යෙදුමෙන් කියවන්න

රට‍්ඨපාලසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

රට‍්ඨපාලසුත‍්තවණ‍්ණනා

රට්ඨපාල සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති රට‍්ඨපාලසුත‍්තං. තත්‍ථ ථුල‍්ලකොට‍්ඨිකන‍්ති ථුල‍්ලකොට‍්ඨං පරිපුණ‍්ණකොට‍්ඨාගාරං. සො කිර ජනපදො නිච‍්චසස‍්සො සදා බීජභණ‍්ඩං නික‍්ඛමති, ඛලභණ‍්ඩං පවිසති. තෙන තස‍්මිං නිගමෙ කොට‍්ඨා නිච‍්චපූරාව හොන‍්ති. තස‍්මා සො ථුල‍්ලකොට‍්ඨිකන‍්තෙව සඞ‍්ඛං ගතො.

එවම්මෙසුතං යනු රට්ඨපාල සූත්‍රයයි. එහි ථුල්ලකොට්ඨකං යනු මහා කොටුවයි. පිරිපුන් කෝෂ්ඨාගාරයයි. ඒ ජනපදය නිරන්තර ශස්‍ය ඇත්තේය. සැමදා බිජුවට නික්මෙයි. ධාන්‍ය පිවිසෙයි. ඒ නිසා ඒ නියම්ගමෙහි කෝෂ්ඨාගාර නිරතුරුව පිරී පවතී. ඒනිසා ථුල්ලකොට්ඨක යනුවෙන්ම ප්‍රසිද්ධියට පත්විය.

රට‍්ඨපාලොති කස‍්මා රට‍්ඨපාලො? භින‍්නං රට‍්ඨං සන්‍ධාරෙතුං පාලෙතුං සමත්‍ථොති රට‍්ඨපාලො. කදා පනස‍්සෙතං නාමං උප‍්පන‍්නන‍්ති. පදුමුත‍්තරසම‍්මාසම‍්බුද‍්ධකාලෙ. ඉතො හි පුබ‍්බෙ සතසහස‍්සකප‍්පමත්‍ථකෙ වස‍්සසතසහස‍්සායුකෙසු මනුස‍්සෙසු පදුමුත‍්තරො නාම සත්‍ථා උප‍්පජ‍්ජිත්‍වා භික‍්ඛුසතසහස‍්සපරිවාරො ලොකහිතාය චාරිකං චරි, යං සන්‍ධාය වුත‍්තං –

රට්ඨපාලො රට්ඨපාලයනු කුමක් හෙයින්ද? බිඳුණු රට දරාගන්ට පාලනය කරන්ට සමර්ථනුයි රට්ඨපාල නම් වේ. ඔහුට මේ නම ලැබුණේ කවදාද? පදුමුත්තර සම්මාසම්බුදුන් වහන්සේගේ කාලයෙහි මින් පෙර කප් සියදහසක් මතුයෙහි මිනිසුන්ගේ ආයුකාලය වර්ෂ සියදහසක්වූ කල්හි පදුමුත්තරනම් ශාස්තෲන් වහන්සේ ඉපිද භික්‍ෂුන් සියදහසක් පිරිවර ඇතිව ලෝකයාගේ හිත පිණිස චාරිකාවේ හැසිරුණු සේක. යමක් සඳහා කියන ලද්දේද.

“නගරං හංසවතී නාම, ආනන්‍දො නාම ඛත‍්තියො; සුජාතා නාම ජනිකා, පදුමුත‍්තරස‍්ස සත්‍ථුනො”ති. (බු· වං· 12.19);

නගරෙ හංසවතියා ආනන්‍දෙනාම ඛත්තියො සුජාතා නාම ජනිකා පදුමුත්ත රස්ස සත්‍ථුනො

හංසවතී නුවර ආනන්ද නම් ක්ෂත්‍රියයා හා සුජාතා, පියුමතුරා බුදුන්ගේ පියා හා මව වූහ.

පදුමුත‍්තරෙ පන අනුප‍්පන‍්නෙ එව හංසවතියා ද‍්වෙ කුටුම‍්බිකා සද‍්ධා පසන‍්නා කපණද‍්ධිකයාචකාදීනං දානං පට‍්ඨපයිංසු. තදා පබ‍්බතවාසිනො පඤ‍්චසතා තාපසා හංසවතිං අනුප‍්පත‍්තා. තෙ ද‍්වෙපි ජනා තාපසගණං මජ‍්ඣෙ භින්‍දිත්‍වා උපට‍්ඨහිංසු. තාපසා කිඤ‍්චිකාලං වසිත්‍වා පබ‍්බතපාදමෙව ගතා. ද‍්වෙ සඞ‍්ඝත්‍ථෙරා ඔහීයිංසු. තදා තෙසං තෙ යාවජීවං උපට‍්ඨානං අකංසු. තාපසෙසු භුඤ‍්ජිත්‍වා අනුමොදනං කරොන‍්තෙසු එකො සක‍්කභවනස‍්ස වණ‍්ණං කථෙසි, එකො භූමින්‍ධරනාගරාජභවනස‍්ස.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ නූපන් කල්හිම හංසවතී නගරයෙහි කෙළෙඹියෝ දෙදෙනෙක් ශ්‍රද්ධා සම්පන්නව දුප්පතුන්ට මාර්ගිකයන්ට යාචකයන්ට දන් එළවූහ. එකල්හි පර්වත වාසී පන්සියයක් තවුසෝ සුළුකලක් වැස පර්වතපාදයටම ගියාහුය. සඟතෙරවරු දෙනමක් පැමිණියහ. උන්වහන්සේලාට ඔවුහු දිවි ඇතිතාක් උපස්ථාන කළහ. තවුසන් වළදා අනුමෝදනාව කරන කල්හි එක් අයෙක් ශක්‍රභවනයෙහි ගුණ කියයි. එක් අයෙක් භූමින්‍ධර නාගරාජ භවනයෙහි ගුණ කියයි.

කුටුම‍්බිකෙසු එකො සක‍්කභවනං පත්‍ථනං කත්‍වා සක‍්කො හුත්‍වා නිබ‍්බත‍්තො, එකො නාගභවනෙ පාලිතනාගරාජා නාම. තං සක‍්කො අත‍්තනො උපට‍්ඨානං ආගතං දිස‍්වා නාගයොනියං අභිරමසීති පුච‍්ඡි. සො නාභිරමාමීති ආහ. තෙන හි පදුමුත‍්තරස‍්ස භගවතො දානං දත්‍වා ඉමස‍්මිං ඨානෙ පත්‍ථනං කරොහි, උභො සුඛං වසිස‍්සාමාති. නාගරාජා සත්‍ථාරං නිමන‍්තෙත්‍වා භික‍්ඛුසතසහස‍්සපරිවාරස‍්ස භගවතො සත‍්තාහං මහාදානං දදමානො පදුමුත‍්තරස‍්ස දසබලස‍්ස පුත‍්තං උපරෙවතං නාම සාමණෙරං දිස‍්වා සත‍්තමෙ දිවසෙ බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස දිබ‍්බවත්‍ථානි දත්‍වා සාමණෙරස‍්ස ඨානන‍්තරං පත්‍ථෙසි. භගවා අනාගතං ඔලොකෙත්‍වා – “අනාගතෙ ගොතමස‍්ස නාම බුද‍්ධස‍්ස පුත‍්තො රාහුලකුමාරො භවිස‍්සතී”ති දිස‍්වා “සමිජ‍්ඣිස‍්සති තෙ පත්‍ථනා”ති කථෙසි. නාගරාජා තමත්‍ථං සක‍්කස‍්ස කථෙසි. සක‍්කො තස‍්ස වචනං සුත්‍වා තථෙව සත‍්තාහං දානං දත්‍වා භින‍්නං රට‍්ඨං සන්‍ධාරෙතුං පාලෙතුං සමත්‍ථකුලෙ නිබ‍්බත‍්තිත්‍වා සද‍්ධාපබ‍්බජිතං රට‍්ඨපාලං නාම කුලපුත‍්තං දිස‍්වා – “අහම‍්පි අනාගතෙ ලොකස‍්මිං තුම‍්හාදිසෙ බුද‍්ධෙ උප‍්පන‍්නෙ භින‍්නං රට‍්ඨං සන්‍ධාරෙතුං පාලෙතුං සමත්‍ථකුලෙ නිබ‍්බත‍්තිත්‍වා අයං කුලපුත‍්තො විය සද‍්ධාපබ‍්බජිතො රට‍්ඨපාලො නාම භවෙය්‍ය”න‍්ති පත්‍ථනමකාසි. සත්‍ථා සමිජ‍්ඣනකභාවං ඤත්‍වා ඉමං ගාථමාහ –

කෙළෙඹියන් දෙදෙනාගෙන් එකෙක් ශක්‍රභවනය කෙරෙහි ප්‍රාර්ථනාවක් කොට සක්‍රයෙක් වැ උපන්නේය. එකෙක් නාගභවනයෙහි පාලිත නාගරාජනම් වී ශක්‍රයා ඔහු තමාගේ උපස්ථානයට පැමිණි බව දැක නාගයෝනියෙහි සතුටුවෙහිදැයි ඇසීය. හේ සතුටු නොවෙමියි කීය. එසේනම් පුදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට දානයක්දී මෙතැන ප්‍රාර්ථනාවක් කරව දෙදෙනාම මෙහි සැපසේ වසන්නෙමු. නාරජ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට භික්‍ෂුන් සිය දහසක් පිරිවර ඇති භාග්‍යවතුන් වහන්සේට සත් දවසක් මහදන් දෙමින් පදුමුත්තර දශබලධාරීන් වහන්සේගේ පුත්‍ර උපරේවත නම් සාමණේරයන් දැක සත්වැනි දවසෙහි බුද්ධ ප්‍රමුඛ සංඝයාට දිවසළුදී සාමණේරයන්ගේ තනතුර පැතුවේය. භාග්‍යවතුන් වහන්සේ අනාගතය බලා අනාගතයෙහි ගෞතම නම් බුදුන්ගේ පුත්‍ර රාහුල කුමාරයා වන්නේ යයි දැක ඔබගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වන්නේයයි ප්‍රකාශ කළසේක. නාරජ ඒ බව ශක්‍රයාට කීය. ශක්‍රයා ඔහුගේ වචනය අසා එසේම සත්දවසක් මහදන්දී බිඳුණු රට සමගි කොට ශ්‍රද්ධාවෙන් පැවිදි වු රටඨපාලනම් කුලපුත්‍රයා දැක මමද අනාගතයෙහි ලෝකයෙහි ඔබවැනි බුදුවරයකු උපන්කල්හි බිඳුණුරට සමගි කරන්ට පාලනය කරන්ට සමර්ථවූ කුලයක ඉපිද මේ කුලපුත්‍රයා මෙන් ශ්‍රද්ධාවෙන් පැවිදිවු රටඨපාල නම් වුවමැනවැයි ප්‍රාර්ථනාවක් කළේය. ශාස්තෲන් වහන්සේ සමෘද්ධවන බව දැන මේ ගාථාව කීසේක.

“සරාජිකං චාතුවණ‍්ණං, පොසෙතුං යං පහොස‍්සති; රට‍්ඨපාලකුලං නාම, තත්‍ථ ජායිස‍්සතෙ අය”න‍්ති. –

සරාජිකං චාතුවණ්ණිං පොසෙතුං යං පහොස්සති රට්ඨපාල කුලංනාම තත්‍ථ ජායිස්සතෙ අයං

සරාජිකවූ චතුර්වර්ණයන් ඇති යම් කුලයක් වේද. ඒ රට්ඨපාලකුලය පෝෂණය කරනට මොහු එහි උපදනේය.

එවං පදුමුත‍්තරසම‍්මාසම‍්බුද‍්ධකාලෙ තස‍්සෙතං නාමං උප‍්පන‍්නන‍්ති වෙදිතබ‍්බං.

මෙසේ පුදුමුත්තර සම්මා සම්බුදුන් වහන්සේගේ කාලයෙහිම ඔහුට මේ නම ලැබිණැයි දතයුතුයි.

එතදහොසීති කිං අහොසි? යථා යථා ඛොතිආදි. තත්‍රායං සඞ‍්ඛෙපකථා – අහං ඛො යෙන යෙන කාරණෙන භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, තෙන තෙන මෙ උපපරික‍්ඛතො එවං හොති – “යදෙතං සික‍්ඛත‍්තයබ්‍රහ‍්මචරියං එකදිවසම‍්පි අඛණ‍්ඩං කත්‍වා චරිමකචිත‍්තං පාපෙතබ‍්බතාය එකන‍්තපරිපුණ‍්ණං චරිතබ‍්බං, එකදිවසම‍්පි ච කිලෙසමලෙන අමලීනං කත්‍වා චරිමකචිත‍්තං පාපෙතබ‍්බතාය එකන‍්තපරිසුද‍්ධං, සඞ‍්ඛලිඛිතං විලිඛිතසඞ‍්ඛසදිසං ධොතසඞ‍්ඛසප‍්පටිභාගං කත්‍වා චරිතබ‍්බං, නයිදං සුකරං අගාරං අජ‍්ඣාවසතා අගාරමජ‍්ඣෙ වසන‍්තෙන එකන‍්තපරිපුණ‍්ණං…පෙ… චරිතුං, යංනූනාහං කෙසඤ‍්ච මස‍්සුඤ‍්ච ඔහාරෙත්‍වා කාසායරසපීතතාය කාසායානි බ්‍රහ‍්මචරියං චරන‍්තානං අනුච‍්ඡවිකානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා නික‍්ඛමිත්‍වා අනගාරියං පබ‍්බජෙය්‍ය”න‍්ති.

එතදහොසි කුමන සිතක් ඇතිවීද? යථා යථා ඛො යනාදිය මේ මෙහි සංක්ෂේප කථාවයි. මම යම් යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය දනිම්ද ඒ ඒ කරුණින් සලකාබලන මට මෙසේ සිතෙයි. යම්කලෙක මේ ත්‍රිවිධ ශික්ෂා බ්‍රහ්මචර්යය එක්දවසක්වත් නොකඩ කොට හැසිරීමේ සිත පත්කළයුතු බැවින් ඒකාන්තයෙන් පරිපූර්ණව හැසිරිය යුතුය. එක්දවසක්වත් කෙලෙස් මලින් කිලිටි නොකොට හැසිරීමේ සිත පත්කළ යුතු බැවින් ඒකාන්ත පරිශුද්ධය. සඞ්ඛලිඛිතං ලියවන ලද සක්ගෙඩියක් හා සමානව දෝවනය කරන ලද සක්ගෙඩියක් හා සමානව හැසිරිය යුතුය. ඉදං න සුකරං අගාරං අජ්ඣාවසතා ගිහිගෙයි වසන්නකු විසින් ඒකාන්ත පරිපුර්ණ කොට -පෙ- චරිතුං හැසිරෙන්ට යන්නූනාහං කෙසඤ්ච මස්සුච ඔහාරෙත්‍වා කාසාය රසපීතාය කාසායානි බ්‍රහ්මචරියං චරන්තානං අනුච්ඡවිකානි වත්‍ථානි අච්ඡාදෙත්‍වා අශාරස්මා නික්‍ඛමිත්‍වා අනගාරිය පබ්බජෙය්‍යං කෙස් රවුලු ඉවත් කොට කසට රස පෙවූ කහවත් හැඳ බඹසර හැසිරෙන්නා වුනට සුදුසු රෙදි හැඳ ගිහිගෙන් නික්ම අනාගාරියනම් සසුනෙහි පැවිදිවන්නෙමි නම් මැනවි.

අචිරපක‍්කන‍්තෙසු ථුල‍්ලකොට‍්ඨිකෙසු බ්‍රාහ‍්මණගහපතිකෙසු යෙන භගවා තෙනුපසඞ‍්කමීති රට‍්ඨපාලො අනුට‍්ඨිතෙසු තෙසු න භගවන‍්තං පබ‍්බජ‍්ජං යාචි. කස‍්මා? තත්‍ථස‍්ස බහූ ඤාතිසාලොහිතා මිත‍්තාමච‍්චා සන‍්ති, තෙ – “ත්‍වං මාතාපිතූනං එකපුත‍්තකො, න ලබ‍්භා තයා පබ‍්බජිතු”න‍්ති බාහායම‍්පි ගහෙත්‍වා ආකඩ‍්ඪෙය්‍යුං, තතො පබ‍්බජ‍්ජාය අන‍්තරායො භවිස‍්සතීති සහෙව පරිසාය උට‍්ඨහිත්‍වා ථොකං ගන‍්ත්‍වා පුන කෙනචි සරීරකිච‍්චලෙසෙන නිවත‍්තිත්‍වා භගවන‍්තං උපසඞ‍්කම‍්ම පබ‍්බජ‍්ජං යාචි. තෙන වුත‍්තං – “අථ ඛො රට‍්ඨපාලො කුලපුත‍්තො අචිරපක‍්කන‍්තෙසු ථුල‍්ලකොට‍්ඨිකෙසු…පෙ… පබ‍්බාජෙතු මං භගවා”ති. භගවා පන යස‍්මා රාහුලකුමාරස‍්ස පබ‍්බජිතතො පභුති මාතාපිතූහි අනනුඤ‍්ඤාතං පුත‍්තං න පබ‍්බාජෙති, තස‍්මා නං පුච‍්ඡි අනුඤ‍්ඤාතොසි පන ත්‍වං, රට‍්ඨපාල, මාතාපිතූහි…පෙ… පබ‍්බජ‍්ජායාති.

අචිරපක්කන්තෙසු චුල්ල කොට්ඨිතකෙසු බ්‍රාහ්මණ ගෘහපතිතෙසු යෙන භගවා තෙනුපසඞ්කමි චුල්ල කොට්ඨිතක බමුණු ගෘහපතියන් නික්ම ගොස් නොබෝ දිනකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹියේය. රට්ඨපාල ඔවුන් නො නැගිටින තෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්ද නොඉල්ලීය. කුමක් නිසාද? එහි ඔහුගේ නෑයෝ ලේනෑයෝ මිත්‍රයෝ ඇමතියෝ ඇත. ඔවුහු ඔබ මව්පියන්ගේ එකම පුත්‍රයාය. ඔබට පැවිදි වන්නට නොලැබේයැයි අතින් හෝ ගෙන අදින්නෝය. එයින් පැවිද්දට අනතුරක් වන්නේයැයි පිරිස සමඟ නැගිට මඳ දුරක් ගොස් නැවත කිසියම් සිරුරු කිසක ව්‍යාජයෙන් නැවතී භාග්‍යවතුන් කරා එළඹ පැවිද්ද ඉල්ලීය. එහෙයින් කියන ලදී. අථඛො රට්ඨපාලො කුලපුත්තො අචිරවුට්ඨිතාය පරිසාය -පෙ- පබ්බාජෙතු මං භගවාති - ඉක්බිති රට්ඨපාල කුලපුත්‍රයා පිරිස නැගිට නොබෝ වේලාවකින් -පෙ- භාග්‍යවතුන් වහන්සේ මා පැවිදිකරන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ රාහුල කුමරුන් පැවිද්දෙහි පටන් මව්පියන් විසින් නොඅනුදන්නා ලද පුත්‍රයකු පැවිදි නොකරන සේක. එහෙයින් ඔහු විමසූ සේක. අනුඤ්ඤතොසි පනත්‍වං මාතාපිතුහි -පෙ- පබ්බජ්ජාය යනුවෙන්

අම‍්මතාතාති එත්‍ථ අම‍්මාති මාතරං ආලපති, තාතාති පිතරං. එකපුත‍්තකොති එකොව පුත‍්තකො, අඤ‍්ඤො කොචි ජෙට‍්ඨො වා කනිට‍්ඨො වා නත්‍ථි. එත්‍ථ ච එකපුත‍්තොති වත‍්තබ‍්බෙ අනුකම‍්පාවසෙන එකපුත‍්තකොති වුත‍්තං. පියොති පීතිජනකො. මනාපොති මනවඩ‍්ඪනකො. සුඛෙධිතොති සුඛෙන එධිතො, සුඛසංවඩ‍්ඪිතොති අත්‍ථො. සුඛපරිභතොති සුඛෙන පරිභතො, ජාතකාලතො පභුති ධාතීහි අඞ‍්කතො අඞ‍්කං ආහරිත්‍වා ධාරියමානො අස‍්සකරථකාදීහි බාලකීළනකෙහි කීළයමානො සාදුරසභොජනං භොජයමානො සුඛෙන පරිහටො. න ත්‍වං, තාත රට‍්ඨපාල, කස‍්සචි දුක‍්ඛස‍්ස ජානාසීති ත්‍වං, තාත රට‍්ඨපාල අප‍්පමත‍්තකම‍්පි කලභාගං දුක‍්ඛස‍්ස න ජානාසි න සරසීති අත්‍ථො. මරණෙනපි තෙ මයං අකාමකා විනා භවිස‍්සාමාති සචෙපි තව අම‍්හෙසු ජීවමානෙසු මරණං භවෙය්‍ය, තෙන තෙ මරණෙනපි මයං අකාමකා අනිච‍්ඡකා න අත‍්තනො රුචියා විනා භවිස‍්සාම, තයා වියොගං පාපුණිස‍්සාමාති අත්‍ථො. කිං පන මයං තන‍්ති එවං සන‍්තෙ කිං පන කිං නාම තං කාරණං, යෙන මයං තං ජීවන‍්තං අනුජානිස‍්සාම. අථ වා කිං පන මයං තන‍්ති කෙන පන කාරණෙන මයං තං ජීවන‍්තං අනුජානිස‍්සාමාති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

අම්මතාතා එහි අම්මා යනු මවට කියයි. තාතා යනු පියා එකපුත්තකො එකම පුත්‍රයා අන් දෙටු හෝ කනිටුවූවෙක් නැත. මෙහි එකපුත්තෙ යනුවෙන් කියයුතු කල්හි අනුකම්පා වශයෙන් එකපුත්තකොයි කියන ලදී. පියො ප්‍රිය උපදවන මනාපො මනවඩනා, සුබෙධිතො සැපසේ වැඩුණු සැපයෙන් සංවර්ධනය වුණු යන අර්ථයි. සුඛපරිනතො සැපයෙන් පරිණතවූ. උපන්කල්පටන් කිරිමව්වරුන් විසින් උකුලෙන් උකුලට ගෙන ගොස් වඩාගනු ලබන්නේ. කුඩා අස්රිය ආදී ක්‍රීඩාභාණ්ඩ සමග සෙල්ලම් කරමින් රස පිරි බොජුන් කවනු ලබමින් සැපයෙන් පරිහරණය කරන ලද. නත්‍වං රට්ඨපාල කස්සචි දුක්ඛස්ස ජානාසි දරුව රට්ඨපාල දුක පිළිබඳ අල්පමාත්‍රයක්වත් නොදන්නෙහි. සිහි නොකරහි, යන අර්ථයි. මරණෙන පිතෙ මයං අකාමතා විනා භවිස්සාම යම් හෙයකින් අප ජීවත්වන කල්හි ඔබගේ මරණය සිදුවුවහොත් එයින් ඔබගේ මරණින්වත් අපි කැමැත්තක් නැත්තෝව තමන්ගේ කැමැත්තෙන් වෙන් නොවන්නෙමු. වියෝගයට වත් නොපැමිණෙන්නෙමු යන අර්ථයි. කිම්පන මයංතං මෙසේ ඇති කල්හි අප ජීවත්වන ඔහුට අනුමතිය දෙන්නේ කවර කරුණක් නිසාද? නැතහොත් කිම්පන මයං තං කුමක්නිසා අපි ඔහු ජීවත්ව සිටියදී අනුමතිය දෙන්නෙමුද යනු ද මෙහි අර්ථය දත යුතුය.

තත්‍ථෙවාති යත්‍ථ නං ඨිතං මාතාපිතරො නානුජානිංසු, තත්‍ථෙව ඨානෙ. අනන‍්තරහිතායාති කෙනචි අත්‍ථරණෙන අනත්‍ථතාය. පරිචාරෙහීති ගන්‍ධබ‍්බනටනාටකාදීනි පච‍්චුපට‍්ඨපෙත්‍වා තත්‍ථ සහායකෙහි සද‍්ධිං යථාසුඛං ඉන්‍ද්‍රියානි චාරෙහි සඤ‍්චාරෙහි, ඉතො චිතො ච උපනෙහීති වුත‍්තං හොති. අථ වා පරිචාරෙහීති ගන්‍ධබ‍්බනටනාටකාදීනි පච‍්චුපට‍්ඨපෙත්‍වා සහායකෙහි සද‍්ධිං ලළ උපලළ රම, කීළස‍්සූතිපි වුත‍්තං හොති. කාමෙ පරිභුඤ‍්ජන‍්තොති අත‍්තනො පුත‍්තදාරෙහි සද‍්ධිං භොගෙ භුඤ‍්ජන‍්තො. පුඤ‍්ඤානි කරොන‍්තොති බුද‍්ධඤ‍්ච ධම‍්මඤ‍්ච සඞ‍්ඝඤ‍්ච ආරබ‍්භ දානප‍්පදානාදීනි සුගතිමග‍්ගසංසොධකානි කුසලකම‍්මානි කරොන‍්තො. තුණ‍්හී අහොසීති කථානුප‍්පබන්‍ධවිච‍්ඡෙදනත්‍ථං නිරාලාපසල‍්ලාපො අහොසි.

ත්‍ථෙව එහිසිටි ඔහුට මව්පියෝ එතැනදීම අනුමතිය නොදුන්හ. අනන්තරහිතාය කිසිවක් හෝ ඇතුරූ බිමෙහි පරිවාරෙහි ගන්ධර්වයන් නළුවන් ආදීන් ගෙන්වාගෙන එහි යහළුවන් සමග සැපසේ ඉන්‍ද්‍රියයන් පිනවන්න හොඳින් පිනවන්න. එහෙන් මෙහෙන් ගෙන එන්න යැයි කියන ලද්දේවෙයි. නැතහොත් පරිවාරෙහි යනු ගාන්ධර්වයන් නළුවන් ආදීන් ගෙන්වාගෙන යහළුවන් සමග තුටුවන්න නැලවෙන්න රමණය කරන්න කෙළින්න යනු ද කියන ලද්දේවෙයි. කාමෙ පරිභූඤ්ජන්තො තමාගේ අඹුදරුවන් සමග සම්පත් විඳින්නේ. පුඤ්ඤානිකරොන්තො බුදුන්ද ධර්මය ද සංඝයාද අරබයා දන්දීම් සුගති මාර්ගය පිරිසිදුකරන කුසල් කරන්නේ තුණ්හී අහොසි කථා හා ඒ අනුව ඇතිවන ප්‍රබන්ධ කථා සිඳ දැමිම පිණිස ආලාප සල්ලාප නැත්තේ විය.

අථස‍්ස මාතාපිතරො තික‍්ඛත‍්තුං වත්‍වා පටිවචනම‍්පි අලභමානා සහායකෙ පක‍්කොසාපෙත්‍වා “එස වො සහායකො පබ‍්බජිතුකාමො, නිවාරෙථ න”න‍්ති ආහංසු. තෙපි තං උපසඞ‍්කමිත්‍වා තික‍්ඛත‍්තුං අවොචුං, තෙසම‍්පි තුණ‍්හී අහොසි. තෙන වුත‍්තං – අථ ඛො රට‍්ඨපාලස‍්ස කුලපුත‍්තස‍්ස සහායකා…පෙ… තුණ‍්හී අහොසීති. අථස‍්ස සහායකානං තික‍්ඛත‍්තුං වත්‍වා එතදහොසි – “සචෙ අයං පබ‍්බජ‍්ජං අලභමානො මරිස‍්සති, න කොචි ගුණො ලබ‍්භති. පබ‍්බජිතං පන නං මාතාපිතරොපි කාලෙන කාලං පස‍්සිස‍්සන‍්ති, මයම‍්පි පස‍්සිස‍්සාම, පබ‍්බජ‍්ජාපි ච නාමෙසා භාරියා, දිවසෙ දිවසෙ මත‍්තිකාපත‍්තං ගහෙත්‍වා පිණ‍්ඩාය චරිතබ‍්බං, එකසෙය්‍යං එකභත‍්තං බ්‍රහ‍්මචරියං අතිදුක‍්කරං, අයඤ‍්ච සුඛුමාලො නාගරිකජාතියො, සො තං චරිතුං අසක‍්කොන‍්තො පුන ඉධෙව ආගමිස‍්සති, හන්‍දස‍්ස මාතාපිතරො අනුජානාපෙස‍්සාමා”ති. තෙ තථා අකංසු. මාතාපිතරොපි නං “පබ‍්බජිතෙන ච පන තෙ මාතාපිතරො උද‍්දස‍්සෙතබ‍්බා”ති ඉමං කතිකං කත්‍වා අනුජානිංසු. තෙන වුත‍්තං – “අථ ඛො රට‍්ඨපාලස‍්ස කුලපුත‍්තස‍්ස සහායකා යෙන රට‍්ඨපාලස‍්ස කුලපුත‍්තස‍්ස මාතාපිතරො…පෙ… අනුඤ‍්ඤාතොසි මාතාපිතූහි…පෙ… උද‍්දස‍්සෙතබ‍්බා”ති. තත්‍ථ උද‍්දස‍්සෙතබ‍්බාති උද‍්ධං දස‍්සෙතබ‍්බා, යථා තං කාලෙන කාලං පස‍්සන‍්ති, එවං ආගන‍්ත්‍වා අත‍්තානං දස‍්සෙතබ‍්බා.

ඉක්බිති ඔහුගේ මව්පියෝ තෙවරක් ම කියා පිළිතුරක්වත් නොලබන්නාහු යහළුවන් සතුටුකරවා මේ යහළුවා පැවිදිවනු කැමැත්තේය. වළක්වන්න ඔහු යැයි කීහ. ඔවුහු ද ඔහුවෙත එළඹ තෙවරක් කීහ. ඒවාටද නිහඬව සිටියේය. එහෙයින් කියන ලදී. අථඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා -පෙ- තුණ්හී අහොසී යැයි තෙවරක් කියූපසු ඔහුගේ යහළුවන්ට මෙසේ සිතිණ. ඉදින් මොහු පැවිද්ද නොලැබ මළහොත් කිසි ගුණයක් නොලබයි. ඔහු පැවිදිවූ විට මව්පියෝද කලින් කල බලන්නාහුය. අපිද බලන්නෙමු. මේ පැවිද්ද ද බැරෑරුම් ය. දවසක් පාසා මැටි පාත්‍රය ගෙණ පිඬු පිණිස හැසිරිය යුතුය. එක් ස්‍යොවක්, එක් බතක් ඇති බ්‍රහ්මචර්යය අති දුෂ්කරය, මොහුද සියුමැලිය. නගරයේ පවුලකට අයත් හෙතෙමේ එය කරන්නට නොහැකිව නැවත මෙහාටම පැමිණෙන්නේය. ඔහු මා පියන් ලවා අනුමැතිය ලබවා ගනිමු. ඔවුහු එසේ කළහ. මාපියෝද පැවිද්දකු විසින් ඔහුට පෙන්වා දියයුතුයයි කතිකා කොට අනුදත්හ. එහෙයින් කියන ලදී. අථඛො රට්ඨපාලස්ස කුල අත්තස්ස සහායකා යො රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො -පෙ- අනුඤ්ඤතොසි මාතා පිතුහි -පෙ- උද්දස්සෙ තබ්බා යනුවෙන් එහි උද්දස්සෙතබ්බා - ඔහු කලින්කල දකිත්ද එසේ අවුත් තමා පෙන්විය යුතුය.

බලං ගහෙත්‍වාති සප‍්පායභොජනානි භුඤ‍්ජන‍්තො උච‍්ඡාදනාදීහි ච කායං පරිහරන‍්තො කායබලං ජනෙත්‍වා මාතාපිතරො වන්‍දිත්‍වා අස‍්සුමුඛං ඤාතිපරිවට‍්ටං පහාය යෙන භගවා තෙනුපසඞ‍්කමි…පෙ… පබ‍්බාජෙතු මං, භන‍්තෙ, භගවාති. භගවා සමීපෙ ඨිතං අඤ‍්ඤතරං භික‍්ඛුං ආමන‍්තෙසි – “තෙන හි භික‍්ඛු රට‍්ඨපාලං පබ‍්බාජෙහි චෙව උපසම‍්පාදෙහි චා”ති. සාධු, භන‍්තෙති ඛො සො භික‍්ඛු භගවතො පටිස‍්සුත්‍වා රට‍්ඨපාලං කුලපුත‍්තං ජිනදත‍්තියං සද‍්ධිවිහාරිකං ලද‍්ධා පබ‍්බාජෙසි චෙව උපසම‍්පාදෙසි ච. තෙන වුත‍්තං – “අලත්‍ථ ඛො රට‍්ඨපාලො කුලපුත‍්තො භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, අලත්‍ථ උපසම‍්පද”න‍්ති.

බලංගහෙත්‍වා පථ්‍යවූ බොජුන් බුදින්නේ ඉලීම් නෑම් ආදියෙන් සිරුර පරිහරණය කරන්නේ කයින් ශක්තිය උපදවා මව්පියන් වැඳ කඳුලින් තෙමුණු මුහුණු ඇති ඥාති සමූහයා අත්හැර භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට -පෙ- භාග්‍යවතුන් වහන්සේ මා පැවිදිකරන සේක්වායි කීය. භාග්‍යවතුන් වහන්සේ අසල සිටි එක්තරා භික්‍ෂුවක ඇමතු සේක. එසේනම් භික්‍ෂුව රට්ඨපාල පැවිදිකරන්න. උපසම්පදා ද කරන්න මැනවි ස්වාමීනියි ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී රට්ඨපාල කුලපුත්‍රයා බුදුන් විසින් දෙන ලද සද්ධි විහාරිකයකු ලැබ පැවිදි කළේය. උපසම්පදාද කළේය. එහෙයින් කියන ලදී. අලත්‍ථඛො රට්ඨපාලො කුලපුත්තො භගවතො සන්තිකෙ පබ්බජ්ජං අලත්‍ථ උපසම්පදං යනුවෙන්

පහිතත‍්තො විහරන‍්තොති ද‍්වාදස සංවච‍්ඡරානි එවං විහරන‍්තො. නෙය්‍යපුග‍්ගලො හි අයමායස‍්මා, තස‍්මා පුඤ‍්ඤවා අභිනීහාරසම‍්පන‍්නොපි සමානො “අජ‍්ජ අජ‍්ජෙව අරහත‍්ත”න‍්ති සමණධම‍්මං කරොන‍්තොපි ද‍්වාදසමෙ වස‍්සෙ අරහත‍්තං පාපුණි.

පහිතත්තො විහරන්තො දොළොස් වසරක් මෙසේ වාසය කරන්නේ මෙ ආයුෂ්මත්හු නෙය්‍ය පුද්ගලයෙකි. ඒ නිසා පුණ්‍යවන්තද, අභිනීහාර සම්පන්නද වූවාහු දොළොස් වැනි වර්ෂයෙහි රහත් බවට පත්වූහ.

යෙන භගවා තෙනුපසඞ‍්කමීති මය‍්හං මාතාපිතරො පබ‍්බජ‍්ජං අනුජානමානා – “තයා කාලෙන කාලං ආගන‍්ත්‍වා අම‍්හාකං දස‍්සනං දාතබ‍්බ”න‍්ති වත්‍වා අනුජානිංසු, දුක‍්කරකාරිකා ඛො පන මාතාපිතරො, අහඤ‍්ච යෙනජ‍්ඣාසයෙන පබ‍්බජිතො, සො මෙ මත්‍ථකං පත‍්තො, ඉදානි භගවන‍්තං ආපුච‍්ඡිත්‍වා අත‍්තානං මාතාපිතූනං දස‍්සෙස‍්සාමීති චින‍්තෙත්‍වා ආපුච‍්ඡිතුකාමො උපසඞ‍්කමි. මනසාකාසීති “කිං නු ඛො රට‍්ඨපාලෙ ගතෙ කොචි උපද‍්දවො භවිස‍්සතී”ති මනසි අකාසි. තතො “භවිස‍්සතී”ති ඤත්‍වා “සක‍්ඛිස‍්සති නු ඛො රට‍්ඨපාලො තං මද‍්දිතු”න‍්ති ඔලොකෙන‍්තො තස‍්ස අරහත‍්තසම‍්පත‍්තිං දිස‍්වා “සක‍්ඛිස‍්සතී”ති අඤ‍්ඤාසි. තෙන වුත‍්තං – යථා භගවා අඤ‍්ඤාසි…පෙ… කාලං මඤ‍්ඤසීති.

යෙන භගවා තෙනුපසඞ්කමි මාගේ මා පියන් පැවිද්ද අනුදනිමින් ඔබ විසින් කලින්කල පැමිණ අප වෙත පෙනී සිටිය යුතුයයි කියා අනුදත්හ. මාපියෝ වනාහි දුෂ්කර දේ කරන්නෝය. මමද යම් අදහසකින් පැවිදි වූයෙම්ද ඒ දේ මස්තක ප්‍රාප්ත විය. දැන් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා දෙමාපියන්ට තමා පෙන්වන්නෙමියි සිතා විමසනු කැමැත්තේ එහි එළඹියේය. මනසාකාසි රට්ඨපාල ගියකල්හි කිසියම් උපද්‍රවයක් වන්නේ දෝහෝයි සිතිවිල්ලක් ඇතිකරගත්තේය. එයින් උපද්‍රවයක් වන්නේයයි දැන රට්ඨපාල එය මර්දනය කරන්ට හැක්කේ දැයි බලන සේක් ඔහු රහත්බවට පත්වූ බව දැක හැකිවන්නේයයි දැන අනුදැන වදාළසේක. එහෙයින් කියන ලදී. යදා භගවා අඤ්ඤසි -පෙ- කාලං මඤ්ඤසි යනුවෙන්

මිගචීරෙති එවංනාමකෙ උය්‍යානෙ. තඤ‍්හි රඤ‍්ඤා – “අකාලෙ සම‍්පත‍්තපබ‍්බජිතානං දින‍්නමෙව ඉදං, යථාසුඛං පරිභුඤ‍්ජන‍්තූ”ති එවමනුඤ‍්ඤාතමෙව අහොසි, තස‍්මා ථෙරො – “මම ආගතභාවං මාතාපිතූනං ආරොචෙස‍්සාමි, තෙ මෙ පාදධොවනඋණ‍්හොදකපාදමක‍්ඛනතෙලාදීනි පෙසිස‍්සන‍්තී”ති චිත‍්තම‍්පි අනුප‍්පාදෙත්‍වා උය්‍යානමෙව පාවිසි. පිණ‍්ඩාය පාවිසීති දුතියදිවසෙ පාවිසි.

මිගාවීරෙ එනම් උයනෙහි, එය වනාහි රජුවිසින් නොකල්හි පැමිණෙන පැවිද්දන්ට සැපසේ පරිභෝජනය කෙරෙත්වායි දෙන ලද්දේය. මෙසේ අනුදන්නා ලද්දේ විය. ඒනිසා තෙරුන් වහන්සේ මා පැමිණි බව මා පියන්ට දන්වන්නෙමි. ඔවුහු මාගේ පා දෝනා උණුදිය පාදයෙහි ආලේප කරන තෙල් ආදිය එවන්නෝයයි සිතක්වත් නූපදවා උයනටම පිවිසියහ. පිණ්ඩාය පාවිසි දෙවැනි දින පිඬු පිණිස පිවිසියහ.

මජ‍්ඣිමායාති සත‍්තද‍්වාරකොට‍්ඨකස‍්ස ඝරස‍්ස මජ‍්ඣිමෙ ද‍්වාරකොට‍්ඨකෙ. උල‍්ලිඛාපෙතීති කප‍්පකෙන කෙසෙ පහරාපෙති. එතදවොචාති – “ඉමෙ සමණකා අම‍්හාකං පියපුත‍්තකං පබ‍්බාජෙත්‍වා චොරානං හත්‍ථෙ නික‍්ඛිපිත්‍වා විය එකදිවසම‍්පි න දස‍්සාපෙන‍්ති, එවං ඵරුසකාරකා එතෙ පුන ඉමං ඨානං උපසඞ‍්කමිතබ‍්බං මඤ‍්ඤන‍්ති, එත‍්තොව නිකඩ‍්ඪිතබ‍්බා එතෙ”ති චින‍්තෙත්‍වා එතං “ඉමෙහි මුණ‍්ඩකෙහී”තිආදිවචනං අවොච. ඤාතිදාසීති ඤාතකානං දාසී. ආභිදොසිකන‍්ති පාරිවාසිකං එකරත‍්තාතික‍්කන‍්තං පූතිභූතං. තත්‍ථායං පදත්‍ථො – පූතිභාවදොසෙන අභිභූතොති අභිදොසො, අභිදොසොව ආභිදොසිකො. එකරත‍්තාතික‍්කන‍්තස‍්සෙව නාමසඤ‍්ඤා එසා යදිදං ආභිදොසිකොති, තං ආභිදොසිකං. කුම‍්මාසන‍්ති යවකුම‍්මාසං. ඡඩ‍්ඩෙතුකාමා හොතීති යස‍්මා අන‍්තමසො දාසකම‍්මකාරානං ගොරූපානම‍්පි අපරිභොගාරහො, තස‍්මා නං කචවරං විය බහි ඡඩ‍්ඩෙතුකාමා හොති. සචෙතන‍්ති සචෙ එතං. භගිනීති අරියවොහාරෙන අත‍්තනො ධාතිං ඤාතිදාසිං ආලපති. ඡඩ‍්ඩනීයධම‍්මන‍්ති ඡඩ‍්ඩෙතබ‍්බසභාවං. ඉදං වුත‍්තං හොති – “භගිනි එතං සචෙ බහි ඡඩ‍්ඩනීයධම‍්මං නිස‍්සට‍්ඨපරිග‍්ගහං, ඉධ මෙ පත‍්තෙ ආකිරාහී”ති. කිං පන එවං වත‍්තුං ලබ‍්භති, විඤ‍්ඤත‍්ති වා පයුත‍්තවාචා වා න හොතීති. න හොති. කස‍්මා? නිස‍්සට‍්ඨපරිග‍්ගහත‍්තා. යඤ‍්හි ඡඩ‍්ඩනීයධම‍්මං නිස‍්සට‍්ඨපරිග‍්ගහං, යත්‍ථ සාමිකා අනාලයා හොන‍්ති, තං සබ‍්බං “දෙථ ආහරථ ආකිරථා”ති වත‍්තුං වට‍්ටති. තෙනෙව හි අයමායස‍්මා අග‍්ගඅරියවංසිකො සමානොපි එවමාහ.

මජ්ඣිමාය දොරකොටු සතක් ඇති ගෘහයෙහි මැද දොරකොටුවෙහි උල්ලෙබාපෙති කපුවකු ලවා කෙස් නැවත තබවයි. එතදවොච මේ ශ්‍රමණයෝ අපගේ පියපුත්‍රයා පැවිදි කරවා සොරුන්ගේ අතට පත් කොට මෙන් එක් දවසක්වත් නො දක්වෙ. මෙසේ ඔවුහු රළුවැඩ කරන්නෝය. ඔවුන් මේ ස්ථානයට ආයුතුයයි සිතත්. මෙතැන්ම මොවුන් ඇදදැමිය යුතු යයි සිතා මෙසේ ඉමෙහි මුණ්ඩකෙහි ආදි වචන කීය. ඤතිදාසි ඥාතීන්ගේ දාසියක්, ආභිදොසිකං කාලයක් තිබුණු එක්රැයක් ඉක්මී පිළුණුවූ මේ එහි පදාර්ථයයි. පිළුණුවු දෝෂයෙන් මැඬුණෙනුයි අභිදොසනමි අභිදොසයට ආභිදොසික වේ. එක් රැයක් ඉක්මගිය දෙයකටම නාම සඤ්ඤාවකි. ආභිදෙසික වු දෙය ආභි දොසිකයි. කුම්මාසං යව පිට්ටු, ඡඩ්ඩෙතු කාමා හොති යම්හෙයකින් යටත් පිරිසෙයින් දස්කම්කරුවන්ට ගොපල්ලන්ටවත් පරිභෝගයට නුසුදුසු ද ඒනිසා එය කසල මෙන් පිටතට විසිකරනු කැමැත්තී වෙයි. සචෙතං යම්හෙයකින් මෙය. හගිනී ආර්ය ව්‍යවහාරයෙන් තමාගේ ඥාතීන්ගේ දාසියට කථාකරයි. ඡඩ්ඩනියධම්මං ඉවතදැමිය යුතු ස්වභාවය මෙය කියන ලද්දේ වෙයි. නැගණිය. ඉදින් මෙය ඉවත දැමිය යුතු ස්වභාවය නම් ඉවතලු දෙය පිළිගැනීමකි. මේ මාගේ පාත්‍රයට දමන්න. කුමක් නිසා මෙසේ කීමට ලැබේද? අණකිරීමක් හෝ වැරදි ලෙස යෙදු වචනයක් වත් නොවේද නොවේ කුමක් හෙයින්ද එය ඉවතලු දෙය ගැනීමක් වන බැවිනි. යමක් ඉවතලන ස්වභාවයේවේද ඉවතලූදෙය ගැනීමකි. යම්තැනෙක හිමිකරුවෝ අපේක්ෂාවක් නැත්තෝද ඒ සියල්ල දෙව, ගෙනඑව මෙහි බහාලවයි කියන්ට වටී. ඒ නිසාම මේ ආයුෂ්මතුන් වහන්සේ අග්‍ර ආර්ය වංශයෙහි වුවද මෙසේ කීහ.

හත්‍ථානන‍්ති භික‍්ඛාගහණත්‍ථං පත‍්තං උපනාමයතො මණිබන්‍ධතො පභුති ද‍්වින‍්නම‍්පි හත්‍ථානං. පාදානන‍්ති නිවාසනන‍්තතො පට‍්ඨාය ද‍්වින‍්නම‍්පි පාදානං. සරස‍්සාති සචෙ තං භගිනීති වාචං නිච‍්ඡාරයතො සරස‍්ස ච. නිමිත‍්තං අග‍්ගහෙසීති හත්‍ථපිට‍්ඨිආදීනි ඔලොකයමානා – “පුත‍්තස‍්ස මෙ රට‍්ඨපාලස‍්ස විය සුවණ‍්ණකච‍්ඡපපිට‍්ඨිසදිසා ඉමා හත්‍ථපාදපිට‍්ඨියො, හරිතාලවට‍්ටියො විය සුවට‍්ටිතා අඞ‍්ගුලියො, මධුරො සරො”ති ගිහිකාලෙ සල‍්ලක‍්ඛිතපුබ‍්බං ආකාරං අග‍්ගහෙසි සඤ‍්ජානි සල‍්ලක‍්ඛෙසි. තස‍්ස හායස‍්මතො ද‍්වාදසවස‍්සානි අරඤ‍්ඤාවාසඤ‍්චෙව පිණ‍්ඩියාලොපභොජනඤ‍්ච පරිභුඤ‍්ජන‍්තස‍්ස අඤ‍්ඤාදිසො සරීරවණ‍්ණො අහොසි, තෙන නං සා ඤාතිදාසී දිස‍්වාව න සඤ‍්ජානි, නිමිත‍්තං පන අග‍්ගහෙසීති.

හත්‍ථානං භික්ෂාව ගැනීම පිණිස පාත්‍රය පිරිනමන්නහුගේ මැණික් කටුවේ සිට දෑතම. පාදානං හැඳි දෙදෙහි සිට පාදෙකම. සස්සෙ ඉදින් නැගණියැයි වචන පිට කරන්නහුගේ ස්වරයෙහි, නිමිත්තං අග්ගහෙසි පිටි අත්ල ආදිය බලමින් මාගේ රට්ඨපාල පුත්‍රයාගේ මෙන් රන් කැසුබු පිටක් බඳු මේ අත්පාවල පිටි අලු හිරියල් වැටි මෙන් වටකුරුවූ ඇගිලි, මිහිරිස්වරයැයි ගිහිකල සලකනලද විරූ ආකාරය සැලකුවාය අල්ලාගත්තාය. හඳුනාගත්තාය. දොළොස්වසක් අරණ්‍යවාසයද පිඬුසිඟාලද අහර වළඳන මේ ආයුෂ්මතුන්ට අන්‍යයන්ට හා සමාන ශරීර වර්ණයවිය. ඒනිසා ඒ ඥාතින්ගේ දාසිය ඔහු දැක ද හඳුනා නොගත්තාය. නිමිත්තක් නම් ගත්තාය.

රට‍්ඨපාලස‍්ස මාතරං එතදවොචාති ථෙරස‍්ස අඞ‍්ගපච‍්චඞ‍්ගානි සණ‍්ඨාපෙත්‍වා ථඤ‍්ඤං පායෙත්‍වා සංවඩ‍්ඪිතධාතීපි සමානා පබ‍්බජිත්‍වා මහාඛීණාසවභාවප‍්පත‍්තෙන සාමිපුත‍්තෙන සද‍්ධිං – “ත්‍වං නු ඛො, මෙ භන‍්තෙ, පුත‍්තො රට‍්ඨපාලො”තිආදිවචනං වත‍්තුං අවිසහන‍්තී වෙගෙන ඝරං පවිසිත්‍වා රට‍්ඨපාලස‍්ස මාතරං එතදවොච. යග‍්ඝෙති ආරොචනත්‍ථෙ නිපාතො. සචෙ ජෙ සච‍්චන‍්ති එත්‍ථ ජෙති ආලපනෙ නිපාතො. එවඤ‍්හි තස‍්මිං දෙසෙ දාසිජනං ආලපන‍්ති, තස‍්මා “ත්‍වඤ‍්හි, භොති දාසි, සචෙ සච‍්චං භණසී”ති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

රට්ඨ පාලස්ස මාතරං එතදවොච තෙරුන්ගේ අඟපසඟ සනිටුහන් කොට කිරිපොවා හදාවඩාගත් කිරිමව වූවා පැවිදිව මහා රහත්බවට පත්වූ ස්වාමිපුත්‍රයා සමග ස්වාමිනි මාගේ පුත්‍ර රට්ඨපාල ඔබගේදැයි ආදී වචනයක් කියන්ට උත්සාහ නොකරන්නී වේගයෙන් ගෙට පිවිස රට්ඨපාලගේ මවට මෙසේ කීවාය. යග්ඝෙ ආරෝචනාර්ථයෙහි නිපාතයි. සච්ඡෙ සච්චං මෙහි ජෙ යනු ආලපන අර්ථයෙහි නිපාතයි. ඒ දේශයෙහි දාසි ජනයාට ආමන්ත්‍රණය කරන්නේ මෙසේය. ඒනිසා එම්බල දාසිය කී සත්‍ය කියහිද? මෙහි අර්ථය මෙසේයැයි දතයුත්තේය.

උපසඞ‍්කමීති කස‍්මා උපසඞ‍්කමි? මහාකුලෙ ඉත්‍ථියො බහි නික‍්ඛමන‍්තා ගරහං පාපුණන‍්ති, ඉදඤ‍්ච අච‍්චායිකකිච‍්චං, සෙට‍්ඨිස‍්ස නං ආරොචෙස‍්සාමීති චින‍්තෙති. තස‍්මා උපසඞ‍්කමි. අඤ‍්ඤතරං කුට‍්ටමූලන‍්ති තස‍්මිං කිර දෙසෙ දානපතීනං ඝරෙසු සාලා හොන‍්ති, ආසනානි චෙත්‍ථ පඤ‍්ඤත‍්තානි හොන‍්ති, උපට‍්ඨාපිතං උදකකඤ‍්ජියං. තත්‍ථ පබ‍්බජිතා පිණ‍්ඩාය චරිත්‍වා නිසීදිත්‍වා භුඤ‍්ජන‍්ති. සචෙ ඉච‍්ඡන‍්ති, දානපතීනම‍්පි සන‍්තකං ගණ‍්හන‍්ති. තස‍්මා තම‍්පි අඤ‍්ඤතරස‍්ස කුලස‍්ස ඊදිසාය සාලාය අඤ‍්ඤතරං කුට‍්ටමූලන‍්ති වෙදිතබ‍්බං. න හි පබ‍්බජිතා කපණමනුස‍්සා විය අසාරුප‍්පෙ ඨානෙ නිසීදිත්‍වා භුඤ‍්ජන‍්තීති.

උපසඞ්කමි කුමක්නිසා එළඹියාද මහකුලයෙහි ස්ත්‍රීහු පිටතට යන්නාහු ගර්භාවට පත්වෙති. මේ හදිසි කටයුත්ත සිටුවරයාට දන්වන්නෙමියි සිතුවාය. ඒනිසා එළඹියාය. අඤ්ඤතරං කුඩ්ඩං ඒ දේශයෙහි දානපතීන්ගේ ගෙහි ශාලා ඇත. එහි ආසනද පනවා ඇත. එළවු කැඳවතුර එහි පැවිද්දෝ පිඬු පිණිස හැසිර හිඳ අනුභවකරත් කැමති වන්නාහු නම් දානපතීන්ට අයත් දේද ගනිති. එනිසා එයද වෙනත් කුලයක මෙබඳු ගාලාවක තවත් බිත්ති මුල්ලක් යයි දතයුතුය. පැවිද්දන් ලෙස නොව දුප්පත් මිනිසුන් මෙන් නොසරුප් තැන හිඳ අනුභව කරත්.

අත්‍ථි නාම තාතාති එත්‍ථ අත්‍ථීති විජ‍්ජමානත්‍ථෙ, නාමාති පුච‍්ඡනත්‍ථෙ මඤ‍්ඤනත්‍ථෙ වා නිපාතො. ඉදඤ‍්හි වුත‍්තං හොති – අත්‍ථි නු ඛො, තාත රට‍්ඨපාල, අම‍්හාකං ධනං, නනු මයං නිද‍්ධනාති වත‍්තබ‍්බා, යෙසං නො ත්‍වං ඊදිසෙ ඨානෙ නිසීදිත්‍වා ආභිදොසිකං කුම‍්මාසං පරිභුඤ‍්ජිස‍්සසි. තථා අත්‍ථි නු ඛො, තාත රට‍්ඨපාල, අම‍්හාකං ජීවිතං, නනු මයං මතාති වත‍්තබ‍්බා, යෙසං නො ත්‍වං ඊදිසෙ ඨානෙ නිසීදිත්‍වා ආභිදොසිකං කුම‍්මාසං පරිභුඤ‍්ජිස‍්සසි. තථා අත්‍ථි මඤ‍්ඤෙ, තාත රට‍්ඨපාල, තව අබ‍්භන‍්තරෙ සාසනං නිස‍්සාය පටිලද‍්ධො සමණගුණො, යං ත්‍වං සුභොජනරසසංවඩ‍්ඪිතොපි ඉමං ජිගුච‍්ඡනෙය්‍යං ආභිදොසිකං කුම‍්මාසං අමතමිව නිබ‍්බිකාරො පරිභුඤ‍්ජිස‍්සසීති. සො පන ගහපති දුක‍්ඛාභිතුන‍්නතාය එතමත්‍ථං පරිපුණ‍්ණං කත්‍වා වත‍්තුමසක‍්කොන‍්තො – “අත්‍ථි නාම, තාත රට‍්ඨපාල, ආභිදොසිකං කුම‍්මාසං පරිභුඤ‍්ජිස‍්සසී”ති එත‍්තකමෙව අවච. අක‍්ඛරචින‍්තකා පනෙත්‍ථ ඉදං ලක‍්ඛණං වදන‍්ති – අනොකප‍්පනාමරිසනත්‍ථවසෙනෙතං අත්‍ථිසද‍්දෙ උපපදෙ “පරිභුඤ‍්ජිස‍්සසී”ති අනාගතවචනං කතං. තස‍්සායමත්‍ථො – “අත්‍ථි නාම…පෙ… පරිභුඤ‍්ජිස‍්සසි, ඉදං පච‍්චක‍්ඛම‍්පි අහං න සද‍්දහාමි න මරිසයාමී”ති. ඉදං එත‍්තකං වචනං ගහපති ථෙරස‍්ස පත‍්තමුඛවට‍්ටියං ගහෙත්‍වා ඨිතකොව කථෙසි. ථෙරොපි පිතරි පත‍්තමුඛවට‍්ටියං ගහෙත්‍වා ඨිතෙයෙව තං පූතිකුම‍්මාසං පරිභුඤ‍්ජි සුනඛවන‍්තසදිසං පූතිකුක‍්කුටණ‍්ඩමිව භින‍්නට‍්ඨානෙ පූතිකං වායන‍්තං. පුථුජ‍්ජනෙන කිර තථාරූපං කුම‍්මාසං පරිභුඤ‍්ජිතුං න සක‍්කා. ථෙරො පන අරියිද‍්ධියං ඨත්‍වා දිබ‍්බොජං අමතරසං පරිභුඤ‍්ජමානො විය පරිභුඤ‍්ජිත්‍වා ධමකරණෙන උදකං ගහෙත්‍වා පත‍්තඤ‍්ච මුඛඤ‍්ච හත්‍ථපාදෙ ච ධොවිත්‍වා කුතො නො ගහපතීතිආදිමාහ.

අත්‍ථිනාම තාතා මෙහි ඇත. විද්‍යාමාන අර්ථයෙහි. නාම විමසීම් අර්ථයෙහි හඟින අර්ථයෙහි නිපාතයකි. මෙය කියන ලද්දේවෙයි. දරුව රටඨපාලයෙනි අපට ධනය ඇත්තේ නොවේද. අපි නිර්ධනයෝ යැයි කියයුතු නොවේද. දරුව රට්ඨපාල ඔබ කිසිවකුගේ මෙබඳු තැනක හිඳ පිළුණු වු පිට්ටු අනුභව කරන්නෙහිය. අපට ජිවිතයක් තිබෙනවානේද අප මළායයි කිවයුත්තෙක්ද යමෙකුගේ මෙබඳු තැනක හිඳ දරුව රට්ඨපාල ඔබ පිළුණු වූ බත් අනුභව කරන්නෙහිය දරුව රට්ඨපාල ඔබගේ අභ්‍යන්තරයෙහි සසුන නිසා ලද ශ්‍රමණ ගුණය ඇතැයි සිතෙයි. ඔබ මනාවු බොජුන් රසයෙන් වැඩුණාද මේ පිළිකුල් පිට්ටු අනුභව කරන්නේ යනුවෙන් එපමණක්ම කීය. අක්ෂර ගැන සිතන්නෝ මෙහිදී මේ ලක්ෂණය ගැන කියති. විශ්වාසයෙන් තොරව අදහන අයුරින් අත්‍ථි ශබ්දයෙහි උප පදයෙහි පරිභුඤ්ජිස්සනියැයි අනාගත වචනය කරන ලදී. මේ එහි අර්ථයයි. ඉකුත්වූ දේ -පෙ- අනුභව කරන්නෙහිය. මෙම ප්‍රත්‍යක්ෂ වුවද මම නොඅදහමි. ගෘහපතියා තෙරුන්වහන්සේගේ පාත්‍රයෙහි මුව විට අල්ලාගෙන සිටිමින්ම මෙපමණක්ම කීය. තෙරුන් වහන්සේද පියා පාත්‍රයෙහි මුවවිට අල්ලාගෙන සිටියදීම බලුවමනයක් බඳු කුණු බිත්තරයක් මෙන් බිඳුණු තැනින් කුණු ගඳ හමන ඒ කුණු වූ බත වැළඳුහ. පෘථග්ජනයකුට එබඳු බතක් අනුභව කරන්ට නොහැකිය. තෙරුන් වහන්සේ අර්හත්වයෙහි සිට දිව්‍යඕජාවක් අමෘත රසයක් වළඳන්නාක් මෙන් වළඳා කෙණ්ඩියෙන් ජලය ගෙන පාත්‍රයද මුවද අත්පාද දොවා කුතො නො ගහපති ආදීය කීහ.

තත්‍ථ කුතො නොති කුතො නු. නෙව දානන‍්ති දෙය්‍යධම‍්මවසෙන නෙව දානං අලත්‍ථම‍්හ. න පච‍්චක‍්ඛානන‍්ති “කිං, තාත රට‍්ඨපාල, කච‍්චි තෙ ඛමනීයං, කච‍්චිසි අප‍්පකිලමථෙන ආගතො, න තාව තාත ගෙහෙ භත‍්තං සම‍්පාදියතී”ති එවං පටිසන්‍ථාරවසෙන පච‍්චක‍්ඛානම‍්පි න අලත්‍ථම‍්හ. කස‍්මා පන ථෙරො එවමාහ? පිතු අනුග‍්ගහෙන. එවං කිරස‍්ස අහොසි – “යථා එස මං වදති, අඤ‍්ඤෙපි පබ‍්බජිතෙ එවං වදති මඤ‍්ඤෙ. බුද‍්ධසාසනෙ ච පත‍්තන‍්තරෙ පදුමං විය භස‍්මාඡන‍්නො අග‍්ගි විය ඵෙග‍්ගුපටිච‍්ඡන‍්නො චන්‍දනසාරො විය සුත‍්තිකාපටිච‍්ඡන‍්නං මුත‍්තරතනං විය වලාහකපටිච‍්ඡන‍්නො චන්‍දිමා විය මාදිසානං පටිච‍්ඡන‍්නගුණානං භික‍්ඛූනං අන‍්තො නත්‍ථි, තෙසුපි න එවරූපං වචනං පවත‍්තෙස‍්සති, සංවරෙ ඨස‍්සතී”ති අනුග‍්ගහෙන එවමාහ.

එහි කුතොනො යනු කොහි සිටද. නෙවදානං දෙය්‍යධර්ම වශයෙන් දානයක් නොලැබුවෙමු. නපච්චක්ඛානං දරුව රට්ඨපාල, ඔබ සුවයෙන්ද, වැඩි වෙහෙසක් නැතිව පැමිණියේද දරුව තවමන් ගෙයි බත් නොසෑදේය ආදිවශයෙන් පිළිසඳර වශයෙන් බැහැරකිරීමක් ද නොලැබුවෙමු. තෙරුන් මෙසේ කීවේ කුමක්නිසාද? පියා කෙරෙහි අනුග්‍රහයෙනි. උන්වහන්සේට මෙසේ සිතිණ, යම්සේ මොහු මට කියාද අන් පැවිද්දන්ටද මෙසේ කියතියි සිතමි. බුදුසසුනෙහි පත් අතර නෙළුමක් මෙන්, අළුයෙන් වැසුණු ගිනිමෙන්, ඵලයෙන් වැසුණු සඳුන් හරයක්මෙන් නූලෙන් වැසුණු මුතු ඇටයක් මෙන් වලාකුළින් වැසුණු සඳමෙන් මා වැනි වැසුණු ගුණඇති භික්‍ෂූන්ගේ කෙළවරක් නැත. ඔවුන් අතර මෙබඳු වචනයක් පැවැත්වෙන්නේ නැත. සංවරයෙහි සිටියි යන අනුග්‍රහයෙන් මෙසේ කීහ.

එහි තාතාති තාත තුය‍්හං ඝරං මා හොතු, එහි ඝරං ගමිස‍්සාමාති වදති. අලන‍්ති ථෙරො උක‍්කට‍්ඨඑකාසනිකතාය පටික‍්ඛිපන‍්තො එවමාහ. අධිවාසෙසීති ථෙරො පන පකතියා උක‍්කට‍්ඨසපදානචාරිකො ස‍්වාතනායභික‍්ඛං නාම නාධිවාසෙති, මාතු අනුග‍්ගහෙන පන අධිවාසෙසි. මාතු කිරස‍්ස ථෙරං අනුස‍්සරිත්‍වා මහාසොකො උප‍්පජ‍්ජි, රොදනෙනෙව පක‍්කක‍්ඛි විය ජාතා, තස‍්මා ථෙරො “සචාහං තං අපස‍්සිත්‍වා ගමිස‍්සාමි, හදයම‍්පිස‍්සා ඵාලෙය්‍යා”ති අනුග‍්ගහෙන අධිවාසෙසි. කාරාපෙත්‍වාති එකං හිරඤ‍්ඤස‍්ස, එකං සුවණ‍්ණස‍්සාති ද‍්වෙ පුඤ‍්ජෙ කාරාපෙත්‍වා. කීවමහන‍්තා පන පුඤ‍්ජා අහෙසුන‍්ති. යථා ඔරතො ඨිතො පුරිසො පාරතො ඨිතං මජ‍්ඣිමප‍්පමාණං පුරිසං න පස‍්සති, එවංමහන‍්තා.

එහිතාතා දරුව ඔබගේ ගෙයක් නොවේවා එන්න ගෙදර යන්නෙමුයි කියයි. අලං තෙරුන් වහන්සේ තෙරහු උපරිම වශයෙන් එකාසනික අංගයෙහි සිටි බැවින් ප්‍රතික්ෂේප කරන්නේ මෙසේකීහ. අධිවාසෙයි තෙරුන්වහන්සේ ප්‍රකෘතියෙන්ම උසස් සපදාන චාරිකා ඇත්තහු හෙට පිණිස භික්ෂාව නොපිළිගනිත්. මවට අනුග්‍රහයෙන් ඉවසූහ. මවට තෙරුන් සිහිකොට මහත් ශෝකයක් උපදී. හැඬීමෙන්ම රතුවූ ඇස් ඇත්තී මෙන් වුවාය. ඒ නිසා තෙරුන් වහන්සේ යම්හෙයකින් මම ඇය නොදැක යන්නෙම්ද ඇයගේ හදවත පැලෙන්නටද පුළුවනැයි අනුග්‍රහයෙන් ඉවසූහ. කාරාපෙත්‍වා හිරණ්‍යයෙන් එකක්ද, සුවර්ණයෙන් එකක්දැයි ගොඩවල් දෙකක් කරවා පූජාවෝ කෙතරම් මහත්වූදයත්. මෙතෙර සිටි පුරුෂයෙක් එතර සිටි මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයකු නොදකීද එසේ මහත්වූ,

ඉදං තෙ තාතාති කහාපණපුඤ‍්ජඤ‍්ච සුවණ‍්ණපුඤ‍්ජඤ‍්ච දස‍්සෙන‍්තො ආහ. මත‍්තිකන‍්ති මාතිතො ආගතං, ඉදං තෙ මාතාමහියා මාතු ඉමං ගෙහං ආගච‍්ඡන‍්තියා ගන්‍ධමාලාදීනං අත්‍ථාය දින‍්නං ධනන‍්ති අත්‍ථො. අඤ‍්ඤං පෙත‍්තිකං අඤ‍්ඤං පිතාමහන‍්ති යං පන තෙ පිතු ච පිතාමහානඤ‍්ච සන‍්තකං, තං අඤ‍්ඤංයෙව, නිහිතඤ‍්ච පයුත‍්තඤ‍්ච අතිවිය බහු. එත්‍ථ ච “පිතාමහ”න‍්ති තද‍්ධිතලොපං කත්‍වා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. “පෙතාමහ”න‍්ති වා පාඨො. සක‍්කා තතොනිදානන‍්ති ධනහෙතු ධනපච‍්චයා. තං තං ධනං රක‍්ඛන‍්තස‍්ස ච රාජාදීනං වසෙන ධනපරික‍්ඛයං පාපුණන‍්තස‍්ස කස‍්සචි උප‍්පජ‍්ජමානසොකාදයො සන්‍ධාය එවමාහ. එවං වුත‍්තෙ සෙට‍්ඨි ගහපති – “අහං ඉමං උප‍්පබ‍්බාජෙස‍්සාමීති ආනෙසිං, සො දානි මෙ ධම‍්මකථං කාතුං ආරද‍්ධො, අයං න මෙ වචනං කරිස‍්සතී”ති උට‍්ඨාය ගන‍්ත්‍වා අස‍්ස ඔරොධානං ද‍්වාරං විවරාපෙත්‍වා – “අයං වො සාමිකො, ගච‍්ඡථ යං කිඤ‍්චි කත්‍වා නං ගණ‍්හිතුං වායමථා”ති උය්‍යොජෙසි. සුවයෙ ඨිතා නාටකිත්‍ථියො නික‍්ඛමිත්‍වා ථෙරං පරිවාරයිංසු, තාසු ද‍්වෙ ජෙට‍්ඨකිත්‍ථියො සන්‍ධාය පුරාණදුතියිකාතිආදි වුත‍්තං. පච‍්චෙකං පාදෙසු ගහෙත්‍වාති එකෙකම‍්හි පාදෙ නං ගහෙත්‍වා.

ඉදං තෙතාත කහවණු ගොඩද රත්රන් හැඩද පෙන්වන්නේ මෙසේ කීය. මත්තිකං මවගෙන් පැමිණි, මේ ඔබගේ මිත්තණියගේ මව මේගෙට එද්දී ඇය විසින් මව විසින් මල්දම් සුවඳ ආදිය පිණිස දෙන ලද ධනය යන අර්ථයි. අඤ්ඤං පෙත්තිකං අඤ්ඤං පිතාමහං යමක් ඔබගේ පියාටද මුත්තණුවන්ටද අයිතිවීද එය වෙනමම තැන්පත් කර ඇත. යොදන ලද දෙය අතිබහුල නොවීය. මෙහි සිතාමහං යනුවෙන් තද්ධිත ලෝපය දතයුතුය. පෙතාමහං කියාද පාඨයක් වෙයි. සක්කා තාත රට්ඨපාල දරුව රට්ඨපාල, හුදෙක් පැවිද්දකු විසින් පමණක් පින් නොකළ හැකිය. ගිහිගෙය වසන්නහු විසින්ද සම්පත් අනුභව කිරීමටද තුනුරුවන්හි පිහිටා පන්සිල්පද සමාදන්ව උදාරවූ දානාදි පින් කිරිමට හැකිය. එහිත්‍වංතාත -පෙ- පුඤ්ඤතිව කරොහි - එන්න දරුව -පෙ- පින්ද කරන්න. තතො නිදානං ධනය සඳහා, ධන ඉපයීමේ හේතුව සඳහා ඒ ඒ ධනය රක්නා පුද්ගලයකුගේ රජුන් ආදින් වශයෙන් ධන පරිහානියට පැමිණෙන්න හුටද උපදනා ශෝක ආදිය සඳහා මෙසේ කීය. මෙසේ කීකල්හි, සිටුගෘහපතියා මම මොහු උපැවිදි කරවන්නෙමියි ගෙන ආවෙමි. ඔහු දැන් මට ධර්මකථා කියන්ට පටන්ගත්තේය. මොහු මාගේ වචනය නොකරතියි නැගිට ගොස් ඔහුගේ අන්තඃපුරයෙහි දොර විවෘත කරවා. මේ තොපගේ ස්වාමියාය. යවු ඔහු යම්කිසිවක් කොට අල්ලාගන්ට වෑයම් කරවුයයි පිටත් කර යැවීය. තරුණ වයසෙහි සිටි නාටක ස්ත්‍රීහු නික්ම ගොස් තෙරුන් පිරිවරාගත්හ. ඔවුන් අතරින් දෙටු නාටක ස්ත්‍රීන් දෙදෙනෙකු සඳහා පුරාණදුතියිකා යනාදිය කියන ලදී. පච්චෙක පාදෙසු ගහෙත්‍වා එක් එක් පාදයෙන් ඔහු අල්ලාගෙන

කීදිසා නාම තා අය්‍යපුත‍්ත අච‍්ඡරායොති කස‍්මා එවමාහංසු? තදා කිර සම‍්බහුලෙ ඛත‍්තියකුමාරෙපි බ්‍රාහ‍්මණකුමාරෙපි සෙට‍්ඨිපුත‍්තෙපි මහාසම‍්පත‍්තියො පහාය පබ‍්බජන‍්තෙ දිස‍්වා පබ‍්බජ‍්ජාගුණං අජානන‍්තා කථං සමුට‍්ඨාපෙන‍්ති “කස‍්මා එතෙ පබ‍්බජන‍්තී”ති. අථඤ‍්ඤෙ වදන‍්ති “දෙවච‍්ඡරාදෙවනාටකානං කාරණා”ති. සා කථා විත්‍ථාරිකා අහොසි. තං ගහෙත්‍වා සබ‍්බා එවමාහංසු. අථ ථෙරො පටික‍්ඛිපන‍්තො න ඛො මයං භගිනීතිආදිමාහ. සමුදාචරතීති වොහරති වදති. තත්‍ථෙව මුච‍්ඡිතා පපතිංසූති තං භගිනිවාදෙන සමුදාචරන‍්තං දිස‍්වා “මයං අජ‍්ජ ආගමිස‍්සති, අජ‍්ජ ආගමිස‍්සතී”ති ද‍්වාදස වස‍්සානි බහි න නික‍්ඛන‍්තා, එතං නිස‍්සාය නො දාරකා න ලද‍්ධා, යෙසං ආනුභාවෙන ජීවෙය්‍යාම, ඉතො චම‍්හා පරිහීනා අඤ‍්ඤතො ච. අයං ලොකො නාම අත‍්තනොව චින‍්තෙසි, තස‍්මා තාපි “ඉදානි මයං අනාථා ජාතා”ති අත‍්තනොව චින‍්තයමානා – “අනත්‍ථිකො දානි අම‍්හෙහි අයං, සො අම‍්හෙ පජාපතියො සමානා අත‍්තනා සද‍්ධිං එකමාතුකුච‍්ඡියා සයිතදාරිකා විය මඤ‍්ඤතී”ති සමුප‍්පන‍්නබලවසොකා හුත්‍වා තස‍්මිංයෙව පදෙසෙ මුච‍්ඡිතා පපතිංසු, පතිතාති අත්‍ථො.

කීදිසා නාම තා අය්‍යපුත්ත අවජරායො යැයි කුමක්නිසා මෙසේ කීහුද. එකල්හි බොහෝ ක්ෂත්‍රිය කුමාරයන්ද බ්‍රාහ්මණ කුමාරයන්ද සිටුපුත්‍රයන්ද මහසම්පත් හැරදමා පැවිදිවනු දැක පැවිද්දෙහි ගුණ නොදන්නෝ කථාවක් ඇතිකරත්. ඇයි මොවුන් පැවිදිවන්නේ? සමහරු මෙසේ කියති. දෙවසරන් දෙවි නිළියන් සඳහාය. ඒ කථාව පැතිරි ගියේය. එය අල්ලාගෙන ඔවුහු මෙසේ කීහ. තෙරුන් වහන්සේ එය පිළිකෙව් කරමින් නඛො මයං භගිනී - නැගණියනි අපි එසේ නොවෙමු යි කීහ. සමුදාචරති ව්‍යවහාර කෙරෙයි. එහිදීම මුසපත්ව වැටුණාහුය. උන්වහන්සේ නංගී භාෂාවෙන් - භගිනී වාදයෙන් ව්‍යවහාර කරනු දැක, අපි අද එති අදඑතිය දොළොස් අවුරුද්දක් පිටතට නොගියෙමු. ඒනිසා අපි දරුවන්ද නොලැබීමු යමකුගේ ආනුභාවයෙන් ජීවත්වෙමුද එයින් ද පිරිහුණෝ වෙමු. මේ ලෝකය අන් අයුරකින්වෙයි. තමා ගැනම සිතීය. ඒනිසා ඔවුහුද දැන් අපි අනාථවූයෙමුයි තමාගැනම සිතමින්, අපගෙන් දැන් වැඩක් නැත. මොහු බිරින්දන් වූ අප තමා සමග එක්කුස විසූ දැරියන් මෙන් සිතයි හටගත් බලවත් ශෝක ඇතිව ඒ ප්‍රදේශයේදීම මුසපත්ව වැටුණාහුය යන අර්ථයි.

මා නො විහෙඨෙථාති මා අම‍්හෙ ධනං දස‍්සෙත්‍වා මාතුගාමෙ ච උය්‍යොජෙත්‍වා විහෙඨයිත්‍ථ, විහෙසා හෙසා පබ‍්බජිතානන‍්ති. කස‍්මා එවමාහ? මාතාපිතූනං අනුග‍්ගහෙන. සො කිර සෙට‍්ඨි – “පබ‍්බජිතලිඞ‍්ගං නාම කිලිට‍්ඨං, පබ‍්බජ‍්ජාවෙසං හාරෙත්‍වා න‍්හායිත්‍වා තයො ජනා එකතො භුඤ‍්ජිස‍්සාමා”ති මඤ‍්ඤමානො ථෙරස‍්ස භික‍්ඛං න දෙති. ථෙරො – “මාදිසස‍්ස ඛීණාසවස‍්ස ආහාරන‍්තරායං කත්‍වා එතෙ බහුං අපුඤ‍්ඤං පසවෙය්‍යු”න‍්ති තෙසං අනුග‍්ගහෙන එවමාහ.

මා නොවිහෙඨෙථ අපට ධනය පෙන්වා ගැහැණුන් යොදවා වෙහෙස නොකරනු මැනවි. විහෙසා එසා පබ්බජිතානං - පැවිද්දන්ට මෙය වෙහෙසකැයි කුමක් නිසා මෙසේ කීද? මා පියන්ට අනුග්‍රහ පිණිස ඒ සිටුවරයා පැවිදිකම කිළිටිය. පැවිදිවෙස හරවා නහවා තිදෙන එකට කෑම කන්නෙමුයි සිතමින් තෙරුන්ට භික්ෂාව නොදෙයි. තෙරුන් වහන්සේ මා වැනි කෙලෙස් නැසුවකුගේ ආහාරයට අනතුරක් කොට මොවුහු බොහෝ අකුසල් රැස්කරගනිතියි ඔවුන්ට අනුග්‍රහ පිණිස මෙසේ කීහ.

ගාථා අභාසීති ගාථායො අභාසි. තත්‍ථ පස‍්සාති සන‍්තිකෙ ඨිතජනං සන්‍ධාය වදති. චිත‍්තන‍්ති චිත‍්තවිචිත‍්තං. බිම‍්බන‍්ති අත‍්තභාවං. අරුකායන‍්ති නවන‍්නං වණමුඛානං වසෙන වණකායං. සමුස‍්සිතන‍්ති තීණි අට‍්ඨිසතානි නවහි න‍්හාරුසතෙහි බන්‍ධිත්‍වා නවහි මංසපෙසිසතෙහි ලිම‍්පිත්‍වා සමන‍්තතො උස‍්සිතං. ආතුරන‍්ති ජරාතුරතාය රොගාතුරතාය කිලෙසාතුරතාය ච නිච‍්චාතුරං. බහුසඞ‍්කප‍්පන‍්ති පරෙසං උප‍්පන‍්නපත්‍ථනාසඞ‍්කප‍්පෙහි බහුසඞ‍්කප‍්පං. ඉත්‍ථීනඤ‍්හි කායෙ පුරිසානං සඞ‍්කප‍්පා උප‍්පජ‍්ජන‍්ති, තෙසං කායෙ ඉත්‍ථීනං. සුසානෙ ඡඩ‍්ඩිතකළෙවරභූතම‍්පි චෙතං කාකකුලලාදයො පත්‍ථයන‍්තියෙවාති බහුසඞ‍්කප‍්පො නාම හොති. යස‍්ස නත්‍ථි ධුවං ඨිතීති යස‍්ස කායස‍්ස මායාමරීචිඵෙණපිණ‍්ඩ උදකපුප‍්ඵුළාදීනං විය එකංසෙනෙව ඨිති නාම නත්‍ථි, භිජ‍්ජනධම‍්මතාව නියතා.

ගාථාඅභාසි ගාථා කීහ. එහි පස්ස යනු ළඟ සිටිජනයා සඳහා කියයි. චිත්තං විසිතුරු කළ බිබ්බං ආත්ම භාවය, අරුකායං නව වණමුඛයන්ගේ වශයෙන් වණ සමූහයක් ඇති. සමුස්සිතං ඇටතුන් සියයකින් නහර නවසියයකින් බැඳ මාංශපේශි නවදසයයකින් ආලේප කොට තැනින් තැනින් උස්කරන ලද. ආතුරං ජරාවෙන් ආතුරවු බැවින්, රෝගයෙන් ආතුර වු බැවින් කෙලෙසින් ආතුරවු බැවින් නිරන්තර යෙන් ආතුරවූ බහු සංකප්පං අනුන්ට උපන් ප්‍රාර්ථනා සංකප්පයන්ගෙන් බහුසංකප්පවූ, ස්ත්‍රීන්ගේ සොහොනෙහි අත්හැරදමන ලද සිරුරක්වු මෙය කපුටන් ගිජුලිහිණියන් ආදීහුද ප්‍රාර්ථනා කරන්නාහුයැයි බහුසංකප්ප නම් යස්ස නත්‍ථි ධුවං ඨිති යම්කිසි කයකට මායාව මිරිගුව පෙණපිඬුව දිය බුබුළ ආදින්ට මෙන් ඒකාන්තයෙන් පැවැත්මක් නම් නැත. බිඳෙනසුලු බවම නියතය.

තචෙන ඔනද‍්ධන‍්ති අල‍්ලමනුස‍්සචම‍්මෙන ඔනද‍්ධං. සහ වත්‍ථෙභි සොභතීති ගන්‍ධාදීහි මණිකුණ‍්ඩලෙහි ච චිත‍්තකතම‍්පි රූපං වත්‍ථෙහි සහෙව සොභති, විනා වත්‍ථෙහි ජෙගුච‍්ඡං හොති අනොලොකනක‍්ඛමං.

තචෙන ඔනද්ධං තෙත් මිනිස් සමින් වැසිණ. සහ වත්‍ථෙහි සොභනි සුවඳින් මිණි කොඬොලින් ද විසිතුරු කළ රූපය වස්ත්‍රයන්ගෙන් ස්වභාවයෙන් බැබලේ. වස්ත්‍ර නැතිවිට නොබැලියහැකි තරමට පිළිකුල්ය.

අලත‍්තකකතාති අලත‍්තකෙන රඤ‍්ජිතා. චුණ‍්ණකමක‍්ඛිතන‍්ති සාසපකක‍්කෙන මුඛපීළකාදීනි නීහරිත්‍වා ලොණමත‍්තිකාය දුට‍්ඨලොහිතං විලියාපෙත්‍වා තිලපිට‍්ඨෙන ලොහිතං පසාදෙත්‍වා හලිද‍්දියා වණ‍්ණං සම‍්පාදෙත්‍වා චුණ‍්ණකගණ‍්ඩිකාය මුඛං පහරන‍්ති, තෙනෙස අතිවිය විරොචති. තං සන්‍ධායෙතං වුත‍්තං.

අලත්තක්කතා ලාරසින් රංජනය කළ චුණ්ණ මක්ඛිතං අබකල්කයෙන් කුරුලෑ ආදිය ඉවත් කොට ලුණු මැට්ටෙන් නරක් වූ ලෙස වියලවා, ඇඹරූ තල ඇටවලින් ලෙය පිරිසිදුකරවා කහ වර්ණය සදා සුණු පොදියකින් මුහුණ තලත්. මෙයින් එය බෙහෙවින් බබලයි. ඒ සඳහා මෙය කියන ලදී.

අට‍්ඨාපදකතාති රසොදකෙන මක‍්ඛිත්‍වා නලාටපරියන‍්තෙ ආවත‍්තනපරිවත‍්තෙ කත්‍වා අට‍්ඨපදකරචනාය රචිතා. අඤ‍්ජනීති අඤ‍්ජනනාළිකා.

අට්ඨපාදකතා රසදිය ගා නලල්පට කෙළවර පටලවා අට පෙළකට සකස් කරනලද, අඤ්ජනී තෙලිතුඩ,

ඔදහීති ඨපෙසි. පාසන‍්ති වාකරාජාලං. නාසදාති න ඝට‍්ටයි. නිවාපන‍්ති නිවාපසුත‍්තෙ වුත‍්තනිවාපතිණසදිසභොජනං. කන්‍දන‍්තෙති විරවමානෙ පරිදෙවමානෙ. ඉමාය හි ගාථාය ථෙරො මාතාපිතරො මිගලුද‍්දකෙ විය කත්‍වා දස‍්සෙසි, අවසෙසඤාතකෙ මිගලුද‍්දකපරිසං විය, හිරඤ‍්ඤසුවණ‍්ණං වාකරාජාලං විය, අත‍්තනා භුත‍්තභොජනං නිවාපතිණං විය, අත‍්තානං මහාමිගං විය කත්‍වා දස‍්සෙසි. යථා හි මහාමිගො යාවදත්‍ථං නිවාපතිණං ඛාදිත්‍වා පානීයං පිවිත්‍වා ගීවං උක‍්ඛිපිත්‍වා දිසං ඔලොකෙත්‍වා “ඉමං නාම ඨානං ගතස‍්ස සොත්‍ථි භවිස‍්සතී”ති මිගලුද‍්දකානං පරිදෙවන‍්තානංයෙව වාකරං අඝට‍්ටයමානොව උප‍්පතිත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා ඝනච‍්ඡායස‍්ස ඡත‍්තස‍්ස විය ගුම‍්බස‍්ස හෙට‍්ඨා මන්‍දමන්‍දෙන වාතෙන බීජයමානො ආගතමග‍්ගං ඔලොකෙන‍්තො තිට‍්ඨති, එවමෙව ථෙරො ඉමා ගාථා භාසිත්‍වා ආකාසෙනෙව ගන‍්ත්‍වා මිගචීරෙ පච‍්චුපට‍්ඨාසි.

ඔදහී - තැබීය. පාසං පුඩුදැල නාසදා නොගැටුණේයි. නිවාපං නිවාප සූත්‍රයෙහි කියන ලද නිවාපතන සමාන බොජුන කන්‍දන්තෙ හඬද්දී වලපිද්දී තෙරුන්වහන්සේ මේ ගාථාවෙන් මව්පියන් මුවවැද්දන් මෙන් කොට පෙන්වූහ. අවශේෂ ඥාතීන් වැදි පිරිසමෙන්, රනින් කළ පුඩුදැලක්මෙන්. තමා අනුභව කළ බොජුන නිවාප තණ මෙන්, තමා මහමුවා මෙන් කොට දැක්වූහ. යම්සේ මහමුවා ඇතිතාක් නිවාප තණ කා පැන්බී ගෙල ඔසවා පිරිස දෙස බලා මෙතැනට ගිය අයකුට යහපතක් වන්නේයයි මුවවැද්දන්ගේ දැලට නොගෑවීම උඩින් පැන අරණ්‍යයට පිවිස ගන සෙවන ඇති කුඩයක් බදු වනගුම්බයක යට මඳ සුළගින් පවන් සලනු ලබන්නේ ආමග බලන්නේ සිටීද. මෙසේම තෙරුන් වහන්සේ මේ ගාථා කියා අහසින් ගොස් මීගාවීරයෙහි පෙනීසිටියහ.

කස‍්මා පන ථෙරො ආකාසෙන ගතොති. පිතා කිරස‍්ස සෙට‍්ඨි සත‍්තසු ද‍්වාරකොට‍්ඨකෙසු අග‍්ගළං දාපෙත්‍වා මල‍්ලෙ ආණාපෙසි – “සචෙ නික‍්ඛමිත්‍වා ගච‍්ඡති, හත්‍ථපාදෙසු නං ගහෙත්‍වා කාසායානි හරිත්‍වා ගිහිවෙසං ගණ‍්හාපෙථා”ති. තස‍්මා ථෙරො – “එතෙ මාදිසං මහාඛීණාසවං හත්‍ථෙ වා පාදෙ වා ගහෙත්‍වා අපුඤ‍්ඤං පසවෙය්‍යුං, තං නෙසං මා අහොසී”ති චින‍්තෙත්‍වා ආකාසෙන අගමාසි. පරසමුද‍්දවාසිත්‍ථෙරානං පන – “ඨිතකොව ඉමා ගාථා භාසිත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා රඤ‍්ඤො කොරබ්‍යස‍්ස මිගචීරෙ පච‍්චුපට‍්ඨාසී”ති අයං වාචනාමග‍්ගොයෙව.

තෙරුන් අහසින් ගියේ ඇයි? උන්වහන්සේ සිටු පියා දොර කොටු සතෙහිම අගුලු දම්මා මල්ලයන්ට මෙසේ අණ කළේය. ඉදින් නික්ම යයි නම් අතින් පයින් ඔහු අල්ලාගෙන කහ සිවුරු ඉවත්කර ගිහිවෙස් ගන්වවු. ඒනිසා තෙරුන් වහන්සේ මොවුහු මා වැනි කෙලෙස් නැසුවකු අතින් හෝ පයින් අල්ලා අකුසල් රැස්කරත් ඔවුන්ට එය නොවේවායි සිතා අහසින් ගියහ. පරසමුද්දවාසී තෙරවරුන්ට, සිටියේම මේ ගාථා කියා අහසට පැන නැඟී කෝරව්‍ය රජුන්ගේ මහාවීරයෙහි නැවත පෙනී සිටියහ. යන්න වාචනා මාර්ගයයි.

මිගවොති තස‍්ස උය්‍යානපාලස‍්ස නාමං. සොධෙන‍්තොති උය්‍යානමග‍්ගං සමං කාරෙත්‍වා අන‍්තොඋය්‍යානෙ තච‍්ඡිතබ‍්බයුත‍්තට‍්ඨානානි තච‍්ඡාපෙන‍්තො සම‍්මජ‍්ජිතබ‍්බයුත‍්තානි ඨානානි සම‍්මජ‍්ජාපෙන‍්තො වාලුකාඔකිරණ-පුප‍්ඵවිකිරණ-පුණ‍්ණඝටට‍්ඨපන-කදලික‍්ඛන්‍ධඨපනාදීනි ච කරොන‍්තොති අත්‍ථො. යෙන රාජා කොරබ්‍යො තෙනුපසඞ‍්කමීති අම‍්හාකං රාජා සදා ඉමස‍්ස කුලපුත‍්තස‍්ස වණ‍්ණං කථෙසි, පස‍්සිතුකාමො එතං, ආගතභාවං පනස‍්ස න ජානාති, මහා ඛො පනායං පණ‍්ණාකාරො, ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙස‍්සාමීති චින‍්තෙත්‍වා යෙන රාජා කොරබ්‍යො තෙනුපසඞ‍්කමි.

මිගවො ඒ උයන් පල්ලාගේ නම සොධෙන්තො උයන්මග සම කරවා හැමදියයුතු තැන් හමදවන්නේ වැලිවිසිරවීමි මල්ගවගැවසීම් පුන්කලස් තැබීම් කෙසෙල් කඳන් තැබීම් ආදියද කරන්නේ යන අර්ථයි. යෙන රාජා කොරව්‍යො තෙනුපසෙඞ්කමි අපගේ රජතුමා සැම කල්හි මේ කුලපුත්‍රයාගේ ගුණකියයි. ඔහු දකිනු කැමැත්තේ ඔහු පැමිණි බව නොදනී. මේ පඬුරු විශාලය. ගොස් රජුට දන්වන්නෙමියි සිතා කෝරව්‍ය රජු සිටින තැනට එළඹියේය.

කිත‍්තයමානො අහොසීති සො කිර රාජා ථෙරං අනුස‍්සරිත්‍වා බලමජ‍්ඣෙපි නාටකමජ‍්ඣෙපි – “දුක‍්කරං කතං කුලපුත‍්තෙන තාව මහන‍්තං සම‍්පත‍්තිං පහාය පබ‍්බජිත්‍වා පුනනිවත‍්තිත්‍වා අනපලොකෙන‍්තෙනා”ති ගුණං කථෙසි, තං ගහෙත්‍වා අයං එවමාහ. විස‍්සජ‍්ජෙථාති වත්‍වාති ඔරොධමහාමත‍්තබලකායාදීසු යස‍්ස යං අනුච‍්ඡවිකං, තස‍්ස තං දාපෙත්‍වාති අත්‍ථො. උස‍්සටාය උස‍්සටායාති උස‍්සිතාය උස‍්සිතාය, මහාමත‍්තමහාරට‍්ඨිකාදීනං වසෙන උග‍්ගතුග‍්ගතමෙව පරිසං ගහෙත්‍වා උපසඞ‍්කමීති අත්‍ථො. ඉධ භවං රට‍්ඨපාලො හත්‍ථත්‍ථරෙ නිසීදතූති හත්‍ථත්‍ථරො තනුකො බහලපුප‍්ඵාදිගුණං කත්‍වා අත්‍ථතො අභිලක‍්ඛිතො හොති, තාදිසෙ අනාපුච‍්ඡිත්‍වා නිසීදිතුං න යුත‍්තන‍්ති මඤ‍්ඤමානො එවමාහ.

කිත්තය මානොහොසි ඒ රජ තෙරුන් සිහිකොට බලගණ මැදද නාටක ස්ත්‍රීන් මැදද මහාසම්පත් අත්හැරදමා පැවිදිව නැවත නොනැවතී අවසර නො ඉල්ලන කුලපුත්‍රයා විසින් දුෂ්කර දෙයක් කරන ලද්දේයැයි ගුණ කීවේය. එය අල්ලාගෙන හේ මෙසේ කීය. විස්සජෙථාතිවත්‍වා අන්තඃපුර මහාමාත්‍ර බලකාය ආදීන්හි යමකුට යමක් සුදුසුද ඔහුට එය දෙවා යන අර්ථයි. උස්සටාය උස්සටාය උසස් උසස් මහාමාත්‍ර මහරැටි ආදීන්ගේ වශයෙන් නැගී නැගී ආ පිරිස රැගෙන එළැඹියේය යන අර්ථයි. ඉධභවං රට්ඨපාලො හත්‍ථත්‍ථරෙ නිසීදතු ඇතුන්පිට එළාලු ඇතිරිල්ල කුඩාය. බොහෝ මල් ඇත. දෙගුණ කොට අර්ථවශයෙන් කරන ලද්දේ වෙයි. එබඳු තැනක නොවිමසා හිඳගන්ට යුතු නැතැයි සිතමින් මෙසේකීය.

පාරිජුඤ‍්ඤානීති පාරිජුඤ‍්ඤභාවා පරික‍්ඛයා. ජිණ‍්ණොති ජරාජිණ‍්ණො. වුඩ‍්ඪොති වයොවුඩ‍්ඪො. මහල‍්ලකොති ජාතිමහල‍්ලකො. අද‍්ධගතොති අද‍්ධානං අතික‍්කන‍්තො. වයොඅනුප‍්පත‍්තොති පච‍්ඡිමවයං අනුප‍්පත‍්තො. පබ‍්බජතීති ධුරවිහාරං ගන‍්ත්‍වා භික‍්ඛූ වන්‍දිත්‍වා, – “භන‍්තෙ, මයා දහරකාලෙ බහුං කුසලං කතං, ඉදානි මහල‍්ලකොම‍්හි, මහල‍්ලකස‍්ස චෙසා පබ‍්බජ‍්ජා නාම, චෙතියඞ‍්ගණං සම‍්මජ‍්ජිත්‍වා අප‍්පහරිතං කත්‍වා ජීවිස‍්සාමි, පබ‍්බාජෙථ මං, භන‍්තෙ,”ති කාරුඤ‍්ඤං උප‍්පාදෙන‍්තො යාචති, ථෙරා අනුකම‍්පාය පබ‍්බාජෙන‍්ති. තං සන්‍ධායෙතං වුත‍්තං. දුතියවාරෙපි එසෙව නයො.

පාරිජුඤ්ඤනි දිරායන බැවින් ක්ෂය වීමෙන්, ජීණ්ණො ජරාජීර්ණ වුද්ධො වයෝවෘද්ධ, මහල්ලකො උපතින් මහලු, අද්ධගතො වයස් මාර්ගය ඉක්මවන, වයො අනුප්පත්තො පශ්චිම වයසට පැමිණි, පබ්බජති අසල අරමට ගොස් භික්ෂූන් වැඳ ස්වාමීනි, මා විසින් තරුණ කල්හි බොහෝ කුසල් කරන ලද්දේය. දැන් මහලුවෙමි. මහල්ලාටද මෙය පැවිද්ද නම්වේ. සෑමළුව හැමද පිරිසිදු කොට ජීවත් වන්නෙමි. ස්වාමීනි මා පැවිදි කරන්නැයි කරුණාව උපදවමින් ඉල්ලාසිටී තෙරවරු අනුකම්පාවෙන් පැවිදි කරති. ඒ සඳහා මෙය කියන ලදී. දෙවැනි වරද මෙම ක්‍රමයයි.

අප‍්පාබාධොති අරොගො. අප‍්පාතඞ‍්කොති නිද‍්දුක‍්ඛො. සමවෙපාකිනියාති සමවිපාචනියා. ගහණියාති කම‍්මජතෙජොධාතුයා. තත්‍ථ යස‍්ස භුත‍්තභුත‍්තො ආහාරො ජීරති, යස‍්ස වා පන පුටභත‍්තං විය තථෙව තිට‍්ඨති, උභොපෙතෙ න සමවෙපාකිනියා ගහණියා සමන‍්නාගතා. යස‍්ස පන භුත‍්තකාලෙ භත‍්තච‍්ඡන්‍දො උප‍්පජ‍්ජතෙව, අයං සමවෙපාකිනියා සමන‍්නාගතො. නාතිසීතාය නච‍්චුණ‍්හායාති තෙනෙව කාරණෙන නාතිසීතාය නච‍්චුණ‍්හාය. අනුපුබ‍්බෙනාති රාජානො වා හරන‍්තීතිආදිනා අනුක‍්කමෙන. දුතියවාරෙ රාජභයචොරභයඡාතකභයාදිනා අනුක‍්කමෙන.

අප්පාබාධො රෝග නැති. අප්පාතඞ්කො දුන්නැති, සමවෙපාකිනිසා සම පැසවන ගහණියා කර්මජ තේජෝධාතුවෙන්, එහි යමකුට කෑසැණින්ම ආහාර ජීර්ණවෙයි. යමෙකුට බත් පිඩක් මෙන් එසේම සිටියි. මේ දෙදෙනාම සම විපාකයෙන් යුතු කර්මජ තේජෝධාතුවෙන් යුක්ත නොවෙත්. යමකුට නැවත කෑ කල්හි බත් පිළිබඳ කැමැත්ත ඇතිවන්නේය. මේ සමව පැසවීමෙන් යුක්ත වූයේවෙයි. නාතිසීතාය නාච්චුණ්හාය ඒ කරුණින්ම අතිශීතලද අතිඋෂ්ණද නොවේ. අනුපුබ්බෙන රජවරු හෝ ගෙන යති ආදී ක්‍රමයෙන්,

ධම‍්මුද‍්දෙසා උද‍්දිට‍්ඨාති ධම‍්මනිද‍්දෙසා උද‍්දිට‍්ඨා. උපනිය්‍යතීති ජරාමරණසන‍්තිකං ගච‍්ඡති, ආයුක‍්ඛයෙන වා තත්‍ථ නිය්‍යති. අද‍්ධුවොති ධුවට‍්ඨානවිරහිතො. අතාණොති තායිතුං සමත්‍ථෙන විරහිතො. අනභිස‍්සරොති අසරණො අභිසරිත්‍වා අභිගන‍්ත්‍වා අස‍්සාසෙතුං සමත්‍ථෙන විරහිතො. අස‍්සකොති නිස‍්සකො සකභණ‍්ඩවිරහිතො. සබ‍්බං පහාය ගමනීයන‍්ති සකභණ‍්ඩන‍්ති සල‍්ලක‍්ඛිතං සබ‍්බං පහාය ලොකෙන ගන‍්තබ‍්බං. තණ‍්හාදාසොති තණ‍්හාය දාසො.

ධම්මුද්දෙසා උද්දිට්ඨා ධර්මනිර්දේශයෙන් නිර්දේශීත, උපනීය්‍යති ජරාමරණ වෙතට යයි. ආයුක්ෂය යෙන් හෝ එතැනට ගෙනයනු ලැබේ. අද්ධුවො ස්ථිරතැන් නැති. අත්තාණො රැකීමට සමත් අයකු නැති. අනභිස්සරො අසරණ, සිහිකොට ළගට ගොස් අස්වසන්ට සමර්ථයකු නැති. අස්සකො තමාගේ නොවන. ස්වකීය වෙූ භාණ්ඩනැති. සබ්බං පහාය ගමනීයං තමාගේ බඩුයයි සලකනු ලැබු සියල්ල අත්හැර ලෝකයෙන් යායුතු, තණ්හාදාසො තෘෂ්ණාවට දාසවූ

හත්‍ථිස‍්මින‍්ති හත්‍ථිසිප‍්පෙ. කතාවීති කතකරණීයො, සික‍්ඛිතසික‍්ඛො පගුණසිප‍්පොති අත්‍ථො. එස නයො සබ‍්බත්‍ථ. ඌරුබලීති ඌරුබලසම‍්පන‍්නො. යස‍්ස හි ඵලකඤ‍්ච ආවුධඤ‍්ච ගහෙත්‍වා පරසෙනං පවිසිත්‍වා අභින‍්නං භින්‍දතො භින‍්නං සන්‍ධාරයතො පරහත්‍ථගතං රජ‍්ජං ආහරිතුං ඌරුබලං අත්‍ථි, අයං ඌරුබලී නාම. බාහුබලීති බාහුබලසම‍්පන‍්නො. සෙසං පුරිමසදිසමෙව. අලමත‍්තොති සමත්‍ථඅත‍්තභාවො.

හත්‍ථිසමං හස්ති ශිල්පයෙහි කතාවි කළයුතු දේ කළ හික්මවු ශිල්ප ඇති ප්‍රගුණ කළ ශිල්ප ඇති යන අර්ථයි. සියලු තැන මේ ක්‍රමයයි. ඌරුබලී කලවා ශක්තියෙන් යුත්. පලිහද ආයුධයද ගෙන පරසෙනග අතරට පිවිස නිරන්තරයෙන් බිඳින, බිඳුණවුන් සමගිකරන අනුන් අතට ගිය රාජ්‍යය ගෙන එන්ට උරදෙත්ද එය ඌරුබලිනම් බාහුබලී බාහු බලයෙන් යුත්, සෙස්ස පෙර පරිදිමය. අලමත්තො සමර්ථ ආත්මභාවය

පරියොධාය වත‍්තිස‍්සන‍්තීති උප‍්පන‍්නං උප‍්පද‍්දවං ඔධාය අවත්‍ථරිත්‍වා වත‍්තිස‍්සන‍්තීති සල‍්ලක‍්ඛෙත්‍වා ගහිතා.

පරියොධාය වත්තිස්සන්ති උපන් උපද්‍රවය නවත්වා තබා නොපතුරුවා පවතින්නේයයි සලකා ගන්නා ලද

සංවිජ‍්ජති ඛො, භො රට‍්ඨපාල, ඉමස‍්මිං රාජකුලෙ පහූතං හිරඤ‍්ඤසුවණ‍්ණන‍්ති ඉදං සො රාජා උපරි ධම‍්මුද‍්දෙසස‍්ස කාරණං ආහරන‍්තො ආහ.

සංවිජ්ජති ඛො රට්ඨපාල ඉමස්මිං රාජකුලෙ පහුතං හිරඤ්ඤ සුවණ්ණං යනුවෙන් මෙය ඒ රජ මත්තෙහි ධර්ම උපදේශයට කරුණක් ගෙන එන්නේ කීය.

අථාපරං එතදවොචාති එතං “පස‍්සාමි ලොකෙ”තිආදිනා නයෙන චතුන‍්නං ධම‍්මුද‍්දෙසානං අනුගීතිං අවොච.

අථාපරං එතදවොච මෙය ලෝකයෙහි දකිමියි ආදී ක්‍රමයෙන් සමුද්දේස සතරෙහි පසු ගීයක් කීය.

තත්‍ථ භිය්‍යොව කාමෙ අභිපත්‍ථයන‍්තීති එකං ලභිත්‍වා ද‍්වෙ පත්‍ථයන‍්ති, ද‍්වෙ ලභිත්‍වා චත‍්තාරොති එවං උත‍්තරුත‍්තරි වත්‍ථුකාමකිලෙසකාමෙ පත්‍ථයන‍්තියෙව.

එහි භිය්‍යොව කාමෙ අභිපත්‍ථයන්ති එකක් ලැබ දෙකක් පතයි දෙකක් ලැබ සතරක්ද ඊටත් වැඩියෙන් ද වස්තු කාම ක්ලේශකාමයන් ප්‍රාර්ථනා කරති.

පසය‍්හාති සපත‍්තගණං අභිභවිත්‍වා. සසාගරන‍්තන‍්ති සද‍්ධිං සාගරන‍්තෙන. ඔරං සමුද‍්දස‍්සාති යං සමුද‍්දස‍්ස ඔරතො සකරට‍්ඨං, තෙන අතිත‍්තරූපොති අත්‍ථො. න හත්‍ථීති න හි අත්‍ථි.

පසය්හ සතුරු ගණයා අභිබවා සසාගරන්තං සයුරු අන්තය සමග ඔරං සමුද්දස්ස සමුද්‍රයට මෙපිට තම රට, එයින් අතෘප්ත වුයේ යන අර්ථයි. නහත්‍ථි නැත.

අහො වතා නොති අහො වත නු, අයමෙව වා පාඨො. අමරාති චාහූති අමරං ඉති ච ආහු. ඉදං වුත‍්තං හොති – යං මතං ඤාතී පරිවාරෙත්‍වා කන්‍දන‍්ති, තං – “අහො වත අම‍්හාකං භාතා මතො, පුත‍්තො මතො”තිආදීනිපි වදන‍්ති.

අහො වතානො අහෝ අපගේ අයමෙව යනුවෙන්ද පාඨයක් ඇත. අමරතිචාහු අමරයෝ යැයි කියන ලද්දේ වෙයි. මෙය කියන ලද්දේවෙයි. මළ යමකු පිරිවරා ඥාතීහු හඬත්ද. අහෝ අපගේ සොහොයුරා මළේය. පුත්‍රයා මළේය ආදියද කියත්.

ඵුසන‍්ති ඵස‍්සන‍්ති මරණඵස‍්සං ඵුසන‍්ති. තථෙව ඵුට‍්ඨොති යථා බාලො, ධීරොපි තථෙව මරණඵස‍්සෙන ඵුට‍්ඨො, අඵුට‍්ඨො නාම නත්‍ථි, අයං පන විසෙසො. බාලො ච බාල්‍යා වධිතොව සෙතීති බාලො බාලභාවෙන මරණඵස‍්සං ආගම‍්ම වධිතොව සෙති අභිහතොව සයති. අකතං වත මෙ කල්‍යාණන‍්තිආදිවිප‍්පටිසාරවසෙන චලති වෙධති විප‍්ඵන්‍දති. ධීරො ච න වෙධතීති ධීරො සුගතිනිමිත‍්තං පස‍්සන‍්තො න වෙධති න චලති.

ඵුසන්ති ඵස්සං මරණ ස්පර්ශය ස්පර්ශ කරති. තථෙව පුට්ඨො යම්සේ බලවත් නුවණැත්තේ වුවද මරණ ස්පර්ශයෙන් ස්පර්ශ කරන ලද්දේය. ස්පර්ශ නොකරන ලද්දෙක්නම් නැත. විශේෂය මෙයයි. බාලයා වනාහි බාල බැවින් පහර දෙනු ලැබුයේ නිදයි බාලයා බාලබැවින් මරණය ස්පර්ශ කිරීමට පැමිණ වධයට පමුණුවන ලද්දේම නිදයි. මරාදමන ලද්දේ නිදයි. මා විසින් යහපත් දෙයක් නොකරන ලද්දේයයි ආදී විපිළිසර වශයෙන් සැලෙයි, වෙවුලයි, ගැහෙයි, ධීරොව නවෙධති නුවණැත්තේ සුගති නිමිත්තක් දකිමින් සසල නොවෙයි. නො වෙවුලයි.

යාය වොසානං ඉධාධිගච‍්ඡතීති යාය පඤ‍්ඤාය ඉමස‍්මිං ලොකෙ සබ‍්බකිච‍්චවොසානං අරහත‍්තං අධිගච‍්ඡති, සාව ධනතො උත‍්තමතරා. අබ්‍යොසිතත‍්තාති අපරියොසිතත‍්තා, අරහත‍්තපත‍්තියා, අභාවෙනාති අත්‍ථො. භවාභවෙසූති හීනප‍්පණීතෙසු භවෙසු.

යාය වොසානං ඉධාධිගච්ඡති යම් ප්‍රඥාවකින් මෙලොව සියලු කිස අවසන් කොට ලබන රහත් බවට පැමිණේ. සාවධානයෙන් උත්තමතරය. අසොසිතත්තා නොවියලුණු බැවින් රහත්බවට පැමිණීමෙන් අභාවයට යන බැවින් යන අර්ථයි. භවාභවෙසු හීන ප්‍රණීත භවයන්හි.

උපෙති ගබ‍්භඤ‍්ච පරඤ‍්ච ලොකන‍්ති තෙසු පාපං කරොන‍්තෙසු යො කොචි සත‍්තො පරම‍්පරාය සංසාරං ආපජ‍්ජිත්‍වා ගබ‍්භඤ‍්ච පරඤ‍්ච ලොකං උපෙති. තස‍්සප‍්පපඤ‍්ඤොති තස‍්ස තාදිසස‍්ස අප‍්පපඤ‍්ඤස‍්ස අඤ‍්ඤො අප‍්පපඤ‍්ඤො අභිසද‍්දහන‍්තො.

උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං පව් කරන්නවුන් අතර යම් කිසි සත්වයෙක් පරම්පරාවෙන් සංසාරයට පැමිණ ගැබටද පරලොවටද එළඹෙයි. තස්සප්පපඤ්ඤො එබඳු අල්පවූ ප්‍රඥාව ඇති, අල්පප්‍රඥාව ඇතිව අදහන

සකම‍්මුනා හඤ‍්ඤතීති අත‍්තනා කතකම‍්මවසෙන “කසාහිපි තාලෙතී”තිආදීහි කම‍්මකාරණාහි හඤ‍්ඤති. පෙච‍්ච පරම‍්හි ලොකෙති ඉතො ගන‍්ත්‍වා පරම‍්හි අපායලොකෙ.

සකම්මනා භඤ්ඤති කමා විසින් කරන ලද කර්ම වශයෙන් කසවළින්ද තලවන්නාහුය ආදී කර්ම කිරීම්වලින් මැරේ. පෙච්ච පරම්හි ලොකෙ මෙයින් ගොස් අපාය ලෝකයෙහි.

විරූපරූපෙනාති විවිධරූපෙන, නානාසභාවෙනාති අත්‍ථො. කාමගුණෙසූති දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකෙසු සබ‍්බකාමගුණෙසු ආදීනවං දිස‍්වා. දහරාති අන‍්තමසො කලලමත‍්තභාවං උපාදාය තරුණා. වුඩ‍්ඪාති වස‍්සසතාතික‍්කන‍්තා. අපණ‍්ණකං සාමඤ‍්ඤමෙව සෙය්‍යොති අවිරුද‍්ධං අද‍්වජ‍්ඣගාමිං එකන‍්තනිය්‍යානිකං සාමඤ‍්ඤමෙව “සෙය්‍යො, උත‍්තරිතරඤ‍්ච පණීතතරඤ‍්චා”ති උපධාරෙත්‍වා පබ‍්බජිතොස‍්මි මහාරාජාති. තස‍්මා යං ත්‍වං වදසි – “කිං දිස‍්වා වා සුත්‍වා වා”ති, ඉදං දිස‍්වා ච සුත්‍වා ච පබ‍්බජිතොස‍්මීති මං ධාරෙහීති දෙසනං නිට‍්ඨාපෙසීති.

විරූප රූපෙන විරූපවූ රූපයෙන්, නොයෙක් ස්වභාවයෙන් යන අර්ථයි. කාමගුණෙසු දිට්ඨ ධම්මික සම්පරායික සියලු කාම ගුණයන්හි ආදීනව දැක. දහරා යටත් පිරිසෙයින් කලලමාත්‍ර භාවය උදෙසා තරුණයෝ, වුද්ධා වර්ෂ සියය ඉක්මවූවෝ අපණ්ණතං සාමඤ්ඤමෙව සෙය්‍යො අවිරුද්ධවු, නොසැලී යන්නාවු ඒකාන්තයෙන් නෛර්යාණික ශ්‍රමණභාවයම මැනවි. උත්තරීතරයයිද ප්‍රණීත තරයයිද උපධාරණය කොට මහරජ මම පැවිදිවූයේ වෙමි. ඒ නිසා ඔබ කුමක් කියහිද කුමක් දැකද කුමක් අසා ද මෙය දැකම පැවිදිවූයේ වෙමිය. සිතාගන්නැයි දේශනාව නිමවා වදාළ සේක.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය රට‍්ඨපාලසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවැනි රට්ඨපාල සූත්‍රයයි