යෙදුමෙන් කියවන්න

ඝටීකාරසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

ඝටීකාරසුත‍්තවණ‍්ණනා

ඝටීකාර සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ඝටිකාරසුත‍්තං. තත්‍ථ සිතං පාත්‍වාකාසීති මහාමග‍්ගෙන ගච‍්ඡන‍්තො අඤ‍්ඤතරං භූමිප‍්පදෙසං ඔලොකෙත්‍වා – “අත්‍ථි නු ඛො මයා චරියං චරමානෙන ඉමස‍්මිං ඨානෙ නිවුත්‍ථපුබ‍්බ”න‍්ති ආවජ‍්ජන‍්තො අද‍්දස – “කස‍්සපබුද‍්ධකාලෙ ඉමස‍්මිං ඨානෙ වෙගළිඞ‍්ගං නාම ගාමනිගමො අහොසි, අහං තදා ජොතිපාලො නාම මාණවො අහොසිං, මය‍්හං සහායො ඝටිකාරො නාම කුම‍්භකාරො අහොසි, තෙන සද‍්ධිං මයා ඉධ එකං සුකාරණං කතං, තං භික‍්ඛුසඞ‍්ඝස‍්ස අපාකටං පටිච‍්ඡන‍්නං, හන්‍ද නං භික‍්ඛුසඞ‍්ඝස‍්ස පාකටං කරොමී”ති මග‍්ගා ඔක‍්කම‍්ම අඤ‍්ඤතරස‍්මිං පදෙසෙ ඨිතකොව සිතපාතුකම‍්මමකාසි, අග‍්ගග‍්ගදන‍්තෙ දස‍්සෙත්‍වා මන්‍දහසිතං හසි. යථා හි ලොකියමනුස‍්සා උරං පහරන‍්තා – “කුහං කුහ”න‍්ති හසන‍්ති, න එවං බුද‍්ධා, බුද‍්ධානං පන හසිතං හට‍්ඨපහට‍්ඨාකාරමත‍්තමෙව හොති.

එවම්මෙසුතං යනු ඝටීකාර සුත්‍රයයි. එහි සිතං පාත්‍වාකාසි මහමගින් යන්නේ එක්තරා බිම් පෙදෙසක් බලා සැරිසරන මා මෙහි විසූවිරූ බවක් ඇත්දැයි ආවර්ජනය කරන්නේ කාශ්‍යප බුදුන්කල මේ ස්ථානයෙහි වේහලිංගනම් ගම්නියම්ගමක් වීයයි දුටුවේය. මම එකල ජෝතිපාල නම් මානවකයෙක් වීමි. මාගේ සහායකයා ඝටීකාර නම් කුම්භාකාරයෙක් විය. මා විසින් ඔහු සමග එක් යහපත් කරුණක් සිදුකරන ලදී. එය භික්‍ෂුසංඝයාට ප්‍රකට වුයේ නැත. වැසීතිබුණේය. එය භික්‍ෂු සංඝයාට ප්‍රකට කරමියි මගින් ඉවත්ව එක්තරා පෙදෙසක සිටිමින් සිනා පහළ කළේය. දත් අග පෙන්වා මඳ සිනාවක් පෑවේය. යම්සේ ලෞකික මනුෂ්‍යයෝ උදරයට ගන්නා කොහිද කොහිදැයි සිනාසෙත් බුදුවරු එසේ නොවෙති. බුදුවරුන්ගේ සිනාව තුටු පහටු මාත්‍රයක්ම වෙයි.

හසිතඤ‍්ච නාමෙතං තෙරසහි සොමනස‍්සසහගතචිත‍්තෙහි හොති. තත්‍ථ ලොකියමහාජනො අකුසලතො චතූහි, කාමාවචරකුසලතො චතූහීති අට‍්ඨහි චිත‍්තෙහි හසති, සෙක‍්ඛා අකුසලතො දිට‍්ඨිසම‍්පයුත‍්තානි ද‍්වෙ අපනෙත්‍වා ඡහි චිත‍්තෙහි හසන‍්ති, ඛීණාසවා චතූහි සහෙතුකකිරියචිත‍්තෙහි එකෙන අහෙතුකකිරියචිත‍්තෙනාති පඤ‍්චහි චිත‍්තෙහි හසන‍්ති. තෙසුපි බලවාරම‍්මණෙ ආපාථගතෙ ද‍්වීහි ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙහි හසන‍්ති, දුබ‍්බලාරම‍්මණෙ දුහෙතුකචිත‍්තද‍්වයෙන ච අහෙතුකචිත‍්තෙන චාති තීහි චිත‍්තෙහි හසන‍්ති. ඉමස‍්මිං පන ඨානෙ කිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතුසොමනස‍්සසහගතචිත‍්තං භගවතො හට‍්ඨපහට‍්ඨාකාරමත‍්තං හසිතං උප‍්පාදෙසි.

මෙය හසිත නම් වේ. මෙය සොමනස්ස සහගත සිත් කෙළෙසකින් වෙයි. එහි ලෞකික මහජනයා අකුසල වශයෙන් සතරකින්ද, කාමාචචර කුසල වශයෙන් සතරකිදැයි සිත් අටකින් සිනාසෙයි. බයෝ අකුශල වශයෙන් දිටයි සම්පයුත්ත දෙකක් ඉවත් කොට සිත් සයකින් සිනාසෙත්. ක්ෂීණාශ්‍රවයෝ සහේතුක කිරිය සිත් සතරින් එක් අහේතුක කිරිය සිතකින්ද යනුවෙන් සිත් පසකින් සිනාසෙත්. ඒ අතරද බලවත් අරමුණක් පහළවු කල්හි ඤාණ සම්පයුත්ත සිත් දෙකකින් සිනාසෙත්. දුර්වල අරමුණෙහි විහේතුක සිත් දෙකින්ද, අහේතුක සිතින්ද යන සිත් තුනෙන් සිනාසෙත්. මෙතැන කිරියා හේතුක මනෝවිඤ්ඤාණ ධාතු සොමනස්ස සහගත සිත භාග්‍යවතුන් වහන්සේට උපස්ථ ආකාර මාත්‍ර වූ සිනාව ඉපදවීය.

තං පනෙතං හසිතං එවං අප‍්පමත‍්තකම‍්පි ථෙරස‍්ස පාකටං අහොසි. කථං? තථාරූපෙ හි කාලෙ තථාගතස‍්ස චතූහි දාඨාහි චතුද‍්දීපිකමහාමෙඝමුඛතො සතෙරතාවිජ‍්ජුලතා විය විරොචමානා මහාතාලක‍්ඛන්‍ධපමාණා රස‍්මිවට‍්ටියො උට‍්ඨහිත්‍වා තික‍්ඛත‍්තුං සීසවරං පදක‍්ඛිණං කත්‍වා දාඨග‍්ගෙසුයෙව අන‍්තරධායන‍්ති. තෙන සඤ‍්ඤාණෙන ආයස‍්මා ආනන්‍දො භගවතො පච‍්ඡතො ගච‍්ඡමානොපි සිතපාතුභාවං ජානාති.

ඒ මේ හසිතයයි මෙසේ අල්ප මාත්‍රයක් තෙරුන්ට ප්‍රකටවිය. එබඳු කලෙක තථාගතයන් වහන්සේගේ සිව් දළදාවන්ගෙන් චාතුර්ද්වීවික මහා මේඝ මුඛයෙන් අකුණු සහිත විදුලියක් මෙන් බබලමින් මහතල් කඳක් පමණ වු රශ්මිමාලා නැගී තෙවරක් උතුම්වූ සිරස පැදකුණු කොට දළදාවන්හි අතුරුදහන් වන්නේ කෙසේද. ඒ සලකුණින් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් යමිනුත් සිනාපහළ වු බව දනිති.

භගවන‍්තං එතදවොචාති – “එත්‍ථ කිර කස‍්සපො භගවා භික‍්ඛුසඞ‍්ඝං ඔවදි, චතුසච‍්චප‍්පකාසනං අකාසි, භගවතොපි එත්‍ථ නිසීදිතුං රුචිං උප‍්පාදෙස‍්සාමි, එවමයං භූමිභාගො ද‍්වීහි බුද‍්ධෙහි පරිභුත‍්තො භවිස‍්සති, මහාජනො ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා චෙතියට‍්ඨානං කත්‍වා පරිචරන‍්තො සග‍්ගමග‍්ගපරායණො භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා එතං “තෙන හි, භන‍්තෙ,”තිආදිවචනං අවොච.

භගවන්තං එතදවොච මෙහිදී කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයාට අවවාද කළසේක. චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. භාග්‍යවතුන් වහන්සේටද මෙහි වැඩසිටීමට ආශාවක් උපදවන්නෙමියි මේ භූමිභාගය බුදුවරුන් දෙනමක විසින් පරිභෝජනය කරන ලද්දේ වන්නේය. මහජනයා ගඳමල් ආදියෙන් පුදා චෛත්‍යස්ථානයක් කොට පිරිවරන්නාහු ස්වර්ග පරායණ වන්නාහුයයි සිතා එතං තෙනහි භන්තෙ ආදි වචන කීය.

මුණ‍්ඩකෙන සමණකෙනාති මුණ‍්ඩං මුණ‍්ඩොති, සමණං වා සමණොති වත‍්තුං වට‍්ටති, අයං පන අපරිපක‍්කඤාණත‍්තා බ්‍රාහ‍්මණකුලෙ උග‍්ගහිතවොහාරවසෙනෙව හීළෙන‍්තො එවමාහ. සොත‍්තිසිනානින‍්ති සිනානත්‍ථාය කතසොත‍්තිං. සොත‍්ති නාම කුරුවින්‍දපාසාණචුණ‍්ණානි ලාඛාය බන්‍ධිත්‍වා කතගුළිකකලාපකා වුච‍්චති, යං සන්‍ධාය – “තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කුරුවින්‍දකසුත‍්තියා නහායන‍්තී”ති (චූළව· 243) වුත‍්තං. තං උභොසු අන‍්තෙසු ගහෙත්‍වා සරීරං ඝංසන‍්ති. එවං සම‍්මාති යථා එතරහිපි මනුස‍්සා “චෙතියවන්‍දනාය ගච‍්ඡාම, ධම‍්මස‍්සවනත්‍ථාය ගච‍්ඡාමා”ති වුත‍්තා උස‍්සාහං න කරොන‍්ති, “නටසමජ‍්ජාදිදස‍්සනත්‍ථාය ගච‍්ඡාමා”ති වුත‍්තා පන එකවචනෙනෙව සම‍්පටිච‍්ඡන‍්ති, තථෙව සින‍්හායිතුන‍්ති වුත‍්තෙ එකවචනෙන සම‍්පටිච‍්ඡන‍්තො එවමාහ.

මුණ්ඩකෙන සමණකෙන මුණ්ඩං මුණ්ඩො කියාද සමණං සමණො කියාද කියන්ට වටී. මේ නම් මුහුකුරා නොගිය ඥානයක් ඇති බැවින්ද, බ්‍රාහ්මණ කුලයෙහි උගත් ව්‍යවහාර වශයෙන්ද අවමන් කරමින් මෙසේ කීය. සොත්තිං සිනානිං එකල්හී ඡබ්බග්ගිය භික්‍ෂූහු කුරුවින්දක නම් පාෂාණ කුඩුවර්ගයක් ඇඟ ගාමින් ද, කුරුවින්දක පාෂාණ කුඩු ගැල්වූ ලණුවක දෙකොණින් අල්ලා ඇඟ උලමින්ද ස්නානය කරති. ඒ නිසා එවංසම්මා යම්සේ දැන් මිනිස්සු චෛත්‍ය වන්දනාව පිණිස යමු, ධර්මශ්‍රවණය සඳහා යමුයි කියනු ලැබුවත් උත්සාහ නොකරති. නැටුම් සැණකෙළි ආදිය බලන්නට යමුයි කීවිට එක්වචනයෙන්ම පිළිගනිත්. සිනායිතුංති කීකල එක් වචනයෙන්ම පිළිගන්නේ මෙසේ කීය.

ජොතිපාලං මාණවං ආමන‍්තෙසීති එකපස‍්සෙ අරියපරිහාරෙන පඨමතරං න‍්හායිත්‍වා පච‍්චුත‍්තරිත්‍වා ඨිතො තස‍්ස මහන‍්තෙන ඉස‍්සරියපරිහාරෙන න‍්හායන‍්තස‍්ස න‍්හානපරියොසානං ආගමෙත්‍වා තං නිවත්‍ථනිවාසනං කෙසෙ වොදකෙ කුරුමානං ආමන‍්තෙසි. අයන‍්ති ආසන‍්නත‍්තා දස‍්සෙන‍්තො ආහ. ඔවට‍්ටිකං විනිවට‍්ඨෙත්‍වාති නාගබලො බොධිසත‍්තො “අපෙහි සම‍්මා”ති ඊසකං පරිවත‍්තමානොව තෙන ගහිතගහණං විස‍්සජ‍්ජාපෙත්‍වාති අත්‍ථො. කෙසෙසු පරාමසිත්‍වා එතදවොචාති සො කිර චින‍්තෙසි – “අයං ජොතිපාලො පඤ‍්ඤවා, සකිං දස‍්සනං ලභමානො තථාගතස‍්ස දස‍්සනෙපි පසීදිස‍්සති, ධම‍්මකථායපි පසීදිස‍්සති, පසන‍්නො ච පසන‍්නාකාරං කාතුං සක‍්ඛිස‍්සති, මිත‍්තා නාම එතදත්‍ථං හොන‍්ති, යංකිඤ‍්චි කත්‍වා මම සහායං ගහෙත්‍වා දසබලස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති. තස‍්මා නං කෙසෙසු පරාමසිත්‍වා එතදවොච.

ජොතිපාල මානවං ආමන්තෙසි ඝටීකාර එක් පැත්තක සිය පිරිවර සමග දිය නා අවසන් කොට හිසකෙස් පිසදමමින්ම ජෝතිපාල මාණවකයන් ඇමතීය. තමන් සමීපයේම ආසන්නයේම සිටින බව දක්වමින් ඔවට්ටිකං විනිවෙඨෙත්‍වා ඇත්බල සහිත වූ බෝධිසත්වයෝ මෙතැනින් ඉවත්වන්න යහළුව යැයි කියමින්ම ලී දඬුව පෙරලා අතහැරීය යන තේරුමයි. කෙසෙසු පරාමසිත්‍වා එතදවොච ඔහු මෙසේ සිතීය. මේ ජෝතිපාල තෙමේ පැණවත්ය. වරක් දැක්මක් ලදහොත් තථාගතයන් වහන්සේගේ දර්ශනයෙහිද පැහැදෙන්නේය. ධර්ම කථාවෙහිද පැහැදෙන්නේය. පැහැදුණේම පහන්වූ ආකාරයක් කරන්නට හැක්කේය. මිත්‍රයෝ නම් මේ සඳහා වෙති. යම්කිසිවක් කොට මාගේ යහළුවා ගෙන දසබලධාරීන් වහන්සේ සමීපයට යන්නෙමි නම් ඒ සදහා කෙස් පිරිමැද මෙසේ කීය.

ඉත‍්තරජච‍්චොති අඤ‍්ඤජාතිකො, මයා සද‍්ධිං අසමානජාතිකො, ලාමකජාතිකොති අත්‍ථො. න වතිදන‍්ති ඉදං අම‍්හාකං ගමනං න වත ඔරකං භවිස‍්සති න ඛුද‍්දකං, මහන‍්තං භවිස‍්සති. අයඤ‍්හි න අත‍්තනො ථාමෙන ගණ‍්හි, සත්‍ථු ථාමෙන ගණ‍්හීති ගහණස‍්මිංයෙව නිට‍්ඨං අගමාසි. යාවතාදොහිපීති එත්‍ථ දොකාරහිකාරපිකාරා නිපාතා, යාවතුපරිමන‍්ති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – “වාචාය ආලපනං ඔවට‍්ටිකාය ගහණඤ‍්ච අතික‍්කමිත්‍වා යාව කෙසග‍්ගහණම‍්පි තත්‍ථ ගමනත්‍ථං පයොගො කත‍්තබ‍්බො”ති.

ඉත්තරජච්චො වෙනත් ජාති ඇත්තෙක් මා සමග අසමාන ජාති ඇත්තෙක් පහත්ජාති ඇත්තෙක් යන අර්ථයි. නවතිදං මේ අපගේ ගමන ඒකාන්තයෙන් පහත් දෙයක් නොවේ. කුඩා නොවේ. මහත් වන්නේය. මොහු තමාගේ ශක්තියෙන් නොගත්තේය. ශාස්තෲන් වහන්සේගේ ශක්තියෙන් ගත්තේයයි ග්‍රහණයෙහිම නිෂ්ඨාවට ගියේය. යාවෙතදොහිපි මෙහි දොකාර හිකාර පිකාර නිපාතයෝය. ය ඇත්තද යන අර්ථයි. මෙය කියන ලද්දේවෙයි. වචනයෙන් කථා කිරීමද ඉඟියෙන් ගැනීමත් ඉක්මවා හිසකෙස් දක්වා ග්‍රහණයද එහි ගමනාර්ථය යොදා ගතයුතුය.

ධම‍්මියා කථායාති ඉධ සතිපටිලාභත්‍ථාය පුබ‍්බෙනිවාසපටිසංයුත‍්තා ධම‍්මී කථා වෙදිතබ‍්බා. තස‍්ස හි භගවා, – “ජොතිපාල, ත්‍වං න ලාමකට‍්ඨානං ඔතිණ‍්ණසත‍්තො, මහාබොධිපල‍්ලඞ‍්කෙ පන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පත්‍ථෙත්‍වා ඔතිණ‍්ණොසි, තාදිසස‍්ස නාම පමාදවිහාරො න යුත‍්තො”තිආදිනා නයෙන සතිපටිලාභාය ධම‍්මං කථෙසි. පරසමුද‍්දවාසීථෙරා පන වදන‍්ති – “ජොතිපාල, යථා අහං දසපාරමියො පූරෙත්‍වා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣිත්‍වා වීසතිසහස‍්සභික‍්ඛුපරිවාරො ලොකෙ විචරාමි, එවමෙවං ත්‍වම‍්පි දසපාරමියො පූරෙත්‍වා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣිත්‍වා සමණගණපරිවාරො ලොකෙ විචරිස‍්සසි. එවරූපෙන නාම තයා පමාදං ආපජ‍්ජිතුං න යුත‍්ත”න‍්ති යථාස‍්ස පබ‍්බජ‍්ජාය චිත‍්තං නමති, එවං කාමෙසු ආදීනවං නෙක‍්ඛම‍්මෙ ච ආනිසංසං කථෙසීති.

ධම්මියා කථාය මෙහි සිහිය ලබනු පිණිස පුර්වෙ නිවාසයෙන් යුක්තවු ධර්මකථාව දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ ජෝතිපාලය. ඔබ පහත් තැනකට බැසගත් සත්වයෙකි. මහාබෝමැඩදී සර්වඥතාඥානය ප්‍රාර්ථනා කොට බැසගත්තේය. එබන්දකුට ප්‍රමාද විහාරය යුතුනොවේයයි ආදික්‍රමයෙන් සිහි ලබනු පිණිස ධර්ම කථාවක් කීසේක. මුහුදින් එතෙර වැසි තෙරවරු මෙසේ කියති. ජෝතිපාලය මම යම්සේ දස පෙරුම්පුරා සර්වඥතාඥානය අවබෝධකොට භික්‍ෂු පිරිවර ඇතිව ලෝකයෙහි හැසිරෙම්ද, එසේම ඔබත් දස පෙරුම්දම්පුරා සර්වඥතාඥානය අවබෝධ කොට මහණගණ පිරිවරා ලොව හැසිරෙන්නෙහිය. මෙබඳුවු ඔබ විසින් ප්‍රමාදයට එළඹීමට යුතුනොවේයැයි ඔහුගේ සිත පැවිද්දට නැවෙන අයුරින් කාමයන්හි ආදීනවද නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංසද කියන සේක.

අලත්‍ථ ඛො, ආනන්‍ද,…පෙ… පබ‍්බජ‍්ජං අලත්‍ථ උපසම‍්පදන‍්ති පබ‍්බජිත්‍වා කිමකාසි? යං බොධිසත‍්තෙහි කත‍්තබ‍්බං. බොධිසත‍්තා හි බුද‍්ධානං සම‍්මුඛෙ පබ‍්බජන‍්ති. පබ‍්බජිත්‍වා ච පන ඉත‍්තරසත‍්තා විය පතිතසිඞ‍්ගා න හොන‍්ති, චතුපාරිසුද‍්ධිසීලෙ පන සුපතිට‍්ඨාය තෙපිටකං බුද‍්ධවචනං උග‍්ගණ‍්හිත්‍වා තෙරස ධුතඞ‍්ගානි සමාදාය අරඤ‍්ඤං පවිසිත්‍වා ගතපච‍්චාගතවත‍්තං පූරයමානා සමණධම‍්මං කරොන‍්තා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා යාව අනුලොමඤාණං ආහච‍්ච තිට‍්ඨන‍්ති, මග‍්ගඵලත්‍ථං වායාමං න කරොන‍්ති. ජොතිපාලොපි තථෙව අකාසි.

අලත්‍ථ ඛො ආනන්‍ද පබ්බජ්ජං අලත්‍ථ උපසම්පදං පැවිදිව කුමක් කළේද? බෝසත්වරු බුදුවරුන් හමුවෙහි පැවිදිවෙති. පැවිදිවී ද තිරිසන් සතුන් මෙන් හැළුණු අං ඇත්තෝ නොවෙත්. චතුපාරිශුද්ධි ශීලයෙහි පිහිටා ත්‍රිපිටක බුද්ධවචනය උගෙන කෙලෙස් ධුතාංග සමාදන්ව අරණ්‍යයට පිවිස ගතපච්චාගත වත පුරමින් මහණදම් කරන්නාහු විදර්ශනා වඩා අනුලෝම ඤාණයට පැමිණ සිටිත්. මාර්ග ඵල පිණිස වෑයම් නොකරත්. ජෝතිපාල ද එසේම කළේය.

අඩ‍්ඪමාසුපසම‍්පන‍්නෙති කුලදාරකඤ‍්හි පබ‍්බාජෙත්‍වා අඩ‍්ඪමාසම‍්පි අවසිත්‍වා ගතෙ මාතාපිතූනං සොකො න වූපසම‍්මති, සොපි පත‍්තචීවරග‍්ගහණං න ජානාති, දහරභික‍්ඛුසාමණෙරෙහි සද‍්ධිං විස‍්සාසො න උප‍්පජ‍්ජති, ථෙරෙහි සද‍්ධිං සිනෙහො න පතිට‍්ඨාති, ගතගතට‍්ඨානෙ අනභිරති උප‍්පජ‍්ජති. එත‍්තකං පන කාලං නිවාසෙ සති මාතාපිතරො පස‍්සිතුං ලභන‍්ති. තෙන තෙසං සොකො තනුභාවං ගච‍්ඡති, පත‍්තචීවරග‍්ගහණං ජානාති, සාමණෙරදහරභික‍්ඛූහි සද‍්ධිං විස‍්සාසො ජායති, ථෙරෙහි සද‍්ධිං සිනෙහො පතිට‍්ඨාති, ගතගතට‍්ඨානෙ අභිරමති, න උක‍්කණ‍්ඨති. තස‍්මා එත‍්තකං වසිතුං වට‍්ටතීති අඩ‍්ඪමාසං වසිත්‍වා පක‍්කාමි.

අද්ධමාසුප සම්පපන්නෙ කුලදරුවකු පැවිදි කරවා අඩමසක්වත් නොවැස ගිය කල්හි මා පියන්ගේ ශෝකය නොසන්සිඳේ, හෙතෙමේද පාසිවුරු හඳනා අයුරු නොදනී. තරුණ භික්‍ෂු සාමණේරයන් සමග විශ්වාසය නුපදී. තෙරවරුන් සමග ස්නේහය නොපිහිටයි. ගිය ගිය තැන නොඇල්ම ඇතිවේ. මෙපමණ කලක් ගෙහි සිටිකල මව්පියන් දක්නට ලැබෙයි. එයින් ඔවුන්ගේ ශෝකය තුනී බවට යයි. පාසිවුරු පරිහරණය දන්නාහු නම් සාමණේර තරුණ භික්‍ෂූන් සමග විශ්වාසය ඇතිවේ. තෙරවරුන් සමග ස්නේහය පිහිටයි. ගියගියතැන සතුටුවෙයි. නොකලකිරෙයි. එහෙයින් මෙපමණ කලක් වසන්ට වටී යැයි අඩමසක් වැස ගියේය.

පණ‍්ඩුපුටකස‍්ස සාලිනොති පුටකෙ කත්‍වා සුක‍්ඛාපිතස‍්ස රත‍්තසාලිනො. තස‍්ස කිර සාලිනො වප‍්පකාලතො පට‍්ඨාය අයං පරිහාරො – කෙදාරා සුපරිකම‍්මකතා හොන‍්ති, තත්‍ථ බීජානි පතිට‍්ඨාපෙත්‍වා ගන්‍ධොදකෙන සිඤ‍්චිංසු, වප‍්පකාලෙ විතානං විය උපරි වත්‍ථකිලඤ‍්ජං බන්‍ධිත්‍වා පරිපක‍්කකාලෙ වීහිසීසානි ඡින්‍දිත්‍වා මුට‍්ඨිමත‍්තෙ පුටකෙ කත්‍වා යොත‍්තබද‍්ධෙ වෙහාසංයෙව සුක‍්ඛාපෙත්‍වා ගන්‍ධචුණ‍්ණානි අත්‍ථරිත්‍වා කොට‍්ඨකෙසු පූරෙත්‍වා තතියෙ වස‍්සෙ විවරිංසු. එවං තිවස‍්සං පරිවුත්‍ථස‍්ස සුගන්‍ධරත‍්තසාලිනො අපගතකාළකෙ සුපරිසුද‍්ධෙ තණ‍්ඩුලෙ ගහෙත්‍වා ඛජ‍්ජකවිකතිම‍්පි භත‍්තම‍්පි පටියාදියිංසු. තං සන්‍ධාය වුත‍්තං පණීතං ඛාදනීයං භොජනීයං…පෙ… කාලං ආරොචාපෙසීති.

පණ්ඩු මුටිකස්ස සාලිනො මිටි බැඳ වියලු රත්හැල් ඒ හැල් වැපුරු තැන් පටන් මේ පෙරහරවෙයි. කුඹුරු මැනවින් සකස් කරන ලද්දේ වෙයි. එහි බිජුවට තබා සුවඳ ජල ඉස්සාහ. වපුරන කලට වියනක් මෙන් මත්තෙහි පැලැල්ලක් බැඳ පැසුණු කල්හි වී කරල් කපා මිටක් තරම් මිටි බැඳ ලනු බැඳි දැලක අහසෙහිම වියලවා සුවඳසුණු අතුරා කොටුවල පුරවා වසර තුනකටවරක් විවෘත කළහ. මෙසේ තෙවසරක් වසා තැබු රත්හැල්, කලු ඇට ඉවත්කළ සහල් ගෙන කැවිලි වර්ගද බත්ද පිළියෙල කළහ. ඒ සඳහා කියනලදී. පණීතං ඛාදනීයං භොජනීයං -පෙ- කාලං ආරොවා පෙසි යනුවෙන්

අධිවුට‍්ඨො මෙති කිං සන්‍ධාය වදති? වෙගළිඞ‍්ගතො නික‍්ඛමනකාලෙ ඝටිකාරො අත‍්තනො සන‍්තිකෙ වස‍්සාවාසං වසනත්‍ථාය පටිඤ‍්ඤං අග‍්ගහෙසි, තං සන්‍ධාය වදති. අහුදෙව අඤ‍්ඤථත‍්තං අහු දොමනස‍්සන‍්ති තෙමාසං දානං දාතුං, ධම‍්මඤ‍්ච සොතුං, ඉමිනා ච නියාමෙන වීසති භික‍්ඛුසහස‍්සානි පටිජග‍්ගිතුං නාලත්‍ථන‍්ති අලාභං ආරබ‍්භ චිත‍්තඤ‍්ඤථත‍්තං චිත‍්තදොමනස‍්සං අහොසි, න තථාගතං ආරබ‍්භ. කස‍්මා? සොතාපන‍්නත‍්තා. සො කිර පුබ‍්බෙ බ්‍රාහ‍්මණභත‍්තො අහොසි. අථෙකස‍්මිං සමයෙ පච‍්චන‍්තෙ කුපිතෙ වූපසමනත්‍ථං ගච‍්ඡන‍්තො උරච‍්ඡදං නාම ධීතරමාහ – “අම‍්ම අම‍්හාකං දෙවෙ මා පමජ‍්ජී”ති. බ්‍රාහ‍්මණා තං රාජධීතරං දිස‍්වා විසඤ‍්ඤිනො අහෙසුං. කෙ ඉමෙ චාති වුත‍්තෙ තුම‍්හාකං භූමිදෙවාති. භූමිදෙවා නාම එවරූපා හොන‍්තීති නිට‍්ඨුභිත්‍වා පාසාදං අභිරුහි. සා එකදිවසං වීථිං ඔලොකෙන‍්තී ඨිතා කස‍්සපස‍්ස භගවතො අග‍්ගසාවකං දිස‍්වා පක‍්කොසාපෙත්‍වා පිණ‍්ඩපාතං දත්‍වා අනුමොදනං සුණමානායෙව සොතාපන‍්නා හුත්‍වා “අඤ‍්ඤෙපි භික‍්ඛූ අත්‍ථී”ති පුච‍්ඡිත්‍වා “සත්‍ථා වීසතියා භික‍්ඛුසහස‍්සෙහි සද‍්ධිං ඉසිපතනෙ වසතී”ති ච සුත්‍වා නිමන‍්තෙත්‍වා දානං අදාසි.

අධිවුත්‍ථොවෙ කුමක් සඳහා කියයිද වේහලිංගයෙන් නික්මෙන කල ඝටීකාර තමා සමීපයෙහි වස්වැසීම පිණිස ප්‍රතිඥාවක් ලබාගත්තේය. ඒ සඳහා කියයි. අහුදෙව අඤ්ඤථත්තං අහුදෙව දොමනස්සං තෙමසක් දන්දෙන්නට දහම් අසන්ට මේ ක්‍රමයෙන් විසිදහසක් භික්‍ෂූන්ට පිළිදැගුම් කරන්ට නොලදිමියි නොලැබීම අරබයා සිතෙහි වෙනස් බවක් සිත් දොම්නස් බවක් විය. තථාගතයන් වහන්සේ අරබයා නොවේ. මක්නිසාදයත්. සෝවාන් වූ බැවිනි. හෙතෙමේ පෙර බ්‍රාහ්මණ භක්තිකයෙක් විය. ඉක්බිති එක්තරා කලෙක ප්‍රත්‍යන්තය කුපිත වු කල්හි සන්සිඳුවීම සඳහා යන්නේ උරච්ඡදා නම් දියණියට මෙසේ කීය. දරුව. අපගේ දෙවියන් කෙරෙහි පමානොවන්න. බමුණෝ ඒ රජ දියණියන් දැක විසඥ වූහ. මේ කවුදැයි කීවිට අපගේ දෙවියෝය දෙවියෝනම් මෙ වැන්නෝ දැයි කෙළගසා ප්‍රාසාදයට ගියාය. ඈ එක් දිනක් වීථිය දෙස බලමින් සිටියා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ දැක කැඳවා පිඬු දි අනුමෝදනාව අසමින් සිටියදීම සෝවාන්වී තවත් භික්ෂූහු වෙත් දැයි ඇසුවාය. ශාස්තෲන් වහන්සේ විසිදහසක් භික්‍ෂූන් සමග ඉසිපතනයෙහි වසන බව අසා ශාස්තෲන් වහන්සේට ආරාධනා කොට දානය දුන්නාය.

රාජා පච‍්චන‍්තං වූපසමෙත්‍වා ආගතො. අථ නං පඨමතරමෙව බ්‍රාහ‍්මණා ආගන‍්ත්‍වා ධීතු අවණ‍්ණං වත්‍වා පරිභින්‍දිංසු. රාජා පන ධීතු ජාතකාලෙයෙව වරං අදාසි. තස‍්සා “සත‍්ත දිවසානි රජ‍්ජං දාතබ‍්බ”න‍්ති වරං ගණ‍්හිංසු. අථස‍්සා රාජා සත‍්ත දිවසානි රජ‍්ජං නිය්‍යාතෙසි. සා සත්‍ථාරං භොජයමානා රාජානං පක‍්කොසාපෙත්‍වා බහිසාණියං නිසීදාපෙසි. රාජා සත්‍ථු අනුමොදනං සුත්‍වාව සොතාපන‍්නො ජාතො. සොතාපන‍්නස‍්ස ච නාම තථාගතං ආරබ‍්භ ආඝාතො නත්‍ථි. තෙන වුත‍්තං – “න තථාගතං ආරබ‍්භා”ති.

රජ ප්‍රත්‍යන්තය සමනය කොට පැමිණියේය. ඉක්බිති ඔහුවෙත පළමුවෙන්ම බමුණෝ පැමිණ දුවගේ අගුණ කියා බිඳවූහ. රජවනාහි දුව උපත්කල්හිම වරයක් දුන්නාය. ඇයට සත් දිනකට රාජ්‍යය දියයුතුයයි වරය ගත්තාය. රජ සත්දිනකට ඇයට රාජ්‍යය පවරා දුන්නේය. ඈද ශාස්තෲන් වහන්සේ වළඳවමින් රජු කැඳවා තිරය පිටුපස හිඳවූවාය. රජතෙමේ ශාස්තෲන් වහන්සේගේ අනුමෝදනාව අසාම සෝවාන්විය. සෝවාන් වුවකුට තථාගතයන් වහන්සේ අරබයා වෛරයක් නැත. එහෙයින් කියන ලදී - නතථාගතං ආරබ්භ

යං ඉච‍්ඡති තං හරතූති සො කිර භාජනානි පචිත්‍වා කයවික‍්කයං න කරොති, එවං පන වත්‍වා දාරුත්‍ථාය වා මත‍්තිකත්‍ථාය වා පලාලත්‍ථාය වා අරඤ‍්ඤං ගච‍්ඡති. මහාජනා “ඝටිකාරෙන භාජනානි පක‍්කානී”ති සුත්‍වා පරිසුද‍්ධතණ‍්ඩුලලොණදධිතෙලඵාණිතාදීනි ගහෙත්‍වා ආගච‍්ඡන‍්ති. සචෙ භාජනං මහග‍්ඝං හොති, මූලං අප‍්පං, යං වා තං වා දත්‍වා ගණ‍්හාමාති තං න ගණ‍්හන‍්ති. ධම‍්මිකො වාණිජො මාතාපිතරො පටිජග‍්ගති, සම‍්මාසම‍්බුද‍්ධං උපට‍්ඨහති, බහු නො අකුසලං භවිස‍්සතීති පුන ගන‍්ත්‍වා මූලං ආහරන‍්ති. සචෙ පන භාජනං අප‍්පග‍්ඝං හොති, ආභතං මූලං බහු, ධම‍්මිකො වාණිජො, අම‍්හාකං පුඤ‍්ඤං භවිස‍්සතීති යථාභතං ඝරසාමිකා විය සාධුකං පටිසාමෙත්‍වා ගච‍්ඡන‍්ති. එවංගුණො පන කස‍්මා න පබ‍්බජතීති. රඤ‍්ඤො වචනපථං පච‍්ඡින්‍දන‍්තො අන්‍ධෙ ජිණ‍්ණෙ මාතාපිතරො පොසෙතීති ආහ.

යං ඉච්ඡසි තං හරතු හෙතෙමේ බඳුන් පුළුස්සා ගනුදෙනු නොකරයි. මෙසේ කියා දරපිණිස හෝ මැටිපිණිස හෝ පිදුරු පිණිස හෝ වනයට යයි. මහජනයා ඝටීකාර විසින් වළං පුළුස්සන ලද්දේ යැයි අසා පිරිසිදු සහල් ලුණු. ගිතෙල් තෙල් පැණි ආදිය ගෙන එති. ඉදින් වළඳ මාහැඟි නම් මුදල් අල්පය කීයක් හෝ දී ගනිමුයි නොගනිති. දැහැමි වෙළෙන්දා මව්පියන් පෝෂණය කරයි. සම්මා සම්බුදුන්ට උවටැන් කරයි. ඔහුට බොහෝ කුසල් වන්නේයයි නැවත ගොස් මිලගෙනෙති. ඉදින් වළඳ මඳක් අගනේ ගෙන ආ මුදල වැඩිය දැහැමි වෙළෙන්දාය. අපට පින් ලැබෙන්නේ යයි ගෙන ආ පරිදිම ගෘහ පතිනිය මෙන් මනාසේ තබා යති. මෙසේ ගුණ ඇත්තා කුමකට පැවිදි වෙයිද යන රජුගේ වචන පථය පිරිසිඳින්නේ අන්‍ධෙ මාතාපිතරො පොසෙතියි කීය.

කො නු ඛොති කුහිං නු ඛො. කුම‍්භියාති උක‍්ඛලිතො. පරියොගාති සූපභාජනතො. පරිභුඤ‍්ජාති භුඤ‍්ජ. කස‍්මා පනෙතෙ එවං වදන‍්ති? ඝටිකාරො කිර භත‍්තං පචිත්‍වා සූපං සම‍්පාදෙත්‍වා මාතාපිතරො භොජෙත්‍වා සයම‍්පි භුඤ‍්ජිත්‍වා භගවතො වඩ‍්ඪමානකං භත‍්තසූපං පට‍්ඨපෙත්‍වා ආසනං පඤ‍්ඤපෙත්‍වා ආධාරකං උපට‍්ඨපෙත්‍වා උදකං පච‍්චුපට‍්ඨපෙත්‍වා මාතාපිතූනං සඤ‍්ඤං දත්‍වා අරඤ‍්ඤං ගච‍්ඡති. තස‍්මා එවං වදන‍්ති. අභිවිස‍්සත්‍ථොති අතිවිස‍්සත්‍ථො. පීතිසුඛං න විජහතීති න නිරන‍්තරං විජහති, අථ ඛො රත‍්තිභාගෙ වා දිවසභාගෙ වා ගාමෙ වා අරඤ‍්ඤෙ වා යස‍්මිං යස‍්මිං ඛණෙ – “සදෙවකෙ නාම ලොකෙ අග‍්ගපුග‍්ගලො මය‍්හං ගෙහං පවිසිත්‍වා සහත්‍ථෙන ආමිසං ගහෙත්‍වා පරිභුඤ‍්ජති, ලාභා වත මෙ”ති අනුස‍්සරති, තස‍්මිං තස‍්මිං ඛණෙ පඤ‍්චවණ‍්ණා පීති උප‍්පජ‍්ජති. තං සන්‍ධාය එවං වුත‍්තං.

කොනුඛො කොහින්ද? බත් සැළියෙන් පරියොගා එළවළු ඇතිලියෙන් පරිභුඤ්ජ අනුභව කරන්න. මොවුන් මෙසේ කියන්නේ ඇයි. ඝටීකාර බත් පිස ව්‍යංජන සාදා මවු පියන් කවා තමාද කා භාග්‍යවතුන් වහන්සේට වඩනා බත් හොඳින් තබා අසුනක් පනවා ආධාරකයක් පිරිනමා ජලය එළවා මව්පියන්ට සංඥාවක් කොට වනයට යයි. ඒඩ්ඩිසා මෙසේ කියති. අභිවිස්සත්‍ථෙ බොහෝ විශ්වාස යන අර්ථයි. පීතිසුඛං නවිජහති නිරන්තරයෙන් අත් නොහරි. ඉක්බිති රෑකල්හි හෝ දිවාකල්හි හෝ ගමෙහි හෝ අරණ්‍යයෙහි හෝ යම් යම් ක්ෂණයෙක දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලයා මාගේ ගෙට පිවිස තම අතින් ආමිෂය ගෙන වැළඳුසේක. ලාභාවතමෙ මට ඒකාන්තයෙන් ලාභයෙකැයි සිහිකරයි. ඒ ඒ මෙහොතෙහි පස්වනක් ප්‍රීතිය උපදී. ඒ සඳහා මෙය කියන ලදී.

කළොපියාති පච‍්ඡිතො. කිං පන භගවා එවමකාසීති. පච‍්චයො ධම‍්මිකො, භික‍්ඛූනං පත‍්තෙ භත‍්තසදිසො, තස‍්මා එවමකාසි. සික‍්ඛාපදපඤ‍්ඤත‍්තිපි ච සාවකානංයෙව හොති, බුද‍්ධානං සික‍්ඛාපදවෙලා නාම නත්‍ථි. යථා හි රඤ‍්ඤො උය්‍යානෙ පුප‍්ඵඵලානි හොන‍්ති, අඤ‍්ඤෙසං තානි ගණ‍්හන‍්තානං නිග‍්ගහං කරොන‍්ති, රාජා යථාරුචියා පරිභුඤ‍්ජති, එවංසම‍්පදමෙතං. පරසමුද‍්දවාසීථෙරා පන “දෙවතා කිර පටිග‍්ගහෙත්‍වා අදංසූ”ති වදන‍්ති.

කලොපියා පැසින්: කුමක්නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ කළ සේක්ද, භික්‍ෂූන්ගේ පාත්‍රයෙහි බත් හා සමාන ධාර්මික ප්‍රත්‍යයෙකි. ඒනිසා එසේ කළසේක. ශික්ෂාපද පැනවීමද ශ්‍රාවකයන්ටමය. බුදුවරුන්ට ශික්ෂාපද වේලාවක් නැත. රජුගේ උයනෙහි මල්පල ඇත. ඒවා ගන්නා අන්‍යයන්ට නිග්‍රහ කරත්. රජ රිසි පරිදි පරිභෝජනය කරයි. මේ මෙබඳු සම්පතකි. මුහුදින් එතර වැසි තෙරවරු දෙවියෝ පිළිගෙන දුන්හයි කියති.

හරථ, භන‍්තෙ, හරථ භද්‍රමුඛාති අම‍්හාකං පුත‍්තො “කුහිං ගතොසී”ති වුත‍්තෙ – “දසබලස‍්ස සන‍්තික”න‍්ති වදති, කුහිං නු ඛො ගච‍්ඡති, සත්‍ථු වසනට‍්ඨානස‍්ස ඔවස‍්සකභාවම‍්පි න ජානාතීති පුත‍්තෙ අපරාධසඤ‍්ඤිනො ගහණෙ තුට‍්ඨචිත‍්තා එවමාහංසු.

හරථ භන්තෙ හරථභද්‍රමුඛ අපගේ පුත්‍රයා කොහි ගියේ දැයි කීකල්හි දශබල ධාරීන් වහන්සේ සමීපයට යයි. කියයි කොහිද යන්නේ. ශාස්තෲන් වහන්සේ වසන තැනට වඩින බවවත් නොදනියයි පුත්‍රයා අපරාධයක් කළේය යන සංඥාව ඇත්තාහු යයි ගැනීමෙහි සතුටු සිතැත්තාහු මෙසේ කීහ.

තෙමාසං ආකාසච‍්ඡදනං අට‍්ඨාසීති භගවා කිර චතුන‍්නං වස‍්සිකානං මාසානං එකං මාසං අතික‍්කමිත්‍වා තිණං ආහරාපෙසි, තස‍්මා එවමාහ. අයං පනෙත්‍ථ පදත්‍ථො – ආකාසං ඡදනමස‍්සාති ආකාසච‍්ඡදනං. න දෙවොතිවස‍්සීති කෙවලං නාතිවස‍්සි, යථා පනෙත්‍ථ පකතියා ච නිබ‍්බකොසස‍්ස උදකපාතට‍්ඨානබ‍්භන‍්තරෙ එකම‍්පි උදකබින්‍දු නාතිවස‍්සි, එවං ඝනඡදනගෙහබ‍්භන‍්තරෙ විය න වාතාතපාපි ආබාධං අකංසු, පකතියා උතුඵරණමෙව අහොසි. අපරභාගෙ තස‍්මිං නිගමෙ ඡඩ‍්ඩිතෙපි තං ඨානං අනොවස‍්සකමෙව අහොසි. මනුස‍්සා කම‍්මං කරොන‍්තා දෙවෙ වස‍්සන‍්තෙ තත්‍ථ සාටකෙ ඨපෙත්‍වා කම‍්මං කරොන‍්ති. යාව කප‍්පුට‍්ඨානා තං ඨානං තාදිසමෙව භවිස‍්සති. තඤ‍්ච ඛො පන න තථාගතස‍්ස ඉද‍්ධානුභාවෙන, තෙසංයෙව පන ගුණසම‍්පත‍්තියා. තෙසඤ‍්හි – “සම‍්මාසම‍්බුද‍්ධො කත්‍ථ න ලභෙය්‍ය, අම‍්හාකං නාම ද‍්වින‍්නං අන්‍ධකානං නිවෙසනං උත‍්තිණං කාරෙසී”ති න තප‍්පච‍්චයා දොමනස‍්සං උදපාදි – “සදෙවකෙ ලොකෙ අග‍්ගපුග‍්ගලො අම‍්හාකං නිවෙසනා තිණං ආහරාපෙත්‍වා ගන්‍ධකුටිං ඡාදාපෙසී”ති පන තෙසං අනප‍්පකං බලවසොමනස‍්සං උදපාදි. ඉති තෙසංයෙව ගුණසම‍්පත‍්තියා ඉදං පාටිහාරියං ජාතන‍්ති වෙදිතබ‍්බං.

තෙමාසං ආකාසච්ඡදනං අට්ඨාසි භාග්‍යවතුන් වහන්සේ වස්සතර මාසයෙහි එක්මසක් ඉක්මවා තණකොළ ගෙන්වා ගත්සේක. ඒනිසා මෙසේ කීහ. මේ මෙහි පදාර්ථයයි ආකාසච්ඡදනය මොහුට නුයි ආකාසචඡදනං නචාතිවස්සි හුදෙක් වැඩියෙන් නොවැස්සේය. එළිපතට ජලය හෙළන ස්ථානය ඇතුළත එක් ජලබිඳුවක් වත් වැඩිපුර වැස්සේනැත. මෙසේ ඝන සෙවන ඇතිගෙය ඇතුළත මෙන් වාතයවත් අව්වවත් කිසිදු බාධකයක් කළේ නැත. ප්‍රකෘති ඍතු පැතුරුම පමණක් විය. පසුකලෙක ඒ නියම්ගමෙහි අත්හැර දැමුවද ඒ ස්ථානය අනො වස්සක - වැසි නොවැටෙන තැනක්ම විය. මිනිස්සු කර්මාන්ත කරන්නාහු වැසි වසින විට එහි රෙදි තබා කර්මාන්ත කරති. කල්පය පවත්නා තෙක් ඒ ස්ථානය එපරිදිම වන්නේය. එයද තථාගතයන් වහන්සේගේ ඍද්ධි ආනුභාවයෙන් නොව ඔවුන්ගේම ගුණ සම්පත්තියෙන් වූවකි. ඔවුන්ට සම්මා සම්බුදුන් වහන්සේ කිසියම් තැනක නොලැබෙත්නම් අන්ධවූ අප දෙදෙනාගේ නිවස වහල ඉවත්කරවී යැයි ඒ කරුණ හේතු කොට දොසක් ඉපදුණේ නැත. දෙවියන් සහිත ලෝකයෙහි අග්‍රපුද්ගලයා අපගේ නිවසින් තණකොළ ගෙන්වා ගඳකිළිය වැස්වුහයි ඔවුන්ට අනල්පවු බලවත් සොම්නසක් උපන්නේය. මෙසේ ඔවුන්ගේම ගුණ සම්පත්තියෙන් මෙම ප්‍රාතිහාර්යය ඇතිවිණැයි දතයුතුය.

තණ‍්ඩුලවාහසතානීති එත්‍ථ ද‍්වෙ සකටානි එකො වාහොති වෙදිතබ‍්බො. තදුපියඤ‍්ච සූපෙය්‍යන‍්ති සූපත්‍ථාය තදනුරූපං තෙලඵාණිතාදිං. වීසතිභික‍්ඛුසහස‍්සස‍්ස තෙමාසත්‍ථාය භත‍්තං භවිස‍්සතීති කිර සඤ‍්ඤාය රාජා එත‍්තකං පෙසෙසි. අලං මෙ රඤ‍්ඤොව හොතූති කස‍්මා පටික‍්ඛිපි? අධිගතඅප‍්පිච‍්ඡතාය. එවං කිරස‍්ස අහොසි – “නාහං රඤ‍්ඤා දිට‍්ඨපුබ‍්බො, කථං නු ඛො පෙසෙසී”ති. තතො චින‍්තෙසි – “සත්‍ථා බාරාණසිං ගතො, අද‍්ධා සො රඤ‍්ඤො වස‍්සාවාසං යාචියමානො මය‍්හං පටිඤ‍්ඤාතභාවං ආරොචෙත්‍වා මම ගුණකථං කථෙසි, ගුණකථාය ලද‍්ධලාභො පන නටෙන නච‍්චිත්‍වා ලද‍්ධං විය ගායකෙන ගායිත්‍වා ලද‍්ධං විය ච හොති. කිං මය‍්හං ඉමිනා, කම‍්මං කත්‍වා උප‍්පන‍්නෙන මාතාපිතූනම‍්පි සම‍්මාසම‍්බුද‍්ධස‍්සපි උපට‍්ඨානං සක‍්කා කාතු”න‍්ති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

තණ්ඩුලවාහ සතානි මෙහි ගැල්දෙකක් එක් වාහයක්යැයි දතයුතුය. තදාපිකංච සුපෙය්‍යං ව්‍යඤ්ජන පිණිස එයට සුදුසු තෙල්පැණි ආදියෙන් භික්‍ෂුන් දහසකට තෙමසක් සඳහා දන්වැට වන්නේ යයි යන හැඟීමෙන් රජතෙමේ මෙපමණක් එවීය. අලම්මෙ රඤ්ඤොවහොතු කුමක්නිසා ප්‍රතික්ෂේප කළේද. අධිගම අල්පේච්ඡතාව නිසාය. ඔහුට මෙසේ සිතක් ඇතිවිය. මම රජු විසින් නොදන්නා ලද්දෙමි. එවුවේ කෙසේද. ඉන්පසු මෙසේ සිතීය. ශාස්තෲන් වහන්සේ බරණැසට වැඩිසේක. ඒකාන්තයෙන් උන්වහන්සේ රජුවිසින් වස්වසනු පිණිස ඉල්ලා සිටිනු ලබන්නේ මා හට ප්‍රතිඥා දුන්බව දන්වා මාගේ ගුණ කථාව කියුසේක. ගුණකථාවෙන් ලද ලාභය නළුවා නටා ලැබු ලාභය මෙන්ද ගායකයා ගයා ලැබූ ලාභය මෙන්ද වෙයි. මාගේ මේ උපන් කර්මයෙන් මව්පියන්ටද සම්මාසම්බුදුන්ටද උවටැන් කිරීමට හැකිය. සෙස්ස නොගැඹුරු මය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය ඝටිකාරසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමුවැනි ඝටීකාර සූත්‍රයයි