යෙදුමෙන් කියවන්න

11. කෙවට‍්ටසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

11. කෙවට‍්ටසුත‍්තවණ‍්ණනා

11. කෙවට්ට සූත්‍ර වර්ණනාව

කෙවට‍්ටගහපතිපුත‍්තවත්‍ථුවණ‍්ණනා

එවං මෙ සුතං…පෙ… නාළන්‍දායන‍්ති කෙවට‍්ටසුත‍්තං. තත්‍රායං අපුබ‍්බපදවණ‍්ණනා. පාවාරිකම‍්බවනෙති පාවාරිකස‍්ස අම‍්බවනෙ. කෙවට‍්ටොති ඉදං තස‍්ස ගහපතිපුත‍්තස‍්ස නාමං. සො කිර චත‍්තාලීසකොටිධනො ගහපතිමහාසාලො අතිවිය සද‍්ධො පසන‍්නො අහොසි. සො සද‍්ධාධිකත‍්තායෙව “සචෙ එකො භික‍්ඛු අඩ‍්ඪමාසන‍්තරෙන වා මාසන‍්තරෙන වා සංවච‍්ඡරෙන වා ආකාසෙ උප‍්පතිත්‍වා විවිධානි පාටිහාරියානි දස‍්සෙය්‍ය, සබ‍්බො ජනො අතිවිය පසීදෙය්‍ය. යංනූනාහං භගවන‍්තං යාචිත්‍වා පාටිහාරියකරණත්‍ථාය එකං භික‍්ඛුං අනුජානාපෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එවමාහ.

එවං මෙ සුතං -පෙ- නාලන්‍දාය යනු කේවට්ට සූත්‍රයයි. මේ එහි ගැඹුරුපද වර්ණනාවයි. පාවාරිකම්බවනෙ පාවාරිකගේ අඹවනයෙහි. කෙවට්ටො මෙය ඒ ගෘහපති පුත්‍රයාගේ නමයි. ඔහු සතළිස් සතර කෝටියක් ධන ඇති අතිශයින් ශ්‍රද්ධාසම්පන්න ගෘහපති මහා සාලයෙක් විය. ඔහු ශ්‍රද්ධාව අධික බැවින්ම ඉදින් එක් භික්‍ෂුවක් අඩමසකට වරක් හෝ මාසයකට වරක් හෝ අවුරුද්දකට වරක් අහසට පැන නැගී විවිධ ප්‍රාතිහාර්ය දක්වන්නේ නම්, සියලු ජනයා අතිශයින් පැහැදෙනු ඇත. මම භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා ප්‍රාතිහාර්ය දැක්වීම සඳහා එක් භික්‍ෂුවක් අනුදන්වා ගන්නෙමි නම් මැනවැයි සිතා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙසේ කීය.

තත්‍ථ ඉද‍්ධාති සමිද‍්ධා ඵීතාති නානාභණ‍්ඩඋස‍්සන‍්නතාය වුද‍්ධිප‍්පත‍්තා. ආකිණ‍්ණමනුස‍්සාති අංසකූටෙන අංසකූටං පහරිත්‍වා විය විචරන‍්තෙහි මනුස‍්සෙහි ආකිණ‍්ණා. සමාදිසතූති ආණාපෙතු ඨානන‍්තරෙ ඨපෙතු. උත‍්තරිමනුස‍්සධම‍්මාති උත‍්තරිමනුස‍්සානං ධම‍්මතො, දසකුසලසඞ‍්ඛාතතො වා මනුස‍්සධම‍්මතො උත‍්තරි. භිය්‍යොසොමත‍්තායාති පකතියාපි පජ‍්ජලිතපදීපො තෙලස‍්නෙහං ලභිත්‍වා විය අතිරෙකප‍්පමාණෙන අභිප‍්පසීදිස‍්සති. න ඛො අහන‍්ති භගවා රාජගහසෙට‍්ඨිවත්‍ථුස‍්මිං සික‍්ඛාපදං පඤ‍්ඤපෙසි, තස‍්මා “න ඛො අහ”න‍්තිආදිමාහ.

එහි ඉද්ධා යනු සමෘද්ධිමත්. ඵීතා නොයෙක් භාණ්ඩ බෙහෙවින් ඇති බැවින් අභිවෘද්ධියට පත්. ආකිණ්ණ මනුස්සා උරෙනුර පැහැර හැසිරෙන්නාක් මෙන් මිනිසුන්ගෙන් ආකීර්ණ වූ. සමාදියතු අණකරනු මැනවි. තනතුරෙහි තබනු මැනවි. උත්තරිමනුස්ස ධම්මා උසස් මනුෂ්‍යයන්ගේ ස්වභාවයෙන් හෝ දශකුශල සංඛ්‍යාතයෙන් හෝ මනුෂ්‍ය ධර්මයෙන් උසස්. භිය්‍යොසොමත්තාය ප්‍රකෘතියෙන්ම දැල්වෙන පහන තෙල් වත් කිරීමක් ලැබ මෙන් අතිරේක ප්‍රමාණයෙන් අතිශයින් පැහැදෙන්නේය. නඛො අහං භාග්‍යවතුන් වහන්සේ රජගහ සිටුවරයාගේ කථාවෙහි ශික්‍ෂාපදයක් පැනවූ සේක.

න ධංසෙමීති න ගුණවිනාසනෙන ධංසෙමි, සීලභෙදං පාපෙත්‍වා අනුපුබ‍්බෙන උච‍්චට‍්ඨානතො ඔතාරෙන‍්තො නීචට‍්ඨානෙ න ඨපෙමි, අථ ඛො අහං බුද‍්ධසාසනස‍්ස වුද‍්ධිං පච‍්චාසීසන‍්තො කථෙමීති දස‍්සෙති. තතියම‍්පි ඛොති යාවතතියං බුද‍්ධානං කථං පටිබාහිත්‍වා කථෙතුං විසහන‍්තො නාම නත්‍ථි. අයං පන භගවතා සද‍්ධිං විස‍්සාසිකො විස‍්සාසං වඩ‍්ඪෙත්‍වා වල‍්ලභො හුත්‍වා අත්‍ථකාමොස‍්මීති තික‍්ඛත‍්තුං කථෙසි.

ධංසෙමි ගුණ වනසන විනාශයෙන් විනාශ කරමි. ශීලභේදයට පමුණුවා පිළිවෙලින් උස්තැන සිට බස්සවා පහත් තැනක තබමි. බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධිය අපේක්‍ෂා කරන්නේ කියමියි දක්වයි. තතියම්පි ඛො තෙවරක් බුදුවරුන්ගේ කථාව බැහැරකොට කියන්ට උත්සාහ කරන්නෙක් නම් නැත. මොහු භාග්‍යවතුන් වහන්සේ සමග විශ්වාසවන්තයෙකි. විශ්වාසය වර්ධනය කොට වල්ලභයෙක්ව යහපත කැමැත්තෙක්මියි තෙවරක් කීය.

ඉද‍්ධිපාටිහාරියවණ‍්ණනා

අථ භගවා අයං උපාසකො මයි පටිබාහන‍්තෙපි පුනප‍්පුනං යාචතියෙව. “හන්‍දස‍්ස පාටිහාරියකරණෙ ආදීනවං දස‍්සෙමී”ති චින‍්තෙත්‍වා “තීණි ඛො”තිආදිමාහ. තත්‍ථ අමාහං භික‍්ඛුන‍්ති අමුං අහං භික‍්ඛුං. ගන්‍ධාරීති ගන්‍ධාරෙන නාම ඉසිනා කතා, ගන්‍ධාරරට‍්ඨෙ වා උප‍්පන‍්නා විජ‍්ජා. තත්‍ථ කිර බහූ ඉසයො වසිංසු, තෙසු එකෙන කතා විජ‍්ජාති අධිප‍්පායො. අට‍්ටීයාමීති අට‍්ටො පීළිතො විය හොමි. හරායාමීති ලජ‍්ජාමි. ජිගුච‍්ඡාමීති ගූථං දිස‍්වා විය ජිගුච‍්ඡං උප‍්පාදෙමි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ උපාසකයා මා බැහැරකරන කල්හිත් නැවත නැවත ඉල්ලා සිටින්නේමය. ඔහුට ප්‍රාතිහාර්ය කිරීමෙහි ආදීනවය පෙන්වන්නෙමියි සිතා තීණිකො ආදිය කී සේක. එහි අමාහං භික්ඛුං මම අසුවල් භික්‍ෂුව. ගන්‍ධාරී ගන්ධාර නම් සෘෂිවරයා විසින් කරන ලද. ගන්ධාර රටෙහි උපන් විද්‍යාව. එහි බොහෝ සෘෂිවරු විසූහ. ඔවුන්ගෙන් එක් අයකු කළ විද්‍යාව යන අදහසයි. අට්ටියාමි. වේදනාවෙන් පෙළුණේ මෙන් වෙමි. හරායාමි ලජ්ජා වෙමි. ජිගුච්ඡාමි අසූචි දැක මෙන් පිළිකුල උපදවමි.

ආදෙසනාපාටිහාරියවණ‍්ණනා

පරසත‍්තානන‍්ති අඤ‍්ඤෙසං සත‍්තානං. දුතියං තස‍්සෙව වෙවචනං. ආදිසතීති කථෙති. චෙතසිකන‍්ති සොමනස‍්සදොමනස‍්සං අධිප‍්පෙතං. එවම‍්පි තෙ මනොති එවං තව මනො සොමනස‍්සිතො වා දොමනස‍්සිතො වා කාමවිතක‍්කාදිසම‍්පයුත‍්තො වා. දුතියං තස‍්සෙව වෙවචනං. ඉතිපි තෙ චිත‍්තන‍්ති ඉති තව චිත‍්තං, ඉදඤ‍්චිදඤ‍්ච අත්‍ථං චින‍්තයමානං පවත‍්තතීති අත්‍ථො. මණිකා නාම විජ‍්ජාති චින‍්තාමණීති එවං ලද‍්ධනාමා ලොකෙ එකා විජ‍්ජා අත්‍ථි. තාය පරෙසං චිත‍්තං ජානාතීති දීපෙති.

පරසන්තානං අන්‍යයන්ගේ සන්තානය. දෙවැන්න එයටම සමාන වචනයකි. ආදිසති කියයි. චෙතසිකං දොම්නස සොම්නස අදහස් කරන ලදි. එවම්පිතෙ මනො මෙසේ ඔබගේ සිත සොම්නස් වූයේද දොම්නස් වූයේද හෝ කාම විතර්ක ආදියෙන් යුක්ත වූයේද. දෙවැන්න එයටම සමාන වචනයකි. ඉතිපි චෙ චිත්තං මෙසේ ඔබගේ සිත මේ මේ අර්ථය ගැන සිතමින් පවතී යන අර්ථයි. මණිකා නාම විජ්ජා චින්තාමණි යනුවෙන් මෙසේ ලද නම් ඇති එක් විද්‍යාවක් ලෝකයෙහි ඇත. එයින් අනුන්ගේ සිත් දනී යයි දක්වයි. එවං විතක්කෙථ මෙසේ නෛෂ්ක්‍රම්‍ය විතර්ක ආදිය පවත්වමින් විතර්ක කරන්නහු.

අනුසාසනීපාටිහාරියවණ‍්ණනා

එවං විතක‍්කෙථාති නෙක‍්ඛම‍්මවිතක‍්කාදයො එවං පවත‍්තෙන‍්තා විතක‍්කෙථ. මා එවං විතක‍්කයිත්‍ථාති එවං කාමවිතක‍්කාදයො පවත‍්තෙන‍්තා මා විතක‍්කයිත්‍ථ. එවං මනසි කරොථාති එවං අනිච‍්චසඤ‍්ඤමෙව, දුක‍්ඛසඤ‍්ඤාදීසු වා අඤ‍්ඤතරං මනසි කරොථ. මා එවන‍්ති “නිච‍්ච”න‍්තිආදිනා නයෙන මා මනසි කරිත්‍ථ. ඉදන‍්ති ඉදං පඤ‍්චකාමගුණිකරාගං පජහථ. ඉදං උපසම‍්පජ‍්ජාති ඉදං චතුමග‍්ගඵලප‍්පභෙදං ලොකුත‍්තරධම‍්මමෙව උපසම‍්පජ‍්ජ පාපුණිත්‍වා නිප‍්ඵාදෙත්‍වා විහරථ. ඉති භගවා ඉද‍්ධිවිධං ඉද‍්ධිපාටිහාරියන‍්ති දස‍්සෙති, පරස‍්ස චිත‍්තං ඤත්‍වා කථනං ආදෙසනාපාටිහාරියන‍්ති. සාවකානඤ‍්ච බුද‍්ධානඤ‍්ච සතතං ධම‍්මදෙසනා අනුසාසනීපාටිහාරියන‍්ති.

එවං විතක්කෙයිත්‍ථ මෙසේ කාමවිතර්ක ආදිය පවත්වමින් විතර්ක නොකරන්නාහු. එවං මනසිකරොථ මෙසේ අනිත්‍ය සංඥාවම දුක්ඛ සඤ්ඤා ආදීන් අතරින් එකක් මෙනෙහි කරහු. මාඑවං නිත්‍යය ආදී ක්‍රමයෙන් මෙනෙහි නොකරනු. මෙයැයි මේ පංචගුණ රාගය අත්හරිනු. ඉදං උපසම්පජ්ජ මේ චතුර්මාර්ගඵල භේද ඇති ලෝකෝත්තර ධර්මයටම එළඹ පැමිණ, එයම නිපදවා වසනු. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඉද්ධිවිධ ප්‍රාතිහාර්ය යයි දක්වන සේක. අනුන් සිත දැන කීම ආදේසනා ප්‍රාතිහාර්ය යැයි ද ශ්‍රාවකයන්ගේද බුදුවරුන්ගේ ද නිරතුරු ධර්මදේශනාව අනුසාසනී ප්‍රාතිහාර්යයැයි ද

තත්‍ථ ඉද‍්ධිපාටිහාරියෙන අනුසාසනීපාටිහාරියං මහාමොග‍්ගල‍්ලානස‍්ස ආචිණ‍්ණං, ආදෙසනාපාටිහාරියෙන අනුසාසනීපාටිහාරියං ධම‍්මසෙනාපතිස‍්ස. දෙවදත‍්තෙ සංඝං භින්‍දිත්‍වා පඤ‍්ච භික‍්ඛුසතානි ගහෙත්‍වා ගයාසීසෙ බුද‍්ධලීළාය තෙසං ධම‍්මං දෙසන‍්තෙ හි භගවතා පෙසිතෙසු ද‍්වීසු අග‍්ගසාවකෙසු ධම‍්මසෙනාපති තෙසං චිත‍්තාචාරං ඤත්‍වා ධම‍්මං දෙසෙසි, ථෙරස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා පඤ‍්චසතා භික‍්ඛූ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු. අථ නෙසං මහාමොග‍්ගල‍්ලානො විකුබ‍්බනං දස‍්සෙත්‍වා දස‍්සෙත්‍වා ධම‍්මං දෙසෙසි, තං සුත්‍වා සබ‍්බෙ අරහත‍්තඵලෙ පතිට‍්ඨහිංසු. අථ ද‍්වෙපි මහානාගා පඤ‍්ච භික‍්ඛුසතානි ගහෙත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා වෙළුවනමෙවාගමිංසු. අනුසාසනීපාටිහාරියං පන බුද‍්ධානං සතතං ධම‍්මදෙසනා, තෙසු ඉද‍්ධිපාටිහාරියආදෙසනාපාටිහාරියානි සඋපාරම‍්භානි සදොසානි, අද‍්ධානං න තිට‍්ඨන‍්ති, අද‍්ධානං අතිට‍්ඨනතො න නිය්‍යන‍්ති. අනුසාසනීපාටිහාරියං අනුපාරම‍්භං නිද‍්දොසං, අද‍්ධානං තිට‍්ඨති, අද‍්ධානං තිට‍්ඨනතො නිය්‍යාති. තස‍්මා භගවා ඉද‍්ධිපාටිහාරියඤ‍්ච ආදෙසනාපාටිහාරියඤ‍්ච ගරහති, අනුසාසනීපාටිහාරියංයෙව පසංසති.

මහා මොග්ගල්ලාන තෙරුන්ට පුරුදු අනුසාසනී ප්‍රාතිහාර්යයැයිද ධර්ම සේනාපති තෙරුන්ගේ ආදේසනා ප්‍රාතිහාර්යයෙන් අනුසාසනී ප්‍රාතිහාර්යයෙන් අනුසාසනී ප්‍රාතිහාර්යය දක්වයි. දෙව්දත් සංඝභේදය කොට පන්සියයක් භික්‍ෂූන් ගෙන ගයා ශීර්ෂයෙහි බුද්ධ ලීලාවෙන් ඔවුන්ට ධර්මය දේශනාකරන කල්හිද භාග්‍යවතුන් වහන්සේ විසින් යවන ලද අගසවු දෙනමගේ ධර්ම සේනාපති තෙරණුවෝ ඔවුන්ගේ චිත්තාවාරය දැන ධර්මය දේශනා කළහ. තෙරුන්ගේ ධර්ම දේශනාව අසා පන්සියයක් භික්‍ෂූහු සේවාන් පෙලෙහි පිහිටියාහුය. ඉක්බිති ඔවුන්ට මහ මුගලන් තෙරණුවෝ විකුර්වණය දක්ව දක්වා ධර්මය දෙසූහ. එය අසා සියල්ලෝ රහත් පෙලෙහි පිහිටියාහුය. ඉක්බිති මහා නාගයෝ දෙනම පන්සියයක් භික්‍ෂූන් රැගෙන අහසට පැන නැගී වේළුවනයටම වැඩියාහුය. අනුසාසනී ප්‍රාතිහාර්යය වනාහි බුදුවරුන්ගේ නිරන්තර ධර්මදේශනාවය. ඔවුන් අතරින් සෘද්ධි ප්‍රාතිහාර්යය සහ ආදේසනා ප්‍රාතිහාර්යය උපාරවන සහිතය. දොස් සහිතය. දිගුකලක් නොසිටී. දිගුකලක් නොසිටිනා බැවින් ඉදිරියට නොයයි. අනුසාසනී ප්‍රාතිහාර්යය උපාරම්භ රහිතය. නිදොස්ය. බොහෝ කලක් සිටී. බොහෝ කලක් සිටිනා බැවින් ඉදිරියට යයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්යයද ආදේශනා ප්‍රාතිහාර්යය ද ගරහන සේක. අනුසාසනී ප්‍රාතිහාර්යය පමණක් ප්‍රශංසා කරන සේක.

භූතනිරොධෙසකවත්‍ථුවණ‍්ණනා

භූතපුබ‍්බන‍්ති ඉදං කස‍්මා භගවතා ආරද‍්ධං. ඉද‍්ධිපාටිහාරියආදෙසනාපාටිහාරියානං අනිය්‍යානිකභාවදස‍්සනත්‍ථං, අනුසාසනීපාටිහාරියස‍්සෙව නිය්‍යානිකභාවදස‍්සනත්‍ථං. අපි ච සබ‍්බබුද‍්ධානං මහාභූතපරියෙසකො නාමෙකො භික‍්ඛු හොතියෙව. යො මහාභූතෙ පරියෙසන‍්තො යාව බ්‍රහ‍්මලොකා විචරිත්‍වා විස‍්සජ‍්ජෙතාරං අලභිත්‍වා ආගම‍්ම බුද‍්ධමෙව පුච‍්ඡිත්‍වා නික‍්කඞ‍්ඛො හොති. තස‍්මා බුද‍්ධානං මහන‍්තභාවප‍්පකාසනත්‍ථං, ඉදඤ‍්ච කාරණං පටිච‍්ඡන‍්නං, අථ නං විවටං කත්‍වා දෙසෙන‍්තොපි භගවා “භූතපුබ‍්බ”න‍්තිආදිමාහ.

භූතපුබ්බං මෙය කුමක් හෙයින් අරඹන ලද්දේ ද? සෘද්ධි ප්‍රාතිහාර්යයෙහි හා ආදේසනා ප්‍රාතිහාර්යයෙහි අනෛර්යාණික බව දැක්වීම පිණිසය. එසේ වුවත් සියලු බුදුවරුන්ට මහාභූත පරියෙසක නම් එක් භික්‍ෂුවක් සිටීමය. හේ මහාභූතයන් පර්යේෂණය කරන්නේ බඹලොව තෙක් හැසිර විසඳන අයකු නොලැබ අවුත් බුදුවරුන්ම විචාරා නිසැක වෙයි. කුමක් හෙයින්ද යත්, බුදුවරුන්ගේ මහත් බව දක්වනු පිණිසය. මේ කරුණ සැඟවී තිබෙන්නකි. ඉක්බිති එය විවරකොට දක්වන සේක් භාග්‍යවතුන් වහන්සේ භූතපුබ්බං ආදිය කී සේක.

තත්‍ථ කත්‍ථ නු ඛොති කිස‍්මිං ඨානෙ කිං ආගම‍්ම කිං පත‍්තස‍්ස තෙ අනවසෙසා අප‍්පවත‍්තිවසෙන නිරුජ‍්ඣන‍්ති. මහාභූතකථා පනෙසා සබ‍්බාකාරෙන විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තා, තස‍්මා සා තතොව ගහෙතබ‍්බා.

එහි කත්‍ථනුඛො කවර තැනෙක්හි කුමක් නිසා පැමිණ, කුමක් නිසා ආ. ඒවා නිරවශේෂයෙන් නොපවත්නා වශයෙන් නිරුද්ධ වේ. මේ මහාභූත කථාව සර්වාකාරයෙන් විශුද්ධි මාර්ගයෙහි කියන ලදි. ඒ නිසා එය එතැනින් ම ගතයුතුය.

දෙවයානියො මග‍්ගොති පාටියෙක‍්කො දෙවලොකගමනමග‍්ගො නාම නත්‍ථි, ඉද‍්ධිවිධඤාණස‍්සෙව පනෙතං අධිවචනං. තෙන හෙස යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙන‍්තො දෙවලොකං යාති. තස‍්මා “තං දෙවයානියො මග‍්ගො”ති වුත‍්තං. යෙන චාතුමහාරාජිකාති සමීපෙ ඨිතම‍්පි භගවන‍්තං අපුච‍්ඡිත්‍වා ධම‍්මතාය චොදිතො දෙවතා මහානුභාවාති මඤ‍්ඤමානො උපසඞ‍්කමි. මයම‍්පි ඛො, භික‍්ඛු, න ජානාමාති බුද‍්ධවිසයෙ පඤ‍්හං පුච‍්ඡිතා දෙවතා න ජානන‍්ති, තෙනෙවමාහංසු. අථ ඛො සො භික‍්ඛු “මම ඉමං පඤ‍්හං න කථෙතුං න ලබ‍්භා, සීඝං කථෙථා”ති තා දෙවතා අජ‍්ඣොත්‍ථරති, පුනප‍්පුනං පුච‍්ඡති, තා “අජ‍්ඣොත්‍ථරති නො අයං භික‍්ඛු, හන්‍ද නං හත්‍ථතො මොචෙස‍්සාමා”ති චින‍්තෙත්‍වා “අත්‍ථි ඛො භික‍්ඛු චත‍්තාරො මහාරාජානො”තිආදිමාහංසු. තත්‍ථ අභික‍්කන‍්තතරාති අතික‍්කම‍්ම කන‍්තතරා. පණීතතරාති වණ‍්ණයසඉස‍්සරියාදීහි උත‍්තමතරා එතෙන නයෙන සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

දෙවයානියො මග්ගො දෙව්ලොවට යන තනි මගක් නම් නැත. ඉද්ධිවිධ ඤාණයට මෙය තවත් වචනයකි. ඒ නිසා මෙය බඹලොව තෙක් කයින් වශයෙහි පවතින්නේ දෙව්ලොව යයි. ඒ නිසා එය දෙවයානියො මග්ගො යයි කියන ලදි. යෙන චාතුම්මහා රාජිකා සමීපයෙහි සිටියා වූද, භාග්‍යවතුන් වහන්සේ නොවිමසා ස්වභාවයෙන් චෝදනා කරන ලද්දේ දේවතාවෝ මහානුභාව ඇත්තෝ යයි එළඹියේය. මයංහිඛො භික්ඛු නජානාම බුද්ධවිෂය පිළිබඳ ප්‍රශ්න අසනු ලැබූ දෙවියෝ නොදනිති. එහෙයින් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂුව මට මේ ප්‍රශ්නය නොකියන්ට නොලැබෙයි. වහා කියන්නැයි දේවතාවා ආවරණය කරයි. නැවත නැවත අසයි. දේවතාවා ආවරණය කරයි. මේ භික්‍ෂුව නොවේ. ඔහු අතින් මුදමුයි සිතා ‘භික්‍ෂුව සිව්මහ රජවරු ඇතැයි ආදිය කීහ. එහි අභික්කන්තතරා වඩා කාන්ත බව ඉක්මවා. පණීතතරා වර්ණ යසස් ඓශ්වර්ය ආදියෙන් වඩා උතුම්. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්ථය දතයුතුය.

අයං පන විසෙසො – සක‍්කො කිර දෙවරාජා චින‍්තෙසි “අයං පඤ‍්හො බුද‍්ධවිසයො, න සක‍්කා අඤ‍්ඤෙන විස‍්සජ‍්ජිතුං, අයඤ‍්ච භික‍්ඛු අග‍්ගිං පහාය ඛජ‍්ජොපනකං ධමන‍්තො විය, භෙරිං පහාය උදරං වාදෙන‍්තො විය ච, ලොකෙ අග‍්ගපුග‍්ගලං සම‍්මාසම‍්බුද‍්ධං පහාය දෙවතා පුච‍්ඡන‍්තො විචරති, පෙසෙමි නං සත්‍ථුසන‍්තික”න‍්ති. තතො පුනදෙව සො චින‍්තෙසි “සුදූරම‍්පි ගන‍්ත්‍වා සත්‍ථු සන‍්තිකෙව නික‍්කඞ‍්ඛො භවිස‍්සති. අත්‍ථි චෙව පුග‍්ගලො නාමෙස, ථොකං තාව ආහිණ‍්ඩන‍්තො කිලමතු පච‍්ඡා ජානිස‍්සතී”ති. තතො තං “අහම‍්පි ඛො”තිආදිමාහ.

මේ විශේෂයයි. ශක්‍ර දේවරාජයා මෙසේ සිතීය. මේ ප්‍රශ්නය බුද්ධ විෂයට අයත්ය. අන්‍යයකු විසින් විසඳන්ට නොහැකිය. මේ භික්‍ෂුව ගිනි අත්හැර කදෝපැණියකු පිඹින්නාක් මෙන්ද බෙරය අත්හැර උදරය වයන්නාක් මෙන්ද ලෝකයෙහි අග්‍ර පුද්ගලයා වූ සම්බුදුන් අත්හැර දේවතාවන් විචාරමින් හැසිරේ. මොහු ශාස්තෲන් සමීපයට යවමි. ඉන්පසු නැවතත් මෙසේ සිතීය. බොහෝදුරක් ගොස් හෝ ශාස්තෲන් සමීපයෙන්ම නිශ්ශංක වන්නේය. මොහු ඇට වේවලන පුද්ගලයෙකි. මඳක් ඇවිදින්නේ වෙහෙස වේවා. පසුව දැනගන්නේ යයි ඉන්පසු ඔහුට ‘අහම්පි ඛො’ ආදිය කීය.

බ්‍රහ‍්මයානියොපි දෙවයානියසදිසොව. දෙවයානියමග‍්ගොති වා බ්‍රහ‍්මයානියමග‍්ගොති වා ධම‍්මසෙතූති වා එකචිත‍්තක‍්ඛණිකඅප‍්පනාති වා සන‍්නිට‍්ඨානිකචෙතනාති වා මහග‍්ගතචිත‍්තන‍්ති වා අභිඤ‍්ඤාඤාණන‍්ති වා සබ‍්බමෙතං ඉද‍්ධිවිධඤාණස‍්සෙව නාමං.

[missing trans]

පුබ‍්බනිමිත‍්තන‍්ති ආගමනපුබ‍්බභාගෙ නිමිත‍්තං සූරියස‍්ස උදයතො අරුණුග‍්ගං විය. තස‍්මා ඉදානෙව බ්‍රහ‍්මා ආගමිස‍්සති, එවං මයං ජානාමාති දීපයිංසු. පාතුරහොසීති පාකටො අහොසි. අථ ඛො සො බ්‍රහ‍්මා තෙන භික‍්ඛුනා පුට‍්ඨො අත‍්තනො අවිසයභාවං ඤත්‍වා සචාහං “න ජානාමී”ති වක‍්ඛාමි, ඉමෙ මං පරිභවිස‍්සන‍්ති, අථ ජානන‍්තො විය යං කිඤ‍්චි කථෙස‍්සාමි, අයං මෙ භික‍්ඛු වෙය්‍යාකරණෙන අනාරද‍්ධචිත‍්තො වාදං ආරොපෙස‍්සති. “අහමස‍්මි භික‍්ඛු බ්‍රහ‍්මා”තිආදීනි පන මෙ භණන‍්තස‍්ස න කොචි වචනං සද‍්දහිස‍්සති. යංනූනාහං වික‍්ඛෙපං කත්‍වා ඉමං භික‍්ඛුං සත්‍ථුසන‍්තිකංයෙව පෙසෙය්‍යන‍්ති චින‍්තෙත්‍වා “අහමස‍්මි භික‍්ඛු බ්‍රහ‍්මා”තිආදිමාහ.

[missing trans]

එකමන‍්තං අපනෙත්‍වාති කස‍්මා එවමකාසි? කුහකත‍්තා. බහිද‍්ධා පරියෙට‍්ඨින‍්ති තෙලත්‍ථිකො වාලිකං නිප‍්පීළියමානො විය යාව බ්‍රහ‍්මලොකා බහිද‍්ධා පරියෙසනං ආපජ‍්ජති.

එකමන්තං අපනෙත්‍වා කුමක් නිසා මෙසේ කෙළේද? කුහක බැවින්. බහිද්ධා පරියෙට්ඨි තෙලින් ප්‍රයෝජන ඇත්තකු වැලි මිරිකන්නාක් මෙන් බඹලොව තෙක් පිටත සෙවීමට පැමිණේ.

සකුණන‍්ති කාකං වා කුලලං වා. න ඛො එසො, භික‍්ඛු, පඤ‍්හො එවං පුච‍්ඡිතබ‍්බොති ඉදං භගවා යස‍්මා පදෙසෙනෙස පඤ‍්හො පුච‍්ඡිතබ‍්බො, අයඤ‍්ච ඛො භික‍්ඛු අනුපාදින‍්නකෙපි ගහෙත්‍වා නිප‍්පදෙසතො පුච‍්ඡති, තස‍්මා පටිසෙධෙති. ආචිණ‍්ණං කිරෙතං බුද‍්ධානං, පුච‍්ඡාමූළ‍්හස‍්ස ජනස‍්ස පුච‍්ඡාය දොසං දස‍්සෙත්‍වා පුච‍්ඡං සික‍්ඛාපෙත්‍වා පුච‍්ඡාවිස‍්සජ‍්ජනං. කස‍්මා? පුච‍්ඡිතුං අජානිත්‍වා පරිපුච‍්ඡන‍්තො දුවිඤ‍්ඤාපයො හොති. පඤ‍්හං සික‍්ඛාපෙන‍්තො පන “කත්‍ථ ආපො චා”තිආදිමාහ.

සකුණං කපුටකු හෝ උකුස්සකු හෝ. නඛො එසො භික්ඛු පඤ්හො එවං පුච්ඡිතබ්බො මෙය භාග්‍යවතුන් වහන්සේ යම්හෙයකින් ප්‍රදේශ වශයෙන් ප්‍රශ්නය ඇසිය යුතුද, මේ භික්‍ෂුව අල්ලා නොගත් දේ ගෙන ප්‍රදේශ නැතිව අසයිද ඒ නිසා ඉවත් කරයි. මෙය බුදුවරුන්ට පුරුදු දෙයකි. ප්‍රශ්න ඇසීමෙන් මුළා වූ ජනයාට ප්‍රශ්න ඇසීමේ දොස් දක්වා ඇසීම හික්මවා ප්‍රශ්න විසඳීමය. කුමක් හෙයින්ද යත්, අසන්ට නොදැන අසන්නේ විඥාපනයට අපහසු වූවෙක් වෙයි. ප්‍රශ්නය හික්මවන්නේ ‘කත්‍ථ අපොවා’ යයි ආදිය කීය.

තත්‍ථ න ගාධතීති න පතිට‍්ඨාති, ඉමෙ චත‍්තාරො මහාභූතා කිං ආගම‍්ම අප‍්පතිට‍්ඨා භවන‍්තීති අත්‍ථො. උපාදින‍්නංයෙව සන්‍ධාය පුච‍්ඡති. දීඝඤ‍්ච රස‍්සඤ‍්චාති සණ‍්ඨානවසෙන උපාදාරූපං වුත‍්තං. අණුං ථූලන‍්ති ඛුද‍්දකං වා මහන‍්තං වා, ඉමිනාපි උපාදාරූපෙ වණ‍්ණමත‍්තමෙව කථිතං. සුභාසුභන‍්ති සුභඤ‍්ච අසුභඤ‍්ච උපාදාරූපමෙව කථිතං. කිං පන උපාදාරූපං සුභන‍්ති අසුභන‍්ති අත්‍ථි? නත්‍ථි. ඉට‍්ඨානිට‍්ඨාරම‍්මණං පනෙව කථිතං. නාමඤ‍්ච රූපඤ‍්චාති නාමඤ‍්ච දීඝාදිභෙදං රූපඤ‍්ච. උපරුජ‍්ඣතීති නිරුජ‍්ඣති, කිං ආගම‍්ම අසෙසමෙතං නප‍්පවත‍්තතීති.

එහි තගාධති නොපිහිටයි. මේ සතරමහාභූතයෝ කුමක් අරබයා ප්‍රතිෂ්ඨා නැත්තෝ වෙති ද යන අර්ථයි. උපාදින්න සඳහාම ඇසීමයි. දීඝරස්සං පැවතුම් වශයෙන් උපදා රූපය කියන ලදි. අණුං මුලං කුඩා හෝ මහත්. මෙයින්ද උපාදා රූපයෙහි වර්ණ මාත්‍රයම කියන ලදි. සුභාසුභං සුහද අශුභද උපාදා රූපයමය. උපාදා රූපය සුභ අසුභ බවක් ඇත්තේද නැති ඉෂ්ටාරම්මණයක්ම කියන ලදි. නාමඤ්ච රූපඤ්ච නාමයද දිග ආදී භේද ඇති රූපයද. උපරුජ්ඣති නිරුද්ධ වෙයි. කුමක් අරබයා මෙය ශේෂයක් නැතිව නොපවත්නේදැයි මෙසේ ඇසිය යුතුය. තිබුණේය.

එවං පුච‍්ඡිතබ‍්බං සියාති පුච‍්ඡං දස‍්සෙත්‍වා ඉදානි විස‍්සජ‍්ජනං දස‍්සෙන‍්තො තත්‍ර වෙය්‍යාකරණං භවතීති වත්‍වා – “විඤ‍්ඤාණ”න‍්තිආදිමාහ.

ඇසීම දක්වා දැන් විසඳීම දක්වන්නේ ‘තත්‍ර වෙය්‍යාකරණං භවති’යි කියා විඤ්ඤාණං ආදිය කීය.

තත්‍ථ විඤ‍්ඤාතබ‍්බන‍්ති විඤ‍්ඤාණං නිබ‍්බානස‍්සෙතං නාමං, තදෙතං නිදස‍්සනාභාවතො අනිදස‍්සනං. උප‍්පාදන‍්තො වා වයන‍්තො වා ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තන‍්තො වා එතස‍්ස නත්‍ථීති අනන‍්තං. පභන‍්ති පනෙතං කිර තිත්‍ථස‍්ස නාමං, තඤ‍්හි පපන‍්ති එත්‍ථාති පපං, පකාරස‍්ස පන භකාරො කතො. සබ‍්බතො පභමස‍්සාති සබ‍්බතොපභං. නිබ‍්බානස‍්ස කිර යථා මහාසමුද‍්දස‍්ස යතො යතො ඔතරිතුකාමා හොන‍්ති, තං තදෙව තිත්‍ථං, අතිත්‍ථං නාම නත්‍ථි. එවමෙව අට‍්ඨතිංසාය කම‍්මට‍්ඨානෙසු යෙන යෙන මුඛෙන නිබ‍්බානං ඔතරිතුකාමා හොන‍්ති, තං තදෙව තිත්‍ථං, නිබ‍්බානස‍්ස අතිත්‍ථං නාම නත්‍ථි. තෙන වුත‍්තං “සබ‍්බතොපභ”න‍්ති. එත්‍ථ ආපො චාති එත්‍ථ නිබ‍්බානෙ ඉදං නිබ‍්බානං ආගම‍්ම සබ‍්බමෙතං ආපොතිආදිනා නයෙන වුත‍්තං උපාදින‍්නක ධම‍්මජාතං නිරුජ‍්ඣති, අප‍්පවත‍්තං හොතීති.

එහි දැන්විය යුතුනුයි විඤ්ඤාණං. නිර්වාණයට නමකි. එය නිදර්ශන නැති බැවින් අනිදස්සනං උපදවන්නේ හෝ වැයවන්නේ හෝ සිටියහුගේ අන්‍යථාත්වයක් හෝ මෙයට නැතැයි අනත්තා පහ මෙය තීර්ථයට නමකි. මෙය බොත්නුයි පපං. ප කාරයට හ කාරය කරන ලදි. හැම අතින්ම ජලය මොහුට ඇත්තේනුයි සබ්බතො පහං. යම්තැනකින් මහා සමුද්‍රය මෙන් නිවනට බසිනු කැමැත්තෝද ඒ ඒ තැනම තීර්ථය වෙයි. තීර්ථ නොවන තැනක් නැත. මෙසේ තිස්අටක් කර්මස්ථාන අතුරින් යම් යම් දොරකින් නිවනට බැසගැනීමට කැමැත්තෝ වෙත්ද, ඒ ඒ දොරටුවම තීර්ථයයි. නිවනට තීර්ථයක් නොවන කර්මස්ථාන නැත. එහෙයින් කියන ලදී. පබ්බතොපහං යනුවෙන්. එත්‍ථ ආපොවා මෙහි නිවනෙහි. මේ නිවනට පැමිණ මේ සියල්ල ජලයයි ආදි ක්‍රමයෙන් කියන ලදි. උපාදින්නක ස්වරූපයෙන් උපන් දෙය නිරුද්ධ වෙයි. නොපැවතුණේ වෙයි.

ඉදානිස‍්ස නිරුජ‍්ඣනූපායං දස‍්සෙන‍්තො “විඤ‍්ඤාණස‍්ස නිරොධෙන එත්‍ථෙතං උපරුජ‍්ඣතී”ති ආහ. තත්‍ථ විඤ‍්ඤාණන‍්ති චරිමකවිඤ‍්ඤාණම‍්පි අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණම‍්පි, චරිමකවිඤ‍්ඤාණස‍්සාපි හි නිරොධෙන එත්‍ථෙතං උපරුජ‍්ඣති. විජ‍්ඣාතදීපසිඛා විය අපණ‍්ණත‍්තිකභාවං යාති. අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්සාපි අනුප‍්පාදනිරොධෙන අනුප‍්පාදවසෙන උපරුජ‍්ඣති. යථාහ “සොතාපත‍්තිමග‍්ගඤාණෙන අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස නිරොධෙන ඨපෙත්‍වා සත‍්තභවෙ අනමතග‍්ගෙ සංසාරෙ යෙ උප‍්පජ‍්ජෙය්‍යුං නාමඤ‍්ච රූපඤ‍්ච එත්‍ථෙතෙ නිරුජ‍්ඣන‍්තී”ති සබ‍්බං චූළනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දැන් එහි නිරුද්ධවන උපාය දක්වන්නේ ‘විඤ්ඤාණයාගේ නිරෝධයෙන් එය නැවත විනාශ වේයයි කීය. එහි විඤ්ඤාණං චරිම විඤ්ඤාණය ද අභිසංඛාර විඤ්ඤාණයද චරිම විඤ්ඤාණයාගේ නිරෝධයෙන් එහි එය විනාශ වේ. පිංගල පහන් සිළුවක් මෙන් නොපවත්නා බවට යයි. අභිසංස්කාර විඥානයාගේ අනුප්පාද නිරෝධයෙන් අනුප්පාද වශයෙන්ම විනාශ වේ. යම්සේ කීවේද. සෝතාපත්ති මග්ග විඤ්ඤාණයෙන් අභිසංඛාර විඤ්ඤාණයාගේ නිරෝධයෙන් භව සතක් හැර අක්මුල් නැති සසර උපදිත්. නාමයද රූපයද නිරුද්ධ වෙයි. සියල්ල මහා නිද්දේසයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.

ඉති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථායං කෙවට‍්ටසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

කේවට්ට සූත්‍ර වර්ණනාව නිමියේ ය.