යෙදුමෙන් කියවන්න

මහාධම‍්මසමාදානසුත‍්තං

1. 5. 6.

1. 5. 6.

මහාධම‍්මසමාදානසුත‍්තං

මහාධම්මසමාදාන සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: භික‍්ඛවො’ති. භදන‍්තෙ’ති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ, අනේවඩු මහසිටාණන්ගේ ආරාමයෙහි වැඩවාස කරන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතුසේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

2. යෙභුය්‍යෙන භික‍්ඛවෙ සත‍්තා එවංකාමා එවංඡන්‍දා එවංඅධිප‍්පායා: අහො වත අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා පරිහායෙය්‍යුං, ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා අභිවඩ‍්ඪෙය්‍යුන‍්ති. තෙසං භික‍්ඛවෙ සත‍්තානං එවංකාමානං එවංඡන්‍දානං එවංඅධිප‍්පායානං අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා පරිහායන‍්ති. තත්‍ර තුම‍්හෙ භික‍්ඛවෙ කං හෙතුං පච‍්චෙථාති. “භගවංමූලකා නො භන‍්තෙ ධම‍්මා භගවංනෙත‍්තිකා භගවංපටිසරණා. සාධු වත භන‍්තෙ භගවන‍්තංයෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො. භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තී”ති. තෙන හි භික‍්ඛවෙ සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

2. මහණෙනි, සත්ත්‍වයෝ “අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහී යෙත්වා - ඉෂ්ට, කාන්ත, මනාප, ධර්‍මයෝ වෙසෙසින් වැඩීයෙත්වා”යි බෙහෙවින් මෙසේ කැමැතියහ. මෙසේ සඳ ඇතියහ. මෙසේ අධිප්‍රාය ඇතියහ. මහණෙනි, මෙසේ කැමැති, මෙසේ සඳ ඇති, මෙසේ අධිප්‍රාය ඇති ඒ සත්ත්‍වයනට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහෙත්. මහණෙනි, එකරුණෙහි තෙපි කිනම් හේතුවක් ප්‍රත්‍යය කොට ගන්ව? “වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පිළිසරණ ඇතියහ. වහන්ස, අයැද සිටුම්හ: තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්‍ෂූහු ධරන්නාහ.” එසේ නම් මහණෙනි, අසව, මනාකොට මෙනෙහි කරව. කියම්හ. ‘වහන්ස, එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

3. ඉධ භික‍්ඛවෙ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, සෙවිතබ‍්බෙ ධම‍්මෙ න ජානාති, අසෙවිතබ‍්බෙ ධම‍්මෙ න ජානාති, භජිතබ‍්බෙ ධම‍්මෙ න ජානාති, අභජිතබ‍්බෙ ධම‍්මෙ න ජානාති. සො සෙවිතබ‍්බෙ ධම‍්මෙ අජානන‍්තො අසෙවිතබ‍්බෙ ධම‍්මෙ අජානන‍්තො, භජිතබ‍්බෙ ධම‍්මෙ අජානන‍්තො අභජිතබ‍්බෙ ධම‍්මෙ අජානන‍්තො, අසෙවිතබ‍්බෙ ධම‍්මෙ සෙවති සෙවිතබ‍්බෙ ධම‍්මෙ න සෙවති, අභජිතබ‍්බෙ ධම‍්මෙ භජති භජිතබ‍්බෙ ධම‍්මෙ න භජති. තස‍්ස අසෙවිතබ‍්බෙ ධම‍්මෙ සෙවතො සෙවිතබ‍්බෙ ධම‍්මෙ අසෙවතො, අභජිතබ‍්බෙ ධම‍්මෙ භජතො භජිතබ‍්බෙ ධම‍්මෙ අභජතො අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා පරිහායන‍්ති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං අවිද‍්දසුනො.

3. මහණෙනි, මෙලොව (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු, ආර්‍ය්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන සෙවියයුතු දහම් නො දන්නේ ය. නොසෙවියයුතු දහම් නො දන්නේ ය. භජන කළයුතු ධර්‍ම නො දන්නේ ය. භජන නො කළයුතු ධර්‍ම නො දන්නේ ය. හේ සෙවියයුතු ධර්‍ම නො දන්මින් නොසෙවියයුතු ධර්‍ම නො දන්මින් භජන කළයුතු ධර්‍ම නො දන්මින් භජන නොකළයුතු ධර්‍ම නො දනිමින්, නොසෙවිය යුතු ධර්‍ම සෙවුනේ ය. සෙවියයුතු ධර්‍ම නොසෙවුනේ ය. භජන නොකළයුතු ධර්‍ම භජන කරන්නේ ය. භජන කළයුතු ධර්‍ම භජන නො කරන්නේ ය. නොසෙවියයුතු දහම් සෙවුනා, සෙවියයුතු දහම් නොසෙවුනා, භජන කළයුතු දහම් භජන නො කරන, භජන නොකළයුතු දහම් භජන කරන ඒ අශ්‍රැතවත් පෘථග්ජනයාහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩීයෙති. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙති. ඒ කවර හෙයින යත්: මහණෙනි, අන්‍ධබාල පෘථග්ජනයාහට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

4. සුතවා ච ඛො භික‍්ඛවෙ අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො, සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො, සෙවිතබ‍්බෙ ධම‍්මෙ පජානාති අසෙවිතබ‍්බෙ ධම‍්මෙ පජානාති, භජිතබ‍්බෙ ධම‍්මෙ පජානාති අභජිතබ‍්බෙ ධම‍්මෙ පජානාති. සො සෙවිතබ‍්බෙ ධම‍්මෙ පජානන‍්තො අසෙවිතබ‍්බෙ ධම‍්මෙ පජානන‍්තො, භජිතබ‍්බෙ ධම‍්මෙ පජානන‍්තො අභජිතබ‍්බෙ ධම‍්මෙ පජානන‍්තො, අසෙවිතබ‍්බෙ ධම‍්මෙ න සෙවති සෙවිතබ‍්බෙ ධම‍්මෙ සෙවති. අභජිතබ‍්බෙ ධම‍්මෙ න භජති භජිතබ‍්බෙ ධම‍්මෙ භජති. තස‍්ස අසෙවිතබ‍්බෙ ධම‍්මෙ අසෙවතො සෙවිතබ‍්බෙ ධම‍්මෙ සෙවතො, අභජිතබ‍්බෙ ධම‍්මෙ අභජතො භජිතබ‍්බෙ ධම‍්මෙ භජතො, අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා පරිහායන‍්ති, ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං විද‍්දසුනො.

4. මහණෙනි, ආර්‍ය්‍යයන් දක්නාසුලු, ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි සුවිනීත, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සෙවියයුතු දහම් දන්නේ ය. නොසෙවියයුතු දහම් දන්නේ ය. භජන කළයුතු දහම් දන්නේය. භජන නොකළයුතු දහම් දන්නේය. හේ සෙවියයුතු දහම් දනිමින් නො සෙවියයුතු දහම් දන්මින්, භජන කළයුතු දහම් දනිමින් භජන නො කළයුතු දහම් දනිමින්, නොසෙවියයුතු දහම් නොසෙවුනේ ය. සෙවියයුතු දහම් සෙවුනේ ය. භජන නොකළයුතු දහම් භජන නො කරන්නේ ය. භජන කළයුතු දහම් භජන කරන්නේ ය. නොසෙවියයුතු දහම් නො සෙවුනා සෙවියයුතු දහම් සෙවුනා, භජන නො කළයුතු දහම් භජන නොකරන, භජන කළයුතු දහම් භජන කරන ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙති. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වැඩීයෙති. ඒ කවර හෙයින යත්: මහණෙනි, ප්‍රශස්ත බුද්ධිඇති පණ්ඩිතයාහට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

5. චත‍්තාරිමානි භික‍්ඛවෙ ධම‍්මසමාදානානි. කතමානි චත‍්තාරි?

5. මහණෙනි, මේ ධර්‍මසමාදානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකං.

මහණෙනි, මෙවත්මන්හිදු දුක්දෙන මතු අනායෙහි දු දුක්විවා දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්මනු සුව දෙන, මතු අනායෙහි දුඃඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්මනු දුක් දෙන, මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි මෙවත්මනුයෙහි සුව දෙන, මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත.

6. තත්‍ර භික‍්ඛවෙ යදිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකං, තං අවිද‍්වා අවිජ‍්ජාගතො යථාභූතං නප‍්පජානාති. ඉදං ඛො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකන‍්ති. තං අවිද‍්වා අවිජ‍්ජාගතො යථාභූතං අප‍්පජානන‍්තො තං සෙවති, තං න පරිවජ‍්ජෙති. තස‍්ස තං සෙවතො තං අපරිවජ‍්ජයතො අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා පරිහායන‍්ති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං අවිද‍්දසුනො.

6. මහණෙනි, එ ධර්‍මසමාදානයන් කෙරෙහි මෙවත්මනු දුඃඛදායක මතු අනායෙහි දුඃඛවිපාකදායක වූ යම් ධර්‍මසමාදානයෙක් (ප්‍රාණවධාදි ධර්‍මයන්ගේ ග්‍රහණයෙක්) ඇද්ද, එය අවිද්‍යායෙන් සමන්‍වාගත විද්වත් නො වූ පුද්ගල “මේ ධර්‍මසමාදානය නම් මෙවත්මනු දුක් දෙන්නා වූ ද, මතු අනායෙහි දුඃඛවිපාක දෙන්නා වූ ද එකෙකැයි ඇතිසැටි නො දන්නේ ය. අවිද්‍යාසමන්‍වාගත අවිද්වත් පුද්ගල ඒ ධර්‍මසමාදානය යාථාවයෙන් නො දන්නේ එය සෙවුනේ ය, එය නො හරනේ ය. ඒ ධර්‍මසමාදාන සෙවුනා, එය නො හරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි අවිද්වත්හට යම් බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

7. තත්‍ර භික‍්ඛවෙ යදිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛවිපාකං, තං අවිද‍්වා අවිජ‍්ජාගතො යථාභූතං නප‍්පජානාති: ඉදං ඛො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛවිපාකන‍්ති. තං අවිද‍්වා අවිජ‍්ජාගතො යථාභූතං අප‍්පජානන‍්තො තං සෙවති, තං න පරිවජ‍්ජෙති. තස‍්ස තං සෙවතො, තං අපරිවජ‍්ජයතො, අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා පරිහායන‍්ති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං අවිද‍්දසුනො.

7. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි මෙවත්මන්හි සුඛ වූ මතු අනාගතයෙහි දුඃඛවිපාක වූ යම් ධර්‍ම සමාදානයෙක් ඇද්ද, අවිද්‍යායෙන් සමන්‍වාගත අවිද්වත් පුද්ගල “මේ ධර්‍ම සමාදාන නම්, ප්‍රත්‍යුත්පන්නසුඛ ය, අනාගත දුඃඛවිපාක ය” කියා එය යථාස්වභාවයෙන් නො දන්නේ ය. අවිද්‍යාගත විද්‍යානැති පුද්ගල එය ඇතිසැටි නො දන්නේ එය සෙවුනේ ය. එය නොහරනේ ය. එය සෙවුනා, එය නො හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

8. තත්‍ර භික‍්ඛවෙ යදිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකං, තං අවිද‍්වා අවිජ‍්ජාගතො යථාභූතං නප‍්පජානාති: ඉදං ඛො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකන‍්ති. තං අවිද‍්වා අවිජ‍්ජාගතො යථාභූතං අප‍්පජානන‍්තො තං න සෙවති, තං පරිවජ‍්ජෙති. තස‍්ස තං අසෙවතො තං පරිවජ‍්ජයතො අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා පරිහායන‍්ති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං අවිද‍්දසුනො.

8. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි වර්‍තමානයෙහි දුඃඛදායක වූ, අනාගතයෙහි සුඛවිපාක වූ, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, අවිද්‍යාගත අවිද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්න දුඃඛය, අනාගත සුඛවිපාක ය” කියා එය යථාභූත වශයෙන් නොදන්නේ ය. අවිද්‍යාගත අවිද්වත් පුද්ගල එය ඇතිතතු නොදන්නේ එය නො සෙවුනේ ය. එය හරනේය එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

9. තත්‍ර භික‍්ඛවෙ යදිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකං, තං අවිද‍්වා අවිජ‍්ජාගතො යථාභූතං නප‍්පජානාති: ඉදං ඛො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකන‍්ති. තං අවිද‍්වා අවිජ‍්ජාගතො යථාභූතං අප‍්පජානන‍්තො තං න සෙවති, තං පරිවජ‍්ජෙති. තස‍්ස තං අසෙවතො තං පරිවජ‍්ජයතො අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා පරිහායන‍්ති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං අවිද‍්දසුනො.

9. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, අනාගතසුඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, අවිද්‍යාසමන්‍වාගත, අවිද්වත් පුද්ගල ‘මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි, අනාගත සුඛවිපාක ද වේ ය” යි එය යථාභූත වශයෙන් නො දන්නේ ය. අවිද්‍යාසමන්‍වාගත, අවිද්වත් පුද්ගල එය යාථාවයෙන් නොදන්නේ, එය නො සෙවුනේ ය. එය හරනේ ය. එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම් බඳු (හේතුයෙක්) වේ ද තෙල එබඳු ම වෙයි.

10. තත්‍ර භික‍්ඛවෙ යදිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකං, තං විද‍්වා විජ‍්ජාගතො යථාභූතං පජානාති: ඉදං ඛො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකන‍්ති. තං විද‍්වා විජ‍්ජාගතො යථාභූතං පජානන‍්තො තං න සෙවති, තං පරිවජ‍්ජෙති. තස‍්ස තං අසෙවතො තං පරිවජ‍්ජයතො අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා පරිහායන‍්ති. ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං විද‍්දසුනො.

10. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූත්, අනාගතදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් සමන්‍වාගත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි. අනාගත දුඃඛවිපාක ද වේ”යයි යථාභූත වශයෙන් දන්නේ ය. විද්‍යාගත, විද්වත් පුද්ගල එය යථාභූත වශයෙන් දන්නේ, එය නොසෙවුනේ ය එය හරනේ ය. එය නො සෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.

11. තත්‍ර භික‍්ඛවෙ යදිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛවිපාකං තං විද‍්වා විජ‍්ජාගතො යථාභූතං පජානාති: ඉදං ඛො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛවිපාකන‍්ති. තං විද‍්වා විජ‍්ජාගතො යථාභූතං පජානන‍්තො තං න සෙවති, තං පරිවජ‍්ජෙති. තස‍්ස තං අසෙවතො තං පරිවජ‍්ජයතො අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා පරිහායන‍්ති. ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං විද‍්දසුනො.

11. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්නසුඛ වූත්, අනාගතදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් යුක්ත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද, අනාගතදුඃඛවිපාක ද වේ ය”යි යථාභූත වශයෙන් දන්නේ ය. විද්‍යායෙන් යුක්ත, විද්වත් පුද්ගල එය තත් වූ පරිදි දන්නේ එය නො සෙවුනේ ය. එය හරනේ ය. එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම් බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

12. තත්‍ර භික‍්ඛවෙ යදිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකං, තං විද‍්වා විජ‍්ජාගතො යථාභූතං පජානාති: ඉදං ඛො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකන‍්ති. තං විද‍්වා විජ‍්ජාගතො යථාභූතං පජානන‍්තො තං සෙවති, තං න පරිවජ‍්ජෙති. තස‍්ස තං සෙවතො තං අපරිවජ‍්ජයතො අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා පරිහායන‍්ති. ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං විද‍්දසුනො.

12. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූ ද, අනාගතසුඛවිපාක වූ ද, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යාසමන්‍වාගත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදාන නම්, ප්‍රත්‍යුත්පන්න දුඃඛ ය, අනාගතසුඛවිපාක ය” යි එය තතු සේ දන්නේ ය. විද්‍යායෙන් යුක්ත, විද්වත්පුද්ගල එය ඇතිසේ දන්නේ, එය සෙවුනේ ය. එය නො හරනේ ය. එය සෙවුනා, එය නොහරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත් පුද්ගලහට යම්බඳු (හේතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.

13. තත්‍ර භික‍්ඛවෙ යදිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකං, තං විද‍්වා විජ‍්ජාගතො යථාභූතං පජානාති: ඉදං ඛො ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකන‍්ති. තං විද‍්වා විජ‍්ජාගතො යථාභූතං පජානන‍්තො තං සෙවති, තං න පරිවජ‍්ජෙති. තස‍්ස තං සෙවතො තං අපරිවජ‍්ජයතො අනිට‍්ඨා අකන‍්තා අමනාපා ධම‍්මා පරිහායන‍්ති. ඉට‍්ඨා කන‍්තා මනාපා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති. තං කිස‍්ස හෙතු? එවං හෙතං භික‍්ඛවෙ හොති යථා තං විද‍්දසුනො.

13. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න සුඛ වූ ද, අනාගතසුඛවිපාක වූ ද, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් සමන්‍වාගත විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදාන නම්, ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි, අනාගත සුඛවිපාක ද වෙයි” යි එය තතුසේ දන්නේ ය. විද්‍යායෙන් යුතු, විද්වත් පුද්ගල එය තතුසේ දන්නේ, එය සෙවුනේ ය. එය නොහරනේ ය. එය සෙවුනා, එය නො හරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.

14. කතමඤ‍්ච භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකං?

14. මහණෙනි, මෙවත්මනු දුක් වූ, මතු අනායෙහි දුක් විපාක වූ ධර්‍මසමාදාන කවරේ ය යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන පාණාතිපාතී හොති, පාණාතිපාතපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන අදින‍්නාදායී හොති, අදින‍්නාදානපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන කාමෙසු මිච‍්ඡාචාරී හොති, කාමෙසු මිච‍්ඡාචාරපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන මුසාවාදී හොති, මුසාවාදපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන පිසුනාවාචො හොති, පිසුනාවාචාපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන ඵරුසාවාචො හොති, ඵරුසාවාචපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන සම‍්ඵප‍්පලාපී හොති. සම‍්ඵප‍්පලාපපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන අභිජ‍්ඣාලු හොති. අභිජ‍්ඣාපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන බ්‍යාපන‍්නචිත‍්තො හොති. බ්‍යාපාදපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන මිච‍්ඡාදිට‍්ඨි හොති. මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකං.

මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පණිවා කරනු වෙයි. ඒ පණිවාහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු අයිනාදන් ගනු වෙයි. ඒ අයිනාදන් හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුනු, සහගිය දොම්නසිනුදු කාමයෙහි මිසහසර ඇති වෙයි. ඒ කාමයෙහි මිසහසර හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු මුසවා බණනු වෙයි. ඒ මුසවා හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පිසුනුබස් බණනු වෙයි. ඒ පිසුනු බස් හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු සහගිය දොම්නසිනුදු පරොස්බස් බණනු වෙයි. ඒ පරොස්බස් හේතුයෙනුදු, දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පලප් බණනු වෙයි. ඒ පලප් හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු, පරා අයත්හි ලොබ බිහිලි වෙයි. ඒ අභිධ්‍යාහේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු ව්‍යාපන්නසිත් ඇති වෙයි. ඒ ව්‍යාපාදහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු මිසිදිටු ඇති වෙයි. ඒ මිසදිටු හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන මෙවත්මනු දුක් ඇතැයි ද, මතු දුක් විපාක ඇතැයි ද කියනු ලැබේ.

15. කතමඤ‍්ච භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛවිපාකං?

15. මහණෙනි, මෙවත්මනු සුව ඇති, මතු දුක් විපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන පාණාතිපාතී හොති. පාණාතිපාතපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන අදින‍්නාදායී හොති. අදින‍්නාදානපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන කාමෙසුමිච‍්ඡාචාරී හොති. කාමෙසුමිච‍්ඡාචාරපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන මුසාවාදී හොති. මුසාවාදපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන පිසුනාවාචො හොති, පිසුනාවාචාපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන ඵරුසාවාචො හොති. ඵරුසාවාචපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන සම‍්ඵප‍්පලාපී හොති. සම‍්ඵප‍්පලාපපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන අභිජ‍්ඣාලු හොති. අභිජ‍්ඣාපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන බ්‍යාපන‍්නචිත‍්තො හොති. බ්‍යාපාදපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන මිච‍්ඡාදිට‍්ඨි හොති. මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛවිපාකං.

මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පණිවා කරනු වෙයි. පණිවාහේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් අයිනාදන් ගනු වෙයි. අයිනාදන් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් කාමයෙහි මිසහසර ඇති වෙයි. කාමයෙහි මිසහසර හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් මුසවා බණනු වෙයි. මුසවා හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් පෙහෙසුන් බණනු වෙයි. පෙහෙසුන්බස් හේතුයෙනුදු සුව සොම්නස් විඳි. සහගිය සුව ඇති වත්, සහගියසොම්නස් ඇති වත් පරොස්බස් බණනු වෙයි. පරොස්බස් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් පලප් බණනු වෙයි. පලප් හේතුයෙනුදු සුව සොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් (පරා අයත්හි) අභිධ්‍යා (වසම්ලොබ) බිහිලි වෙයි. අභිධ්‍යාහේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇතිවත් ව්‍යාපන්නසිත් ඇති වෙයි. ව්‍යාපාද හේතුයෙනුදු සුව සොම්නස් විඳී. සහගියසුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් මිසදිටු ඇති වෙයි. මිසදිටු හේතුයෙනුදු, සුවසොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය, දුර්‍ගති, විනිපාත සඞ්ඛ්‍යාත නිරයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන ප්‍රත්‍යුත්පන්නසුඛය යි අනාගත දුඃඛවිපාකය යි කියනු ලැබේ.

16. කතමඤ‍්ච භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකං?

16. මහණෙනි, මෙවත්මනු දුක් ඇති, මතු සුඛවිපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන පාණාතිපාතා පටිවිරතො හොති. පාණාතිපාතා වෙරමණීපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන අදින‍්නාදානා පටිවිරතො හොති. අදින‍්නාදානා වෙරමණීපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන කාමෙසුමිච‍්ඡාචාරා පටිවිරතො හොති. කාමෙසුමිච‍්ඡාචාරා වෙරමණීපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන මුසාවාදා පටිවිරතො හොති. මුසාවාදා වෙරමණීපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන පිසුණාය වාචාය පටිවිරතො හොති. පිසුණාය වාචාය වෙරමණීපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන ඵරුසාය වාචාය පටිවිරතො හොති. ඵරුසාය වාචාය වෙරමණීපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති. සම‍්ඵප‍්පලාපා වෙරමණීපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති.

මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පණිවායෙන් දුරු වූයේ වෙයි. පණිවායෙන් දුරුවීමහේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් අයිනාදනින් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරුවීමහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරුවීම හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරු වීම හේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පරොස්බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවීම හේතුයෙනුදු, දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පලපින් දුරු වූයේ වෙයි. පලපින් දුරුවීම හේතුයෙනුදු දුක් දොම්නස් විඳී.

සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන අනභිජ‍්ඣාලු හොති. අනභිජ‍්ඣාපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන අබ්‍යාපන‍්නචිත‍්තො හොති. අබ්‍යාපාදපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන සම‍්මාදිට‍්ඨි හොති. සම‍්මාදිට‍්ඨිපච‍්චයා ච දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකං.

සහගිය දුක් ඇතිවත්, සහගිය දොම්නස් ඇතිවත් අභිධ්‍යාබහුල නො වෙයි. අනභිධ්‍යාහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇතිවත්, සහගිය දොම්නස් ඇතිවත් ව්‍යාපාද රහිත සිත් ඇති වෙයි. අව්‍යාපාදහේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගියදුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් සම්දිටු ඇති වෙයි. සම්දිටු හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි මනාගති වූ ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙවත්මනු දුක් ඇති, මතු සුඛ විපාක ඇති ධර්‍මසමාදාන මේයයි කියනු ලැබේ.

17. කතමඤ‍්ච භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකං?

17. මහණෙනි, මෙවත්මනු සුඛ ඇති, මතුයෙහි සුඛවිපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන පාණාතිපාතා පටිවිරතො හොති. පාණාතිපාතා වෙරමණීපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන අදින‍්නාදානා පටිවිරතො හොති. අදින‍්නාදානා වෙරමණීපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන කාමෙසුමිච‍්ඡාචාරා පටිවිරතො හොති. කාමෙසුමිච‍්ඡාචාරා වෙරමණීපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන මුසාවාදා පටිවිරතො හොති. මුසාවාදා වෙරමණීපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන පිසුණාය වාචාය පටිවිරතො හොති. පිසුනාය වාචාය වෙරමණීපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන ඵරුසාය වාචාය පටිවිරතො හොති. ඵරුසාය වාචාය වෙරමණීපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති. සම‍්ඵප‍්පලාපා වෙරමණීපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන අනභිජ‍්ඣාලු හොති. අනභිජ‍්ඣාපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන අබ්‍යාපන‍්නචිත‍්තො හොති. අබ්‍යාපාදපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙන සම‍්මාදිට‍්ඨි හොති. සම‍්මාදිට‍්ඨිපච‍්චයා ච සුඛං සොමනස‍්සං පටිසංවෙදෙති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකං.

මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පණිවායෙන් දුරුවූයේ වෙයි. පණිවායෙන් දුරුවීම හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුඛ ඇතිවත්, සහගියසොම්නස් ඇතිවත් අයිනාදනින් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවීම හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් මුසවායෙන් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවීම්හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. පිසුනු බසින් දුරුවීම්හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පරොස්බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවීම් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පලපින් දුරුවූයේ වෙයි. පලපින් දුරුවීම් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් අභිධ්‍යාබහුල නොවෙයි. අනභිධ්‍යාහේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් ව්‍යාපාද රහිත සිත් ඇති වෙයි. අව්‍යාපාද හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් සම්දිටු ඇති වෙයි. සම්දිටු හේතුයෙනුදු සුවසොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන ප්‍රත්‍යුත්පන්නසුඛ යයි ද, ආයතිසුඛවිපාක යයි ද කියනු ලැබේ.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි ධම‍්මසමාදානානි.

මහණෙනි, මොහු සතර ධර්‍මසමාදාන වෙති.

18. සෙය්‍යථාපි භික‍්ඛවෙ තිත‍්තකාලාපු විසෙන සංසට‍්ඨො, අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ජීවිතුකාමො අමරිතුකාමො, සුඛකාමො දුක‍්ඛප‍්පටිකූලො, තමෙනං එවං වදෙය්‍යුං: ‘අම‍්භො පුරිස, අයං තිත‍්තකාලාපු විසෙන සංසට‍්ඨො. සචෙ ආකංඛසි පිව තස‍්ස තෙ පිවතො චෙව නච‍්ඡාදෙස‍්සති වණ‍්ණෙනපි ගන්‍ධෙනපි රසෙනපි.

18. මහණෙනි, යම්සේ (හලාහල) විස මුසු තිත්ලබු ඵලයෙක් වේ ද, එවිට, ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුවකැමැති, දුකෙහි පිළිකුල් ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, ඔහට මෙසේ කියත් ද: “එම්බා පුරුෂය, මේ තිත්ලබුපල විස සහිත වෙයි. කැමැතියෙහි නම් එය බොනු. බොන්නාවූ තට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු නො රුස්නේ ය.

පිවිත්‍වා ච පන මරණං වා නිගච‍්ඡසි මරණමත‍්තං වා දුක‍්ඛන‍්ති. සො තං අපටිසඞ‍්ඛාය පිවෙය්‍ය, න පටිනිස‍්සජ‍්ජෙය්‍ය. තස‍්ස තං පිවතො චෙව නච‍්ඡාදෙය්‍ය වණ‍්ණෙනපි ගන්‍ධෙනපි රසෙනපි, පිවිත්‍වා ච පන මරණං වා නිගච‍්ඡෙය්‍ය මරණමත‍්තං වා දුක‍්ඛං. තථූපමාහං භික‍්ඛවෙ ඉමං ධම‍්මසමාදානං වදාමි යමිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකං. (1)

පානය කොට මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නෙහි.” හේ එබස් නොසලකා බොන්නේ වේද, නො හරනේ වේද, එය බොන ඔහට වර්‍ණයෙනුදු ගන්‍ධයෙනුදු රසයෙනුදු නො රුස්නේ වේද, පානය කොට ද මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්නදුඃඛ වූත්, ආයතිදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි (1)

19. සෙය්‍යථාපි භික‍්ඛවෙ ආපානීයකංසො වණ‍්ණසම‍්පන‍්නො ගන්‍ධසම‍්පන‍්නො රසසම‍්පන‍්නො. සො ච ඛො විසෙන සංසට‍්ඨො. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක‍්ඛ පටික‍්කූලො. තමෙනං එවං වදෙය්‍යුං: ‘අම‍්භො පුරිස, අයං ආපානීයකංසො වණ‍්ණසම‍්පන‍්නො ගන්‍ධසම‍්පන‍්නො රසසම‍්පන‍්නො. සො ච ඛො විසෙන සංසට‍්ඨො. සචෙ ආකඞ‍්ඛසි පිව. තස‍්ස තෙ පිවතො හි ඛො ඡාදෙස‍්සති වණ‍්ණෙනපි ගන්‍ධෙනපි රසෙනපි. පිවිත්‍වා ච පන මරණං වා නිගච‍්ඡසි මරණමත‍්තං වා දුක‍්ඛන‍්ති. සො තං අප‍්පටිසඞ‍්ඛාය පිවෙය්‍ය, න පටිනිස‍්සජ‍්ජෙය්‍ය. තස‍්ස තං පිවතො හි ඛො ඡාදෙය්‍ය වණ‍්ණෙනපි ගන්‍ධෙනපි රසෙනපි. පිවිත්‍වා ච පන මරණං වා නිගච‍්ඡෙය්‍ය මරණමත‍්තං වා දුක‍්ඛං. තථූපමාහං භික‍්ඛවෙ ඉමං ධම‍්මසමාදානං වදාමි යමිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛවිපාකං. (2)

19. මහණෙනි, යම්සේ වර්‍ණසම්පන්න, ගන්‍ධසම්පන්න, රසසම්පන්න, අපානීය (පියයුතු මිහිරිපැනකින් පිරුණු) කස්තලියෙක් වේ ද, එද විස මුසු වේ ද, එසඳ, ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුවකැමැති, දුකෙහි පිළිකුල් ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, තෙල පුරුෂයාහට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ අවන් කස්තලිය වර්‍ණසම්පන්න ය, ගන්‍ධසම්පන්න ය, රසසම්පන්න ය. එද විසෙන් හැනිණ. කැමැතියෙහි නම් බෝ බොන තට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ ය. එහෙත් පානය කොට මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නෙහි”යි හේ එබස් නොසලකා බොන්නේ වේ ද, නො හරනේ වේ ද, එය බොන ඔහට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ වේ ද, පානය කොට ද මරණයට හෝ මරණමාත්‍ර දුඃඛයට හෝ යන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, ආයතිදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි. (2)

20. සෙය්‍යථාපි භික‍්ඛවෙ පූතිමුත‍්තං නානාභෙසජ‍්ජෙහි සංසට‍්ඨං, අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය පණ‍්ඩුරොගී. තමෙනං එවං වදෙය්‍යුං: ‘අම‍්භො පුරිස, ඉදං පූතිමුත‍්තං නානාභෙසජ‍්ජෙහි සංසට‍්ඨං. සචෙ ආකඞ‍්ඛසි පිව. තස‍්ස තෙ පිවතො හි ඛො නච‍්ඡාදෙස‍්සති වණ‍්ණෙනපි ගන්‍ධෙනපි රසෙනපි, පිවිත්‍වා ච පන සුඛී භවිස‍්සසී’ති. සො තං පටිසඞ‍්ඛාය පිවෙය්‍ය, න පටිනිස‍්සජ‍්ජෙය්‍ය. තස‍්ස තං පිවතොහි ඛො නච‍්ඡාදෙය්‍ය වණ‍්ණෙනපි ගන්‍ධෙනපි රසෙනපි. පිවිත්‍වා ච පන සුඛී අස‍්ස. තථූපමාහං භික‍්ඛවෙ ඉමං ධම‍්මසමාදානං වදාමි යමිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකං. (3)

20. මහණෙනි, යම්සේ (අරළු ඇඹුලූ ඇ) නන්බෙහෙදින් මුසු ගොමුත්‍රයක් වේද, එසද පාණ්ඩුරෝග ඇති පුරුෂයෙක් එන්නේ වේද, තෙල පුරුෂයාහට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ ගොමුත්‍ර නානාභෛෂජ්‍යයෙන් හනන ලද්දේය. කැමැතියෙහි නම් බෝ. බොන තොපට වර්‍ණයෙනුදු ගන්‍ධයෙනුදු රසයෙනුදු නො රුස්නේය. එහෙත් පානය කොට සුඛිත වෙහි” යි. හේ එබස් සලකා බොන්නේ වේ ද, නො හරනේ වේ ද, එය බොන ඔහට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු නොරුස්නේ වේ ද, එහෙත් පානය කොට සුවපත් වන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූ ද, ආයතිසුඛවිපාක වූ ද යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි. (3)

21. සෙය්‍යථාපි භික‍්ඛවෙ දධි ච මධු ච සප‍්පි ච ඵාණිතඤ‍්ච එකජ‍්ඣං සංසට‍්ඨං. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ලොහිතපක‍්ඛන්‍දිකො. තමෙනං එවං වදෙය්‍යුං: ‘අම‍්භො පුරිස, ඉමං දධී ච මධු ච සප‍්පි ච ඵාණිතඤ‍්ච එකජ‍්ඣං සංසට‍්ඨං, සචෙ ආකඞ‍්ඛසි පිව. තස‍්ස තෙ පිවතො චෙව ඡාදෙස‍්සති වණ‍්ණෙනපි ගන්‍ධෙනපි රසෙනපි පිවිත්‍වා ච පන සුඛී භවිස‍්සසීති. සො තං පටිසඞ‍්ඛාය පිවෙය්‍ය, න පටිනිස‍්සජ‍්ජෙය්‍ය. තස‍්ස තං පිවතො චෙව ඡාදෙය්‍ය වණ‍්ණෙනපි ගන්‍ධෙනපි රසෙනපි. පිවිත්‍වා ච පන සුඛී අස‍්ස. තථූපමාහං භික‍්ඛවෙ ඉමං ධම‍්මසමාදානං වදාමි යමිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකං. (4)

21. මහණෙනි, යම්සේ දිහි මී ගිතෙල් හා පැණි එකතු කොට ඇලළුණේ වේ ද, එසඳ (පිත්තසංසට්ඨ) ලෝහිතපක්ඛන්‍දිකාබාධ ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, ඔහුට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ දිහි මී ගිතෙල් හා පැණි එකතු කොට ඇලළිණ. කැමතියෙහි නම් බෝ. පානය කරන තට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ ය. පානය කොට ද සුඛිත වෙහි”යි හේ එය සලකා පානය කරන්නේ වේ ද. නොහරන්නේ වේද, එය පානය කරන ඕහට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ වේද, පානය කොට සුවපත් වන්නේ වේද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්නසුඛ වූත්, ආයතිසුඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි (4)

22. සෙය්‍යථාපි භික‍්ඛවෙ වස‍්සානං පච‍්ඡිමෙ මාසෙ සරදසමයෙ විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච‍්චො නභං අබ‍්භුස‍්සුක‍්කමානො සබ‍්බං ආකාසගතං තමගතං අභිවිහච‍්ච භාසති ච තපති ච විරොචති ච, එවමෙව ඛො භික‍්ඛවෙ යමිදං ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකං තදඤ‍්ඤෙ පුථුසමණබ්‍රාහ‍්මණපරප‍්පවාදෙ අභිවිහච‍්ච භාසති ච තපති ච විරොචති චාති.

22. මහණෙනි, යම්සේ වර්‍ෂා ඍතුවෙහි පැසිම්මස සරා කල්හි අහස බිඳීගිය (එහෙයින්ම) දුරු ව සිටි වලා ඇතිවත් ම, හිරු අහස්කුස් නගිමින් අහස සිටුනා හැම අඳුරු මැඩ බිඳ පියා බබළන්නේ වේ ද, නවත්නේ වේ ද, දිලෙන්නේ වේ ද, මහණෙනි, එපරිදි ම මම ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, ආයතිසුඛවිපාකවූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, එය අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ප්‍රවාදයන් ඔබාබිඳ බබළනු ද වෙයි. තවනු ද වෙයි. දිලෙනු ද වෙයි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ මහාධම්මසමාදාන සූත්‍රය වදාළහ. (ප්‍රීතිසෞමනස්‍ය විසින්) ගත් සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව ගෙන සතුටු වූහු.

මහාධම‍්මසමාදානසුත‍්තං ඡට‍්ඨං.

මහාධම්මසමාදානසූත්‍රය සවැනියි.