යෙදුමෙන් කියවන්න

ලටුකිකොපම සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

ලටුකිකොපම සුත‍්තවණ‍්ණනා

ලටුකිකොපම සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ලටුකිකොපමසුත‍්තං. තත්‍ථ යෙන සො වනසණ‍්ඩොති අයම‍්පි මහාඋදායිත්‍ථෙරො භගවතා සද‍්ධිංයෙව පිණ‍්ඩාය පවිසිත්‍වා සද‍්ධිං පටික‍්කමි. තස‍්මා යෙන සො භගවතා උපසඞ‍්කමන‍්තො වනසණ‍්ඩො තෙනුපසඞ‍්කමීති වෙදිතබ‍්බො. අපහත‍්තාති අපහාරකො. උපහත‍්තාති උපහාරකො. යං භගවාති යස‍්මිං සමයෙ භගවා. පටිසල‍්ලානා වුට‍්ඨිතොති ඵලසමාපත‍්තිතො වුට‍්ඨිතො.

එවම්මෙසුතං යනු ලටුකිකොපම සුත්‍රයයි. එහි යෙන සො වන සණ්ඩො මේ මහ තෙරුන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේ සමගම පිඬු පිණිස පිවිස සමගම පැමිණියහ. ඒනිසා යෙන සො භගවතා උපසඞ්කමන්තො වනසණ්ඩො තෙනුපසඞ්කමි යයි දත යුතුය. අපහන්තා ඉවතගෙනයන්නා. උපහන්තා ළඟට ගෙන එන්නා. යංභගවා යම් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ පටිසල්ලාණා වුට්ඨිතො එලසමාපත්තියෙන් නැගී සිටිසේක්.

ඉඞ‍්ඝාති ආණත‍්තියං නිපාතො. අඤ‍්ඤථත‍්තන‍්ති චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං. තඤ‍්ච ඛො න භගවන‍්තං පටිච‍්ච, එවරූපං පන පණීතභොජනං අලභන‍්තා කථං යාපෙස‍්සාමාති එවං පණීතභොජනං පටිච‍්ච අහොසීති වෙදිතබ‍්බං. භූතපුබ‍්බන‍්ති ඉමිනා රත‍්තිභොජනස‍්ස පණීතභාවං දස‍්සෙති. සූපෙය්‍යන‍්ති සූපෙන උපනෙතබ‍්බං මච‍්ඡමංසකළීරාදි. සමග‍්ගා භුඤ‍්ජිස‍්සාමාති එකතො භුඤ‍්ජිස‍්සාම. සඞ‍්ඛතියොති අභිසඞ‍්ඛාරිකඛාදනීයානි. සබ‍්බා තා රත‍්තින‍්ති සබ‍්බා තා සඞ‍්ඛතියො රත‍්තිංයෙව හොන‍්ති, දිවා පන අප‍්පා පරිත‍්තා ථොකිකා හොන‍්තීති. මනුස‍්සා හි දිවා යාගුකඤ‍්ජියාදීහි යාපෙත්‍වාපි රත‍්තිං යථාසත‍්ති යථාපණීතමෙව භුඤ‍්ජන‍්ති.

ඉඞ්ඝ අණ කිරීමේ නිපාතයයි. අඤ්ඤථත්තං සිතෙහි වෙනස් බව. එයද භාග්‍යවතුන් වහන්සේ නිසා මෙබඳු ප්‍රණීත භෝජනයක් නොලබන්නහු කෙසේ යැපෙන්නමු දැයි මෙසේ ප්‍රණීත භෝජන ලැබීම නිසා වීයයි දතයුතුයි. භූත පුබ්බං මෙයින් රාත්‍රිභෝජනයෙහි ප්‍රණීතබව පෙන්වයි. සුපෙය්‍යං සුපයට සුදුසු මත්ස්‍ය මාංශ පලා ආදිය සමග්ගාභූඤ්ජිස්සාම එකතුව වළඳන්නෙමු. සඞ්ඛනියො පිළියෙල කරන ලද කෑයුතුදෑ සබ්බා තා රත්තිං ඒ සියලු පිළියෙල කිරීම් රාත්‍රියෙහිම වෙයි. දිවාකාලයෙහි අල්පය. කුඩාය මඳ වෙයි. මිනිස්සු දිවා කාලයෙහි කැඳ ආදියෙන් යැපුණද රාත්‍රියෙහි ශක්ති පරිදි ප්‍රණීත දෙයක්ම අනුභව කරති.

පුන භූතපුබ‍්බන‍්ති ඉමිනා රත‍්ති විකාලභොජනෙ ආදීනවං දස‍්සෙති. තත්‍ථ අන්‍ධකාරතිමිසායන‍්ති බහලන්‍ධකාරෙ. මාණවෙහීති චොරෙහි. කතකම‍්මෙහීති කතචොරකම‍්මෙහි. චොරා කිර කතකම‍්මා යං නෙසං දෙවතං ආයාචිත්‍වා කම‍්මං නිප‍්ඵන‍්නං, තස‍්ස උපහාරත්‍ථාය මනුස‍්සෙ මාරෙත්‍වා ගලලොහිතාදීනි ගණ‍්හන‍්ති. තෙ අඤ‍්ඤෙසු මනුස‍්සෙසු මාරියමානෙසු කොලාහලා උප‍්පජ‍්ජිස‍්සන‍්ති, පබ‍්බජිතං පරියෙසන‍්තො නාම නත්‍ථීති මඤ‍්ඤමානා භික‍්ඛූ ගහෙත්‍වා මාරෙන‍්ති. තං සන්‍ධායෙතං වුත‍්තං. අකතකම‍්මෙහීති අටවිතො ගාමං ආගමනකාලෙ කම‍්මනිප‍්ඵන‍්නත්‍ථං පුරෙතරං බලිකම‍්මං කාතුකාමෙහි. අසද‍්ධම‍්මෙන නිමන‍්තෙතීති “එහි භික‍්ඛු අජ‍්ජෙකරත‍්තිං ඉධෙව භුඤ‍්ජිත්‍වා ඉධ වසිත්‍වා සම‍්පත‍්තිං අනුභවිත්‍වා ස‍්වෙ ගමිස‍්සසී”ති මෙථුනධම‍්මෙන නිමන‍්තෙති.

නැවත භූතපුබ්බං මෙයින් රාත්‍රි විකාල භෝජනයෙහි ආදීනව දක්වයි. එහි අන්‍ධකාරතිමිසාය ඝන අන්ධකාරයෙහි මාණවෙහි සොරුන් විසින් කතකම්මෙහි කරන ලද සොරකම්වලින්, ඒ කරන ලද සොරකම් ඇත්තේ තම දෙවියන් යැද කිසියම් කාර්යයක් ඉටුකරගනු ලැබීද එයට බාරය පිණිස මිනිසුන් මරා ගලලෝහිත ආදිය ගනිත්. ඔවුන් තවත් මිනිසුන් මරන විට කෝලාහල ඇතිවන්නේය. පැවිද්දෙකු සොයන්නෙක් නැතැයි හඟිමින් භික්‍ෂූන් ගෙන මරති. ඒ සඳහා මෙය කියන ලදී. අකතකම්මෙහි කැලයෙන් ගමට පැමිණෙන කල්හි කාර්ය නිෂ්පාත්තියට පෙරාතුව බිලියම් කරනු කැමැත්තවුන් විසින්, අසද්ධම්මෙන නිමන්තෙති මහණ එව. අද රෑ මෙහි වළඳා මෙහිම වැස සම්පත් අනුභව කොට ගෙට යන්නෙහියයි මෛථුන ධර්මයෙන් පවරා.

පුන භූතපුබ‍්බන‍්ති ඉමිනා අත‍්තනා දිට‍්ඨකාරණං කථෙති. විජ‍්ජන‍්තරිකායාති විජ‍්ජුවිජ‍්ජොතනක‍්ඛණෙ. විස‍්සරමකාසීති මහාසද‍්දමකාසි. අභුම‍්මෙති භූ’ති වඩ‍්ඪි, අභූ’ති අවඩ‍්ඪි, විනාසො මය‍්හන‍්ති අත්‍ථො. පිසාචො වත මන‍්ති පිසාචො මං ඛාදිතුං ආගතො වත. ආතුමාරී මාතුමාරීති එත්‍ථ ආතූති පිතා, මාතූති මාතා. ඉදං වුත‍්තං හොති – යස‍්ස පිතා වා මාතා වා අත්‍ථි, තං මාතාපිතරො අම‍්හාකං පුත‍්තකොති යථා තථා වා උප‍්පාදෙත්‍වා යංකිඤ‍්චි ඛාදනීයභොජනීයං දත්‍වා එකස‍්මිං ඨානෙ සයාපෙන‍්ති. සො එවං රත‍්තිං පිණ‍්ඩාය න චරති. තුය‍්හං පන මාතාපිතරො මතා මඤ‍්ඤෙ, තෙන එවං චරසීති.

නැවත භූතපුබ්බං මෙයින් තමා දුටු කරුණ කියයි. විජ්ජන්තරිකාය විදුලිය දිලිසෙන ඇසිල්ලෙහි. විස්සරමකාසි මහා ශබ්දයක් කළේය. අබ්භුම්මෙ භූති- දියුණුව අභූති - පිරිහීම - මාගේ විනාශයයි අර්ථයි පසාචො වතමං පිශාචයෙක් මා කෑමට ආයේ වන ආතුමාරි මාතුමාරි එහි ආතු යනු පියාය. මාතු යනු මවය. මෙය කියන ලදී. යමකුට පියා හෝ මව ඇත්ද ඒ මව්පියෝ ඔහු අපගේ පුත්‍රයායයි හැකි පරිද්දෙන් යම් කෑමක් බීමක් දී එක් තැනෙක නිදිකරවත්. හේ ඒ අයුරින් රාත්‍රී පිඬු පිණිස නොහැසිරේ. ඔබගේ මව්පියන් මළහයි සිතිමි. ඒනිසා මෙසේ හැසිරෙති.

එවමෙවාති එවමෙව කිඤ‍්චි ආනිසංසං අපස‍්සන‍්තා නික‍්කාරණෙනෙව. එවමාහංසූති ගරහන‍්තො ආහ. තත්‍ථ ආහංසූති වදන‍්ති. කිං පනිමස‍්සාති ඉමස‍්ස අප‍්පමත‍්තකස‍්ස හෙතු කිං වත‍්තබ‍්බං නාම, නනු අපස‍්සන‍්තෙන විය අසුණන‍්තෙන විය භවිතබ‍්බන‍්ති. ඔරමත‍්තකස‍්සාති පරිත‍්තමත‍්තකස‍්ස. අධිසල‍්ලිඛතෙවායන‍්ති අයං සමණො නවනීතං පිසන‍්තො විය පදුමනාළසුත‍්තං කකචෙන ඔක‍්කන‍්තන‍්තො විය අතිසල‍්ලෙඛති, අතිවායාමං කරොති. සික‍්ඛාකාමාති සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාදයො විය සික‍්ඛාකාමා, තෙසු ච අප‍්පච‍්චයං උපට‍්ඨපෙන‍්ති. තෙසඤ‍්හි එවං හොති “සචෙ එතෙ ‘අප‍්පමත‍්තකමෙතං, හරථ භගවා’ති වදෙය්‍යුං, කිං සත්‍ථා න හරෙය්‍ය. එවං පන අවත්‍වා භගවන‍්තං පරිවාරෙත්‍වා නිසින‍්නා ‘එවං භගවා, සාධු භගවා, පඤ‍්ඤපෙථ භගවා’ති අතිරෙකතරං උස‍්සාහං පටිලභන‍්තී”ති. තස‍්මා තෙසු අප‍්පච‍්චයං උපට‍්ඨපෙන‍්ති.

එවමෙව මෙසේ කිසිදු ආනිසංසයක් නොදක්නාහු නිස්කාරණයෙන්, එවමාහංසු අවමන් කරමින් කීහ. එහි ආහංසු යනු කියති. කිංපනිමස්ස මොහුගේ අප්‍රමාදීභාවයට හේතුව කුමකැයි කිවයුතුද? නොදකී මෙන් නොඇසීමෙන් මෙන් විය යුතු නේද? ඔරමත්තකස්ස - සුළුදෙයක අධිසල්ලිඛතෙවායං මේ ශ්‍රමණයා වෙඬරු පිසින්නාක් මෙන් නෙළුම් දඬු නුල් කතුරෙන් කපන්නාක් සේ අතිශයින් දුක් විඳියි අතිශයින් වෑයම් කරයි. සික්ඛාකාමා සැරියුත් මුගලන් ආදීන් මෙන් ශික්ෂාකාමීහුය. ඔවුන් කෙරෙහිද නොකැමැත්තක් මතුකරත්. ඔවුන්ට මෙසේ සිතක් විය. යම්හෙයකින් මොවුන් භාග්‍යවතුන් වහන්සේ මොහු ගෙනයතියි කියත්ද ශාස්තෲන් වහන්සේ කිම ගෙනයන සේක්ද? මෙසේ නොකියා භාග්‍යවතුන් වහන්සේ පිරිවරා හුන්නාහු එසේය භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පනවනු මැනවැයි වැඩිපුර උත්සාහයක් දරතියි ඔවුන් කෙරෙහි අකැමැත්තක් මතුකරත්.

තෙසන‍්ති තෙසං එකච‍්චානං මොඝපුරිසානං. තන‍්ති තං අප‍්පමත‍්තකං පහාතබ‍්බං. ථූලො කලිඞ‍්ගරොති ගලෙ බද‍්ධං මහාකට‍්ඨං විය හොති. ලටුකිකා සකුණිකාති චාතකසකුණිකා. සා කිර රවසතං රවිත්‍වා නච‍්චසතං නච‍්චිත්‍වා සකිං ගොචරං ගණ‍්හාති. ආකාසතො භූමියං පතිට‍්ඨිතං පන නං දිස‍්වා වච‍්ඡපාලකාදයො කීළනත්‍ථං පූතිලතාය බන්‍ධන‍්ති. තං සන්‍ධායෙතං වුත‍්තං. ආගමෙතීති උපෙති. තඤ‍්හි තස‍්සාති තං පූතිලතාබන්‍ධනං තස‍්සා අප‍්පසරීරතාය චෙව අප‍්පථාමතාය ච බලවබන්‍ධනං නාම, මහන‍්තං නාළිකෙරරජ‍්ජු විය දුච‍්ඡිජ‍්ජං හොති. තෙසන‍්ති තෙසං මොඝපුරිසානං සද‍්ධාමන්‍දතාය ච පඤ‍්ඤාමන්‍දතාය ච බලවං බන්‍ධනං නාම, දුක‍්කටවත්‍ථුමත‍්තකම‍්පි මහන‍්තං පාරාජිකවත්‍ථු විය දුප‍්පජහං හොති.

තෙසං ඒ එක්තරා හිස් පුරුෂයන්ගේ තං ඒ අප්‍රමාදී බව අත්හැර දැමිය යුතුය. ථුලොකලිඞ්ගරො ගෙල බැඳි මහලීකඳක් මෙන් වෙයි. ලටුකිකා සකුණිකා වාකිරිල්ල. අද රැව්සියයක් කරා නැටුම් සියයක් නටා, වරක් ගොදුරු ගනී. අහසින් බිම පිහිටි දෙයක් දැක වසුපැටවුන් පාලනය කරන්නවුන් ක්‍රීඩා පිණිස පුතිලතාවෙන් බඳිත්. ඒ සඳහා මෙය කියන ලදී. ආගමෙහි එළඹෙයි තංහි තස්ස ඒ පූතිලතා බැම්ම ඌගේ කුඩා සිරුරක් ඇති බැවින්ද ශක්තිය අඩු බැවින්ද බැම්ම මහා පොල්කෙඳි රැහැනක් මෙන් කැඩීමට අපහසු වෙයි. තෙසංතං ඒ හිස් මිනිසුන්ගේ ශ්‍රද්ධාව අඩු බැවින්ද ප්‍රඥාව අඩු බැවින්ද තද බැම්මක් නම් වෙයි. දුකුළා කරුණු මාත්‍රයක් ද මහා පාරාජිකා කරුණක් මෙන් අත්හැරීම දුෂ්කරය.

සුක‍්කපක‍්ඛෙ පහාතබ‍්බස‍්සාති කිං ඉමස‍්ස අප‍්පමත‍්තකස‍්ස පහාතබ‍්බස‍්ස හෙතු භගවතා වත‍්තබ‍්බං අත්‍ථි, යස‍්ස නො භගවා පහානමාහ. නනු එවං භගවතො අධිප‍්පායං ඤත්‍වාපි පහාතබ‍්බමෙවාති අත්‍ථො. අප‍්පොස‍්සුක‍්කාති අනුස‍්සුක‍්කා. පන‍්නලොමාති පතිතලොමා, න තස‍්ස පහාතබ‍්බභයෙන උද‍්ධග‍්ගලොමා. පරදත‍්තවුත‍්තාති පරෙහි දින‍්නවුත‍්තිනො, පරතො ලද‍්ධෙන යාපෙන‍්තාති අත්‍ථො. මිගභූතෙන චෙතසා විහරන‍්තීති අපච‍්චාසීසනපක‍්ඛෙ ඨිතා හුත්‍වා විහරන‍්ති. මිගො හි පහාරං ලභිත්‍වා මනුස‍්සාවාසං ගන‍්ත්‍වා භෙසජ‍්ජං වා වණතෙලං වා ලභිස‍්සාමීති අජ‍්ඣාසයං අකත්‍වා පහාරං ලභිත්‍වාව අගාමකං අරඤ‍්ඤං පවිසිත්‍වා පහටට‍්ඨානං හෙට‍්ඨා කත්‍වා නිපතිත්‍වා ඵාසුභූතකාලෙ උට‍්ඨාය ගච‍්ඡති. එවං මිගා අපච‍්චාසීසනපක‍්ඛෙ ඨිතා. ඉදං සන්‍ධාය වුත‍්තං “මිගභූතෙන චෙතසා විහරන‍්තී”ති. තඤ‍්හි තස‍්සාති තං වරත‍්තබන්‍ධනං තස‍්ස හත්‍ථිනාගස‍්ස මහාසරීරතාය චෙව මහාථාමතාය ච දුබ‍්බලබන්‍ධනං නාම. පූතිලතා විය සුඡිජ‍්ජං හොති. තෙසං තන‍්ති තෙසං තං කුලපුත‍්තානං සද‍්ධාමහන‍්තතාය ච පඤ‍්ඤාමහන‍්තතාය ච මහන‍්තං පාරාජිකවත්‍ථුපි දුක‍්කටවත්‍ථුමත‍්තකං විය සුප‍්පජහං හොති.

ශුක්ල පක්ෂයෙහි පහාතබ්බස්ස මේ අල්පමාත්‍ර වූ අත්හැරදැමිය යුත්තකට හේතුව භාග්‍යවතුන් වහන්සේ විසින් කියයුතුව තිබේ. එහි ප්‍රහාණය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය දැනත් මෙය ප්‍රහාණය කළ යුතු නොවේද යන අර්ථයි. අප්පොස්සුක්කා අල්ප උත්සාහ පන්නලොමා හැළුණු ලොම් ඇති ඔහුට අත්හළ යුතුය යන බියෙන් නැගුණු ලොම් නැති, පරදවුත්තානි අනුන් විසින් න ලද දෙයින් යැපෙන අනුන්ගෙන් ලද දෙයින් යැපෙන යන අර්ථයි. මිගභූතෙන චෙතසා විහරන්ති නැවත අපේක්ෂා නොකරන පක්ෂයෙහි සිට වාසයකරත්. මුවා පහර කා මනුෂ්‍ය වාසයට ගොස් බෙහෙතක් හෝ තුවාලතෙලක් හෝ ලබන්නෙමියි. අදහසක් ඇතිකර නොගෙන පහර කාගෙනම මහකැලයට පිවිස පහර වැදුණු තැන යටකොට වැදහෙව පහසුවක් ඇතිවු කල්හි නැගිට යයි, මෙසේ මුවෝ නැවත අපේක්ෂා නොකරන පක්ෂයෙහි සිටියාහුය. මෘග චේතනාවෙන් වාසය කරත්නුයි මේ සඳහා කියන ලදී. තංහි තස්ස ඒ වරපට බැම්ම ඒ මහාහස්තියාගේ සිරුර මහත් බැවින්ද මහා ශක්තියක් ඇති බැවින්ද, දුබල බැම්මක් නම් පුතිලතාවක්මෙන් පහසුවෙන් කැඩිය හැකි වෙයි. තෙසංතං ඒ කුල පුත්‍රයන්ගේ ශ්‍රද්ධා මහත්වය නිසාද ප්‍රඥාමහත්වය නිසාද මහත්වු පාරාජිකා කාරණයද දුකුළා කරුණු මාත්‍රයක් මෙන් පහසුවෙන් අත්හළහැකි වෙයි.

දලිද‍්දොති දාලිද‍්දියෙන සමන‍්නාගතො. අස‍්සකොති නිස‍්සකො. අනාළ‍්හියොති අනඩ‍්ඪො. අගාරකන‍්ති ඛුද‍්දකගෙහං. ඔලුග‍්ගවිලුග‍්ගන‍්ති යස‍්ස ගෙහයට‍්ඨියො පිට‍්ඨිවංසතො මුච‍්චිත්‍වා මණ‍්ඩලෙ ලග‍්ගා, මණ‍්ඩලතො මුච‍්චිත්‍වා භූමියං ලග‍්ගා. කාකාතිදායින‍්ති යත්‍ථ කිඤ‍්චිදෙව භුඤ‍්ජිස‍්සාමාති අන‍්තො නිසින‍්නකාලෙ විසුං ද‍්වාරකිච‍්චං නාම නත්‍ථි, තතො තතො කාකා පවිසිත්‍වා පරිවාරෙන‍්ති. සූරකාකා හි පලායනකාලෙ ච යථාසම‍්මුඛට‍්ඨානෙනෙව නික‍්ඛමිත්‍වා පලායන‍්ති. නපරමරූපන‍්ති න පුඤ‍්ඤවන‍්තානං ගෙහං විය උත‍්තමරූපං. ඛටොපිකාති විලීවමඤ‍්චකො. ඔලුග‍්ගවිලුග‍්ගාති ඔණතුණ‍්ණතා. ධඤ‍්ඤසමවාපකන‍්ති ධඤ‍්ඤඤ‍්ච සමවාපකඤ‍්ච. තත්‍ථ ධඤ‍්ඤං නාම කුද්‍රූසකො. සමවාපකන‍්ති ලාබුබීජකුම‍්භණ‍්ඩබීජකාදි බීජජාතං. නපරමරූපන‍්ති යථා පුඤ‍්ඤවන‍්තානං ගන්‍ධසාලිබීජාදි පරිසුද‍්ධං බීජං, න එවරූපං. ජායිකාති කපණජායා. නපරමරූපාති පච‍්ඡිසීසා ලම‍්බත්‍ථනී මහොදරා පිසාචා විය බීභච‍්ඡා. සාමඤ‍්ඤන‍්ති සමණභාවො. සො වතස‍්සං, යොහන‍්ති සො වතාහං පුරිසො නාම අස‍්සං, යො කෙසමස‍්සුං ඔහාරෙත්‍වා පබ‍්බජෙය්‍යන‍්ති.

දලිද්දො දිළිඳු බවින් යුත්, අස්සකො තමා සතු දෙයක් නැති, අනාළ්හියො ආඪ්‍ය නොවු අගාරකං කුඩා ගෙය, ඔලුග්ගවිලුග්ගං යමකුගේ ගෙහි යටලී වහලයෙන් මිදී කැණි මඬලෙහි රැඳී කැණිමඬලින් මිදී බිම වැටුණු, කාකාතිදායිං යම්තැනක කිසිවක් කන්නෙමුයි ඇතුළත හුන්කල්හි වෙනම දොර ඇරීමක් නම් නැත. කපුටෝ තැනින් තැනින් පිවිස පිරිවරා ගනිති. ඉගිලී යන කල්හිද හමුවුණු තැනින් මෙන්ම පළායති. න පරමරූපං පින් ඇත්තවුන්ගේ ගෙයක් මෙන් උතුම් පෙනුමක් නැත. බටොපිකා කුඩා පතුරු ඇඳක් ඔලුග්ගවිලුග්ගා නැමුණු නැගුණු බව, ධඤ්ඤසමවාපකං ධාන්‍යද ඇටද, එහි ධඤ්ඤනම් කුරහන්ය සමාවාපක යනු ලබුඇට කොමඩු ඇට ආදී ඇට වර්ග න පරම රූපං යම්සේ පුණ්‍යවන්තයින්ගේ සුවඳහැල් ආදී පිරිසිදු බිජුවට ද එසේ නොවේ. ඡායිකා දිළිඳු බිරිය. රනපරමරූපා පැසක්වැනි හිස් ඇති එල්ලෙන කන් ඇති මහ උදරයක් ඇති පිශාච ස්ත්‍රියක වැනි පිළිකුල් වූ සාමඤ්ඤං ශ්‍රමණ භාවය සොවතස්සයොහං ඒ මම පුරුෂයෙක් වන්නෙමි නම් කෙස් රවුළු ඉවත්කොට පැවිදි වන්නෙමි.

සො න සක‍්කුණෙය්‍යාති සො එවං චින‍්තෙත්‍වාපි ගෙහං ගන‍්ත්‍වා – “පබ‍්බජ‍්ජා නාම ලාභගරුකා දුක‍්කරා දුරාසදා, සත‍්තපි අට‍්ඨපි ගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා යථාධොතෙනෙව පත‍්තෙන ආගන‍්තබ‍්බම‍්පි හොති, එවං යාපෙතුං අසක‍්කොන‍්තස‍්ස මෙ පුන ආගතස‍්ස වසනට‍්ඨානං ඉච‍්ඡිතබ‍්බං, තිණවල‍්ලිදබ‍්බසම‍්භාරා නාම දුස‍්සමොධානියා, කින‍්ති කරොමී”ති වීමංසති. අථස‍්ස තං අගාරකං වෙජයන‍්තපාසාදො විය උපට‍්ඨාති. අථස‍්ස ඛටොපිකං ඔලොකෙත්‍වා – “මයි ගතෙ ඉමං විසඞ‍්ඛරිත්‍වා උද‍්ධනාලාතං කරිස‍්සන‍්ති, පුන අට‍්ටනිපාදවිලීවාදීනි ලද‍්ධබ‍්බානි හොන‍්ති, කින‍්ති කරිස‍්සාමී”ති චින‍්තෙති. අථස‍්ස සා සිරිසයනං විය උපට‍්ඨාති. තතො ධඤ‍්ඤකුම‍්භිං ඔලොකෙත්‍වා – “මයි ගතෙ අයං ඝරණී ඉමං ධඤ‍්ඤං තෙන තෙන සද‍්ධිං භුඤ‍්ජිස‍්සති. පුන ආගතෙන ජීවිතවුත‍්ති නාම ලද‍්ධබ‍්බා හොති, කින‍්ති කරිස‍්සාමී”ති චින‍්තෙති. අථස‍්ස සා අඩ‍්ඪතෙළසානි කොට‍්ඨාගාරසතානි විය උපට‍්ඨාති. තතො මාතුගාමං ඔලොකෙත්‍වා – “මයි ගතෙ ඉමං හත්‍ථිගොපකො වා අස‍්සගොපකො වා යො කොචි පලොභෙස‍්සති, පුන ආගතෙන භත‍්තපාචිකා නාම ලද‍්ධබ‍්බා හොති, කින‍්ති කරිස‍්සාමී”ති චින‍්තෙති. අථස‍්ස සා රූපිනී දෙවී විය උපට‍්ඨාති. ඉදං සන්‍ධාය “සො න සක‍්කුණෙය්‍යා”තිආදි වුත‍්තං.

සො නසක්කුණෙය්‍ය හෙතෙමේ එබඳු සිත් ඇත්තේද ගෙට ගොස් පැවිද්දනම් බරපතලය, දුෂ්කරය, ළංවිය නොහැක්කකි ගම් හත අටක පිඬු පිණිස හැසිර සේදු පාත්‍රයෙන්ම ආයුතුද වෙයි. එසේ යැපෙන්නට නොහැකිවන මට නැවත පැමිණ වසනා තැනක් කැමති වියයුතුය. තණ වැල් ගොඩක් එකතු කරගැනීම අපහසුය. කුමක් කරම්දැයි විමසයි ඉක්බිති ඔහුට ගෙයක් වෛජයන්ත ප්‍රාසාදය මෙන් ඉපදෙයි. ඉක්බිති ඇඳක් බලා මා ගිය කල්හි මෙය අවුල්කොට උදුනෙහි ගිනි අඟුරු මෙන් කරති. නැවත ඇඳකකුල් උණපතුරු ආදිය ලැබිය යුතු වෙයි. කුමක් කරම්දැයි සිතයි. ඉක්බිති ඔහුට එය සිරි යහනක් මෙන් ලැබෙයි. ඉන්පසු ධාන්‍ය සැළක් බලා මාගිය කල්හි මේ ගෘහිණිය මේ ධාන්‍ය එකඑකා සමග කන්නීය. නැවත ආකල්හි ජීවිකා වෘත්තියක් ලැබිය යුතු වෙයි. කුමක් කරම්දැයි සිතයි. ඉක්බිති ඔහුට ඈ කොටුගෙවල් හයසියපනහකට මෙත් එළඹෙයි. ඉන්පසු ගැහැණිය බලා මාගිය කල්හි මැය ඇත්ගොව්වෙක් හෝ අස්ගොව්වෙක් හෝ කවරෙක් හෝ පොළඹවාගන්නේය. නැවත එන මා විසින් බත් පිසන්නියක් ලැබිය යුතුවන්නීය. කුමක් කරම්දැයි සිතයි. ඉක්බිති ඔහුට ඒ රූමතිය දේවියක මෙන් උපස්ථාන කරයි. මේ සඳහා නොහැකිවන්නේය ආදිය කියනලදී.

නික‍්ඛගණානන‍්ති සුවණ‍්ණනික‍්ඛසතානං. චයොති සන‍්තානතො කතසන‍්නිචයො. ධඤ‍්ඤගණානන‍්ති ධඤ‍්ඤසකටසතානං.

නික්ඛගණාතං රන්කාසි සියගණනක්, [missing trans]

චත‍්තාරොමෙ, උදායි, පුග‍්ගලාති ඉධ කිං දස‍්සෙති? හෙට‍්ඨා “තෙ තඤ‍්චෙව පජහන‍්ති, තෙ තඤ‍්චෙව නප‍්පජහන‍්තී”ති පජහනකා ච අප‍්පජහනකා ච රාසිවසෙන දස‍්සිතා, න පාටියෙක‍්කං විභත‍්තා. ඉදානි යථා නාම දබ‍්බසම‍්භාරත්‍ථං ගතො පුරිසො පටිපාටියා රුක‍්ඛෙ ඡින්‍දිත්‍වා පුන නිවත‍්තිත්‍වා වඞ‍්කඤ‍්ච පහාය කම‍්මෙ උපනෙතබ‍්බයුත‍්තකමෙව ගණ‍්හාති, එවමෙව අප‍්පජහනකෙ ඡඩ‍්ඩෙත්‍වා අබ‍්බොහාරිකෙ කත්‍වා පජහනකපුග‍්ගලා චත‍්තාරො හොන‍්තීති දස‍්සෙතුං ඉමං දෙසනං ආරභි.

චත්තාරො මෙ උදායි පුග්ගලා මෙහි කුමක් දක්වාද, යව ඔවුහු එයද අත්හරිත්. එයම අත්නොහරිත්යැයි අත්හරින්නෝද අත්නොහරින්නෝද රාශි වශයෙන් දක්වන ලදහ. එකක් එකක් නොබෙදන ලදහ. දැන් ලීගොඩක් සඳහා ගිය පුරුෂයෙක් පිළිවෙළින් ගස් කපා යලි නැවතී වක්වූතැන් සිඳ කටයුතු අත්හැර ළඟට ගෙන ආයුත්තක්ම ගනී. මේ අයුරින් අත්නොහැරිය යුතුදේ විසිකොට ව්‍යවහාරයට නොගත යුත්තන් කොට අත්හැර දමන පුද්ගලයෝම සතරදෙනෙක් වෙතියි දක්වන්ට මේ දේශනාව ආරම්භ කළ සේක.

උපධිපහානායාති ඛන්‍ධුපධිකිලෙසුපධිඅභිසඞ‍්ඛාරුපධිකාමගුණූපධීති ඉමෙසං උපධීනං පහානාය. උපධිපටිසංයුත‍්තාති උපධිඅනුධාවනකා. සරසඞ‍්කප‍්පාති එත්‍ථ සරන‍්ති ධාවන‍්තීති සරා. සඞ‍්කප‍්පෙන‍්තීති සඞ‍්කප‍්පා. පදද‍්වයෙනපි විතක‍්කායෙව වුත‍්තා. සමුදාචරන‍්තීති අභිභවන‍්ති අජ‍්ඣොත්‍ථරිත්‍වා වත‍්තන‍්ති. සංයුත‍්තොති කිලෙසෙහි සංයුත‍්තො. ඉන්‍ද්‍රියවෙමත‍්තතාති ඉන්‍ද්‍රියනානත‍්තතා. කදාචි කරහචීති බහුකාලං වීතිවත‍්තෙත්‍වා. සතිසම‍්මොසාති සතිසම‍්මොසෙන. නිපාතොති අයොකටාහම‍්හි පතනං. එත‍්තාවතා “නප‍්පජහති, පජහති, ඛිප‍්පං පජහතී”ති තයො රාසයො දස‍්සිතා. තෙසු චත‍්තාරො ජනා නප‍්පජහන‍්ති නාම, චත‍්තාරො පජහන‍්ති නාම, චත‍්තාරො ඛිප‍්පං පජහන‍්ති නාම.

උපධිපහානාය බන්ධඋපධි, කිලේස උපධි, අභිසංඛාර උපධි කාමගුණ උපධි යන මේ උපධීන් නැති කරනු පිණිසය. උපධිපටිසංයුත්තා උපධිඅනුව දුවන්නෝ, සරසඞ්කප්පා මෙහි සරති දුවතියි සරා කල්පනා කරතියි. සංකප්පා. පද දෙකින්ම විතර්කයන්ම කියන ලදී. සමුදාචරන්ති අභිභවනය කරත්. වසාගෙන පවතිත්. සංයුත්තො කෙලෙසින් යුත්, ඉන්‍ද්‍රිය වෙමත්තතා ඉන්‍ද්‍රියනානාත්වය, කදාචිකරහචි බොහෝකලක් අභිබවා පැවත නැවතී. සතිසම්මොසා අවධානය නැතිවීමෙන්, නිපාතො, යකඩ කටාහයක හෙළීම. මෙපමණකින් අත්නොහරී (අත්හරී) වහා අත්හරීනුයි රාශිතුනක් දක්වන ලදී. ඔවුන් අතුරින් සිව් ජනයෝ අත්නොහරිත්මය. සතරදෙනෙක් වහා අත්හරිත්නමි.

තත්‍ථ පුථුජ‍්ජනො සොතාපන‍්නො සකදාගාමී අනාගාමීති ඉමෙ චත‍්තාරො ජනා නප‍්පජහන‍්ති නාම. පුථුජ‍්ජනාදයො තාව මා පජහන‍්තු, අනාගාමී කථං න පජහතීති? සොපි හි යාවදෙවස‍්ස භවලොභො අත්‍ථි, තාව අහොසුඛං අහොසුඛන‍්ති අභිනන්‍දති. තස‍්මා නප‍්පජහති නාම. එතෙයෙව පන චත‍්තාරො ජනා පජහන‍්ති නාම. සොතාපන‍්නාදයො තාව පජහන‍්තු, පුථුජ‍්ජනො කථං පජහතීති? ආරද‍්ධවිපස‍්සකො හි සතිසම‍්මොසෙන සහසා කිලෙසෙ උප‍්පන‍්නෙ “මාදිසස‍්ස නාම භික‍්ඛුනො කිලෙසො උප‍්පන‍්නො”ති සංවෙගං කත්‍වා වීරියං පග‍්ගය‍්හ විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා මග‍්ගෙන කිලෙසෙ සමුග‍්ඝාතෙති. ඉති සො පජහති නාම. තෙයෙව චත‍්තාරො ඛිප‍්පං පජහන‍්ති නාම. තත්‍ථ ඉමස‍්මිං සුත‍්තෙ, මහාහත්‍ථිපදොපමෙ (ම· නි· 1.288 ආදයො), ඉන්‍ද්‍රියභාවනෙති (ම· නි· 3.453 ආදයො) ඉමෙසු සුත‍්තෙසු කිඤ‍්චාපි තතියවාරො ගහිතො, පඤ‍්හො පන දුතියවාරෙනෙව කථිතොති වෙදිතබ‍්බො.

එහි පෘථග්ජනයා, සෝතාපන්නයා, සකෘදාගාමියා අනාගමියා යන මේ සතර දෙන අත්නොහරිත් පෘථග්ජන ආදීහු නම් අත් නොහරිත්වා අනාගාමියා කෙසේ අත් නොහරිද, හෙතෙමේද ඔහුට යම්තාක් භාවලෝභය ඇත්තේද ඒතාක් අහෝ සැපයි අහෝ සැපයි යනුවෙන් සතුටුවෙයි. ඒ නිසා අත්නොහරීමය. මේ සිව්ජනයෝ අත්හරිත්මය. සෝතාපන්න ආදීහු අත්හරිත්වා, කෙසේ අත්හරීද විදර්ශනා ආරම්භ කළ තැනැත්තේ. අවධානය නැතිකමින් වහා කෙලෙස් හටගත් කල්හි මාවැනි භික්‍ෂුවකට කෙලෙස් උපන්නේ වේදැයි සංවේගයට පත්ව වීර්යය ග්‍රහණය කොට විදර්ශනාවඩා මාර්ගයෙන් කෙලෙස් වනසයි. මෙසේ ඔහු අත්හරියි. ඒ සතරදෙන වහා අත්හරිත් නම් මේ සූත්‍රයෙහිද මහාහත්‍ථිපදොපම සූත්‍රයෙහිද ඉන්‍ද්‍රිය භාවනා සූත්‍රයෙහිද යන මේ සූත්‍රවල කෙසේවත් තෙවැනි වාරය ගන්නා ලද්දේය. ප්‍රශ්නය දෙවැනි වාරයෙහි නොකියන ලද්දේ යයි දතයුතුය.

උපධි දුක‍්ඛස‍්ස මූලන‍්ති එත්‍ථ පඤ‍්ච ඛන්‍ධා උපධි නාම. තං දුක‍්ඛස‍්ස මූලන‍්ති ඉති විදිත්‍වා කිලෙසුපධිනා නිරුපධි හොති, නිග‍්ගහණො නිතණ‍්හොති අත්‍ථො. උපධිසඞ‍්ඛයෙ විමුත‍්තොති තණ‍්හක‍්ඛයෙ නිබ‍්බානෙ ආරම‍්මණතො විමුත‍්තො.

උපධි දුක්ඛස්සමුලං එහි පංචස්කන්ධය උපධි නම්වේ. එය දුකට මුල යයි දැන ක්ලේශ උපධියෙන් උපධි නැත්තේ වෙයි. නිග්‍රහණය ඇත්තේ, තෘෂ්ණාව නැත්තේය යන අර්ථයි. උපධිසඞ්ඛයෙ විමුත්තො තෘෂ්ණාක්ෂය නම් වූ නිර්වාණයෙහි අරමුණින් විමුක්තවිය.

එවං චත‍්තාරො පුග‍්ගලෙ විත්‍ථාරෙත්‍වා ඉදානි යෙ පජහන‍්ති, තෙ “ඉමෙ නාම එත‍්තකෙ කිලෙසෙ පජහන‍්ති”. යෙ නප‍්පජහන‍්ති, තෙපි “ඉමෙ නාම එත‍්තකෙ කිලෙසෙ නප‍්පජහන‍්තී”ති දස‍්සෙතුං පඤ‍්ච ඛො ඉමෙ උදායි කාමගුණාතිආදිමාහ. තත්‍ථ මිළ‍්හසුඛන‍්ති අසුචිසුඛං. අනරියසුඛන‍්ති අනරියෙහි සෙවිතසුඛං. භායිතබ‍්බන‍්ති එතස‍්ස සුඛස‍්ස පටිලාභතොපි විපාකතොපි භායිතබ‍්බං. නෙක‍්ඛම‍්මසුඛන‍්ති කාමතො නික‍්ඛන‍්තසුඛං. පවිවෙකසුඛන‍්ති ගණතොපි කිලෙසතොපි පවිවිත‍්තසුඛං. උපසමසුඛන‍්ති රාගාදිවූපසමත්‍ථාය සුඛං. සම‍්බොධසුඛන‍්ති මග‍්ගසඞ‍්ඛාතස‍්ස සම‍්බොධස‍්ස නිබ‍්බත‍්තනත්‍ථාය සුඛං. න භායිතබ‍්බන‍්ති එතස‍්ස සුඛස‍්ස පටිලාභතොපි විපාකතොපි න භායිතබ‍්බං, භාවෙතබ‍්බමෙවෙතං.

මෙසේ පුද්ගලයන් සතර දෙන විස්තර කොට දැන් අත්හරින්නෝ කවුරුද ඔවුහු නම් මොහුය. මෙපමණක් කෙලෙස් අත්හරිත් අත්නොහරින්නෝ කවුරුද ඔවුහුද මොහුය මෙපමණක් කෙලෙස් අත් නොහරිතියි දක්වන්ට පඤ්ච ඛො උදායි කාමගුණා යනාදිය කීය. එහි මීළ්ගසුඛං අපිරිසිදු සැපය අනරිය සුඛං අනාර්යයන් විසින් සේවය කරනු ලැබු සුවය. භායිතබ්බං මේ සැපය ලැබීමෙන්ද එහි විපාකයෙන්ද බිය විය යුතුයි. නෙක්ඛම්මසුඛං කාමයෙන් නික්මුණු සුවය. පවිවෙකසුඛං ගණසංගණිකාවෙන්ද ක්ලේශයන්ගෙන්ද වෙන්වුණු සුවය. උපසමසුඛං රාග ආදිය සන්සිඳුවනු පිණිස වූ සුවය. සම්බොධසුඛං මාර්ග සංඛ්‍යාත වූ සම්බෝධිය උපදවා ගැනීමේ සුවය. නභායිතබ්බං ඒ සැපය ලැබීමෙන් ද එහි විපාකයෙන්ද බියනොවිය යුතුය. එය වැඩිය යුත්තක් මය.

ඉඤ‍්ජිතස‍්මිං වදාමීති ඉඤ‍්ජනං චලනං ඵන්‍දනන‍්ති වදාමි. කිඤ‍්ච තත්‍ථ ඉඤ‍්ජිතස‍්මින‍්ති කිඤ‍්ච තත්‍ථ ඉඤ‍්ජිතං. ඉදං තත්‍ථ ඉඤ‍්ජිතස‍්මින‍්ති යෙ එතෙ අනිරුද‍්ධා විතක‍්කවිචාරා, ඉදං තත්‍ථ ඉඤ‍්ජිතං. දුතියතතියජ‍්ඣානෙසුපි එසෙව නයො. අනිඤ‍්ජිතස‍්මිං වදාමීති ඉදං චතුත්‍ථජ‍්ඣානං අනිඤ‍්ජනං අචලනං නිප‍්ඵන්‍දනන‍්ති වදාමි.

ඉඤ්ජිතස්මිං වදාමි සැලීම, සෙලවීම පැනීම යයි කියමි. කිඤ්චතත්‍ථ ඉඤ්ජිතස්මිං එහි කිසියම් සැලීමක් වේද මෙය එහි සැලීමෙහිම යැයි මේ නිරුද්ධ නොවු විතර්ක විචාරයෝය. මේ එහි සැලීමයි. ද්වීතිය තෘතීය ධ්‍යාන වලදී ද මෙම ක්‍රමය මැයි. ආනෙඤ්ජස්මිං වදාමි මේ චතුර්ථධ්‍යානය සැලීමක් නැත. සෙලවීමක් නැත පැනීමක් නැතැයි කියමි.

අනලන‍්ති වදාමීති අකත‍්තබ‍්බආලයන‍්ති වදාමි, තණ‍්හාලයො එත්‍ථ න උප‍්පාදෙතබ‍්බොති දස‍්සෙති. අථ වා අනලං අපරියත‍්තං, න එත‍්තාවතා අලමෙතන‍්ති සන‍්නිට‍්ඨානං කාතබ‍්බන‍්ති වදාමි. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනස‍්සාපීති එවරූපායපි සන‍්තාය සමාපත‍්තියා පහානමෙව වදාමි. අණුං වා ථූලං වාති ඛුද‍්දකං වා මහන‍්තං වා අප‍්පසාවජ‍්ජං වා මහාසාවජ‍්ජං වා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව. දෙසනා පන නෙය්‍යපුග‍්ගලස‍්ස වසෙන අරහත‍්තනිකූටෙනෙව නිට‍්ඨාපිතාති.

අනලන්තිවදාමි නොකළයුතු ඇලීම යැයි කියමි. තෘෂ්ණාවෙහි ඇලීම මෙහිදී නුපදවියයුතුයැයි දක්වයි. නැතහොත් අනාලය කෙළවරක් නැත්තකි මෙපමණකින් මේ ප්‍රමාණවත් යැයි සනිටුහනක් නොකළ යුතු යැයි කියමි. නෙවසඤ්ඤානාසඤ්ඤා යතනස්සපි මෙබදු සමාපත්තියක් තිබියදීත් ප්‍රහාණයම කියමි. අණුංවාථුලංවා කුඩාවු හෝ මහත්වූ හෝ අල්ප සාවද්‍ය වූ හෝ මහා සාවද්‍ය වූ හෝ, සෙස්ස සියලු තැන නොගැඹුරුමය. දේශනාව නෙය්‍ය පුද්ගල වශයෙන් අර්හත්වය කුළුගැන්වීමෙන්ම නිමවා වදාළසේක.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය ලටුකිකොපමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සවැනි ලටුකිකොපම සුත්‍රයයි.