යෙදුමෙන් කියවන්න

සුභසුත‍්තං

2. 5. 9.

2. 5. 9.

සුභසුත‍්තං

සුභ සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො සාවත්‍ථියං පටිවසති අඤ‍්ඤතරස‍්ස ගහපතිස‍්ස නිවෙසනෙ කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො යස‍්ස ගහපතිස‍්ස නිවෙසනෙ පටිවසති, තං ගහපතිං එතදවොච: සුතං මෙතං ගහපති, අවිවිත‍්තා සාවත්‍ථි අරහන‍්තෙහී’ති. කන‍්නු ඛ‍්වජ‍්ජ සමණං වා බ්‍රාහ‍්මණං වා පයිරුපාසෙය්‍යාමා’ති?

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි අප බුදුහු සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි තෝදෙය්‍ය බමුණුහුගේ පුත් සුභ මණෙවු කිසි කටයුත්තෙකින් සැවැත්නුවර එක්තරා ගෘහපතියක්හුගේ නිවෙස්නෙහි වෙසෙයි. එසඳ තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව යම් ගැහැවියක්හුගේ නිවෙස්නෙහි වෙසේ ද, එ ගැහැවිහට තෙල කී: “ගැහැවියෙනි, සැවැත්නුවර රහතුන්ගෙන් වෙන් නොවේ” යන තෙල බස මා විසින් අසන ලද. අද කවර නම් මහණකු හෝ බමුණකු හෝ පර්‍ය්‍යුපාසන කරමෝ දැ?” යි.

අයං භන‍්තෙ, භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තං භන‍්තෙ, භගවන‍්තං පයිරුපාසස‍්සූ’ති.

“ස්වාමීනි, මේ භගවත්හු සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. ස්වාමීනි, ඒ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරව” යි.

අථ ඛො සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො තස‍්ස ගහපතිස‍්ස පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො භගවන‍්තං එතදවොච:

එසඳ තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව ඒ ගැහැවිහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු වියයුතු කාලාන්තර යෙහි සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව භාග්‍යවතුන් වහන්සේට තෙල් සැල කෙළේ:

බ්‍රාහ‍්මණා භො ගොතම, එවමාහංසු: ගහට‍්ඨො ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලං, න පබ‍්බජිතො ආරාධකො හොති ඤායං ධම‍්මං කුසල’න‍්ති. ඉධ භවං ගොතමො කිමාහාති?

“භවත් ගෞතමයෙනි, බමුණෝ මෙසේ කීහු: ගෘහස්ථ තෙමේ අනවද්‍ය න්‍යාය (කාරණ) ධර්‍මය පුරන්නේ වෙයි, ප්‍රව්‍රජිත තෙමේ අනවද්‍ය න්‍යාය ධර්‍මය පුරන්නේ නො වේ” යයි. මෙහි ලා භවත් ගෞතමයෝ කුමක් කියත් දැ?” යි.

විභජ‍්ජවාදො ඛො අහමෙත්‍ථ මාණව, නාහමෙත්‍ථ එකංසවාදො. ගිහිස‍්ස වාහං මාණව, පබ‍්බජිතස‍්ස වා මිච‍්ඡාපටිපත‍්තිං න වණ‍්ණෙමි. ගිහී වා හි මාණව, පබ‍්බජිතො වා මිච‍්ඡාපටිපන‍්නො මිච‍්ඡාපටිපන‍්නාධිකරණහෙතු න ආරාධකො හොති ඤායං ධම‍්මං කුසලං. ගිහිස‍්ස වාහං මාණව, පබ‍්බජිතස‍්ස වා සම‍්මාපටිපත‍්තිං වණ‍්ණෙමි. ගිහී වා හි මාණව, පබ‍්බජිතො වා සම‍්මාපටිපන‍්නො සම‍්මාපටිපන‍්නාධිකරණහෙතු ආරාධකො හොති ඤායං ධම‍්මං කුසල’න‍්ති.

මාණවකය, මම මෙහි දී විභජ්ජවාදයෙමි. මම මෙහි දී ඒකාන්තවාද නො වෙමි. මාණවකය, මම ගිහියක්හුගේ වේවයි, පැවිද්දක්හුගේ වේවයි, මිථ්‍යාප්‍රතිපත් නො වනමි. මාණවකය, ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි, වරදවා පිළිපන්නේ වරදවා පිළිපැදීම හේතු කොට ගෙන් අනවද්‍ය වූ කාරණ ධර්‍මය සපයන්නේ නො වේ. මාණවකය, මම ගිහියකුගේ වේවයි, පැවිද්දකුගේ වේවයි, මනා පිළිවෙත වනමි. මාණවකය, ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි මොනොවට පිළිපන්නේ මොනොවට පිළිපැදීම් හේතුයෙන් අනවද්‍ය වූ න්‍යායධර්‍මය සපයන්නේ වෙයි.

බ්‍රාහ‍්මණා භො ගොතම, එවමාහංසු: ‘මහට‍්ඨමිදං මහාකිච‍්චං මහාධිකරණං මහාසමාරම‍්භං ඝරාවාසකම‍්මට‍්ඨානං මහප‍්ඵලං හොති. අප‍්පට‍්ඨමිදං අප‍්පකිච‍්චං අප‍්පාධිකරණං අප‍්පසමාරම‍්භං පබ‍්බජ‍්ජා කම‍්මට‍්ඨානං අප‍්පඵලං හොතී’ති. ඉධ භවං ගොතමො කිමාහාති.

භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ කීහු: “බොහෝ වූ (මෙහෙකරුවන් විසින් හෝ උවරණ විසින්) අර්‍ත්‍ථ ඇති මහත් වූ නාමග්‍රහණාදි කිස ඇති මහත්වූ අධිකාර ඇති මහත් වූ (පීඩා සඞ්ඛ්‍යාත) සමාරම්භ ඇති මේ ගෘහාවාස කර්‍මය මහත්ඵල වෙයි. අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්ප සමාරම්භ ඇති මේ ප්‍රව්‍රජ්‍යාකර්‍මය අල්පඵල වේ ය කියා යි. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් වදාරනසේක් ද?

එත්‍ථාපි ඛො අහං මාණව, විභජ‍්ජවාදො, නාහමෙත්‍ථ එකංසවාදො. අත්‍ථි මාණව, කම‍්මට‍්ඨානං මහට‍්ඨං මහාකිච‍්චං මහාධිකරණං මහාසමාරම‍්භං විපජ‍්ජමානං අප‍්පඵලං හොති. අත්‍ථි මාණව, කම‍්මට‍්ඨානං මහට‍්ඨං මහාකිච‍්චං මහාධිකරණං මහාසමාරම‍්භං සම‍්පජ‍්ජමානං මහප‍්ඵලං හොති. අත්‍ථි මාණව, කම‍්මට‍්ඨානං අප‍්පට‍්ඨං අප‍්පකිච‍්චං අප‍්පාධිකරණං අප‍්පසමාරම‍්භං විපජ‍්ජමානං අප‍්පඵලං හොති. අත්‍ථි මාණව, කම‍්මට‍්ඨානං අප‍්පට‍්ඨං අප‍්පකිච‍්චං අප‍්පාධිකරණං අප‍්පසමාරම‍්භං සම‍්පජ‍්ජමානං මහප‍්ඵලං හොති.

මාණවකය, මම මෙහි දු විභජ්ජවාදයෙමි. මම මෙහි ඒකාන්තවාද නො වෙමි. මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකාර ඇති මහාසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් වනසට යන්නේ අල්පඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ඇත. මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකාර ඇති මහාසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් සම්පාදන කරනුලබනුයේ මහත්ඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත. මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්ප කෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්පසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් වැනසෙනුයේ අල්පඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත. මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්ප කෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්පසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් මහත්ඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත.

කතමඤ‍්ච මාණව, කම‍්මට‍්ඨානං මහට‍්ඨං මහාකිච‍්චං මහාධිකරණං මහාසමාරම‍්භං විපජ‍්ජමානං අප‍්පඵලං හොති: කසි ඛො මාණව, කම‍්මට‍්ඨානං මහට‍්ඨං මහාකිච‍්චං මහාධිකරණං මහාසමාරම‍්භං විපජ‍්ජමානං අප‍්පඵලං හොති.

මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් වනසට යන්නේ අල්පඵල වේ ද යත්: මාණවකය, කෘෂිකර්‍මාන්තය මහාර්‍ත්‍ථ වූයේ මහාකෘත්‍ය වූයේ මහාධිකරණ ඇත්තේ මහාසමාරම්භ ඇත්තේ වනසට යන්නේ අල්පඵල වෙයි.

කතමඤ‍්ච මාණව, කම‍්මට‍්ඨානං මහට‍්ඨං මහාකිච‍්චං මහාධිකරණං මහාසමාරම‍්භං සම‍්පජ‍්ජමානං මහප‍්ඵලං හොති: කසියෙව ඛො මාණව, කම‍්මට‍්ඨානං මහට‍්ඨං මහාකිච‍්චං මහාධිකරණං මහාසමාරම‍්භං සම‍්පජ‍්ජමානං මහප‍්ඵලං හොති.

මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද යත්: මාණවකය, කෘෂිකර්‍මාන්තය මැ මහාර්‍ත්‍ථ වූයේ මහාකෘත්‍ය වූයේ මහාධිකරණ ඇත්තේ මහාසමාරම්භ ඇත්තේ සමෘද්ධ වනුයේ මහත්ඵල වෙයි.

කතමඤ‍්ච මාණව, කම‍්මට‍්ඨානං අප‍්පට‍්ඨං අප‍්පකිච‍්චං අප‍්පාධිකරණං අප‍්පසමාරම‍්භං විපජ‍්ජමානං අප‍්පඵලං හොති: වණිජ‍්ජා ඛො මාණව, කම‍්මට‍්ඨානං අප‍්පට‍්ඨං අප‍්පකිච‍්චං අප‍්පාධිකරණං අප‍්පසමාරම‍්භං විපජ‍්ජමානං අප‍්පඵලං හොති.

මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් වනසට යනුයේ අල්පඵල වේ ද යත්: මාණවකය, වෙණෙදහම් කර්‍මාන්තය අල්පාර්‍ත්‍ථ වූයේ අල්පකෘත්‍ය වූයේ අල්පාධිකරණ ඇතියේ අල්පසමාරම්භ ඇතියේ වනසට යන්නේ අල්පඵල වෙයි.

කතමඤ‍්ච මාණව, කම‍්මට‍්ඨානං අප‍්පට‍්ඨං අප‍්පකිච‍්චං අප‍්පාධිකරණං අප‍්පසමාරම‍්භං සම‍්පජ‍්ජමානං මහප‍්ඵලං හොති: වණිජ‍්ජායෙව ඛො මාණව, කම‍්මට‍්ඨානං අප‍්පට‍්ඨං අප‍්පකිච‍්චං අප‍්පාධිකරණං අප‍්පසමාරම‍්භං සම‍්පජ‍්ජමානං මහප‍්ඵලං හොති.

මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද යත්: මාණවකය, වෙණෙදහම් කර්‍මාන්තය මැ අල්පාර්‍ත්‍ථ වූයේ අල්පකෘත්‍ය වූයේ අල්පාධිකරණ ඇතියේ අල්පසමාරම්භ ඇතියේ සමෘද්ධ වන්නේ මහත්ඵල වෙයි.

සෙය්‍යථාපි මාණව, කසි කම‍්මට‍්ඨානං මහට‍්ඨං මහාකිච‍්චං මහාධිකරණං මහාසමාරම‍්භං විපජ‍්ජමානං අප‍්පඵලං හොති. එවමෙව ඛො මාණව, ඝරාවාසකම‍්මට‍්ඨානං මහට‍්ඨං මහාකිච‍්චං මහාධිකරණං මහාසමාරම‍්භං විපජ‍්ජමානං අප‍්පඵලං හොති.

මාණවකය, යම්සේ මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කෘෂිකර්‍මාන්තය වැනැසෙනුයේ අල්පඵල වේ ද, එසෙයින් මැ මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති ගෘහවාසකර්‍මය වැනැසෙනුයේ අල්පඵල වෙයි.

සෙය්‍යථාපි මාණව, කසියෙව කම‍්මට‍්ඨානං මහට‍්ඨං මහාකිච‍්චං මහාධිකරණං මහාසමාරම‍්භං සම‍්පජ‍්ජමානං මහප‍්ඵලං හොති. එවමෙව ඛො මාණව, ඝරාවාසකම‍්මට‍්ඨානං මහට‍්ඨං මහාකිච‍්චං මහාධිකරණං මහාසමාරම‍්භං සම‍්පජ‍්ජමානං මහප‍්ඵලං හොති.

මාණවකය, යම්සේ මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කෘෂිකර්‍මය මැ සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද, එසෙයින් මැ මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති ගෘහවාසකර්‍මය සමෘද්ධ වන්නේ මහත්ඵල වෙයි.

සෙය්‍යථාපි මාණව, වණිජ‍්ජා කම‍්මට‍්ඨානං අප‍්පට‍්ඨං අප‍්පකිච‍්චං අප‍්පාධිකරණං අප‍්පසමාරම‍්භං විපජ‍්ජමානං අප‍්පඵලං හොති. එවමෙව ඛො මාණව, පබ‍්බජ‍්ජාකම‍්මට‍්ඨානං අප‍්පට‍්ඨං අප‍්පකිච‍්චං අප‍්පාධිකරණං අප‍්පසමාරම‍්භං විපජ‍්ජමානං අප‍්පඵලං හොති.

මාණවකය, යම්සේ අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති වෙණෙදහම් කර්‍මස්ථානය නස්නේ අල්පඵල වේ ද, එසෙයින් මැ මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති ප්‍රව්‍රජ්‍යාකර්‍මය නස්නේ අල්පඵල වෙයි.

සෙය්‍යථාපි මාණව, වණිජ‍්ජායෙව කම‍්මට‍්ඨානං අප‍්පට‍්ඨං අප‍්පකිච‍්චං අප‍්පාධිකරණං අප‍්පසමාරම‍්භං සම‍්පජ‍්ජමානං මහප‍්ඵලං හොති. එවමෙව ඛො මාණව, පබ‍්බජ‍්ජා කම‍්මට‍්ඨානං අප‍්පට‍්ඨං අප‍්පකිච‍්චං අප‍්පාධිකරණං අප‍්පසමාරම‍්භං සම‍්පජ‍්ජමානං මහප‍්ඵලං හොතී’ති.

මාණවකය, යම්සේ අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති වෙණෙදහම් කර්‍මය මැ සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද, එසෙයින් මැ මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති ප්‍රව්‍රජ්‍යාකර්‍මය සමෘද්ධ වන්නේ මහත්ඵල වේ යයි.

බ්‍රාහ‍්මණා භො ගොතම, පඤ‍්ච ධම‍්මෙ පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනායාති.

භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට පස්දහමක් පනවති’යි.

යෙ තෙ මාණව, බ්‍රාහ‍්මණා පඤ‍්ච ධම‍්මෙ පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය. සචෙ තෙ අගරු, සාධු තෙ පඤ‍්ච ධම‍්මෙ ඉමස‍්මිං පරිසතිං භාසස‍්සූති.

මාණවකය, යම් බ්‍රාහ්මණ කෙනෙක් පින් කිරීමට කුසල් සැපයීමට පස්දහමක් පනවත් ද, ඉදින් තොපට නො බැරි වේ නම් එ පස්දහම් මෙ පිරිස්හි කියව’යි.

න ඛො මෙ භො ගොතම, ගරු යත්‍ථස‍්සු භවන‍්තො වා නිසින‍්නා භවන‍්තරූපා වාති.

භවත් ගෞතමයන් වහන්ස, යම් තැනෙක භවත්හු වෙත්වයි භවතුන් බඳුහු වෙත්වයි හුන්නාහු ද, එහි මට බැරි නො වේ යයි.

තෙන හි මාණව, භාසස‍්සූති.

එසේ වී නම් මාණවකය, කියව’යි.

සච‍්චං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා පඨමං ධම‍්මං පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය, කුසලස‍්ස ආරාධනාය. තපං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා දුතියං ධම‍්මං පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය. බ්‍රහ‍්මචරියං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා තතියං ධම‍්මං පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය. අජ‍්ඣෙසනං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා චතුත්‍ථං ධම‍්මං පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය. චාගං ඛො භො ගොතම, බ්‍රාහ‍්මණා පඤ‍්චමං ධම‍්මං පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය. බ්‍රාහ‍්මණා භො ගොතම, ඉමෙ පඤ‍්ච ධම‍්මෙ පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනායාති. ඉධ භවං ගොතමො කිමාහාති?

භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට වාක්සත්‍ය පළමු වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට තපස දෙවන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කරනුවට කුසල් සපයනුවට බ්‍රහ්මචර්‍ය්‍ය තුන්වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට වේද හැදෑරීම සතර වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට ත්‍යාගය පස් වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට මෙපස් දහමුන් පනවති. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් වදාරනසේක් දැ? යි.

කිං පන මාණව, අත්‍ථි කොචි බ්‍රාහ‍්මණානං එකබ්‍රාහ‍්මණොපි යො එවමාහ: ‘අහං ඉමෙසං පඤ‍්චන‍්නං ධම‍්මානං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා විපාකං පවෙදෙමී’ති?

කිම මාණවකය, බමුණන් කෙරෙහි යමෙක් ‘මම මෙ පස්දහමුන් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක ප්‍රකාශ කෙරෙමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද බමුණෙක් ඇද්දැ? යි.

නො හිදං භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යි.

කිං පන මාණව, අත්‍ථි කොචි බ්‍රාහ‍්මණානං එකාචරියොපි එකාචරියපාචරියොපි යාවසත‍්තමා ආචරියමහයුගා, යො එවමාහ: අහං ඉමෙසං පඤ‍්චන‍්නං ධම‍්මානං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා විපාකං පවෙදෙමී’ති.

කිම මාණවකය, බමුණන් කෙරෙහි යමෙක් ‘මම මේ පස්දහමුන් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක ප්‍රකාශ කෙරෙමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද ආචාර්‍ය්‍යයෙක් එක ද ආචාර්‍ය්‍යප්‍රාච්‍රාර්‍ය්‍යයෙක් සත් වැනි ආචරියමහයුගය තෙක් ඇද්දැ? යි.

නො හිදං භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යි.

කිං පන මාණව, යෙපි තෙ බ්‍රාහ‍්මණානං පුබ‍්බකා ඉසයො මන‍්තානං කත‍්තාරො මන‍්තානං පවත‍්තාරො, යෙසමිදං එතරහි බ්‍රාහ‍්මණා පොරාණං මන‍්තපදං ගීතං පවුත‍්තං සමිහිතං තදනුගායන‍්ති, තදනුභාසන‍්ති, භාසිතමනුභාසන‍්ති, වාචිතමනුවාචෙන‍්ති, සෙය්‍යථිදං: අට‍්ටකො වාමකො වාමදෙවො වෙස‍්සාමිත‍්තො යමතග‍්ගි අඞ‍්ගීරසො භාරද‍්වාජො වාසෙට‍්ඨො කස‍්සපො භගු. තෙපි එවමාහංසු: මයං ඉමෙසං පඤ‍්චන‍්නං ධම‍්මානං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා විපාකං පවෙදෙමා’ති?

කිම මාණවකය, බමුණන්ගේ මන්ත්‍රකර්‍තෘ වූ මන්ත්‍ර ප්‍රවකර්‍තෘ වූ යම් ඒ පූර්‍ව ඍෂි කෙනෙක් ඇද්ද, මෙ කල්හි බමුණෝ යම් කෙනකුන් විසින් හදාළ වාචනා කළ සංහිතා (පිඬු) කළ පැරැණි වේද සඞ්ඛ්‍යාත මන්ත්‍රපදය ඔවුන් අනුව ගයත් ද, ඔවුන් අනුව කියත් ද, කියූ සේ කියත් ද, වාචනා කළ සේ වාචනා කෙරෙත් ද, ඔහු කවරහ යත්: අට්ටක යැ වාමක යැ වාමදෙව යැ විශ්වාමිත්‍ර යැ යමදග්නි යැ අඞ්ගිරස් යැ භාරද්වාජ යැ වාසිෂ්ට යැ කාශ්‍යප යැ භාගු යැ යන මොහු යි. ඔහු දු ‘අපි මෙ පස්කරුණු තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක පවසම්’යි මෙසේ කීහු ද?

නො හිදං භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යි.

ඉති කිර මාණව, නත්‍ථි කොචි බ්‍රාහ‍්මණානං එකබ්‍රාහ‍්මණොපි යො එවමාහ: අහං ඉමෙසං පඤ‍්චන‍්නං ධම‍්මානං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා විපාකං පවෙදෙමීති. නත්‍ථි කොචි බ්‍රාහ‍්මණානං එකාචරියොපි එකාචරියපාචරියොපි යාවසත‍්තමා ආචරියමහයුගා, යො එවමාහ: ‘අහං ඉමෙසං පඤ‍්චන‍්නං ධම‍්මානං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා විපාකං පවෙදෙමී’ති. යෙපි තෙ බ්‍රාහ‍්මණානං පුබ‍්බකා ඉසයො මන‍්තානං කත‍්තාරො මන‍්තානං පවත‍්තාරො, යෙසමිදං එතරහි බ්‍රාහ‍්මණා පොරාණං මන‍්තපදං ගීතං පවුත‍්තං සමිහිතං තදනුගායන‍්ති, තදනුභාසන‍්ති, භාසිතමනුභාසන‍්ති, වාචිතමනුවාචෙන‍්ති, සෙය්‍යථිදං: අට‍්ටකො වාමකො වාමදෙවො වෙස‍්සාමිත‍්තො යමතග‍්ගි අඞ‍්ගීරසො භාරද‍්වාජො වාසෙට‍්ඨො කස‍්සපො භගු. තෙපි එවමාහංසු: මයං ඉමෙසං පඤ‍්චන‍්නං ධම‍්මානං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා විපාකං පවෙදෙමා’ති.

මාණවකය, මෙසෙයින් බමුණන් කෙරෙහි යමෙක් ‘මම මෙ පස්දහම් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට විපාක පවසමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද බමුණෙක් නැත් ල, බමුණන් කෙරෙහි ‘මම මෙ පස්දහම් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට විපාක පවසමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද ආචාර්‍ය්‍යයෙක් එක ද ආචාර්‍ය්‍යප්‍රාච්‍රාර්‍ය්‍යයෙක් සත් වැනි ආචරියමහයුගය තෙක් නැත් ල, මන්ත්‍රකර්‍තෘ වූ මන්ත්‍රප්‍රවකර්‍තෘ වූ බමුණන් ගේ යම් පූර්‍ව ඍෂි කෙනෙක් වූහු ද, මෙ කල්හි බමුණෝ යම් කෙනෙකුන් විසින් ගයනලද, කියනලද රැස් කරනලද පැරැණි මන්ත්‍රපද ඒ අනුව ගයත් ද, අනුව කියත් ද, කියනලද්ද අනුව කියත් ද වාචනා කරනලද්ද අනුව වාචනා කෙරෙද්ද ඔහු කවරහ යත්: ‘අට්ටක යැ වාමක යැ වාමදේව යැ විශ්වාමිත්‍ර යැ යමදග්නි යැ අඞ්ගිරස් යැ භාරද්වාජ යැ වාසිෂ්ට යැ කාශ්‍යප යැ භාගු යැ යන මොහු යි. ඔහු දු ‘අපි මෙ පස්කරුණු තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක පවසම්’යි මෙසේ කීහු ද?

නො හෙතං භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, තෙල නො වේ මැ යි.

සෙය්‍යථාපි මාණව, අන්‍ධවෙණිපරම‍්පරා සංසත‍්තා:? පුරිමොපි න පස‍්සති, මජ‍්ඣිමොපි න පස‍්සති, පච‍්ඡිමොපි න පස‍්සති. එවමෙව ඛො මාණව, අන්‍ධවෙණූපමං මඤ‍්ඤෙ බ්‍රාහ‍්මණානං භාසිතං සම‍්පජ‍්ජති. පුරිමොපි න පස‍්සති, මජ‍්ඣිමොපි න පස‍්සති, පච‍්ඡිමොපි න පස‍්සතීති.

මාණවකය, යම්සේ සංසක්ත වූ අන්‍ධවේණියෙක් ඇද්ද එහි ප්‍රථමයාත් නො දකී ද මධ්‍යමයාත් නො දකී ද පශ්චිමයාත් නො දකී ද, එසෙයින් මැ මාණවකය, බමුණන්ගේ ‘ප්‍රථමයාත් නො දකී ද, මධ්‍යමයාත් නො දකී ද, පශ්චිමයාත් නො දකී’ යන භාෂිතය ‘අන්‍ධවේණුපමාව සපයතී’ සිතමි.

එවං වුත‍්තෙ සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො භගවතා අන්‍ධවෙණූපමෙන වුච‍්චමානො කුපිතො අනත‍්තමනො භගවන‍්තංයෙව ඛුංසෙන‍්තො භගවන‍්තංයෙව වම‍්භෙන‍්තො භගවන‍්තංයෙව වදමානො ‘සමණො ගොතමො පාපිතො භවිස‍්සතී’ති. භගවන‍්තං එතදවොච: බ්‍රාහ‍්මණො භො ගොතම, පොක‍්ඛරසාති ඔපමඤ‍්ඤො සුභගවනිකො එවමාහ: එවමෙව පනිමෙකෙ සමණබ්‍රාහ‍්මණා උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං පටිජානන‍්ති. තෙසමිදං භාසිතං හස‍්සකංයෙව සම‍්පජ‍්ජති, නාමකංයෙව සම‍්පජ‍්ජති, රිත‍්තකංයෙව සම‍්පජ‍්ජති, තුච‍්ඡකංයෙව සම‍්පජ‍්ජති. කථං හි නාම මනුස‍්සභූතො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං ඤස‍්සති වා දක‍්ඛිති වා සච‍්ඡි වා කරිස‍්සති. නෙතං ඨානං විජ‍්ජතී’ති.

මෙසේ වදාළ කල්හි තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේ විසින් අන්‍ධවේණූපමායෙන් කියනුලබන්නේ කිපියේ නො සතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේට මැ බුංසන කෙරෙමින් භාග්‍යවතුන් වහන්සේට මැ ගර්‍හා කෙරෙමින් ශ්‍රමණ ගෞතම නො දන්නා බවට පමුණුවන ලද්දේ වනැ’යි භාග්‍යවතුන් වහන්සේට මැ කියමින් භාග්‍යවතුන් වහන්සේට තෙල් කරුණ කී: ‘භවත් ගෞතමයෙනි, උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුහගවනයට ඊශ්වර වූ පොක්ඛරසාති බ්‍රාහ්මණ මෙසේ කියයි: “මෙසෙයින් මැ ඇතැම් මහණබමුණෝ මනුෂ්‍යධර්‍මයෙන් මත්තෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනය පිළින කෙරෙති”. උන්ගේ මේ භාෂිතය හාස්‍ය මැ උපදවයි, ලාමක බව මැ උපදවයි, නිස්සාරභාවය මැ උපදවයි, සිස් බව මැ උපදවයි. කෙසේ නම් මනුෂ්‍ය වූයෙක් මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාව කරණයට සමත් ඥානදර්‍ශනවිශේෂයක් දන්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ වේ ද, තෙල කරුණ විද්‍යාමාන නො වේ’ යයි.

කිං පන මාණව, බ්‍රාහ‍්මණො පොක‍්ඛරසාති ඔපමඤ‍්ඤො සුභගවනිකො සබ‍්බෙසංයෙව සමණබ්‍රාහ‍්මණානං චෙතසා චෙතො පරිච‍්ච පජානාතී’ති?

කිම මාණවකය, උපමඤ්ඤ ගොත් ඇති සුහගවනයට ඊශ්වර වූ පොක්ඛරසාති බමුණු හැම මහණබමුණන්ගේ මැ සිය සිතින් උන් සිත පිරිසිඳ දන්නේ වේ දැ? යි.

සකායපි හි භො ගොතම, පුණ‍්ණකාය දාසියා බ්‍රාහ‍්මණො පොක‍්ඛරසාති ඔපමඤ‍්ඤො සුභගවනිකො න චෙතසා චෙතො පරිච‍්ච පජානාති, කුතො පන සබ‍්බෙසංයෙව සමණබ්‍රාහ‍්මණානං චෙතසා චෙතො පරිච‍්ච පජානිස‍්සතී’ති?

භවත් ගෞතමයන් වහන්ස, උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුහගවනාධිපති පොක්ඛරසාති බමුණු සිය පුණ්ණකා දැස්සගේ වුව ද සිය සිතින් ඇය සිත පිරිසිඳ නො දන්නේ යැ. කොයින් නම් හැම මහණබමුණන්ගේ මැ සිත සිය සිතින් පිරිසිඳ දන්නේ වේ දැ? යි.

සෙය්‍යථාපි මාණව, ජච‍්චන්‍ධො පුරිසො න පස‍්සෙය්‍ය කණ‍්හසුක‍්කානි රූපානි, න පස‍්සෙය්‍ය නීලකානි රූපානි, න පස‍්සෙය්‍ය පීතකානි රූපානි, න පස‍්සෙය්‍ය ලොහිතකානි රූපානි, න පස‍්සෙය්‍ය මඤ‍්ජෙට‍්ඨිකානි රූපානි, න පස‍්සෙය්‍ය සමවිසමං, න පස‍්සෙය්‍ය තාරකරූපානි, න පස‍්සෙය්‍ය චන්‍දිමසුරියෙ. සො එවං වදෙය්‍ය: නත්‍ථි කණ‍්හසුක‍්කානි රූපානි, නත්‍ථි කණ‍්හසුක‍්කානං රූපානං දස‍්සාවී, නත්‍ථි නීලකානි රූපානි, නත්‍ථි නීලකානං රූපානං දස‍්සාවී, නත්‍ථි පීතකානි රූපානි, නත්‍ථි පීතකානං රූපානං දස‍්සාවී, නත්‍ථි ලොහිතකානි රූපානි, නත්‍ථි ලොහිතකානං රූපානං දස‍්සාවී, නත්‍ථි මඤ‍්ජෙට‍්ඨිකානි රූපානි, නත්‍ථි මඤ‍්ජෙට‍්ඨිකානං රූපානං දස‍්සාවී, නත්‍ථි සම විසමං, නත්‍ථි සමවිසමස‍්ස දස‍්සාවී, නත්‍ථි තාරකරූපානි, නත්‍ථි තාරකරූපානං දස‍්සාවී, නත්‍ථි චන්‍දිමසූරියා, නත්‍ථි චන්‍දිමසුරියානං දස‍්සාවී, අහමෙතං න ජානාමි, අහමෙතං න පස‍්සාමි, තස‍්මා නත්‍ථීති. සම‍්මා නු ඛො සො මාණව, වදමානො වදෙය්‍යාති?

මාණවකය, යම් පරිදි ජාත්‍යන්‍ධ පුරුෂයෙක් කළුසුදු රූපායතන නො දක්නේ වේ ද, නිල්වන් රූපායතන නො දක්නේ වේ ද, පීත රූපායතන නො දක්නේ වේ ද, ලෙහෙවන් රූපායතන නො දක්නේ වේ ද, මඳට වන් රූපායතන නො දක්නේ වේ ද, සමවිෂම ස්ථාන නො දක්නේ වේ ද, තාරකරූප නො දක්නේ වේ ද, සඳහිරු නො දක්නේ වේ ද, (එහෙත්) හේ මෙසේ බෙණේ ද: “සුදුකළු රූපායතන නැත, සුදුකළු රූපායතන දක්නාසුල්ලෙක් නැත, නිල්වන් රූපායතන නැත, නිල්වන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, පීතවර්‍ණ රූපායතන නැත, පීතවර්‍ණ රූපායතන දක්නාසුල්ලෙක් නැත, ලෙහෙවන් රූපායතන නැත, ලෙහෙවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, මඳටවන් රූපායතන නැත, මඳටවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත. සමවිෂම ස්ථාන නැත, සමවිෂමස්ථාන දක්නාසුල්ලෙක් නැත, සඳහිරු නැත, සඳහිරු දක්නාසුල්ලෙක් නැත. ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි බෙණේ ද, මාණවකය, මෙසේ බණන හෙතෙම මැනැවක් බණනේත් වේ ද?

නො හිදං භො ගොතම. අත්‍ථි කණ‍්හසුක‍්කානි රූපානි, අත්‍ථි කණ‍්හසුක‍්කානං රූපානං දස‍්සාවී, අත්‍ථි නීලකානි රූපානි, අත්‍ථි නීලකානං රූපානං දස‍්සාවී, අත්‍ථි පීතකානි රූපානි, අත්‍ථි පීතකානං රූපානං දස‍්සාවී, අත්‍ථි ලොහිතකානි රූපානි, අත්‍ථි ලොහිතකානං රූපානං දස‍්සාවී. අත්‍ථි මඤ‍්ජෙට‍්ඨිකානි රූපානි, අත්‍ථි මඤ‍්ජෙට‍්ඨිකානං රූපානං දස‍්සාවී, අත්‍ථි සමවිසමං, අත්‍ථි සමවිසමස‍්ස දස‍්සාවී, අත්‍ථි තාරකරූපානි, අත්‍ථි තාරකරූපානං දස‍්සාවී, අත්‍ථි චන්‍දිමසූරියා, අත්‍ථි චන්‍දිමසුරියානං දස‍්සාවී, අහමෙතං න ජානාමි, අහමෙතං න පස‍්සාමි තස‍්මා නත්‍ථීති න හි සො භො ගොතම, සම‍්මා වදමානො වදෙය්‍යාති.

භවත් ගෞතමයන් වහන්ස, මැනැවක් නො බණන්නේ මැ යැ. කෘෂ්ණශුක්ල රූපායතන ඇත, කෘෂ්ණශුක්ල රූපායතන දක්නෙක් ඇත, නීල රූපායතන ඇත, නීලරූපායතන දක්නෙක් ඇත, පීතරූපායතන ඇත, පීතරූපායතන දක්නෙක් ඇත, රක්තරූපායතන ඇත, රක්තරූපායතන දක්නෙක් ඇත, මාඤ්ජිෂ්ටරූපායතන ඇත, මාඤ්ජිෂ්ටරූපායතන දක්නෙක් ඇත, සමවිෂමඥාන ඇත, සමවිෂමඥාන දක්නෙක් ඇත, තාරකරූප ඇත, තාරකරූප දක්නෙක් ඇත, චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ ඇත, චන්‍ද්‍රසූර්‍ය්‍යයන් දක්නෙක් ඇත. භවත් ගෞතමයන් වහන්ස, මොනොවට බණන්නෙක් ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි නො කියන්නේ මැයි.

එවමෙව ඛො මාණව, බ්‍රාහ‍්මණො පොක‍්ඛරසාති ඔපමඤ‍්ඤො සුභගවනිකො අන්‍ධො අචක‍්ඛුකො. සො වත උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං ඤස‍්සති වා දක‍්ඛිති වා සච‍්ඡි වා කරිස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජති.

මාණවකය, එපරිදි මැ උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුහගවනයට ස්වාමී වූ පොක්ඛරසාති බමුණු අන්‍ධ යැ අචක්ඛුක යැ. හේ මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථඥානදර්‍ශනවිශේෂයක් දන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ නො වන්නේ මැ යි.

තං කිං මඤ‍්ඤසි මාණව, යෙ තෙ කොසලකා බ්‍රාහ‍්මණමහාසාළා සෙය්‍යථිදං: ‘චඞ‍්කී බ්‍රාහ‍්මණො තාරුක‍්ඛො බ්‍රාහ‍්මණො පොක‍්ඛරසාති බ්‍රාහ‍්මණො ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො පිතා වා තෙ තොදෙය්‍යො. කතමා නෙසං සෙය්‍යා’යං වා තෙ සම‍්මුච‍්චා වාචං භාසෙය්‍යුං. යං වා අසම‍්මුච‍්චාති.

මාණවකය, ඒ කෙසේ හඟිහි? යම් ඒ කොසොල්රට වැසි බමුණුමහසල්කුලෝ ඇද්ද, ඔහු කවරහ යත්: ‘චඞ්කී බ්‍රාහ්මණ යැ, තාරුක්ඛ බ්‍රාහ්මණ යැ, පොක්ඛරසාති බ්‍රාහ්මණ යැ, තාගේ පිය වූ තෝදෙය්‍ය බ්‍රාහ්මණ හෝ යි. ඔහු සම්මුතියෙන් (ලෝකව්‍යවහාරයෙන්) යම් බසක් හෝ බෙණෙත් ද, අසම්මුතියෙන් යම් බසක් හෝ බෙණෙත් ද, උන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?’

සම‍්මුච‍්චා භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, සම්මුතියෙන් බණන බස යි.

කතමා නෙසං සෙය්‍යො, යං වා තෙ මන‍්තා වාචං භාසෙය්‍යුං. යං වා අමන‍්තාති?

ඔහු තුලනා කොට යම් බසක් හෝ බෙණෙත් ද, තුලනා නො කොට යම් බසක් හෝ බෙණෙත් ද, ඔවුන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?

මන‍්තා, භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, තුලනා කොට බණන බස යි.

කතමා තෙසං සෙය්‍යො, යං වා තෙ පටිසඞ‍්ඛාය වාචං භාසෙය්‍යුං යං වා අප‍්පටිසඞ‍්ඛායාති?

ඔහු නුවණින් දැන යම් බසක් හෝ බෙණෙත් ද, නුවණින් නො දැන යම් බසක් හෝ බෙණෙත් ද, ඔවුන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?

පටිසඞ‍්ඛාය භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, නුවණින් දැන බණන බස යි.

කතමා තෙසං සෙය්‍යො, යං වා තෙ අත්‍ථසංහිතං වාචං භාසෙය්‍යුං. යං වා අනත්‍ථසංහිතන‍්ති?

ඔහු අර්‍ත්‍ථසංහිත වූ යම් බසක් හෝ බෙණෙත් ද, අනර්‍ත්‍ථසංහිත වූ යම් බසක් හෝ බෙණෙත් ද, ඔවුන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?

අත්‍ථසංහිතං භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, අර්‍ත්‍ථසංහිත කොට බණන බස යි.

තං කිං මඤ‍්ඤසි මාණව, යදි එවං සන‍්තෙ බ්‍රාහ‍්මණෙන පොක‍්ඛරසාතිනා ඔපමඤ‍්ඤෙන සුභගවනිකෙන සම‍්මුච‍්චා වාචා භාසිතා, අසම‍්මුච‍්චා වාති?

මාණවකය, ඒ කෙසේ හඟිහි? ඉදින් මෙසේ වත් මැ උපමඤ්ඤ ගෝත්‍රජ වූ සුහගවනයට අධිපති වූ පොක්ඛරසාති බමුණු විසින් සම්මුතියෙන් බස බැණිණි ද, අසම්මුතියෙන් හෝ බැණිණි දැ? යි.

අසම‍්මුච‍්චා, භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, අසම්මුතියෙන් බස් බැණිණ.

මන‍්තා වාචා භාසිතා, අමන‍්තා වාති?

තුලනා කොට බස් බැණිණි ද, තුලනා නො කොට හෝ බැණිණි දැ? යි.

අමන‍්තා භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, තුලනා නො කොට බස් බැණිණ.

පටිසඞ‍්ඛාය වාචා භාසිතා අපටිසඞ‍්ඛාය වාති?

නුවණින් දැන බස් බැණිණි ද, නුවණින් නො දැන බස් බැණිණි දැ? යි.

අපටිසඞ‍්ඛාය භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, නුවණින් නො දැන බස් බැණිණ.

අත්‍ථසංහිතා වාචා භාසිතා, අනත්‍ථසංහිතා වාති?

අර්‍ත්‍ථසංහිත වූ බස් බැණිණි ද, අනර්‍ත්‍ථසංහිත වූ හෝ බස් බැණිණි දැ? යි.

අනත්‍ථසංහිතා භො ගොතම.

භවත් ගෞතමයන් වහන්ස, අනර්‍ත්‍ථසංහිත බස් බැණිණ.

පඤ‍්ච ඛො ඉමෙ මාණව, නීවරණා. කතමෙ පඤ‍්ච: කාමච‍්ඡන්‍දනීවරණං බ්‍යාපාදනීවරණං ථීනමිද‍්ධනීවරණං උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං විචිකිච‍්ඡානීවරණං. ඉමෙ ඛො මාණව, පඤ‍්ච නීවරණා. ඉමෙහි ඛො මාණවා පඤ‍්චහි නීවරණෙහි බ්‍රාහ‍්මණො පොක‍්ඛරසාති ඔපමඤ‍්ඤො සුභගවනිකො ආවුතො නිවුතො ඔවුතො පරියොනද‍්ධො. සො වත උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං ඤස‍්සති වා දක‍්ඛති වා සච‍්ඡි වා කරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

මාණවකය, මේ පඤ්චනීවරණ කෙනෙක් ඇත. කවර පසෙක යත්: කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාද නීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යි. මාණවකය, මේ පඤ්චනීවරණයෝ යි. මාණවකය, උපමඤ්ඤ ගෝත්‍රජ වූ සුහගවනෙශ්වර වූ පොක්ඛරසාති බ්‍රාහ්මණ මේ පඤ්චනීවරණයන් විසින් (ආවරණ වශයෙන්) වළඳනාලද්දේ යැ. අවුරන ලද්දේ යැ, වටාගන්නා ලද්දේ යැ, හාත්පස බඳනාලද්දේ යැ. හේ මිනිස්දහමින් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට පොහොසත් ඥානදර්‍ශන විශේෂය දන්නේ හෝ යැ දක්නේ හෝ යැ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ නො වන්නේ මැ යි.

පඤ‍්ච ඛො ඉමෙ මාණව, කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හා විඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො මාණව, පඤ‍්ච කාමගුණා. ඉමෙහි ඛො මාණව, පඤ‍්චහි කාමගුණෙහි බ්‍රාහ‍්මණො පොක‍්ඛරසාති ඔපමඤ‍්ඤො සුභගවනිකො ගථිතො මුච‍්ඡිතො අජ‍්ඣොපන‍්නො අනාදීනවදස‍්සාවී අනිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජති. සො වත උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසං ඤස‍්සති වා දක‍්ඛිති වා සච‍්ඡි වා කරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති.

මාණවකය, මේ කාමගුණ පසෙකි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රාගෝත්පත්ති කාරණ වූ චක්‍ෂුර්විඥේය රූපායතනයෝ යැ ශ්‍රෝතවිඥේය ශබ්දායතනයෝ යැ ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතනයෝ යැ ... ජිහ්වාවිඥේය රසායතනයෝ යැ ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රාගෝත්පත්ති කාරණ වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ යි. මාණවකය, මේ පඤ්ච කාමගුණයෝ යි. මාණවකය, උපමඤ්ඤ ගෝත්‍රජ වූ සුහගවනෙශ්වර වූ පොක්ඛරසාති බමුණු මෙසේ මේ පඤ්චකාමගුණයන් විසින් ග්‍රථිත වැ මූර්ඡිත වැ ගැලගන්නාලදු වැ ආදීනව නො දක්නාසුලු වැ නිස්සරණප්‍රඥා රහිත වැ වළඳ කෙරෙයි. හේ මිනිස්දහමින් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට පොහොසත් ඥානදර්‍ශනවිශේෂයක් දන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වේ මැ යි.

තං කිං මඤ‍්ඤසි මාණව, යං වා තිණකට‍්ඨුපාදානං පටිච‍්ච අග‍්ගිං ජාලෙය්‍ය, යං වා නිස‍්සට‍්ඨතිණකට‍්ඨුපාදානං අග‍්ගිං ජාලෙය්‍ය, කතමො නු ඛ‍්වාස‍්ස අග‍්ගි අච‍්චිමා ච වණ‍්ණිමා ච පභස‍්සරො චාති?

මාණවකය, ඒ කෙසේ හඟිහි? තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර නිසා යම් ගින්නක් හෝ දල්වන්නේ වේ ද, පහ කළ තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර ඇති යම් ගින්නක් හෝ දල්වන්නේ වේ ද, එහි කවර නම් ගින්නෙක් ජ්වාල ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වේ ද?

සචෙ තං භො ගොතම, ඨානං නිස‍්සට‍්ඨතිණකට‍්ඨුපාදානං අග‍්ගිං ජාලෙතුං, ස‍්වාස‍්ස අග‍්ගි අච‍්චිමා ච වණ‍්ණිමා ච පභස‍්සරො චාති.

භවත් ගෞතමයන් වහන්ස, ඉදින් හළ තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර ඇති ගින්නක් දල්වන්නට ඒ තැනෙක් ඇද්ද, එ ගිනි ජ්වාල ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි.

අට‍්ඨානං ඛො එතං මාණව, අනවකාසො, යං නිස‍්සට‍්ඨතිණකට‍්ඨුපාදානං අග‍්ගිං ජාලෙය්‍ය අඤ‍්ඤත්‍ර ඉද‍්ධිමතා. සෙය්‍යථාපි මාණව, තිණකට‍්ඨුපාදානං පටිච‍්ච අග‍්ගි ජලති, තථූපමාහං මාණව, ඉමං පීතිං වදාමි. යායං පීති පඤ‍්චකාමගුණෙ පටිච‍්ච. සෙය්‍යථාපි මාණව, නිස‍්සට‍්ඨතිණකට‍්ඨුපාදානං පටිච‍්ච අග‍්ගි ජලති. තථූපමාහං මාණව, ඉමං පීතිං වදාමි, යායං පීති අඤ‍්ඤත්‍රෙව කාමෙහි අඤ‍්ඤත්‍ර අකුසලෙහි ධම‍්මෙහි.

මාණවකය, යම් හෙයකින් ඍද්ධිමතකු විනා (අනෙකෙන්) හළ තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර ඇති ගින්නක් දල්වන්නේ යැ යන තෙල කරුණ නො වනසුලු යැ වන්නට අවකාශ ද නැත. මාණවකය, යම් පරිදි තෘණකාෂ්ටොපදාන නිසා ගිනි දල්වා ද, මාණවකය, පස්කම් ගුණ නිසා උපන් යම් ඒ ප්‍රීතියෙක් ඇද්ද, මම මේ ප්‍රීතිය එ බඳු යැ යි වදාරමි. මාණවකය, යම් පරිදි හළ තෘණකාෂ්ටොපදාන නිසා ගින්නක් දල්වා ද, මාණවකය, පස්කම්ගුණ පියා අකුසල්දහම් පියා නිපන් යම් ඒ ප්‍රීතියෙක් ඇත් නම් මම මේ ප්‍රීතිය එ බඳු යැ යි කියමි.

කතමා ච මාණව, පීති අඤ‍්ඤත්‍රෙව කාමෙහි අඤ‍්ඤත්‍ර අකුසලෙහි ධම‍්මෙහි: ඉධ මාණව, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයම‍්පි ඛො මාණව, පීති අඤ‍්ඤත්‍රෙව කාමෙහි අඤ‍්ඤත්‍ර අකුසලෙහි ධම‍්මෙහි. පුන චපරං මාණව, භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයම‍්පි ඛො මාණව, පීති අඤ‍්ඤත්‍රෙව කාමෙහි අඤ‍්ඤත්‍ර අකුසලෙහි ධම‍්මෙහි.

මාණවකය, කාමයෙන් වෙන් වූ අකුසල්දහමින් වෙන් වූ ප්‍රීතිය කවර යත්: මාණවකය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානය උපදවාගෙන වාස කෙරෙයි. මාණවකය, මෙ ද කාමයෙන් වෙන් වූ මැ අකුසල්දහමින් වෙන් වූ මැ ප්‍රීතියෙක. තවද මාණවකය, මහණ තෙම විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානය උපදවා ගෙන වාස කෙරෙයි. මාණවකය, මෙ ද කාමයෙන් වෙන් වූ මැ අකුසල්දහමින් වෙන් වූ මැ ප්‍රීතියෙකි.

යෙ තෙ මාණව, බ්‍රාහ‍්මණා පඤ‍්ච ධම‍්මෙ පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය. කමෙත්‍ථ බ්‍රාහ‍්මණා ධම‍්මං මහප‍්ඵලතරං පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනායාති?

මාණවකය, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට යම් ඒ පඤ්චධර්‍මයක් පනවත් ද, බ්‍රාහ්මණයෝ මෙහි පුණ්‍යක්‍රියාවට කුශලසම්පාදනයට කවර දහමක් ඉතා මහත්ඵල කොට පනවත් දැ? යි.

යෙමෙ භො ගොතම, බ්‍රාහ‍්මණා පඤ‍්ච ධම‍්මෙ පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය, චාගමෙත්‍ථ බ්‍රාහ‍්මණා ධම‍්මං මහප‍්ඵලතරං පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනායාති.

භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියාවට කුශලපරිපූරණයට යම් පඤ්චධර්‍මයක් පනවත් ද, බ්‍රාහ්මණයෝ මෙහි පුණ්‍යක්‍රියාවට කුසලසම්පාදනයට ත්‍යාගධර්‍ම ඉතා මහත්ඵල කොට පනවති’යි.

තං කිං මඤ‍්ඤසි මාණව, ඉධඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස මහායඤ‍්ඤො පච‍්චුපට‍්ඨිතො අස‍්ස. අථ ද‍්වෙ බ්‍රාහ‍්මණා ආගච‍්ඡෙය්‍යුං: ‘ඉත්‍ථන‍්නාමස‍්ස බ්‍රාහ‍්මණස‍්ස මහායඤ‍්ඤං අනුභවිස‍්සාමා’ති. තත්‍රෙකස‍්ස බ්‍රාහ‍්මණස‍්ස එවමස‍්ස: ‘අහො වත අහමෙව ලභෙය්‍යං භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩං, නාඤ‍්ඤො බ්‍රාහ‍්මණො ලභෙය්‍ය භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩන‍්ති. ඨානං ඛො පනෙතං මාණව, විජ‍්ජති: ‘යං අඤ‍්ඤො බ්‍රාහ‍්මණො ලභෙය්‍ය භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩං, න සො බ්‍රාහ‍්මණො ලභෙය්‍ය භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩං. අඤ‍්ඤො බ්‍රාහ‍්මණො ලභති භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩං, නාහං ලභාමි භත‍්තග‍්ගෙ අග‍්ගාසනං අග‍්ගොදකං අග‍්ගපිණ‍්ඩ’න‍්ති, ඉති සො කුපිතො හොති අනත‍්තමනො. ඉමස‍්ස පන මාණව, බ්‍රාහ‍්මණා කිං විපාකං පඤ‍්ඤාපෙන‍්තී’ති?

මාණවකය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ එක්තරා බමුණක්හට මහායාගයෙක් එළැඹ සිටියේ වෙයි. එසඳ බමුණෝ දෙදෙනෙක් එති: “මෙ නම් බමුණුගේ මහායාග වළඳ කරම්හ” යි. ඔවුන් කෙරෙහි එක් බමුණක්හට මෙවන් සිතෙක් වෙයි: “මම මැ භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ ලබම් නම් මනා මැ යැ. අන් බමුණා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ නො ලබා නම් මනා මැ නු”යි. මාණවකය, යම් හෙයෙකින් අන්‍ය බ්‍රාහ්මණයා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ ලබා ද ඒ බමුණා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ නො ලබා ද, තෙල කරුණ වෙයි. අන්‍ය බ්‍රාහ්මණයා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ ලබයි. ‘මම භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ නො ලබමි’යි මෙසේ හේ කිපියේ නො සතුටු සිත් ඇතියේ වෙයි. මාණවකය, මොහුට බමුණෝ කිනම් විපාකයක් පනවත් ද?

න ඛොත්‍ථ භො ගොතම, බ්‍රාහ‍්මණා එවං දානං දෙන‍්ති: ඉමිනා පරො කුපිතො හොතු අනත‍්තමනො’ති. අථ ඛ‍්වෙත්‍ථ බ්‍රාහ‍්මණා අනුකම‍්පාජාතිකංයෙව දානං දෙන‍්තී’ති.

භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණෝ මෙසේ දැන් නො දෙත්. (කෙසේ යැ?) මේ දනින් අනෙකා කුපිත වේවා, නො සතුටු සිතැති වේවා, කියා යි. වැළි මෙහි දී බමුණෝ අනුකම්පාජාතික වූ මැ දනක් දෙත්.

එවං සන‍්තෙ ඛො මාණව, බ්‍රාහ‍්මණානං ඉදං ඡට‍්ඨං පුඤ‍්ඤකිරියාවත්‍ථු හොති යදිදං අනුකම‍්පාජාතිකන‍්ති.

මාණවකය, මෙසේ වත් මැ යම් අනුකම්පාස්වභාවයෙක් ඇද්ද? බමුණන්ගේ මේ සවන පුණ්‍ය ක්‍රියාවස්තු වෙයි.

එවං සන‍්තෙ භො ගොතම, බ්‍රාහ‍්මණානං ඉදං ඡට‍්ඨං පුඤ‍්ඤකිරියාවත්‍ථු හොති යදිදං අනුකම‍්පාජාතිකන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, එසේ වත් මැ යම් අනුකම්පා ස්වභාවයෙක් ඇද්ද, බමුණන්ගේ මේ සවන පුණක්‍රියාවස්තු වෙයි.

යෙ තෙ මාණව, බ්‍රාහ‍්මණා පඤ‍්ච ධම‍්මෙ පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය. ඉමෙ ත්‍වං පඤ‍්ච ධම‍්මෙ කත්‍ථ බහුලං සමනුපස‍්සසි ගහට‍්ඨෙසු වා පබ‍්බජිතෙසුවා’ති?

මාණවකය, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියාව පිණිස කුශලයාගේ ආරාධනා පිණිස යම් පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, තෝ මේ පඤ්චධර්‍මයන් කවුරුන් කෙරෙහි බහුල කොට නුවණින් දක්හි? ගිහියන් කෙරෙහි දක්හි හෝ? පැවිද්දන් කෙරෙහි දක්හි හෝ? යි.

යෙමෙ භො ගොතම, බ්‍රාහ‍්මණා පඤ‍්ච ධම‍්මෙ පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය, ඉමාහං පඤ‍්ච ධම‍්මෙ පබ‍්බජිතෙසු බහුලං සමනුපස‍්සාමි අප‍්පං ගහට‍්ඨෙසු. ගහට‍්ඨො හි භො ගොතම, මහට‍්ඨො මහාකිච‍්චො මහාධිකරණො මහාසමාරම‍්භො, න සතතං සමිතං සච‍්චවාදී හොති. පබ‍්බජිතො ඛො පන භො ගොතම, අප‍්පට‍්ඨො අප‍්පකිච‍්චො අප‍්පාධිකරණො අප‍්පසමාරම‍්භො, සතතං සමිතං සච‍්චවාදී හොති. ගහට‍්ඨො හි භො ගොතම, මහට‍්ඨො මහාකිච‍්චො මහාධිකරණො මහාසමාරම‍්භො, න සතතං සමිතං තපස‍්සී හොති. බ්‍රහ‍්මචාරී හොති. සජ‍්ඣාය බහුලො හොති. චාගබහුලො හොති. පබ‍්බජිතො ඛො පන භො ගොතම, අප‍්පට‍්ඨො අප‍්පකිච‍්චො අප‍්පාධිකරණො අප‍්පසමාරම‍්භො, සතතං සමිතං තපස‍්සී හොති -පෙ- බ්‍රහ‍්මචාරී හොති -පෙ- සජ‍්ඣායබහුලො හොති -පෙ- චාග බහුලො හොති. යෙමෙ භො ගොතම, බ්‍රාහ‍්මණා පඤ‍්ච ධම‍්මෙ පඤ‍්ඤාපෙන‍්ති. පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය. ඉමාහං පඤ‍්ච ධම‍්මෙ පබ‍්බජිතෙසු බහුලං සමනුපස‍්සාමි, අප‍්පං ගහට‍්ඨෙසූති.

භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියා පිණිස කුශලසම්පාදනය පිණිස යම් පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම මේ පස්දහම් පැවිද්දන් කෙරෙහි බහුල වැ දක්මි, ගිහියන් කෙරෙහි අල්ප වැ දක්මි. භවත් ගෞතමයන් වහන්ස, ගෘහස්ථ තෙමේ මහාර්‍ත්‍ථ මහාකෘත්‍ය මහාධිකරණ මහාසමාරම්භ ඇත්තේ මැ යැ, නිරතුරු එක්වන් සත්‍යවාදී නො වෙයි. එතෙකුදු වත් ගෞතමයන් වහන්ස, ප්‍රව්‍රජිත තෙමේ අල්පාර්‍ත්‍ථ අල්පකෘත්‍ය අල්පාධිකරණ අල්පසමාරම්භ ඇත්තේ යැ, නිරතුරු එක්වන් සත්‍යවාදී වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ගැහැවි තෙම මහාර්‍ත්‍ථ මහාකෘත්‍ය මහාධිකරණ මහාසමාරම්භ ඇත්තේ මැ යැ, නිරතුරු එක්වන් තපස්වී නො වෙයි, බ්‍රහ්මචාරී නො වෙයි, ස්වාධ්‍යාය (හැදෑරීම්) බහුල නො වෙයි, ත්‍යාග බහුල නො වෙයි. එතෙකුදු වත් භවත් ගෞතමයන් වහන්ස, පැවිදි තෙම අල්පාර්‍ත්‍ථ අල්පකෘත්‍ය අල්පාධිකරණ අල්පසමාරම්භ ඇත්තේ යැ, නිරතුරු එක්වන් තපස්වී වෙයි, බ්‍රහ්මචාරී වෙයි, ස්වාධ්‍යාය බහුල වෙයි, ත්‍යාග බහුල වෙයි, එහෙයිනි. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ පින් කිරීමට කුසල් සැපැයීමට යම් පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම මේ පස් දහමුන් පැවිද්දන් කෙරෙහි බහුල වැ දක්මි, ගැහැවියන් කෙරෙහි අල්ප වැ දක්මි.

යෙ තෙ මාණව, බ්‍රාහ‍්මණා පඤ‍්ච ධම‍්මෙ පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය. චිත‍්තස‍්සාහං එතෙපරික‍්ඛාරෙ වදාමි. යදිදං චිත‍්තං අවෙරං අබ්‍යාපජ‍්ඣං තස‍්ස භාවනාය.

මාණවකය, යම් බ්‍රාහ්මණ කෙනෙක් පුණ්‍යක්‍රියා පිණිස කුශලාරාධනය පිණිස පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම තෙල ධර්‍මයන් මෛත්‍රීචිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් වේ ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.

ඉධ මාණව, භික‍්ඛු සච‍්චවාදී හොති. සො සච‍්චවාදීම‍්හීති ලභති අත්‍ථවෙදං, ලභති ධම‍්මවෙදං, ලභති ධම‍්මූපසංහිතං පාමුජ‍්ජං යන‍්තං කුසලූපසංහිතං පාමුජ‍්ජං, චිත‍්තස‍්සාහං එතං පරික‍්ඛාරං වදාමි. යදිදං චිත‍්තං අවෙරං අබ්‍යාපජ‍්ඣං තස‍්ස භාවනාය.

මාණවකය, මෙ සස්නෙහි මහණ සත්‍යවාදී වෙයි, හේ ‘සත්‍යවාදීයෙමි’යි අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, කුශලොපසංහිත ප්‍රමෝදයෙක් ඇද්ද, ඒ කුශලධර්මොපසංහිත ප්‍රමෝදය ලබයි. මම තෙල සත්‍යවාදී බව චිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් ඇද්ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.

ඉධ මාණව, භික‍්ඛු තපස‍්සී හොති -පෙ- බ්‍රහ‍්මචාරී හොති -පෙ- සජ‍්ඣායබහුලො හොති -පෙ- චාගබහුලො හොති. සො චාගබහුලොම‍්හීති ලභති අත්‍ථවෙදං, ලභති ධම‍්මවෙදං, ලභති ධම‍්මූපසංහිතං පාමුජ‍්ජං. යන‍්තං කුසලූපසංහිතං පාමුජ‍්ජං, චිත‍්තස‍්සාහං එතං පරික‍්ඛාරං වදාමි යදිදං චිත‍්තං අවෙරං අබ්‍යාපජ‍්ඣං තස‍්ස භාවනාය.

මාණවකය, මෙ සස්නෙහි මහණ තපස්වී වෙයි ... බ්‍රහ්මචාරී වෙයි ... ස්වාධ්‍යාය බහුල වෙයි ... ත්‍යාග බහුල වෙයි. හේ ‘ත්‍යාග බහුල වෙමි’යි , අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, කුශලොපසංහිත ප්‍රමෝදයෙක් ඇද්ද, ඒ කුශලධර්මොපසංහිත ප්‍රමෝදය ලබයි, මම තෙල ත්‍යාග බහුලබව චිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් වේ ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.

යෙ තෙ මාණව, බ්‍රාහ‍්මණා පඤ‍්ච ධම‍්මෙ පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය. චිත‍්තස‍්සා’හං එතෙ පරික‍්ඛාරෙ වදාමි යදිදං චිත‍්තං අවෙරං අබ්‍යාපජ‍්ඣං තස‍්ස භාවනායාති.

මාණවකය, යම් බමුණු කෙනෙක් පුණ්‍යක්‍රියා පිණිස, කුශලාරාධන පිණිස පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම තෙල දහමුන් චිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් වේ ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.

එවං වුත‍්තෙ සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො භගවන‍්තං එතදවොච: සුතං මෙතං භො ගොතම, සමණො ගොතමො බ්‍රහ‍්මානං සහව්‍යතාය මග‍්ගං ජානාතීති.

මෙසේ වදාළ කල්හි තෝදෙය්‍ය බමුණුපුත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: භවත් ගෞතමයන් වහන්ස, මා විසින් තෙල කරුණ අසනලදී: “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස මාර්‍ගය දනිති” යනුයි.

තං කිං මඤ‍්ඤසි මාණව, ආසන‍්නෙ ඉතො නළකාරගාමො, නයිතො දූරෙ නළකාරගාමොති?

මාණවකය, ඒ කෙසේ හඟිහි? මෙයින් අසල නළකාර ගමෙක් වේ ද, මෙයින් දුරෙහි ඒ නළකාරගම නො වන්නේ වේ ද?

එවං භො, ආසන‍්නෙ ඉතො නළකාරගාමො, නයිතො දූරෙ නළකාරගාමොති.

භවත්නි, එසේ යැ. මෙයින් නුදුරෙහි නළකාරගම ඇත. මෙයින් දුරෙහි ඒ නළකාරගම නො වන්නේ වෙයි.

තං කිං මඤ‍්ඤසි මාණව, ඉධස‍්ස පුරිසො නළකාරගාමෙ ජාතවද‍්ධො තමෙනං නළකාරගාමතො තාවදෙව අවසටං නළකාරගාමස‍්ස මග‍්ගං පුච‍්ඡෙය්‍යුං. සියා නු ඛො මාණව, තස‍්ස පුරිසස‍්ස නළකාරගාමෙ ජාතවද‍්ධස‍්ස නළකාරගාමස‍්ස මග‍්ගං පුට‍්ඨස‍්ස දන්‍ධායිතත‍්තං වා විත්‍ථායිතත‍්තං වාති?

මාණවකය, ඒ කෙසේ හඟිහි? මෙහි යම් පුරුෂයෙක් නළකාරගම්හි ඉපදී වැඩුණේ වේ ද, නළකාරගමින් එකෙණෙහි බැසගිය තුලුන් අතින් නළකාරගම පිළිබඳ මඟ පුළුවුස්නාහු යැ, මාණවකය, නළකාරගම්හි ඉපදී වැඩුණු, නළකාරගම පිළිබඳ මඟ පුළුවුස්නාලද ඒ පුරුෂයාහට (සැක විසින්) ලැසි බවක් හෝ සිරුරු තද වන බවක් හෝ වේ ද?

නො හිදං භො ගොතම. තං කිස‍්ස හෙතු: අසු හි භො ගොතම, පුරිසො නළකාරගාමෙ ජාතවද‍්ධො තස‍්ස සබ‍්බානෙව නළකාරගාමස‍්ස මග‍්ගානි සුවිදිතානීති.

භවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, තෙල පුරුෂයා නළකාරගම්හි ඉපදී වැඩින. ඔහු විසින් නළකාරගම පිළිබඳ සියලු මාර්‍ගයෝ සුවිදිත වෙති.

සියා නු ඛො මාණව, තස‍්ස පුරිසස‍්ස නළකාරගාමෙ ජාතවද‍්ධස‍්ස නළකාරගාමස‍්ස මග‍්ගං පුට‍්ඨස‍්ස දන්‍ධායිතත‍්තං වා විත්‍ථායිතත‍්තං වා, න ත්‍වෙව තථාගතස‍්ස බ්‍රහ‍්මලොකං වා බ්‍රහ‍්මලොකගාමිනිං වා පටිපදං පුට‍්ඨස‍්ස දන්‍ධායිතත‍්තං වා විත්‍ථායිතත‍්තං වා. බ්‍රහ‍්මානං චාහං මාණව, පජානාමි, බ්‍රහ‍්මලොකඤ‍්ච බ්‍රහ‍්මලොකගාමිනිඤ‍්ච පටිපදං. යථා පටිපන‍්නො ච බ්‍රහ‍්මලොකං උපපන‍්නො, තඤ‍්ච පජානාමී’ති .

මාණවකය, නළකාරගම්හි ඉපදී වැඩුණු, නළකාරගම පිළිබඳ මඟ පුළුවුස්නාලද ඒ පුරුෂයාහට දන්‍ධබවක් හෝ සිරුරු තද වන බවක් හෝ විය හේතුදු බඹලොව හෝ බඹලොව යන පිළිවෙත හෝ පුළුවුස්නාලද තථාගතයන් හට දන්‍ධ බවෙක් හෝ සිරුරු තද වන බවෙක් හෝ නො වේ මැ යැ. මාණවකය, මම බ්‍රහ්මයන් පිළිබඳ බඹලොව ද බඹලොව යන පිළිවෙත ද දනිමි. යම් පරිදි යම් පිළිවෙතක පිළිපන් බඹ බඹලොවට පැමිණි ද එ ද දනිමි”යි වදාළහ.

‘සුතං මෙතං භො ගොතම, සමණො ගොතමො බ්‍රහ‍්මානං සහව්‍යතාය මග‍්ගං දෙසෙතී’ති. සාධු මෙ භවං ගොතමො බ්‍රහ‍්මානං සහව්‍යතාය මග‍්ගං දෙසෙතූ’ති.

භවත් ගෞතමයන් වහන්ස, මා විසින් තෙල කරුණ අසන ලදී: “මහණ ගොයුම්හු බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස මාර්‍ගය දෙසති” යනු යි. භවත් ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස මට මාර්‍ගය දෙසන සේක්ව’යි යදිමි.

තෙන හි මාණව, සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස‍්සාමීති.

මාණවකය, එසේ වී නම් අසව. මොනොවට මෙනෙහි කරව. කියමි’ යි.

එවං භොති ඛො සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො භගවතො පච‍්චස‍්සොසි.

භවත්නි, එසේ යැ ‘යි තෝදෙය්‍ය බමුණුපුත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින.

භගවා එතදවොච: කතමො ච මාණව, බ්‍රහ‍්මානං සහව්‍යතාය මග‍්ගො: ඉධ මාණව, භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. එවං භාවිතාය ඛො මාණව, මෙත‍්තාය චෙතොවිමුත‍්තියා යං පමාණකතං කම‍්මං න තං තත්‍රාවසිස‍්සති, න තං තත්‍රාවතිට‍්ඨති.

බුදුහු මෙසේ වදාළහ: “මාණවකය, බ්‍රහ්මයන් හා සහවාසයට මාර්‍ගය කවරෙ යත්: මාණවකය, මෙ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දෙසක් අරමුණු කොට වෙසෙයි, දෙ වන දිග ද එසේ යැ, තුන්වන දිග ද එසේ යැ, සතර වන දිග ද එසේ යි. මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෛත්‍රීසහගත සිතින් අරමුණු කොට වාස කෙරෙයි. මාණවකය, මෙසේ මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලද කල්හි ප්‍රමාණකෘත (කාමාවචර වූ) යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය එහි (රූපාවචරකර්‍මයෙහි) ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී.

සෙය්‍යථාපි මාණව, බලවා සඞ‍්ඛධමො අප‍්පකසිරෙනෙව චතුද‍්දිසා විඤ‍්ඤාපෙය්‍ය. එවමෙව ඛො මාණව, එවං භාවිතාය මෙත‍්තාය චෙතොවිමුත‍්තියා, යං පමාණකතං කම‍්මං න තං තත්‍රාවසිස‍්සති. න තං තත්‍රාවතිට‍්ඨති. අයම‍්පි ඛො මාණව, බ්‍රහ‍්මානං සහව්‍යතාය මග‍්ගො.

මාණවකය, යම්සේ බලවත් සක් පුඹුනා පුරුෂයෙක් නිදුකින් මැ සතරදිග (ස්වරයෙන්) හඟවන්නේ ද, එසෙයින් මැ මාණවකය, මෙසේ මෛත්‍රීචිත්තවිමුක්තිය වැඩූ කල්හි යම් කාමාවචර කර්‍මයෙක් ඇද්ද, එය එහි ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී. මාණවකය, මෙ ද බ්‍රහ්මයන් හා සහවාසයට මඟෙකි.

පුන චපරං මාණව, භික‍්ඛු කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. එවං භාවිතාය ඛො මාණව, උපෙක‍්ඛාය චෙතොවිමුත‍්තියා යංපමාණකතං කම‍්මං, න තං තත්‍රාවසිස‍්සති, න තං තත්‍රාවතිට‍්ඨති. සෙය්‍යථාපි මාණව, බලවා සඞ‍්ඛධමො අප‍්පකසිරෙනෙව චාතුද‍්දිසා විඤ‍්ඤාපෙය්‍ය. එවමෙව ඛො මාණව එවං භාවිතාය උපෙක‍්ඛාය චෙතොවිමුත‍්තියා යං පමාණකතං කම‍්මං, න තං තත්‍රාවසිස‍්සති, න තං තත්‍රාවතිට‍්ඨති. අයම‍්පි ඛො මාණව, බ්‍රහ‍්මානං සහව්‍යතාය මග‍්ගොති.

තවද මාණවකය, මහණ කරුණාසහගත සිතින් මෘදුතාසහගත සිතින් උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කෙරෙයි. දෙ වන දිග ද එසේ යැ, තුන්වන දිග ද එසේ යැ, සතර වන දිග ද එසේ යැ. මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට වාස කෙරෙයි. මාණවකය, මෙසේ උපේක්‍ෂාචිත්ත විමුක්තිය වැඩූ කල්හි යම් කාමාවචර කර්‍මයෙක් ඇද්ද, එය එහි ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී. මාණවකය, යම්සේ ශක්ති ඇති සක් පුඹුනා පුරුෂයෙක් නිදුකින් මැ සතරදිග (ස්වරයෙන්) හඟවා ද, මාණවකය, එපරිදි මැ මෙසේ උපේක්‍ෂාචිත්තවිමුක්තිය වැඩූ කල්හි යම් කාමාවචරකර්‍මයෙක් ඇද්ද, එය එහි ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී. මාණවකය, මෙ ද බ්‍රහ්මයන් හා සහවාසයට මාර්‍ගයෙකි’යි.

එවං වුත‍්තෙ සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම, සෙය්‍යථාපි භො ගොතම, නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛන‍්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතං. හන්‍ද චදානි මයං භො ගොතම, ගච‍්ඡාම, බහුකිච‍්චා මයං බහුකරණීය්‍යාති.

මෙසේ වදාළ කල්හි තෝදෙය්‍ය බමුණුපුත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තයැ, භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තයි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් හෝ විවර කරන්නේ ද, මුළාවුවකූට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තාහු රූප දකිත්ව’යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ ධර්‍මය හා භික්‍ෂුසඞ්ඝයා හා සරණ කොටයෙමි. භවත් ගොයුම්ගොතුවෝ මා අද පටන් දිවිහිම් වැ සරණගිය උපාසකයකු කොට ධරත්වා. භවත් ගෞතමයන් වහන්ස, දැන් අපි යම්හ. ඇපි බොහෝ කටයුතු බොහෝ කරණී ඇතියම්හ”යි.

යස‍්සදානි ත්‍වං මාණව, කාලං මඤ‍්ඤසීති.

මාණවකය, තෙපි දැන් ඊට කල් දනුව’යි.

අථ ඛො සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

එසඳ තෝදෙය්‍ය පුත්‍ර සුභ මාණවක, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට බැසගියේ.

තෙන ඛො පන සමයෙන ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො සබ‍්බසෙතෙන වලභීරථෙන සාවත්‍ථියා නිය්‍යාති දිවාදිවස‍්ස. අද‍්දසා ඛො ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො සුභං මාණවං තොදෙය්‍යපුත‍්තං එතදවොච: ‘හන්‍ද කුතො නු භවං භාරද‍්වාජො ආගච‍්ඡති දිවාදිවස‍්සාති?

තවද එසමයෙහි ජානුස්සෝණි බ්‍රාහ්මණ සර්‍වස්වෙත වළවාරථයෙන් දෙවෙන්දවහල්හි සැවැත්නුවරින් නික්මෙයි. ජානුස්සෝණි බ්‍රාහ්මණ තෝදෙය්‍යපුත්‍ර සුභමාණවකයා දුරින් මැ එන්නා දිට. දැක තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවකහට තෙල කී: “භවත් භාරද්වාජ දෙවෙන් දවහල්හි කොහි සිට එයි’ දැ? යි.

ඉතො හි ඛො භො, අහං ආගච‍්ඡාමි සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකාති.

භවත්නි, මම මෙහි ශ්‍රමණගෞතමයන් වෙතින් එමි’යි.

තං කිං මඤ‍්ඤසි භවං භාරද‍්වාජො, සමණස‍්ස ගොතමස‍්ස පඤ‍්ඤාවෙය්‍යත‍්තියං පණ‍්ඩිතො මඤ‍්ඤෙති?

ඒ කෙසේ හඟිහි? භවත් භාරද්වාජ තෙමේ ශ්‍රමණ ගෞතමයන් ගේ ප්‍රඥාව්‍යක්තභාවය හඟනේ ද, පණ්ඩිතයෙකැ’යි හඟනේ ද?

කො චාහං භො, කො ච සමණස‍්ස ගොතමස‍්ස පඤ‍්ඤාවෙය්‍යත‍්තියං ජානිස‍්සාමි. සොපි නූනස‍්ස තාදිසොව, යො සමණස‍්ස ගොතමස‍්ස පඤ‍්ඤාවෙය්‍යත‍්තියං ජානෙය්‍යාති.

භවත්නි, මම කවරෙකිම් ද? කෙසේ නම් ශ්‍රමණ ගෞතමයන් ගේ ප්‍රඥාව්‍යක්තභාවය දනිම් ද? යමෙක් ශ්‍රමණ ගෞතමයන් ගේ ප්‍රඥාව්‍යක්තභාවය දන්නේ ද, හේ එතැනින් ශ්‍රමණ භවත් ගෞතමයන් වැනි මැ වෙයි.

උළාරාය ඛලු භවං භාරද‍්වාජො සමණං ගොතමං පසංසාය පසංසතීති.

භවත් භාරද්වාජ තෙමේ ශ්‍රමණ ගෞතමයන් උදාර ප්‍රශංසායෙන් පසස්නේ මැ යැ.

කො චාහං භො, කො ච සමණං ගොතමං පසංසිස‍්සාමි. පසත්‍ථපසත්‍ථො ව සො භවං ගොතමො, සෙට‍්ඨො දෙවමනුස‍්සානං, යෙ චිමෙ භො බ්‍රාහ‍්මණ, පඤ‍්ච ධම‍්මෙ පඤ‍්ඤාපෙන‍්ති පුඤ‍්ඤස‍්ස කිරියාය කුසලස‍්ස ආරාධනාය. චිත‍්තස‍්ස තෙ සමණො ගොතමො පරික‍්ඛාරෙ වදෙති, යදිදං චිත‍්තං අවෙරං අබ්‍යාපජ‍්ඣං තස‍්ස භාවනායාති.

භවත්නි, මම කවරෙකිම් ද, කිනම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයන් පසස්නෙම් ද? ඒ භවත් ගෞතමයෝ ප්‍රශස්තගුණයෙන් මැ ප්‍රශස්තයහ. දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨයහ. භවත්නි, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියා පිණිස කුශලාරාධනය පිණිස යම් පඤ්ච ධර්‍ම කෙනකුන් පනවත් ද, ශ්‍රමණ ගෞතමයෝ ඒ පඤ්ච ධර්‍මයන් අවෛර අව්‍යාපාද යම් සිතෙක් ඇද්ද, ඒ මෛත්‍රීචිත්තයා ගේ භාවනා පිණිස චිත්තපරිෂ්කාර කොට වදාරන සේක.

එවං වුත‍්තෙ ජාණුස‍්සොණි බ්‍රාහ‍්මණො සබ‍්බසෙතා වළභීරථා ඔරොහිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා උදානං උදානෙසි. ලාභා රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස, සුලද‍්ධලාභා රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස, යස‍්ස විජිතෙ තථාගතො විහරති අරහං සම‍්මාසම‍්බුද‍්ධො’ති.

මෙසේ කී කල ජාණුස්සෝණි බමුණු සව්සුදු වළහීරථයෙන් බැස උත්තරාසඞ්ගය එකස් කොට බහා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ උදන් ඇනී: “යම් රජක්හුගේ විජිතයෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ වැඩවසනසේක් ද, ඒ පසේනදී කොසොල්රජහට ලාභයෙක. කල්‍යාණ ලාභයෙකැ”යි.

සුභසුත‍්තං නවමං.

නව වැනි සුභසුත්‍ර යි.