යෙදුමෙන් කියවන්න

9. පොට‍්ඨපාදසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

9. පොට‍්ඨපාදසුත‍්තවණ‍්ණනා

9. පොට්ඨපාද සූත්‍ර වර්ණනාව

පොට‍්ඨපාදපරිබ‍්බාජකවත්‍ථුවණ‍්ණනා

එවං මෙ සුත‍්තං…පෙ… සාවත්‍ථියන‍්ති පොට‍්ඨපාදසුත‍්තං. තත්‍රායං අපුබ‍්බපදවණ‍්ණනා.

එවං මෙ සුතං -පෙ- සාවත්‍ථියං යනු පොට්ඨපාද සූත්‍රයයි. මේ එහි අපූර්වපද වර්ණනාවයි.

සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙති සාවත්‍ථිං උපනිස‍්සාය යො ජෙතස‍්ස කුමාරස‍්ස වනෙ අනාථපිණ‍්ඩිකෙන ගහපතිනා ආරාමො කාරිතො, තත්‍ථ විහරති. පොට‍්ඨපාදො පරිබ‍්බාජකොති නාමෙන පොට‍්ඨපාදො නාම ඡන‍්නපරිබ‍්බාජකො. සො කිර ගිහිකාලෙ බ්‍රාහ‍්මණමහාසාලො කාමෙසුආදීනවං දිස‍්වා චත‍්තාලීසකොටිපරිමාණං භොගක‍්ඛන්‍ධං පහාය පබ‍්බජිත්‍වා තිත්‍ථියානං ගණාචරියො ජාතො. සමයං පවදන‍්ති එත්‍ථාති සමයප‍්පවාදකො, තස‍්මිං කිර ඨානෙ චඞ‍්කීතාරුක‍්ඛපොක‍්ඛරසාතිප‍්පභුතයො බ්‍රාහ‍්මණා නිගණ‍්ඨඅචෙලකපරිබ‍්බාජකාදයො ච පබ‍්බජිතා සන‍්නිපතිත්‍වා අත‍්තනො අත‍්තනො සමයං වදන‍්ති කථෙන‍්ති දීපෙන‍්ති, තස‍්මා සො ආරාමො සමයප‍්පවාදකොති වුච‍්චති. ස‍්වෙව ච තින්‍දුකාචීරසඞ‍්ඛාතාය තිම‍්බරූරුක‍්ඛපන‍්තියා පරික‍්ඛිත‍්තත‍්තා තින්‍දුකාචීරො. යස‍්මා පනෙත්‍ථ පඨමං එකාව සාලා අහොසි, පච‍්ඡා මහාපුඤ‍්ඤං පරිබ‍්බාජකං නිස‍්සාය බහූ සාලා කතා. තස‍්මා තමෙව එකං සාලං උපාදාය ලද‍්ධනාමවසෙන එකසාලකොති වුච‍්චති. මල‍්ලිකාය පන පසෙනදිරඤ‍්ඤො දෙවියා උය්‍යානභූතො සො පුප‍්ඵඵලසම‍්පන‍්නො ආරාමොති කත්‍වා මල‍්ලිකාය ආරාමොති සඞ‍්ඛ්‍යං ගතො. තස‍්මිං සමයප‍්පවාදකෙ තින්‍දුකාචීරෙ එකසාලකෙ මල‍්ලිකාය ආරාමෙ.

සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ සැවැත්නුවර නිසා ජේත කුමරුගේ වනයෙහි අනාථ පිණ්ඩික ගෘහපතියා විසින් ආරාමයක් කරවන ලදි. එහි වාසය කරන සේක. පොට්ඨපාදො පරිබ්බාජකො නමින් පොට්ඨපාද නම් ඡන්න පරිබ්‍රාජකයා ඔහු වනාහි ගිහිකල බ්‍රාහ්මණ මහාසාරයෙකි. කාමයන්හි ආදීනව දැක සතළිස් කෙළක් පමණ භෝග රාශිය අත්හැර පැවිදිව තීර්ථකයන්ගේ ගණාචාර්ය විය. සමය මෙහි කියත්නුයි සමයප්පවාදකො. මේ ස්ථානයෙහි චංකිතාරුක්ඛ, පොක්ඛරසාති ආදීන්ගේ පටන් බ්‍රාහ්මණයෝ නිගණ්ඨයෝ අචේලක පරිබ්‍රාජක ආදීහු පැවිදි වූවෝ එක්රැස්ව තම තමාගේ සමය ගැන කියති. කථා කරති. විස්තර කරති. ඒ නිසා ඒ ආරාමය සමයප්පවාදක යයි කියනු ලැබේ. තින්දුකාවීර සංඛ්‍යාත වූ තිඹිරි රුක් පෙලකින් වටවූ බැවින් තින්‍දුකාවීරො මෙහි පළමුවෙන් එකම ශාලාවක් වූ හෙයින් මහා පුණ්‍ය පරිබ්‍රාජකයා නිසා පසුව බොහෝ ශාලා කරවන ලදි. ඒ නිසා ඒ එකම ශාලාව නිසා ලැබුණු නම වශයෙන් ඒකසාලක යයි කියනු ලැබේ. ප්‍රසේනජිත් කෝසල රජුගේ දේවිය වූ මල්ලිකාවගේ උයන වූ මෙය මල්පලයෙන් යුතු ආරාමය මල්ලිකාගේ ආරාමයයි ප්‍රසිද්ධියට ගියේය. ඒ නිසා සමයප්පවාදකෙ තින්‍දුකාවීරෙ එකසාලකෙ මල්ලකාය ආරාමෙ

පටිවසතීති නිවාසඵාසුතාය වසති. අථෙකදිවසං භගවා පච‍්චූසසමයෙ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පත්‍ථරිත්‍වා ලොකං පරිග‍්ගණ‍්හන‍්තො ඤාණජාලස‍්ස අන‍්තොගතං පරිබ‍්බාජකං දිස‍්වා – “අයං පොට‍්ඨපාදො මය‍්හං ඤාණජාලෙ පඤ‍්ඤායති, කින‍්නු ඛො භවිස‍්සතී”ති උපපරික‍්ඛන‍්තො අද‍්දස – “අහං අජ‍්ජ තත්‍ථ ගමිස‍්සාමි, අථ මං පොට‍්ඨපාදො නිරොධඤ‍්ච නිරොධවුට‍්ඨානඤ‍්ච පුච‍්ඡිස‍්සති, තස‍්සාහං සබ‍්බබුද‍්ධානං ඤාණෙන සංසන්‍දිත්‍වා තදුභයං කථෙස‍්සාමි, අථ සො කතිපාහච‍්චයෙන චිත‍්තං හත්‍ථිසාරිපුත‍්තං ගහෙත්‍වා මම සන‍්තිකං ආගමිස‍්සති, තෙසමහං ධම‍්මං දෙසෙස‍්සාමි, දෙසනාවසානෙ පොට‍්ඨපාදො මං සරණං ගමිස‍්සති, චිත‍්තො හත්‍ථිසාරිපුත‍්තො මම සන‍්තිකෙ පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිස‍්සතී”ති.

පටිවසති විසීම් පහසුව නිසා වාසය කරන සේක. ඉක්බිති එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ අලුයම් වේලෙහි සර්වඥතා ඥානය පතුරුවා ලෝකය දෙස බලන සේක් ඥාන ජාලය තුළට පැමිණි පරිබ්‍රාජකයා දැක ‘මේ පොට්ඨපාද මාගේ ඥාන ජාලයෙහි පෙනේ. කුමක් වන්නේදැයි පරීක්‍ෂාකො බලන සේක් ‘මම අද එහි යන්නෙමි. එවිට පොට්ඨපාද මාගෙන් නිරෝධයද නිරෝධයෙන් නැගී සිටීමද අසන්නේය. මම ඔහුට සියලු බුදුවරුන්ගේ ඥානය සමග සසඳා ඒ දෙකම කියන්නෙමි. දවස් කිහිපයක ඇවෑමෙන් චිත්තහත්‍ථි සාරිපුත්ත රැගෙන මා සමීපයට එන්නේය. මම ඔවුන්ට දහම් දෙසන්නෙමි. දේශනාව අවසන පොට්ඨපාද මා සරණ යන්නේය. හත්‍ති සාරිපුත්ත චිත්ත මා සමීපයෙහි පැවිදිව රහත්බවට පැමිණෙන්නේ යයි දුටු සේක.

තතො පාතොව සරීරපටිජග‍්ගනං කත්‍වා සුරත‍්තදුපට‍්ටං නිවාසෙත්‍වා විජ‍්ජුලතාසදිසං කායබන්‍ධනං බන්‍ධිත්‍වා යුගන්‍ධරපබ‍්බතං පරික‍්ඛිපිත්‍වා ඨිතමහාමෙඝං විය මෙඝවණ‍්ණං පංසුකූලං එකංසවරගතං කත්‍වා පච‍්චග‍්ඝං සෙලමයපත‍්තං වාමඅංසකූටෙ ලග‍්ගෙත්‍වා සාවත්‍ථිං පිණ‍්ඩාය පවිසිස‍්සාමීති සීහො විය හිමවන‍්තපාදා විහාරා නික‍්ඛමි. ඉමමත්‍ථං සන්‍ධාය – “අථ ඛො භගවා”තිආදි වුත‍්තං.

ඉන්පසු උදෑසන සිරුරු පිළිදැගුම් කොට සුරත් දෙපට සිවුර හැඳ විදුලිය වන් කාබහන බැඳ යුගඳුරු පව්ව වටකොට සිටි වැසි වලාකුළක් බඳු මේවන් පසුල් සිවුර ඒකාංශකොට අලුත් සෙල්වූවා පාත්‍රය වම් උරහිස එල්ලාගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසෙන්නෙමියි හිමවත් පාමුලින් එන සිංහයකු මෙන් විහාරයෙන් නික්මුණු සේක. මේ අර්ථය සඳහා ‘අථෙඛො භගවා’ ආදිය කීය.

එතදහොසීති නගරද‍්වාරසමීපං ගන‍්ත්‍වා අත‍්තනො රුචිවසෙන සූරියං ඔලොකෙත්‍වා අතිප‍්පගභාවමෙව දිස‍්වා එතං අහොසි. යංනූනාහන‍්ති සංසයපරිදීපනො විය නිපාතො, බුද‍්ධානඤ‍්ච සංසයො නාම නත්‍ථි – “ඉදං කරිස‍්සාම, ඉදං න කරිස‍්සාම, ඉමස‍්ස ධම‍්මං දෙසෙස‍්සාම, ඉමස‍්ස න දෙසෙස‍්සාමා”ති එවං පරිවිතක‍්කපුබ‍්බභාගො පනෙස සබ‍්බබුද‍්ධානං ලබ‍්භති. තෙනාහ – “යංනූනාහ”න‍්ති, යදි පනාහන‍්ති අත්‍ථො.

එතදහොසි නුවර දොර සමීපයට ගොස් තමාට රිසි පරිදි සූර්යයා දෙස බලා කල්වැඩි බවම දැක මෙසේ සිතිණ. යන්නූනාහං සැකය ප්‍රකාශ කෙරෙන නිපාතයකි. බුදුවරුන්ට සැකයක් නම් නැත. මෙය කරන්නෙමි. මෙය නොකරන්නෙමි. මොහුට ධර්මය දේශනා කරන්නෙමි. මොහුට ධර්මය දේශනා නොකරන්නෙමියි මෙසේ විතර්කයක් පූර්වභාගයෙහි සියලු බුදුවරුන්ට ලැබේ. එහෙයින් කීය. යන්නූනාහං යනුවෙන් ඉදින් මම යන අර්ථයි.

උන‍්නාදිනියාති උච‍්චං නදමානාය, එවං නදමානාය චස‍්සා උද‍්ධං ගමනවසෙන උච‍්චො, දිසාසු පත්‍ථටවසෙන මහා සද‍්දොති උච‍්චාසද‍්දමහාසද‍්දාය, තෙසඤ‍්හි පරිබ‍්බාජකානං පාතොව වුට‍්ඨාය කත‍්තබ‍්බං නාම චෙතියවත‍්තං වා බොධිවත‍්තං වා ආචරියුපජ‍්ඣායවත‍්තං වා යොනිසො මනසිකාරො වා නත්‍ථි. තෙන තෙ පාතොව වුට‍්ඨාය බාලාතපෙ නිසින‍්නා – “ඉමස‍්ස හත්‍ථො සොභනො, ඉමස‍්ස පාදො”ති එවං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස හත්‍ථපාදාදීනි වා ආරබ‍්භ, ඉත්‍ථිපුරිසදාරකදාරිකාදීනං වණ‍්ණෙ වා, අඤ‍්ඤං වා කාමස‍්සාදභවස‍්සාදාදිවත්‍ථුං ආරබ‍්භ කථං සමුට‍්ඨාපෙත්‍වා අනුපුබ‍්බෙන රාජකථාදිඅනෙකවිධං තිරච‍්ඡානකථං කථෙන‍්ති. තෙන වුත‍්තං – “උන‍්නාදිනියා උච‍්චාසද‍්දමහාසද‍්දාය අනෙකවිහිතං තිරච‍්ඡානකථං කථෙන‍්තියා”ති.

උන්නාදිනියා උස්හඬ නගන. මෙසේ හඬනගන අයගේ උඩින් ගමන් කිරීම් වශයෙන් උච්ච නමි. දිශාවන්හි පැතිරීම් වශයෙන් මහා ශබ්ද වේ. උස්හඬ පැතිරුණු හඬ ඇති බැවින් උච්චාසද්ද මහාසද්ද වේ. ඒ පරිබ්‍රාජකයන්ට උදෑසන නැගිට කළයුතු සෑවත් හෝ බෝමළුවත් හෝ ආචාර්ය උපාධ්‍යායවත් හෝ යෝනිසෝ මනසිකාරයක් හෝ නැත. ඒ නිසා ඔවුහු උදෑසනම නැගිට ළාහිරු රැසෙහි හුන්නාහු මොහුගේ අත ලස්සනය. මොහු පා ලස්සනය. මෙසේ ඔවුනොවුන්ගේ අත්පා හෝ අරබයා ස්ත්‍රීපුරුෂ දාරක දාරිකාවන්ගේ ගුණ හෝ අනික් කාමාස්වාද උපදවා අනුපිළිවෙලින් රාජකථා ආදී අනේකවිධ වූ තිරිසන් කථා කියත්. එහෙයින් කියන ලදි. උන්නාදිනියා උච්චාසද්ද මහා සද්දාය අනෙක විහිතං තිරච්ඡාන කථං කථෙන්තියා යනුවෙන්.

තතො පොට‍්ඨපාදො පරිබ‍්බාජකො තෙ පරිබ‍්බාජකෙ ඔලොකෙත්‍වා – “ඉමෙ පරිබ‍්බාජකා අතිවිය අඤ‍්ඤමඤ‍්ඤං අගාරවා, මයඤ‍්ච සමණස‍්ස ගොතමස‍්ස පාතුභාවතො පට‍්ඨාය සූරියුග‍්ගමනෙ ඛජ‍්ජොපනකූපමා ජාතා, ලාභසක‍්කාරොපි නො පරිහීනො. සචෙ පනිමං ඨානං සමණො ගොතමො වා ගොතමස‍්ස සාවකො වා ගිහී උපට‍්ඨාකො වා තස‍්ස ආගච‍්ඡෙය්‍ය, අතිවිය ලජ‍්ජනීයං භවිස‍්සති, පරිසදොසො ඛො පන පරිසජෙට‍්ඨකස‍්සෙව උපරි ආරොහතී”ති ඉතොචිතො ච විලොකෙන‍්තො භගවන‍්තං අද‍්දස. තෙන වුත‍්තං – “අද‍්දසා ඛො පොට‍්ඨපාදො පරිබ‍්බාජකො…පෙ… තුණ‍්හී අහෙසු”න‍්ති.

ඉන්පසු පොට්ඨපාද පරිබ්‍රාජකයා ඒ පරිබ්‍රාජකයන් දෙස බලා මේ පරිබ්‍රාජකයෝ අතිශයින් ඔවුනොවුන්ට අගෞරව ඇත්තෝ ය. අපිද ශ්‍රමණ ගෞතමයන්ගේ පහළවීමේ පටන් හිරු නැගෙනවිට කණාමැදිරියන් හා සමාන වීමු. අපගේ ලාභසත්කාරද පිරිහිණ. ඉදින් මෙතැනම ශ්‍රමණ ගෞතම හෝ ගෞතමගේ ශ්‍රාවකයෙක් හෝ ඔහුගේ ගිහි උපස්ථායකයෙක් හෝ එන්නේ නම් අතිශයින් ලජ්ජා වියයුතු වන්නේය. පිරිසගේ දොසක් වේනම් එය පිරිස් දෙටුවාගේම මත නැගෙන්නේ යයි ඔබමොබ බලන්නේ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. එහෙයින් කියන ලදි. අද්දසා ඛො පොට්ඨපාදො පරිබ්බාජකො -පෙ- තුණ්හී අහෙසුං යනුවෙන්.

තත්‍ථ සණ‍්ඨපෙසීති සික‍්ඛාපෙසි, වජ‍්ජමස‍්සා පටිච‍්ඡාදෙසි. යථා සුසණ‍්ඨිතා හොති, තථා නං ඨපෙසි. යථා නාම පරිසමජ‍්ඣං පවිසන‍්තො පුරිසො වජ‍්ජපටිච‍්ඡාදනත්‍ථං නිවාසනං සණ‍්ඨපෙති, පාරුපනං සණ‍්ඨපෙති, රජොකිණ‍්ණට‍්ඨානං පුඤ‍්ඡති; එවමස‍්සා වජ‍්ජපටිච‍්ඡාදනත්‍ථං – “අප‍්පසද‍්දා භොන‍්තො”ති සික‍්ඛාපෙන‍්තො යථා සුසණ‍්ඨිතා හොති, තථා නං ඨපෙසීති අත්‍ථො.

එහි සණ්ඨපෙසි හික්මවීය. ඇයගේ වරද ඇසුවේය. යම්සේ මැනවින් පිහිටියාද එසේ ඇය තැබීය. යම්සේ පිරිස් මැදට පිවිසෙන පුරුෂයා වරද වසාගැනීම සඳහා ඇඳුම සකස් කරයිද, පොරෝනය සකසයිද, දූවිලි වැකුණු තැන් පිස දමයිද, මෙසේ ඇයගේ වරද වැසීම පිණිස අප්පසද්දා භොන්තො යනුවෙන් හික්මවන්නේ යම්සේ මනාව පිහිටියේද එසේ තැබීය යන අර්ථයි.

අප‍්පසද‍්දකාමොති අප‍්පසද‍්දං ඉච‍්ඡති, එකො නිසීදති, එකො තිට‍්ඨති, න ගණසඞ‍්ගණිකාය යාපෙති. උපසඞ‍්කමිතබ‍්බං මඤ‍්ඤෙය්‍යාති ඉධාගන‍්තබ‍්බං මඤ‍්ඤෙය්‍ය. කස‍්මා පනෙස භගවතො උපසඞ‍්කමනං පච‍්චාසීසතීති? අත‍්තනො වුද‍්ධිං පත්‍ථයමානො. පරිබ‍්බාජකා කිර බුද‍්ධෙසු වා බුද‍්ධසාවකෙසු වා අත‍්තනො සන‍්තිකං ආගතෙසු – “අජ‍්ජ අම‍්හාකං සන‍්තිකං සමණො ගොතමො ආගතො, සාරිපුත‍්තො ආගතො, න ඛො පන තෙ යස‍්ස වා තස‍්ස වා සන‍්තිකං ගච‍්ඡන‍්ති, පස‍්සථ අම‍්හාකං උත‍්තමභාව”න‍්ති අත‍්තනො උපට‍්ඨාකානං සන‍්තිකෙ අත‍්තානං උක‍්ඛිපන‍්ති, උච‍්චෙ ඨානෙ ඨපෙන‍්ති, භගවතොපි උපට‍්ඨාකෙ ගණ‍්හිතුං වායමන‍්ති. තෙ කිර භගවතො උපට‍්ඨාකෙ දිස‍්වා එවං වදන‍්ති – “තුම‍්හාකං සත්‍ථා භවං ගොතමොපි ගොතමසාවකාපි අම‍්හාකං සන‍්තිකං ආගච‍්ඡන‍්ති, මයං අඤ‍්ඤමඤ‍්ඤං සමග‍්ගා. තුම‍්හෙ පන අම‍්හෙ අක‍්ඛීහිපි පස‍්සිතුං න ඉච‍්ඡථ, සාමීචිකම‍්මං න කරොථ, කිං වො අම‍්හෙහි අපරද‍්ධ”න‍්ති. අථෙකච‍්චෙ මනුස‍්සා – “බුද‍්ධාපි එතෙසං සන‍්තිකං ගච‍්ඡන‍්ති කිං අම‍්හාක”න‍්ති තතො පට‍්ඨාය තෙ දිස‍්වා නප‍්පමජ‍්ජන‍්ති. තුණ‍්හී අහෙසුන‍්ති පොට‍්ඨපාදං පරිවාරෙත්‍වා නිස‍්සද‍්දා නිසීදිංසු.

අප්පසද්දකාමො අල්ප ශබ්ද කැමති වෙයි. එකෙක් හිඳගනී. එකෙක් නැගිට සිටී. ගණ සංගණිකාවෙන් නොගැසේ. උපසංකමි තබ්බං මඤ්ඤෙය්‍ය මෙහි ආයුතු යයි හඟින්නේය. කුමක්හෙයින් මොහු භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම අපේක්‍ෂා කරයිද? තමාගේ වෘද්ධිය ප්‍රාර්ථනා කරමින් පරිබ්‍රාජකයෝ වනාහි බුදුවරුන් හෝ බුදුසව්වන් හෝ තමා සමීපයට පැමිණිවිට අද අපේ ළඟට ශ්‍රමණ ගෞතම ආවේය. ශාරිපුත්‍ර ආවේය. ඔව්හු එක් එක් අය ළඟට යන්නෝ නොවෙති. අපේග උතුම් බව බලවු යිය තමාගේ උපස්ථායකයන් හමුවෙහි තමන් ඔසවා තබාගනිත්. උස්තැනක තබත්. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයන් අල්ලාගන්ට වෑයම් කරත්. ඔවුහු භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයන් දැක මෙසේ කියත්. ‘ඔබලාගේ ශාස්තෲ වූ භවත් ගෞතමයෝද ගෞතම ශ්‍රාවකයෝද අපගේ ළඟට එති. අපි ඔවුනොවුන් සමගියෙන් සිටිමු. ඔබලා නම් අප ඇසින් බැලීමටද නොකැමැතිය. සුහද කථාවක්වත් නොකරහුය. ඇයි ඔබලා අප සමග තරහද, ඉක්බිති සමහරු මිනිස්සු බුදුවරුද මොවුන්ගේ ළඟට පැමිණෙති. අපගේ සමීපයට කිම නොඑත්දැයි එතැන්පටන් ඔවුන් අත ප්‍රමාද නොවෙති. තුණ්හී අහෙසුං යනු පොට්ඨපාද පිරිවරා නිහඬව හුන්නාහුය.

ස‍්වාගතං, භන‍්තෙති සුට‍්ඨු ආගමනං, භන‍්තෙ, භගවතො; භගවති හි නො ආගතෙ ආනන්‍දො හොති, ගතෙ සොකොති දීපෙති. චිරස‍්සං ඛො, භන‍්තෙති කස‍්මා ආහ? කිං භගවා පුබ‍්බෙපි තත්‍ථ ගතපුබ‍්බොති, න ගතපුබ‍්බො. මනුස‍්සානං පන – “කුහිං ගච‍්ඡන‍්තා, කුතො ආගතත්‍ථ, කිං මග‍්ගමූළ‍්හත්‍ථ, චිරස‍්සං ආගතත්‍ථා”ති එවමාදයො පියසමුදාචාරා හොන‍්ති, තස‍්මා එවමාහ. එවඤ‍්ච පන වත්‍වා න මානථද‍්ධො හුත්‍වා නිසීදි, උට‍්ඨායාසනා භගවතො පච‍්චුග‍්ගමනමකාසි. භගවන‍්තඤ‍්හි උපගතං දිස‍්වා ආසනෙන අනිමන‍්තෙන‍්තො වා අපචිතිං අකරොන‍්තො වා දුල‍්ලභො. කස‍්මා? උච‍්චාකුලීනතාය. අයම‍්පි පරිබ‍්බාජකො අත‍්තනො නිසින‍්නාසනං පප‍්ඵොටෙත්‍වා භගවන‍්තං ආසනෙන නිමන‍්තෙන‍්තො – “නිසීදතු, භන‍්තෙ, භගවා ඉදමාසනං පඤ‍්ඤත‍්ත”න‍්ති ආහ.

ස්වාගතං භන්තෙ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සුභ ආගමනයක් විය. භාග්‍යවතුන් වහන්සේ පැමිණිවිට අපට ආනන්දයක් වෙයි. ගියවිට ශෝකයක් වෙයි යයි දක්වයි. විරස්සං ඛො භන්තෙ යනු කුමක් නිසා පැමිණියේද? භාග්‍යවතුන් වහන්සේ මීට පෙරත් මෙහි පැමිණි විරූද? නොගිය විරූද? මනුෂ්‍යයන්ගේ කොහේ යන ගමන් මෙහේ ආවේද? මංමුළා වුණාද? බොහෝ කලකින් ආවේ. මේ ආදී ප්‍රිය ව්‍යවහාරයක් වෙයි. ඒ නිසා මෙසේ කීය. මෙසේ කියා මානයෙන් තදව හුන්නේය. නැගිට භාග්‍යවතුන් වහන්සේට පෙරගමන් කළේය. භාග්‍යවතුන් වහන්සේ පැමිණිබව දැක ආසනයකින් නොපවරන්නේ හෝ ගෞරව නොකරන්නේ හෝ දුර්ලභය. කුමක් නිසාද? උසස් කුල ඇති බැවිනි. මේ පරිබ්‍රාජකයාද තමාගේ හුන් අසුන ගසා දමා භාග්‍යවතුන් වහන්සේට ආසනය පරන්නේ නිසීදතුභන්තෙ භගවා ඉදමාසනං පඤ්ඤත්තං යයි කීය.

අන‍්තරාකථා විප‍්පකතාති නිසින‍්නානං වො ආදිතො පට‍්ඨාය යාව මමාගමනං, එතස‍්මිං අන‍්තරෙ කා නාම කථා විප‍්පකතා, මමාගමනපච‍්චයා කතමා කථා පරියන‍්තං න ගතා, වදථ, යාව නං පරියන‍්තං නෙත්‍වා දෙමීති සබ‍්බඤ‍්ඤුපවාරණං පවාරෙසි. අථ පරිබ‍්බාජකො – “නිරත්‍ථකකථා එසා නිස‍්සාරා වට‍්ටසන‍්නිස‍්සිතා, න තුම‍්හාකං පුරතො වත‍්තබ‍්බතං අරහතී”ති දීපෙන‍්තො “තිට‍්ඨතෙසා, භන‍්තෙ”තිආදිමාහ.

අන්තරා කතා විප්පකතා හිඳන්නා වූ ඔබගේ ආදියෙහි පටන් මාගේ පැමිණීම තෙක් මේ අතරතුර කවරනම් කථාවක් අවසන් නොවීද? මාගේ පැමිණීම හේතුවෙන් කවර කථාවක් අවසානයට නොගියේද? කියන්න එය අවසානයට ගෙනයමි’යි සර්වඥ පවාරණයෙන් පැවරූ සේක. ඉක්බිති පරිබ්‍රාජකයා ඒ කථාව නිරර්ථකය. නිස්සාරය සංසාර පැවැත්ම ඇසුරුකොට ඇත. ඔබතුමාගේ ඉදිරියෙහි කීමටවත් නොහොබී යයි දක්වන්නේ තිට්ඨතෙසා භන්තෙ යි ආදිය කීය.

අභිසඤ‍්ඤානිරොධකථාවණ‍්ණනා

තිට‍්ඨතෙසා, භන‍්තෙති සචෙ භගවා සොතුකාමො භවිස‍්සති, පච‍්ඡාපෙසා කථා න දුල‍්ලභා භවිස‍්සති, අම‍්හාකං පනිමාය කථාය අත්‍ථො නත්‍ථි. භගවතො පනාගමනං ලභිත්‍වා මයං අඤ‍්ඤදෙව සුකාරණං පුච‍්ඡාමාති දීපෙති. තතො තං පුච‍්ඡන‍්තො – “පුරිමානි, භන‍්තෙ”තිආදිමාහ.

ස්වාමීනි, ඒවා එහි තිබුණා වේ. ඉදින් භාග්‍යවතුන් වහන්සේ අසනු කැමතිනම් පසුවට වුවත් ඒ කථාව දුර්ලභ නොවන්නේය. අපට මේ කථාවෙන් ප්‍රයෝජනයක් නැත. භාග්‍යවතුන් වහන්සේගේ ආගමනයක් ලැබ අපි වෙනත් යහපත් කරුණක් අසමු යයි දක්වයි. ඉන්පසු එය විමසන්නේ පුරිමානි භන්තෙ ආදිය කීය.

තත්‍ථ කොතූහලසාලායන‍්ති කොතූහලසාලා නාම පච‍්චෙකසාලා නත්‍ථි. යත්‍ථ පන නානාතිත්‍ථියා සමණබ්‍රාහ‍්මණා නානාවිධං කථං පවත‍්තෙන‍්ති, සා බහූනං – “අයං කිං වදති, අයං කිං වදතී”ති කොතූහලුප‍්පත‍්තිට‍්ඨානතො කොතූහලසාලාති වුච‍්චති. අභිසඤ‍්ඤානිරොධෙති එත්‍ථ අභීති උපසග‍්ගමත‍්තං. සඤ‍්ඤානිරොධෙති චිත‍්තනිරොධෙ, ඛණිකනිරොධෙ කථා උප‍්පන‍්නාති අත්‍ථො.

එහි කුතුහල සාලයං යනු, කුතුහල ශාලාව නමින් වෙනම ශාලාවක් නැත. යම් තැනක නොයෙක් තීර්ථකයෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නොයෙක් කථා පවත්වත්ද, එය බොහෝ දෙනකුට ‘මොහු කුමක් කියාද, මොහු කුමක් කියාදැයි කුහුලක් පවත්නා නිසා කුතූහල සාලා යයි කියනු ලැබේ. අභිසඤ්ඤා නිරොධෙ මෙහි අභි යනු උපසර්ගයක් පමණි. සඤ්ඤා නිරොධෙ චිත්ත නිරෝධයෙහි ක්‍ෂණික නිරෝධයෙහි කථාවක් හටගත්තේය යන අර්ථයි.

ඉදං පන තස‍්සා උප‍්පත‍්තිකාරණං. යදා කිර භගවා ජාතකං වා කථෙති, සික‍්ඛාපදං වා පඤ‍්ඤපෙති තදා සකලජම‍්බුදීපෙ භගවතො කිත‍්තිඝොසො පත්‍ථරති, තිත්‍ථියා තං සුත්‍වා – “භවං කිර ගොතමො පුබ‍්බචරියං කථෙසි, මයං කිං න සක‍්කොම තාදිසං කිඤ‍්චි කථෙතු”න‍්ති භගවතො පටිභාගකිරියං කරොන‍්තා එකං භවන‍්තරසමයං කථෙන‍්ති – “භවං ගොතමො සික‍්ඛාපදං පඤ‍්ඤපෙසි, මයං කිං න සක‍්කොම පඤ‍්ඤපෙතු”න‍්ති අත‍්තනො සාවකානං කිඤ‍්චිදෙව සික‍්ඛාපදං පඤ‍්ඤපෙන‍්ති. තදා පන භගවා අට‍්ඨවිධපරිසමජ‍්ඣෙ නිසීදිත්‍වා නිරොධකථං කථෙසි. තිත්‍ථියා තං සුත්‍වා – “භවං කිර ගොතමො නිරොධං නාම කථෙසි, මයම‍්පි තං කථෙස‍්සාමා”ති සන‍්නිපතිත්‍වා කථයිංසු. තෙන වුත‍්තං – “අභිසඤ‍්ඤානිරොධෙ කථා උදපාදී”ති.

මෙය එහි උත්පත්ති කාරණයයි. එකල භාග්‍යවතුන් වහන්සේ ජාතකයක් හෝ කියන සේක. ශික්‍ෂාපදයක් හෝ පනවන සේක. එකල මුළු දඹදිව භාග්‍යවතුන් වහන්සේ කිත්ගොස පැතිරෙයි. තීර්ථකයෝ එය අසා භවත් ගෞතමයෝ පෙර සිරිතක් කීහ. එබඳු කිසිවක් කියන්ට අපට නොහැක්කේ ඇයි දැයි භාග්‍යවතුන් වහන්සේට සමාන කාර්යයක් කරන්නාහු එක් භවාන්තර සමයක් ගැන කියති. ‘භවත් ගෞතමයෝ ශික්‍ෂාපද පනවති. පනවන්ට අපට නොහැක්කේ ඇයි යයි තමාගේ ශ්‍රාවකයන්ට කුමක් හෝ සිකපදයක් පනවති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අටවැදෑරුම් පිරිස මැද වැඩහිඳ නිරෝධ කථාව කී සේක. තීර්ථකයෝ එය අසා ‘භවත් ගෞතමයෝ නිරෝධ නම් දෙයක් කීහ. අපිදු එය කියන්නෙමුයි රැස්ව කියූහ. එහෙයින් කියන ලදී. අභිඤ්ඤා නිරොධෙ කතා උපදී යනුවෙන්.

තත්‍රෙකච‍්චෙති තෙසු එකච‍්චෙ. පුරිමො චෙත්‍ථ ය‍්වායං බාහිරෙ තිත්‍ථායතනෙ පබ‍්බජිතො චිත‍්තප‍්පවත‍්තියං දොසං දිස‍්වා අචිත‍්තකභාවො සන‍්තොති සමාපත‍්තිං භාවෙත්‍වා ඉතො චුතො පඤ‍්ච කප‍්පසතානි අසඤ‍්ඤීභවෙ ඨත්‍වා පුන ඉධ උප‍්පජ‍්ජති. තස‍්ස සඤ‍්ඤුප‍්පාදෙ ච නිරොධෙ ච හෙතුං අපස‍්සන‍්තො – අහෙතූ අප‍්පච‍්චයාති ආහ.

තථෙකච්චෙ එවුන් අතරින් ඇතැමෙක් පළමුවැන්නාද මෙහි මොහු බාහිර තීර්ථායතනයක පැවිදි වූයේ සිත් පැවැත්මෙහි දොස් දැක සිත් නැති බව ශාන්ත යැයි සමාපත්තිය වඩා මෙයින් චුතව කල්ප පන්සියයක් අසංඥී භවයෙහි සිට නැවත මෙහි උපදී. ඔහුට සංඥා ඉපදවීමෙහිද නිරෝධයෙහිද හේතුව නොදක්නේ අහෙතු අප්පච්චයො යයි කීය.

දුතියො නං නිසෙධෙත්‍වා මිගසිඞ‍්ගතාපසස‍්ස අසඤ‍්ඤකභාවං ගහෙත්‍වා – “උපෙතිපි අපෙතිපී”ති ආහ. මිගසිඞ‍්ගතාපසො කිර අත‍්තන‍්තපො ඝොරතපො පරමධිතින්‍ද්‍රියො අහොසි. තස‍්ස සීලතෙජෙන සක‍්කවිමානං උණ‍්හං අහොසි. සක‍්කො දෙවරාජා “සක‍්කට‍්ඨානං නු ඛො තාපසො පත්‍ථෙතී”ති අලම‍්බුසං නාම දෙවකඤ‍්ඤං – ‘තාපසස‍්ස තපං භින්‍දිත්‍වා එහී’ති පෙසෙසි. සා තත්‍ථ ගතා. තාපසො පඨමදිවසෙ තං දිස‍්වාව පලායිත්‍වා පණ‍්ණසාලං පාවිසි. දුතියදිවසෙ කාමච‍්ඡන්‍දනීවරණෙන භග‍්ගො තං හත්‍ථෙ අග‍්ගහෙසි, සො තෙන දිබ‍්බඵස‍්සෙන ඵුට‍්ඨො විසඤ‍්ඤී හුත්‍වා තිණ‍්ණං සංවච‍්ඡරානං අච‍්චයෙන සඤ‍්ඤං පටිලභි. තං සො දිට‍්ඨිගතිකො – “තිණ‍්ණං සංවච‍්ඡරානං අච‍්චයෙන නිරොධා වුට‍්ඨිතො”ති මඤ‍්ඤමානො එවමාහ.

දෙවැන්නා එය නිෂේධකොට මිගසිංහ තාපසයාගේ අසංඥක බව ගෙන උපෙති පි අපෙතිපි ආදිය කීය. මිගසිංහ තාපසයා ආත්මය තවන්නෙකි. ඝෝර තපස් ඇත්තේය. දමනය කරගත් ඉන්‍ද්‍රිය ඇත්තේ විය. ඔහුගේ සිල් තෙදින් ශක්‍ර විමානය උණුසුම් විය. ශක්‍ර දේවේන්ද්‍රයා ‘තාපසයා ශක්‍රස්ථානය ප්‍රාර්ථනා කරන්නේ දෝයි අලම්බුසා නම් දේව කන්‍යාව’ තවුසාගේ තපස බිඳ එව’යි යැවීය. ඈ එහි ගියාය. තවුසා පළමු දවසෙහි ඇය දැක පළාගොස් පන්සලට පිවිසියේය. දෙවැනි දවසෙහි කාමච්ඡන්‍ද නීවරණයෙන් බිඳුණේ ඇය අතින් අල්ලා ගත්තේය. හේ එම දිව්‍ය ස්පර්ශයෙන් පහසන ලද්දේ විසංඥව තෙවසරක් ඇවෑමෙන් සංඥාව ලැබීය. හෙතෙමේ දෘෂ්ටිගතිකව තෙවසරක් ඇවෑමෙන් නිරෝධයෙන් නැගී සිටියෙමියි හඟින්නේ මෙසේ කීය.

තතියො නං නිසෙධෙත්‍වා ආථබ‍්බණපයොගං සන්‍ධාය “උපකඩ‍්ඪන‍්තිපි අපකඩ‍්ඪන‍්තිපී”ති ආහ. ආථබ‍්බණිකා කිර ආථබ‍්බණං පයොජෙත්‍වා සත‍්තං සීසච‍්ඡින‍්නං විය හත්‍ථච‍්ඡින‍්නං විය මතං විය ච කත්‍වා දස‍්සෙන‍්ති. තස‍්ස පුන පාකතිකභාවං දිස‍්වා සො දිට‍්ඨිගතිකො – “නිරොධා වුට‍්ඨිතො අය”න‍්ති මඤ‍්ඤමානො එවමාහ.

තෙවැන්නා එය නිෂේධකොට අථර්වන ප්‍රයෝගය සඳහා උපකඩ්ඪන්ති පි අපකඩ්ඪන්තියි යයි කීය. අථර්වනය වනාහි අථර්වනය යොදා හිස සුන් සතකු මෙන්ද අත්පා සිඳලූවකු මෙන්ද මියගිය එකකු මෙන්ද කොට දක්වත්. ඔහුගේ නැවත ප්‍රකෘතිමත් බව දැක ඒ දෘෂ්ටිගතිකයා ‘නිරෝධයෙන් මොහු නැගී සිටියේ යයි හඟිමින් මෙසේ කීය.

චතුත්‍ථො නං නිසෙධෙත්‍වා යක‍්ඛදාසීනං මදනිද‍්දං සන්‍ධාය “සන‍්ති හි භො දෙවතා”තිආදිමාහ. යක‍්ඛදාසියො කිර සබ‍්බරත‍්තිං දෙවතූපහාරං කුරුමානා නච‍්චිත්‍වා ගායිත්‍වා අරුණොදයෙ එකං සුරාපාතිං පිවිත්‍වා පරිවත‍්තිත්‍වා සුපිත්‍වා දිවා වුට‍්ඨහන‍්ති. තං දිස‍්වා සො දිට‍්ඨිගතිකො – “සුත‍්තකාලෙ නිරොධං සමාපන‍්නා, පබුද‍්ධකාලෙ නිරොධා වුට‍්ඨිතා”ති මඤ‍්ඤමානො එවමාහ.

සිව්වැන්නා එය නිෂේධකොට යක්‍ෂ දාසීන්ගේ මදයෙන් නිදාගැනීම සඳහා සන්තිහි භො දෙවතා යයි කීය. යක්‍ෂ දාසීහු මුළු රැයම දෙවියන්ට උපහාර කරමින් නටා ගයා අරුණු නැගෙන වේලාවෙහි එක් සුරා බඳුනක් බී පෙරලී නිදා දවල් කල නැගිටිත්. ඒ දැක ඒ දෘෂ්ටිගතිකයා නිදන කල නිරෝධයට සමවැද පිබිදි කල නිරෝධයෙන් නැගිටියාහු යැයි හඟින්නේ මෙසේ කීය.

අයං පන පොට‍්ඨපාදො පරිබ‍්බාජකො පණ‍්ඩිතජාතිකො. තෙනස‍්ස තං කථං සුත්‍වා විප‍්පටිසාරො උප‍්පජ‍්ජි. “ඉමෙසං කථා එළමූගකථා විය චත‍්තාරො හි නිරොධෙ එතෙ පඤ‍්ඤපෙන‍්ති, ඉමිනා ච නිරොධෙන නාම එකෙන භවිතබ‍්බං, න බහුනා. තෙනාපි එකෙන අඤ‍්ඤෙනෙව භවිතබ‍්බං, සො පන අඤ‍්ඤෙන ඤාතුං න සක‍්කා අඤ‍්ඤත්‍ර සබ‍්බඤ‍්ඤුනා. සචෙ භගවා ඉධ අභවිස‍්ස ‘අයං නිරොධො අයං න නිරොධො’ති දීපසහස‍්සං විය උජ‍්ජාලෙත්‍වා අජ‍්ජමෙව පාකටං අකරිස‍්සා”ති දසබලඤ‍්ඤෙව අනුස‍්සරි. තස‍්මා “තස‍්ස මය‍්හං භන‍්තෙ”තිආදිමාහ.

මේ පොට්ඨපාද පරිබ්‍රාජකයා පණ්ඩිතයෙකි. ඒ නිසා ඔහුට මේ කථාව අසා විපිළිසර උපන්නේය. ‘මොවුන්ගේ කථාව ගොළු බිහිරි කථා මෙන් මොවුහු නිරෝධ සතරක් පනවති. මේ නිරෝධය එකක් විය යුතුය. බොහෝ නිරෝධයන්ගෙන් නොවේ. එයින්ද අනෙකක් විය යුතුය. හේ අනිකකින් දැනගන්ට සර්වඥ කෙනෙකුට හැර නොහැකිය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මෙහි එන සේක්නම් මේ නිරෝධයයි. මේ නිරෝධයයි පහන් දහසක් දල්වා මෙන්. අද මට ප්‍රකට කරන සේකැයි දසබලධාරීන් වහන්සේම සිහි කළේය. ඒ නිසා තස්ස මය්හං භන්තෙ ආදිය කීය.

තත්‍ථ අහො නූනාති අනුස‍්සරණත්‍ථෙ නිපාතද‍්වයං, තෙන තස‍්ස භගවන‍්තං අනුස‍්සරන‍්තස‍්ස එතදහොසි “අහො නූන භගවා අහො නූන සුගතො”ති. යො ඉමෙසන‍්ති යො එතෙසං නිරොධධම‍්මානං සුකුසලො නිපුණො ඡෙකො, සො භගවා අහො නූන කථෙය්‍ය, සුගතො අහො නූන කථෙය්‍යාති අයමෙත්‍ථ අධිප‍්පායො. පකතඤ‍්ඤූති චිණ‍්ණවසිතාය පකතිං සභාවං ජානාතීති පකතඤ‍්ඤූ. කථං නු ඛොති ඉදං පරිබ‍්බාජකො “මයං භගවා න ජානාම, තුම‍්හෙ ජානාථ, කථෙථ නො”ති ආයාචන‍්තො වදති. අථ භගවා කථෙන‍්තො “තත්‍ර පොට‍්ඨපාදා”තිආදිමාහ.

එහි අහොනූන යනු සිහිකිරීම් අර්ථයෙහි නිපාත දෙකකි. එයින් භාග්‍යවතුන් වහන්සේ සිහිකරන ඔහුට මෙසේ සිතිණ. අහොනූන භගවා අහොනූන සුගතො යනුවෙන්. යොඉමෙසං යමෙක් මේ නිරෝධ ධර්මයන්හි සුකුසලො මැනවින් දක්ෂ ද නිපුණ ද අතිදක්ෂ ද ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් කියනු ඇත. ඒ සුගතයන් වහන්සේ ඒකාන්තයෙන් කියනු ඇත යනු මෙහි අදහසයි. පකතඤ්ඤු පුරුදු කළ වශීබව ඇති බැවින් ප්‍රකෘතිය ස්වභාවය දනීනුයි පකතඤ්ඤු කථන්නුඛො මෙය පරිබ්‍රාජකයා ‘අපි භාග්‍යවතුන් වහන්ස නොදනිමු. ඔබවහන්සේ දනිති. අපට කියනු මැනවැයි අයැදින්නේ කියයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කියන සේක් තත්‍ර පොට්ඨපාද ආදිය කියූ සේක.

අහෙතුකසඤ‍්ඤුප‍්පාදනිරොධකථාවණ‍්ණනා

තත්‍ථ තත්‍රාති තෙසු සමණබ්‍රාහ‍්මණෙසු. ආදිතොව තෙසං අපරද‍්ධන‍්ති තෙසං ආදිම‍්හියෙව විරද‍්ධං, ඝරමජ‍්ඣෙයෙව පක‍්ඛලිතාති දීපෙති. සහෙතූ සප‍්පච‍්චයාති එත්‍ථ හෙතුපි පච‍්චයොපි කාරණස‍්සෙව නාමං, සකාරණාති අත්‍ථො. තං පන කාරණං දස‍්සෙන‍්තො “සික‍්ඛා එකා”ති ආහ. තත්‍ථ සික‍්ඛා එකා සඤ‍්ඤා උප‍්පජ‍්ජන‍්තීති සික‍්ඛාය එකච‍්චා සඤ‍්ඤා ජායන‍්තීති අත්‍ථො.

එහි තත්‍ර යනු ඒ මහණ බමුණන් අතර. ආදිතොව තෙසං අපරද්ධං ඔවුන්ගේ ආදියෙහි සිටම විරුද්ධ වූ. ගෙයි මැදම පැකිළුණු යයි දක්වයි. සහෙතු සප්පච්චයා මෙහි හේතු යනු ද පච්චයො යනු ද කාරණයටම නම්ය. කරුණු සහිතව යන අර්ථයි. එහි සික්ඛා එකා සඤ්ඤා උප්පජ්ජතිති ශික්‍ෂාවෙන් ඇතැම් සංඥා උපදියි යන අර්ථයි.

කා ච සික‍්ඛාති භගවා අවොචාති කතමා ච සා සික‍්ඛාති භගවා විත්‍ථාරෙතුකම්‍යතාපුච‍්ඡාවසෙන අවොච. අථ යස‍්මා අධිසීලසික‍්ඛා අධිචිත‍්තසික‍්ඛා අධිපඤ‍්ඤාසික‍්ඛාති තිස‍්සො සික‍්ඛා හොන‍්ති. තස‍්මා තා දස‍්සෙන‍්තො භගවා සඤ‍්ඤාය සහෙතුකං උප‍්පාදනිරොධං දීපෙතුං බුද‍්ධුප‍්පාදතො පභුති තන‍්තිධම‍්මං ඨපෙන‍්තො “ඉධ පොට‍්ඨපාද, තථාගතො ලොකෙ”තිආදිමාහ.

කා ච සික්ඛාති භගවා අවොච ඒ ශික්‍ෂාව කවරක්දැයි භාග්‍යවතුන් වහන්සේ විස්තර කැමැත්තෙන් විමසීම් වශයෙන් කී සේක. ඉක්බිති යම්හෙයකින් අධිශීල සික්ඛා, අධිචිත්ත සික්ඛා අධිපඤ්ඤා සික්ඛා යනුවෙන් සික්ඛා තුනක් වෙයි. ඒ නිසා ඒවා දක්වන සේක් භාග්‍යවතුන් වහන්සේ සංඥාවෙන් සහේතුකව උපදනා නිරෝධය දක්වන්ට බුද්ධෝත්පාදයෙහි පටන් ශුද්ධ වූ ධර්මය තබන සේක් ඉධ පොට්ඨපාද තථාගතො ලොකෙ ආදිය කී සේක.

තත්‍ථ අධිසීලසික‍්ඛා අධිචිත‍්තසික‍්ඛාති ද‍්වෙ එව සික‍්ඛා සරූපෙන ආගතා, තතියා පන “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති ඛො පොට‍්ඨපාද මයා එකංසිකො ධම‍්මො දෙසිතො”ති එත්‍ථ සම‍්මාදිට‍්ඨිසම‍්මාසඞ‍්කප‍්පවසෙන පරියාපන‍්නත‍්තා ආගතාති වෙදිතබ‍්බා. කාමසඤ‍්ඤාති පඤ‍්චකාමගුණිකරාගොපි අසමුප‍්පන‍්නකාමචාරොපි. තත්‍ථ පඤ‍්චකාමගුණිකරාගො අනාගාමිමග‍්ගෙන සමුග‍්ඝාතං ගච‍්ඡති, අසමුප‍්පන‍්නකාමචාරො පන ඉමස‍්මිං ඨානෙ වට‍්ටති. තස‍්මා තස‍්ස යා පුරිමා කාමසඤ‍්ඤාති තස‍්ස පඨමජ‍්ඣානසමඞ‍්ගිනො යා පුබ‍්බෙ උප‍්පන‍්නපුබ‍්බාය කාමසඤ‍්ඤාය සදිසත‍්තා පුරිමා කාමසඤ‍්ඤාති වුච‍්චෙය්‍ය, සා නිරුජ‍්ඣති, අනුප‍්පන‍්නාව නුප‍්පජ‍්ජතීති අත්‍ථො.

එහි අධිසීල සික්ඛාව සහ අධිචිත්ත සික්ඛාව යන ශික්‍ෂා දෙක ශික්‍ෂා ස්වරූපයෙන් ආයේය. තෙවැන්න මේ දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාව යැයි පොට්ඨපාද මා විසින් ඒකාංශික ධර්මය දේශනා කරන ලද්දේය. මෙහි සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් ඇතුල්කරන ලද බැවින් ආයේ යයි දතයුතුය. කාමසඤ්ඤා පංචකාමගුණික රාගයද නූපන් කාමාවචරයද, එහි පංචකාම ගුණික රාගය අනාගාමි මාර්ගයෙන් විනාශයට යයි. නූපන් කාමචාරය මෙතැන වටී. එනිසා තස්ස සා පුරිමා කාම සඤ්ඤා ප්‍රථමධ්‍යානය හා යෙදුණු යමක් පෙර උපන් පූර්ව කාම සංඥාවට සමාන බැවින් පුරිම කාමසඤ්ඤා යයි කියානම්, එය විනාශවී යයි. නූපන් සංඥාව නූපදී යන අර්ථයි.

විවෙකජපීතිසුඛසුඛුමසච‍්චසඤ‍්ඤීයෙව තස‍්මිං සමයෙ හොතීති තස‍්මිං පඨමජ‍්ඣානසමයෙ විවෙකජපීතිසුඛසඞ‍්ඛාතා සුඛුමසඤ‍්ඤා සච‍්චා හොති, භූතා හොතීති අත්‍ථො. අථ වා කාමච‍්ඡන්‍දාදිඔළාරිකඞ‍්ගප‍්පහානවසෙන සුඛුමා ච සා භූතතාය සච‍්චා ච සඤ‍්ඤාති සුඛුමසච‍්චසඤ‍්ඤා, විවෙකජෙහි පීතිසුඛෙහි සම‍්පයුත‍්තා සුඛුමසච‍්චසඤ‍්ඤාති විවෙකජපීතිසුඛසුඛුමසච‍්චසඤ‍්ඤා සා අස‍්ස අත්‍ථීති විවෙකජපීතිසුඛසුඛුමසච‍්චසඤ‍්ඤීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. එස නයො සබ‍්බත්‍ථ. එවම‍්පි සික‍්ඛාති එත්‍ථ යස‍්මා පඨමජ‍්ඣානං සමාපජ‍්ජන‍්තො අධිට‍්ඨහන‍්තො, වුට‍්ඨහන‍්තො ච සික‍්ඛති, තස‍්මා තං එවං සික‍්ඛිතබ‍්බතො සික‍්ඛාති වුච‍්චති. තෙනපි සික‍්ඛාසඞ‍්ඛාතෙන පඨමජ‍්ඣානෙන එවං එකා විවෙකජපීතිසුඛසුඛුමසච‍්චසඤ‍්ඤා උප‍්පජ‍්ජති. එවං එකා කාමසඤ‍්ඤා නිරුජ‍්ඣතීති අත්‍ථො. අයං සික‍්ඛාති භගවා අවොචාති අයං පඨමජ‍්ඣානසඞ‍්ඛාතා එකා සික‍්ඛාති, භගවා ආහ. එතෙනුපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

විවේකජ පීතිසුඛ සුඛුම සච්ච සඤ්ඤී යෙව තස්මිං සමයෙ හොති ඒ ප්‍රථමධ්‍යාන සමයෙහි විවේකජ ප්‍රීතිසුඛ සංඛ්‍යාත සූක්‍ෂම සංඥාව සත්‍ය වෙයි. වූයේ වෙයි යන අර්ථයි. නැතහොත් කාමච්ඡන්‍ද ආදී ඕලාරික අංග ප්‍රහාණ වශයෙන් සූක්‍ෂමද වූ බැවින් සත්‍ය වුව සංඥානුයි = සුඛුම සච්ච සඤ්ඤා විවේකජ ප්‍රීති සුඛයන්ගෙන් යුතු සුඛුම සච්ච සඤ්ඤානුයි = විවේකජ පීතිසුඛ සුඛුම සච්ච සඤ්ඤා. එය ඔහුට ඇත්නුයි විවේක පීතිසුඛ සුඛුම සච්ච සඤ්ඤී යනු මෙහි අර්ථයයි දතයුතුය. සියලුතැන මේ ක්‍රමයයි. එවම්පි සික්ඛා මෙහි යම්හෙයකින් ප්‍රථමධ්‍යානයට සමවදින්නේ අදිටන් කරන්නේ නැගිටින්නේ ම හික්මෙයි. ඒ නිසා මෙසේ හික්මිය යුතු බැවින් සික්ඛා යයි කියනු ලැබේ. ඒ ශික්‍ෂා සංඛ්‍යාත ප්‍රථමධ්‍යානයෙන්, මෙසේ එකම විවේකජ ප්‍රීතිසුඛ සූක්‍ෂම සත්‍ය සංඥාව උපදී. මෙසේ එකම කාම සංඥාවද නිරුද්ධ වෙයි යන අර්ථයි. අයං සික්ඛාති භගවා අවොච මෙය වනාහි ප්‍රථමධ්‍යාන සංඛ්‍යාත එක්ම ශික්‍ෂාව යයි භාග්‍යවතුන් වදාළ සේක. මේ ක්‍රමයෙන් සියලු තැන අර්ථය දතයුතුය.

යස‍්මා පන අට‍්ඨමසමාපත‍්තියා අඞ‍්ගතො සම‍්මසනං බුද‍්ධානංයෙව හොති, සාවකෙසු සාරිපුත‍්තසදිසානම‍්පි නත්‍ථි, කලාපතො සම‍්මසනංයෙව පන සාවකානං හොති, ඉදඤ‍්ච “සඤ‍්ඤා සඤ‍්ඤා”ති, එවං අඞ‍්ගතො සම‍්මසනං උද‍්ධටං. තස‍්මා ආකිඤ‍්චඤ‍්ඤායතනපරමංයෙව සඤ‍්ඤං දස‍්සෙත්‍වා පුන තදෙව සඤ‍්ඤග‍්ගන‍්ති දස‍්සෙතුං “යතො ඛො පොට‍්ඨපාද…පෙ… සඤ‍්ඤග‍්ගං ඵුසතී”ති ආහ.

යම්හෙයකින් අෂ්ට සමාපත්තියෙහි අංග වශයෙන් සම්මර්ශනය බුදුවරුන්ට පමණක් වේද, ශ්‍රාවකයන් අතර ශාරිපුත්‍ර වැනි කෙනෙකුටවත් නැත. කලාප වශයෙන් සම්මර්ශනයම ශ්‍රාවකයන්ට වෙයි. මෙම සංඥාව සංඥාව යැයි මෙසේ අංශ වශයෙන් සම්මර්ශනය ඉවත් කරන ලදි. ඒ නිසා ආකිඤ්චඤ්ඤායතනය ප්‍රධානකොට ඇති සංඥාව දක්වා නැවත ඒ සංඥාවම අග්‍රයයි දැක්වීමට යතො ඛො පොට්ඨපාද භික්ඛු -පෙ- සඤ්ඤග්ගං ඵුසති යනුවෙන් කී සේක.

තත්‍ථ යතො ඛො පොට‍්ඨපාද භික‍්ඛූති යො නාම පොට‍්ඨපාද භික‍්ඛු. ඉධ සකසඤ‍්ඤී හොතීති ඉධ සාසනෙ සකසඤ‍්ඤී හොති, අයමෙව වා පාඨො, අත‍්තනො පඨමජ‍්ඣානසඤ‍්ඤාය සඤ‍්ඤවා හොතීති අත්‍ථො. සො තතො අමුත්‍ර තතො අමුත්‍රාති සො භික‍්ඛු තතො පඨමජ‍්ඣානතො අමුත්‍ර දුතියජ‍්ඣානෙ, තතොපි අමුත්‍ර තතියජ‍්ඣානෙති එවං තාය තාය ඣානසඤ‍්ඤාය සකසඤ‍්ඤී සකසඤ‍්ඤී හුත්‍වා අනුපුබ‍්බෙන සඤ‍්ඤග‍්ගං ඵුසති. සඤ‍්ඤග‍්ගන‍්ති ආකිඤ‍්චඤ‍්ඤායතනං වුච‍්චති. කස‍්මා? ලොකියානං කිච‍්චකාරකසමාපත‍්තීනං අග‍්ගත‍්තා. ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියඤ‍්හි ඨත්‍වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනම‍්පි නිරොධම‍්පි සමාපජ‍්ජන‍්ති. ඉති සා ලොකියානං කිච‍්චකාරකසමාපත‍්තීනං අග‍්ගත‍්තා සඤ‍්ඤග‍්ගන‍්ති වුච‍්චති, තං ඵුසති පාපුණාතීති අත්‍ථො.

එහි යතො ඛො පොට්ඨපාද භික්ඛු පොට්ඨපාද යම් භික්‍ෂුවක් ඉධ සකසඤ්ඤී හොති මෙහි සසුනෙහි සක සඤ්ඤී වේද, මෙයම හෝ පාඨයයි. තමාගේ ප්‍රථමධ්‍යාන සංඥාවෙන් සංඥා ඇත්තේ වෙයි යන අර්ථයි. සො තතො අමුත්‍ර තතො අමුත්‍ර ඒ භික්‍සුව ඒ ප්‍රථමධ්‍යානයෙන් මෙතැන ද්විතීය ධ්‍යානයෙහිය. එයින් ගිය තැන තෘතීය ධ්‍යානයෙහි යැයි ඒ ඒ ධ්‍යාන සංඥාවෙන් එකසඤ්ඤී, සකසඤ්ඤීව පිළිවෙලින් සංඥා අග්‍රය ස්පර්ශ කරයි. සංඥාග්‍රය යනු ආකිඤ්චඤ්ඤායතනයයි කියනු ලැබේ. කුමක් නිසාද යත්, ලෞකික වූ කෘත්‍යකාරී සමාපත්තීන්ට අග්‍ර වූ බැවිනි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි සිට නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයටද නිරෝධයටද සමවදිත්. මෙසේ එය ලෞකික කෘත්‍යකාරී සමාපත්තීන්ට අග්‍ර වූ බැවින් සංඥාග්‍රයයි කියනු ලැබේ. එය ස්පර්ශ කරයි. එයට පැමිණේ යන අර්ථයි.

ඉදානි අභිසඤ‍්ඤානිරොධං දස‍්සෙතුං “තස‍්ස සඤ‍්ඤග‍්ගෙ ඨිතස‍්සා”තිආදිමාහ. තත්‍ථ චෙතෙය්‍යං, අභිසඞ‍්ඛරෙය්‍යන‍්ති පදද‍්වයෙ ච ඣානං සමාපජ‍්ජන‍්තො චෙතෙති නාම, පුනප‍්පුනං කප‍්පෙතීති අත්‍ථො. උපරිසමාපත‍්තිඅත්‍ථාය නිකන‍්තිං කුරුමානො අභිසඞ‍්ඛරොති නාම. ඉමා ච මෙ සඤ‍්ඤා නිරුජ‍්ඣෙය්‍යුන‍්ති ඉමා ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා නිරුජ‍්ඣෙය්‍යුං. අඤ‍්ඤා ච ඔළාරිකාති අඤ‍්ඤා ච ඔළාරිකා භවඞ‍්ගසඤ‍්ඤා උප‍්පජ‍්ජෙය්‍යුං. සො න චෙව චෙතෙති න අභිසඞ‍්ඛරොතීති එත්‍ථ කාමං චෙස චෙතෙන‍්තොව න චෙතෙති, අභිසඞ‍්ඛරොන‍්තොව නාභිසඞ‍්ඛරොති. ඉමස‍්ස භික‍්ඛුනො ආකිඤ‍්චඤ‍්ඤායතනතො වුට‍්ඨාය නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපජ‍්ජිත්‍වා “එකං ද‍්වෙ චිත‍්තවාරෙ ඨස‍්සාමී”ති ආභොගසමන‍්නාහාරො නත්‍ථි. උපරිනිරොධසමාපත‍්තත්‍ථාය එව පන ආභොගසමන‍්නාහාරො අත්‍ථි, ස‍්වායමත්‍ථො පුත‍්තඝරාචික‍්ඛණෙන දීපෙතබ‍්බො.

දැන් අභිඥා නිරෝධය දක්වන්ට තස්ස සඤ්ඤග්ගෙ ඨිතස්ස ආදිය කී සේක. එහි චෙතෙය්‍යං අභිසංඛරෙය්‍යං යනු පද දෙකෙහිම ධ්‍යානයට සමවදින්නේ සිතයි. නැවත නැවත කරයි යන අර්ථයි. මත්තෙහි සමාපත්ති සඳහා ආශා කරමින් රැස්කරයි නමි. ඉමාච මෙ සඤ්ඤා නිරුජ්ඣෙය්‍යුං මේ ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වන්නේය. සො නච්චෙ චෙතෙති නාභිසංඛරොති මෙහි කැමැත්තෙන් සිතන්නේද නොසිතයි. රැස් කරන්නේද රැස් නොකරයි. මේ භික්‍ෂුවට ආකිඤ්චඤ්ඤායතනයෙන් නැගී නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවැදී චිත්තවාර එකක දෙකක සිටින්නෙමියි අදහසක් හෝ කල්පනාවක් නැත. මත්තෙහි නිරෝධ සමාපත්තිය පිණිසම නැවත අදහසක් කල්පනාවක් ඇත. මේ අර්ථය පුත්‍රයාගේ ගෙය ඇසීමෙන් පැහැදිලි කළයුතුය.

පිතුඝරමජ‍්ඣෙන කිර ගන‍්ත්‍වා පච‍්ඡාභාගෙ පුත‍්තස‍්ස ඝරං හොති, තතො පණීතං භොජනං ආදාය ආසනසාලං ආගතං දහරං ථෙරො – “මනාපො පිණ‍්ඩපාතො කුතො ආභතො”ති පුච‍්ඡි. සො “අසුකස‍්ස ඝරතො”ති ලද‍්ධඝරමෙව ආචික‍්ඛි. යෙන පනස‍්ස පිතුඝරමජ‍්ඣෙන ගතොපි ආගතොපි තත්‍ථ ආභොගොපි නත්‍ථි. තත්‍ථ ආසනසාලා විය ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්ති දට‍්ඨබ‍්බා, පිතුගෙහං විය නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්ති, පුත‍්තගෙහං විය නිරොධසමාපත‍්ති, ආසනසාලාය ඨත්‍වා පිතුඝරං අමනසිකරිත්‍වා පුත‍්තඝරාචික‍්ඛණං විය ආකිඤ‍්චඤ‍්ඤායතනතො වුට‍්ඨාය නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපජ‍්ජිත්‍වා “එකං ද‍්වෙ චිත‍්තවාරෙ ඨස‍්සාමී”ති පිතුඝරං අමනසිකරිත්‍වාව උපරිනිරොධසමාපත‍්තත්‍ථාය මනසිකාරො, එවමෙස චෙතෙන‍්තොව න චෙතෙති, අභිසඞ‍්ඛරොන‍්තොව නාභිසඞ‍්ඛරොති. තා චෙව සඤ‍්ඤාති තා ඣානසඤ‍්ඤා නිරුජ‍්ඣන‍්ති. අඤ‍්ඤා චාති අඤ‍්ඤා ච ඔළාරිකා භවඞ‍්ගසඤ‍්ඤා නුප‍්පජ‍්ජන‍්ති. සො නිරොධං ඵුසතීති සො එවං පටිපන‍්නො භික‍්ඛු සඤ‍්ඤාවෙදයිතනිරොධං ඵුසති වින්‍දති පටිලභති.

පියාගේ ගෙය මැදින් ගොස් පසුපස පුත්‍රයාගේ ගෙය ඇත. එයින් පිණිබොජුන් ගෙන ආසන ශාලාවට පැමිණි දරුවාගෙන් තෙරණුවෝ මනාප වූ පිණ්ඩපාතය කොහින් ගෙන එන ලද්දේදැයි ඇසූහ. අසුවලාගේ ගෙයිනැයි ලැබුණු ගෙයම කීය. පියාගේ ගෙය මැදින් ගියේද එහි අදහසක්ද නැත. එහි ආසන ශාලාව මෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය දතයුතුය. පියාගේ ගෙය මෙන් නේවසඤ්ඤා නාසඤ්ඤායතනය දතයුතුය. පුත්‍රයාගේ ගෙය මෙන් නිරෝධ සමාපත්තිය දතයුතුය. ආසන ශාලාවෙහි සිට පියාගේ ගෙය සිහිනොකර පුත්‍රයාගේ ගෙය ඇසීම මෙන් ආකිඤ්චඤ්ඤායතනයෙන් නැගී නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදී චිත්තවාර එකක් දෙකක සිටින්නෙමියි සිහිනොකරම මත්තෙහි නිරෝධ සමාපත්තිය සඳහාම සිහිකිරීමයි. මෙසේ මෙය සිතන්නේද නොසිතයි. රැස්කරන්නේම රැස් නොකරයි. තාවෙච සඤ්ඤා ඒ ධ්‍යාන සංඥා නිරුද්ධ වෙයි. අඤ්ඤාවා අන් ඕලාරික භවංග සංඥා නිරුද්ධ වෙයි. සො නිරොධං ඵුසති ඒ මෙසේ පිළිපන් භික්‍ෂුව සඤ්ඤාවෙදයිත නිරෝධය ස්පර්ශ කරයි. විඳගනී. ලබයි.

අනුපුබ‍්බාභිසඤ‍්ඤානිරොධසම‍්පජානසමාපත‍්තින‍්ති එත්‍ථ අභීති උපසග‍්ගමත‍්තං, සම‍්පජානපදං නිරොධපදෙන අන‍්තරිකං කත්‍වා වුත‍්තං. අනුපටිපාටියා සම‍්පජානසඤ‍්ඤානිරොධසමාපත‍්තීති අයං පනෙත්‍ථත්‍ථො. තත්‍රාපි සම‍්පජානසඤ‍්ඤානිරොධසමාපත‍්තීති සම‍්පජානන‍්තස‍්ස අන‍්තෙ සඤ‍්ඤා නිරොධසමාපත‍්ති සම‍්පජානන‍්තස‍්ස වා පණ‍්ඩිතස‍්ස භික‍්ඛුනො සඤ‍්ඤානිරොධසමාපත‍්තීති අයං විසෙසත්‍ථො.

අනුපුබ්බාති සඤ්ඤා නිරොධ සම්පජාන සමාපත්ති මෙහි අභි යනු උපසර්ගයක් පමණි. සම්පජාන පදය නිරෝධ පදයෙන් ඇතුළත්කොට කියන ලදි. අනුපිළිවෙලින් සම්පජාන සඤ්ඤා නිරෝධ සමාපත්තියයි. මේ මෙහි අර්ථයයි. මෙහිද සම්පජාන සඤ්ඤා නිරොධ සමාපත්ති යනු සම්පජානයෙහි අන්තයෙහි සඤ්ඤානිරොධ සමාපත්තියයි. සම්පජානය ඇති නුවණැති භික්‍ෂුවගේ නිරෝධ සමාපත්තියයි. මෙය විශේෂ අර්ථයයි.

ඉදානි ඉධ ඨත්‍වා නිරොධසමාපත‍්තිකථා කථෙතබ‍්බා. සා පනෙසා සබ‍්බාකාරෙන විසුද‍්ධිමග‍්ගෙ පඤ‍්ඤාභාවනානිසංසාධිකාරෙ කථිතා, තස‍්මා තත්‍ථ කථිතතොව ගහෙතබ‍්බා.

දැන් මෙහි සිට නිරෝධ සමාපත්ති කථාව කිවයුතුය. එය සියලු ආකාරයෙන් විශුද්ධි මාර්ගයෙහි පඤ්ඤා භාවනානිසංස අධිකාරයෙහි කියන ලදි. ඒ නිසා එහි කියූ පරිද්දෙන්ම ගතයුතුයි.

එවං භගවා පොට‍්ඨපාදස‍්ස පරිබ‍්බාජකස‍්ස නිරොධකථං කථෙත්‍වා – අථ නං තාදිසාය කථාය අඤ‍්ඤත්‍ථ අභාවං පටිජානාපෙතුං “තං කිං මඤ‍්ඤසී”තිආදිමාහ. පරිබ‍්බාජකොපි “භගවා අජ‍්ජ තුම‍්හාකං කථං ඨපෙත්‍වා න මයා එවරූපා කථා සුතපුබ‍්බා”ති පටිජානන‍්තො, “නො හෙතං භන‍්තෙ”ති වත්‍වා පුන සක‍්කච‍්චං භගවතො කථාය උග‍්ගහිතභාවං දස‍්සෙන‍්තො “එවං ඛො අහං භන‍්තෙ”තිආදිමාහ. අථස‍්ස භගවා “සුඋග‍්ගහිතං තයා”ති අනුජානන‍්තො “එවං පොට‍්ඨපාදා”ති ආහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පොට්ඨපාද පරිබ්‍රාජකයාට නිරෝධ කථාව කියා ඉක්බිති ඔහුට එබඳු කථාවක් අන්තැනක නැති බව දන්වන්ට තං කිංමඤ්ඤසි ආදිය කී සේක. පරිබ්‍රාජකයාද භාග්‍යවතුන් වහන්සේ අද තොපට කථාවක් තබා මා විසින් එබඳු කථාවක් නොඇසූ විරූ යැයි දන්වන්නේ නොහෙතං භන්තෙ යි කියා නැවත සකසා භාග්‍යවතුන් වහන්සේගේ කතාව උගත් බව දක්වන්නේ එවං ඛො අහං භන්තෙ ආදිය කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔබ විසින් මැනවින් ඉගෙන ගන්නා ලද්දේයයි අනුදන්නා සේක් එවං පොට්ඨපාද යයි කී සේක.

අථ පරිබ‍්බාජකො “භගවතා ‘ආකිඤ‍්චඤ‍්ඤායතනං සඤ‍්ඤග‍්ග’න‍්ති වුත‍්තං. එතදෙව නු ඛො සඤ‍්ඤග‍්ගං, උදාහු අවසෙසසමාපත‍්තීසුපි සඤ‍්ඤග‍්ගං අත්‍ථී”ති චින‍්තෙත්‍වා තමත්‍ථං පුච‍්ඡන‍්තො “එකඤ‍්ඤෙව නු ඛො”තිආදිමාහ. භගවාපිස‍්ස විස‍්සජ‍්ජෙසි. තත්‍ථ පුථූපීති බහූනිපි. යථා යථා ඛො, පොට‍්ඨපාද, නිරොධං ඵුසතීති පථවීකසිණාදීසු යෙන යෙන කසිණෙන, පඨමජ‍්ඣානාදීනං වා යෙන යෙන ඣානෙන. ඉදං වුත‍්තං හොති – සචෙ හි පථවීකසිණෙන කරණභූතෙන පථවීකසිණසමාපත‍්තිං එකවාරං සමාපජ‍්ජන‍්තො පුරිමසඤ‍්ඤානිරොධං ඵුසති එකං සඤ‍්ඤග‍්ගං, අථ ද‍්වෙ වාරෙ, තයො වාරෙ, වාරසතං, වාරසහස‍්සං, වාරසතසහස‍්සං වා සමාපජ‍්ජන‍්තො පුරිමසඤ‍්ඤානිරොධං ඵුසති, සතසහස‍්සං, සඤ‍්ඤග‍්ගානි. එස නයො සෙසකසිණෙසු.

ඉක්බිති පරිබ්‍රාජකයා ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ආකිඤ්චඤ්ඤායතනය සංඥාග්‍රයයි කියන ලදි. සංඥාග්‍රය එයමද නැතහොත් අවශේෂ සමාපත්තීන්හිද සංඥාග්‍රයක් ඇත්දැයි සිතා ඒ බව විමසන්නේ එකඤ්ඤෙවනුඛො ආදිය කීය. භාග්‍යවතුන් වහන්සේද ඔුහට විසඳා දුන් සේක. පුථුපි බොහෝ. යථා යථා ඛො පොට්ඨපාද නිරොධං ඵුසති පඨවි කසිණ ආදියෙහි යම් යම් කසිණයකින් ප්‍රථමධ්‍යානාදීන්ගේ හෝ යම් යම් ධ්‍යානයකින්, මෙය කියන ලද්දේ වෙයි. ඉදින් පඨවි කසිණයෙන් කරණය වූ පඨවි කසිණ සමාපත්තිය එක්වරක් සමවදින්නේ පෙර සඤ්ඤා නිරෝධය ස්පර්ශ කරයි. එක් සංඥාග්‍රයකි. ඉක්බිති දෙවරක් තෙවරක් සියවරක් දහස්වරක් සියදහස් වරක් සමවදින්නේ පෙර සඤ්ඤා නිරෝධය ස්පර්ශ කරයි. සංඥාග්‍ර සියදහසකි. සෙසු කසිණයන්හිද ධ්‍යානයන්හිද මේ ක්‍රමයයි.

ඣානෙසුපි සචෙ පඨමජ‍්ඣානෙන කරණභූතෙන එකවාරං පුරිමසඤ‍්ඤානිරොධං ඵුසති එකං සඤ‍්ඤග‍්ගං. අථ ද‍්වෙ වාරෙ, තයො වාරෙ, වාරසතං, වාරසහස‍්සං, වාරසතසහස‍්සං වා පුරිමසඤ‍්ඤානිරොධං ඵුසති, සතසහස‍්සං සඤ‍්ඤග‍්ගානි. එස නයො සෙසජ‍්ඣානසමාපත‍්තීසුපි. ඉති එකවාරං සමාපජ‍්ජනවසෙන වා සබ‍්බම‍්පි සඤ‍්ජානනලක‍්ඛණෙන සඞ‍්ගහෙත්‍වා වා එකං සඤ‍්ඤග‍්ගං හොති, අපරාපරං සමාපජ‍්ජනවසෙන බහූනි.

ඉදින් කරණභූත වූ ප්‍රථමධයානයෙන් පෙර සඤ්ඤා නිරෝධය ස්පර්ශ කරයිද එක් සංඥාග්‍රයකි. ඉක්බිති දෙවරක් තෙවරක් සියවරක් දහස්වරක් සියදහස් වරක් සමවදින්නේ පෙර සඤ්ඤා නිරෝධය ස්පර්ශ කරයිද සංඥාග්‍ර සියදහසකි. සෙසු ධ්‍යාන සමාපත්තීන්හිද මේ ක්‍රමයයි. මෙසේ එක්වරක් සමවැදීම් වශයෙන් හෝ සියලු සඤ්ජානන ලක්‍ෂණයෙන් සංග්‍රහකොට හෝ එක් සංඥාග්‍රයක් වෙයි. පසුපසුව සමවැදීම් වශයෙන් බොහෝය.

සඤ‍්ඤා නු ඛො, භන‍්තෙති භන‍්තෙ නිරොධසමාපජ‍්ජනකස‍්ස භික‍්ඛුනො “සඤ‍්ඤා නු ඛො පඨමං උප‍්පජ‍්ජතී”ති පුච‍්ඡති. තස‍්ස භගවා “සඤ‍්ඤා ඛො, පොට‍්ඨපාදා”ති බ්‍යාකාසි. තත්‍ථ සඤ‍්ඤාති ඣානසඤ‍්ඤා. ඤාණන‍්ති විපස‍්සනාඤාණං. අපරො නයො, සඤ‍්ඤාති විපස‍්සනා සඤ‍්ඤා. ඤාණන‍්ති මග‍්ගඤාණං. අපරො නයො, සඤ‍්ඤාති මග‍්ගසඤ‍්ඤා. ඤාණන‍්ති ඵලඤාණං. තිපිටකමහාසිවත්‍ථෙරො පනාහ –

සඤ්ඤානුඛො භන්තෙ ස්වාමීනි, නිරෝධයට සමවදින භික්‍ෂුවට පළමුව සඤ්ඤාව උපදනේ නොවේදැයි අසයි. ඔහුට භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාඛො පොට්ඨපාද යැයි ප්‍රකාශ කළ සේක. එහි සඤ්ඤා යනු ධ්‍යාන සංඥාවයි. ඤාණං යනු විදර්ශනා ඥානයයි. තවත් ක්‍රමයක්, සඤ්ඤා යනු විදර්ශනා සංඥාවයි. ඤාණං යනු මාර්ග ඥානයයි. තවත් ක්‍රමයක් සඤ්ඤා යනු මාර්ග සංඥාවයි. ඤාණං යනු ඵල ඥානයයි. ත්‍රිපිටක මහාසිව තෙරණුවෝ මෙසේ කීහ :-

කිං ඉමෙ භික‍්ඛූ භණන‍්ති, පොට‍්ඨපාදො හෙට‍්ඨා භගවන‍්තං නිරොධං පුච‍්ඡි. ඉදානි නිරොධා වුට‍්ඨානං පුච‍්ඡන‍්තො “භගවා නිරොධා වුට‍්ඨහන‍්තස‍්ස කිං පඨමං අරහත‍්තඵලසඤ‍්ඤා උප‍්පජ‍්ජති, උදාහු පච‍්චවෙක‍්ඛණඤාණ”න‍්ති වදති. අථස‍්ස භගවා යස‍්මා ඵලසඤ‍්ඤා පඨමං උප‍්පජ‍්ජති, පච‍්ඡා පච‍්චවෙක‍්ඛණඤාණං. තස‍්මා “සඤ‍්ඤා ඛො පොට‍්ඨපාදා”ති ආහ.

මේ භික්‍ෂූහු කුමක් කියත්ද? පොට්ඨපාද, භාග්‍යවතුන් වහන්සේගෙන් නිරෝධය ගැන ඇසීය. දැන් නිරෝධයෙන් නැගී සිටීම ගැන අසන්නේ භාග්‍යවතුන් වහන්ස, නිරෝධයෙන් නැගී සිටින්නහුට අර්හත්ඵල සංඥාව උපදීද නැතහොත් ප්‍රත්‍යවේක්‍ෂණ ඥානයදැයි කියයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට යම්හෙයකින් ඵලසංඥාව පළමුව උපදීනම් පසුව උපදින්නේ ප්‍රත්‍යවේක්‍ෂණ ඥානයයි. ඒ නිසා සඤ්ඤාඛො පොට්ඨපාද යයි ආදිය කී සේක.

තත්‍ථ සඤ‍්ඤුප‍්පාදාති අරහත‍්තඵලසඤ‍්ඤාය උප‍්පාදා, පච‍්ඡා “ඉදං අරහත‍්තඵල”න‍්ති එවං පච‍්චවෙක‍්ඛණඤාණුප‍්පාදො හොති. ඉදප‍්පච‍්චයා කිර මෙති ඵලසමාධිසඤ‍්ඤාපච‍්චයා කිර මය‍්හං පච‍්චවෙක‍්ඛණඤාණං උප‍්පන‍්නන‍්ති.

එහි සඤ්ඤප්පාදා අර්හත්ඵල සංඥාවගේ ඉපදීමෙන් පසුව අර්හත්ඵලය වේයයි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂණ ඥානයාගේ ඉපදීම වෙයි. ඉධප්පච්චයා කිරමෙ ඵලසමාධි සංඥාව හේතුකොටගෙන මාගේ ප්‍රත්‍යවේක්‍ෂණ ඥානය උපන්නේය.

සඤ‍්ඤාඅත‍්තකථාවණ‍්ණනා

ඉදානි පරිබ‍්බාජකො යථා නාම ගාමසූකරො ගන්‍ධොදකෙන න‍්හාපෙත්‍වා ගන්‍ධෙහි අනුලිම‍්පිත්‍වා මාලාදාමං පිළන්‍ධිත්‍වා සිරිසයනෙ ආරොපිතොපි සුඛං න වින්‍දති, වෙගෙන ගූථට‍්ඨානමෙව ගන‍්ත්‍වා සුඛං වින්‍දති. එවමෙව භගවතා සණ‍්හසුඛුමතිලක‍්ඛණබ‍්භාහතාය දෙසනාය න‍්හාපිතවිලිත‍්තමණ‍්ඩිතොපි නිරොධකථාසිරිසයනං ආරොපිතොපි තත්‍ථ සුඛං න වින්‍දන‍්තො ගූථට‍්ඨානසදිසං අත‍්තනො ලද‍්ධිං ගහෙත්‍වා තමෙව පුච‍්ඡන‍්තො “සඤ‍්ඤා නු ඛො, භන‍්තෙ, පුරිසස‍්ස අත‍්තා”තිආදිමාහ.

දැන් පරිබ්‍රාජකයා යම්සේ ගම්ඌරෙක් සුවඳ දියෙන් නහවා සුවඳ ගල්වා මල්දමක් පළඳවා සිරියහනෙහි තැබුවද සැපයක් නොවිඳීද, වේගයෙන් අසූචි ඇති තැනට ගොස් සැප විඳීද, මෙසේම භාග්‍යවතුන් වහන්සේ විසින් මුදුසුමුදු තිලකුණු ගැබ්වූ දේශනාවෙන් නහවනු ලැබ තෙල්ගල්වා සැරසුණේ ද නිරෝධකථා නමැති සිරියහනෙහි තැබුයේද එහි සැපයක් නොවිඳින්නේ අසූචි පිරි තැනක් බඳු තමාගේ ලබ්ධිය ගෙන එයම විමසන්නේ සඤ්ඤානුඛො භන්තෙ පුරිසස්ස අත්තා යනාදිය කීය.

අථස‍්සානුමතිං ගහෙත්‍වා බ්‍යාකාතුකාමො භගවා – “කං පන ත්‍ව”න‍්තිආදිමාහ. තතො සො “අරූපී අත‍්තා”ති එවං ලද‍්ධිකො සමානොපි “භගවා දෙසනාය සුකුසලො, සො මෙ ආදිතොව ලද‍්ධිං මා විද‍්ධංසෙතූ”ති චින‍්තෙත්‍වා අත‍්තනො ලද‍්ධිං පරිහරන‍්තො “ඔළාරිකං ඛො”තිආදිමාහ. අථස‍්ස භගවා තත්‍ථ දොසං දස‍්සෙන‍්තො “ඔළාරිකො ච හි තෙ”තිආදිමාහ. තත්‍ථ එවං සන‍්තන‍්ති එවං සන‍්තෙ. භුම‍්මත්‍ථෙ හි එතං උපයොගවචනං. එවං සන‍්තං අත‍්තානං පච‍්චාගච‍්ඡතො තවාති අයං වා එත්‍ථ අත්‍ථො. චතුන‍්නං ඛන්‍ධානං එකුප‍්පාදෙකනිරොධත‍්තා කිඤ‍්චාපි යා සඤ‍්ඤා උප‍්පජ‍්ජති, සාව නිරුජ‍්ඣති. අපරාපරං උපාදාය පන “අඤ‍්ඤා ච සඤ‍්ඤා උප‍්පජ‍්ජන‍්ති, අඤ‍්ඤා ච සඤ‍්ඤා නිරුජ‍්ඣන‍්තී”ති වුත‍්තං.

ඉක්බිති ඔහුගේ අවසරය ගෙන ප්‍රකාශකරනු කැමති සේක් භාග්‍යවතුන් වහන්සේ කංපනත්‍ථං ආදිය කී සේක. ඉක්බිති ඔහු ‘ආත්මය අරූපී යයි ලබ්ධි ඇත්තේම භාග්‍යවතුන් වහන්සේ දේශනා සුඛුමාල වූයේ, පළමුකොටම මාගේ ලබ්ධිය විනාශ නොකරාවායි සිතා තමාගේ ලබ්ධිය ගන්නේ ඔලාරිකං ඛො ආදිය කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එහි දොස් දක්වන සේක් ඔලාරිකො චහි තෙ ආදිය කී සේක. එහි එවං සන්තං යනු මෙසේ ඇතිකල්හි ආධාර විභක්තියෙහි ද්විතියා වචනයි. මෙසේ ඇති කල්හි තමා වෙත එන්නේද නැත්ද යනු මෙහි අර්ථයි. ඛන්‍ධ සතරෙහි ඒකුප්පාද එකනිරොධ ඇති බැවින් කිසියම් සංඥාවක් උපදීද එය නිරුද්ධ වෙයි. පසු නැවත නැවත උදෙසා අන් සංඥාවෝද උපදිති. අන් සංඥාවෝ නිරුද්ධ වෙතියි කියන ලදි.

ඉදානි අඤ‍්ඤං ලද‍්ධිං දස‍්සෙන‍්තො – “මනොමයං ඛො අහං, භන‍්තෙ”තිආදිං වත්‍වා තත්‍රාපි දොසෙ දින‍්නෙ යථා නාම උම‍්මත‍්තකො යාවස‍්ස සඤ‍්ඤා නප‍්පතිට‍්ඨාති, තාව අඤ‍්ඤං ගහෙත්‍වා අඤ‍්ඤං විස‍්සජ‍්ජෙති, සඤ‍්ඤාපතිට‍්ඨානකාලෙ පන වත‍්තබ‍්බමෙව වදති, එවමෙව අඤ‍්ඤං ගහෙත්‍වා අඤ‍්ඤං විස‍්සජ‍්ජෙත්‍වා ඉදානි අත‍්තනො ලද‍්ධිංයෙව වදන‍්තො “අරූපී ඛො”තිආදිමාහ. තත්‍රාපි යස‍්මා සො සඤ‍්ඤාය උප‍්පාදනිරොධං ඉච‍්ඡති, අත‍්තානං පන සස‍්සතං මඤ‍්ඤති. තස‍්මා තථෙවස‍්ස දොසං දස‍්සෙන‍්තො භගවා “එවං සන‍්තම‍්පී”තිආදිමාහ. තතො පරිබ‍්බාජකො මිච‍්ඡාදස‍්සනෙන අභිභූතත‍්තා භගවතා වුච‍්චමානම‍්පි තං නානත‍්තං අජානන‍්තො “සක‍්කා පනෙතං, භන‍්තෙ, මයා”තිආදිමාහ. අථස‍්ස භගවා යස‍්මා සො සඤ‍්ඤාය උප‍්පාදනිරොධං පස‍්සන‍්තොපි සඤ‍්ඤාමයං අත‍්තානං නිච‍්චමෙව මඤ‍්ඤති. තස‍්මා “දුජ‍්ජානං ඛො”තිආදිමාහ.

දැන් අන් ලබ්ධියක් දක්වන්නේ මනොමයං ඛො අහං භන්තෙ ආදිය කියා මෙහිදී ද දෝෂය දුන් කල්හි යම්සේ උන්මත්තකයා ඔහුගේ සංඥාව නොපිහිටාද ඒතාක් අනිකක් ගෙන අනිකක් විසඳයි. සංඥාව පිහිටන කල කිවයුතු දේම කියයි. මෙසේ අනිකක් ගෙන අනිකක් විසඳා දැන් තමාගේ ලබ්ධියම කියන්නේ අරූපිං ඛො ආදිය කීය. එහිද යම්හෙයකින් ඔහු සඤ්ඤාවෙන් උත්පාද නිරෝධය කැමති වේද තමා ශාස්වතයයි හඟියිද ඒ නිසා එසේම ඔහුගේ දොස් දක්වන්නේ භාග්‍යවතුන් වහන්සේ එවං සන්තං යනාදිය කී සේක. ඉන්පසු පරිබ්‍රාජකයා මිථ්‍යා දර්ශනයෙන් මැඩුණු බැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් කියනු ලබද්දීත් එය නානත්ත බව නොදන්නේ සක්කාපනෙතං භන්තෙ මයා ආදිය කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට යම්හෙයකින් සංඥාවෙහි උත්පාද නිරෝධය දකින්නේද සඤ්ඤාමය ආත්මය නිතරම හඟියිද ඒ නිසා දුජ්ජානං ඛො ආදිය කී සේක.

තත්‍ථායං සඞ‍්ඛෙපත්‍ථො – තව අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤා ඛන‍්ති, අඤ‍්ඤා රුචි, අඤ‍්ඤථායෙව තෙ දස‍්සනං පවත‍්තං, අඤ‍්ඤදෙව ච තෙ ඛමති චෙව රුච‍්චති ච, අඤ‍්ඤත්‍ර ච තෙ ආයොගො, අඤ‍්ඤිස‍්සායෙව පටිපත‍්තියා යුත‍්තපයුත‍්තතා, අඤ‍්ඤත්‍ථ ච තෙ ආචරියකං, අඤ‍්ඤස‍්මිං තිත්‍ථායතනෙ ආචරියභාවො. තෙන තයා එවං අඤ‍්ඤදිට‍්ඨිකෙන අඤ‍්ඤඛන‍්තිකෙන අඤ‍්ඤරුචිකෙන අඤ‍්ඤත්‍රායොගෙන අඤ‍්ඤත්‍රාචරියකෙන දුජ‍්ජානං එතන‍්ති. අථ පරිබ‍්බාජකො – “සඤ‍්ඤා වා පුරිසස‍්ස අත‍්තා හොතු, අඤ‍්ඤා වා සඤ‍්ඤා, තං සස‍්සතාදි භාවමස‍්ස පුච‍්ඡිස‍්ස”න‍්ති පුන “කිං පන භන‍්තෙ”තිආදිමාහ.

එහි මේ සංක්‍ෂේප අර්ථයයි. ‘ඔබගේ අන්‍ය දෘෂ්ටිය, අන්‍ය ක්‍ෂාන්තිය, අන්‍ය රුචීහු අන් අයුරකින්ම ඔබගේ දර්ශනය පැවතියේය. අන්‍යයක්ම ඔබට විශ්වාසය. රුචි වෙයි. ඔබගේ බැඳීම අන් තැනකය. අන් ප්‍රතිපත්තියක සැදී පැහැදී ඇති බවය. ඔබගේ ආචාර්යක ධර්මය අන්තැනකය. ආචාර්යභාවය අන් තීර්ථායතනකය. ඒ නිසා මෙසේ අන්‍යදෘෂ්ටික වූ, අන්‍ය විශ්වාසයක් ඇති, අන්‍ය රුචියක් ඇති අන් තැනක යෙදී සිටින ආචාර්යවරයා අන් තැනක සිටින ඔබ විසින් මෙය දැනගැනීම අපහසුය. ඉක්බිති පරිබ්‍රාජකයා ‘පුරුෂයාගේ ආත්මය සංඥාව හෝ වේවා අන් සංඥාවක් හෝ වේවා එහි ශාස්වතභාවයම අසන්නෙමියි නැවත කිංපන භන්තෙ ආදිය කීය.

තත්‍ථ ලොකොති අත‍්තානං සන්‍ධාය වදති. න හෙතං පොට‍්ඨපාද අත්‍ථසඤ‍්හිතන‍්ති පොට‍්ඨපාද එතං දිට‍්ඨිගතං න ඉධලොකපරලොකඅත්‍ථනිස‍්සිතං, න අත‍්තත්‍ථපරත්‍ථනිස‍්සිතං. න ධම‍්මසංහිතන‍්ති න නවලොකුත‍්තරධම‍්මනිස‍්සිතං. නාදිබ්‍රහ‍්මචරියකන‍්ති සික‍්ඛත‍්තයසඞ‍්ඛාතස‍්ස සාසනබ්‍රහ‍්මචරියකස‍්ස න ආදිමත‍්තං, අධිසීලසික‍්ඛාමත‍්තම‍්පි න හොති. න නිබ‍්බිදායාති සංසාරවට‍්ටෙ නිබ‍්බින්‍දනත්‍ථාය න සංවත‍්තති. න විරාගායාති වට‍්ටවිරාගත්‍ථාය න සංවත‍්තති. න නිරොධායාති වට‍්ටස‍්ස නිරොධකරණත්‍ථාය න සංවත‍්තති. න උපසමායාති වට‍්ටස‍්ස වූපසමනත්‍ථාය න සංවත‍්තති. න අභිඤ‍්ඤායාති වට‍්ටාභිජානනාය පච‍්චක‍්ඛකිරියාය න සංවත‍්තති. න සම‍්බොධායාති වට‍්ටසම‍්බුජ‍්ඣනත්‍ථාය න සංවත‍්තති. න නිබ‍්බානායාති අමතමහානිබ‍්බානස‍්ස පච‍්චක‍්ඛකිරියාය න සංවත‍්තති.

එහි ලොකො යනු තමා සඳහා කියයි. නහෙතං පොට්ඨපාද අත්‍ථසංහිතං පොට්ඨපාද මෙය දෘෂ්ටිගතයකි. මෙලොව පරලොව ඇසුරුකළ දෙයක් නොවේ. ආත්මාර්ථ පරාර්ථ නිශ්‍රිත වූවක්ද නොවේ. නධම්ම සංහිතං බ්‍රහ්මචරියකං ශික්‍ෂාත්‍රය සංඛ්‍යාත වූ ශාසන බ්‍රහ්මචර්යයට ආදි මාත්‍රයක් නොවේ. අධිශීල ශික්‍ෂා මාත්‍රයක්ද නොවේ. න නිබ්බිදාය සංසාර වට්ටයෙහි කලකිරීම නොපවතී, න විරාගාය වට්ට විරාගය පිණිස නොපවතී. න නිරොධාය සංසාරය නිරෝධකරණය පිණිස නොපවතී. න උපසමාය සංසාරයෙහි ව්‍යුපසමනය සඳහා නොපවතී. න සම්බොධාය සංසාරය අවබෝධය පිණිස නොපනවතී. න නිබ්බාණාය අමාමහ නිවන් පසක් කිරීම පිණිස නොපවතී.

ඉදං දුක‍්ඛන‍්තිආදීසු තණ‍්හං ඨපෙත්‍වා තෙභූමකා පඤ‍්චක‍්ඛන්‍ධා දුක‍්ඛන‍්ති, තස‍්සෙව දුක‍්ඛස‍්ස පභාවනතො සප‍්පච‍්චයා තණ‍්හා දුක‍්ඛසමුදයොති. උභින‍්නං අප‍්පවත‍්ති දුක‍්ඛනිරොධොති, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති මයා බ්‍යාකතන‍්ති අත්‍ථො. එවඤ‍්ච පන වත්‍වා භගවා “ඉමස‍්ස පරිබ‍්බාජකස‍්ස මග‍්ගපාතුභාවො වා ඵලසච‍්ඡිකිරියා වා නත්‍ථි, මය‍්හඤ‍්ච භික‍්ඛාචාරවෙලා”ති චින‍්තෙත්‍වා තුණ‍්හී අහොසි. පරිබ‍්බාජකොපි තං ආකාරං ඤත්‍වා භගවතො ගමනකාලං ආරොචෙන‍්තො විය “එවමෙත”න‍්තිආදිමාහ.

ඉදං දුක්ඛං ආදී තන්හි තෘෂ්ණාව හැර ත්‍රෛභූමක පංචස්කන්ධ දුක්ය. ඒ දුක ඇතිකරන හේතු සහිත තෘෂ්ණාව දුක්ඛ සමුදයො දෙකෙහි නොපැවැත්ම දුක්ඛ නිරොධො ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා යයි මා විසින් ප්‍රකාශ කරන ලද්දේය යන අර්ථයි. මෙසේද කියා භාග්‍යවතුන් වහන්සේ මේ පරිබ්‍රාජකයාට මාර්ග පහළවීමක් හෝ ඵල සාක්‍ෂාත් කිරීමක් හෝ නැත. මාගේද පිඬු පිණිස හැසිරෙන වේලාව යැයි සිතා නිහඬ වූ සේක. පරිබ්‍රාජකයාද ඒ ආකාරය දැන භාග්‍යවතුන් වහන්සේට යාමට කාලය දන්වන්නාක් මෙන් එවමෙතං ආදිය කීය.

වාචාසන‍්නිතොදකෙනාති වචනපතොදෙන. සඤ‍්ඣබ‍්භරිමකංසූති සඤ‍්ඣබ‍්භරිතං නිරන‍්තරං ඵුට‍්ඨං අකංසු, උපරි විජ‍්ඣිංසූති වුත‍්තං හොති. භූතන‍්ති සභාවතො විජ‍්ජමානං. තච‍්ඡං, තථන‍්ති තස‍්සෙව වෙවචනං. ධම‍්මට‍්ඨිතතන‍්ති නවලොකුත‍්තරධම‍්මෙසු ඨිතසභාවං. ධම‍්මනියාමතන‍්ති ලොකුත‍්තරධම‍්මනියාමතං. බුද‍්ධානඤ‍්හි චතුසච‍්චවිනිමුත‍්තා කථා නාම නත්‍ථි. තස‍්මා සා එදිසා හොති.

වාචාසත්ති තොදකෙන යනු වචන නමැති කෙවිටෙන්. සංජම්හරිං අකංසු එකතු කරගත් දෙය නිරන්තරයෙන් පතුරුවා හළහ. උඩට උඩට විද්දාහු යයි කියන ලද්දේ වෙයි. භූතං ස්වභාවයෙන් පෙනෙන. තච්ඡං තථං එයටම සමාන වචනයකි. ධම්මට්ඨිතකං නව ලෝකෝත්තර ධර්මයෙහි සිටි ස්වභාවය. ධම්ම නියාමකං නව ලෝකෝත්තර ධර්ම නියාම ස්වභාවය. බුදුවරුන්ගේ චතුරාර්ය සත්‍යයෙන් විනිර්මුක්ත කථාවක් නම් නැත. ඒ නිසා එය එබඳු වෙයි.

චිත‍්තහත්‍ථිසාරිපුත‍්තපොට‍්ඨපාදවත්‍ථුවණ‍්ණනා

චිත‍්තො ච හත්‍ථිසාරිපුත‍්තොති සො කිර සාවත්‍ථියං හත්‍ථිආචරියස‍්ස පුත‍්තො භගවතො සන‍්තිකෙ පබ‍්බජිත්‍වා තීණි පිටකානි උග‍්ගහෙත්‍වා සුඛුමෙසු අත්‍ථන‍්තරෙසු කුසලො අහොසි, පුබ‍්බෙ කතපාපකම‍්මවසෙන පන සත‍්තවාරෙ විබ‍්භමිත්‍වා ගිහි ජාතො. කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධස‍්ස කිර සාසනෙ ද‍්වෙ සහායකා අහෙසුං, අඤ‍්ඤමඤ‍්ඤං සමග‍්ගා එකතොව සජ‍්ඣායන‍්ති. තෙසු එකො අනභිරතො ගිහිභාවෙ චිත‍්තං උප‍්පාදෙත්‍වා ඉතරස‍්ස ආරොචෙසි. සො ගිහිභාවෙ ආදීනවං පබ‍්බජ‍්ජාය ආනිසංසං දස‍්සෙත්‍වා තං ඔවදි. සො තං සුත්‍වා අභිරමිත්‍වා පුනෙකදිවසං තාදිසෙ චිත‍්තෙ උප‍්පන‍්නෙ තං එතදවොච “මය‍්හං ආවුසො එවරූපං චිත‍්තං උප‍්පජ‍්ජති – ‘ඉමාහං පත‍්තචීවරං තුය‍්හං දස‍්සාමී’ති”. සො පත‍්තචීවරලොභෙන තස‍්ස ගිහිභාවෙ ආනිසංසං දස‍්සෙත්‍වා පබ‍්බජ‍්ජාය ආදීනවං කථෙසි. අථස‍්ස තං සුත්‍වාව ගිහිභාවතො චිත‍්තං විරජ‍්ජිත්‍වා පබ‍්බජ‍්ජායමෙව අභිරමි. එවමෙස තදා සීලවන‍්තස‍්ස භික‍්ඛුනො ගිහිභාවෙ ආනිසංසකථාය කථිතත‍්තා ඉදානි ඡ වාරෙ විබ‍්භමිත්‍වා සත‍්තමෙ වාරෙ පබ‍්බජිතො. මහාමොග‍්ගල‍්ලානස‍්ස, මහාකොට‍්ඨිකත්‍ථෙරස‍්ස ච අභිධම‍්මකථං කථෙන‍්තානං අන‍්තරන‍්තරා කථං ඔපාතෙති. අථ නං මහාකොට‍්ඨිකත්‍ථෙරො අපසාදෙති. සො මහාසාවකස‍්ස කථිතෙ පතිට‍්ඨාතුං අසක‍්කොන‍්තො විබ‍්භමිත්‍වා ගිහි ජාතො. පොට‍්ඨපාදස‍්ස පනායං ගිහිසහායකො හොති. තස‍්මා විබ‍්භමිත්‍වා ද‍්වීහතීහච‍්චයෙන පොට‍්ඨපාදස‍්ස සන‍්තිකං ගතො. අථ නං සො දිස‍්වා “සම‍්ම කිං තයා කතං, එවරූපස‍්ස නාම සත්‍ථු සාසනා අපසක‍්කන‍්තොසි, එහි පබ‍්බජිතුං ඉදානි තෙ වට‍්ටතී”ති තං ගහෙත්‍වා භගවතො සන‍්තිකං අගමාසි. තෙන වුත‍්තං “චිත‍්තො ච හත්‍ථිසාරිපුත‍්තො පොට‍්ඨපාදො ච පරිබ‍්බාජකො”ති.

චිත්තො ච හත්‍ථි සාරිපුත්තො හෙතෙමේ සැවැත්නුවර ඇත්ගොව්වකු ගේ පුත්‍රයාය. භාග්‍යවතුන්ගේ සමීපයෙහි පැවිදිව ත්‍රිපිටකය උගෙන සූක්‍ෂම අර්ථාන්තරයෙහි දක්ෂ වූයේය. පෙර කරන ලද පාපකර්මයක් වශයෙන් සත්වරක් සිවුරු හැර ගිහි වූයේය. කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි යහළුවෝ දෙදෙනෙක් වූහ. ඔවුනොවුන් එක්ව එකට සජ්ඣායනා කරති. ඔවුන්ගෙන් එකෙක් නො ඇලුණේ ගිහිබවෙහි සිත් උපදවා අනෙකාට දැන්වීය. ඔහු ගිහි බවෙහි ආදීනවද පැවිද්දෙහි ආනිසංස ද දක්වා ඔහුට අවවාද කළේය. ඔහු ඒ අසා ආශාකොට නැවත එක් දවසක් එබඳු සිතක් උපන්කල්හි ඔහුට මෙසේ කීය. ඇවැත්නි, මට මෙබඳු සිතක් ඇතිවෙයි. මම මේ පාසිවුරු ඔබට දෙමි. ඔහු පාසිවුරු ලොබින් ඔහුට ගිහිබවෙහි ආනිසංස දක්වා පැවිද්දෙහි ආදීනව කීවේය. ඉක්බිති එය අසාම ගිහිබවෙහි සිත නොඅලවා පැවිද්දෙහිම ඇලුණේය. මෙසේ මොහු එකල සිල්වත් භික්‍ෂුවකට ගිහිබවෙහි ආනිසංස කියූ බැවින් දැන් සයවරක් සිවුරු හැර සත්වැනි වර පැවිදි වූයේය. මහා මොග්ගල්ලාන තෙරුන්ද මහා කොට්ඨිත තෙරුන්ද අභිධර්ම කථා කියනවිට අතරින් පතර කතාව විසඳීය. ඉක්බිති මහාකොට්ඨිත තෙරුන්වහන්සේ ඔහු ප්‍රතික්‍ෂේප කළහ. ඔහු මහා ශ්‍රාවකයන් වහන්සේ කියූ දෙයෙහි පිහිටා සිටින්නට නොහැක්කේ ගිහි වූයේය. මොහු පොට්ඨපාදගේ ගිහි සහායකයා වෙයි. ඒ නිසා සිවුරු හැර දෙතුන් දිනක් ඇවෑමෙන් පොට්ඨපාදගේ සමීපයට ගියේය. ඉක්බිති හේ ඔහු දැක යහළුව, ඔබ විසින් කුමක් කරන ලද්දේද, එබඳු ශාස්තෲ ශාසනයෙන් ඉවත් වූයෙහිය. එව නැවත ඔබ නැවත පැවිදි කිරීමට වටී යයි ඔහු ගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියේය. එහෙයින් කියන ලදි. හත්‍ථිසාරිපුත්ත චිත්තද පොට්ඨපාද පරිබ්‍රාජකයාද යනුවෙන්.

අන්‍ධාති පඤ‍්ඤාචක‍්ඛුනො නත්‍ථිතාය අන්‍ධා, තස‍්සෙව අභාවෙන අචක‍්ඛුකා. ත්‍වංයෙව නෙසං එකො චක‍්ඛුමාති සුභාසිතදුබ‍්භාසිතජානනභාවමත‍්තෙන පඤ‍්ඤාචක‍්ඛුනා චක‍්ඛුමා. එකංසිකාති එකකොට‍්ඨාසා. පඤ‍්ඤත‍්තාති ඨපිතා. අනෙකංසිකාති න එකකොට‍්ඨාසා එකෙනෙව කොට‍්ඨාසෙන සස‍්සතාති වා අසස‍්සතාති වා න වුත‍්තාති අත්‍ථො.

අන්‍ධා ප්‍රඥා චක්‍ෂුස නැති බැවින් අන්ධ වූ. එය නැති බැවින් අචක්ඛුකා. ත්‍වඤ්ඤෙව තෙසං එකො චක්ඛුමා සුභාෂිත දුර්භාෂිත දන්නා ස්වභාව මාත්‍රයෙන් ප්‍රඥා චක්‍ෂුසින් චක්‍ෂුමත්. එකංසිකා එක් කොටසකට අයත් පඤ්ඤත්තා. තබන ලද. අනෙකංසිකා එක් කොටසකට අයත් නොවන. එකම කොටසකින් ශාස්වත යැයිද අශාස්වත යයිද නොකියන ලද්දේ යන අර්ථයි.

එකංසිකධම‍්මවණ‍්ණනා

සන‍්ති පොට‍්ඨපාදාති ඉදං භගවා කස‍්මා ආරභි? බාහිරකෙහි පඤ‍්ඤාපිතනිට‍්ඨාය අනිය්‍යානිකභාවදස‍්සනත්‍ථං. සබ‍්බෙ හි තිත්‍ථියා යථා භගවා අමතං නිබ‍්බානං, එවං අත‍්තනො අත‍්තනො සමයෙ ලොකථුපිකාදිවසෙන නිට‍්ඨං පඤ‍්ඤපෙන‍්ති, සා ච න නිය්‍යානිකා. යථා පඤ‍්ඤත‍්තා හුත්‍වා න නිය්‍යාති න ගච‍්ඡති, අඤ‍්ඤදත්‍ථු පණ‍්ඩිතෙහි පටික‍්ඛිත‍්තා නිවත‍්තති, තං දස‍්සෙතුං භගවා එවමාහ. තත්‍ථ එකන‍්තසුඛං ලොකං ජානං පස‍්සන‍්ති පුරත්‍ථිමාය දිසාය එකන‍්තසුඛො ලොකො පච‍්ඡිමාදීනං වා අඤ‍්ඤතරායාති එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා විහරථ. දිට‍්ඨපුබ‍්බානි ඛො තස‍්මිං ලොකෙ මනුස‍්සානං සරීරසණ‍්ඨානාදීනීති. අප‍්පාටිහීරකතන‍්ති අප‍්පාටිහීරකතං පටිහරණවිරහිතං, අනිය්‍යානිකන‍්ති වුත‍්තං හොති.

සන්තිඛො පොට්ඨපාද මෙය භාග්‍යවතුන් වහන්සේ කුමක් නිසා ආරම්භ කළ සේක්ද? බාහිරිකයන් විසින් පනවන ලද නිෂ්ඨාවෙහි අනෛර්යාණික බව දැක්වීම පිණිස, සියලු තීර්ථකයෝ භාග්‍යවතුන් වහන්සේ යම්සේද මෙසේ අමාමහ නිවන තම තමාගේ සමයෙහි, ලෝකය ථූපිකාව ආදි වශයෙන් නිෂ්ඨාව පනවත්. එයද නෛර්යාණික පැනවීමක් වී ගෙන නොයයි. පණ්ඩිතයන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලද්දේ නවතී. එය දක්වන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කී සේක. එහි එකන්තසුඛං ලොකං ජානං පස්සං පෙරදිගින් ඒකාන්ත සුඛ ලෝකයයි. පැසුළු ආදී දිශාවන්ගෙන් එක්තරා දිශාවක යයි මෙසේ දන්නාහු දක්නාහු වාසය කරවු, ඔබලා විසින් ඒ ලෝකයෙහි මිනිසුන්ගේ සිරුරු පැවැත්ම ඇසින් දුටු විරූද, අප්පාටිහීර කතං නැවත නොවදනා සේ කරන ලද, නැවත පහරදීමක් නැති. අනෛර්යාණික යයි කියන ලද්දේ වෙයි.

ජනපදකල්‍යාණීති ජනපදෙ අඤ‍්ඤාහි ඉත්‍ථීහි වණ‍්ණසණ‍්ඨානවිලාසාකප‍්පාදීහි අසදිසා.

ජනපද කල්‍යාණී ජනපදයෙහි අන් ස්ත්‍රීන්ට වඩා වර්ණය හැඩය විලාසය හැඩවැඩ ගැන්වීම් ආදියෙන් අසදෘශ,

තයොඅත‍්තපටිලාභවණ‍්ණනා

එවං භගවා පරෙසං නිට‍්ඨාය අනිය්‍යානිකත‍්තං දස‍්සෙත්‍වා අත‍්තනො නිට‍්ඨාය නිය්‍යානිකභාවං දස‍්සෙතුං “තයො ඛො මෙ පොට‍්ඨපාදා”තිආදිමාහ. තත්‍ථ අත‍්තපටිලාභොති අත‍්තභාවපටිලාභො, එත්‍ථ ච භගවා තීහි අත‍්තභාවපටිලාභෙහි තයො භවෙ දස‍්සෙසි. ඔළාරිකත‍්තභාවපටිලාභෙන අවීචිතො පට‍්ඨාය පරනිම‍්මිතවසවත‍්තිපරියොසානං කාමභවං දස‍්සෙසි. මනොමයඅත‍්තභාවපටිලාභෙන පඨමජ‍්ඣානභූමිතො පට‍්ඨාය අකනිට‍්ඨබ්‍රහ‍්මලොකපරියොසානං රූපභවං දස‍්සෙසි. අරූපඅත‍්තභාවපටිලාභෙන ආකාසානඤ‍්චායතනබ්‍රහ‍්මලොකතො පට‍්ඨාය නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනබ්‍රහ‍්මලොකපරියොසානං අරූපභවං දස‍්සෙසි. සංකිලෙසිකා ධම‍්මා නාම ද‍්වාදස අකුසලචිත‍්තුප‍්පාදා. වොදානියා ධම‍්මා නාම සමථවිපස‍්සනා.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ අන්‍යයන්ගේ නිෂ්ඨාවෙහි අනෛර්යාණික බවදක්වා තමාගේ නිෂ්ඨාවෙහි නෛර්යාණික බව දක්වන්ට ‘තයො ඛො මෙ පොට්ඨපාද’ ආදිය කී සේක. එහි අත්තපටිලාභො ආත්මභාව ප්‍රතිලාභය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ ආත්මභාව ප්‍රතිලාභ තුනෙන් භවත්‍රය දැක්වූ සේක. ඕලාරික වූ ආත්මභාවයක් ලැබීමෙන් අවීචියෙහි පටන් පරනිම්මිත වසවත්ති අවසන්කොට ඇති කාමභවය දැක්වූ සේක. මනෝමය ආත්මභාව ප්‍රතිලාභයෙන් ප්‍රථමධ්‍යාන භූමියේ සිට අකනිටා බඹලොව අවසන්කොට ඇති රූපභවය දැක්වූ සේක. අරූප ආත්මභාව ප්‍රතිලාභයෙන් ආකාසානඤ්චායතන බ්‍රහ්මලෝකයෙහි පටන් නේවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්මලෝකය අවසන්කොට ඇති අරූප භවය දැක්වූ සේක. සංකිලෙසිකො ධම්මා නම් දොළොස් අකුසල චිත්ත උත්පාදයයි. වොදානියා ධම්මා නම් සමථ විදර්ශනාය.

පඤ‍්ඤාපාරිපූරිං වෙපුල‍්ලත‍්තන‍්ති මග‍්ගපඤ‍්ඤාඵලපඤ‍්ඤානං පාරිපූරිඤ‍්චෙව විපුලභාවඤ‍්ච. පාමුජ‍්ජන‍්ති තරුණපීති. පීතීති බලවතුට‍්ඨි. කිං වුත‍්තං හොති? යං අවොචුම‍්හ “සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහිරතී”ති, තත්‍ථ තස‍්ස එවං විහරතො තං පාමොජ‍්ජඤ‍්චෙව භවිස‍්සති, පීති ච නාමකායපස‍්සද‍්ධි ච සති ච සූපට‍්ඨිතා උත‍්තමඤාණඤ‍්ච සුඛො ච විහාරො. සබ‍්බවිහාරෙසු ච අයමෙව විහාරො “සුඛො”ති වත‍්තුං යුත‍්තො “උපසන‍්තො පරමමධුරො”ති. තත්‍ථ පඨමජ‍්ඣානෙ පාමොජ‍්ජාදයො ඡපි ධම‍්මා ලබ‍්භන‍්ති, දුතියජ‍්ඣානෙ දුබ‍්බලපීතිසඞ‍්ඛාතං පාමොජ‍්ජං නිවත‍්තති, සෙසා පඤ‍්ච ලබ‍්භන‍්ති. තතියෙ පීති නිවත‍්තති, සෙසා චත‍්තාරො ලබ‍්භන‍්ති. තථා චතුත්‍ථෙ. ඉමෙසු චතූසු ඣානෙසු සම‍්පසාදනසුත‍්තෙ සුද‍්ධවිපස‍්සනා පාදකජ‍්ඣානමෙව කථිතං. පාසාදිකසුත‍්තෙ චතූහි මග‍්ගෙහි සද‍්ධිං විපස‍්සනා කථිතා. දසුත‍්තරසුත‍්තෙ චතුත්‍ථජ‍්ඣානිකඵලසමාපත‍්ති කථිතා. ඉමස‍්මිං පොට‍්ඨපාදසුත‍්තෙ පාමොජ‍්ජං පීතිවෙවචනමෙව කත්‍වා දුතියජ‍්ඣානිකඵලසමාපත‍්තිනාම කථිතාති වෙදිතබ‍්බා.

පඤ්ඤාපාරිපූරිං වෙපුල්ලත්තං මාර්ගඵල ප්‍රඥා ඵල ප්‍රඥාවන් සම්පූර්ණ කිරීම සහ මහත්බව. පාමුජ්ජං තරුණ ප්‍රීතිය. පීති බලවත් තුෂ්ටිය කුමක් කියන ලද්දේද? යමක් කීමු නම් ‘තමාම හොඳන් දැන සාක්‍ෂාත් කොට පැමිණ වාසය කරයි’ යනුවෙන්, එහි එසේ වසන ඔහුට තරුණ ප්‍රීතියද, වන්නේය. ප්‍රීතිය නම් කාය පස්සද්ධියද සතියද මැනවින් පිහිටියා වූ උත්තම ඥානයද සැපයද වාසය කිරීමද වේ. සියලු විහාරයන් අතර මෙම විහාරය සැපයයිද, උපශාන්ත යයිද පංචමධුර යයි කියන්ට සුදුසුය. එහි ප්‍රථමධ්‍යානයෙහි ප්‍රමෝදය ආදි ධර්ම සයක් ලැබෙයි. ද්විතීය ධ්‍යානයෙහි දුර්වල ප්‍රීතිසංඛ්‍යාත ප්‍රමෝදය නවතී. සෙසු පස ලැබෙයි. තෘතීය ධ්‍යානයෙහි ප්‍රීතියද නවතී. සෙසු සතර ලැබේ. චතුර්ථ ධ්‍යානයෙහිද එසේය. මේ ධ්‍යාන සතරින් සම්පසාද සූත්‍රයෙහි මාර්ග සතර සමග විදර්ශනාව කියන ලදි. දසුත්තරිය සූත්‍රයෙහි චතුර්ථධ්‍යානික ඵල සමාපත්තිය කියන ලදි. මේ පොට්ඨපාද සූත්‍රයෙහි ප්‍රමෝද ප්‍රීතියට සමාන වචනයක් කොට ද්විතීය ධ්‍යානිකයාගේ ඵලසමාපත්තිය කියන ලදැයි දතයුතුය.

අයං වා සොති එත්‍ථ වා සද‍්දො විභාවනත්‍ථො හොති. අයං සොති එවං විභාවෙත්‍වා පකාසෙත්‍වා බ්‍යාකරෙය්‍යාම. යථාපරෙ “එකන‍්තසුඛං අත‍්තානං සඤ‍්ජානාථා”ති පුට‍්ඨා “නො”ති වදන‍්ති, න එවං වදාමාති අත්‍ථො. සප‍්පාටිහීරකතන‍්ති සප‍්පාටිහරණං, නිය්‍යානිකන‍්ති අත්‍ථො.

අයංවාසො මෙහි වා ශබ්දය පැහැදිලි කිරීම් අර්ථ ඇත්තේය. මේ ඔහු යයි පැහැදිලිකොට ප්‍රකාශ කොට ප්‍රකාශ කරන්නෙමු. යම්සේ අන්‍යයෝ ඒකාන්ත සුඛ ආත්මය හඳුනහු දැයි විචාරන ලද්දාහු නැතැයි කියති. එසේ නොකියමු යන අර්ථයි.

මොඝො හොතීති තුච‍්ඡො හොති, නත්‍ථි සො තස‍්මිං සමයෙති අධිප‍්පායො. සච‍්චො හොතීති භූතො හොති, ස‍්වෙව තස‍්මිං සමයෙ සච‍්චො හොතීති අත්‍ථො. එත්‍ථ පනායං චිත‍්තො අත‍්තනො අසබ‍්බඤ‍්ඤුතාය තයො අත‍්තපටිලාභෙ කථෙත්‍වා අත‍්තපටිලාභො නාම පඤ‍්ඤත‍්තිමත‍්තං එතන‍්ති උද‍්ධරිතුං නාසක‍්ඛි, අත‍්තපටිලාභො ත්‍වෙව නිය්‍යාතෙසි. අථස‍්ස භගවා රූපාදයො චෙත්‍ථ ධම‍්මා, අත‍්තපටිලාභොති පන නාමමත‍්තමෙතං, තෙසු තෙසු රූපාදීසු සති එවරූපා වොහාරා හොන‍්තීති දස‍්සෙතුකාමො තස‍්සෙව කථං ගහෙත්‍වා නාමපඤ‍්ඤත‍්තිවසෙන නිය්‍යාතනත්‍ථං “යස‍්මිං චිත‍්ත සමයෙ”තිආදිමාහ.

මොසො හොති තුච්ඡ වෙයි. ඔහු එසමයෙහි නැත යන්න අදහසයි. සච්චොහොති වූයේ වෙයි. එයම එසමයෙහි සත්‍ය වන්නේය යන අර්ථයි. මෙහි මේ සිත තමාගේ අසර්වඥ බැවින් ආත්මලාභ තුන කියා ආත්ම ප්‍රතිලාභය නම් ප්‍රඥප්ති මාත්‍රයකැයි ගැනීමට නොහැකි විය. ආත්ම ප්‍රතිලාභයම පැමිණවීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙහි රූපාදී ධර්මයෝ ආත්ම ප්‍රතිලාභ යන නාම මාත්‍රයකි. ඒ ඒ රූපාදිය ඇතිකල් මෙබඳු ව්‍යවාහර ඇතිවේයැයි දක්වනු කැමතිව එහිම කථාව ගෙන නාම ප්‍රඥප්ති වශයෙන් ගෙනඑනු පිණිස ‘යස්මිං චිත්ත සමයෙ’ ආදිය කී සේක.

එවඤ‍්ච පන වත්‍වා පටිපුච‍්ඡිත්‍වා විනයනත්‍ථං පුන “සචෙ තං, චිත‍්ත, එවං පුච‍්ඡෙය්‍යු”න‍්තිආදිමාහ. තත්‍ථ යො මෙ අහොසි අතීතො අත‍්තපටිලාභො, ස‍්වෙව මෙ අත‍්තපටිලාභො, තස‍්මිං සමයෙ සච‍්චො අහොසි, මොඝො අනාගතො මොඝො පච‍්චුප‍්පන‍්නොති එත්‍ථ තාව ඉමමත්‍ථං දස‍්සෙති – යස‍්මා යෙ තෙ අතීතා ධම‍්මා, තෙ එතරහි නත්‍ථි, අහෙසුන‍්ති පන සඞ‍්ඛ්‍යං ගතා, තස‍්මා සොපි මෙ අත‍්තපටිලාභො තස‍්මිංයෙව සමයෙ සච‍්චො අහොසි. අනාගතපච‍්චුප‍්පන‍්නානං පන ධම‍්මානං තදා අභාවා තස‍්මිං සමයෙ “මොඝො අනාගතො, මොඝො පච‍්චුප‍්පන‍්නො”ති, එවං අත්‍ථතො නාමමත‍්තමෙව අත‍්තපටිලාභං පටිජානාති. අනාගතපච‍්චුප‍්පන‍්නෙසුපි එසෙව නයො.

මෙසේ කියා නැවත අසා හික්මවීම පිණිස නැවත සචෙපන තං චිත්තං එවං පුච්ඡෙය්‍යුං ආදිය කී සේක. එහි යොමෙ අහොසි අතීත අත්තපටිලාභො, සෙ වව මෙ අත්ත පටිලාභො තස්මිං සමයෙ සච්චො අහොසි, මොසො අනාගතො මොසො පච්චුප්පන්නො මෙහි මේ අර්ථය දක්වයි. යම්හෙයකින් මේ අතීත ධර්මනම් ඒවා දැන් නැත්තේය. ‘විය’ යන ව්‍යවහාරයට ගොස්ය. ඒ නිසා එයද මාගේ ආත්ම ප්‍රතිලාභයයි. එසමයෙහි සත්‍යයක් විය. අනාගත වර්තමාන ධර්මයක් එදා නොතිබීමෙන් එසමයෙහි මෝඝය අනාගතය, මෝඝය වර්තමානයැයි මෙසේ අර්ථ වහයෙන් නාම මාත්‍රයම ආත්ම ප්‍රතිලාභයයි පිළිගනී. අනාගත වර්තමානයන්හිද මේ ක්‍රමයමැයි.

අථ භගවා තස‍්ස බ්‍යාකරණෙන සද‍්ධිං අත‍්තනො බ්‍යාකරණං සංසන්‍දිතුං “එවමෙව ඛො චිත‍්තා”තිආදීනි වත්‍වා පුන ඔපම‍්මතො තමත්‍ථං සාධෙන‍්තො “සෙය්‍යථාපි චිත‍්ත ගවා ඛීර”න‍්තිආදිමාහ. තත්‍රායං සඞ‍්ඛෙපත්‍ථො, යථා ගවා ඛීරං, ඛීරාදීහි ච දධිආදීනි භවන‍්ති, තත්‍ථ යස‍්මිං සමයෙ ඛීරං හොති, න තස‍්මිං සමයෙ දධීති වා නවනීතාදීසු වා අඤ‍්ඤතරන‍්ති සඞ‍්ඛ්‍යං නිරුත‍්තිං නාමං වොහාරං ගච‍්ඡති. කස‍්මා? යෙ ධම‍්මෙ උපාදාය දධීතිආදි වොහාරා හොන‍්ති, තෙසං අභාවා. අථ ඛො ඛීරං ත්‍වෙව තස‍්මිං සමයෙ සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. කස‍්මා? යෙ ධම‍්මෙ උපාදාය ඛීරන‍්ති සඞ‍්ඛ්‍යා නිරුත‍්ති නාමං වොහාරො හොති, තෙසං භාවාති. එස නයො සබ‍්බත්‍ථ. ඉමා ඛො චිත‍්තාති ඔළාරිකො අත‍්තපටිලාභො ඉති ච මනොමයො අත‍්තපටිලාභො ඉති ච අරූපො අත‍්තපටිලාභො ඉති ච ඉමා ඛො චිත‍්ත ලොකසමඤ‍්ඤා ලොකෙ සමඤ‍්ඤාමත‍්තකානි සමනුජානනමත‍්තකානි එතානි. තථා ලොකනිරුත‍්තිමත‍්තකානි වචනපථමත‍්තකානි වොහාරමත‍්තකානි නාමපණ‍්ණත‍්තිමත‍්තකානි එතානීති. එවං භගවා හෙට‍්ඨා තයො අත‍්තපටිලාභෙ කථෙත්‍වා ඉදානි සබ‍්බමෙතං වොහාරමත‍්තකන‍්ති වදති. කස‍්මා? යස‍්මා පරමත්‍ථතො සත‍්තො නාම නත්‍ථි, සුඤ‍්ඤො තුච‍්ඡො එස ලොකො.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රකාශය සමග තමාගේ ප්‍රකාශය සංසන්දනය කරන්ට ‘සිත මෙහෙම තමා’ යනාදිය කියා නැවත උපමා වශයෙන් ඒ අර්ථය සාධනය කරන සේක් සෙය්‍යථාපි චිත්ත ගවා බීරං’ ආදිය කීය. මේ එහි සංක්‍ෂේප අර්ථයයි. යම්සේ දෙනගෙන් කිරිද, කිරි ආදියෙන් දීකිරි ආදිය වේද, එහි යම්කලෙක කිරි වේද, එසමයෙන් එය දීකිරි කියා හෝ වෙඬරු ආදියෙන් එකක් යයි ප්‍රසිද්ධියක් බවට, නිරුක්තියක් බවට, නාමයක් බවට ව්‍යවහාරයක් බවට යයි. කුමක් නිසාද යත්, යම් හේතූන් නිසා දීකිරි ආදී ව්‍යවහාරයක් වේද, ඒවා නැති වූ විට කිරීම යයි එසමයෙහි ප්‍රසිද්ධියට යයි. කුමක් නිසාද යත්, යම් හේතූන් නිසා කිරියයි ප්‍රසිද්ධියක්, නිරුක්තියක්, නාමයක් ව්‍යවහාරයක් වේද, ඒවා තිබෙන බැවිනි. සියලු තැන මේ ක්‍රමයයි. ඉමා ඛො චිත්ත ඕලාරික ආත්ම ප්‍රතිලාභ යැයිද, මනෝමය ආත්ම ප්‍රතිලාභයැයිද, අරූප ආත්ම ප්‍රතිලාභ යැයිද මෙසේ මේවා චිත්ත, ලෝකයා දෙන නම්ය. මේවා ලෝකයෙහි නම් පමණකි. පිළිගැනීම් පමණකි. එසේම ලෝකයෙහි නිරුක්ති පමණකි. වචන මාර්ග පමණි. ව්‍යවහාර පමනි. නාම ප්‍රඥප්ති පමණි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ යට ආත්ම ප්‍රතිලාභ තුනක් කියා දැන් මේ සියල්ල ව්‍යවාහර මාත්‍රයක් පමණකැයි කියන සේක. කුමක් හෙයින්ද යත්, පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් නම් නැති නිසාය. මේ ලෝකය ශූන්‍යය. තුච්ඡය.

බුද‍්ධානං පන ද‍්වෙ කථා සම‍්මුතිකථා ච පරමත්‍ථකථා ච. තත්‍ථ “සත‍්තො පොසො දෙවො බ්‍රහ‍්මා”තිආදිකා “සම‍්මුතිකථා” නාම. “අනිච‍්චං දුක‍්ඛමනත‍්තා ඛන්‍ධා ධාතුයො ආයතනානි සතිපට‍්ඨානා සම‍්මප‍්පධානා”තිආදිකා පරමත්‍ථකථා නාම. තත්‍ථ යො සම‍්මුතිදෙසනාය “සත‍්තො”ති වා “පොසො”ති වා “දෙවො”ති වා “බ්‍රහ‍්මා”ති වා වුත‍්තෙ විජානිතුං පටිවිජ‍්ඣිතුං නිය්‍යාතුං අරහත‍්තජයග‍්ගාහං ගහෙතුං සක‍්කොති, තස‍්ස භගවා ආදිතොව “සත‍්තො”ති වා “පොසො”ති වා “දෙවො”ති වා “බ්‍රහ‍්මා”ති වා කථෙති, යො පරමත්‍ථදෙසනාය “අනිච‍්ච”න‍්ති වා “දුක‍්ඛ”න‍්ති වාතිආදීසු අඤ‍්ඤතරං සුත්‍වා විජානිතුං පටිවිජ‍්ඣිතුං නිය්‍යාතුං අරහත‍්තජයග‍්ගාහං ගහෙතුං සක‍්කොති, තස‍්ස “අනිච‍්ච”න‍්ති වා “දුක‍්ඛ”න‍්ති වාතිආදීසු අඤ‍්ඤතරමෙව කථෙති.

බුදුවරුන්ගේ සම්මුති කථායැ. පරමාර්ථ කතා යැයි කථා දෙකක් තිබේ. එහි සත්ත්වයා, පුරුෂයා, දෙවියා, බ්‍රහ්මයා ආදිය සම්මුති කථාය. අනිත්‍යය, දුක්ඛය, අනතීතය, ඛන්‍ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන සම්මප්පධාන ආදිය පරමත්‍ථ කථා නමි. එහි යමෙක් සම්මුති දේශනාවෙන් සත්ත්වයෙක්ය, පුරුෂයෙක්ය, දෙවියෙක්ය, බ්‍රහ්මයෙක් යැයි කී කල්හි ඔවුන් දැනගන්ට, අවබෝධ කරගන්ට ගෙන ඒමට අර්හත්වය ජයග්‍රහණය කරන්ට හැකිවේද, ඔහුගේ භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන්ම සත්ත්වයෙක්ය. පුරුෂයෙක්ය. දෙවියෙක්ය. බ්‍රහ්මයෙක්යැයි කියන සේක. යමෙක් පරමත්‍ථ දේශනාවෙන් අනිත්‍යය, දුක්ඛය යන ආදීන් අතුරින් එකක් අසා දැනගන්ට අවබෝධ කරගන්ට ගෙනඒමට අර්හත්වය ජයග්‍රහණය කිරීමට හැක්කේද ඔහුට අනිත්‍යය, ආදීන් අතර එකක්ම කියන සේක.

තථා සම‍්මුතිකථාය බුජ‍්ඣනකසත‍්තස‍්සාපි න පඨමං පරමත්‍ථකථං කථෙති. සම‍්මුතිකථාය පන බොධෙත්‍වා පච‍්ඡා පරමත්‍ථකථං කථෙති. පරමත්‍ථකථාය බුජ‍්ඣනකසත‍්තස‍්සාපි න පඨමං සම‍්මුතිකථං කථෙති. පරමත්‍ථකථාය පන බොධෙත්‍වා පච‍්ඡා සම‍්මුතිකථං කථෙති. පකතියා පන පඨමමෙව පරමත්‍ථකථං කථෙන‍්තස‍්ස දෙසනා ලූඛාකාරා හොති, තස‍්මා බුද‍්ධා පඨමං සම‍්මුතිකථං කථෙත්‍වා පච‍්ඡා පරමත්‍ථකථං කථෙන‍්ති. සම‍්මුතිකථං කථෙන‍්තාපි සච‍්චමෙව සභාවමෙව අමුසාව කථෙන‍්ති. පරමත්‍ථකථං කථෙන‍්තාපි සච‍්චමෙව සභාවමෙව අමුසාව කථෙන‍්ති.

එසේම සම්මුති කථාවෙන් අවබෝධ කරගන්නා අයකුට පළමුව පරමත්‍ථ කථාව නොකියන සේක. සම්මුති කථාවෙන් අවබෝධ කොට පසුව පරමත්‍ථ කථාව කියන ලදි. පරමත්‍ථ කථාවෙන් අවබෝධ කොට පසුව සම්මුති කථාව කියන සේක. ප්‍රකෘතියෙන්ම පළමුකොට පරමත්‍ථ කථාව කියන්නහුට දේශනාව රළු වන්නේය. ඒ නිසා බුදුවරු පළමුව සම්මුති කථාව කියා පසුව පරමත්‍ථකථාව කියන සේක. සම්මුති කථාව කියන්නාහුද සත්‍යයම ස්වභාවයම මුසා නොවූවක්ම කියන සේක. පරමත්‍ථ කථාව කියන්නාහුද සත්‍යයම ස්වභාවයම මුසා නොවූවක්ම කියන සේක.

දුවෙ සච‍්චානි අක‍්ඛාසි, සම‍්බුද‍්ධො වදතං වරො; සම‍්මුතිං පරමත්‍ථඤ‍්ච, තතියං නූපලබ‍්භති.

කථා කරන්නවුන් අතර උතුම් වූ - සම්බුදුන් වහන්සේ සත්‍ය දෙකක් කියූ සේක සම්මුති පරමාර්ථ යනුවෙන්. තෙවැන්නක් නොලැබේ.

සඞ‍්කෙතවචනං සච‍්චං, ලොකසම‍්මුතිකාරණං; පරමත්‍ථවචනං සච‍්චං, ධම‍්මානං භූතලක‍්ඛණන‍්ති.

සංකේත වචනය සත්‍යය - ලෝක සම්මුතිකාරකය පරමාර්ථවචනය සත්‍යය - ධර්මයන්ගේ භූත ලක්‍ෂණය

යාහි තථාගතො වොහරති අපරාමසන‍්ති යාහි ලොකසමඤ‍්ඤාහි ලොකනිරුත‍්තීහි තථාගතො තණ‍්හාමානදිට‍්ඨිපරාමාසානං අභාවා අපරාමසන‍්තො වොහරතීති දෙසනං විනිවට‍්ටෙත්‍වා අරහත‍්තනිකූටෙන නිට‍්ඨාපෙසි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

යාහි තථාගතො වොහරති අපරාමසං යමක් ලෝක නම්වලින් ලෝක නිරුක්තීන්ගෙන් තථාගතයන් වහන්සේ තෘෂ්ණා මාන දෘෂ්ටි පරාමර්ශනයක් නැති බැවින් පරාමර්ශනයක් නොකරන්නේම ව්‍යවාහර කරන සේක. දේශනාව නැවත දේශනාකොට රහත්බව කුළුගන්වා නිමවා වදාළ සේක. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.

ඉති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථායං පොට‍්ඨපාදසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පොට්ඨපාද සූත්‍ර වර්ණනාව නිමියේ ය.