යෙදුමෙන් කියවන්න

අස‍්සලායනසුත‍්තං

2. 5. 3.

2. 5. 3.

අස‍්සලායනසුත‍්තං

අස්සලායන සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන නානාවෙරජ‍්ජකානං බ්‍රාහ‍්මණානං පඤ‍්චමත‍්තානි බ්‍රාහ‍්මණසතානි සාවත්‍ථියං පටිවසන‍්ති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො තෙසං බ්‍රාහ‍්මණානං එතදහොසි: ‘අයං ඛො සමණො ගොතමො චාතුවණ‍්ණිං සුද‍්ධිං පඤ‍්ඤාපෙති. කො නු ඛො පහොති සමණෙන ගොතමෙන සද‍්ධිං අස‍්මිං වචනෙ පතිමන‍්තෙතු’න‍්ති.

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක. එසමයෙහි (අඞ්‍ඝමගධාදි) නානාප්‍රකාර වෙන් වෙන් රජයෙන් පැමිණි බමුණුදනන් පිළිබඳ පන්සියක් පමණ බමුණෝ සැවැත්නුවර වෙසෙත්. (යඥොපාසනාදි) කිසියම් කරණී හෙයිනි. එසඳ ඒ බමුණනට තෙල සිත් වී: “මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණ සාධාරණ ශුද්ධි විධියක් පනවති. මේ වචනයෙහි ලා මහණ ගොයුමන් හා සමග ප්‍රතිමන්ත්‍රණය පිණිස කවරෙක් සමත් වේ ද හෝ යි.

තෙන ඛො පන සමයෙන අස‍්සලායනො නාම මාණවො සාවත්‍ථියං පටිවසති දහරො වුත‍්තසිරො සොළසවස‍්සුද‍්දෙසිකො ජාතියා, තිණ‍්ණං වෙදානං පාරගූ සනිඝණ‍්ඩුකෙටුභානං සාක‍්ඛරප‍්පභෙදානං ඉතිහාසපඤ‍්චමානං පදකො වෙය්‍යාකරණො ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනවයො. අථ ඛො තෙසං බ්‍රාහ‍්මණානං එතදහොසි: ‘අයං ඛො අස‍්සලායනො මාණවො සාවත්‍ථියං පටිවසති දහරො වුත‍්තසිරො සොළසවස‍්සුද‍්දෙසිකො ජාතියා, තිණ‍්ණං වෙදානං පාරගූ සනිඝණ‍්ඩුකෙටුභානං සාක‍්ඛරප‍්පභෙදානං ඉතිහාසපඤ‍්චමානං, පදකො වෙය්‍යාකරණො ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනවයො. සො ඛො පහොති සමණෙන ගොතමෙන සද‍්ධිං අස‍්මිං වචනෙ පටිමන‍්තෙතු’න‍්ති.

එසමයෙහි අස්සලායන නම් මණෙවු සැවැත්හි වෙසෙයි, දහර යැ, අපහෘතකේශ ඇතියෙ යැ, උපතින් සොළොස් හවිරිද්ද, නිඝණ්ඩු කේටුභ සහිත වූ අක්‍ෂරප්‍රභේද සහිත වූ ඉතිහාසය පස් වනු කොට වැටෙන ත්‍රිවේදයන් ගේ පාරයට ගියේ යැ, පද හදාරනු වෙයි, ව්‍යාකරණ හදාරනු වෙයි, ලෞකිකායතික මහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වෙයි. ඒ සඳ ඒ බමුණනට තෙල සිත් වී: “මේ අස්සලායන මාණවක සැවැත්හි වෙසෙයි, තරුණ යැ, කේසාපහරණ කළේ යැ, උපතින් සොළොස් හැවිරිදි යැ, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත ශික්‍ෂා සහිත ඉතිහාසය පස්වනු කොට වැටෙන ත්‍රිවේදයන්ගේ පරතෙර දුටුයේ යැ, පද හදාරනු වෙයි, ලෞකික මහා පුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වෙයි. හේ වනාහි මහණ ගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණ කරන්නට පොහෝනේ වෙයි.

අථ ඛො තෙ බ්‍රාහ‍්මණා යෙන අස‍්සලායනො මාණවො තෙනුපඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා අස‍්සලායනං මාණවං එතදවොචුං: ‘අයං භො අස‍්සලායන, සමණො ගොතමො චාතුවණ‍්ණිං සුද‍්ධිං පඤ‍්ඤාපෙති. එතු භවං අස‍්සලායනො සමණෙන ගොතමෙන සද‍්ධිං අස‍්මිං වචනෙ පටිමන‍්තෙතූ’ති. එවං වුත‍්තෙ අස‍්සලායනො මාණවො තෙ බ්‍රාහ‍්මණෙ එතදවොච: ‘සමණො ඛලු භො ගොතමො ධම‍්මවාදී, ධම‍්මවාදිනො ච පන දුප‍්පතිමන‍්තියා භවන‍්ති. නාහං සක‍්කොමි සමණෙන ගොතමෙන සද‍්ධිං අස‍්මිං වචනෙ පතිමන‍්තෙතු’න‍්ති. දුතියම‍්පි ඛො තෙ බ්‍රාහ‍්මණා අස‍්සලායනං මාණවං එතදවොචුං: ‘අයං භො අස‍්සලායන, සමණො ගොතමො චාතුවණ‍්ණිං සුද‍්ධිං පඤ‍්ඤාපෙති. එතු භවං අස‍්සලායනො සමණෙන ගොතමෙන සද‍්ධිං අස‍්මිං වචනෙ පතිමන‍්තෙතුං. චරිතං ඛො පන භොතා අස‍්සලායනෙන පරිබ‍්බාජක’න‍්ති. දුතියම‍්පි ඛො අස‍්සලායනො මාණවො තෙ බ්‍රාහ‍්මණෙ එතදවොච: ‘සමණො ඛලු භො ගොතමො ධම‍්මවාදී, ධම‍්මවාදිනො ච පන දුප‍්පතිමන‍්තියා භවන‍්ති. නාහං සක‍්කොමි සමණෙන ගොතමෙන සද‍්ධිං අස‍්මිං වචනෙ පතිමන‍්තෙතු’න‍්ති. තතියම‍්පි ඛො තෙ බ්‍රාහ‍්මණා අස‍්සලායනං මාණවං එතදවොචුං: ‘අයං භො අස‍්සලායන සමණො ගොතමො චාතුවණ‍්ණිං සුද‍්ධිං පඤ‍්ඤාපෙති. එතු භවං අස‍්සලායනො සමණෙන ගොතමෙන සද‍්ධිං අස‍්මිං වචනෙ පතිමන‍්තෙතුං. චරිතං ඛො පන භොතා අස‍්සලායනෙන පරිබ‍්බාජකං, මා භවං අස‍්සලායනො අයුද‍්ධපරාජිතං පරාජයී’ති.

ඉක්බිති ඒ බමුණු අස්සලායන මණෙවු කරා එළඹියහ. එළැඹ අස්සලායන මණෙවුහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණ සාධාරණ ශුද්ධි විධියක් පනවති. එව, භවත් අස්සලායනයෝ මහණගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණ කෙරෙත්වා”යි. මෙසේ කී කල අස්සලායන මාණවක ඒ බමුණුහට තෙල කී: “භවත්නි, ශ්‍රමණ ගෞතමයෝ ධර්‍මවාදී වෙති. ධර්‍මවාදීහු නම් දුකසේ ප්‍රතිමන්ත්‍රණ කළයුත්තාහ. මම වනාහි ශ්‍රමණ ගෞතමයන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට නො හැක්කෙමි. දෙවනවට ද ඒ බමුණෝ අස්සලායන මාණවකහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණසාධාරණ ශුද්ධිවිධියක් පනවති. භවත් අස්සලායනයෝ මහණ ගොයුමන් හා සමග ප්‍රතිමන්ත්‍රණය කරන්නට එත්වා, භවත් අස්සලායනයන් විසින් ප්‍රව්‍රජ්‍යාවිධාන ශික්‍ෂිත වෙයි. දෙවනවට ද අස්සලාන මාණවක ඒ බමුණනට තෙල කී: “භවත්නි, ශ්‍රමණ ගෞතමයෝ ධර්‍මවාදීහ. ධර්‍මවාදීහු වනාහි දුකසේ ප්‍රතිමන්ත්‍රණ කළයුත්තාහ. මම වනාහි ශ්‍රමණ ගෞතමයන් හා මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට නො හැක්කෙමි. තුන් වන වට ද ඒ බමුණෝ අස්සලායන මාණවකහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණසාධාරණ ශුද්ධියක් පනවති. භවත් අස්සලායනයෝ මහණ ගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට එත්වා. භවත් අස්සලායනයන් විසින් ප්‍රව්‍රජ්‍යාවිධාන ශික්‍ෂිත වෙයි. භවත් අස්සලායනයෝ යුද නො කොට පැරදුමක් නහමක් කෙරෙත්වා.

එවං වුත‍්තෙ අස‍්සලායනො මාණවො තෙ බ්‍රාහ‍්මණෙ එතදවොච: ‘අද‍්ධා ඛො අහං භවන‍්තො න ලභාමි. සමණො ඛලු භො ගොතමො ධම‍්මවාදී, ධම‍්මවාදිනො ච පන දුප‍්පතිමන‍්තියා භවන‍්ති. නාහං සක‍්කොමි සමණෙන ගොතමෙන සද‍්ධිං අස‍්මිං වචනෙ පතිමන‍්තෙතුං. අපි චාහං භවන‍්තානං වචනෙන ගමිස‍්සාමී’ති.

මෙසේ කී කල්හි අස්සලායන මාණවක ඒ බමුණනට තෙල කී: “ඒකාන්තයෙන් මම භවතුන් නො ලබමි. භවත්නි, මහණ ගොයුම්හු ධර්‍මවාදීහ, ධර්‍මවාදීහු වනාහි දුකසේ ප්‍රතිමන්ත්‍රණ කළයුත්තාහ. මම ශ්‍රමණ ගෞතමයන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට නො හැක්කෙමි. වැලිදු මම භවතුන් ගේ වචනයෙන් එමි.

අථ ඛො අස‍්සලායනො මාණවො මහතා බ්‍රාහ‍්මණගණෙන සද‍්ධිං යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො අස‍්සලායනො මාණවො භගවන‍්තං එතදවොච: ‘බ්‍රාහ‍්මණා භො ගොතම, එවමාහංසු: ‘බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණොව සුක‍්කො වණ‍්ණො, කණ‍්හො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණාව සුජ‍්ඣන‍්ති නො අබ්‍රාහ‍්මණා, බ්‍රාහ‍්මණාව බ්‍රහ‍්මුනො පුත‍්තා ඔරසා මුඛතො ජාතා බ්‍රහ‍්මජා බ්‍රහ‍්මනිම‍්මිතා බ්‍රහ‍්මදායාදා’ති. ඉධ භවං ගොතමො කිමාහා’ති?

ඉක්බිති අස්සලායන මාණවක මහත් බ්‍රාහ්මණ ගණයා හා සමග භාග්‍යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු කලක් සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අස්සලායන මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව බ්‍රාහ්මණයෝ මෙසේ කියත්: බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යි. අන්‍යවර්‍ණ හීන යි. බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යි. අන්‍යවර්‍ණ කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ මැ පිරිසුදු වෙත් තදන්‍යයෝ පිරිසුදු නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ, ඖරසයහ, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. භවත් ගෞතමයන් වහන්සේ මෙහි ලා කුමක් වදාරනසේක් ද?

දිස‍්සන‍්තෙ ඛො පන අස‍්සලායන, බ්‍රාහ‍්මණානං බ්‍රාහ‍්මණියො උතුනියොපි ගබ‍්භිනියොපි විජායමානාපි පායමානාපි. තෙ ච බ්‍රාහ‍්මණා යොනිජාව සමානා, එවමාහංසු: ‘බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණාව සුක‍්කො වණ‍්ණො, කණ‍්හො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණාව සුජ‍්ඣන‍්ති නො අබ්‍රාහ‍්මණා, බ්‍රාහ‍්මණාව බ්‍රහ‍්මුනො පුත‍්තා ඔරසා මුඛතො ජාතා බ්‍රහ‍්මජා බ්‍රහ‍්මනිම‍්මිතා බ්‍රහ‍්මදායාදා’ති.

අස්සලායනයෙනි, බමුණන්ගේ බැමිණියෝ ඍතුනී වූවාහු ද ගැබිනි වූවාහු ද වදන්නාහු ද කිරිපොවන්නාහු ද පැනෙත්, එ බමුණෝ ද යෝනියෙන් උපන්නාහු මැ මෙසේ කීහු: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යි, අන්‍යවර්‍ණ හීන යි. බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යි, අන්‍යවර්‍ණ කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ මැ පිරිසිදු වෙත්. තදන්‍යයෝ පිරිසිදු නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ, ඖරසයහ, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි.

කිඤ‍්චාපි භවං ගොතමො එවමාහ. අථ ඛො බ්‍රාහ‍්මණා එවමෙතං මඤ‍්ඤන‍්ති. ‘බ්‍රාහ‍්මණොව සෙට‍්ඨො වණ‍්ණො හීනො අඤ‍්ඤො වණ‍්ණො -පෙ- බ්‍රහ‍්මදායාදා’ති.

භවත් ගෞතමයන් වහන්සේ මෙසේ වදාරතුදු බ්‍රාහ්මණ යෝ වැළිත් තෙල කරුණ මෙසේ හඟිති: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීන යි. .... බ්‍රහ්ම දායාදයහ”යි.

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන, සුතං තෙ: ‘යොනකම‍්බොජෙසු අඤ‍්ඤෙසු ච පච‍්චන‍්තිමෙසු ජනපදෙසු ද‍්වෙව වණ‍්ණා, අය්‍යො චෙව දාසො ච. අය්‍යො හුත්‍වා දාසො හොති, දාසො හුත්‍වා අය්‍යො හොතී’ති.

අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? “යෝනකාම්බෝජ දනව්හි දු අන් පසල්දනව්හි දු වර්‍ණ (කුල) දෙකෙක් මැ යැ: ස්වාමි ද දාස ද යන දෙක යි. ස්වාමි වැ දාස වෙයි, දාස වැ ස්වාමි වේ” යයි තොප විසින් අසනලද ද?

එවං භො සුතං තං මෙ යොනකම‍්බොජෙසු අඤ‍්ඤෙසු ච පච‍්චන‍්තිමෙසු ජනපදෙසු ද‍්වෙව වණ‍්ණා අය්‍යො චෙව දාසො ච. අය්‍යො හුත්‍වා දාසො හොති, දාසො හුත්‍වා අය්‍යො හොතී’ති. එත්‍ථ අස‍්සලායන බ්‍රාහ‍්මණානං කිං බලං කො අස‍්සාසො, යදෙත්‍ථ බ්‍රාහ‍්මණා එවමාහංසු: ‘බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො, -පෙ- බ්‍රහ‍්මදායාදා’ති.

භවත්නි, මා විසින් මෙසේ අසන ලද: “යෝනකාම්බෝජ දනව්හි දු අන් පසල්දනව්හි දු ස්වාමි යැ දාස යැ යි වර්‍ණ දෙකෙක් මැ යැ. ස්වාමි වැ සිට දාස වෙයි, දාස වැ සිට ස්වාමි වේ”යයි. අස්සලායනයෙනි, යම් හෙයකින් මෙහි ලා බ්‍රාහ්මණයෝ මෙසේ කියත් ද: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීනවර්‍ණ යි … බ්‍රහ්මදායාදයහ”යි, මෙ කරුණෙහි ලා බමුණනට කවර බලයෙක් ද? කවර ආස්වාසයෙක් ද?

කිඤ‍්චාපි භවං ගොතමො එවමාහ. අථ ඛො එත්‍ථ බ්‍රාහ‍්මණා එවමෙතං මඤ‍්ඤන‍්ති: ‘බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො හීනො අඤ‍්ඤො වණ‍්ණො, -පෙ- බ්‍රහ‍්මදායාදා’ති.

භවත් ගෞතමයෝ මෙසේ වදාරතූදු බ්‍රාහ්මණයෝ වැළිත් තෙල කරුණ මෙසේ හඟිති: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීන යි ... බ්‍රහ්මදායාදයහ”යි.

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන, ඛත‍්තියොව නු ඛො පාණාතිපාතී අදින‍්නාදායී කාමෙසු මිච‍්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසාවාචො සම‍්ඵප‍්පලාපී අභිජ‍්ඣාලු බ්‍යාපන‍්නචිත‍්තො මිච‍්ඡාදිට‍්ඨි කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජෙය්‍ය, නො බ්‍රාහ‍්මණො. වෙස‍්සොව නු ඛො -පෙ- සුද‍්දොව නු ඛො පාණාතිපාතී අදින‍්නාදායී කාමෙසු මිච‍්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසාවාචො සම‍්ඵප‍්පලාපී අභිජ‍්ඣාලු බ්‍යාපන‍්නචිත‍්තො මිච‍්ඡාදිට‍්ඨි, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජෙය්‍ය, නො බ්‍රාහ‍්මණො’ති.

අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? ප්‍රාණවධ කරන, නුදුන් දැය ගන්නා, කාමයෙහි මිසහසර ඇති, මුසා බණන පිසුණුබස් ඇති පරොස්බස් ඇති සිස්බස් බණන, අභිධ්‍යා බහුල, ව්‍යාපන්න සිත් ඇති, මිසදිටු ඇති ක්‍ෂත්‍රිය මැ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයෙහි උපදනේ ද? බ්‍රාහ්මණ නූපදනේ ද? වෛශ්‍ය මැ ... ප්‍රාණවධ කරන, අයිනාදන් කරන, කාමයෙහි මිසහසර ඇති, මුසා බණන, පිසුණුබස් ඇති, පරොස්බස් ඇති, සිස්බස් තෙපලන, අභිධ්‍යා බහුල, ව්‍යාපන්න සිත් ඇති, මිසදුටු ඇති ශුද්‍ර මැ කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරෑහි උපදනේ ද? බමුණු නූපදනේ දැ?යි.

නො හිදං භො ගොතම, ඛත‍්තියොපි හි භො ගොතම, පාණාතිපාතී අදින‍්නාදායී කාමෙසු මිච‍්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසාවාචො සම‍්ඵප‍්පලාපී අභිජ‍්ඣාලු බ්‍යාපන‍්නචිත‍්තො මිච‍්ඡාදිට‍්ඨි, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජෙය්‍ය. බ්‍රාහ‍්මණොපි හි භො ගොතම -පෙ- වෙස‍්සොපි හි භො ගොතම -පෙ- සුද‍්දොපි හි භො ගොතම -පෙ- සබ‍්බෙපි හි භො ගොතම, චත‍්තාරො වණ‍්ණා පාණාතිපාතී අදින‍්නාදායී කාමෙසු මිච‍්ඡාචාරී මුසාවාදී පිසුනාවාචා ඵරුසාවාචා සම‍්ඵප‍්පලාපී අභිජ‍්ඣාලූ බ්‍යාපන‍්නචිත‍්තා මිච‍්ඡාදිට‍්ඨී කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජෙය්‍යු’න‍්ති.

භවත් ගොයුමාණෙනි, මෙ කරුණ නො වේ මැ යි. භවත් ගෞතමයන් වහන්ස, ප්‍රාණවධ කරන අයිනාදන් කරන කාමයෙහි මිසහසර ඇති මුසා බණන පිසුණු බස් ඇති පරොස්බස් ඇති සිස්බස් තෙපලන අභිධ්‍යා බහුල ව්‍යාපන්න සිත් ඇති මිසදුටු ඇති ක්‍ෂත්‍රිය තෙමේත් කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති ඇති, විවස වැ පතිත වන නිරෑ වදනේ යැ. භවත් ගොයුම්ගොතුව, බ්‍රාහ්මණ තෙමේත් ... භවත් ගෞතමයන් වහන්ස, වෛශ්‍ය තෙමේත් … භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍ර තෙමේත් … භවත් ගොයුමාණන් වහන්ස, ප්‍රාණවධ කරන අයිනාදන් කරන කාමයෙහි මිසහසර ඇති මුසා බණන පිසුණුබස් ඇති පරොස්බස් ඇති සිස්බස් තෙපලන අභිධ්‍යා බහුල ව්‍යාපන්න සිත් ඇති මිසදුටුගත් හැම සතර වර්‍ණයෝ මැ කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට වදනාහ”යි.

එත්‍ථ අස‍්සලායන, බ්‍රාහ‍්මණානං කිං බලං කො අස‍්සාසො, යදෙත්‍ථ බ්‍රාහ‍්මණා එවමාහංසු: ‘බ්‍රාහ‍්මණොව සෙට‍්ඨො වණ‍්ණො, -පෙ- බ්‍රහ‍්මදායාදා’ති.

අස්සලායනයෙනි, යම් හෙයෙකින් මෙ කරුණෙහි ලා “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ ... බ්‍රහ්මදායාදයහ”යි බමුණෝ මෙසේ කීහු නම් මෙහි ලා බ්‍රාහ්මණයන්ට කවර බලයෙක් ද, කවර ආස්වාසයෙක් ද?

කිඤ‍්චාපි භවං ගොතමො එවමාහ, අථ ඛො එත්‍ථ බ්‍රාහ‍්මණා එවමෙතං මඤ‍්ඤන‍්ති: බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො -පෙ- බ්‍රහ‍්මදායාදා’ති.

භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු මෙහි ලා ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණයෝ හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි බ්‍රාහ්මණයෝ හඟිති.

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන, බ්‍රාහ‍්මණොව නු ඛො පාණාතිපාතා පටිවිරතො අදින‍්නාදානා පටිවිරතො කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා පටිවිරතො ඵරුසාවාචා පටිවිරතො සම‍්ඵප‍්පලාපා පටිවිරතො අනභිජ‍්ඣාලු අබ්‍යාපන‍්නචිත‍්තො සම‍්මාදිට‍්ඨි කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජෙය්‍ය. නො ඛත‍්තියො, නො වෙස‍්සො, නො සුද‍්දො’ති.

අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? ප්‍රාණවධයෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ කාමයෙහි මිසහසරින් වෙන් වූ මුසවායෙන් වෙන් වූ පිසුණුබසින් වෙන් වූ පරොස්බසින් වෙන් වූ හිස්බසින් වෙන් වූ අභිධ්‍යා බහුල නො වූ ව්‍යාපන්න සිත් නැති සම්දිටු ඇති බ්‍රාහ්මණ තෙමේ මැ කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදනේ ද? ක්‍ෂත්‍රිය නූපදනේ ද, වෛශ්‍ය නූපදනේ ද, ශුද්‍ර නූපදනේ දැ?යි.

නො හිදං භො ගොතම, ඛත‍්තියොපි හි භො ගොතම, පාණාතිපාතා පටිවිරතො අදින‍්නාදානා පටිවිරතො කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා පටිවිරතො ඵරුසාවාචා පටිවිරතො සම‍්ඵප‍්පලාපා පටිවිරතො අනභිජ‍්ඣාලු අබ්‍යාපන‍්නචිත‍්තො සම‍්මාදිට‍්ඨි කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජෙය්‍ය. බ්‍රාහ‍්මණොපි හි භො ගොතම -පෙ- වෙස‍්සොපි හි භො ගොතම -පෙ- සුද‍්දොපි හි භො ගොතම -පෙ- සබ‍්බෙපි හි භො ගොතම, චත‍්තාරො වණ‍්ණා පාණාතිපාතා පටිවිරතා අදින‍්නාදානා පටිවිරතා කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා පිසුනාවාචා පටිවිරතා ඵරුසාවාචා පටිවිරතා සම‍්ඵප‍්පලාපා පටිවිරතා අනභිජ‍්ඣාලූ අබ්‍යාපන‍්නචිත‍්තා සම‍්මාදිට‍්ඨි, කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජෙය්‍යු’න‍්ති.

භවත් ගොයුම්ගොතුව, මේ නො වේ මැ යි. ප්‍රාණවධයෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ කාමයෙහි මිසහසරින් වෙන් වූ මුසවායෙන් වෙන් වූ පිසුණුබසින් වෙන් වූ පරොස්බසින් වෙන් වූ සිස්බසින් වෙන් වූ අභිධ්‍යා බහුල නො වූ ව්‍යාපන්න සිත් නැති සම්දිටු ඇති ක්‍ෂත්‍රිය තෙමේත් කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදනේ යැ. භවත් ගොයුම්ගොතුව, බ්‍රාහ්මණ තෙමේත් ... භවත් ගෞතමයෙනි, වෛශ්‍ය තෙමේත් ... භවත් ගොයුමාණෙනි, ශුද්‍ර තෙමේත් ... භවත් ගෞතමයන් වහන්ස, පණිවායෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ කාමයෙහි මිසහසරින් වෙන් වූ මුසවායෙන් වෙන් වූ පිසුණුබසින් වෙන් වූ පරොස්බසින් වෙන් වූ සිස්බසින් වෙන් වූ අභිධ්‍යා බහුල නො වූ ව්‍යාපන්න සිත් නැති සම්දිටු ඇති හැම සතර වර්‍ණයෝ මැ කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදනාහ”යි.

එත්‍ථ අස‍්සලායන, බ්‍රාහ‍්මණානං කිං බලං කො අස‍්සාසො, යදෙත්‍ථ බ්‍රාහ‍්මණා එවමාහංසු: ‘බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො -පෙ- බ්‍රහ‍්මදායාදා’ති.

අස්සලායනයෙනි, යම් හෙයෙකින් මෙ කරුණෙහි ලා “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීනවර්‍ණ යි ... බ්‍රහ්මදායාදයහ”යි බ්‍රාහ්මණයෝ මෙසේ කීහු නම් මෙහි ලා බමුණනට කවර බලයෙක් ද? කවර ආස්වාසයෙක් ද?

කිඤ‍්චාපි භවං ගොතමො එවමාහ, අථ ඛො එත්‍ථ බ්‍රාහ‍්මණා එවමෙවං මඤ‍්ඤන‍්ති: බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො හීනො අඤ‍්ඤො වණ‍්ණො -පෙ- බ්‍රහ‍්මදායාදා’ති.

භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු මෙහි ලා ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ තදන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි බ්‍රාහ්මණයෝ මේ මෙසේ හඟිති’යි.

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන, බ්‍රාහ‍්මණොව නු ඛො පහොති අස‍්මිං පදෙසෙ අවෙරං අබ්‍යාපජ‍්ඣං මෙත‍්තං චිත‍්තං භාවෙතුං නො ඛත‍්තියො නො වෙස‍්සො නො සුද‍්දො’ති.

අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? මෙ පෙදෙසැ අවෛර වූ නිදුක් වූ මෙත්සිත වඩන්නට බ්‍රාහ්මණ මැ පොහෝනේ ද? ක්‍ෂත්‍රිය නො පොහෝනේ ද, වෛශ්‍ය නො පොහෝනේ ද, ශුද්‍ර නො පොහෝනේ දැ? යි.

නො හිදං භො ගොතම, ඛත‍්තියොපි හි භො ගොතම, පහොති අස‍්මිං පදෙසෙ අවෙරං අබ්‍යාබජ‍්ඣං මෙත‍්තං චිත‍්තං භාවෙතුං, බ්‍රාහ‍්මණොපි හි භො ගොතම -පෙ- වෙස‍්සොපි හි භො ගොතම -පෙ- සුද‍්දොපි හි භො ගොතම -පෙ- සබ‍්බෙපි හි භො ගොතම, චත‍්තාරො වණ‍්ණා පහොන‍්ති අස‍්මිං පදෙසෙ අවෙරං අබ්‍යාපජ‍්ඣං මෙත‍්තං චිත‍්තං භාවෙතු’න‍්ති.

භවත් ගොයුම්ගොතුව, මේ කරුණ නො වේ මැ යි. භවත් ගෞතමයන් වහන්ස, මෙ පෙදෙස්හි අවෛර වූ නිදුක් වූ මෙත්සිත වඩන්නට ක්‍ෂත්‍රිය ද පොහෝනේ යැ. භවත් ගොයුම්ගොතුව, බ්‍රාහ්මණ ද .... භවත් ගොයුමාණෙනි, වෛශ්‍ය ද ... භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍ර ද ... භවත් ගොයුමාණන් වහන්ස, මෙ පෙදෙස්හි අවෛර වූ නිදුක් වූ මෙත්සිත වඩන්නට හැම සතර වර්‍ණයෝ මැ පොහෝනාහ’ යි.

එත්‍ථ අස‍්සලායන, බ්‍රාහ‍්මණානං කිං බලං කො අස‍්සාසො, යදෙත්‍ථ බ්‍රාහ‍්මණා එවමාහංසු: ‘බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො -පෙ- බ්‍රහ‍්මදායාදා’ති.

අස්සලායනයෙනි, යම් හෙයෙකින් ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ තදන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි බ්‍රාහ්මණයෝ මෙසේ කීහු නම් මෙහි ලා බ්‍රාහ්මණයන්ට කවර බලයෙක් ද? කවර ආස්වාසයෙක් ද?

කිඤ‍්චාපි භවං ගොතමො එවමාහ. අථ ඛො එත්‍ථ බ්‍රාහ‍්මණා එවමෙතං මඤ‍්ඤන‍්ති: ‘බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො, -පෙ- බ්‍රහ‍්මදායාදා’ති.

භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු මෙහි ලා ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ තදන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි මේ මෙසේ මැ බ්‍රාහ්මණයෝ හඟිති’යි.

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන, බ්‍රාහ‍්මණොව නු ඛො පහොති සොත‍්තිං සිනානිං ආදාය නදිං ගන‍්ත්‍වා රජොජල‍්ලං පවාහෙතුං, නො ඛත‍්තියො, නො වෙස‍්සො, නො සුද‍්දො’ති.

අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? බ්‍රාහ්මණ මැ නහන කුරුඳුවැල ගෙන නදියට ගොස් රජස්දැලි සෝධාලන්නට පොහෝනේ ද? ක්‍ෂත්‍රිය නො පොහෝනේ ද? වෛශ්‍ය නො පොහෝනේ ද? ශුද්‍ර නො පොහෝනේ දැ? යි.

නො හිදං භො ගොතම, ඛත‍්තියොපි හි භො ගොතම, පහොති සොත‍්තිං සිනානිං ආදාය නදිං ගන‍්ත්‍වා රජොජල‍්ලං පවාහෙතුං, බ්‍රාහ‍්මණොපි හි භො ගොතම, -පෙ- වෙස‍්සොපි හි භො ගොතම -පෙ- සුද‍්දොපි හි භො ගොතම, -පෙ- සබ‍්බෙපි හි භො ගොතම, චත‍්තාරො වණ‍්ණා පහොන‍්ති සොත‍්තිං සිනානිං ආදාය නදිං ගන‍්ත්‍වා රජොජල‍්ලං පවාහෙතුන‍්ති. එත්‍ථ අස‍්සලායන බ්‍රාහ‍්මණානං කිං බලං කො අස‍්සාසො, යදෙත්‍ථ බ්‍රාහ‍්මණා එවමාහංසු: බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො -පෙ- බ්‍රහ‍්මදායාදාති.

භවත් ගොයුම්ගොතුව, මේ නො වේ මැ යි. භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රිය ද නහන කුරුඳුවැල ගෙන නදියට ගොස් රජස්දැලි සෝධා හරනට පොහෝනේ යැ, භවත් ගොයුමාණෙනි, බ්‍රාහ්මණ ද ... භවත් ගොයුමාණන් වහන්ස, වෛශ්‍ය ද ... භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍ර ද ... භවත් ගෞතමයන් වහන්ස, හැම සතර වර්‍ණයෝ මැ නහන කුරුඳුවැල ගෙන නදියට ගොස් රජස්දැලි සෝධා හරනට පොහෝනාහ’යි. අස්සලායනය, මෙ තන්හි දී බමුණෝ: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදය’යි යමක් කියත් ද, මෙහි ලා ඒ බමුණනට කවර බලයෙක් වේ ද? කවර ආස්වාසයෙක් වේ ද?

කිඤ‍්චාපි භවං ගොතමො එවමාහ, අථ ඛො එත්‍ථ බ්‍රාහ‍්මණා එවමෙතං මඤ‍්ඤන‍්ති: බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො, -පෙ- බ්‍රහ‍්මදායාදාති.

භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් මෙ තන්හි දී බමුණෝ තෙල කරුණ මෙසේ සිතත්: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීන යි ... බ්‍රහ්මදායාදය කියා යි.

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන, ඉධ රාජා ඛත‍්තියො මුද‍්ධාවසිත‍්තො නානාජච‍්චානං පුරිසානං පුරිසසතං සන‍්නිපාතෙය්‍ය: ආයන‍්තු භොන‍්තො, යෙ තත්‍ථ ඛත‍්තියකුලා බ්‍රාහ‍්මණකුලා රාජඤ‍්ඤකුලා උප‍්පන‍්නා සාලස‍්ස වා සලළස‍්ස වා චන්‍දනස‍්ස වා පදුමස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගිං අභිනිබ‍්බත‍්තෙන‍්තු, තෙජො පාතුකරොන‍්තු. ආයන‍්තු පුන භොන‍්තො, යෙ තත්‍ථ චණ‍්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා රථකාරකුලා පුක‍්කුසකුලා උප‍්පන‍්නා සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ‍්ඩකට‍්ඨස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගිං අභිනිබ‍්බත‍්තෙන‍්තු, තෙජො පාතුකරොන‍්තූ’ති.

අස්සලායනයෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ මුදුන්හි බිසෙස් කළ කැත්රජෙක් නන්කුල උපන් පුරුෂයන් අතුරින් පුරුෂයන් සියක් රැස් කරව’යි: ‘භවත්නි, එව, එහි කැත්කුලින් හෝ බමුණුකුලින් හෝ රජකුලින් හෝ ක්‍ෂත්‍රියකුලින් හෝ උපන් යම් කෙනෙක් ඇද්ද, ඔහු සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ ගිනිගානා උතුරුරිණි ගෙන් ගිනි දල්වත්වා, තෙද පහළ කෙරෙත්වා. භවත්නි, දෙවනුව එව. එහි චණ්ඩාලකුලයෙන් හෝ නේසාද කුලයෙන් හෝ වේණකුලයෙන් හෝ රථකාරකුලයෙන් හෝ පුක්කුසකුලයෙන් හෝ උපන් යම් කෙනෙක් ඇද්ද, කුකුරුවන් පැන් බොන දෙණියෙහි දැවයෙන් කළ හෝ හූරන් බුදුනා දෙණියෙහි දැවයෙන් කළ හෝ රජකයන් අයත් දෙණියෙහි දැවයෙන් කළ හෝ එරණ්ඩකාෂ්ටයෙන් කළ හෝ උත්තරාරණියක් ගෙන ගිනි දල්වත්වා තෙද පහළ කෙරෙත්වා’යි.

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන යො එවං නු ඛො සො ඛත‍්තියකුලා බ්‍රාහ‍්මණකුලා රාජඤ‍්ඤකුලා උප‍්පන‍්නෙහි සාලස‍්ස වා සලළස‍්ස වා චන්‍දනස‍්ස වා පදුමස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගි අභිනිබ‍්බත‍්තො තෙජො පාතුකතො, සො එවනුඛ‍්වාස‍්ස අග‍්ගි අච‍්චිමා ව වණ‍්ණවා ච පභස‍්සරො ච. තෙන ච සක‍්කා අග‍්ගිනා අග‍්ගිකරණීයං කාතුං. යො පන සො චණ‍්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා රථකාරකුලා පුක‍්කුසකුලා උප‍්පන‍්නෙහි සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ‍්ඩකට‍්ඨස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගි අභිනිබ‍්බත‍්තො තෙජො පාතුකතො, ස‍්වාස‍්ස අග‍්ගි න චෙව අච‍්චිමා, න ච වණ‍්ණවා, න ච පභස‍්සරො, න ච තෙන සක‍්කා අග‍්ගිනා අග‍්ගිකරණීයං කාතු’න‍්ති.

අස්සලායනයෙනි, ඒ කෙසේ හඟිහි? ක්‍ෂත්‍රියකුලයෙන් හෝ බ්‍රාහ්මණකුලයෙන් හෝ රාජන්‍යකුලයෙන් හෝ උපනුන් විසින් සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමමය වූ හෝ උත්තරාරණියක් ගෙන මෙසේ ගිනි දැල්වූ තෙද පහළ කළ යම් ඒ ගින්නෙක් ඇද්ද, මෙසේ ඒ ගින්න සිළු ඇතියේ වර්‍ණ ඇතියේ ප්‍රභාස්වර වූයේත් වේ ද, ඒ ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට හැකි වේ ද, චණ්ඩාලකුලයෙන් හෝ නේසාදකුලයෙන් හෝ වේණකුලයෙන් හෝ රථකාරකුලයෙන් හෝ පුක්කුසකුලයෙන් හෝ උපනුන් විසින් කුකුරුවන් පැන් බොන දෙණියට අයත් දැවයෙන් කළ හෝ හූරන් බුදුනා දෙණියට අයත් දැවයෙන් කළ හෝ රජකයන් සතු දෙණියට අයත් දැවයෙන් කළ හෝ එරණ්ඩකාෂ්ටමය දැවයෙන් කළ හෝ උත්තරාරණියක් ගෙන ගිනි දැල්වූ තෙද පහළ කළ යම් ගින්නෙක් ඇද්ද, ඒ ගින්න ද සිළු ඇතියේ නො ද වේ ද? වර්‍ණ ඇතියේ නො ද වේ ද? ප්‍රභාස්වර නො ද වේ ද? ඒ ගින්නෙන්, ගින්නෙන් කළයුතු කරණී කරන්නට නො හැකි වේ දැ? යි.

නො හිදං භො ගොතම, යො සො භො ගොතම, ඛත‍්තියකුලා බ්‍රාහ‍්මණකුලා රාජඤ‍්ඤකුලා උප‍්පන‍්නෙහි සාලස‍්ස වා සලළස‍්ස වා චන්‍දනස‍්ස වා පදුමස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගි අභිනිබ‍්බත‍්තො තෙජො පාතුකතො. ස‍්වාස‍්ස අග‍්ගි අච‍්චිමා ච වණ‍්ණවා ච පභස‍්සරො ච, තෙන ච සක‍්කා අග‍්ගිනා අග‍්ගිකරණීයං කාතුං. යොපි සො චණ‍්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා රථකාරකුලා පුක‍්කුසකුලා උප‍්පන‍්නෙහි සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ‍්ඩකට‍්ඨස‍්ස වා උත‍්තරාරණිං ආදාය අග‍්ගි අභිනිබ‍්බත‍්තො තෙජො පාතුකතො, සො වස‍්ස අග‍්ගි අච‍්චිමා ච වණ‍්ණවා ච පභස‍්සරො ච. තෙන ච සක‍්කා අග‍්ගිනා අග‍්ගිකරණීයං කාතුං සබ‍්බොපි හි භො ගොතම, අග‍්ගි අච‍්චිමා ච වණ‍්ණවා ච පභස‍්සරො ච, සබ‍්බෙනපි ච සක‍්කා අග‍්ගිනා අග‍්ගිකරණීයං කාතු’න‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, මේ වෙනස නො වේ මැ යි, භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රි යකුලයෙන් හෝ බ්‍රාහ්මණකුලයෙන් හෝ රාජන්‍යකුලයෙන් හෝ උපනුන් විසින් සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමමය වූ හෝ උත්තරාරණියක් ගෙන දැල්වූ පහළ කළ යම් ඒ ගින්නෙක් ඇද්ද, ඒ ගින්න සිළු ඇතියේ ද වර්‍ණ ඇතියේ ද ප්‍රභාස්වර වූයේ ද වෙයි. ඒ ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට හැකි වෙයි, චණ්ඩාලකුලයෙන් හෝ නේසාද කුලයෙන් හෝ වේණකුලයෙන් හෝ රථකාරකුලයෙන් හෝ පුක්කුසකුලයෙන් හෝ උපනුන් විසින් කුකුරුවන් පැන් බොන දෙණියට අයත් දැවයෙන් කළ හෝ හූරන් බුදුනා දෙණියට අයත් දැවයෙන් කළ හෝ රජකයන් සතු දෙණියට අයත් දැවයෙන් කළ හෝ එරණ්ඩකාෂ්ටමයෙන් දැවයෙන් කළ හෝ උත්තරාරණියක් ගෙන දැල්වූ පහළ කළ යම් ඒ ගින්නෙක් ඇද්ද, ඒ ගින්න ද සිළු ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි. ඒ ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට හැකි වෙයි. භවත් ගෞතමයන් වහන්ස, හැම ගින්න මැ සිළු අතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි. හැම ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට ද හැකි වෙයි.

එත්‍ථ අස‍්සලායන, බ්‍රාහ‍්මණානං කිං බලං කො අස‍්සාසො, යදෙත්‍ථ බ්‍රාහ‍්මණා එවමාහංසු: බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණාව සුක‍්කො වණ‍්ණො, කණ‍්හො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණාව සුජ‍්ඣන‍්ති, නො අබ්‍රාහ‍්මණා. බ්‍රාහ‍්මණාව බ්‍රහ‍්මුනො පුත‍්තා ඔරසා මුඛතො ජාතා බ්‍රහ‍්මජා බ්‍රහ‍්මනිම‍්මිතා බ්‍රහ‍්මදායාදාති.

අස්සලායනය, මෙහි ලා බ්‍රාහ්මණයෝ යමක් මෙසේ කියත් ද: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීන යි, බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යැ අන්‍යවර්‍ණය කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ මැ ශුද්ධ වෙති. අබ්‍රාහ්මණයෝ ශුද්ධ නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ. උරදාවෙති, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. මෙ කරුණෙහි ඒ බමුණනට කිනම් බලයෙක් ඇද්ද, කවර ආස්වාසයෙක් ඇද්ද?

කිඤ‍්චාපි භවං ගොතමො එවමාහ, අථ ඛො එත්‍ථ බ්‍රාහ‍්මණා එවමෙතං මඤ‍්ඤන‍්ති: බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො -පෙ- බ්‍රහ‍්මදායාදාති.

භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් මෙහි ලා බමුණෝ තෙල කරුණ මෙසේ හඟිති: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණ හීන යි ... බ්‍රහ්මදායාදයහ”යි.

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන, ඉධ ඛත‍්තියකුමාරො බ්‍රාහ‍්මණකඤ‍්ඤාය සද‍්ධිං සංවාසං කප‍්පෙය්‍ය. තෙසං සංවාසමන්‍වාය පුත‍්තො ජායෙථ, යො සො ඛත‍්තියකුමාරෙන බ්‍රාහ‍්මණකඤ‍්ඤාය පුත‍්තො උප‍්පන‍්නො සියා, සො මාතුපි සදිසො. පිතුපි සදිසො ‘ඛත‍්තියො’තිපි වත‍්තබ‍්බො ‘බ්‍රාහ‍්මණො’තිපි වත‍්තබ‍්බො’ති.

අස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ ක්‍ෂත්‍රිය කුමාරයෙක් බ්‍රාහ්මණකුමාරියක හා සමග සංවාස කරන්නේ යැ උන්ගේ සංවාසය නිසා පුතෙක් උපදනේ යැ. ක්‍ෂත්‍රිය කුමාරයකු නිසා බ්‍රාහ්මණකුමාරියකට යම් පුතෙක් උපදනේ වේ ද, හේ මවට ද සමාන යැ පියාට ද සමාන යැ. ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වේ ද? බ්‍රාහ්මණයහ’යි ද කියයුතු වේ දැ? යි.

යො සො භො ගොතම, ඛත‍්තියකුමාරෙන බ්‍රාහ‍්මණකඤ‍්ඤාය පුත‍්තො උප‍්පන‍්නො සියා, සො මාතුපි සදිසො, පිතුපි සදිසො, ‘ඛත‍්තියො’තිපි වත‍්තබ‍්බො, බ්‍රාහ‍්මණො’තිපි වත‍්තබ‍්බොති.

භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියකුමාරයකු කරණ කොට බ්‍රාහ්මණ කන්‍යාවකට යම් පුතෙක් උපන්නේ වේ ද හේ මවට ද සමාන වෙයි. පියාට ද සමාන වෙයි. (එයින් ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වෙයි, ‘බ්‍රාහ්මණයහ’යි ද කියයුතු වේ යි.)

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන, ඉධ බ්‍රාහ‍්මණකුමාරො ඛත‍්තියකඤ‍්ඤාය සද‍්ධිං සංවාසං කප‍්පෙය්‍ය. තෙසං සංවාසමන්‍වාය පුත‍්තො ජායෙථ; යො සො බ්‍රාහ‍්මණකුමාරෙන ඛත‍්තියකඤ‍්ඤාය පුත‍්තො උප‍්පන‍්නො සියා, සො මාතුපි සදිසො, පිතුපි සදිසො, ඛත‍්තියොතිපි වත‍්තබ‍්බො බ්‍රාහ‍්මණොතිපි වත‍්තබ‍්බො’ති.

අස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ බ්‍රාහ්මණකුමාරයෙක් ක්‍ෂත්‍රියකුමාරියක හා සංවාස කරන්නේ යැ. උන්ගේ සංවාසය නිසා පුතෙක් උපදනේ යැ. බ්‍රාහ්මණ කුමාරයා කරණ කොට ක්‍ෂත්‍රියකන්‍යාවට යම් පුතෙක් උපන්නේ වේ ද, හේ මවට ද සමාන යැ පියාට ද සමාන යැ. ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වේ ද? ‘බ්‍රාහ්මණයහ’යි ද කියයුතු වේ දැ? යි.

යො සො භො ගොතම, බ්‍රාහ‍්මණකුමාරෙන ඛත‍්තියකඤ‍්ඤාය පුත‍්තො උප‍්පන‍්නො සියා, සො මාතුපි සදිසො, පිතුපි සදිසො, ඛත‍්තියොතිපි වත‍්තබ‍්බො, බ්‍රාහ‍්මණොතිපි වත‍්තබ‍්බො’ති.

භවත් ගෞතමයන් වහන්සේ, බ්‍රාහ්මණකුමාරයකු නිසා ක්‍ෂත්‍රියකන්‍යාවකට යම් පුතෙක් උපන්නේ වේ ද, හේ මවට ද සමාන වෙයි, පියාට ද සමාන වෙයි, හේ ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වන්නේ යැ ‘බ්‍රාහ්මණහ’යි ද කියයුතු වන්නේ යි.

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන, ඉධ වළවං ගද්‍රභෙන සම‍්පයොජෙය්‍යුං. තෙසං සම‍්පයොගමන්‍වාය කිසොරො ජායෙථ. යො සො වළවාය ගද්‍රභෙන කිසොරො උප‍්පන‍්නො සියා, සො මාතුපි සදිසො, පිතුපි සදිසො, අස‍්සොති වත‍්තබ‍්බො, ගද්‍රභොති වත‍්තබ‍්බො’ති.

අස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ වෙළඹක් ගදුබුවකු හා සමග සම්ප්‍රයෝග කරන්නාහ. උන්ගේ සම්ප්‍රයෝගය නිසා යම් අස්පොව්වෙක් උපන්නේ යැ, වෙළඹට ගදුබුවකු නිසා යැම් අස්පොව්වෙක් උපන්නේ වේ ද, හේ මවට ද සමාන වෙයි, පියාට ද සමාන වෙයි. ‘අශ්ව’යයි කියයුතු වේ ද? ‘ගද්‍රභ’යයි කියයුතු වේ ද?

වෙකුරඤ‍්ජාය හි සො භො ගොතම, අස‍්සතරො හොති. ඉදං හිස‍්ස භො ගොතම, නානාකරණං පස‍්සාමි. අමුත්‍ර ච පනෙසානං න කිඤ‍්චි නානාකරණං පස‍්සාමීති.

භවත් ගෞතමයන් වහන්ස, වෙකුරඤ්ජාව (වෙළඹ) ගෙන් උපන් හේ ‘අශ්වතර’ වෙයි. භවත් ගොයුම්ගොතුව, උහුගේ මේ වෙනස දක්මි. අසෝ තැන්හි වැළිත් උන් (මාණවකයන්) ගේ කිසි වෙනසක් නො දක්මි’යි.

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන, ඉධස‍්සු ද‍්වෙ මාණවකා භාතරො සඋදරියා, එකො අජ‍්ඣායකො උපනීතො, එකො අනජ‍්ඣායකො අනුපනීතො. කමෙත්‍ථ බ්‍රාහ‍්මණා පඨමං භොජෙය්‍යුං සද‍්ධෙ වා ථාලිපාකෙ වා යඤ‍්ඤෙ වා පාහුනෙ වාති?

අස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ සමාන මාතෘකුක්‍ෂි ඇති සොහොවුරු මාණවකයෝ දෙදෙනෙක් වෙත්: එකෙක් මන්ත්‍රහදාරනුයේ යැ උපනයන කරන ලද්දේයි. එකෙක් වේද නො හදාරනුයේ යැ, උපනයන නො කරන ලද්දේ යි. මෙහි බමුණෝ මතකබත්හි වේවයි පණුරුබත්හි වේවයි, යාගබත්හි වේවයි අමුතුවනට කළ බත්හි වේවයි කවරක්හු පළමු කොට වළඳවන්නාහු දැ?යි.

යො සො භො ගොතම, මාණවකො අජ‍්ඣායකො උපනීතො තමෙත්‍ථ බ්‍රාහ‍්මණා පඨමං භොජෙය්‍යුං සද‍්ධෙ වා ථාලිපාකෙ වා යඤ‍්ඤෙ වා පාහුනෙ වා. කිං හි භො ගොතම, අනජ‍්ඣායකෙ අනුපනීතෙ දින‍්නං මහප‍්ඵලං භවිස‍්සතී’ති?

භවත් ගෞතමයන් වහන්ස, යම් මාණවකයෙක් වේද හදාරනුයේ ද උපනයන කරන ලද්දේ ද, එ මණෙවු මෙහි බමුණෝ මතකබත්හි වේවයි පඬුරින් අළ බත්හි වේවයි යාග බත්හි වේවයි අමුතුබත්හි වේවයි පළමු කොට වළඳවන්නාහ. භවත් ගොයුමාණෙනි, කිම වේද නො හදාරනුවා උපනයන නො කළහු කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වන්නේ දැ?යි.

තං කිං මඤ‍්ඤසි අස‍්සලායන, ඉධස‍්සු ද‍්වෙ මාණවකා භාතරො සඋදරියා, එකො අජ‍්ඣායකො උපනීතො දුස‍්සීලො පාපධම‍්මො, එකො අනජ‍්ඣායකො අනුපනීතො සීලවා කල්‍යාණධම‍්මො. කමෙත්‍ථ බ්‍රාහ‍්මණා පඨමං භොජෙය්‍යුං සද‍්ධෙ වා ථාලිපාකෙ වා යඤ‍්ඤෙ වා පාහුනෙ වාති?

අස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ එක් කුසැ ඔත් සොහොයුරු මණෙවුවෝ දෙදෙනෙක් වෙති: එකෙක් වේද හදාරනුයේ යැ උපනීත යැ දුශ්ශීල යැ පාපධර්‍ම ඇත්තේ යි. එකෙක් වේද නො හදාරනුයේ යැ උපනීත නො වෙයි, සිල්වත, කළණදහම් ඇතියේ යි. මෙහි කවරක්හු බමුණෝ මතකබත්හි වේවයි පණුරුබත්හි වේවයි යාගබත්හි වේවයි අමුතුබත්හි වේවයි පළමු කොට වළඳවන්නාහු දැ?යි.

යො සො භො ගොතම, මාණවකො අනජ‍්ඣායකො අනුපනීතො සීලවා කල්‍යාණධම‍්මො, තමෙත්‍ථ බ්‍රාහ‍්මණා පඨමං භොජෙය්‍යුං සද‍්ධෙ වා ථාලිපාකෙ වා යඤ‍්ඤෙ වා පාහුනෙ වා. කිං හි භො ගොතම, දුස‍්සීලෙ පාපධම‍්මෙ දින‍්නං මහප‍්ඵලං භවිස‍්සතී’ති?

භවත් ගෞතමයන් වහන්ස, යම් මාණවකයෙක් වේද නො හදාරනුයේ උපනීත නො වූයේ සිල්වත් ද, කළණදහම් ඇතියේ ද, එ මණෙවු මෙහි බමුණෝ මතකබත්හි වේවයි පණුරුබත්හි වේවයි යාගබත්හි වේවයි අමුතුබත්හි වේවයි පළමු කොට වළඳවන්නාහු යැ. කිම භවත් ගෞතමයන් වහන්ස, දුශ්ශීල වූ පාපධර්‍ම ඇතියා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වන්නේ දැ?යි.

පුබ‍්බෙ ඛො ත්‍වං අස‍්සලායන, ජාතිං අගමාසි. ජාතිං ගන‍්ත්‍වා මන‍්තෙ අගමාසි. මන‍්තෙ ගන‍්ත්‍වා තපෙ අගමාසි. තපෙ ගන‍්ත්‍වා චාතුවණ‍්ණිං සුද‍්ධිං පච‍්චාගතො, යමහං පඤ‍්ඤාපෙමී’ති.

අස්සලායනයෙනි, පළමු තෙපි ජාතියට ගියාව, ජාතියට ගොස් වේදයට ගියාව, වේදයට ගොස් තපසට ගියාව තපසට ගොස් චාතුර්වර්‍ණශුද්ධියට පෙරළා අව. මම යම් චාතුර්වර්‍ණශුද්ධියක් පනවම් ද, එයට යි.

එවං වුත‍්තෙ අස‍්සලායනො මාණවො තුණ‍්හීභූතො මඞ‍්කුභූතො පත‍්තක‍්ඛන්‍ධො අධොමුඛො පජ‍්ඣායන‍්තො අප‍්පටිභානො නිසීදි.

මෙසේ වදාළ කල්හි අස්සලායන මණෙවු නිහඬ වැ මකු වැ කඳට බහාගෙන යටිමුව වැ සිතිවිලිපර වැ ප්‍රතිභාන රහිත වැ හුන්නේ ය.

අථ ඛො භගවා අස‍්සලායනං මාණවං තුණ‍්හීභූතං මඞ‍්කුභූතං පත‍්තක‍්ඛන්‍ධං අධොමුඛං පජ‍්ඣායන‍්තං අප‍්පටිභානං විදිත්‍වා අස‍්සලායනං මාණවං එතදවොච:

එසඳ බුදුහු නිහඬ වූ මකු වූ හෙළාලූ කඳට ඇති අධෝමුඛ වූ සිතිවිලිපර වූ ප්‍රතිභාන රහිත වූ අස්සලායන මාණවකහට තෙල කරුණ වදාළහ:

භූතපුබ‍්බං අස‍්සලායන, සත‍්තන‍්නං බ්‍රාහ‍්මණිසීනං අරඤ‍්ඤායතනෙ පණ‍්ණකුටීසු සම‍්මන‍්තානං එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති: බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො, -පෙ- බ්‍රහ‍්මදායාදා’ති. අස‍්සොසි ඛො අස‍්සලායන, අසිතො දෙවලො ඉසි සත‍්තන‍්නං කිර බ්‍රාහ‍්මණිසීනං අරඤ‍්ඤායතනෙ පණ‍්ණකුටීසු සම‍්මන‍්තානං එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති: බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො හීනො අඤ‍්ඤො වණ‍්ණො -පෙ- බ්‍රහ‍්මදායාදා’ති. අථ ඛො අස‍්සලායන, අසිතො දෙවලො ඉසි කෙසමස‍්සුං කප‍්පෙත්‍වා මඤ‍්ජෙට‍්ඨවණ‍්ණානි දුස‍්සානි නිවාසෙත්‍වා අටලියො උපාහනා ආරුහිත්‍වා ජාතරූපමයං දණ‍්ඩං ගහෙත්‍වා සත‍්තන‍්නං බ්‍රාහ‍්මණිසීනං පත්‍ථණ‍්ඩිලෙ පාතුරහොසි.

“අස්සලායනයෙනි, පෙර වූ දැයක් කියමි: අරණ්‍යායතනයෙහි පන්සල්හි මන්ත්‍රණ කරන බ්‍රාහ්මණර්ෂීහු සත් දෙනකුන්ට මෙ බඳු ලාමකදෘෂ්ටියක් උපන: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදහ”යි. අස්සලායනයෙනි, අශිත නම් වූ දේවල ඍෂි අරනෙහි පර්ණකුටීන්හි මන්ත්‍රණ කරන බමුණුරුසියන් සත්දෙනාහට මෙ බඳු ලාමකදෘෂ්ටියක් උපන්නේ වේ ලැ’යි ඇසි: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණ හීන් යි ... බ්‍රහ්මදායාදයහ”යි. එසඳ අස්සලායනයෙනි, කාළදේවල ඍෂි කෙස්මස් කපා මඳටවන් පිළිහැඳ පෙරෙ වැ ගණඞ්ගණු පාහන පයැලා රන්මුවා සැරයටියක් ගෙන් බ්‍රාහ්මණර්ෂීන් සත්දෙනාගේ පන්සල්පිරිවෙන්හි පහළ වී.

අථ ඛො අස‍්සලායන, අසිතො දෙවලො ඉසි සත‍්තන‍්නං බ්‍රාහ‍්මණිසීනං පත්‍ථණ‍්ඩිලෙ චඞ‍්කමමානො එවමාහ: හන්‍ද ක්‍ව නු ඛො ඉමෙ භවන‍්තො බ්‍රාහ‍්මණිසයො ගතා. හන්‍ද ක්‍ව නු ඛො ඉමෙ භවන‍්තො බ්‍රාහ‍්මණිසයො ගතා’ති අථ ඛො අස‍්සලායන, සත‍්තන‍්නං බ්‍රාහ‍්මණිසීනං එතදහොසි: කොනායං ගාමණ‍්ඩලරූපො විය සත‍්තන‍්නං බ්‍රාහ‍්මණිසීනං පත්‍ථණ‍්ඩිලෙ චඞ‍්කමමානො එවමාහ: හන්‍ද ක්‍ව නු ඛො ඉමෙ භවන‍්තො බ්‍රාහ‍්මණිසයො ගතා, හන්‍ද ක්‍ව නු ඛො ඉමෙ භවන‍්තො බ්‍රාහ‍්මණිසයො ගතාති. හන්‍ද නං අභිසපාමා’ති. අථ ඛො අස‍්සලායන, සත‍්තබ්‍රාහ‍්මණිසයො අසිතං දෙවලං ඉසිං අභිසපිංසු: භස‍්මා වසල හොහීති. යථා යථා ඛො අස‍්සලායන, සත‍්ත බ්‍රාහ‍්මණිසයො අසිතං දෙවලං ඉසිං අභිසපිංසු. තථා තථා අසිතො දෙවලො ඉසි අභිරූපතරො චෙව හොති දස‍්සනීයතරො ච පාසාදිකතරො ච.

එසඳ අස්සලායනයෙනි, කාළදේවල ඍෂි සත් බමුණුරුසියන්ගේ පන්සල්පිරිවෙන්හි සක්මන් කෙරෙමින් මෙසේ කී: “සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු ද, සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු දැ?”යි. එසඳ අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීන් සත් දෙනාහට තෙල සිත් වී: “මේ කවරෙක් ගම්දරුවකු සෙයින් බ්‍රාහ්මණර්ෂීන් සත්දෙනාගේ පන්සල් පිරිවෙන්හි සක්මන් කෙරෙමින් මෙසේ කියා ද: “සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු ද, සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු දැ?” යි ‘ඕහට ශාප කරමෝ නම් මැනැවැ’යි. ඉක්බිති අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීහු සත් දෙන කාළදේවල ඍෂිහට ‘වසලය භස්ම වව’යි ශාප කළහ. අස්සලායනයෙනි, බ්‍රාහ්මණ ඊෂීහු සත්දෙන කාළදේවලහට ශාප කරත් කරත් මැ කාළදේවල ඍෂි අභිරූපතර ද දර්‍ශනීයතර ද ප්‍රාසාදිකතර ද වෙයි.

අථ ඛො අස‍්සලායන, සත‍්තන‍්නං බ්‍රාහ‍්මණිසීනං එතදහොසි: මොඝං වත නො තපො, අඵලං බ්‍රහ‍්මචරියං. මයං හි පුබ‍්බෙ යං අභිසපාම භස‍්මා වසල හොහි’ති භස‍්මාව භවති එකච‍්චො. ඉමං පන මයං යථා යථා අභිසපාම, තථා තථා අභිරූපතරො චෙව හොති දස‍්සනීයතරො ච පාසාදිකතරො චා’ති.

එසඳ අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීන් සත් දෙනාහට තෙල සිත් වී: “ඒකාන්තයෙන් අපගේ තපස සිස් යැ, බ්‍රහ්මචර්‍ය්‍යාව ඵල නැත. ඇපි වනාහි පෙර යමක්හට ‘වසලය භස්මව’යි භවමෝ නම් කිසිවෙක් හළු වේ මැ යි. මොහු වැළිත් අප භවත් භවත් මැ අතිශයින් අභිරූපත් අතිශයින් දර්‍ශනීයත් අතිශයින් ප්‍රාසාදිකත් වේ’ යයි.

න භවන‍්තානං මොඝං තපො, නාඵලං බ්‍රහ‍්මචරියං. ඉඞ‍්ඝ භවන‍්තො යො මයි මනොපදොසො, තං පජහථා’ති.

භවතුන්ගේ තපස මෝඝ නො වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යාව විඵල නො වෙයි, භවත්නි මා කෙරෙයි යම් මනෝපදෝසයෙක් වේ නම් එය දුරලව’යි.

යො භවති මනොපදොසො තං පජහාම. කො නු භවං හොතී’ති?

භවත්හු කෙරෙහි යම් මනෝපදෝසයෙක් වේ නම් එය දුරලම්හ. භවත් කවරෙක් වේ දැ?යි.

සුතො නො භවතං අසිතො දෙවලො ඉසී’ති?

භවතුන් විසින් ‘කාළදේවල ඍෂි’ අසනලද දැ? යි.

එවං භො.

එසේ යැ භවත්නි,

සො ඛ‍්වාහං හොමී’ති.

හේ මම් වෙමි’යි.

අථ ඛො අස‍්සලායන, සත‍්ත බ්‍රාහ‍්මණිසයො අසිතං දෙවලං ඉසිං අභිවාදෙතුං උපසඞ‍්කමිංසු.

එසඳ අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීහු සත් දෙන කාළදේවල ඍෂීන් වඳිනට එළැඹියෝ.

අථ ඛො අස‍්සලායන, අසිතො දෙවලො ඉසි සත‍්ත බ්‍රාහ‍්මණිසයො එතදවොච: ‘සුතං මෙතං භො, සත‍්තන‍්නං කිර බ්‍රාහ‍්මණිසීනං අරඤ‍්ඤායතනෙ පණ‍්ණකුටීසු වසන‍්තානං එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: ‘බ්‍රාහ‍්මණාව සෙට‍්ඨො වණ‍්ණො, හීනො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණාව සුක‍්කො වණ‍්ණො, කණ‍්හො අඤ‍්ඤො වණ‍්ණො. බ්‍රාහ‍්මණාව සුජ‍්ඣන‍්ති, නො අබ්‍රාහ‍්මණා. බ්‍රාහ‍්මණාව බ්‍රහ‍්මුනො පුත‍්තා ඔරසා මුඛතො ජාතා බ්‍රහ‍්මජා බ්‍රහ‍්මනිම‍්මිතා බ්‍රහ‍්මදායාදා’ති.

ඉක්බිති අස්සලායනයෙනි, කාළදේවල ඍෂි බමුණු රුසියන් සත්දෙනාහට තෙල කී: “භවත්නි, මා විසින් තෙල කරුණ අසනලද: අරණ්‍යායතනයෙහි පන්සල්හි වසන බ්‍රාහ්මණර්ෂින් සත්දෙනාට මෙ බඳු ලාමකදෘෂ්ටියක් උපන් ලැ’යි. කවර දෘෂ්ටියක යත්: ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ; අන්‍යවර්‍ණය හීන යි. බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යැ, අන්‍යවර්‍ණය කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ ශුද්ධ වෙති, අබ්‍රාහ්මණයෝ නො වෙත්, බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ, උරදාවෙති, මුඛයෙන් උපනුවහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදහ”යි.

එවංම‍්භො.

එසේ යැ භවත්නි.

ජානන‍්ති පන භොන‍්තො යා ජනිකා මාතා බ්‍රාහ‍්මණං යෙව අගමාසි. නො අබ්‍රාහ‍්මණන‍්ති.

භවත්හු තොප වැදූ යම් මවක් ඇද්ද, හෝ බ්‍රාහ්මණයකු මැ කරා ගියා යැ අබ්‍රාහ්මණයකු කරා නො ගියා යැ’යි දනිත් දැ?යි.

නො හිදං භො.

නො දනුම්හ භවත්නි.

ජානන‍්ති පන භොන‍්තො යා ජනිකාමාතුමාතා යාව සත‍්තමා මාතාමහයුගා බ්‍රාහ‍්මණං යෙව අගමාසි, නො අබ්‍රාහ‍්මණන‍්ති.

භවත්හු, යම් වැදූ මවගේ මවක් සත් වැනි මුත්නීයුගය තෙක් ‘බමුණකු වෙත මැ ගියා යැ නොබමුණකු වෙත නො ගියා යැ’යි දනිත් ද?

නො හිදං භො.

නො දනුම්හ භවත්නි.

ජානන‍්ති පන භොන‍්තො යො ජනකො පිතා බ්‍රාහ‍්මණිං යෙව අගමාසි නො අබ්‍රාහ‍්මණින‍්ති.

භවත්හු තොපගේ ජනක පියෙක් වී ද හේ බ්‍රාහ්මණියක වෙත මැ ගියේ යැ, අබ්‍රාහ්මණියක වෙත නො ගියේ යැ’යි දනිත් ද?

නො හිදං භො.

නො දනුම්හ භවත්නි.

ජානන‍්ති පන භොන‍්තො යො ජනකපිතුපිතා යාවසත‍්තමා පිතාමහයුගා බ්‍රාහ‍්මණිංයෙව අගමාසි, නො අබ්‍රාහ‍්මණින‍්ති.

භවත්හු, යම් ජනක පියාගේ පියේ සත් වැනි මුත්නායුගය තෙක් බැමිණියක වෙත මැ ගියේ යැ, නො බැමිණියක වෙත නො ගියේ යැ’යි දනිත් ද?

නො හිදං භො.

නො දනුම්හ භවත්නි.

ජානන‍්ති පන භොන‍්තො යථා ගබ‍්භස‍්ස අවක‍්කන‍්ති හොතීති?

භවත්හු ගර්‍භාවක්‍රාන්ති වන සේ දනිත් ද?

ජානාම මයං භො යථා ගබ‍්භස‍්ස අවක‍්කන‍්ති හොති. ඉධ මාතාපිතරො ච සන‍්නිපතිතා හොන‍්ති. මාතා ච උතුනී හොති, ගන්‍ධබ‍්බො ච පච‍්චුපට‍්ඨිතො හොති. එවං තිණ‍්ණං සන‍්නිපාතා ගබ‍්භස‍්ස අවක‍්කන‍්ති හොතීති.

භවත්නි ඇපි ගර්‍භාවක්‍රාන්ති වන සේ දනුම්හ. මෙහි මාපිය දෙදෙන සඞ්ගම වූවාහු වෙති. මව ද ඍතුනී වෙයි, ගන්‍ධර්‍ව ද එළැඹසිටියේ වෙයි. මෙසෙයින් තුන් දෙනකුන් එක් වීමෙන් ගර්‍භාවක්‍රාන්ති වේ”යයි.

ජානන‍්ති පන භොන‍්තො යග‍්ඝෙ සො ගන්‍ධබ‍්බො ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා වෙස‍්සො වා සුද‍්දො වාති?

භවත්හු ඒ ගන්‍ධර්‍ව ක්‍ෂත්‍රියයෙක හෝ යැ බ්‍රාහ්මණයෙක හෝ යැ වෛශ්‍යයෙක හෝ යැ ශුද්‍රයෙක හෝ යි ඒකාන්තයෙන් දනිත් ද?

න මයං භො, ජානාම යග‍්ඝෙ සො ගන්‍ධබ‍්බො ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා වෙස‍්සො වා සුද‍්දො වාති.

භවත්නි, ඇපි ඒකාන්තයෙන් ඒ ගන්‍ධර්‍ව ක්‍ෂත්‍රියයෙක හෝ යැ බ්‍රාහ්මණයෙක හෝ යැ වෛශ්‍යයෙක හෝ යැ ශුද්‍රයෙක හෝ යි නො දනුම්හ’යි.

එවං සන‍්තෙ භො ජානාථ කෙ තුම‍්හෙ හොථාති.

භවත්නි, මෙසේ ඇති කල්හි තෙපි කවරහු වව’යි දනිවු දැ? යි

එවං සන‍්තෙ භො, න මයං ජානාම කෙ ච මයං හොමාති.

භවත්නි, මෙසේ ඇති කල්හි ඇපි කවරහු වමෝ දැ’යි ඇපි නො දනුම්හ’යි.

තෙ හි නාම අස‍්සලායන, සත‍්ත බ්‍රාහ‍්මණිසයො අසිතෙන දෙවලෙන ඉසිනා සකෙ ජාතිවාදෙ සමනුයුඤ‍්ජියමානා සමනුභාසියමානා සමනුගාහියමානා න සම‍්පායිස‍්සන‍්ති. කිං පන ත්‍වං එතරහි මයා සකස‍්මිං ජාතිවාදෙ සමනුයුඤ‍්ජියමානො සමනුභාසියමානො සමනුගාහියමානො සම‍්පායිස‍්සසි. යෙසං ත්‍වං සාචරියකො න පුණ‍්ණො දබ‍්බිගාහොති.

අස්සලායනයෙනි, ඒ සප්ත බ්‍රාහ්මණර්ෂීහු නමුදු කාළදේවල ඍෂිහු විසින් ස්වකීය ජාතිවාදයෙහි අනුයෝග කරනුලබන්නාහු කරුණු පුළුවුස්නා ලබන්නාහු ලබ්ධි පිහිටුවනු ලබන්නාහු සපයා කියන්නට නො හැකි වෙති. කිම තෙපි වැළිත් දැන් මා විසින් ස්වකීය ජාතිවාදයෙහි අනුයෝග කරනු ලබන්නහු කරුණු පුළුවුස්නා ලබන්නහු ලබ්ධි පිහිටුවනු ලබන්නහු සපයා කියහෙව? සාචාර්‍ය්‍යක් වූ තෙපි යම් සප්තර්ෂි කෙනකුන්ගේ යාග සැන්ද ගන්නා පූර්‍ණ ද නො වව! යි.

එවං වුත‍්තෙ අස‍්සලායනො මාණවො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගත’න‍්ති.

මෙසේ වදාළ කල්හි අස්සලායන මාණව භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “ඉතා මැනැව භවත් ගෞතමයන් වහන්ස, … භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට දිවිහිම් වැ සරණගිය උපාසකයකු කොට ධරත්ව’යි.

අස‍්සලායනසුත‍්තං තතියං.

තුන් වැනි අස්සලායනසුත්‍ර යි.