යෙදුමෙන් කියවන්න

චූළසුඤ‍්ඤත සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

චූළසුඤ‍්ඤත සුත‍්තවණ‍්ණනා

චූළසුඤ්ඤත සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති චූළසුඤ‍්ඤතසුත‍්තං. තත්‍ථ එකමිදන‍්ති ථෙරො කිර භගවතො වත‍්තං කත්‍වා අත‍්තනො දිවාට‍්ඨානං ගන‍්ත්‍වා කාලපරිච‍්ඡෙදං කත්‍වා නිබ‍්බානාරම‍්මණං සුඤ‍්ඤතාඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා නිසින‍්නො යථාපරිච‍්ඡෙදෙන වුට‍්ඨාසි. අථස‍්ස සඞ‍්ඛාරා සුඤ‍්ඤතො උපට‍්ඨහිංසු. සො සුඤ‍්ඤතාකථං සොතුකාමො ජාතො. අථස‍්ස එතදහොසි – “න ඛො පන සක‍්කා ධුරෙන ධුරං පහරන‍්තෙන විය ගන‍්ත්‍වා ‘සුඤ‍්ඤතාකථං මෙ, භන‍්තෙ, කථෙථා’ති භගවන‍්තං වත‍්තුං, හන්‍දාහං යං මෙ භගවා නගරකං උපනිස‍්සාය විහරන‍්තො එකං කථං කථෙසි, තං සාරෙමි, එවං මෙ භගවා සුඤ‍්ඤතාකථං කථෙස‍්සතී”ති දසබලං සාරෙන‍්තො එකමිදන‍්තිආදිමාහ.

එවම්මෙසුතන්ති චුල්ලසුඤ්ඤතා සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එහි එකමිදන්ති තෙරුන් වහන්සේ බුදුරදුන්ට වතාවත් කොට තමාගේ දිවාස්ථානයට ගොස් කාලය පිරිසිඳීම් කොට නිර්වාණය අරමුණු කොට ඇති ශූන්‍යතා ඵල සමවතට පැමිණ වැඩසිටියේ පිරිසිඳී පරිද්දෙන් නැගිට්ටේය. ඉක්බිතිව උන්වහන්සේට සංස්කාරයන්ගේ ශුන්‍යතාව වැටහුණාහ. උන්වහන්සේ ශුන්‍යතා කථා අසනු කැමති විය. ඉක්බිතිව උන්වහන්සේට මෙබඳු සිතක් විය. ධූරයෙන් ධූරයට ගැසීමෙන් ගොස් ස්වාමීනි, මට ශුන්‍යතා කථාව කියනු මැනවයි බුදුරදුන්ට කියන්නට නොහැකිය. ඒකාන්තයෙන් බුදුරදුන් යම් නගරයක් ඇසුරු කොට වසමින් එක් කථාවක් කියන්නේද මාවිසින් එය සිහිකරමි. මෙසේ බුදුරදුන් ශුන්‍යතා කථාව කියන්නේය. බුදුරදුන්ට සිහිකරවන්නේ එකමිදන්ති යනාදිය කීය.

තත්‍ථ ඉදන‍්ති නිපාතමත‍්තමෙව. කච‍්චිමෙතං, භන‍්තෙති ථෙරො එකපදෙ ඨත්‍වා සට‍්ඨිපදසහස‍්සානි උග‍්ගහෙත්‍වා ධාරෙතුං සමත්‍ථො, කිං සො “සුඤ‍්ඤතාවිහාරෙනා”ති එකං පදං ධාරෙතුං න සක‍්ඛිස‍්සති, සොතුකාමෙන පන ජානන‍්තෙන විය පුච‍්ඡිතුං න වට‍්ටති, පාකටං කත්‍වා විත්‍ථාරියමානං සුඤ‍්ඤතාකථං සොතුකාමො අජානන‍්තො විය එවමාහ. එකො අජානන‍්තොපි ජානන‍්තො විය හොති, ථෙරො එවරූපං කොහඤ‍්ඤං කිං කරිස‍්සති, අත‍්තනො ජානනට‍්ඨානෙපි භගවතො අපචිතිං දස‍්සෙත්‍වා “කච‍්චිමෙත”න‍්තිආදිමාහ.

එහි ඉදන්ති යනු නිපාතයකි. කච්චි මෙ තං භන්තෙති තෙරුන් වහන්සේ එක් එක් පියවරක සිට හැට දහසක පද ඉගෙන ධාරණය කිරීමට සමත්ය. කිම? උන්වහන්සේ ශුන්‍යතා විහාරයෙන් එක පදයක් දරන්නට නොහැක්කේ ද? ඇසීමට කැමැත්තෙන් දන්නාක් මෙන් විචාරන්නට නොවටියි. ප්‍රකට කොට විස්තර කාරණා ශුන්‍යතා කථාව අසනු කැමැත්තේ නොදන්නාක් මෙන් මෙසේ කීය. එකෙක් නොදන්නේ ද දන්නාක් මෙන් වෙයි. තෙරුන් වහන්සේ මෙබඳු කුහකකමක් කෙසේ කරන්නේ ද? තමාගේ දන්නා ස්ථානයෙහි ද බුදුරදුන්ට ගෞරව දක්වා කච්චිමෙතන්ති යනාදිය කීය.

පුබ‍්බෙපීති පඨමබොධියං නගරකං උපනිස‍්සාය විහරණකාලෙපි. එතරහිපීති ඉදානිපි. එවං පන වත්‍වා චින‍්තෙසි – “ආනන්‍දො සුඤ‍්ඤතාකථං සොතුකාමො, එකො පන සොතුං සක‍්කොති, න උග‍්ගහෙතුං, එකො සොතුම‍්පි උග‍්ගහෙතුම‍්පි සක‍්කොති, න කථෙතුං, ආනන්‍දො පන සොතුම‍්පි සක‍්කොති උග‍්ගහෙතුම‍්පි කථෙතුම‍්පි, (කථෙමිස‍්ස) සුඤ‍්ඤතාකථ”න‍්ති. ඉති තං කථෙන‍්තො සෙය්‍යථාපීතිආදිමාහ. තත්‍ථ සුඤ‍්ඤො හත්‍ථිගවාස‍්සවළවෙනාති තත්‍ථ කට‍්ඨරූපපොත්‍ථකරූපචිත‍්තරූපවසෙන කතා හත්‍ථිආදයො අත්‍ථි, වෙස‍්සවණමන්‍ධාතාදීනං ඨිතට‍්ඨානෙ චිත‍්තකම‍්මවසෙන කතම‍්පි, රතනපරික‍්ඛතානං වාතපානද‍්වාරබන්‍ධමඤ‍්චපීඨාදීනං වසෙන සණ‍්ඨිතම‍්පි, ජිණ‍්ණපටිසඞ‍්ඛරණත්‍ථං ඨපිතම‍්පි ජාතරූපරජතං අත්‍ථි, කට‍්ඨරූපාදිවසෙන කතා ධම‍්මසවනපඤ‍්හපුච‍්ඡනාදිවසෙන ආගච‍්ඡන‍්තා ච ඉත්‍ථිපුරිසාපි අත්‍ථි, තස‍්මා න සො තෙහි සුඤ‍්ඤො. ඉන්‍ද්‍රියබද‍්ධානං සවිඤ‍්ඤාණකානං හත්‍ථිආදීනං, ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ පරිභුඤ‍්ජිතබ‍්බස‍්ස ජාතරූපරජතස‍්ස, නිබද‍්ධවාසං වසන‍්තානං ඉත්‍ථිපුරිසානඤ‍්ච අභාවං සන්‍ධායෙතං වුත‍්තං.

පුබ්බෙති පළමු බෝධියෙහි නගරය ඇසුරු කොට වාසය කරන කාලයෙහි ද එතරහීති දැන් ද මෙසේ කියා සිතීය. ආනන්ද තෙරුන් වහන්සේ ශුන්‍යතා කථාව අසනු කැමැත්තේ එකෙක් අසන්නට සමත් වෙති. ඉගෙණීමට නොහැකිය. එකෙක් ඇසීමට ද ඉගෙනීමට ද සමත් වෙයි. කියන්නට නොහැකි වෙති. ආනන්ද තෙරුන්ට ඇසීමට ද ඉගෙනීමටද කීමට ද හැකිය. මොහුට ශුන්‍යතා කථාව කියන්නෙමි යි එය කියන්නේ සෙය්‍යථාපීති යනාදිය කීහ. එහි ශුන්‍ය වූ ඇත් අස් ගව වළස් යනාදියෙහි එහි කාෂ්ට රූප පුස්තක රූප චිත්ත රූප වශයෙන් කරන ලද ඇත් ආදීහු ඇත. වෛශ්‍රවණ මන්ධාතු ආදී රජවරුන් සිටි ස්ථානයන්හි විසිතුරු කිරීම් වශයෙන් කරන ලද රත්නයෙන් සෙව්නා ලද ජනෙල් දොරවල්වල බඳිනා ලද ඇඳ පුටු ආදී වශයෙන් තබන ලද දේද පරණ දෙය අළුත්වැඩියා කිරීම පිණිස තබන ලද රන් රිදී ද ඇත. කාෂ්ටක රූප වශයෙන් කරන ලදි. බණ ඇසීම් ප්‍රශ්න විචාරීම් ආදී වශයෙන් පැමිණි ස්ත්‍රී පුරුෂයෝ ද ඇත. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ගෙන් හිස් නැත. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වූ විඥානය සහිත වූ ඇත් ආදීන්ගේ කැමැති කැමැති මොහොතෙහි පරිභෝග කළ යුතු රන් රිදී රත්නයන්ගේ නිතර වාසය කරන ස්ත්‍රී පුරුෂයන්ගේ නොවීම සඳහා මෙය කියන ලදි.

භික‍්ඛුසඞ‍්ඝං පටිච‍්චාති භික‍්ඛූසු හි පිණ‍්ඩාය පවිට‍්ඨෙසුපි විහාරභත‍්තං සාදියන‍්තෙහි භික‍්ඛූහි චෙව ගිලානගිලානුපට‍්ඨාකඋද‍්දෙසචීවරකම‍්මපසුතාදීහි ච භික‍්ඛූහි සො අසුඤ‍්ඤොව හොති, ඉති නිච‍්චම‍්පි භික‍්ඛූනං අත්‍ථිතාය එවමාහ. එකත‍්තන‍්ති එකභාවං, එකං අසුඤ‍්ඤතං අත්‍ථීති අත්‍ථො. එකො අසුඤ‍්ඤභාවො අත්‍ථීති වුත‍්තං හොති. අමනසිකරිත්‍වාති චිත‍්තෙ අකත්‍වා අනාවජ‍්ජිත්‍වා අපච‍්චවෙක‍්ඛිත්‍වා. ගාමසඤ‍්ඤන‍්ති ගාමොති පවත‍්තවසෙන වා කිලෙසවසෙන වා උප‍්පන‍්නං ගාමසඤ‍්ඤං. මනුස‍්සසඤ‍්ඤායපි එසෙව නයො. අරඤ‍්ඤසඤ‍්ඤං පටිච‍්ච මනසි කරොති එකත‍්තන‍්ති ඉදං අරඤ‍්ඤං, අයං රුක‍්ඛො, අයං පබ‍්බතො, අයං නීලොභාසො වනසණ‍්ඩොති එවං එකං අරඤ‍්ඤංයෙව පටිච‍්ච අරඤ‍්ඤසඤ‍්ඤං මනසි කරොති. පක‍්ඛන්‍දතීති ඔතරති. අධිමුච‍්චතීති එවන‍්ති අධිමුච‍්චති. යෙ අස‍්සු දරථාති යෙ ච පවත‍්තදරථා වා කිලෙසදරථා වා ගාමසඤ‍්ඤං පටිච‍්ච භවෙය්‍යුං, තෙ ඉධ අරඤ‍්ඤසඤ‍්ඤාය න සන‍්ති. දුතියපදෙපි එසෙව නයො. අත්‍ථි චෙවායන‍්ති අයං පන එකං අරඤ‍්ඤසඤ‍්ඤං පටිච‍්ච උප‍්පජ‍්ජමානා පවත‍්තදරථමත‍්තා අත්‍ථි.

භික්ඛුසංඝං පටිච්චාති භික්‍ෂූන් පිඬු පිණිස පිවිසි කල්හි විහාර බත ඉවසන භික්‍ෂූන්ගෙන් ද ගිලනුන්ට උවටැන් කරන උද්දේස චීවර කර්මයෙහි නියුතු භික්‍ෂූන්ගෙන් ද හෙතෙම අශුන්‍ය වෙයි. මෙහි නිතර භික්‍ෂූන් ඇති බැවින් මෙසේ කීය. එකත්තන්ති එකබව. එක අශුන්‍යයක් ඇතැයි යන තේරුමයි. එකො අසුඤ්ඤභාවො අත්‍ථීති යනාදිය කියන ලදි. අමනසි කරිත්‍වාති සිහි නොකොට අනිවජ්ජිත්‍වාති ප්‍රත්‍යවේක්‍ෂා නොකොට ගාමසඤ්ඤන්ති ගම යැයි පැවතීම් වශයෙන් හෝ කෙලෙස් වශයෙන් හෝ උපන් ග්‍රාම සංඥාවයි. මනුෂ්‍ය සංඥාවෙහි ද මේ ක්‍රමයයි. ආරණ්‍ය සංඥාව නිසා මෙනෙහි කරයි. එකත්තන්ති මේ කැලයයි. මේ ගසයි. මේ පර්වතයයි. මේ නිල් අහසයි. වනසණ්ඩොති මෙසේ එක් කැලයක් නිසාම ආරණ්‍ය සංඥාව මෙනෙහි කරයි. පක්ඛන්‍දතීති බසියි. අධිමුච්චතීති මෙසේ මිදෙයි. යෙ අස්සු දරථාති යම් පැවැති දාහයක් හෝ කෙලෙස් දාහයක් හෝ ග්‍රාම සංඥාව නිසා වන්නාහ. ඔවුහු මේ ආරණ්‍යයෙහි නොවෙත්. දෙවන පදයෙහි ද මේ ක්‍රමයයි. අත්‍ථි චෙවායන්ති මේ එක ආරණ්‍ය සංඥාවක් නිසා උපදින පැවැති දාහ මාත්‍රයක් ඇත.

යඤ‍්හි ඛො තත්‍ථ න හොතීති යං මිගාරමාතුපාසාදෙ හත්‍ථිආදයො විය ඉමිස‍්සා අරඤ‍්ඤසඤ‍්ඤාය ගාමසඤ‍්ඤාමනුස‍්සසඤ‍්ඤාවසෙන උප‍්පජ‍්ජමානං පවත‍්තදරථකිලෙසදරථජාතං, තං න හොති. යං පන තත්‍ථ අවසිට‍්ඨන‍්ති යං මිගාරමාතුපාසාදෙ භික‍්ඛුසඞ‍්ඝො විය තත්‍ථ අරඤ‍්ඤසඤ‍්ඤාය පවත‍්තදරථමත‍්තං අවසිට‍්ඨං හොති. තං සන‍්තමිදං අත්‍ථීති පජානාතීති තං විජ‍්ජමානමෙව “අත්‍ථි ඉද”න‍්ති පජානාති, සුඤ‍්ඤතාවක‍්කන‍්තීති සුඤ‍්ඤතානිබ‍්බත‍්ති.

යමක් එහි නොවෙයි. මිගාර මාතෘ ප්‍රාසාදයෙහි ඇත් ආදීන් මෙන් මේ ආරණ්‍ය සංඥාවෙන් ග්‍රාම සංඥාව මනුෂ්‍ය සංඥාවන් වශයෙන් උපදින පවතින දාහය හෝ කෙලෙස් දාහය හෝ නූපදවයි. යං පන තත්‍ථ අවසිට්ඨන්ති යම් හෙයකින් මිගාර මාතෘ ප්‍රාසාදයෙහි භික්‍ෂු සංඝයා මෙන් එහි ආරණ්‍ය සංඥාවෙන් පවත්වන ලද දාහ මාත්‍රයක් ඉතිරි වෙයි. තං සන්තමිදං අත්‍ථීති පජානාතීති එය විද්‍යාමානවම ඇතැයි මෙය දනියි. සුඤ්ඤතාවක්කන්තීති ශූන්‍යබව ඉපදීමයි.

අමනසිකරිත්‍වා මනුස‍්සසඤ‍්ඤන‍්ති ඉධ ගාමසඤ‍්ඤං න ගණ‍්හාති. කස‍්මා? එවං කිරස‍්ස අහොසි – “මනුස‍්සසඤ‍්ඤාය ගාමසඤ‍්ඤං නිවත‍්තෙත්‍වා, අරඤ‍්ඤසඤ‍්ඤාය මනුස‍්සසඤ‍්ඤං, පථවීසඤ‍්ඤාය අරඤ‍්ඤසඤ‍්ඤං, ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාය පථවීසඤ‍්ඤං…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාය ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං, විපස‍්සනාය නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤං, මග‍්ගෙන විපස‍්සනං නිවත‍්තෙත්‍වා අනුපුබ‍්බෙන අච‍්චන‍්තසුඤ‍්ඤතං නාම දස‍්සෙස‍්සාමී”ති. තස‍්මා එවං දෙසනං ආරභි. තත්‍ථ පථවීසඤ‍්ඤන‍්ති කස‍්මා අරඤ‍්ඤසඤ‍්ඤං පහාය පථවීසඤ‍්ඤං මනසි කරොති? අරඤ‍්ඤසඤ‍්ඤාය විසෙසානධිගමනතො. යථා හි පුරිසස‍්ස රමණීයං ඛෙත‍්තට‍්ඨානං දිස‍්වා – “ඉධ වුත‍්තා සාලිආදයො සුට‍්ඨු සම‍්පජ‍්ජිස‍්සන‍්ති, මහාලාභං ලභිස‍්සාමී”ති සත‍්තක‍්ඛත‍්තුම‍්පි ඛෙත‍්තට‍්ඨානං ඔලොකෙන‍්තස‍්ස සාලිආදයො න සම‍්පජ‍්ජන‍්තෙව, සචෙ පන තං ඨානං විහතඛාණුකකණ‍්ටකං කත්‍වා කසිත්‍වා වපති, එවං සන‍්තෙ සම‍්පජ‍්ජන‍්ති, එවමෙව – “ඉදං අරඤ‍්ඤං, අයං රුක‍්ඛො, අයං පබ‍්බතො, අයං නීලොභාසො වනසණ‍්ඩො”ති සචෙපි සත‍්තක‍්ඛත‍්තුං අරඤ‍්ඤසඤ‍්ඤං මනසි කරොති, නෙවූපචාරං න සමාධිං පාපුණාති, පථවීසඤ‍්ඤාය පනස‍්ස ධුවසෙවනං කම‍්මට‍්ඨානං පථවීකසිණං පරිකම‍්මං කත්‍වා ඣානානි නිබ‍්බත‍්තෙත්‍වා ඣානපදට‍්ඨානම‍්පි විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සක‍්කා අරහත‍්තං පාපුණිතුං. තස‍්මා අරඤ‍්ඤසඤ‍්ඤං පහාය පථවීසඤ‍්ඤං මනසි කරොති. පටිච‍්චාති පටිච‍්ච සම‍්භූතං.

අමනසි කරිත්‍වා මනුස්සසඤ්ඤන්ති මෙහි ග්‍රාම සංඥාව නවතා ආරණ්‍ය සංඥාවෙන් මනුෂ්‍ය සංඥාව ද පෘථිවි සංඥාවෙන් ආරණ්‍ය සංඥාව ද ආකාසානඤ්චායතන සංඥාවෙන් පෘථිවි සංඥාව ද -පෙ- නේවසංඥානාසංඥායතන සංඥාවෙන් ආකිඤ්චඤ්ඤායතන සංඥාව ද විදර්ශනාවෙන් නේවසංඥානාසංඥායතන සංඥාව ද මාර්ගයෙන් විදර්ශනාව නවතා පිළිවෙළින් අත්‍යන්ත ශූන්‍යතාව දක්වන්නෙමි. එහෙයින් මෙසේ දේශනාව පටන් ගත්තේය. එහි පඨවිසඤ්ඤන්ති කුමක් හෙයින් ආරණ්‍ය සංඥාව හැර පෘථිවි සංඥාව මෙනෙහි කරයි ද? ආරණ්‍ය සංඥාවගේ විශේෂයට නොපැමිණි හෙයින් ය. යම්සේ පුරුෂයෙකුට සිත්කළු කුඹුරකට සුදුසු තැනක් දැක මෙහි වපුරන ලද හැල් ආදිය මනාකොට සිද්ධ වන්නාහු යැයි මහත් ලාභයක් ලබන්නෙමියි සත් වරක් ම කුඹුර බලන්නහුට හැල් ආදිය සිද්ධ නොවෙයි. ඉදින් ඒ ස්ථානයේ කණු කටු ආදිය ඉවත් කොට සී සා වපුරයි. එසේ ඇති කල්හි සිද්ධ වෙයි. එසේම මේ කැලයයි. මේ ගසයි. මේ පර්වතයයි. මේ නිල් අහසයි. මේ වන ලැහැබයි. ඉදින් සත් වරක්ම ආරණ්‍ය සංඥාව සිහි කරයි ද උපචාරයකට ද සමාධියකට ද නොපැමිණෙයි. ඔහුට පෘථිවි සංඥාව නිතර සේවනය කිරීමෙන් කමටහන පෘථිවි කසිණ පරිකර්මය කොට ධ්‍යාන උපදවා ධ්‍යාන පාදස්ථාන වූ විදර්ශනා වඩා රහත් වන්නට හැකිය. එහෙයින් ආරණ්‍ය සංඥාව හැර පෘථිවි සංඥාව සිහි කරයි. පටිච්චාති ප්‍රත්‍යයන් නිසා හටගත්.

ඉදානි යස‍්මිං පථවීකසිණෙ සො පථවීසඤ‍්ඤී හොති, තස‍්ස ඔපම‍්මදස‍්සනත්‍ථං සෙය්‍යථාපීතිආදිමාහ. තත්‍ථ උසභස‍්ස එතන‍්ති ආසභං. අඤ‍්ඤෙසං පන ගුන‍්නං ගණ‍්ඩාපි හොන‍්ති පහාරාපි. තෙසඤ‍්හි චම‍්මං පසාරියමානං නිබ‍්බලිකං න හොති, උසභස‍්ස ලක‍්ඛණසම‍්පන‍්නතාය තෙ දොසා නත්‍ථි. තස‍්මා තස‍්ස චම‍්මං ගහිතං. සඞ‍්කුසතෙනාති ඛිලසතෙන. සුවිහතන‍්ති පසාරෙත්‍වා සුට‍්ඨු විහතං. ඌනකසතසඞ‍්කුවිහතඤ‍්හි නිබ‍්බලිකං න හොති, සඞ‍්කුසතෙන විහතං භෙරිතලං විය නිබ‍්බලිකං හොති. තස‍්මා එවමාහ. උක‍්කූලවික‍්කූලන‍්ති උච‍්චනීචං ථලට‍්ඨානං නින‍්නට‍්ඨානං. නදීවිදුග‍්ගන‍්ති නදියො චෙව දුග‍්ගමට‍්ඨානඤ‍්ච. පථවීසඤ‍්ඤං පටිච‍්ච මනසි කරොති එකත‍්තන‍්ති කසිණපථවියංයෙව පටිච‍්ච සම‍්භූතං එකං සඤ‍්ඤං මනසි කරොති. දරථමත‍්තාති ඉතො පට‍්ඨාය සබ‍්බවාරෙසු පවත‍්තදරථවසෙන දරථමත‍්තා වෙදිතබ‍්බා.

දැන් යම් පෘථිවි කසිනයෙක්හි ඔහුට පෘථිවි සංඥාව වෙයි. ඒ උපමාව දැක්වීම සඳහා සෙය්‍යථාපීති යනාදිය කීය. එහි උසභයාගේ මෙය යැයි ආසභ නමි. අනෙත් භවයන්ගේ ගඩු ද ප්‍රහාරයෝ ද වෙත්. ඔවුන්ගේ හම ප්‍රසාරණය කරනු ලබන්නේ රැළි ඇති වෙයි. උසභයාගේ ලක්‍ෂණ සම්පන්න හෙයින් එහි දොස් නැත. එහෙයින් ඌගේ හම ගන්නා ලදි. සඞ්කුසතෙනාති උල් සියයකින් සුවිහතන්ති දිගු කොට උල් සියයකින්. උල් සියයකින් අඩුව කරන ලද්දේ නිර්බලික නොවෙයි. උල් සියයකින් දිගු කරන ලද්දේ භේරි තලයක් මෙන් රැලි නැති වෙයි. එහෙයින් මෙසේ කීය. උක්කුලවික්කුලන්ති උස් පහත් ගොඩබිම් නැති නිම්න ස්ථානයි. නදී විදුග්ගන්ති ගංගාවන් ද දුර්ග ස්ථානයන් ද පෘථිවි සංඥාව නිසා සිහි කරයි. එත්තකන්ති කසින පෘථිවි සංඥාව ම නිසා හටගත් එක් සංඥාවක් සිහි කරයි. දරථමත්තාති මෙතැන් පටන් සියලු වාරයන්හි පැවැති දාහ වශයෙන් ම දරථ මාත්‍රය දත යුතුයි.

අනිමිත‍්තං චෙතොසමාධින‍්ති විපස‍්සනාචිත‍්තසමාධිං. සො හි නිච‍්චනිමිත‍්තාදිවිරහිතො අනිමිත‍්තොති වුච‍්චති. ඉමමෙව කායන‍්ති විපස‍්සනාය වත්‍ථුං දස‍්සෙති. තත්‍ථ ඉමමෙවාති ඉමං එව චතුමහාභූතිකං. සළායතනිකන‍්ති සළායතනපටිසංයුත‍්තං. ජීවිතපච‍්චයාති යාව ජීවිතින්‍ද්‍රියානං පවත‍්ති, තාව ජීවිතපච‍්චයා පවත‍්තදරථමත‍්තා අත්‍ථීති වුත‍්තං හොති.

අනිමිත්තං චෙතො සමාධින්ති විදර්ශනා චිත්ත සමාධියයි. එය නිතර නිමිති රහිත වූයේ අනිමිත්ත යැයි කියනු ලැබේ. ඉමමෙව කායන්ති විදර්ශනාවේ වස්තුව දක්වයි. එහි ඉමමෙවාති මේ සතර මහා භූතිකයයි. සළායතනිකන්ති සළායතන ප්‍රතිසංයුක්තයි. ජීවිතපච්චයාති ජීවිතේන්ද්‍රිය දක්වා පවතී ද ඒතාක් ජීවිත ප්‍රත්‍යයෙන් පැවැති දරථ මාත්‍රයෝ ඇතැයි කියන ලද්දේ වෙයි.

පුන අනිමිත‍්තන‍්ති විපස‍්සනාය පටිවිපස‍්සනං දස‍්සෙතුං වුත‍්තං. කාමාසවං පටිච‍්චාති කාමාසවං පටිච‍්ච උප‍්පජ‍්ජනපවත‍්තදරථා ඉධ න සන‍්ති, අරියමග‍්ගෙ චෙව අරියඵලෙ ච නත්‍ථීති වුත‍්තං හොති. ඉමමෙව කායන‍්ති ඉමං උපාදිසෙසදරථදස‍්සනත්‍ථං වුත‍්තං. ඉති මනුස‍්සසඤ‍්ඤාය ගාමසඤ‍්ඤං නිවත‍්තෙත්‍වා…පෙ… මග‍්ගෙන විපස‍්සනං නිවත‍්තෙත්‍වා අනුපුබ‍්බෙන අච‍්චන‍්තසුඤ‍්ඤතා නාම දස‍්සිතා හොති.

පුන අනිමිත්තන්ති විදර්ශනාවේ ප්‍රතිවිදර්ශනාව දැක්වීමට කියන ලදි. කාමාසවං පටිච්චාති කාමාශ්‍රව නිසා ඉපදීම් පැවැති දාහයෝ මෙහි තැවෙත්. ආර්ය මාර්ගයෙහි ද ආර්ය ඵලයෙහි ද නැතැයි කියන ලද්දේ වෙයි. ඉමමෙව කායන්ති මෙය උපාදිසේස දාහය දැක්වීම පිණිස කියන ලදි. මෙසේ මනුෂ්‍ය සංඥාවෙන් ග්‍රාම සංඥාව නවතා -පෙ- මාර්ගයෙන් විදර්ශනාව නවතා පිළිවෙළින් අත්‍යන්ත ශූන්‍යතාව දක්වන ලද්දේ වෙයි.

පරිසුද‍්ධන‍්ති නිරුපක‍්කිලෙසං. අනුත‍්තරන‍්ති උත‍්තරවිරහිතං සබ‍්බසෙට‍්ඨං. සුඤ‍්ඤතන‍්ති සුඤ‍්ඤතඵලසමාපත‍්තිං. තස‍්මාති යස‍්මා අතීතෙපි, බුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකසඞ‍්ඛාතා සමණබ්‍රාහ‍්මණා. අනාගතෙපි, එතරහිපි බුද‍්ධබුද‍්ධසාවකසඞ‍්ඛාතා සමණබ්‍රාහ‍්මණා ඉමංයෙව පරිසුද‍්ධං පරමං අනුත‍්තරං සුඤ‍්ඤතං උපසම‍්පජ‍්ජ විහරිංසු විහරිස‍්සන‍්ති විහරන‍්ති ච, තස‍්මා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

පරිසුද්ධන්ති කෙලෙස් නැති. අනුත්තරන්ති හැමටම උතුම්. සුඤ්ඤතන්ති ශුන්‍යතා ඵල සමාපත්තියයි. තස්මාති යම්හෙයකින් අතීතයෙහි බුදු පසේ බුදු බුද්ධශ්‍රාවක සංඛ්‍යාත මහණ බමුණෝ වූවාහු ද අනාගතයෙහි දැන් ද මොවුහු මේ පිරිසිදු උතුම් අනුත්තර ශුන්‍යතාවට පැමිණ විසූහ. වෙසෙත්. වසන්නාහ. එහෙයින් ඉතිරිය සියලු තැන්හි ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය චූළසුඤ‍්ඤතසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

චුල්ලසුඤ්ඤතා සූත්‍ර වර්ණනාව නිමි.