7. ජාලියසුත්තවණ්ණනා අට්ඨකථා
7. ජාලියසුත්තවණ්ණනා
7. ජාලිය සූත්‍ර වර්ණනාව
ද්වෙ පබ්බජිතවත්ථුවණ්ණනා
එවං මෙ සුතං…පෙ… කොසම්බියන්ති ජාලියසුත්තං. තත්රායං අපුබ්බපදවණ්ණනා.
එවං මෙ සුතං -පෙ- කොසම්බියං යනු ජාලිය සූත්‍රයයි. මේ එහි අපූර්ව පද වර්ණනාවයි.
ඝොසිතාරාමෙති ඝොසිතෙන සෙට්ඨිනා කතෙ ආරාමෙ. පුබ්බෙ කිර අල්ලකප්පරට්ඨං නාම අහොසි. තතො කොතූහලිකො නාම දලිද්දො ඡාතකභයෙන සපුත්තදාරො අවන්තිරට්ඨං ගච්ඡන්තො පුත්තං වහිතුං අසක්කොන්තො ඡඩ්ඩෙත්වා අගමාසි, මාතා නිවත්තිත්වා තං ගහෙත්වා ගතා, තෙ එකං ගොපාලකගාමං පවිසිංසු. ගොපාලකෙන ච තදා බහුපායාසො පටියත්තො හොති, තෙ තතො පායාසං ලභිත්වා භුඤ්ජිංසු. අථ සො පුරිසො බලවපායාසං භුත්තො ජීරාපෙතුං අසක්කොන්තො රත්තිභාගෙ කාලං කත්වා තත්ථෙව සුනඛියා කුච්ඡිස්මිං පටිසන්ධිං ගහෙත්වා කුක්කුරො ජාතො, සො ගොපාලකස්ස පියො අහොසි. ගොපාලකො ච පච්චෙකබුද්ධං උපට්ඨහති. පච්චෙකබුද්ධොපි භත්තකිච්චපරියොසානෙ කුක්කුරස්ස එකෙකං පිණ්ඩං දෙති, සො පච්චෙකබුද්ධෙ සිනෙහං උප්පාදෙත්වා ගොපාලකෙන සද්ධිං පණ්ණසාලම්පි ගච්ඡති. ගොපාලකෙ අසන්නිහිතෙ භත්තවෙලායං සයමෙව ගන්ත්වා කාලාරොචනත්ථං පණ්ණසාලද්වාරෙ භුස්සති, අන්තරාමග්ගෙපි චණ්ඩමිගෙ දිස්වා භුස්සිත්වා පලාපෙති. සො පච්චෙකබුද්ධෙ මුදුකෙන චිත්තෙන කාලංකත්වා දෙවලොකෙ නිබ්බත්ති. තත්රස්ස ඝොසකදෙවපුත්තො ත්වෙව නාමං අහොසි.
ඝෝසිතාරාමෙ ඝෝෂිත සිටුවරයා විසින් කරන ලද ආරාමයෙහි පෙර අජිත නම් රටක් විය. ඉන්පසු කොතුහලික නම් දිළින්දෙක් සාගතයට බියෙන් අඹුදරුවන් සමග අනතුරු රටකට යන්නේ පුත්‍රයා දරාගන්නට නොහැක්කේ අත්හැර දමා ගියේය. මව නැවතී ඔහු ගෙන ගියාය. ඔවුහු එක්තරා ගොපලු ගමකට පිවිසියාහුය. ගොපල්ලන්ට එකල්හි බොහෝ පායාස පිළියෙල කරන ලද්දේ වෙයි. ඔවුහු එතැනින් පායාසය ලැබ අනුභව කළහ. ඉක්බිති ඒ පුරුෂයා බලවත් පායාසය අනුභවකොට දිරවන්නට නොහැකි වන්නේ රාත්‍රී කාලයෙහි කලුරියකොට එහිම බැල්ලකගේ කුසෙහි පිළිසිඳ ගෙන බලුපැටියෙක් විය. ඌ ගොපල්ලාට ප්‍රිය වෙයි. ගොපල්ලාද පසේබුදුවරයකුට උපස්ථාන කරයි. පසේබුදුන් වහන්සේද බත්කිස කරන කල්හි බලුපැටියාට පිඬු දෙන සේක. ඌ පසේබුදුන් කෙරෙහි ස්නේහය උපදවා ගොපල්ලා සමග පන්සලටද යයි. ගොපල්ලා නොපැමිණි කල්හි බත් වේලාවෙහි තමාම ගොස් කල් දැන්වීම පිණිස පන්සල් දොර ළඟදී බුරයි. අතරමගදී ද චණ්ඩ මෘගයන් දැක බුරා එලවා දමයි. ඌ පසේබුදුන් කෙරෙහි මෘදු සිතින් කලුරියකොට දෙව්ලොව උපන්නේය. එහුට ඝොසක දිව්‍යපුත්‍රයා යයි නමක් විය.
සො දෙවලොකතො චවිත්වා කොසම්බියං එකස්ස කුලස්ස ඝරෙ නිබ්බත්ති. තං අපුත්තකො සෙට්ඨි තස්ස මාතාපිතූනං ධනං දත්වා පුත්තං කත්වා අග්ගහෙසි. අථ අත්තනො පුත්තෙ ජාතෙ සත්තක්ඛත්තුං ඝාතාපෙතුං උපක්කමි. සො පුඤ්ඤවන්තතාය සත්තසුපි ඨානෙසු මරණං අප්පත්වා අවසානෙ එකාය සෙට්ඨිධීතාය වෙය්යත්තියෙන ලද්ධජීවිතො අපරභාගෙ පිතුඅච්චයෙන සෙට්ඨිට්ඨානං පත්වා ඝොසකසෙට්ඨි නාම ජාතො. අඤ්ඤෙපි කොසම්බියං කුක්කුටසෙට්ඨි, පාවාරියසෙට්ඨීති ද්වෙ සෙට්ඨිනො අත්ථි, ඉමිනා සද්ධිං තයො අහෙසුං.
ඔහු දෙව්ලොවින් චුතව කොසඹෑ නුවර එක් කුලගෙයක උපන්නේය. දරුවන් නැති සිටුවරයා මාපියන්ට ධනය දී ඔහු පුත්‍රයා කොට ගත්තේය. අනතුරුව දරුවන් උපන් කල සත්වරක් ඝාතනය කිරීමට උපක්‍රම යෙදීම. ඔහු පින්වත් බැවින් සත් තැනකදීම මරණයට නොපැමිණ අවසන එක් සිටුදුවකගේ දක්ෂතාව නිසා ජීවිතය ලැබ පසුකලෙක පියාගේ ඇවෑමෙන් සිටු තනතුරට පත්ව ඝෝසක සිටු නම් විය. කොසඹෑ නුවර තවත් කුක්කුට සිටුය. පාවාරික සිටුයයි සිටුවරු දෙදෙනෙක් වෙති. මොහු සමග තිදෙනෙක් වෙති.
තෙන ච සමයෙන හිමවන්තතො පඤ්චසතතාපසා සරීරසන්තප්පනත්ථං අන්තරන්තරාකොසම්බිං ආගච්ඡන්ති, තෙසං එතෙ තයො සෙට්ඨී අත්තනො අත්තනො උය්යානෙසු පණ්ණකුටියො කත්වා උපට්ඨානං කරොන්ති. අථෙකදිවසං තෙ තාපසා හිමවන්තතො ආගච්ඡන්තා මහාකන්තාරෙ තසිතා කිලන්තා එකං මහන්තං වටරුක්ඛං පත්වා තත්ථ අධිවත්ථාය දෙවතාය සන්තිකා සඞ්ගහං පච්චාසිසන්තා නිසීදිංසු. දෙවතා සබ්බාලඞ්කාරවිභූසිතං හත්ථං පසාරෙත්වා තෙසං පානීයපානකාදීනි දත්වා කිලමථං පටිවිනොදෙසි, එතෙ දෙවතායානුභාවෙන විම්හිතා පුච්ඡිංසු – “කිං නු ඛො, දෙවතෙ, කම්මං කත්වා තයා අයං සම්පත්ති ලද්ධා”ති? දෙවතා ආහ – “ලොකෙ බුද්ධො නාම භගවා උප්පන්නො, සො එතරහි සාවත්ථියං විහරති, අනාථපිණ්ඩිකො ගහපති තං උපට්ඨහති. සො උපොසථදිවසෙසු අත්තනො භතකානං පකතිභත්තවෙතනමෙව දත්වා උපොසථං කාරාපෙසි. අථාහං එකදිවසං මජ්ඣන්හිකෙ පාතරාසත්ථාය ආගතො කඤ්චි භතකකම්මං අකරොන්තං දිස්වා – ‘අජ්ජ මනුස්සා කස්මා කම්මං න කරොන්තී’ති පුච්ඡිං. තස්ස මෙ තමත්ථං ආරොචෙසුං. අථාහං එතදවොචං – ‘ඉදානි උපඩ්ඪදිවසො ගතො, සක්කා නු ඛො උපඩ්ඪුපොසථං කාතු’න්ති. තතො සෙට්ඨිස්ස පටිවෙදෙත්වා “සක්කා කාතු”න්ති ආහ. ස්වාහං උපඩ්ඪදිවසං උපඩ්ඪුපොසථං සමාදියිත්වා තදහෙව කාලං කත්වා ඉමං සම්පත්තිං පටිලභි”න්ති.
එසමයෙහි හිමාලයේ සිට පන්සියයක් තවුසෝ ශරීරය සන්තර්පනය කිරීම පිණිස නිරන්තරයෙන් කොසඹෑවට එති. ඔවුන්ට ඒ සිටුවරු තිදෙන තමන්ගේ උයන්වල කොළකුටි තනා උවටැන් කරති. ඉක්බිති එක් දවසක් ඒ තවුසෝ හිමවතින් එන්නාහු මහා කාන්තාරයෙහි පිපාසිත වූවාහු ක්ලාන්ත වූවාහු එක් විශාල ඇසතු රුකක් වෙත පැමිණ එහි අධිගෘහිත දේවතාවා සමීපයෙන් සංග්‍රහ අපේක්ෂා කරන්නාහු හිඳගත්හ. දේවතාවා සර්වාලංකාරයෙන් අලංකාර කරන ලද අත දිගුකොට ඔවුන්ට පානය කරන නහන ජලය ආදිය දී විඩාව නැති කළේය. ඔවුහු දේවතාවාගේ ආනුභාවයෙන් විස්මයට පත්වූවාහු මෙසේ ඇසූහ. දේවතාවනි, කුමන ක්‍රියාවක් කොට ඔබ විසින් මේ සම්පත් ලබන ලද්දේ ද? දේවතාවා මෙසේ කීය. ලෝකයෙහි බුද්ධ නම් භාග්‍යවතුන් වහන්සේ උපන් සේක. උන්වහන්සේ දැන් සැවැත්නුවර වැඩවසති. අනේපිඬු ගෘහපතියා උන්වහන්සේට උපස්ථාන කරයි. හෙතෙමේ උපෝසථ දිනයන්හි තමාගේ සේවකයන්ට පියෙවි බත් වැටුප් දී පෙහෙවස් සමාදන් කරවයි. ඉක්බිති එක් මධ්‍යාහ්නයෙහි උදේ ආහාරය සඳහා පැමිණියේ කිසිදු මෙහෙකාරකමක් නොකෙරෙනු දැක අද මිනිස්සු කුමක්හෙයින් වැඩ නොකරත්දැයි ඇසුවෙමි. මට ඔවුහු ඒ කරුණ දැන්වූහ. ඉන්පසු මම මෙසේ කීමි. දැන් උපෝසථ දිනය ගොස්ය. උපෝසථයෙන් අඩක් කරන්ට හැකිද? ඉන්පසු සිටුවරයාට දන්වා ‘කළහැකියයි කීහ. ඒ මම අඩපොහොය සමාදන්ව එදවසම කලුරියකොට මේ සම්පත්තිය ලැබුවෙමි.
අථ තෙ තාපසා “බුද්ධො කිර උප්පන්නො”ති සඤ්ජාතපීතිපාමොජ්ජා තතොව සාවත්ථිං ගන්තුකාමා හුත්වාපි – “බහුකාරා නො උපට්ඨාකසෙට්ඨිනො තෙසම්පි ඉමමත්ථමාරොචෙස්සාමා”ති කොසම්බිං ගන්ත්වා සෙට්ඨීහි කතසක්කාරබහුමානා “තදහෙව මයං ගච්ඡාමා”ති ආහංසු. “කිං, භන්තෙ, තුරිතාත්ථ, නනු තුම්හෙ පුබ්බෙ චත්තාරො පඤ්ච මාසෙ වසිත්වා ගච්ඡථා”ති ච වුත්තෙ තං පවත්තිං ආරොචෙසුං. “තෙන හි, භන්තෙ, සහෙව ගච්ඡාමා”ති ච වුත්තෙ “ගච්ඡාම මයං, තුම්හෙ සණිකං ආගච්ඡථා”ති සාවත්ථිං ගන්ත්වා භගවතො සන්තිකෙ පබ්බජිත්වා අරහත්තං පාපුණිංසු. තෙපි සෙට්ඨිනො පඤ්චසතපඤ්චසතසකටපරිවාරා සාවත්ථිං ගන්ත්වා දානාදීනි දත්වා කොසම්බිං ආගමනත්ථාය භගවන්තං යාචිත්වා පච්චාගම්ම තයො විහාරෙ කාරෙසුං. තෙසු කුක්කුටසෙට්ඨිනා කතො කුක්කුටාරාමො නාම, පාවාරියසෙට්ඨිනා කතො පාවාරිකම්බවනං නාම, ඝොසිතසෙට්ඨිනා කතො ඝොසිතාරාමො නාම අහොසි. තං සන්ධාය වුත්තං – “කොසම්බියං විහරති ඝොසිතාරාමෙ”ති.
ඉක්බිති ඒ තවුසෝ බුදුකෙනෙක් උපන්නේය යි හටගත් ප්‍රීති ප්‍රමෝදය ඇත්තාහු එතැනින් සැවැත්නුවරට යනු කැමැත්තාහු වුවද අපට උපස්ථායක සිටුවරු බොහෝ උපකාරීය. ඔවුන්ටද මේ කරුණ දන්වන්නෙමුයි කොසඹෑවට ගොස් සිටුවරුන් විසින් කරන ලද සත්කාර බහුකාර ඇත්තාහු අදම අපි යන්නෙමුයි කීහ. ස්වාමීනි, කුමක් නිසා ඉක්මන් වූද? ඔබලා පෙර හතර පස්මසක් වැස යන්නෝ නොවන්නාහුදැයි කියනු ලැබුවාහු ඒ පුවත දැන්වූහ. එසේනම් ස්වාමීනි එක්වම යමුයි කීකල්හි ‘අපි යමු. ඔබ හෙමින් එන්නැයි සැවැත්නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිව රහත්බවට පැමිණියාහුය. ඒ සිටුවරුද පන්සියය බැගින් ගැල් පිරිවර ඇත්තාහු සැවැත්නුවරට ගොස් දන් දී කොසඹෑවට පැමිණීම පිණිස භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා නැවත අවුත් වෙහෙර තුනක් කරවූහ. ඒ අතරින් පාවාරිය සිටු විසින් කරවන ලද්දේ පාවාරික අම්බවන නම් විය. ඝොසිත සිටු විසින් කරවන ලද්දේ ඝොසිතාරාමය නම් විය. ඒ සඳහා කියන ලදි. ‘කොසම්බියං විහරති ඝොසිතාරාමෙ
මුණ්ඩියොති ඉදං තස්ස නාමං. ජාලියොති ඉදම්පි ඉතරස්ස නාමමෙව. යස්මා පනස්ස උපජ්ඣායො දාරුමයෙන පත්තෙන පිණ්ඩාය චරති, තස්මා දාරුපත්තිකන්තෙවාසීති වුච්චති.
චණ්ඩිස්සො මෙය ඔහුගේ නමයි. ජාලියො මෙය අනිකාගේ නමය. ඔහුගේ උපාධ්‍යායයන් වහන්සේ ලීයෙන් සැදූ පාත්‍රය සහිතව පිඬු පිණිස හැසිරෙන බැවින් දාරුකපත්තිකන්තෙවාසී යයි කියනු ලැබේ.
එතදවොචුන්ති උපාරම්භාධිප්පායෙන වාදං ආරොපෙතුකාමා හුත්වා එතදවොචුං. ඉති කිර නෙසං අහොසි, සචෙ සමණො ගොතමො “තං ජීවං තං සරීර”න්ති වක්ඛති, අථස්ස මයං එතං වාදං ආරොපෙස්සාම – “භො ගොතම, තුම්හාකං ලද්ධියා ඉධෙව සත්තො භිජ්ජති, තෙන වො වාදො උච්ඡෙදවාදො හොතී”ති. සචෙ පන “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර”න්ති වක්ඛති, අථස්සෙතං වාදං ආරොපෙස්සාම “තුම්හාකං වාදෙ රූපං භිජ්ජති, න සත්තො භිජ්ජති. තෙන වො වාදෙ සත්තො සස්සතො ආපජ්ජතී”ති. අථ භගවා “ඉමෙ වාදාරොපනත්ථාය පඤ්හං පුච්ඡන්ති, මම සාසනෙ ඉමෙ ද්වෙ අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා අත්ථීති න ජානන්ති, හන්ද නෙසං පඤ්හං අවිස්සජ්ජෙත්වා තස්සායෙව පටිපදාය ආවිභාවත්ථං ධම්මං දෙසෙමී”ති චින්තෙත්වා “තෙන හාවුසො”තිආදිමාහ.
එතදවොචුං දොස් නැගීමේ අදහසින් වාදයක් ඇතිකරනු කැමැත්තෝව මෙසේ කීහ. ඔවුන්ට මෙසේ සිතිණ. යම්හෙයකින් ශ්‍රමණ ගෞතම ජීවය ශරීරයෙහි කියුවහොත් අපි ඔහුට මේ වාදය නගන්නෙමු. භවත් ගෞතමයෙනි, ඔබගේ ලබ්ධියට අනුව සත්වයා මෙහිදීම බිඳී යයි. එයින් අපගේ වාදය වන උච්ඡේදවාදය වෙයි. ඉදින් ජීවය අනිකකි. ශරීරය අනිකකියි කියයිද, ඉක්බිති ඔහුට මේ වාදය නගන්නෙමු. ඔබගේ වාදයෙහි රූපය බිඳෙයි. සත්වයා නොබිඳේ. එයින් අපගේ වාදයෙහි සත්ත්වයා ශාස්වත බවට පැමිණේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොවුහු වාදාරෝපණය පිණිස ප්‍රශ්න අසත්. මාගේ සසුනෙහි මේ අන්ත දෙකට නොපැමිණ මජ්ඣිම පටිපදාවක් ඇතැයි නොදනිත්. ඔවුන්ගේ ප්රශ්නය නොවිසඳා ඒ ප්‍රතිපදාව හෙළිදරව් කිරීම පිණිස ධර්මය දේශනා කරමියි සිතා තෙනහාවුසො ආදිය කී සේක.
තත්ථ කල්ලං නු ඛො තස්සෙතං වචනායාති තස්සෙතං සද්ධාපබ්බජිතස්ස තිවිධං සීලං පරිපූරෙත්වා පඨමජ්ඣානං පත්තස්ස යුත්තං නු ඛො එතං වත්තුන්ති අත්ථො. තං සුත්වා පරිබ්බාජකා පුථුජ්ජනො නාම යස්මා නිබ්බිචිකිච්ඡො න හොති, තස්මා කදාචි එවං වදෙය්යාති මඤ්ඤමානා – “කල්ලං තස්සෙතං වචනායා”ති ආහංසු. අථ ච පනාහං න වදාමීති අහං එතමෙවං ජානාමි, නො ච එවං වදාමි, අථ ඛො කසිණපරිකම්මං කත්වා භාවෙන්තස්ස පඤ්ඤාබලෙන උප්පන්නං මහග්ගතචිත්තමෙතන්ති සඤ්ඤං ඨපෙසිං. න කල්ලං තස්සෙතන්ති ඉදං තෙ පරිබ්බාජකා – “යස්මා ඛීණාසවො විගතසම්මොහො තිණ්ණවිචිකිච්ඡො, තස්මා න යුත්තං තස්සෙතං වත්තු”න්ති මඤ්ඤමානා වදන්ති. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
එහි කල්ලන්නුඛො තස්සෙතං වචනාය මෙසේ ශ්‍රද්ධාවෙන් පැවිදි වූ ඔහුට ත්‍රිවිධ ශීලය පුරා ප්‍රථමධ්‍යානයට පත්වූවහුට මෙය කීම සුදුසුද, මෙය කීම සුදුසුය යන අර්ථයි. ඒ අසා පරිබ්‍රාජකයෝ පෘථග්ජනයා යම්හෙයකින් විචිකිච්ඡාව නැත්තෙක් නොවේ නම්, එයින් කවදා හෝ මෙසේ කියන්නේ යයි සිතන්නාහු කල්ලං තස්සෙතං වචනං යයි කීහ. අථච පනාහං නවදාමි මම මෙය මෙසේ දනිමි. එසේ නොකියමි. කිසුණු පිරියම්කොට වඩන්නහුගේ ප්‍රඥා බලයෙන් උපන් මහග්ගත සිත මෙය යයි සංඥාවක් තැබූ සේක. න කල්ලං තස්සෙතං ඒ පරිබ්‍රාජකයෝ ‘යම් හෙයකින් ක්ෂීණාශ්රව තෙමේ පහ වූ මෝහ ඇත්තේ, තරණය කළ විචිකිච්ඡා ඇත්තේද ඒ නිසා ඔහුට මෙසේ කීම යුතු නොවේ යයි සිතමින් කියති. සෙස්ස සියලු තැන නොගැඹුරු අරුත් ඇත්තේමය.
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං ජාලියසුත්තවණ්ණනා නිට්ඨිතා.
ජාලිය සූත්‍ර වර්ණනාව නිමියේ ය.