කීටාගිරි සුත්තං
2. 2. 10.
2. 2. 10.
කීටාගිරි සුත්තං
කීටාගිරි සූත්‍රය
එවං මෙ සුතං එකං සමයං භගවා කාසීසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: අහං ඛො භික්ඛවෙ, අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජාමි. අඤ්ඤත්ර ඛො පනාහං භික්ඛවෙ, රත්තිභොජනා භුඤ්ජමානො අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ තුම්හෙපි භික්ඛවෙ අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජථ. අඤ්ඤත්ර ඛො පන භික්ඛවෙ, තුම්හෙපි රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’ති. එවම්භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. අථ ඛො භගවා කාසීසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කීටාගිරි නාම කාසීනං නිගමො තදවසරි. තත්ර සුදං භගවා කීටාගිරිස්මිං විහරති කාසීනං නිගමෙ.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ මහත් වූ සඟපිරිස් පිරිවරා කාසිජනපදයෙහි සැරි සරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමැතූසේක: “මහණෙනි, මම් වූකලි රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳමි. මහණෙනි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන මම නීරෝග බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දනිමි. එව, තෙපිදු මහණෙනි, රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳවු. මහණෙනි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නහු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දැනගන්නවු යැ. ඒ මහණහු ‘එසේ යැ වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් කසී දනවුවෙහි සැරිසරනසේක් කීටාගිරි නම් වූ කසී දනවු වැසියන්ගේ නියම්ගමට පිළිපන්සේක. භාග්‍යවතුන් වහන්සේ කසීරටවැසියන්ගේ කීටාගිරි නම් වූ නියම්ගම්හි වාසය කරනසේක.
තෙන ඛො පන සමයෙන අස්සජිපුනබ්බසුකා නාම භික්ඛූ කීටාගිරිස්මිං ආවාසිකා හොන්ති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ එතදවොචුං: භගවා ඛො ආවුසො, අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජති භික්ඛුසඞ්ඝො ච. අඤ්ඤත්ර ඛො පනාවුසො, රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානන්ති අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ තුම්හෙපි ආවුසො, අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජථ. අඤ්ඤත්ර ඛො පනාවුසො, තුම්හෙපි රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ, අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’ති. එවං වුත්තෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙ භික්ඛූ එතදවොචුං: ‘මයං ඛො ආවුසො, සායඤ්චෙව භුඤ්ජාම පාතො ච දිවා ච විකාලෙ. තෙ මයං සායඤ්චෙව භුඤ්ජමානා පාතො ච දිවා ච විකාලෙ අප්පාබාධතඤ්ච සඤ්ජානාම අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. තෙ මයං කිං සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිස්සාම, සායඤ්චෙව මයං භුඤ්ජිස්සාම පාතො ච දිවා ච විකාලෙ’ති. යතො ඛො තෙ භික්ඛූ නාසක්ඛිංසු අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ සඤ්ඤාපෙතුං, අථ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං.
එසමයෙහි අස්සජි යැ පුනබ්බසුක යැ යන නම් ඇති මහණහු කීටාගිරියෙහි ආවාසිකයෝ වෙති. එකල්හි බොහෝ භික්ෂූහු අස්සජිපුනබ්බසුක භික්ෂූන් වෙත එළඹියාහු යැ. එළඹ අස්සජිපුනබ්බසුක භික්ෂූන්ට තෙල පවත් දැන්වූහ: “ඇවැත්නි, බුදුහු රාත්‍රිභෝජන හැරපියා මැ වළඳති, භික්ෂූසඞ්ඝ තෙමේ ද රාත්‍රිභෝජනය හැරපියා වළඳයි. ඇවැත්නි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නාහු නීරෝග බව ද නිදුක්බව ද සැහැල්ලු පැවැත්ම ද සුවවිහරණය ද දැනගන්නාහ. එව, ඇවැත්නි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳවු. රාත්‍රිභෝජනය හැරපියා වළඳන තෙපිදු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුවවිහරණය ද දැනගන්නවු යැ. මෙසේ කී කල්හි අස්සජිපුනබ්බසුක මහණහු ඒ භික්ෂූන්ට තෙල වදන් කීහු: “ඇවැත්නි, ඇපි සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳම්හ. ඒ සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳන ඇපි නිරාබාධ බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුවවිහරණය ද දනුම්හ. අපි සාංදෘෂ්ටික වූ අනුසස් හැරපියා මතුලැබිය යුතු අනුසසට කුමක් හෙයින් දුවමෝ ද ඇපි සවස්හිදු උදෑසනදු දහවල් විකාලයෙහිදු වළඳම්හ”යි. යම් හෙයෙකින් ඒ භික්ෂූහු අස්සජිපුනබ්බසුක මහණුන් ගිවිස්වාලන්නට නො හැකි වූවාහු ද එකල්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස් වැ හුන්නාහු තෙල පවත් දැන්වූහ.
ඉධ මයං භන්තෙ යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමිම්හ. උපසඞ්කමිත්වා අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ එතදවොචුම්හ: ‘භගවා ඛො ආවුසො, අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජති ..... පෙ..... ඵාසුවිහාරඤ්චා’ති. එවං වුත්තෙ භන්තෙ, අස්සජිපුනබ්බසුකා භික්ඛූ අම්හෙ එතදවොචුං: ‘මයං ඛො ආවුසො, ..... පෙ..... දිවා ච විකාලෙ’ති. යතො ඛො මයං භන්තෙ, නාසක්ඛිම්හ අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ සඤ්ඤාපෙතුං. අථ මයං එතමත්ථ භගවතො ආරොචෙමා”ති.
“වහන්ස, අපි මේ කීටාගිරියෙහි අස්සජිපුනබ්බසුක භික්ෂූන් වෙත එළඹ අස්සජිපුනබ්බසුක භික්ෂූන්ට තෙල පවත් දැන්වූම්හ: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ රාත්‍රි භෝජනය හැරපියා මැ වළඳන සේක ... සුවවිහරණය ද දන්නාසේකැ’යි. වහන්ස, මෙසේ කීකල්හි අස්සජිපුනබ්බසුක මහණහු අපට තෙල පවත් කීහ: “ඇවැත්නි, ඇපි වූකලි ... දහවල්හිදු විකාලයෙහි වළඳම්හ’යි. වහන්ස, යම් හෙයකින් අපි අස්සජිපුනබ්බසුක මහණුන් ගිවිස්වාලන්නට නො හැකි වූවමෝ ද, එකල්හි ඇපි තෙල පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකරම්හ’යි.
අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: ‘එහි ත්වං භික්ඛු, මම වචනෙන අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ ආමන්තෙහි, සත්ථායස්මන්තෙ ආමන්තෙතී’ති. එවම්භන්තෙති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙන අස්සජිපුනබ්බසුකා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ එතදවොච: ‘සත්ථායස්මන්තෙ ආමන්තෙතී’ති. එවමාවුසොති ඛො අස්සජිපුනබ්බසුකා භික්ඛූ තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො අස්සජිපුනබ්බසුකෙ භික්ඛූ භගවා එතදවොච,
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු ඇමැතූසේක: “එව මහණ, තෙපි මාගේ බසින් ‘ශාස්තෘහු ආයුෂ්මත් කැඳවාලතී’ අස්සජිපුනබ්බසුක මහණුන් කැඳවාලව”යි වදාළසේක. ‘එසේ යැ වහන්සැ’යි එ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී අස්සජිපුනබ්බසුක මහණුන් කරා එළඹ අස්සජිපුනබ්බසුක මහණුන්ට ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවනසේකැ’යි මෙ පවත් කීහ. ‘එසේ යැ ඇවැත්නි’යි අස්සජිපුනබ්බසුක භික්ෂූහු එ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් අස්සජිපුනබ්බසුක මහණුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
‘සච්චං කිර භික්ඛවෙ, සම්බහුලා භික්ඛූ තුම්හෙ උපසඞ්කමිත්වා එතදවොචුං: භගවා ඛො ආවුසො අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජති භික්ඛුසඞ්ඝො ච. අඤ්ඤත්ර ඛො පනාවුසො, රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානන්ති අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච, එථ තුම්හෙපි ආවුසො, අඤ්ඤත්රෙව රත්තිභොජනා භුඤ්ජථ, අඤ්ඤත්ර ඛො පනාවුසො, තුම්හෙපි රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’ති. එවං වුත්තෙ කිර භික්ඛවෙ, තුම්හෙ තෙ භික්ඛූ එවං අවචුත්ථ: ‘මයං ඛො ආවුසො, සායඤ්චෙව භුඤ්ජාම පාතො ච දිවා ච විකාලෙ, තෙ මයං සායඤ්චෙව භුඤ්ජමානා පාතො ච දිවා ච විකාලෙ, අප්පාබාධතඤ්ච සඤ්ජානාම අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච, තෙ මයං කිං සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිස්සාම, සායඤ්චෙව මයං භුඤ්ජිස්සාම පාතො ච දිවා ච විකාලෙ’ති. එවම්භන්තෙ.
සැබෑද මහණෙනි, බොහෝ භික්ෂූහු තොප කරා එළඹ තෙල කීවාහු ඇපි ද: “ඇවැත්නි, භාග්‍යවත්හු රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳති, භික්ෂූසඞ්ඝයා ද රාත්‍රිභෝජනය හැරපියා වළඳයි. තවද ඇවැත්නි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නාහු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුවවිහරණය ද දන්නාහ. එව ඇවැත්නි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳව. ඇවැත්නි, තෙපිදු රාත්‍රිභෝජනය වළඳන්නාහු නීරෝග බව ද, නිදුක් බව ද, සැහැල්ලු පැවැතුම් ද, කායබලය ද, සුවවිහරණය ද දනිවු” යයි. මෙසේ කී කල්හි මහණෙනි, තෙපි ඒ භික්ෂූන්ට ඇවැත්නි, අපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳම්හ. ඇපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳන්නමෝ නිරාබාධ බව ද නිරාතඞ්ක බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුඛවිහරණය ද දනුම්හ. අපි කුමක් හෙයින් සාන්දෘෂ්ටික වූ සුවය හැරපියා කාලික වූ සුවය අනුධාවනය කරමෝ ද අපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳම්හ’යි මෙසේ කීවහු දැ”යි, එසේ යැ වහන්ස.
කින්නු මෙ තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ. යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තස්ස අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. නො’හෙතං භන්තෙ. නනු මෙ තුම්හෙ භික්ඛවෙ, එවං ධම්මං දෙසිතං ආජානාථ, ‘ඉධෙකච්චස්ස යං එවරූපං සුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. ඉධ පනෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. ඉධ පනෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඉධ පනෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්තීති එවම්භන්තෙ.
කිම මහණෙනි, තෙපි මෙසේ දහම් දෙසනලද විරූ දන්නවු ද? “මේ පුරුෂපුද්ගල යම්කිසි සුවයක් හෝ දුකක් හෝ නො දුක් නො සුවයක් හෝ විඳී ද, ඔහුට අකුසල් දහම්හු පිරිහෙති, කුසල්දහම්හු වැඩෙති”යයි. වහන්ස, තෙල නැත් මැ යැ. මහණෙනි, තෙපි මා විසින් මෙසේ දහම් දෙසනලද විරූ දන්නහු නො ද? මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල් දහම්හු වැඩෙති, කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වු සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල දහම්හු පිරිහෙති, කුසල් දහම්හු වැඩෙත්. මෙලොවැ මෙබඳු දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු වැඩෙති, කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල් දහම්හු පිරිහෙති, කුසල් දහම්හු වැඩෙත්. මෙලොවැ මෙබඳු වූ නො දුක් නො සුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු වැඩෙති. කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වූ නො දුක් නො සුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති. කුසලදහම්හු වැඩෙත්”යයි. එසේ යැ වහන්ස.
සාධු භික්ඛවෙ, මයා’චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදියතො අකුසලාධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්තීති. එවමහං අජානන්තො ‘එවරූපං සුඛං වෙදනං පජහථා’ති වදෙය්යං, අපි නු මෙ එතං භික්ඛවෙ පතිරූපං අභවිස්සා’ති. නො හෙතං භන්තෙ, යස්මා ච ඛො එතං භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති. තස්මාහං ‘එවරූපං සුඛං වෙදනං පජහථා’ති වදාමි.
මැනැවැ මහණෙනි. මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසිනු දු ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නාවූ මම මෙබඳු වූ සුඛ වේදනාව හැරපියව’යි කියම් නම්, මහණෙනි, තෙල මට කිම් අනුරූප වන්නේ දැ’යි? වහන්ස, තෙල නො වේ මැ යැ. මහණෙනි, යම් හෙයෙකින් “මෙලොවැ මෙබඳු සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරන ලද දක්නා ලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ සුඛ වේදනාව හැරපියව’යි කියමි.
මයා’චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. එවමහං අජානන්තො ‘එවරූපං සුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්යං. අපි නු මෙ එතං භික්ඛවෙ, පතිරූපං අභවිස්සාති. නො හෙතං භන්තෙ. ‘යස්මා ච ඛො එතං භික්ඛවෙ මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය ‘ඉධෙකච්චස්ස එවරූපං සුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. තස්මාහං එවරූපං සුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.
මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසිනුදු ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම් මෙබඳු වූ සුඛවේදනාව උපදවා වාස කරව”යි කියම් නම් මහණෙනි, තෙල මට කිම අනුරූප වන්නේ දැ’යි. වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ සුඛවේදනාව උපදවා වාස කරව’යි කියමි.
මයා’චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති. එවමහං අජානන්තො ‘එවරූපං දුක්ඛං වෙදනං පජහථා’ති වදෙය්යං, අපි නු මෙ එතං භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’ති. නො’හෙතං භන්තෙ. යස්මා ච ඛො එතං භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති, තස්මාහං එවරූපං දුක්ඛං වෙදනං පජහථාති වදාමි.
තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති. කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ දුඃඛවේදනාව හැරපියව’යි කියම් නම්, කීම මහණෙනි, තෙල මට නිසිවන්නේ දැ’යි? වහන්ස, නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු දුක්ඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල දහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ දුඃඛවේදනාව හැරපියව’යි කියමි.
මයා’චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. එවමහං අජානන්තො ‘එවරූපං දුක්ඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්යං ‘අපි නු මෙ එතං භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’ති. නො හෙතම්භන්තෙ, යස්මා ච ඛො එතං භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය: ‘ඉධෙකච්චස්ස එවරූපං දුක්ඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. තස්මාහං ‘එවරූපං දුක්ඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.
තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසිනුදු ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම්, මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ දුඃඛවේදනාව උපදවා වාස කරව”යි කියම් නම්, මහණෙනි, කිම තෙල මට නිසි වන්නේ දැ’යි. වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන මේ කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ දුඃඛවේදනාව උපදවා වාස කරව’යි කියමි.
මයා චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්තී’ති. එවමහං අජානන්තො එවරූපං අදුක්ඛමසුඛං වෙදනං පජහථා’ති වදෙය්යං. අපි නු මෙ එතං භික්ඛවෙ, පතිරූපං අභවිස්සා’ති. නො හෙතම්භන්තෙ. යස්මා ච ඛො එතං භික්ඛවෙ, මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය: ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්තී’ති. තස්මාහං එවරූපං අදුක්ඛමසුඛං වෙදනං පජහථා’ති වදාමි.
තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නාවූ මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව හැරපියව’යි කියම් නම්, කීම මහණෙනි, තෙල මට නිසි වේ දැ’යි? වහන්ස, නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුවවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන මේ කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව හැරපියව’යි කියමි.
මයා චෙතං භික්ඛවෙ, අඤ්ඤාතං අභවිස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය: ‘ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති. එවමහං අජානන්තො එවරූපං අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදෙය්යං අපි නු මෙ එතං භික්ඛවෙ, පතිරූපං අභවිස්සාති. නො හෙතං භන්තෙ. යස්මා ච ඛො එතං භික්ඛවෙ මයා ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ඉධෙකච්චස්ස එවරූපං අදුක්ඛමසුඛං වෙදනං වෙදියතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, තස්මාහං එවරූපං අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරථා’ති වදාමි.
තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව උපදවා වාස කරව’යි කියම් නම්, කිම මහණෙනි, තෙල මට නිසි වන්නේ දැ’යි? වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන මෙ තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව උපදවා වාසය කරව’යි කියමි.
නාහං භික්ඛවෙ, සබ්බෙසංයෙව භික්ඛූනං අප්පමාදෙන කරණීයන්ති වදාමි. න පනාහං භික්ඛවෙ, සබ්බෙසංයෙව භික්ඛූනං නාප්පමාදෙන කරණීයන්ති වදාමි. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤා විමුත්තා. තථාරූපානාහං භික්ඛවෙ, භික්ඛූනං නාප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: කතං තෙසං අප්පමාදෙන අභබ්බා තෙ පමජ්ජිතුං.
මහණෙනි, මම් හැම මහණුන් විසින් මැ අප්‍රමාදයෙන් කෘත්‍යය කටයුතු යැයි නො කියමි. එතෙකුදුවත් මහණෙනි, මම හැම මහණුන් විසින් මැ අප්‍රමාදයෙන් නො කටයුතු යැ යි නො කියමි. මහණෙනි, අර්හත් වූ ක්ෂීණාස්රව වූ වැස නිම වූ මඟබඹසර ඇති සිවුමඟින් කළ කිස ඇති බහා තැබූ ස්කන්ධාදි බර ඇති රහත් බවට පැමිණි ක්ෂය වූ භවසංයෝජන ඇති මොනවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් වෙත් ද මහණෙනි, මම් එබඳු මහණුන්ට අප්‍රමාදයෙන් කටයුතු යැ යි නො කියමි. ඒ කවරහෙයින යත්: ඔවුන් විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරනලද. ඔහු පමා වන්නට නො නිස්සහ.
යෙ ච ඛො තෙ භික්ඛවෙ, භික්ඛූ සෙක්ඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති. තථාරූපානාහං භික්ඛවෙ, භික්ඛූනං අප්පමාදෙන කරණීය’න්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාමිමෙ ආයස්මන්තො අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානා කල්යාණමිත්තෙ භජමානා ඉන්ද්රියානි සමන්නානයමානා යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යු’න්ති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමෙසං භික්ඛූනං අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
තවද මහණෙනි, ශෛක්ෂ වූ අර්හත්වයට නො පැමිණි සිත් ඇති යම් මහණ කෙනෙක් අනුත්තර වූ යෝගක්ෂේමය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමින් වාසය කෙරෙත් ද, මහණෙනි, මම එබඳු මහණුන් විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැයි කියමි. ඒ කවරහෙයින යත්: “මේ ආයුෂ්මත්හු අනුලොම් වූ සෙනසුන් සේවනය කරන්නාහු කල්‍යාණමිත්‍රයන් භජනය කරන්නාහු ශ්‍රද්ධාදි ඉන්ද්රියයන් සම කෙරෙමින් යමක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම පැවිදි වෙත් ද ඒ අනුත්තර වූ බඹසරවස් කෙළවර ආර්‍ය්‍යඵලය ඉහාත්මයෙහි මැ උත්තමප්‍රඥායෙන් ප්රත්යක්ෂ කොට පැමිණ වාසය කරන්නාහු නම් මැනැවැ” යි. මහණෙනි, මම මේ මහණුන්ට මේ අප්‍රමාදඵලය දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
සත්තිමෙ භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ සත්ත: උභතොභාගවිමුත්තො පඤ්ඤාවිමුත්තො කායසක්ඛි දිට්ඨප්පත්තො සද්ධාවිමුත්තො ධම්මානුසාරී සද්ධානුසාරී.
මහණෙනි, මේ ලෝකයෙහි විද්‍යමාන වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් ඇත. කවර සත් දෙනෙක යත්: උභාතොභාග විමුක්ත යැ ප්රඥාවිමුක්ත යැ කායසාක්ෂි යැ දෘෂ්ටිප්‍රාප්ත යැ ශ්‍රද්ධාවිමුක්ත යැ ධර්මානුසාරී යැ ශ්‍රද්ධානුසාරී යැ යන සත් දෙනා යි.
කතමො ච භික්ඛවෙ, පුග්ගලො උභතොභාගවිමුත්තො: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො උභතොභාගවිමුත්තො. ඉමස්ස ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො න අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: කතං තස්ස අප්පමාදෙන. අභබ්බො සො පමජ්ජිතුං.
මහණෙනි, උභතෝභාගවිමුක්තපුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් වෙත් නම් ඒ විමෝක්ෂයන් නාමකයින් ස්පර්ශ කොට වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු ආර්‍ය්‍යසත්‍යයන් දැක ආස්‍රවයෝ ක්ෂය කරන ලද වෙති. මහණෙනි, මේ පුද්ගල උභාතොභාගවිමුක්ත යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට මම අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි නො කියමි. ඒ කවර හෙයින යත්: ඔහු විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරන ලද, හේ පමා වන්නට නො නිස්ස.
කතමො ච භික්ඛවෙ, පුග්ගලො පඤ්ඤාවිමුත්තො: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො පඤ්ඤාවිමුත්තො. ඉමස්සපි ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො න අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: කතං තස්ස අප්පමාදෙන, අභබ්බො සො පමජ්ජිතුං.
මහණෙනි, ප්රඥාවිමුක්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් ඇත් ද ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්ශ කොට නො වෙසෙයි. එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් ආර්‍ය්‍යසත්‍යයන් දැක ආස්‍රවයෝ ක්ෂය කරන ලද වෙති. මහණෙනි, මේ පුද්ගල ප්රඥාවිමුක්ත යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි නො කියමි. ඒ කවරහෙයින යත්: ඔහු විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරනලද, හේ පමදින්නට නො අභව්‍ය යි.
කතමො ච භික්ඛවෙ, පුග්ගලො කායසක්ඛී: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො කායසක්ඛි. ඉමස්ස ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
මහණෙනි, කායසාක්ෂි පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකායයෙන් ස්පර්ශ කොට වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු ආර්‍ය්‍යසත්‍යයන් දැක ඇතැම් ආස්‍රවයෝ ක්ෂය කරනලද වෙති. මහණෙනි, මේ පුද්ගල කායසාක්ෂි යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාදයෙන් කටයුතු කළයුතු යයි කියමි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ශ්රද්ධාදිඉන්ද්රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්හත්ඵලය මෙ අත්බැව්හි මැ උත්තම ප්‍රඥායෙන් ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ නම් මැනැවැ’යි . මහණෙනි, මම මේ මහණහට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
කතමො ච භික්ඛවෙ, පුග්ගලො දිට්ඨප්පත්තො, ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො දිට්ඨප්පත්තො. ඉමස්සපි ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
මහණෙනි, දෘෂ්ටිප්‍රාප්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්ශ කොට නො වෙසෙයි. එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් ආර්‍ය්‍යසත්‍යයන් දැක ඇතැම් ආස්‍රව කෙනෙක් ක්ෂය කරනලද වෙති. ඔහු විසින් තථාගතප්පවේදිත ධර්මයෝ ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද මොනොවට සරනලද වෙති. මහණෙනි, මේ පුද්ගල දෘෂ්ටිප්‍රාප්ත යැ යි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කල්‍යාණමිත්‍රයන් භජනය කෙරෙමින් ඉන්ද්රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ නම් මැනැවැ’යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාදඵලය දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
කතමො ච භික්ඛවෙ, පුග්ගලො සද්ධාවිමුත්තො: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති. තථාගතෙ චස්ස සද්ධා නිවිට්ඨා හොති මූලජාතා පතිට්ඨිතා. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො සද්ධාවිමුත්තො. ඉමස්සපි ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාම අයමායස්මා
මහණෙනි, ශ්‍රද්ධාවිමුක්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්ශ කොට වාසය නො කෙරෙයි. ඔහු විසින් ප්‍රඥායෙන් ද සිව්සස් දැක ඇතැම් ආස්‍රවයෝ ක්ෂය කරනලද වෙති. තථාගතයන් කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව ද බැසගත්තී හටගත්මුල් ඇති වැ පිහිටියා වෙයි. මහණෙනි, මේ පුද්ගල ශ්‍රද්ධාවිමුක්ත යැ යි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින්
අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
කලණමිතුරන් භජනය කෙරෙමින් ඉන්ද්රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ මඟබඹසර කෙළෙවර වූ අර්හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තම ප්‍රඥායෙන් දැන ප්රත්යක්ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි කියමි.
කතමො ච භික්ඛවෙ, පුග්ගලො ධම්මානුසාරී: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා අපරික්ඛීණා හොන්ති, තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති. අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති, සෙය්යථිදං: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො ධම්මානුසාරී. ඉමස්සපි ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
මහණෙනි, ධර්මානුසාරී පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්ශ කොට වාසය නො කෙරෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු සිව්සස් දැක ආස්‍රවයෝ ක්ෂය කරන ලද්දාහු නො වෙති. තථාගතප්‍රවිදිත වූ ධර්මයෝ ද ප්‍රඥායෙන් අවධි වශයෙන් වටහත්. තවද ඔහුට මේ ධර්මයෝ වෙති. හෙ මෙසේ යැ: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධින්ද්රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මේ පුද්ගල ධර්මානුසාරී යැ යි කියනු ලැබේ. මහණෙනි, මම මේ මහණහු විසිනුදු අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවන කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ඉන්ද්රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්රහ්මර්ය්යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්රත්යක්ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි කියමි.
කතමො ච භික්ඛවෙ, පුග්ගලො සද්ධානුසාරී: ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තෙ න කායෙන ඵස්සිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා අපරික්ඛීණා හොන්ති, තථාගතෙ චස්ස සද්ධාමත්තං හොති පෙමමත්තං. අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති. සෙය්යථිදං: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. අයං වුච්චති භික්ඛවෙ, පුග්ගලො සද්ධානුසාරී. ඉමස්සපි ඛො අහං භික්ඛවෙ, භික්ඛුනො අප්පමාදෙන කරණීයන්ති වදාමි. තං කිස්ස හෙතු: අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. ඉමං ඛො අහං භික්ඛවෙ, ඉමස්ස භික්ඛුනො අප්පමාදඵලං සම්පස්සමානො අප්පමාදෙන කරණීයන්ති වදාමි.
මහණෙනි, ශ්‍රද්ධානුසාරී පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් අරමුණු කොට නො වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු සිව්සස් දැක ආස්‍රවයෝ ක්ෂය කරන ලද්දාහු නො වෙති. තථාගතයන් කෙරෙහිදු ඔහු ගේ ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වෙයි. තවද ඔහුට මේ ධර්මයෝ වෙති. හේ මෙසේ යැ: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධින්ද්රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මේ පුද්ගල ශ්‍රද්ධානුසාරී යැ යි කියනු ලැබේ. මහණෙනි, මම මේ මහණහු විසිනුදු අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මේ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ඉඳුරන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බඹසර කෙළවර වූ අර්හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්රත්යක්ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
නාහං භික්ඛවෙ, ආදිකෙනෙව අඤ්ඤාරාධනං වදාමි. අපි ච භික්ඛවෙ, අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා අඤ්ඤාරාධනා හොති.
මහණෙනි, මම පළමු කොට මැ රහත් බැව්හි පිහිටීම නො කියමි. එතෙකුදු වත් අනුපූර්‍වශික්ෂායෙන් අනුපූර්‍වක්‍රියායෙන් අනුපූර්‍වප්‍රතිපදායෙන් අර්හත්ත්වයෙහි පිහිටීම වෙයි.
කථඤ්ච භික්ඛවෙ, අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා අඤ්ඤාරාධනා හොති: ඉධ භික්ඛවෙ, සද්ධාජාතො උපසඞ්කමති, උපසඞ්කමන්තො පයිරුපාසති, පයිරුපාසන්තො සොතං ඔදහති, ඔහිතසොතො ධම්මං සුණාති, සුත්වා ධම්මං ධාරෙති, ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති, අත්ථං උපපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති, ධම්මනිජ්ඣානක්ඛන්තියා සති ඡන්දො ජායති, ඡන්දජාතො උස්සහති, උස්සහිත්වා තුලෙති, තුලයිත්වා පදහති, පහිතත්තො සමානො කායෙන චෙව පරමං සච්චං සච්ඡිකරොති; පඤ්ඤාය ච නං පටිවිජ්ඣ පස්සති.
කිසෙයින් මහණෙනි, අනුපූර්‍වශික්ෂායෙන් අනුපූර්‍වක්‍රියායෙන් අනුපූර්‍වප්‍රතිපදායෙන් අර්හත්ත්වයෙහි පිහිටීම වෙයි යත්: මහණෙනි, මෙලොව්හි උපන් සැදැහැ ඇත්තේ ගුරුන් කරා එළඹෙයි, ගුරුන් කරා එළඹෙනුයේ උපාසන කෙරෙයි, (සමීපයෙහි හිඳියි.) උපාසන කරනුයේ ඇසීමට කන් නතු කෙරෙයි, නතු කළ කන් ඇත්තේ දහම් අසයි, අසා දහම් ප්‍රගුණ කොට ධරයි, ධැරූ ධර්මයන් ගේ අර්ත්ථය නුවණින් විමසයි, අරුත් විමසන්නාහට ධර්මයෝ වටහත්, ධර්මයන්ගේ වැටහීම ඇති කල්හි කත්තුකම්යකුසලච්ඡන්ද උපදී, උපන් කුසලච්ඡන්ද ඇත්තේ වැර වඩයි, වැර වඩා (අනිත්‍ය යැ දුඃඛ යැ අනාත්ම යැ යි) තුලනය කෙරෙයි, (තීරණප්‍රඥායෙන්) තුලනය කරනුයේ ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි, නිවනට මෙහෙයූ සිත් ඇත්තේ නාමකයිනුදු පරමසත්‍ය ප්රත්යක්ෂ කෙරෙයි, (නාමකායසම්ප්‍රයුක්ත වූ) මාර්ගප්රඥායෙනුදු එ නිවන ප්‍රතිවේධ කොට දකී.
සාපි නාම භික්ඛවෙ, සද්ධා නාහොසි. තම්පි නාම භික්ඛවෙ, උපසඞ්කමනං නාහොසි. සාපි නාම භික්ඛවෙ, පයිරුපාසනා නාහොසි. තම්පි නාම භික්ඛවෙ, සොතාවධානං නාහොසි. තම්පි නාම භික්ඛවෙ, ධම්මසවනං නාහොසි. සාපි නාම භික්ඛවෙ, ධම්මධාරණා නාහොසි. සාපි නාම භික්ඛවෙ, අත්ථූපපරික්ඛා නාහොසි. සාපි නාම භික්ඛවෙ, ධම්මනිජ්ඣානක්ඛන්ති නාහොසි. සොපි නාම භික්ඛවෙ, ඡන්දො නාහොසි. සොපි නාම භික්ඛවෙ, උස්සාහො නාහොසි. සාපි නාම භික්ඛවෙ, තුලනා නාහොසි. තම්පි නාම භික්ඛවෙ, පධානං නාහොසි. විප්පටිපන්නා’ත්ථ භික්ඛවෙ, මිච්ඡාපටිපන්නා’ත්ථ භික්ඛවෙ. කීවදූරෙවිමෙ භික්ඛවෙ, මොඝපුරිසා අපක්කන්තා ඉමස්මා ධම්මවිනයා.
මහණෙනි, (තොපට) ඒ ශ්‍රද්ධා නමුදු නො වී. මහණෙනි, ඒ එළැඹීම නුමුදු නො වී. මහණෙනි, ඒ පර්‍ය්‍යුපාසන නුමුදු නො වී. මහණෙනි, ඒ කන් නතු කිරීම නුමුදු නො වී. මහණෙනි, ඒ ධර්මශ්රවණ නුමුදු නො වී. මහණෙනි, ඒ දහම් ධැරීම නුමුදු නො වී. මහණෙනි, ඒ අර්ත්ථ විමසීම නුමුදු නො වී. මහණෙනි, ඒ දහම් වැටහීම නුමුදු නො වී. මහණෙනි, ඒ කුසලච්ඡන්ද නුමුදු නො වී. මහණෙනි, ඒ උත්සාහය නුමුදු නො වී. මහණෙනි, ඒ (අනිත්‍යාදි විසින්) තුලනය නුමුදු නො වී. මහණෙනි, ඒ ප්‍රධන්වීර්‍ය්‍ය නුමුදු නො වී. මහණෙනි, (තෙපි) විප්රතිපන්න වවු යැ. මහණෙනි, (තෙපි) මිථ්‍යා ප්‍රතිපන්න වවු යැ. මහණෙනි, මේ මෝඝපුරුෂයෝ මෙ සස්නෙන් කෙතෙක් දුර ඉක්ම ගියාහු ද?
අත්ථි භික්ඛවෙ, චතුප්පදං වෙය්යාකරණං යස්සුද්දිට්ඨස්ස විඤ්ඤූ පුරිසො න චිරස්සෙව පඤ්ඤාය’ත්ථං ආජානෙය්ය. උද්දිසිස්සාමි වො භික්ඛවෙ, ආජානිස්සථ මෙතන්ති. කෙ ච මයං භන්තෙ, කෙ ච ධම්මස්ස අඤ්ඤාතාරොති. යොපි සො භික්ඛවෙ, සත්ථා ආමිසගරු ආමිසදායාදො ආමිසෙහි සංසට්ඨො විහරති, තස්සපයං එවරූපී පණොපණවියා න උපෙති. එවඤ්ච නො අස්ස, අථ නං කරෙය්යාම, න ච නො එවමස්ස, න නං කරෙය්යාමාති. කිම්පන භික්ඛවෙ යං තථාගතො සබ්බසො ආමිසෙහි විසංසට්ඨො විහරති. සද්ධස්ස භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාය වත්තතො අයමනුධම්මො හොති: සත්ථා භගවා, සාවකොහමස්මි. ජානාති භගවා, නාහං ජානාමීති. සද්ධස්ස භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාය වත්තතො රුම්හනියං සත්ථුසාසනං හොති ඔජවන්තං. සද්ධස්ස භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාය වත්තතො අයමනුධම්මො හොති: ‘කාමං තචො ච නහාරු ච අට්ඨි ච අවසිස්සතු උපසුස්සතු සරීරෙ මංසලොහිතං. යං තං පුරිසත්ථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී’ති. සද්ධස්ස භික්ඛවෙ, සාවකස්ස සත්ථුසාසනෙ පරියොගාය වත්තතො ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.
මහණෙනි, විඥ වූ පුරුෂ උදෙසනලද යම් වෙය්යාකරණයක්හුගේ අර්ත්ථය මඳ කලෙකින් මැ ප්‍රඥායෙන් දැන ගන්නේ ද, එබඳු වූ චතුස්සත්‍ය ව්යාකරණයෙක් ඇත. මහණෙනි, තොපට එය උදෙසෙන්නෙමි. මාගේ තෙල වෙය්‍යාකරණය දැනගනිවු දැ?යි. වහන්ස, ඇපි කවරයම්හ, දහම් අවබෝධ කරන්නාහු කවරහු දැ’යි. මහණෙනි, යම් ශාස්තෘවරයෙක් ආමිෂය ගරු කොට ඇත්තේ ආමිෂය දායාද කොට ඇත්තේ ආමිෂය හා හැනී වෙසේ ද, ඔහුට ද මෙ බඳු වූ අගය වැඩි අඩු කිරීමෙක් නො පැමිණේ. ‘අපට මෙසේ වන්නේ නම් එය කරම්හ. අපට මෙසේ නො ද වන්නේ නම් එය නො කරම්හ’යි . කිම මහණෙනි, යම් හෙයකින් තථාගතයෝ සර්වප්රකාරයෙන් ආමිෂයෙන් විසංසෘෂ්ට වැ වාස කෙරෙත්ද එකල්හි මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්මය වෙයි: බුදුහු ශාස්තෘහ. මම ශ්‍රාවකයෙමි. බුදුහු දන්නාසේක. මම නො දනිමි’යි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන වැටෙන සැදැහැති ශ්‍රාවකයක්හට ශාස්තෘශාසනය ස්නේහවත් වැ වැඩෙනුයේ වෙයි, මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්මය වෙයි: ‘ඒකාන්තයෙන් සම ද නහර ද ඇට ද ශේෂ වේවයි සිරුරෙහි මස්ලේ වියළේවයි යම් උත්තමාර්ත්ථයක් පුරුෂ ශක්තියෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබියයුතු ද, ඊට නො පැමිණ වීර්‍ය්‍යයාගේ තැබීමෙක් නො වන්නේ යයි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්රාවකයන්හට දෙ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති වියයුතු යැ. ඉහාත්මයෙහි අර්‍හත්ත්‍වය හෝ උපාදිහෝ උපාදිශේෂය ඇති කල්හි අනාගාමිත්වය හෝ යි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
බුදුහු මෙය වදාළසේක. සතුටුසිත් ඇති මහණහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ යි.
කීටාගිරිසුත්තං දසමං.
දසවැනි කීටාගිරි සූත්‍ර යි.
භික්ඛුවග්ගො දුතියො.
දෙ වැනි භික්ෂුවර්ගය යි.
තස්ස වග්ගස්ස උද්දානං:
එහි උද්දානය:
කුඤ්ජර රාහුල සස්සත ලොකා මාලුඞ්ක්යපුත්තො ච භද්දාලි නාමො. ඛුදද්දිජාථ සහම්පති යාචං නාලක රඤ්ඤී කිටාගිරිනාමො.
කූඤ්ජරෝපම රාහුලෝවාද හෙවත් අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍ර යැ, ලෝකය ශාශ්වත යැ ආදී දෘෂ්ටි ගත මාලුඞ්ක්‍යපුත්‍ර උදෙසා වදාළ චූලමාලුඞ්ක්ය සූත්‍රය හා මහාමාලුඞ්ක්‍ය සූත්‍ර යැ, එසේ ම භද්දාලි සූත්‍ර යැ, ක්ෂුද්රද්විජ වූ ලටුකිකෝපම සූත්‍ර යැ, සහම්පතිහුගේ ආයාචනා එන චාතුම සූත්‍ර යැ, නළකපාන සූත්‍ර යැ, අරණ්‍යක වත් සඳහන් ගුලිස්සානී සූත්‍ර යැ, භද්‍ර වූ අනුපූර්ව ප්‍රතිපත්ති සඳහන් කීටාගිරි සූත්‍ර යි.