භූමිජ සුත්තං
3. 3. 6.
3. 3. 6.
භූමිජ සුත්තං
භූමිජ සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මා භූමිජො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන ජයසෙනස්ස රාජකුමාරස්ස නිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ පෙරවරු කාලයෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙන ජයසේන රාජකුමරහුගේ නිවෙස්න යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ පැන්වූ අස්නෙහි වැඩහුන්හ.
අථ ඛො ජයසෙනො රාජකුමාරො යෙනායස්මා භූමිජො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා භූමිජෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජයසෙනො රාජකුමාරො ආයස්මන්තං භූමිජං එතදවොච: සන්ති භො භූමිජ, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමායාති. ඉධ භොතො භූමිජස්ස සත්ථා කිංවාදී කිමක්ඛායී’ති?
එසඳ ජයසේන රාජකුමාර ආයුෂ්මත් භූමිජ තෙරණුවන් කරා එළැඹ, ආයුෂ්මත් භූමිජ තෙරණුවන් සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් ව හුන් ජයසේන රජකුමර ආයුෂ්මත් භූමිජ තෙරණුවන්ට තෙල කී: “භවත් භූමිජයෙනි, මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ: “ඉදින් ආශා කොට බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ යැ, අනාශා කොට බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ යැ, කලෙක ආශා කොටත් කලෙක අනාශා කොටත් බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභාව්‍යයෝ යැ, නො මැ ආශා කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ වෙති” යි. මෙහි ලා භවත් භූමිජ තෙරුන්ගේ ශාස්තෘන් වහන්සේ කුමන වාද ඇති සේක් ද? කුමක් ප්‍රකාශ කරන සේක් දැ” යි.
න ඛො මෙතං රාජකුමාර, භගවතො සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහිතං. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං භගවා එවං ව්යාකරෙය්ය: ආසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමායාති. න ඛො මෙතං රාජකුමාර, භගවතො සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහිතං, ඨානඤ්ච ඛො එතං විජ්ජති, යං භගවා එවං ව්යාකරෙය්යාති.
රාජකුමාරය, මා විසින් තෙල කරුණ බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, “බුදුහු මෙසේ වදාරති” යන තෙල කරුණ ඇත. “ආශා කොටත් නුනුවණින් බඹසර වසත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා ද අනාශා ද කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, ආශා ද අනාශා ද කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් නුවණින් බඹසර හැසිරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ” යන තෙල කරුණ යි. රාජකුමාරය, මා විසින් තෙල කරුණ බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, “බුදුහු මෙසේ වදාරති” යන තෙල කී කරුණ විය හෙයි.
සචෙ ඛො භොතො භූමිජස්ස සත්ථා එවංවාදී එවමක්ඛායී, අද්ධා භොතො භූමිජස්ස සත්ථා සබ්බෙසංයෙව පුථුසමණබ්රාහ්මණානං මුද්ධානං මඤ්ඤෙ ආහච්ච තිට්ඨතීති. අථ ඛො ජයසෙනො රාජකුමාරො ආයස්මන්තං භූමිජං සකෙනෙව ථාලිපාකෙන පරිවිසි.
ඉදින් භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාරන සේක් නම්, මෙසේ බණන සේක් නම්, භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ හැම මහණ බමුණන්ගේ මුදුන් පැහැර සිටුනා සේක් වැන්න. එසඳ ජයසේන රාජකුමාර ආයුෂ්මත් භූමිජ තෙරණුවන් තමන් සතු වූ මැ මුළුබතින් පිරිවිසි.
අථ ඛො ආයස්මා භූමිජො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා භූමිජො භගවන්තං එතදවොච: ‘ඉධාහං භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන ජයසෙනස්ස රාජකුමාරස්ස නිවෙසනං, තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො භන්තෙ, ජයසෙනො රාජකුමාරො යෙනාහං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මම සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො භන්තෙ, ජයසෙනො රාජකුමාරො මං එතදවොච: ‘සන්ති භො භූමිජ, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති. අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමායාති. ඉධ භොතො භූමිජස්ස සත්ථා කිංවාදී කිමක්ඛායීති?
ඉක්බිති ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ පසුබතැ පිඬුවායෙන් වැළැක්කාහු බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ. “වහන්ස, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන ජයසේන රජකුමරුන් නිවෙසට ගියෙමි. ගොස් පැනවූ අස්නෙහි හිනිමි. වහන්ස, එසඳ ජයසේන රජකුමර මා කරා එළැඹියේය, එළැඹ මා සමග සතුටු වී. සම්මෝදනයට නිසි කලාතුරුහි සිහි කළයුතු කථාව කොට නිමවා, එකත්පස් ව හින. වහන්ස, එකත්පස් ව හුන් ජයසේන රජකුමර මට තෙල සැලකෙළේ: “භවත් භූමිජයෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. ‘ආශා කොටත් බ්‍රම්සර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් බඹසර පුරත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ” යි. මෙහි ලා භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ කෙබඳු වාද ඇති සේක් ද? කුමක් ප්‍රකාශ කරන සේක් දැ” යි.
එවං වුත්තෙ අහං භන්තෙ, ජයසෙනං රාජකුමාරං එතදවොචං: ‘න ඛො මෙතං රාජකුමාර, භගවතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං. ඨානං ච ඛො එතං විජ්ජති, යං භගවා එවං ව්යාකරෙය්ය: ‘ආසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමායා’ති. න ඛො මෙ තං රාජකුමාර, භගවතො සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහිතං. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං භගවා එවං බ්යාකරෙය්යාති. සචෙ භොතො භූමිජස්ස සත්ථා එවංවාදී එවංදිට්ඨි අද්ධා භොතො භූමිජස්ස සත්ථා සබ්බෙසං යෙව පුථුසමණබ්රාහ්මණානං මුද්ධානං මඤ්ඤෙ ආහච්ච තිට්ඨතීති.
වහන්ස, මෙසේ කී කල මම ජයසේන රජකුමරහට තෙල කීමි: “රාජකුමාරය, තෙල කරුණ මා විසින් බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, ‘බුදුහු මෙසේ වදාරති’ යන් තෙල කරුණ ඇත: ‘ආශා කොට ද නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ... ආශා නො කොට ද අනාශා නො කොට ද නුනුවණින් බඹසර පුරත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොට ද නුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද නුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ” යි. රජකුමර, මෙසේ තෙල කරුණ මා විසින් බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද. ‘බුදුහු මෙසේ වදාරති’ යන තෙල කරුණ ඇතැ’ යි කීමි. ඉදින් භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ මෙබඳු වාද ඇති සේක් නම්, මෙබඳු දෘෂ්ටි ඇති සේක් නම්, භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ හැම මහණබමුණන්ගේ මුදුන් පැහැරගෙන සිටුනාක් වැන්නහ” යි, හේ කී.
කච්චි භන්තෙ, එවං පුට්ඨො එවං ව්යාකරමානො වුත්තවාදී චෙව භගවතො හොමි. න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛාමි. ධම්මස්ස චානුධම්මං ව්යාකරොමි. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතීති.
වහන්ස, කිම මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ පිළිතුරු විසින් පවසන්නෙම්, භගවත් හට උක්තවාදී වෙම් දෝ, භාග්‍යවතුන් වහන්සේ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙම් දෝ, ධර්මානුධර්මය ප්‍රකාශකෙරෙම් දෝ, කිසියම් සකාරණ වාදානුවාදයෙක් ගර්හණීය තැනට නොද ඒ දෝ හෝ’ යි, (දන්නට රිසියෙමි).
තග්ඝ ත්වං භූමිජ, එවං පුට්ඨො එවං ව්යාකරමානො වුත්තවාදී චෙව මෙ හොසි, න ච මං අභූතෙන අබ්භාචික්ඛසි, ධම්මස්ස චානුධම්මං ව්යාකරොසි. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡති.
භූමිජය, ඒකාන්තයෙන් තෙපි මෙසේ විචාරන ලදුවහු මෙසේ ප්‍රකාශ කරන්නහු මා පිළිබඳ ව උක්තවාදී වව, මට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කරන්නහු වව, ධර්මයට අනුධර්මය ද ප්‍රකාශ කරන්නහු වව, කිසි යම් සහේතුක වාදානුවාදයෙක් ගර්හණීයස්ථානයට ද නො එයි.
යෙ හි කෙචි භූමිජ, සමණා වා බ්රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනො මිච්ඡාසඞ්කප්පා මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තා මිච්ඡාආජීවා මිච්ඡාවායාමා මිච්ඡාසතී මිච්ඡාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
භූමිජය, මිථ්‍යාදෘෂ්ටික වූ මිථ්‍යාසංකල්ප ඇති මිථ්‍යාවාක් ඇති මිථ්යාකර්මාන්ත ඇති මිථ්‍යාආජීව ඇති මිථ්‍යාව්‍යායාම ඇති මිථ්‍යාස්මෘති ඇති මිථ්‍යාසමාධි ඇති යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඇද්ද, ඔහු ආශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොටත් අනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ. එ කවර හෙයින් යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද එහෙයිනි.
සෙය්යථාපි භූමිජ, පුරිසො තෙලත්ථිකො තෙලගවෙසී තෙලපරියෙසනං චරමානො වාලිකං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, ආසඤ්චෙපි කරිත්වා වාලිකං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, අභබ්බො තෙලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා වාලිකං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, අභබ්බො තෙලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා වාලිකං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, අභබ්බො තෙලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා වාලිකං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, අභබ්බො තෙලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, තෙලස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනො මිච්ඡාසඞ්කප්පා මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තා මිච්ඡාආජීවා මිච්ඡාවායාමා මිච්ඡාසතී මිච්ඡාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
යම්සේ භූමිජය, තෙල් කැමැති තෙල් සොයන තෙල් සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක් පැසෙහි වැලි එව දිය ඉස ඉස පෙළන්නේ නම්, ආශා කොට නමුදු පැසෙහි වැලි එව දිය ඉස ඉස මිරිකනුයේ නමුදු තෙල් ලැබීමට අභව්‍ය ය. ආශා නො කොටපියාත් පැසෙහි වැලි එව දිය ඉස ඉස පෙළා නමුදු තෙල් ලැබීමට අභව්‍ය ය, ආශා කොටත් අනාශා කොටත් පැසෙහි වැලි එව ඉස ඉස පෙළා නමුදු තෙල් ලැබීමට අභාව්‍ය ය, නො මැ ආශා කොට ද අනාශා නො කොට ද පැසෙහි වැලි එව දියෙන් තෙම තෙමා පෙළන්නේ නමුදු තෙල් ලබාගැනීමට අභව්‍ය ය. එ කවර හෙයින යත්: භූමිජය, තෙල් මිරිකා ගැනීමට ඒ අකාරණ හෙයිනි. එසෙයින් ම භූමිජය, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිථ්‍යාසංකල්ප ඇත්තාහු මිථ්‍යාවචන ඇත්තාහු මිථ්යාකර්මාන්ත ඇත්තාහු මිථ්‍යාආජීව ඇත්තාහු මිථ්‍යාව්‍යායාම ඇත්තාහු මිථ්‍යාස්මෘති ඇත්තාහු මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා හා අනාශා හා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වෙයි, එහෙයිනි.
සෙය්යථාපි භූමිජ, පුරිසො ඛීරත්ථිකො ඛීරගවෙසී ඛීරපරියෙසනං චරමානො ගාවිං තරුණවච්ඡං විසාණතො ආවිඤ්ජෙය්ය. ආසඤ්චෙපි කරිත්වා ගාවිං තරුණවච්ඡං විසාණතො ආවිඤ්ජෙය්ය, අභබ්බො ඛීරස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා ගාවිං තරුණවච්ඡං විසාණතො ආවිඤ්ජෙය්ය, අභබ්බො ඛීරස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, ඛීරස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනො -පෙ- මිච්ඡාසමාධිනො තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති. අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
භූමිජය, යම් පරිදි කිරැටි වූ කිරි සොයන ක්ෂීරපර්ය්යෙෂණ කරන පුරුෂයෙක් තුරුණු වසුපැටකු ඇති දෙනක් ගෙන අඟ අදනේ වේ ද, ආශා කොටත් තරුණ වසුපැටකු ඇති දෙන අඟ අදනේ වේ ද, කිරිලබන්නට අභව්‍ය වෙයි, අනාශා කොටත් ... ආශාත් අනාශාත් කොටත් ... ආශා ද නො කොට අනාශා ද නො කොටත් තුරුණු වසුපැටකු ඇති දෙන ගෙන අඟ අදනේ වේ ද, කිරි ලබන්නට නො නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, කිරි ලබන්නට තෙල අනුපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් මැ මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ, අනාශා කොට ද ... ආශා හා අනාශා හා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද, එහෙයිනි.
සෙය්යථාපි භූමිජ, පුරිසො නොනීතත්ථිකො නොනීතගවෙසී නොනීතපරියෙසනං චරමානො උදකං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන ආවිඤ්ජෙය්ය, ආසඤ්චෙපි කරිත්වා උදකං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන ආවිඤ්ජෙය්ය, අභබ්බො නොනීතස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා උදකං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන ආවිඤ්ජෙය්ය, අභබ්බො නොනීතස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, නොනීතස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනො -පෙ- මිච්ඡාසමාධිනො. තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
භූමිජය, යම් පරිදි වෙඬරු කැමැති වෙඬරු ඉලියන වෙඬරු පිරියෙස්ලි කරන පුරුෂයෙක් දියත්තක් ගෙන කලසයෙකැ එවැ මථනදඬියෙන් කලබන්නේ වේ ද, ආශා කොට ද කෙළෙහි දිය එව මන්ථනදණ්ඩකින් කලබන්නේ වේ ද, වෙඬරු ලබන්නට නො නිස්ස. අනාශා කොට ද ... ආශා හා අනාශා හා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද දිය කළයෙක්හි එව මන්ථනයෙන් කලබන්නේ වේ ද, වෙඬරු ලබන්නට නො නිස්ස, භූමිජය, වෙඬරුවට තෙල අනුපාය වේ ද, එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් කිසිමහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බඹසර වසත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොට ද ... බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද, එහෙයිනි.
සෙය්යථාපි භූමිජ, පුරිසො අග්ගත්ථිකො අග්ගිගවෙසී අග්ගිපරියෙසනං චරමානො අල්ලං කට්ඨං සස්නෙහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය ආසඤ්චෙපි කරිත්වා අල්ලං කට්ඨං සස්නෙහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, අභබ්බො අග්ගිස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා අල්ලං කට්ඨං සස්නෙහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, අභබ්බො අග්ගිස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, අග්ගිස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනො -පෙ- මිච්ඡාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
භූමිජය, යම් පරිදි ගිනි කැමැති ගිනි සොයන අග්නිපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් සස්නේහ වූ තෙත් දඬුකඩක් ගෙන උතුරුරිණි ගෙන මථනය කරන්නේ වේ ද, ආශා කොට ද, සස්නේහ තෙත් දඬුකඩ ගිනිගානා උතුරු දඬු ගෙන මඩනේ වේ ද, ගිනි ලබන්නට නො නිස්ස. අනාශා කොට ද ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොට ද අනාශා නො කොට ද සස්නේහ ආර්ද්‍ර කාෂ්ටය ගිනිගානා උතුරුදඬු ගෙන මඩනේ වේ ද, ගිනි ලබන්නට නො නිස්සය. ඒ කවර හෙයින යත්: භූමිජය, ගිනි ලබන්නට තෙල අනුපාය වේ ද, එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් මැ මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට අභව්‍ය වෙති, අනාශා කොට ද ... ආශාත් අනාශාත් කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍ය වෙති. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වෙයි, එහෙයිනි.
යෙ ච ඛො කෙචි භූමිජ, සමණා වා බ්රාහ්මණා වා සම්මාදිට්ඨිකා සම්මාසඞ්කප්පා සම්මාවාචා සම්මාකම්මන්තා සම්මාආජීවා සම්මාවායාමා සම්මාසතී සම්මාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
භූමිජය, යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්සංකල්ප ඇත්තාහු සම්‍යග්වචන ඇත්තාහු සම්යක්කර්මාන්ත ඇත්තාහු සම්‍යග්ආජීව ඇත්තාහු සම්‍යග්ව්‍යායාම ඇත්තාහු සම්‍යක්ස්මෘති ඇත්තාහු සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බ්‍රහ්මචර්‍ය්‍ය පුරත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොට ද බ්‍රහ්මචර්‍ය්‍ය කෙරෙත් නම්, ඵලාධිගමයට යෝග්‍යයහ. ආශා ද අනාශා ද කොටත් බ්‍රහ්මචර්‍ය්‍ය කෙරෙත් නම්, ඵලාධිගමයට යුතුවහ. ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට සුදුසුයහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.
සෙය්යථාපි භූමිජ, පුරිසො තෙලත්ථිකො තෙලගවෙසී තෙලපරියෙසනං චරමානො තිලපිට්ඨිං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, ආසඤ්චෙපි කරිත්වා තිලපිට්ඨිං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, භබ්බො තෙලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා තිලපිට්ඨිං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, භබ්බො තෙලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, තෙලස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා සම්මාදිට්ඨිනො -පෙ- සම්මාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති. භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
යම්සේ භූමිජය, තෙල් කැමැති තෙල් සොයන තෛලපර්ය්යෙෂණ කරන පුරුෂයෙක් තලපිටි පැසෙහි එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, ආශා කොටත් තලපිටි පැස එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, තෙල් ලබන්නට නිස්ස, අනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් තලපිටි පැස එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, තෙල් ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, තෙල් ලබන්නට තෙල උපාය වේ ද එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර සෙරෙත් නම්, ඵලාධිගමයට නිසි වෙති, ආශා නො කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර වෙසෙත් නම් ඵලාධිගමයට භව්‍ය වෙති. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වේ ද, එහෙයිනි.
සෙය්යථාපි භූමිජ, පුරිසො ඛීරත්ථිකො ඛීරගවෙසී ඛීරපරියෙසනං චරමානො ගාවිං තරුණවච්ඡං ථනතො ආවිඤ්ජෙය්ය, ආසඤ්චෙපි කරිත්වා ගාවිං තරුණවච්ඡං ථනතො ආවිඤ්ජෙය්ය, භබ්බො ඛීරස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා ගාවිං තරුණවච්ඡං ථනතො ආවිඤ්ජෙය්ය, භබ්බො ඛීරස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඛීරස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා සම්මාදිට්ඨිනො -පෙ- සම්මාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා -පෙ- බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
භූමිජය, යම් පරිදි කිරි කැමැති කිරි සොයන ක්ෂීරපර්ය්යෙෂණ කරන පුරුෂයෙක් තුරුණු වස්සකු ඇති දෙනක් තන ගෙන අදනේ වේ ද, ආශා කොටත් තුරුණු වසු ඇති දෙන තෙනෙහි ගෙන අදනේ වේ ද, කිරි ලබන්නට නිස්ස. ආශා නො කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් තුරුණු වසු ඇති දෙන තන ගෙන අදනේ වේ ද, කිරි ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, කිරි ලබන්නට තෙල උපාය වේ ද එහෙයිනි. එසෙයින් ම භූමිජය, යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් ... බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට යුතුවහ, ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බ්‍රම්සර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ. ඒ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.
සෙය්යථාපි භූමිජ, පුරිසො නොනීතත්ථිකො නොනීතගවෙසී නොනීතපරියෙසනං චරමානො දධිං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන ආවිඤ්ජෙය්ය, ආසඤ්චෙපි කරිත්වා දධිං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන ආවිඤ්ජෙය්ය, භබ්බො නොනීතස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා දධිං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන ආවිඤ්ජෙය්ය, භබ්බො නොනීතස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, නොනීතස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා සම්මාදිට්ඨිනො -පෙ- සම්මාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
භූමිජය, යම් පරිදි වෙඬරු කැමැති වෙඬරු ඉලියන වෙඬරු පිරියෙස්ලි කරන පුරුෂයෙක් කළයෙහි දිහි එවගෙන මතින් කලබන්නේ වේ ද, ආශා කොටත් කළයෙහි දිහි එවගෙන මතින් අලළන්නේ වේ ද, වෙඬරු ලබන්නට නිස්ස. ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් කළයෙහි දිහි එවගෙන මතින් අලළන්නේ වේ ද, වෙඬරු ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, වෙඬරු ලබන්නට තෙල උපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට භව්‍ය වෙති. ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට භව්‍ය වෙති, ඒ කවර හෙයින යත්: භූමිජය, තෙල ඵලාධිගමයට උපාය වෙයි, එහෙයිනි.
සෙය්යථාපි භූමිජ, පුරිසො අග්ගත්ථිකො අග්ගිගවෙසී අග්ගිපරියෙසනං චරමානො සුක්කං කට්ඨං කොළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, භබ්බො අග්ගිස්ස අධිගමාය. ආසඤ්චෙපි කරිත්වා -පෙ- අනාසඤ්චෙපි කරිත්වා සුක්කං කට්ඨං කොළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, භබ්බො අග්ගිස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා සුක්කං කට්ඨං කොළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, භබ්බො අග්ගිස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා සුක්කං කට්ඨං කොළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, භබ්බො අග්ගිස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, අග්ගිස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා සම්මාදිට්ඨිනො -පෙ- සම්මාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති භබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
භූමිජය, යම් පරිදි ගිනි කැමැති ගිනි සොයන අග්නිපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් කොළපු වූ ශුෂ්කකාෂ්ටයක් ගෙන උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා කොටත් ... ආනාශා කොටත් කොළපු වූ වියළි දඬක් ගෙන ගිනිගානා උතුරු දඬු ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා ද අනාශා ද කොටත් කොළපු වූ වියළි කට ගෙන උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා නො කොටත් අනාශා නො කොටත් වියළි කට හා උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, ගිනි ලබන්නට තෙල උපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්දිටු ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට නිස්සහ. ආනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ආශා ද අනාශා ද කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ඒ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.
සචෙ ඛො තං භූමිජ, ජයසෙනස්ස රාජකුමාරස්ස ඉමා චතස්සො උපමා පටිභායෙය්යුං, අනච්ඡරියං තෙ ජයසෙනො රාජකුමාරො පසීදෙය්ය, පසන්නො ච තෙ පසන්නාකාරං කරෙය්යාති.
භූමිජය, ඉදින් ජයසෙන් කුමර හට මේ සතර උපමාවෝ වැටහුණාහු නම්, “ජයසෙන් කුමර තොපට පහදනේ ය” යනු අසිරි නො වෙයි. “පහන් ව තොපට පහන් අයුරු කරන්නේ ය” යනුත් අසිරි නො වෙයි.
කුතො පන මං භන්තෙ, ජයසෙනස්ස රාජකුමාරස්ස ඉමා චතස්සො උපමා පටිභායිස්සන්ති. අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා, සෙය්යථාපි භගවන්තන්ති.
වහන්ස, ජයසෙන් කුමරහු පිළිබඳ කොට මේ සතර උපමාවෝ මා ලකුණු කොට එළිවෙත් ද ඔහු නැවත නැවත අසිරියට නිසියහ. පූර්වයෙහි නො ඇසූ විරූහ. භාග්‍යවතුන් වහන්සේට එළිදරව් වූවා සෙයිනැ’යි.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා භූමිජො භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව සතුටින් පිළිගත්හ.
භූමිජසුත්තං ඡට්ඨං.
සවැනි භූමිජ සූත්‍ර යි.