යෙදුමෙන් කියවන්න

12. ලොහිච‍්චසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

12. ලොහිච‍්චසුත‍්තවණ‍්ණනා

12. ලොහිච්ච සූත්‍ර වර්ණනාව

ලොහිච‍්චබ්‍රාහ‍්මණවත්‍ථුවණ‍්ණනා

එවං මෙ සුතං…පෙ… කොසලෙසූති ලොහිච‍්චසුත‍්තං. තත්‍රායං අනුත‍්තානපදවණ‍්ණනා. සාලවතිකාති තස‍්ස ගාමස‍්ස නාමං, සො කිර වතියා විය සමන‍්තතො සාලපන‍්තියා පරික‍්ඛිත‍්තො. තස‍්මා සාලවතිකාති වුච‍්චති. ලොහිච‍්චොති තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නාමං.

එවං මෙ සුතං -පෙ- කොසලෙසු යනු ලොහිච්ච සූත්‍රයයි. මේ එහි ගැඹුරුපද වර්ණනාවයි. සාලවතිකා ඒ ගමෙහි නම. එය වැටක් මෙන් හාත්පසින් සල්ගස් පෙලකින් වටකරන ලද්දේය. ඒ නිසා සාලවතිකා යයි කියනු ලැබේ. ලොහිච්චො බමුණාගේ නම.

පාපකන‍්ති පරානුකම‍්පා විරහිතත‍්තා ලාමකං, න පන උච‍්ඡෙදසස‍්සතානං අඤ‍්ඤතරං. උප‍්පන‍්නං හොතීති ජාතං හොති, න කෙවලඤ‍්ච චිත‍්තෙ ජාතමත‍්තමෙව. සො කිර තස‍්ස වසෙන පරිසමජ‍්ඣෙපි එවං භාසතියෙව. කිඤ‍්හි පරො පරස‍්සාති පරො යො අනුසාසීයති, සො තස‍්ස අනුසාසකස‍්ස කිං කරිස‍්සති. අත‍්තනා පටිලද‍්ධං කුසලං ධම‍්මං අත‍්තනාව සක‍්කත්‍වා ගරුං කත්‍වා විහාතබ‍්බන‍්ති වදති.

පාපකො පරානුකම්පාවෙන් විරහිත බැවින් ලාමකය. උච්ඡේද ශාස්වතයන්ගෙන් එකෙක් නොවේ. උපන්නංහොති උපන්නේ වෙයි. හුදෙක් සිතෙහි උපන් මාත්‍රයක්ම නොවේ. ඔහු ඒ අනුව පිරිස මැද වුවද මෙසේ කියයි. කිංහි පරො පරස්ස යමෙක් අන්‍යයාට අනුශාසනා කරනු ලබයිද ඒ අනුශාසකයාට කුමක් කරන්නේද, තමා ලබාගත් කුසල ධර්මය තමාම සත්කාරකොට ගරුකාර කොට විහාතබ්බන්ති අතහැර දැමිය යුතුයයි කියයි.

රොසිකං න‍්හාපිතං ආමන‍්තෙසීති රොසිකාති එවං ඉත්‍ථිලිඞ‍්ගවසෙන ලද‍්ධනාමං න‍්හාපිතං ආමන‍්තෙසි. සො කිර භගවතො ආගමනං සුත්‍වා චින‍්තෙසි – “විහාරං ගන‍්ත්‍වා දිට‍්ඨං නාමං භාරො, ගෙහං පන ආණාපෙත්‍වා පස‍්සිස‍්සාමි චෙව යථාසත‍්ති ච ආගන‍්තුකභික‍්ඛං දස‍්සාමී”ති, තස‍්මා එවං න‍්හාපිතං ආමන‍්තෙසි.

හෙසිකං නහාපිතං ආමන්තෙසි හෙසිකා යනු ස්ත්‍රීලිංග වශයෙන් ලද නම් ඇති කරණවෑමියා ඇමතීය. හේ භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම අසා මෙසේ සිතීය. විහාරයට ගොස් දතයුත්තක් නම් බැරෑරුම්ය. ගෙට කැඳවා බලන්නෙමියි ද ඇති අයුරින් ආගන්තුක භික්‍ෂාවක් දෙන්නෙමි. ඒ නිසා ඒ කරණවෑමියාට ඇමතීය.

පිට‍්ඨිතො පිට‍්ඨිතොති කථාඵාසුකත්‍ථං පච‍්ඡතො පච‍්ඡතො අනුබන්‍ධො හොති. විවෙචෙතූති විමොචෙතු, තං දිට‍්ඨිගතං විනොදෙතූති වදති. අයං කිර උපාසකො ලොහිච‍්චස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පියසහායකො. තස‍්මා තස‍්ස අත්‍ථකාමතාය එවමාහ. අප‍්පෙව නාම සියාති එත්‍ථ පඨමවචනෙන භගවා ගජ‍්ජති, දුතියවචනෙන අනුගජ‍්ජති. අයං කිරෙත්‍ථ අධිප‍්පායො – රොසිකෙ එතදත්‍ථමෙව මයා චත‍්තාරි අසඞ‍්ඛ්‍යෙය්‍යානි. කප‍්පසතසහස‍්සඤ‍්ච විවිධානි දුක‍්කරානි කරොන‍්තෙන පාරමියො පූරිතා, එතදත්‍ථමෙව සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිද‍්ධං, න මෙ ලොහිච‍්චස‍්ස දිට‍්ඨිගතං භින්‍දිතුං භාරොති, ඉමමත්‍ථං දස‍්සෙන‍්තො පඨමවචනෙන භගවා ගජ‍්ජති. කෙවලං රොසිකෙ ලොහිච‍්චස‍්ස මම සන‍්තිකෙ ආගමනං වා නිසජ‍්ජා වා අල‍්ලාපසල‍්ලාපො වා හොතු, සචෙපි ලොහිච‍්චසදිසානං සතසහස‍්සස‍්ස කඞ‍්ඛා හොති, පටිබලො අහං විනොදෙතුං ලොහිච‍්චස‍්ස පන එකස‍්ස දිට‍්ඨිවිනොදනෙ මය‍්හං කො භාරොති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො දුතියවචනෙන භගවා අනුගජ‍්ජතීති වෙදිතබ‍්බො.

පිට්ඨිතො පිට්ඨිතො කථා කිරීමේ පහසුව පිණිස පසුපසින් ලුහුබඳනා ලද්දේ වෙයි. විවෙචතු මුදවන්න. ඒ දෘෂ්ටිගතය නැතිකරනු මැනවැයි කියයි. මේ උපාසකයා ලොහිච්ච බමුණාගේ ප්‍රිය සහායකයාය. ඒ නිසා යහපත කැමැත්තෙන් මෙසේ කීය. අප්පෙවනාමසියා මෙහි ප්‍රථම වචනයෙන්ම භාග්‍යවතුන් වහන්සේ ගර්ජනය කරන සේක. දෙවැනි වචනයෙන් අනුගර්ජනය කරන සේක. මේ මෙහි අභිප්‍රායයි. හේසිකා මේ අර්ථය පිණිසම මා විසින් සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් විවිධ දුෂ්කර දේ කරමින් පාරමී පුරන ලදි. ඒ සඳහා සර්වඥතා ඥානය අවබෝධ කරන ලදි. ලොහිච්ච බමුණාගේ දෘෂ්ටිගතය බිඳීම මට බරක් නොවේ යයි මේ අර්ථය දක්වන සේක් ප්‍රථම වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ගර්ජනය කරන සේක. හේසිකා, හුදෙක් ලොහිච්චගේ මා සමීපයට පැමිණීම හෝ හිඳීම හෝ අල්ලාප සල්ලාපයක් හෝ වේවා, ලොහිච්ච වැනි සියදහසකට සැක ඇතිවෙයි. මම එය නැති කිරීමට ශක්තිය ඇත්තෙම් වෙමි. ලොහිච්චගේ එකම දෘෂ්ටිය නැතිකිරීමේලා මට කවර බරක්ද, මේ අර්ථය දක්වන සේක් දෙවැනි වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ අනුගර්ජනය කරනසේකැයි දතයුතුය.

ලොහිච‍්චබ්‍රාහ‍්මණානුයොගවණ‍්ණනා

සමුදයසඤ‍්ජාතීති සමුදයස‍්ස සඤ‍්ජාති භොගුප‍්පාදො, තතො උට‍්ඨිතං ධනධඤ‍්ඤන‍්ති අත්‍ථො. යෙ තං උපජීවන‍්තීති යෙ ඤාතිපරිජනදාසකම‍්මකරාදයො ජනා තං නිස‍්සාය ජීවන‍්ති. අන‍්තරායකරොති ලාභන‍්තරායකරො. හිතානුකම‍්පීති එත්‍ථ හිතන‍්ති වුඩ‍්ඪි. අනුකම‍්පතීති අනුකම‍්පී, ඉච‍්ඡතීති අත්‍ථො, වුඩ‍්ඪිං ඉච‍්ඡති වා නො වාති වුත‍්තං හොති. නිරයං වා තිරච‍්ඡානයොනිං වාති සචෙ සා මිච‍්ඡාදිට‍්ඨි සම‍්පජ‍්ජති, නියතා හොති, එකංසෙන නිරයෙ නිබ‍්බත‍්තති, නො චෙ, තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තතීති අත්‍ථො.

සමුදය සජාති සමුදයෙහි සජාතික වූ භෝග උත්පාදය එයින් ගොඩනගාගත් ධන ධාන්‍ය යන අර්ථයි. යෙතං උපජීවන්ති යම් ඥාති පිරිවර දාස කම්කරු ආදි ජනයා ඔහු නිසා ජීවත්වෙත්ද, අන්තරාය කරො ලාභයට අන්තරාය කරන, හිතානුකම්පී මෙහි හිතං යනු දියුණුවයි. අනුකම්පා කෙරේනුයි අනුකම්පී. කැමති වේ යන අර්ථයි. වෘද්ධිය කැමති වේ හෝ නොවේ යයි කියන ලද්දේ වෙයි. නිරයං වා තිරච්ඡාන යොනිංවා ඉදින් ඒ මිථ්‍යාදෘෂ්ටිය උපදීද නියත වේද ඒකාන්තයෙන් නරකයෙහි උපදී. නැතහොත් තිරිසන් යෝනියෙහි උපදී යන අර්ථයි.

ඉදානි යස‍්මා යථා අත‍්තනො ලාභන‍්තරායෙන සත‍්තා සංවිජ‍්ජන‍්ති න තථා පරෙසං, තස‍්මා සුට‍්ඨුතරං බ්‍රාහ‍්මණං පවෙචෙතුකාමො “තං කිං මඤ‍්ඤසී”ති දුතියං උපපත‍්තිමාහ. යෙ චිමෙති යෙ ච ඉමෙ තථාගතස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා අරියභූමිං ඔක‍්කමිතුං අසක‍්කොන‍්තා කුලපුත‍්තා දිබ‍්බා ගබ‍්භාති උපයොගත්‍ථෙ පච‍්චත‍්තවචනං, දිබ‍්බෙ ගබ‍්භෙති අත්‍ථො. දිබ‍්බා, ගබ‍්භාති ච ඡන‍්නං දෙවලොකානමෙතං අධිවචනං. පරිපාචෙන‍්තීති දෙවලොකගාමිනිං පටිපදං පූරයමානා දානං, දදමානා, සීලං රක‍්ඛමානා, ගන්‍ධමාලාදීහි, පූජං කුරුමානා භාවනං භාවයමානා පාචෙන‍්ති විපාචෙන‍්ති පරිපාචෙන‍්ති පරිණාමං ගමෙන‍්ති. දිබ‍්බානං භවානං අභිනිබ‍්බත‍්තියාති දිබ‍්බභවා නාම දෙවානං විමානානි, තෙසං නිබ‍්බත‍්තනත්‍ථායාති අත්‍ථො. අථ වා දිබ‍්බා ගබ‍්භාති දානාදයො පුඤ‍්ඤවිසෙසා. දිබ‍්බා භවාති දෙවලොකෙ විපාකක‍්ඛන්‍ධා, තෙසං නිබ‍්බත‍්තනත්‍ථාය තානි පුඤ‍්ඤානි කරොන‍්තීති අත්‍ථො. තෙසං අන‍්තරායකරොති තෙසං මග‍්ගසම‍්පත‍්තිඵලසම‍්පත‍්තිදිබ‍්බභවවිසෙසානං අන‍්තරායකරො. ඉති භගවා එත‍්තාවතා අනියමිතෙනෙව ඔපම‍්මවිධිනා යාව භවග‍්ගා උග‍්ගතං බ්‍රාහ‍්මණස‍්ස මානං භින්‍දිත්‍වා ඉදානි චොදනාරහෙ තයො සත්‍ථාරෙ දස‍්සෙතුං “තයො ඛො මෙ, ලොහිච‍්චා”තිආදිමාහ.

දැන් යම්හෙයකින් යම්සේ තමාගේ ලාභය නැතිවීමෙන් සන්ත්‍රාසය විද්‍යමාන වේද අනුන්ට එසේ නොවේ. ඒ නිසා වැඩි වශයෙන් බ්‍රාහ්මණයා සංවේගයට පත්කරනු කැමති සේක් ‘ඔබ කුමක් සිතන්නෙහිද’ යන දෙවැනි උත්පත්තිය කී සේක. යෙචිමෙ තථාගතයන් වහන්සේගේ ධර්මදේශනාව අසා ආර්යභූමියට බැසගැනීමට නොහැකිවන කුලපුත්‍රයෝ දිබ්බා ගබ්භා ද්විතියාර්ථයෙහි පඤ්චමී වචනයි. දිව්‍ය ගර්භයෙහි යන අර්ථයි. දිබ්බා ගබ්භා සැඟවුණු දිව්‍යලෝකයන්ට තවත් වචනයකි. පරිපාචෙන්ති දිව්‍යලෝකයට යන ප්‍රතිපදාව පුරන, දානය දෙන, සිල් රකින, ගඳමල් ආදියෙන් පූජාකරන, භාවනා වඩන අය ඉදිරියට යති. පල දරත්. මුහුකුරා යත්. පරිණාමයට යත්. දිබ්බානං භවානං අභිනිබ්බත්තියා දිබ්බාභවා නම් දෙවියන්ගේ විමාන, එහි ඉපදීම පිණිස යන අර්ථයි. නැතහොත් දිබ්බාගබ්භා යනු දානාදී පුණ්‍ය විශේෂ දිබ්බා ගබ්භා යනු දෙව්ලොව විපාකස්කන්ධ, එහි ඉපදීම පිණිස පින් කරත් යන අර්ථයි. තෙසං අන්තරායකරො ඒ මාර්ග සම්පත්ති, ඵල සමාපත්ති දිව්‍ය භව විශේෂයන්ට අන්තරායකර යයි මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙපමණකින් අනියාමිත උපමා විධියකින් භවාග්‍රය තෙක් උඩට නැගුණු බමුණාගේ මානය බිඳ දැන් චෝදනාවන්ට සුදුසු ශාස්තෲන් තිදෙන දැක්වීමට තයො ඛො මෙ ලොහිච්චා යනාදිය කී සේක.

තයො චොදනාරහවණ‍්ණනා

තත්‍ථ සා චොදනාති තයො සත්‍ථාරෙ චොදෙන‍්තස‍්ස චොදනා. න අඤ‍්ඤා චිත‍්තං උපට‍්ඨපෙන‍්තීති අඤ‍්ඤාය ආජානනත්‍ථාය චිත‍්තං න උපට‍්ඨපෙන‍්ති. වොක‍්කම‍්මාති නිරන‍්තරං තස‍්ස සාසනං අකත්‍වා තතො උක‍්කමිත්‍වා වත‍්තන‍්තීති අත්‍ථො. ඔසක‍්කන‍්තියා වා උස‍්සක‍්කෙය්‍යාති පටික‍්කමන‍්තියා උපගච‍්ඡෙය්‍ය, අනිච‍්ඡන‍්තියා ඉච‍්ඡෙය්‍ය, එකාය සම‍්පයොගං අනිච‍්ඡන‍්තියා එකො ඉච‍්ඡෙය්‍යාති වුත‍්තං හොති. පරම‍්මුඛිං වා ආලිඞ‍්ගෙය්‍යාති දට‍්ඨුම‍්පි අනිච‍්ඡමානං පරම‍්මුඛිං ඨිතං පච‍්ඡතො ගන‍්ත්‍වා ආලිඞ‍්ගෙය්‍ය. එවංසම‍්පදමිදන‍්ති ඉමස‍්සාපි සත්‍ථුනො “මම ඉමෙ සාවකා”ති සාසනා වොක‍්කම‍්ම වත‍්තමානෙපි තෙ ලොභෙන අනුසාසතො ඉමං ලොභධම‍්මං එවංසම‍්පදමෙව ඊදිසමෙව වදාමි. ඉති සො එවරූපො තව ලොභධම‍්මො යෙන ත්‍වං ඔසක‍්කන‍්තියා උස‍්සක‍්කන‍්තො විය පරම‍්මුඛිං ආලිඞ‍්ගන‍්තො විය අහොසීතිපි තං චොදනං අරහති. කිඤ‍්හි පරො පරස‍්ස කරිස‍්සතීති යෙන ධම‍්මෙන පරෙ අනුසාසි, අත‍්තානමෙව තාව තත්‍ථ සම‍්පාදෙහි, උජුං කරොහි. කිඤ‍්හි පරො පරස‍්ස කරිස‍්සතීති චොදනං අරහති.

එහි සා චොදනා ඒ ශාස්තෲන්ට චෝදනා කෙරෙන ඒ චෝදනාව. න අඤ්ඤ චිත්තං උපට්ඨපෙන්ති අනිකක් නොදැනගනු පිණිස සිත නොඑළවත්. වොක්කම්මා නිරතුරුව ඔහුගේ අනුශාසනය නොකොට එයින් ඉවත්වී පවතී යන අර්ථයි. ඔසක්කන්ති යාවා උස්සුක්කෙය්‍ය ඉවත් වන්නහු වෙත යන්නේය. අකමැති වන්නහුට කැමති වන්නේය. එකක හමුවීම අකමැති වන්නහුගෙන් එකෙක් කැමති වන්නේ යයි කියන ලද්දේ වෙයි. පරම්මුඛිං වා ආලිංගෙය්‍ය දක්නට පවා අකමැතිවන පරාම්මුඛව සිටියහු පසුපසින් ගොස් වැළඳ ගන්නේය. එවං සම්පදං මාගේ මේ ශාස්තෲවරයාගේ ශ්‍රාවකයෝ යැයි ශාසනයෙන් ඉවත්ව පවත්නා කල්හිද මෝහයෙන් අනුශාසනා කරන්නහුගේ මේ ලෝභී ස්වභාවය මෙසේ පැමිණියේ යයිද ඒහා සමාන යයිද කියමි. මෙසේ ඒ මෙබඳු ඔබගේ ලෝභ ස්වභාවය පසුපසට යන්නකු උත්සාහ කරන්නාක් මෙන් පරාංමුඛ වූවකු වැළඳගන්නාක් මෙන් විය යන චෝදනාවට සුදුසුය. කිංහි පරො පරස්ස කරිස්සති යම් ධර්මයකින් අනුන්ට අනුශාසනා කරහිද, තමාම සම්පාදනය කරව සෘජු කරව අන්‍යයාට කුමක් කරන්නේද යන චෝදනාවට සුදුසුය.

නිද‍්දායිතබ‍්බන‍්ති සස‍්සරූපකානි තිණානි උප‍්පාටෙත්‍වා පරිසුද‍්ධං කාතබ‍්බං.

නිච්චායිතබ්බං ශස්‍යය දූෂණය කරන තණ උදුරා පිරිසිදු කළ යුතුය.

තතියචොදනාය කිඤ‍්හි පරො පරස‍්සාති අනුසාසනං අසම‍්පටිච‍්ඡනකාලතො පට‍්ඨාය පරො අනුසාසිතබ‍්බො, පරස‍්ස අනුසාසකස‍්ස කිං කරිස‍්සතීති නනු තත්‍ථ අප‍්පොස‍්සුක‍්කතං ආපජ‍්ජිත්‍වා අත‍්තනා පටිවිද‍්ධධම‍්මං අත‍්තනාව මානෙත්‍වා පූජෙත්‍වා විහාතබ‍්බන‍්ති එවං චොදනං අරහතීති අත්‍ථො.

දෙවැනි චෝදනාවෙන් කිංහි පරො පරස්ස අනුශාසනය නොපිළිගන්නා කාලයෙහි පටන් අන්‍යයා අනුන්ට අනුශාසනා කරන්නාට අනුශාසනා කළයුතුය. කිං කරිස්සති යනු එහි අල්ප උත්සාහ ඇති බවට පැමිණ තමා විසින් අවබෝධ කරන ලද ධර්මය තමාම ගරුකොට පූජාකොට අවබෝධ කළයුතුය යන චෝදනාවට සුදුසුය යන අර්ථයි.

න චොදනාරහසත්‍ථුවණ‍්ණනා

න චොදනාරහොති අයඤ‍්හි යස‍්මා පඨමමෙව අත‍්තානං පතිරූපෙ පතිට‍්ඨාපෙත්‍වා සාවකානං ධම‍්මං දෙසෙති. සාවකා චස‍්ස අස‍්සවා හුත්‍වා යථානුසිට‍්ඨං පටිපජ‍්ජන‍්ති, තාය ච පටිපත‍්තියා මහන‍්තං විසෙසමධිගච‍්ඡන‍්ති. තස‍්මා න චොදනාරහොති.

න චොදනාරහො මොහු යම්හෙයකින් තමා සුදුසු තැනක පිහිටුවා ශ්‍රාවකයන්ට ධර්ම දෙසයි. ශ්‍රාවකයෝද ඔහුට කීකරුව අනුශාසනා කරන ලද පරිදි පිළිපදිත්. ඒ ප්‍රතිපත්තියෙහි මහත්වූ විශේෂයක් අවබෝධ කරගනිති. ඒ නිසා චෝදනාවට සුදුසු නොවේ.

නරකපපාතං පපතන‍්තොති මයා ගහිතාය දිට‍්ඨියා අහං නරකපපාතං පපතන‍්තො. උද‍්ධරිත්‍වා ථලෙ පතිට‍්ඨාපිතොති තං දිට‍්ඨිං භින්‍දිත්‍වා ධම‍්මදෙසනාහත්‍ථෙන අපායපතනතො උද‍්ධරිත්‍වා සග‍්ගමග‍්ගථලෙ ඨපිතොම‍්හීති වදති. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

නරකප්පපාතංපපතන්තො මා ගත් දෘෂ්ටියෙන් මම නරක ප්‍රපාතයට වැටෙන්නෙමි. උද්ධරිත්‍වා ථලෙ පතිට්ඨාපිතො ඒ දෘෂ්ටිය බිඳ ධර්මදේශනා නමැති අතින් අපාය ප්‍රපාතයෙන් උඩට ගෙන ස්වර්ගමාර්ග නමැති ගොඩබිමෙහි තැබුවෙමියි කියයි.

ඉති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථායං ලොහිච‍්චසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ලොහිච්ච සූත්‍ර වර්ණනාව නිමියේ ය.