යෙදුමෙන් කියවන්න

ඝොටමුඛසුත‍්තං

2. 5. 4.

2. 5. 4.

ඝොටමුඛසුත‍්තං

ඝෝටමුඛ සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං ආයස‍්මා උදෙනො බාරාණසියං විහරති ඛෙමියම‍්බවනෙ. තෙන ඛො පන සමයෙන ඝොටමුඛො බ්‍රාහ‍්මණො බාරාණසිං අනුප‍්පත‍්තො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො ඝොටමුඛො බ්‍රාහ‍්මණො ජඞ‍්ඝාවිහාරං අනුචඞ‍්කමමානො අනුවිචරමානො යෙන ඛෙමියම‍්බවනං තෙනුපසඞ‍්කමි. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උදෙනො අබ‍්භොකාසෙ චඞ‍්කමති.

මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි ආයුෂ්මත් උදේන තෙරණුවෝ බරණැස් නුවර සමීපයෙහි ඛේමිය නම් අඹවෙනෙහි වැඩ වසන සේක. එසමයෙහි ඝෝටමුඛ බ්‍රාහ්මණ කිසි කටයුත්තෙකින් බරණැස් නුවරට පැමිණියේ යි. එසඳ ඝෝටමුඛ බමුණු ජඞ්ඝාවිහාර පිණිස සක්මන් කරනුයේ ඇවිදුනේ ඛේමිය අඹඋයන් කරා එළැඹිය. ඒ සමයෙහි ආයුෂ්මත් උදේන තෙරණුවෝ අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙති.

අථ ඛො සො ඝොටමුඛො බ්‍රාහ‍්මණො යෙනායස‍්මා උදෙනො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා උදෙනෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා ආයස‍්මන‍්තං උදෙනං චඞ‍්කමන‍්තං අනුචඞ‍්කමමානො එවමාහ: අම‍්භො සමණ, නත්‍ථි ධම‍්මිකො පරිබ‍්බාජො, එවං මෙ එත්‍ථ හොති. තඤ‍්ච ඛො භවන‍්තරූපානං වා අදස‍්සනා, යො වා පනෙත්‍ථ ධම‍්මො’ති.

ඉක්බිති ඒ ඝෝටමුඛ බමුණු උදේන තෙරුන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් උදේන තෙරුන් හා සමග සතුටු විය. සතුටුවියයුතු සාරාණීය කථාකොට නිමවා සක්මන් කරන ආයුෂ්මත් උදේන තෙරුන් අනුව සක්මන් කෙරෙමින් මෙසේ කී: “එම්බා මහණ දැහැමි පැවිදි නැති, මට මෙහි ලා මෙසේ සිත් වෙයි, එ ද භවත්හු වැනියන් හෝ නො දැක්මෙන, මෙහි යම් දහම් ඇද්ද, එය හෝ නො දැක්මෙනි”යි.

එවං වුත‍්තෙ ආයස‍්මා උදෙනො චඞ‍්කමා ඔරොහිත්‍වා විහාරං පවිසිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. ඝොටමුඛොපි ඛො බ්‍රාහ‍්මණො චඞ‍්කමා ඔරොහිත්‍වා විහාරං පවිසිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතං ඛො ඝොටමුඛං බ්‍රාහ‍්මණං ආයස‍්මා උදෙනො එතදවොච: සංවිජ‍්ජන‍්තෙ ඛො බ්‍රාහ‍්මණ, ආසනානි. සචෙ ආකඞ‍්ඛසි නිසීදා’ති.

මෙසේ කී කල්හි ආයුෂ්මත් උදේන තෙරණුවෝ සක්මනින් බැස වෙහෙරට පිවිස පැනැවූ අස්නෙහි වැඩහුන්හ. ඝෝටමුඛ බමුණු ද සක්මනින් බැස වෙහෙරට පිවිස එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි ඝෝටමුඛ බ්‍රාහ්මණහට ආයුෂ්මත් උදේන තෙරණුවෝ තෙල කීහ: ‘බමුණ, අසුන් ඇත, කැමැත්තෙහි නම් හිඳුව’යි.

එතදෙව ඛො පන මයං භොතො උදෙනස‍්ස ආගමයමානා න නිසීදාම. කථං හි නාම මාදිසො පුබ‍්බෙ අනිමන‍්තිතො ආසනෙ නිසීදිතබ‍්බං මඤ‍්ඤෙය්‍යා’ති. අථ ඛො ඝොටමුඛො බ්‍රාහ‍්මණො අඤ‍්ඤතරං නීචං ආසනං ගහෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ඝොටමුඛො බ්‍රාහ‍්මණො ආයස‍්මන‍්තං උදෙනං එතදවොච: අම‍්භො සමණ, නත්‍ථි ධම‍්මිකො පරිබ‍්බාජො, එවං මෙ එත්‍ථ හොති. තඤ‍්ච ඛො භවන‍්තරූපානං වා අදස‍්සනා, යො වා පනෙත්‍ථ ධම‍්මො’ති.

ඇපි භවත් උදේන තෙරුන්ගේ තෙල බස මැ අපේක්‍ෂා කරමෝ නො හිඳුම්හ. කෙසේ නම් මා බඳුයෙක් පෙර නිමන්ත්‍රණ නො කරනලද්දේ අසුනෙහි හින්දයුතු කොට සිතා දැ? යි. ඉක්බිති ඝෝටමුඛ බ්‍රාහ්මණ එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඝෝටමුඛ බ්‍රාහ්මණ ආයුෂ්මත් උදේනහට තෙල කී: “එම්බා මහණ, දැහැමි පැවිදි නැති, මෙහි ලා මට මෙසේ සිත් වෙයි, එ ද භවත්හු වැනියන් නො දැක්මෙන, මෙහි යම් දහම් ඇද්ද, එය හෝ නො දැක්මෙනි”යි.

සචෙ ඛො පන මෙ ත්‍වං බ්‍රාහ‍්මණ, අනුඤ‍්ඤෙය්‍යං අනුජානෙය්‍යාසි, පටික‍්කොසිතබ‍්බඤ‍්ච පටික‍්කොසෙය්‍යාසි, යස‍්ස ච පන මෙ භාසිතස‍්ස අත්‍ථං න ජානෙය්‍යාසි, මමංයෙව තත්‍ථ උත‍්තරිං පටිපුච‍්ඡෙය්‍යාසි: ඉදං භො උදෙන කථං, ඉමස‍්ස ක්‍වත්‍ථොති? එවං කත්‍වා සියා නො එත්‍ථ කථාසල‍්ලාපොති.

බමුණ, ඉදින් තෝ අනුදතයුතු මබස අනුදන්හි නම්, පිළිකෙව් කළයුතු මබස පිළිකෙව් කරන්නෙහි නම් මා බණන යම් බසක්හුගේ අරුත් නො දන්හි ද “භවත් උදයනයෙනි, තෙල කෙසේ යැ? තෙල බස්හුගේ අරුත් කෙසේ යැ?”යි. එහි ලා මා මැ මතු පුළුවුස්නෙහි නම් මෙසේ තොට අපගේ මෙහි ලා කථා සල්ලාප වන්නේ යැ”යි.

අනුඤ‍්ඤෙය්‍යං ඛ‍්වාහං භොතො උදෙනස‍්ස අනුජානිස‍්සාමි, පටික‍්කොසිතබ‍්බඤ‍්ච පටික‍්කොසිස‍්සාමි. යස‍්ස ච පනාහං භොතො උදෙනස‍්ස භාසිතස‍්ස අත්‍ථං න ජානිස‍්සාමි, භවන‍්තංයෙව තත්‍ථ උදෙනං උත‍්තරිං පටිපුච‍්ඡිස‍්සාමි: ඉදං භො උදෙන කථං, ඉමස‍්ස ක්‍වත්‍ථො’ති? එවං කත්‍වා හොතු නො එත්‍ථ කථාසල‍්ලාපොති.

මම භවත් උදයනයන්ගේ අනුදතයුතු බස් අනුදන්මි. පිළිකෙව් කළයුතු බස් පිළිකෙව් කරන්නෙමි. මම භවත් උදයනයන්ගේ යම් බසක්හුගේ අරුත් නො දන්මි ද, “භවත් උදයනයෙනි’ තෙල කෙසේ යැ? තෙල භාෂිතයාගේ අරුත් කෙසේ යැ?” යි. එහි ලා භවත් උදයනයන් මැ මතු පුළුවුස්මි. මෙසේ කොට මෙ කරුණෙහි අපගේ කථාසල්ලාපය වේවා.

චත‍්තාරොමෙ බ්‍රාහ‍්මණ, පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො: ඉධ බ්‍රාහ‍්මණ, එකච‍්චො පුග‍්ගලො අත‍්තන‍්තපො හොති අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො. ඉධ පන බ්‍රාහ‍්මණ, එකච‍්චො පුග‍්ගලො පරන‍්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත‍්තො. ඉධ බ්‍රාහ‍්මණ, එකච‍්චො පුග‍්ගලො අත‍්තන‍්තපො ච හොති අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො. ඉධ පන බ්‍රාහ‍්මණ, එකච‍්චො පුග‍්ගලො නෙවත‍්තන‍්තපො හොති නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො. සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙව ධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති. ඉමෙසං බ්‍රාහ‍්මණ, චතුන‍්නං පුග‍්ගලානං කතමො තෙ පුග‍්ගලො චිත‍්තං ආරාධෙතී’ති?

බමුණ, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ ද වෙයි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ ද වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු ‘අත්තන්තප’ ද නො මැ වෙයි, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු ‘පරන්තප’ ද නො මැ වෙයි. හේ ‘අත්තන්තප’ නො වූයේ ‘පරන්තප’ ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරෙයි. බමුණ, මේ සතර පුඟුලන් අතුරින් කවර පුඟුලෙක් තාගේ සිත් ගන්නේ වේ ද?

ය‍්වායං භො උදෙන, පුග‍්ගලො අත‍්තන‍්තපො අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, අයං මෙ පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යොපායං භො උදෙන, පුග‍්ගලො පරන‍්තපො පරපරිතාපනානුයොගමනුයුත‍්තො, අයම‍්පි මෙ පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යොපායං භො උදෙන, පුග‍්ගලො අත‍්තන‍්තපො ච අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො, අයම‍්පි මෙ පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යො ච ඛො අයං භො උදෙන, පුග‍්ගලො නෙවත‍්තන‍්තපො නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙවධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති. අයං මෙ පුග‍්ගලො චිත‍්තං ආරාධෙතී’ති.

භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තපයෙක්’ වේ ද, මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් , පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තපයෙක්’ වේ ද, මේ පුද්ගල ද මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තපයෙකුත් වේ ද, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තපයෙකුත්’ වේ ද, මේ පුද්ගල ද මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයෙකුත් නො වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො වේ ද, හේ අත්තන්තප නො වූයේ පරන්තප ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වැ නිර්‍වෘත වැ ශීතිභූත වැ සුව විඳුනාසුලු වැ මෙසේ ශ්‍රේෂ්ඨ ආත්මයෙන් යුතු වැ වාස කෙරේ ද, මේ පුද්ගල මාගේ සිත් ගන්නේ යැ” යි.

කස‍්මා පන තෙ බ්‍රාහ‍්මණ, ඉමෙ තයො පුග‍්ගලා චිත‍්තං නාරාධෙන‍්තී’ති? ය‍්වායං භො උදෙන, පුග‍්ගලො අත‍්තන‍්තපො අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අත‍්තානං සුඛකාමං දුක‍්ඛපටික‍්කූලං ආතාපෙති පරිතාපෙති, ඉමිනා මෙ අයං පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යොපායං භො උදෙන, පුග‍්ගලො පරන‍්තපො පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො පරං සුඛකාමං දුක‍්ඛපටික‍්කූලං ආතාපෙති පරිතාපෙති, ඉමිනා මෙ අයං පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යොපායං භො උදෙන, පුග‍්ගලො අත‍්තන‍්තපො ච අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අත‍්තානඤ‍්ච පරඤ‍්ච සුඛකාමං දුක‍්ඛපටික‍්කූලං ආතාපෙති පරිතාපෙති, ඉමිනා මෙ අයං පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යො ච ඛො අයං භො උදෙන, පුග‍්ගලො නෙවත‍්තන‍්තපො නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙවධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති. සො අත‍්තානඤ‍්ච පරඤ‍්ච සුඛකාමෙ දුක‍්ඛපටික‍්කූලෙ නෙව ආතාපෙති, න පරිතාපෙති. ඉමිනා මෙ අයං පුග‍්ගලො චිත‍්තං ආරාධෙතී’ති.

බමුණ, කවර හෙයෙකින් මේ තුන් පුද්ගලයෝ තා සිත් නො ගනිත් ද? භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තපයෙක් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති ආත්මයා ආතාපන පරිතාපන කෙරෙයි. මේ කරුණින් මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තපයෙක් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති මෙරමා ආතාපනපරිතාපන කෙරෙයි. මේ කරුණින් ඒ පුද්ගල මා සිත් නො ගන්නේ යි. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තපයෙකුත් වේ ද, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තපයෙකුත් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති තමා හා මෙරමා ආතාපනපරිතාපන කෙරෙයි. මේ කරුණින් මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයකු හා පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො වේ ද, හේ අත්තන්තප නො වූයේ පරන්තප ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වැ නිර්‍වෘත වැ සිහිල් වැ සුව විඳුනාසුලු වැ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති තමා හා මෙරමා ආතාපනපරිතාපන නො මැ කෙරෙයි. මෙ කරුණින් මේ පුද්ගල මා සිත් ගන්නේ යැ.

ද‍්වෙමා බ්‍රාහ‍්මණ පරිසා. කතමා ද‍්වෙ: ඉධ බ්‍රාහ‍්මණ, එකච‍්චා පරිසා සාරත‍්තරත‍්තා මණිකුණ‍්ඩලෙසු පුත‍්තභරියං පරියෙසති, දාසිදාසං පරියෙසති, ඛෙත‍්තවත්‍ථුං පරියෙසති, ජාතරූපරජතං පරියෙසති. ඉධ පන බ්‍රාහ‍්මණ, එකච‍්චා පරිසා අසාරත‍්තරත‍්තා මණිකුණ‍්ඩලෙසු පුත‍්තභරියං පහාය, දාසිදාසං පහාය, ඛෙත‍්තවත්‍ථුං පහාය, ජාතරූපරජතං පහාය, අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා. ය‍්වායං බ්‍රාහ‍්මණ, පුග‍්ගලො නෙවත‍්තන‍්තපො නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙවධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති. ඉධ ත්‍වං, බ්‍රාහ‍්මණ, පුග‍්ගලං කතමස‍්සං පරිසායං බහුලං සමනුපස‍්සසි: යා චායං පරිසා සාරත‍්තරත‍්තා මණිකුණ‍්ඩලෙසු පුත‍්තභරියං පරියෙසති, දාසිදාසං පරියෙසති, ඛෙත‍්තවත්‍ථුං පරියෙසති, ජාතරූපරජතං පරියෙසති. යා චායං පරිසා අසාරත‍්තරත‍්තා මණිකුණ‍්ඩලෙසු පුත‍්තභරියං පහාය දාසිදාසං පහාය ඛෙත‍්තවත්‍ථුං පහාය ජාතරූපරජතං පහාය අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා’ති.

බමුණ, මේ පිරිස්හු දෙදෙනෙකි, කවර දෙදෙනෙක යත්: බමුණ, මෙලො වැ කිසි පිරිසෙක් මිණිකොඬොලෙහි සංරක්ත වැ පුත්‍රභාර්‍ය්‍යා පිරියොස්නේ යැ, දැසිදස් පිරියොස්නේ යැ, කෙත්වත් පිරියොස්නේ යැ, රන්රිදී පිරියොස්නේ යි. බමුණ, මෙලොවැ කිසි පිරිසෙක් මිණිකොඬොලෙහි සංරක්ත වැ සිට පුත්‍රදාරාවන් හැර දැසිදස් හැර කෙත්වත් හැර රන්රිදී හැර ගෙන් නික්ම සසුන් වැදුණේ වෙයි, බමුණ, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයකුත් නො මැ වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො මැ වේ ද, හේ අත්තන්තප ද නො වී පරන්තප ද නො වී ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වැ නිර්‍වෘත වැ සිහිල් වැ සුව විඳුනාසුලු වැ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරේ ද, බ්‍රාහ්මණය, තෝ මේ පුද්ගලයා කවර පිරිසෙක්හි ලා බහුල කොට නුවණින් දක්හි? යම් මේ පිරිසෙක් මිණිකොඬොලෙහි සංරක්ත වැ සිට අඹුදරු පිරියොස්නේ වේ ද, දැසිදස් පිරියොස්නේ වේ ද, කෙත්වත් පිරියොස්නේ වේ ද, රන්රිදී පිරියොස්නේ වේ ද, යම් මේ පිරිසෙක් මිණිකොඬොලෙහි අසංරක්ත වැ සිට අඹුදරු හැරපියා දැසිදස් හැරපියා කෙත්වත් හැරපියා රන්රිදී හැරපියා ගෙන් නික්ම සස්නට පැමිණියේ වේ ද, (මෙ පිරිස් අතුරෙහි) දක්හි?

ය‍්වායං භො උදෙන, පුග‍්ගලො නෙවත‍්තන‍්තපො නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙවධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති. ඉමාහං පුග‍්ගලං යායං පරිසා අසාරත‍්තරත‍්තා මණිකුණ‍්ඩලෙසු පුත‍්තභරියං පහාය දාසිදාසං පහාය ඛෙත‍්තවත්‍ථුං පහාය ජාතරූපරජතං පහාය අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, ඉමිස‍්සං පරිසායං බහුලං සමනුපස‍්සාමී’ති.

භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයකුත් නො වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො වේ ද, හේ අත්තන්තප ද නො වී පරන්තප ද නො වී ඉහාත්මයෙහි මැ තෘෂ්ණා නැති වැ නිර්‍වෘත වැ සිහිල් වැ සුව විඳුනාසුලු වැ ශ්‍රේෂ්ඨ ආත්මයෙන් යුතු වැ වාස කෙරේ ද, මම මේ මිණිකොඬොලෙහි අසංරක්ත වැ අඹුදරුවන් හැරපියා දැසිදස් පියා කෙත්වත් පියා රන්රිදී පියා ගෙන් නික්ම සස්නට වැදුණු යම් පිරිසෙක් ඇද්ද, මෙ පිරිස්හි ලා නුවණින් දක්මි.

ඉදානෙව ඛො පන තෙ බ්‍රාහ‍්මණ, භාසිතං: මයං එවං ආජානාම, අම‍්භො සමණ, නත්‍ථි ධම‍්මිකො පරිබ‍්බාජො, එවං මෙ එත්‍ථ හොති, තඤ‍්ච ඛො භවන‍්තරූපානං වා අදස‍්සනා, යො වා පනෙත්‍ථ ධම‍්මො’ති.

බමුණ, දැන් මෙ වේලෙහි මැ තා විසින් “අපි මෙසේ දැන සිටුම්හ. ශ්‍රමණයෙනි, දැහැමි පැවිදි නැත. මෙහි ලා මට මෙ බඳු සිත් වෙයි. එ සිතුදු භවද්‍රූපයන් නො දැක්මෙනුදු හෝ මෙහි යම් ස්වභාවයෙක් හෝ වේ ද, ඒ නො දැක්මෙනුදු හෝ” යයි, පැවැසිණ.

අද‍්ධාමෙසා භො උදෙන, සානුග‍්ගහා වාචා භාසිතා. අත්‍ථි ධම‍්මිකො පරිබ‍්බාජො, එවං මෙ එත්‍ථ හොති. එවඤ‍්ච පන මං භවං උදෙනො ධාරෙතු. යෙචිමෙ භොතා උදෙනෙන චත‍්තාරො පුග‍්ගෙලා සංඛිත‍්තෙන වුත‍්තා විත්‍ථාරෙන අවිභත‍්තා, සාධු මෙ භවං උදෙනො ඉමෙ චත‍්තාරො පුග‍්ගලෙ විත්‍ථාරෙන විභජතු අනුකම‍්පං උපාදායාති.

භවත් උදයනයෙනි, මට ඒකාන්තයෙන් සෝපකාරක වූ තෙල බස පැවැසිණ, දැහැමි පැවිදි ඇත, මෙහි ලා මට මෙ බඳු සිත් වෙයි. භවත් උදයනයෝ මෙසෙයින් මා ධරත්වා. භවත් උදයනයන් විසින් යම් මේ පුද්ගලයෝ සතර දෙනෙක් සැකෙවින් කියන ලදු වැ විස්තර විසින් විභාග නො කරන ලද්දාහු ද, යදිමි, භවත් උදයනයෝ මට මේ සතර පුද්ගලයන් අනුකම්පා පිණිස විස්තර විසින් බෙදා පවසත්වා.

තෙන හි බ්‍රාහ‍්මණ, සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස‍්සාමීති.

‘බ්‍රාහ්මණය, එහෙයින් අසව, මනා කොට මෙනෙහි කරව, කියමි’යි.

එවං භොති ඛො ඝොටමුඛො බ්‍රාහ‍්මණො ආයස‍්මතො උදෙනස‍්ස පච‍්චස‍්සොසි. ආයස‍්මා උදෙනො එතදවොච:

භවත්නි, එසේ යැ’යි ඝෝටමුඛ බමුණු ආයුෂ්මත් උදයනයන්හට පිළිවදන් අස්වී. ආයුෂ්මත් උදයනයෝ තෙල කීහු:

කතමො ච බ්‍රාහ‍්මණ, පුග‍්ගලො අත‍්තන‍්තපො අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො: ඉධ බ්‍රාහ‍්මණ, එකච‍්චො පුග‍්ගලො අචෙලකො හොති මුත‍්තාචාරො, හත්‍ථාවලෙඛනො න එහිභදන‍්තිකො න තිට‍්ඨභදන‍්තිකො නාභිහටං න උද‍්දිස‍්ස කටං න නිමන‍්තනං සාදියති. සො න කුම‍්භිමුඛා පතිගණ‍්හාති, න කළොපිමුඛා පතිගණ‍්හාති, න එළකමන‍්තරං න දණ‍්ඩමන‍්තරං න මුසලමන‍්තරං න ද‍්වින‍්නං භුඤ‍්ජමානානං න ගබ‍්භිනියා න පායමානාය න පුරිසන‍්තරගතාය න සඞ‍්කිත‍්තීසු න යත්‍ථ සා උපට‍්ඨිතො හොති, න යත්‍ථ මක‍්ඛිකා සණ‍්ඩසණ‍්ඩචාරිනී, න මච‍්ඡං න මංසං න සුරං න මෙරයං න ථුසොදකං පිවති. සො එකාගාරිකො වා හොති එකාලොපිකො වා, ද‍්වාගාරිකො වා හොති ද‍්වාලොපිකො වා -පෙ- සත‍්තාගාරිකො වා හොති සත‍්තාලොපිකො වා, එකිස‍්සාපි දත‍්තියා යාපෙති, ද‍්වීහිපි දත‍්තීහි යාපෙති -පෙ- සත‍්තහිපි දත‍්තීහි යාපෙති. එකාහිකම‍්පි ආහාරං ආහාරෙති, ද‍්වීහිකම‍්පි ආහාරං ආහාරෙති -පෙ- සත‍්තාහිකම‍්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද‍්ධමාසිකම‍්පි පරියායභත‍්තභොජනානුයොගමනුයුත‍්තො විහරති. සො සාකභක‍්ඛො වා හොති, සාමාකභක‍්ඛො වා හොති, නීවාරභක‍්ඛො වා හොති, දද‍්දුලභක‍්ඛො වා හොති, හටභක‍්ඛො වා හොති, කණභක‍්ඛො වා හොති, ආචාමභක‍්ඛො වා හොති, පිඤ‍්ඤාකභක‍්ඛො වා හොති, තිණභක‍්ඛො වා හොති, ගොමයභක‍්ඛො වා හොති, වනමූලඵලාහාරො යාපෙති පවත‍්තඵලභොජී. සො සාණානිපි ධාරෙති, මසාණානිපි ධාරෙති, ඡවදුස‍්සානිපි ධාරෙති, පංසුකූලානිපි ධාරෙති, තිරීටානිපි ධාරෙති, අජිනානිපි ධාරෙති, අජිනක‍්ඛිපම‍්පි ධාරෙති, කුසචීරම‍්පි ධාරෙති, වාකචීරම‍්පි ධාරෙති, ඵලකචීරම‍්පි ධාරෙති, කෙසකම‍්බලම‍්පි ධාරෙති, වාළකම‍්බලම‍්පි ධාරෙති, උලූකපක‍්ඛම‍්පි ධාරෙති. කෙසමස‍්සුලොචකොපි හොති කෙසමස‍්සුලොචනානුයොගමනුයුත‍්තො, උබ‍්බට‍්ටකොපි හොති ආසනපටික‍්ඛිත‍්තො, උක‍්කුටිකොපි හොති උක‍්කුටිකප‍්පධානමනුයුත‍්තො, කණ‍්ටකාපස‍්සයිකොපි හොති කණ‍්ටකාපස‍්සයෙ සෙය්‍යං කප‍්පෙති, සායතතියකම‍්පි උදකොරොහනානුයොගමනුයුත‍්තො විහරති. ඉති එවරූපං අනෙකවිහිතං කායස‍්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත‍්තො විහරති. අයං වුච‍්චති බ්‍රාහ‍්මණ, පුග‍්ගලො අත‍්තන‍්තපො අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො.

බ්‍රාහ්මණය, ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තප පුද්ගල කවරේ යැ: බ්‍රාහ්මණය මෙලොවැ කිසි පුද්ගලයෙක් සෙලු වෙයි, හළ ආචාර ඇති වෙයි, පිඬු නිමි කල අත ලෝනේ වෙයි, ‘එව වහන්සැ’යි කී කල නො එනු සිල් කොට ඇතියේ වෙයි, ‘සිටුව වහන්සැ’යි කී කල නො සිටුනාසුලු වෙයි, පළමු එළවූ අහර නො පිළිගන්නේ වෙයි, උදෙසා කළ අහර නො පිළිගන්නේ වෙයි, නිමන්ත්‍රණය නො පිළිගන්නේ වෙයි, හේ කළමුවින් නඟා දුන් අහර නො පිළිගන්නේ වෙයි, සැළමුවින් නඟා දුන් අහර නො පිළිගන්නේ වෙයි, එළිපත අතුරු කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි, දඬු අතුරු කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි, මොහොල අතුරු කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි, වළඳන දෙදෙනකුන් අතුරින් එකකු නැඟී දෙන අහර නො පිළිගන්නේ වෙයි, ගැබිනිය දෙන අහර නො පිළිගන්නේ වෙයි, කිරිපොවන්නිය දෙන අහර නො පිළිගන්නේ වෙයි, පිරිම්නීන් අතරට ගිය ස්ත්‍රිය දෙන අහර නො පිළිගන්නේ වෙයි, සමාදන් කොට පිසූයෙහි අහර නො පිළිගන්නේ වෙයි, සුනඛයකු එළැඹසිටි තැන දෙන අහර නො පිළිගන්නේ වෙයි, මැසිමුළු ගළගළ වැ හැසිරෙන තන්හි දෙන අහර නො පිළිගන්නේ වෙයි, මත්ස්‍යමාංස නො පිළිගන්නේ වෙයි, රහ නො බොයි, මෙර නො බොයි, සෝවීරකය නො බොයි, හේ එක් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, එක් ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි, දෙගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝප දෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි, … සත් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝප සතෙකින් යැපෙන්නේ හෝ වෙයි, එක් දත්තියෙකිනුදු (කුඩා තලියෙනුදු) යැපෙයි, දෙ දත්තියෙකිනුදු යැපෙයි ... සත් දත්තියෙකිනුදු යැපෙයි. එක් දවසක් අතුරු කොට ගන්නා අහර ද වළඳයි, දෙ දවසක් අතුරු කොට ගන්නා අහර ද වළඳයි ... සත් දවසක් අතුරු කොට ගන්නා අහර ද වළඳයි. මෙසේ මෙ බඳු අඩමසක් දවසක් අතුරු කොට ගන්නා අහර දැ’යි වාරභක්තභෝජනානුයුක්ත වැ වෙසෙයි. හේ පළා වළඳනුයේ හෝ වෙයි, බඩහමු වළඳනුයේ හෝ වෙයි, හුරුහැල් වළඳනුයේ හෝ වෙයි, සම්කසට වළඳනුයේ හෝ වෙයි, ලහටු වළඳනුයේ හෝ වෙයි, කුඩු වළඳනුයේ හෝ වෙයි, දමු බත් වළඳනුයේ හෝ වෙයි, මුරුවට වළඳනුයේ හෝ වෙයි, තෘණ වළඳනුයේ හෝ වෙයි, ගොම වළඳනුයේ හෝ වෙයි, වැටුණු ඵල වළඳනුයේ වනමුල්පල අහර ඇතිව යැපෙයි. හේ හණ වැහැරි ද දරයි, මුසුහණවැහැරි ද දරයි, මිනියෙන් හළ පිළී ද දරයි, පහුල් ද දරයි, රුක්සුඹුලු ද දරයි, අඳුන්මුවසම් ද දරයි, කුර සහිත අඳුන්දිවිසම් ද දරයි, කුසවැහැරි ද දරයි, වාකවීර ද දරයි, ඵලකවීර ද දරයි, කේශකම්බල ද දරයි, වාලකම්බල ද දරයි, මහමුහුණු පියාපතින් කළ හඳනා ද දරයි, කෙහෙරවුළු උදුරාලීමෙහි යෙදුනේ කෙහෙරවුළු උදුරනුයේ ද වෙයි, අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරු වැ සිටුනේ ද වෙයි, උළුලුවැර වැඩුමෙහි යෙදුනේ උළුලුයෙන් සිටුනේ ද වෙයි, කටු ඇතිරිය ඇක්මෙනුයේ ද වෙයි, කටු ඇතිරියෙහි ශයනය ද කෙරෙයි, සසවස තුන් වනු කොට තෙවරක් උදකාවගාහයෙහි යෙදුනේ වෙසෙයි. මෙසේ මෙ බඳු අනේකවිධ වූ කය පිළිබඳ ආතාපනපරිතාපනානුයෝගයෙහි යෙදී වෙසෙයි. බමුණ මේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ යයි කියනු ලැබේ.

කතමො ච බ්‍රාහ‍්මණ, පුග‍්ගලො පරන‍්තපො පරපරිතාපනානුයොගමනුයුත‍්තො: ඉධ බ්‍රාහ‍්මණ, එකච‍්චො පුග‍්ගලො ඔරබ‍්භිකො හොති, සූකරිකො සාකුන‍්තිකො මාගවිකො ළුද‍්දො මච‍්ඡඝාතකො චොරො චොරඝාතකො බන්‍ධනාගාරිකො, යෙ වා පනඤ‍්ඤෙපි කෙචි කුරූරකම‍්මන‍්තා. අයං වුච‍්චති බ්‍රාහ‍්මණ, පුග‍්ගලො පරන‍්තපො පරපරිතාපනානුයොගමනුයුත‍්තො.

බමුණ, මෙරමා තවන යෝගයෙහි යෙදුණු පරන්තප පුද්ගල කවරෙ යත්: බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් එළුවැදි වෙයි, හූරුවැදි වෙයි, ළිහිණිවැදි වෙයි, මුවවැදි වෙයි, දරුණු වූයේ මස්වැදි (කෙවුළු) වෙයි, සොර වෙයි, චෝරඝාතක වෙයි, බන්‍ධනාගාර ගොපක වෙයි, යළි අන්‍ය වූත් යම්කිසි දරුණුකම් ඇද්ද, එයින් දිවි රක්නේ වෙයි, බමුණ, මේ පුද්ගල මෙරමා තවන යෝගයෙහි යෙදුණු ‘පරන්තප’ යයි කියනු ලැබේ.

කතමො ච බ්‍රාහ‍්මණ, පුග‍්ගලො අත‍්තන‍්තපො ච අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො: ඉධ බ්‍රාහ‍්මණ, එකච‍්චො පුග‍්ගලො රාජා වා හොති ඛත‍්තියො මුද‍්ධාභිසිත‍්තො, බ්‍රාහ‍්මණො වා මහාසාළො. සො පුරත්‍ථිමෙන නගරස‍්ස නවං සන්‍ථාගාරං කාරාපෙත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා ඛරාජිනං නිවාසෙත්‍වා සප‍්පිතෙලෙන කායං අබ‍්භඤ‍්ජිත්‍වා මිගවිසාණෙන පිට‍්ඨිං කණ‍්ඩුවමානො සන්‍ථාගාරං පවිසති සද‍්ධිං මහෙසියා බ්‍රාහ‍්මණෙන ච පුරොහිතෙන. සො තත්‍ථ අනන‍්තරහිතාය භූමියා හරිතුපත‍්තාය සෙය්‍යං කප‍්පෙති. එකිස‍්සා ගාවියා සරූපවච‍්ඡාය යං එකස‍්මිං ථනෙ ඛීරං හොති, තෙන රාජා යාපෙති. යං දුතියස‍්මිං ථනෙ ඛීරං හොති, තෙන මහෙසී යාපෙති. යං තතියස‍්මිං ථනෙ ඛීරං හොති, තෙන බ්‍රාහ‍්මණො පුරොහිතො යාපෙති. යං චතුත්‍ථස‍්මිං ථනෙ ඛීරං හොති, තෙන අග‍්ගිං ජුහන‍්ති. අවසෙසෙන වච‍්ඡකො යාපෙති. සො එවමාහ: ‘එත‍්තකා උසභා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා වච‍්ඡතරා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තිකා වච‍්ඡතරියො හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා අජා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා උරබ‍්භා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා රුක‍්ඛා ඡිජ‍්ජන‍්තු යූපත්‍ථාය, එත‍්තකා දබ‍්භා ලූයන‍්තු බරිහිසත්‍ථායා’ති. යෙපිස‍්ස තෙ හොන‍්ති දාසාති වා පෙස‍්සාති වා කම‍්මකරාති වා, තෙපි දණ‍්ඩතජ‍්ජිතා භයතජ‍්ජිතා අස‍්සුමුඛා රුදමානා පරිකම‍්මානි කරොන‍්ති. අයං වුච‍්චති බ්‍රාහ‍්මණ, පුග‍්ගලො අත‍්තන‍්තපො ච අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො.

බමුණ, කවර පුද්ගලයෙක් තමා තවන යෝගයෙහි යෙදුණේ ‘අත්තන්තප’ ද මෙරමා තවන යෝගයෙහි යෙදුණේ ‘පරන්තප’ ද වෙයි යත්: බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් මුදුනෙහි බිසෙස් කළ ක්‍ෂත්‍රිය රජ හෝ වෙයි, බමුණු මහසල් හෝ වෙයි, හේ නුවරට පැදුන්දිග නව යාගහලක් කරවා කෙස්මස් බහා කුර සහිත අඳුන්දිවිසමක් හැඳ ගීයෙන් හා තෙලින් සිරුරු තවරා මුවහඟින් පිට කසමින් මෙහෙසිය ද පෙරෙවිබමුණු ද සමග යාගශාලාවට පිවිසෙයි. හේ එහි නො අතුළ ගොමපිරිබඩගත් බිමැ ශයනය කෙරෙයි. සමාන වස්සකු ඇති එක් දෙනකගේ එක් තනයෙකැ යම් කිරෙක් වේ ද, එයින් රජ යැපෙයි. දෙ වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් මෙහෙසිය යැපෙයි. තුන් වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයි පෙරෙවිබමුණු යැපෙයි. සතර වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් ගිනි පුදති. අවශේෂයෙන් වස්සා යැපෙයි. හේ මෙසේ කියයි: “යාගයට මෙතෙක් වෘෂභයෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් නහඹුවස්සෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් නැහැඹීවස්සෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් තිරෙළුවෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් එළුවෝ මරනුලැබෙත්වා, යාගස්ථම්භයට මෙතෙක් වෘක්‍ෂයෝ සිඳිනුලැබෙත්වා, පිරිකෙව් කරනු පිණිසත් යාගභූමියෙහි අතුරනු පිණිසත් මෙතෙක් කුසතණ කපනුලැබෙත්වා” යි. ඕහට යම් දස් කෙනෙක් හෝ මෙහෙකරු කෙනෙක් හෝ කම්කරු කෙනෙක් හෝ ඇද්ද, ඔහු දු දඬින් තෙදන ලද්දාහු භයින් තර්‍ජන කරනලද්දාහු කඳුළුගලනමුහුණු ඇතියාහු හඬමින් පිරියම් කෙරෙති. බමුණ, මේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තප ද පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප ද වේ යැ යි කියනුලැබේ.

කතමො ච බ්‍රාහ‍්මණ, පුග‍්ගලො නෙවත‍්තන‍්තපො නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙවධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති: ‘ඉධ බ්‍රාහ‍්මණ, තථාගතො ලොකෙ උප‍්පජ‍්ජති අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ‍්මකං සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙති. සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. තං ධම‍්මං සුණාති ගහපති වා ගහපතිපුත‍්තො වා අඤ‍්ඤතරස‍්මිං කුලෙ පච‍්චාජාතො. සො තං ධම‍්මං සුත්‍වා තථාගතෙ සද‍්ධං පටිලභති. සො තෙන සද‍්ධා පටිලාභෙන සමන‍්නාගතො ඉති පටිසඤ‍්චික‍්ඛති: ‘සම‍්බාධො ඝරාවාසො රජාපථො, අබ‍්භොකාසො පබ‍්බජ‍්ජා. නයිදං සුකරං අගාරං අජ‍්ඣාවසතා එකන‍්තපරිපුණ‍්ණං එකන‍්තපරිසුද‍්ධං සඞ‍්ඛලිඛිතං බ්‍රහ‍්මචරියං චරිතුං. යන‍්නූනාහං කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජෙය්‍ය’න‍්ති. සො අපරෙන සමයෙන අප‍්පං වා භොගක‍්ඛන්‍ධං පහාය මහන‍්තං වා භොගක‍්ඛන්‍ධං පහාය අප‍්පං වා ඤාතිපරිවට‍්ටං පහාය මහන‍්තං වා ඤාතිපරිවට‍්ටං පහාය කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජති.

බමුණ, තමා තවන යෝගයෙහි නො යෙදුණේ අත්තන්තප නො වූ මෙරමා තවන යෝගයෙහි නො යෙදුණේ පරන්තප නො වූ පුද්ගල කවරෙ යත්: හේ අත්තන්තප නො වූයේ පරන්තප නො වූයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවියේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුතු වැ වාස කෙරෙයි. බමුණ මෙ ලොවැ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත් වූ ලෝකවිද් වූ අනුත්තර පුරුෂදම්‍ය සාරථි වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත උපදි. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති. එ දහම ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ අසයි. හෙ ඒ දහම අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. හෙ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්‍වාගත වූයේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “ගෘහ වාසය සම්බාධයෙක, (රාගාදි) රජසට මාර්‍ගයෙක, පැවිද්ද අභ්‍යවකාශයෙක, ගිහිගෙයි වසනුවහු විසින් ඒකාන්තපරිපුණී වූ ඒකාන්තපරිශුද්ධ වූ ධෝතසඞ්ඛසදෘශ මෙ බඹසර පුරන්නට සුකර නො වෙයි. මම් කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන් වදනෙම් නම් මනා මැ නු” යි. හේ මෑත භාගයෙහි අල්ප වූ හෝ භෝගස්කන්‍ධය හැරපියා මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැරපියා අල්ප වූ හෝ නෑපිරිවට හැරපියා මහත් වූ හෝ නෑපිරිවට හැරපියා කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදී.

සො එවං පබ‍්බජිතො සමානො භික‍්ඛූනං සික‍්ඛාසාජීවසමාපන‍්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ‍්ඩො නිහිතසත්‍ථො ලජ‍්ජී දයාපන‍්නො සබ‍්බපාණභූතහිතානුකම‍්පී විහරති. අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො හොති දින‍්නාදායී දින‍්නපාටිකඞ‍්ඛී. අථෙනෙන සුචිභූතෙන අත‍්තනා විහරති. අබ්‍රහ‍්මචරියං පහාය බ්‍රහ‍්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම‍්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච‍්චවාදී සච‍්චසන්‍ධො ථෙතො පච‍්චයිකො අවිසංවාදකො ලොකස‍්ස. පිසුණං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති. ඉතො සුත්‍වා න අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය අමුත්‍ර වා සුත්‍වා න ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය. ඉති භින‍්නානං වා සන්‍ධාතා සහිතානං වා අනුප‍්පදාතා, සමග‍්ගාරාමො සමග‍්ගරතො සමග‍්ගනන්‍දී සමග‍්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙලා කණ‍්ණසුඛා පෙමනීයා හදයඞ‍්ගමා පොරී බහුජනකන‍්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම‍්ඵප‍්පලාපං පහාය සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්‍ථවාදී ධම‍්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන‍්තවතිං අත්‍ථසංහිතං.

හෙ මෙසෙයින් පැවිදි වූයේ මැ භික්‍ෂූන්ගේ ශික්‍ෂාසාජීවයට පැමිණියේ ප්‍රාණවධ හැරපියා පණිවායෙන් වෙන් වූයේ වෙයි, බගා තබනලද දඬු ඇති වැ බහා තබනලද ආයුධ ඇති වැ ලජ්ජා ඇති වැ මෙත්සිතට පැමිණ හැම සත්නට හිතානුකම්පා ඇති වැ වාස කෙරෙයි. නුදුන් අන් සතු දැය හැරපියා අයිනාදනින් වෙන් වූයේ වෙයි, දුන් දැය ගනුයේ දුන් දැය කැමැති වනුයේ නො සොර වූ පිරිසුදු වූ ආත්මයෙන් යුතු වැ වාස කෙරෙයි. අබ්‍රම්සර හැරපියා බඹසර (ශ්‍රේෂ්ඨ ආචාර) ඇතියේ වෙයි, අබ්‍රම්සරින් දුරු වූ ආචාර ඇතියේ ග්‍රාම්‍යධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූයේ වෙයි. මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වෙයි, සත්‍යය කියනුයේ සත්‍ය ගළපනුයේ ස්ථිරකථා ඇතිය හැදැහියයුතු කථා ඇතියේ ලෝකයා විසංවාද නො කරනුයේ වෙයි. පිසුණුබස් හැරපියා පිසුණුබසින් වෙන් වූයේ වෙයි, මෙතැනින් අසා මුන් බිඳුනට එ තැන නො කියන්නේ යැ, එ තැන හෝ අසා උන් බිඳුනට මුන්ට නො කියන්නේ යැ, මෙසෙයින් බිඳුණවුන් හෝ ගළපනුයේ සමගවූවන් දැඩි කරනුයේ සමග වූවන් කෙරෙහි සිත් අළවනුයේ සමගයන් කෙරෙහි ඇලුණේ සමගයනට තුටු වූයේ සමග කරන බස් බණනුයේ වෙයි. පරොස්බස් හැරපියා පරොස්බසින් වෙන් වූයේ වෙයි, යම් බසෙක් කෙලතොලු නො වේ ද, කන්ට සුව එළවනුයේ ද, ප්‍රේමනීය ද, හෘදයඞ්ගම ද, නාගරික ද, බොහෝදෙනාට කාන්ත ද, බොහෝදෙනාගේ මන වඩනුයේ ද, එ බඳු බස් බණනුයේ වෙයි. සිස්බස් හැරපියා සිස්බසින් වෙන් වූයේ වෙයි, නිසි කල්හි කියනුයේ තථ්‍යය කියනුයේ අර්‍ත්‍ථසංහිතය කියනුයේ ධර්‍මනිඃශ්‍රිතය කියනුයේ (සංවර ප්‍රහාණ) විනයනිඃශ්‍රිතය කියනුයේ නිසි කල්හි සකාරණ වූ පිරිසිඳුම් ඇති අර්‍ත්‍ථසංහිත (හදවත්හි) නිධන් කළයුතු බස් බණනුයේ යි.

සො බීජගාමභූතගාමසමාරම‍්භා පටිවිරතො හොති. එකභත‍්තිකො හොති රත‍්තුපරතො විරතො විකාලභොජනා. නච‍්චගීතවාදිතවිසූකදස‍්සනා පටිවිරතො හොති. මාලාගන්‍ධවිලෙපනධාරණමණ‍්ඩනවිභූසනට‍්ඨානා පටිවිරතො හොති. උච‍්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග‍්ගහණා පටිවිරතො හොති. ආමකධඤ‍්ඤපටිග‍්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග‍්ගහණා පටිවිරතො හොති. ඉත්‍ථිකුමාරිකපටිග‍්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග‍්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග‍්ගහණා පටිවිරතො හොති. කුක‍්කුටසූකරපටිග‍්ගහණා පටිවිරතො හොති. හත්‍ථිගවාස‍්සවළවාපටිග‍්ගහණා පටිවිරතො හොති. ඛෙත‍්තවත්‍ථුපටිග‍්ගහණා පටිවිරතො හොති. දූතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතො හොති. කයවික‍්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක‍්කොටනවඤ‍්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්‍ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති. සො සන‍්තුට‍්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච‍්ඡිපරිහාරිකෙන පිණ‍්ඩපාතෙන. සො යෙන යෙනෙව පක‍්කමති සමාදායෙව පක‍්කමති. සෙය්‍යථාපි නාම පක‍්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති, සපත‍්තභාරොව ඩෙති, එවමෙවං භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන, කුච‍්ඡිපරිහාරිකෙන පිණ‍්ඩපාතෙන, යෙන යෙනෙව පක‍්කමති සමාදායෙව පක‍්කමති. සො ඉමිනා අරියෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො අජ‍්ඣත‍්තං අනවජ‍්ජසුඛං පටිසංවෙදෙති.

හේ බීජගාමභූතගාම විකෝපනයෙන් වෙන් වූයේ වෙයි, රාත්‍රිභෝජනයෙන් වැළකියේ විකල්බොජුනෙන් වැළකියේ ඒකභක්තික වෙයි. නටනු ගයනු වයනු විසුළුදස්නෙන් දුරු වෙයි. මල් ගඳ විලෙවුන් දැරීම හා මණ්ඩන විභූෂණ යන කරුණින් වැළකියේ වෙයි. උසසුන් මහඅස්නෙන් වැළකියේ වෙයි, රන්රිදී පිළිගැන්මෙන් වැළකියේ වෙයි, (සත්වැදෑරුම්) ආමකධ්‍යාන පිළිගැන්මෙන් වැළකියේ වෙයි, අමුමස් පිළිගැන්මෙන් වැළකියේ වෙයි. ස්ත්‍රීන් හා කුමරියන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, දැසිදසුන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, එළුතිරෙළුවන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, කුකුළුහූරන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, ඇත් - ගව - අස් - වෙළඹ පිළිගැන්මෙන් වැළකියේ වෙයි, කෙත්වතු පිළිගැන්මෙන් වැළකියේ වෙයි, දූතකර්‍ම යැ පහිණගමන ය යන මෙහි යෙදීමෙන් වැළකියේ වෙයි, ගනුදෙනුයෙන් වැළකියේ වෙයි, තුලාකූට කංසකූට මානකූට යන මෙයින් වැළකියේ වෙයි, අල්ලස් ගැනීම යැ නුළු කිරීම යැ මායා යැ යන සාචියෝග (රැවැටිලි)යෙන් වැළකියේ වෙයි, (අත්පා ආදිය) සිඳීම යැ මැරීම යැ බන්‍ධන යැ සැහැවි සිට සර්‍වස්වාපහරණ යැ ගම් වොලොගැන්ම යැ සැහැසිකම් යැ යන මෙයින් වැළකියේ වෙයි. හේ කය පරිහරණයට පමණ වූ සිවුරින් කුස පරිහරණයට පමණ වූ පිඬුවායෙන් සතුටු වූයේ වෙයි. හේ යම් මැ තැනෙක යේ ද, මහණ පිරිකර් (කායපටිබද්ධ කොට) ගෙන මැ යෙයි. යම්සේ පියාපත් ඇති ලිහිණියෙක් යම් යම් තැනෙක ඉගිල යේ නම් සිය පියාපත්බර ඇති වැ මැ ඉගිල යෙයි. එසෙයින් මැ මහණ කායපරිහාරික සිවුරින් කුච්ඡිපරිහාරික පිණ්‍ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. යම් මැ තැනෙකැ යේ ද, මහණ පිරිකර ගෙන මැ යෙයි. හේ මේ ආර්‍ය්‍ය වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අනවද්‍යසුඛය විඳියි.

සො චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති මනින්‍ද්‍රියං, මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සො ඉමිනා අරියෙන ඉන්‍ද්‍රියසංවරෙන සමන‍්නාගතො අජ‍්ඣත‍්තං අබ්‍යාසෙකසුඛං පටිසංවෙදෙති.

හේ ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ නො වෙයි, අනුබ්‍යඤ්ජන ගන්නේ නො වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරිනද්‍රියය අසංවෘත වැ වාස කරන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ චක්‍ෂුරිනද්‍රියය සංවරයට පැමිණෙයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ නො වෙයි, අනුව්‍යඤ්ජන ගන්නේ නො වෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත වැ වාස කරන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි, මනින්‍ද්‍රියය රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හේ මේ ආර්‍ය්‍යඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වැ අධ්‍යාත්මයෙහි ක්ලේශාභිෂේක රහිත සුවය විඳී.

සො අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම‍්පජානකාරී හොති, සමිඤ‍්ජිතෙ පසාරිතෙ සම‍්පජානකාරී හොති, සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙ සම‍්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම‍්පජානකාරී හොති, උච‍්චාරපස‍්සාවකම‍්මෙ සම‍්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී හොති.

හේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, ඉදිරිය බැලීමෙහි අවට බැලීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, අත්පා හැකිළීමෙහි දිගු කිරීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, සඟළපාසිවුරු දැරීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, බිඳීමෙහි පීමෙහි කෑමෙහි ලෙවීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, මලමූ පහ කිරීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි සිනාසීමෙහි තුෂ්ණීම්භාවයෙහි නුවණින් දැන කරනුයේ වෙයි.

සො ඉමිනා ච අරියෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො, ඉමිනා ච අරියෙන ඉන්‍ද්‍රියසංවරෙන සමන‍්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො, විවිත‍්තං සෙනාසනං භජති: අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජං. සො පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො නිසීදති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා, උජුං කායං පනිධාය, පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. සො අභිජ‍්ඣං ලොකෙ පහාය විගතාභිජ‍්ඣෙන චෙතසා විහරති, අභිජ‍්ඣාය චිත‍්තං පරිසොධෙති, බ්‍යාපාදපදොසං පහාය අබ්‍යාපන‍්නචිත‍්තො විහරති සබ‍්බපාණභූතාහිතානුකම‍්පී, බ්‍යාපාදපදොසා චිත‍්තං පරිසොධෙති, ථිනමිද‍්ධං පහාය විගතථීනමිද‍්ධො විහරති ආලොකසඤ‍්ඤී සතො සම‍්පජානො ථීනමිද‍්ධා චිත‍්තං පරිසොධෙති, උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහාය අනුද‍්ධතො විහරති අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො, උද‍්ධච‍්චකුක‍්කුච‍්චා චිත‍්තං පරිසොධෙති, විචිකිච‍්ඡං පහාය තිණ‍්ණවිචිකිච‍්ඡො විහරති අකථඞ‍්කථී කුසලෙසු ධම‍්මෙසු, විචිකිච‍්ඡාය චිත‍්තං පරිසොධෙති.

හේ මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙනුදු සමන්‍වාගත වැ මේ ආර්‍ය්‍යඉන්‍ද්‍රියසංවරයෙනුදු සමන්‍වාගත වැ මේ ආර්‍ය්‍යස්මෘතිසම්ප්‍රජන්‍යයෙනුදු සමන්‍වාගත වැ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කඳුකර යැ ගිරිගුහාව යැ සොහොන යැ වනයෙහි දුර සෙනසුන යැ අභ්‍යාවකාශ යැ පලාල (පිදුරු) පුඤ්ජයැ යන විවික්ත සෙනසුන භජනය කෙරෙයි. හේ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ පලක් අවුළුවා කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හිඳියි. හේ (කායාදී) ලෝකයෙහි අභිධ්‍යාව හැරපියා පහවූ අභිධ්‍යා ඇති සිතින් යුතු වැ වාස කෙරෙයි, අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදදෝෂය හැරපියා අව්‍යාපන්න සිත් ඇති වැ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි අනුකම්පා ඇති වැ වාස කෙරෙයි, ව්‍යාපාදදොෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය හැරපියා පහවූ ථීනමිද්ධයෙන් යුතු වැ ආලෝක සංඥා ඇති වැ සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ වාස කෙරෙයි. ථීනමිද්ධයෙන් සිත පිරිසුදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය හැරපියා අනුද්ධත වැ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාස කෙරෙයි, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසුදු කෙරෙයි, විචිකිත්සා හැරපියා තරණය කළ විචිකිත්සා ඇති වැ කුසල්දහම්හි කථඞ්කථා (සැක) නැති වැ වාස කෙරෙයි, විචිකිත්සායෙන් සිත පිරිසුදු කෙරෙයි.

සො ඉමෙ පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ විවිච‍්චෙව අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති සතො ච සම‍්පජානො, සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා, පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා, අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛා සතිපරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

හේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා අකුසල් දහමින් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. විතර්‍කවිචාරයන් ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදයැ ඇති චිත්තයාගේ එකඟ බව වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇති වැ ද වාස කෙරෙයි. යළි සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ කයින් සුව ද විඳියි, ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් සඳහා උපේක්‍ෂා ඇත්තේ යැ, සිහි ඇත්තේ යැ, සුඛවිහාර ඇත්තේ යැ’යි කියත් ද, ඒ තෘතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ප්‍රහාණයෙන් කැල මැ සොම්නස්දොම්නසුන් ගේ අස්තඞ්ගමයෙන් දුක් නැති සුව ඇති උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා ගෙන වාස කෙරෙයි.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙති. සො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, සෙය්‍යථිදං: එකම‍්පි ජාතිං, ද‍්වෙපි ජාතියො, තිස‍්සොපි -පෙ- අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ, අමුත්‍රාසිං එවංනාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං, තත්‍රාපාසිං එවංනාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො, සො තතො චුතො ඉධූපපන‍්නො’ති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති.

හේ මෙසේ සිත සමාහිත පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි තහවුරු බවට පත් කල්හි පූර්වේනිවාසානුස්මෘතිඥානයට සිත නමයි. හේ අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි, හේ කෙසේ යැ යත්: “එක් ජාතියකුදු දෙ ජාතියකුදු තුන් ජාතියකුදු ... නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු අසෝ තැන්හි මේ නම් ඇති වීමි, මෙවන් ගෝත්‍ර මෙවන් පැහැසටහන් මෙබඳු ආහාර ඇතිවීමි. මෙබඳු සුවදුක් විඳුනෙම් වීමි. මෙබඳු ආයුෂපර්‍ය්‍යන්ත ඇති වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මි”යි මෙසේ ආකාර සහිත කොට උද්දේස සහිත කොට නන් වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කෙරේ.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ සත‍්තානං චුතූපපාතඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙති. සො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති: චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ, යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති: ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා -පෙ- මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා -පෙ- සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නාති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති: චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ, යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති.

හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නොසැලෙන බවට පැමිණි කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋපප්‍රාප්ති ඥානයට සිත නමයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දකියි, කර්‍මානුරූප වැ යන සත්ත්‍වයන් දැනගනියි: “මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ ... මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියහ. යළි මේ භවත් සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් සමන්‍වාගතයහ .... සම්‍යග් දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහ”යි මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් මියන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුගත සත්ත්‍වයන් දකී. යථාකර්‍මොපගත සත්ත්‍වයන් දැනගනී.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ ආසවානං ඛයඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙති. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති, ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස‍්ස එවං ජානතො එවං පස‍්සතො කාමාසවාපි චිත‍්තං විමුච‍්චති, භවාසවාපි චිත‍්තං විමුච‍්චති, අවිජ‍්ජාසවාපි චිත‍්තං විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති: ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති. අයං වුච‍්චති බ්‍රාහ‍්මණ, පුග‍්ගලො නෙවත‍්තන‍්තපො නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො. සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙව ධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරතී’ති.

හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මාහ වැ සිටි කල්හි අකම්ප්‍යභාවයට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානයට සිත නමයි. හෙ ‘මෙ (පඤ්‍චස්කන්‍ධය) දුකැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ (තෘෂ්ණාසමුදය) දුක් උපදනා කාරණයැ’ යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ දුක් නැති කිරීම යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දැනගනියි. ‘මොහු ආස්‍රවයහ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ ආස්‍රවසමුදය’යි ඇති සැටියෙන් දැනගනියි. ‘මේ ආස්‍රවනිරෝධ යැ’යි ඇති සැටියෙන් දැනගනියි. ‘මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා යැ’යි ඇති සැටියෙන් දැනගනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුණ කල්හි ‘මිදිණැ’යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ වූ, බඹසර වැස නිමවන ලදී, කරණී කරනලද, මේ බවට (කළයුතු) අන් කිසෙක් නැතැ’යි දැනගනී. බමුණ, මේ පුද්ගල නො මැ තමා තවනුයේ තමා තවන යෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේ මෙරමා තවන යෝගයෙහි නො යෙදුණේ යයි කියනුලැබේ. හේ තමා නො තවනුයේ පරා නො තවනුයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවියේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුතු වැ වාස කෙරේ”යයි.

එවං වුත‍්තෙ ඝොටමුඛො බ්‍රාහ‍්මණො ආයස‍්මන‍්තං උදෙනං එතදවොච: අභික‍්කන‍්තං භො උදෙන, අභික‍්කන‍්තං භො උදෙන, සෙය්‍යථාපි භො උදෙන, නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තීති. එවමෙවං භොතා උදෙනෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භවන‍්තං උදෙනං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භවං උදෙනො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගත’න‍්ති.

මෙසේ කී කල්හි ඝෝටමුඛ බ්‍රාහ්මණ ආයුෂ්මත් උදේනහට තෙල කී: “භවත් උදේනයෙනි, ඉතා කාන්ත යැ, භවත් උදේනයෙනි, ඉතා කාන්ත යි. භවත් උදේනයෙනි, යම්සේ යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් උදේනයන් විසින් නොයෙක් අයුරින් දහම් පැවැසිණ. තෙල මම් භවත් උදේනයන් දහම් හා බික්සඟන හා සරණ කොට යෙමි, භවත් උදේනයෝ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්ව”යි.

මා ඛො මං ත්‍වං බ්‍රාහ‍්මණ, සරණං අගමාසි. තමෙව ත්‍වං භගවන‍්තං සරණං ගච‍්ඡ යමහං සරණං ගතොති.

බමුණ, තෙපි මා නහමක් සරණ යව, මම් යම් කෙනකුන් සරණ ගියෙම් ද, තෙපි එ මැ භාග්‍යවතුන් වහන්සේ සරණ යව’යි.

කහං පන භො උදෙන, එතරහි සො භවං ගොතමො විහරති අරහං සම‍්මාසම‍්බුද‍්ධොති?

භවත් උදේනයෙනි, වැළිත් ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භවත් ගොයුම් ගොතුවෝ දැන් කොහි වැඩවෙසෙත් දැ? යි.

පරිනිබ‍්බුතො ඛො බ්‍රාහ‍්මණ, එතරහි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධොති.

බමුණ, ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ මෙ කල්හි පිරිනිවියහ’යි.

සචෙ හි මයං භො උදෙන, සුණෙය්‍යාම තං භවන‍්තං ගොතමං දසසු යොජනෙසු, දසපි මයං යොජනානි ගච‍්ඡෙය්‍යාම තං භවන‍්තං ගොතමං දස‍්සනාය අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං. සචෙ මයං භො උදෙන, සුණෙය්‍යාම තං භවන‍්තං ගොතමං වීසතියා යොජනෙසු -පෙ- තිංසාය යොජනෙසු -පෙ- චත‍්තාරීසාය යොජනෙසු -පෙ- පඤ‍්ඤාසාය යොජනෙසු, පඤ‍්ඤාසම‍්පි මයං යොජනානි ගච‍්ඡෙය්‍යාම තං භවන‍්තං ගොතමං දස‍්සනාය අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං. යොජනසතෙපි මයං භො උදෙන, සුණෙය්‍යාම තං භවන‍්තං ගොතමං, යොජනසතම‍්පි මයං ගච‍්ඡෙය්‍යාම තං භවන‍්තං ගොතමං දස‍්සනාය අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං. යතො ච ඛො භො උදෙන, පරිනිබ‍්බුතො සො භවං ගොතමො, පරිනිබ‍්බුතම‍්පි මයං තං භවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාම ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භවං උදෙනො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතං. අත්‍ථි ච මෙ භො උදෙන, අඞ‍්ගරාජා දෙවසිකං නිච‍්චභික‍්ඛං දදාති, තතොහං භොතො උදෙනස‍්ස එකං නිච‍්චභික‍්ඛං දදාමීති.

භවත් උදේනයෙනි, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේ දසයොදනෙක්හි අසන්නමෝ නම් අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට දසයොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි, ඉදින් ඇපි ඒ භවත් ගෞතමයන් විසියොදනෙක්හි ... තිස්යොදනෙක්හි ... සතලිස්යොදනෙක්හි .... පනස්යොදනෙක්හි අසන්නමෝ නම්, අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට පනස්යොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි, ඇපි යොදුන් සියයෙක්හිදු ඒ භවත් ගෞතමයන් අසන්නමෝ නම් අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට සියක් යොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි යම් දවසෙක ඒ භවත් ගෞතමයන් වහන්සේ පිරිනිවිසේක් ද, අපි පිරිනිවියා වූ ද ඒ භවත් ගෞතමයන් ධර්‍මය හා භික්‍ෂුසඞ්ඝයා හා සරණ යම්හ, භවත් උදේනයෝ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්වා. භවත් උදේනයෙනි, මට දවස් පතා නිත්‍යභික්‍ෂා දෙන අඞ්ගරජ ඇත. මම භවත් උදේනහට එයින් එක් නිත්‍යභික්ශාවක් දෙමි’යි.

කිං පන තෙ බ්‍රාහ‍්මණ, අඞ‍්ගරාජා දෙවසිකං නිච‍්චභික‍්ඛං දදාතීති? පඤ‍්ච භො උදෙන, කහාපණසතානීති. න ඛො නො බ්‍රාහ‍්මණ, කප‍්පති ජාතරූපරජතං පටිග‍්ගහෙතුන‍්ති.

බමුණ තොපට අඟුරජ දිනපතා කිනම් නිත්‍ය භික්‍ෂාවක් දේ ද? භවත් උදයනයෙනි, පන්සියක් කහවණු යැ. බමුණ අපට රන්රිදී පිළිගන්නට කැප නො වෙයි.

සචෙ තං භොතො උදෙනස‍්ස න කප‍්පති, විහාරං භොතො උදෙනස‍්ස කාරාපෙස‍්සාමීති.

ඉදින් භවත් උදයනයන්හට ඒ රන්රිදී නොකැප වේ නම් භවත් උදයනයන්හට වෙහෙරක් කරවමි’යි.

සචෙ ඛො මෙ ත්‍වං බ්‍රාහ‍්මණ, විහාරං කාරාපෙතුකාමො, පාටලිපුත‍්තෙ සඞ‍්ඝස‍්ස උපට‍්ඨානසාලං කාරාපෙහීති.

බමුණ, ඉදින් තෙපි මට වෙහෙරක් කරවනු කැමැත්තහු නම් පැළලුප්නුවර සඟනට උපස්ථානශාලාවක් කරව’යි.

ඉමිනාපහං භොතො උදෙනස‍්ස භිය්‍යොසොමත‍්තාය අත‍්තමනො අභිරද‍්ධො, යං මං භවං උදෙනො සඞ‍්ඝෙ දානෙ සමාදපෙති. එසාහං භො උදෙන, එතිස‍්සා ච නිච‍්චභික‍්ඛාය අපරාය ච නිච‍්චභික‍්ඛාය පාටලිපුත‍්තෙ සඞ‍්ඝස‍්ස උපට‍්ඨානසාලං කාරාපෙස‍්සාමීති.

මම මෙයිනුදු භවත් උදයනයන්හට බෙහෙවින් සතුටු වීමි. සිත් ඇලවීමි. භවත් උදයනයෝ යම් හෙයෙකින් මා සඟුන් විෂයෙහි දෙන දන්හි සමාදන් කරවත් ද, එහෙයිනි. භවත් උදයනයෙනි, තෙල මම තෙල නිත්‍යභික්‍ෂායෙකිනුදු අපර නිත්‍යභික්‍ෂායෙකිනුදු පාටලීපුත්‍රයෙහි සඟනට උපස්ථානශාලාවක් කරවමි’යී.

අථ ඛො ඝොටමුඛො බ්‍රාහ‍්මණො එතිස‍්සා ච නිච‍්චභික‍්ඛාය අපරාය ච නිච‍්චභික‍්ඛාය පාටලිපුත‍්තෙ සඞ‍්ඝස‍්ස උපට‍්ඨානසාලං කාරාපෙසි. සා එතරහි ඝොටමුඛීති වුච‍්චතීති.

ඉක්බිති ඝෝටමුඛ බමුණු තෙල නිත්‍යභික්‍ෂායෙකිනුදු අන්‍ය නිත්‍යභික්‍ෂායෙකිනුදු පාටලීපුත්‍රයෙහි සඟනට උපස්ථාන ශාලාවක් කරවී. ඒ ශාලාව දැන් ‘ඝෝටමුඛ’ යයි කියනු ලැබේ.

ඝොටමුඛසුත‍්තං චතුත්‍ථං

සතර වැනි ඝෝටමුඛ සූත්‍ර යි.