යෙදුමෙන් කියවන්න

අච‍්ඡරියබ‍්භුත සුත‍්තං

3. 3. 3.

3. 3. 3.

අච‍්ඡරියබ‍්භුත සුත‍්තං

අච්ඡරියබ්භුත සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො සම‍්බහුලානං භික‍්ඛූනං පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තානං උපට‍්ඨානසාලායං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරා කථා උදපාදි: අච‍්ඡරියං ආවුසො, අබ‍්භුතං ආවුසො, තථාගතස‍්ස මහිද‍්ධිකතා මහානුභාවකතා. යත්‍ර හි නාම තථාගතො අතීතෙ බුද‍්ධෙ පරිනිබ‍්බුතෙ ඡින‍්නපපඤ‍්චෙ ඡින‍්නවටුමෙ පරියාදින‍්නවට‍්ටෙ සබ‍්බදුක‍්ඛවීතිවත‍්තෙ ජානිස‍්සති: එවංජච‍්චා තෙ භගවන‍්තො අහෙසුං ඉතිපි, එවංනාමා තෙ භගවන‍්තො අහෙසුං ඉතිපි, එවංගොත‍්තා තෙ භගවන‍්තො අහෙසුං ඉතිපි, එවංසීලා තෙ භගවන‍්තො අහෙසුං ඉතිපි, එවංධම‍්මා තෙ භගවන‍්තො අහෙසුං ඉතිපි, එවංපඤ‍්ඤා තෙ භගවන‍්තො අහෙසුං ඉතිපි, එවංවිහාරී තෙ භගවන‍්තො අහෙසුං ඉතිපි, එවංවිමුත‍්තා තෙ භගවන‍්තො අහෙසුං ඉතිපීති.

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහු ගේ අරම්හි වැඩවසන සේක. එකල්හි පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණු උවටන්හල්හි එක්රැස්ව වැඩහුන් බොහෝ භික්‍ෂූන් ගේ මේ අතුරුකථායෙක් පහළ වී: යම් තථාගතයන් වහන්සේ කෙනෙක් තෘෂ්ණාමානදෘෂ්ටි සුන් කළ කම්වට සුන් කළ ගෙවාලූ කම්වට ඇති හැම විවාදුක් ඉක්මැ සිටි පිරිනිවි අතීත බුදුවරයන් දත්සේක් ද, ඇවත, තථාගතයන් වහන්සේ ගේ මහත්-ඍද්ධි ඇති බව මහත්-අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, ඇවත, අද්භූත යැ. කිසේ යැ යත්: ඒ භාග්‍යවත්හු මෙබඳු ගොත් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු නම් ඇති වූහ’ යි කියා ද ඒ භාග්‍යවත්හු මෙබඳු ගොත් ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු සිල් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු දහම් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු ප්‍රඥා ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු විහරණ ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙසේ විමුක්ත වූහ’ යි කියා ද, දත්හ’ යි.

එවං වුත‍්තෙ ආයස‍්මා ආනන්‍දො තෙ භික‍්ඛූ එතදවොච: අච‍්ඡරියා චෙව ආවුසො, තථාගතා අච‍්ඡරියධම‍්මසමන‍්නාගතා ච අබ‍්භුතා චෙව ආවුසො, තථාගතා අබ‍්භුතධම‍්මසමන‍්නාගතා චාති.

මෙසේ කී කල්හි, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඒ භික්‍ෂූන් හට මෙසේ කීහ: ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය ද වෙති, ආශ්චර්‍ය්‍යධර්‍ම සමන්‍වාගත ද වෙති. ඇවැත්නි, තථාගතවරයෝ අද්භූත ද වෙති, අද්භූතධර්‍ම සමන්‍වාගත ද වෙත් යයි.

අයඤ‍්ච හිදං තෙසං භික‍්ඛූනං අන‍්තරා කථා විප‍්පකතා හොති. අථ ඛො භගවා සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙනුපට‍්ඨානසාලා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි:

ඒ භික්‍ෂූන් ගේ මේ අතුරු කථාව කොට අඩාළ වෙයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ පිළිසලනින් නැගීසිටි සේක් උවටන්හල කරා වැඩි සේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ සඟුන් ඇමතූ සේක:

කාය නුත්‍ථ භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා, කා ච පන වො අන‍්තරා කථා විප‍්පකතාති.

මහණෙනි, දැන් මා එන්නට පළමු ව කිනම් කථායෙකින් යුක්ත ව රැස්ව හුන්නහු ද? තොප ගේ කිනම් අතුරු කථාවක් කොට අඩාළ වී දැ’ යි, පුළුවුත් සේක.

ඉධ භන‍්තෙ, අම‍්හාකං පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තානං උපට‍්ඨානසාලායං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරා කථා උදපාදි: අච‍්ඡරියං ආවුසො, -පෙ- එවංවිමුත‍්තා තෙ භගවන‍්තො අහෙසුං ඉතිපීති. එවං වුත‍්තෙ භන‍්තෙ, ආයස‍්මා ආනන්‍දො අම‍්හෙ එතදවොච: අච‍්ඡරියා චෙව ආවුසො, තථාගතා අච‍්ඡරියධම‍්මසමන‍්නාගතා ච, අබ‍්භුතා චෙව ආවුසො, තථාගතා අබ‍්භුතධම‍්මසමන‍්නාගතාචාති. අයං ඛො නො භන‍්තෙ, අන‍්තරාකථා විප‍්පකතා. අථ භගවා අනුප‍්පත‍්තොති.

වහන්ස, මෙහි පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණු උවටන්හලැ රැස්වැ හුන් අප ගේ මේ අතුරු කථාව උපන: ‘ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය යැ… ඒ භාග්‍යවත්හු මෙසේ විමුක්ත වූහ’යි කියා යි. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අපට තෙල කීහ: ‘ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය වූවාහු ද ආශ්චර්‍ය්‍යධර්‍මසමන්‍වාගත වූවාහු ද වෙති. ඇවැත්නි, තථාගතවරයෝ අද්භූත වූවාහු ද අද්භූතධර්‍මසමන්‍වාගත වූවාහු ද වෙත් ’ යයි. වහන්ස, මේ අප ගේ කොට අඩාළ වූ අතුරු කථාව වී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අනුප්‍රාප්ත සේකැ ’ යි.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: තස‍්මාතිහ තං ආනන්‍ද, භිය්‍යොසොමත‍්තාය පටිභන‍්තු තථාගතස‍්ස අච‍්ඡරියා අබ‍්භුතධම‍්මාති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය එහෙයින් තථාගතයන් ගේ ආශ්චර්‍ය්‍යය අද්භූතධර්‍මයෝ තොපට අධිමාත්‍ර ව වැටැහෙත්ව” යි, වදාළහ.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: සතො සම‍්පජානො ආනන්‍ද, බොධිසත‍්තො තුසිතං කායං උපපජ‍්ජීති. යම‍්පි භන‍්තෙ, සතො සම‍්පජානො බොධිසත‍්තො තුසිතං කායං උපපජ‍්ජි ඉදමහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ ගේ සම්මුඛයෙහි අසන ලද, සම්මුඛයෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්‍යග්ඥාන ඇති ව තුසීකයට එළඹුණහ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයට එළඹුණහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: සතො සම‍්පජානො ආනන්‍ද, බොධිසත‍්තො තුසිතෙ කායෙ අට‍්ඨාසීති. යම‍්පි භන‍්තෙ සතො සම‍්පජානො බොධිසත‍්තො තුසිතෙ කායෙ අට‍්ඨාසි. ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද, “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙහි සිටියහ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙහි සිටියහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යාවතායුකං ආනන්‍ද, බොධිසත‍්තො තුසිතෙ කායෙ අට‍්ඨාසීති. යම‍්පි භන‍්තෙ, යාවතායුකං බොධිසත‍්තො තුසිතෙ කායෙ අට‍්ඨාසි. ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ආයු ඇති තාක් තුසීකයෙහි සිටියහ” යි. වහන්ස, ‘බෝසත්හු ආයු ඇති තාක් තුසීකයෙහි සිටියහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: සතො සම‍්පජානො ආනන්‍ද, බොධිසත‍්තො තුසිතා කායා චවිත්‍වා මාතුකුච‍්ඡිං ඔක‍්කමීති. යම‍්පි භන‍්තෙ, සතො සම‍්පජානො බොධිසත‍්තො තුසිතා කායා චවිත්‍වා මාතුකුච‍්ඡිං ඔක‍්කමි, ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්හ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්හ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යදා ආනන්‍ද, බොධිසත‍්තො තුසිතා කායා චවිත්‍වා මාතුකුච‍්ඡිං ඔක‍්කමි. අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අප‍්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික‍්කම‍්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන‍්තරිකා අඝා අසංවුතා අන්‍ධකාරා අන්‍ධකාරතිමිසා, යත්‍ථපිමෙ චන්‍දිමසූරියා එවංමහිද‍්ධිකා එවංමහානුභාවා ආභාය නානුභොන‍්ති තත්‍ථපි අප‍්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික‍්කම‍්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්‍ථ සත‍්තා උපපන‍්නා, තෙපි තෙනොභාසෙන අඤ‍්ඤමඤ‍්ඤං සඤ‍්ජානන‍්ති: අඤ‍්ඤෙපි කිර භො සන‍්ති සත‍්තා ඉධූපපන‍්නාති. අයඤ‍්ච දසසහස‍්සී ලොකධාතු සඞ‍්කම‍්පති සම‍්පකම‍්පති සම‍්පවෙධති. අප‍්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික‍්කම‍්මෙව දෙවානං දෙවානුභාවන‍්ති. යම‍්පි භන‍්තෙ, -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්තේ වේ ද, එකල මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන ම අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් පහළ වෙතී”. “නිත්‍යවිවෘත වූ අසංවෘත වූ අන්‍ධකාර වූ ඝනාන්‍ධකාර ඇති යම් ලෝකන්තරික නිරය කෙනෙක් ඇද්ද, යම් නිරයෙක මෙසේ මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනා පවා සිය එළියෙන් වළඳ නො කෙරෙත් ද, එබඳු ඒ ලෝකන්තරිකයෙහි දු දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන ම නො පමණ උදාර එළියෙක් ලෝකයෙහි පහළ වෙයි’. ඒ නිරෑහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඒ සත්හු දු ඒ එළියෙන් ‘මෙහි උපන් අන්‍ය සත්ත්‍වයෝත් ඇති’ යි උනුන් හඳුනාගනිත්. මේ දශසහශ්‍රී ලෝකධාතුව ද කම්පිත වෙයි, ප්‍රකර්‍ෂයෙන් කම්පිත වෙයි, වෙසෙසින් වෙවුලයි. දෙවියන් ගේ දේවානුභාව ඉක්මැ ගෙන ම අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙතී” ඇසිණ. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යදා ආනන්‍ද, බොධිසත‍්තො මාතුකුච‍්ඡිං ඔක‍්කන‍්තො හොති. චත‍්තාරො නං දෙවපුත‍්තා චතුද‍්දිසං ආරක‍්ඛාය උපගච‍්ඡන‍්ති: මා නං ඛො බොධිසත‍්තං වා බොධිසත‍්තමාතරං වා මනුස‍්සො වා අමනුස‍්සො වා කොචි වා විහෙඨෙසීති. යම‍්පි භන‍්තෙ, -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ ගන්නේ වේ ද, එකල මිනිසෙක් වේවයි, නො මිනිසෙක් වේව’ යි, කිසිවෙක් ඒ බෝසත් හෝ බෝසත්මව හෝ නහමක් පෙළාව’ යි, සතරවරම් දෙව්පුත්හු සිවුදිග ආරක්‍ෂා පිණිස ඔහු කරා පැමිණෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං සම‍්මුඛා පටිග‍්ගහිතං: යදා ආනන්‍ද, බොධිසත‍්තො මාතුකුච‍්ඡිං ඔක‍්කන‍්තො හොති. පකතියා සීලවතී බොධිසත‍්තමාතා හොති. විරතා පාණාතිපාතා, විරතා අදින‍්නාදානා, විරතා කාමෙසුමිච‍්ඡාචාරා, විරතා මුසාවාදා, විරතා සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානාති. යම‍්පි භන‍්තෙ -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ ගනී ද, එකල බෝසත් මව පියවින් සිල්වත් වෙයි, පණිවායෙන් දුරු වෙයි, අයිනාදනින් දුරු වෙයි, කාමයෙහි මිසහසරින් දුරු වෙයි, මුසවායෙන් දුරු වෙයි, මද්‍යප්‍රමාදස්ථාන වූ රහමෙරින් දුරු වෙතී.” වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යදා ආනන්‍ද, බොධිසත‍්තො මාතුකුච‍්ඡිං ඔක‍්කන‍්තො හොති. න බොධිසත‍්තමාතු පුරිසෙසු මානසං උප‍්පජ‍්ජති කාමගුණූපසංහිතං. අනතික‍්කමනීයා ච බොධිසත‍්තමාතා හොති කෙනචි පුරිසෙන රත‍්තචිත‍්තෙනාති. යම‍්පි භන‍්තෙ, -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මවුකුස පිලිසඳ ගනී ද, එකල බෝසත් මව ගේ කාමගුණෝපසංහිත සිතෙක් පුරුෂයන් කෙරෙහි නූපදනේ ය, රාගයෙන් රත් සිතැති යම් මැ පුරුෂයකු විසින් බෝසත්මව අනතික්‍රමණීය ද වෙතී.” වහන්ස, මම … භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යදා ආනන්‍ද, බොධිසත‍්තො මාතුකුච‍්ඡිං ඔක‍්කන‍්තො හොති. ලාභිනී බොධිසත‍්තමාතා හොති පඤ‍්චන‍්නං කාමගුණානං. සා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතා සමඞ‍්ගීභූතා පරිචාරෙතීති. යම‍්පි භන‍්තෙ, -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ දනී ද, එකල බෝසත්මව පස්කම්ගුණ ලබනසුලු වෙයි. ඕ පස්කම්ගුණයෙන් සමර්පිත ව සමන්‍විත ව ඉඳුරන් පිනවතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යදා ආනන්‍ද, බොධිසත‍්තො මාතුකුච‍්ඡිං ඔක‍්කන‍්තො හොති. න බොධිසත‍්තමාතු කොචිදෙව ආබාධො උප‍්පජ‍්ජති. සුඛිනී බොධිසත‍්තමාතා හොති අකිලන‍්තකායා. බොධිසත‍්තඤ‍්ච බොධිසත‍්තමාතා තිරොකුච‍්ඡිගතං පස‍්සති සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගං අහීනින්‍ද්‍රියං. සෙය්‍යථාපි ආනන්‍ද, මණි වෙළුරියො සුභො ජාතිමා අට‍්ඨංසො සුපරිකම‍්මකතො. තත්‍රාස‍්ස සුත‍්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ‍්ඩුසුත‍්තං වා. තමෙනං චක‍්ඛුමා පුරිසො හත්‍ථෙ කරිත්‍වා පච‍්චවෙක‍්ඛෙය්‍ය: අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට‍්ඨංසො සුපරිකම‍්මකතො. තත්‍රිදං සුත‍්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ‍්ඩුසුත‍්තං වාති. එවමෙව ඛො ආනන්‍ද, යදා බොධිසත‍්තො මාතුකුච‍්ඡිං ඔක‍්කන‍්තො හොති. න බොධිසත‍්තමාතු කොචිදෙව ආබාධො උප‍්පජ‍්ජති. සුඛිනී බොධිසත‍්තමාතා හොති අකිලන‍්තකායා. බොධිසත‍්තඤ‍්ච බොධිසත‍්තමාතා තිරොකුච‍්ඡිගතං පස‍්සති සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගං අහීනින්‍ද්‍රියන‍්ති. යම‍්පි භන‍්තෙ -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ සනී ද, එකල බෝසත්මවට කිසිදු ආබාධයෙක් නූපදනේ ය. බෝසත්මව නො කලකුළු කය ඇති ව සුඛිනී වෙයි, බෝසත්මව බෝසතු ද කුසතුළ සිටියහු හැම අඟපසඟ ඇතියහු නුහුනු ඉඳුරන් ඇතියහු දක්නී ය. ආනන්‍දය, යම්පරිදි ශුභ වූ ජාතිමත් වූ අෂ්ටාංශ වූ මොනොවට පිරියම් කළ වෙරළුමිණෙක් වේ ද, එහි නිල් වූ හෝ කසාවන් වූ හෝ ලේවන් වූ හෝ සුදු වූ හෝ පඬුවන් වූ හෝ හුයෙක් අවුණන ලද ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල හුය අතෙහි ලා බලා නම් මේ වෙරළුමිණ ශුභ යැ, ජාතිමත් යැ, අෂ්ටාංශ යැ, සුපරිකර්‍මකෘත ද වෙයි. එහි නිල්වන් හෝ කසාවන් හෝ ලෙහෙවන් හෝ සුදු වූ හෝ පඬුවන් හෝ මේ හුයෙක් අවුණන ලදැ යි දක්නේ වේ ද, ආනන්‍දය, එපරිදි මැ යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ ගනී ද, එකල බෝසත්මවට කිසිදු අබාධයෙක් නූපදනේ ය. බෝසත්මව ක්ලාන්ත නො වූ කය ඇති ව සුඛිත ව සිටුනී ය. බෝසත්මව බෝසතු ද කුසතුළ සිටියහු අඟපසඟ ඇතියහු නුහුනු ඉඳුරන් ඇතියහු දක්නී” යයි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: සත‍්තාහජාතෙ ආනන්‍ද, බොධිසත‍්තෙ බොධිසත‍්තමාතා කාලං කරොති. තුසිතං කායං උපපජ‍්ජතී’ති. යම‍්පි භන‍්තෙ -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසතුන් උපන් සත්වනදා බෝසත්මව කලුරිය කෙරෙයි, තුසීකයට එළෙඹෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යථා ඛො පනානන්‍ද අඤ‍්ඤා ඉත්‍ථිකා නව වා දස වා මාසෙ ගබ‍්භං කුච‍්ඡිනා පරිහරිත්‍වා විජායන‍්ති. න හෙවං බොධිසත‍්තං බොධිසත‍්තමාතා විජායති. දසෙව මාසානි බොධිසත‍්තං බොධිසත‍්තමාතා කුච‍්ඡිනා පරිහරිත්‍වා විජායතීති. යම‍්පි භන‍්තෙ -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම්සේ අන්‍ය ස්ත්‍රීහු නවමසක් හෝ දසමසක් හෝ දරුගබ් කුසින් ධරාසිට ප්‍රසව කෙරෙත් ද, එසේ බෝසත්මව බෝසතුන් ප්‍රසව නො කෙරේ, බෝසත්මව දසමසක් ම බෝසතුන් කුසින් ධරාසිට ප්‍රසව කෙරෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යථා ඛො පනානන්‍ද, අඤ‍්ඤා ඉත්‍ථිකා නිසින‍්නා වා නිපන‍්නා වා විජායන‍්ති. න හෙවං බොධිසත‍්තං බොධිසත‍්තමාතා විජායති. ඨිතාව ඛො බොධිසත‍්තං බොධිසත‍්තමාතා විජායතීති. යම‍්පි භන‍්තෙ -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම්සේ සෙසු ස්ත්‍රීහු හුන්නාහු හෝ හොත්තාහු හෝ ප්‍රසව කෙරෙත් ද, එසේ බෝසත්මව බෝසතුන් ප්‍රසව නො කෙරෙයි. බෝසත් මව සිටියා මැ බෝසතුන් ප්‍රසව කෙරෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යදා ආනන්‍ද, බොධිසත‍්තො මාතුකුච‍්ඡිම‍්හා නික‍්ඛමති, දෙවා නං පඨමං පටිග‍්ගණ‍්හන‍්ති, පච‍්ඡා මනුස‍්සාති. යම‍්පි භන‍්තෙ -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් දිනෙක බෝසත් මව්කුසින් නික්මේ ද, එකල දෙවියෝ පළමු ඔහු පිළිගනිති, පසුව මිනිස්සු පිළිගනිතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යදා ආනන්‍ද, බොධිසත‍්තො මාතුකුච‍්ඡිම‍්හා නික‍්ඛමති, අප‍්පත‍්තොව බොධිසත‍්තො පථවිං හොති. චත‍්තාරො නං දෙවපුත‍්තා පටිග‍්ගහෙත්‍වා මාතු පුරතො ඨපෙන‍්ති: අත‍්තමනා දෙවි හොහි, මහෙසක‍්ඛො තෙ පුත‍්තො උප‍්පන‍්නොති. යම‍්පි භන‍්තෙ -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එ බෝසත් පොළොවට නො පැමිණියේ මැ වෙයි, සිව්දෙව්පුත්හු ඔහු පිළිගෙන මව පෙරට තබති. දේවිය, සතොස්වා, මහේශාක්‍ය පිතෙක් තිට උපනැ” යි. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යදා ආනන්‍ද, බොධිසත‍්තො මාතුකුච‍්ඡිම‍්හා නික‍්ඛමති, විසදොව නික‍්ඛමති අමක‍්ඛිතො උද‍්දෙන අමක‍්ඛිතො සෙම‍්හෙන, අමක‍්ඛිතො රුහිරෙන, අමක‍්ඛිතො කෙනචි අසුචිනා සුද‍්ධො විසදො. සෙය්‍යථාපි ආනන්‍ද, මණිරතනං කාසිකෙ වත්‍ථෙ නික‍්ඛිත‍්තං, නෙව මණිරතනං කාසිකං වත්‍ථං මක‍්ඛෙති. නාපි කාසිකං වත්‍ථං මණිරතනං මක‍්ඛෙති. තං කිස‍්ස හෙතු: උභින‍්නං සුද‍්ධත‍්තා. එවමෙව ඛො ආනන්‍ද, යදා බොධිසත‍්තො මාතුකුච‍්ඡිම‍්හා නික‍්ඛමති, විසදොව නික‍්ඛමති අමක‍්ඛිතො උද‍්දෙන අමක‍්ඛිතො සෙම‍්හෙන අමක‍්ඛිතො රුහිරෙන අමක‍්ඛිතො කෙනචි අසුචිනා සුද‍්ධො විසදොති. යම‍්පි භන‍්තෙ -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් දිනෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එකල විශද ව මැ විහි වෙයි. දියෙන් නො වැකුණේ සෙමෙන් නො වැකුණේ ලෙහෙයෙන් නො වැකුණේ කිසිදු අසුචියෙකින් නො වැකුණේ ශුද්ධ ව විශද ව බිහිවෙයි. ආනන්‍දය, යම් පරිදි කසීවතෙක බහාලූ මිණිරුවනෙක් වේ ද, ඒ මිණිරුවන කසීවත් නො මකා ද, කසීවත් ද මිණිරුවන නො මකා ද, එ කවර හෙයින යත්: දෙදෙනා ශුද්ධ හෙයින. ආනන්‍දය, එපරිදි මැ යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, විශද ව මැ නික්මෙයි, දියෙන් නො වැකුණේ සෙමෙන් නො වැකුණේ ලෙහෙයෙන් නො වැකුණේ කිසිදු අසුචියෙකින් නො වැකුණේ ශුද්ධ ව විශද ව බිහි වෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යදා ආනන්‍ද, බොධිසත‍්තො මාතුකුච‍්ඡිම‍්හා නික‍්ඛමති, ද‍්වෙ උදකස‍්ස ධාරා අන‍්තලික‍්ඛා පාතුභවන‍්ති: එකා සීතස‍්ස, එකා උණ‍්හස‍්ස, යෙන බොධිසත‍්තස‍්ස උදකකිච‍්චං කරොන‍්ති මාතු චාති. යම‍්පි භන‍්තෙ -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එකල දෙ දියදහර කෙනෙක් අහසින් පහළ වෙති. ශීත එකෙක, උෂ්ණ එකෙකැ යි. එයින් බෝසත් හට ද, බෝසත්මවට ද දියකිස කෙරෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: සම‍්පති ජාතො ආනන්‍ද, බොධිසත‍්තො සමෙහි පාදෙහි පඨවියං පතිට‍්ඨහිත්‍වා උත‍්තරාභිමුඛො සත‍්තපදවීතිහාරෙන ගච‍්ඡති. සෙතම‍්හි ඡත‍්තෙ අනුහීරමානෙ සබ‍්බා ච දිසා විලොකෙති ආසභිංච වාචං භාසති: ‘අග‍්ගොහමස‍්මි ලොකස‍්ස, සෙට‍්ඨොහමස‍්මි ලොකස‍්ස, ජෙට‍්ඨොහමස‍්මි ලොකස‍්ස, අයමන‍්තිමා ජාති, නත්‍ථි දානි පුනබ‍්භවො’ති. යම‍්පි භන‍්තෙ -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමි.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, උපන් ඇසිල්ලෙහි බෝසත් සමපාදයෙන් බිමැ සිට උත්තරදිශාභිමුඛ වැ සත්පියවරින් යෙයි. සේසත් ධරන කල්හි හැම දික් ඔබැ මොබැ බලයි. අභීත බස් බෙණෙයි. ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි. මේ අන්තිම ජාති යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’” යි. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

සම‍්මුඛා මෙතං භන‍්තෙ, භගවතො සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං: යදා ආනන්‍ද, බොධිසත‍්තො මාතුකුච‍්ඡිම‍්හා නික‍්ඛමති. අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අප‍්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික‍්කම‍්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන‍්තරිකා අඝා අසංවුතා අන්‍ධකාරා අන්‍ධකාරතිමිසා, යත්‍ථපිමෙ චන්‍දිමසූරියා එවං මහිද‍්ධිකා එවං මහානුභාවා ආභාය නානුභොන‍්ති. තත්‍ථපි අප‍්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික‍්කම‍්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්‍ථ සත‍්තා උපපන‍්නා තෙපි තෙනොභාසෙන අඤ‍්ඤමඤ‍්ඤං සඤ‍්ජානන‍්ති: අඤ‍්ඤෙපි කිර භො සන‍්ති සත‍්තා ඉධූපපන‍්නාති. අයඤ‍්ච දසසහස‍්සී ලොකධාතු සඞ‍්කම‍්පති, සම‍්පකම‍්පති, සම‍්පවෙධති. අප‍්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික‍්කම‍්මෙව දෙවානං දෙවානුභාවන‍්ති. යම‍්පි භන‍්තෙ -පෙ- ඉදම‍්පාහං භන‍්තෙ, භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමීති.

වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එකල මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන මැ අප්‍රමාණ උදාර වූ අවභාසයෙක් පහළ වෙයි. මෙසේ මහත් ඉදුහ ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරුහු ද එළිය නො කළ හෙන විවෘත වූ අසංවෘත වූ අඳුරු වූ ගනඅඳුරින් වැසුණු යම් ලෝකන්තරික නිරය කෙනෙක් ඇද්ද, එහි දු දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන මැ අප්‍රමාණ උදාර අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙයි. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ එළියෙන් උනුන් හැඳින අන්‍ය සත්ත්‍වයෝත් මෙහි උපන්හ යි දනිති. මේ දශසහශ්‍රී ලෝකධාතුව ද කම්පිත වෙයි, වෙසෙසින් කම්පිත වෙයි, වෙසෙසින් වෙවුලයි. දෙවියන් ගේ දේවානුභාව ඉක්මැ ගෙන මැ අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

තස‍්මාතිහ ත්‍වං ආනන්‍ද, ඉදම‍්පි තථාගතස‍්ස අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙහි. ඉධානන්‍ද, තථාගතස‍්ස විදිතා වෙදනා උප‍්පජ‍්ජන‍්ති. විදිතා උපට‍්ඨහන‍්ති. විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. විදිතා සඤ‍්ඤා උප‍්පජ‍්ජන‍්ති. -පෙ- විදිතා විතක‍්කා උප‍්පජ‍්ජන‍්ති. විදිතා උපට‍්ඨහන‍්ති. විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. ඉදම‍්පි ඛො ත්‍වං ආනන්‍ද, තථාගතස‍්ස අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙහීති.

ආනන්‍දය, එහෙයින් තෙපි තථාගතයන් ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරව: ආනන්‍දය, තථාගතයන් වහන්සේට ප්‍රකට වූවාහු වේදනා උපදිති. විදිත ව වටහති, විදිත ව අස්තයට යෙති, විදිත ව සංඥාවෝ උපදිති, … විදිත ව විතර්‍කයෝ උපදිති, විදිත ව අස්තයට යෙත්. ආනන්‍දය, තෙපි තථාගතයන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරව.

යම‍්පි භන‍්තෙ, භගවතො විදිතා වෙදනා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති, විදිතා සඤ‍්ඤා -පෙ- විදිතා විතක‍්කා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. ඉදම‍්පාහං භන‍්තෙ භගවතො අච‍්ඡරියං අබ‍්භුතධම‍්මං ධාරෙමීති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේට විදිත ව වේදනාවෝ උපදිත් ද, විදිත ව වටහත් ද, විදිත ව අස්තයට යෙත් ද, විදිත ව සංඥාවෝ … විදිත ව විතර්‍කයෝ උපදිත් ද, විදිත ව වටහත් ද, විදිත ව අස්තයට යෙත් ද, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි යි සැලකළෝ.

ඉදමවොච ආයස‍්මා ආනන්‍දො. සමනුඤ‍්ඤො සත්‍ථා අහොසි. අත‍්තමනා ච තෙ භික‍්ඛූ ආයස‍්මතො ආනන්‍දස‍්ස භාසිතං අභිනන්‍දුන‍්ති.

ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ මෙය සැලකළහ: ශාස්තෲන් වහන්සේ වහන්සේ අනුදත් සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ගේ භාෂිතය අභිමුඛ ව පිළිගත්හු ය.

අච‍්ඡරියඅබ‍්භුත සුත‍්තං තතියං.

තුන් වැනි අච්ඡරියබ්භුත සූත්‍ර යි.