යෙදුමෙන් කියවන්න

සෙලසුත‍්තං

2. 5. 2.

2. 5. 2.

සෙලසුත‍්තං

සේල සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා අඞ‍්ගුත‍්තරාපෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි, යෙන ආපණං නාම අඞ‍්ගුත‍්තරාපානං නිගමො තදවසරි. අස‍්සොසි ඛො කෙණියො ජටිලො සමණො ඛලු භො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො අඞ‍්ගුත‍්තරාපෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි ආපණං අනුප‍්පත‍්තො. තං ඛො පන භගවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ‍්මකං සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙති. සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස‍්සනං හොතී’ති.

මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අඞ්ගුත්තරාප නම් දනවියෙහි අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග සැරිසරන සේක් අඞ්ගුත්‍තරාපදනවු වැසියන්ගේ ආපණ නම් නියම්ගම කරා වැඩිසේක. කේණිය ජටිල තෙල යසගී ඇසී: “භවත්නි, සැහැපුත් සැහැකුලයෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්හු අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග අඞ්ගුත්‍තරාප නම් දනවියෙහි සැරිසරන සේක් ආපණ නම් නිගමයට පැමිණියහ. ඒ භවත් ගොයුමාණන්ගේ කලි මෙ වන් කලණ යසගී උස් වැ නැඟිණ: “මේ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ”යි. ඔබ දෙව්ලෝ සහිත මරලෝ සහිත බඹලෝ සහිත මෙ ලොව ද, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසුදු බඹසර පවසති. එ වන් රහතුන්ගේ දැක්ම මනා මැ නු”යි.

අථ ඛො කෙණියො ජටිලො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො කෙණියං ජටිලං භගවා ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි සමාදපෙසි සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි. අථ ඛො කෙණියො ජටිලො භගවතා ධම‍්මියා කථාය සන්‍දස‍්සිතො සමාදපිතො සමුත‍්තෙජිතො සම‍්පහංසිතො භගවන‍්තං එතදවොච: ‘අධිවාසෙතු මෙ භවං ගොතමො ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා’ති.

එසඳ, කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු විය යුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. බුදුහු එකත්පස් වැ හුන් කේණිය ජටිලයාහට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, ප්‍රහර්‍ෂ කරවූහ. ඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ මොනොවට තෙද ගන්වන ලද්දේ සම්ප්‍රහර්‍ෂ කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කී: “භවත් ගෞතමයෝ බික්සඟුන් හා සමග සෙට මා ගේ බත ඉවසන සේක්ව”යි.

එවං වුත‍්තෙ භගවා කෙණියං ජටිලං එතදවොච: මහා ඛො කෙණිය, භික‍්ඛුසඞ‍්ඝො අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානි. ත්‍වඤ‍්ච ඛො බ්‍රාහ‍්මණෙසු අභිප‍්පසන‍්නො’ති. දුතියම‍්පි ඛො කෙණියො ජටිලො භගවන‍්තං එතදවොච: ‘කිඤ‍්චාපි භො ගොතම, මහා භික‍්ඛුසඞ‍්ඝො, අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානි, අහඤ‍්ච බ්‍රාහ‍්මණෙසු අභිප‍්පසන‍්නො, අධිවාසෙතු මෙ භවං ගොතමො ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා’ති. දුතියම‍්පි ඛො භගවා කෙණියං ජටිලං එතදවොච: ‘මහා ඛො කෙණිය, භික‍්ඛුසඞ‍්ඝො අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානි. ත්‍වඤ‍්ච ඛො බ්‍රාහ‍්මණෙසු අභිප‍්පසන‍්නො’ති. තතියම‍්පි ඛො කෙණියො ජටිලො භගවන‍්තං එතදවොච: ‘කිඤ‍්චාපි භො ගොතම මහා භික‍්ඛුසඞ‍්ඝො, අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානි. අහඤ‍්ච බ්‍රාහ‍්මණෙසු අභිප‍්පසන‍්නො, අධිවාසෙතු මෙ භවං ගොතමො ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා’ති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන.

මෙසේ කී කල්හි බුදුහු කේණිය ජටිලහට තෙල වදාළහ: “කේණියෙනි, බික්සඟහු මහත්හ, අඩතෙළෙස්යල්සියක් මහණහු ය, තොයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි”යි. දෙවනවට ද කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව, අඩතෙළෙස්යල්සියක් පමණ බික්සඟන මහත් වුව ද, මයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද භාග්‍යවතුන් වහන්සේ සෙට මාගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්වා, දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාහට තෙල වදාළ සේක: “කේණියෙනි, බික්සඟහු බොහෝහ, අඩතෙළෙස්යල්සියක් මහණහු ය, තොයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි”යි. තෙවනවට ද කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව, අඩතෙළෙස්යල්සියක් පමණ බික්සඟන මහත් වුව ද, මයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද භවත් ගෞතමයන් වහන්සේ සෙට මා ගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්ව”යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.

අථ ඛො කෙණියො ජටිලො භගවතො අධිවාසනං විදිත්‍වා උට‍්ඨායාසනා යෙන සකො අස‍්සමො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මිත‍්තාමච‍්චෙ ඤාතිසාලොහිතෙ ආමන‍්තෙසි: සුණන‍්තු මෙ භොන‍්තො මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා, සමණො මෙ ගොතමො නිමන‍්තිතො ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. යෙන මෙ කායවෙය්‍යාවටිකං කරෙය්‍යාථා’ති. එවං භොති ඛො කෙණියස‍්ස ජටිලස‍්ස මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා කෙණියස‍්ස ජටිලස‍්ස පටිස‍්සුත්‍වා අප‍්පෙකච‍්චෙ උද‍්ධනානි ඛණන‍්ති, අප‍්පෙකච‍්චෙ කට‍්ඨානි ඵාලෙන‍්ති, අප‍්පෙකච‍්චෙ භාජනානි ධොවන‍්ති, අප‍්පෙකච‍්චෙ උදකමණිකං පතිට‍්ඨාපෙන‍්ති, අප‍්පෙකච‍්චෙ ආසනානි පඤ‍්ඤාපෙන‍්ති. කෙණියො පන ජටිලො සාමඤ‍්ඤෙව මණ‍්ඩලමාලං පටියාදෙති.

එසඳ, කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනාව ලැබ හුනස්නෙන් නැගී සිය අසපුව කරා එළැඹියේ යි. එළැඹ මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑයන් ඇමැතී: “භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑයෝ මබස අසත්වා! මා විසින් මහණ ගොයුම්හු සෙට බතට බික්සඟන හා සමග නිමන්ත්‍රණ කරන ලදහ. එහෙයින් මට කාය වතාවත් කරව”යි. “එසේ යැ භවත්නි”යි කේණිය ජටිලයාගේ මිත්‍රාමාත්‍යයෝ නෑසහලේ නෑයෝ කේණිය ජටිලයාහට පිළිවදන් දී ඇතැම් කෙනෙක් උදුන් කණිති, ඇතැම් කෙනෙක් දර පලති, ඇතැම් කෙනෙක් බඳුන් දොවිති, ඇතැම් කෙනෙක් දියසැළ පිහිටුවති (තබති) ඇතැම් කෙනෙක් අසුන් පනවති. කේණිය ජටිල වැළිත් තෙමේ මැ මණ්ඩලමාලය (පිළි මඩුව) පිළියෙල කරයි.

තෙන ඛො පන සමයෙන සෙලො බ්‍රාහ‍්මණො ආපණෙ පටිවසති තිණ‍්ණං වෙදානං පාරගූ සනිඝණ‍්ඩුකෙටුභානං සාක‍්ඛරප‍්පභෙදානං ඉතිහාසපඤ‍්චමානං පදකො වෙය්‍යාකරණො ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනවයො. තීණි ච මාණවකසතානි මන‍්තෙ වාචෙති. තෙන ඛො පන සමයෙන කෙණියො ජටිලො සෙලෙ බ්‍රාහ‍්මණෙ අභිප‍්පසන‍්නො හොති. අථ ඛො සෙලො බ්‍රාහ‍්මණො තීහි මාණවකසතෙහි පරිවුතො ජඞ‍්ඝාවිහාරං අනුචඞ‍්කමමානො අනුවිචරමානො යෙන කෙණියස‍්ස ජටිලස‍්ස අස‍්සමො තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො සෙලො බ්‍රාහ‍්මණො කෙණියස‍්ස ජටිලස‍්ස අස‍්සමෙ අප‍්පෙකච‍්චෙ උද‍්ධනානි ඛණන‍්තෙ, අප‍්පෙකච‍්චෙ කට‍්ඨානි ඵාලෙන‍්තෙ, අප‍්පෙකච‍්චෙ භාජනානි ධොවන‍්තෙ, අප‍්පෙකච‍්චෙ උදකමණිකං පතිට‍්ඨාපෙන‍්තෙ, අප‍්පෙකච‍්චෙ ආසනානි පඤ‍්ඤාපෙන‍්තෙ, කෙණියං පන ජටිලං සාමඤ‍්ඤෙව මණ‍්ඩලමාලං පටියාදෙන‍්තං. දිස‍්වාන කෙණියං ජටිලං එතදවොච: කින‍්නු භොතො කෙණියස‍්ස ආවාහො වා භවිස‍්සති, විවාහො වා භවිස‍්සති, මහායඤ‍්ඤො වා පච‍්චුපට‍්ඨිතො, රාජා වා මාගධො සෙනියො බිම‍්බිසාරො නිමන‍්තිතො ස‍්වාතනාය සද‍්ධිං බලකායෙනා’ති. න මෙ භො සෙල ආවාහො භවිස‍්සති, නපි විවාහො භවිස‍්සති, නපි රාජා මාගධො සෙනියො බිම‍්බිසාරො නිමන‍්තිතො ස‍්වාතනාය සද‍්ධිං බලකායෙන. අපි ච ඛො මෙ මහායඤ‍්ඤො පච‍්චුපට‍්ඨිතො. අත්‍ථි භො සමණො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො අඞ‍්ගුත‍්තරාපෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අඩ‍්ඪතෙළසෙහි භික‍්ඛුසතෙහි ආපණං අනුප‍්පත‍්තො. තං ඛො පන භගවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති. සො මෙ නිමන‍්තිතො ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා’ති. බුද‍්ධොති භො කෙණිය වදෙසි, බුද‍්ධොති භො සෙල වදාමි. බුද‍්ධොති භො කෙණිය වදෙසි, බුද‍්ධොති භො සෙල වදාමි. බුද‍්ධොති භො කෙණිය වදෙසි, බුද‍්ධොති භො සෙල වදාමී’ති.

එසඳ සේල බ්‍රාහ්මණ ආපණ නම් නියම්ගම්හි වෙසෙයි: නිඝණ්ඩුකේටුහ සහිත ශික්‍ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස් වනු කොට ඇති ත්‍රිවේදයෙහි පාරයට ගියේ යැ. පද හා තදන්‍ය ව්‍යාකරණ හදාරනුයේ යැ, ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ’ තුන්සියක් මාණවකයනට වේද හදාරවයි. එසඳ කේණියජටිල සේල බ්‍රාහ්මණ කෙරෙහි අභිප්‍රසන්න වෙයි. ඉක්බිති සේල බ්‍රාහ්මණ තුන්සියක් මණෙවුවන් විසින් පිරිවරනලද්දේ ජඞ්ඝාවිහාරයෙහි සක්මන් කරනුයේ ඇවිදුනේ කේණිය ජටිලයාගේ අසපුව කරා එළැඹියේ යි. සේල බ්‍රාහ්මණ කේණිය ජටිලයාගේ අසපුවෙහි ඇතැම් කෙනෙකුන් උදුන් කණනුවන් ඇතැම් කෙනෙකුන් දරපලනුවන් ඇතැම් කෙනෙකුන් බඳුන් දෝනාවුන් ඇතැම් කෙනෙකුන් දියසැළ තබනුවන් ඇතැම් කෙනෙකුන් අසුන් පනවනුවන්, කේණිය ජටිල වැළිත් තමා මැ මණ්ඩලමාලය පිළියෙළ කරන්නා දුටුයේ යැ. දැක කේණියජටිලයාහට තෙල කී: “කිම? භවත් කේණියහට ආවාහයෙක් හෝ වන්නේ ද, විවාහයෙක් හෝ වන්නේ ද, මහායාගයෙක් හෝ එළැඹසිටියේ ද, මගධේශ්වර සේනියබිම්බිසාර රජ හෝ සෙට දවසට බලකාය හා සමග නිමන්ත්‍රණ කරන ලද දැ?”යි. භවත් සේලයෙනි, මට ආවාහයෙක් නො වෙයි, විවාහයෙක් ද නො වෙයි, මගධේශ්වර සේනිය බිම්බිසාර රජ හෝ සෙට දවසට බලකාය හා සමග නිමන්ත්‍රණ නො කරන ලද, එතෙකුදු වත් මට මහා යාගයෙක් එළැඹසිටියේ යැ. භවත්නි, සැහැපුත් සැහැකුලයෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්හු ඇත, අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග අඞ්ගුත්‍තරාප ජනපදයෙහි සැරිසරන සේක් ආපණ නම් නියම්ගමට වැඩියහ. ඒ භාග්‍යවත් ගොයුම්ගොතුවන්ගේ මෙවන් කලණ යසගී උස් වැ නැඟිණි: මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථියහ, දෙවිමිනිසුනට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ”යි. ඔබ මා විසින් සෙට බතට බික්සඟුන් හා සමග නිමන්ත්‍රණ කරන ලදහ”යි. භවත් කේණියෙනි, ‘බුදුහ’යි කියෙහි, භවත් සේලයෙනි, ‘බුදුහ’යි කියමි, භවත් කේණියෙනි, ‘බුදුහ’යි කියෙහි, භවත් සේලයෙනි, ‘බුදුහ’යි කියමි”යි.

අථ ඛො සෙලස‍්ස බ්‍රාහ‍්මණස‍්ස එතදහොසි: ඝොසොපි ඛො එසො දුල‍්ලභො ලොකස‍්මිං යදිදං බුද‍්ධොති. ආගතානි ඛො පනස‍්මාකං මන‍්තෙසු ද‍්වත‍්තිංස මහාපුරිසලක‍්ඛණානි, යෙහි සමන‍්නාගතස‍්ස මහාපුරිසස‍්ස ද‍්වෙව ගතියො භවන‍්ති අනඤ‍්ඤා. සචෙ අගාරං අජ‍්ඣාවසති, රාජා හොති චක‍්කවත‍්තී ධම‍්මිකො ධම‍්මරාජා චාතුරන‍්තො විජිතාවී ජනපදත්‍ථාවරියප‍්පත‍්තො සත‍්තරතනසමන‍්නාගතො. තස‍්සිමානි සත‍්ත රතනානි භවන‍්ති. සෙය්‍යථිදං: චක‍්කරතනං හත්‍ථිරතනං අස‍්සරතනං

එසඳ සෙල බ්‍රාහ්මණයාහට තෙල සිත් වී: “බුදුහු” යන තෙල ඝෝෂය පවා ලෝකයෙහි දුර්‍ලභ ය. අපගේ වේදයෙහි දෙතිස් මහාපුරුෂලක්‍ෂණයෝ ආවාහු ය. එ ලකුණෙන් සමන්‍වාගත මහපුරිස්හට ගතීහු දෙදෙනෙක් මැ වෙති. අන් ගතියෙක් නො වෙයි. ඉදින් ගිහිගෙයි වෙසේ නම් දැහැමි වූ ධර්‍මරාජන් වූ සියුසයුරු හිම් කොට ඇති පෘථිවියට ඊශ්වර වූ පසමිතුරන් දිනූ දනවු තහවුරු සේ ලත් සත්රුවනින් සමන්‍වාගත වූ සක්විති රජ වෙයි. ඔහුට මේ සප්තරත්නයෝ පහළ වෙති: ඒ කෙසේ යැ යත්: “චක්‍රරත්න යැ හස්තිරත්න යැ

මණිරතනං ඉත්‍ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත‍්තමං. පරොසහස‍්සං ඛො පනස‍්ස පුත‍්තා භවන‍්ති සූරා වීරඞ‍්ගරූපා පරසෙනප‍්පමද‍්දනා. සො ඉමං පඨවිං සාගරපරියන‍්තං අදණ‍්ඩෙන අසත්‍ථෙන ධම‍්මෙන අභිවිජිය අජ‍්ඣාවසති. සචෙ පන අගාරස‍්මා අනගාරියං පබ‍්බජති, අරහං හොති සම‍්මාසම‍්බුද‍්ධො ලොකෙ විවට‍්ටච‍්ඡදො කහං පන භො කෙණිය, එතරහි සො භවං ගොතමො විහරති අරහං සම‍්මාසම‍්බුද‍්ධො’ති. එවං වුත‍්තෙ කෙණියො ජටිලො දක‍්ඛිණං බාහුං පග‍්ගහෙත්‍වා සෙලං බ්‍රාහ‍්මණං එතදවොච: යෙනෙසා භො සෙල නීලවනරාජී’ති. අථ ඛො සෙලො බ්‍රාහ‍්මණො තීහි මාණවකසතෙහි සද‍්ධිං යෙන භගවා තෙනුපසඞ‍්කමි. අථ ඛො සෙලො බ්‍රාහ‍්මණො තෙ මාණවකෙ ආමන‍්තෙසි: අප‍්පසද‍්දා භොන‍්තො ආගච‍්ඡන‍්තු පාදෙ පාදං නික‍්ඛිපන‍්තා, දුරාසදා හි තෙ භගවන‍්තො සීහාව එකචරා, යදා චාහං භො සමණෙන ගොතමෙන සද‍්ධිං මන‍්තෙය්‍යං, මා මෙ භොන‍්තො අන‍්තරන‍්තරා කථං ඔපාතෙථ, කථාපරියොසානං මෙ භවන‍්තො ආගමෙන‍්තූ’ති.

අශ්වරත්න යැ මණිරත්න යැ සත්‍රීරත්න යැ සත් වනු වූ පරිනායකරත්න යි. ඔහුට ශූර වූ වීර්‍ය්‍යමය ශරීර බඳු වූ පරසෙන් මඩනා පුත්‍රයෝ දහසින් වඩා ඇත. හේ සයුරු හිම් කොට ඇති මේ පොළොව දණ්ඩ රහිත වැ ශස්ත්‍ර රහිත වැ දැහැමින් දිනා වෙසෙයි. යළි ඉදින් සසුන් වදී නම් ලෝකයෙහි පෙරළු (තෘෂ්ණා) සියන් ඇති අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වෙයි. භවත් කේණියෙනි, දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගොයුමාණෝ කොහි වෙසෙත් දැ?”යි. මෙසේ කී කල්හි කේණිය ජටිල දකුණත් පෑලා සේල බ්‍රාහ්මණයාහට තෙල කී: “භවත් සේලයෙනි, තෙල නිල්වනරොදෙහි යැ” යි. එසඳ සේල බ්‍රාහ්මණ තුන්සියක්මණෙවුවන් හා සමග භාග්‍යවතුන් කරා එළැඹියේ. ඉක්බිති සේල බ්‍රාහ්මණ ඒ මණෙවුවන් ඇමැතී: “භවත්නි, පියවර පමණෙහි පිය තබමින් නිහඬ වැ එත්වා, ඒ භගවත්හු දුරාසද වෙති. ඒකචරසිංහයන් වැන්නහ. භවත්නි යම් කලෙක මම් භවත් මහණගොයුම් ගොතුවන් හා සමග මන්ත්‍රණ කරනෙම් ද, එකල්හි භවත්හු මට අතුරතුරෙහි කථා නහමක් බහාලව. භවත්හු මාගේ කථා පර්‍ය්‍යවසානය බලත්ව”යි.

අථ ඛො සෙලො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සෙලො බ්‍රාහ‍්මණො භගවතො කායෙ ද‍්වත‍්තිංස මහාපුරිසලක‍්ඛණානි සම‍්මන‍්නෙසි. අද‍්දසා ඛො සෙලො බ්‍රාහ‍්මණො භගවතො කායෙ ද‍්වත‍්තිංස මහාපුරිසලක‍්ඛණානි යෙභුය්‍යෙන ඨපෙත්‍වා ද‍්වෙ. ද‍්වීසු මහාපුරිසලක‍්ඛණෙසු කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, කොසොහිතෙ ච වත්‍ථගුය‍්හෙ පහූතජිව‍්හතාය චා’ති. අථ ඛො භගවතො එතදහොසි: පස‍්සති ඛො මෙ අයං සෙලො බ්‍රාහ‍්මණො ද‍්වත‍්තිංස මහාපුරිසලක‍්ඛණානි යෙභුය්‍යෙන ඨපෙත්‍වා ද‍්වෙ. ද‍්වීසු මහාපුරිසලක‍්ඛණෙසු කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, කොසොහිතෙ ච වත්‍ථගුය‍්හෙ, පහූතජිව‍්හතාය චාති. අථ ඛො භගවා තථාරූපං ඉද‍්ධාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛාසි යථා අද‍්දස සෙලො බ්‍රාහ‍්මණො භගවතො කොසොහිතං වත්‍ථගුය‍්හං. අථ ඛො භගවා ජිව‍්හං නින‍්නාමෙත්‍වා උභොපි කණ‍්ණසොතානි අනුමසි පරිමසි උභොපි නාසිකාසොතානි අනුමසි පරිමසි. කෙවලම‍්පි ලලාටමණ‍්ඩලං ජිව‍්හාය ඡාදෙසි.

ඉක්බිති සේල බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටුවී. සතුටුවියයුතු කලතුරුහි සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහපුරිස්ලකුණු පිරික්සී. සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස්ලකුණු දෙකක් තබා බෙහෙවින් දිට. දෙමහපුරිස් ලකුණෙකැ කාඞ්ක්‍ෂා කෙරෙයි, සොයමින් වෙහෙසෙයි, සනිටුහනට නො යෙයි, (විමති හෙයින්) නො පහදියි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි යැ ප්‍රභූත ජීහ්වතායෙහි යි. එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “මේ සේල බ්‍රාහ්මණ මාගේ දෙතිස් මහපුරිස්ලකුණු දෙකක් තබා බෙහෙවින් දක්නේ යැ, මහපුරිස් ලකුණු දෙකෙකැ සැක කෙරෙයි, විචිකිච්‍ඡා කෙරෙයි, අධිමුක්ති නො කෙරෙයි, සම්ප්‍රසාද නො කෙරෙයි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි යැ ප්‍රභූත ජීහ්වතායෙහි යි. එසඳ බුදුහු යම්සේ සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය දිටී ද එවන් ඉදුහයක් කළහ. ඉක්බිති බුදුහු දිව් නෙරු දෙකන්සිදුරු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. දෙනැහැසිදුරු දු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. හැම නළල්මඬල ද දිවින් වැසූ සේක.

අථ ඛො සෙලස‍්ස බ්‍රාහ‍්මණස‍්ස එතදහොසි: සමන‍්නාගතො ඛො සමණො ගොතමො ද‍්වත‍්තිංස මහාපුරිසලක‍්ඛණෙහි පරිපුණ‍්ණෙහි, නො අපරිපුණ‍්ණෙහි, නො ච ඛො නං ජානාමි බුද‍්ධො වා නො වා. සුතං ඛො පන මෙතං බ්‍රාහ‍්මණානං වුද‍්ධානං මහල‍්ලකානං ආචරියපාචරියානං භාසමානානං. යෙ තෙ භවන‍්ති අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙ සකෙ වණ‍්ණෙ භඤ‍්ඤමානෙ අත‍්තානං පාතුකරොන‍්ති. යන‍්නූනාහං සමණං ගොතමං සම‍්මුඛා සාරුප‍්පාහි ගාථාහි අභිත්‍ථවෙය්‍ය’න‍්ති. අථ ඛො සෙලො බ්‍රාහ‍්මණො භගවන‍්තං සම‍්මුඛා සාරුප‍්පාහි ගාථාහි අභිත්‍ථවි .

එසඳ සේල බ්‍රාහ්මණයාහට තෙල සිත් වී: ශ්‍රමණ ගෞතමයෝ අපරිපූර්‍ණ නො වූ පරිපූර්‍ණ වූ ද්වාත්ත්‍රිංශද් මහාපුරුෂලක්‍ෂණයෙන් සමන්‍වාගතයහ. ඔබ ‘බුදුහ’යි හෝ ‘නොබුදුහ’යි හෝ නො ද දනිමි, මා විසින් වැඩිහිටි මහලු ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය බමුණන් කියනුවන්ගේ තෙල බස් අසනලද: “යම් කෙනෙක් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙත් ද, ඔහු සිය ගුණකථා කියන කල්හි තමා පහළ කෙරෙති, මම් මහණගොයුම්ගොතුවන් හමුයෙහි සාරුප්‍ය ගාථායෙන් ස්තුති කරන්නෙම් නම් මනා මැ නු!”යි. ඉක්බිති සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සාරුප්‍ය ගාථායෙන් ස්තුති කෙළේ:

පරිපුණ‍්ණකායො සුරුචි සුජාතො චාරුදස‍්සනො සුවණ‍්ණවණ‍්ණොසි භගවා සුසුක‍්කදාඨොසි විරියවා

“භාග්‍යවතුන් වහන්ස, මුබ වහන්සේ (ලක්‍ෂණ විසින්) පිරිපුන් සිරුරු ඇතියව්හ. මනා සිරුරුපැහැ ඇතියව්හ. සුජාතයහ, මනහර දර්‍ශන ඇතියව්හ, සුසුදු දත් ඇතියව්හ. වීර්‍ය්‍ය ඇතියව්හ.

නරස‍්ස හි සුජාතස‍්ස යෙ භවන‍්ති වියඤ‍්ජනා සබ‍්බෙ තෙ තව කායස‍්මිං මහාපුරිසලක‍්ඛණා.

සුජාත පුරුෂයක්හට යම් ලක්‍ෂණ කෙනෙක් වෙත් ද, මුබ වහන්සේගේ සිරුරෙහි එ හැම මහපුරිස් ලකුණු ඇත.

පසන‍්නනෙත‍්තො සුමුඛො බ්‍රහා උජු පතාපවා, මජ‍්ඣෙ සමණසඞ‍්ඝස‍්ස ආදිච‍්චොව විරොචසි.

පස්පෑදිස්නා නුවන් ඇතියව්හ, සුන්‍දර වූ මුව ඇතියව්හ, (ආරෝහපරිණාහ සම්පත්තියෙන්) මහත්හ. ඍජුගාත්‍ර ඇතියව්හ, ප්‍රතාප ඇතියව්හ, මහණගණ මැද හිරුමඬල සෙයින් බබළන්නහු.

කල්‍යාණදස‍්සනො භික‍්ඛු කඤ‍්චනසන‍්නිභත‍්තචො, කින‍්තෙ සමණභාවෙන එවං උත‍්තමවණ‍්ණිනො.

කසුන් වන් සිවි ඇති කලණ දසුන් ඇති මහණ කෙනෙක්හ. මෙවන් උතුම් වර්‍ණ ඇති මුබ වහන්සේට ශ්‍රමණභාවයෙන් කවර අර්‍ත්‍ථයෙක් ද?

රාජා අරහසි භවිතුං චක‍්කවත‍්තී රථෙසභො, චාතුරන‍්තො විජිතාවී ජම‍්බුසණ‍්ඩස‍්ස ඉස‍්සරො.

උත්තමරථ ඇති සියුසයුරු හිම් කොට ඇති පොළොවට අධිපති වූ දිනූ පසමිතුරන් ඇති දඹදිවට ඊශ්වර වූ සක්විති රජ වන්නට නිසියාව.

ඛත‍්තියා භොගී රාජානො අනුයුත‍්තා භවන‍්තු තෙ, රාජාභිරාජා මනුජින්‍දො රජ‍්ජං කාරෙහි ගොතම.

(ජාතියෙන්) ක්‍ෂත්‍රියයෝ ද භෝගීහු ද රජදරුවෝ ද මුබ වහන්සේට අනුයුක්ත වෙත්වා. ගොයුම්ගොතුව, රාජාධිරාජ වැ මිනිසුනට පරමෙශ්වර වැ රාජ්‍ය කරව.

රාජාහමස‍්මි සෙලා’ති ධම‍්මරාජා අනුත‍්තරො, ධම‍්මෙන චක‍්කං වත‍්තෙමි චක‍්කං අප‍්පතිවත‍්තියං.

සේලයෙනි, මම රජ වෙමි. අනුත්තර ධර්‍මරාජයෙමි. යම් අණසකක් අනෙකක්හු විසින් ප්‍රවර්‍තන නො කළ හෙයි ද, එ අණසක දහමින් පවත්වමි.

සම‍්බුද‍්ධො පටිජානාසි ධම‍්මරාජා අනුත‍්තරො, ධම‍්මෙන චක‍්කං වත‍්තෙමි ඉති භාසසි ගොතම.

ගොයුම් ගොතුව, අනුත්තර ධර්‍මරාජන් වූ ‘සම්බුද්ධයෙමි’යි පිළින කරව. ‘දැහැමින් අණසක් පවත්වමි’යි කියව.

කො නු සෙනාපති භොතො සාවකො සත්‍ථුරන්‍වයො, කො තෙ ඉමං අනුවත‍්තෙති ධම‍්මචක‍්කං පවත‍්තිතං.

භවත්හුගේ සෙන්පති කවරෙ යැ? ශාස්තෘහුගේ ධර්‍මාන්‍වය ඇති කවර ශ්‍රාවකයෙක් මුබ වහන්සේ විසින් පවත්වනලද මේ දම්සක් අනුවර්‍තන කෙරේ ද?

මයා පවත‍්තිතං චක‍්කං (සෙලාති භගවා) ධම‍්මචක‍්කං අනුත‍්තරං, සාරිපුත‍්තො අනුවත‍්තෙති අනුජාතො තථාගතං.

(‘සෙලයිනි’යි බුදුහු වදාළහ: ) මාවිසින් පවත්වන ලද අනුත්තර ධර්‍මචක්‍රය වූ අණසක තථාගතයනට අනුජාත වූ සැරියුත් අනුවර්‍තන කෙරෙයි.

අභිඤ‍්ඤෙය්‍යං අභිඤ‍්ඤාතං භාවෙතබ‍්බඤ‍්ච භාවිතං, පහාතබ‍්බං පහීනං මෙ තස‍්මා බුද‍්ධොස‍්මි බ්‍රාහ‍්මණ.

මා විසින් අභිඥෙය (දතයුතු විද්‍යාවිමුක්ති)ය අභිඥාත (දන්නාලද) යැ. භාවිතව්‍ය (මාර්‍ගසත්‍ය) ය භාවිත යැ. ප්‍රහාතව්‍ය (සමුදයසත්‍ය) ය ප්‍රහීණ යැ. බමුණ, එහෙයින් මම බුද්ධයෙමි.

විනයස‍්සු මයි කඞ‍්ඛං අධිමුච‍්චස‍්සු බ්‍රාහ‍්මණ, දුල‍්ලභං දස‍්සනං හොති සම‍්බුද‍්ධානං අභිණ‍්හසො.

බමුණ, මා කෙරෙහි සැකය දුරු කරව, සනිටුහනට යව. සම්බුදුන්ගේ එක්වන් දැක්ම දුලබ වෙයි.

යෙසං වෙ දුල‍්ලභො ලොකෙ පාතුභාවො අභිණ‍්හසො, සොහං බ්‍රාහ‍්මණ සම‍්බුද‍්ධො සල‍්ලකත‍්තො අනුත‍්තරො.

බමුණ, ලොවැ යම් කෙනෙකුන්ගේ එක්වන් පහළ වීම ඒකාන්තයෙන් දුර්‍ලභ වේ ද, මම් ඒ අනුත්තර ශල්‍යවෛද්‍ය (රාගාදි හුල් හරනා) වූ සම්බුද්ධයෙමි.

බ්‍රහ‍්මභූතො අතිතුලො මාරසෙනප‍්පමද‍්දනො, සබ‍්බාමිත‍්තෙ වසී කත්‍වා මොදාමි අකුතොභයො.

ශ්‍රේෂ්ඨ වූයෙම් නිරුපම වූයෙම් (කාමාදි මරසෙන් මඩනෙම්) සියලු පසමිතුරන් (පස් මරුන්) වශයෙහි පවත්වා කොයිනුදු බිය නැත්තෙම් සතුටු වෙමි.

ඉමං භොන‍්තො නිසාමෙථ යථා භාසති චක‍්ඛුමා, සල‍්ලකත‍්තො මහාවීරො සීහොව නදතී වනෙ.

භවත්නි, පසැස් ඇති බුදුහු යම්සේ වදාරත් ද, තෙපි මෙය අසව. ශල්‍යවෛද්‍ය මහාවීරයෝ වනයෙහි සිංහයකු සෙයින් නාද කෙරෙති.

බ්‍රහ‍්මභූතං අතිතුලං මාරසෙනප‍්පමද‍්දනං, කො දිස‍්වා නප‍්පසීදෙය්‍ය අපි කණ‍්හාභිජාතිකො.

ශ්‍රේෂ්ඨ වූ නිරුපම වූ මරසෙන් මඩනා බුදුන් දැක කවර නම් කෘෂ්ණාභිජාති (නීචකුල උපත්) ඇත්තෙක් පවා නො පහදනේ ද?

යො මං ඉච‍්ඡති අන්‍වෙතු යො වානිච‍්ඡති ගච‍්ඡතු, ඉධාහං පබ‍්බජිස‍්සාමි වරපඤ‍්ඤස‍්ස සන‍්තිකෙ.

යමෙක් රුස්නේ ද හේ මා අනුව ඒවා. යමෙක් නුරුස්නේ හෝ වේ ද හේ යේවා. මම මෙ සස්නෙහි උත්තමප්‍රාඥ බුදුන් වෙත පැවිදි වන්නෙමි.

එතඤ‍්චෙ රුච‍්චති භොතො සම‍්මාසම‍්බුද‍්ධසාසනං මයම‍්පි පබ‍්බජිස‍්සාම වරපඤ‍්ඤස‍්ස සන‍්තිකෙ.

ඉදින් භවත්හට තෙල සම්බුදු සස්න රුස්නේ නම් උත්තමප්‍රාඥ බුදුන් වෙත අපිදු පැවිදි වම්හ.

බ්‍රාහ‍්මණා තිසතා ඉමෙ යාචන‍්ති පඤ‍්ජලීකතා, බ්‍රහ‍්මචරියං චරිස‍්සාම භගවා තව සන‍්තිකෙ.

මේ තුන්සියක් බමුණෝ මුදුනෙහි ඇඳිලි බැඳ ‘භාග්‍යවතුන් වහන්ස, මුබ වහන්සේ වෙත බඹසර සරම්හ’යි අයදිති.

ස‍්වාක‍්ඛාතං බ්‍රහ‍්මචරියං (සෙලාති භගවා) සන්‍දිට‍්ඨිකමකාලිකං, යත්‍ථ අමොඝා පබ‍්බජ‍්ජා අප‍්පමත‍්තස‍්ස සික‍්ඛතොති.

(‘සේලයෙනි’යි බුදුහු වදාළහ:) “යම් බඹසර වසෙක්හි අප්‍රමත්ත වැ හික්මෙනුවහට පැවිද්ද නො සිස් වේ ද, ඒ බඹසර මොනොවට පවසන ලද. තමා විසින් (පසක් කොට) දැක්කයුතු යැ. කල් නො යවා පල දෙන්නේ යැ”යි.

අලත්‍ථ ඛො සෙලො බ්‍රාහ‍්මණො සපරිසො භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, අලත්‍ථ උපසම‍්පදං. අථ ඛො කෙණියො ජටිලො තස‍්සා රත‍්තියා අච‍්චයෙන සකෙ අස‍්සමෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි: ‘කාලො භො ගොතම, නිට‍්ඨිතං භත‍්ත’න‍්ති. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන කෙණියස‍්ස ජටිලස‍්ස අස‍්සමො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. අථ ඛො කෙණියො ජටිලො බුද‍්ධපමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙසි සම‍්පවාරෙසි. අථ ඛො කෙණියො ජටිලො භගවන‍්තං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං අඤ‍්ඤතරං නීචං ආසනං ගහෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො කෙණියං ජටිලං භගවා ඉමාහි ගාථාහි අනුමොදි.

සේල බ්‍රාහ්මණ පිරිස් සහිත වැ බුදුන් කෙරෙහි පැවිදි ලද. උපසපුව ලත්. ඉක්බිති කේණිය ජටිල එ රැය ඇවෑමෙන් සිය අසපුයෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙළ කරවා ‘භවත් ගොයුම්ගොතුව, වඩනට කලි බත නිමියේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වී. එ සඳ බුදුහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කේණිය ජටිලයාගේ අසපුව කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි බික්සඟුන් හා සමග වැඩ හුන්හ. ඉක්බිති කේණිය ජටිල බුදුපාමොක් මහසඟන ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතැප්වී මොනොවට පැවැරී. ඉක්බිති කේණිය ජටිල වළඳා නිමවූ, පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති, භාග්‍යවතුන් දැක එක්තරා මිටි අස්නක් ගෙන් එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් කේණිය ජටිලයාහට බුදුහු මේ ගාථායෙන් අනුමෝදනා කළහ:

‘අග‍්ගිහුත‍්තමුඛා යඤ‍්ඤා සාවිත‍්තී ඡන්‍දසො මුඛං, රාජා මුඛං මනුස‍්සානං නදීනං සාගරො මුඛං.

“යාගයෝ අග්නිහෝම ශ්‍රේෂ්ඨ කොට ඇතියහ, වේදයට සාවිත්‍රී (පළමු හදාළ යුතු සූත්‍රය) ශ්‍රේෂ්ඨ වෙයි, රජ මිනිසුනට ශ්‍රේෂ්ඨ වෙයි, සාගරය නදීනට ශ්‍රේෂ්ඨ වෙයි.

නක‍්ඛත‍්තානං මුඛං චන්‍දො ආදිච‍්චො තපතං මුඛං, පුඤ‍්ඤං ආකඞ‍්ඛමානානං සඞ‍්ඝො වෙ යජතං මුඛ’න‍්ති.

චන්‍ද්‍රයා නක්‍ෂත්‍රයනට ශ්‍රේෂ්ඨ වෙයි, සූර්‍ය්‍යයා දිලියෙනවුනට ශ්‍රේෂ්ඨ වෙයි, පින් කැමැති යාග කරනුවනට ඒකාන්තයෙන් සඞ්ඝයා ශ්‍රේෂ්ඨ වේ”යයි.

අථ ඛො භගවා කෙණියං ජටිලං ඉමාහි ගාථාහි අනුමොදිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. අථ ඛො ආයස‍්මා සෙලො සපරිසො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති. තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච ඛො පනායස‍්මා සෙලො සපරිසො අරහතං අහොසි.

එසඳ භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාහට මේ ගාථායෙන් අනුමෙවුනි කොට හුනස්නෙන් නැඟී වැඩියෝ. ඉක්බිති ආයුෂ්මත් සේලතෙරණුවෝ පිරිස් සහිත වැ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වසන්නාහු, යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම සස්නට නොබෝ කලෙකින් මැ වදිත් ද, බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසාන කොට ඇති ඒ අනුත්තර අර්‍හත්ඵලය දුටුදැමියෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන විසූහු. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවිණ. කරණී කරනලද මේ අර්‍හත්ත්‍වය සඳහා කළමනා අන්දැයෙක් නැති’යි වෙසෙසින් දත්හ. පර්‍ෂත් සහිත ආයුෂ්මත් සේල තෙරණුවෝ රහතුන් කෙරෙහි අන්‍යතර ද වූහ.

අථ ඛො ආයස‍්මා සෙලො සපරිසො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා එකංසං චීවරං කත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිම‍්පණාමෙත්‍වා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි.

ඉක්බිති ආයුෂ්මත් සේල තෙරණුවෝ පිරිස් සහිත වැ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ සිවුරු එකස් කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීහ:

යන‍්තං සරණමාගම‍්ම ඉතො අට‍්ඨමී චක‍්ඛුමා, සත‍්තරත‍්තෙන භගවා දන‍්තම‍්හා තව සාසනෙ.

පසැස් ඇත්තව, මෙයින් අට වැනි දින යම් ඒ සරණක් ලදුමෝ ද, භාග්‍යවතුන් වහන්ස, සත් දිනෙකින් තොප සස්නෙහි (පැවිදි වැ) දාන්ත වූම්හ.

තුවං බුද‍්ධො තුවං සත්‍ථා තුවං මාරාභිභූ මුනි, තුවං අනුසයෙ ඡෙත්‍වා තිණ‍්ණො තාරෙසිමං පජං.

මුනීන්‍ද්‍රයාණෙනි, තොප වහන්සේ බුද්ධයහ, තොප වහන්සේ ශාස්තෘයහ, තොප වහන්සේ මරුන් මැඩ සිටියහ. තොප වහන්සේ අනුශයන් සිඳ උත්තීර්‍ණ වූ සේක මේ ප්‍රජාව තරණය කරවන්නාව.

උපධී තෙ සමතික‍්කන‍්තා ආසවා තෙ පදාලිතා, සීහොව අනුපාදානො පහීනභයභෙරවො.

තොප විසින් උපධීහු සමතික්‍රාන්තයහ. තොප විසින් ආස්‍රවයෝ බිඳුණාලදහ. සිංහයකු සෙයින් උපාදාන රහිත වැ සිට පැහු භය භෛරව ඇත්තාහ.

භික‍්ඛවො තිසතා ඉමෙ තිට‍්ඨන‍්ති පඤ‍්ජලීකතා, පාදෙ වීර පසාරෙහි නාගා වන්‍දන‍්තු සත්‍ථුනො’ති.

තුන්සියක් මේ මහණහු කළ බඳැදිලි ඇති වැ සිටුනාහ. වීරයාණෙනි, දෙපා දිගු කළ මැනැව. ශ්‍රමණ නාගයෝ ශාස්තෘන් වහන්සේට වඳිත්වා.

සෙලසුත‍්තං දුතියං.

දෙ වැනි සේල සූත්‍ර යි.