යෙදුමෙන් කියවන්න

10. සුභසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

10. සුභසුත‍්තවණ‍්ණනා

10. සුභ සූත්‍ර වර්ණනාව

සුභමාණවකවත්‍ථුවණ‍්ණනා

එවං මෙ සුතං…පෙ… සාවත්‍ථියන‍්ති සුභසුත‍්තං. තත්‍රායං අනුත‍්තානපදවණ‍්ණනා. අචිරපරිනිබ‍්බුතෙ භගවතීති අචිරං පරිනිබ‍්බුතෙ භගවති, පරිනිබ‍්බානතො උද‍්ධං මාසමත‍්තෙ කාලෙ. නිදානවණ‍්ණනායං වුත‍්තනයෙනෙව භගවතො පත‍්තචීවරං ආදාය ආගන‍්ත්‍වා ඛීරවිරෙචනං පිවිත්‍වා විහාරෙ නිසින‍්නදිවසං සන්‍ධායෙතං වුත‍්තං. තොදෙය්‍යපුත‍්තොති තොදෙය්‍යබ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො, සො කිර සාවත්‍ථියා අවිදූරෙ තුදිගාමො නාම අත්‍ථි, තස‍්ස අධිපතිත‍්තා තොදෙය්‍යොති සඞ‍්ඛ්‍යං ගතො. මහද‍්ධනො පන හොති පඤ‍්චචත‍්තාලීසකොටිවිභවො, පරමමච‍්ඡරී – “දදතො භොගානං අපරික‍්ඛයො නාම නත්‍ථී”ති චින‍්තෙත්‍වා කස‍්සචි කිඤ‍්චි න දෙති, පුත‍්තම‍්පි ආහ –

එවං මෙසුතං යනු සුභ සූත්‍රයයි. මේ එහි ගැඹුරුපද වර්ණනාවයි. අචිර පරිනිබ්බුතෙ පිරිනිවනින් නොබෝ කලකින්. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි පරිනිර්වාණයට මසකින් පමණ පසුකාලයෙහි නිදාන වර්ණනාවෙහි කියන ලද ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරුගෙන පැමිණ කිරි විරේකය පානය කොට විහාරයෙහි වැඩහුන් දවස සඳහා මෙය කියන ලදි. තොදෙය්‍ය පුත්තො තොදෙය්‍ය බමුණාගේ පුත්‍රයා. ඔහු සැවැත්නුවරට නුදුරෙහි තුදී නම් ගමක් ඇත. එහි අධිපති බැවින් තොදෙය්‍ය නමින් ප්‍රසිද්ධියට පත්විය. මහාධන ඇත්තේය. පන්සාළිස් කෙළක් විභව සම්පත් ඇත්තේය. අතිශයින් මසුරුය. දෙන්නාගේ භෝගයන්හි ක්‍ෂය නොවීමක් නැතැයි සිතා කිසිවකුට කිසිවක් නො දෙයි. කියන ලද්දේ මැයි :-

“අඤ‍්ජනානං ඛයං දිස‍්වා, වම‍්මිකානඤ‍්ච සඤ‍්චයං; මධූනඤ‍්ච සමාහාරං, පණ‍්ඩිතො ඝරමාවසෙ”ති.

අජනානං ඛයං දිස්වා - වම්මිකානංච සංවයං මධුනංච සමාහාරං - පණ්ඩිතො ඝරමාවසෙ

එවං අදානමෙව සික‍්ඛාපෙත්‍වා කායස‍්ස භෙදා තස‍්මිංයෙව ඝරෙ සුනඛො හුත්‍වා නිබ‍්බත‍්තො. සුභො තං සුනඛං අතිවිය පියායති. අත‍්තනො භුඤ‍්ජනකභත‍්තංයෙව භොජෙති, උක‍්ඛිපිත්‍වා වරසයනෙ සයාපෙති. අථ භගවා එකදිවසං නික‍්ඛන‍්තෙ මාණවෙ තං ඝරං පිණ‍්ඩාය පාවිසි. සුනඛො භගවන‍්තං දිස‍්වා භුක‍්කාරං කරොන‍්තො භගවතො සමීපං ගතො. තතො නං භගවා අවොච

මෙසේ නොදීමට පුරුදුකොට කය බිඳීමෙන් පසු ඒ ගෙයිම සුනඛයකු වී උපන්නේය. සුභ ඒ සුනඛයාට අතිශයින් ප්‍රිය ය. තමා බුදින මතම කවයි. ඔසවාගෙන උතුම් සයනයෙහි නිදිකරවයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක් දවසක් මාණවකයා ගෙන් පිටගිය කල්හි ඒ ගෙයට පිඬු පිණිස පිවිසි සේක. සුනඛයා භාග්‍යවතුන් වහන්සේ දැක බුරන්නේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඌට මෙසේ කී සේක.

“තොදෙය්‍ය ත්‍වං පුබ‍්බෙපි මං ‘භො, භො’ති පරිභවිත්‍වා සුනඛො ජාතො, ඉදානිපි භුක‍්කාරං කත්‍වා අවීචිං ගමිස‍්සසී”ති. සුනඛො තං කථං සුත්‍වා විප‍්පටිසාරී හුත්‍වා උද‍්ධනන‍්තරෙ ඡාරිකාය නිපන‍්නො, මනුස‍්සා නං උක‍්ඛිපිත්‍වා සයනෙ සයාපෙතුං නාසක‍්ඛිංසු .

‘තොදෙය්‍ය, ඔබ පෙරදී ද මට හො හො කියා පරිභවකොට සුනඛයෙක් වූයෙහිය. දැනුදු බුරා අවීචියට යන්නෙහිය. සුනඛයා ඒ අසා විපිළිසරව උදුන අතරෙහි අළුමත වැදහොත්තේය. මිනිස්සු ඔසවා නිදි කරවන්ට නොසමත් වූහ.

සුභො ආගන‍්ත්‍වා “කෙනායං සුනඛො සයනා ඔරොපිතො”ති ආහ. මනුස‍්සා “න කෙනචී”ති වත්‍වා තං පවත‍්තිං ආරොචෙසුං. මාණවො සුත්‍වා “මම පිතා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තො, සමණො පන ගොතමො මෙ පිතරං සුනඛං කරොති යං කිඤ‍්චි එස මුඛාරූළ‍්හං භාසතී”ති කුජ‍්ඣිත්‍වා භගවන‍්තං මුසාවාදෙන චොදෙතුකාමො විහාරං ගන‍්ත්‍වා තං පවත‍්තිං පුච‍්ඡි. භගවා තස‍්ස තථෙව වත්‍වා අවිසංවාදනත්‍ථං ආහ – “අත්‍ථි පන තෙ, මාණව, පිතරා න අක‍්ඛාතං ධන”න‍්ති. අත්‍ථි, භො ගොතම, සතසහස‍්සග‍්ඝනිකා සුවණ‍්ණමාලා, සතසහස‍්සග‍්ඝනිකා සුවණ‍්ණපාදුකා, සතසහස‍්සග‍්ඝනිකා සුවණ‍්ණපාති, සතසහස‍්සඤ‍්ච කහාපණන‍්ති. ගච‍්ඡ තං සුනඛං අප‍්පොදකං මධුපායාසං භොජෙත්‍වා සයනං ආරොපෙත්‍වා ඊසකං නිද‍්දං ඔක‍්කන‍්තකාලෙ පුච‍්ඡ, සබ‍්බං තෙ ආචික‍්ඛිස‍්සති, අථ නං ජානෙය්‍යාසි – “පිතා මෙ එසො”ති. සො තථා අකාසි. සුනඛො සබ‍්බං ආචික‍්ඛි, තදා නං – “පිතා මෙ”ති ඤත්‍වා භගවති පසන‍්නචිත‍්තො ගන‍්ත්‍වා භගවන‍්තංචුද‍්දස පඤ‍්හෙ පුච‍්ඡිත්‍වා විස‍්සජ‍්ජනපරියොසානෙ භගවන‍්තං සරණං ගතො, තං සන්‍ධාය වුත‍්තං “සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො”ති. සාවත්‍ථියං පටිවසතීති අත‍්තනො භොගගාමතො ආගන‍්ත්‍වා වසති.

සුභ පැමිණ කවරකු විසින් මේ සුනඛයා සයනයෙන් බස්සනු ලැබීදැයි ඇසීය. මිනිස්සු කිසිවකු විසින් නොවේයයි ඒ පුවත දැන්වූහ. මාණවක එය අසා මාගේ පියා බ්‍රහ්මලෝකයෙහි උපන්නේය. ශ්‍රමණ ගෞතම මාගේ පියා සුනඛයකු කරයි. මොහු කටට ආ දෙයක් කියතියි කිපී භාග්‍යවතුන් වහන්සේට මුසාවාදයෙන් චෝදනා කරනු කැමැත්තේ විහාරයට ගොස් එපුවත ඇසීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට එසේම කියා විසංවාද නොකරනු පිණිස කී සේක. තරුණය, ඔබගේ පියා විසින් නොකියන ලද ධනයක් ඔබට ඇත්ද, භවත් ගෞතමයෙනි, සියදහසක් අගනා රන්දමක්, සියදහසක් අගනා මිරිවැඩියක්, සියදහසක් අගනා රන් තැටියක්, කහවණු සියදහසක් ඇත. යව ඒ සුනඛයා ජලය අඩු මධුපායාසය කවා සයනයට නංවා මඳ නින්දට බැසගත් කල අසව. සියල්ල ඔබට ඌ කියනු ඇත. එවිට මේ මාගේ පියා යයි දැනගන්නෙහිය. හේ එසේ කළේය. සුනඛයා සියල්ල පෙන්වීය. එදින ඌ මාගේ පියා යයි දැන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇත්තේ ගොස් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න දාහතරක් අසා විසඳූ කල්හි භාග්‍යවතුන් වහන්සේ සරණ ගියේය. ඒ සඳහා කියන ලදි. ‘සුභො මාණවො තොදෙය්‍ය පුත්තො’ යනුවෙන්.

අඤ‍්ඤතරං මාණවකං ආමන‍්තෙසීති සත්‍ථරි පරිනිබ‍්බුතෙ “ආනන්‍දත්‍ථෙරො කිරස‍්ස පත‍්තචීවරං ගහෙත්‍වා ආගතො, මහාජනො තං දස‍්සනත්‍ථාය උපසඞ‍්කමතී”ති සුත්‍වා “විහාරං ඛො පන ගන‍්ත්‍වා මහාජනමජ‍්ඣෙ න සක‍්කා සුඛෙන පටිසන්‍ථාරං වා කාතුං, ධම‍්මකථං වා සොතුං ගෙහං ආගතංයෙව නං දිස‍්වා සුඛෙන පටිසන්‍ථාරං කරිස‍්සාමි, එකා ච මෙ කඞ‍්ඛා අත්‍ථි, තම‍්පි නං පුච‍්ඡිස‍්සාමී”ති චින‍්තෙත්‍වා අඤ‍්ඤතරං මාණවකං ආමන‍්තෙසි. අප‍්පාබාධන‍්තිආදීසු ආබාධොති විසභාගවෙදනා වුච‍්චති, යා එකදෙසෙ උප‍්පජ‍්ජිත්‍වා චත‍්තාරො ඉරියාපථෙ අයපට‍්ටෙන ආබන්‍ධිත්‍වා විය ගණ‍්හති, තස‍්සා අභාවං පුච‍්ඡාති වදති. අප‍්පාතඞ‍්කොති කිච‍්ඡජීවිතකරො රොගො වුච‍්චති, තස‍්සාපි අභාවං පුච‍්ඡාති වදති. ගිලානස‍්සෙව ච උට‍්ඨානං නාම ගරුකං හොති, කායෙ බලං න හොති, තස‍්මා නිග‍්ගෙලඤ‍්ඤභාවඤ‍්ච බලඤ‍්ච පුච‍්ඡාති වදති. ඵාසුවිහාරන‍්ති ගමනඨානනිසජ‍්ජසයනෙසු චතූසු ඉරියාපථෙසු සුඛවිහාරං පුච‍්ඡාති වදති. අථස‍්ස පුච‍්ඡිතබ‍්බාකාරං දස‍්සෙන‍්තො “සුභො”තිආදිමාහ.

සාවත්‍ථියං පටිවසති තමාගේ භෝග ග්‍රාමයෙන් පැමිණ වසයි. අඤ්ඤතරං මාණවං ආමන්තෙසි ශාස්තෲන් වහන්සේ පිරිනිවි සේක. ආනන්ද තෙරණුවෝ උන්වහන්සේගේ පාසිවුරු ගෙන පැමිණියහ. මහජනයාද එය බලනු පිණිස පැමිණෙතියි අසා විහාරයට ගොස් මහජනයා මැද සැපසේ පිළිසඳර කථාකිරීමට හෝ ධර්මකථාවක් ඇසීමට හෝ නොහැකිය. ගෙට පැමිණි උන්වහන්සේ දැක පිළිසඳර කථා කරන්නෙමි. මට එක් සැකයක් ඇත. එයද අසන්නෙමියි සිතා එක්තරා තරුණයකු ඇමතීය. අප්පාබාධං ආදී තන්හි ආබාධො යනු අසාමාන්‍ය වේදනාවයි කියනු ලැබේ. එක් තැනක හටගෙන සිව් ඉරියව්වම යකඩ පටියකින් එකට බැඳ තැබුවාක් මෙන් ගනියි. එහි අභාවය විමසවයි කියයි. අප්පාතං ඛො ජීවිතය කරදරකාරී කරන රෝගයක් යයි කියනු ලැබේ. එහි අභාවයද අසවයි කියයි. ගිලන් වූ තැනැත්තාගේ නැගිටීම බරකි. කයෙහි ශක්තිය නැත. ඒ නිසා නොගිලන් බව ගැනද ශක්තිය ගැනද අසව. ඵාසු විහාරං යාම, සිටීම, හිඳීම, නිදීම යන සිව් ඉරියව්වල සැප විහරණය ගැන අසවයි කියයි. ඉක්බිති ඔහුට ඇසිය යුතු ආකාරය දක්වන්නේ සුභ ආදිය කීය.

කාලඤ‍්ච සමයඤ‍්ච උපාදායාති කාලඤ‍්ච සමයඤ‍්ච පඤ‍්ඤාය ගහෙත්‍වා උපධාරෙත්‍වාති අත්‍ථො. සචෙ අම‍්හාකං ස‍්වෙ ගමනකාලො භවිස‍්සති, කායෙ බලමත‍්තා චෙව ඵරිස‍්සති, ගමනපච‍්චයා ච අඤ‍්ඤො අඵාසුවිහාරො න භවිස‍්සති, අථෙතං කාලඤ‍්ච ගමනකාරණසමවායසඞ‍්ඛාතං සමයඤ‍්ච උපධාරෙත්‍වා – “අපි එව නාම ස‍්වෙ ආගච‍්ඡෙය්‍යාමා”ති වුත‍්තං හොති.

කාලංච සමයංච උපාදාය කාලයද සමයද නුවණින් ගෙන සලකා බලා යන අර්ථයි. යම්හෙයකින් හෙට අපගේ යන කාලය වන්නේ නම් කයෙහි ශක්ති මාත්‍රයම පැතිරෙන්නේය. ගමන හේතුවෙන් අන් අපහසු බවක් නොවන්නේය. ඉක්බිති මේ කාලයද, ගමනෙහි හේතුවද එක්වීම් සංඛ්‍යාත සමයද සලකා බලා එසේනම් හෙට එන්නෙමුයි කියන ලද්දේ වෙයි.

චෙතකෙන භික‍්ඛුනාති චෙතිරට‍්ඨෙ ජාතත‍්තා චෙතකොති එවං ලද‍්ධනාමෙන. සම‍්මොදනීයං කථං සාරණීයන‍්ති භො, ආනන්‍ද, දසබලස‍්ස කො නාම ආබාධො අහොසි, කිං භගවා පරිභුඤ‍්ජි. අපි ච සත්‍ථු පරිනිබ‍්බානෙන තුම‍්හාකං සොකො උදපාදි, සත්‍ථා නාම න කෙවලං තුම‍්හාකංයෙව පරිනිබ‍්බුතො, සදෙවකස‍්ස ලොකස‍්ස මහාජානි, කො දානි අඤ‍්ඤො මරණා මුච‍්චිස‍්සති, යත්‍ර සො සදෙවකස‍්ස ලොකස‍්ස අග‍්ගපුග‍්ගලො පරිනිබ‍්බුතො, ඉදානි කං අඤ‍්ඤං දිස‍්වා මච‍්චුරාජා ලජ‍්ජිස‍්සතීති එවමාදිනා නයෙන මරණපටිසංයුත‍්තං සම‍්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්‍වා ථෙරස‍්ස හිය්‍යො පීතභෙසජ‍්ජානුරූපං ආහාරං දත්‍වා භත‍්තකිච‍්චාවසානෙ එකමන‍්තං නිසීදි.

චෙතකෙන භික්ඛුනා චේතිය රටෙහි උපන් බැවින් චේතක යයි ලද නම් ඇති. සම්මොදනීයං කථං සාරාණීයං භවත් ආනන්ද, දසබලධාරීන් වහන්සේට කවරනම් රෝගයක් වීද, භාග්‍යවතුන් වහන්සේ වැළඳුවේ මොනවාද, ශාස්තෲන් වහන්සේගේ පිරිනිවීම ඔබට පමණක් නොව සදේවක ලෝකයාටම මහා විපතකි. දැන් කවරෙක් මරණයෙන් මිදෙන්නේද, සදේවක ලෝකයට අග්‍ර පුද්ගලයා පිරිනිවි කල දැන් අන් කවරකු දැක මාරයා ලජ්ජා වන්නේද, ආදී ක්‍රමයෙන් මරණ ප්‍රතිසංයුක්ත සතුටු සාමීචි කථාකොට තෙරුන්වහන්සේට ඊයේ පානය කළ බෙහෙතට සුදුසු අහර දී බත්කිස අවසන එකත්පසෙක හුන්නේය.

උපට‍්ඨාකො සන‍්තිකාවචරොති උපට‍්ඨාකො හුත්‍වා සන‍්තිකාවචරො, න රන්‍ධගවෙසී. න වීමංසනාධිප‍්පායො. සමීපචාරීති ඉදං පුරිමපදස‍්සෙව වෙවචනං. යෙසං සො භවං ගොතමොති කස‍්මා පුච‍්ඡති? තස‍්ස කිර එවං අහොසි “යෙසු ධම‍්මෙසු භවං ගොතමො ඉමං ලොකං පතිට‍්ඨපෙසි, තෙ තස‍්ස අච‍්චයෙන නට‍්ඨා නු ඛො, ධරන‍්ති නු ඛො, සචෙ ධරන‍්ති, ආනන්‍දො ජානිස‍්සති, හන්‍ද නං පුච‍්ඡාමී”ති, තස‍්මා පුච‍්ඡි.

උපට්ඨාකො සන්තිකාවචරො උපස්ථායක වී ළඟ හැසිරෙන්නා සිදුරු සොයන්නේ නොවේ. සමීපචාරී මෙම පළමු පදයට සමාන පදයකි. යෙසං සො භවං ගොතමො කුමක් නිසා අසයිද? ඔහුට මෙසේ සිතිණ. භවත් ගෞතමයෝ යම් ධර්මයන්හි මේ ලෝකය පිහිටුවාහුද, ඒවා ඔහුගේ ඇවෑමෙන් නැසුණේද, පවතීද ඉදින් පවතීනම් ආනන්ද දන්නේය. ඔහුගෙන් අසමි. ඒ නිසා අසයි.

අථස‍්ස ථෙරො තීණි පිටකානි තීහි ඛන්‍ධෙහි සඞ‍්ගහෙත්‍වා දස‍්සෙන‍්තො “තිණ‍්ණං ඛො”තිආදිමාහ. මාණවො සඞ‍්ඛිත‍්තෙන කථිතං අසල‍්ලක‍්ඛෙන‍්තො – “විත්‍ථාරතො පුච‍්ඡිස‍්සාමී”ති චින‍්තෙත්‍වා “කතමෙසං තිණ‍්ණ”න‍්තිආදිමාහ.

ඉක්බිති තෙරණුවෝ තුන්පිටකය ඛන්ධයන් සමග සංග්‍රහ කොට දක්වන්නාහු තිණ්ණං ඛො ආදිය කීහ. තරුණයා කෙටියෙන් කියූ දෙය නොසලකන්නේ විස්තර වශයෙන් අසන්නෙමියි සිතා කතමෙඝ තිණ්ණං ආදිය කීය.

සීලක‍්ඛන්‍ධවණ‍්ණනා

තතො ථෙරෙන “අරියස‍්ස සීලක‍්ඛන්‍ධස‍්සා”ති තෙසු දස‍්සිතෙසු පුන “කතමො පන සො, භො ආනන්‍ද, අරියො සීලක‍්ඛන්‍ධො”ති එකෙකං පුච‍්ඡි. ථෙරොපිස‍්ස බුද‍්ධුප‍්පාදං දස‍්සෙත්‍වා තන‍්තිධම‍්මං දෙසෙන‍්තො අනුක‍්කමෙන භගවතා වුත‍්තනයෙනෙව සබ‍්බං විස‍්සජ‍්ජෙසි. තත්‍ථ අත්‍ථි චෙවෙත්‍ථ උත‍්තරිකරණීයන‍්ති එත්‍ථ භගවතො සාසනෙ න සීලමෙව සාරො, කෙවලඤ‍්හෙතං පතිට‍්ඨාමත‍්තමෙව හොති. ඉතො උත‍්තරි පන අඤ‍්ඤම‍්පි කත‍්තබ‍්බං අත්‍ථි යෙවාති දස‍්සෙසි. ඉතො බහිද‍්ධාති බුද‍්ධසාසනතො බහිද‍්ධා.

ඉන්පසු තෙරුන් විසින් අරියස්ස සීලක්ඛන්‍ධස්ස යනුවෙන් ඒවා දැක්වූ කල්හි නැවත ‘භවත් ආනන්ද, කිමෙක්ද ඒ ආර්ය ශීලස්කන්ධය? යැයි එකඑකක් ඇසීය. තෙරණුවෝද බුද්ධෝත්පාදය දක්වා ත්‍රිපිටක ධර්මය දේශනා කරන්නාහු අනුක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ කියන ලද ක්‍රමයෙන්ම සියල්ල විසඳාලූහ. එහි අත්‍ථි චෙවෙත්‍ථ උත්තරිං කරණීයං මෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි සීලය පමණක් හරය නොවේ. ඉන් මත්තෙහි තවත් කළයුත්තක් ඇත්තේම යයි දක්වයි. ඉතො බහිද්ධා බුදු සසුනින් බාහිර.

සමාධික‍්ඛන්‍ධවණ‍්ණනා

කථඤ‍්ච, මාණව, භික‍්ඛු ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො හොතීති ඉදමායස‍්මා ආනන්‍දො “කතමො පන සො, භො ආනන්‍ද, අරියො සමාධික‍්ඛන්‍ධො”ති එවං සමාධික‍්ඛන්‍ධං පුට‍්ඨොපි යෙ තෙ “සීලසම‍්පන‍්නො ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො සන‍්තුට‍්ඨො”ති එවං සීලානන‍්තරං ඉන්‍ද්‍රියසංවරාදයො සීලසමාධීනං අන‍්තරෙ උභින‍්නම‍්පි උපකාරකධම‍්මා උද‍්දිට‍්ඨා, තෙ නිද‍්දිසිත්‍වා සමාධික‍්ඛන්‍ධං දස‍්සෙතුකාමො ආරභි. එත්‍ථ ච රූපජ‍්ඣානානෙව ආගතානි, න අරූපජ‍්ඣානානි, ආනෙත්‍වා පන දීපෙතබ‍්බානි. චතුත්‍ථජ‍්ඣානෙන හි අසඞ‍්ගහිතා අරූපසමාපත‍්ති නාම නත්‍ථියෙව.

කථඤ්ච මාණව භික්ඛු ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො හොති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භවත් ආනන්ද කුමක් ඒ සමාධි ස්කන්ධයයි මෙසේ සමාධි ස්කන්ධය විමසනු ලැබුවේද යමෙක් සීල සම්පන්න වූයේ ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇත්තේ සති සම්ප්‍රජානනයෙන් යුක්ත වූයේ සතුටු වූයේ යයි මෙසේ ශීලයන්ට අන්තර්ගත වූ ඉන්‍ද්‍රිය සංවර ආදිය, ශීල සමාධීන් අතර දෙකටම උපකාරී වූ ධර්මයක් උදෙසන ලදි. ඒවා නිර්දේශකොට සමාධි ස්කන්ධය දක්වනු කැමැත්තේ ආරම්භ කළහ. මෙහිද රූපධ්‍යාන ආදියම ආයේය. අරූපධ්‍යාන නොවේ. ගෙනවුත් පැහැදිලි කළයුතුය. චතුර්ථධ්‍යානය සමග සංග්‍රහ නොවූ අරූප සමාපත්තියක් නම් නැත.

අත්‍ථි චෙවෙත්‍ථ උත‍්තරිකරණීයන‍්ති එත්‍ථ භගවතො සාසනෙ න චිත‍්තෙකග‍්ගතාමත‍්තකෙනෙව පරියොසානප‍්පත‍්ති නාම අත්‍ථි, ඉතොපි උත‍්තරි පන අඤ‍්ඤං කත‍්තබ‍්බං අත්‍ථි යෙවාති දස‍්සෙති. නත්‍ථි චෙවෙත්‍ථ උත‍්තරිකරණීයන‍්ති එත්‍ථ භගවතො සාසනෙ ඉතො උත‍්තරි කාතබ‍්බං නාම නත්‍ථියෙව, අරහත‍්තපරියොසානඤ‍්හි භගවතො සාසනන‍්ති දස‍්සෙති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

අත්‍ථිචෙවත්‍ථ උත්තරිං මෙහිද භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි චිත්තෙකාග්‍රතා මාත්‍රයෙන්ම අවසානයට පැමිණීමක් නැත. එයිනුත් මත්තෙහි කළයුතු තවත් දෙයක් ඇත්තේම යයි දක්වයි. නත්‍ථිචෙවත්‍ථ උත්තරිං කරණීයං මෙහිද භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි එයිනුත් මත්තෙහි කළයුත්තක් නම් නැත්තේමය. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය රහත්බව කෙළවරකොට ඇත්තේයයි දක්වයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අරුත් ඇත්තේමය.

ඉති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථායං සුභසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සුභ සූත්‍ර වර්ණනාව නිමියේ ය.