පොතලිය සුත්තවණ්ණනා අට්ඨකථා
පොතලිය සුත්තවණ්ණනා
පෝතලිය සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති පොතලියසුත්තං. තත්ථ අඞ්ගුත්තරාපෙසූති අඞ්ගායෙව සො ජනපදො, මහියා පනස්ස උත්තරෙන යා ආපො, තාසං අවිදූරත්තා උත්තරාපොතිපි වුච්චති. කතරමහියා උත්තරෙන යා ආපොති, මහාමහියා. තත්ථායං ආවිභාවකථා – අයං කිර ජම්බුදීපො දසසහස්සයොජනපරිමාණො. තත්ථ ච චතුසහස්සයොජනප්පමාණො පදෙසො උදකෙන අජ්ඣොත්ථටො සමුද්දොති සඞ්ඛං ගතො. තිසහස්සයොජනප්පමාණෙ මනුස්සා වසන්ති. තිසහස්සයොජනප්පමාණෙ හිමවා පතිට්ඨිතො උබ්බෙධෙන පඤ්චයොජනසතිකො චතුරාසීතිකූටසහස්සපටිමණ්ඩිතො සමන්තතො සන්දමානපඤ්චසතනදීවිචිත්තො, යත්ථ ආයාමවිත්ථාරෙන චෙව ගම්භීරතාය ච පණ්ණාසපණ්ණාසයොජනා දියඩ්ඪයොජනසතපරිමණ්ඩලා අනොතත්තදහො කණ්ණමුණ්ඩදහො රථකාරදහො ඡද්දන්තදහො කුණාලදහො මන්දාකිනීදහො සීහපපාතදහොති සත්ත මහාසරා පතිට්ඨිතා. තෙසු අනොතත්තදහො සුදස්සනකූටං චිත්රකූටං කාළකූටං ගන්ධමාදනකූටං කෙලාසකූටන්ති ඉමෙහි පඤ්චහි පබ්බතෙහි පරික්ඛිත්තො.
එවම්මෙසුතං යනු පොතලිය සුත්‍රයයි. එහි අඞ්ගුත්තරාපෙසු යනු අංගයෙහි එම ජනපදය මහී නමැති නදියට උතුරින් ඇති ජලයයි ඒවාට ඇති ආසන්නතාව නිසා උත්තරාපො යනුවෙන් කියනු ලැබේ. කවර මහීගංගාවක උතුරින්ද ඒ ජලය මහාමගීයගේ මේ එහි උත්පත්තිකථාවයි. මේ ජම්බුද්වීපය දසදහසක් යොදුන් පමණවේ. එහිද සාරදහසක් යොදුන් පමණ පෙදෙසක් ජලයෙන් යටවී සමුද්‍රයයි ප්‍රසිද්ධ විය. තුන්දහසක් යොදුන් පමණ තැන මිනිස්සු වසත්. තුන් දහසක් යොදුන් පමණ තැන හිමාලය පිහිටියේය. එය උසින් යොදුන් පන්සියයකි. මුදුන් අසුහාරදහසින් සැදුණේය. හාත්පසින් ගලා බස්නා නදීන් පන්සියයකින් විචිත්‍රය. යම් තැනෙක අයම් විතරින්ද ගැඹුරින්ද පනස් පස් යොදුන්ය. යොදුන් එකසිය පණසක් වටා අනෝතත්තවිල කණ්ණමුණ්ඩවිල, රථකාරවිල, ඡද්දන්තවිල කුණාල විල. මන්දාකිනී සීහප්පපාත යන සත්මහ විල් පිහිටියේය. ඉන් අනෝතත්තවිල සුදර්ශනකුට, චිත්‍රකූට කාළකූට ගන්ධමාදන කූටය කෛලාස කූට යන මේ පස් කුළ පවුවලින් පරිකෙව් කරන ලද්දේය.
තත්ථ සුදස්සනකූටං සොවණ්ණමයං ද්වියොජනසතුබ්බෙධං අන්තොවඞ්කං කාකමුඛසණ්ඨානං තමෙව සරං පටිච්ඡාදෙත්වා ඨිතං. චිත්රකූටං සබ්බරතනමයං. කාළකූටං අඤ්ජනමයං. ගන්ධමාදනකූටං සානුමයං අබ්භන්තරෙ මුග්ගවණ්ණං, මූලගන්ධො සාරගන්ධො ඵෙග්ගුගන්ධො තචගන්ධො පපටිකගන්ධො රසගන්ධො පත්තගන්ධො පුප්ඵගන්ධො ඵලගන්ධො ගන්ධගන්ධොති ඉමෙහි දසහි ගන්ධෙහි උස්සන්නං නානප්පකාරඔසධසඤ්ඡන්නං, කාළපක්ඛඋපොසථදිවසෙ ආදිත්තමිව අඞ්ගාරං ජලන්තං තිට්ඨති. කෙලාසකූටං රජතමයං. සබ්බානි සුදස්සනෙන සමානුබ්බෙධසණ්ඨානානි, තමෙව සරං පටිච්ඡාදෙත්වා ඨිතානි. තානි සබ්බානි දෙවානුභාවෙන නාගානුභාවෙන ච වස්සන්ති, නදියො ච තෙසු සන්දන්ති. තං සබ්බම්පි උදකං අනොතත්තමෙව පවිසති. චන්දිමසූරියා දක්ඛිණෙන වා උත්තරෙන වා ගච්ඡන්තා පබ්බතන්තරෙන තත්ථ ඔභාසං කරොන්ති, උජුං ගච්ඡන්තා න කරොන්ති, තෙනෙවස්ස අනොතත්තන්ති සඞ්ඛා උදපාදි.
එහි සුදර්ශන කූටය රන් මුවාය. දෙසිය යොදුනක් උසය. ඇතුළත වක්‍රය කවුඩු තුඩකට සමානය. ඒ විලම වසා සිටියේය. චිත්රකූටය රුවන් මුවාය. කාළ කුටය අඳුන් මුවාය. ගන්ධ මාදන කූටය සානු ඇත්තේය. අභ්‍යන්තරයෙහි මුං පැහැයගනී. මුලගන්ධ, සාරගන්ධ, වේග්ගු ගන්ධ, තචගන්ධ, පපටික ගන්ධ, රසගන්ධ, ඡත්තගන්ධ, ප්රජඵගන්ධ, ඵලගන්ධ, ගන්ධගන්ධ යන මේ දස ගඳින් ගැවසුණු නානාප්‍රකාර වූ ඖෂධ ගැවසී ගත් කළුවර දෙපෝදා හිරුමෙන් අඟුරුමෙන් දිලිසෙමින් සිටී. කෛලාශ කූටය රිදී මුවාය සියල්ල මෙන් උසින්ද සලකුණින් ද සමානය විලම වසා සිටී. ඒ සියල්ල දේවානුභාවයෙන්ද වැසි වසී එහි ගංගාද ගලාබසී. ඒ සියලු ජලය අනෝතත්ත විලටම පිවිසේ. සඳහිරු දකුණින් හෝ උතුරින් ගමන් කරමින් පර්වත අතුරින් එහි එලිය කරයි. කෙළින් යමින් එසේ නොකරයි. ඒ නිසාම එයට අනෝතත්ත යයි නමක් හටගනි.
තත්ථ මනොහරසිලාතලානි නිම්මච්ඡකච්ඡපානි ඵලිකසදිසනිම්මලුදකානි න්හානතිත්ථානි සුපටියත්තානි හොන්ති, යෙසු බුද්ධපච්චෙකබුද්ධඛීණාසවා ච ඉද්ධිමන්තො ච ඉසයො න්හායන්ති, දෙවයක්ඛාදයො උය්යානකීළකං කීළන්ති.
එහි මනහර පඩිපෙළද මස් කසුබුවන් නැති පළිඟුවන් ජලයද ඇත. නාන තොටුද මැනවින් පිළියෙලකොට ඇත. බුදු පසේබුදු රහත්හුද සෘද්ධිමත් ඍෂිවරු යම්තැනෙක නහත්ද දෙවියෝද යක්ෂයෝද උයන් කෙළි කෙළිත්ද,
තස්ස චතූසු පස්සෙසු සීහමුඛං හත්ථිමුඛං අස්සමුඛං උසභමුඛන්ති චත්තාරි මුඛානි හොන්ති, යෙහි චතස්සො නදියො සන්දන්ති. සීහමුඛෙන නික්ඛන්තනදීතීරෙ සීහා බහුතරා හොන්ති. හත්ථිමුඛාදීහි හත්ථිඅස්සඋසභා. පුරත්ථිමදිසතො නික්ඛන්තනදී අනොතත්තං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා ඉතරා තිස්සො නදියො අනුපගම්ම පාචීනහිමවන්තෙනෙව අමනුස්සපථං ගන්ත්වා මහාසමුද්දං පවිසති. පච්ඡිමදිසතො ච උත්තරදිසතො ච නික්ඛන්තනදියොපි තථෙව පදක්ඛිණං කත්වා පච්ඡිමහිමවන්තෙනෙව උත්තරහිමවන්තෙනෙව ච අමනුස්සපථං ගන්ත්වා මහාසමුද්දං පවිසන්ති. දක්ඛිණදිසතො නික්ඛන්තනදී පන තං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා දක්ඛිණෙන උජුකං පාසාණපිට්ඨෙනෙව සට්ඨියොජනානි ගන්ත්වා පබ්බතං පහරිත්වා වුට්ඨාය පරික්ඛෙපෙන තිගාවුතප්පමාණා උදකධාරා ච හුත්වා ආකාසෙන සට්ඨියොජනානි ගන්ත්වා තියග්ගළෙ නාම පාසාණෙ පතිතා, පාසාණො උදකධාරාවෙගෙන භින්නො. තත්ථ පඤ්ඤාසයොජනප්පමාණා තියග්ගළා නාම පොක්ඛරණී ජාතා, පොක්ඛරණියා කූලං භින්දිත්වා පාසාණං පවිසිත්වා සට්ඨියොජනානි ගතා. තතො ඝනපථවිං භින්දිත්වා උමඞ්ගෙන සට්ඨියොජනානි ගන්ත්වා විඤ්ඣුං නාම තිරච්ඡානපබ්බතං පහරිත්වා හත්ථතලෙ පඤ්චඞ්ගුලිසදිසා පඤ්චධාරා හුත්වා පවත්තන්ති. සා තික්ඛත්තුං අනොතත්තං පදක්ඛිණං කත්වා ගතට්ඨානෙ ආවට්ටගඞ්ගාති වුච්චති. උජුකං පාසාණපිට්ඨෙන සට්ඨියොජනානි ගතට්ඨානෙ කණ්හගඞ්ගාති, ආකාසෙන සට්ඨියොජනානි ගතට්ඨානෙ ආකාසගඞ්ගාති, තියග්ගළපාසාණෙ පඤ්ඤාසයොජනොකාසෙ ඨිතා තියග්ගළපොක්ඛරණීති, කූලං භින්දිත්වා පාසාණං පවිසිත්වා සට්ඨියොජනානි ගතට්ඨානෙ බහලගඞ්ගාති, උමඞ්ගෙන සට්ඨියොජනානි ගතට්ඨානෙ උමඞ්ගගඞ්ගාති වුච්චති. විඤ්ඣුං නාම තිරච්ඡානපබ්බතං පහරිත්වා පඤ්චධාරා හුත්වා පවත්තට්ඨානෙ පන ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහීති පඤ්චධා සඞ්ඛං ගතා. එවමෙතා පඤ්ච මහානදියො හිමවන්තතො පභවන්ති. තාසු යා අයං පඤ්චමී මහී නාම, සා ඉධ මහාමහීති අධිප්පෙතා. තස්සා උත්තරෙන යා ආපො, තාසං අවිදූරත්තා සො ජනපදො අඞ්ගුත්තරාපොති වෙදිතබ්බො. තස්මිං අඞ්ගුත්තරාපෙසු ජනපදෙ.
එහි සතර පසෙහි සිංහමුඛ හස්තිමුඛ අශ්වමුඛ, වෘෂභමුඛ යන සිව් මුඛයෝ වෙති, යමෙකින් සිව්නදීහු ගලා බසිත්ද. සිංහ මුඛයෙන් නික්මුණු ගංගා තීරයෙහි සිංහයෝ බහුතරවෙති. හස්තිමුව ආදියෙන් නික්මුණු ගංගා තීරවල පිළිවෙළින් හස්ති අශ්ව වෘෂහයෝද වෙති. පෙරදිගින් නික්මුණු නදිය අනෝතත්ත විල තෙවරක් පැදකුණු කොට ඉතිරි ගංගා තුන අනුව පැමිණ පෙර දිග හිමවත් පවුවෙන් අමනුෂ්‍ය පථයට ගොස් මහ සමුදුරට පිවිසෙයි. අපර දිගින් හා උතුරු දිගින් නික්මුණු නදීහුද එසේම පැදකුණු කොට අවරදිග හිමාලයෙන්ම උතුරු හිමාලයෙන්ම අමනුෂ්‍ය පථයට ගොස් මහ සමුදුරට පිවිසෙයි. දකුණු දිගින් නික්මුණු නදිය එය තෙවරක් පැදකුණු කොට දකුණු දිගින් ඍජුව ගල්තලාව මතුපිටින් සැට යොදුනක් ගොස් පර්වතයෙහි වැදී නැගී වටින් ගව්තුනක් පමණ ජලදහරා බවට පත්වී උසින් සැට යොදුනක් ගොස් තියග්ගළ නම් ගලෙහි වැටී පාෂාණය ජල දහරෙහි වේගයෙන් බිඳී එහි පණස් යොදුනක් පමණ වූ තියග්ගළ නම් පොකුණක්විය. පොකුණෙහි ඉවුර බිඳ ගලට පිවිස සැට යොදුනක් ගියේය. එයින් ඝන පෘථුවිය බිඳ උමගින් සැට යොදුනක්ගොස් වින්ධ්‍යා නම් තිරිසන්? පර්වතයෙහි වැදී අල්ලෙහි පසැඟිලිවන් දහරා පසක්ව පවත්නේ තෙවරක් අනෝතත්ත විල පැදකුණුකොට ගියතැන ආවැර්ත ගංගා යයි කියනු ලැබේ. සෘජුව ගන්තලාව මතින් සැටයොදුනක් ගිය තැන කණහගංගානමි අහසින් සැට යොදුනක් ගියතැන ආකාසගංගා නමි තියග්ගළ පාෂාණයෙහි පණස් යොදුනක් අවකාශයෙහි සිටි තියග්ගළ නම් පොකුණයි. ඉවුර බිඳ පාෂාණයට පිවිස සැට යොදුනක් ගිය තැන බහල ගංගා නමි උමගින් සැට යොදුනක් ගිය තැන උම්මග්ග ගංගා යයි කියනු ලැබේ. වින්ධ්‍යා නම් තිරිසන් පවුවෙහි හැපී දහරපසක්ම පැවතිතැන ගංගා, යමුනා, අචිරවතී සරභූ මහී යනුවෙන් පස් අයුරකින් ප්‍රසිද්ධ විය. මෙසේ මේ පස්මහා නදීහු හිමවතින් ගලා බසිත් ඒ අතරින් යම් ගංගාවක් පස්වැනි වීද එය මහී නම්. මෙහි එය මහාමහි යයි අදහස් කරන ලදී. ඊට උතුරින් යම් ජලයක් වේද ඒවාට නුදුරුබැවින් ඒ ජනපදය අංගුත්තරාප යැයි දත යුතුය. ඒ අංගුත්තරාප ජන පදයෙහි,
ආපණං නාමාති තස්මිං කිර නිගමෙ වීසති ආපණමුඛසහස්සානි විභත්තානි අහෙසුං. ඉති සො ආපණානං උස්සන්නත්තා ආපණන්ත්වෙව සඞ්ඛං ගතො. තස්ස ච නිගමස්ස අවිදූරෙ නදීතීරෙ ඝනච්ඡායො රමණීයො භූමිභාගො මහාවනසණ්ඩො, තස්මිං භගවා විහරති. තෙනෙවෙත්ථ වසනට්ඨානං න නියාමිතන්ති වෙදිතබ්බං.
ආපණං නාම යනු ඒ නියම්ගමෙහි විසිදහසක් ආපන ශාලා වෙන්කොට තිබිණ. මෙසේ එය ආපණ බහුල බැවින් ආපණ යනුවෙන්ම ප්‍රසිද්ධව ගියේය. ඒ නියම්ගමට නුදුරෙහි ගංතෙර සෙවනින් ගහණ වූ රමණීය බිම් කඩක් මහාවන ලැහැබක් වීද එහි භාග්‍යවතුන් වහන්සේ වැඩවසනසේක. ඒ නිසාම මෙහි වසන තැන නියම නොකරන ලද්දේයයි දත යුතුයි.
යෙනඤ්ඤතරො වනසණ්ඩො තෙනුපසඞ්කමීති භික්ඛුසඞ්ඝං වසනට්ඨානං පෙසෙත්වා එකකොව උපසඞ්කමි පොතලියං ගහපතිං සන්ධාය. පොතලියොපි ඛො ගහපතීති පොතලියොති එවංනාමකො ගහපති. සම්පන්නනිවාසනපාවුරණොති පරිපුණ්ණනිවාසනපාවුරණො, එකං දීඝදසං සාටකං නිවත්ථො එකං පාරුතොති අත්ථො. ඡත්තුපාහනාහීති ඡත්තං ගහෙත්වා උපාහනා ආරුය්හාති අත්ථො. ආසනානීති පල්ලඞ්කපීඨපලාලපීඨකාදීනි. අන්තමසො සාඛාභඞ්ගම්පි හි ආසනන්තෙව වුච්චති. ගහපතිවාදෙනාති ගහපතීති ඉමිනා වචනෙන. සමුදාචරතීති වොහරති.
යෙනඤ්ඤ තරො වනසණ්ඩො තෙනුපසඞ්කමි යනු භික්ෂුසංඝයා වසනතැනට යවා පෝතලිය ගෘහපතියා සඳහා හුදෙකලාවම එළැඹීසේක. පොතලියොපි ඛො ගහපති යනු පොතලියයයි නම් ඇති ගෘහපතියා, සම්පන්නවාසන පාපුරණෙ යනු පිරිපුන් ඇඳුම් හා වැසුම් ඇත්තේ, එක් දික් දහවලු ඇති සළුවක් හැඳ එකක් පෙරවූයේ යන අර්ථයි. ආසනානි යනු පර්යංක පුටු පැදුරු පුටු ආදිය යටත් පිරිසෙයින් අතුකැබැල්ලක් වුවද ආසනයයි කියනු ලැබේ. ගෘහපතිවාදෙන යනු ගෘහපති යන මේ වචනයෙන්, සමුදාචරති යනු ව්‍යවහාර කරයි.
භගවන්තං එතදවොචාති තතියං ගහපතීති වචනං අධිවාසෙතුං අසක්කොන්තො භගවන්තමෙතං “තයිදං, භො, ගොතමා”තිආදිවචනං අවොච. තත්ථ නච්ඡන්නන්ති න අනුච්ඡවිකං. නප්පතිරූපන්ති න සාරුප්පං. ආකාරාතිආදීනි සබ්බානෙව කාරණවෙවචනානි. දීඝදසවත්ථධාරණ-කෙසමස්සුනඛඨපනාදීනි හි සබ්බානෙව ගිහිබ්යඤ්ජනානි තස්ස ගිහිභාවං පාකටං කරොන්තීති ආකාරා, ගිහිසණ්ඨානෙන සණ්ඨිතත්තා ලිඞ්ගා, ගිහිභාවස්ස සඤ්ජානනනිමිත්තතාය නිමිත්තාති වුත්තා. යථා තං ගහපතිස්සාති යථා ගහපතිස්ස ආකාරලිඞ්ගනිමිත්තා භවෙය්යුං, තථෙව තුය්හං. තෙන තාහං එවං සමුදාචරාමීති දස්සෙති. අථ සො යෙන කාරණෙන ගහපතිවාදං නාධිවාසෙති, තං පකාසෙන්තො “තථා හි පන මෙ”තිආදිමාහ.
භගවන්තං එතදවොච යනු තෙවැනිව ගෘහපති යන වචනය ඉවසන්ට නොහැක්කේ භාග්‍යවතුන්වහන්සේට මේ තයිදං භොගොතම යන ආදිවචනය කීය. එහි නචජනනං යනු සුදුසු නොවේ. නප්පතිරූපං යනු සාරුප්‍ය නොවේ. ආකාරා යනු ආදී සියල්ලම කාණෙ යන්නට තවත් වචනය. දිගු දහවලු සහිත වස්ත්‍ර දැරීම කෙස් රවුල් නිය තබා ගැනීම් සියල්ල ගිහි ලක්ෂණය ඔහුගේ ගිහිබව කරත්නුයි ආකාරා. ගිහි ලකුණින් සලකුණු කරන ලද බැවින් ලිඞ්ගා ගිහිබව හඳුනාගැනීමේ නිමිත්ත බැවින් නිමිත්තායි කියන ලදී. යථා තං ගහපතිස්ස යනු යම්සේ ගෘහපතියාගේ ආකාර ලිංග නිමිත්ත වේනම් එසේම ඔබටත් ඒනිසා මම මෙසේ ව්‍යවහාර කරමියි දක්වයි. ඉක්බිති ඔහු යම් කරුණකින් ගෘහපතිවාදය නොඉවසයිද එය ප්රකාශකරන්නේ තථාහිපන මෙ ආදිය කීය.
නිය්යාතන්ති නිය්යාතිතං. අනොවාදී අනුපවාදීති “තාතා, කසථ, වපථ, වණිප්පථං පයොජෙථා”තිආදිනා හි නයෙන ඔවදන්තො ඔවාදී නාම හොති. “තුම්හෙ න කසථ, න වපථ, න වණිප්පථං පයොජෙථ, කථං ජීවිස්සථ, පුත්තදාරං වා භරිස්සථා”තිආදිනා නයෙන පන උපවදන්තො උපවාදී නාම හොති. අහං පන උභයම්පි තං න කරොමි. තෙනාහං තත්ථ අනොවාදී අනුපවාදීති දස්සෙති. ඝාසච්ඡාදනපරමො විහරාමීති ඝාසමත්තඤ්චෙව අච්ඡාදනමත්තඤ්ච පරමං කත්වා විහරාමි, තතො පරං නත්ථි, න ච පත්ථෙමීති දීපෙති.
නිය්යාතංයනු පවරන ලද්දේය. අනොවාදී අනුපවාදී යනු දරුවෙනි, සීසාවු වපුරවු වෙළඳාමෙහි යෙදෙවු ආදි ක්‍රමයෙන් අවවාද දෙන්නේ ඔවාදී නම් වෙයි. ඔබ නොම සීසා නොම වපුරවු. වෙළදාමේ නොම යෙදෙවු කෙසේ ජීවිකාව කරවුද අඹුදරුවන් පෝෂණය කරවුද ආදී ක්‍රමයෙන් උපවාද කරන්නේ උපවාදී නම් වෙයි. මම ඒ දෙකම නොකරමි. ඒනිසා මම එහි අනොවාදී අනුපවාදි යයි දක්වයි. සාසච්ඡාදන පරමො විහරාමි යනු ආහාර සහ ඇඳුම් පමණක් පරම කොට වෙසෙමි. ඉන් වැඩියක් නොපනමියි පෙන්වයි.
ගිද්ධිලොභො පහාතබ්බොති ගෙධභූතො ලොභො පහාතබ්බො. අනින්දාරොසන්ති අනින්දාභූතං අඝට්ටනං. නින්දාරොසොති නින්දාඝට්ටනා. වොහාරසමුච්ඡෙදායාති එත්ථ වොහාරොති බ්යවහාරවොහාරොපි පණ්ණත්තිපි වචනම්පි චෙතනාපි. තත්ථ –
ගිද්ධිලොහො පහාතබ්බො යනු ගිජුවූ ලෝභය අත්හළයුතුය. අනින්දාරොසො යනු. වැරදි නොසොයන්නාහු. ගැටුම්නැත්තාහු නින්දාරොසො යනු වැරදිසෙවීම. ගැටීම, වොහාර සමුච්ඡෙදාය යනු එහි වොහාරො යනු ව්‍යවහාර වොහාරය පැනැවීමද වචනයද චේතනාවද එහි
“යො හි කොචි මනුස්සෙසු, වොහාරං උපජීවති; එවං වාසෙට්ඨ ජානාහි, වාණිජො සො න බ්රාහ්මණො”ති. (ම· නි· 2.457) –
යොහි කොචි මනුස්සෙසු- වොහාරං උපජීවතී එවං වාසෙට්ඨජානානි - වාණිජො සො නබ්රාහ්මණො
යමෙක් මිනිසුන් අතර - වෙළදාමෙන් යැපේද වාසෙට්ඨ දැනගනුව - ඔහු වෙළෙන්දකු මිස බමුණෙක් නොවේ.
අයං බ්යවහාරවොහාරො නාම. “සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො”ති (ධ· ස· 1313-1315) අයං පණ්ණත්තිවොහාරො නාම. “තථා තථා වොහරති අපරාමස”න්ති (ම· නි· 3.332) අයං වචනවොහාරො නාම. “අට්ඨ අරියවොහාරා අට්ඨ අනරියවොහරා”ති (අ· නි· 8.67) අයං චෙතනාවොහාරො නාම, අයමිධාධිප්පෙතො. යස්මා වා පබ්බජිතකාලතො පට්ඨාය ගිහීති චෙතනා නත්ථි, සමණොති චෙතනා හොති. ගිහීති වචනං නත්ථි, සමණොති වචනං හොති. ගිහීති පණ්ණත්ති නත්ථි, සමණොති පණ්ණත්ති හොති. ගිහීති බ්යවහාරො නත්ථි, සමණොති වා පබ්බජිතොති වා බ්යවහාරො හොති. තස්මා සබ්බෙපෙතෙ ලබ්භන්ති.
මෙය ව්‍යවහාර වොහාර නම්වේ. සඞ්ඛා, සමඤ්ඤ පඤ්ඤත්ති වොහාර යනුවෙන් මෙය පඤ්ඤත්ති වොහාර නම්. ඒ ඒ අයුරින් වහරයි. ස්පර්ශ නොකරයිනුයි මෙය වචන වොහාර නමි අටඅරිය වොහාර. අටඅනරිය වොහාර යනුමෙහි මෙය චේතනා වොහාරනම්. මෙය මෙහි අදහස්කරන ලදී, යම්හෙයකින් හෝ පැවිදි වූ කල්හි පටන් ගිහීය යන චේතනාවක් නැත්තේද ශ්රමණයෙක්ය යන චේතනාව වෙයි. ගිහියයි වචනයක් නැත. ශ්‍රමණයයි වචනයක් වෙයි ගිහීයයි පැනැවීමක් නැත. ශ්‍රමණයයි පැනැවීමක් වෙයි. ගිහි යයි ව්‍යවහාරයක් නැත. ශ්‍රමණයා හෝ පැවිද්දා හෝ යන ව්‍යවහාරයක් වෙයි. ඒ නිසා ඒ සියල්ලම ලබයි.
යෙසං ඛො අහං සංයොජනානං හෙතු පාණාතිපාතීති එත්ථ පාණාතිපාතොව සංයොජනං. පාණාතිපාතස්සෙව හි හෙතු පාණාතිපාතපච්චයා පාණාතිපාතී නාම හොති. පාණාතිපාතානං පන බහුතාය “යෙසං ඛො අහ”න්ති වුත්තං. තෙසාහං සංයොජනානන්ති තෙසං අහං පාණාතිපාතබන්ධනානං. පහානාය සමුච්ඡෙදාය පටිපන්නොති ඉමිනා අපාණාතිපාතසඞ්ඛාතෙන කායිකසීලසංවරෙන පහානත්ථාය සමුච්ඡෙදනත්ථාය පටිපන්නො. අත්තාපි මං උපවදෙය්යාති කුන්ථකිපිල්ලිකම්පි නාම ජීවිතා අවොරොපනකසාසනෙ පබ්බජිත්වා පාණාතිපාතමත්තතොපි ඔරමිතුං න සක්කොමි, කිං මය්හං පබ්බජ්ජායාති එවං අත්තාපි මං උපවදෙය්ය. අනුවිච්චාපි මං විඤ්ඤූ ගරහෙය්යුන්ති එවරූපෙ නාම සාසනෙ පබ්බජිත්වා පාණාතිපාතමත්තතොපි ඔරමිතුං න සක්කොති, කිං එතස්ස පබ්බජ්ජායාති එවං අනුවිච්ච තුලයිත්වා පරියොගාහෙත්වා අඤ්ඤෙපි විඤ්ඤූ පණ්ඩිතා ගරහෙය්යුං. එතදෙව ඛො පන සංයොජනමෙතං නීවරණන්ති දසසු සංයොජනෙසු පඤ්චසු ච නීවරණෙසු අපරියාපන්නම්පි “අට්ඨ නීවරණා”ති දෙසනාවසෙනෙතං වුත්තං. වට්ටබන්ධනට්ඨෙන හි හිතපටිච්ඡාදනට්ඨෙන ච සංයොජනන්තිපි නීවරණන්තිපි වුත්තං. ආසවාති පාණාතිපාතකාරණා එකො අවිජ්ජාසවො උප්පජ්ජති. විඝාතපරිළාහාති විඝාතා ච පරිළාහා ච. තත්ථ විඝාතග්ගහණෙන කිලෙසදුක්ඛඤ්ච විපාකදුක්ඛඤ්ච ගහිතං, පරිළාහග්ගහණෙනපි කිලෙසපරිළාහො ච විපාකපරිළාහො ච ගහිතො. ඉමිනා උපායෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
යෙසං ඛො අහං සංයොජනානං හේතු පාණාතිපාතී යනු මෙහි පාණාතිපාතයම සංයෝජනයයි. පාණාතිපාතයට හේතුයි පානාතිපාත ප්‍රත්‍යයෙන් පාණාතිපාතී නම් වෙයි. පාණාතිපාත යන්ගේ බොහෝ බැවින් යෙසං ඛො අහං යනුවෙන් කියන ලදී. තෙසානං සංයොජනානං යනු මම ඒ ප්රාණාතිපාතී බන්ධන පහානාස සමුච්ඡෙදාය පටිපන්තො යනු මේ අපාණාතිපාත සංඛ්‍යාත සීලසංවරයෙන් ප්රහාණය. පිණිස සමුච්ඡේදනය පිණිස පිළිපන් අත්තාපි මං උපවදෙය්ය යනු කුහුඹුවකුපවා ජීවිතයෙන් වෙන්නොකරන සසුනෙහි පැවිදිව ප්‍රාණාතිපාත මාත්‍රයෙන් වෙන් කිරීමට නොහැක්කෙමි. ආත්මභාවයම මාහට චෝදනා කරයිනම් මාගේ පැවිද්දෙන් ඇති ඵලය කිම. අනුවිච්ච විඤ්ඤු ගරහෙය්යුං යනු මෙබඳු සසුනෙහි පැවිදිව ප්‍රාණාතිපාත මාත්‍රයෙන් වෙන්වීමට නොහැකිවෙයි. මේ පැවිද්දෙන් ඇති ඵලයකිම යැයි තුලනය කොට විනිවිදබලා අනෙකුත් උගත් පඩිවරු ගරහත්නම්. එතදෙවඛොපන සංයොජනං එතං නීවරණං යනු දස සංයෝජනයන්හිද පංචනීවරණයන්හිද අසම්පුර්ණවූද එය අටනීවරණ යයි දේශනාවශයෙන් සසරෙහි බැඳෙන අර්ථයෙන් යහපත යන අර්ථයෙන්ද සංයෝජන යැයිද නීවරණයයිද කියන ලදී. ආසවා යනු ප්‍රාණඝාතය හේතුවෙන් එක් අවිජ්ජාසවයක් උපදී. විඝතපරිළාහා යනු මැරීම්ද තැවීම්ද. එහි විසාත ග්රහණයෙන් කෙලෙස් දුක්ද විපාකදුක්ද ගන්නා ලදී. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්ථ දත යුතුය.
අයං පන විසෙසො – තෙසාහං සංයොජනානං පහානායාති ඉමස්මිං පදෙ ඉමිනා දින්නාදානසඞ්ඛාතෙන කායිකසීලසංවරෙන, සච්චවාචාසඞ්ඛාතෙන වාචසිකසීලසංවරෙන, අපිසුණාවාචාසඞ්ඛාතෙන වාචසිකසීලසංවරෙන, අගිද්ධිලොභසඞ්ඛාතෙන මානසිකසීලසංවරෙන, අනින්දාරොසසඞ්ඛාතෙන කායිකවාචසිකසීලසංවරෙන, අකොධුපායාසසඞ්ඛාතෙන මානසිකසීලසංවරෙන, අනතිමානසඞ්ඛාතෙන මානසිකසීලසංවරෙන පහානත්ථාය සමුච්ඡෙදනත්ථාය පටිපන්නොති එවං සබ්බවාරෙසු යොජනා කාතබ්බා.
මෙය විශේෂයයි. තෙසාහං සංයොජනානං පහානාය යනු මේපදයෙහි මෙයින් දුන් දාන සංඛ්‍යාත කායික සීලසංවරයෙන් ද සත්යවාචා. සංඛ්‍යාත වාවසික සීල සංවරයෙන්ද අපිසුණාවාචා සංඛ්‍යාත වාචික සීල සංවරයෙන්ද අගිද්ධි ලෝභ සංඛ්‍යාත මානසික සීල සංවරයෙන් අනින්දාරොස සංඛ්‍යාත කායික වාචසික සංවරයෙන් අක්‍රෝධ උපායාස සංඛ්‍යාත මානසික සීල සංවරයෙන් අනතිමාන සංඛ්‍යාත මානසික සීල සංවරයෙන් ප්රහාණය පිණිස සමුච්ජේදනය පිණිස පිළිපන්නේයි මෙසේ සියලුවාරයන්හි යෙදීම් කළයුතුය.
අත්තාපි මං උපවදෙය්ය අනුවිච්චාපි මං විඤ්ඤූ ගරහෙය්යුන්ති ඉමෙසු පන පදෙසු තිණසලාකම්පි නාම උපාදාය අදින්නං අග්ගහණසාසනෙ පබ්බජිත්වා අදින්නාදානමත්තතොපි විරමිතුං න සක්කොමි, කිං මය්හං පබ්බජ්ජායාති එවං අත්තාපි මං උපවදෙය්ය. එවරූපෙ නාම සාසනෙ පබ්බජිත්වා අදින්නාදානමත්තතොපි ඔරමිතුං න සක්කොති, කිං ඉමස්ස පබ්බජ්ජායාති එවං අනුවිච්චාපි මං විඤ්ඤූ ගරහෙය්යුං? හසාපෙක්ඛතායපි නාම දවකම්යතාය වා මුසාවාදං අකරණසාසනෙ පබ්බජිත්වා. සබ්බාකාරෙන පිසුණං අකරණසාසනෙ නාම පබ්බජිත්වා. අප්පමත්තකම්පි ගිද්ධිලොභං අකරණසාසනෙ නාම පබ්බජිත්වාපි. කකචෙන අඞ්ගෙසු ඔක්කන්තියමානෙසුපි නාම පරෙසං නින්දාරොසං අකරණසාසනෙ පබ්බජිත්වා. ඡින්නඛාණුකණ්ටකාදීසුපි නාම කොධුපායාසං අකරණසාසනෙ පබ්බජිත්වා. අධිමානමත්තම්පි නාම මානං අකරණසාසනෙ පබ්බජිත්වා අතිමානමත්තම්පි පජහිතුං න සක්කොමි, කිං මය්හං පබ්බජ්ජායාති එවං අත්තාපි මං උපවදෙය්ය. එවරූපෙ නාම සාසනෙ පබ්බජිත්වා අතිමානමත්තම්පි පජහිතුං න සක්කොති, කිං ඉමස්ස පබ්බජ්ජායාති එවං අනුවිච්චාපි මං විඤ්ඤූ ගරහෙය්යුන්ති එවං සබ්බවාරෙසු යොජනා කාතබ්බා.
අත්තාපි මං උපවදෙය්ය අනුවිච්ච මං විඤ්ඤු ගරහෙය්යුං යනු මේ පදයන්හි තණ සුලක් පවා ගෙන නොදුන් දෙය නොගන්නා සසුනෙහි පැවිදිව අදින්නාදාන මාත්‍රයෙන් වෙන්වන්ට නොහැක්කෙමි. මාගේ පැවිද්දෙන් කවර ඵලයෙක්දැයි මෙසේ මාහට මාගේ ආත්ම භාවයට උපවාද කෙරේ. මෙබඳු සසුනෙහි පැවිදිව ආදින්නාදාන මාත්‍රයෙන් පවා වෙන්වන්ට නොහැක්කේය. මේ පැවිද්දෙන් ඇති ඵලය කිමැයි මෙසේ දැන උගත්තු ගර්හා කෙරෙන්නම් හාස්‍යය අපේක්ෂාවෙන් හෝ විහිළුව කැමැත්තෙන් හෝ මුසාවාද නොකියන සසුනෙහි පැවිදිව සැම අයුරින්ම කේළාම් කීමක් නැති සසුනෙහි පැවිදිව අල්පමාත්‍ර වූ ද කෑදර ලෝභයක් නොකරන සසුනෙහි පැවිදිව කතුරෙන් අඟපසග කපනු ලබන කල්හිද අනුන්ට නින්දා ක්‍රෝධ මාත්‍රයක් නොකරන සසුනෙහි පැවිදිව කණු කටු ඇනෙන කල්හිත් ක්‍රෝධයක් ද්වේශයක් නොකරන සසුනෙහි පැවිදිව අධිමාන මාත්‍රයකින් වත් මානයක් නොකරන සසුනෙහි පැවිදිව අතිමාන මාත්‍රයක් වත් අත්හැරීමට නොහැක්කෙමි. පැවිද්දෙන් මට ඇති ඵලය කිමෙක්දැයි මෙසේ තමාම මට උපවාදකරන්නේය. මෙබඳු සසුනෙහි පැවිදිව අතිමාන මාත්‍රයක් වත් අත්හරින්ට නොහැක්කේය මොහුට පැවිද්දෙන් ඇති ඵලය කිමෙක්දැයි මෙසේ දැන උගත්හු ගරහත්නම්යයි මෙසේ සැමවර යෙදීම් කළයුතුය.
ආසවාති ඉමස්මිං පන පදෙ අදින්නාදානකාරණා කාමාසවො දිට්ඨාසවො අවිජ්ජාසවොති තයො ආසවා උප්පජ්ජන්ති, තථා මුසාවාදකාරණා පිසුණාවාචාකාරණා ච, ගිද්ධිලොභකාරණා දිට්ඨාසවො අවිජ්ජාසවො ච, නින්දාරොසකාරණා අවිජ්ජාසවොව, තථා කොධුපායාසකාරණා, අතිමානකාරණා භවාසවො අවිජ්ජාසවො චාති ද්වෙව ආසවා උප්පජ්ජන්තීති එවං ආසවුප්පත්ති වෙදිතබ්බා.
ආසවා යනු මේ පදයෙහි නුදුන් දෙය ගැනීමෙන් කාමාසවය දිට්ඨාසවය අවිජ්ජාසවය යයි ආශ්‍රව තුනක් උපදී. මුසාවාද හේතුවෙන්ද පිසුණාවාචා හේතුවෙන් ද එසේය, ගිජු ලෝහය හේතුවෙන් දිට්ඨාසවයත් අවිජ්ජාසවයත් උපදී, නින්දාරෝස හේතුවෙන් අවිජ්ජාසවය උපදී. එසේම ක්‍රෝධ උපායස හේතුවෙන්, අතිමානය හේතුවෙන් භවාසව හා අවිජ්ජාසව යන ආශ්‍රව දෙක උපදීයයි මෙසේ ආශ්‍රව උත්පත්තිය දතයුතුය.
ඉමෙසු පන අට්ඨසුපි වාරෙසු අසම්මොහත්ථං පුන අයං සඞ්ඛෙපවිනිච්ඡයො – පුරිමෙසු තාව චතූසු විරමිතුං න සක්කොමීති වත්තබ්බං, පච්ඡිමෙසු පජහිතුං න සක්කොමීති. පාණාතිපාතනින්දාරොසකොධුපායාසෙසු ච එකො අවිජ්ජාසවොව හොති, අදින්නාදානමුසාවාදපිසුණාවාචාසු කාමාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො, ගිද්ධිලොභෙ දිට්ඨාසවො අවිජ්ජාසවො, අතිමානෙ භවාසවො අවිජ්ජාසවො, අපාණාතිපාතං දින්නාදානං කායිකං සීලං, අමුසා අපිසුණං වාචසිකසීලං, ඨපෙත්වා අනින්දාරොසං සෙසානි තීණි මානසිකසීලානි. යස්මා පන කායෙනපි ඝට්ටෙති රොසෙති වාචායපි, තස්මා අනින්දාරොසො ද්වෙ ඨානානි යාති, කායිකසීලම්පි හොති වාචසිකසීලම්පි. එත්තාවතා කිං කථිතං? පාතිමොක්ඛසංවරසීලං. පාතිමොක්ඛසංවරසීලෙ ඨිතස්ස ච භික්ඛුනො පටිසඞ්ඛාපහානවසෙන ගිහිවොහාරසමුච්ඡෙදො කථිතොති වෙදිතබ්බො.
මේ අටවරෙහි අමතක නොවීම පිණිස නැවත මේ සංක්ෂේප විනිශ්චයයි. පෙරකියු සතරෙහි වෙන්වීමට නොහැක්කෙමියයි, කිවයුතුයි. පසුව කියු දෙයෙහි අත්හැරීමට නොහැක්කෙමියි, පාණාතිපාත නින්දා රෝස කෝධ උපායාසයන්හි එක්ම අවිජ්ජාසවයම වෙයි. අදින්නාදාන මුසාවාද පිසුනාවාචාහිදී කාමාසව දිට්ඨාසව අවිජ්ජාසව උපදී, ගිජු ලෝභයෙහි දිට්ඨාසව අවිජ්ජාසව උපදී. අතිමානයෙහි භවාසව දිට්ඨාසව උපදී. ප්‍රාණාතිපාත නොකිරීම දුන්දෙය ගැනීම කායිකසීලයයි. මුසා නොබිණීම පිසුණනොකීම වාචසික සීලයයි, අනින්දාරොසය හැර ඉතිරිතුන මානසික සීලයයි. යම්හෙයකින් කයින්ද ගටය රොස්වෙයි. වචනයෙන්ද ගටය රොස්වෙයි ඒනිසා අනින්දාරෝසය දෙනුතැකට යයි කායිකසීලයද වාචසික සීලයද වෙයි. මෙපමණකින් කුමක් කියන ලද්දේද. පාතිමොක්ඛ සංවර සීලය, ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙහි පිහිටි භික්ෂුවගේ සැක පහ කරනු වශයෙන් ගිහී වොහාර සමුච්ඡේදය කියන ලද්දේයැයි දතයුතුය.
කාමාදීනවකථාවණ්ණනා
විත්ථාරදෙසනායං තමෙනං දක්ඛොති පදස්ස උපසුම්භෙය්යාති ඉමිනා සද්ධිං සම්බන්ධො වෙදිතබ්බො. ඉදං වුත්තං හොති, තමෙනං කුක්කුරං උපසුම්භෙය්ය, තස්ස සමීපෙ ඛිපෙය්යාති අත්ථො. අට්ඨිකඞ්කලන්ති උරට්ඨිං වා පිට්ඨිකණ්ටකං වා සීසට්ඨිං වා. තඤ්හි නිම්මංසත්තා කඞ්කලන්ති වුච්චති. සුනික්කන්තං නික්කන්තන්ති යථා සුනික්කන්තං හොති, එවං නික්කන්තං නිල්ලිඛිතං, යදෙත්ථ අල්ලීනමංසං අත්ථි, තං සබ්බං නිල්ලිඛිත්වා අට්ඨිමත්තමෙව කතන්ති අත්ථො. තෙනෙවාහ “නිම්මංස”න්ති. ලොහිතං පන මක්ඛිත්වා තිට්ඨති, තෙන වුත්තං “ලොහිතමක්ඛිත”න්ති.
විස්තර දේශනාව සඳහා ඔහු දක්ෂය යන පදයට එක් කරන්නේය යන මෙය සමග සම්බන්ධය දත යුතුය. මෙයද කියන ලද්දේවෙයි. මේ සුනඛයා ළංවේනම් ඔහු සමීපයට දමන්නේය යන අර්ථය. අට්ඨිකඞ්කලං යනු කලවාඇටය හෝ කොඳු ඇටය හෝ හිස්කබල හෝ එය මස් නැති බැවින් සැකිල්ලයයි කියනු ලැබේ. සුනිකන්තතිකත්තං යනු යම්සේ මනාව කපන ලද්දේද එසේ කපන ලද්දේය. සුරාදමන ලද්දේය. එහි ඇලීගිය යම් මාංශයක් වේද ඒ සියල්ල සුරාදමා ඇටපමණක්ම කරන ලද්දේය යන අර්ථයි. එහෙයින් කියන ලදී. නිම්මංසං යනුවෙන්, ලේ ගෑවී සිටී එහෙයින් කියන ලදී ලොහිතමක්ඛිත්තං යනුවෙන්
බහුදුක්ඛා බහුපායාසාති දිට්ඨධම්මිකසම්පරායිකෙහි දුක්ඛෙහි බහුදුක්ඛා, උපායාසසංකිලෙසෙහි බහුපායාසා. යායං උපෙක්ඛා නානත්තා නානත්තසිතාති යා අයං පඤ්චකාමගුණාරම්මණවසෙන නානාසභාවා, තානෙව ච ආරම්මණානි නිස්සිතත්තා “නානත්තසිතා”ති වුච්චති පඤ්චකාමගුණූපෙක්ඛා, තං අභිනිවජ්ජෙත්වා. එකත්තා එකත්තසිතාති චතුත්ථජ්ඣානුපෙක්ඛා, සා හි දිවසම්පි එකස්මිං ආරම්මණෙ උප්පජ්ජනතො එකසභාවා, තදෙව එකං ආරම්මණං නිස්සිතත්තා එකත්තසිතා නාම. යත්ථ සබ්බසො ලොකාමිසූපාදානා අපරිසෙසා නිරුජ්ඣන්තීති යත්ථ චතුත්ථජ්ඣානුපෙක්ඛායං යං උපෙක්ඛං ආගම්ම යං පටිච්ච සබ්බෙන සබ්බං අපරිසෙසා ලොකාමිසසඞ්ඛාතා පඤ්චකාමගුණාමිසා නිරුජ්ඣන්ති. පඤ්චකාමගුණාමිසාති ච කාමගුණාරම්මණඡන්දරාගා, ගහණට්ඨෙන තෙයෙව ච උපාදානාතිපි වුත්තා. තමෙවූපෙක්ඛං භාවෙතීති තං ලොකාමිසූපාදානානං පටිපක්ඛභූතං චතුත්ථජ්ඣානුපෙක්ඛමෙව වඩ්ඪෙති.
බහුදුක්ඛා බහුපායාසා යනු දිට්ඨධම්මික සමපරායික දුකින් බහුදුක්ඛා උපායාස කිලෙසයන්ගෙන් බහුපායාසා, යායං උපෙඛා නානත්තා නානන්තසිකා යනු යමක් මේ පස්කම්ගුණ අරමුණු වශයෙන් නානාප්රකාරවේද ඒවාම අරමුණු නිශ්රිත බැවින් නානත්ත සිකායයි කියනු ලැබේ. පස්කම් ගුණ මධ්‍යස්ථය එය හැරදමා, එකත්තා එකත්තසිතා යනු චතුර්ථධ්යාන මධ්‍යස්ථය එය ද දවසක් පාසා එක් අරමුණක උපදින බැවින් ඒකස්වභාව ඇත්තේය එයට එක් අරමුණක් ඇසුරුකොට ඇති බැවින් එකත්තසිත නම් වේ. තත්ථ සබ්බසො ලොකාමීසුපාදානා අපරියෙසා නිරුජ්ඣන්ති යනු යම්තැනක චතුර්ථධ්යාන මධ්යස්තතාවෙන් යම් මධ්‍යස්ථානයකට පැමිණ ඒ නිසා සියල්ලෙන් සියල්ල අපරිශේෂයෙන් ලෝකාමිෂ සංඛ්‍යාත පංචකාමගුණ ආමිෂ නිරුද්ධවෙයි. පංචකාම ගුණාමිසා යනු කාමගුණ අරමුණු කරගත් ඡන්දරාගයෙන් ග්‍රහණ අර්ථයෙන් ඒවාම උපාදානයයි කියන ලදී. තමෙම උපෙඛං භාවෙති යනු ඒ ලෝකාමිස උපාදානයන්ට ප්රතිපක්ෂ වූ චතුර්ථධ්යාන මධ්යස්ථතාවම වර්ධනය කෙරේ.
උඩ්ඩීයෙය්යාති උප්පතිත්වා ගච්ඡෙය්ය. අනුපතිත්වාති අනුබන්‍ධිත්‍වා. විතච්ඡෙය්යුන්ති මුඛතුණ්ඩකෙන ඩංසන්තා තච්ඡෙය්යුං. විස්සජ්ජෙය්යුන්ති මංසපෙසිං නඛෙහි කඩ්ඪිත්වා පාතෙය්යුං.
උඩ්ඩෙය්ය යනු උඩට පැන යන්නේය. අනුපතිත්වා යනු ලුහුබැඳ, විගනච්ඡෙය්යුං යනු මුවතුඩු ඩැහැගනිමින් යන්නාහුය. විරාජෙය්යුං යනු මාංශපේශී නියෙන් කඩා හෙළන්නාහුය.
යානං වා පොරිසෙය්යන්ති පුරිසානුච්ඡවිකං යානං. පවරමණිකුණ්ඩලන්ති නානප්පකාරං උත්තමමණිඤ්ච කුණ්ඩලඤ්ච. සානි හරන්තීති අත්තනො භණ්ඩකානි ගණ්හන්ති.
යානං පොරොසෙය්ය යනු පිරිමින්ට සුදුසු යානය, පවර මණිකුණ්ඩලං යනු නානාප්‍රකාර උතුම් මිණි කොඩොල්ද, සානිහාරන්ති යනු තමාගේ බඩු ගනිත්,
සම්පන්නඵලන්ති මධුරඵලං. උපපන්නඵලන්ති ඵලූපපන්නං බහුඵලං.
සම්පන්නඵලං යනු මිහිරිපල. උප්පන්නඵලං යනු ඵලයෙන් උපන් බොහෝ පල
අනුත්තරන්ති උත්තමං පභස්සරං නිරුපක්කිලෙසං.
අනුත්තරං යනු උතුම් පැහැපත් උපක්ලේශනැති,
ආරකා අහං, භන්තෙති පථවිතො නභං විය සමුද්දස්ස ඔරිමතීරතො පරතීරං විය ච සුවිදූරවිදූරෙ අහං. අනාජානීයෙති ගිහිවොහාරසමුච්ඡෙදනස්ස කාරණං අජානනකෙ. ආජානීයභොජනන්ති කාරණං ජානන්තෙහි භුඤ්ජිතබ්බං භොජනං. අනාජානීයභොජනන්ති කාරණං අජානන්තෙහි භුඤ්ජිතබ්බං භොජනං. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
ආරකාඅහංභන්තෙ යනු පෘථිවියෙන් අහසමෙන් සමුද්‍රයෙහි මෙතෙරින් එතෙර මෙන් මම මහත් ඈතින් සිටිමි, අතාජානීයෙ යනු ගිහි වෝහාර සමුච්ඡේදයට හේතුව නොදන්නාවුන්, ආනීය භෝජනං යනු පෙරාතුව නො දන්නවුන් විසින් අනුභව කළයුතු භෝජනය සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය පොතලියසුත්තවණ්ණනා නිට්ඨිතා.
සිවුවැනි පෝතලිය සුත්‍රයයි