මහාතණ්හාසඞ්ඛයසුත්තවණ්ණනා අට්ඨකථා
මහාතණ්හාසඞ්ඛයසුත්තවණ්ණනා
මහාතණ්හාසඞ්ඛය සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාතණ්හාසඞ්ඛයසුත්තං. තත්ථ දිට්ඨිගතන්ති අලගද්දූපමසුත්තෙ ලද්ධිමත්තං දිට්ඨිගතන්ති වුත්තං, ඉධ සස්සතදිට්ඨි. සො ච භික්ඛු බහුස්සුතො, අයං අප්පස්සුතො, ජාතකභාණකො භගවන්තං ජාතකං කථෙත්වා, “අහං, භික්ඛවෙ, තෙන සමයෙන වෙස්සන්තරො අහොසිං, මහොසධො, විධුරපණ්ඩිතො, සෙනකපණ්ඩිතො, මහාජනකො රාජා අහොසි”න්ති සමොධානෙන්තං සුණාති. අථස්ස එතදහොසි – “ඉමෙ රූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරා තත්ථ තත්ථෙව නිරුජ්ඣන්ති, විඤ්ඤාණං පන ඉධලොකතො පරලොකං, පරලොකතො ඉමං ලොකං සන්ධාවති සංසරතී”ති සස්සතදස්සනං උප්පන්නං. තෙනාහ – “තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති සංසරති අනඤ්ඤ”න්ති.
එවම්මෙසුතං මහා තණ්හාක්ඛය සූත්‍රයයි. එහි දිට්ඨිගතං අලගද සූත්‍රයෙහි ලබ්ධිමාත්රය දිටඨිගත යයි කියන ලදී. මෙහි ශාස්වත දෘෂ්ටියයි. ඒ මහණ තෙමේ ද බහුශ්‍රැතය. මේ තැනැත්තා අල්පශ්රැතය. ජාතක භාණකයෙකි. භාග්‍යවතුන් වහන්සේ ජාතකයක් දේශනා කොට, මහණෙනි, මම ඒ සමයෙහි වෙසතුරු වීමි. මහෞෂධ වීමි. විධුර වීමි. සේනක වීමි. මහාජනක රජු වීමි. පූර්වාපර සන්ධි ගැළපීම අසයි. එකල ඔහුට මේ සිත විය. මේ රූප වේදනා සඤ්ඤා සංඛාරයෝ ඒ ඒ තන්හිම නිරුද්ධ වෙති. විඤ්ඤාණය වනාහි මෙලොවින් පරලොවට, පරලොවින් මේ ලෝකයට මාරුවෙයි. දිවෙයි. හැසිරෙයි. ශාස්වත දෘෂ්ටිය උපදියි. තදෙවිදං විඤ්ඤාණං සන්ධාවති, සංසරති, අනඤ්ඤති යන්න එහෙයින් කියන ලදී.
සම්මාසම්බුද්ධෙන පන, “විඤ්ඤාණං පච්චයසම්භවං, සති පච්චයෙ උප්පජ්ජති, විනා පච්චයං නත්ථි විඤ්ඤාණස්ස සම්භවො”ති වුත්තං. තස්මා අයං භික්ඛු බුද්ධෙන අකථිතං කථෙති, ජිනචක්කෙ පහාරං දෙති, වෙසාරජ්ජඤාණං පටිබාහති, සොතුකාමං ජනං විසංවාදෙති, අරියපථෙ තිරියං නිපතිත්වා මහාජනස්ස අහිතාය දුක්ඛාය පටිපන්නො. යථා නාම රඤ්ඤො රජ්ජෙ මහාචොරො උප්පජ්ජමානො මහාජනස්ස අහිතාය දුක්ඛාය උප්පජ්ජති, එවං ජිනසාසනෙ චොරො හුත්වා මහාජනස්ස අහිතාය දුක්ඛාය උප්පන්නොති වෙදිතබ්බො.
සම්මා සම්බුදුන් විසින්, විඤ්ඤාණය ප්‍රත්‍යය ඇති කල්හි උපදී. විඤඤාණය ප්‍රත්‍යයෙන් උපදී. ප්‍රත්‍යයෙන් වෙන්ව විඥානයාගේ උත්පත්තියක් නැතැයි කියන ලදී. එහෙයින් මේ භික්ෂුව බුදුන් විසින් නො වදාරණ ලද්දක් කියයි. ජින චක්‍රයෙහි පහර දෙයි. වෛසාරද්‍ය ඤාණය පිටුදකියි. ශ්‍රාවක ජනයා වංචා කෙරේ. (ආර්ය පථයෙහි) ආර්ය මාර්ගයෙහි හරහට වැටී මහජනයාට අහිත පිණිස දුක පිණිස පිළිපන්නේ වෙයි. යම්සේ රජුගේ රාජ්‍යයෙහි මහ සොරෙක් වේද, හේ මහජනයාට අහිත, බිය, දුක උපදවයි. එසේම ජින ශාසනයෙහි සොරෙක් වී මහජනයාට අහිත බව, දුක උපදවන්නේ යයි දතයුතු.
සම්බහුලා භික්ඛූති ජනපදවාසිනො පිණ්ඩපාතිකභික්ඛූ. තෙනුපසඞ්කමිංසූති අයං පරිසං ලභිත්වා සාසනම්පි අන්තරධාපෙය්‍ය, යාව පක්ඛං න ලභති, තාවදෙව නං දිට්ඨිගතා විවෙචෙමාති සුතසුතට්ඨානතොයෙව අට්ඨත්වා අනිසීදිත්වා උපසඞ්කමිංසු.
සම්බහුලා භික්ඛූ ජනපදවාසී පිණ්ඩපාතික භික්ෂූහු තෙනුපසංකමිංසු මේසා පිරිසක් ලැබ ශාසනය ද අතුරුදන් කරවන්නේ ය. යම්සක් පක්ෂය, නොලබයිද ඒ තාක් ඔහු දෘෂ්ටියෙන් වෙන් කරමුයි ඇසූ ඇසු තැන්වලම නොසිට නොහිඳ එළණියාහුය.
කතමං තං සාති විඤ්ඤාණන්ති සාති යං ත්වං විඤ්ඤාණං සන්ධාය වදෙසි, කතමං තං විඤ්ඤාණන්ති? ය්වායං, භන්තෙ, වදො වෙදෙය්යො තත්ර තත්ර කල්යාණපාපකානං කම්මානං විපාකං පටිසංවෙදෙතීති, භන්තෙ, යො අයං වදති වෙදයති, යො චායං තහිං තහිං කුසලාකුසලකම්මානං විපාකං පච්චනුභොති. ඉදං, භන්තෙ, විඤ්ඤාණං, යමහං සන්ධාය වදෙමීති. කස්ස නු ඛො නාමාති කස්ස ඛත්තියස්ස වා බ්රාහ්මණස්ස වා වෙස්සසුද්දගහට්ඨපබ්බජිතදෙවමනුස්සානං වා අඤ්ඤතරස්ස.
තතමං සාති විඤ්ඤාණං යනු සතිය ඔබ යම්කිසි විඤ්ඤාණයක් ගැන කීවේද, ඒ විඤ්ඤාණය කුමක්ද? ය්වායං භන්තෙ වදෙ වෙදෙෙය්යා තත්ර තත්ර කල්‍යාණ පාපකානං කම්මානං විපාකං පටිසංවෙදෙති ස්වාමීනි, මේ යමෙක් කියයිද, කථා කරයිද, විඳියිද, මේ යමෙකුත් ඒ ඒ තැන්වල කුශලාකුශල කර්මයන්ගේ විපාකය විඳී ද, ස්වාමීනි, යමක් සඳහා මම කියම්ද. ඒ විඤ්ඤාණ යයි. කස්සනුඛො නාමා කවර ක්‍ෂත්‍රියකුට හෝ බ්‍රාහ්මණයකුට, වෛශ්රවණයකුට, ශුද්‍රයකුට, ගෘහස්ථයකුට, පැවිද්දෙකුට, දෙවියකුට හෝ මිනිසකුට මේ අය අතරින් එකකුට.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසීති කස්මා ආමන්තෙසි? සාතිස්ස කිර එවං අහොසි – “සත්ථා මං ‘මොඝපුරිසො’ති වදති, න ච මොඝපුරිසොති වුත්තමත්තෙනෙව මග්ගඵලානං උපනිස්සයො න හොති. උපසෙනම්පි හි වඞ්ගන්තපුත්තං, ‘අතිලහුං ඛො ත්වං මොඝපුරිස බාහුල්ලාය ආවත්තො’ති (මහාව· 75) භගවා මොඝපුරිසවාදෙන ඔවදි. ථෙරො අපරභාගෙ ඝටෙන්තො වායමන්තො ඡ අභිඤ්ඤා සච්ඡාකාසි. අහම්පි තථාරූපං වීරියං පග්ගණ්හිත්‍වා මග්ගඵලානි නිබ්බත්තෙස්සාමී”ති. අථස්ස භගවා ඡින්නපච්චයො අයං සාසනෙ අවිරුළ්හධම්මොති දස්සෙන්තො භික්ඛූ ආමන්තෙසි. උස්මීකතොතිආදි හෙට්ඨා වුත්තාධිප්පායමෙව.
අථඛො සො භගවා භික්ඛූ ආමන්තෙසි කුමක් සඳහා ආමන්ත්‍රණය කරයිද, සාති භික්ෂුවට යම්හෙයකින් මෙබඳු සිතක් වීද, ශාස්තෲන් වහන්සේ මට මෝඝ පුරුෂයා යයි කී පමණින් මාර්ගඵලයන්ට උපනිශ්‍රය නොවන්නේ ය. ‘අතිලහුං ඛො මොඝපුරිස බාහුල්ලාය ආවත්තො’ වදාරන ලද උපසේන තෙර ද, මෑත කාලයෙහි ගැටෙමින් වෑයම් කරමින් අභිඥාවන් ප්රත්යක්ෂ කළේද, මමත් වීර්යය දැඩිව ගෙන මගපලයන් පසක් කරන්නෙමි’ එකල ඔහුට භාග්‍යවතුන් වහන්සේ සිඳුණු ප්‍රත්‍ය ඇති මේ තෙම ශාසනයෙහි නො වැඩෙන ස්වභාව ඇත්තෙකැයි දක්වන්නේ භික්ෂූන් ඇමතූ සේක. උස්මීකතො යට කියන ලද අදහස් ඇත්තේම වේ.
අථ ඛො භගවාති අයම්පි පාටියෙක්කො අනුසන්ධි. සාතිස්ස කිර එතදහොසි – “භගවා මය්හං මග්ගඵලානං උපනිස්සයො නත්ථීති වදති, කිං සක්කා උපනිස්සයෙ අසති කාතුං? න හි තථාගතා සඋපනිස්සයස්සෙව ධම්මං දෙසෙන්ති, යස්ස කස්සචි දෙසෙන්තියෙව. අහං බුද්ධස්ස සන්තිකා සුගතොවාදං ලභිත්වා සග්ගසම්පත්තූපගං කුසලං කරිස්සාමී”ති. අථස්ස භගවා, “නාහං, මොඝපුරිස, තුය්හං ඔවාදං වා අනුසාසනිං වා දෙමී”ති සුගතොවාදං පටිප්පස්සම්භෙන්තො ඉමං දෙසනං ආරභි. තස්සත්ථො හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉදානි පරිසාය ලද්ධිං සොධෙන්තො, “ඉධාහං භික්ඛූ පටිපුච්ඡිස්සාමී”තිආදිමාහ. තං සබ්බම්පි හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං.
අථ ඛො භගවා යන මෙය ද වෙනම අනුසන්ධියකි. සාති භික්ෂුවට මෙසේ සිතිණ. ‘භාග්‍යවතුන් වහන්සේ මාගේ මාර්ගඵලයන්ට උපනිශ්‍රය නැතැයි වදාරති. උපනිශ්‍රය නැත්තේ නම් කුමක් කරන්නේද, තථාගතයෝ උපනිශ්‍රය සහිත වූවන්ට පමණක් දහම් නො දෙසයි. අනෙක් අයටද දේශනා කරන්නේ ය. මම බුදුන්ගෙන් සුගතෝවාදය ලැබ සැපතට පැමිණිය හැකි කුශලයක් කරන්නෙමි. ඉක්බිති ඔහුට භාග්‍යවතුන් වහන්සේ හිස් පුරුෂය, මම තට අවවාදයක් හෝ අනුශාසනයක් නො කරන්නෙමි. සුගතෝවාදය සේක් මේ දේශනාව ආරම්භ කළහ. එහි අර්ථය යට කී ආකාරයෙන්ම දතයුතුය. දැන් පිරිසේ ලබ්ධිය දුරුකරන සේක් පිරිසිදු කරන සේක්, ඉධාහං භික්ඛු පටිපුච්ඡිස්සාමි යනාදිය වදාළහ. ඒ සියල්ල පළමු කී පරිද්දෙන් ම දතයුතුය.
සාති ඤාණය නිමියේය.
ඉදානි විඤ්ඤාණස්ස සප්පච්චයභාවං දස්සෙතුං යං යදෙව, භික්ඛවෙතිආදිමාහ. තත්ථ මනඤ්ච පටිච්ච ධම්මෙ චාති සහාවජ්ජනෙන භවඞ්ගමනඤ්ච තෙභූමකධම්මෙ ච පටිච්ච. කට්ඨඤ්ච පටිච්චාතිආදි ඔපම්මනිදස්සනත්ථං වුත්තං. තෙන කිං දීපෙති? ද්වාරසඞ්කන්තියා අභාවං. යථා හි කට්ඨං පටිච්ච ජලමානො අග්ගි උපාදානපච්චයෙ සතියෙව ජලති, තස්මිං අසති පච්චයවෙකල්ලෙන තත්ථෙව වූපසම්මති, න සකලිකාදීනි සඞ්කමිත්වා සකලිකග්ගීතිආදිසඞ්ඛ්යං ගච්ඡති, එවමෙව චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පන්නං විඤ්ඤාණං තස්මිං ද්වාරෙ චක්ඛුරූපආලොකමනසිකාරසඞ්ඛාතෙ පච්චයම්හි සතියෙව උප්පජ්ජති, තස්මිං අසති පච්චයවෙකල්ලෙන තත්ථෙව නිරුජ්ඣති, න සොතාදීනි සඞ්කමිත්වා සොතවිඤ්ඤාණන්තිආදිසඞ්ඛ්යං ගච්ඡති. එස නයො සබ්බවාරෙසු. ඉති භගවා නාහං විඤ්ඤාණප්පවත්තෙ ද්වාරසඞ්කන්තිමත්තම්පි වදාමි, අයං පන සාති මොඝපුරිසො භවසඞ්කන්තිං වදතීති සාතිං නිග්ගහෙසි.
දැන් විඤ්ඤාණයේ ප්‍රත්‍ය සහිත බව දක්වන සේක් යඤ්ඤදෙව භික්ඛවෙ යනාදිය වදාළහ. එහි මනඤ්ච පටිච්ච ධම්මෙචාති ආවර්ජනය සහිත භවාංග සිතද, ත්‍රෛභූමක ධර්මයන්ද නිසා කට්ඨඤ්ච පටිච්ච ආදී උපමාව දක්වන සේක. එයින් කුමක් කියන්නේද, දක්වන්නේ ද, දොරකින් දොරකට මාරුවීම පැමිණීම නැති බවය. ඒ එසේමය. යම්සේ දර ලීයක් නිසා ඇතිවන ගින්න දර නමැති ප්‍රත්‍යය නිසාම දැල්වේද, එය නැතිකල්හි ප්‍රත්‍යයාගේ වෙන්වීම නිසා එහිම නිවී යන්නේද, රුක් පොතු ආදියට මාරු වී සියල්ල ගිනි ගන්නා තත්ත්වයට නො ඒද, එපරිද්දෙන්ම ඇස නිසාත් රූපය නිසාත් උපන් විඥානය ඒ ද්වාරයෙහි චක්ඛු, රූප ආලෝක මනසිකාර සංඛ්‍යාත ප්‍රත්‍යය ඇතිකල්හිම උපදී. එය නැතිකල්හි ප්‍රත්‍යය වෙනස්වීමෙන් එහිම නිරුද්ධ වෙයි. ශ්රොතාදියට මාරු නොවී ශ්‍රෝත විඥාන යනාදී සංඛ්‍යා නොඒ. සියලු වාරයන්හි මේ ක්‍රමයමැයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ‘මම විඥානයාගේ ප්‍රවෘත්තියෙහි ද්වාර සංක්‍රාන්තිය පමණකුදු නො කියමි. එහෙත් මේ සාති මෝඝ පුරුෂයා භව සංක්‍රාන්තිය කියා යයි සිතා මහණ හට නිග්‍රහ කළේය.
එවං විඤ්ඤාණස්ස සප්පච්චයභාවං දස්සෙත්වා ඉදානි පන පඤ්චන්නම්පි ඛන්ධානං සප්පච්චයභාවං දස්සෙන්තො, භූතමිදන්තිආදිමාහ. තත්ථ භූතමිදන්ති ඉදං ඛන්ධපඤ්චකං ජාතං භූතං නිබ්බත්තං, තුම්හෙපි තං භූතමිදන්ති, භික්ඛවෙ, පස්සථාති. තදාහාරසම්භවන්ති තං පනෙතං ඛන්ධපඤ්චකං ආහාරසම්භවං පච්චයසම්භවං, සති පච්චයෙ උප්පජ්ජති එවං පස්සථාති පුච්ඡති. තදාහාරනිරොධාති තස්ස පච්චයස්ස නිරොධා. භූතමිදං නොස්සූති භූතං නු ඛො ඉදං, න නු ඛො භූතන්ති. තදාහාරසම්භවං නොස්සූති තං භූතං ඛන්ධපඤ්චකං පච්චයසම්භවං නු ඛො, න නු ඛොති. තදාහාරනිරොධාති තස්ස පච්චයස්ස නිරොධා. නිරොධධම්මං නොස්සූති තං ධම්මං නිරොධධම්මං නු ඛො, න නු ඛොති.
මෙසේ විඤ්ඤාණයේ ප්‍රත්‍ය සහිත බව දක්වා, දැන් යළි ස්කන්ධයන්ගේ සප්‍රත්‍ය බව දක්වමින් භූතමිදං ආදිය කීහ. එහි භූතමිදං යනු මේ පංචස්කන්ධය. ජාත ය භූත ය. නිවංතිය මහණෙනි, ඔබ ද මේ පංචස්කන්ධය ප්‍රත්‍යයෙන් උපනැයි පිළිගනිත්ද, තදාහාර සම්භවං ඒ මේ පංචස්කන්ධය වනාහි ආහාරයෙන් උපන්නේ ය. ප්‍රත්‍යයෙන් උපන්නේ ය. එය ප්‍රත්‍යය ඇති කල්හිම උපදින්නේ යයි දකිත්ද, යයි විචාරණ සේක් තදාහාර නිරොධා ඒ ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් භූතමිදං නො’ස්සූ මෙය උපන්නේ ද නූපන්නේ ද, තදාහාර සම්භවං නො’ස්සු යළි ඒ උපන් පංචස්කන්ධය ප්‍රත්‍යයෙන් උපන්නේ ද නො උපන්නේ ද, තදාහාර නිරොධා ඒ ප්‍රත්‍යයාගේ නිරෝධයෙන්, නිරොධ ධමමං නු’ස්සු නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ ද නැත්තේ ද,
සම්මප්පඤ්ඤාය පස්සතොති ඉදං ඛන්ධපඤ්චකං ජාතං භූතං නිබ්බත්තන්ති යාථාවසරසලක්ඛණතො විපස්සනාපඤ්ඤාය සම්මා පස්සන්තස්ස. පඤ්ඤාය සුදිට්ඨන්ති වුත්තනයෙනෙව විපස්සනාපඤ්ඤාය සුට්ඨු දිට්ඨං. එවං යෙ යෙ තං පුච්ඡං සල්ලක්ඛෙසුං, තෙසං තෙසං පටිඤ්ඤං ගණ්හන්තො පඤ්චන්නං ඛන්ධානං සප්පච්චයභාවං දස්සෙති.
සම්පඤ්ඤාය පස්සතො මේ පංචස්කන්ධ ජාතය, භූතය නිපන්යැයි තතු සේ කෘත්‍ය වශයෙන් ලක්ෂණ වශයෙන් විදසුන් නැණින් දක්නහුට පඤ්ඤාය සුදිට්ඨ යනු විදසුන් නුවණින් මනාකොට දක්නා ලද, මෙසේ යම්කිසි කෙනෙක් ඒ ප්රශ්නය සැලකූහුද, ඔවුනොවුන්ගේ ප්‍රතිඥාව ගනිමින් පංචස්කන්ධයෝ ප්‍රත්‍ය සහිත බව දැක්වූ සේක.
ඉදානි යාය පඤ්ඤාය තෙහි තං සප්පච්චයං සනිරොධං ඛන්ධපඤ්චකං සුදිට්ඨං, තත්ථ නිත්තණ්හභාවං පුච්ඡන්තො ඉමං චෙ තුම්හෙතිආදිමාහ. තත්ථ දිට්ඨින්ති විපස්සනාසම්මාදිට්ඨිං. සභාවදස්සනෙන පරිසුද්ධං. පච්චයදස්සනෙන පරියොදාතං. අල්ලීයෙථාති තණ්හාදිට්ඨීහි අල්ලීයිත්වා විහරෙය්යාථ. කෙලායෙථාති තණ්හාදිට්ඨීහි කීළමානා විහරෙය්යාථ. ධනායෙථාති ධනං විය ඉච්ඡන්තා ගෙධං ආපජ්ජෙය්යාථ. මමායෙථාති තණ්හාදිට්ඨීහි මමත්තං උප්පාදෙය්යාථ. නිත්ථරණත්ථාය නො ගහණත්ථායාති යො සො මයා චතුරොඝනිත්ථරණත්ථාය කුල්ලූපමො ධම්මො දෙසිතො, නො නිකන්තිවසෙන ගහණත්ථාය. අපි නු තං තුම්හෙ ආජානෙය්යාථාති. විපරියායෙන සුක්කපක්ඛො වෙදිතබ්බො.
මෙවිට යම් නුවණකින් ඔවුන් විසින් ඒ ප්‍රත්‍ය සහිත වූ, නිරෝධ සහිත වූ පංචස්කන්ධය මනාකොට දක්නා ලද ද, එහි තෘෂ්ණා රහිත බව විචාරමින් ඉමඤ්චෙ තුම්හෙ යනාදිය වදාළහ. එහි දිට්ඨි විදර්ශනා සම්‍යක් දෘෂ්ටිය ස්වභාව දර්ශනයෙන් පරිසුද්ධං පිරිසිදුය. ප්‍රත්‍ය දර්ශනයෙන් පරියොදාතා අල්ලීයෙථ තෘෂ්ණා දෘෂ්ටියෙහි ඇලීගෙන වාසය කරන්නේද, කෙලායෙථ තෘෂ්ණා දෘෂ්ටියෙන් ක්‍රීඩා කරමින් වාසය කරන්නේ ද, ධනායෙථ ධනයක් මෙන් කැමති වෙමින් තෘෂ්ණාවට පැමිණෙන්නහුද, මමායෙථ තෘෂ්ණා දෘෂ්ටි මමත්වය උපදවන්නාහුද නිත්ථරණත්ථාය නො ගහණත්ථාය මා විසින් සතර ඕඝයන් නිස්තරණය පිණිස යම් ධර්මයක් පහුරකට උපමා කර දෙසන ලද්දේ ද, බදාගැනීම කරගසා ගැනීම පිණිස නො දෙසන ලද්දේ ද, තෙපි එය දන්නහුද, විපර්යාසයෙන් යහපත් පැත්ත ගතයුතුය.
ඉදානි තෙසං ඛන්ධානං පච්චයං දස්සෙන්තො, චත්තාරොමෙ, භික්ඛවෙ, ආහාරාතිආදිමාහ, තම්පි වුත්තත්ථමෙව. යථා පන එකො ඉමං ජානාසීති වුත්තො, “න කෙවලං ඉමං, මාතරම්පිස්ස ජානාමි, මාතු මාතරම්පී”ති එවං පවෙණිවසෙන ජානන්තො සුට්ඨු ජානාති නාම. එවමෙවං භගවා න කෙවලං ඛන්ධමත්තමෙව ජානාති, ඛන්ධානං පච්චයම්පි තෙසම්පි පච්චයානං පච්චයන්ති එවං සබ්බපච්චයපරම්පරං ජානාති. සො තං, බුද්ධබලං දීපෙන්තො ඉදානි පච්චයපරම්පරං දස්සෙතුං, ඉමෙ ච, භික්ඛවෙ, චත්තාරො ආහාරාතිආදිමාහ. තං වුත්තත්ථමෙව. ඉති ඛො, භික්ඛවෙ, අවිජ්ජාපච්චයා සඞ්ඛාරා…පෙ… දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති එත්ථ පන පටිච්චසමුප්පාදකථා විත්ථාරෙතබ්බා භවෙය්ය, සා විසුද්ධිමග්ගෙ විත්ථාරිතාව.
දැන් ඒ ස්කන්ධයාගේ ප්‍රත්‍ය දක්වන සේක් චත්තාරො භික්ඛවෙ ආහාර යනාදිය වදාළහ. එහි අදහස කියන ලද්දේමය. යම්සේ වනාහි ‘මොහු දනීදැ’යි කියන ලද්දේ, ‘හුදෙක් මොහු නොව මොහුගේ මව ද දනිමි. මවගේ මව ද දනිමි’ මෙසේ ප්රවේණි වශයෙන් දන්නේ මනාකොට දනී නම්, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ හුදෙක් ස්කන්ධ මාත්‍රයක්ම නො දනිති. ස්කන්ධයන්ගේ ප්‍රත්‍යය ද, ඒ ප්‍රත්‍යයන් ප්‍රත්‍යය දැයි මෙසේ සියලු ප්‍රත්‍ය පරම්පරාව දකී. මේ බව දක්වන්නට ඉමමෙව භික්ඛවෙ චත්තාරො ආහාරා යන්න කියන ලදී. එය කියන ලද අර්ථමයි. ඉති ඛො භික්ඛවෙ අවිජ්ජා පච්චයා සංඛාරා -පෙ- දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති යන මෙහි ප්‍රතීත්‍ය සමුප්පාද කථාව විස්තර කළයුතු වන්නේ ය. ඕ විසුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී.
ඉමස්මිං සති ඉදං හොතීති ඉමස්මිං අවිජ්ජාදිකෙ පච්චයෙ සති ඉදං සඞ්ඛාරාදිකං ඵලං හොති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජතීති ඉමස්ස අවිජ්ජාදිකස්ස පච්චයස්ස උප්පාදා ඉදං සඞ්ඛාරාදිකං ඵලං උප්පජ්ජති, තෙනෙවාහ – “යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා…පෙ… සමුදයො හොතී”ති.
ඉමස්මිං සති ඉදං හොති මේ අවිද්‍යා ආදී ප්‍රත්‍යය ඇති කල්හි මේ සංස්කාර ආදී ඵලය වේ. ඉමස්සු පාදා ඉදං උප්පජ්ජති අවිද්‍යාදී ප්‍රත්‍යයාගේ ඉපදීමෙන් මේ සංස්කාරාදී ඵලය උපදී. යදිදං අවිජ්ජාපච්චයා සංඛාරා -පෙ- සමුදයො හොති යනු එහෙයින් වදාළහ.
එවං වට්ටං දස්සෙත්වා ඉදානි විවට්ටං දස්සෙන්තො, අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධාතිආදිමාහ. තත්ථ අවිජ්ජාය ත්වෙවාති අවිජ්ජාය එව තු. අසෙසවිරාගනිරොධාති විරාගසඞ්ඛාතෙන මග්ගෙන අසෙසනිරොධා අනුප්පාදනිරොධා. සඞ්ඛාරනිරොධොති සඞ්ඛාරානං අනුප්පාදනිරොධො හොති, එවං නිරුද්ධානං පන සඞ්ඛාරානං නිරොධා විඤ්ඤාණනිරොධො හොති, විඤ්ඤාණාදීනඤ්ච නිරොධා නාමරූපාදීනි නිරුද්ධානියෙව හොන්තීති දස්සෙතුං සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධොතිආදිං වත්වා එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති වුත්තං. තත්ථ කෙවලස්සාති සකලස්ස, සුද්ධස්ස වා, සත්තවිරහිතස්සාති අත්ථො. දුක්ඛක්ඛන්ධස්සාති දුක්ඛරාසිස්ස. නිරොධො හොතීති අනුප්පාදො හොති.
මෙසේ වෘත්තය දැන් විවෘත්තය දක්වන්නේ අවිජ්ජායත්ථෙව අසෙස නිරොධා යනාදිය කීහ. එහි අවිජ්ජා යත්ථෙව නැවත අවිද්‍යාවගේම අසෙස විරාග නිරොධා විරාග සංඛ්‍යාත මාර්ගයෙන්........නිරුද්ධ කිරීමෙන්, සංඛාර නිරොධො සංස්කාරයන්ගේ අනුත්පාද නිරෝධය වෙයි. යළි මෙසේ නිරුද්ධ වූ සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙයි. විඥානාදීන්ගේ නිරෝධයෙන් නව රූපාදීහු නිරුද්ධ වූවාහුම වෙති. එය දක්වන්නට, සංඛාර නිරොධා විඤ්ඤාණ නිරොධො යනාදිය වදාරා එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති යන්න වදාරණ ලදී. එහි කෙවලස්ස සියලු නොහොත් සුද්ධ වූ, සත්ත්ව විරහිත වූ යන අර්ථයි. දුක්ඛක්ඛන්ධස්ස යනු දුක් රාශීහුගේ, නිරොධො හොතීති අනුත්පාද වෙයි.
ඉමස්මිං අසතීතිආදි වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බං.
ඉමස්මිං අසති යනාදිය කියන ලද්දට විරුද්ධ ලෙස දතයුතුයි.
එවං වට්ටවිවට්ටං කථෙත්වා ඉදානි ඉමං ද්වාදසඞ්ගපච්චයවට්ටං සහ විපස්සනාය මග්ගෙන ජානන්තස්ස යා පටිධාවනා පහීයති, තස්සා අභාවං පුච්ඡන්තො අපි නු තුම්හෙ, භික්ඛවෙතිආදිමාහ. තත්ථ එවං ජානන්තාති එවං සහවිපස්සනාය මග්ගෙන ජානන්තා. එවං පස්සන්තාති තස්සෙව වෙවචනං. පුබ්බන්තන්ති පුරිමකොට්ඨාසං, අතීතඛන්ධධාතුආයතනානීති අත්ථො. පටිධාවෙය්යාථාති තණ්හාදිට්ඨිවසෙන පටිධාවෙය්යාථ. සෙසං සබ්බාසවසුත්තෙ විත්ථාරිතමෙව.
මෙසේ වෘත්තය ද විවෘත්තය ද දක්වා දැන් මේ දොළොස් ආකාර ප්‍රත්‍යය වෘත්තය විදර්ශනා ඤාණ සහිත මාර්ගයෙන් දන්නහුගේ යම් පසු දීමක් ප්‍රහීණ වේද, ඒ ධාවනයාගේ අභාවය විචාරන්නේ අපි නු තුම්හෙ භික්ඛවෙ ආදිය කීහ. එහි එවං ජානන්ත යනු මෙසේ විදර්ශනා සහිත මාර්ගයෙන් දන්නාහූ. එවං පස්සන්තා යනු ඊටම සමාන වචනයි. පුබ්බත්තං පළමු කොටස අතීත ස්කන්ධ ධාතු ආයතනයන් යන අර්ථයි. පටිධාවෙය්යතා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ප්‍රතිධාවනය කරවුද, සබ්බාසව සූත්‍රයේ විස්තර කර ඇත.
ඉදානි නෙසං තත්ථ නිච්චලභාවං පුච්ඡන්තො, අපි නු තුම්හෙ, භික්ඛවෙ, එවං ජානන්තා එවං පස්සන්තා එවං වදෙය්යාථ, සත්ථා නො ගරූතිආදිමාහ. තත්ථ ගරූති භාරිකො අකාමා අනුවත්තිතබ්බො. සමණොති බුද්ධසමණො. අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්යාථාති අයං සත්ථා අම්හාකං කිච්චං සාධෙතුං න සක්කොතීති අපි නු එවංසඤ්ඤිනො හුත්වා අඤ්ඤං බාහිරකං සත්ථාරං උද්දිසෙය්යාථ. පුථුසමණබ්රාහ්මණානන්ති එවංසඤ්ඤිනො හුත්වා පුථූනං තිත්ථියසමණානං චෙව බ්රාහ්මණානඤ්ච. වතකොතූහලමඞ්ගලානීති වතසමාදානානි ච දිට්ඨිකුතූහලානි ච දිට්ඨසුතමුතමඞ්ගලානි ච. තානි සාරතො පච්චාගච්ඡෙය්යාථාති එතානි සාරන්ති එවංසඤ්ඤිනො හුත්වා පටිආගච්ඡෙය්යාථ. එවං නිස්සට්ඨානි ච පුන ගණ්හෙය්යාථාති අත්ථො. සාමං ඤාතන්ති සයං ඤාණෙන ඤාතං. සාමං දිට්ඨන්ති සයං පඤ්ඤාචක්ඛුනා දිට්ඨං. සාමං විදිතන්ති සයං විභාවිතං පාකටං කතං. උපනීතා ඛො මෙ තුම්හෙති මයා, භික්ඛවෙ, තුම්හෙ ඉමිනා සන්දිට්ඨිකාදිසභාවෙන ධම්මෙන නිබ්බානං උපනීතා, පාපිතාති අත්ථො. සන්දිට්ඨිකොතිආදීනමත්ථො විසුද්ධිමග්ගෙ විත්ථාරිතො. ඉදමෙතං පටිච්ච වුත්තන්ති එතං වචනමිදං තුම්හෙහි සාමං ඤාතාදිභාවං පටිච්ච වුත්තං.
දැන් මොවුන්ගේ එහි නිශ්චල බව විමසන්නේ අපිනු තුම්හෙ භික්ඛවෙ එවං ජානන්තා එවං පස්සන්තා එවං වදෙය්යාථ, සත්ථානො ගරු යනාදිය වදාළහ. එහි ගරූ බරක් වූයේ, නො කැමැත්තෙන් අනුව පැවතිය යුත්තේ, සමණො බුද්ධශ්රමණ අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්යාථ මේ ශාස්තෲ තෙම අපගේ කාර්යය ඉටු කරන්නට අසමත් වෙයි. නොහැකි වෙයි. කිම මෙසේ අදහස් කොට අනෙක් බාහිර ශාස්තෲ කෙනෙක් උදෙසා වසවුද? පුථු සමණ බ්රාහ්මණානං බොහෝ වූ තීර්ථක ශ්‍රමණයන්ගේ ද බ්‍රාහ්මණයන්ගේ ද, වත කුතුහල මංගලානි, ව්‍රත සමාදානයේ ද, දෘෂ්ටි කුතුහලයෝ ද, දුටු, ඇසූ, කෑ මංගලයෝ ද, තානි සාරතො පච්චා ගච්ඡෙය්යාථ ඔවුන් සාර යයි හැඟීම් ඇතුව නැවත ගනියි ද, මෙසේ හරනා ලද්දාවූත් නැවත ගනියිද, යන අර්ථයි. සාමං ඤාතං තමන් විසින් නුවණින් දන්නා ලද, සාමං දිට්ඨං තමන් විසින් නුවණින් දක්නා ලද, සමං විදිතං තමන් විසින් ප්‍රකට කරන ලද, උපනීතා ඛො මෙ තුම්හෙ මහණෙනි, මා විසින් තෙපි මේ සන්දිට්ඨිකාදී ස්වභාව ඇති ධර්මයන් පමුණුවන ලද්දාහූ යන අර්ථයි. සන්ධිට්ඨිකො යනාදියෙහි අරුත් විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී. ඉදමෙතං පටිච්ච වුත්තං මේ වචනය තොප විසින් ස්වයං ඤාතාදී භාවය සඳහා වදාරණ ලදී.
තිණ්ණං ඛො පන, භික්ඛවෙති කස්මා ආරභි? නනු හෙට්ඨා වට්ටවිවට්ටවසෙන දෙසනා මත්ථකං පාපිතාති? ආම පාපිතා. අයං පන පාටිඑක්කො අනුසන්ධි, “අයඤ්හි ලොකසන්නිවාසො පටිසන්ධිසම්මූළ්හො, තස්ස සම්මොහට්ඨානං විද්ධංසෙත්වා පාකටං කරිස්සාමී”ති ඉමං දෙසනං ආරභි.
තිණ්ණං ඛො පන මෙ තුම්හෙ යනු කුමක් හෙයින් ආරම්භ කළ සේක්ද, යට වට්ට විවට්ට වශයෙන් දේශනා මුදුන් පමුණුවද්දී, එසේ පමුණුවන ලදී. මේ වූ කලී වෙනම අනුසන්ධියකි. මෙහි ලෝවැසි සත්ත්ව සමූහයා ප්රතිසන්ධියෙන් විශේෂයෙන් මෝඩය. එබැවින් ඔවුන්ගේ මුලාවන තැන නිසා ප්‍රකට කරන්නෙමි යි මේ දේශනාව ආරම්භ කළහ.
අපිච වට්ටමූලං අවිජ්ජා, විවට්ටමූලං බුද්ධුප්පාදො, ඉති වට්ටමූලං අවිජ්ජං විවට්ටමූලඤ්ච බුද්ධුප්පාදං දස්සෙත්වාපි, “පුන එකවාරං වට්ටවිවට්ටවසෙන දෙසනං මත්ථකං පාපෙස්සාමී”ති ඉමං දෙසනං ආරභි.
[missing trans]
තත්ථ සන්නිපාතාති සමොධානෙන පිණ්ඩභාවෙන. ගබ්භස්සාති ගබ්භෙ නිබ්බත්තනකසත්තස්ස. අවක්කන්ති හොතීති නිබ්බත්ති හොති. කත්ථචි හි ගබ්භොති මාතුකුච්ඡි වුත්තො. යථාහ –
එහි සන්තිපාතා සමවධානයෙන් පිඬු බැවින් ගබ්භ ගැබ උපදනා සත්ත්වයාගේ අවක්කන්ති හොති ඉපදීම වේ. තව ද සමහර තැනක ‘ගබ්භ’ මව්කුස කියන ලදී.
“යමෙකරත්තිං පඨමං, ගබ්භෙ වසති මාණවො; අබ්භුට්ඨිතොව සො යාති, ස ගච්ඡං න නිවත්තතී”ති. (ජා· 1.15.363);
සත්ත්ව තෙමේ රැයක් මුළුල්ලෙහි පළමුකොට පිළිසිඳි කෙණෙහි මව්කුස වෙසේද, මරණයට අභිමුඛව නැගී සිටියේම ඒ මානවයා යයි මය. හෙතෙම යන්නේ ඇසිල්ලකුදු නො නවතී.
කත්ථචි ගබ්භෙ නිබ්බත්තනසත්තො. යථාහ – “යථා ඛො, පනානන්ද, අඤ්ඤා ඉත්ථිකා නව වා දස වා මාසෙ ගබ්භං කුච්ඡිනා පරිහරිත්වා විජායන්තී”ති (ම· නි· 3.205). ඉධ සත්තො අධිප්පෙතො, තං සන්ධාය වුත්තං “ගබ්භස්ස අවක්කන්ති හොතී”ති.
කිසිතැනක ගර්භයෙහි උපදනා සත්ත්වයා වදාළේය. ‘ආනන්ද, යම් සේ අන්‍ය ස්ත්රීහූ නව මසක් හෝ දස මසක් දරුගැබ කුසින් දරා වදත්, ‘මෙහි සත්ත්වයාටම අදහස් කරන ලදී. ගබ්භස්ස අවක්කන්ති හොති යනු ඒ සඳහා කියන ලදී.
ඉධාති ඉමස්මිං සත්තලොකෙ. මාතා ච උතුනී හොතීති ඉදං උතුසමයං සන්ධාය වුත්තං. මාතුගාමස්ස කිර යස්මිං ඔකාසෙ දාරකො නිබ්බත්තති, තත්ථ මහතී ලොහිතපීළකා සණ්ඨහිත්වා භිජ්ජිත්වා පග්ඝරති, වත්ථු සුද්ධං හොති, සුද්ධෙ වත්ථුම්හි මාතාපිතූසු එකවාරං සන්නිපතිතෙසු යාව සත්ත දිවසානි ඛෙත්තමෙව හොති. තස්මිං සමයෙ හත්ථග්ගාහවෙණිග්ගාහාදිනා අඞ්ගපරාමසනෙනපි දාරකො නිබ්බත්තතියෙව. ගන්ධබ්බොති තත්රූපගසත්තො. පච්චුපට්ඨිතො හොතීති න මාතාපිතූනං සන්නිපාතං ඔලොකයමානො සමීපෙ ඨිතො පච්චුපට්ඨිතො නාම හොති. කම්මයන්තයන්තිතො පන එකො සත්තො තස්මිං ඔකාසෙ නිබ්බත්තනකො හොතීති අයමෙත්ථ අධිප්පායො.
ඉධ මේ සත්ත්ව ලෝකයෙහි මාතා ච උතුනී හොති මෙය ඍතු කාලය සඳහා කියන ලදී. ස්ත්‍රී ගේ යම් අවකාශයක දරුවා උපදීද, එහි මහත් වූ ලේ පිළාවක් පිහිටා බිඳී වැගිරෙයි. වස්තුව පිරිසිදු වෙයි. වස්තුව පිරිසිදු වූ කල්හි සත් දවස තෙක් එයට සුදුසු කාලය වෙයි. කෙත වෙයි. ඒ කාලය තුළ අත් ගැනීම් හිසකේ ගැනීම් ආදී ශරීර පරාමර්ශයෙන් ද දරුවන් හටගනී. ගන්ධබ්බො එහි එළඹෙන සත්ත්වයා පච්චුපට්ඨිතො හොති ළඟ සිටියේ ම නො වේ. කර්මය නමැති යන්ත්‍රයෙන් ක්‍රියාත්මක වූ එක් සත්ත්වයෙක් ඒ අවකාශයෙහි උපදනේ වෙයි යන්න මෙහි අදහසයි.
සංසයෙනාති “අරොගො නු ඛො භවිස්සාමි අහං වා, පුත්තො වා මෙ”ති එවං මහන්තෙන ජීවිතසංසයෙන. ලොහිතඤ්හෙතං, භික්ඛවෙති තදා කිර මාතුලොහිතං තං ඨානං සම්පත්තං පුත්තසිනෙහෙන පණ්ඩරං හොති. තස්මා එවමාහ. වඞ්කකන්ති ගාමදාරකානං කීළනකං ඛුද්දකනඞ්ගලං. ඝටිකා වුච්චති දීඝදණ්ඩෙන රස්සදණ්ඩකං පහරණකීළා. මොක්ඛචිකන්ති සම්පරිවත්තකකීළා, ආකාසෙ වා දණ්ඩකං ගහෙත්වා භූමියං වා සීසං ඨපෙත්වා හෙට්ඨුපරියභාවෙන පරිවත්තනකීළනන්ති වුත්තං හොති. චිඞ්ගුලකං වුච්චති තාලපණ්ණාදීහි කතං වාතප්පහාරෙන පරිබ්භමනචක්කං. පත්තාළ්හකං වුච්චති පණ්ණනාළිකා, තාය වාලිකාදීනි මිනන්තා කීළන්ති. රථකන්ති ඛුද්දකරථං. ධනුකම්පි ඛුද්දකධනුමෙව.
සංසයෙන මා නිරෝගී වන්නෙම් ද, නැතිනම් මගේ දරුවා නිරෝගී වන්නේද, මහත් වූ ජීවිත සැකයෙන්, ලෝහිතං හෙතං භික්ඛවෙ එකල එතැනට පැමිණි මවගේ ලේ දරු සෙනෙහසින් පඬෙර වේද එහෙයින් මෙසේ වදාළහ. වංකකං දරුවන්ගේ කෙළිබඩු, කුඩා නගුල ඝටිකා දිග දණ්ඩකින් කෙටි දණ්ඩකට ගැසීමේ ක්‍රීඩාව, (කල්ලි ගැසීම) මොක්ඛවිකං හාත්පස පෙරළෙන ක්‍රීඩාව, දණ්ඩක් ගෙන අහසෙහි තබා හෝ හිසපිට තබා යට උඩ වශයෙන් පෙරළෙන ක්‍රීඩාව, විංගුලකං තල් කොළ ආදියෙන් කළ සුළං වැදීමෙන් කරකැවෙන චක්‍රය (හුළං පෙත්ත) පත්තාළ්හ තං කොළ නැළිය කියයි. එයින් වැලි ආදිය මනිමින් සෙල්ලම් කරති. රථකං කුඩා රථය ධනුකං කුඩා දුන්න,
සාරජ්ජතීති රාගං උප්පාදෙති. බ්යාපජ්ජතීති බ්යාපාදං උප්පාදෙති. අනුපට්ඨිතකායසතීති කායෙ සති කායසති, තං අනුපට්ඨපෙත්වාති අත්ථො. පරිත්තචෙතසොති අකුසලචිත්තො. යත්ථස්ස තෙ පාපකාති යස්සං ඵලසමාපත්තියං එතෙ නිරුජ්ඣන්ති, තං න ජානාති නාධිගච්ඡතීති අත්ථො. අනුරොධවිරොධන්ති රාගඤ්චෙව දොසඤ්ච. අභිනන්දතීති තණ්හාවසෙන අභිනන්දති, තණ්හාවසෙනෙව අහො සුඛන්තිආදීනි වදන්තො අභිවදති. අජ්ඣොසාය තිට්ඨතීති තණ්හාඅජ්ඣොසානගහණෙන ගිලිත්වා පරිනිට්ඨපෙත්වා ගණ්හාති. සුඛං වා අදුක්ඛමසුඛං වා අභිනන්දතු, දුක්ඛං කථං අභිනන්දතීති? “අහං දුක්ඛිතො මම දුක්ඛ”න්ති ගණ්හන්තො අභිනන්දති නාම. උප්පජ්ජති නන්දීති තණ්හා උප්පජ්ජති. තදුපාදානන්ති සාව තණ්හා ගහණට්ඨෙන උපාදානං නාම. තස්ස උපාදානපච්චයා භවො…පෙ… සමුදයො හොතීති, ඉදඤ්හි භගවතා පුන එකවාරං ද්විසන්ධි තිසඞ්ඛෙපං පච්චයාකාරවට්ටං දස්සිතං.
සාරජ්ජති රාගය උපදවයි. බ්යාපජ්ජතීති ව්‍යාපාදය උපදවයි. අනුපට්ඨිතකාය සතී කයෙහි සිහිය කාය සති නමි. එහි නො එළවා යන අර්ථයි. අනුරාධ විරෝධං රාගය හා ද්වේෂය ද අභිනන්දති තෘෂ්ණා වශයෙහි සතුටු වෙයි. තෘෂ්ණා වශයෙන් අහෝ සැපයි යනාදිය කියයි. අභිවදති සතුටු වචන කියයි. අජ්ඣොසාය තිට්ඨති තෘෂ්ණාවෙන් ගිලී සැපය හෝ උපේක්ෂාව හෝ සතුටු වේවා. සැපය හෝ උපේක්ෂාව හෝ කැමති වේවා. දුක කෙසේ සතුටු වේද, මම දුප්පත්ය. මගේ දුකයයි ගන්නේ සතුටු වේ. උප්පජ්ජති නන්දි තණ්හාව උපදී. තදුපාදානං ඕ තෘෂ්ණාව ගැනීම් අර්ථයෙන් උපාදාන නමි. තස්සුපාදාන පච්චයා භවො -පෙ- සමුදයො හොති භාග්‍යවතුන් වහන්සේ විසින් නැවත එක්වරක් ද්විසන්ධි, ත්රිසන්ධි වශයෙන් මේ පටිච්ච සමුප්පාද වෘත්තය දක්වන ලදී.
ඉදානි විවට්ටං දස්සෙතුං ඉධ, භික්ඛවෙ, තථාගතො ලොකෙ උප්පජ්ජතීතිආදිමාහ. තත්ථ අප්පමාණචෙතසොති අප්පමාණං ලොකුත්තරං චෙතො අස්සාති අප්පමාණචෙතසො, මග්ගචිත්තසමඞ්ගීති අත්ථො. ඉමං ඛො මෙ තුම්හෙ, භික්ඛවෙ, සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං ධාරෙථාති, භික්ඛවෙ, ඉමං සංඛිත්තෙන දෙසිතං මය්හං, තණ්හාසඞ්ඛයවිමුත්තිදෙසනං තුම්හෙ නිච්චකාලං ධාරෙය්යාථ මා පමජ්ජෙය්යාථ. දෙසනා හි එත්ථ විමුත්තිපටිලාභහෙතුතො විමුත්තීති වුත්තා.
දැන් විවෘත්තය දක්වන්නට ඉධ ලොකෙ තථාගතො ලොකෙ උප්පජ්ජති ආදිය වදාළහ. එහි අප්පමාණ චෙතසො යනු මාර්ග චිත්තය හා යුක්ත වූ යන අර්ථයි. ඉමං ඛො තුම්හෙ භික්ඛවෙ සංඛිත්තෙන තණ්හා සංඛය විමුත්තිං ධාරෙථ මහණෙනි, මෙසේ සැකෙවින් දේශනා කරන ලද මාගේ තෘෂ්ණා සංඛය දේශනාව තෙපි නිරතුරුව දැරිය යුතුය. නොනැසිය යුතුය. මෙහි දේශනාවම නිවන් ලැබීමට හේතු හෙයින් විමුත්ති යයි කියන ලදී.
මහාතණ්හාජාලතණ්හාසඞ්ඝාටපටිමුක්කන්ති තණ්හාව සංසිබ්බිතට්ඨෙන මහාතණ්හාජාලං, සඞ්ඝටිතට්ඨෙන සඞ්ඝාටන්ති වුච්චති; ඉති ඉමස්මිං මහාතණ්හාජාලෙ තණ්හාසඞ්ඝාටෙ ච ඉමං සාතිං භික්ඛුං කෙවට්ටපුත්තං පටිමුක්කං ධාරෙථ. අනුපවිට්ඨො අන්තොගධොති නං ධාරෙථාති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
මහා තණ්හා ජාල තණ්හා සංඝාට පටිමුක්කන්ති තෘෂ්ණාව මැසිම කළ අර්ථයෙන් මහා තණ්හා ජාලාය, ගැළපීම කළ අර්ථයෙන් සංඝාටය, මෙසේ මේ මහා තෘෂ්ණාජාල සංඛ්‍යාත තෘෂ්ණා සංඝාටයෙහි ද, බැඳුණෙකු කොට මේ කෙවුල් පුත් සාති මහණ සලකවු. ඇතුළත පිවිසියෙක. ඇතුළත් වූයෙක. ඔහු ධරන්නහුය යන අර්ථයි. සෙස්ස සියලු තන්හි ප්‍රකට අර්ථ ඇත්තේ ය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාතණ්හාසඞ්ඛයසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහා තණ්හාසංඛය සූත්‍ර වර්ණනාව නිමියේය.