සන්දක සුත්තං
2. 3. 6.
2. 3. 6.
සන්දක සුත්තං
සන්දක සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන සන්දකො පරිබ්බාජකො පිලක්ඛගුහායං පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං පඤ්චමත්තෙහි පරිබ්බාජකසතෙහි. අථ ඛො ආයස්මා ආනන්දො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි ‘ආයාමාවුසො යෙන දෙවකටසොබ්භො තෙනුපසඞ්කමිස්සාම ගුහාදස්සනායා’ති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. අථ ඛො ආයස්මා ආනන්දො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන දෙවකටසොබ්භො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සන්දකො පරිබ්බාජකො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා. සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා.
මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර නිසා ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සන්දක පරිව්‍රාජක පන්සියයක් පමණ වූ මහත් පිරිවැජි පිරිස් හා සමග පුලිල ගුහායෙහි වෙසෙයි. එකල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ සවස්වේලෙහි පිළිසලනින් නැඟී සිටිසේක් ‘ ඇවැත්නි, දේවකටැසොබ්හ (වැසිදියෙන් වළහුන් හෙබ) යම් තැනෙක් ද එහි ගුහාදර්‍ශනයට යම්හ’යි භික්ෂූන් ඇමතූසේක. ‘එසේ යැ ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට පිළිවදන් දුන්හ. එකල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ බොහෝ භික්ෂූන් සමග දේවකටසොබ්හය කරා එළඹිසේක. එසමයෙහි සන්දක පිරිවැජි තෙම උද්ගතනාද ඇති උස්හඬ මහහඬ නඟන අනේකප්‍රකාර තිරශ්චීන කථා කරන මහත් පිරිවැජි පිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කෙබඳු කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනා පිළිබඳ කථා භය කථා යැ යුද්ධ කථා යැ ආහාර කථා යැ පාන කථා යැ වස්ත්‍ර කථා යැ ශයන කථා යැ මාලා කථා යැ ගන්ධ කථා යැ ඥාතීන් පිළිබඳ කථා යැ යානකථා යැ ග්‍රාම කථා යැ නිගම කථා යැ නගර කථා යැ ජනපද කථා යැ ස්ත්‍රීන් පිළිබඳ කථා යැ ශූරයන් පිළිබඳ කථා යැ වීථි කථා යැ කුම්භස්ථාන (පැන්තොට) කථා යැ (කුම්භදාසීන් පිළිබඳ හෝ කථා යු ) පූර්‍වප්‍රේතකථා යැ නන් වැදෑරුම් නිරර්‍ත්‍ථකකථා යැ ලෝකායත කථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ (ශාස්වත උච්ඡේදාදී සවැදෑරුම්) භවාභවකථා යැ යන මේ යි.
අද්දසා ඛො සන්දකො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨපෙසි අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ, අයං සමණස්ස ගොතමස්ස සාවකො ආගච්ඡති සමණො ආනන්දො. යාවතා ඛො පන සමණස්ස ගොතමස්ස සාවකා කොසම්බියං පටිවසන්ති අයං තෙසං අඤ්ඤතරො සමණො ආනන්දො. අප්පසද්දකාමා ඛො පන තෙ ආයස්මන්තො අප්පසද්දවිනීතා අප්පසද්දස්ස වණ්ණවාදිනො, අප්පෙවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යා’ති. අථ ඛො තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං.
සන්දක පිරිවැජි තෙමේ දුරින් මැ වඩනා ආයුෂ්මත් ආනන්ද තෙරුන් දුටුයේ යැ. දැක සියපිරිස් සන්හුන් කරවී ය, “භවත්නි, නිශ්ශබ්ද වෙත්වා, භවත්හු නහමක් ශබ්ද කරවු, මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක වූ මේ ශ්‍රමණ ආනන්දයෝ පැමිණෙති, කොසඹෑනුවර ශ්‍රමණගෞතමයන්ගේ යම් පමණ ශ්‍රාවකයෝ වෙසෙත් ද, මේ ශ්‍රමණ ආනන්දයෝ ඔවුනතර එක්තරා කෙනෙක, ඒ ආයුෂ්මත්හු වැළිත් නිහඬ බව කැමැත්තා හ, නිහඬ වූ බුදුරදුන් විසින් විනීතයහ. නිහඬ තැන්හි ගුණ කියන්නාහ, නිහඬපිරිස දැන එළැඹියයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පරිව්‍රාජකයෝ නිහඬ වූහ.
අථ ඛො ආයස්මා ආනන්දො යෙන සන්දකො පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො සන්දකො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච: එතු ඛො භවං ආනන්දො, ස්වාගතං භොතො ආනන්දස්ස. චිරස්සං ඛො භවං ආනන්දො ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය,
ඉක්බිති ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ සන්දක පරිව්‍රාජක වෙත එළැඹියැහ. ඉක්බිති සන්දක පරිව්‍රාජක ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට තෙල කී: “භවත් ආනන්දයෝ පැමිණෙන සේක්වා, භවත් ආනන්‍දයනට ස්වාගත යැ, භවත් ආනන්දයෝ මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මේ පරියාය (කරුණ) කළහ,
නිසීදතු භවං ආනන්දො, ඉදමාසනං පඤ්ඤත්තන්ති. නිසීදි ඛො ආයස්මා ආනන්දො පඤ්ඤත්තෙ ආසනෙ. සන්දකොපි ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සන්දකං පරිබ්බාජකං ආයස්මා ආනන්දො එතදවොච: ‘කායනුත්ථ සන්දක, එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරා කථා විප්පකතා’ති. තිට්ඨතෙසා භො ආනන්ද කථා, යාය මයං එතරහි කථාය සන්නිසින්නා. නෙසා භොතො ආනන්දස්ස කථා දුල්ලභා භවිස්සති පච්ඡාපි සවණාය. සාධු වත භවන්තංයෙව ආනන්දං පටිභාතු සකෙ ආචරියකෙ ධම්මී කථා’ති. තෙන හි සන්දක සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’ති. එවං භොති ඛො සන්දකො පරිබ්බාජකො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. ආයස්මා ආනන්දො එතදවොච:
භවත් ආනන්දයෝ වැඩහිඳුනා සේක්වා, මේ අස්න පනවනලදැ”යි. ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ පනවනලද අස්නෙහි වැඩහුන්හ. සන්දක පරිව්‍රාජක එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සන්දක පරිව්‍රාජකහට ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙලවදන් කීහ: “සන්දකයෙනි, දැන් කවර නම් කථාවෙකින් යුක්ත වැ උන්හු ද, තොප විසින් කවර නම් කථාවක් අඩාළ කරනලද දැ?” යි. භවත් ආනන්දයෙනි, තෙල කථා තිබේවා, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ හුන්නමෝ නම් තෙල කථාව භවත් ආනන්‍දයනට පසු වත් ඇසීමට දුලබ නො වෙයි. භවත් ආනන්‍දයනට මැ ස්වකීය ආචාර්‍ය්‍යවංශයෙහි දැහැමි කථා වැටහේව’යි ආරාධනා කරමි. “එසේ වී නම් සන්දකයෙනි, අසව, මොනොවට මෙනෙහි කරව, කියමි”යි . “එසේ යැ භවත්නි”යි සන්දක පරිව්‍රාජක ආයුෂ්මත් අනඳ තෙරුන්ට පිළිවදන් ඇස්වී. ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ තෙල කරුණ වදාළහ:
‘චත්තාරොමෙ සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන අබ්රහ්මචරියවාසා අක්ඛාතා, චත්තාරි ච අනස්සාසිකානි බ්රහ්මචරියානි අක්ඛාතානි, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා න ආරාධෙය්ය ඤායං ධම්මං කුසල’න්ති.
“සන්දකයෙනි, සත්ත්වයන්ගේ ආශයානුශය දන්නා වූ ඥේයධර්‍මයන් දක්නා වූ ප්‍රත්‍යයාදීන්ට නිසි හෙයින් අර්හත් වූ සත්‍යාවබෝධය කළ හෙයින් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු විසින් සතර අබ්‍රම්සරවස් කෙනෙක් වදාරනලද්දාහ, අස්වැසිලි රහිත වූ සතර බ්‍රම්සරවස් කෙනෙක් ද වදාරනලද්දාහ: “යම් බ්‍රහ්මචරිය වාසයෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ ය, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යැ”යි.
කතමෙ පන තෙ භො ආනන්ද, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො අබ්රහ්මචරියවාසා අක්ඛාතා, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා න ආරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති:
භවත් ආනන්දයෙනි, නුවණින් දන්නා වූ ඇසින් දක්නා වූ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් කවර සතර අබ්‍රහ්මචරියවාස කෙනෙක් වදාරනලද්දාහු ද, “යම් තැනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ දැ”යි.
ඉධ සන්දක, එකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි: ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චාතුම්මහාභූතිකො අයං පුරිසො යදා කාලං කරොති පඨවී පඨවීකායං අනුපෙති අනුපගච්ඡති. ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති, වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති , ආකාසං ඉන්ද්රියානි සඞ්කමන්ති, ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාව ආළාහනා පදානි පඤ්ඤායන්ති, කාපොතකානි අට්ඨීනි භවන්ති, භස්සන්තාහුතියො දත්තුපඤ්ඤත්තං යදිදං දානං තෙසං තුච්ඡං මුසා විලාපො යෙ කෙචි අත්ථිකවාදං වදන්ති, බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති විනස්සන්ති න හොන්ති පරම්මරණා’ති. තත්ර සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: ‘අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි. ‘නත්ථි දින්නං නත්ථි යිට්ඨං නත්ථි හුතං නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො නත්ථි අයං ලොකො නත්ථි පරො ලොකො නත්ථි මාතා නත්ථි පිතා නත්ථි සත්තා ඔපපාතිකා නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චාතුම්මහාභූතිකො අයං පුරිසො, යදා කාලං කරොති පඨවී පඨවීකායං අනුපෙති අනුපගච්ඡති, ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති,
සන්දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: “දුන් දෙය ඵල නැත, පූජායෙහි ඵල නැත, පඬුරු කොට අළ දැයෙහි ඵල නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්වයෝ නැත, සම්‍යග්ගත වූ සම්‍යක් ප්‍රතිපන්න වූ මහණබමුණු කෙනෙක් නැත, ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැ දැක ප්රත්යක්ෂ කොට පවසත් නම් ඔහු යි. මේ පුරුෂ සතර මහාභූතයෙන් උපන. යම් කලෙක කලුරිය කෙරේ ද එකල පෘථිවිධාතුව බාහිර පෘථිවිධාතුවට එක් වෙයි, අනුව යෙයි, අධ්‍යාත්මික අබ්ධාතුව බාහිර අබ්ධාතුවට එක් වෙයි, අධ්‍යාත්මික තේජෝධාතුව බාහිර තේජෝධාතුවට එක්වෙයි, අධ්‍යාත්මික වායෝධාතුව බාහිර වායෝධාතුවට එක් වෙයි, ඉන්‍දියයෝ ආකාශධාතුවට දිවෙති, හොත් ඇඳ පස්වනු කොට ඇති පුරුෂයෝ සිව් දෙනෙක් මළහු ගෙන යති, සොහොන දක්වා ගුණපදයෝ පැනෙති, පරෙවිපැහැ ඇති ඇට ශේෂ වෙයි, දානාදී සත්කාරයෝ භස්මය අන්ත කොට ඇත්තාහ, යම් දීමෙක් වේ ද එය බාලයන් විසින් පනවනලද්දෙක, යම් කෙනෙක් ආස්තිකවාද පවසත් ද එය උන් ගේ සිස් වූ මෘෂායෙක විලාපයෙක, බාලයෝ ද පණ්ඩිතයෝ ද කය බිඳීමෙන් උච්ඡේදයට විනාශයට පැමිණෙති, මරණින් මතු නො වෙත්” යයි. සන්දකය, විඥ වූ පුරුෂ එහිලා මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක: දෙනලද්දෙහි ඵල නැත, පුදන ලද්දෙහි ඵල නැත, පඬුරු කොට අළ දැයෙහි ඵල නැත, සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵලවිපාකයෙක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්වයෝ නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැ දැක ප්රත්යක්ෂ කොට පවසත් ද එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණු කෙනෙක් නැත, මේ පුරුෂ සතර මහාභූතයෙන් උපන, යම් කලෙක කලුරිය කෙරේ ද, එකල පෘථිවිධාතුව පෘථිවිධාතුවට පැමිණෙයි, අබ්ධාතුව ධාතුව අබ්ධාතුවට ධාතුවට පැමිණෙයි, තේජෝ ධාතුව ධාතුව තේජෝධාතුවට ධාතුවට පැමිණෙයි,
වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති, ආකාසං ඉන්ද්රියානි සඞ්කමන්ති. ආසන්දි පඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාව ආළාහනා පදානි පඤ්ඤායන්ති, කාපොතකානි අට්ඨීනි භවන්ති, භස්සන්තාහුතියො, දත්තුපඤ්ඤත්තං යදිදං දානං, තෙසං තුච්ඡං මුසා විලාපො යෙ කෙචි අත්ථිකවාදං වදන්ති, බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති, න හොන්ති පරම්මරණාති. සචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං, අබ්බුසිතෙන මෙ එත්ථ වුසිතං, උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා, යො චාහං න වදාමි: ‘උභො කායස්ස භෙදා උච්ඡිජ්ජිස්සාමි විනස්සිස්සාම, න භවිස්සාම පරම්මරණා’ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං, යොහං පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි අභිසම්පරායං, සොහං කිංජානන්තො කිංපස්සන්තො ඉමස්මිං සත්ථරි බ්රහ්මචරියං චරිස්සාමි, සො අබ්රහ්මචරියවාසො අය’න්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. අයං ඛො සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමො අබ්රහ්මචරියවාසො අක්ඛාතො යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
වායෝධාතුව වායෝධාතුවට පැමිණෙයි, ඉන්‍දියයෝ ආකාශ ධාතුවට දිවෙති, හොත් ඇඳ පස්වනු කොට ඇති පුරුෂයෝ මළහු ගෙන යති, සොහොන දක්වා ගුණපදයෝ පැනෙති, පරෙවිපැහැ ඇති ඇට ශේෂ වෙයි, දානාදී සත්කාරයෝ භස්මය අන්ත කොට ඇත්තාහ, දානය බාලයන් විසින් පනවන ලද, යම් කෙනෙක් ආස්තිකවාදය පවසත් ද එය උන් ගේ සිස් වූ මෘෂායෙක විලාපයෙක, බාලයෝ ද පණ්ඩිතයෝ ද කය බිඳීමෙන් උච්ඡේදයට විනාශයට පැමිණෙති, මරණින් මතු නො වෙත්” යයි. ඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් නම් මොහුගේ ශාසනයෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, මොහුගේ ශාසනයෙහි බඹසරවස් නො විසූ මා විසින් බඹසරවස් වසන ලද, මේ ශ්‍රමණධර්‍මයෙහි හි ඇපි දෙදෙන මැ සමසම වූම්හ, සමාන බවට පැමිණියම්හ, මම වූ කලී ඇපි දෙදෙන මැ කය බිඳීමෙන්උච්ඡේදයට පැමිණෙම්හ, වැනැසෙම්හ, මරණින්මතු නො වම්හ’ යි නො කියමි. යළි මේ භවත් ශාස්තෘහු ගේ නග්න බව මුඩු බව උළුලුපහදන, කෙස්රවුළු සිඳීම අතිරේකයකි, මම් පුත්‍රසම්බාධශයනයෙහි වසන්නෙමි කසීසඳුන් වළඳනුයෙම් මල්ගඳ විලෙවුන් දරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් පරලොව දී මේ භවත් ශාස්තෘහු හා සමානගති ඇති වන්නෙමි, ඒ මම කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් දැ? යි. හේ ‘මේ අබ්‍රහ්මචර්‍ය්‍යවාසයෙකැ’යි මෙසේ දැන ඒ අබ්‍රහ්මචර්‍ය්‍යයෙන් කලකිරී නික්ම යෙයි. සන්දකය, දන්නා වූ දක්නා වූ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ පළමු වන අබ්‍රහ්මචර්‍ය්‍යවාසය වදාරන ලද්දේ යැ, යම් බඹසරෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය යූ අනවද්‍යධර්‍මය ආරාධනය නො කරන්නේ යි.
පුන චපරං සන්දක ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි: ‘කරතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසාභණතො, කරතො න කරීයති පාපං ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො, උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො නත්ථි තතො නිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො, දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො’ති.
තවද සන්දකයෙනි, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙති: “(සියතින් ) කරන්නාහට (අණින් ) කරවන්නාහට සිඳින්නාට සිඳුවන්නාට (දඬින්) පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට කරවන්නාහට ක්ලාන්තය කරන්නාට කරවන්නාහට ඵන්‍දනය කරන්නාහට කරවන්නාහට ප්‍රාණවධ කරන්නාහට නුදුන්දැය ගන්නාහට ගෘහසන්ධි සිඳින්නාහට ගම් පහරනුවහට එක් ගෙයක් පැහැර ගන්නාහට මංපහරවනුවහට පරඹුවන් කරා යන්නහුට මුසවා කියනුවහුට (පව් කෙරෙමි හැඟ) කරන්නාහට ද පව් නැති. යමෙක් ක්ෂුරධාරා නිම්වළලු කොට ඇති චක්‍රෙයන් මෙ පොළොවෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංශපුඤ්ජයක් කරන්නෙම් නම් එ හේතුවෙන් පව් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත, නසමින් නස්වමින් සිඳමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ඉදින් ගඞ්ගානදියෙහි දකුණු ඉවුරට යන්නේ නමුදු එ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත. දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් ඉදින් ගඞ්ගානදියෙහි උතුරු ඉවුරට යන්නේ නමුදු එ හේතුවෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැත, දානයෙන් ඉන්දිය දමනයෙන් කායවාක් සංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැතැ“යි.
තත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි: ‘කරතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසාභණතො කරතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො නත්ථි තතො නිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො, දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමොති.
සන්දකය, එහිලා නුවණැති පුරුෂ මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙවන් වාද ඇත්තෙක, මෙවන් දෘෂ්ටි ඇත්තෙක: “කරන්නාහට කරවන්නාහට සිඳින්නාහට සිඳුවන්නාහට වෙහෙසෙන්නාහට වෙහෙසවන්නාහට ශෝක කරවන්නාහට ක්ලාන්ත කරවන්නාහට සලන්නාහට සලවන්නාහට ප්‍රාණවධ කරන්නාහට නුදුන් දෑ ගන්නාහට ගෘහසන්ධි සිඳින්නාහට ගම් පහරන්නාහට එක් ගෙයක් පැහැර ගන්නාහට මං පහරන්නාහට පරඹුන් කරා යන්නාහට මුසවා බණන්නහුට දැන දැන පව් කරන්නාහට පාපයෙක් නැති. ඉදින් යමෙක් ක්ෂුරපර්ය්යන්ත චක්‍රෙයෙන් මේ පොළොවෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංශපුඤ්ජයක් කරන්නේ නමුදු ඒ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත, ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගානදියෙහි දකුණු ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත. ඉදින් දෙමින් දෙවමින් යාග කෙරෙමින් කරවමින් ගඞ්ගානදියෙහි උතුරු ඉවුරට යේ නමුදු එ හේතුවෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැත, දානයෙන් ඉන්දිය දමනයෙන් සංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත, පින් පැමිණීමෙක් නැතැ”යි.
සචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං, අබ්බුසිතෙන මෙ එත්ථ වුසිතං. උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා යො චාහං න වදාමි, ‘උභින්නං කුරුතං න කරීයති පාප’න්ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං, යොහං පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි අභිසම්පරායං. සොහං කිංජානන්තො කිංපස්සන්තො ඉමස්මිං සත්ථරි බ්රහ්මචරියං චරිස්සාමි, සො ‘අබ්රහ්මචරියවාසො අයන්ති’ ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. අයං ඛො සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියො අබ්රහ්මචරියවාසො අක්ඛාතො, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො වා න ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
ඉදින් මේ භවත් ශාස්තෘහුගේ වචනය සැබැවෙක් වේ නම් මෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, මෙහි බඹසරවස් නො විසූ මා විසින් වසන ලද, තෙල මහණදම්හි ඇපි දෙදෙන මැ ගුණයෙන් සමසම වම්හ, සමබවට පැමිණියම්හ, මම් වූකලී ‘පව් කරන දෙදෙනාහට පාපය නො කැරේ’යයි නො කියමි. මේ භවත් ශාස්තෘහු ගේ වැළිත් නග්න බව මුඩු බව උළුලුපහදන කෙහෙරවුළු සිඳීම අතිරේකයෙකි. මම් පුත්‍රසම්බාධශයනයෙහි වාසය කරන්නෙම් කසීසඳුන් වළඳනෙම් මල්ගඳවිලෙවුන් දරන්නෙම් රන්රිදී ඉවසන්නෙම් මේ භවත් ශාස්තෘහු හා සමග පරලොව දී සමානගති ඇත්තෙකිම් වෙමි. ඒ මම් කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් ද? හෙ තෙම මේ අබ්‍රහ්මචරියවාසයෙකැ’යි මෙසේ දැන ඒ බ්‍රහ්මචරියෙන් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්දකය, ඒ සියල්ල දන්නා වූ දක්නා වූ අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ දෙ වැනි අබ්‍රහ්මචරියවාසය වදාරන ලද්දේ යැ. යම් තැනෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය යූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යැ.
පුන චපරං සන්දක ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි: ‘නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සඞ්කිලෙසාය, අහෙතූ අප්පච්චයා සත්තා සඞ්කිලිස්සන්ති. නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා, අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං නත්ථි විරියං නත්ථි පුරිසත්ථාමො නත්ථි පුරිසපරක්කමො, සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවිරියා නියතිසඞ්ගතිභාවපරිණතා ඡස්සෙවාභිජාතිසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’ති.
තවද සන්දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙති: “සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්වයෝ කෙලෙසෙති. සත්ත්වයන්ගේ විශුද්ධියට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්වයෝ විශුද්ධ වෙති. බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂශක්තියෙක් නැත, පුරුෂපරාක්‍රමයෙක් නැති. හැම සත්හු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ වසඟ නො වූවාහු බල රහිත වූවාහු වීර්‍ය්‍යය රහිත වූවාහු නියතිසඞ්ගති ස්වභාවයෙන් පරිණත වූවාහු අභිජාති සයෙකැ මැ සිට සුවදුක් විඳිත්”යයි.
තත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: ‘අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි: නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං සඞ්කිලෙසාය. අහෙතූ අප්පච්චයා සත්තා සඞ්කිලිස්සන්ති. නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා. අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං නත්ථි විරියං නත්ථි පුරිසත්ථාමො නත්ථි පුරිසපරක්කමො, සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවිරියා නියතිසඞ්ගතිභාවපරිණතා ඡස්සෙවාභිජාතිසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’ති. සචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං, අබ්බුසිතෙන මෙ එත්ථ වුසිතං. උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා, යොචාහං න වදාමි, උභො අහෙතූ අප්පච්චයා විසුජ්ඣිස්සාමා’ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං යොහං පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි අභිසම්පරායං. සොහං කිංජානන්තො කිංපස්සන්තො ඉමස්මිං සත්ථරි බ්රහ්මචරියං චරිස්සාමි. සො අබ්රහ්මචරියවාසො අය’න්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. අයං ඛො සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තතියො අබ්රහ්මචරියවාසො අක්ඛාතො, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
සන්දකය, එහි විඥ පුරුෂ මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද දෘෂ්ටි ඇත්තේ වෙයි: “සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්වයෝ කෙලෙසෙති. සත්ත්වයන්ගේ විශුද්ධියට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්වයෝ විශුද්ධ වෙති. බලයෙක් නැත, වීර්‍ය්‍යයක් නැත, පුරුෂ ශක්තියෙක් නැත, පුරුෂ පරාක්‍රමයෙක් නැති. හැම සත්හු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ අවශයහ, අබලය, අවීර්ය්යයහ. නියතිසඞ්ගතිස්වභාවයෙන් පරිණත වූවාහු අභිජාති සයෙක්හි මැ සුවදුක් විඳුති. ඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් වී නම්, මොහුගේ ශාසනයෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, බඹසරවස් නො විසූ මා විසින් වසන ලද. මේ ශ්‍රමණධර්‍මෙයහි ඇපි දෙදෙන මැ සමසම වූම්හ, සමාන බවට පැමිණියම්හ. මම් වූකලී ඇපි දෙදෙන මැ අහේතු අප්‍රත්‍යයෙන් විශුද්ධ වම්හ’යි නො කියමි. මේ භවත් ශාස්තෘහුගේ වැළිත් නග්න බව මුඩු බව උළුලුපදහන, කෙස්රවුළු සිඳීම අතිරේකයෙකි. ඒ මම් පුත්‍රසම්බාධ ශයනයෙහි වසනෙම් කසීසඳුන් වළඳනෙම් මල්ගඳවිලෙවුන් ධරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් මේ භවත් ශාස්තෘහු හා සමග පරලොව්හි සමසම ගති ඇත්තෙම් වෙමි. ඒ මම් කවර ගුණයක් දන්නෙම් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වසනෙම් ද? හෙතෙම මේ ‘අබ්‍රහ්මචරියවාසයෙකැ’යි දැන ඒ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්දකය, ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්හත් වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මේ තුන් වැනි අබ්රහ්මචරිය වාසය වදාරන ලද්දේ යැ. යම් තැනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්මය සම්පාදනය නො කරන්නේ යි.
පුන චපරං සන්දක ඉධෙකච්චො සත්ථා එවංවාදී හොති එවංදිට්ඨි: ‘සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති න විපරිනමන්ති. නාඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති. නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත: පඨවීකායො ආපොකායො තෙජොකායො වායොකායො සුඛෙ දුක්ඛෙ ජීවෙ සත්තිමෙ. ඉමෙ සත්ත කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති, න විපරිනමන්ති, නාඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. තත්ථ නත්ථි හන්තා වා ඝාතෙතා වා සොතා වා සාවෙතා වා විඤ්ඤාතා වා විඤ්ඤාපෙතා වා. යෙපි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති. න කොචි කඤ්චි ජීවිතා වොරොපෙති. සත්තන්නං ත්වෙව කායානමන්තරෙන සත්ථං විවරමනුපතති.
තවද සන්දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙති: (කිසිවකු විසින්) නො කරන ලද නො කළ විධාන ඇති (ඍද්ධියෙනුදු) නො මවන ලද නො මවවන ලද වඳ වූ ගිරිකුළු මෙන් සිටියා වූ ඒෂිකාස්තම්භයක් මෙන් සිටි මේ සත් කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, පියවි නො හරිති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙති. කවර සත් දෙනෙක යත්: පඨවිකාය යැ ආපෝකාය යැ තේජෝකාය යැ වායෝකාය යැ සුබ යැ දුක්ඛ යැ ජීව යැ යන මේ සත යි. මේ සප්තකායෝ ආකෘතයහ, අකෘතවිධානයහ, අනිර්මිතයහ, අනිර්මාතෘයහ, අවන්ධ්යයහ, කූටස්ථයහ, ඒෂිකාස්ථායීස්ථිතයහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙත්. ඒ සප්තකායයන් අතුරෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැති. යමෙක් තියුණු සැතින් හිස සිඳී නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කෙරෙයි. වැළි සත් වැදෑරුම් කායයන් අතුරෙන් මැ ශස්ත්‍රය විවරයට පිවිසෙයි.
චුද්දස ඛො පනිමානි යොනිපමුඛසතසහස්සානි සට්ඨිඤ්ච සතානි ඡ ච සතානි. පඤ්ච ච කම්මුනො සතානි පඤ්ච ච කම්මානි තීණි ච කම්මානි කම්මෙ ච අඩ්ඪකම්මෙ ච, ද්වට්ඨි පටිපදා, ද්වට්ඨන්තරකප්පා, ඡළාභිජාතියො, අට්ඨපුරිසභූමියො, එකූනපඤ්ඤාස ආජීවසතෙ, එකූනපඤ්ඤාස පරිබ්බාජකසතෙ, එකූනපඤ්ඤාස නාගාවාසසතෙ, වීසෙ ඉන්ද්රියසතෙ, තිංසෙ නිරයසතෙ, ඡත්තිංස රජොධාතුයො, සත්ත සඤ්ඤීගබ්භා, සත්ත අසඤ්ඤීගබ්භා, සත්ත නිගණ්ඨිගබ්භා, සත්ත දෙවා, සත්ත මානුසා, සත්ත පෙසාචා, සත්ත සරා, සත්ත පවුටා, සත්ත පපාතා, සත්ත පපාතසතානි, සත්තසුපිනා, සත්තසුපිනසතානි, චුල්ලාසීතිමහාකප්පුනො සතසහස්සානි, යානි බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. තත්ථ නත්ථි ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා අපරිපක්කං වා කම්මං පරිපාචෙස්සාමි, පරිපක්කං වා කම්මං ඵුස්ස ඵුස්ස බ්යන්තීකරිස්සාමීති. හෙවං නත්ථි දොණමිතෙ සුඛදුක්ඛෙ, පරියන්තකටෙ සංසාරෙ, නත්ථි හායනවඩ්ඪනෙ, නත්ථි උක්කංසාවකංසෙ. සෙය්යථාපි නාම සුත්තගුළෙ ඛිත්තෙ නිබ්බෙඨියමානමෙව පලෙති, එවමෙවං බාලෙ ච පණ්ඩිතෙ චා සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තීති.
තවද මේ උත්තමයෝනීහු තුදුස්සියදහසක් ද සදහසක් ද සසියයක් ද වෙති. කර්ම පන්සියයක් ද, කර්ම පසක් ද, කර්ම තුනක් ද කර්මයක් ද අධිකර්‍මයක් ද වෙයි. දෙසැට ප්‍රතිපදායෙක. දෙසැට අන්තරකල්පයෙක. ෂට් අභිජාතියෙක. අෂ්ට පුරුෂභූමියෙක. එකුන්පස් ආජීවවෘත්තිශතයෝයැ, එකුනුපනස් පැරිවැජිපැවිදිසියයෝයැ, එකුන්පස් නාමඬුලු සියයෙක, විසි ඉඳුරන්සියයෙක, තිස් නිරෑසියයෙක, සතිස් රජස්ධාතුහු ය, (ඔටු ආදී සත් වැදෑරුම්) සංඥිගර්‍භයෝ ය, (හැල් ආදී) සත් අසංඥී ගර්‍භයෝ ය, උගු ආදී සත් නිගණ්ඨි ගර්‍භයෝ යැ, සත් දෙවියෝ යැ, සත් මිනිස්හු ය, සත් පිශාචයෝ ය, සත් මහවිල්හු ය, සත් ගන්ඨිකයෝ ය, මහාප්‍රපාත සතෙක, කුඩා ප්‍රපාත සත්සියයෙක, මහා සිහින සතෙක, කුඩා සිහින සත්සියයෙක, යම් කල්ප කෙනෙක් බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරන්නාහු ද ඒ මහාකල්පයෝ සුවාසූසියදහසෙකි. එහි මම් මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තපසින් වේවයි බ්‍රහ්මචර්‍ය්‍යෙයන් වේවයි නො මුහු කළ කර්මය හෝ මුහුකුරු වන්නෙමියි නැත. මුහුකළ කර්මය හෝ පැහැස පැහැස කෙළවර කරන්නෙමි’යි මෙසේ නැත් මැ යි. සුවදුක් ද්‍රෝණයෙන් මනනලද වැන්න, (කි පමණ කලෙකින්) සසර පිරියත් කරනලද යැ, වෘද්ධිහානි නැති, යම්සේ හූවට (ගලක් හෝ ගසක් උඩ සිට) දමනලදුයේ (හූ පමණින්) වෙළුම් හරිමින් මැ යේ ද එසෙයින් මැ බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවන සංසරණ කොට දුකු කෙළවර කරන්නාහ’ යි.
තත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: අයං ඛො භවං සත්ථා එවංවාදී එවංදිට්ඨි: සත්තිමෙ කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති, න විපරිනමන්ති, නාඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත: පඨවීකායො ආපොකායො තෙජොකායො වායොකායො සුඛෙ දුක්ඛෙ ජීවෙ සත්තිමෙ. ඉමෙ සත්ත කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති, න විපරිනමන්ති, නාඤ්ඤමඤ්ඤං ව්යාබාධෙන්ති. නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. තත්ථ නත්ථි හන්තා වා ඝාතෙතා වා සොතා වා සාවෙතා වා විඤ්ඤාතා වා විඤ්ඤාපෙතා වා යොපි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති, න කොචි කඤ්චි ජීවිතා වොරොපෙති, සත්තන්නං යෙව කායානමන්තරෙන සත්ථං විවරමනුපතති.
සන්දකය, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද ඇත්තෙක, මෙබඳු දෘෂ්ටි ඇත්තෙක: නො කළ, නො කළ විධාන ඇති, නො මැවූ, නො මවනලද, වඳ වූ, ගිරිකුළු මෙන් සිටියා වූ, ඒෂිකාස්තම්භයක් මෙන් සිටි, මේ සත් කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, පියවි නො හරිති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙති. කවර සත් දෙනෙක යත්: පඨවිකාය යැ ආපෝකාය යැ තේජෝකාය යැ වායෝකාය යැ සුබ යැ දුක්ඛ යැ ජීව යැ යන මේ සත යි. මේ සප්තකායෝ ආකෘතයහ, අකෘත විධානයහ, අනිර්මිතයහ, අනිර්මාතෘයහ, වන්ධ්යයහ, කූටස්ථයහ, ඒෂිකාස්ථායීස්ථිතයහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙත්. ඒ සප්තකායයන් අතුරෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැති. යමෙක් තිහිණි සැතින් හිස සිඳී නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කෙරෙයි. වැළි සත් වැදෑරුම් කායයන් අතුරෙන් මැ ශස්ත්‍රය විවරයට පිවිසෙයි.
චුද්දස ඛො පනිමානි යොනි පමුඛසතසහස්සානි සට්ඨි ච සතානි ඡ ච සතානි පඤ්ච ච කම්මුනො සතානි පඤ්ච ච කම්මානි තීණි ච කම්මානි කම්මෙ ච අඩ්ඪකම්මෙ ච ද්වට්ඨිපටිපදා ද්වට්ඨන්තරකප්පා ඡළාභිජාතියො අට්ඨ පුරිසභූමියො එකූනපඤ්ඤාස ආජීවසතෙ, එකූනපඤ්ඤාස පරිබ්බාජකසතෙ, එකූනපඤ්ඤාස නාගාවාසසතෙ, වීසෙ ඉන්ද්රියසතෙ, තිංසෙ නිරයසතෙ, ඡත්තිංස රජොධාතුයො, සත්ත සඤ්ඤීගබ්භා, සත්ත අසඤ්ඤීගබ්භා, සත්ත නිගණ්ඨිගබ්භා, සත්ත දෙවා, සත්ත මානුසා, සත්ත පෙසාචා, සත්ත සරා, සත්ත පවුටා, සත්ත පපාතා, සත්ත පපාතසතානි, සත්ත සුපිනා, සත්ත සුපිනසතානි, චුල්ලාසීති මහාකප්පුනො සතසහස්සානි. යානි බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති.
තවද මේ උත්තමයෝනීහු තුදුස්සියදහසක් ද සදහසක් ද සසියයක් ද වෙති. කර්ම පන්සියයක් ද, කර්ම පසක් ද, කර්ම තුනක් ද කර්මයක් ද අධිකර්‍මයක් ද වෙයි. දෙසැට ප්‍රතිපදායෙක දෙසැට අන්තරකල්පයෙක ෂට් අභිජාතියෙක අෂ්ට පුරුෂභූමියෙක, එකුන්පස් ආජීව වෘත්තිශතයෝයැ එකුනුපනස් පරිව්‍රාජකශතයෝයැ එකුන්පනස් නාමඬුලුසියයෝ යැ විංශත් ඉන්‍දියශතයෝ යැ ත්‍රිංශත් නිරයශතයෝ යැ ෂට්ත්‍රිංශත් රජස්ධාතුහු යැ සත් වැදෑරුම් සංඥිගර්‍භයෝ ය සත් අසංඥී ගර්‍භයෝ ය සත් නිර්ග්රන්ථිගර්භයෝ යැ සත් දෙවියෝ යැ සත් මිනිස්හු යැ සත් පිශාචයෝ යැ සත් මහවිල්හු යැ සත් ගණ්ඨිකයෝ යැ මහාප්‍රපාත සතෙක, කුඩා ප්‍රපාත සත්සියයෙක, මහා සිහින සතෙක, කුඩා සිහින සත්සියයෙක, යම් කල්ප කෙනෙක් බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කෙරෙත් ද ඒ මහා කල්පයෝ සුවාසූසියදහසෙක,
තත්ථ නත්ථි ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා අපරිපක්කං වා කම්මං පරිපාචෙස්සාමි, පරිපක්කං වා ඵුස්ස ඵුස්ස ව්යන්තීකරිස්සාමීති. හෙවං නත්ථි දොණමිතෙ සුඛදුක්ඛෙ, පරියන්තකටෙ සංසාරෙ, නත්ථි හායනවඩ්ඪනෙ නත්ථි උක්කංසාවකංසෙ. සෙය්යථාපි නාම සුත්තගුළෙ ඛිත්තෙ නිබ්බෙඨියමානමෙව පලෙති. එවමෙවං බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තී’ති.
එහි මම් මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තපසින් වේවයි බ්‍රහ්මචර්‍ය්‍යයෙන් වේවයි නො මුහුකළ කර්මය හෝ මුහුකුරු වන්නෙමි’යි නැත, මුහුකළ කර්මය හෝ පැහැස පැහැස කෙළවර කරන්නෙමි’යි මෙසේ නැති. සුවදුක් ද්‍රෝණයෙන් මනනලද වැන්න. (කී පමණ කලෙකින්) සසර පිරියත් කරනලද යැ අඩුවැඩි නැත, උත්කර්‍ෂාවකර්‍ම නැති. යම් සේ හූවටෙක් (ගලක් හෝ ගසක් මතුයෙහි සිට) දමන ලදුයේ වෙළුම් හරිමින් මැ යේ ද එසෙයින් මැ බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරන්නාහ”යි.
සචෙ ඉමස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අකතෙන මෙ එත්ථ කතං අබ්බුසිතෙන මෙ එත්ථ වුසිතං. උභොපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා, යො චාහං න වදාමි: උභො සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සාමා’ති. අතිරෙකං ඛො පනිමස්ස භොතො සත්ථුනො නග්ගියං මුණ්ඩියං උක්කුටිකප්පධානං කෙසමස්සුලොචනං, යොහං පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තො කාසිකචන්දනං පච්චනුභොන්තො මාලාගන්ධවිලෙපනං ධාරෙන්තො ජාතරූපරජතං සාදියන්තො ඉමිනා භොතා සත්ථාරා සමසමගතිකො භවිස්සාමි අභිසම්පරායං. සොහං කිංජානන්තො කිං පස්සන්තො ඉමස්මිං සත්ථරි බ්රහ්මචරියං චරිස්සාමි. සො අබ්රහ්මචරියවාසො අයන්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති අයං ඛො සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චතුත්ථො අබ්රහ්මචරියවාසො අක්ඛාතො යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො චා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං. ඉමෙ ඛො තෙ සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො අබ්රහ්මචරියවාසා අක්ඛාතා යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වෙසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති.
ඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් වී නම්, “ඇපි දෙදෙන සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරම්හ”යි මම් නො කියමි, නමුදු තෙල සස්නෙහි මහණුවම් නො කළ මා විසින් මහණුවම් කරන ලද, තුලුන්ගේ සස්නෙයි බඹසරවස් නො විසූ මා විසින් බඹසර වසන ලද, මෙහි ලා ඇපි දෙදෙන මැ සමසමයම්හ, සම බවට පැමිණියෙම්හ. මේ භවත් ශාස්තෘහු ගේ අතිරේකය වැළිත් නග්න බව මුඩු බව උළුලුපහදන කෙහෙරවුළු සිඳීම යි. මම් අඹුදරුවන් විසින් සම්බාධ වූ ශයනයෙහි වසනුයෙම් කසීසඳුන් වළඳනුයෙම් මල්ගඳවිලෙවුන් ධරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් පරලොව දී මේ භවත් ශාස්තෘහු සමග සමසමගති ඇති වන්නෙම් ද ඒ මම් කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් ද? හෙතෙම මේ ‘අබ්‍රහ්මචරියවාසයෙකැ’යි මෙසේ දැන ඒ සස්නෙන් කලකිරී නික්ම යෙයි. සන්දකය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ සතර වැනි අබ්‍රහ්මචරියවාසය වදාරනලද්දේ යැ. යම් අබ්‍රහ්මචරියයෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වෙසේ ද වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්මය නො සපයන්නේ ද එය යි. සන්‍දය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් විසින් මේ සතර අබ්‍රහ්මචරියවාසයෝ වදාරනලද්දාහු යැ, මේ සස්නෙහි විඥවූ පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්මය සම්පාදනය නො කරන්නේ යි.
අච්ඡරියං භො ආනන්ද, අබ්භුතං භො ආනන්ද, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො අබ්රහ්මචරියවාසා වසමානා අබ්රහ්මචරියවාසාති අක්ඛාතා යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති.
භවත් ආනන්දයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් ආනන්දයෙනි, අද්භූත යැ, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් යම් තැනෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ ද, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්මය ආරාධනය නො කරන්නේ ද (එබඳු වූ) අස්වැසිලි රහිත වූ මැ සිව් වැදෑරුම් අබ්රහ්මචරිය වාසයෝ වදාරනලද්දාහු යැ.
කතමානි පන තානි භො ආනන්ද, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරි අනස්සාසිකානි බ්රහ්මචරියානි අක්ඛාතානි යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති:
භවත් ආනන්දයෙනි, සියල්ල දක්නා වූ සියල්ල දක්නා වූ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් යම් තැනෙකැ විඥ වූ පුරුෂ බ්‍රම්සරවස් නො වසන්නේ ද වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්මය සම්පාදනය නො කරන්නේ එබඳු අස්වැසිලි රහිත වූ කවර සතර බඹසරවස් කෙනෙක් වදාරනලද්දාහු දැ? යි.
ඉධ සන්දක එකච්චො සත්ථා සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති: චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති. සො සුඤ්ඤම්පි අගාරං පවිසති, පිණ්ඩම්පි න ලභති, කුක්කුරොපි ඩසති, චණ්ඩෙනපි හත්ථිනා සමාගච්ඡති, චණ්ඩෙනපි අස්සෙන සමාගච්ඡති, චණ්ඩෙනපි ගොණෙන සමාගච්ඡති, ඉත්ථියාපි පුරිසස්සපි නාමම්පි ගොත්තම්පි පුච්ඡති, ගාමස්සපි නිගමස්සපි නාමම්පි මග්ගම්පි පුච්ඡති. සො කිමිදන්ති පුට්ඨො සමානො සුඤ්ඤං මෙ අගාරං පවිසිතබ්බං අහොසි, තෙන පාවිසිං. පිණ්ඩං ෙම අලද්ධබ්බං අහොසි, තෙන නාලත්ථං. කුක්කුරෙන ඩසිතබ්බං අහොසි, තෙනම්හි දට්ඨො. චණ්ඩෙන හත්ථිනා සමාගන්තබ්බං අහොසි, තෙන සමාගමං. චණ්ඩෙන අස්සෙන සමාගන්තබ්බං අහොසි, තෙන සමාගමං. චණ්ඩෙන ගොණෙන සමාගන්තබ්බං අහොසි, තෙන සමාගමං. ඉත්ථියාපි පුරිසස්සපි නාමම්පි ගොත්තම්පි පුච්ඡිතබ්බං අහොසි, තෙන පුච්ඡිං. ගාමස්සපි නිගමස්සපි නාමම්පි මග්ගම්පි පුච්ඡිතබ්බං අහොසි, තෙනාපුච්ඡින්ති. තත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: ‘අයං ඛො භවං සත්ථා සබ්බඤ්ඤූ සබ්බදස්සාවී -පෙ- අහොසි. තෙනාපුච්ඡින්ති. සො අනුස්සාසිකං ඉදං බ්රහ්මචරියන්ති, ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමං අනස්සාසිකං බ්රහ්මචරියං අක්ඛාතං, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
සන්දකය, මෙලොවැ සියල්ල දන්නාවූ සියල්ල දක්නා වූ ඇතැම් ශාස්තෘවරයෙක් “ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදි වරන්නා වූ ද මට නිරතුරු ඥානදර්ශනය එළැඹ සිටියේ යැ”යි නිරවශේෂ ඥානදර්ශනය පිළින කෙරෙයි. හේ ශූන්‍යාගාරයට ද පිවියෙසි, පිඬුවා ද නො ලබයි, ශූනක ද ඔහු ඩහයි, සැඬ ඇතකු හා ද එක්වෙයි, සැඬ අසකු හා ද එක් වෙයි, සැඬ ගොනෙකු හා ද එක් වෙයි, ස්ත්‍රියක ගේත් පුරුෂයකුගේත් නමුදු ගොතුදු විචරෙයි, ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාරයි, හේ ‘මේ කිමෙකැ’යි විචාරන ලද්දේ මැ: “මා විසින් ශූන්‍යාගාරයකට පිවිසියයුතු විය, එයින් පිවිසියෙමි; මා විසින් පිඬුවා ද නො ලදයුතු විය, එයින් නො ලත්මි; ශුනකයා විසින් ඩැහියයුතු විය, එයින් ඩහගනලදුයෙමි; සැඬ ඇතකු හා එක්වියයුතු විය, එයින් එක්වීමි; සැඬඅසකු හා ද එක්වියයුතු විය, එයින් එක්වීමි; සැඬ ගොනෙකු හා එක්වියයුතු විය, එයින් එක්වීමි; ස්ත්‍රියක ගේ ද පුරුෂයකුගේ ද නමුදු ගොතුදු විචාළයුතු විය, එයින් විචාළෙමි, ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාළයුතු විය, එයින් විචාළෙමි” යි. එහි ලා සන්දකය, නුවණැති පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම සර්වඥ යැ සර්වදර්ශී යැ නිරවශේෂ ඥානදර්ශනය පිළින කෙරෙයි … ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාළයුතු විය, එයින් විචාළෙමි” යි යෙයි. හේ “මේ බඹසර අස්වැසිලි නැතැ”යි මෙසේ දැන ඒ බඹසරෙන් කලකිරී නික්ම යෙයි. සන්දකය, මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද පළමු වැනි අනස්සාසික බ්‍රහ්මචරිය වෙයි. එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ වසනුයේ නමුදු න්‍යාය වූ කුශලධර්මය සම්පාදනය නො කරන්නේ යි.
පුන චපරං සන්දක, ඉධෙකච්චො සත්ථා අනුස්සවිකො හොති අනුස්සවසච්චො. සො අනුස්සවෙන ඉතිහිතිහ පරම්පරාය පිටකසම්පදාය ධම්මං දෙසෙති. අනුස්සවිකස්ස ඛො පන සන්දක, සත්ථුනො අනුස්සවසච්චස්ස සුස්සුතම්පි හොති, දුස්සුතම්පි හොති. අඤ්ඤථාපි හොති. අඤ්ඤථාපි හොති. යත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: ‘අයං ඛො භවං සත්ථා අනුස්සවිකො අනුස්සවසච්චො. සො අනුස්සවෙන ඉතිහිතිහ පරම්පරාය පිටකසම්පදාය ධම්මං දෙසෙති, අනුස්සවිකස්ස ඛො පන සත්ථුනො අනුස්සවසච්චස්ස සුස්සුතම්පි හොති, දුස්සුතම්පි හොති, තථාපි හොති, අඤ්ඤථාපි හොති. සො අනස්සාසිකං ඉදං බ්රහ්මචරියන්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො සන්දක තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියං අනස්සාසිකං බ්රහ්මචරියං අක්ඛාතං, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
තවද සන්දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් ශ්‍රැතය ඇසිරි කෙළේ වෙයි, ශ්‍රැතිය සත්‍යය කොට ඇත්තේ වෙයි. හේ අනුශ්‍රවයෙන් මෙසේ මෙසේ යයි පරම්පරායෙන් පිටකසම්පත්තීන් දහම් දෙසයි. සන්දකය, අනුශ්‍රවය ඇසිරි කළ ඇසූ දැය සත්‍ය කොට ගත් ශාස්තෘහට මනාකොට අසනලද්ද ද වෙයි, නො මනාකොට අසනලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. එහි ලා සන්දකය, නුවණැති පුරුෂ මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: “මේ භවත් ශාස්තෘ තෙම අනුශ්‍රවික ය, අනුශ්‍රවය සත්‍ය කොට ගත්තේ ය, හේ ශ්රැතියෙන් මෙසේ මෙසේ යයි පරම්පරායෙන් පිටකසම්පදායෙන් දහම් දෙසයි, ශ්‍රැතය ඇසිරි කළ ශ්‍රැතිය සත්‍යය කොට ගත් ශාස්තෘහට මනා කොට අසන ලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. හේ “බඹසර අස්වැසිලි නැතැ”යි මෙසේ දැන එ බඹසරින් කලකිරී නික්ම යෙයි. සන්දකය, මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද දෙ වැනි වූ අනස්සාසිකබ්රහ්මචරිය වෙයි. එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ වසන්නේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.
පුන චපරං සන්දක, ඉධෙකච්චො සත්ථා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයම්පටිභානං ධම්මං දෙසෙති. තක්කිස්ස ඛො පන සන්දක, සත්ථුනො වීමංසිස්ස සුතක්කිතම්පි හොති, දුත්තක්කිතම්පි හොති, තථාපි හොති, අඤ්ඤථාපි හොති. තත්ර සන්දක විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති: අයං ඛො භවං සත්ථා තක්කී වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයම්පටිභානං ධම්මං දෙසෙති. තක්කිස්ස ඛො පන සත්ථුනො වීමංසිස්ස සුතක්කිතම්පි හොති, දුත්තක්කිතම්පි හොති, තථාපි හොති, අඤ්ඤථාපි හොති. සො අනස්සාසිකං ඉදං බ්රහ්මචරියන්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තතියං අනස්සාසිකං බ්රහ්මචරියං අක්ඛාතං යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය. වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
තවද සන්දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් තර්කයෙන් ගන්නේ වීමංසායෙන් ගන්නේ වෙයි. හේ තර්කයෙන් ගන්නාලද වීමංසාව අනුවගිය සිය වැටහීම වූ දහම් දෙසයි. සන්දකය, තර්කයෙන් ගන්නා වීමංසායෙන් ගන්නා ශාස්තෘහට වැළිත් මොනොවට තර්ක කරනලද්ද ද වෙයි. නො මනා කොට තර්ක කරන ලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. එහි ලා සන්දකය, විඥ වූ පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ වූකලී තර්කයෙන් ගන්වේ වෙයි, වීමංසායෙන් ගන්නේ වෙයි, හේ තර්කයෙන් ගන්නා ලද වීමංසාව අනුව ගිය ස්වයම් ප්‍රතිභානය වූ දහම් දෙසයි. තර්කයෙන් ගන්නා වීමංසායෙන් ගන්නා ශාස්තෘහට මොනොවට තර්ක කරනලද්ද ද වෙයි, නො මනා කොට තර්ක කරන ලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. හේ “මෙ බඹසර අස්වැසිලි නැතැ”යි මෙසේ දැන එ බඹසරින් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්දකය, යම් සස්නෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසා නම් වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්මය සම්පාදනය නො කෙරේ නම් මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද තුන් වැනි වූ අනස්සාසික බ්‍රහ්මචරිය යි.
පුන චපරං සන්දක, ඉධෙකච්චො සත්ථා මන්දො හොති මොමූහො. සො මන්දත්තා මොමූහත්තා තථා තථා පඤ්හං පුට්ඨො සමානො වාචා වික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං, එවම්පි මෙ නො, තථාපි මෙ නො, අඤ්ඤථාපි මෙ නො, නොතිපි මෙ නො, නො නොතිපි මෙ නොති. තත්ර සන්දක, විඤ්ඤූ පුරිසො ඉති පටිසඤ්චික්ඛති. අයං ඛො භවං සත්ථා මන්දො මොමූහො, සො මන්දත්තා මොමූහත්තා තථා තථා පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං. එවම්පි මෙ නො, තථාපි මෙ නො, අඤ්ඤථාපි මෙ නො, නොතිපි මෙ නො, නො නො තිපි මෙ නොති. සො අනස්සාසිකං ඉදං බ්රහ්මචරියන්ති ඉති විදිත්වා තස්මා බ්රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති. ඉදං ඛො සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චතුත්ථං අනස්සාසිකං බ්රහ්මචරියං අක්ඛාතං, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො චා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
තවද සන්දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් මඳ නුවණැත්තේ වෙයි, අතිමූඪ වෙයි. හේ මඳනුවණැති බැවින් අතිමූඪ බැවින් ඒ ඒ ප්‍රකාරයෙන් පැන පුළුවුස්නා ලද්දේ “මෙසේත් මට (ලබ්ධි) නැති, එසේත් මට නැති, අන්සේත් මට නැති, ‘නැතැ’යි දු මට නැති, ‘නො නැතැ’යි දු මට (ලබ්ධි) නැතැ”යි වචනයෙන් වික්ෂේපයට අපර්‍ය්‍යන්ත වික්ෂේපයට පැමිණෙයි. එහි ලා සන්දකය, නුවණැති පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ වූ කලී මඳ නුවණැත්තේ යැ, ඉතා මූඪ යැ. හේ මඳ නුවණැති බැවින් ඉතා මූඪ බැවින් ඒ ඒ ප්‍රකාරයෙන් පැන පුළුවුස්නා ලද්දේ “මෙසේත් මට (ලබ්ධි) නැති, එසේත් මට නැති, අන්සෙයිනුත් මට නැති, ‘නැතැ’යිදු මට නැති, ‘නො නැතැ’යිදු මට නැතැ”යි වාචාවික්ෂේපයට, අමරාවික්ෂේපයට පැමිණෙයි. හේ ‘මෙ බඹසර අස්වැසිලි නැතැ’යි මෙසේ දැන එ බඹසරින් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්දකය, යම් සස්නෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසා නම් වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්මය සම්පාදනය නො කෙරේ නම් මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුන් විසින් වදාරනලද සතර වැනි වූ අනස්සාසික බ්‍රහ්මචරිය යි.
ඉමානි ඛො සන්දක, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරි අනස්සාසිකානි බ්රහ්මචරියානි අක්ඛාතානි, යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති.
සන්දකය, මොහු වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද සතර අනස්සාසික බ්‍රහ්මචරියයෝ යි. එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්මය සම්පාදනය නො කරන්නේ යයි.
අච්ඡරියං භො ආනන්ද, අබ්භුතං භො ආනන්ද, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරි අනස්සාසිකානෙව බ්රහ්මචරියානි අනස්සාසිකානි බ්රහ්මචරියානීති අක්ඛාතානි. යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං න වසෙය්ය, වසන්තො වා නාරාධෙය්ය ඤායං ධම්මං කුසලං. සො පන සො භො ආනන්ද, සත්ථා කිංවාදී කිමක්ඛායී යත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති.
ආශ්චර්‍ය්‍යයැ භවත් ආනන්දයෙනි, ආශ්චර්‍ය්‍යයැ භවත් ආනන්දයෙනි, යම් පමණ ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්හත් ස්යමක්සම්බුද්ධයන් වහන්සේ විසින් අනස්සාසික වූ මැ සතර බ්‍රහ්මචරිය කෙනෙක් ‘අනස්සාසික බ්‍රහ්මචරියයෝ’ යයි වදාරන ලද්දාහු ද, එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යි. භවත් ආනන්දයෙනි, යම් සසුනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසා නම්, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්මය සම්පාදනය කෙරේ නම් ඒ ශාස්තෘ කිබඳු වාද ඇත්තේ ද, කුමක් කියන්නේ දැ? යි.
ඉධ සන්දක, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති -පෙ- මජ්ඣෙකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. -පෙ- සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
සන්දකය, තථාගත වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මෙයන් යුකුත වූ සුන්දරගමන් ඇති ලෝක දන්නා වූ අනුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිසුනට ශාස්තෘ වූ භාග්‍යවත් බුදුහු මෙලොවැ උපදිති. උන්වහන්සේ මේ සදේවක ලෝකය … තුමූ අභිඥායෙන් ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙති ... මධ්‍යකල්‍යාණ වූ … බ්‍රහ්මචර්‍ය්‍ය පවසති. එ දහම ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ අසයි, ... හෙතෙම චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්මයෙන් වෙන්ව මැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි. සන්දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක තෙම මෙබඳු උදාර විශේෂයක් ලබා නම් ඒ සස්නෙහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්මය සම්පාදනය කරන්නේ යි.
පුන චපරං සන්දක, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
තවද සන්දකය, මහණ තෙම විතර්‍කවිචාරයන් ගේ සන්සිඳීමෙන් … ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සන්දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක තෙම මෙබඳු විශේෂයක් ලබා නම්, එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්මය සම්පාදනය කරන්නේ යි.
පුන චපරං සන්දක, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
තවද සන්දකය, මහණ තෙම ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්ෂක වැ ද වෙසෙයි, ... තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි. සන්දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක මෙබඳු උදාර විශේෂයක් ලබා නම් එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්මය සම්පාදනය කරන්නේ යි.
පුන චපරං සන්දක, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
තවද සන්දකය, මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි. සන්දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි මෙබඳු උදාර විශේෂයක් ලබා නම් එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්මය සම්පාදනය කරන්නේ යි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙ නිවාසං අනුස්සරති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
හෙතෙම මෙසෙයින් (විදර්ශනාපාදක චතුර්ත්ථධ්යාන) සිත පිරිසු වූ කල්හි පර්‍ය්‍යවදාත කල්හි අඞ්ගණ (කෙලෙස්) රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්මණ්ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පූර්වනිවාසානුස්මෘතියට සිත එළවයි. හෙතෙම අනේකවිධ පූර්‍වනිවාස සිහි කෙරෙයි, හෙමෙසේ යි: එක් ජාතියෙකුදු දෙ ජාතියෙකුදු … මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්‍වනිවාස සිහි කෙරෙයි. සන්දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි මෙබඳු උදාර විශේෂයක් ලබා නම් ඒ ශාස්තෘන්ගේ ශාසනයෙහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්මය සම්පාදනය කරන්නේ යි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලං.
හෙ මෙසේ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත කල්හි අනඞ්ගන කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්මණ්ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි සත්ත්වයන් ගේ ච්යුතිඋප්පත්ති දන්නා පිණිස සිත එළවයි. හෙ මිනිසැස ඉක්මැසිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නො මනා පැහැසටහන් ඇති මනා ගති ඇති නො මනා ගති ඇති සත්ත්වයන් දකියි. කර්මානුරූප වැ ගිය සත්ත්වයන් දැනගනියි. සන්දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක මෙබඳු උදාර විශේෂයක් ලබා ද, එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්මය සම්පාදනය කරන්නේ යි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති. අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. යස්මිං ඛො සන්දක, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. තත්ථ විඤ්ඤූ පුරිසො සසක්කං බ්රහ්මචරියං වසෙය්ය, වසන්තො වා ආරාධෙය්ය ඤායං ධම්මං කුසලන්ති.
හේ මෙසේ සිත පිරිසිදු කල්හි පර්‍ය්‍යවදාත කල්හි ක්ලේශාඞ්ගණ රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්මණ්ය වැ සිටි කල්හි නො සැලෙනබවට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානයට (විදර්ශනා) සිත එළවයි. හෙ ‘මෙ දුකැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ දුක්ඛසමුදය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ දුක්ඛනිරෝය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මොහු ආස්‍රවහ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ ආස්‍රවසමුදය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ ආස්‍රවනිරෝධය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපදා යැ’යි ඇති සැටියෙන් දැනගනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු විමුක්ත වෙයි, භවාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි. විමුක්ත කල්හි (ඵලක්ෂණයෙහි) ‘විමුක්ත යැ’ යන (ප්රත්යවේක්ෂා) ඥානය වෙයි. ජාතිය ක්ෂය වූ යැ මඟබඹසර වැස නිමවන ලද, සිවුමඟින් කටයුතු කරනලද. මෙ බව පිණිස අනෙක් මාර්ගභාවනායෙක් නැතැ’යි දැනගනී. සන්දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක මෙවන් උදාර විශේෂයක් ලබා නම් ඒ ශාස්තෘන්ගේ සස්නෙහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය කරන්නේ යි.
යො පන සො භො ආනන්ද, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. පරිභුඤ්ජෙය්ය සො කාමෙති.
භවත් ආනන්‍දෙයනි, ක්ෂය වූ ආස්‍රව ඇති වැස නිමවූ බඹසර ඇති සියුමඟින් කළ කරණී ඇති බහාතැබූ (ස්කන්ධ ක්ලේශ අභිසංස්කාර) බර ඇති පැමිණි රහත් බව ඇති ක්ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන (කෙලෙසුන්ගෙන්) විමුක්ත වූ යම් රහත් මහණෙක් ඇද්ද, හේ කාමයන් වළඳ දැ?යි.
යො සො සන්දක, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. අභබ්බො සො පඤ්චඨානානි අජ්ඣාචරිතුං: අභබ්බො ඛීණාසවො භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවෙතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සම්පජානමුසා භාසිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකං කාමෙ පරිභුඤ්ජිතුං සෙය්යථාපි පුබ්බෙ අගාරියභූතො. යො සො සන්දක, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. අභබ්බො සො ඉමානි පඤ්චඨානානි අජ්ඣාචරිතු’න්ති.
සන්දකය, ක්ෂය වූ ආස්‍රව ඇති වැස නිමවූ බඹසර ඇති සියුමඟින් කළ කරණී ඇති බහාතැබූ බර ඇති පැමිණි රහත් බව ඇති ක්ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන විමුක්ත වූ යම් රහත් මහණෙක් ඇද්ද, හේ කරුණු පසක් කරන්නට නො නිස්ස. රහත් මහණ දැන දැන ප්‍රාණියකු දිවියෙන් ගලවන්නට නො නිස්ස, රහත් මහණ ස්තෙය සඞ්ඛ්‍යාත වූ නුදුන් දැය ගන්නට නො නිස්ස, රහත් මහණ මෛථුනධර්ම සේවනය කරන්නට නො නිස්ස, රහත් මහණ දැන දැන මුසවා කියන්නට නො නිස්ස, රහත් මහණ පෙර ගිහි වූ සෙයින් වස්තුකාමයෙන් සන්නිධිකොට වළඳන්නට නො නිස්ස. සන්දකය, ක්ෂීණාස්රව වූ වැස නිම වූ බඹසර ඇති සියුමඟින් කළ නිස ඇති බහා තැබූ බර ඇති පැමිණි රහත් බව ඇති ක්ෂය කළ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූ යම් රහත් මහණෙක් වේ ද, හේ මෙ පස් කරුණු කරන්නට නො නිසි වේ.
යො පන සො භො ආනන්ද, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. තස්ස චරතො චෙව තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතං: ‘ඛීණා මෙ ආසවා’ති.
භවත් ආනන්‍දෙයනි, ක්ෂීණාස්රව වූ වැස නිම වූ බඹසර ඇති කළ කරණී ඇති බහා තැබූ බර ඇති පැමිණි මිණි රහත් බව ඇති ක්ෂය කළ භවසංයෝජන ඇති මැනැවින් දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූ යම් රහත් මහණෙක් වේ ද, ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද ඔහට ‘මාගේ ආස්‍රවයෝ ක්ෂය වූහ’යි හැමදා හැම කල්හි ඥානදර්ශන එළැඹසිටියේ දැ? යි.
තෙන හි සන්දක, උපමන්තෙ කරිස්සාමි, උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්යථාපි සන්දක, පුරිසස්ස හත්ථපාදා ඡින්නා, තස්ස චරතො චෙව තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඡින්නා ච හත්ථපාදා. අපි ච ඛො පන තං පච්චවෙක්ඛමානො ජානාති: ඡින්නා මෙ හත්ථපාදාති. එවමෙව ඛො සන්දක, යො සො භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. තස්ස චරතො චෙව තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඛීණාච ආසවා. අපි ච ඛො නං පච්චවෙක්ඛමානො ජානාති: ඛීණා මෙ ආසවාති.
එසේ වී නම් සන්දකය, තොපා උපමාවක් කරන්නෙමි. මොලොවැ ඇතැම් විඥ පුරුෂයෝ උපමායෙනුදු කියනලද්දෙහි අර්ත්ථ දැනගනිති. යම්සේ සන්දකය, පුරුෂයකු ගේ අත්පා සිඳිනලද ද ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද ඔහුගේ හස්තපාදයෝ හැම කල්හි හැම විට සිඳුනාලද්දාහු මැ වෙති. එතෙකුදුවත් එය ප්රත්යවේක්ෂා කරනුයේ ‘මාගේ හස්තපාදයෝ සුන්හ’යි දැනගනී. එසෙයින් මැ සන්දකය, ක්ෂීණාස්රව වූ වැස නිම වූ මඟබඹසර ඇති කළ කරණී ඇති බහා තැබූ බර ඇති පැමිණි රහත් බව ඇති ක්ෂය කළ භවසංයෝජන ඇති මැනැවින් දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූ යම් රහත් මහණෙක් වේ ද, ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද ඔහට හැම කල්හි ආස්‍රවයෝ ක්ෂය වූවාහු මැ යි. එතෙකුදුවත් එය ප්රත්යවේක්ෂා කරනුයේ ‘මාගේ ආස්‍රවයෝ ක්ෂය වූහ’යි දැනගනී.
කීව බහුකා පන භො ආනන්ද, ඉමස්මිං ධම්මවිනයෙ නිය්යාතාරොති. ‘න ඛො සන්දක, එකං යෙව සතං න ද්වෙ සතානි න තීණි සතානි න චත්තාරි සතානි න පඤ්ච සතානි. අථ ඛො භිය්යොව යෙ ඉමස්මිං ධම්මවිනයෙ නිය්යාතාරො’ති. අච්ඡරියං භො ආනන්ද, අබ්භුතං භො ආනන්ද, න ච නාම සධම්මොක්කංසනා භවිස්සති, න පරධම්මාවසාදනා ආයතනෙ ච ධම්මදෙසනා. තාව බහුකා ච නිය්යාතාරො පඤ්ඤායිස්සන්ති. ඉමෙ පනා’ජීවකා පුත්තමතාය පුත්තා. අත්තානඤ්චෙව උක්කංසෙන්ති, පරෙ ච වම්භෙන්ති. තයො චෙව නිය්යාතාරො පඤ්ඤපෙන්ති. සෙය්යථිදං: ‘නන්දං වච්ඡං, කිසං සඞ්කිච්චං, මක්ඛලිගොසාල’න්ති.
භවත් ආනන්‍දෙයනි, මෙසස්නෙහි නිර්‍ය්‍යාතහු ( සසරින් නික්මගියාහු) කිපමණ බොහෝ වෙත් දැ? යි. සන්දකය, එක් මැ සියක් නො වෙයි, දෙසියක් නො වෙයි, තුන්සියක් නො වෙයි, සාරසියක් නො වෙයි, පන්සියක් නො වෙයි, වැළිත් මෙ සස්නෙහි නිර්‍ය්‍යාතහු බොහෝ මැ යි. ආශ්චර්‍ය්‍ය යැ භවත් ආනන්‍දෙයනි, අද්භූත යැ භවත් ආනන්‍දෙයනි, තමාගේ ලබ්ධිය නඟා තැබීමෙක් නම් නො ද වන්නේ යැ මෙරමා ලබ්ධි හෙළා තැබීමෙක් නො වන්නේ යැ, කාරණයෙහි මැ ධර්මදේශනා වෙයි, එපමණ බොහෝ නිර්‍ය්‍යාතහු ද පැනෙති. මේ ආජීවකයෝ වැළිත් පුතුන් මළ මවගේ පුත්‍රයෝ යි. (ඔහු) තමා මැ උත්කර්ෂ කෙරෙති, මෙරමා ද ගරහති, නිර්ය්යාතෘන් තිදෙනකුන් මැ පනවති. හේ මෙසේ යැ: ‘නන්දවච්ඡ යැ කිසසඞ්කිච්ච යැ මක්ඛලිගෝසාල යැයි.
අථ ඛො සන්දකො පරිබ්බාජකො සකං පරිසං ආමන්තෙසි: ‘චරන්තු භොන්තො සමණෙ ගොතමෙ බ්රහ්මචරියවාසො, නදානි සුකරං අම්හෙහි ලාභසක්කාරසිලොකෙ පරිච්චජිතු’න්ති. ඉතිහිදං සන්දකො පරිබ්බාජකො සකං පරිසං උය්යොජෙසි භගවති බ්රහ්මචරියෙති.
එකල්හි සන්දක පරිව්‍රාජක සියපිරිස් ඇමතී යැ: “භවත්නි, ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බඹසරවස් වසව, දැන් අප විසින් ලාභසත්කාරශ්ලෝක හැරපියන්නට පහසු නො වේ” යයි. මෙසේ සන්දක පරිව්‍රාජක සිය පිරිස් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචරිය වාසයෙහි උද්යෝග කරවී යයි.
සන්දකසුත්තං ඡට්ඨං.
සවැනි සන්දක සූත්‍ර යි.