පියජාතිකසුත්තවණ්ණනා අට්ඨකථා
පියජාතිකසුත්තවණ්ණනා
පියජාතික සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති පියජාතිකසුත්තං. තත්ථ නෙව කම්මන්තා පටිභන්තීති න සබ්බෙන සබ්බං පටිභන්ති, පකතිනියාමෙන පන න පටිභන්ති. දුතියපදෙපි එසෙව නයො. එත්ථ ච න පටිභාතීති න රුච්චති. ආළාහනන්ති සුසානං. අඤ්ඤථත්තන්ති විවණ්ණතාය අඤ්ඤථාභාවො. ඉන්ද්රියානි නාම මනොවිඤ්ඤෙය්යා ධම්මා, පතිට්ඨිතොකාසං පන සන්ධාය ඉදං වුත්තං. පියජාතිකාති පියතො ජායන්ති. පියප්පභාවිකාති පියතො පභවන්ති.
එවම්මෙසුතං යනු පියජාතික සූත්‍රයයි. එහි නෙව කම්මන්තා පටිභන්ති සියලු ආකාරයෙන් සියල්ල අවබෝධ නොකෙරෙත් ප්‍රකෘති නියාමයෙන් අවබෝධ නොවෙත් නො එළඹෙත්. දෙවැනි පදයෙහිද මේ ක්‍රමය මැයි මෙහි නපටිභාති යනු රුචිනොවේ ආලාහනං සුසානය අඤ්ඤථන්තං විවර්ණ හෙයින් වෙනස්බව. ඉන්ද්රියයෝ නම් මනෝ විඤ්ඤෙය්‍ය ධර්මයෝය. එහි පිහිටියවුන් සඳහා මෙය කියන ලදී. පිය ජාතිකා ප්‍රියභාවයෙන් හටගනිත්. පියප්පභවිතෙ ප්‍රියභාවයෙන් සම්භවය ලබත්.
සචෙ තං, මහාරාජාති තස්ස අත්ථං අසල්ලක්ඛයමානාපි සත්ථරි සද්ධාය එවං වදති. චර පිරෙති අපෙහි අම්හාකං පරෙ, අනජ්ඣත්තිකභූතෙති අත්ථො. අථ වා චර පිරෙති පරතො ගච්ඡ, මා ඉධ තිට්ඨාතිපි අත්ථො.
ඉදින් මහරජයැයි එහි අර්ථය නොසලකන්නෝද වුවද ශාස්තෲන් වහන්සේ සඳහා කියයි. චරපිරෙ ඉවත්වව අප අනුන් ආභ්‍යන්තරික නොවු කල්හි යන අර්ථයි. නැතහොත් චරපිරේ යනු ඉවතට යව. මෙහි නොසිටුව යන අර්ථයද වෙයි.
ද්විධා ඡෙත්වාති අසිනා ද්වෙ කොට්ඨාසෙ කරොන්තො ඡින්දිත්වා. අත්තානං උප්ඵාලෙසීති තෙනෙව අසිනා අත්තනො උදරං ඵාලෙසි. යදි හි තස්ස සා අප්පියා භවෙය්ය, ඉදානි අඤ්ඤං මාතුගාමං ගණ්හිස්සාමීති අත්තානං න ඝාතෙය්ය. යස්මා පනස්ස සා පියා අහොසි, තස්මා පරලොකෙපි තාය සද්ධිං සමඞ්ගිභාවං පත්ථයමානො එවමකාසි.
ද්විදා ඡෙත්වා අසිපතින් දෙකොටසක් කරමින් සිඳ. අත්තානං ඔපාදෙසි ඒ අසිපතින්ම තමාගේ උදරය පැළීය. ඉදින් ඔහුට එය අප්‍රිය වේනම් දැන් වෙනත් ගැහැණියක ගන්නෙමියි තමා මරා නොගන්නේය. යම්හෙයකින් ඔහුට ඇය ප්රියවූවාද ඒනිසා පරලොවද ඇය සමගින් එක්වන බව පතමින් මෙසේ කළේය.
පියා තෙ වජිරීති එවං කිරස්සා අහොසි – “සචාහං, ‘භූතපුබ්බං, මහාරාජ, ඉමිස්සායෙව සාවත්ථියං අඤ්ඤතරිස්සා ඉත්ථියා’තිආදිකථං කථෙය්යං, ‘කො තෙ එවං අකාසි, අපෙහි නත්ථි එත’න්ති මං පටිසෙධෙය්ය, වත්තමානෙනෙව නං සඤ්ඤාපෙස්සාමී”ති චින්තෙත්වා එවමාහ. විපරිණාමඤ්ඤථාභාවාති එත්ථ මරණවසෙන විපරිණාමො, කෙනචි සද්ධිං පලායිත්වා ගමනවසෙන අඤ්ඤථාභාවො වෙදිතබ්බො.
පිසා තෙ වජිරී (වජිරිනම් රජුගේ එක් දුවක සඳහා කීය) ඇයට මෙසේ සිතිණ. මහරජතුමනි, ඉදින් මම මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියක් වීනම් ආදි කථාවක් කියන්නේය. ඔබට මේ ඉවත්වෙව යන කථාව කීයේ කවරෙක්ද එසේ නොවේයයි ප්‍රතිෂේධනය කරන්නෙමි. වර්තමානයෙන්ම දන්වන්නෙමියි සිතා මෙසේ කීය. විපරිණාමඤ්ඤථා භාවා එහි මරණ වශයෙන් විපරිණාමයයි. කිසිවකු සමග පළාගොස් ගමන වශයෙන් වෙනස් බව දතයුතුය.
වාසභායාති වාසභා නාම රඤ්ඤො එකා දෙවී, තං සන්ධායාහ.
වාසභාය වාසභා යනු රජුගේ එක් බිසවකි. ඇය සඳහා කීය.
පියා තෙ අහන්ති කස්මා සබ්බපච්ඡා ආහ? එවං කිරස්සා අහොසි – “අයං රාජා මය්හං කුපිතො, සචාහං සබ්බපඨමං ‘පියා තෙ අහ’න්ති පුච්ඡෙය්යං, ‘න මෙ ත්වං පියා, චර පිරෙ’ති වදෙය්ය, එවං සන්තෙ කථා පතිට්ඨානං න ලභිස්සතී”ති කථාය පතිට්ඨානත්ථං සබ්බපච්ඡා පුච්ඡි. කාසිකොසලෙසු ඡඩ්ඩිතභාවෙන විපරිණාමො, පටිරාජූනං හත්ථගමනවසෙන අඤ්ඤථාභාවො වෙදිතබ්බො.
පියාතෙ අහංයැයි කුමක්නිසා සියල්ලට පසුව කීවාද ඇයට මෙසේ සිතිණ. මේ රජ මට කිපුණේය. ඉදින් මම සියල්ලට පළමුව මම ඔබට ප්‍රිය දැයි අසම්නම් මට තී ප්‍රිය නොවේ ඉවත්වෙවයි කියන්නේය. එසේ ඇති කල්හි කථාවට ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේය. කථාව පිහිටුවීම සඳහා සියල්ලට පසුව ඇසුවාය. කාසි කෝසල ජනපදයන් අත්හරින ලද බැවින් විපරිණාමයයි. විරුද්ධ රජුන්ගේ අතට යාම් වශයෙන් වෙනස් බව දතයුතුය.
ආචමෙහීති ආචමනොදකං දෙහි. ආචමිත්වා හත්ථපාදෙ ධොවිත්වා මුඛං වික්ඛාලෙත්වා සත්ථාරං නමස්සිතුකාමො එවමාහ. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
ආචාමෙහි සෝදන ජලය දෙව. සෝදා අත්පා දොවා මුව සෝදා ශාස්තෲන් වහන්සේ වඳිනු කැමැත්තේ මෙසේ කීය. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය පියජාතිකසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වැනි පියජාතික සූත්‍රයයි.
බාහිතිකසුත්තවණ්ණනා
බාහිතික සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති බාහිතිකසුත්තං. තත්ථ එකපුණ්ඩරීකං නාගන්ති එවංනාමකං හත්ථිං. තස්ස කිර ඵාසුකානං උපරි තාලඵලමත්තං පණ්ඩරට්ඨානං අත්ථි, තෙනස්ස එකපුණ්ඩරීකොති නාමං අකංසු. සිරිවඩ්ඪං මහාමත්තන්ති පච්චෙකහත්ථිං අභිරුහිත්වා කථාඵාසුකත්ථං සද්ධිං ගච්ඡන්තං එවංනාමකං මහාමත්තං. ආයස්මානොති එත්ථ නොති පුච්ඡාය නිපාතො. මහාමත්තො ථෙරස්ස සඞ්ඝාටිපත්තධාරණාකාරං සල්ලක්ඛෙත්වා “එවං, මහාරාජා”ති ආහ.
එවම්මෙසුතං යනු බාහිතිය සුත්‍රයයි එහි එකපුණ්ඩරීකනාගං යනු එනම් ඇති හස්තියා. උගේ ඉලඇට මත තල්ගෙඩියක් තරම්වූ සුදු තැනක් ඇත. ඒනිසා ඌට එකපුණ්ඩරීකයැයි නමක් කළහ. සිරිවඩ්ඨං මහාමත්තං තනි ඇතකු පිට නැගී. කීමෙ පහසුව පිණිස සමග යන්නාවු මේ නම ඇති මහාමාත්‍රයා. ආයස්මානො මෙහි නො යනු ප්‍රශ්න කිරීම සඳහා වු නිපාතයකි. මහා මාත්‍රයා තෙරුන්ගේ දෙපට සිවුර හා පාත්‍රය දරන ආකාරය සලකා එසේය. මහරජයි කීය.
ඔපාරම්භොති උපාරම්භං දොසං ආරොපනාරහො. කිං පුච්ඡාමීති රාජා පුච්ඡති. සුන්දරිවත්ථුස්මිං උප්පන්නමිදං සුත්තං, තං පුච්ඡාමීති පුච්ඡති. යඤ්හි මයං, භන්තෙති, භන්තෙ, යං මයං විඤ්ඤූහීති ඉදං පදං ගහෙත්වා පඤ්හෙන පරිපූරෙතුං නාසක්ඛිම්හා, තං කාරණං ආයස්මතා එවං වදන්තෙන පරිපූරිතං.
ඔපාරම්භො දෝෂාරෝපණය දොස් පැවරීමට සුදුසු කිං පුච්ඡාමි රජ අසයි සුන්දරී වස්තුවෙහි උපන් මෙම සුත්‍රය ඔහු විමසමියි අසයි. යංහි මයං භන්තෙ ස්වාමීනි අපි. විඤ්ඤුහි මේපදය ගෙන ප්‍රශ්නයෙන් පුරවන්ට නොහැකිවීමු ඒ කරුණ මෙසේ කියන ආයුෂ්මතුන් විසින් පුරවන ලදී.
අකුසලොති අකොසල්ලසම්භූතො. සාවජ්ජොති සදොසො. සබ්යාබජ්ඣොති සදුක්ඛො. දුක්ඛවිපාකොති ඉධ නිස්සන්දවිපාකො කථිතො. තස්සාති තස්ස එවං අත්තබ්යාබාධාදීනං අත්ථාය පවත්තකායසමාචාරස්ස.
අකුසලො අදක්ෂතා වෙන් හටගත්, සාවජ්ජො දොස් සහිත සව්යාපජ්ඣො දුක්සහිත. දුක්ඛවිපාකො මෙහි කර්ම විපාකය කියන ලදී. තස්ස ආත්ම ව්‍යාධි ආදීන් පිණිස පැවති කාය සමාචාරයාගේ, මහරජ සියලු අකුසල්දම් ප්‍රහීණ කළ තථාගතයන් වහන්සේ කුසල ධර්මයන්ගෙන් යුක්තය. මෙහි
සබ්බාකුසලධම්මපහීනො ඛො, මහාරාජ, තථාගතො කුසලධම්මසමන්නාගතොති එත්ථ සබ්බෙසංයෙව අකුසලානං ධම්මානං පහානං වණ්ණෙතීති. ආම වණ්ණෙතීති වුත්තෙ යථා පුච්ඡා, තථා අත්ථො වුත්තො භවෙය්ය. එවං බ්‍යාකරණං පන න භාරියං. අප්පහීනඅකුසලොපි හි පහානං වණ්ණෙය්‍ය, භගවා පන පහීනාකුසලතාය යථාකාරී තථාවාදීති දස්සෙතුං එවං බ්යාකාසි. සුක්කපක්ඛෙපි එසෙව නයො.
සබ්බෙසරඤ්ඤච අකුසලානං ධම්මානං පහානං වණ්ණෙති එය වර්ණනා කරතියි කීකල්හි විමසීම යම්සේද අර්ථයද එසේයයි කීවා වන්නේය. මෙසේ ප්‍රකාශ කිරීම බැරෑරුම්නැත. අල්පහීන අකුසල ඇත්තාද ප්රහාණය වර්ණනා කරන්නේය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රහීණ අකුශල ඇති බැවින් යථාවාදී තථාකාරීයැයි දක්වන්ට මෙසේ ප්‍රකාශ කළේය. ශුක්ල පක්ෂයෙහිද මේ ක්‍රමයයි.
බාහිතිකාති බාහිතිරට්ඨෙ උට්ඨිතවත්ථස්සෙතං නාමං. සොළසසමා ආයාමෙනාති ආයාමෙන සමසොළසහත්ථා. අට්ඨසමා විත්ථාරෙනාති විත්ථාරෙන සමඅට්ඨහත්ථා.
බාහිතියා බාහිත රටෙහි විසු වස්ත්රයව මේ නමයි. සොලසමා ආයාමෙන දිගින් සමසොළොස් රියන්ය. අට්ඨසමා විත්ථාරෙන පුළුලින් සම අටරියන්ය.
භගවතො පාදාසීති භගවතො නිය්යාතෙසි. දත්වා ච පන ගන්ධකුටියං විතානං කත්වා බන්ධි. තතො පට්ඨාය ගන්ධකුටි භිය්යොසොමත්තාය සොභි. සෙසං සබ්බත්ථ උත්තානමෙව. නෙය්යපුග්ගලස්ස පන වසෙන අයං දෙසනා නිට්ඨිතාති.
භගවතො පාදාසි භාග්‍යවතුන් වහන්සේට පැවරීය. දී ගඳකිලියෙහි වියනක් කොට බැන්දේය. එතැන්පටන් ගඳකිළිය බොහෝ සෙයින් සෝහමානවිය. සෙස්ස සියලු තැන නොගැඹුරුමය. නෙය්‍ය පුද්ගල වශයෙන් මේ දේශනාව නිමවිය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය බාහිතිකසුත්තවණ්ණනා නිට්ඨිතා.
අටවැනි බාහිනිය සුත්‍රයයි.