ආනාපානසති සුත්තං
3. 2. 8.
3. 2. 8.
ආනාපානසති සුත්තං
ආනාපානසති සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ සම්බහුලෙහි අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද්ධිං, ආයස්මතා ච සාරිපුත්තෙන ආයස්මතා ච මහාමොග්ගල්ලානෙන ආයස්මතා ච මහාකස්සපෙන ආයස්මතා ච මහාකච්චායනෙන ආයස්මතා ච මහාකොට්ඨිතෙන ආයස්මතා ච මහාකප්පිනෙන ආයස්මතා ච මහාචුන්දෙන ආයස්මතා ච අනුරුද්ධෙන ආයස්මතා ච රෙවතෙන ආයස්මතා ච ආනන්දෙන අඤ්ඤෙහි ච අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද්ධිං.
මා විසින් මෙසේ අසන ලද නොහොත් මා ඇසූ හැටි මෙසේ යැ: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුවරම් නම් මුවරමාපායෙහි හැම තැනැ ශීලාදී ගුණයෙන් පළට වූ බොහෝ ස්ථවිර ශ්‍රාවකයන් සමග වැඩවසන සේක. ආයුෂ්මත් සැරියුත් තෙරුන් ද, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ද, ආයුෂ්මත් මහසුප් තෙරුන් ද, ආයුෂ්මත් මහකසයින් තෙරුන් ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් ද, ආයුෂ්මත් මහාකප්පින තෙරුන් ද, ආයුෂ්මත් මහාචුන්ද තෙරුන් ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ද, ආයුෂ්මත් රේවත තෙරුන් ද, ආයුෂ්මත් අනඳ තෙරුන් ද, අන්‍ය වූ මහත් ගුණයෙන් ප්‍රකට වූ ස්ථවිර ශ්‍රාවක භික්ෂූන් ද සමග පුවරම් මුවරමාපායෙහි වැඩවසන සේක.
තෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ නවෙ භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ දසපි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ වීසම්පි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ තිංසම්පි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ චත්තාරීසම්පි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. තෙ ච නවා භික්ඛූ ථෙරෙහි භික්ඛූහි ඔවදියමානා අනුසාසියමානා උළාරං පුබ්බෙනාපරං විසෙසං පජානන්ති.
තව ද එසමයෙහි ස්ථවිර භික්ෂූහු නවක පැවිද්දනට අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් දසදෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් හතලිස් දෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. තෙර මහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්ෂූහු ශීලපරිපූරණාදී පුර්වවිශේෂයෙන් වැඩි උදාරතර අපර කෘත්ස්න පරිකර්මාදි විශේෂ දනිත්.
තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පන්නරසෙ පවාරණාය පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි: ‘ආරද්ධොස්මි භික්ඛවෙ, ඉමාය පටිපදාය. ආරද්ධචිත්තොස්මි භික්ඛවෙ, ඉමාය පටිපදාය. තස්මාතිහ භික්ඛවෙ, භිය්යොසොමත්තාය විරියං ආරභථ අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය, අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉධෙවාහං සාවත්ථියං කොමුදිං චාතුමාසිනිං ආගමෙස්සාමීති.
එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පොහොයැ පණුරැසියෙහි පවුරුණු ඇති සඳ පිරුණු මැදිපොහෝරැය භික්‍ෂුසංඝපරිවෘත ව අභ්‍යවකාශයෙහි වැඩහුන් සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් මහණුන් බලා ඒ මහණුන් ඇමතූ සේක. “මහණෙනි, මේ ප්‍රතිපදායෙන් (මම්) ආරාධිතයෙමි. මහණෙනි, මේ ප්‍රතිපදායෙන් මම ඇරැයු සිතැතියෙමි. එහෙයින් මහණෙනි, නො පත් අර්හත්ඵලයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගත ඵලයා ගේ අධිගමය පිණිස නො පසක් කළ නිවන පසක් කරණු පිණිස වෙසෙසින් වීර්‍ය්‍යාරම්භ කරවු. මම මේ සැවතෙහි මැ පිපි කුමුදු ඇති චාතුමාසිනිය හෙවත් පශ්චිමකාර්තික පූර්ණිමාව දක්වා බලමි’යි වදාළහ.
අස්සොසුං ඛො ජානපදා භික්ඛූ: භගවා කිර තත්ථෙව සාවත්ථියං කොමුදිං චාතුමාසිනිං ආගමෙස්සතීති. තෙ ච ජානපදා භික්ඛූ සාවත්ථිං ඔසරන්ති භගවන්තං දස්සනාය. තෙ ච ඛො ථෙරා භික්ඛූ භිය්යොසොමත්තාය නවෙ භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ දසපි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ වීසම්පි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ තිංසම්පි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ චත්තාරීසම්පි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. තෙ ච නවා භික්ඛූ ථෙරෙහි භික්ඛූහි ඔවදියමානා අනුසාසියමානා උළාරං පුබ්බෙනාපරං විසෙසං පජානන්ති.
“භාග්‍යවතුන් වහන්සේ එ සැවැත්හි මැ කුමුදු ඇති ඉල්පොහොය දක්වා බලන සේක් ලැ” යි දනව්වැසි සඟහු ඇසූහු මැ ය. ඒ දනව්වැසි භික්ෂූහු බුදුන් දක්නට පැමිණෙත්. ඒ තෙර මහණහු වැඩි පමණින් නවක පැවිද්දන්ට අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් දසදෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් සතලිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙත්. තෙරමහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්ෂූහු පූර්ව විශේෂයට වඩා අපර වූ ශ්‍රෝතාපත්ති ආදි උදාර විශේෂය වෙසෙසින් දනිත්.
තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පන්නරසෙ කොමුදියා චාතුමාසිනියා පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි: අපලාපායං භික්ඛවෙ, පරිසා. නිප්පලාපායං භික්ඛවෙ, පරිසා සුද්ධා සාරෙ පතිට්ඨිතා. තථාරූපො අයං භික්ඛවෙ, භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ, පරිසා. යථාරූපා පරිසා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. තථාරූපො අයං භික්ඛවෙ, භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ, පරිසා. යථාරූපාය පරිසාය අප්පං දින්නං බහුං හොති, බහුං දින්නං බහුතරං. තථාරූපො අයං භික්ඛවෙ, භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ, පරිසා. යථාරූපා පරිසා දුල්ලභා දස්සනාය ලොකස්ස. තථාරූපො අයං භික්ඛවෙ, භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ, පරිසා. යථාරූපං පරිසං අලං යොජනගණනානි දස්සනාය ගන්තුං පුටොසෙනාපි.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදින පොහොලත් පණුරැස කුමුදු පිපි ඉල් පුණු පොහෝදා රැය බික්සඟන විසින් පිරිවරන ලදු ව අබවස හුන් සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් බික්සඟන දැක ඒ සඟුන් ඇමතූ සේක. “මහණෙනි, මේ භික්ෂුපර්ෂත් නො සිස් යැ. මහණෙනි, මේ භික්ෂූ පර්ෂත් නිෂ්ප්‍රලාප යැ, ශුද්ධ යැ, අධිගමසාරයෙහි පිහිටි යැ. සම්බුදු පිරිසෙක් ආහුනෙය්‍ය වේ ද, පාහුනෙය්‍ය වේ ද, දක්ඛිණෙය්‍ය වේ ද, අඤ්ජලිකරණීය වේ ද, ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ද, මහණෙනි මේ භික්ෂු සංඝ තෙමේ එබඳු යැ. මහණෙනි, මේ පිරිස එබඳු යැ යම්බඳු පිරිසක් කෙරෙහි දුන් ඇලුප් දනෙක් බොහෝ වේ ද, දුන් බොහෝ දනෙක් ඉබොහෝ වේ ද, මහණෙනි, මේ භික්ෂූ සඞ්ඝ එබඳු යැ, මහණෙනි, මේ පිරිස එබඳු යැ. යම්බඳු පිරිසෙක් ලෝකයා ගේ දර්ශනයට දුර්ලභ වේ ද, මහණෙනි, මේ භික්ෂූසංඝ එබඳු යැ. මහණෙනි, මේ පර්ෂත් එබඳු යැ. යම්බඳු පිරිසක් දක්නට යොදුන් දහසකුදු වුව මාර්ගෝපකරණ ගෙනත් යන්නට නිසි වේ ද, මහණෙනි, මේ බික්සඟහු එබන්දහ, මේ පර්ෂත් එබඳු වෙතී’ වදාළෝ.
සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤා විමුත්තා, එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා, එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා, එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ.
මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අර්හත් ක්ෂීණාස්රව වූ වුසූ මඟබඹසර ඇති කළ කරණී ඇති තැබූ කෙලෙස්බර ඇති පැමිණි සදර්‍ත්‍ථ ඇති ක්ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන විමුක්ත වූ මහණහු ඇත. මෙබඳු රහත් මහණහු ද බික්සඟුන් කෙරෙහි ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චෝරම්භාගිය සංයෝජන යන් ක්ෂය වීමෙන් ඕපපාතික වූ එහි මැ පිරිනිවෙනසුලු ඒ ශුද්ධාවාසලෝකයෙන් පෙරළා නො එන සැහැවි ඇති භික්ෂූහු වෙති. මහණෙනි, බික්සඟුන් කෙරෙහි මෙබඳු වූ අනාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්‍රිවිධ සංයෝජනයන් ගේ පරික්ෂය හේතුයෙන් රාග ද්වේෂ මෝහයන් ගේ තානවයෙන් සකෘදාගාමී ව වරෙක මැ මෙලොවට අවුත් දුක් කෙළෙවර කරන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සකෘදාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්‍රිවිධ සංයෝජනයන් ගේ පරික්ෂය හේතුයෙන් ශ්‍රෝතාපන්න ව අවිනිපාත ස්වභාව ඇති ව නියත ව සම්බෝධිපරායණ වූ සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ශ්‍රෝතාපන්න භික්ෂූහු ද ඇත්තාහ.
සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ චතුන්නං සතිපට්ඨානානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති, එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, චතුන්නං සම්මප්පධානානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති, එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, පඤ්චන්නං බලානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි, භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ.
මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සීවටන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සතිපට්ඨාන භාවනානු යොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සම්‍යක් ප්රධානවීර්ය්ය පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මහණහු දු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර ඍද්ධිපාදයන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඍද්ධිපාද භාවනානුයෝගී මහණහු දු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්‍රකාර ඉන්ද්රියභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඉන්ද්රිය භාවනානුයෝගී මහණහුද වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්‍රකාර බලභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බලභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සප්තබෝධ්‍යංග භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බෝධ්යඞගභාවනානුයෝගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අරිඅටඟිමඟ පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මාර්ගභාවනානුයොගී මහණහුදු වෙත්.
සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ මෙත්තාභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, කරුණාභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, මුදිතාභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, උපෙක්ඛාභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, අසුභභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, අනිච්චසඤ්ඤාභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි, භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ.
මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙත්තාභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මෙත්තාභාවනානුයොගී මහණහු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි කරුණාභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් කරුණානුභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මුදිතාභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මුදිතාභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි උපේක්ෂා භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් උපේක්ෂාභාවනානු යොගී මහණහුදු වෙත්. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අශුභභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අශුභභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අනිත්‍යසංඥා භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අනිත්‍යභාවනානු යොගී මහණහුදු වෙත්.
සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ ආනාපානසති භාවනානුයොගමනුයුත්තා විහරන්ති. ආනාපානසති භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. ආනාපානසති භික්ඛවෙ, භාවිතා බහුලීකතා චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති. චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති. සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති.
මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ආනාපන්සී භාවනානුයෝගයෙහි යෙදී වසන මහණහු ඇත. මහණෙනි, භාවිත බහුලීකෘත ආනාපන්සී භාවනා මහත්ඵල මහානිශංස වෙයි. මහණෙනි, භාවිත බහුලීකෘත ආනාපන්සී සතර සීවටන් සපුරාලයි. භාවිත බහුලීකෘත සතර සීවටන්හු සප්තබෝධ්යඞ්යන් සපුරාලති. භාවිත බහුලීකෘත සප්ත බෝධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති සපුරලත්.
කථං භාවිතා ච භික්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති සතො පස්සසති.
මහණෙනි, කිසෙයින් භාවිත කිසෙයින් බහුලීකෘත අනාපන්සී මහත්ඵල මහානිශංස වේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වේවයි වෘක්‍ෂමූලගත වේවයි ශුන්‍යාගාරගත වේවයි පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කමටහන් අභිමුඛ කොට එළවා හිඳී. හේ සිහි ඇති ව ම ආශ්වාස කෙරෙයි, සිහි ඇති ව ප්රාශ්වාස කෙරෙයි.
දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.
දීර්ඝ කොට හෝ ආශ්වාස කරනුයේ ‘දීර්ඝ කොට අසස් කරමී’ නුවණින් දනී. දීර්ඝ කොට හෝ ප්‍රශ්වාස කරනුයේ ‘දීර්ඝ කොට පසස් කරමී’ නුවණින් දනී. හ්‍රස්ව කොට හෝ ආශ්වාස කරනුයේ හ්‍රස්ව කොට අසස් කරමී’ නුවණින් දනී. හ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරනුයේ හ්‍රස්ව කොට පසස් කරමී’ නුවණින් දනී. සර්‍වකායප්‍රතිසංවේදී ව අසස් කරමී හික්මෙයි. සර්‍වකායප්‍රතිසංවේදී ව පසස් කරමී’ හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් අසස් කරමී හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් පසස් කරමී හික්මෙයි.
පීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති.
ප්‍රීති ප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී හික්මෙයි. ප්‍රීති ප්‍රතිසංවේදී ව ප්රාශ්වාස කරමී හික්මෙයි. සුඛ ප්‍රතිසංවේදී ව අසස් කරමී’ හික්මෙයි. සුඛ ප්‍රතිසංවේදී ව පසස් කරමී, හික්මෙයි. චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව අසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව පසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර සන්හිඳුවමින් අසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර සන්හිඳුවමින් පසස් කරමී හික්මෙයි. චිත්තප්‍රතිසංවේදී ව අසස් කරමී හික්මෙයි. චිත්තප්‍රතිසංවේදී ව පසස් කරමී හික්මෙයි. චිත්තය වෙසෙසින් ප්‍රමෝද කරමින් අසස් කරමී හික්මෙයි. චිත්තය වෙසෙසින් ප්‍රමෝද කරමින් පසස් කරමී හික්මෙයි. චිත්තය සමාධාන කරමින් අසස් කරමී’ හික්මෙයි. චිත්තය සමාධාන කරමින් කරමින් පසස් කරමී’ හික්මෙයි. චිත්තය වීමුඤ්චන කරමින් අසස් කරමී’ හික්මෙයි. චිත්තය වීමුඤ්චන කරමින් පසස් කරමී’ හික්මෙයි.
අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතා ඛො භික්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා.
අනිත්‍ය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. අනිත්‍ය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. විරාගය අනුව නුවණින් අසස් කරමී හික්මෙයි. විරාගය අනුව නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. නිරෝධය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. නිරෝධය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. පටිනිස්සජනය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. පටිනිස්සජනය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. මහණෙනි, මෙසේ භාවිත බහුලීකෘත වූ ආනාපන්සී භාවනාව මහත් ඵල මහානිශංස වෙයි.
කථං භාවිතා ච භික්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති: යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. කායෙ කායානුපස්සී භික්ඛවෙ, තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. කායෙසු කායඤ්ඤතරාහං භික්ඛවෙ, එවං වදාමි: යදිදං අස්සාසපස්සාසා. තස්මාතිහ භික්ඛවෙ, කායෙ කායානුපස්සී තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
තවද මහණෙනි, කිසෙයින් භාවිත කිසෙයින් බහුලීකෘත ආනාපන්සී සතර සීවටන් පරිපූර්ණ කෙරෙයි යත්: මහණෙනි, යම් කලෙක මහණ දීර්ඝ කොට හෝ අසස් කරනුයේ ‘දීර්ඝ කොට අසස් කරමී’ දැනගනීද, දීර්ඝ කොට හෝ පසස් කරනුයේ ‘දීර්ඝ කොට පසස් කරමී’ දැනගනීද, හ්‍රස්ව කොට හෝ අසස් කරනුයේ ‘හ්‍රස්ව කොට අසස් කරමී’ දැනගනීද, හ්‍රස්ව කොට හෝ පසස් කරනුයේ ‘හ්‍රස්ව කොට පසස් කරමී’ දැනගනීද, ‘සර්වකාය ප්‍රතිසංවේදී ව ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘සර්වකාය ප්‍රතිසංවේදී ව ප්රාශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාර සන්හිඳුවමින් ප්රාශ්වාස කරන්නෙමී’ හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ කයෙහි කායානුදර්ශී ව කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව කායසඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යා දෞර්මනස්යය දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් ආශ්වාස ප්රාශ්වාස කෙනෙක් ඇද්ද, එය පෘථිව්‍යාදී චතුර්විධ කායයන් කෙරෙහි කායාන්‍යතරයක් කොට මම මෙසේ කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා එසමයෙහි මහණ කයෙහි කායානුදර්ශී ව ආතාපී ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව කායලෝකයෙහි අභිධ්‍යා දෞර්මනස්යය දුරු කොට වාසය කෙරෙයි.
යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු පීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. වෙදනාසු වෙදනානුපස්සී භික්ඛවෙ, තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනාඤ්ඤතරාහං භික්ඛවෙ, එවං වදාමි: යදිදං අස්සාසපස්සාසානං සාධුකං මනසිකාරං. තස්මාතිහ භික්ඛවෙ, වෙදනාසු වෙදනානුපස්සී තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
මහණෙනි, යම් කලෙක මහණ ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මේද, ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ප්රාශ්වාස කරමී’ හික්මේද, ‘සුඛප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මෙයි. ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ප්රාශ්වාස කරමී’ හික්මේද, ‘සුඛප්‍රතිසංවේදීව ප්‍රශ්වාස කරමී’ හික්මේ ද, ‘චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව ප්රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්රාශ්වාස කරමී’ හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ වේදනායෙහි වේදනා නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යා දෞර්මනස්ය දුරු කොට වාසය කෙරෙයි. යම් ආශ්වාස ප්‍රාශ්වාසයන් පිළිබඳ සුන්දර මනසිකාරයෙක් වේ ද, මම මෙසේ වේදනාවන් කෙරෙහි එය අන්‍යතරයෙකි’යි කියමි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ වේදනායෙහි වේදනා නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්ධ ලෝකයෙහි අභිධ්‍යා දෞර්මනස්ය දුරු කොට වාස කරන්නේ වෙයි.
යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තෙ චිත්තානුපස්සී භික්ඛවෙ, තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. නාහං භික්ඛවෙ, මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානසතිභාවනං වදාමි. තස්මාතිහ භික්ඛවෙ, චිත්තෙ චිත්තානුපස්සී තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
මහණෙනි, යම් කලෙක මහණ ‘චිත්තප්‍රතිසංවේදී ව ආශ්වාස කෙරෙමී’ හික්මේද, ‘චිත්තප්‍රතිසංවේදී ව ප්රාශ්වාස කෙරෙමී’ හික්මේද, ‘චිත්තය ප්‍රමෝද කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය ප්‍රමෝද කරමින් ප්රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය සමාධාන කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය සමාධාන කරමින් කරමින් ප්රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය විමුඤ්චන කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය විමුඤ්චන කරමින් ප්රාශ්වාස කරමී’ හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ චිත්තයෙහි චිත්තය නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්ධ ලෝකයෙහි අභිධ්යාදෞර්මනස්ය පහා වාස කෙරෙයි. මහණෙනි, මම මුෂිත ස්මෘති ඇති සම්ප්‍රඥාන නැතියහුට අනාපන්සී භවුන් නො වදාරමි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ චිත්තයෙහි චිත්තය නුවණින් දක්නේ ආතාප ඇති වැ සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති වැ ස්කන්ධලෝකයෙහි අභිධ්යාදෞර්මනස්ය පහා වාස කරන්නේ වෙයි.
යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, නිරොධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. ධම්මෙසු ධම්මානුපස්සී භික්ඛවෙ, තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො යං තං අභිජ්ඣාදොමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. තස්මාතිහ භික්ඛවෙ, ධම්මෙසු ධම්මානුපස්සී තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං භාවිතා ඛො භික්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති.
මහණෙනි, යම් කලෙක මහණ අනිත්‍යානුදර්ශී වූයේ ආශ්වාස කෙරෙමී හික්මේද, අනිත්‍යානුදර්ශී වූයේ ප්රාශ්වාස කෙරෙමී හික්මේද, විරාගය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, විරාගය නුවණින් දක්නේ ප්රාශ්වාස කෙරෙමී හික්මේද, නිරෝධය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, නිරෝධය නුවණින් දක්නෙම් ප්රාශ්වාස කෙරෙමී හික්මේද, පටිනිස්සජනය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, පටිනිස්සජනය නුවණින් දක්නේ ප්රාශ්වාස කෙරෙමී හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ ධර්මයෙහි ධර්මය නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධ ලෝකයෙහි අභිධ්යාදෞර්මනස්ය පහා වාස කෙරෙයි. හේ අභිධ්‍යා දෞර්මනස්යයන් පිළිබඳ යම් ඒ ප්‍රහාණයෙක් වේ ද, ඒ ප්‍රඥායෙන් දැක මනා කොට එහි ආලම්බනඅධ්යූපේක්ෂායෙන් උපෙක්ෂණ කරනුයේ වෙයි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ ධර්මයෙහි ධර්මය අනුව නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධලෝකයෙහි අභිධ්‍යා දෞර්මනස්ය දුරු කොට වාස කරනුයේ නම් වෙයි. මහණෙනි, මෙසේ භාවිත බහුලීකෘත අනාපන්සී සතර සීවටන් සපුරනු වේ.
කථං භාවිතා ච භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා කථං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති: යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. උපට්ඨිතස්ස තස්මිං සමයෙ සති හොති අසම්මුට්ඨා. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො උපට්ඨිතා සති හොති අසම්මුට්ඨා, සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
මහණෙනි, කෙසේ භාවිත වූ කෙසේ බහුලීකෘත වූ සතර සීවටන්හු සප්ත බෝධ්‍යඞ්ගයන් සපුරාලත් ද යත්: මහණෙනි, යම් කලෙක මහණ කයෙහි කය නුවණින් දක්නේ ආතාප ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධලෝකයෙහි අභිධ්‍යා දෞර්මනස්ය දුරු කොට වාසය කෙරේ ද, එසමයෙහි ඔහුට ස්මෘතිය එළඹ සිටියා වෙයි, මුෂිත නො වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, එසමයෙහි මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.
සො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති, පවිචයති, පරිවීමංසං ආපජ්ජති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති, පවිචයති, පරිවීමංසං ආපජ්ජති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
ඒ මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් (අනිත්‍යාදි වශයෙන්) විචින්වන කෙරෙයි, ප්‍රවිචය කෙරෙයි, ප්රකර්ෂ මීමාංසාවට එළඹෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් විචින්වන කෙරේද, ප්‍රවිචය කෙරේද, මීමාංසාවට එළඹේ ද, එසමයෙහි ඒ මහණහට ධර්මවිචය සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ධර්මවිචය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට ධර්මවිචය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.
තස්ස තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචයතො පරිවීමංසං ආපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචයතො පරිවීමංසං ආපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං, විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. විරියසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
ඒ දහම ප්‍රඥායෙන් ප්‍රවිචින්වන කරන ප්‍රවිචය කරන පරිවිමාංසාවට පැමිණෙන ඒ මහණ හට අසංලීන වීර්‍ය්‍යය ආරබ්ධ වෙයි. මහණෙනි, යම් කලෙක ඒ දහම ප්‍රඥායෙන් ප්‍රවිචින්වන ප්‍රවිචය කරන විමසීමට පැමිණෙන ඒ මහණහට අසංලීන වීර්‍ය්‍යය ආරබ්ධ වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය පටන්ගන්නා ලද වෙයි. එසමයෙහි ඒ මහණ වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.
ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීතිනිරාමිසා, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පීතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
රුකුළු වැර ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීති උපදී. මහණෙනි, යම් කලෙක රුකුළු වැර ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීති උපදී ද, එසමයෙහි ඒ මහණහට ප්‍රීති සම්බෝධ්‍යඞ්ග ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ප්‍රීති සම්බෝධ්‍යඞ්ග වඩයි. එසමයෙහි ඒ මහණහු ගේ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.
පීතිමනස්ස කායොපි පස්සම්භති. චිත්තම්පි පස්සම්භති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පීතිමනස්ස කායොපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
ප්‍රීති සිත් ඇති ඒ මහණහු ගේ නාමකය ද සන්හිඳෙයි, සිතද සන්හිඳෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති ඒ මහණහුගේ නාමකයත් සන්හිඳේද, සිතත් සන්හිඳේද, එසමයෙහි ඒ මහණහු විසින් ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.
පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සමාධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
සන්හුන් නාමකය ඇති සුඛිත මහණහු ගේ චිත්තය සමාධි ගත වෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රශ්‍රබ්ධ කාය ඇති සුඛිත මහණහු ගේ චිත්තය සමාධි ගත වේ ද, එසමයෙහි ඒ මහණහට සමාධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ සමාධි සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ සමාධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.
සො තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
හේ එසේ සමාධිගත චිත්තය මනා කොට (ආලම්බනඅධ්යුපේක්ෂායෙන්) අධ්යුපේක්ෂණ කරනු වෙයි. මහණෙනි, යම් කලෙක ඒ මහණ සමාධිගත චිත්තය මනාකොට අධ්යුපේක්ෂණ කරනු වේ ද, එසමයෙහි ඒ මහණහට උපේක්ෂා සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ උපේක්ෂා සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ උපේක්ෂා සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.
යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං උපට්ඨිතස්ස තස්මිං සමයෙ සති හොති අසම්මුට්ඨා. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො උපට්ඨිතා සති හොති අසම්මුට්ඨා, සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
මහණෙනි, යම් කලෙක මහණ වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්මයෙහි ධර්මය දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධ ලෝකයෙහි අභිධ්‍යා දෞර්මනස්ය දුරු කොට වාසය කෙරේ ද, එසමයෙහි ඔහුගේ සිහිය එළැඹ සිටියා වෙයි, නුමුළා වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට ස්මෘතිය එළැඹ සිටියා වේ ද, නුමුළා වේ ද එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි මහණහු ගේ ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණ භාවයට යෙයි.
සො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති, පවිචයති, පරිවීමංසං ආපජ්ජති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති, පවිචයති, පරිවීමංසං ආපජ්ජති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
හේ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් සොයයි, වෙසෙසින් සොයයි, විමසීමට පැමිණෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් සොයාද, වෙසෙසින් සොයාද, හැමසේ විමසීමට පැමිණේ ද, එසමයෙහි ඒ මහණහට ධර්මවිචය සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ධර්මවිචය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ ධර්මවිචය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.
තස්ස තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචයතො පරිවීමංසං ආපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචයතො පරිවීමංසං ආපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං, විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. විරියසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
ඒ දහම ප්‍රඥායෙන් සොයන වෙසෙසින් සොයන හැමසේ විමසීමට පැමිණි ඒ මහණ විසින් වීර්‍ය්‍යය ආරබ්ධ වෙයි. වැර අසංලීන වෙයි. මහණෙනි, යම් කලෙක ඒ දහම ප්‍රඥායෙන් සොයන ප්‍රවිචය කරන මීමාංසාවට පැමිණෙන ඒ මහණහට වීර්‍ය්‍යය ආරබ්ධ වේ ද, ඒ වැර වැර අසංලීන වේද, එසමයෙහි ඒ මහණහට වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.
ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පීතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
ආරබ්ධ වීර්‍ය්‍ය ඇති මහණහට නිරාමිස ප්‍රීතිය උපදී. මහණෙනි, යම් කලෙක ආරබ්ධ වීර්‍ය්‍ය ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීතිය උපදී ද, එසමයෙහි ඒ මහණහට ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි මහණ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහු ගේ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් වැඩීමට යෙයි.
පීතිමනස්ස කායොපි පස්සම්භති චිත්තම්පි පස්සම්භති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පීතිමනස්ස කායොපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො ආරද්ධො හොති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
ප්‍රීති සිත් ඇත්තහුගේ කය ද සන්හිඳෙයි, සිතද සන්හිඳෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයත් සන් හිඳේ ද, සිතත් සන් හිඳේ ද, මහණෙනි, එසමයෙහි මහණහු විසින් ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි මහණ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි මහණහට ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණ භාවයට යෙයි.
පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සමාධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
සන්හුන් කය ඇති එහෙයින්ම සුඛිත වූවහු ගේ සිත සමාධි ගත වෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රශ්‍රබ්ධ කය ඇති සුඛිත වූ මහණහු ගේ සිත එකඟ වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් සමාධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ සමාධි සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට සමාධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.
සො තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
හේ එසේ සමාහිත චිත්තය මනා කොට අධ්යුපේක්ෂණ කරනු වෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ සමාධිගත වූ චිත්තය අධ්යුපේක්ෂණ කරනු වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් උපේක්ෂා සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වූයේ වෙයි. එසමයෙහි මහණ උපේක්ෂා සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට උපේක්ෂා සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.
එවං භාවිතා ඛො භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා එවං බහුලීකතා සත්ත සම්බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති.
මහණෙනි, මෙපරිද්දෙන් වඩන ලද මෙපරිද්දෙන් බහුලීකෘත වූ සතර සීවටන්හු සප්ත බෝධ්‍යඞ්ගයන් පරිපූර්ණ කෙරෙත්.
කථං භාවිතා ච භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං.
තවද මහණෙනි, කිසෙයින් වඩන ලද කිසෙයින් බහුලීකෘත සප්ත බෝධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති පරිපූර්ණ කෙරෙති යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිශ්ශ්‍රිත විරාගනිශ්ශ්‍රිත නිරෝධනිශ්ශ්‍රිත වොසග්ගයට පිරිනැමුණු ස්මෘති සම්බෝධ්‍යඞ්ගය වඩයි....... ධර්මවිචය සම්බෝධ්‍යඞ්ගය වඩයි....... වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය වඩයි....... ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය වඩයි....... විවේකනිශ්ශ්‍රිත විරාගනිශ්ශ්‍රිත නිරෝධනිශ්ශ්‍රිත වොසග්ගයට පිරිනැමුණු උපේක්ෂා සම්බෝධ්‍යඞ්ගය වඩයි.
එවං භාවිතා ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තීති.
මහණෙනි, මෙසේ භාවිත වූ බහුලීකෘත වූ සප්ත බෝධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති පරිපූර්ණ කෙරෙත්.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මේ ආනාපානසති සුත වදාළ සේක. ආත්තමනසක් වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු යයි.
ආනාපානසති සුත්තං අට්ඨමං.
අටවැනි ආනාපානසති සූත්‍ර යි.