යෙදුමෙන් කියවන්න

චඞ‍්කීසුත‍්තං

2. 5. 5.

2. 5. 5.

චඞ‍්කීසුත‍්තං

චඞ්කී සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං යෙන ඔපසාදං නාම කොසලානං බ්‍රාහ‍්මණගාමො තදවසරි. තත්‍ර සුදං භගවා ඔපසාදෙ විහරති උත‍්තරෙන ඔපසාදං දෙවවනෙ සාලවනෙ. තෙන ඛො පන සමයෙන චඞ‍්කී බ්‍රාහ‍්මණො ඔපසාදං අජ‍්ඣාවසති සත‍්තුස‍්සදං සතිණකට‍්ඨොදකං සධඤ‍්ඤං රාජභොග‍්ගං රඤ‍්ඤා පසෙනදිනා කොසලෙන දින‍්නං රාජදායං බ්‍රහ‍්මදෙය්‍යං.

මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ බික්සඟන හා සමග කොසොල් දනවියෙහි සැරිසරා වඩනාසේක් ඕපසාද නම් කොසොල් දනවුවැසි බ්‍රාහ්මණයන්ගේ ගම කරා වැඩිසේකි. භාග්‍යවතුන් වහන්සේ ඒ ඕපසාද බමුණුගම්හි ඕපසාදයට උතුරුදිග දේවවන නම් සල්වෙනෙහි වැඩවාස කෙරෙති. එසමයෙහි චඞ්කී බ්‍රාහ්මණ බහුජනාකීර්‍ණ වූ තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට පසේනදි කොසොල්රජු විසින් දෙන ලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ ඕපසාද නම් ගමෙහි ඊශ්වර වැ වෙසෙයි.

අස‍්සොසුං ඛො ඔපසාදකා බ්‍රාහ‍්මණගහපතිකා: ‘සමණො ඛලු භො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං ඔපසාදං අනුප‍්පත‍්තො ඔපසාදෙ විහරති උත‍්තරෙන ඔපසාදං දෙවවනෙ සාලවනෙ.

ඕපසාද ගම්වැසි බමුණුගැහැවියෝ: “භවත්නි, සැහැකුලපුත් මහණ ගොයුම්ගොතුවෝ සැහැකුලින් නික්ම පැවිදිවැ මහත් වූ බික්සඟුන් හා සමග කොසොල් දනවියෙහි සැරිසරා වඩනාසේක් ඕපසාදයට පැමිණියාහු ඕපසාදබමුණු ගම්හි ඕපසාදයට උතුරුදිගැ දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙති” යි ඇසූහ.

තං ඛො පන භගවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ‍්මකං සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙති. සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස‍්සනං හොතී’ති.

ඒ භවත් ගොයුම්ගොතුවන්ගේ වූ කලි මෙබඳු කලණ යසගීහඬෙක් උස් වැ නැඟිණ: “ඒ භාග්‍යවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍ය සාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙ ලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති, ඔබ ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ දහම අර්‍ත්‍ථ සහිත වැ ව්‍යඤ්ජන සහිත වැ දෙසති, කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති. එ බඳු රහතුන්ගේ දැක්ම මනා මැ නු” යි.

අථ ඛො ඔපසාදකා බ්‍රාහ‍්මණගහපතිකා ඔපසාදා නික‍්ඛමිත්‍වා සඞ‍්ඝාසඞ‍්ඝී ගණීභූතා උත‍්තරෙන මුඛා ගච‍්ඡන‍්ති යෙන දෙවවනං සාලවනං. තෙන ඛො පන සමයෙන චඞ‍්කී බ්‍රාහ‍්මණො උපරි පාසාදෙ දිවාසෙය්‍යං උපගතො හොති. අද‍්දසා ඛො චඞ‍්කී බ්‍රාහ‍්මණො ඔපසාදකෙ බ්‍රාහ‍්මණගහපතිකෙ, ඔපසාදා නික‍්ඛමිත්‍වා සඞ‍්ඝාසඞ‍්ඝී ගණීභූතෙ උත‍්තරෙන මුඛෙ ගච‍්ඡන‍්තෙ යෙන දෙවවනං සාලවනං, දිස‍්වාන ඛත‍්තං ආමන‍්තෙසි: කින‍්නු ඛො භො ඛත‍්තෙ, ඔපසාදකා බ්‍රාහ‍්මණගහපතිකා ඔපසාදා නික‍්ඛමිත්‍වා සඞ‍්ඝාසඞ‍්ඝී ගණීභූතා උත‍්තරෙන මුඛා ගච‍්ඡන‍්ති යෙන දෙවවනං සාලවනන‍්ති.

එසඳ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගොස් ගණ වැ උතුරු දිගට මුහුණලා දේවවන නම් සල්උයන් කරා යෙති. එසමයෙහි චඞ්කී බ්‍රාහ්මණ මතු මහල්හි දිවාශය්‍යාවට එළැඹියේ වෙයි. චඞ්කී බ්‍රාහ්මණ වැළිත් ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගොස් ගණ වැ උතුරුදස බලා දේවවන නම් සල්උයන් කරා යනුවන් දිට. දැක කතු (ඛත්ත) මහඇමැති ඇමැතී: “භවත් ඛත්තයෙනි, ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගණබැඳී උතුරුදිග බලා දේවවන නම් සල්වනයට කුමට යෙත් දැ?”යි.

අත්‍ථි භො චඞ‍්කී, සමණො භො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං ඔපසාදං අනුප‍්පත‍්තො ඔපසාදෙ විහරති උත‍්තරෙන ඔපසාදං දෙවවනෙ සාලවනෙ. තං ඛො පන භගවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති. තමෙතෙ භවන‍්තං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමන‍්තී’ති.

භවත් චඞ්කියෙනි, සැහැකුලපුත් සැහැකුලෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්ගොතුවෝ ඇත. ඔබ මහත් වූ බික්සඟුන් හා සමග කොසොල් දනවියෙහි සැරිසරනසේක් ඕපසාද නම් බමුණුගමට පැමිණියාහු ඕපසාද බමුණුගම්හි ඕපසාදයට උතුරුදිගැ දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙති. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙවන් කලණ යසගීහඬෙක් උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. තුලුහු ඒ භවත් ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙති” යි.

තෙන හි භො ඛත‍්තෙ, යෙන ඔපසාදකා බ්‍රාහ‍්මණගහපතිකා තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා ඔපසාදකෙ බ්‍රාහ‍්මණගහපතිකෙ එවං වදෙහි: චඞ‍්කී භො බ්‍රාහ‍්මණො එවමාහ: ආගමෙන‍්තු කිර භවන‍්තො, චඞ‍්කීපි බ්‍රාහ‍්මණො සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සතී’ති. එවං භොති ඛො සො ඛත‍්තො චඞ‍්කිස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පටිස‍්සුත්‍වා යෙන ඔපසාදකා බ්‍රාහ‍්මණගහපතිකා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ඔපසාදකෙ බ්‍රාහ‍්මණගහපතිකෙ එතදවොච: චඞ‍්කී භො බ්‍රාහ‍්මණො එවමාහ: ආගමෙන‍්තු කිර භවන‍්තො, චඞ‍්කීපි බ්‍රාහ‍්මණො සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සතී’ති.

එසේ වී නම් භවත් කතුවෙනි, ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියන් කරා එළැඹෙව, එළැඹැ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියනට මෙසේ කියව: “භවත්නි, චඞ්කීබ්‍රාහ්මණ මෙසේ කියයි: භවත්හු මොහොතක් බලත්වා, චඞ්කීබ්‍රාහ්මණ ද මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නේ ල” යි. ‘එසේ යැ භවත්නි’ යි ඒ කතු මහඇමැති චඞ්කීබ්‍රාහ්මණහට පිළිවදන් දී ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියන් කරා එළැඹියේ. එළැඹැ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියනට තෙල කී: “භවත්නි, චඞ්කීබ්‍රාහ්මණ මෙසේ කියයි: භවත්හු මොහොතක් බලත්වා, චඞ්කීබ්‍රාහ්මණ ද මහණ ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙත් ල” යි.

තෙන ඛො පන සමයෙන නානාවෙරජ‍්ජකානං බ්‍රාහ‍්මණානං පඤ‍්චමත‍්තානි බ්‍රාහ‍්මණසතානි ඔපසාදෙ පටිවසන‍්ති කෙනචිදෙව කරණීයෙන. අස‍්සොසුං ඛො තෙ බ්‍රාහ‍්මණා චඞ‍්කී කිර බ්‍රාහ‍්මණො සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සතී’ති. අථ ඛො තෙ බ්‍රාහ‍්මණා යෙන චඞ‍්කී බ්‍රාහ‍්මණො තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා චඞ‍්කිං බ්‍රාහ‍්මණං එතදවොචුං: සච‍්චං කිර භවං චඞ‍්කී සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සතී’ති.

එසමයෙහි වනාහි නොයෙක් වෙන් වෙන් රාජ්‍ය සම්බන්‍ධී බමුණන් අතුරෙහි පන්සියක් පමණ බමුණෝ ඕපසාද බමුණුගම්හි කිසි කටයුත්තෙකින් වෙසෙති, ඒ බමුණෝ “චඞ්කී බ්‍රාහ්මණ ශ්‍රමණ ගෞතමයන් දක්නට එළැඹෙන්නේ ල” යි ඇසූහු. එ සඳ එ බමුණෝ චඞ්කී බ්‍රාහ්මණ කරා එළැඹියහ. එළැඹැ චඞ්කීබ්‍රාහ්මණහට තෙල කීහු: “සැබැවෙක් ද, භවත් චඞ්කීබ්‍රාහ්මණ මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නේ ල?” යි.

එවං ඛො මෙ භො හොති, අහම‍්පි සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සාමීති.

භවත්නි, මට මෙසේ සිත් වෙයි: “මම ද මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නෙමි” යි.

මා භවං චඞ‍්කී සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමි. න අරහති භවං චඞ‍්කී සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිතුං, සමණොත්‍වෙව ගොතමො අරහති භවන‍්තං චඞ‍්කිං දස‍්සනාය උපසඞ‍්කමිතුං. භවං හි චඞ‍්කී උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද‍්ධගහණිකො යාව සත‍්තමා පිතාමහයුගා අක‍්ඛිත‍්තො අනුපක‍්කුට‍්ඨො ජාතිවාදෙන, යම‍්පි භවං චඞ‍්කී උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද‍්ධගහණිකො යාව සත‍්තමා පිතාමහයුගා අක‍්ඛිත‍්තො අනුපක‍්කුට‍්ඨො ජාතිවාදෙන. ඉමිනාපඞ‍්ගෙන න අරහති භවං චඞ‍්කී සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිතුං, සමණො ත්‍වෙව ගොතමො අරහති භවන‍්තං චඞ‍්කිං දස‍්සනාය උපසඞ‍්කමිතුං. භවං හි චඞ‍්කී අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො -පෙ- භවං හි චඞ‍්කී තිණ‍්ණං වෙදානං පාරගූ සනිඝණ‍්ඩුකෙටුභානං සාක‍්ඛරප‍්පභෙදානං ඉතිහාසපඤ‍්චමානං, පදකො වෙය්‍යාකරණො, ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනවයො -පෙ- භවං හි චඞ‍්කී අභිරූපො දස‍්සනීයො පාසාදිකො පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතො බ්‍රහ‍්මවණ‍්ණී බ්‍රහ‍්මවච‍්චසී අක‍්ඛුද‍්දාවකාසො දස‍්සනාය -පෙ- භවං හි චඞ‍්කී සීලවා වුද‍්ධසීලී වුද‍්ධසීලෙන සමන‍්නාගතො -පෙ- භවං හි චඞ‍්කී කල්‍යාණවාචො කල්‍යාණවාක‍්කරණො පොරියා වාචාය සමන‍්නාගතො විස‍්සට‍්ඨාය අනෙලගලාය අත්‍ථස‍්ස විඤ‍්ඤාපනියා -පෙ- භවං හි චඞ‍්කී බහුන‍්නං ආචරියපාචරියො තීණි මාණවකසතානි මන‍්තෙ වාචෙති -පෙ- භවං හි චඞ‍්කී රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස සක‍්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ- භවං හි චඞ‍්කී බ්‍රාහ‍්මණස‍්ස පොක‍්ඛරසාතිස‍්ස සක‍්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ- භවං හි චඞ‍්කී ඔපසාදං අජ‍්ඣාවසති සත‍්තුස‍්සදං සතිණකට‍්ඨොදකං සධඤ‍්ඤං රාජභොග‍්ගං රඤ‍්ඤා පසෙනදිනා කොසලෙන දින‍්නං රාජදායං බ්‍රහ‍්මදෙය්‍යං. යම‍්පි භවං චඞ‍්කී ඔපසාදං අජ‍්ඣාවසති සත‍්තුස‍්සදං සතිණකට‍්ඨොදකං සධඤ‍්ඤං රාජභොග‍්ගං රඤ‍්ඤා පසෙනදිනා කොසලෙන දින‍්නං රාජදායං බ්‍රහ‍්මදෙය්‍යං ඉමිනාපඞ‍්ගෙන න අරහති භවං චඞ‍්කී සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිතුං. සමණොත්‍වෙව ගොතමො අරහති භවන‍්තං චඞ‍්කිං දස‍්සනාය උපසඞ‍්කමිතු’න‍්ති.

භවත් චඞ්කී මහණ ගොයුමන් දක්නට නහමක් එළැඹෙව. භවත් චඞ්කී මහණ ගොයුමන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. මහණ ගොයුමෝ මැ භවත් චඞ්කී දක්නට එළැඹෙන්නට නිසියහ. භවත් චඞ්කී මවුපසින් ද පියපසින් දැ’යි දෙපසින් සුජාත මැ යැ, සත් වැනි මුත්නායුගය තෙක් පිරිසුදු මව්කුස් ඇතියෙ යැ, ජාතිවාදයෙන් උපක්‍රෝශ නො කරන ලද්දේ යැ, බැහැර නො ලන ලද්දේ යැ. යම් හෙයකින් භවත් චඞ්කී මවුපසින් ද පියපසින් දැ’යි දෙපසින් සුජාත වේ ද, සත් වැනි මුත්නායුගය තෙක් සංශුද්ධග්‍රහණී ඇතියේ ද, ජාතිවාදයෙන් උපක්‍රෝශ නො කරන ලද්දේ ද, බැහැර නො ලන ලද්දේ ද, මෙ කරුණිනුදු භවත් චඞ්කී මහණගොයුමන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. මහණ ගොයුම්හු මැ භවත් චඞ්කී දක්නට එළැඹෙන්නට නිසියහ. භවත් චඞ්කී ආඪ්‍ය යැ, මහත් ධන ඇතියේ යැ, මහත් භෝග ඇතියෙ යැ … භවත් චඞ්කී නිඝණ්ඩු කේටුභ සහිත ශික්‍ෂානිරුක්ති සහිත ඉතිහාසය පස් වනු කොට ඇති ත්‍රිවේදයෙහි පාරයට ගියේ යැ. පද හදාරනුයෙ යැ, ව්‍යාකරණ හදාරනුයෙ යැ ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ … භවත් චඞ්කී විශිෂ්ට රූප ඇතියේ යැ දැකුම්කලු යැ ප්‍රසාද එළවනුයේ යැ පරම වූ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත යැ. ශ්‍රේෂ්ඨවර්‍ණ (රන්වන්) ඇතියේ යැ මහබඹුගේ සිරුරුපැහැ ඇතියේ යැ (භවත්හුගේ සිරුර) දක්නා අවකාශය කුඩා නො වෙයි ... භවත් චඞ්කී සිල්වත් යැ වැඩුණුසිල් ඇතියේ යැ වෘද්ධශීලයෙන් සමන්‍වාගත යැ … භවත් චඞ්කී සුන්‍දරවචන ඇතියේ යැ මධුරවාක්කරණ ඇතියේ යැ පලිබෝධ රහිත වූ කෙළතොලු නො වූ අරුත් හැඟවීමෙහි නිසි පෞරවචනයෙන් සමන්‍වාගත යැ … භවත් චඞ්කී බොහෝ දෙනාට ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වෙයි. තුන් සියක් මාණවකයනට මන්ත්‍රහදාරවයි … භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් සත්කෘත යැ ගරුකෘත යැ මානිත යැ පූජිත යැ අපචායන කරන ලද … භවත් චඞ්කී පොක්ඛරසාති බමුණු විසින් සත්කාර ගරුකාර මානන පූජා අපචායන කරන ලද ... භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට දෙනලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ බහුජනාකීර්‍ණ ඕපසාද බමුණුගම්හි වෙසෙයි. යම් හෙයෙකින් භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට දෙන ලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ බහුජනාකීර්‍ණ ඕපසාද බමුණුගම්හි වෙසේ ද, මෙ කරුණිනුදු භවත් චඞ්කී ශ්‍රමණගෞතමයන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. ශ්‍රමණ ගෞතමයෝ මැ භවත් චඞ්කීහු දක්නට එළැඹෙන්නට නිසියහ” යි.

එවං වුත‍්තෙ චඞ‍්කී බ්‍රාහ‍්මණො තෙ බ්‍රාහ‍්මණෙ එතදවොච: තෙන හි භො, මමපි සුණාථ යථා මයමෙව අරහාම තං භවන‍්තං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිතුං. න ත්‍වෙව අරහති සො භවං ගොතමො අම‍්හාකං දස‍්සනාය උපසඞ‍්කමිතුං.

මෙසේ කී කල්හි චඞ්කීබ්‍රාහ්මණ ඒ බමුණනට තෙල කී ‘එසේ වී නම් භවත්නි, යම් සේ අපි ම ඒ භවත් ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙන්නට නිසියමෝ ද, ඒ භවත් ගොයුම්ගොතුවෝ අප දක්නට එළැඹෙන්නට නො නිසි වෙත් ද එසේ වූ මබසුදු අසව’.

සමණො ඛලු භො ගොතමො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද‍්ධගහණිකො යාව සත‍්තමා පිතාමහයුගා අක‍්ඛිත‍්තො අනුපක‍්කුට‍්ඨො ජාතිවාදෙන. යම‍්පි භො සමණො ගොතමො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද‍්ධගහණිකො යාව සත‍්තමා පිතාමහයුගා අක‍්ඛිත‍්තො අනුපක‍්කුට‍්ඨො ජාතිවාදෙන, ඉමිනාපඞ‍්ගෙන න අරහති සො භවං ගොතමො අම‍්හාකං දස‍්සනාය උපසඞ‍්කමිතුං, අථ ඛො මයමෙව අරහාම තං භවන‍්තං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිතුං.

භවත්නි, මහණ ගොයුම්හු වූකලි මව්පසින් ද පියපසින් දැ’යි දෙපසින් සුජාතයහ, සත් වැනි මුත්නායුගය තෙක් සංශුද්ධමාතෘකුක්‍ෂි ඇතියහ, ජාතිවාදයෙන් බැහැර නො ලනලද උපක්‍රෝශ නො කරන ලද. මෙ කරුණිනුදු ඒ භවත් ගෞතමයෝ අප දක්නට එළැඹෙන්නට නො නිසියහ, වැළිත් අපි මැ ඒ භවත් ගෝතමයන් දක්නට එළැඹෙන්නට නිසියම්හ.

සමණො ඛලු භො ගොතමො පහූතං හිරඤ‍්ඤසුවණ‍්ණං ඔහාය පබ‍්බජිතො භූමිගතඤ‍්ච වෙහාසට‍්ඨඤ‍්ච -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු වූ කලි භූමිගත වූත් ආකාශගත වූත් බොහෝ වූ හිරණ්‍යසුවර්‍ණ හැරපියා පැවිදි වූහ …

සමණො ඛලු භො ගොතමො දහරො සමානො සුසුකාලකෙසො භද්‍රෙන යොබ‍්බනෙන සමන‍්නාගතො පඨමෙන වයසා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු වූකලි තරුණ වූවාහු මැ මනා කළුකෙහෙ ඇතියාහු භද්‍රයෞවනයෙන් සමන්‍වාගත වූවාහු පළමු වයස්හි ගිහිගෙන් නික්ම සසුන් වන්හ ...

සමණො ඛලු භො ගොතමො අකාමකානං මාතාපිතුන‍්නං අස‍්සුමුඛානං රුදන‍්තානං කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු වූ කලි නො කැමැති මව්පියන් කඳුළු වගුළමුහුණු ඇති වැ හඬද්දී කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන් වන්හ ...

සමණො ඛලු භො ගොතමො අභිරූපො දස‍්සනීයො පාසාදිකො පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතො බ්‍රහ‍්මවණ‍්ණී බ්‍රහ‍්මවච‍්චසී අක‍්ඛුද‍්දාවකාසො දස‍්සනාය -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු වූකලි විශිෂ්ට රූප ඇතියහ, දර්‍ශනීයහ ප්‍රසාද එළවනුවහ, පරම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගතයහ, රන්වන්හ, මහබඹහු බඳු සිරුරු ඇතියහ, කුඩා නො වූ දර්‍ශනාවකාශ ඇතියහ ...

සමණො ඛලු භො ගොතමො සීලවා අරියසීලී කුසලසීලී කුසලසීලෙන සමන‍්නාගතො -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු වූකලි සිල්වත්හ, ආර්‍ය්‍යශීල ඇතියහ, කුශල (නිරවද්‍ය) ශීල ඇතියහ, කුශලශීලයෙන් සමන්‍වාගතයහ. ...

සමණො ඛලු භො ගොතමො කල්‍යාණවාචො කල්‍යාණවාක‍්කරණො පොරියා වාචාය සමන‍්නාගතො විස‍්සට‍්ඨාය අනෙලගලාය අත්‍ථස‍්ස විඤ‍්ඤාපනියා -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු වූකලි කලණබස් ඇතියහ, මධුර වාක්කරණ (උසුරුවිම්ගොස) ඇතියහ, පරිබාධ රහිත වූ කෙළතොලු නො වූ අරුත් හඟවනු සමත් පෞරජනයන්ගේ වචනයට බඳු වචනයෙන් සමන්‍වාගතයහ ...

සමණො ඛලු භො ගොතමො බහුන‍්නං ආචරියපාචරියො -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු වූකලි බොහෝ දෙනාහට ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යයහ ...

සමණො ඛලු භො ගොතමො ඛීණකාමරාගො විගතචාපල‍්ලො -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු ක්‍ෂය කළ කාමරාග ඇතියහ පහවූ චපල බව ඇතියහ ....

සමණො ඛලු භො ගොතමො කම‍්මවාදී කිරියවාදී අපාපපුරෙක‍්ඛාරො බ්‍රහ‍්මඤ‍්ඤාය පජාය -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු වූකලි කර්‍මවාදීයහ, ක්‍රියාවාදීයහ නවලොවුතුරු දහම් පෙරටු කොට ඇතියහ, බ්‍රාහ්මණ්‍යප්‍රජාව පෙරටු කොට ඇතියහ ....

සමණො ඛලු භො ගොතමො උච‍්චාකුලා පබ‍්බජිතො අසම‍්භින‍්නා ඛත‍්තියකුලා -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු වූකලි අමිශ්‍ර ක්‍ෂත්‍රියකුල සඞ්ඛ්‍යාත උසස්කුලෙන් නික්ම පැවිදි වූවහ ....

සමණො ඛලු භො ගොතමො අඩ‍්ඪකුලා පබ‍්බජිතො මහද‍්ධනා මහාභොගා -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු වූකලි මහද්ධන ඇති මහද්භෝග ඇති ආඪ්‍යකුලයෙන් නික්ම පැවිදි වූවහ ....

සමණං ඛලු භො ගොතමං තිරොරට‍්ඨා තිරොජනපදා සම‍්පුච‍්ඡිතුං ආගච‍්ඡන‍්ති -පෙ-

භවත්නි, මහණ ගොයුමන් වූකලි (පැන) පුළුවුස්නට පරරටින් පරදනවියෙන් (ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදි පණ්ඩිතයෝ) එති ....

සමණං ඛලු භො ගොතමං අනෙකානි දෙවතාසහස‍්සානි පාණෙහි සරණං ගතානි -පෙ-

භවත්නි, මහණ ගොයුමන් වූකලි නොයෙක් දහස් ගණන් දෙවියෝ දිවිහිමියෙන් සරණ ගියහ ....

සමණං ඛලු භො ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති -පෙ-

භවත්නි, මහණ ගොයුම්ගොතුවන්ගේ වූකලි මෙ බඳු කලණ යසගී උස් වැ නැගිණ: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථියහ, දෙවිමිනිසුනට ශාස්තෘවහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි ....

සමණො ඛලු භො ගොතමො ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණෙහි සමන‍්නාගතො -පෙ-

භවත්නි, මහණ ගොයුම්හු වූකලි දෙතිස් මහපුරිස්ලකුණින් සමන්‍වාගතයහ ....

සමණං ඛලු භො ගොතමං රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො සපුත‍්තදාරො පාණෙහි සරණං ගතො -පෙ-

භවත්නි, මහණ ගොයුමන් මගධේශ්වර සේනිය බිම්බිසාර රජ පුත්‍රදාරාවන් සහිත වැ දිවිහිම් වැ සරණ ගියේ යි ...

සමණං ඛලු භො ගොතමං රාජා පසෙනදි කොසලො සපුත‍්තදාරො පාණෙහි සරණං ගතො -පෙ-

භවත්නි, මහණ ගොයුමන් වූකලි පසේනදි කොසොල් රජ පුත්‍රදාරාවන් සහිත වැ දිවිහිම් කොට සරණ ගියේ යි ...

සමණං ඛලු භො ගොතමං බ්‍රාහ‍්මණො පොක‍්ඛරසාති සපුත‍්තදාරො පාණෙහි සරණං ගතො -පෙ-

භවත්නි, මහණ ගොයුමන් වූකලි පොක්ඛරසාති බමුණු පුත්‍රදාරාවන් සහිත වැ දිවිහිමියෙන් සරණ ගියේ යි ...

සමණො ඛලු භො ගොතමො ඔපසාදං අනුප‍්පත‍්තො ඔපසාදෙ විහරති උත‍්තරෙන ඔපසාදං දෙවවනෙ සාලවනෙ. යෙ පන ඛො කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා අම‍්හාකං ගාමක‍්ඛෙත‍්තං ආගච‍්ඡන‍්ති. අතිථී නො තෙ හොන‍්ති. අතිථී ඛො පනම‍්හෙහි සක‍්කාතබ‍්බා ගරුකාතබ‍්බා මානෙතබ‍්බා පූජෙතබ‍්බා. යම‍්පි භො සමණො ගොතමො ඔපසාදං අනුප‍්පත‍්තො ඔපසාදෙ විහරති උත‍්තරෙන ඔපසාදං දෙවවනෙ සාලවනෙ. අතිථි අස‍්මාකං සමණො ගොතමො. අතිථි ඛො පනම‍්හෙහි සක‍්කාතබ‍්බො ගරුකාතබ‍්බො මානෙතබ‍්බො පූජෙතබ‍්බො. ඉමිනාපඞ‍්ගෙන න අරහති සො භවං ගොතමො අම‍්හාකං දස‍්සනාය උපසඞ‍්කමිතුං. අථ ඛො මයමෙව අරහාම තං භවන‍්තං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිතුං. එත‍්තකං ඛො අහං භො තස‍්ස භොතො ගොතමස‍්ස වණ‍්ණං පරියාපුණාමි. නො ච සො භවං ගොතමො එත‍්තකවණ‍්ණො, අපරිමාණවණ‍්ණො හි සො භවංගොතමො. එකමෙකෙනපි භො, අඞ‍්ගෙන සමන‍්නාගතො න අරහති සො භවං ගොතමො අම‍්හාකං දස‍්සනාය උපසඞ‍්කමිතුං. අථ ඛො මයමෙව අරහාම තං භවන‍්තං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිතුං. තෙන හි භො සබ‍්බෙව මයං සමණං ගොතමං දස‍්සනාය උපසඞ‍්කමිස‍්සාමා’ති.

භවත්නි, මහණ ගොයුම්ගොතුවෝ ඕපසාද බමුණුගමට පැමිණියාහු ඕපසාදයෙහි ඕපසාදයට උතුරුදික්හි දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙති. යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි අපගේ ගම්කෙතට එත් ද, ඔහු අපට ආගන්තුක වෙති, ආගන්තුකයෝ වැළිත් අප විසින් සත්කාර ගරුකාර මානන පූජා කළයුත්තාහ. භවත්නි, යම් හෙයෙකින් මහණ ගොයුම්ගොතුවෝ ඕපසාද බමුණුගමට වැඩියාහු ඕපසාද බමුණුගමැ ඕපසාදයට උතුරුදස දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙත් ද, එහෙයින් මහණ ගොයුම්හු අපට අමුතුවහ. අමුතුවෝ වැළිත් අප විසින් සත්කාර ගරුකාර මානන පූජා කළයුත්තාහ. මෙ කරුණිනුදු ඒ භවත් ගෞතමයන් වහන්සේ අප දක්නට එළැඹෙන්නට නො නිසියහ. අපි මැ වැළිත් ඒ භවත් ගෞතමයන් දක්නට එළැඹෙන්නට නිසියම්හ. භවත්නි, මම් ඒ භවත් ගෞතමයන්ගේ මෙතෙක් මැ ගුණ දනිමි. ඒ භවත් ගොයුම්ගොතුවෝ මෙතෙක් මැ ගුණ ඇතියාහු නො ද වෙති. ඒ භවත් ගොයුමාණෝ අපමණ ගුණ ඇතියාහු මැ යි. භවත්නි, එකෙකි අභිනුදු සමන්‍වාගත වූ ඒ භවත් ගොයුම්ගොතුවෝ අප දක්නට එළැඹෙන්නට නො නිසියහ. අපි මැ වැළිත් ඒ භවත් ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙන්නට නිසියම්හ, එසේ වී නම් භවත්නි, අපි හැමදෙනමෝ මහණ ගොයුමන් දක්නට එළැඹෙම්හ” යි.

අථ ඛො චඞ‍්කී බ්‍රාහ‍්මණො මහතා බ්‍රාහ‍්මණගණෙන සද‍්ධිං යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. තෙන ඛො පන සමයෙන භගවා වුද‍්ධෙහි වුද‍්ධෙහි බ්‍රාහ‍්මණෙහි සද‍්ධිං කිඤ‍්චි කිඤ‍්චි කථං සාරාණීයං වීතිසාරෙත්‍වා නිසින‍්නො හොති.

එසඳ චඞ්කී බ්‍රාහ්මණ මහත් වූ බමුණුගණයා හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු වියයුතු සාරාණීය කථා කොට නිමවා එකත්පස් වැ හින. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහලු මහලු බමුණන් හා සමග කිසි කිසි සාරාණීයකථා කොට නිමවා වැඩහුන්නාහු වෙති.

තෙන ඛො පන සමයෙන කාපටිකො නාම මාණවො දහරො වුත‍්තසිරො සොළසවස‍්සුද‍්දෙසිකො ජාතියා, තිණ‍්ණං වෙදානං පාරගූ සනිඝණ‍්ඩුකෙටුභානං සාක‍්ඛරප‍්පභෙදානං ඉතිහාසපඤ‍්චමානං පදකො වෙය්‍යාකරණො ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනවයො, තස‍්සං පරිසායං නිසින‍්නො හොති. සො වුද‍්ධානං බ්‍රාහ‍්මණානං භගවතා සද‍්ධිං මන‍්තයමානානං අන‍්තරන‍්තරා කථං ඔපාතෙති. අථ ඛො භගවා කාපටිකං මාණවං අපසාදෙසි: මායස‍්මා භාරද‍්වාජො වුද‍්ධානං වුද‍්ධානං බ්‍රාහ‍්මණානං මන‍්තයමානානං අන‍්තරන‍්තරා කථං ඔපාතෙතු, කථාපරියොසානං ආයස‍්මා භාරද‍්වාජො ආගමෙතූ’ති. එවං වුත‍්තෙ චඞ‍්කී බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: මා භවං ගොතමො කාපටිකං මාණවං අපසාදෙසි, කුලපුත‍්තො ච කාපටිකො මාණවො බහුස‍්සුතො ච කාපටිකො මාණවො කල්‍යාණවාක‍්කරණො ච කාපටිකො මාණවො පණ‍්ඩිතො ච කාපටිකො මාණවො, පහොති ච කාපටිකො මාණවො භොතා ගොතමෙන සද‍්ධිං අස‍්මිං වචනෙ පතිමන‍්තෙතු’න‍්ති.

එසමයෙහි තරුණ වූ බහාලූ කෙහෙ ඇති උපතින් සොළොස්වස් පමණ ඇති, නිඝණ්ඩු කේටුභ සහිත ශික්‍ෂානිරුක්ති සහිත ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයෙහි පාරයට ගිය පද හදාරන ව්‍යාකරණ හදාරන ලෝකායතමහාපුරුෂලක්‍ෂණයෙහි අනූන වූ කාපටික නම් මාණව එ පිරිස්හි හුන්නේ වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේ හා සමග මන්ත්‍රණ කරන මහලු බමුණනට අතුරතුරෙහි කථා බහාලයි. එසඳ බුදුහු “ආයුෂ්මත් භාරද්වාජ මන්ත්‍රණ කරන මහලු බමුණනට අතුරතුරෙහි නහමක් කථා බහාලව. ආයුෂ්මත් භාරද්වාජ කථා පර්‍ය්‍යවසානය බලව” යි කාපටික මණෙවු බැහැර කළහ. මෙසේ වදාළ කල්හි චඞ්කී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ: “භවත් ගෞතමයන් වහන්සේ කාපටික මාණව නහමක් බැහැර ලන සේක්වා. කාපටික මාණව කුලපුත්‍ර ද වෙයි, කාපටික මාණව බහුශ්‍රුත ද වෙයි, කාපටික මාණව කල්‍යාණවාක්කරණ ද වෙයි, කාපටික මාණව පණ්ඩිත ද වෙයි, කාපටික මාණව මේ වචනයෙහි භවත් ගොයුම්ගොතුවන් හා සමග ප්‍රතිමන්ත්‍රණ කරන්නට පොහෝනේ යැ” යි.

අථ ඛො භගවතො එතදහොසි: ‘අද‍්ධා ඛො කාපටිකස‍්ස මාණවස‍්ස තෙවිජ‍්ජකෙ පාවචනෙ කතං භවිස‍්සති. තථා හි නං බ්‍රාහ‍්මණා සම‍්පුරෙක‍්ඛරොන‍්තී’ති. අථ ඛො කාපටිකස‍්ස මාණවස‍්ස එතදහොසි: ‘යදා මෙ සමණො ගොතමො චක‍්ඛුනා චක‍්ඛුං උපසංහරිස‍්සති, අථාහං සමණං ගොතමං පඤ‍්හං පුච‍්ඡිස‍්සාමී’ති. අථ ඛො භගවා කාපටිකස‍්ස මාණවස‍්ස චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය යෙන කාපටිකො මාණවො තෙන චක‍්ඛූනි උපසංහාසි. අථ ඛො කාපටිකස‍්ස මාණවස‍්ස එතදහොසි: ‘සමන‍්නාහරති ඛො මං සමණො ගොතමො, යන‍්නූනාහං සමණං ගොතමං පඤ‍්හං පුච‍්ඡෙය්‍ය’න‍්ති. අථ ඛො කාපටිකො මාණවො භගවන‍්තං එතදවොච: ‘යමිදං භො ගොතම, බ්‍රාහ‍්මණානං පොරාණානං මන‍්තපදං ඉතිහිතිහ පරම‍්පරාය පිටකසම‍්පදාය, තත්‍ථ ච බ්‍රාහ‍්මණා එකංසෙන නිට‍්ඨං ගච‍්ඡන‍්ති. ‘ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති, ඉධ භවං ගොතමො කිමාහා’ති.

එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “ඒකාන්තයෙන් මැ කාපටික මාණව ත්‍රිවේද සඞ්ඛ්‍යාත ප්‍රවචනය හදාළේ වන. එසේ මැ යි බ්‍රාහ්මණයෝ ඔහු පෙරටු කොට හැසිරෙති” යි. එසඳ කාපටික මාණවහට තෙල සිත් වී: “යම් කලෙක ශ්‍රමණ ගෞතම ඔබගේ ඇසින් මාගේ ඇස බලා ද එකල්හි මම් ශ්‍රමණ ගෞතමයන් අතින් පැන පුළුවුස්මි” යි. ඉක්බිති බුදුහු තමන් සිතින් කාපටික මාණවගේ චිත්තපරිවිතර්‍කය දැන කාපටික මාණව කරා දෙනුවන් එළැවූහ. එසඳ කාපටික මාණවහට තෙල සිත් වී: “මහණ ගොයුම්හු මා මෙනෙහි කෙරෙති, මම් මහණ ගොයුම් ගොතුවන් අතින් පැන පුළුවුස්නෙම් නම් මනා මැ නු” යි. ඉක්බිති කාපටික මාණව භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගෞතමයන් වහන්ස, පැරැණි බමුණන්ගේ පරම්පරායෙහි පිටකසම්ප්‍රදායයෙහි ‘මෙසේ මෙසේ වී යැ’යි යම් මන්ත්‍රපදයෙක් වේ ද, එහිදු බ්‍රාහ්මණයෝ ‘මේ මැ සත්‍ය යැ, තදන්‍යය සිස් යැ’යි ඒකාන්තයෙන් නිෂ්ඨාවට යෙති. මෙහි ලා භවත් ගෞතමයෝ කුමක් කියත් දැ?”යි.

කිං පන භාරද‍්වාජ, අත්‍ථි කොචි බ්‍රාහ‍්මණානං එකබ්‍රාහ‍්මණොපි යො එවමාහ: ‘අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි: ‘ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති.

කිම භාරද්වාජයෙනි, බමුණන් අතුරෙහි යමෙක් “මම තෙල කරුණ දනිමි, මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ අන්‍යය සිස් යැ”යි මෙසේ කියා නම් එබඳු කිසි එකද බමුණෙක් ඇද්ද?

නො හිදං භො ගොතම.

මේ නො වේ මැ යි භවත් ගෞතමයෙනි.

කිං පන භාරද‍්වාජ, අත්‍ථි කොචි බ්‍රාහ‍්මණානං එකාචරියොපි එකාචරියපාචරියොපි යාව සත‍්තමා ආචරියමහයුගාපි, යො එවමාහ: අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති.

කිම භාරද්වාජයෙනි, බමුණන් අතුරෙහි යමෙක් “මම තෙල කරුණ දනිමි. මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ සෙස්ස සිස් යැ”යි මෙසේ කියා නම් එබඳු කිසි එකද ආචාර්‍ය්‍යයෙක් එකද ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යයෙක් සත් වැනි ප්‍රාචාර්‍ය්‍යයුගය හිම් කොට පවා ඇද්ද?

නොහිදං භො ගොතම.

මේ නො වේ මැ යි භවත් ගොයුමාණෙනි.

කිං පන භාරද‍්වාජ, යෙපි තෙ බ්‍රාහ‍්මණානං පුබ‍්බකා ඉසයො මන‍්තානං කත‍්තාරො මන‍්තානං පවත‍්තාරො, යෙසමිදං එතරහි බ්‍රාහ‍්මණා පොරාණං මන‍්තපදං ගීතං පවුත‍්තං සමිහිතං තදනුගායන‍්ති තදනුභාසන‍්ති, භාසිතමනුභාසන‍්ති, වාචිතමනුවාචෙන‍්ති. සෙය්‍යථීදං: ‘අට‍්ටකො වාමකො වාමදෙවො වෙස‍්සාමිත‍්තො යමතග‍්ගි අඞ‍්ගීරසො භාරද‍්වාජො වාසෙට‍්ඨො කස‍්සපො භගු. තෙපි එවමාහංසු: ‘මයමෙතං ජානාම, මයං මෙතං පස‍්සාම: ‘ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති.

කිම භාරද්වාජයෙනි, මන්ත්‍රකර්‍තෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ බමුණන්ගේ යම් පූර්‍ව ඍෂි කෙනෙක් ඇද්ද, යම් කෙනෙකුන් විසින් හදාළ වාචනා කළ රැස් කොට තැබූ පෞරාණමන්ත්‍රපදයක් මෙකලැ බමුණෝ (ඔවුන් විසින්) ගයනලද්ද අනුව ගයත් ද ඔවුන් අනුව බෙණෙත් ද, බණනලද්ද අනුව බෙණෙත් ද, වාචනා කරන ලද්ද අනුව වාචනා කෙරෙද්ද ඔහු යි. යළි ඔහු කවරහයත්: අට්ටක යැ වාමක යැ වාමදේව යැ වෙස්සාමිත්ත යැ යමතග්ගී යැ අඞ්ගීරස යැ භාරද්වාජ යැ වාසෙට්ඨ යැ කස්සප යැ භඟු යැ යන මොහු යි. ඔහුදු ‘තෙල කරුණ අපි දනුම්හ, තෙල කරුණ අපි දකුම්හ. මේ මැ සත්‍ය යැ තදන්‍යය සිස් යැ’යි කීහු ද?

නො හිදං භො ගොතම.

මෙ කරුණ නො වේ මැ යි භවත් ගොයුමාණෙනි.

ඉති කිර භාරද‍්වාජ, නත්‍ථි කොචි බ්‍රාහ‍්මණානං එකබ්‍රාහ‍්මණොපි යො එවමාහ: ‘අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි. ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤන‍්ති. නත්‍ථි කොචි බ්‍රාහ‍්මණානං එකාචරියොපි එකාචරියපාචරියොපි යාව සත‍්තමා ආචරියමහයුගා, යො එවමාහ: ‘අහමෙතං ජානාමි, අහමෙතං පස‍්සාමි, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. යෙපි තෙ බ්‍රාහ‍්මණානං පුබ‍්බකා ඉසයො මන‍්තානං කත‍්තාරො මන‍්තානං පවත‍්තාරො යෙසමිදං එතරහි බ්‍රාහ‍්මණා පොරාණං මන‍්තපදං ගීතං පවුත‍්තං සමිහිතං තදනුගායන‍්ති, තදනුභාසන‍්ති, භාසිතමනුභාසන‍්ති, වාචිතමනුවාචෙන‍්ති. සෙය්‍යථිදං: ‘අට‍්ටකො වාමකො වාමදෙවො වෙස‍්සාමිත‍්තො යමතග‍්ගි අඞ‍්ගීරසො භාරද‍්වාජො වාසෙට‍්ඨො කස‍්සපො භගු’ තෙපි න එවමාහංසු: ‘මයමෙතං ජානාම, මයමෙතං පස‍්සාම, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති.

මෙසෙයින් භාරද්වාජයෙනි, බමුණන් කෙරෙහි යමෙක් ‘මම තෙල කරුණ දනිමි, මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ, අන්‍යය සිස් යැ’යි මෙසේ කියා නම් එබඳු කිසි එකද බමුණෙක් නැත් ල, බමුණන් කෙරෙහි යමෙක් ‘මම තෙල කරුණ දනිමි, මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ සෙස්ස සිස් යැ’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද ආචාර්‍ය්‍යයෙක් එක ද ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යයෙක් සත් වැනි ප්‍රාචාර්‍ය්‍යයුගය හිම් කොට නැත් ල, බමුණන්ගේ මන්ත්‍ර කර්‍තෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ යම් ඒ පූර්‍ව ඍෂි කෙනෙකුත් ඇද්ද, යම් කෙනෙකුන් විසින් හදාළ වාචනා කළ රැස් කොට තැබූ මේ පැරැණි මන්ත්‍රපදයක් මෙකලැ බමුණෝ ඔවුන් අනුව ගයත් ද ඔවුන් අනුව බෙණෙත් ද, කියනලද්ද අනුව කියත් ද, වාචනා කරන ලද්ද අනුව වාචනා කෙරෙත් ද, ඔහු යි, වැළි ඔහු කවරහයත්: අට්ටක යැ වාමක යැ වාමදෙව යැ විශ්වාමිත්‍ර යැ යමදග්නි යැ අඞ්ගීරස් යැ භාරද්වාජ යැ වාශිෂ්ඨ යැ කාශ්‍යප යැ භාගු යැ යන මොහු යි. ඔහුදු “අපි තෙල දනුම්හ, අපි තෙල දකුම්හ, මේ මැ සත්‍ය යැ තදන්‍ය සිස් යැ”යි මෙසේ නො කීහු.

‘සෙය්‍යථාපි භාරද‍්වාජ, අන්‍ධවෙණි පරම‍්පරාසංසත‍්තා පුරිමොපි න පස‍්සති, මජ‍්ඣිමොපි න පස‍්සති, පච‍්ඡිමොපි න පස‍්සති. එවමෙව ඛො භාරද‍්වාජ, අන්‍ධවෙණූපමං මඤ‍්ඤෙ බ්‍රාහ‍්මණානං භාසිතං සම‍්පජ‍්ජති. පුරිමොපි න පස‍්සති, මජ‍්ඣිමොපි න පස‍්සති, පච‍්ඡිමොපි න පස‍්සති. තං කිං මඤ‍්ඤසි භාරද‍්වාජ, න නු එවං සන‍්තෙ බ්‍රාහ‍්මණානං අමූලිකා සද‍්ධා සම‍්පජ‍්ජතී’ති.

භාරද්වාජ, යම් පරිදි පරම්පරා විසින් සංසක්ත (බැඳුණු) වූ අන්‍ධවේණියෙක් ඇද්ද, එහි පළමු අන්‍ධයා ද නො දක්නේ යැ, මධ්‍යම අන්‍ධයා ද නො දක්නේ වේ ද, පශ්චිම අන්‍ධයා ද නො දක්නේ වේ ද, භාරද්වාජය, එ පරිදි මැ බ්‍රාහ්මණයන්ගේ භාෂිතය අන්‍ධවේණුපමා මෙන් වෙයි. (පළමු කී දස බමුණන් කෙරෙහි) පුරිම බමුණුදු නො දක්නේ යැ, මධ්‍යම බමුණුදු නො දක්නේ යැ, පශ්චිම බමුණුදු නො දක්නේ යැ. භාරද්වාජය, ඒ කෙසේ හඟිහි? මෙසේ ඇති වත් මැ බමුණන් ගේ සැදැහැ අමූලික වන්නේ නො වේ ද?

න ඛොත්‍ථ භො ගොතම, බ්‍රාහ‍්මණා සද‍්ධායෙව පයිරුපාසන‍්ති, අනුස‍්සවාපෙත්‍ථ බ්‍රාහ‍්මණා පයිරුපාසන‍්තී’ති.

භවත් ගෞතමයෙනි, මෙහි ලා බමුණෝ සැදැහැයෙන් මැ පර්‍ය්‍යුපාසනා නො කෙරෙති. මෙහි ලා අනුශ්‍රවයෙනුදු බමුණෝ පර්‍ය්‍යුපාසනා කෙරෙති.

පුබ‍්බෙව ඛො ත්‍වං භාරද‍්වාජ, සද‍්ධං අගමාසි, අනුස‍්සවං ඉදානි වදෙසි. පඤ‍්ච ඛො ඉමෙ, භාරද‍්වාජ, ධම‍්මා දිට‍්ඨෙවධම‍්මෙ ද‍්විධා විපාකා. කතමෙ පඤ‍්ච: සද‍්ධා, රුචි, අනුස‍්සවො, ආකාරපරිවිතක‍්කො, දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්ති. ඉමෙ ඛො භාරද‍්වාජ, පඤ‍්ච ධම‍්මා දිට‍්ඨෙවධම‍්මෙ ද‍්විධා විපාකා. අපි ච භාරද‍්වාජ, සුසද‍්දහිතං යෙව හොති, තඤ‍්ච හොති රිත‍්තං තුච‍්ඡං මුසා, නො චෙපි සුසද‍්දහිතං හොති, භූතං තච‍්ඡං අනඤ‍්ඤථා. අපි ච භාරද‍්වාජ, සුරුචිතං යෙව හොති. -පෙ- ස‍්වානුස‍්සුතං යෙව හොති -පෙ- සුපරිවිතක‍්කිතං යෙව හොති. -පෙ- සුනිජ‍්ඣායිතං යෙව හොති. තඤ‍්ච හොති රිත‍්තං තුච‍්ඡං මුසා, නො චෙපි සුනිජ‍්ඣායිතං හොති, භූතං තච‍්ඡං අනඤ‍්ඤථා. සච‍්චමනුරක‍්ඛතා භාරද‍්වාජ, විඤ‍්ඤුනා පුරිසෙන නාලමෙත්‍ථ එකංසෙන නිට‍්ඨං ගන‍්තුං ‘ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති.

භාරද්වාජය, පළමු මැ තෝ සැදැහැ කරා ගියෙහි. දැන් අනුශ්‍රවය කියහි. භාරද්වාජය, මේ ධර්‍මයෝ පස් දෙනෙක් දුටුදැමියෙහි මැ (භූත අභූත විසින්) දෙවැදෑරුම් විපාක ඇත්තාහ. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධා යැ, රුචි යැ, අනුශ්‍රව යැ, ආකාරපරිවිතර්‍ක යැ, දිට්ඨනිජ්ඣානඛන්ති යැ යන මොහු යි. භාරද්වාජය, මේ පඤ්ච ධර්‍මයෝ ඉහාත්මයෙහි මැ දෙවැදෑරුම් විපාක ඇත්තාහ. භාරද්වාජය, මොනොවට අදහනලද නමුදු එ ද රිත්ත වෙයි, තුච්ඡ වෙයි, මෘෂා වෙයි, නො අදහනලද නමුදු භූත වෙයි, තථ්‍ය වෙයි, අනන්‍යථා වෙයි. භාරද්වාජය, මැනැවින් රුස්නාලද නමුදු … මොනොවට අසනලද නමුදු … මොනොවට පරිවිතර්‍ක කරනාලද නමුදු … මොනොවට සිතින් බලනලද නමුදු එ ද රික්ත වෙයි, තුච්ඡ වෙයි, මෘෂා වෙයි. නො බලනලද නමුදු භූත වෙයි, තථ්‍ය වෙයි, අනන්‍යථා වෙයි, භාරද්වාජය, සත්‍යය රක්නා විඥපුරුෂයකු විසින් “මෙය මැ සත්‍ය යැ අනෙක මෝඝ යැ”යි මෙහි ලා ඒකාන්තයෙන් නිෂ්ඨාවට යනු නො නිසි යැ.

කිත‍්තාවතා පන භො ගොතම, සච‍්චානුරක‍්ඛනා හොති, කිත‍්තාවතා සච‍්චමනුරක‍්ඛති? සච‍්චානුරක‍්ඛනං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමා’ති.

භවත් ගෞතමයෙනි, කිපමණෙකින් සත්‍යානුරක්‍ෂණ වේ ද? කිපමණෙකින් සත්‍යය රක්නේ වේ ද? අපි භවත් ගෞතමයන් සත්‍යානුරක්‍ෂණව පුළුවුසුම්හ’යි.

සද‍්ධා චෙපි භාරද‍්වාජ, පුරිසස‍්ස හොති, ‘එවං මෙ සද‍්ධා’ති ඉති වදං සච‍්චමනුරක‍්ඛති, න ත්‍වෙව තාව එකංසෙන නිට‍්ඨං ගච‍්ඡති: ‘ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. එත‍්තාවතා ඛො භාරද‍්වාජ සච‍්චානුරක‍්ඛනා හොති. එත‍්තාවතා සච‍්චමනුරක‍්ඛති. එත‍්තාවතා ච මයං සච‍්චානුරක‍්ඛනං පඤ‍්ඤාපෙම. න ත්‍වෙව තාව සච‍්චානුබොධො හොති. රුචි චෙපි භාරද‍්වාජ, පුරිසස‍්ස හොති, -පෙ- අනුස‍්සවො චෙපි භාරද‍්වාජ, පුරිසස‍්ස හොති, -පෙ- ආකාරපරිවිතක‍්කො චෙපි භාරද‍්වාජ, පුරිසස‍්ස හොති, -පෙ- දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්ති චෙපි භාරද‍්වාජ, පුරිසස‍්ස හොති ‘එවං මෙ දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තී’ති ඉති වදං සච‍්චමනුරක‍්ඛති න ත්‍වෙව තාව එකංසෙන නිට‍්ඨං ගච‍්ඡති: ‘ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති. එත‍්තාවතා ඛො භාරද‍්වාජ, සච‍්චානුරක‍්ඛනා හොති, එත‍්තාවතා සච‍්චමනුරක‍්ඛති, එත‍්තාවතා ච මයං සච‍්චානුරක‍්ඛනං පඤ‍්ඤාපෙම. න ත්‍වෙව තාව සච‍්චානුබොධො හොතී’ති.

භාරද්වාජය, “මා ඇදැහිලි මෙසේ යැ”යි ඉදින් පුරුෂයක්හට සැදැහැ ඇති වේ නම් මෙසේ බණනුයේ සත්‍යය රක්නේ වෙයි. එසේ වුව ද එතෙකින් ඒකාන්තයෙන් නිෂ්ඨාවට නො මැ යෙයි. ‘මෙය මැ සත්‍ය යැ, අනෙක අසත්‍ය යැ’ කියා යි. භාරද්වාජය, මෙතෙකින් සත්‍යානුරක්‍ෂණ වෙයි. මෙතෙකින් සත්‍යය රක්නේ යැ. අපි මෙතෙකින් සත්‍යානුරක්‍ෂණාව පනවම්හ. එතෙකින් සත්‍යානුබෝධය නො වන්නේ මැ යැ. භාරද්වාජය, ඉදින් රුචිය ද පුරුෂයක්හට වේ ද … භාරද්වාජය, ඉදින් අනුශ්‍රවය ද පුරුෂයක්හට වේ ද … භාරද්වාජය, ඉදින් පරිවිතර්‍කය ද පුරුෂයක්හට වේ ද … භාරද්වාජය, ඉදින් දිට්ඨිනිජ්ඣානකඛන්තිය ද පුරුෂයක්හට වේ ද, මාගේ දිට්ඨිනිජ්ඣානකඛන්තිය මෙසේ යැ’ කියා යි. මෙසේ බණනුයේ සත්‍යය රක්නේ යැ. එතෙකින් ඒකාන්තයෙන් නිෂ්ඨාවට නො යන්නේ මැ යැ. ‘මෙය මැ සත්‍යය වෙයි. අනෙක අසත්‍යය වේ යැ’ කියා යි. භාරද්වාජය, මෙතෙකින් සත්‍යානුරක්‍ෂණ වෙයි, මෙතෙකින් සත්‍යය රක්නේ යැ, අපි මෙතෙකින් සත්‍යානුරක්‍ෂණ පනවම්හ. එතෙකින් සත්‍යානුබෝධය නො වේ මැ යැ.

එත‍්තාවතා භො ගොතම, සච‍්චානුරක‍්ඛනා හොති, එත‍්තාවතා සච‍්චමනුරක‍්ඛති, එත‍්තාවතා ච මයං සච‍්චානුරක‍්ඛනං පෙක‍්ඛාම. කිත‍්තාවතා පන භො ගොතම, සච‍්චානුබොධො හොති, කිත‍්තාවතා සච‍්චමනුබුජ‍්ඣති? සච‍්චානුබොධං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමා’ති.

භවත් ගෞතමයෙනි, මෙතෙකින් සත්‍යානුරක්‍ෂණා වෙයි, මෙතෙකින් සත්‍යය රක්නේ යැ, අපි මෙතෙකින් සත්‍යානුරක්‍ෂණාව දකුම්හ. භවත් ගෞතමයෙනි, කිපමණෙකින් සත්‍යානුබෝධය වේ ද? කිපමණෙකින් සත්‍යය අවබෝධ කරන්නේ වේ ද? අපි භවත් ගෞතමයන් සත්‍යානුබෝධය පුළුවුසුම්හ.

ඉධ භාරද‍්වාජ භික‍්ඛු අඤ‍්ඤතරං ගාමං වා නිගමං වා උපනිස‍්සාය විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත‍්තො වා උපසඞ‍්කමිත්‍වා තීසු ධම‍්මෙසු සමන‍්නෙසති: ලොභනීයෙසු ධම‍්මෙසු දොසනීයෙසු ධම‍්මෙසු මොහනීයෙසු ධම‍්මෙසු. අත්‍ථි නු ඛො ඉමස‍්ස ආයස‍්මතො තථාරූපා ලොභනීයා ධම‍්මා යථාරූපෙහි ලොභනීයෙහි ධම‍්මෙහි පරියාදින‍්නචිත‍්තො අජානං වා වදෙය්‍ය ජානාමීති, අපස‍්සං වා වදෙය්‍ය පස‍්සාමීති, පරං වා තථත‍්තාය සමාදපෙය්‍ය යං පරෙසං අස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති. තමෙනං සමන‍්නෙසමානො එවං ජානාති: නත්‍ථි ඛො ඉමස‍්සායස‍්මතො තථාරූපා ලොභනීයා ධම‍්මා යථාරූපෙහි ලොභනීයෙහි ධම‍්මෙහි පරියාදින‍්නචිත‍්තො අජානං වා වදෙය්‍ය ජානාමීති, අපස‍්සං වා වදෙය්‍ය පස‍්සාමීති, පරං වා තථත‍්තාය සමාදපෙය්‍ය, යං පරෙසං අස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති, තථා ඛො පනිමස‍්සායස‍්මතො කායසමාචාරො, තථා වචීසමාචාරො, යථා තං අලුද‍්ධස‍්ස: යං ඛො පන අයමායස‍්මා ධම‍්මං දෙසෙති, ගම‍්භීරො සො ධම‍්මො දුද‍්දසො දුරනුබොධො සන‍්තො පණීතො අතක‍්කාවචරො නිපුණො පණ‍්ඩිතවෙදනීයො, න සො ධම‍්මො සුදෙසියො ලුද‍්ධෙනාති.

භාරද්වාජය, මෙසස්නෙහි මහණ එක්තරා ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වාස කෙරෙයි. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ තුලුන් කරා එළැඹ තුන් කරුණෙක සමන්නේසනා කෙරෙයි, ලෝභධර්‍මයෙහි යැ, ද්වේෂධර්‍මයෙහි යැ, මෝහධර්‍මයෙහි යැ යි. (කෙසේ යැ යත්:) “යම් බඳු ලෝභධර්‍මයෙකින් ගත් සිතැත්තෝ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට අහිත පිණිස දුක් පිණිස වැටේ නම් ඒ පිණිස මෙරමා හෝ සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ලෝභධර්‍මයෝ ඇද්දෝ හො”යි. තුලුන් සමන්නේසණා කරනුයේ මෙසේ දන්නේ යැ: (කෙසේ යැ යත්) “යම් බඳු ලෝභධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ ද, මෙරමා හෝ එය පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ලෝභධර්‍මයෝ නැති”යි. අලුබ්ධයක්හට යම්සේ වේ ද මේ ආයුෂ්මත්හුගේ කායසමාචාර එසේ වෙයි, වාක්සමාචාර එසේ වෙයි, මේ ආයුෂ්මත් යම් දහමක් දෙසා නම් ඒ දහම ගම්භීර යැ, දුර්දර්‍ශ යැ, දුරනුබෝධ යැ, ශාන්ත යැ, ප්‍රණීත යැ, අතර්‍කාවචර යැ, නිපුණ යැ, පණ්ඩිතයන් විසින් වේදිතව්‍ය යි. ලුබ්ධයක්හු විසින් ඒ දහම සුවසේ නො දෙසියහැකි යැ.

යතො නං සමන‍්නෙසමානො විසුද‍්ධං ලොභනීයෙහි ධම‍්මෙහි සමනුපස‍්සති. තතො නං උත‍්තරිං සමන‍්නෙසති දොසනීයෙසු ධම‍්මෙසු: අත්‍ථි නු ඛො ඉමස‍්ස ආයස‍්මතො තථාරූපා දොසනීයා ධම‍්මා යථාරූපෙහි දොසනීයෙහි ධම‍්මෙහි පරියාදින‍්නචිත‍්තො අජානං වා වදෙය්‍ය ජානාමීති, අපස‍්සං වා වදෙය්‍ය පස‍්සාමීති, පරං වා තථත‍්තාය සමාදපෙය්‍ය, යං පරෙසං අස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති. තමෙනං සමන‍්නෙසමානො එවං ජානාති: නත්‍ථි ඛො ඉමස‍්සායස‍්මතො තථාරූපා දොසනීයා ධම‍්මා, යථාරූපෙහි දොසනීයෙහි ධම‍්මෙහි පරියාදින‍්නචිත‍්තො අජානං වා වදෙය්‍ය ජානාමීති, අපස‍්සං වා වදෙය්‍ය පස‍්සාමීති, පරං වා තථත‍්තාය සමාදපෙය්‍ය යං පරෙසං අස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායා’ති. තථා ඛො පනිමස‍්සායස‍්මතො කායසමාචාරො, තථා වචීසමාචාරො, යථා තං අදුට‍්ඨස‍්ස. යං ඛො පන අයමායස‍්මා ධම‍්මං දෙසෙති. ගම‍්භීරො සො ධම‍්මො දුද‍්දසො දුරනුබොධො සන‍්තො පණීතො අතක‍්කාවචරො නිපුණො පණ‍්ඩිතවෙදනීයො, න සො ධම‍්මො සුදෙසියො දුට‍්ඨෙනාති.

යම් හෙයකින් ඔහු සොයා බලනුයේ ලෝභධර්‍මයෙන් විශුද්ධ වූවහු නුවණින් දක්නේ වේ ද, එහෙයින් ඔහු මතුයෙහි ද්වේෂධර්‍මයෙහි ලා පරීක්‍ෂා කෙරෙයි. (කෙසේ යැ යත්:) “යම් බඳු ද්වේෂධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ ද, මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ද්වේෂධර්‍මයෝ ඇද්දෝ හො”යි. තුලුන් මෙසේ සොයනුයේ මෙසේ දන්නේ යැ: (කෙසේ යැ යත්:) “යම් බඳු ද්වේෂධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ නම් මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ද්වේෂධර්‍මයෝ නැති”යි, ද්වේෂ රහිතයක්හට යම්සේ වේ ද, මේ ආයුෂ්මත්හුගේ කායසමාචාර එසේ වෙයි, වාක් සමාචාර එසේ වෙයි. මේ ආයුෂ්මත් යම් දහමක් දෙසා නම් එ දහම් ගම්භීර යැ, දුර්දර්‍ශ යැ, දුරනුබෝධ යැ, ශාන්ත යැ, ප්‍රණීත යැ, අතර්‍කාවචර යැ, නිපුණ යැ, පණ්ඩිතයන් විසින් වේදිතව්‍ය යි. ද්වේෂ සහගතයකු විසින් එ දහම සුවසේ නො දෙසිය හැකි යැ.

යතො නං සමන‍්නෙසමානො විසුද‍්ධං දොසනීයෙහි ධම‍්මෙහි සමනුපස‍්සති. තතො නං උත‍්තරිං සමන‍්නෙසති මොහනීයෙසු ධම‍්මෙසු: අත්‍ථි නු ඛො ඉමස‍්ස ආයස‍්මතො තථාරූපා මොහනීයා ධම‍්මා, යථා රූපෙහි මොහනීයෙහි ධම‍්මෙහි පරියාදින‍්නචිත‍්තො අජානං වා වදෙය්‍ය ජානාමීති, අපස‍්සං වා වදෙය්‍ය පස‍්සාමීති, පරං වා තථත‍්තාය සමාදපෙය්‍ය, යං පරෙසං අස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති. තමෙනං සමන‍්නෙසමානො එවං ජානාති: නත්‍ථි ඛො ඉමස‍්සායස‍්මතො තථාරූපා මොහනීයා ධම‍්මා යථාරූපෙහි මොහනීයෙහි ධම‍්මෙහි පරියාදින‍්නචිත‍්තො අජානං වා වදෙය්‍ය ජානාමීති, අපස‍්සං වා වදෙය්‍ය පස‍්සාමීති. පරං වා තථත‍්තාය සමාදපෙය්‍ය යං පරෙසං අස‍්ස දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය. තථා ඛො පනිමස‍්සායස‍්මතො කායසමාචාරො, තථා වචීසමාචාරො, යථා තං අමූළ‍්හස‍්ස. යං ඛො පන අයමායස‍්මා ධම‍්මං දෙසෙති. ගම‍්භීරො සො ධම‍්මො දුද‍්දසො දුරනුබොධො සන‍්තො පණීතො අතක‍්කාවචරො නිපුණො පණ‍්ඩිතවෙදනීයො, න සො ධම‍්මො සුදෙසියො මූළ‍්හෙනා’ති.

යම් හෙයකින් ඔහු සොයා බලනුයේ ද්වේෂධර්‍මයෙන් විශුද්ධ වූවහු නුවණින් දක්නේ වේ ද, එහෙයින් ඔහු මතුයෙහි මෝහධර්‍මයෙහි ලා පරීක්‍ෂා කෙරෙයි. (කෙසේ යැ යත්:) “යම් බඳු මෝහධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැවේ ද, මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු මෝහධර්‍මයෝ ඇද්දෝ හො”යි. තුලුන් මෙසේ සොයනුයේ මෙසේ දක්නේ යැ: (කෙසේ යැ යත්:) “යම් බඳු මෝහධර්‍මයෙකින් මැඩගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ නම් මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු මෝහධර්‍මයෝ නැති”යි. මෝහ රහිතයක්හට යම්සේ වේ ද, මේ ආයුෂ්මත්හුගේ කායසමාචාර එසේ වෙයි, වාක් සමාචාර එසේ වෙයි, මේ ආයුෂ්මත් යම් දහමක් දෙසා නම් එ දහම ගම්භීර යැ, දුර්දර්‍ශ යැ, දුරනුබෝධ යැ, ශාන්ත යැ, ප්‍රණීත යැ, අතර්‍කාවචර යැ, නිපුණ යැ, පණ්ඩිතයන් විසින් වේදිතව්‍ය යි. මෝහ සහගතයක්හු විසින් එ දහම සුවසේ නො දෙසිය හැක්ක.

යතො නං සමන‍්නෙසමානො විසුද‍්ධං මොහනීයෙහි ධම‍්මෙහි සමනුපස‍්සති. අථ තස‍්මිං සද‍්ධං නිවෙසෙති. සද‍්ධාජාතො උපසඞ‍්කමති. උපසඞ‍්කමන‍්තො පයිරුපාසති. පයිරුපාසන‍්තො සොතං ඔදහති. ඔහිතසොතො ධම‍්මං සුණාති. සුත්‍වා ධම‍්මං ධාරෙති. ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති. අත්‍ථං උපපරික‍්ඛතො ධම‍්මා නිජ‍්ඣානං ඛමන‍්ති. ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තියා සති ඡන්‍දො ජායති. ඡන්‍දජාතො උස‍්සහති. උස‍්සහිත්‍වා තුලයති. තුලයිත්‍වා පහදති. පහිතත‍්තො සමානො කායෙන චෙව පරමසච‍්චං සච‍්ඡිකරොති. පඤ‍්ඤාය ච නං අතිවිජ‍්ඣ පස‍්සති. එත‍්තාවතා ඛො භාරද‍්වාජ, සච‍්චානුබොධො හොති. එත‍්තාවතා සච‍්චමනුබුජ‍්ඣති. එත‍්තාවතා ච මයං සච‍්චානුබොධං පඤ‍්ඤාපෙම. න ත්‍වෙව තාව සච‍්චානුපත‍්ති හොතීති.

යම් හෙයකින් ඔහු සොයා බලනුයේ මෝහ ධර්‍මයෙන් විශුද්ධ වූවහු නුවණින් දක්නේ වේ ද, එ සඳ ඔහු කෙරෙහි සැදැහැ පිහිටුවයි. හටගත් සැදැහැ ඇතියේ එළැඹෙයි, එළැඹෙනුයේ පර්‍ය්‍යුපාසන කෙරෙයි, පර්‍ය්‍යුපාසන කරනුයේ කන් නතු කෙරෙයි, නතු කළ කන් ඇතියේ දහම් අසයි, අසා දහම් ධරයි. ධැරූ දහම්හි අරුත් පිරික්සයි. අරුත් පිරික්සනුවහට ධර්‍මයෝ වටහති, දහම් වැටහීම (ධම්මනිජ්ඣානක්ඛන්ති) ඇති කල්හි කර්තුකම්‍යතා ඡන්‍දය උපදි, හටගත් ඡන්‍ද ඇතියේ උත්සාහ කෙරෙයි, උත්සාහ (වෑයම්) කොට තුලනය (අනිත්‍යාදි විසින් තීරණය) කෙරෙයි, තුලනය කොට ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි, නිවනට මෙහෙයූ සිත් ඇත්තේ මැ (නාම) කයිනුදු සත්‍යය (නිවන) ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි, ප්‍රඥායෙනුදු කෙලෙස් විනිවිද දකී. භාරද්වාජයෙනි, මෙතෙකින් මැ සත්‍යානුබෝධය වෙයි මෙතෙකින් සත්‍යය අනුබෝධ කෙරෙයි, මෙතෙකින් වැළිත් අපි සත්‍යානුබෝධය පනවම්හ. එපමණෙකින් සත්‍යානුප්‍රාප්ති නො වේ මැ යි.

එත‍්තාවතා භො ගොතම, සච‍්චානුබොධො හොති, එත‍්තාවතා සච‍්චමනුබුජ‍්ඣති, එත‍්තාවතා ච මයං සච‍්චානුබොධං පෙක‍්ඛාම. කිත‍්තාවතා පන භො ගොතම, සච‍්චානුපත‍්ති හොති? කිත‍්තාවතා සච‍්චමනුපාපුණාති? සච‍්චානුපත‍්තිං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයන් වහන්ස, මෙපමණෙකින් සත්‍යානුබෝධය වෙයි, මෙපමණෙකින් සත්‍යානුබෝධය කෙරෙයි, මෙපමණෙකින් වැළිත් අපි සත්‍යානුබෝධය දක්මහ. භවත් ගෞතමයෙනි, කිපමණෙකින් වැළිත් සත්‍යානුප්‍රාප්ති වේ ද? කිපමණෙකින් සත්‍යයට පැමිණේ ද? අපි සත්‍යානුප්‍රාප්තිය භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ”යි.

තෙසංයෙව ඛො භාරද‍්වාජ, ධම‍්මානං ආසෙවනා භාවනා බහුලීකම‍්මා සච‍්චානුපත‍්ති හොති, එත‍්තාවතා ඛො භාරද‍්වාජ, සච‍්චානුපත‍්ති හොති, එත‍්තාවතා සච‍්චමනුපාපුණාති, එත‍්තාවතා ච මයං සච‍්චානුපත‍්තිං පඤ‍්ඤාපෙමාති.

භාරද්වාජයෙනි, එ මැ ධර්‍මයන්ගේ ආසේවනයෙන් භාවනායෙන් බහුලීකරණයෙන් සත්‍යානුප්‍රාප්තිය වෙයි. භාරද්වාජයෙනි, මෙපමණෙකින් මැ සත්‍යානුප්‍රාප්තිය වෙයි, මෙපමණෙකින් සත්‍යයට පැමිණෙයි. මෙපමණෙකින් වැළිත් අපි සත්‍යානුප්‍රාප්තිය පනවම්හ’යි.

එත‍්තාවතා භො ගොතම, සච‍්චානුපත‍්ති හොති, එත‍්තාවතා සච‍්චමනුපාපුණාති, එත‍්තාවතා ච මයං සච‍්චානුපත‍්තිං පෙක‍්ඛාම. සච‍්චානුපත‍්තියා පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? සච‍්චානුපත‍්තියා බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයෙනි, මෙපමණෙකින් සත්‍යානුප්‍රාප්තිය වෙයි, මෙපමණෙකින් සත්‍යයට පැමිණෙයි, මෙපමණෙකින් වැළිත් අපි සත්‍යානුප්‍රාප්තිය දකුම්හ. භවත් ගෞතමයෙනි, වැළිත් සත්‍යානුප්‍රාප්තියට (ඵලප්‍රත්‍යක්‍ෂයට) කවර ධර්‍මයෙක් බහුකාර වේ ද? සත්‍යානුප්‍රාප්තියට බහුකාරධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.

සච‍්චානුපත‍්තියා ඛො භාරද‍්වාජ, පධානං බහුකාරං. නො චෙතං පදහෙය්‍ය, නයිදං සච‍්චං අනුපාපුණෙය්‍ය. යස‍්මා ච ඛො පදහති, තස‍්මා සච‍්චං අනුපාපුණාති. තස‍්මා සච‍්චානුපත‍්තියා පධානං බහුකාරන‍්ති.

භාරද්වාජයෙනි, සත්‍යානුප්‍රාප්තියට ප්‍රධානය (මාර්‍ග ප්‍රධානය) බහුකාර වෙයි. ඉදින් තෙල මාර්‍ගප්‍රධානය නො කෙරේ නම් මේ සත්‍යයට නො පැමිණෙන්නේ යැ. යම් හෙයකින් මාර්‍ගප්‍රධානය කෙරේ ද, එහෙයින් සත්‍යයට පැමිණෙයි (සත්‍යය ලබයි). එහෙයින් සත්‍යානුප්‍රාප්තියට ප්‍රධානය බහුකාර වේ යයි.

පධානස‍්ස පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? පධානස‍්ස බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයෙනි, වැළිත් මාර්‍ගප්‍රධානයට කවර දහමෙක් බහුකාර වේ ද? මාර්‍ගප්‍රධානයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.

පධානස‍්ස ඛො භාරද‍්වාජ, තුලනා බහුකාරා. නො චෙතං තුලෙය්‍ය, නයිදං පදහෙය්‍ය. යස‍්මා ච ඛො තුලෙති, තස‍්මා පදහති. තස‍්මා පධානස‍්ස තුලනා බහුකාරාති.

භාරද්වාජයෙනි, ප්‍රධානයට තුලනාව බහුකාර වෙයි. ඉදින් තුලනා නො කෙරේ නම් මේ ප්‍රධන් වීර්‍ය්‍යය නො කරන්නේ යැ. යම් හෙයකින් වැළිත් තුලනා කෙරේ ද, එහෙයින් මාර්‍ගප්‍රධානය කෙරෙයි. එහෙයින් ප්‍රධානයට තුලනාව බහුකාර වෙයි.

තුලනාය පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? තුලනාය බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයෙනි, තුලනාවට වැළිත් කවර ධර්‍මයෙක් බහුකාර වේ ද? තුලනාවට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.

තුලනාය ඛො භාරද‍්වාජ, උස‍්සාහො බහුකාරො. නො චෙතං උස‍්සහෙය්‍ය, නයිදං තුලෙය්‍ය. යස‍්මා ච ඛො උස‍්සහති, තස‍්මා තුලෙති. තස‍්මා තුලනාය උස‍්සාහො බහුකාරොති.

භාරද්වාජයෙනි, තුලනාවට ව්‍යායාමය බහුකාර වෙයි. ඉදින් ව්‍යායාම නො කෙරේ නම් මේ තුලනාව නො කරන්නේ යැ. යම්හෙයෙකින් වැළිත් ව්‍යායාම කෙරේ ද, එහෙයින් තුලනය කෙරෙයි. එහෙයින් තුලනාවට ව්‍යායාමය බහුකාර වෙයි.

උස‍්සාහස‍්ස පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? උස‍්සාහස‍්ස බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයෙනි, ව්‍යායාමයට කවර ධර්‍මයෙක් බහුකාර වේ ද? ව්‍යායාමයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.

උස‍්සාහස‍්ස ඛො භාරද‍්වාජ, ඡන්‍දො බහුකාරො. නො චෙතං ඡන්‍දො ජායෙථ, නයිදං උස‍්සහෙය්‍ය. යස‍්මා ච ඛො ඡන්‍දො ජායති, තස‍්මා උස‍්සහති. තස‍්මා උස‍්සාහස‍්ස ඡන්‍දො බහුකාරොති.

භාරද්වාජයෙනි, ව්‍යායාමයට (කර්තුකම්‍යතා) ඡන්‍දය බහුකාර වෙයි. ඉදින් ඡන්‍දය නූපදී නම් මේ ව්‍යායාමය නො කරන්නේ යැ. යම් හෙයකින් වැළිත් ඡන්‍දය උපදී ද, එහෙයින් ව්‍යායාම කෙරෙයි. එහෙයින් ව්‍යායාමයට ඡන්‍දය බහුකාර වෙයි.

ඡන්‍දස‍්ස පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? ඡන්‍දස‍්ස බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයෙනි, ඡන්‍දයට කවර දහමෙක් බහුකාර වේ ද? ඡන්‍දයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.

ඡන්‍දස‍්ස ඛො භාරද‍්වාජ, ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්ති බහුකාරා. නො චෙතං ධම‍්මනිජ‍්ඣානං ඛමෙය්‍යුං, නයිදං ඡන්‍දො ජායෙථ. යස‍්මා ච ඛො ධම‍්මනිජ‍්ඣානං ඛමන‍්ති, තස‍්මා ඡන්‍දො ජායති. තස‍්මා ඡන්‍දස‍්ස ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්ති බහුකාරාති.

භාරද්වාජයෙනි, ඡන්‍දයට ධම්මනිජ්ඣානකඛන්තිය (දහම් වැටහීම) බහුකාර වෙයි. ඉදින් ධර්‍මයෝ බැලීම නො සහත් (නො වටහත්) නම් මේ ඡන්‍දය නූපදනේ යැ. යම් හෙයකින් වැළිත් ධර්‍මයෝ වටහත් ද, එහෙයින් ඡන්‍දය උපදී. එහෙයින් ඡන්‍දයට ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තිය බහුකාර වෙයි.

ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තියා පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තියා බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයෙනි, ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියට බහුකාර දහම අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.

ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තියා ඛො භාරද‍්වාජ, අත්‍ථූපපරික‍්ඛා බහුකාරා. නො චෙතං අත්‍ථං උපපරික‍්ඛෙය්‍ය, නයිදං ධම‍්මනිජ‍්ඣානං ඛමෙය්‍යුං. යස‍්මා ච ඛො අත්‍ථං උපපරික‍්ඛති, තස‍්මා ධම‍්මනිජ‍්ඣානං ඛමන‍්ති. තස‍්මා ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තියා අත්‍ථූපපරික‍්ඛා බහුකාරාති.

භාරද්වාජයෙනි, ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියට අරුත් විමසීම බහුකාර වෙයි. ඉදින් අරුත් නො විමසා නම් මේ ධර්‍මයෝ නො වටහත්. යම් හෙයකින් වැළිත් අරුත් විමසා ද, එහෙයින් ධර්‍මයෝ වටහති. එහෙයින් දහම්වැටහීමට අරුත් විමසීම බහුකාර වෙයි.

අත්‍ථූපපරික‍්ඛාය පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? අත්‍ථූපපරික‍්ඛාය බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයෙනි, අරුත් පිරික්සීමට කවර දහමෙක් බහුකාර වේ ද? අරුත් පිරික්සීමට බහුකාර දහම අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.

අත්‍ථූපපරික‍්ඛාය ඛො භාරද‍්වාජ, ධම‍්මධාරණා බහුකාරා. නො චෙතං ධම‍්මං ධාරෙය්‍ය, නයිදං අත්‍ථං උපපරික‍්ඛෙය්‍ය. යස‍්මා ච ඛො ධම‍්මං ධාරෙති, තස‍්මා අත්‍ථං උපපරික‍්ඛති. තස‍්මා අත්‍ථූපපරික‍්ඛාය ධම‍්මධාරණා බහුකාරාති.

භාරද්වාජයෙනි, අරුත් පිරික්සීමට වැළිත් දහම් ධැරීම බහුකාර වෙයි. ඉදින් දහම් නො ධරා නම් මේ අරුත් නො පිරික්සන්නේ යැ. යම් හෙයකින් වැළිත් දහම් ධාරණ කෙරේ ද, එහෙයින් අරුත් පිරික්සයි. එයින් අරුත් පිරික්සීමට ධර්‍මධාරණය බහුකාර වෙයි.

ධම‍්මධාරණාය පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? ධම‍්මධාරණාය බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයන් වහන්ස, වැළිත් ධර්‍මධාරණයට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්‍මධාරණයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.

ධම‍්මධාරණාය ඛො භාරද‍්වාජ, ධම‍්මසවනං බහුකාරං. නො චෙතං ධම‍්මං සුණෙය්‍ය, නයිදං ධම‍්මං ධාරෙය්‍ය. යස‍්මා ච ඛො ධම‍්මං සුණාති, තස‍්මා ධම‍්මං ධාරෙති. තස‍්මා ධම‍්මධාරණාය ධම‍්මසවනං බහුකාරන‍්ති.

භාරද්වාජයෙනි, ධර්‍මධාරණයට ධර්‍මශ්‍රවණය බහුකාර වෙයි. ඉදින් දහම් නො අසා නම් මේ දහම් නො ධරන්නේ යැ. යම් හෙයකින් වැළිත් දහම් අසා ද, එහෙයින් දහම් ධරයි. එයින් ධර්‍මධාරණයට ධර්‍මශ්‍රවණය බහුකාර වෙයි.

ධම‍්මසවනස‍්ස පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? ධම‍්මසවනස‍්ස බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයෙනි, වැළිත් ධර්‍මශ්‍රවණයට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්‍මශ්‍රවණයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.

ධම‍්මසවනස‍්ස ඛො භාරද‍්වාජ, සොතාවධානං බහුකාරං. නො චෙතං සොතං ඔදහෙය්‍ය, න ඉදං ධම‍්මං සුණෙය්‍ය. යස‍්මා ච ඛො සොතං ඔදහති, තස‍්මා ධම‍්මං සුණාති. තස‍්මා ධම‍්මසවනස‍්ස සොතාවධානං බහුකාරන‍්ති.

භාරද්වාජයෙනි, ධර්‍මශ්‍රවණයට ශ්‍රෝත්‍රාවධානය (කන් නතු කිරීම) බහුකාර වෙයි. ඉදින් කන් නතු නො කෙරේ නම් මෙ දහම් නො අසන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් කන් නමා ද, එහෙයින් දහම් අසයි. එයින් ධර්‍මශ්‍රවණයට ශ්‍රෝත්‍රාවධානය බහුකාර වෙයි.

සොතාවධානස‍්ස පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? සොතාවධානස‍්ස බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයෙනි, ශ්‍රෝත්‍රාවධානයට කවර දහමෙක් බහුකාර වේ ද? ශ්‍රෝත්‍රාවධානයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.

සොතාවධානස‍්ස ඛො භාරද‍්වාජ, පයිරුපාසනා බහුකාරා. නො චෙතං පයිරුපාසෙය්‍ය, නයිදං සොතං ඔදහෙය්‍ය. යස‍්මා ච ඛො පයිරුපාසති. තස‍්මා සොතං ඔදහති. තස‍්මා සොතාවධානස‍්ස පයිරුපාසනා බහුකාරාති.

භාරද්වාජයෙනි, ශ්‍රෝත්‍රාවධානයට පර්‍ය්‍යුපාසනය (ඇසුරු කිරීම) බහුකාර වෙයි. ඉදින් පර්‍ය්‍යුපාසන නො කෙරේ නම් මේ ශ්‍රෝත්‍රාවධාන නො කරන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් පර්‍ය්‍යුපාසන කෙරේ ද, එහෙයින් ශ්‍රෝත්‍රාවධාන කෙරෙයි. එයින් ශ්‍රෝත්‍රාවධානයට පර්‍ය්‍යුපාසනය බහුකාර වෙයි.

පයිරුපාසනාය පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? පයිරුපාසනාය බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයෙනි, පර්‍ය්‍යුපාසනයට කවර දහමෙක් බහුකාර වේ ද? පර්‍ය්‍යුපාසනයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.

පයිරුපාසනාය ඛො භාරද‍්වාජ, උපසඞ‍්කමනං බහුකාරං. නො චෙතං උපසඞ‍්කමෙය්‍ය, නයිදං පයිරුපාසෙය්‍ය. යස‍්මා ච ඛො උපසඞ‍්කමති, තස‍්මා පයිරුපාසති. තස‍්මා පයිරුපාසනාය උපසඞ‍්කමනං බහුකාරන‍්ති.

භාරද්වාජයෙනි, පර්‍ය්‍යුපාසනයට එළැඹීම බහුකාර වෙයි. ඉදින් නො එළැඹේ නම් පර්‍ය්‍යුපාසනා නො කරන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් එළැඹේ ද, එහෙයින් පර්‍ය්‍යුපාසනා කෙරෙයි. එයින් පර්‍ය්‍යුපාසනයට උපසංක්‍රමණය බහුකාර වෙයි.

උපසඞ‍්කමනස‍්ස පන භො ගොතම, කතමො ධම‍්මො බහුකාරො? උපසඞ‍්කමනස‍්ස බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං පුච‍්ඡාමාති.

භවත් ගෞතමයෙනි, උපසංක්‍රමණයට කවර දහමෙක් බහුකාර වේ ද? උපසංක්‍රමණයට බහුකාර කරුණ අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.

උපසඞ‍්කමනස‍්ස ඛො භාරද‍්වාජ, සද‍්ධා බහුකාරා. නො චෙතං සද‍්ධා ජායෙථ, නයිදං උපසඞ‍්කමෙය්‍ය. යස‍්මා ච ඛො සද‍්ධා ජායති, තස‍්මා උපසඞ‍්කමති. තස‍්මා උපසඞ‍්කමනස‍්ස සද‍්ධා බහුකාරාති.

භාරද්වාජයෙනි, උපසංක්‍රමණයට ශ්‍රද්ධාව බහුකාර වෙයි, ඉදින් ශ්‍රද්ධා නූපදී නම් උපසංක්‍රමණ නො කරන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් ශ්‍රද්ධා උපදනේ ද, එහෙයින් උපසංක්‍රමණය කෙරෙයි. එකරුණින් උපසංක්‍රමණයට ශ්‍රද්ධා බහුකාර වෙයි.

සච‍්චානුරක‍්ඛනං මයං භවන‍්තං ගොතමං අපුච‍්ඡිම‍්හ. සච‍්චානුරක‍්ඛනං භවං ගොතමො බ්‍යාකාසි. තඤ‍්ච පනම‍්හාකං රුච‍්චති චෙව ඛමති ච, තෙන චම‍්හා අත‍්තමනා. සච‍්චානුබොධං මයං භවන‍්තං ගොතමං අපුච‍්ඡිම‍්හ. සච‍්චානුබොධං භවං ගො ගොතමො බ්‍යාකාසි. තඤ‍්ච පනම‍්හාකං රුච‍්චති චෙව ඛමති ච, තෙන චම‍්හා අත‍්තමනා. සච‍්චානුපත‍්තිං මයං භවන‍්තං ගොතමං අපුච‍්ඡිම‍්හ. සච‍්චානුපත‍්තිං භවං ගොතමො බ්‍යාකාසි. තඤ‍්ච පනම‍්හාකං රුච‍්චති චෙව ඛමති ච, තෙන චම‍්හා අත‍්තමනා. සච‍්චානුපත‍්තියා බහුකාරං ධම‍්මං මයං භවන‍්තං ගොතමං අපුච‍්ඡිම‍්හ. සච‍්චානුපත‍්තියා බහුකාරං ධම‍්මං භවං ගොතමො බ්‍යාකාසි. තඤ‍්ච පනම‍්හාකං රුච‍්චති චෙව ඛමති ච, තෙන චම‍්හා අත‍්තමනා. යං යදෙව ච පන මයං භවන‍්තං ගොතමං අපුච‍්ඡිම‍්හ, තං තදෙව භවං ගොතමො බ්‍යාකාසි. තඤ‍්ච පනම‍්හාකං රුච‍්චති චෙව ඛමති ච, තෙන චම‍්හා අත‍්තමනා.

අපි සත්‍යානුරක්‍ෂණය භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගොයුම් ගොතුවෝ සත්‍යානුරක්‍ෂණය පැවැසූහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානුබෝධය භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගෞතමයෝ සත්‍යානුබෝධය ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානුප්‍රාප්තිය භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගෞතමයෝ සත්‍යානුප්‍රාප්තිය ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි, එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානු ප්‍රාප්තියට බහුකාර කරුණු භවත් ගෞතයයන් අතින් පිළිවිසියම්හ. භවත් ගෞතමයෝ සත්‍යානුප්‍රාප්තියට බහුකාර කරුණු ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි, එයිනුදු සතුටු වූම්හ. අපි වැළිත් යම් යම් මැ දැයක් භවත් ගෞතමයන් අතින් විචාළමෝ ද, භවත් ගෞතමයෝ ඒ ඒ දැය මැ ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි, එයිනුදු සතුටුසිත් ඇති වූම්හ.

මයං හි භො ගොතම, පුබ‍්බෙ එවං ජානාම: කෙ ච මුණ‍්ඩකා සමණකා ඉබ‍්භා කණ‍්හා බන්‍ධුපාදාපච‍්චා, කෙ ච ධම‍්මස‍්ස අඤ‍්ඤාතාරොති. අජනෙසි වත මෙ භවං ගොතමො සමණෙසු සමණපෙමං, සමණෙසු සමණපසාදං, සමණෙසු සමණගාරවං. අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි පෙර මෙසේ දනුම්හ: “මුණ්ඩකයෝ ශ්‍රමණකයෝ ගෘහපතිහු කෘෂ්ණයෝ බඹහුගේ පිටිපයින් උපන් දරුවෝ කවරහු ද? දහම් දන්නාහු කවරහු දැ”යි. භවත් ගෞතමයෝ ඒකාන්තයෙන් මට ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණප්‍රේමය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණප්‍රසාදය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණගෞරවය ඉපැදවූහ. භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත යැ, භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට ධරත්ව’යි.

චඞ‍්කීසුත‍්තං පඤ‍්චමං.

පස් වැනි චඞ්කීසූත්‍ර යි.