8. මහාසීහනාදසුත්තවණ්ණනා අට්ඨකථා
8. මහාසීහනාදසුත්තවණ්ණනා
8. කස්සප සීහනාද සූත්‍ර වර්ණනාව
අචෙලකස්සපවත්ථුවණ්ණනා
එවං මෙ සුතං…පෙ… උරුඤ්ඤායං විහරතීති මහාසීහනාදසුත්තං. තත්රායං අපුබ්බපදවණ්ණනා.
එවමෙ සුතං -පෙ- උජුඤ්ඤායං විහරති යනු සීහනාද සූත්‍රයයි. මේ එහි අපූර්ව පද වර්ණනාවයි.
උරුඤ්ඤායන්ති උරුඤ්ඤාති තස්ස රට්ඨස්සපි නගරස්සපි එතදෙව නාමං, භගවා උරුඤ්ඤානගරං උපනිස්සාය විහරති. කණ්ණකත්ථලෙ මිගදායෙති තස්ස නගරස්ස අවිදූරෙ කණ්ණකත්ථලං නාම එකො රමණීයො භූමිභාගො අත්ථි. සො මිගානං අභයත්ථාය දින්නත්තා “මිගදායො”ති වුච්චති, තස්මිං කණ්ණකත්ථලෙ මිගදායෙ. අචෙලොති නග්ගපරිබ්බාජකො. කස්සපොති තස්ස නාමං. තපස්සින්ති තපනිස්සිතකං. ලූඛාජීවින්ති අචෙලකමුත්තාචාරාදිවසෙන ලූඛො ආජීවො අස්සාති ලූඛාජීවී, තං ලූඛාජීවිං. උපක්කොසතීති උපණ්ඩෙති. උපවදතීති හීළෙති වම්භෙති. ධම්මස්ස ච අනුධම්මං බ්යාකරොන්තීති භොතා ගොතමෙන වුත්තකාරණස්ස අනුකාරණං කථෙන්ති. සහධම්මිකො වාදානුවාදොති පරෙහි වුත්තකාරණෙන සකාරණො හුත්වා තුම්හාකං වාදො වා අනුවාදො වා විඤ්ඤූහි ගරහිතබ්බං, කාරණං කොචි අප්පමත්තකොපි කිං න ආගච්ඡති. ඉදං වුත්තං හොති, “කිං සබ්බාකාරෙනපි තව වාදෙ ගාරය්හං කාරණං නත්ථී”ති. අනබ්භක්ඛාතුකාමාති න අභූතෙන වත්තුකාමා.
උජුඤ්ඤාය උජුඤ්ඤා යනු ඒ ඒ රටෙහිද නගරයෙහිද නමයි. භාග්‍යවතුන් වහන්සේ උජුඤ්ඤා නගරය ඇසුරුකොට වාසය කරන සේක. කණ්ණා කත්ථලෙ මිගදායෙ ඒ නගරය නුදුරෙහි කණ්ණ කබල නම් එක් රමණීය බිම්කඩක් ඇත. එය මුවන්ට අභය පිණිස දුන් බැවින් මිගදාය යයි කියනු ලැබේ. ඒ කණ්ණකත්ථල මිගදායෙහි. අචෙලො නග්න පරිබ්‍රාජකයා. කස්සපො ඔහුගේ නම. තපස්සී යනු කපස ඇසුරුකළ. ලුඛාජීවී නිර්වස්ත්‍රව සිටීම, මුත්‍ර කිරීමේදී හැසිරෙන ආකාර ආදි වශයෙන් රළු ජීවිතයක් මොහුට ඇත්තේ නුයි = ලුඛාජීවී, ඒ ලුඛාජීවය උපක්කොසති අක්‍රෝශ කරයි. උපවදති පහත්කොට අවමන් කරයි. ධම්මස්සචානුධම්මං ව්යාකරොන්ති භවත් ගෞතමයන් විසින් කියන ලද කරුණට අනුකරුණක් කියත්. සහධම්මිකො වාදානුවාදො අනෙකා විසින් කියන ලද කරුණින් කරුණු ගෙන තොපගේ වාදය හෝ අනුවාදය හෝ වේවා, නුවණැත්තන් විසින් ගැරහිය යුතු කරුණකි. අල්පමාත්‍රයක්වත් නොඑයි. මෙය කියන ලද්දේ වෙයි. කිමෙක්ද සියලු ආකාරයෙන් ඔබගේ වාදයෙහි ගැරහිය යුතු කරුණක් නැත. අනබ්භක්ඛාතුකාමො බොරුවෙන් කියනු නොකැමැත්තාහු.
එකච්චං තපස්සිං ලූඛාජීවින්තිආදීසු ඉධෙකච්චො අචෙලකපබ්බජ්ජාදිතපනිස්සිතත්තා තපස්සී “ලූඛෙන ජීවිතං කප්පෙස්සාමී”ති තිණගොමයාදිභක්ඛනාදීහි නානප්පකාරෙහි අත්තානං කිලමෙති, අප්පපුඤ්ඤතාය ච සුඛෙන ජීවිතවුත්තිමෙව න ලභති, සො තීණි දුච්චරිතානි පූරෙත්වා නිරයෙ නිබ්බත්තති.
එකච්චං තපස්සිං ලූඛවාජීවිං ආදී තන්හි මෙහි ඇතැම් අචේලක පැවිද්ද ආදී තපසින් යුතු බැවින් තපස්සී. රළු දිවියෙන් ජීවත් වන්නෙමියි තණකොළ ගොම ආදිය කෑම ආදි නානා ප්‍රකාරයෙන් තමා වෙහෙසට පත්කර ගනී. අඩු පින් ඇති බැවින් ද සැපවත් ජීවන වෘත්තියක්වත් නොලබයි. හේ තුන් දුසිරිත් පුරා නිරයෙහි උපදී.
අපරො තාදිසං තපනිස්සිතොපි පුඤ්ඤවා හොති, ලභති ලාභසක්කාරං. සො “න දානි මයා සදිසො අත්ථී”ති අත්තානං උච්චෙ ඨානෙ සම්භාවෙත්වා “භිය්යොසොමත්තාය ලාභං උප්පාදෙස්සාමී”ති අනෙසනවසෙන තීණි දුච්චරිතානි පූරෙත්වා නිරයෙ නිබ්බත්තති. ඉමෙ ද්වෙ සන්ධාය පඨමනයො වුත්තො.
තවෙකෙක් එබඳු තපස ඇසුරු කළද පිනැත්තේ වෙයි. ලාභසත්කාර ලබයි. ඔහු දැන් මා වැන්නෙක් නැතැයි තමා උසස් තැනක සම්භාවනාකොට බොහෝසෙයින් ලාභ උපදවන්නෙමියි නොහොබිනා ලෙස තුන් දුසිරිත් පුරා නිරයෙහි උපදී. මේ දෙදෙනා සඳහා පළමු ක්‍රමය කියන ලදි.
අපරො තපනිස්සිතකො ලූඛාජීවී අප්පපුඤ්ඤො හොති, න ලභති සුඛෙන ජීවිතවුත්තිං. සො “මය්හං පුබ්බෙපි අකතපුඤ්ඤතාය සුඛජීවිකා නුප්පජ්ජති, හන්දදානි පුඤ්ඤානි කරොමී”ති තීණි සුචරිතානි පූරෙත්වා සග්ගෙ නිබ්බත්තති.
අනෙකා තපසින් යුතුය. රළු දිවි ඇත්තේය. මඳ පින් ඇත්තේය. ජීවිකා වෘත්තිය සැපසේ නොලබයි. හේ මට පෙරත් පින් නොකළ බැවින් සැප දිවියක් නූපදී. දැන් පින් කරමියි තුන් සුසිරිත් පුරා ස්වර්ගයෙහි උපදී.
අපරො ලූඛාජීවී පුඤ්ඤවා හොති, ලභති සුඛෙන ජීවිතවුත්තිං. සො – “මය්හං පුබ්බෙපි කතපුඤ්ඤතාය සුඛජීවිකා උප්පජ්ජතී”ති චින්තෙත්වා අනෙසනං පහාය තීණි සුචරිතානි පූරෙත්වා සග්ගෙ නිබ්බත්තති. ඉමෙ ද්වෙ සන්ධාය දුතියනයො වුත්තො.
අනෙකෙක් රළු දිවි ඇත්තේය. පින්වත්ය. ජීවිකා වෘත්තිය සැපසේ ලබයි. හේ මට පෙරද කළ පින් ඇති බැවින් සැප දිවියක් උපදී යයි සිතා නොහොබිනා දේ අත්හැර තුන් සුසිරිත් පුරා ස්වර්ගයෙහි උපදී. මේ දෙදෙනා සඳහා දෙවැනි ක්‍රමය කියන ලදි.
එකො පන තපස්සී අප්පදුක්ඛවිහාරී හොති බාහිරකාචාරයුත්තො තාපසො වා ඡන්නපරිබ්බාජකො වා, අප්පපුඤ්ඤතාය ච මනාපෙ පච්චයෙ න ලභති. සො අනෙසනවසෙන තීණි දුච්චරිතානි පූරෙත්වා අත්තානං සුඛෙ ඨපෙත්වා නිරයෙ නිබ්බත්තති.
එකෙක් තපස් ඇත්තේය. අඩු දුකින් වසන්නේ වෙයි. බැහැරි පැවතුම් ඇත්තේ, තවුසෙක් හෝ සැඟවුණු පිරිවැජියෙක් හෝ මඳ පින් ඇති බැවින් කැමති ප්‍රත්‍ය නොලබයි. හේ නොහොබිනා දේ වශයෙන් තුන් දුසිරිත් පුරමින් තමා සැපයෙහි තබා නිරයෙහි උපදී.
අපරො පුඤ්ඤවා හොති, සො – “න දානි මයා සදිසො අත්ථී”ති මානං උප්පාදෙත්වා අනෙසනවසෙන ලාභසක්කාරං වා උප්පාදෙන්තො මිච්ඡාදිට්ඨිවසෙන – “සුඛො ඉමිස්සා පරිබ්බාජිකාය දහරාය මුදුකාය ලොමසාය සම්ඵස්සො”තිආදීනි චින්තෙත්වා කාමෙසු පාතබ්යතං වා ආපජ්ජන්තො තීණි දුච්චරිතානි පූරෙත්වා නිරයෙ නිබ්බත්තති. ඉමෙ ද්වෙ සන්ධාය තතියනයො වුත්තො.
තවෙකෙක් පින් ඇත්තේය. හේ ‘දැන් මා වැන්නෙක් නැතැයි මානය උපදවාගෙන නොහොබිනා දේ වශයෙන් ලාභසත්කාර උපදවන්නේ මිථ්‍යාදෘෂ්ටි වශයෙන් ‘මේ තරුණ මුදුමොළොක් පරිබ්‍රාජිකාවගේ ලොම් සහිත බාහුවෙන් ලැබෙන ස්පර්ශය සැපයයි ආදිය සිතා කාමයන්හි ගොදුරු බවට පැමිණෙන්නේ තුන් දුසිරිත් පුරා නිරයෙහි උපදී. මේ දෙදෙන සඳහා තෙවැනි ක්‍රමය කියන ලදි.
අපරො පන අප්පදුක්ඛවිහාරී අප්පපුඤ්ඤො හොති, සො – “අහං පුබ්බෙපි අකතපුඤ්ඤතාය සුඛෙන ජීවිකං න ලභාමී”ති තීණි සුචරිතානි පූරෙත්වා සග්ගෙ නිබ්බත්තති.
අනෙකෙක් මඳ දුකින් වසයි. මඳ පින් ඇත්තේය. හේ පෙරදීද නොකළ පින් ඇති බැවින් සැපසේ ජීවිතය නොලබමියි තුන් සුසිරිත් පුරා ස්වර්ගයෙහි උපදී.
අපරො පුඤ්ඤවා හොති, සො – “පුබ්බෙපාහං කතපුඤ්ඤතාය සුඛං ලභාමි, ඉදානි පුඤ්ඤානි කරිස්සාමී”ති තීණි සුචරිතානි පූරෙත්වා සග්ගෙ නිබ්බත්තති. ඉමෙ ද්වෙ සන්ධාය චතුත්ථනයො වුත්තො. ඉදං තිත්ථියවසෙන ආගතං, සාසනෙපි පන ලබ්භති.
තවෙකෙක් පින් ඇත්තේය. හෙතෙම මම පෙරදී කළ පින් ඇති බැවින් සැප ලබමි. දැනුදු පින් කරන්නෙමි යි තුන් සුසිරිත් පුරා ස්වර්ගයෙහි උපදී. මේ දෙදෙන සඳහා සිව්වැනි ක්‍රමය කියන ලදි. මෙය තීර්ථක වශයෙන් ආවකි. සසුනෙහිද ලැබේ.
එකච්චො හි ධුතඞ්ගසමාදානවසෙන ලූඛාජීවී හොති, අප්පපුඤ්ඤතාය වා සකලම්පි ගාමං විචරිත්වා උදරපූරං න ලභති. සො – “පච්චයෙ උප්පාදෙස්සාමී”ති වෙජ්ජකම්මාදිවසෙන වා අනෙසනං කත්වා, අරහත්තං වා පටිජානිත්වා, තීණි වා කුහනවත්ථූනි පටිසෙවිත්වා නිරයෙ නිබ්බත්තති.
ඇතමෙක් ධුතාංග සමාදාන වශයෙන් රළු දිවි ඇත්තෝ වෙති. අල්ප වූ පින් ඇති බැවින් මුළු ගම පුරා ඇවිද කුස පිරුමක් නොලබති. හේ ප්‍රත්‍ය උපදවන්නෙමියි වෙදකම් ආදී වශයෙන් හෝ නොහොබිනා දේ කොට රහත්බව හෝ හඟවා අනුන් රවටන කරුණු ප්‍රයෝජනයට ගෙන නිරයෙහි උපදිත්.
අපරො ච තාදිසොව පුඤ්ඤවා හොති. සො තාය පුඤ්ඤසම්පත්තියා මානං ජනයිත්වා උප්පන්නං ලාභං ථාවරං කත්තුකාමො අනෙසනවසෙන තීණි දුච්චරිතානි පූරෙත්වා නිරයෙ උප්පජ්ජති.
තවෙකෙක් ඒ අයුරින්ම පින්වත්ය. හේ ඒ පුණ්‍ය සම්පත්තියෙන් මානය උපදවා උපන් ලාභ ස්ථාවර කරනු කැමැත්තේ නොහොබිනා දේ වශයෙන් තුන් දුසිරිත් පුරා නිරයෙහි උපදී.
අපරො සමාදින්නධුතඞ්ගො අප්පපුඤ්ඤොව හොති, න ලභති සුඛෙන ජීවිතවුත්තිං. සො – “පුබ්බෙපාහං අකතපුඤ්ඤතාය කිඤ්චි න ලභාමි, සචෙ ඉදානි අනෙසනං කරිස්සං, ආයතිම්පි දුල්ලභසුඛො භවිස්සාමී”ති තීණි සුචරිතානි පූරෙත්වා අරහත්තං පත්තුං අසක්කොන්තො සග්ගෙ නිබ්බත්තති.
තවෙකෙක් සමාදන් වූ ධුතාංග ඇත්තේ වුවද මඳපින් ඇත්තේය. ජීවිකා වෘත්තිය සැපසේ නො ලබයි. හෙතෙමේ පෙරත් මම නොකළ පින් ඇති බැවින් කිසිවක් නො ලබමි. ඉදින් දැන් නොහොබිනා දේ කරන්නෙමි නම් අනාගතයේදී ද ලැබිය නොහැකි සැප ඇත්තේ වන්නෙමියි තුන් සුසිරිත් පුරා රහත්බවට පත්වීමට නොහැකිව ස්වර්ගයෙහි උපදී.
අපරො පුඤ්ඤවා හොති, සො – “පුබ්බෙපාහං කතපුඤ්ඤතාය එතරහි සුඛිතො, ඉදානිපි පුඤ්ඤං කරිස්සාමී”ති අනෙසනං පහාය තීණි සුචරිතානි පූරෙත්වා අරහත්තං පත්තුං අසක්කොන්තො සග්ගෙ නිබ්බත්තති.
තවෙකෙක් පින් ඇත්තේය. හේ පෙරදීද කරන ලද පින් ඇති බැවින් දැන් සුවපත්ව සිටිමි. දැනුත් පින් කරන්නෙමියි නොහොබිනා දේ අත්හැර තුන් සුසිරිත් පුරා රහත්බවට පත්වන්නට නොහැකිව ස්වර්ගයෙහි උපදී.
ආගතිඤ්චාති – “අසුකට්ඨානතො නාම ඉමෙ ආගතා”ති එවං ආගතිඤ්ච. ගතිඤ්චාති ඉදානි ගන්තබ්බට්ඨානඤ්ච. චුතිඤ්චාති තතො චවනඤ්ච. උපපත්තිඤ්චාති තතො චුතානං පුන උපපත්තිඤ්ච. කිං සබ්බං තපං ගරහිස්සාමීති – “කෙන කාරණෙන ගරහිස්සාමි, ගරහිතබ්බමෙව හි මයං ගරහාම, පසංසිතබ්බං පසංසාම, න භණ්ඩිකං කරොන්තො මහාරජකො විය ධොතඤ්ච අධොතඤ්ච එකතො කරොමා”ති දස්සෙති. ඉදානි තමත්ථං පකාසෙන්තො – “සන්ති කස්සප එකෙ සමණබ්රාහ්මණා”තිආදිමාහ.
ආගතිංවා මොවුහු අසුවල් තැන සිට ආවෝ යැයි මෙසේ පැමිණි. ගතිංවා දැන් යා යුතු තැන. චුතිංවා ඉන් චුතවීම. උප්පත්තිංවා ඉන් චුත වූවන්ගේ නැවත ඉපදීම. කිං සබ්බං තපං ගරහිස්සාමි කිනම් කරුණක් නිසා ගරහම්ද, ගර්හා කළයුතු දෙයම ගරහමි. පැසසිය යුතු දෙය පසසමි. පොදියක් බඳින මහාරජකයා මෙන් සේදූ රෙදි ද නොසේදූ රෙදි ද එක්තැන් නොකරමුයි දක්වයි. දැන් ඒ කරුණ දක්වන්නේ සන්තිකස්සප එකෙ සමණ බ්රාහ්මණා ආදිය කීය.
යං තෙ එකච්චන්ති පඤ්චවිධං සීලං, තඤ්හි ලොකෙ න කොචි “න සාධූ”ති වදති. පුන යං තෙ එකච්චන්ති පඤ්චවිධං වෙරං, තං න කොචි “සාධූ”ති වදති. පුන යං තෙ එකච්චන්ති පඤ්චද්වාරෙ අසංවරං, තෙ කිර – “චක්ඛු නාම න නිරුන්ධිතබ්බං, චක්ඛුනා මනාපං රූපං දට්ඨබ්බ”න්ති වදන්ති, එස නයො සොතාදීසු. පුන යං තෙ එකච්චන්ති පඤ්චද්වාරෙ සංවරං.
යන්තෙ එකච්චං පස්වැදෑරුම් ශීලය. එය ලෝකයෙහි කිසිවෙක් නොමැනවැයි නොකියයි. නැවත යන්තෙ එකච්චං පස්දොර අසංවර වූ, ඔවුහු ඇස නොනැසිය යුතුය. ඇසින් මනාප රූප දැකිය යුතුයයි කියත්. සෝත ආදි තන්හිද මේ ක්‍රමයයි. නැවත යන්තෙ එකච්චං පස්දොර සංවර වූ,
එවං පරෙසං වාදෙන සහ අත්තනො වාදස්ස සමානාසමානතං දස්සෙත්වා ඉදානි අත්තනො වාදෙන සහ පරෙසං වාදස්ස සමානාසමානතං දස්සෙන්තො “යං මය”න්තිආදිමාහ. තත්රාපි පඤ්චසීලාදිවසෙනෙව අත්ථො වෙදිතබ්බො.
මෙසේ අනුන්ගේ වාදය සමග තමාගේ වාදයෙහි සමානකම් අසමානකම් දක්වා දැන් තමාගේ වාදය සහ අනුන්ගේ වාදයෙහි ඇති සමානකම් අසමානකම් දක්වන්නේ යං මයං ආදිය කීය. එහිද පංචශීල ආදී වශයෙන්ම අර්ථය දතයුතුය.
සමනුයුඤ්ජාපනකථාවණ්ණනා
සමනුයුඤ්ජන්තන්ති සමනුයුඤ්ජන්තු, එත්ථ ච ලද්ධිං පුච්ඡන්තො සමනුයුඤ්ජති නාම, කාරණං පුච්ඡන්තො සමනුගාහති නාම, උභයං පුච්ඡන්තො සමනුභාසති නාම. සත්ථාරා වා සත්ථාරන්ති සත්ථාරා වා සද්ධිං සත්ථාරං උපසංහරිත්වා – “කිං තෙ සත්ථා තෙ ධම්මෙ සබ්බසො පහාය වත්තති, උදාහු සමණො ගොතමො”ති. දුතියපදෙපි එසෙව නයො.
සමනු යුඤ්ජගං යෙදෙත්වා. මෙහිද ලබ්ධිය විමසන්නේ සමනුයුඤ්ජති නමි. කාරණය විමසන්නේ සමනුගාහති නමි. දෙකම විමසන්නේ සමනුහාසති නමි. සත්ථාරාවා සත්ථාරං ශාස්තෲන් වහන්සේ විසින් හෝ ශාස්තෲන් වහන්සේම උදාහරණ සේ ගෙන, ශාස්තෲන් වහන්ස, ඔබවහන්සේගේ ධර්ම සැම අයුරින්ම අත්හැර පවතීද, නැතහොත් ශ්‍රමණ ගෞතමයන්ද? දෙවැනි පදයෙහි ද මේ ක්‍රමයමැයි.
ඉදානි තමත්ථං යොජෙත්වා දස්සෙන්තො – “යෙ ඉමෙසං භවත”න්තිආදිමාහ. තත්ථ අකුසලා අකුසලසඞ්ඛාතාති අකුසලා චෙව “අකුසලා”ති ච සඞ්ඛාතා ඤාතා කොට්ඨාසං වා කත්වා ඨපිතාති අත්ථො. එස නයො සබ්බපදෙසු. අපි චෙත්ථ සාවජ්ජාති සදොසා. න අලමරියාති නිද්දොසට්ඨෙන අරියා භවිතුං නාලං අසමත්ථා.
දැන් ඒ කරුණ යොදා දක්වන්නේ යෙ ඉමෙසං භවතං ආදිය කීය. එහි අකුසලා අකුසල සංඛාතා අකුසල්ද අකුසල් යයි ප්‍රකට වූ දත්තා වූ කොටසක් කොට තබන ලද යන අර්ථයි. සියලු පදයන්හි මේ ක්‍රමයයි. තවද මෙහි සාවජ්ජා සදොස්. න අලමරියා නිර්දෝෂාර්ථයෙන් ආර්යයෝ වන්නට නොසමත්.
යං විඤ්ඤූ සමනුයුඤ්ජන්තාති යෙන විඤ්ඤූ අම්හෙ ච අඤ්ඤෙ ච පුච්ඡන්තා එවං වදෙය්යුං, තං ඨානං විජ්ජති, අත්ථි තං කාරණන්ති අත්ථො. යං වා පන භොන්තො පරෙ ගණාචරියාති පරෙ පන භොන්තො ගණාචරියා යං වා තං වා අප්පමත්තකං පහාය වත්තන්තීති අත්ථො. අම්හෙව තත්ථ යෙභුය්යෙන පසංසෙය්යුන්ති ඉදං භගවා සත්ථාරා සත්ථාරං සමනුයුඤ්ජනෙපි ආහ – සඞ්ඝෙන සංඝං සමනුයුඤ්ජනෙපි. කස්මා? සඞ්ඝපසංසායපි සත්ථුයෙව පසංසාසිද්ධිතො. පසීදමානාපි හි බුද්ධසම්පත්තියා සඞ්ඝෙ, සඞ්ඝසම්පත්තියා ච බුද්ධෙ පසීදන්ති, තථා හි භගවතො සරීරසම්පත්තිං දිස්වා, ධම්මදෙසනං වා සුත්වා භවන්ති වත්තාරො – “ලාභා වත භො සාවකානං යෙ එවරූපස්ස සත්ථු සන්තිකාවචරා”ති, එවං බුද්ධසම්පත්තියා සඞ්ඝෙ පසීදන්ති. භික්ඛූනං පනාචාරගොචරං අභික්කමපටික්කමාදීනි ච දිස්වා භවන්ති වත්තාරො – “සන්තිකාවචරානං වත භො සාවකානං අයඤ්ච උපසමගුණො සත්ථු කීව රූපො භවිස්සතී”ති, එවං සඞ්ඝසම්පත්තියා බුද්ධෙ පසීදන්ති. ඉති යා සත්ථුපසංසා, සා සඞ්ඝස්ස. යා සඞ්ඝස්ස පසංසා, සා සත්ථූති සඞ්ඝපසංසායපි සත්ථුයෙව පසංසාසිද්ධිතො භගවා ද්වීසුපි නයෙසු – “අම්හෙව තත්ථ යෙභුය්යෙන පසංසෙය්යු”න්ති ආහ. සමණො ගොතමො ඉමෙ ධම්මෙ අනවසෙසං පහාය වත්තති, යං වා පන භොන්තො පරෙ ගණාචරියාතිආදීසුපි පනෙත්ථ අයමධිප්පායො – සම්පත්තසමාදානසෙතුඝාතවසෙන හි තිස්සො විරතියො. තාසු සම්පත්තසමාදාන විරතිමත්තමෙව අඤ්ඤෙසං හොති, සෙතුඝාතවිරති පන සබ්බෙන සබ්බං නත්ථි. පඤ්චසු පන තදඞ්ගවික්ඛම්භනසමුච්ඡෙදපටිපස්සද්ධිනිස්සරණප්පහානෙසු අට්ඨසමාපත්තිවසෙන චෙව විපස්සනාමත්තවසෙන ච තදඞ්ගවික්ඛම්භනප්පහානමත්තමෙව අඤ්ඤෙසං හොති. ඉතරානි තීණි පහානානි සබ්බෙන සබ්බං නත්ථි. තථා සීලසංවරො, ඛන්තිසංවරො, ඤාණසංවරො, සතිසංවරො, වීරියසංවරොති පඤ්ච සංවරා, තෙසු පඤ්චසීලමත්තමෙව අධිවාසනඛන්තිමත්තමෙව ච අඤ්ඤෙසං හොති, සෙසං සබ්බෙන සබ්බං නත්ථි.
යං විඤ්ඤූ සමනුයුඤ්ජනතා යමෙකින් නුවණැත්තෝ ‘අපිද අන්‍යයෝද අසන්නාහු මෙසේ කියත්. එබඳු කරුණක් විද්‍යමාන නොවේ. ඒ කරුණ ඇත යන අර්ථයි. යංවා පන හොන්තො පරෙ ගණාචරියා අන්‍යයෝ වනාහි ඔබගේ ගණාචාර්යයෝ හෝ ඒ අල්පමාත්‍ර වූ දෙය අත්හැර පවතිත් යන අර්ථයි. අම්හෙච තත්ථ යෙභුය්යෙන පසංසෙය්යුං මෙය ශාස්තෲන් වහන්සේ ශාස්තෲන් සමග ශාස්තෲන් එකතු කිරීමෙහිද කියූ සේක. සංඝයා සමග සංඝයා යෙදීමෙහි ද කී සේක. කුමක් හෙයින්ද යත්, සංඝයා පැසසීමෙහිදී ශාස්තෲන් වහන්සේට ද ප්‍රශංසාව සිදුවන බැවින් පැහැදෙන්නාහුද බුද්ධ සම්පත්තියෙහි සංඝයා කෙරෙහි සංඝ සම්පත්තියෙන් ද බුදුන් කෙරෙහි පහදිති. එසේම භාග්‍යවතුන් වහන්සේගේ ශරීර නිෂ්පත්තිය දැක ධර්මදේශනාවද අසා කියන්නෝ වෙති. යමෙක් මෙබඳු වූ ශාස්තෲන් සමීපයෙහි හැසිරෙන ශ්‍රාවකයන්ට ලාභයක්මය යැයි මෙසේ බුද්ධ සම්පත්තිය නිසා සංඝයා කෙරෙහි පහදිත්. භික්ෂූන්ගේ ආචාර ගෝචර පැමිණීම පිටවී යාම ආදිය දැක කියන්නෝ වෙති. සන්තිකාවචරයන්ගේ උපසමය මෙසේනම් ශාස්තෲන් වහන්සේගේ කෙබඳු වේදැයි මෙසේ සංඝ සම්පත්තිය නිසා බුදුන් කෙරෙහි පහදිත්. සංඝයාගේ ශාස්තෲ ප්‍රශංසාව මෙසේය. යම් ප්‍රශංසාවක් සංඝයාට කෙරේද එය ශාස්තෲන්ටද, සංඝ ප්‍රශංසාව නිසා ශාස්තෲන් වහන්සේටද ප්‍රශංසාව සිදුවන බැවින් භාග්‍යවතුන් වහන්සේ ක්‍රම දෙකෙහිදීම අම්හෙව තත්ථ යෙභුය්යෙන අනවසෙසං පසංසෙය්යුං යයි කී සේක. සමණො ගොතමො ඉමෙ ධම්මෙ අනවසෙසං පහාය වත්තති, යංවා පන හොන්තො පරෙ ගණචරියා ආදි තන්හි ද මේ අදහසමය. සම්පත්ත, සමාදාන, සෙතුසාත වශයෙන් විරති තුනකි. ඒ අතුරින් සම්පත්ත සමාදාන විරති මාත්‍රයම අන්‍යයන්ට වෙයි. සෙතුසාත විරතිය මුළුමනින්ම නැත. තදංග, වික්ඛම්භන, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි නිස්සරණ පහාණයන්හි අටසමවත් වශයෙන්ද විදර්ශනා මාත්‍ර වශයෙන් ද තදංග, වික්ඛම්භන, පහාණ මාත්‍රයම අන්‍යයන්ට වෙයි. ඉතිරි ප්‍රහාණ තුන මුළුමනින්ම නැත. එසේම සීල සංවරය, ඛන්ති සංවරය, ඤාණ සංවරය, සති සංවරය, විරිය සංවරය යැයි සංවර පසෙකි. ඒ අතුරින් පංචශීල මාත්‍රයද, අධිවාසන ඛන්ති මාත්‍රයද අන්‍යයන්ට වෙයි. සෙස්ස මුළුමනින්ම නැත.
පඤ්ච ඛො පනිමෙ උපොසථුද්දෙසා, තෙසු පඤ්චසීලමත්තමෙව අඤ්ඤෙසං හොති. පාතිමොක්ඛසංවරසීලං සබ්බෙන සබ්බං නත්ථි. ඉති අකුසලප්පහානෙ ච කුසලසමාදානෙ ච, තීසු විරතීසු, පඤ්චසු පහානෙසු, පඤ්චසු සංවරෙසු, පඤ්චසු උද්දෙසෙසු, – “අහමෙව ච මය්හඤ්ච සාවකසඞ්ඝො ලොකෙ පඤ්ඤායති, මයා හි සදිසො සත්ථා නාම, මය්හං සාවකසඞ්ඝෙන සදිසො සඞ්ඝො නාම නත්ථී”ති භගවා සීහනාදං නදති.
උපෝසථ උද්දේස පසෙකි. ඒ අතුරින් පංචශීල මාත්‍රයම අන්‍යයන්ට වෙයි. ප්රාතිමෝක්ෂ සංවර ශීලය කැලම නැත. මෙසේ අකුශල ප්රහාණයෙහිද, කුශල සමාදානයෙහිද, විරති තුනෙහිද, ප්‍රහාණ පසෙහිද, සංවර පසෙහිද, උද්දේශ පසෙහිද ‘මම ම ද මාගේ ශ්‍රාවක සංඝයාද ලෝකයෙහි පැනේ. මා හා සමාන ශාස්තෲවරයෙක් හෝ මාගේ ශ්‍රාවක සංඝයා හා සමාන සංඝයක් නැතැ’යි භාග්‍යවතුන් වහන්සේ සිංහනාද පවත්වන සේක.
අරියඅට්ඨඞ්ගිකමග්ගවණ්ණනා
එවං සීහනාදං නදිත්වා තස්ස සීහනාදස්ස අවිපරීතභාවාවබොධනත්ථං – “අත්ථි, කස්සප, මග්ගො”තිආදිමාහ.
මෙසේ සිංහනාද කොට ඒ සිංහනාදයෙහි වෙනසක් නැති බව අවබෝධ කිරීම පිණිස අත්ථි කස්සප මග්ගො ආදිය කී සේක.
තත්ථ මග්ගොති ලොකුත්තරමග්ගො. පටිපදාති පුබ්බභාගපටිපදා. කාලවාදීතිආදීනි බ්රහ්මජාලෙ වණ්ණිතානි. ඉදානි තං දුවිධං මග්ගඤ්ච පටිපදඤ්ච එකතො කත්වා දස්සෙන්තො – “අයමෙව අරියො”තිආදිමාහ. ඉදං පන සුත්වා අචෙලො චින්තෙසි – “සමණො ගොතමො මය්හංයෙව මග්ගො ච පටිපදා ච අත්ථි, අඤ්ඤෙසං නත්ථීති මඤ්ඤති, හන්දස්සාහං අම්හාකම්පි මග්ගං කථෙමී”ති. තතො අචෙලකපටිපදං කථෙසි. තෙනාහ – “එවං වුත්තෙ අචෙලො කස්සපො භගවන්තං එතදවොච…පෙ… උදකොරොහනානුයොගමනුයුත්තො විහරතී”ති.
එහි මග්ගො යනු ලෝකෝත්තර මාර්ගයයි. පටිපදා පූර්වභාග ප්‍රතිපදාවයි. කාලවාදී ආදිය බ්‍රහ්මජාලයෙහි වර්ණනා කරන ලදි. දැන් දෙවැදෑරුම් මාර්ගයද ප්‍රතිපදාවද එක්තැන්කොට දේශනා කරන සේක් අයමෙව අරියො ආදිය කී සේක. මෙය අසා අචේල මෙසේ සිතීය. ‘ශ්‍රමණ ගෞතම මට ම මාර්ගයද ප්‍රතිපදාවද ඇත්තේය. අන්‍යයන්ට නැත්තේ යයි හඟියි. ඔහුට අපගේ මාර්ගය කියමියි ඉන්පසු අචේලක ප්‍රතිපදාව කීය. එහෙයින් කීය. එවං වුත්තෙ අචෙලො කස්සපො භගවන්තං එතදවොච -පෙ- උදකො රොහනානුයොග මනුයුත්තො විහරති යනුවෙන්.
තපොපක්කමකථාවණ්ණනා
තත්ථ තපොපක්කමාති තපාරම්භා, තපකම්මානීති අත්ථො. සාමඤ්ඤසඞ්ඛාතාති සමණකම්මසඞ්ඛාතා. බ්රහ්මඤ්ඤසඞ්ඛාතාති බ්රාහ්මණකම්මසඞ්ඛාතා. අචෙලකොති නිච්චොලො, නග්ගොති අත්ථො. මුත්තාචාරොති විසට්ඨාචාරො, උච්චාරකම්මාදීසු ලොකියකුලපුත්තාචාරෙන විරහිතො ඨිතකොව උච්චාරං කරොති, පස්සාවං කරොති, ඛාදති, භුඤ්ජති ච. හත්ථාපලෙඛනොති හත්ථෙ පිණ්ඩම්හි ඨිතෙ ජිව්හාය හත්ථං අපලිඛති, උච්චාරං වා කත්වා හත්ථස්මිඤ්ඤෙව දණ්ඩකසඤ්ඤී හුත්වා හත්ථෙන අපලිඛති. “භික්ඛාගහණත්ථං එහි, භන්තෙ”ති වුත්තො න එතීති න එහිභද්දන්තිකො. “තෙන හි තිට්ඨ, භන්තෙ”ති වුත්තොපි න තිට්ඨතීති නතිට්ඨභද්දන්තිකො. තදුභයම්පි කිර සො – “එතස්ස වචනං කතං භවිස්සතී”ති න කරොති. අභිහටන්ති පුරෙතරං ගහෙත්වා ආහටං භික්ඛං, උද්දිස්සකතන්ති “ඉමං තුම්හෙ උද්දිස්ස කත”න්ති එවං ආරොචිතං භික්ඛං. න නිමන්තනන්ති “අසුකං නාම කුලං වා වීථිං වා ගාමං වා පවිසෙය්යාථා”ති එවං නිමන්තිතභික්ඛම්පි න සාදියති, න ගණ්හති. න කුම්භිමුඛාති කුම්භිතො උද්ධරිත්වා දිය්යමානං භික්ඛං න ගණ්හති. න කළොපිමුඛාති කළොපීති උක්ඛලි වා පච්ඡි වා, තතොපි න ගණ්හති. කස්මා? කුම්භිකළොපියො මං නිස්සාය කටච්ඡුනා පහාරං ලභන්තීති. න එළකමන්තරන්ති උම්මාරං අන්තරං කත්වා දිය්යමානං න ගණ්හති. කස්මා? “අයං මං නිස්සාය අන්තරකරණං ලභතී”ති. දණ්ඩමුසලෙසුපි එසෙව නයො.
එහි තපොපක්කමා තපස ආරම්භ කිරීම්, තපස් කර්ම යන අර්ථයි. සාමඤ්ඤ සංඛාතා ශ්රමණකර්ම සංඛ්‍යාත, බ්‍රහ්මඤ්ඤ සංඛාතා බ්‍රාහ්මණ කර්ම සංඛ්‍යාත. අචෙලකො නිර්වස්ත්‍ර නග්න. මුත්තාචාරො පිටකිරීමේ ආචාරය. මුත්‍ර කිරීම් ආදියෙහි ලෞකික කුල පුත්‍රයන්ගේ ආචාරයක් නැතිව සිටියේම මුත්‍ර කරයි. මලපහ කරයි. කයි. අනුභව කරයි. හත්ථාවලෙඛනො අතෙහි බත්පිඩ ඇතිකල්හි දිවෙන් අත ලෙවකයි. අතෙහි මුත්රකොට දඬුවක්ය යන හැඟීමෙන් අතින් පිසදමයි. ‘ස්වාමීනි, භික්ෂාව ගැනීමට එන්නැයි කී කල්හි නොවන්නේ නුයි න එහි භදන්තිකො නම් වේ. එසේනම් සිටින්න ස්වාමීනියි කියූ කල්හිද නොසිටීනුයි නතිට්ඨභදන්තිකො නම් ඔහුගේ වචන දෙකම කරන ලද්දේ වන්නේ යයි නොකරයි. අහිහටං පෙරාතුව ගෙන ආ භික්ෂාව. උද්දිස්සකටං ‘මේ ඔබතුමා සඳහා කරන ලදැයි මෙසේ දන්වන ලද භික්ෂාව. නිමන්තණං අසුවල් නම් කුලයට, වීදියට ගමට පිවිසෙන්නැයි මෙසේ ආරාධනා කරන ලද භික්‍ෂාවද නොඉවසයි. නොගනියි. නකුම්භිමුඛා හට්ටියෙන් ගෙන දෙනු ලබන භික්ෂාව නොගනී. න කලොපිමුඛා කලොපි යනු පැස එයින්ද නොගනී. කුමක් හෙයින්ද යත්, හට්ටි පැස් ආදිය මා නිසා හැන්දෙන් පහර ලබතියි, නත්ථලක මන්තරං එළිපත්ත මැදිකොට දෙනු ලබන දෙය නොගනී. කුමක් හෙයින්ද යත්, මෙය මා නිසා මැදිකිරීමක් ලබතියි. දඬු මොහොල් ආදියෙහිද මේ ක්‍රමයයි.
ද්වින්නන්ති ද්වීසු භුඤ්ජමානෙසු එකස්මිං උට්ඨාය දෙන්තෙ න ගණ්හති. කස්මා? “එකස්ස කබළන්තරායො හොතී”ති. න ගබ්භිනියාතිආදීසු පන “ගබ්භිනියා කුච්ඡියං දාරකො කිලමති. පායන්තියා දාරකස්ස ඛීරන්තරායො හොති, පුරිසන්තරගතාය රතිඅන්තරායො හොතී”ති න ගණ්හති. සංකිත්තීසූති සංකිත්තෙත්වා කතභත්තෙසු, දුබ්භික්ඛසමයෙ කිර අචෙලකසාවකා අචෙලකානං අත්ථාය තතො තතො තණ්ඩුලාදීනි සමාදපෙත්වා භත්තං පචන්ති. උක්කට්ඨො අචෙලකො තතොපි න පටිග්ගණ්හති. න යත්ථ සාති යත්ථ සුනඛො – “පිණ්ඩං ලභිස්සාමී”ති උපට්ඨිතො හොති, තත්ථ තස්ස අදත්වා ආහටං න ගණ්හති. කස්මා? එතස්ස පිණ්ඩන්තරායො හොතීති. සණ්ඩසණ්ඩචාරිනීති සමූහසමූහචාරිනී, සචෙ හි අචෙලකං දිස්වා – “ඉමස්ස භික්ඛං දස්සාමා”ති මනුස්සා භත්තගෙහං පවිසන්ති, තෙසු ච පවිසන්තෙසු කළොපිමුඛාදීසු නිලීනා මක්ඛිකා උප්පතිත්වා සණ්ඩසණ්ඩා චරන්ති, තතො ආහටං භික්ඛං න ගණ්හති. කස්මා? මං නිස්සාය මක්ඛිකානං ගොචරන්තරායො ජාතොති.
ද්වින්නං දෙදෙනකු අනුභව කරන කල්හි එකකු නැගිට දෙනකල්හි නොගනී. කුමක් හෙයින්ද යත්, ආහාරයට අනතුරක් වෙතියි. න ගබ්භිනියා ආදී තන්හි ගැබිනියගේ කුසයෙහි දරුවා වෙහෙසට පත්වෙතියි ‘කිරි පොවන්නියගෙන් කිරට අනතුරක් වෙති’යි පුරුෂයා සමග සිටින්නියගෙන් රතියට අන්තරායක් වෙති’යි නොගනී. සංකිත්තීසු එකතුකොට කළ බතෙහි දුර්භික්ෂ සමයෙහි අචේලක ශ්‍රාවකයෝ අචේලකයන් සඳහා තැනින් තැනින් සහල් ආදිය එකතුකරවා බත් පිසත්. උසස් අචේලකයෝ එය නොපිළිගනිති. න යත්ථසා යම්තැනක සුනඛයා ‘පිඬු ලබමි’යි එළඹ සිටින්නේ වේද, එහි ඌට නොදී ගෙන ආ භික්ෂාව නොගනී. කුමක් හෙයින්ද යත්, උගේ ආහාරයට අනතුරක් වෙතියි. නමක්ඛිණා සණ්ඩ සණ්ඩචාරිනී සමූහ සමූහ වශයෙන් හැසිරෙන, අචේලකයකු දැක ‘මොහුට පිඬු දෙමි’යි මනුෂ්‍ය ගති ඇත්තෝ බත්ගෙයට පිවිසෙත්. ඔවුන් පිවිසෙන කල්හි සැළි මුව ආදී තන්හි සැඟවී දුන් මැස්සෝ උඩට නැගී සමූහ සමූහව හැසිරෙත්. එයින් ගෙන ආ භික්ෂාව නොගනී. කුමක් හෙයින්ද යත්, මා නිසා මැස්සන්ගේ ගොදුරට අනතුරක් වූයේ යැයි.
ථුසොදකන්ති සබ්බසස්සසම්භාරෙහි කතං සොවීරකං. එත්ථ ච සුරාපානමෙව සාවජ්ජං, අයං පන සබ්බෙසුපි සාවජ්ජසඤ්ඤී. එකාගාරිකොති යො එකස්මිංයෙව ගෙහෙ භික්ඛං ලභිත්වා නිවත්තති. එකාලොපිකොති යො එකෙනෙව ආලොපෙන යාපෙති. ද්වාගාරිකාදීසුපි එසෙව නයො. එකිස්සාපි දත්තියාති එකාය දත්තියා. දත්ති නාම එකා ඛුද්දකපාති හොති, යත්ථ අග්ගභික්ඛං පක්ඛිපිත්වා ඨපෙන්ති. එකාහිකන්ති එකදිවසන්තරිකං. අද්ධමාසිකන්ති අද්ධමාසන්තරිකං. පරියායභත්තභොජනන්ති වාරභත්තභොජනං, එකාහවාරෙන ද්වීහවාරෙන සත්තාහවාරෙන අඩ්ඪමාසවාරෙනාති එවං දිවසවාරෙන ආගතභත්තභොජනං.
ථුසොදකං සියලු ශස්‍ය ගොඩවලින් (කතංසුවීරකනං) මෙහි සුරාපානයද සාවද්‍යය. මොහු වනාහි සියල්ලෙහි සාවද්‍ය සංඥා ඇත්තෙකි. එකාගාරිකො යමෙක් එකම ගෙයක භික්ෂාව ලැබ නවතීද ඔහු. එකාලොපිකො එකම බත් පිඬකින් යැපෙයි. ගෙවල් දෙකක් ආදි තන්හිද මෙම ක්‍රමයයි. එකිස්සාපි දත්තියා එක් කුඩා බඳුනකින්. දත්තී නම් එක් කුඩා බඳුනකි. යම්තැනෙක අග්‍ර භික්ෂාව බහා තබත්ද. එකාහිකං එක් දවසක් ඇතුළත අද්ධමාසිකං අඩමසක් ඇතුළත. පරියාය භත්තභොජනං අලුත් කොළ භක්ෂක. [missing trans]
සාකභක්ඛොති අල්ලසාකභක්ඛො. සාමාකභක්ඛොති සාමාකතණ්ඩුලභක්ඛො. නීවාරාදීසු නීවාරො නාම අරඤ්ඤෙ සයංජාතා වීහිජාති. දද්දුලන්ති චම්මකාරෙහි චම්මං ලිඛිත්වා ඡඩ්ඩිතකසටං. හටං වුච්චති සිලෙසොපි සෙවාලොපි. කණන්ති කුණ්ඩකං. ආචාමොති භත්තඋක්ඛලිකාය ලග්ගො ඣාමකඔදනො, තං ඡඩ්ඩිතට්ඨානතොව ගහෙත්වා ඛාදති, “ඔදනකඤ්ජිය”න්තිපි වදන්ති. පිඤ්ඤාකාදයො පාකටා එව. පවත්තඵලභොජීති පතිතඵලභොජී.
[missing] සාමාකහක්ඛො සාමාක සහල් කන. නීවාර ආදී තන්හි නීවාර නම් වනයෙහි ඉබේ හටගත් වී වර්ගයකි. දද්දුලං සම්කරුවන් විසින් සම් කපා විසිකරන ලද කසල. හටං සෙමද සෙවලද. කණං සහල් නිවුඩු ආචාමො බත්සැළියෙහි ලැගුණු දඬුබත් (දංකුඩ) එය ඉවත දැමූ තැනින් ගෙන කයි. කැඳ බත් යයිද කියත්. පිඤ්ඤාකාදයො (තල පුන්නක්කු) ප්‍රකටමය. පවත්තඵලභොජී වැටුණු ගෙඩි අනුභව කරන.
සාණානීති සාණවාකචොළානි. මසාණානීති මිස්සකචොළානි. ඡවදුස්සානීති මතසරීරතො ඡඩ්ඩිතවත්ථානි, එරකතිණාදීනි වා ගන්ථෙත්වා කතනිවාසනානි. පංසුකූලානීති පථවියං ඡඩ්ඩිතනන්තකානි. තිරීටානීති රුක්ඛතචවත්ථානි. අජිනන්ති අජිනමිගචම්මං. අජිනක්ඛිපන්ති තදෙව මජ්ඣෙ ඵාලිතකං. කුසචීරන්ති කුසතිණානි ගන්ථෙත්වා කතචීරං. වාකචීරඵලකචීරෙසුපි එසෙව නයො. කෙසකම්බලන්ති මනුස්සකෙසෙහි කතකම්බලං. යං සන්ධාය වුත්තං –
සාණානි හණ කෙන්දෙන් වියූ රෙදි. මසාණාති මිශ්‍ර රෙදි. ඡවදුස්සානි මළසිරුරින් ඉවත් කරගත් රෙදි. ඒරක තෘණ ආදිය වියා කළ රෙදි. පංසුකූලානි පොළොවෙහි දැමූ රෙදි කොන්. තිරීටකානි තිරීටක ගසේ පොත්තෙන් කළ වස්ත්‍ර. අජිනං අඳුන් දිවිසම. අජිනක්ඛිපං එයම මැදින් පැලූ සම. කුසචීරං කුසතණ වියා කළ සිවුර. වාකචීර ඵලකචීර ආදී තන්හිද මේ ක්‍රමයමැයි. කෙස කම්බලං මිනිස් කෙසින් කළ කම්බිලිය, යමක් සඳහා කියන ලද ද -
“සෙය්යථාපි භික්ඛවෙ, යානි කානිචි තන්තාවුතානි වත්ථානි, කෙසකම්බලො තෙසං පටිකිට්ඨො අක්ඛායති. කෙසකම්බලො, භික්ඛවෙ, සීතෙ සීතො, උණ්හෙ උණ්හො අප්පග්ඝො ච දුබ්බණ්ණො ච දුග්ගන්ධො දුක්ඛසම්ඵස්සො”ති.
මහණෙනි, යම් කෙන්දෙන් වියූ යම් වස්ත්‍රයක් වේද ඒවා අතර කේසකම්බලය පිළිකුල් යයි කියනු ලැබේ. මහණෙනි. කේසකම්බලය සීත කාලයට සීතලය. උෂ්ණ කාලයට උණුසුම්ය. දුර්වර්ණය. දුර්ගන්ධය. දුස්පර්ශය.
වාළකම්බලන්ති අස්සවාලෙහි කතකම්බලං. උලූකපක්ඛිකන්ති උලූකපක්ඛානි ගන්ථෙත්වා කතනිවාසනං. උක්කුටිකප්පධානමනුයුත්තොති උක්කුටිකවීරියං අනුයුත්තො, ගච්ඡන්තොපි උක්කුටිකොව හුත්වා උප්පතිත්වා උප්පතිත්වා ගච්ඡති. කණ්ටකාපස්සයිකොති අයකණ්ටකෙ වා පකතිකණ්ටකෙ වා භූමියං කොට්ටෙත්වා තත්ථ චම්මං අත්ථරිත්වා ඨානචඞ්කමාදීනි කරොති. සෙය්යන්ති සයන්තොපි තත්ථෙව සෙය්යං කප්පෙති. ඵලකසෙය්යන්ති රුක්ඛඵලකෙ සෙය්යං. ථණ්ඩිලසෙය්යන්ති ථණ්ඩිලෙ උච්චෙ භූමිඨානෙ සෙය්යං. එකපස්සයිකොති එකපස්සෙනෙව සයති. රජොජල්ලධරොති සරීරං තෙලෙන මක්ඛිත්වා රජුට්ඨානට්ඨානෙ තිට්ඨති, අථස්ස සරීරෙ රජොජල්ලං ලග්ගති, තං ධාරෙති. යථාසන්ථතිකොති ලද්ධං ආසනං අකොපෙත්වා යදෙව ලභති, තත්ථෙව නිසීදනසීලො. වෙකටිකොති විකටඛාදනසීලො. විකටන්ති ගූථං වුච්චති. අපානකොති පටික්ඛිත්තසීතුදකපානො. සායං තතියමස්සාති සායතතියකං. පාතො, මජ්ඣන්හිකෙ, සායන්ති දිවසස්ස තික්ඛත්තුං පාපං පවාහෙස්සාමීති උදකොරොහනානුයොගං අනුයුත්තො විහරතීති.
වාලකම්බලං අශ්ව වලිගයෙන් කළ කම්බිලිය. උලුකපක්ඛිකං උකුස්සන්ගේ පියාපත්වලින් කළ රෙදි. උක්කුටිකප්පධාන මනුයුත්තො උක්කුටික වීර්යයෙහි යෙදුණේ යන්නේ ද උක්කුටිකව උඩ පැන පැන යයි. කණ්ටකාපසස්සකො යකඩ ඇණ හෝ කටු හෝ බිම ඇණ එහි සමක් අතුරා සිටීම් ඇවිදීම් ආදිය කරයි. සෙය්යං නිදන්නේ ද එහිම නිදයි. ඵලකසෙය්යං ලෑලිවල නිදයි. ථණ්ඩිලසෙය්යං උස්බිමක නිදයි. එකපස්සයිකො එක් පසෙකින්ම නිදයි. රජොපල්ලධරො සිරුර තෙල් ගල්වා ධූලි ඇති තැන්වල සිටී. එවිට සිරුරේ ධූලි බැඳේ. නොදරයි. යථා සත්ථතිකො ලැබුණු අසුන නොසොල්වා යමක් ලබයිද එහිම හිඳිනසුලු. වෙකටිකො විකට කන සුලු. විකට යනු වර්චස් යයි කියනු ලැබේ. අපානකො ප්‍රතික්ෂේප කරන ලද ශීතල ජල පානය ඇත්තේ. සායත්තිය මස්ස සායත්තියක. උදේ මද්දහන සවස යන දවසට තෙවරක් පව් සෝදා හරින්නෙමියි ජලයට බැසීමෙහි යෙදීමෙන් වාසය කරයි උදකොරොහනානුයොගං අනුයුත්තො විහරතී.
තපොපක්කමනිරත්ථකතාවණ්ණනා
අථ භගවා සීලසම්පදාදීහි විනා තෙසං තපොපක්කමානං නිරත්ථකතං දස්සෙන්තො – “අචෙලකො චෙපි කස්සප හොතී”තිආදිමාහ. තත්ථ ආරකා වාති දූරෙයෙව. අවෙරන්ති දොසවෙරවිරහිතං. අබ්යාපජ්ජන්ති දොමනස්සබ්යාපජ්ජරහිතං.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සීල සම්පදා ආදිය හැර ඔවුන්ගේ තපස් උපක්රමවල නිරර්ථක බව දක්වන සේක් අචෙලකො චෙපි කස්සප හොති ආදිය කී සේක. එහි ආරකාවා දුරින්ම අවෙරං දෝෂ වෛර නැති. අබ්යාපජ්ඣං දෝමනස්ස ව්‍යාපාද ඇති.
දුක්කරං, භො ගොතමාති ඉදං කස්සපො “මයං පුබ්බෙ එත්තකමත්තං සාමඤ්ඤඤ්ච බ්රහ්මඤ්ඤඤ්චාති විචරාම, තුම්හෙ පන අඤ්ඤංයෙව සාමඤ්ඤඤ්ච බ්රහ්මඤ්ඤඤ්ච වදථා”ති දීපෙන්තො ආහ. පකති ඛො එසාති පකතිකථා එසා. ඉමාය ච, කස්සප, මත්තායාති “කස්සප යදි ඉමිනා පමාණෙන එවං පරිත්තකෙන පටිපත්තික්කමෙන සාමඤ්ඤං වා බ්රහ්මඤ්ඤං වා දුක්කරං සුදුක්කරං නාම අභවිස්ස, තතො නෙතං අභවිස්ස කල්ලං වචනාය දුක්කරං සාමඤ්ඤ”න්ති අයමෙත්ථ පදසම්බන්ධෙන සද්ධිං අත්ථො. එතෙන නයෙන සබ්බත්ථ පදසම්බන්ධො වෙදිතබ්බො.
දුක්කරං හො ගොතම මෙය කාශ්‍යප ‘අපි පූර්වයෙහි ශ්‍රමණ භාවයත්, බ්‍රහ්ම භාවයත් මෙපමණකැයි කීවෙමු. ඔබතුමා අන්‍ය වූම ශ්‍රමණ භාවයකුත් බ්‍රහ්ම භාවයකුත් කියතියි දක්වන්නේ කීය. පකති ඛො එසා මෙය ප්‍රකෘති කථාවකි. ඉමාය ච කස්සප මත්තාය කාශ්‍යප, ඉදින් මේ ප්‍රමාණයෙන්, මෙසේ සුළු ප්‍රතිපත්ති ක්‍රමයකින් ශ්‍රමණ බව හෝ බමුණු බව දුෂ්කර, අති දුෂ්කර විය හැකිය. ඉන්පසු මහණ බව දුෂ්කර යයි සුදුසු වචනයක් නොවන්නේ දැයි මෙහි පද සම්බන්ධය සමග අර්ථයයි. මේ ක්‍රමයෙන් සියලු තැන පද සම්බන්ධය දතයුතුය.
දුජ්ජානොති ඉදම්පි සො “මයං පුබ්බෙ එත්තකෙන සමණො වා බ්රාහ්මණො වා හොතීති විචරාම, තුම්හෙ පන අඤ්ඤථා වදථා”ති ඉදං සන්ධායාහ. අථස්ස භගවා තං පකතිවාදං පටික්ඛිපිත්වා සභාවතොව දුජ්ජානභාවං ආවිකරොන්තො පුනපි – “පකති ඛො”තිආදිමාහ. තත්රාපි වුත්තනයෙනෙව පදසම්බන්ධං කත්වා අත්ථො වෙදිතබ්බො.
දුජ්ජානො මෙයද ඔහු ‘අපි පූර්වයේදී මෙපමණකින් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වේයයි කීවෙමු. ඔබතුමා වෙනත් අයුරකින් කියතියි යන්න සඳහා කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රකෘතිවාදය ප්‍රතික්ෂේප කොට ස්වභාවයෙන් දැනීම දුෂ්කර බව හෙළිදරව් කරන සේක් නැවතද පකතිකො ආදිය කී සේක. එහිද කියන ලද ක්‍රමයෙන්ම පද සම්බන්ධ කොට අර්ථය දතයුතුය.
සීලසමාධිපඤ්ඤාසම්පදාවණ්ණනා
කතමා පන සා, භො ගොතමාති කස්මා පුච්ඡති. අයං කිර පණ්ඩිතො භගවතො කථෙන්තස්සෙව කථං උග්ගහෙසි, අථ අත්තනො පටිපත්තියා නිරත්ථකතං විදිත්වා සමණො ගොතමො – “තස්ස ‘චායං සීලසම්පදා, චිත්තසම්පදා, පඤ්ඤාසම්පදා අභාවිතා හොති අසච්ඡිකතා, අථ ඛො සො ආරකාව සාමඤ්ඤා’තිආදිමාහ.
කතමාපන සා හොගොතම කුමක් නිසා අසයිද මේ පණ්ඩිතයා භාග්‍යවතුන් වහන්සේ කථා කරද්දීම කථාව අල්ලාගත්තේය. ඉක්බිති තමාගේ ප්රතිපත්තියෙහි නිරර්ථක බව දැන සමණො ගොතමො තස්ස චායං සීලසම්පදා චිත්ත සම්පදා පඤ්ඤා සම්පදා අභාවිතා හොති අසච්ඡිකතා අථඛො සො ආරකාව සමඤ්ඤා ආදිය කී සේක.
හන්ද දානි නං තා සම්පත්තියො පුච්ඡාමී”ති සීලසම්පදාදිවිජානනත්ථං පුච්ඡති. අථස්ස භගවා බුද්ධුප්පාදං දස්සෙත්වා තන්තිධම්මං කථෙන්තො තා සම්පත්තියො දස්සෙතුං – “ඉධ කස්සපා”තිආදිමාහ. ඉමාය ච කස්සප සීලසම්පදායාති ඉදං අරහත්තඵලමෙව සන්ධාය වුත්තං. අරහත්තඵලපරියොසානඤ්හි භගවතො සාසනං. තස්මා අරහත්තඵලසම්පයුත්තාහි සීලචිත්තපඤ්ඤාසම්පදාහි අඤ්ඤා උත්තරිතරා වා පණීතතරා වා සීලාදිසම්පදා නත්ථීති ආහ.
හන්දානි නං තා සම්පත්තියො පුච්ඡාමි සීල සම්පදා ආදිය දැනගනු පිණිස විචාරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට බුදු උපත දක්වා ශුද්ධ ධර්මය කියනසේක් ඒ සමාපත්තීන් දැක්වීමට ඉධකස්සප ආදිය කී සේක. ඉමාය ච කස්සප සීල සම්පදාය මෙය රහත්බව සඳහාම කියන ලදි. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අර්හත්වය අවසන්කොට ඇත්තේය. ඒ නිසා අර්හත් ඵලයෙන් යුත් අන්‍ය උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ සීලසම්පදා ආදී සම්පදා නැතැයි කී සේක.
සීහනාදකථාවණ්ණනා
එවඤ්ච පන වත්වා ඉදානි අනුත්තරං මහාසීහනාදං නදන්තො – “සන්ති කස්සප එකෙ සමණබ්රාහ්මණා”තිආදිමාහ.
මෙසේද කියා දැන් අනුත්තර වූ බුද්ධ සිංහනාදය පවත්වන සේක් සන්ති කස්සප එතෙ සමණ බ්රාහ්මණා ආදිය කී සේක.
තත්ථ අරියන්ති නිරුපක්කිලෙසං පරමවිසුද්ධං. පරමන්ති උත්තමං, පඤ්චසීලානි හිආදිං කත්වා යාව පාතිමොක්ඛසංවරසීලා සීලමෙව, ලොකුත්තරමග්ගඵලසම්පයුත්තං පන පරමසීලං නාම. නාහං තත්ථාති තත්ථ සීලෙපි පරමසීලෙපි අහං අත්තනො සමසමං මම සීලසමෙන සීලෙන මයා සමං පුග්ගලං න පස්සාමීති අත්ථො. අහමෙව තත්ථ භිය්යොති අහමෙව තස්මිං සීලෙ උත්තමො. කතමස්මිං? යදිදං අධිසීලන්ති යං එතං උත්තමං සීලන්ති අත්ථො. ඉති ඉමං පඨමං සීහනාදං නදති.
එහි අරියං උපක්ලේශ නැති පරම විශුද්ධ. පරමං උත්තම පංචශීලය ආදිකොට ප්රාතිමෝක්ෂ ශීලය තෙක් ශීලයමය. ලෝකෝත්තර මාර්ග ඵල සම්ප්‍රයුක්ත වූයේ පරම ශීල නමි. නාහංතත්ථ එහි ශීලයද පරම ශීලයද මම තමාට සම සමය. මාගේ ශීලය හා සමාන ශීලයෙන් මා හා සමාන පුද්ගලයකු නොදකිමි යන අර්ථයි. අහමෙව තත්ථ භිය්යො මම ම ඒ ශීලයෙහි උත්තමය. කවර ශීලයකද, යදිදං අධිසීලං ඒ උත්තම ශීලය යන අර්ථයි. මෙසේ මේ පළමුවැනි සිංහනාදය පවත්වන සේක.
තපොජිගුච්ඡවාදාති යෙ තපොජිගුච්ඡං වදන්ති. තත්ථ තපතීති තපො, කිලෙසසන්තාපකවීරියස්සෙතං නාමං, තදෙව තෙ කිලෙසෙ ජිගුච්ඡතීති ජිගුච්ඡා. අරියා පරමාති එත්ථ නිද්දොසත්තා අරියා, අට්ඨආරම්භවත්ථුවසෙනපි උප්පන්නා විපස්සනාවීරියසඞ්ඛාතා තපොජිගුච්ඡා තපොජිගුච්ඡාව, මග්ගඵලසම්පයුත්තා පරමා නාම. අධිජෙගුච්ඡන්ති ඉධ ජිගුච්ඡභාවො ජෙගුච්ඡං, උත්තමං ජෙගුච්ඡං අධිජෙගුච්ඡං, තස්මා යදිදං අධිජෙගුච්ඡං, තත්ථ අහමෙව භිය්යොති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. පඤ්ඤාධිකාරෙපි කම්මස්සකතාපඤ්ඤා ච විපස්සනාපඤ්ඤා ච පඤ්ඤා නාම, මග්ගඵලසම්පයුත්තා පරමා පඤ්ඤා නාම. අධිපඤ්ඤන්ති එත්ථ ලිඞ්ගවිපල්ලාසො වෙදිතබ්බො, අයං පනෙත්ථත්ථො – යායං අධිපඤ්ඤා නාම අහමෙව තත්ථ භිය්යොති විමුත්තාධිකාරෙ තදඞ්ගවික්ඛම්භනවිමුත්තියො විමුත්ති නාම, සමුච්ඡෙදපටිපස්සද්ධිනිස්සරණවිමුත්තියො පන පරමා විමුත්තීති වෙදිතබ්බා. ඉධාපි ච යදිදං අධිවිමුත්තීති යා අයං අධිවිමුත්ති, අහමෙව තත්ථ භිය්යොති අත්ථො.
තපො ජිගුච්ඡවාදා යමෙක් තපසෙහි පිළිකුල කියත්ද, එහි දවානුයි = තපො. කෙලෙස් තවාලන වීර්යයට මෙය නමකි. ඒ කෙලෙස් පිළිකුල් කරානුයි ජිගුච්ඡා. අරියාපරමා මෙහි නිර්දෝෂ බැවින් අරිය නමි. අෂ්ට ආරම්භක වස්තු වශයෙන් ද උපන් වීර්ය සංඛ්‍යාත විදර්ශනාව තපස පිළිකුල් කරන්නකි. තපස පිළිකුල් කිරීමට මාර්ගවල සම්ප්‍රයුක්ත පරම නම් වේ. අධිජෙගුච්ඡං ජිගුච්ඡාවෙහි භාවය = ජෙගුච්ඡං. උතුම් වූ ජෙගුච්ඡාව = අධිජෙගුච්ඡං. ඒ නිසා අධිජෙගුච්ඡ වේ. එහි අහමෙව භීය්‍යො යයි මේ මෙහි අර්ථයයි දතයුතුයි. ප්රඥාධිකාරයෙහිද කම්මස්සකතා පඤ්ඤාවද, විපස්සනා පඤ්ඤාවද පඤ්ඤා නමි. මාර්ගඵල සම්ප්‍රයුක්ත වූයේ පරම පඤ්ඤා නමි. අහමෙව එත්ථ භිය්යො විමුක්ති අධිකාරයෙහි තදංග වික්ඛම්භණ විමුක්තීහු විමුත්ති නමි. සමුච්ඡෙද පටිප්පස්සද්ධි නිස්සරණ විමුක්තීහු පරම විමුත්ති යයි දත යුතුය. මෙහිද යදිදං අධිමුත්ති යම් මේ අධි මුත්තියක් වේද, මම මෙහි උසස්ය යන අර්ථයි.
සුඤ්ඤාගාරෙති සුඤ්ඤෙ ඝරෙ, එකකොව නිසීදිත්වාති අධිප්පායො. පරිසාසු චාති අට්ඨසු පරිසාසු. වුත්තම්පි චෙතං –
සුඤ්ඤාගාරෙ හිස් ගෘහයෙහි. හුදෙකලාව හිඳ යන අදහසයි. පරිසාසුවා අට පිරිස්හි. මෙය කියන ලදි -
“චත්තාරිමානි, සාරිපුත්ත, තථාගතස්ස වෙසාරජ්ජානි. යෙහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදතී”ති (ම· නි· 1.150) සුත්තං විත්ථාරෙතබ්බං.
සාරිපුත්ත, තථාගතයන්ගේ වෛශාරද්‍ය සතරකි. යම් වෛශාරද්යයන්ගෙන් යුත් තථාගත තෙමේ උතුම් තැන දනී. පිරිස් මැද සිංහනාද කරයි යනුවෙන් සූත්‍රය විස්තර කළ යුතුය.
පඤ්හඤ්ච නං පුච්ඡන්තීති පණ්ඩිතා දෙවමනුස්සා නං පඤ්හං අභිසඞ්ඛරිත්වා පුච්ඡන්ති. බ්යාකරොතීති තඞ්ඛණඤ්ඤෙව විස්සජ්ජෙසි. චිත්තං ආරාධෙතීති පඤ්හාවිස්සජ්ජනෙන මහාජනස්ස චිත්තං පරිතොසෙතියෙව. නො ච ඛො සොතබ්බං මඤ්ඤන්තීති චිත්තං ආරාධෙත්වා කථෙන්තස්සපිස්ස වචනං පරෙ සොතබ්බං න මඤ්ඤන්තීති, එවඤ්ච වදෙය්යුන්ති අත්ථො. සොතබ්බඤ්චස්ස මඤ්ඤන්තීති දෙවාපි මනුස්සාපි මහන්තෙනෙව උස්සාහෙන සොතබ්බං මඤ්ඤන්ති. පසීදන්තීති සුපසන්නා කල්ලචිත්තා මුදුචිත්තා හොන්ති. පසන්නාකාරං කරොන්තීති න මුද්ධප්පසන්නාව හොන්ති, පණීතානි චීවරාදීනි වෙළුවනවිහාරාදයො ච මහාවිහාරෙ පරිච්චජන්තා පසන්නාකාරං කරොන්ති. තථත්තායාති යං සො ධම්මං දෙසෙති තථා භාවාය, ධම්මානුධම්මපටිපත්තිපූරණත්ථාය පටිපජ්ජන්තීති අත්ථො. තථත්තාය ච පටිපජ්ජන්තීති තථභාවාය පටිපජ්ජන්ති, තස්ස හි භගවතො ධම්මං සුත්වා කෙචි සරණෙසු කෙචි පඤ්චසු සීලෙසු පතිට්ඨහන්ති, අපරෙ නික්ඛමිත්වා පබ්බජන්ති. පටිපන්නා ච ආරාධෙන්තීති තඤ්ච පන පටිපදං පටිපන්නා පූරෙතුං සක්කොන්ති, සබ්බාකාරෙන පන පූරෙන්ති, පටිපත්තිපූරණෙන තස්ස භොතො ගොතමස්ස චිත්තං ආරාධෙන්තීති වත්තබ්බා.
පඤ්හංච නං පුච්ඡන්ති පණ්ඩිතයෝ දෙව් මිනිසුන්ගේ ප්‍රශ්න එකතුකොට අසත්. ව්යාකරොති එකෙණෙහිම විසඳයි. චිත්තං ආරාධෙති ප්‍රශ්න විසඳීමෙන් මහජනයාගේ සිත සන්තෝෂ කෙරේමය. නොච ඛො සොතබ්බං මඤ්ඤන්ති සිත් සතුටුකොට කියන්නහුගේ වචනය අන්‍යයන් ඇසිය යුතුයයි හඟිත්. මෙසේ කියන්නාහුය යන අර්ථයි. සොතබ්බඤ්චස්ස මඤ්ඤන්ති දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මහත් උත්සාහයෙන් ඇසිය යුතුයයි හඟිත්. පසීදන්ති සුප්‍රසන්න යහපත් සිත් ඇත්තාහු මෘදු සිත් ඇත්තාහු වෙත්. පසන්නාකාරං කරොන්ති මුළුමනින්ම පැහැදුණෝ වෙත්. ප්‍රණීත වූ සිවුරු ආදිය වේළුවන විහාර ආදියද මහා විහාරයෙහි පරිත්‍යාග කරන්නෝ ප්‍රසන්න ආකාරයක් කරති. තථත්තාය උන්වහන්සේ යම් ධර්මයක් දේශනා කරන සේක්ද, තථාභාවය නිසා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිරීම පිණිස පිළිපදිත් යන අර්ථයි. තථත්ථාය ච පටිපජ්ජන්ති තථාභාවය ද පිළිපදිත්. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය අසා සමහරු සරණයන්හිද සමහරු පංචශීලයෙහිද පිහිටත්. ඇතමෙක් නික්මී පැවිදි වෙති. පටිපන්නාච ආරාධෙන්ති ඒ ප්‍රතිපදාවට පිළිපන්නෝ නොපුරන්නට නොහැකිවෙත්. සර්වාකාරයෙන් පුරත්. ප්‍රතිපත්ති පිරීමෙන් භවත් ගෞතමයන්ගේ සිත් සතුටු කරත්යයි කිවයුතුය.
ඉමස්මිං පනොකාසෙ ඨත්වා සීහනාදා සමොධානෙතබ්බා. එකච්චං තපස්සිං නිරයෙ නිබ්බත්තං පස්සාමීති හි භගවතො එකො සීහනාදො. අපරං සග්ගෙ නිබ්බත්තං පස්සාමීති එකො. අකුසලධම්මප්පහානෙ අහමෙව සෙට්ඨොති එකො. කුසලධම්මසමාදානෙපි අහමෙව සෙට්ඨොති එකො. අකුසලධම්මප්පහානෙ මය්හමෙව සාවකසඞ්ඝො සෙට්ඨොති එකො. කුසලධම්මසමාදානෙපි මය්හංයෙව සාවකසඞ්ඝො සෙට්ඨොති එකො. සීලෙන මය්හං සදිසො නත්ථීති එකො. වීරියෙන මය්හං සදිසො නත්ථීති එකො. පඤ්ඤාය…පෙ… විමුත්තියා…පෙ… සීහනාදං නදන්තො පරිසමජ්ඣෙ නිසීදිත්වා නදාමීති එකො. විසාරදො හුත්වා නදාමීති එකො. පඤ්හං මං පුච්ඡන්තීති එකො. පඤ්හං පුට්ඨො විස්සජ්ජෙමීති එකො. විස්සජ්ජනෙන පරස්ස චිත්තං ආරාධෙමීති එකො. සුත්වා සොතබ්බං මඤ්ඤන්තීති එකො. සුත්වා මෙ පසීදන්තීති එකො. පසන්නාකාරං කරොන්තීති එකො. යං පටිපත්තිං දෙසෙමි, තථත්තාය පටිපජ්ජන්තීති එකො. පටිපන්නා ච මං ආරාධෙන්තීති එකො. ඉති පුරිමානං දසන්නං එකෙකස්ස – “පරිසාසු ච නදතී”ති ආදයො දස දස පරිවාරා. එවං තෙ දස පුරිමානං දසන්නං පරිවාරවසෙන සතං පුරිමා ච දසාති දසාධිකං සීහනාදසතං හොති. ඉතො අඤ්ඤස්මිං පන සුත්තෙ එත්තකා සීහනාදා දුල්ලභා, තෙනිදං සුත්තං මහාසීහනාදන්ති වුච්චති.
මේ අවකාශයෙහි සිට සිංහනාද ගැළපිය යුතුය. එකච්චං තපස්සිං නිරයෙ නිබ්බත්තං පස්සාමි මෙය භාග්‍යවතුන් වහන්සේගේ එක් සිංහනාදයකි. ස්වර්ගයෙහි උපන්නාහු දකිමියි එකකි. අකුශල ධර්මයත් ප්‍රහාණයේදී මම ම ශ්‍රේෂ්ඨ වෙමි යි එකකි. කුශලධර්ම සමාදානයෙහි මම ම ශ්‍රේෂ්ඨ වෙමි යි එකකි. අකුශල ධර්මයන් ප්‍රහාණයේදී මාගේම ශ්‍රාවක සංඝයාම ශ්‍රේෂ්ඨයයි එකකි. කුශල ධර්මයන් සමාදානයෙහි මාගේම ශ්‍රාවක සංඝයාම ශ්‍රේෂ්ඨයයි එකකි. ශීලයෙන් මා හා සමාන වූවෙක් නැතැයි එකකි. වීර්යයෙන් මා හා සමාන වූවෙක් නැතැයි එකකි. ප්‍රඥාවෙන් මා හා සමාන වූවෙක් නැතැයි එකකි. විමුක්තියෙන් මා හා සමාන වූවෙක් නැතැයි එකකි. සිංහනාද කරන්නේ පිරිස් මැද හිඳ කරමියි එකකි. විශාරදව නාද කරමියි එකකි. මාගෙන් ප්‍රශ්නයක් අසත් යනු එකකි. ප්‍රශ්නයක් අසන ලද්දේ විසඳමියි එකකි. විසඳීමෙන් අන්‍යයන්ගේ සිත් සතුටු කරමියි එකකි. ඇසිය යුත්තක් මාගේ යයි හඟිත් යනු එකකි. අසා මා කෙරෙහි පහදිත් යනු එකකි. පහන් වූවෝ පහන් වූ ආකාරයක් දක්වත් යනු එකකි. යම් ප්‍රතිපත්තියක් දෙසම්ද, තථ බවම පිළිපදිත් යනු එකකි. පිළිපන්නාහු මා සතුටු කෙරෙති යනු එකකි. මෙසේ පළමු දහය අතුරින් එක එකක් පිරිස් මැදම කරයි ආදී පරිවාර දහයකි. මෙසේ ඒ දහය පළමු දහයට පරිවාර වශයෙන් සියයකි. පළමු දහයද ඇතුළුව සිංහනාද එකසිය දහයකි. මින් අන් සූත්‍රයක මෙපමණ සිංහනාද දුර්ලභය. ඒ නිසා මේ සූත්‍රය මහා සීහනාද යයි කියනු ලැබේ.
ඉති භගවා “සීහනාදං ඛො සමණො ගොතමො නදති, තඤ්ච ඛො සුඤ්ඤාගාරෙ නදතී”ති එවං වාදානු වාදං පටිසෙධෙත්වා ඉදානි පරිසති නදිතපුබ්බං සීහනාදං දස්සෙන්තො “එකමිදාහ”න්තිආදිමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සීහනාදං ඛො සමණො ගොතමො නදති. තඤ්චඛො සුඤ්ඤාගාරෙ නදති මෙසේ වාදයන්ගේ වාදය ප්‍රතික්ෂේප කොට දැන් පරිසතිං නද කරන ලද විරූ සිංහනාදය දක්වන සේක් එකමිදාහං ආදිය කී සේක.
තිත්ථියපරිවාසකථාවණ්ණනා
තත්ථ තත්ර මං අඤ්ඤතරො තපබ්රහ්මචාරීති තත්ර රාජගහෙ ගිජ්ඣකූටෙ පබ්බතෙ විහරන්තං මං අඤ්ඤතරො තපබ්රහ්මචාරී නිග්රොධො නාම පරිබ්බාජකො. අධිජෙගුච්ඡෙති වීරියෙන පාපජිගුච්ඡනාධිකාරෙ පඤ්හං පුච්ඡි. ඉදං යං තං භගවා ගිජ්ඣකූටෙ මහාවිහාරෙ නිසින්නො උදුම්බරිකාය දෙවියා උය්යානෙ නිසින්නස්ස නිග්රොධස්ස ච පරිබ්බාජකස්ස සන්ධානස්ස ච උපාසකස්ස දිබ්බාය සොතධාතුයා කථාසල්ලාපං සුත්වා ආකාසෙනාගන්ත්වා තෙසං සන්තිකෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිත්වා නිග්රොධෙන අධිජෙගුච්ඡෙ පුට්ඨපඤ්හං විස්සජ්ජෙසි, තං සන්ධාය වුත්තං.
එහි තත්ර මං අඤ්ඤතරො තපබ්රහ්මචාරී එහි රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරන මාගෙන් එක්තරා තප බ්‍රහ්මචාරී නිග්‍රෝධ නම් පරිබ්‍රාජකයෙක් අධිජෙගුච්ඡෙ වීර්යයෙන් පාපයන් පිළිකුල් කරන ආකාරයේ ප්‍රශ්නයක් ඇසීය. මෙය භාග්‍යවතුන් වහන්සේ ගිජ්ඣකූට මහා විහාරයෙහි හුන්සේක් උදුම්බරිකා දේවියගේ උයනෙහි හුන් නිග්‍රෝධ පරිබ්‍රාජකයාගේ සහ සන්ධාන උපාසකයාගේ කථා සල්ලාපය දිබ්බසෝත ධාතුවෙන් අසා අහසින් ගොස් ඔවුන් අසල පැනවූ අසුනෙහි හිඳ නිග්‍රෝධ විසින් අධිජෙගුච්ඡ ගැන අසන ලද ප්රශ්නය විසඳූ සේක. ඒ සඳහා කියන ලදි.
පරං විය මත්තායාති පරමාය මත්තාය, අතිමහන්තෙනෙව පමාණෙනාති අත්ථො. කො හි, භන්තෙති ඨපෙත්වා අන්ධබාලං දිට්ඨිගතිකං අඤ්ඤො පණ්ඩිතජාතිකො “කො නාම භගවතො ධම්මං සුත්වා න අත්තමනො අස්සා”ති වදති. ලභෙය්යාහන්ති ඉදං සො – “චිරං වත මෙ අනිය්යානිකපක්ඛෙ යොජෙත්වා අත්තා කිලමිතො, ‘සුක්ඛනදීතීරෙ න්හායිස්සාමී’ති සම්පරිවත්තෙන්තෙන විය ථුසෙ කොට්ටෙන්තෙන විය න කොචි අත්ථො නිප්ඵාදිතො. හන්දාහං අත්තානං යොගෙ යොජෙස්සාමී”ති චින්තෙත්වා ආහ.
පරංවිය මත්තාය පරම මාත්‍රයෙන්, ඉතා මහත් ප්‍රමාණයකින් යන අර්ථයි. කොහි භන්තෙ අඳබාල දෘෂ්ටිගතිකයා හැර අනික් පණ්ඩිත ජාතිකයෙක්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා කවරෙක් නම් සතුටු නොවේදැ’යි කියයි. ලහෙය්යාහං හේ අනෛර්යාණික පක්ෂයෙහි යොදා ආත්මය වෙහෙසට පත්කරන මා හට දැන් බොහෝකල්ය. වියලි ගංතෙර නහන්නෙමියි පෙරළෙන්නාක් මෙන්, දහයියා කොටන්නාක් මෙන් කිසි ප්‍රයෝජනයක් ලැබුණේ නැත. දැන් තමා යොදන්නෙමියි සිතා ඇසීය.
අථ භගවා යො අනෙන ඛන්ධකෙ තිත්ථියපරිවාසො පඤ්ඤත්තො, යො අඤ්ඤතිත්ථියපුබ්බො සාමණෙරභූමියං ඨිතො – “අහං භන්තෙ, ඉත්ථන්නාමො අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛාමි උපසම්පදං, ස්වාහං, භන්තෙ, සංඝං චත්තාරො මාසෙ පරිවාසං යාචාමී”තිආදිනා (මහාව· 86) නයෙන සමාදියිත්වා පරිවසති, තං සන්ධාය – “යො ඛො, කස්සප, අඤ්ඤතිත්ථියපුබ්බො”තිආදිමාහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඛන්ධකයෙහි යම් තීර්ථක පරිවාසයක් පනවා ඇත්ද, යමෙක් අන්‍ය තීර්ථකයකුව සාමණේර භූමියෙහි සිටියේ, ස්වාමීනි, මම අසුවල් නම් ඇති අන්‍ය තීර්ථකයකු වූ විරූමි. මේ ශාසනයෙහි උපසම්පදාව අපේක්ෂා කරමි. ස්වාමීනි, ඒ මම සංඝයාගෙන් සිව්මසක පරිවාසය ඉල්ලා සිටිමියි ආදී ක්‍රමයෙන් සමාදන්ව වසයි. ඒ සඳහා යො ඛො කස්සප අඤ්ඤතිත්ථිය පුබ්බො ආදිය කී සේක.
තත්ථ පබ්බජ්ජන්ති වචනසිලිට්ඨතාවසෙනෙව වුත්තං, අපරිවසිත්වායෙව හි පබ්බජ්ජං ලභති. උපසම්පදත්ථිකෙන පන නාතිකාලෙන ගාමප්පවෙසනාදීනි අට්ඨ වත්තානි පූරෙන්තෙන පරිවසිතබ්බං. ආරද්ධචිත්තාති අට්ඨවත්තපූරණෙන තුට්ඨචිත්තා, අයමෙත්ථ සඞ්ඛෙපත්ථො. විත්ථාරතො පනෙස තිත්ථියපරිවාසො සමන්තපාසාදිකාය විනයට්ඨකථායං පබ්බජ්ජඛන්ධකවණ්ණනාය වුත්තනයෙන වෙදිතබ්බො.
එහි පබ්බජ්ජං වචන සිලිටි බව සඳහාම කියන ලදි. පරිවාස නොවසාම පැවිද්ද ලබයි. උපසම්පදාව අපේක්ෂා කරන්නකු විසින් මහදවල් කාලයෙහි, ගම් නොවැදීම ආදී වත් අටක් පුරා පරිවාස විසිය යුතුය. ආරද්ධචිත්තා අටවත් පිරීමෙන් තුටු වූ සිත් ඇත්තේ, මේ මෙහි සංක්ෂේපයයි. මේ තිත්ථිය පරිවාසය විස්තර වශයෙන් සමන්ත පාසාදිකා විනයට්ඨ කථාවෙහි පබ්බජ්ජාක්ඛන්ධකයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.
අපි ච මෙත්ථාති අපි ච මෙ එත්ථ. පුග්ගලවෙමත්තතා විදිතාති පුග්ගලනානත්තං විදිතං. “අයං පුග්ගලො පරිවාසාරහො, අයං න පරිවාසාරහො”ති ඉදං මය්හං පාකටන්ති දස්සෙති. තතො කස්සපො චින්තෙසි – “අහො අච්ඡරියං බුද්ධසාසනං, යත්ථ එවං ඝංසිත්වා කොට්ටෙත්වා යුත්තමෙව ගණ්හන්ති, අයුත්තං ඡඩ්ඩෙන්තී”ති, තතො සුට්ඨුතරං පබ්බජ්ජාය සඤ්ජාතුස්සාහො – “සචෙ භන්තෙ”තිආදිමාහ.
අපිචමෙත්ථ තවද මට මෙහි. පුග්ගල වෙ මත්තතා විදිතා පුද්ගල නානාත්වය දන්නා ලදි. මේ පුද්ගලයා පරිවාසයට සුදුසුය. මොහු සුදුසු නොවේ යැයි මෙය මට ප්රකටයැයි දක්වයි. ඉන්පසු කාශ්‍යප මෙසේ සිතීය. බුද්ධ ශාසනය ආශ්චර්යයි. යම්තැනක මෙසේ ගටා කොටා යුතු දෙයම ගනිත්ද, අයුත්ත ඉවතලයිදැයි ඉන්පසු බෙහෙවින් පැවිද්ද කෙරෙහි හටගත් උත්සාහ ඇත්තේ සචෙ භන්තෙ ආදිය කීය.
අථ ඛො භගවා තස්ස තිබ්බච්ඡන්දතං විදිත්වා – “න කස්සපො පරිවාසං අරහතී”ති අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි – “ගච්ඡ භික්ඛු කස්සපං න්හාපෙත්වා පබ්බාජෙත්වා ආනෙහී”ති. සො තථා කත්වා තං පබ්බාජෙත්වා භගවතො සන්තිකං ආගමාසි. භගවා තං ගණමජ්ඣෙ නිසීදාපෙත්වා උපසම්පාදෙසි. තෙන වුත්තං – “අලත්ථ ඛො අචෙලො කස්සපො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පද”න්ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ තියුණු කැමැත්ත දැන ‘කාශ්‍යප පරිවාසයට නුසුදුසුයැයි එක්තරා භික්ෂුවක් ඇමතූ සේක. භික්ෂුව යන්න. කාශ්‍යප නහවා පැවිදිකොටගෙන එන්න. හේ එසේ කොට ඔහු පැවිදි කරවා භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහු සඟමැද හිඳුවා උපසම්පදා කළ සේක. එහෙයින් කියන ලදි. අලත්ථ ඛො අචෙලො කස්සපො පබ්බජ්ජං අලත්ථ උපසම්පදං යනුවෙන්.
අචිරූපසම්පන්නොති උපසම්පන්නො හුත්වා නචිරමෙව. වූපකට්ඨොති වත්ථුකාමකිලෙසකාමෙහි කායෙන චෙව චිත්තෙන ච වූපකට්ඨො. අප්පමත්තොති කම්මට්ඨානෙ සතිං අවිජහන්තො. ආතාපීති කායිකචෙතසිකසඞ්ඛාතෙන වීරියාතාපෙන ආතාපී. පහිතත්තොති කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛතාය පෙසිතචිත්තො විස්සට්ඨඅත්තභාවො. යස්සත්ථායාති යස්ස අත්ථාය. කුලපුත්තාති ආචාරකුලපුත්තා. සම්මදෙවාති හෙතුනාව කාරණෙනෙව. තදනුත්තරන්ති තං අනුත්තරං. බ්රහ්මචරියපරියොසානන්ති මග්ගබ්රහ්මචරියස්ස පරියොසානභූතං අරහත්තඵලං. තස්ස හි අත්ථාය කුලපුත්තා පබ්බජන්ති. දිට්ඨෙව ධම්මෙති ඉමස්මිංයෙව අත්තභාවෙ. සයං අභිඤ්ඤා සච්ඡිකත්වාති අත්තනායෙව පඤ්ඤාය පච්චක්ඛං කත්වා, අපරප්පච්චයං කත්වාති අත්ථො. උපසම්පජ්ජ විහාසීති පාපුණිත්වා සම්පාදෙත්වා විහාසි, එවං විහරන්තො ච ඛීණා ජාති…පෙ… අබ්භඤ්ඤාසීති.
අවිරූපසම්පන්නො උපසපන්ව නොබෝ කලෙකින්. වූපකට්ඨො වස්තු කාම ක්ලේශ කාමයන්ගෙන් කයින්ද සිතින්ද වෙන් වූයේ. අප්පමත්තො කමටහනෙහි සිහිය අත්නොහරින්නේ. ආතාපී කායික චෛතසික සංඛ්‍යාත වූ වීර්ය නැමති අව්වෙන් තැවෙන. පහිතත්තො කයෙහිද දිවියෙහිද අපේක්ෂා නැති බැවින් මෙහෙයවන ලද්දා වූද විසිරුණු ආත්මභාවය. යස්සත්ථාය යම් ප්‍රයෝජනයක් සඳහා. කුල පුත්තා ආචාර කුලපුත්‍රයෝ. සම්මදෙව හේතු ඇතිවද කරුණු ඇතිවද, තදනුත්තරං ඒ අනුත්තර වූ මග්ග බ්‍රහ්මචරිය පරියොසානං මාර්ග බ්‍රහ්මචර්යයෙහි අවසානය වූ අර්හත් ඵලය, ඒ අර්ථය සඳහා කුලපුත්‍රයෝ පැවිදි වෙති. දිට්ඨෙව ධම්මෙ මේ අත්බැවෙහිම. සයං අභිඤ්ඤා සච්ඡිකත්වා තමාගේම ප්‍රඥාවෙන් ප්රත්යක්ෂකොට අපර ප්‍රත්‍යකොට යන අර්ථයි. උපසම්පජ්ජ විහාසි පැමිණ හෝ සම්පාදනය කොට හෝ වාසය කළේය. මෙසේ වාසය කරන්නේ ද ඛීණාජාති -පෙ- අම්භඤ්ඤාසි
එවමස්ස පච්චවෙක්ඛණභූමිං දස්සෙත්වා අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙතුං “අඤ්ඤතරො ඛො පනායස්මා කස්සපො අරහතං අහොසී”ති වුත්තං. තත්ථ අඤ්ඤතරොති එකො. අරහතන්ති අරහන්තානං, භගවතො සාවකානං අරහන්තානං අබ්භන්තරො අහොසීති අයමෙත්ථ අධිප්පායො. යං යං පන අන්තරන්තරා න වුත්තං, තං තං තත්ථ තත්ථ වුත්තත්තා පාකටමෙවාති.
මෙසේ මොහුට ප්රත්යවේක්ෂණ භූමිය දක්වා රහත් බව කුළුගැන්වීමෙන්ම දේශනාව නිමවන්නට අඤ්ඤතරො පනායස්මා කස්සපො අරහතං අහොසි යි කියන ලදී. තත්ථ අඤ්ඤතරො යනු එක්කෙනෙක්. අරහතං භාග්‍යවතුන් වහන්සේගේ රහත් බව ලැබූ ශ්‍රාවකයන්ගේ අභ්යණ්තරයෙක් වීයයි මෙහි අදහසයි. යම් යම් දෙයක් අතරින් පතර නොකියන ලද්දේ ද ඒ ඒ දෙය ඒ ඒ තැනදී කියන ලද බැවින් ප්‍රකටමය.
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං මහාසීහනාදසුත්තවණ්ණනා නිට්ඨිතා.
කස්සප සීහනාද සූත්‍ර වර්ණනාව නිමියේ ය.