ඛො දෙව, ආරඤ්ඤකො නාගොති.
ගිනිවෙස්න, යම් පරිදි මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජ නාගවනික හස්තිගෝපයක්හු අමතාද “සගය, නාගවනිකය, තෝ එ රජුගේ ඇතු නැඟී නාගවනයට වැද අරන්වැසි නාගයකු සොයා බලා රජු සතු නාගයාගේ ගෙලෙහි ලා බඳනේ යයි. ගිනිවෙස්න, නාගවනිකයා මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජ හට එසේ යැ දේවයෙනි, පිළිවදන් දී රජුගේ ඇතු නැඟී නාග වනයට වැද අරන්වැසි නාගයකු සොයා බලා රාජනාගයාගේ ගෙලෙහි බඳනේ ය. රාජනාගයා තෙල ඇතු එලියට නෙරනේ වෙයි. ගිනිවෙස්න, මෙතෙකිනුදු ආරණ්‍යක නාගයා අභ්‍යවකාශ ගත වූයේ වෙයි. ගිනිවෙස්න, යම් නාගවනයෙක් ඇද්ද, ආරණ්‍යක නාගයෝ එහ පැවැති ගේධ ඇත්තා හු ම ය. නාගවනිකයා මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජ හට දේවයිනි, ආරණ්‍යක නාගයා එලියට අළැයි සැල කරන්නේ ය.
අථ ඛො අග්ගිවෙස්සන, තමෙනං රාජා ඛත්තියො මුද්ධාවසිත්තො හත්ථිදමකං ආමන්තෙසි: එහි ත්වං සම්ම හත්ථිදමක, ආරඤ්ඤකං නාගං දමයාහි ආරඤ්ඤකානඤ්චෙව සීලානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව සරසඞ්කප්පානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව දරථකිලමථපරිළාහානං අභිනිම්මදනාය, ගාමන්තෙ අභිරමාපනාය මනුස්සකන්තෙසු සීලෙසු සමාදපනායාති. එවං දෙවාති ඛො අග්ගිවෙස්සන, හත්ථිදමකො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස පටිස්සුත්වා මහන්තං ථම්භං පඨවියං නිඛණිත්වා ආරඤ්ඤකස්ස නාගස්ස ගීවායං උපරි බන්ධති. ආරඤ්ඤකානඤ්චෙව සීලානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව සරසඞ්කප්පානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව දරථකිලමථපරිළාහානං අභිනිම්මදනාය, ගාමන්තෙ අභිරමාපනාය මනුස්සකන්තෙසු සීලෙසු සමාදපනාය. තමෙනං හත්ථිදමකො යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපාහි වාචාහි සමුදාචරති. යතො ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො හත්ථිදමකස්ස යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපාහි වාචාහි සමුදාචරියමානො සුස්සූසති. සොතං ඔදහති. අඤ්ඤා චිත්තං උපට්ඨපෙති. තමෙනං හත්ථිදමකො උත්තරිං තිණඝාසොදකං අනුප්පවෙච්ඡති.
එසඳ ගිනිවෙස්න, මූර්ධාභිෂික්ත ක්ෂත්රිය රජ හස්තිදමකයකු ඇමතී: සගය හස්තිදමකය, තෝ ඒ ආරණ්‍යක වූ මැ සැහැවි සන්හිඳුවීම සඳහා අරණ්‍යක වූ මැ ස්වරසංකල්ප සන්හිඳුවනු සඳහා ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහයන් සන්හිඳුවනු සඳහා ග්‍රාමාන්තයෙහි සිත් අලවාලනු සඳහා මිනිසුනට කල් වූ සැහැවියෙහි පිහිටුවාලනු සඳහා ආරණ්‍යක නාගයා දමනය කරව’යි. ගිනිවෙස්න, දේවයෙනි, එසේ යැයි හස්තිදමක මුදුනෙහි බිසෙස් කළ කැත් රජහට පිළිවදන් දී, මහත් ටැඹක් පොළොවෙහි පිහිටුවා ආරණ්‍යක නාගයාගේ ගල ඊමත බඳී. ආරණ්‍යක වූ මැ සැහැවි සන්හිඳුවනු සඳහා ආරණ්‍යක් වූ මැ ස්වර සංකල්ප සන්හිඳුවනු සඳහා ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහයන් සන්හිඳුවනු සඳහා, ග්‍රාමාන්තයෙහි සිත් අලවාලනු සඳහා, මිනිස්නට කල් වූ සැහැවියෙහි පිහිටුවාලනු සඳහා වෙයි. හස්තිදමක නිර්දෝෂ වූ කර්ණ සුඛ වූ ප්‍රේමණීය වූ හෘදයංගම වූ පුරවැසි වූ බහුජනකාන්ත වූ බහුජන මනාප වූ යම් වචන කෙනෙක් ඇද්ද, එබඳු වචනයෙන් බෙණෙයි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යක නාගයා හස්තිදමකයාගේ නිදොස් වූ කන්කලු වූ පෙම් කළ යුතු ළගන්නා වූ පුරවැසි වූ බහුජන කාන්ත වූ බහුජන මනාප වූ යම් බස්හු ඇද්ද, එවන් බසින් බණනු ලබනුයේ අසනු කැමැති වේ ද, කන් නතු කෙරේ ද, දැනගන්නට සිත් එළවා ද, උහුට හස්තිදමක මත්තෙහි තණ කබල හා දිය එළවයි.
යතො ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො හත්ථිදමකස්ස තිණඝාසොදකං පතිගණ්හාති. තත්ර හත්ථිදමකස්ස එවං හොති: ජීවිස්සති ඛොදානි ආරඤ්ඤකො නාගො’ති. තමෙනං හත්ථිදමකො උත්තරිං කාරණං කාරෙති. ආදිය භො, නික්ඛිප භොති. යතො ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො හත්ථිදමකස්ස ආදානනික්ඛෙපෙ වචනකරො හොති ඔවාදපතිකරො. තමෙනං හත්ථිදමකො උත්තරිං කාරණං කාරෙති අභික්කම භො, පටික්කම භොති. යතො ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො හත්ථිදමකස්ස අභික්කමපටික්කමෙ වචනකරො හොති, ඔවාද පතිකරො. තමෙනං හත්ථිදමකො උත්තරිං කාරණං කාරෙති. උට්ඨහ භො, නිසීද භොති. යතො ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො හත්ථිදමකස්ස උට්ඨානනිසජ්ජාය වචනකරො හොති, ඔවාදපතිකරො. තමෙනං හත්ථිදමකො උත්තරිං ආනෙඤ්ජං නාම කාරණං කාරෙති. මහන්ත’ස්ස ඵලකං සොණ්ඩාය උපනිබන්ධති. තොමරහත්ථො ච පුරිසො උපරි ගීවාය නිසින්නො හොති. සමන්තතො ච තොමරහත්ථා පුරිසා පරිවාරෙත්වා ඨිතා හොන්ති. හත්ථිදමකො ච දීඝතොමරයට්ඨිං ගහෙත්වා පුරතො ඨිතො හොති. සො ආනෙඤ්ජකරණං කාරියමානො නෙව පුරිමෙ පාදෙ චොපෙති, න පච්ඡිමෙ පාදෙ චොපෙති, න පුරිමං කායං චොපෙති, න පච්ඡිමං කායං චොපෙති.
ගිනිවෙස්න, යම් තැනෙක පටන් ආරණ්‍යක නාග හස්තිදමකයාගේ තණ කබල හා දිය පිළිගනීද, එහිදී හස්තිදමකහට මෙ සිත් වෙයි: ආරණ්‍යකනාග දැන් ජීවත් වන්නේය’යි. ඔහුට හස්තිදමක මත්තෙහි කර්මකාරණ කෙරෙයි: නඟාගන භවත, බහාතබ භවත යි. ගිනිවෙස්න, යම් තැනෙක පටන් ආරණ්‍යකනාග හස්තිදමකයාගේ නඟා ගැනුම් බහා තැබුම් හි වචනකරු වූයේ අවවාද පිළිගෙන කරනුයේ වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි කර්මකාරණ කෙරෙයි: ‘භවත, ඉදිරියටම යා, වටාලා ඒ’යි කියා යි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යකනාගයා හස්තිදමකයාගේ අභික්‍රම ප්‍රතික්‍රම වචනකරු වේ ද, අවවාද පිළිගෙන කරන්නේ වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි දු කාරණ කෙරෙයි: ‘භවත, නැඟී සිටුව, භවත හිඳුව’යි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යකනාගයා හස්තිදමකයාගේ උත්ථාන නිෂද්යාවිධානයෙහි වචනකරු වේ ද, අවවාද ප්‍රතිකර වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි අනිඤ්ජන කාරණ කෙරෙයි: ඔහුගේ සොඬෙහි මහත් ඵලකයක් බඳියි, තෙබගත් අත් ඇති පුරුෂයෙක් ග්රීවාමතුයෙහි හිඳුනේ වෙයි. තෙබගත් අත් ඇති පුරුෂයෝ වටාගෙන පිරිවරා සිටිත්: හස්තිදමක ද දිගු තෙබයටත් ගෙන පෙරට සිටියේ වෙයි. උයිත් අනිඤ්ජන කාරණ කැරනුයේ ඉදිරි පා නොසලයි. පසු පා නො සලයි, පෙරට කය නො සලයි, පසු කය නො සලයි,
න සීසං චොපෙති, න කණ්ණෙ චොපෙති, න දන්තෙ චොපෙති, න නඞ්ගුට්ඨං චොපෙති, න සොණ්ඩං චොපෙති. සො හොති ආරඤ්ඤකො නාගො ඛමො සත්තිප්පහාරානං අසිප්පහාරානං උසුප්පහාරානං පරසත්ථප්පහාරානං භෙරිපණව වංසසඞ්ඛදෙණ්ඩිමනින්නාදසද්දානං සබ්බවඞ්කදොසනිහිතනින්නීතකසාවො රාජාරහො රාජභොග්ගො රඤ්ඤො අඞ්ගන්තෙව සඞ්ඛං ගච්ඡති.
හිස නො සලයි, කන් නොසලයි, දත් නො සලයි, නඟුට නො සලයි, සොඬ නො සලයි. ඒ ආරණ්‍යකනාග සිරිපහර කඩුපහර හීපහර පරශස්ත්රප්රහාර බෙර පණා බෙර වස්දඬු සක් දෙණ්ඩිම හඬ සහනු වෙයි. හළ සර්වවක්රදෝෂ ඇතියේ හළ කසට ඇතියේ රාජාර්‍හ වූයේ රාජාවයවයෙක යන පරිගණනාවට යෙයි.
එවමෙව ඛො අග්ගිවෙස්සන, ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති.
ගිනිවෙස්න, එපරිදි මැ මෙලො වැ අර්හත් සම්‍යක් සම්බුද්ධ විද්‍යාචරණයෙන් යුත් සුගත වූ ලෝකය දන්නා වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙවිමිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ පහළ වෙති. ඔබ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදි කල්‍යාණ කොට, මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට, අර්ත්ථ සහිත කොට, බ්‍යඤ්ජන සහිත කොට, කේවල පරිපූර්ණ කොට, දහම් දෙසති. පරිශුද්ධ කොට බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති.
තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති: “සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යංනූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති: සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
ඒ ධර්මය ගැහැවියෙක් හෝ ගැහැවි පුතෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. හේ ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් යුක්ත වූයේ මෙසේ සිතයි: “ගෘහවාසය සම්බාධ ය, රාගාදි රජසුන්ට මාර්ගයෙකි, පැවිද්ද එලිමහණක් වැන්න, ඒකාන්තයෙන් පරිපූර්ණ වූ ඒකාන්තයෙන් පරිශුද්ධ වූ මේ සංඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට ගිහිගෙයි වසන්නහු විසින් පහසු නො වේ. මම කෙහෙ රවුළු බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්මැ අනගාර්‍ය්‍ය සංඛ්‍යාත පැවිද්දට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ”යි. හෙතෙම පසු කාලයෙක ස්වල්පවූ හෝ භෝගරාශිය හැර මහත් වූ හෝ භෝගරාශිය හැර ස්වල්ප වූ හෝ නෑ පිරිවර හැර මහත් වූ හෝ නෑ පිරිවර හැර කෙස් රැවුළු බහා කහවත් හැඳ පෙරෙව, ගිහිගෙන් නික් මැ අනගාර්‍ය්‍ය සංඛ්‍යාත පැවිද්දට පැමිණෙයි.
එත්තාවතා ඛො අග්ගිවෙස්සන, අරියසාවකො අබ්භොකාසගතො හොති. එත්ථ ගෙධා හි අග්ගිවෙස්සන, දෙවමනුස්සා, යදිදං පඤ්චකාමගුණා. තමෙනං තථාගතො උත්තරිං විනෙති: එහි ත්වං භික්ඛු සීලවා හොහි. පාතිමොක්ඛසංවරසංවුතො විහරාහි, ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛස්සු සික්ඛාපදෙසූ’ති.
ගිනිවෙස්න, මෙතෙකින් ආර්‍ය්‍යශ්‍රාවක අභ්‍යවකාශගත වූයේ වෙයි. ගිනිවෙස්න, දෙවිමිනිස්හු පඤ්චකාම ගුණයෙහි ගේධ වෙති. තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ තෝ එම සිල්වත් ව, ප්රාතිමෝක්ෂ සංවර සංවෘත ව වාස කර ආචාර ගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නා සුලු ව සිකපද සමාදන් ව හික්මෙව”යි.
යතො ඛො අග්ගිවෙස්සන, අරියසාවකො සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති. ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. තමෙනං තථාගතො උත්තරිං විනෙති. ‘එහි ත්වං භික්ඛු, ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොහි. චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහී. මානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජ. රක්ඛ චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජ. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහී මානුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අඝිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජ. රක්ඛ මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජා’ති.
ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සිල්වත් වේ ද, ප්රාතිමෝක්ෂසංවර සංවෘත ව වාස කෙරේ ද, ආචාරගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු ව සිකපද සමාදන් ව හික්මේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති. “මහණ, තෝ එම ඉන්ද්රියෙහි ගුප්තද්වාර වව, ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වව, අනුව්යඤ්ජනග්රාහී නො වව, යම් කරුණෙකින් චක්ෂුරින්ද්රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණ අභිධ්යාදෞර්මනස්ය සංඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳගනිත් ද, එහි සංවරය පිණිස පිළිපදුව, චක්‍ෂුරින්‍ද්‍රිය රක්ව, චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙව, කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය පැහැස ... මනසින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වව, අනුව්යඤ්ජනග්රාහී නො වව, යම් හෙයෙකින් මනින්ද්රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණහු අභිධ්යාදෞර්මනස්ය සංඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳගනිත් ද, එහි සංවරය පිණිස පිළිපදුව, මනින්‍ද්‍රිය රක්ව, මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙව” යි.
යථො ඛො අග්ගිවෙස්සන, අරියසාවකො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති. එහි ත්වං භික්ඛු, භොජනෙ මත්තඤ්ඤූ හොහි. පටිසඞ්ඛායොනිසො ආහාරං ආහාරෙය්යාසි. නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය, විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි. නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි. යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා ති.
ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ඉන්ද්රියෙහි ගුප්තද්වාර වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, භෝජනයෙහි මාත්‍රඥ වව, නුවණින් ප්රත්යවේක්ෂා කොට ආහාර වළඳ කරව, (කිසේ යැ යත්) දවයට නො මැ වෙයි, මද වඩන්නට නො වෙයි, උනුතැන් පුරවන්නට නො වෙයි, විභුෂණයට නො වෙයි. මේ කය සිටිනු පිණිස යැපෙනු පිණිස මැ වෙයි. විහිංසා සන්හිඳුවනු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහ පිණිස මැ වෙයි. මෙසේ පැරණි වේදනා නස්මි, නව වේදනා නූපදවමි, මාගේ ජීවිතයාත්‍රා ද වෙයි. අනවද්‍යතා ඵාසුවිහාර හා වෙතී” කියා යි.
යථො ඛො අග්ගිවෙස්සන, අරියසාවකො භොජනෙ මත්තඤ්ඤූ හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති: එහි ත්වං භික්ඛු ජාගරියං අනුයුත්තො විහරාහි. දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහි. රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහි. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙය්යාසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසස්සාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහී’ති.
ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ තෝ ඒ, නිදි වැරීමෙහි යෙදී වාස කර, දහවලැ සක්මනිනුදු හිඳුමිනුදු ආවරණීය දහමින් සිත පිරිසිදු කර, රැයැ පළමුයමැ චඞ්ක්‍රමනයෙනුදු නිෂද්‍යායෙනුදු ආවරණීය දහමින් සිත පිරිසුදු කර, රැයැ මැදුම්යමැ දකුණු ඇලයෙන් ගෙන පය මත පය මඳක් හයාතබා, ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති වැ ‘නැඟීගන්මි’ යන සන් මෙනෙහි කොට සිංහශය්‍යා කර, රැයැ පැසුළුයමැ නැඟීසිට චඞ්ක්‍රමනයෙනුදු නිෂද්‍යායෙනුදු ආවරණීය දහමින් සිත පිරිසුදු කර” යි.
යථො ඛො අග්ගිවෙස්සන, අරියසාවකො ජාගරියං අනුයුත්තො හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති: එහි ත්වං භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොහි. අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොහී’ති.
ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක නිදි වැරීමෙහි යෙදුණේ වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, සතිසම්පජඤ්ඤයෙන් සමන්වාගත වව, ඉදිරිගමන්හි දු පෙරළාඊම්හි දු සම්පජානකාරී වව, අලෝකන විලෝකන යෙහි සම්පජානකාරී වව, සමිඤ්ජන ප්‍රසාරණයෙහි සම්පජානකාරී වව, සඞ්ඝාටි පාත්‍රචීවර ධාරණයෙහි සම්පජානකාරී වව, ඛාද්යභෝජ්යලෙයපෙය සඞ්ඛ්‍යාත සියුඅහරෙහි සම්පජානකාරී වව, අස්පස්කිසෙහි සම්පජානකාරී වව, ගමන-ස්ථාන-නිෂිදන-ස්වප්න-ජාගර්ය්යා-භාෂණ-තුෂ්ණීම්භාව යන් මෙහි සම්පජානකාරී වව”යි.
යතො ඛො අග්ගිවෙස්සන, අරියසාවකො සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති, තමෙනං තථාගතො උත්තරිං විනෙති: එහි ත්වං භික්ඛු විවිත්තං සෙනාසනං භජ, අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජන්ති. සො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අව්යාපන්නචිත්තො විහරති සබ්බපාණබභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සතිසම්පජඤ්ඤයෙන් සමන්වාගත වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, ජනශුන්‍ය සෙනසුන් ඇසුරු කර, අරණැ, රුක්මුලැ, පවි යැ, කඳුරැ, ගිරිලෙනැ, සොහොනැ, වන පෙතැ, අබවස, පිදුරුකිළියැ” යි. හේ අරණ්‍ය යැ වෘක්ෂමූල යැ පර්වත යැ කන්දර යැ ගිරිගුහා යැ ශ්මශාන යැ වනප්‍රස්ත යැ, අභ්‍යවකාශ යැ පලාලපුඤ්ජ යැ යන ජනශුන්‍ය ශයනාසන භජන කෙරෙයි. හේ පසුබත්හි පිඬුවායෙන් වැළැකුණේ පලක් අවුළුවා උඩුකය ඍජු කොට තබා කර්මස්ථානාභිමුඛ කොට සිහි එළවා හිඳී. හේ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දැහැ විගතාභිධ්‍ය සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත පරිශෝධන කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය දැහැ අව්‍යාපන්නචිත්ත වැ සර්වප්රාණහිතානුකම්පීව වැ වාස කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂයෙන් සිත පරිශෝධන කෙරෙයි. ස්ත්‍යානමිද්ධය දැහැ ආලෝකසංඥා ඇති වැ ස්මෘතිමත් වැ සම්ප්‍රඥාන ඇති වැ පැහූ ථිනමිද්ධ ඇති වැ වාස කෙරෙයි. ථිනමිද්ධයෙන් සිත පරිශෝධන කෙරෙයි. ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් සිත පරිශෝධන කෙරෙයි. විචිකිත්සා දැහැ කුසල් දහම්හි කථඞ්කථා රහිත වැ තුනු විසිකිස් ඇති වැ වාස කෙරෙයි. විමතියෙන් සිත පිරිසිදු කෙරෙයි.
සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සෙය්යථාපි අග්ගිවෙස්සන, හත්ථිදමකො මහන්තං ථම්භං පඨවියං නිඛණිත්වා ආරඤ්ඤකස්ස නාගස්ස ගීවායං උපනිබන්ධති ආරඤ්ඤකානඤ්චෙව සීලානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව සරසඞ්කප්පානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව දරථකිලමථපරිළාහානං අභිනිම්මදනාය, ගාමන්තෙ අභිරමාපනාය, මනුස්සකන්තෙසු සීලෙසු සමාදපනාය එවමෙව ඛො අග්ගිවෙස්සන, අරියසාවකස්ස ඉමෙ චත්තාරො සතිපට්ඨානා චෙතසො උපනිබන්ධනා හොන්ති. ගෙහසිතානඤ්චෙව සීලානං අභිනිම්මදනාය, ගෙහසිතානඤ්චෙව සරසඞ්කප්පානං අභිනිම්මදනාය, ගෙහසිතානඤ්චෙව දරථකිලමථපරිළාහානං අභිනිම්මදනාය, ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය.
ඒ ආර්‍ය්‍යශ්‍රාවක චිත්තෝපක්ලේශ වූ ප්‍රඥාව දුබල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කෙලෙස් තවන වැර ඇති ව නුවණින් දන්නේ සිහි ඇති වැ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්යාදෞර්මනස්ය හැරපියා කයෙහි කය නුවණින් දක්නාසුලු ව වාස කෙරෙයි. වේදනායෙහි ... චිත්තයෙහි ... කෙලෙස් තවන වැර ඇතිව නුවණින් දන්නේ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්යාදෞර්මනස්ය හැරපියා ධර්මයෙහි ධර්මය නුවණින් දක්නාසුලු ව වාස කෙරෙයි. ගිනිවෙස්න, යම් පරිදි හස්තිදමක මහත් ටැඹක් පොළොවෙහි සිටුවා ආරණ්යකනාගයාගේ ගෙලෙහි බඳනේ වේ ද, ආරණ්‍යක ස්වභාවයන් මඩනු පිණිස ය, ආරණ්‍යක වාක්සඞ්කල්ප මඩනු පිණිස ය, ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහ මඩනු පිණිස යැ, ග්‍රාමාන්තයෙහි අලවනු පිණිස යැ, මිනිස්නට කල් වූ සැහැවියෙහි සමාදන් කරවනු පිණිස යි. ගිනිවෙස්න, එපරිදි මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට මේ සතර සීවටන්හු චිත්තෝපනිබන්ධන වෙති. ගෘහශ්‍රිත වූ මැ සැහැවි මඩනු පිණිස යැ, ගෘහශ්‍රිත වූ මැ ස්වරසඞ්කල්ප මඩනු පිණිස යැ, ගෘහශ්‍රිත වූ මැ පීඩා ක්ලමථු පරිදාහ මඩනු පිණිස යැ, න්යායධර්මයාගේ අධිගමය පිණිස යැ, නිර්වාණයාගේ ප්රත්යක්ෂ කිරීම පිණිස යි.
තමෙනං තථාගතො උත්තරිං විනෙති: එහි ත්වං භික්ඛු, කායෙ කායානුපස්සී විහරාහි මා ච කාමූපසංහිතං විතක්කං විතක්කෙසි. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාහි. මා ච කාමූපසංහිතං විතක්කං විතක්කෙසී’ති. සො විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, කයෙහි කය නුවණින් දක්නාසුලු ව වාස කර, කාමෝපසංහිත විතර්ක නහමක් විතර්කණ කර, වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්මයෙහි ධර්මය නුවණින් දක්නාසුලු ව වාස කර, කාමූපසංහිත විතර්ක නහමක් විතර්කණ කර”යි, හේ විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ලකුණු කොට ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
ඒ මහණ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදු ව කර්මණ්ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි පූර්වනිවාසනුස්මෘති ඥානඥාන පිණිස සිත නතු කෙරෙයි, හේ අනේකවිධ පූර්වනිවාසය සිහි කෙරෙයි. කිසේ යැ යත්: එක් ජාතියකුදු දෙ ජාතියකුදු ... මෙසේ සාකාර සොද්දේශ අනේකප්‍රකාර පූර්වනිවාසය සිහි කරයි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කාය දුච්චරිතෙන සමන්නාගතා -පෙ- යථා කම්මූපගෙ සත්තෙ පජානාති.
ඒ මහණ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදු ව කර්මණ්ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි සත්ත්වයන්ගේ චුතූපපාත ඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගත දුර්ගත සත්ත්වයන් දකී. කම් වූ පරිදි පරලොව ගිය සතුන් දනී. මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් සමන්වාගත යහ ... මෙසේ යථාකර්මෝපග සත්ත්වයන් නුවණින් දනී.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති. අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
හේ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදු ව කර්මණ්ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි ආස්රවක්ෂයඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ ‘මේ දුමේ දුකැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛසමුදයැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛනිරෝධ යැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව යැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මොහු ආස්‍රවයහ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවසමුදය යැ’යි සමුදය යැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවනිරෝධ යැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා යැ’ යි යථාභූත ව නුවණින් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුට කාමාස්‍රවයෙනුදු සිත මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මුත් සඳ විමුක්ත යයි ප්රත්යවේක්ෂාඥානය වෙයි. ජාතිය ක්ෂය විය. බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද. මේ රහත්බවට අන් කිසෙක් නැති’ යි නුවණින් දනී.
සො හොති, භික්ඛු ඛමො සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති. සබ්බරාගදොසමොහනිහතනින්නීතකසාවො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
ඒ මහණ ශීත ය උෂ්ණ ය බඩසය පවස මැසි මදුරු අව් සුළං දික්දෑපහස යන මේ සහනුයේ දුරුක්ත දුරාගත වචනපථ හා උපන් දුඃඛ ත්‍රීව ඛර කටුක අසාත අමනාප ප්‍රාණහර ශාරීරික වේදනා හා සහනසැහැවි ඇති වෙයි. පැහූ සියලු රාගද්වේෂමෝහ ඇතියේ නෙරැලූ කසට ඇතියේ වෙයි. දෙන්නට නිසි අන්නපානප්‍රතිග්‍රහණයට අර්හ වෙයි. ප්‍රාඝුණ සඞ්ඛ්‍යාත ආගන්තුකසත්කාරයට නිසි වෙයි. දක්ෂිණාවට නිසි වෙයි. ඇඳිලි කළයුතු වෙයි. ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්රත් වේ.
මහල්ලකො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො අදන්තො අවිනීතො කාලංකරොති. අදන්තමරණං මහල්ලකො රඤ්ඤො නාගො කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති. මජ්ඣිමො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො -පෙ- දහරො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො අදන්තො අවිනීතො කාලංකරොති. අදන්තමරණං දහරො රඤ්ඤො නාගො කාලඞ්කකතොත්වෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො අග්ගිවෙස්සන, ථෙරො චෙපි භික්ඛු අඛීණාසවො කාලංකරොති. අදන්තමරණං ථෙරො භික්ඛු කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති. මජ්ඣිමො චෙපි අග්ගිවෙස්සන, භික්ඛු -පෙ- නවො චෙපි අග්ගිවෙස්සන, භික්ඛු අඛීණාසවො කාලංකරොති. අදන්තමරණං නවො භික්ඛු කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
ගිනිවෙස්න, රාජනාගයා මහලුවත් අදාන්ත වැ අවිනීත ව කලුරියකෙරේ, රාජනාගයා මහලු වුව අදාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, රාජනාගයා මධ්යමවයස්කවත් ... ගිනිවෙස්න, රාජනාගයා දහරවත් අදාන්ත ව අවිනීත ව කාලක්‍රියා කෙරේ නම්, රාජනාගයා දහර ව අදාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, එපරිදි ම මහණ ස්ථවිර ව සිට ද ක්ෂීණාස්රව නො වූයේ කාලක්‍රියා කෙරේ ද, මහණ ස්ථවිර ව සිට අදාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි සඞ්ඛ්‍යානයට යෙයි. ගිනිවෙස්න, මහණ මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, මහණ නවක ව සිටත් ක්ෂීණාස්රව නො වූයේ කලුරිය කෙරේ ද නවක මහණ අදාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි සඞ්ඛ්‍යානයට යෙයි.
මහල්ලකො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො සුදන්තො සුවිනීතො කාලඞ්කරොති. දන්තමරණං මහල්ලකො රඤ්ඤො නාගො කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති. මජ්ඣිමො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො -පෙ- දහරො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො සුදන්තො සුවිනීතො කාලංකරොති. දන්තමරණං දහරො රඤ්ඤො නාගො කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො අග්ගිවෙස්සන, ථෙරො චෙපි භික්ඛු ඛීණාසවො කාලඞ්කරොති. දන්තමරණං ථෙරො භික්ඛු කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති. මජ්ඣිමො චෙපි අග්ගිවෙස්සන, භික්ඛු -පෙ- නවො චෙපි අග්ගිවෙස්සන, භික්ඛු ඛීණාසවො කාලඞ්කරොති. දන්තමරණං නවො භික්ඛු කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
ගිනිවෙස්න, රාජනාගයා මහලුව සිටත් සුදාන්ත ව සුවිනීත ව කලුරිය කෙරේ ද, රාජනාගයා මහලු ව දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, රාජනාගයා මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, රාජනාගයා දහර ව සිටත් සුදාන්ත ව සුවිනීත ව කාලක්‍රියා කෙරේ ද, රාජනාගයා දහර ව සිට දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, එපරිදි ම ස්ථවිර ව සිටත් ක්ෂීණාස්රව ව කාලක්‍රියා කෙරේ ද, මහණ ස්ථවිර ව සිට දාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි පරිගණනාවට යෙයි. ගිනිවෙස්න, මහණ මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, මහණ නවක ව සිටත් ක්ෂීණාස්රව ව කලුරිය කෙරේ ද, මහණ නවක ව සිටත් දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි පරිගණනාවට යෙයි.
ඉදමවොච භගවා. අත්තමනො අචිරවතො සමණුද්දෙසො භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මේ දන්තභූමි සූත්‍රය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති අචිරවත හෙරණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දන කළේ යි.
දන්තභූමි සුත්තං පඤ්චමං.
පස්වැනි දන්තභුමි සූත්‍ර යි.