දීඝනඛ සුත්තවණ්ණනා අට්ඨකථා
දීඝනඛ සුත්තවණ්ණනා
දීඝනඛ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති දීඝනඛසුත්තං. තත්ථ සූකරඛතායන්ති සූකරඛතාති එවංනාමකෙ ලෙණෙ. කස්සපබුද්ධකාලෙ කිර තං ලෙණං එකස්මිං බුද්ධන්තරෙ පථවියා වඩ්ඪමානාය අන්තොභූමිගතං ජාතං. අථෙකදිවසං එකො සූකරො තස්ස ඡදනපරියන්තසමීපෙ පංසුං ඛණි. දෙවෙ වුට්ටෙ පංසුධොතො ඡදනපරියන්තො පාකටො අහොසි. එකො වනචරකො දිස්වා – “පුබ්බෙ සීලවන්තෙහි පරිභුත්තලෙණෙන භවිතබ්බං, පටිජග්ගිස්සාමි න”න්ති සමන්තතො පංසුං අපනෙත්වා ලෙණං සොධෙත්වා කුට්ටපරික්ඛෙපං කත්වා ද්වාරවාතපානං යොජෙත්වා සුපරිනිට්ඨිත-සුධාකම්මචිත්තකම්මරජතපට්ටසදිසාය වාලුකාය සන්ථතපරිවෙණං ලෙණං කත්වා මඤ්චපීඨං පඤ්ඤාපෙත්වා භගවතො වසනත්ථාය අදාසි. ලෙණං ගම්භීරං අහොසි ඔතරිත්වා අභිරුහිතබ්බං. තං සන්ධායෙතං වුත්තං.
එවම්මෙසුතං යනු දීඝනඛ සුත්‍රයයි. එහි සුකරඛතායං සුකරඛත නම් ඇති ලෙනෙහි. කාශ්‍යප බුදුන් කල ඒ ලෙන එක් බුද්ධාන්තරයක් පොළොව වැඩෙන කල පොළොව තුළට ගියේ වෙයි. ඉක්බිති එක්දවසක් ඌරෙක් එහි වහල කෙළවර සමීපයෙහි පස් හෑරිය. වැසිවටකල්හි පස් සේදී වහල කෙළවර ප්‍රකට විය. වනචාරියෙක් දැක පෙර සිල්වතුන් විසින් පරිභෝග කරන ලද ලෙනක් වියයුතුය එය පිළිදැගුම් කරන්නෙමියි හාත්පස පස් ඉවත් කොට ලෙන සෝදා බිත්තියකින් ආවරණයක් කොට දොර කවුළු යොදා මැනවින් නිමකරන ලද සුණු පිරියම් චිත්‍රකර්ම ඇති රිදීපටක් වැනි වැලි අතුරන ලද මිදුල ඇති ලෙනක් කොට ඇඳපුටු පනවා භාග්‍යවතුන් වහන්සේගේ වාසය පිණිස දුන්නේය. ලෙන ගැඹුරවිය. පහළට බැස නැගිය යුතුය. ඒ සඳහා මෙය කියන ලදී.
දීඝනඛොති තස්ස පරිබ්බාජකස්ස නාමං. උපසඞ්කමීති කස්මා උපසඞ්කමි? සො කිර ථෙරෙ අඩ්ඪමාසපබ්බජිතෙ චින්තෙසි – “මය්හං මාතුලො අඤ්ඤං පාසණ්ඩං ගන්ත්වා න චිරං තිට්ඨති, ඉදානි පනස්ස සමණස්ස ගොතමස්ස සන්තිකං ගතස්ස අඩ්ඪමාසො ජාතො. පවත්තිම්පිස්ස න සුණාමි, ඔජවන්තං නු ඛො සාසනං, ජානිස්සාමි න”න්ති ගන්තුකාමො ජාතො. තස්මා උපසඞ්කමි. එකමන්තං ඨිතොති තස්මිං කිර සමයෙ ථෙරො භගවන්තං බීජයමානො ඨිතො හොති, පරිබ්බාජකො මාතුලෙ හිරොත්තප්පෙන ඨිතකොව පඤ්හං පුච්ඡි. තෙන වුත්තං “එකමන්තං ඨිතො”ති.
දීඝනඛො ඒ පිරිවැජියාගේ නමයි. උපසඞ්කමි කුමක්නිසා පැමිණියේද හේ තෙරුන් වෙත පැවිදිව අඩමසක් වූකල්හි මෙසේ සිතීය. මාගේ මාමා වෙනත් පාෂාණ්ඩයකු වෙත ගොස් වැඩිකල් නොසිටී දැන් මේ ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් අඩමසක් විය. ඔහුගැන ප්‍රවෘත්තියක් වත් නො අසමි. ශාසනය ඔදවත් විය යුතුය. එය දැනගන්නෙමිය එහි යනු කැමැත්තේ විය. ඒ නිසා එළඹියේය. එකමන්තං ඨිතො එසමයෙහි තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් හුන්නාහු වෙති. පිරිවැජියා මාමා කෙරෙහි භය ලජ්ජාවෙන් සිටියේම ප්‍රශ්නයක් ඇසීය. එකමන්තං ඨිතො යි ඒනිසා කියන ලදී.
සබ්බං මෙ නක්ඛමතීති සබ්බා මෙ උපපත්තියො නක්ඛමන්ති, පටිසන්ධියො නක්ඛමන්තීති අධිප්පායෙන වදති. එත්තාවතානෙන “උච්ඡෙදවාදොහමස්මී”ති දීපිතං හොති. භගවා පනස්ස අධිප්පායං මුඤ්චිත්වා අක්ඛරෙ තාව දොසං දස්සෙන්තො යාපි ඛො තෙතිආදිමාහ. තත්ථ එසාපි තෙ දිට්ඨි නක්ඛමතීති එසාපි තෙ පඨමං රුච්චිත්වා ඛමාපෙත්වා ගහිතදිට්ඨි නක්ඛමතීති. එසා චෙ මෙ, භො ගොතම, දිට්ඨි ඛමෙය්යාති මය්හඤ්හි සබ්බං නක්ඛමතීති දිට්ඨි, තස්ස මය්හං යා එසා සබ්බං මෙ නක්ඛමතීති දිට්ඨි, එසා මෙ ඛමෙය්ය. යං තං “සබ්බං මෙ නක්ඛමතී”ති වුත්තං, තම්පිස්ස තාදිසමෙව. යථා සබ්බගහණෙන ගහිතාපි අයං දිට්ඨි ඛමති, එවමෙවං තම්පි ඛමෙය්ය. එවං අත්තනො වාදෙ ආරොපිතං දොසං ඤත්වා තං පරිහරාමීති සඤ්ඤාය වදති, අත්ථතො පනස්ස “එසා දිට්ඨි න මෙ ඛමතී”ති ආපජ්ජති. යස්ස පනෙසා න ඛමති න රුච්චති, තස්සායං තාය දිට්ඨියා සබ්බං මෙ න ඛමතීති දිට්ඨි රුචිතං. තෙන හි දිට්ඨිඅක්ඛමෙන අරුචිතෙන භවිතබ්බන්ති සබ්බං ඛමතීති රුච්චතීති ආපජ්ජති. න පනෙස තං සම්පටිච්ඡති, කෙවලං තස්සාපි උච්ඡෙදදිට්ඨියා උච්ඡෙදමෙව ගණ්හාති. තෙනාහ භගවා අතො ඛො තෙ, අග්ගිවෙස්සන,…පෙ… අඤ්ඤඤ්ච දිට්ඨිං උපාදියන්තීති. තත්ථ අතොති පජහනකෙසු නිස්සක්කං, යෙ පජහන්ති, තෙහි යෙ නප්පජහන්තීති වුච්චියන්ති, තෙව බහුතරාති අත්ථො. බහූ හි බහුතරාති එත්ථ හිකාරො නිපාතමත්තං, බහූ බහුතරාති අත්ථො. පරතො තනූ හි තනුතරාති පදෙපි එසෙව නයො. යෙ එවමාහංසූති යෙ එවං වදන්ති. තඤ්චෙව දිට්ඨිං නප්පජහන්ති, අඤ්ඤඤ්ච දිට්ඨිං උපාදියන්තීති මූලදස්සනං නප්පජහන්ති, අපරදස්සනං උපාදියන්ති.
සබ්බං මෙ නක්ඛමනි මාගේ සියලු උත්පත්තීහු නොකමත්. ප්රතිසන්ධීහු නොකමත්ය යන අදහසින් කියයි. මෙපමණකින් මොහු විසින් මම උච්ඡේදවාදී වෙමියි පහදන ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔහු ගේ අදහස සඟවා අක්ෂර දෝසය පමණක් දක්වන සේක් යාපිඛොතෙ ආදිය කීසේක. එහි එසා පි තෙ දිට්ඨි නක්ඛමති ඔබ විසින් පළමුව කැමතිවී කමාකරවා ගන්නා ලද දෘෂ්ටිය නොකමයි. එසා ඛො මෙ භො ගොතම දිට්ඨි ඛමෙය්ය මාගේ වනාහි සියල්ල නොකමයි යන දෘෂ්ටියකි. ඒ මාගේ සියල්ල නොකමයි යන දෘෂ්ටිය එය කමන්න. යම් දෘෂ්ටියක් සියල්ල මට කමතියි කියන ලදී. එයද ඔහුට එසේමය, යම්සේ සර්වග්රහණයෙන් ගත්තාවු මේ දෘෂ්ටිය කමයිද එසේ මෙයද කමන්න. මෙසේ තමාගේ වාදයෙහි නගන ලද දෝෂය දැන එය පරිහරණය කරමියි හැඟීමෙන් කියයි. අර්ථවශයෙන් ඔහුගේ මේ දෘෂ්ටිය නොකමතියි පෙන්නුම් කරයි. යමකුට එම දෘෂ්ටිය නොකමයිද රිසි නොවේද ඔහුට ඒ දෘෂ්ටියෙන් සියල්ල මට නොකමතියි දෘෂ්ටිය රිසිවිය. ඒ අක්ෂමායෙන් අරූචියෙන් වියයුතුය. සබ්බං ඛමති රුච්චති පෙන්නුම් කරයි. එය පිළිගන්නේ නොවේ හුදෙක් ඒ උච්ඡේද දෘෂ්ටියෙන් උච්ජේදයම ගනී. භාග්‍යවතුන් වහන්සේ ඒනිසා වදාළ සේක. අතො ඛො තෙ අග්ගිවෙස්සන -පෙ- අඤ්ඤංව දිට්ඨිං උපාදියන්ති එහි අථො යනු අත්හරින්නන් කෙරෙහි. පඤ්චමී විභක්ති යමෙක් අතේ හරින්ද ඔවුන් විසින් යමෙක් අත්නොහරිතියි කියනු ලබත්ද ඔවුහුම බහුතරය යන අර්ථයි. බහුහි බහුතරා යන මෙහි හි කාරය නිපාත මාත්‍රයකි. බහු බහුතරය යන අර්ථයි. පරතො තනුහි තනුත්තරා යන පදයෙහිද මෙම ක්‍රමයමැයි. යෙ එවමාහංසු යමෙක් මෙසේ කියත්ද ඒ දෘෂ්ටියම අත් නොහරිති. අන්දෘෂ්ටියක්ම අල්ලාගනිත් යන මූලදර්ශනය අත් නොහරිත්. වෙනත් දර්ශනයක් අල්ලාගනිත්.
එත්ථ ච සස්සතං ගහෙත්වා තම්පි අප්පහාය උච්ඡෙදං වා එකච්චසස්සතං වා ගහෙතුං න සක්කා, උච්ඡෙදම්පි ගහෙත්වා තං අප්පහාය සස්සතං වා එකච්චසස්සතං වා න සක්කා ගහෙතුං, එකච්චසස්සතම්පි ගහෙත්වා තං අප්පහාය සස්සතං වා උච්ඡෙදං වා න සක්කා ගහෙතුං. මූලසස්සතං පන අප්පහාය අඤ්ඤං සස්සතමෙව සක්කා ගහෙතුං. කථං? එකස්මිඤ්හි සමයෙ “රූපං සස්සත”න්ති ගහෙත්වා අපරස්මිං සමයෙ “න සුද්ධරූපමෙව සස්සතං, වෙදනාපි සස්සතා, විඤ්ඤාණම්පි සස්සත”න්ති ගණ්හාති. උච්ඡෙදෙපි එකච්චසස්සතෙපි එසෙව නයො. යථා ච ඛන්ධෙසු, එවං ආයතනෙසුපි යොජෙතබ්බං. ඉදං සන්ධාය වුත්තං – “තඤ්චෙව දිට්ඨිං නප්පජහන්ති, අඤ්ඤඤ්ච දිට්ඨිං උපාදියන්තී”ති.
මෙහිද ශාස්වතය ගෙන එය අත්නොහැර උච්ඡේදය හෝ එකච්ච සස්සතය ගන්නට නොහැකිය. උච්ඡේදයද ගෙන එය අත්නොහැර සස්සතය හෝ එකච්ච සස්සතය ගන්ට නොහැකිය. එකච්ච සස්සතයද ගෙන එය අත්නොහැර සස්සතය හෝ උච්ජේදය හෝ ගන්ට නොහැකිය. මුලසස්සතය අත්නොහැර අන්‍යවූ සස්සතයම ගන්ට හැකිය. එක් කලෙක රූප සස්සතයයි ගෙන තවත් කලෙක ශුද්ධරූපයම සස්සත නොවේ. වේදනාවද සස්සතය -පෙ- විඤ්ඤාණතයද සස්සතයයි ගනියි. උච්ඡේදයෙහිද එකච්ච සස්සතයෙහිද මේ ක්‍රමය මැයි. බන්ධන්හි මෙන්ම ආයතනයන්හිද මෙසේම යොදාගත යුතුය. මේ සඳහා තඤ්චෙව දිට්ඨිං නප්පජහන්ති අඤ්ඤඤ්ච දිට්ඨිං උපාදියන්ති යි කියන ලදී.
දුතියවාරෙ අතොති අප්පජහනකෙසු නිස්සක්කං, යෙ නප්පජහන්ති, තෙහි, යෙ පජහන්තීති වුච්චියන්ති, තෙව තනුතරා අප්පතරාති අත්ථො. තඤ්චෙව දිට්ඨිං පජහන්ති, අඤ්ඤඤ්ච දිට්ඨිං න උපාදියන්තීති තඤ්ච මූලදස්සනං පජහන්ති, අඤ්ඤඤ්ච දස්සනං න ගණ්හන්ති. කථං? එකස්මිඤ්හි සමයෙ “රූපං සස්සත”න්ති ගහෙත්වා අපරස්මිං සමයෙ තත්ථ ආදීනවං දිස්වා “ඔළාරිකමෙතං මය්හං දස්සන”න්ති පජහති “න කෙවලඤ්ච රූපං සස්සතන්ති දස්සනමෙව ඔළාරිකං, වෙදනාපි සස්සතා…පෙ… විඤ්ඤාණම්පි සස්සතන්ති දස්සනං ඔළාරිකමෙවා”ති විස්සජ්ජෙති. උච්ඡෙදෙපි එකච්චසස්සතෙපි එසෙව නයො. යථා ච ඛන්ධෙසු, එවං ආයතනෙසුපි යොජෙතබ්බං. එවං තඤ්ච මූලදස්සනං පජහන්ති, අඤ්ඤඤ්ච දස්සනං න ගණ්හන්ති.
දෙවැනිවර අතො අත්නොහරින්නවුන් අතර, පඤ්චමී විභක්තිය යමෙක් අත්නොහරිත්ද ඔවුන් විසින්ම අත්හරිතියි කියනු ලබත්. ඒවාට සුළුතරය අල්පතරය යන අර්ථයි. තඤ්චෙව දිට්ඨිං පජහන්ති අඤ්ඤා දිට්ඨිං න උපාදියන්ති මුල දර්ශනය අත්හරිති. අන් දෘෂ්ටියක් නොගනිති. එක්කලෙක රූපය සස්සත යයි ගෙන තවත් කලෙක එහි ආදීනව දැක මාගේ දර්ශනය පහත් යයි අත්හරින්නේ කෙසේද. හුදෙක් රූපය පමණක් සස්සත නොවේ පහත් දර්ශනයම සස්සතය වේදනාවද සස්සතය. විඤ්ඤාණය සස්සතය යන දර්ශනයම පහත් යයි ඉවත්කරයි. උච්ඡේදයෙහිද එකච්චසස්සතයෙහිද මෙම ක්‍රමයයි. මේ අයුරින් ඛන්ධක වල ද ආයතන වලද යෙදිය යුතුය. මෙසේ මුලදර්ශනය අත්හරිත් වෙනත් දර්ශනයක් නොගනිති.
සන්තග්ගිවෙස්සනාති කස්මා ආරභි? අයං උච්ඡෙදලද්ධිකො අත්තනො ලද්ධිං නිගූහති, තස්සා පන ලද්ධියා වණ්ණෙ වුච්චමානෙ අත්තනො ලද්ධිං පාතුකරිස්සතීති තිස්සො ලද්ධියො එකතො දස්සෙත්වා විභජිතුං ඉමං දෙසනං ආරභි.
සත්තග්ගිවෙස්සනා යැයි කුමක්නිසා ආරම්භ කළ සේක්ද, මේ උච්ඡේද ලබ්ධිකයා තමාගේ ලබ්ධිය සඟවයි. ඒ ලබ්ධියෙහි ගුණ කියනවිට තමාගේ ලබ්ධිය එළිකරන්නේය. ලබ්ධිතුනම එකට දක්වා බෙදන්ට මේ දේශනාව ආරම්භකළසේක.
සාරාගාය සන්තිකෙතිආදීසු රාගවසෙන වට්ටෙ රජ්ජනස්ස ආසන්නා තණ්හාදිට්ඨිසංයොජනෙන වට්ටසංයොජනස්ස සන්තිකෙ. අභිනන්දනායාති තණ්හාදිට්ඨිවසෙනෙව ගිලිත්වා පරියාදියනස්ස ගහණස්ස ච ආසන්නාති අත්ථො. අසාරාගාය සන්තිකෙතිආදීසු වට්ටෙ අරජ්ජනස්ස ආසන්නාතිආදිනා නයෙන අත්ථො වෙදිතබ්බො.
සරාගාය සන්තිකෙ ආදී තන්හි රාගවශයෙන් සංසාරයෙහි ඇලෙන්නාහුට තෘෂ්ණා දෘෂ්ටි සංයෝජනයෙන් සංසාරයෙහි සංයෝජන සමීපයෙහි තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් සතුටුවීම යනු තෘෂ්ණා දෘෂ්ටිවශයෙන්ම ගිල අභිබවාගත් ග්‍රහණයට ආසන්නය යන අර්ථයි. අසාරාගාය අභිබවාගත් සන්තිකෙ ආදී තන්හිද සංසාරයෙහි නො ඇලෙන්නහුට සමීපවු ආදී ක්‍රමයෙන් අර්ථය දතයුතුය.
එත්ථ ච සස්සතදස්සනං අප්පසාවජ්ජං දන්ධවිරාගං, උච්ඡෙදදස්සනං මහාසාවජ්ජං ඛිප්පවිරාගං. කථං? සස්සතවාදී හි ඉධලොකං පරලොකඤ්ච අත්ථීති ජානාති, සුකතදුක්කටානං ඵලං අත්ථීති ජානාති, කුසලං කරොති, අකුසලං කරොන්තො භායති, වට්ටං අස්සාදෙති, අභිනන්දති. බුද්ධානං වා බුද්ධසාවකානං වා සම්මුඛීභූතො සීඝං ලද්ධිං ජහිතුං න සක්කොති. තස්මා තං සස්සතදස්සනං අප්පසාවජ්ජං දන්ධවිරාගන්ති වුච්චති. උච්ඡෙදවාදී පන ඉධලොකපරලොකං අත්ථීති ජානාති, සුකතදුක්කටානං ඵලං අත්ථීති ජානාති, කුසලං න කරොති, අකුසලං කරොන්තො න භායති, වට්ටං න අස්සාදෙති, නාභිනන්දති, බුද්ධානං වා බුද්ධසාවකානං වා සම්මුඛීභාවෙ සීඝං දස්සනං පජහති. පාරමියො පූරෙතුං සක්කොන්තො බුද්ධො හුත්වා, අසක්කොන්තො අභිනීහාරං කත්වා සාවකො හුත්වා පරිනිබ්බායති. තස්මා උච්ඡෙදදස්සනං මහාසාවජ්ජං ඛිප්පවිරාගන්ති වුච්චති.
මෙහිද ශාස්වත දර්ශනය අල්ප සාවද්‍යය දන්ධ විරාගයි. උච්ඡේද දර්ශනය මහා සාවද්‍යයි. ඛිප්ප විරාගයි. කෙසේ ද? ශාස්වතවාදියා මෙලොවක් ඇතැයිද පරලොවක් ඇතැයිද දනී. සුකෘත දුෂ්කෘතයන්ට ඵලයක් ඇතැයි දනි. කුසල් කරයි. අකුසල් කරන්නේ බියවෙයි. සංසාරය අස්වාදකරයි. සතුටු වෙයි. බුදුවරුන් හෝ බුදුසව්වන් හමුවූයේ වහා ලබ්ධිය අත් හැරීමට නොහැක්කේය. ඒ නිසා ශාස්වත වාදය අල්ප සාවද්යයැයිද දන්ධ විරාග යැයිද කියනු ලැබේ. උච්ඡේදවාදියා මොලොවක් ඇතැයිද පරලොවක් ඇතැයිද නොදනී. සුකෘත දුෂ්කෘතයන්ගේ ඵලයක් ඇතැයි නොදනී. කුසල් නොකරයි. අකුසල් කරන්නේ බිය නොවේ. සංසාරය ආස්වාද නොකරයි. සතුටු නොවේ බුදුවරුන් හෝ බුදු සව්වන් හමුවෙහිදී වහා දර්ශනය අත්හරී පාරමී පුරන්ට හැක්කේ බුදුවී නොහැක්කේනම් උත්සාහ කොට ශ්‍රවකයෙක් වී පිරිනිවන් පායි. ඒනිසා උච්ජේද දර්ශනය මහා සාවද්යයැයිද ඛිප්පවිරාග යැයිද කියනු ලැබේ.
සො පන පරිබ්බාජකො එතමත්ථං අසල්ලක්ඛෙත්වා – “මය්හං දස්සනං සංවණ්ණෙති පසංසති, අද්ධා මෙ සුන්දරං දස්සන”න්ති සල්ලක්ඛෙත්වා උක්කංසෙති මෙ භවන්තිආදිමාහ.
ඒ පිරිවැජියා මේ අර්ථය නොසලකා මගේ දර්ශනය වර්ණනා කරයි. ප්රශංසාකරයි. ඒකාන්තයෙන් මාගේ දර්ශනය සුන්දරයයි සලකා උක්කංසති මෙ භවං ආදිය කීය.
ඉදානි යස්මා අයං පරිබ්බාජකො කඤ්ජියෙනෙව තිත්තකාලාබු, උච්ඡෙදදස්සනෙනෙව පූරිතො, සො යථා කඤ්ජියං අප්පහාය න සක්කා ලාබුම්හි තෙලඵාණිතාදීනි පක්ඛිපිතුං, පක්ඛිත්තානිපි න ගණ්හාති, එවමෙවං තං ලද්ධිං අප්පහාය අභබ්බො මග්ගඵලානං ලාභාය, තස්මා ලද්ධිං ජහාපනත්ථං තත්රග්ගිවෙස්සනාතිආදි ආරද්ධං. විග්ගහොති කලහො. එවමෙතාසං දිට්ඨීනං පහානං හොතීති එවං විග්ගහාදිආදීනවං දිස්වා තාසං දිට්ඨීනං පහානං හොති. සො හි පරිබ්බාජකො “කිං මෙ ඉමිනා විග්ගහාදිනා”ති තං උච්ඡෙදදස්සනං පජහති.
යම් හෙයකින් මේ පිරිවැජියා කැඳවතුරින්ම තිත්තලබු පුරවන්නාක් මෙන් උච්ඡේද දර්ශනයෙන්ම පුරවන ලද්දේ. කැඳවතුර ඉවත් නොකොට ලබුගෙඩියෙහි තෙල් පැණි ආදිය බැහීමටද බැහුවද නො අල්ලන්නේ යම්සේද එසේම ඒ ලබ්ධිය අත්නොහැර අග්‍රඵලය අල්ලාගැනීමට නොහැකිය. ඒ නිසා ලබ්ධිය අත්හැර දැමීම පිණිස තත්රග්ගි වෙස්සන ආදිය අරඹන ලදී. විග්ගහො යනු කලහයයි. එව මෙවාතාසං දිට්ඨිනං පහානං හොති මෙසේ විග්රහ ආදියෙහි ආදීනව දැක ඒ දෘෂ්ටීන්ගේ ප්රහාණය යේ. ඒ පිරිවැජියාද මට මේ විග්රහ ආදියෙන් ඇති ඵලය කිමැයි ඒ උවිජේද දර්ශනය අත්හරී.
අථස්ස භගවා වමිතකඤ්ජියෙ ලාබුම්හි සප්පිඵාණිතාදීනි පක්ඛිපන්තො විය හදයෙ අමතොසධං පූරෙස්සාමීති විපස්සනං ආචික්ඛන්තො අයං ඛො පන, අග්ගිවෙස්සන, කායොතිආදිමාහ. තස්සත්ථො වම්මිකසුත්තෙ වුත්තො. අනිච්චතොතිආදීනිපි හෙට්ඨා විත්ථාරිතානෙව. යො කායස්මිං කායඡන්දොති යා කායස්මිං තණ්හා. ස්නෙහොති තණ්හාස්නෙහොව. කායන්වයතාති කායානුගමනභාවො, කායං අනුගච්ඡනකකිලෙසොති අත්ථො.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට කැඳඉවත්කළ ලබ්බෙහි ගිතෙල් මීපැණි ආදිය බහන්නාක්මෙන් හෘදයෙහි අමෘතය නමැති ඖෂධය පුරවන්නෙමියි විදර්ශනාව කියාදෙන සේක් අයං ඛො අග්ගිවෙස්සන කායො ආදිය කී සේක. එහි අර්ථය වම්මික සුත්‍රයෙහි කියන ලදී. අනිච්චතො ආදියද යට විස්තර කරන ලද්දේමය. යො කායස්මිං ඡන්දො කායෙහි යම් තෘෂ්ණාවක් වේද, ස්නෙහො තෘෂ්ණා ස්නේහය. කායන්වයතා කය අනුගමනය කරන බව. කය අනුව යන ක්ලේශය යන අර්ථයි.
එවං රූපකම්මට්ඨානං දස්සෙත්වා ඉදානි අරූපකම්මට්ඨානං දස්සෙන්තො තිස්සො ඛොතිආදිමාහ. පුන තාසංයෙව වෙදනානං අසම්මිස්සභාවං දස්සෙන්තො යස්මිං, අග්ගිවෙස්සන, සමයෙතිආදිමාහ. තත්රායං සඞ්ඛෙපත්ථො – යස්මිං සමයෙ සුඛාදීසු එකං වෙදනං වෙදයති, තස්මිං සමයෙ අඤ්ඤා වෙදනා අත්තනො වාරං වා ඔකාසං වා ඔලොකයමානා නිසින්නා නාම නත්ථි, අථ ඛො අනුප්පන්නාව හොන්ති භින්නඋදකපුප්ඵුළා විය ච අන්තරහිතා වා. සුඛාපි ඛොතිආදි තාසං වෙදනානං චුණ්ණවිචුණ්ණභාවදස්සනත්ථං වුත්තං.
මෙසේ රූප කර්මස්ථානය දක්වා දැන් අරූප කර්මස්ථානය දක්වන සේක් තිස්සො ඛො ආදිය කී සේක. නැවත ඒ වේදනාවන්ගේම අසම්මිශ්රබව දක්වන සේක් යස්මිං අග්ගිවෙස්සන සමයෙ ආදිය කී සේක. මේ එහි සංක්ෂේප අර්ථයයි. යම් කලෙක සුබවාදීන් අතරින් එක් වේදනාවක් විඳගනීද එකල්හි අන්වේදනාවක් තමාගේ වාරය හෝ අවස්ථාව බලමින් හුන්නේ නම් නැත. එහෙත් නුපන්නේම වෙයි. බිඳුණු දියබුබුළක් මෙන් අතුරුදහන් වූයේ හෝ වෙයි. සුඛාපිඛො ආදි ඒ වේදනාවන් සුනු විසුනු වු බව දක්වන්ට කියන ලදී.
න කෙනචි සංවදතීති තස්සතං ගහෙත්වා “සස්සතවාදී අහ”න්ති උච්ඡෙදවාදිනාපි සද්ධිං න සංවදති, තමෙව ගහෙත්වා “සස්සතවාදී අහ”න්ති එකච්චසස්සතවාදිනා සද්ධිං න විවදති. එවං තයොපි වාදා පරිවත්තෙත්වා යොජෙතබ්බා. යඤ්ච ලොකෙ වුත්තන්ති යං ලොකෙ කථිතං වොහරිතං, තෙන වොහරති අපරාමසන්තො කිඤ්චි ධම්මං පරාමාසග්ගාහෙන අග්ගණ්හන්තො. වුත්තම්පි චෙතං –
න කෙනචි සංවදති එය ගෙන මම ශාස්වත වාදීයෙක් වෙමියි ශාස්වත වාදියකු සමගද සංවාද නොකරයි. එයම ගෙන මම ශාස්වතවාදියෙක් වෙමියි ඒකච්ච සස්සත වාදියකු සමග විවාද නොකරයි. මෙසේ වාදත්රයට පරිවර්තනය කොට යොදා ගත යුතුය. යඤ්ච ලොකෙ වුත්තං යමක් ලෝකයෙහි කියන ලදද ව්‍යවහාර කරන ලදද කිසි ධර්මයක් ස්පර්ශ නොකරමින් පරාමාස ග්‍රාහයෙන් නොගෙන එය ව්‍යවහාර කරයි. මෙය මෙසේ කියන ලදී.
“යො හොති භික්ඛු අරහං කතාවී, ඛීණාසවො අන්තිමදෙහධාරී; අහං වදාමීතිපි සො වදෙය්ය, මමං වදන්තීතිපි සො වදෙය්ය; ලොකෙ සමඤ්ඤං කුසලො විදිත්වා, වොහාරමත්තෙන සො වොහරෙය්යා”ති. (සං· නි· 1.25);
යොහොති භික්ඛු අරහං කතාවී ඛීණාසවො අන්තිම දෙහධාරී අහං වදාමීතිපි සො වදෙය්ය මමං වදනන්තිපි සො වදෙය්ය ලොකෙ සමඤ්ඤංකූ සලො විදිත්වා වොහාර මත්තෙන සො වොහරෙය්ය
රහත්වූ කළයුතුදේකර ඇති, නැසූ කෙළෙසුන් ඇති අන්තිම දේහධාරි භික්ෂුව මම කියමියිද මාගැන කියතියිද කියනු ඇත දක්ෂයා ලෝවහර දැන ව්‍යවහාර මාත්රයෙන වහණු ඇත.
අපරම්පි වුත්තං – “ඉමා ඛො චිත්ත ලොකසමඤ්ඤා ලොකනිරුත්තියො ලොකවොහාරා ලොකපඤ්ඤත්තියො, යාහි තථාගතො වොහරති අපරාමස”න්ති (දී· නි· 1.440).
අනිකක්ද කියන ලදී. චිත්‍රය මේ ලෝකය හැඳින්වීමයි. ලෝක නිරුක්තිය ලෝක ව්‍යවහාරයි. ලෝක ප්රඥප්තියි. තථාගතයන් වහන්සේ ස්පර්ශ නොකොට ඒවායින් ව්‍යවහාර කරන සේක.
අභිඤ්ඤාපහානමාහාති සස්සතාදීසු තෙසං තෙසං ධම්මානං සස්සතං අභිඤ්ඤාය ජානිත්වා සස්සතස්ස පහානමාහ, උච්ඡෙදං, එකච්චසස්සතං අභිඤ්ඤාය එකච්චසස්සතස්ස පහානං වදති. රූපං අභිඤ්ඤාය රූපස්ස පහානං වදතීතිආදිනා නයෙනෙත්ථ අත්ථො වෙදිතබ්බො.
අභිඤ්ඤාපහාන මාහා ශාස්වත ආදීන්හි ඒ ඒ ධර්මයන්ගේ ශාස්වත බව මනාසේ දැන ඒකච්ච සස්සතයාගේ ප්රහාණය කීය උච්ඡේදය ඒකච්ච සස්සතය මැනවින් දැන ඒකච්ච සස්සත ප්රහාණය ගැන කියයි. රූපය මැනවින් දැන රූපප්රහාණය ගැන කියතියි ආදී ක්‍රමයෙන් මෙහි අර්ථය දත යුතුය.
පටිසඤ්චික්ඛතොති පච්චවෙක්ඛන්තස්ස. අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චීති අනුප්පාදනිරොධෙන නිරුද්ධෙහි ආසවෙහි අග්ගහෙත්වාව චිත්තං විමුච්චි. එත්තාවතා චෙස පරස්ස වඩ්ඪිතං භත්තං භුඤ්ජිත්වා ඛුදං විනොදෙන්තො විය පරස්ස ආරද්ධාය ධම්මදෙසනාය ඤාණං පෙසෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තඤ්චෙව පත්තො, සාවකපාරමීඤාණස්ස ච මත්ථකං, සොළස ච පඤ්ඤා පටිවිජ්ඣිත්වා ඨිතො. දීඝනඛො පන සොතාපත්තිඵලං පත්වා සරණෙසු පතිට්ඨිතො.
පටිසඤ්චික්ඛිතො නැවත බලන්නහුට අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වු ආශ්‍රවයන් ගෙන් අල්ලා නොගෙන සිත මිදුනේය. මෙපමණකින් අනුන්ට එළවන ලද බත් කා කුසගින්න නිවාගන්නාක් මෙන් අනුන් සඳහා අරඹන ලද ධර්ම දේශනාවෙහි සිතයවා විදර්ශනා වඩා රහත්බවට පැමිණ ශ්රාවකපාරමීඥානයෙහිද මුදුනට නැගුණේය. සොළොස් ප්‍රඥාවන් දැන සිටියේය. දීඝනඛො දීඝනඛ සෝවාන් ඵලයට පැමිණ සරණයන්හි පිහිටියේය.
භගවා පන ඉමං දෙසනං සූරියෙ ධරමානෙයෙව නිට්ඨාපෙත්වා ගිජ්ඣකූටා ඔරුය්හ වෙළුවනං ගන්ත්වා සාවකසන්නිපාතමකාසි, චතුරඞ්ගසමන්නාගතො සන්නිපාතො අහොසි. තත්රිමානි අඞ්ගානි – මාඝනක්ඛත්තෙන යුත්තො පුණ්ණමඋපොසථදිවසො, කෙනචි අනාමන්තිතානි හුත්වා අත්තනොයෙව ධම්මතාය සන්නිපතිතානි අඩ්ඪතෙලසානි භික්ඛුසතානි, තෙසු එකොපි පුථුජ්ජනො වා සොතාපන්න-සකදාගාමි-අනාගාමි-සුක්ඛවිපස්සක-අරහන්තෙසු වා අඤ්ඤතරො නත්ථි, සබ්බෙ ඡළභිඤ්ඤාව, එකොපි චෙත්ථ සත්ථකෙන කෙසෙ ඡින්දිත්වා පබ්බජිතො නාම නත්ථි, සබ්බෙ එහිභික්ඛුනොයෙවාති.
භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම දේශනාව සූර්යයා නොබැසසිටියදීම නිමවා ගිජුකුළු පව්වට බැස වේළුවනයට වැඩ ශ්‍රාවකයන් රැස් කිරීමක් කළසේක. රැස්වීම චතුරංග සමන්නාගත විය. එහි මේ අංග මා නැකතින් යුත් පුන් පොහෝ දිනයයි. කිසිවකු විසින් ආරාධනය නොකරන ලද්දේ වී තමාගේම ස්වභාවයෙන් රැස්වූ භික්ෂුන්ගේ ගණන එක්දහස් දෙසිය පනසකි. පෘථක් ජනයෙක් හෝ සෝවාන් සකෘදාගාමි අනාගාමි සුක්ක විපස්සක රහතුන් අතර අන්කිසිවෙක් නැත. සියල්ලෝ ෂට්අභිඥලාභීහුය. මෙහි කිසිවෙක් ආයුධයකින් කෙස් කපා පැවිදිවූවෙක් නම් නැත. සියලු දෙන එහිභික්ෂුභාවයෙන් පැවිදි වුවෝය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය දීඝනඛසුත්තවණ්ණනා නිට්ඨිතා.
සිව්වැනි දීඝනඛ සුත්‍රයයි.