යෙදුමෙන් කියවන්න

චූළපුණ‍්ණම සුත‍්තං

3. 1. 10.

3. 1. 10.

චූළපුණ‍්ණම සුත‍්තං

චූළපුණ්ණම සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පණ‍්ණරසෙ පුණ‍්ණාය පුණ‍්ණමාය රත‍්තියා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො අබ‍්භොකාසෙ නිසින‍්නො හොති. අථ ඛො භගවා තුණ‍්හීභූතං තුණ‍්හීභූතං භික‍්ඛුසඞ‍්ඝං අනුවිලොකෙත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමා පායෙහි වැඩවසන සේක. තවද, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පණුරැසි පොහොයෙහි කලා පිරුණු මැදි පොහොයැ රාත්‍රියෙහි භික්‍ෂු සංඝයා විසින් පිරිවරනලද සේක් නිහඬව වැඩහුන් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව හුන් භික්‍ෂුසංඝයා බලා භික්‍ෂූන් ඇමතූ සේක:

ජානෙය්‍ය නු ඛො භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසං, ‘අසප‍්පුරිසො අයං භව’න‍්ති.

මහණෙනි, අසත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේදැ’ යි.

නො හෙතං, භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ’ යි.

සාධු භික‍්ඛවෙ, අට‍්ඨානමෙතං භික‍්ඛවෙ, අනවකාසො යං අසප‍්පුරිසො අසප‍්පුරිසං ජානෙය්‍ය, ‘අසප‍්පුරිසො අයං භව’න‍්ති.

මැනැව මහණෙනි, යම් කරුණෙකින් අසත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ ද, මහණෙනි, තෙල අකාරණ යැ, අනවකාශ යි.

ජානෙය්‍ය පන භික‍්ඛවෙ, අසප‍්පුරිසො සප‍්පුරිසං, ‘සප‍්පුරිසො අයං භව’න‍්ති.

යළි මහණෙනි, අසත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේදැ’ යි.

නො හෙතං, භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැ’ යි.

සාධු භික‍්ඛවෙ, එතම‍්පි ඛො භික‍්ඛවෙ, අට‍්ඨානං අනවකාසො, යං අසප‍්පුරිසො සප‍්පුරිසං ජානෙය්‍ය ‘සප‍්පුරිසො අයං භව’න‍්ති.

මැනැව මහණෙනි, යම් කරුණෙකින් අසත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේ ද, මහණෙනි, තෙල දු අකාරණ යැ, අනවකාශ යි.

අසප‍්පුරිසො භික‍්ඛවෙ අසද‍්ධම‍්මසමන‍්නාගතො හොති, අසප‍්පුරිසභත‍්තී හොති, අසප‍්පුරිසචින‍්තී හොති, අසප‍්පුරිසමන‍්තී හොති, අසප‍්පුරිසවාචො හොති, අසප‍්පුරිසකම‍්මන‍්තො හොති, අසප‍්පුරිසදිට‍්ඨී හොති, අසප‍්පුරිසදානං දෙති.

මහණෙනි, අසත්පුරුෂ පාප (අසද්) ධර්‍මයෙන් යුක්ත වූයේ වෙයි, අසත්පුරුෂයන් සෙවුනේ වෙයි, අසත්පුරුෂචින්තායෙන් සිතන්නේ වෙයි, අසත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි, අසත්පුරුෂ බස් බණන්නේ වෙයි, අසත්පුරුෂකම් කරනුයේ වෙයි, අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි, අසත්පුරුෂ දන් දෙනුයේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසද‍්ධම‍්මසමන‍්නාගතො හොති: ඉධ භික‍්ඛවෙ, අසප‍්පුරිසො අස‍්සද‍්ධො හොති, අහිරිකො හොති, අනොත‍්තප‍්පී හොති, අප‍්පස‍්සුතො හොති, කුසීතො හොති, මුට‍්ඨස‍්සති හොති, දුප‍්පඤ‍්ඤො හොති. එවං ඛො, භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසද‍්ධම‍්මසමන‍්නාගතො හොති.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂධර්‍මසමන්‍වාගත වෙයි යත්: මහණෙනි මෙලොවැ අසත්පුරුෂ ශ්‍රද්ධා නැතියේ වෙයි, (පාපයෙහි) ලජ්ජා නැතියේ වෙයි, භය නැතියේ වෙයි, අල්පශ්‍රැත වෙයි, කුසීත වෙයි, මුළාසිහි ඇතියේ වෙයි, දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසද්ධර්‍මසමන්‍වාගත වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසභත‍්තී හොති: ඉධ භික‍්ඛවෙ, අසප‍්පුරිසස‍්ස යෙ තෙ සමණබ්‍රාහ‍්මණා අස‍්සද‍්ධා අහිරිකා අනොත‍්තප‍්පිනො අප‍්පස‍්සුතා කුසීතා මුට‍්ඨස‍්සතිනො දුප‍්පඤ‍්ඤා ත්‍යාස‍්ස මිත‍්තා හොන‍්ති තෙ සහායා. එවං ඛො, භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසභත‍්තී හොති.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂයන් සෙවුනේ වෙයි යත්: මහණෙනි මෙලොවැ අසත්පුරුෂ හට ශ්‍රද්ධා නැති ලජ්ජා නැති බිය නැති අල්පශ්‍රැත වූ, කුසීත වූ, මූඪස්මෘති ඇති දුෂ්ප්‍රාඥ වූ යම් මහණ බමුණු කෙනෙක් වෙද්ද, ඔවුහු මිත්‍ර වෙති, ඔවුහු සහායයෝ වෙත්. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂයන් සෙවුනේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසචින‍්තී හොති: ඉධ භික‍්ඛවෙ, අසප‍්පුරිසො අත‍්තව්‍යාබාධායපි චෙතෙති, පරව්‍යාබාධායපි චෙතෙති, උභයව්‍යාබාධායපි චෙතෙති. එවං ඛො, භික‍්ඛවෙ අසප‍්පුරිසො අසප‍්පුරිසචින‍්තී හොති.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂචින්තී වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ තමහට දුක් පිණිස ද සිතයි. මෙරමාහට දුක් පිණිස ද සිතයි, තමා හා පරහට දුක් පිණිස ද සිතයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ සිතුවිලි සිතනුයේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසමන‍්තී හොති: ඉධ භික‍්ඛවෙ, අසප‍්පුරිසො අත‍්තව්‍යාබාධායපි මන‍්තෙති, පරව්‍යාබාධායපි මන‍්තෙති, උභයව්‍යාබාධායපි මන‍්තෙති. එවං ඛො භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසමන‍්තී හොති.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ ආත්මපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි. පරපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි, උභයපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසවාචො හොති: ඉධ භික‍්ඛවෙ, අසප‍්පුරිසො මුසාවාදී හොති. පිසුණවාචො හොති. ඵරුසවාචො හොති. සම‍්ඵප‍්පලාපී හොති. එවං ඛො භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසවාචො හොති.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂබස් බණන්නේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ මුසවා ඇතියේ වෙයි, පිසුනු බස් බණන්නේ වෙයි, පරොස් බස් බණනුයේ වෙයි, සිස්බස් බණනුයේ වෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ බස් බණන්නේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසකම‍්මන‍්තො හොති: ඉධ භික‍්ඛවෙ, අසප‍්පුරිසො පාණාතිපාතී හොති, අදින‍්නාදායී හොති, කාමෙසුමිච‍්ඡාචාරී හොති. එවං ඛො භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසකම‍්මන‍්තො හොති.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂකම් ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ ප්‍රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ කර්‍මාන්ත ඇතියේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසදිට‍්ඨී හොති : ඉධ භික‍්ඛවෙ, අසප‍්පුරිසො එවංදිට‍්ඨී හොති: ‘නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මා පටිපන‍්නා, යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී’ති. එවං ඛො භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසදිට‍්ඨී හොති.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදෘෂ්ටි ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දානයෙහි ඵල නැත, යාගයෙහි ඵල නැත, පුදන ලදුයෙහි ඵල නැත, කුශලාකුශලකර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, සැවැ උපදනා සත්ත්‍ව කෙනෙක් නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණු කෙනෙක් ලොව නැතැ’ යි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂදෘෂ්ටි ඇතියේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසදානං දෙති: ඉධ භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසක‍්කච‍්චං දානං දෙති, අසහත්‍ථා දානං දෙති, අචිත‍්තීකත්‍වා දානං දෙති, අපවිද‍්ධං දානං දෙති, අනාගමනදිට‍්ඨිකො දානං දෙති. එවං ඛො භික‍්ඛවෙ, අසප‍්පුරිසො අසප‍්පුරිසදානං දෙති.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදාන දෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ නො සකසා දන් දෙයි, සියතින් දන් නො දෙයි, (දෙය ධර්‍ම, පුද්ගලයන් කෙරෙහි) බුහුමන් නො කොට දන් දෙයි. බැහැරලන රිසි ඇති වැ (අපවිත්‍ර වැ) දන් දෙයි, විපාක ලැබෙයි යන දෘෂ්ටි නැති ව දන් දෙයි. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදානය දෙයි.

ස ඛො සො භික‍්ඛවෙ, අසප‍්පුරිසො එවං අසද‍්ධම‍්මසමන‍්නාගතො, එවං අසප‍්පුරිසභත‍්තී, එවං අසප‍්පුරිසචින‍්තී, එවං අසප‍්පුරිසමන‍්තී, එවං අසප‍්පුරිසවාචො, එවං අසප‍්පුරිසකම‍්මන‍්තො, එවං අසප‍්පුරිසදිට‍්ඨී, එවං අසප‍්පුරිසදානං දත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා යා අසප‍්පුරිසානං ගති, තත්‍ථ උප‍්පජ‍්ජති. කා ච භික‍්ඛවෙ, අසප‍්පුරිසානං ගති, නිරයො වා තිරච‍්ඡානයොනි වා.

මහණෙනි, තෙල අසත්පුරුෂ මෙසේ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ මෙසේ අසත්පුරුෂසේවන ඇතියේ මෙසේ අසත්පුරුෂචින්තා ඇතියේ මෙසේ අසත්පුරුෂමන්ත්‍රණ ඇතියේ මෙසේ අසත්පුරුෂ බස් ඇතියේ මෙසේ අසත්පුරුෂ කම් ඇතියේ මෙසේ අසත්පුරුෂ දෘෂ්ටි ඇතියේ මෙසේ අසත්පුරුෂ දන් දී කාබුන් මරණින් මත්තෙහි අසත්පුරුෂයන්ගේ යම් ගතියෙක් ඇද්ද, එහි උපදී. මහණෙනි, අසත්පුරුෂයන්ගේ ගති කවර යැ: නිරය හෝ තිරිසන් යෝනිය හෝ යි.

ජානෙය්‍ය නු ඛො භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසං ‘සප‍්පුරිසො අයං භව’න‍්ති.

මහණෙනි, සත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේ දැ’ යි.

එවං භන‍්තෙ.

එසේයැ, වහන්ස,

සාධු භික‍්ඛවෙ, ඨානමෙතං භික‍්ඛවෙ, විජ‍්ජති යං සප‍්පුරිසො සප‍්පුරිසං ජානෙය්‍ය ‘සප‍්පුරිසො අයං භව’න‍්ති.

මැනැව මහණෙනි, යම් කරුණෙකින් සත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේය යන මෙකරුණ වන්නේ යි.

ජානෙය්‍ය පන භික‍්ඛවෙ, සප‍්පුරිසො අසප‍්පුරිසං ‘අසප‍්පුරිසො අයං භව’න‍්ති.

යළි මහණෙනි, සත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ දැ’ යි.

එවං භන‍්තෙ.

එසේයැ, වහන්ස,

සාධු භික‍්ඛවෙ, එතම‍්පි ඛො භික‍්ඛවෙ, ඨානං විජ‍්ජති යං සප‍්පුරිසො අසප‍්පුරිසං ජානෙය්‍ය ‘අසප‍්පුරිසො අයං භව’න‍්ති.

මැනැව මහණෙනි, යම් කරුණෙකින් සත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ යි.

සප‍්පුරිසො භික‍්ඛවෙ, සද‍්ධම‍්මසමන‍්නාගතො හොති, සප‍්පුරිසභත‍්තී හොති, සප‍්පුරිසචින‍්තී හොති, සප‍්පුරිසමන‍්තී හොති, සප‍්පුරිසවාචො හොති, සප‍්පුරිසකම‍්මන‍්තො හොති, සප‍්පුරිසදිට‍්ඨී හොති, සප‍්පුරිසදානං දෙති.

මහණෙනි, සත්පුරුෂ සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි. සත්පුරුෂයන් සෙවුනේ වෙයි, සත්පුරුෂ සිතිවිලි සිතන්නේ වෙයි, සත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි. සත්පුරුෂ බස් ඇත්තේ වෙයි, සත්පුරුෂ ක්‍රියා ඇත්තේ වෙයි, සත්පුරුෂදෘෂ්ටි ඇත්තේ වෙයි, සත්පුරුෂදාන දෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ, සප‍්පුරිසො සද‍්ධම‍්මසමන‍්නාගතො හොති: ඉධ භික‍්ඛවෙ, සප‍්පුරිසො සද‍්ධො හොති, හිරිමා හොති, ඔත‍්තප‍්පී හොති, බහුස‍්සුතො හොති, ආරද‍්ධවිරියො හොති, උපට‍්ඨිතසතී හොති, පඤ‍්ඤවා හොති. එවං ඛො භික‍්ඛවෙ, සප‍්පුරිසො සද‍්ධම‍්මසමන‍්නාගතො හොති.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සද්ධර්‍මසමන්‍වාගත වෙයි යත්: මෙලොවැ සත්පුරුෂහට ශ්‍රද්ධා ඇත්තේ වෙයි, හ්‍රී ඇත්තේ වෙයි, අපත්‍රපා ඇත්තේ වෙයි, බහුශ්‍රුත වූයේ වෙයි. ආරබ්ධවීර්‍ය්‍යය වෙයි, එළැඹසිටි සිහි ඇත්තේ වෙයි, ප්‍රඥාවත් වෙයි. මෙසෙයින් මහණෙනි, සත්පුරුෂ සද්ධර්‍මසමන්‍වාගත වූයේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසභත‍්තී හොති: ඉධ භික‍්ඛවෙ, සප‍්පුරිසස‍්ස යෙ තෙ සමණබ්‍රාහ‍්මණා සද‍්ධා හිරිමන‍්තො ඔත‍්තප‍්පිනො බහුස‍්සුතා ආරද‍්ධවිරියා උපට‍්ඨිතසතිනො පඤ‍්ඤවන‍්තො, ත්‍යාස‍්ස මිත‍්තා හොන‍්ති තෙ සහායා. එවං ඛො භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසභත‍්තී හොති.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ සෙවුනේ වෙයි යත්: මෙලොවැ සත්පුරුෂහට යම් මහණ බමුණු කෙනෙක් ශ්‍රද්ධා ඇත්තාහු හ්‍රී ඇත්තාහු අපත්‍රපා ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ආරබ්ධවීර්‍ය්‍යය වූවාහු එළැඹසිටි සිහි ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු වෙත්ද ඔවුහු මිත්‍ර වෙති, ඔවුහු සහායයෝ වෙත්. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂයන් සෙවුනේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසචින‍්තී හොති: ඉධ භික‍්ඛවෙ, සප‍්පුරිසො නෙවත‍්තව්‍යාබාධාය චෙතෙති, න පරව්‍යාබාධාය චෙතෙති, න උභයව්‍යාබාධාය චෙතෙති. එවං ඛො භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසචින‍්තී හොති.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂචින්තා ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ආත්ම පීඩාව පිණිස නො මැ සිතයි, පරපීඩා පිණිස නො මැ සිතයි, උභයපීඩා පිණිස නො සිතයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂචින්තා ඇත්තේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසමන‍්තී හොති: ඉධ භික‍්ඛවෙ, සප‍්පුරිසො නෙවත‍්තව්‍යාබාධාය මන‍්තෙති, න පරව්‍යාබාධාය මන‍්තෙති, න උභයව්‍යාබාධාය මන‍්තෙති. එවං ඛො භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසමන‍්තී හොති.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ආත්මපීඩා පිණිස නො මැ මන්ත්‍රණ කෙරෙයි. පරපීඩා පිණිස මන්ත්‍රණ නො කෙරෙයි, උභයපීඩා පිණිස මන්ත්‍රණ නො කෙරෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසවාචො හොති: ඉධ භික‍්ඛවෙ, සප‍්පුරිසො මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසාය වාචාය පටිවිරතො හොති. සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති. එවං ඛො භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසවාචො හොති.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂවචන ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ මුසවායෙන් වැළකුණේ වෙයි, පිසුනු බසින් වැළකුණේ වෙයි, පරොස් බසින් වැළකුණේ වෙයි, සිස්බස් බිණීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ වචන ඇත්තේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසකම‍්මන‍්තො හොති: ඉධ භික‍්ඛවෙ, සප‍්පුරිසො පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති. එවං ඛො භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසකම‍්මන‍්තො හොති.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ කර්‍මාන්ත ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ප්‍රාණවධයෙන් වැළකුණේ වෙයි, අදත්තාදානයෙන් වැළකුණේ වෙයි, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ කර්‍මාන්ත ඇතියේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසදිට‍්ඨී හොති: ඉධ භික‍්ඛවෙ, සප‍්පුරිසො එවංදිට‍්ඨී හොති : ‘අත්‍ථි දින‍්නං, අත්‍ථි යිට‍්ඨං, අත්‍ථි හුතං, අත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, අත්‍ථි අයං ලොකො, අත්‍ථි පරො ලොකො, අත්‍ථි මාතා, අත්‍ථි පිතා, අත්‍ථි සත‍්තා ඔපපාතිකා, අත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී’ති. එවං ඛො, භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසදිට‍්ඨී හොති.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ දෘෂ්ටි ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දානයෙහි විපාක ඇත, යාගයෙහි විපාක ඇත, පූජායෙහි විපාක ඇත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත, (පර ලොවැ සිටියානට) මෙලොව ඇත, (මෙලොව සිටියානට) පරලොව ඇත, මවු (මාතෘ උපස්ථානයෙහි විපාක) ඇත, පියා ඇත, ඕපපාතික ව උපදනා සත්ත්‍වයෝ ඇත, ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණෝ ඇතැ’ යි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂදෘෂ්ටි ඇත්තේ වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසදානං දෙති: ඉධ භික‍්ඛවෙ, සප‍්පුරිසො සක‍්කච‍්චං දානං දෙති, සහත්‍ථා දානං දෙති, චිත‍්තීකත්‍වා දානං දෙති, පරිසුද‍්ධං දානං දෙති, ආගමනදිට‍්ඨිකො දානං දෙති. එවං ඛො භික‍්ඛවෙ, සප‍්පුරිසො සප‍්පුරිසදානං දෙති.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂදාන දෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂයා සකසා දන් දෙයි, සියතින් දන් දෙයි, සිතින් බුහුමන් කොට දන් දෙයි. විපාක ලැබෙයි යන දෘෂ්ටි ඇති ව දන් දෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂදාන දෙයි.

ස ඛො සො භික‍්ඛවෙ, සප‍්පුරිසො එවං සද‍්ධම‍්මසමන‍්නාගතො, එවං සප‍්පුරිසභත‍්තී, එවං සප‍්පුරිසචින‍්තී, එවං සප‍්පුරිසමන‍්තී, එවං සප‍්පුරිසවාචො, එවං සප‍්පුරිසකම‍්මන‍්තො, එවං සප‍්පුරිසදිට‍්ඨී, එවං සප‍්පුරිසදානං දත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා යා සප‍්පුරිසානං ගති, තත්‍ථ උප‍්පජ‍්ජති. කා ච භික‍්ඛවෙ, සප‍්පුරිසානං ගති. දෙවමහත‍්තතා වා මනුස‍්සමහත‍්තතා වාති.

මහණෙනි, තෙල සත්පුරුෂ මෙසේ සද්ධර්‍මසමන්‍වාගත වූයේ මෙසේ සත්පුරුෂයන් සෙවුනේ මෙසේ සත්පුරුෂචින්තා ඇතියේ මෙසේ සත්පුරුෂමන්ත්‍රණ ඇතියේ මෙසේ සත්පුරුෂ බස් ඇතියේ මෙසේ සත්පුරුෂකර්‍මාන්ත ඇතියේ මෙසේ සත්පුරුෂදෘෂ්ටි ඇතියේ මෙසේ සත්පුරුෂදාන දී කාබුන් මරණින් මත්තෙහි සත්පුරුෂයන් ගේ යම් ගතියෙක් ඇද්ද, එහි උපදනේය. මහණෙනි, සත්පුරුෂයන්ගේ ගති කවර යත්: ෂට්කාමාවචර දේව සංඛ්‍යාත දේවමහත්‍වය හෝ මනුෂ්‍යමහත්‍වය හෝ යි.

ඉදමවොච භගවා, අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ සුත වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළාහ ‘යි.

චූළපුණ‍්ණමසුත‍්තං දසමං.

දසවැනි චූළපුණ්ණම සූත්‍ර යි.

දෙවදහවග‍්ගො පඨමො.

පළමුවන දෙවදහ වර්‍ගය නිමි.

තස‍්ස වග‍්ගස‍්ස උද‍්දානං

දෙවදහවර්ගයේ උද්දානය:

දෙවදහං පඤ‍්චත‍්තය කින‍්ති සාම සුනක‍්ඛත‍්ත සප‍්පායා ගණකො ගොපක පුණ‍්ණකා ද‍්වෙ ඉති පඨමො අසමො වරවග‍්ගො.

දෙවදහ නම් ශාක්‍යනිගමය නිසා වැඩවෙසෙමින් වදාළ දේවදහ සූත්‍රය ද, සංඥා ආදී ත්‍රිකය උච්ඡෙද දෘෂ්ටධර්මනිර්‍වාණ හා පඤ්චකය ගෙන “ඉති ඉමානි පඤ්ච හුත්වා තීණී හොන්ති, තීණී හුත්වා පඤ්ච හොන්ති” යි පඤ්චත්‍රය උද්දේස කොට වදාළ පඤ්චත්තය සූත්‍රය හා “කින්ති වො භික්ඛවෙ” යනාදීන් ආරබ්ධකින්ති සූත්‍රය ද, සාමග්‍රාමයෙහි වැඩහිඳ වදාළ සාමගාම සූත්‍රය, ලිච්ඡවි පුත්‍ර සුනක්ඛත සඳහා වදාළ සුනක්ඛත ද සූත්‍රය හා චතුර්තධ්‍යානාදී ආනෙඤ්ජසමාපත්තියට උපකාර වූ ප්‍රතිපත් වදාළ අනෙඤ්ජසප්පාය සූත්‍රය ද, ශාසනයෙහි අනුපූර්‍වශික්‍ෂා වදාළ ගණකමොගල්ලාන සූත්‍රය ද, බුද්ධපරිනිර්‍වාණයට සමනන්තර වූ ආනන්‍ද තෙරුන් විසන් ගොපකමොගල්ලාන බමුණුහුගේ කර්මාන්ත ස්ථානයෙහි දී වදාළ ගොපාලකමොග්ගල්ලාන සූත්‍රය හා පුවරම් මුවරමාපායෙහි වැඩහිඳ සඳ පිරුණු මැදි පෙහොයෙහි වදාළ මහාපුණ්ණම චූළපුණ්ණම දෙ සුත ද මෙයින් සැදුණු පළමු වන දෙවදහ වග නිමියේ යි.