ජාලියසුත‍්තං
7.
7.
ජාලියසුත‍්තං
ජාලිය සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ද‍්වෙ පබ‍්බජිතා මණ‍්ඩිස‍්සො ච පරිබ‍්බාජකො ජාලියො ච දාරුපත‍්තිකන‍්තෙවාසී යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො තෙ ද‍්වෙ පබ‍්බජිතා භගවන‍්තං එතදවොචුං: “කින‍්නු ඛො ආවුසො ගොතම තං ජීවං තං සරීරං? උදාහු අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං?”ති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි මණ්ඩිස්ස නම් පිරිවැජියෙක් ද දඬුමුවා පාත්‍රයක් දරන පැවිද්දක්හුගේ අතැවැසි ජාලිය නම් පිරිවැජියෙක් ද යන දෙ පැවිදි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට සුදුසු වූ, සිතැ රැඳවිය යුතු වූ කථාව නිමවා පසෙක සිටැ ගත්හ. එ දෙ පැවිද්දෝ එසේ පසෙකැ සිටියාහු ම “ඇවැත් ගොයුමාණනි, කිමෙක් ද? හේ ම ජීවයත් හේ ම ශරීරයත් වේ ද? (ජීවයත් ශරීරයත් එකෙක් ම ද?) නොහොත් ජීවය අනෙකෙකුත් ශරීරය අනෙකෙකුත් වේ ද? (ජීවයත් ශරීරයත් දෙකෙක් දැ?)” යි මෙය කීහ.
2. තෙන හාවුසො සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස‍්සාමී’ති. ‘එවමාවුසො’ති ඛො තෙ ද‍්වෙ පබ‍්බජිතා භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:
2. ඇවැත්නි, එසේ වී නම් අසවු. මොනොවට සිත්හි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘ඇවැත්නි, එසේ යැ’ කියා ඒ දෙ පැවිද්දෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
3. ඉධාවුසො, තථාගතො ලොකෙ උප‍්පජ‍්ජති අරහං සම‍්මාසම‍්බුද‍්ධො -පෙ- [යථා සාමඤ‍්ඤඵලෙ එවං විත්‍ථාරෙතබ‍්බං] එවං ඛො ආවුසො භික‍්ඛු සීලසම‍්පන‍්නො හොති.
3. ඇවැත්නි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තෙමේ මෙ ලොවැ උපදී ... (සාමඤ්ඤඵල සූත්‍රයෙහි දැක්වුණ පරිදි විස්තර කටයුතු.) ... ඇවැත්නි, මෙසේ මහණ තෙම සිල්වත් වෙයි.
4. කථං ච ආවුසො, භික‍්ඛු ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො හොති? ඉධාවුසො භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති -පෙ- එවං ඛො ආවුසො භික‍්ඛු ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො හොති.
4. ඇවැත්නි, කෙසේ නම් මහණ ඉඳුරන්හි වැසූ දොරැත්තේ වේ ද? ඇවැත්නි, මෙහි මහණතෙම ඇසින් රුවක් දැක නිමිති ගන්නා සුලු නො වේ ද, ... ඇවැත්නි, මෙසේ මහණ තෙම ඉඳුරන්හි වැසූ දොරැත්තේ වෙයි.
5. කථං ච ආවුසො, භික‍්ඛු සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො හොති? ඉධාවුසො භික‍්ඛු අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ -පෙ- එවං ඛො ආවුසො භික‍්ඛු සති සම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො හොති.
5. ඇවැත්නි, කෙසේ නම් මහණ සිහිනුවණින් යුත් වේ ද? ඇවැත්නි, මෙහි මහණ තෙම ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි ඉදිරි බැලීමෙහි දෙ පස බැලීමෙහි ... නුවණින් දැන කරන සුලු වේ ද, ඇවැත්නි, මෙසේ ම මහණ තෙම සිහිනුවණින් යුත් වෙයි.
6. කථඤ‍්ච ආවුසො, භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති? ඉධාවුසො භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති කායපාරිහාරිකෙන චීවරෙන -පෙ- එවං ඛො ආවුසො භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති.
6. ඇවැත්නි, කෙසේ නම් මහණ සතුටු වේ ද? ඇවැත්නි, මෙහි මහණ තෙම කයැ පරිහරණයට පමණ වූ සිවුරින් සතුටු වේ ද, ... ඇවැත්නි, මෙසේ මහණ තෙම සතුටු වෙයි.
7. සො ඉමිනා ච අරියෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො -පෙ- පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා, -පෙ- සො අභිජ‍්ඣං ලොකෙ පහාය -පෙ- විචිකිච‍්ඡාය චිත‍්තං පරිසොධෙති.
7. හේ මේ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, ... සිහිය අරමුණට යොමු කොට එළවා, ලොව කෙරෙහි අභිධ්‍යාව පහ කොට ... විචිකිච්ඡාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
සෙය්‍යථාපි ආවුසො, පුරිසො ඉණං ආදාය කම‍්මන‍්තෙ පයොජෙය්‍ය -පෙ- සෙය්‍යථාපි ආවුසො පුරිසො ආබාධිකො අස‍්ස -පෙ- සෙය්‍යථාපි ආවුසො පුරිසො බන්‍ධනාගාරෙ බද‍්ධො අස‍්ස -පෙ- සෙය්‍යථාපි ආවුසො පුරිසො දාසො අස‍්ස අනත‍්තාධීනො -පෙ- සෙය්‍යථාපි ආවුසො පුරිසො සධනො සභොගො කන‍්තාරද‍්ධානමග‍්ගං පටිපජ‍්ජෙය්‍ය -පෙ- ඉමෙ පංචනීවරණෙ අප‍්පහීණෙ අත‍්තනි සමනුපස‍්සෙය්‍ය -පෙ- සො අපරෙන සමයෙන තං කන‍්තාරං නිත්‍ථරෙය්‍ය -පෙ- එවමෙව ඛො භික‍්ඛු ඉමෙ පංචනීවරණෙ පහීණෙ අත‍්තනි සමනුපස‍්සති -පෙ-.
ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් ණයක් ගෙන කර්‍මාන්තයන් යොදන්නේ ද, ... යම්සේ පුරුෂයෙක් ගිලන් වන්නේ ද, ... යම්සේ පුරුෂයෙක් සිරගෙහි බඳනා ලද්දේ වන්නේ ද, ... යම්සේ පුරුෂයෙක් අනුනට යටත් දාසයෙක් වන්නේ ද, ... යම්සේ ධන ඇති භෝග ඇති පුරුෂයෙක් කතරමඟකට බස්නේ ද, ... හේ පසු කලෙක ඒ කතර තරණය කරන්නේ ද ... එ පරිද්දෙන්, ඇවැත්නි, මහණ තෙම තමා කෙරෙහි පහ වූ නීවරණ පස දකී ...
තස‍්සිමෙ පංචනීවරණෙ පහීණෙ අත‍්තනි සමනුපස‍්සතො -පෙ- චිත‍්තං සමාධියති.
තමා කෙරෙහි ප්‍රහීණ වූ මේ නීවරණ පස දක්නා ඔහු සිත අරමුණෙහි එකඟ වෙයි.
සො විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. -පෙ- නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස විවෙකජෙන පීතිසුඛෙන අප‍්ඵුටං හොති.
හේ කාමයන් ගෙන් වෙන් ව ම ... පළමු දහන් ලැබ වෙසෙයි ... ඔහු සියලු කය විවේකයෙන් උපන් පීති සුවයෙන් ... පැතිරැ වැද නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.
යො නු ඛො ආවුසො, එවං ජානාති එවං පස‍්සති, කල‍්ලන‍්නු ඛො තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා?ති.
ඇවැත්නි, යමෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘ජීවයත් ශරීරයත් දෙකෙක් ම යැ’යි හෝ මෙය කීමට යුතු ද? (ඔහු විසින් කිය හැකි දැ යි අසා වදාළ සේක.)
“යො සො ආවුසො, භික‍්ඛු එවං ජානාති එවං පස‍්සති, කල‍්ලං තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා”ති.
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් ශරීරයත් එකක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි කියා හෝ කියනු යුතු ය”.
අහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස‍්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වාති.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’යි කියා හෝ නො කියමි.
8. පුන චපරං ආවුසො, භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. -පෙ- නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස සමාධිජෙන පීතිසුඛෙන අප‍්ඵුටං හොති.
8. තව ද ඇවැත්නි, මහණ තෙම විතර්‍ක විචාර සංහිඳීමෙන් ... දෙවෙනි දහන් ලැබ වෙසෙයි ... ඔහු කය සමාධියෙන් උපන් පීති සුවයෙන් ... නො පැතිරගත් කිසිදු තැනෙක් නො වෙයි.
යො නු ඛො ආවුසො, භික‍්ඛු එවං ජානාති එවං පස‍්සති, කල‍්ලං තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා?ති.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, දක්නේ තම්, ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ ඔහු මෙය කියනුවට යුතු ද?”
“යො සො ආවුසො, භික‍්ඛු එවං ජානාති එවං පස‍්සති, කල‍්ලං තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා”ති.
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ඔහු විසින් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’යි හෝ ‘වෙන වෙන දෙකක් ම යැ’ යි හෝ මෙය කියනු යුතු ය”.
අහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස‍්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වාති.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ නො කියමි”.
පුන චපරං ආවුසො, භික‍්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. -පෙ- නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස නිප‍්පීතිකෙන සුඛෙන අප‍්ඵුටං හොති.
ඇවැත්නි, තව ද මහණ තෙම ප්‍රීතිය ද දුරැලීමෙන් … තෙවෙනි දහන් ලැබ වෙසෙයි. ඔහු විසින් නිෂ්ප්‍රීතික සුඛයෙන් සියලු කයැ පැතිර නොගන්නා ලද කිසි ද තැනෙක් නො වෙයි.
යො නු ඛො ආවුසො, භික‍්ඛු එවං ජානාති එවං පස‍්සති, කල‍්ලං නු ඛො තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා?ති.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ තම්, මෙසේ දක්නේ නම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘දෙකෙකැ’ යි හෝ ඔහු කියනු යුතු ද?
“යො සො ආවුසො, භික‍්ඛු එවං ජානාති එවං පස‍්සති, කල‍්ලං තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා”ති.
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ඔහු විසින් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් ම යැ’ යි මෙය කියනු යුතු ය”.
අහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස‍්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වාති.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලී මෙය මෙසේ දනිමි. මෙසේ දකිමි. වැලි දු මම ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ නො කියමි.
9. පුන චපරං ආවුසො, භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. -පෙ- නාස‍්ස කිඤ‍්චි සබ‍්බාවතො කායස‍්ස පරිසුද‍්ධෙන චෙතසා පරියොදාතෙන අප‍්ඵුටං හොති.
9. තව ද ඇවැත්නි, මහණ තෙම සුඛවේදනාවගේ ප්‍රහාණයෙන් දුඃඛ වේදනාවගේ ද ප්‍රහාණයෙන් ... සතරවන දහන් ලැබ වෙසෙයි ... ඔහු විසින් සියලු කයැ පිරිසිදු පැහැසර සිතින් පැතිරැ නො ගන්නා ලද කිසිදු තැනෙක් නො වෙයි.
යො නු ඛො ආවුසො, භික‍්ඛු එවං ජානාති එවං පස‍්සති, කල‍්ලං නු ඛො තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා?ති.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ කියනු යුතු ද?
“යො සො ආවුසො, භික‍්ඛු එවං ජානාති එවං පස‍්සති, කල‍්ලං තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා”ති.
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ තම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ කියනු යුතු ය”.
අහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස‍්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වාති.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ නො කියමි.
10. පුන චපරං ආවුසො, භික‍්ඛු එවං සමාහිතෙ චිත‍්තෙ -පෙ- ඤාණදස‍්සනාය චිත‍්තං අභිනීහරති අභිනින‍්නාමෙති. සො එවං පජානාති ‘අයං ඛො මෙ කායො රූපී චාතුම‍්මහාභූතිකො -පෙ- භෙදනවිද‍්ධංසනධම‍්මො. ඉදං ච පන මෙ විඤ‍්ඤාණං එත්‍ථ සිතං එත්‍ථ පටිබද‍්ධන‍්ති. සෙය්‍යථාපි ආවුසො මණි වෙළුරියො -පෙ- තත්‍රස‍්ස සුත‍්තං ‘අයං ඛො මණි වෙළුරියො -පෙ- තත්‍රිදං සුත‍්තං ආවුතං නීලං වා -පෙ- පණ‍්ඩුසුත‍්තං වා’ති. එවමෙව ඛො ආවුසො භික‍්ඛු එවං සමාහිතෙ චිත‍්තෙ -පෙ- ඤාණදස‍්සනාය චිත‍්තං අභිනීහරති අභිනින‍්නාමෙති. සො එවං පජානාති. අයං ඛො මෙ කායො රූපි -පෙ- ඉදං ච පන මෙ විඤ‍්ඤාණං එත්‍ථ සිතං එත්‍ථ පටිබද‍්ධන‍්ති. -පෙ- [යථා පුබ‍්බෙ එවං විත්‍ථාරෙ තබ‍්බං]
10. තව ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත එකඟ වූ කල්හි ... ඥානදර්‍ශනය පිණිස සිත යොමු කරයි, එළවා තබයි. ‘මගේ මේ කය රූපී ය. සතර මහාභූතයන්ගෙන් සැදුණේ ය ... බිඳෙන නැසෙන සුලු ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ ය. යම්සේ ... වෙරෙළු මිණෙක් වේ ද, එහි හුයෙක් අවුනන ලද්දේ වේ ද, ... එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට ‘මේ වෙරෙළු මිණෙක ... එහි මේ නිල් හෝ ... පඬු පැහැ හුයෙක් අවුනන ලදැ’ යි හෝ මෙ පරිද්දෙන් දන්නේ ද, එසේ ම මහණතෙම සිත සමාහිත කල්හි ... දර්‍ශනඥානය පිණිස සිත එළවා තබයි, යොමු කෙරෙයි. හේ ‘මගේ මේ කය රූපී ය ... මගේ මේ සිත මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ’යි දනී ... [පෙර මෙන් විස්තර කටයුතු.]
11. පුන චපරං ආවුසො, -පෙ- එවං සමාහිතෙ චිත‍්තෙ -පෙ- මනොමයං කායං අභිනිම‍්මිනනාය චිත‍්තං අභිනීහරති අභිනින‍්නාමෙති -පෙ-
11. තව ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... මනෝමය කයක් මවනු පිණිස සිත යොමු කෙරෙයි, එළවා තබයි ...
12. පුන චපරං ආවුසො, භික‍්ඛු -පෙ- එවං සමාහිතෙ චිත‍්තෙ -පෙ- ඉද‍්ධිවිධාය චිත‍්තං අභිනීහරති -පෙ- යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙති. -පෙ-
12. තවද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... ඍද්ධිවිධඥානය පිණිස සිත එළවයි ... බඹලොව දක්වාත් කයින් වශයෙහි පවත්වයි ...
13. පුන චපරං ආවුසො, භික‍්ඛු එවං සමාහිතෙ චිත‍්තෙ -පෙ- දිබ‍්බාය සොතධාතුයා -පෙ- චෙතොපරියඤාණාය -පෙ- පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණාය -පෙ- [යථා මහාලිසුත‍්තෙ එවං විත්‍ථාරෙතබ‍්බං].
13. තවද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... දිවකන් නුවණ පිණිස ... පරසිත් දන්නා නුවණ පිණිස ... පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කරන නුවණ පිණිස ... [මහාලි සූත්‍රයෙහි මෙන් විස්තර කටයුතු.]
14. පුන චපරං ආවුසො, භික‍්ඛු එවං සමාහිතෙ චිත‍්තෙ -පෙ- සත‍්තානං චුතූපපාතඤාණාය චිත‍්තං අභිනීහරති -පෙ- යථා කම‍්මූපගෙ සත‍්තෙ පජානාති.
14. නැවත ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... සත්ත්‍වයන්ගේ චුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත එළවා තබයි ... කම් වූ පරිදි පරලොව යන සතුන් දනී.
යො ඛො ආවුසො, භික‍්ඛු එවං ජානාති එවං පස‍්සති, කල‍්ලං නු ඛො තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා?”ති.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’යි හෝ කියනු යුතු ද?
“යො සො ආවුසො, භික‍්ඛු එවං ජානාති එවං පස‍්සති, කල‍්ලං තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා”ති.
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් මැ යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ කියනු යුතු ය”.
අහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස‍්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වාති.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් යැ’ යි හෝ නො කියමි.
15. පුන චපරං ආවුසො, භික‍්ඛු එවං සමාහිතෙ චිත‍්තෙ -පෙ- ආසවානං ඛයඤාණාය චිත‍්තං අභිනීහරති අභිනින‍්නාමෙති. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති. -පෙ- ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති.
15. නැවත ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... ආස්‍රවක්‍ෂයකරඥානය පිණිස සිත එළවයි, යොමු කරයි. හේ ‘මේ දුකැ යි තත් වූ පරිදි දැන ගනියි ... පුනර්‍ජන්මය ක්‍ෂීණ ය, බඹසර වැස නිමැවිණ, කටයුතු දෑ කරන ලදී. මෙය පිණිස තව ද කටයුත්තෙක් නැතැ’යි හෝ දැන ගනී.
යො නු ඛො ආවුසො, භික‍්ඛු එවං ජානාති එවං පස‍්සති, කල‍්ලං නු ඛො තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා?ති.
ඇවැත්නි, යම් මහණෙක් වනාහි මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් මැ යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් යැ’ යි හෝ කියනු යුතු ද?
“යො සො ආවුසො, භික‍්ඛු එවං ජානාති එවං පස‍්සති, න කල‍්ලං තස‍්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා”ති.
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් මැ යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් යැ’ යි හෝ කියනු යුතු නො වේ”.
අහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස‍්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන‍්ති’වා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති’වා’ති.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එතෙකුදු වුවත් ‘එය ම ජීවය ය, එය ම ශරීරය යැ’යි හෝ ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි හෝ මම් නො කියමි.
16. ඉදමවොච භගවා. අත‍්තමනා තෙ ද‍්වෙ පබ‍්බජිතා භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.
16. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ දෙපැවිද්දෝ සතුටු සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.
ජාලියසුත‍්තං නිට‍්ඨිතං.
ජාලිය සූත්‍රය නිමියේ ය.