චූළඅස්සපුරසුත්තං
1. 4. 10.
1. 4. 10.
චූළඅස්සපුරසුත්තං
චූළඅස්සපුර සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා අඞ්ගෙසු විහරති අස්සපුරං නාම අඞ්ගානං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟුදනව්හි අඟුරට වැසියන්ගේ අස්සපුර නම් නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි මහණුන් ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. සමණා සමණාති වො භික්ඛවෙ ජනො සඤ්ජානාති. තුම්හෙ ච පන කෙ තුම්හෙති පුට්ඨා සමානා සමණාම්හාති පටිජානාථ. තෙසං වො භික්ඛවෙ එවංසමඤ්ඤානං සතං එවංපටිඤ්ඤානං සතං ‘යා සමණසාමීචිපටිපදා, තං පටිපදං පටිපජ්ජිස්සාම, එවං නො අයං අම්හාකං සමඤ්ඤා ච සච්චා භවිස්සති, පටිඤ්ඤා ච භූතා යෙසඤ්ච මයං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජාම, තෙසං තෙ කාරා අම්හෙසු මහප්ඵලා භවිස්සන්ති මහානිසංසා. අම්හාකඤ්චෙවායං පබ්බජ්ජා අවඤ්ඣා භවිස්සති සඵලා සඋද්‍රයා’ති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
2. මහණෙනි, මහදෙනේ ‘ශ්‍රමණයහ, ශ්‍රමණයහ’යි තොප හඳුනාගනී. තෙපිදු ‘තෙපි කවරව’යි පුළුවුස්නා ලදුව ‘ශ්‍රමණයම්හ’යි පිළින කරන්නාව. මහණෙනි, මෙබඳු ශ්රමණසංඥා ලත්, මෙබඳු ශ්‍රමණ ප්‍රතිඥා කරන, ඒ තොප විසින් “යම් මහණුනට නිසි අනුලොම් පිළිවෙත් ඇද්ද, එ පිළිවෙත් පිළිපදුම්හ. මෙසේ පිළිපදුත් ම, අපගේ මේ ශ්රමණසංඥාත් සත්‍ය වෙයි, ප්රතිඥාත් යථාර්‍ත්‍ථ වෙයි. අපි යම් ම කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳකරමෝ නම්, අප කෙරෙහි කරන උන්ගේ ඒ සත්කාරයෝ මහත්ඵල මහානෘශංස වෙතී. අපගේ ද මේ පැවිද්ද අවන්ධ්ය වෙයි, සඵල වෙයි, වෘද්ධි සහිත වේ”ය යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේය.
3. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න සමණසාමීචිපටිපදං පටිපන්නො හොති? යස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣාලුස්ස අභිජ්ඣා අප්පහීනා හොති, බ්‍යාපන්නචිත්තස්ස බ්යාපාදො අප්පහීනො හොති, කොධනස්ස කොධො අප්පහීනො හොති, උපනාහිස්ස උපනාහො අප්පහීනො හොති, මක්ඛිස්ස මක්ඛො අප්පහීනො හොති, පළාසිස්ස පළාසො අප්පහීනො හොති, ඉස්සුකිස්ස ඉස්සා අප්පහීනා හොති, මච්ඡරිස්ස මච්ඡරියං අප්පහීනං හොති , සඨස්ස සාඨෙය්යං අප්පහීනං හොති, මායාවිස්ස මායා අප්පහීනා හොති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා අප්පහීනා හොති, මිච්ඡාදිට්ඨිස්ස මිච්ඡාදිට්ඨි අප්පහීනා හොති, ඉමෙසං ඛො අහං භික්ඛවෙ සමණමලානං සමණදොසානං සමණකසටානං ආපායිකානං ඨානානං දුග්ගතිවෙදනියානං අප්පහානා න සමණසාමීචිපටිපදං පටිපන්නොති වදාමි. සෙය්යථාපි භික්ඛවෙ මටජං නාම ආවුධජාතං උභතොධාරං පීතනිසිතං. තදස්ස සඞ්ඝාටියා සම්පාරුතං සම්පලිවෙඨිතං, තථූපමාහං භික්ඛවෙ ඉමස්ස භික්ඛුනො පබ්බජ්ජං වදාමි.
3. මහණෙනි, කෙසේ මහණ මහණුනට නිසි අනුලොම් පිළිවෙත නො පිළිපන්නේ වේ ද යත්: මහණෙනි, ලෝභබහුල යම්කිසි මහණකුට ඒ දළලෝබ නොපුහුන් වේ ද, ව්‍යාපන්න සිතැති මහණකුට ඒ ව්‍යාපාද නොපුහුන් වේ ද, කිපෙනසුලු මහණකුට ඒ ක්‍රෝධ නොපුහුන් වේ ද, බද්ධවෛර ඇති මහණකුට ඒ බද්ධවෛර නොපුහුන් වේ ද, මකුගුණ ඇති මහණකුට ඒ මකුසැහැවි නොපුහුන් වේ ද, (යුගග්‍රාහ ලක්ෂණ) පළාස ඇති මහණකුට ඒ පළාස ප්‍රහීණ නො වේ ද, ඊර්ෂ්‍යා ඇති මහණකුට ඒ ඊර්ෂ්‍යා ප්‍රහීණ නො වේ ද, මසුරු ඇති මහණකුට ඒ මසුරු බව ප්‍රහීණ නො වේ ද, ශඨ වූ මහණකුට ඒ සට බව ප්‍රහීණ නො වේ ද, මායා ඇති මහණකුට ඒ මායා ප්‍රහීණ නො වේ ද, පාපඉච්ඡා ඇති මහණකුට ඒ පාපේච්ඡා ප්‍රහීණ නො වේ ද, මිසදිටු ඇති මහණකුට ඒ මිසදිටු ප්‍රහීණ නො වේ ද, මහණෙනි, අපායෙහි ඉපැද්මට කරුණු වන, දුගතියෙහි විවා දුකට කරුණු වන, මේ මහණමල, මහණදොස්, මහණකසළ ප්‍රහීණ නො කිරීමෙන් සමණසාමිචිපටිපදා නො පිළිපන්හ’යි මම කියමි. මහණෙනි, යම්සේ දෙපස මුවාත් ඇති, දියපී, නහස්නා පහණ (උරගල) ගා තියුණුකළ මටජ නම් ආයුධ ජාතයෙක් වේද, එද සඟළින් පොරෝනා ලදුයේ, (කොපුවෙහි බහන ලදුයේ) මැනැවින් වෙළෙනා ලදුයේ වේ ද, මහණෙනි, මම මේ මහණහුගේ පැවිද්ද එබඳු කොට කියමි.
4. නාහං භික්ඛවෙ සඞ්ඝාටිකස්ස සඞ්ඝාටිධාරණමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ අචෙලකස්ස අචෙලකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ රජොජල්ලිකස්ස රජොජල්ලිකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ උදකොරොහකස්ස උදකොරොහකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ රුක්ඛමූලිකස්ස රුක්ඛමූලිකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ අබ්භොකාසිකස්ස අබ්භොකාසිකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ උබ්භට්ඨකස්ස උබ්භට්ඨකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ පරියායභත්තිකස්ස පරියායභත්තිකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ මන්තජ්ඣායකස්ස මන්තජ්ඣායකමත්තෙන සාමඤ්ඤං වදාමි. නාහං භික්ඛවෙ ජටිලකස්ස ජටාධාරණමත්තෙන සාමඤ්ඤං වදාමි.
4. මහණෙනි, මම සඞ්ඝාටිධාරණය සිල්කොට ඇතියහුගේ සඞ්ඝාටිධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම අචේලකයාගේ බහාලුපිළී ඇතිමතුයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම රජෝජල්ල ධාරණය සිල් කොට ඇතියහුගේ රජස්දැලි ධැරීම් මාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම දවස තුන්යලක් උදකාවගාහය (දියෙහි බැසීම) සිල් කොට ඇතියහුගේ උදකාවගාහමාත්රයෙන් මඟඵල නො වදාරමි. මහණෙනි, මම වෘක්ෂමූලවාසය සිල් කොට ඇතියහුගේ වෘක්ෂමූලවාසමාත්රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම අභ්යවකාශවාසය සිල්කොට ඇතියහුගේ අභ්යවකාශවාසිකමාත්රයෙන් මඟඵල නොකියමි. මහණෙනි, මම උඩුකුරුව සිටිනු සිල් කොට ඇතියහුගේ උඩුකුරුව සිටීම්මතුයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම (මාසයෙකින් වේවයි, අඩමසෙකින් වේවයි වාරවශයෙන් බුදින) පර්ය්යායභක්තභෝජනය සිල් කොට ඇතියහුගේ පර්ය්යායභක්ත භෝජනශීලමාත්රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම වෙදමන්ත්රහදාරන්නහුගේ මතුරුහදාරනු මතුයෙන් මඟ ඵල නොවදාරමි. මහණෙනි, මම ජටිලකයාගේ ජටාධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි.
5. සඞ්ඝාටිකස්ස චෙ භික්ඛවෙ සඞ්ඝාටිධාරණමත්තෙන අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පහීයෙථ, බ්‍යාපන්නචිත්තස්ස බ්යාපාදො පහීයෙථ, කොධනස්ස කොධො පහීයෙථ, උපනාහිස්ස උපනාහො පහීයෙථ, මක්ඛිස්ස මක්ඛො පහීයෙථ, පළාසිස්ස පළාසො පහීයෙථ, ඉස්සුකිස්ස ඉස්සා පහීයෙථ, මච්ඡරිස්ස මච්ඡරියං පහීයෙථ, සඨස්ස සාඨෙය්යං පහීයෙථ, මායාවිස්ස මායා පහීයෙථ, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයෙථ, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයෙථ, තමෙනං මිත්තාමච්චා ඤාතිසාලොහිතා ජාතමෙව නං සඞ්ඝාටිකං කරෙය්යුං, සඞ්ඝාටිකත්තමෙව සමාදපෙය්යුං: “එහි ත්වං භද්රමුඛ, සඞ්ඝාටිකො හොහි සඞ්ඝාටිකස්ස තෙ සතො සඞ්ඝාටිධාරණමත්තෙන අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පහීයිස්සති, බ්‍යාපන්නචිත්තස්ස බ්යාපාදො පහීයිස්සති, කොධනස්ස කොධො පහීයිස්සති, උපනාහිස්ස උපනාහො පහීයිස්සති, මක්ඛිස්ස මක්ඛො පහීයිස්සති, පළාසිස්ස පළාසො පහීයිස්සති, ඉස්සුකිස්ස ඉස්සා පහීයිස්සති, මච්ඡරිස්ස මච්ඡරියං පහීයිස්සති, සඨස්ස සාඨෙය්යං පහීයිස්සති, මායාවිස්ස මායා පහීයිස්සති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයිස්සති, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයිස්සතී”ති. යස්මා ච ඛො අහං භික්ඛවෙ සඞ්ඝාටිකම්පි ඉධෙකච්චං පස්සාමි අභිජ්ඣාලුං බ්‍යාපන්නචිත්තං කොධනං උපනාහිං මක්ඛිං පළාසිං ඉස්සුකිං මච්ඡරිං සඨං මායාවිං පාපිච්ඡං මිච්ඡාදිට්ඨිං, තස්මා න සඞ්ඝාටිකස්ස සඞ්ඝාටිධාරණමත්තෙන සාමඤ්ඤං වදාමි.
5. මහණෙනි, ඉදින් සඞ්ඝාටි ධරණ අභිධ්‍යාබහුලයාගේ අභිධ්‍යාව සඞ්ඝාටිධාරණමාත්‍රයෙන් පහ ව යේ නම්, ව්‍යාපන්න චිත්ත පුද්ගලයාගේ ව්‍යාපාදය පහ ව යේ නම්, කෝධශීලීහුගේ ක්‍රෝධය පහ ව යේ නම්, උපනාහී පුද්ගලයාගේ උපනාහය පහ ව යේ නම්, ම්රක්ෂීපුද්ගලයාගේ මුක්‍ෂය පහ ව යේ නම්, පළාසිපුද්ගලයාගේ පළාසය පහ ව යේ නම්, ඉස්සුකී පුද්ගලයාගේ ඊර්ෂ්‍යාව පහ ව යේ නම්, මසුරු ඇතියහුගේ මසුරුබව පහ ව යේ නම්, සඨපුද්ගලාගේ සඨබව පහ ව යේ නම්, මායා ඇතියහුගේ මායාව පහ ව යේ නම්, පාපේච්ඡයාගේ පාපේච්ඡා පහ ව යේ නම්, මිථ්‍යාදෘෂ්ටිකයාගේ මිථ්‍යාදෘෂ්ටි පහ ව යේ නම්, මිත්‍රාමාත්‍යයෝ ද නෑසහලේනෑයෝ ද ජාතමාත්‍ර වූ ම (උපන්දා උපන්වන ම සිටි) තුලුන් සඞ්ඝාටික කරන්නාහ’ සාඞ්ඝාටිකත්වය ම සමාදන්කරවන්නාහ. කෙසේය යත්: “භද්‍රමුඛය, තො එ. සාඞ්ඝාටික ව. සඞ්ඝාටික වූ අභිධ්‍යා බහුල තාගේ සඞ්ඝාටිධාරණ මාත්‍රයෙන් අභිධ්‍යා පහව යෙයි. ව්‍යාපන්නචිත්ත වූ තාගේ ව්‍යාපාද පහව යෙයි. ක්රෝධඇති තාගේ ක්‍රෝධ පහ ව යෙයි. උපනාහී වූ තාගේ උපනාහ පහ ව යෙයි. ම්‍රක්‍ෂි වූ තාගේ මුක්‍ෂය පහ ව යෙයි. පළාසී වූ තාගේ පළාස පහ ව යෙයි. ඉස්සුකී වූ තාගේ ඊර්ෂ්‍යා පහ ව යෙයි. මච්ඡරී වූ තාගේ මාත්සර්‍ය්‍ය පහ ව යෙයි. සඨ වූ තාගේ සඨබව පහ ව යෙයි. මායාවී වූ තාගේ මායාව පහ ව යෙයි. පාපිච්ඡ වූ තාගේ පාපේච්ඡා පහව යෙයි. මිච්ඡාදිට්ඨික වූ තාගේ මිසදිටු පහ ව යෙයි’ කියායි. මහණෙනි, මම යම්හෙයෙකින් මෙලොව සඞ්ඝාටික වූත් කිසිවකු අභිධ්‍යාබහුල ව සිටුනහු දක්නෙම් ද, බ්‍යාපන්නචිත්ත වූවහු, කොධන වූවහු, උපනාහී වූවහු, මක්ඛී වූවහු, පළාසී වූවහු, ඉස්සුකී වූවහු, මච්ඡරී වූවහු, සඨ වූවහු, මායාවී වූවහු, පාපිච්ඡ වූවහු, මිච්ඡාදිට්ඨික වූවහු, දක්නෙම් ද, එහෙයින් සඞ්ඝාටිකයාගේ සඞ්ඝාටිධාරණ මාත්‍රයෙන් මඟඵල නොවදාරමි.
6. අචෙලකස්ස චෙ භික්ඛවෙ -පෙ- රජොජල්ලිකස්ස චෙ භික්ඛවෙ -පෙ- උදකොරොහකස්ස චෙ භික්ඛවෙ -පෙ- රුක්ඛමූලිකස්ස චෙ භික්ඛවෙ -පෙ- අබ්භොකාසිකස්ස චෙ භික්ඛවෙ -පෙ- උබ්භට්ඨකස්ස චෙ භික්ඛවෙ -පෙ- පරියායභත්තිකස්ස චෙ භික්ඛවෙ -පෙ- මන්තජ්ඣායකස්ස චෙ භික්ඛවෙ -පෙ- ජටිලකස්ස චෙ භික්ඛවෙ ජටාධාරණමත්තෙන අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පහීයෙථ, බ්‍යාපන්නචිත්තස්ස බ්යාපාදො පහීයෙථ, කොධනස්ස කොධො පහීයෙථ, උපනාහිස්ස උපනාහො පහීයෙථ, මක්ඛිස්ස මක්ඛො පහීයෙථ, පළාසිස්ස පළාසො පහීයෙථ, ඉස්සුකිස්ස ඉස්සා පහීයෙථ, මච්ඡරිස්ස මච්ඡරියං පහීයෙථ, සඨස්ස සාඨෙය්යං පහීයෙථ, මායාවිස්ස මායා පහීයෙථ, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයෙථ, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයෙථ, තමෙනං මිත්තාමච්චා ඤාතිසාලොහිතා ජාතමෙව නං ජටිලකං කරෙය්යුං, ජටිලකත්තමෙව සමාදපෙය්යුං: “එහි ත්වං භද්රමුඛ, ජටිලකො හොහි, ජටිලකස්ස තෙ සතො ජටාධාරණමත්තෙන අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පහීයිස්සති, බ්‍යාපන්නචිත්තස්ස බ්යාපාදො පහීයිස්සති, කොධනස්ස කොධො පහීයිස්සති, උපනාහිස්ස උපනාහො පහීයිස්සති, මක්ඛිස්ස මක්ඛො පහීයිස්සති, පළාසිස්ස පළාසො පහීයිස්සති, ඉස්සුකිස්ස ඉස්සා පහීයිස්සති, මච්ඡරිස්ස මච්ඡරියං පහීයිස්සති, සඨස්ස සාඨෙය්යං පහීයිස්සති, මායාවිස්ස මායා පහීයිස්සති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීයිස්සති, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීයිස්සතී”ති. යස්මා ච ඛො අහං භික්ඛවෙ ජටිලකම්පි ඉධෙකච්චං පස්සාමි අභිජ්ඣාලුං බ්‍යාපන්නචිත්තං කොධනං උපනාහිං මක්ඛිං පලාසිං ඉස්සුකිං මච්ඡරිං සඨං මායාවිං පාපිච්ඡං මිච්ඡාදිට්ඨිං, තස්මා න ජටිලකස්ස ජටාධාරණමත්තෙන සාමඤ්ඤං වදාමි.
6. මහණෙනි, ඉදින් අචේලක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් රජෝජල්ලික අභිධ්‍යා බහුලයාගේ ... මහණෙනි, ඉදින් උදකාවගාහක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් රුක්ඛමූලික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් අබ්භෝකාසික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් උබ්භට්ඨක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් පරියායභත්තික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් මන්තජ්ඣායක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් ජටිලක අභිධ්‍යාබහුලයාගේ ජටාධාරණමාත්‍රයෙන් අභිධ්‍යා පහ ව යේ නම්, (ජටිලකවූ) ව්‍යාපන්න සිත් ඇතියහුගේ ව්‍යාපාද පහ ව යේ නම්, (ජටිලක වූ) ක්‍රෝධ ඇතියහුගේ ක්‍රෝධය පහ ව යේ නම්, (ජටිලක වූ) බද්ධවෛර ඇතියහුගේ බද්ධවෛරය පහ ව යේ නම්, (ජටිලක වූ) ම්රක්ෂ ඇතියහුගේ ම්රක්ෂය පහ ව යේ නම්, (ජටිලක වූ) යුගග්‍රාහ ලක්ෂණපළාස ඇතියහුගේ පළාසය පහ ව යේ නම්, (ජටිලක වූ) ඊර්ෂ්‍යා ඇතියහුගේ ඊර්ෂ්‍යා පහ ව යේ නම්, (ජටිලක වූ) මසුරු ඇතියහුගේ මසුරුබව පහ ව යේ නම්, (ජටිලක වූ) සඨයාගේ සඨබව පහ ව යේ නම්, (ජටිලක වූ) මායාවීහුගේ මායා පහ ව යේ නම්, (ජටිලක වූ) පාපේච්ඡයාගේ පාපේච්ඡා පහ ව යේ නම්, (ජටිලක වූ) මිථ්‍යාදෘෂ්ටිකයාගේ මිසදිටු පහ ව යේ නම්, මිත්‍රාමාත්‍යයන් හා නෑසහලේ නෑයෝ ජාතමාත්‍ර වූ ම තුලුන් ජටිලක කරන්නාහ. ජටිලක බව ම සමාදන් කරවන්නාහ. කෙසේ ය යත්: “භද්‍ර මුඛය, තෝ එව ජටිලක ව ජටිලක වූ අභිධ්‍යාබහුල තාගේ ජටාධාරණමාත්‍රයෙන් අභිධ්‍යා පහ ව යෙයි. ව්‍යාපන්නචිත්ත වූ තාගේ ව්‍යාපාද පහ ව යෙයි. ක්‍රොධන වූ තාගේ ක්‍රෝධ පහ ව යෙයි. උපනාහී වූ තාගේ උපනාහ පහ ව යෙයි. ම්‍රක්‍ෂි වූ තාගේ ම්රක්ෂ පහ ව යෙයි. පළාසී වූ තාගේ පළාස පහ ව යෙයි. ඉස්සුකී වූ තාගේ ඊර්ෂ්‍යා පහ ව යෙයි. මච්ඡරී වූ තාගේ මාත්සර්‍ය්‍ය පහව යෙයි. සඨවූ තාගේ සඨබව පහ ව යෙයි. මායාවී වූ තාගේ මායාව පහව යෙයි. පාපිච්ඡ වූ තාගේ පාපේච්ඡා පහ ව යෙයි. මිච්ඡාදිට්ඨික වූ තාගේ මිසදිටු පහ ව යෙයි” කියායි. මහණෙනි, මම යම්හෙයෙකින් මෙලොව ජටිලකවූත් කිසිවකු අභිධ්‍යාබහුල ව සිටුනහු දක්නෙම් ද, බ්‍යාපන්නචිත්ත වූවහු, කොධන වූවහු, උපනාහී වූවහු, මක්ඛී වූවහු, පළාසී වූවහු, ඉස්සුකී වූවහු, මච්ඡරී වූවහු, සඨ වූවහු, මායාවී වූවහු, පාපිච්ඡ වූවහු, මිච්ඡාදිට්ඨික වූවහු, දක්නෙම් ද, එහෙයින් ජටිලකයාගේ ජටාධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි.
7. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සමණසාමීචිපටිපදං පටිපන්නො හොති? යස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣාලුස්ස අභිජ්ඣා පහීනා හොති, බ්‍යාපන්නචිත්තස්ස බ්යාපාදො පහීනො හොති, කොධනස්ස කොධො පහීනො හොති, උපනාහිස්ස උපනාහො පහීනො හොති, මක්ඛිස්ස මක්ඛො පහීනො හොති, පළාසිස්ස පළාසො පහීනො හොති, ඉස්සුකිස්ස ඉස්සා පහීනා හොති, මච්ඡරිස්ස මච්ඡරියං පහීනං හොති, සඨස්ස සාඨෙය්යං පහීනං හොති, මායාවිස්ස මායා පහීනා හොති, පාපිච්ඡස්ස පාපිකා ඉච්ඡා පහීනා හොති, මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාදිට්ඨි පහීනා හොති, ඉමෙසං ඛො අහං භික්ඛවෙ සමණමලානං සමණදොසානං සමණකසටානං ආපායිකානං ඨානානං දුග්ගතිවෙදනියානං පහානා සමණසාමීචිපටිපදං පටිපන්නොති වදාමි.
7. මහණෙනි, කෙසේ මහණ මහණුනට නිසි අනුලොම් පිළිවෙත පිළිපන්නේ වේ ද යත්: මහණෙනි, ලොබබිහිලි යම්කිසි මහණකුට ඒ දළලෝබ, පුහුන් වේ ද, ව්‍යාපන්න සිතැති මහණකුට ඒ ව්‍යාපාද පුහුන් වේ ද, කිපෙනසුලු මහණකුට ඒ ක්‍රෝධ පුහුන් වේ ද, බද්ධවෛර ඇති මහණකුට ඒ බදවෙර පුහුන් වේ ද, මකු මහණකුට ඒ මකුසැහැවි පුහුන් වේ ද, (යුගග්රාහලක්ෂණ) පළාස ඇති මහණකුට ඒ පළාස පුහුන් වේ ද, ඊර්ෂ්‍යා ඇති මහණකුට ඒ ඊර්ෂ්‍යා පුහුන් වේ ද, මසුරු ඇති මහණකුට ඒ මසුරුබව පුහුන් වේ ද, ශඨ මහණකුට ඒ සළසෙ පුහුන් වේ ද, මායා ඇති මහණකුට ඒ මායා පුහුන් වේ ද, ලමුරිසි ඇති මහණකුට ඒ ලමුරිසි පුහුන් වේ ද, මිසදිටු ඇති මහණකුට ඒ මිසදිටු පුහුන් වේ ද, මහණෙනි, අපායෙහි ඉපැද්මට කරුණු වන, දුගතියෙහි විවාදුකට කරුණු වන, මේ මහණමල, මහණ දොස්, මහණ කසළ පුහුන් කිරීමෙන් සමණසාමීචිපටිපදා පිළිපන්හයි මම කියමි.
8. සො සබ්බෙහි ඉමෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි විසුද්ධමත්තානං සමනුපස්සති තස්ස සබ්බෙහි ඉමෙහි පාපකෙහි අකුසලෙහි ධම්මෙහි විසුද්ධමත්තානං සමනුපස්සතො පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
8. හේ ‘මෙ හැම ලමු අකුසල් දහමින් තමා විශුද්ධයහ’යි දක්නේය. ‘මෙ හැම ලමු අකුසල් දහමින් තමා විශුද්ධයහ’යි දක්නා ඔහුට ප්‍රමෝද උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීති උපදී. ප්‍රීතිසම්ප්‍රයුක්ත පුද්ගලයාගේ නාමකාය සන්හිඳුනේ වේ. සන්හුන්කය ඇතියේ සුඛ විඳුනේ ය. සුඛිතයාගේ සිත සමාධිගත වෙයි.
9. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මුදිතාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
9. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැතිරැ ගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවනදිග, එසෙයින් සියුවනදිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන සර්වාත්මතායෙන් (සියලු සතුන් කෙරෙහි ආත්මසමතායෙන්) සර්වසත්ත්වවත් ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, දොම්නස් රහිත වූ මෙත් සහගිය සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. කුළුණු සහගිය සිතින් එක්දිගක් පැතිරැගෙන වාස කෙරෙයි එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන ... කුළුණු සහගිය සිතින් පැතිර ගෙන වාස කෙරෙයි. මුදිතාසහගත සිතින් එක් දිගක් පැතිරැගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැම තැන සර්වාත්මතායෙන් සර්ව සත්ත්ව සහිත ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ අවෛර, ව්‍යාබාධරහිත මුදිතාසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. උපේක්ෂාසහගත සිතින් එක් දිගත් පැතිරැගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන සර්වාත්මතායෙන් සර්ව සත්ත්ව සහිත ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, ව්‍යාබාධ රහිත උපේක්ෂාසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි.
10. සෙය්යථාපි භික්ඛවෙ පොක්ඛරණී අච්ඡොදිකා සාතොදිකා සීතොදිකා සෙතකා සුපතිත්ථා රමණීයා, පුරත්ථිමාය චෙපි දිසාය පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො.– සො තං පොක්ඛරණිං ආගම්ම විනෙය්ය උදකපිපාසං, විනෙය්ය ඝම්මපරිළාහං. පච්ඡිමාය චෙපි දිසාය පුරිසො ආගච්ඡෙය්ය -පෙ- උත්තරාය චෙපි දිසාය පුරිසො ආගච්ඡෙය්ය -පෙ- දක්ඛිණාය චෙපි දිසාය පුරිසො ආගච්ඡෙය්ය. -පෙ- යතො කුතො චෙපි නං පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො, සො තං පොක්ඛරණිං ආගම්ම විනෙය්ය උදකපිපාසං, විනෙය්ය ඝම්මපරිළාහං.
10. මහණෙනි, යම්සේ පහන්දිය ඇති, මිහිරිදිය ඇති, සිහිල් දිය ඇති, මඩනැති, මනාතොට ඇති, රමණී පොකුණෙක් වේද, පෙරදිගිනුදු ඝර්මයෙන් තැවුලිපත්, ඝර්මයෙන් පෙළුණ, කලකුළු, තෘෂිත, දියපියැටි පුරුෂයෙක් එන්නේ වේ ද, හෙ එපොකුණ වෙත එළඹ දියපවස දුරුකර ගන්නේ වේ ද, ඝර්‍මපරිදාහ දුරුකරගන්නේ වේ ද, පැසුළුදිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... උතුරුදිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... දකුණු දිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... යම් ම දිගෙකිනුදු ඝර්මයෙන් තැවුලිපත්, ඝර්මයෙන් පෙළුණ, කලකුළු, තෘෂිත, දියපියැටි පුරුෂයෙක් එ පොකුණ කරා එන්නේ වේ ද, හෙ එ පොකුණ කරා අවුදු දියපවස දුරුකරගන්නේ වේ ද, ඝර්‍මපරිදාහ දුරුකරගන්නේ වේ ද -
11. එවමෙව ඛො භික්ඛවෙ ඛත්තියකුලා චෙපි අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම එවං මෙත්තං කරුණං මුදිතං උපෙක්ඛං භාවෙත්වා ලභති අජ්ඣත්තං වූපසමා සමණසාමීචිපටිපදං පටිපන්නොති වදාමි. බ්රාහ්මණකුලා චෙපි -පෙ- වෙස්සකුලා චෙපි -පෙ- සුද්දකුලා චෙපි -පෙ- යස්මා කස්මා චෙපි කුලා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම එවං මෙත්තං කරුණං මුදිතං උපෙක්ඛං භාවෙත්වා ලභති අජ්ඣත්තං වූපසමං. අජ්ඣත්තං වූපසමා සමණසාමීචිපටිපදං පටිපන්නොති වදාමි.
11. මහණෙනි, එපරිදි ම කැත්කුලිනුදු ගිහිගෙන් නික්ම ඉදින් සස්නට පැමිණියේ වේ නම්, හෙ ද තථාගත ප්‍රවිදිත ධර්මවිනයට අවුදු මෙසෙයින් මෛත්‍රී කරුණා මුදුතා උපේක්ෂා වඩාගෙන සියසතන්හි ව්‍යුපශම ලබයි. සියසතන්හි ව්‍යුපශමයෙන් සමණසාමීචි - ප්‍රතිපදාවට පිළිපන්නේයයි කියමි. ඉදින් බ්‍රාහ්මණකුලයෙනුදු ... ඉදින් වෛශ්‍යකුලයෙනුදු ... ඉදින් ශුද්‍රකුලයෙනුදු ... ඉදින් යම් ම කුලයෙකිනුදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ ද, හෙ ද බුදුන් වදහළ දහම්විනයට අවුදු මෙසේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා භවාගෙන සියසතන්හි සන්හිඳුම ලබයි. සියසතන්හි සන්හිඳුමින් සමණසාමීචි - ප්‍රතිපදාවට පිළිපන්නේයයි කියමි.
12. ඛත්තියකුලා චෙපි අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ආසවානං ඛයා සමණො හොති. බ්රාහ්මණකුලා චෙපි -පෙ- වෙස්සකුලා චෙපි -පෙ- සුද්දකුලා චෙපි -පෙ- යස්මා කස්මා චෙපි කුලා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ආසවානං ඛයා සමණො හොතීති.
12. ඉදින් ක්ෂත්රියකුලයෙනූදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ නම්, හෙ ද ආස්රවක්ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙයි. ආස්‍රවක්‍ෂයහේතුයෙන් ශ්‍රමණ වෙයි. ඉදින් බ්‍රාහ්මණකුලයෙනුදු ... ඉදින් වෛශ්‍යකුලයෙනුදු ... ඉදින් ශුද්‍රකුලයෙනුදු ... ඉදින් යම් ම කුලයෙකිනුදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ නම්, හෙද ආස්රවක්ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙරෙයි. ආස්‍රවක්‍ෂයහේතුයෙන් ශ්‍රමණ වෙයි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ බස අභිනන්දන කළහ.
චූළඅස්සපුරසුත්තං දසමං.
චූළඅස්සපුර සූත්‍රය දසවැනියි.
මහායමකවග්ගො චතුත්ථො.
මහායමක වග සතරවැනියි.
තස්ස වග්ගස්ස උද්දානං:
ඒ වර්ගයාගේ උද්දානය:
ගිඤ්ජකසාලවනං පරිහාතුං පාපිමතො පුනසච්චකනිසෙධො වණ්ණපසීදනතාදි ච ඉන්දො කෙවට අස්සපුරං ජටිලෙනාති.
(‘එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථ’ යනාදීන් ආරබ්ධ) චූළගොසිඞ්ග සූත්‍රය හා (එකං සමයං භගවා ගොසිඞ්ගසාලවනදායෙ විහරති’ යනාදීන් ආරබ්ධ) මහා ගොසිඞ්හ සූත්‍රය යන සූත්‍ර දෙක ය, (අභබ්බො ගොගණං පරිහරිතුං, යනාදීන් වදාළ) මහාගොපාලක සූත්‍රය, (ඡින්නං පාපිමතො සෙනං’යි ‘පාපිමතො’ යනු සඳහන් ලත්) චූළගොපාලක සූත්‍රය ය, නැවත චූළසච්චක සූත්‍රය හා (අනද තෙරණුවන් විසින් ‘සාධු භන්තෙ භගවා මුහුත්තං නිසීදතු’යි භගවත්හුගේ ගමනනිෂෙධය කළ සෙ සඳහන් වන) මහාසච්චක සූත්‍රය, (පහයෙහි වැනුම් හා මුගලන් තෙරණුවන් විසින් කළ ඉදුහයෙන් එහි සැලුම් ආදිය ද, ‘සක්ක දෙවානමින්දං සංවිග්ගං ලොමහට්ඨජාතං’යි ත්‍රස්ත ඉන්දයා ද සඳහන් ලත්) චුළතණ්හාසඞ්ඛය සූත්‍රය, (‘සාතිස්ස නාම භික්ඛුනො කෙවට්ටපුත්තස්ස’ යනාදීන් දෘෂ්ටිගතය සඳහන් ලත්) මහාතණ්හාසඞ්ඛය සූත්‍රය ය, මහා අස්සපුර සූත්‍රය ය, (‘තස්මා න ජටිලකස්ස ජටාධාරණ මත්තෙන සාමඤ්ඤං වදාමි’යි ‘ජටිලක’යා පර්‍ය්‍යවසාන කොටතබා මහණුවම් නඟනඟා වදාළ සෙ සඳහන් ලත්) චූළඅස්සපුර සූත්‍රයෙනැ යි මෙසේ මහායමකවර්ගය’ නිමියේ යි.