13. තෙවිජ්ජසුත්තවණ්ණනා අට්ඨකථා
13. තෙවිජ්ජසුත්තවණ්ණනා
13. තෙවිජ්ජ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං…පෙ… කොසලෙසූති තෙවිජ්ජසුත්තං. තත්රායං අනුත්තානපදවණ්ණනා. මනසාකටන්ති තස්ස ගාමස්ස නාමං. උත්තරෙන මනසාකටස්සාති මනසාකටතො අවිදූරෙ උත්තරපස්සෙ. අම්බවනෙති තරුණඅම්බරුක්ඛසණ්ඩෙ, රමණීයො කිර සො භූමිභාගො, හෙට්ඨා රජතපට්ටසදිසා වාලිකා විප්පකිණ්ණා, උපරි මණිවිතානං විය ඝනසාඛාපත්තං අම්බවනං. තස්මිං බුද්ධානං අනුච්ඡවිකෙ පවිවෙකසුඛෙ අම්බවනෙ විහරතීති අත්ථො.
එවං මෙසුතං යනු තෙවිජ්ජ සූත්‍රයයි. මේ එහි ගැඹුරුපද වර්ණනාවයි. මනසාකටං ඒ ගමෙහි නම. උත්තරෙන මනසා කටස්ස මනසාකට ගමට නුදුරෙහි උතුරු පස. අම්බවනෙ තරුණ අඹරුක් ලැහැබෙහි. ඒ භූමිභාගය රමණීයය. යට රිදීපටවන් වැලි විසුරුවන ලද්දේය. මත්තෙහි මැණික් වියනක් බඳු ඝනට වැඩුණු ශාඛා පත්‍ර ඇති අඹවනයයි. ඒ බුදුවරුන්ට සුදුසු විවේක සුව ඇති අඹවනයෙහි වාසය කරන සේක යන අර්ථයි.
අභිඤ්ඤාතා අභිඤ්ඤාතාති කුලචාරිත්තාදිසම්පත්තියා තත්ථ තත්ථ පඤ්ඤාතා. චඞ්කීතිආදීනි තෙසං නාමානි. තත්ථ චඞ්කී ඔපාසාදවාසිකො. තාරුක්ඛො ඉච්ඡානඞ්ගලවාසිකො. පොක්ඛරසාතී උක්කට්ඨවාසිකො. ජාණුසොණී සාවත්ථිවාසිකො. තොදෙය්යො තුදිගාමවාසිකො. අඤ්ඤෙ චාති අඤ්ඤෙ ච බහුජනා. අත්තනො අත්තනො නිවාසට්ඨානෙහි ආගන්ත්වා මන්තසජ්ඣායකරණත්ථං තත්ථ පටිවසන්ති. මනසාකටස්ස කිර රමණීයතාය තෙ බ්රාහ්මණා තත්ථ නදීතීරෙ ගෙහානි කාරෙත්වා පරික්ඛිපාපෙත්වා අඤ්ඤෙසං බහූනං පවෙසනං නිවාරෙත්වා අන්තරන්තරා තත්ථ ගන්ත්වා වසන්ති.
අහිඤ්ඤාතා අභිඤ්ඤාතා කුලචාරිත්‍ර ආදී සම්පත්තියෙන් ඒ ඒ තැන ප්‍රසිද්ධ වූ. චංකී ආදිය ඔවුන්ගේ නම්ය. එහි චංකී ඔපසාද වැසියෙකි. තාරුක්ඛ ඉච්ඡානංගල වැසියෙකි. පොක්ඛරසාතී උක්කුට්ඨා වැසියෙකි. ජාණුස්සොණි සැවැත්නුවර වැසියෙකි. තොදෙය්‍ය තුදී ගමෙහි වැසියෙකි. අඤ්ඤෙච අන් බොහෝ ජනයෝ තම තමාගේ නිවාසස්ථානවලින් පැමිණ මන්ත්‍ර සජ්ඣායනය පිණිස එහි වාසය කරත්. මනසාකටයෙහි රමණීය බව නිසා ඒ බමුණෝ එහි නදීතෙර ගෙවල් කරවා වටකරවා අන් බොහෝ දෙනාගේ ප්‍රවේශය වළක්වා අතරින් පතර එහි පැමිණ වසත්.
වාසෙට්ඨභාරද්වාජානන්ති වාසෙට්ඨස්ස ච පොක්ඛරසාතිනො අන්තෙවාසිකස්ස, භාරද්වාජස්ස ච තාරුක්ඛන්තෙවාසිකස්ස. එතෙ කිර ද්වෙ ජාතිසම්පන්නා තිණ්ණං වෙදානං පාරගූ අහෙසුං. ජඞ්ඝවිහාරන්ති අතිචිරනිසජ්ජපච්චයා කිලමථවිනොදනත්ථාය ජඞ්ඝචාරං. තෙ කිර දිවසං සජ්ඣායං කත්වා සායන්හෙ වුට්ඨාය න්හානීයසම්භාරගන්ධමාලතෙලධොතවත්ථානි ගාහාපෙත්වා අත්තනො පරිජනපරිවුතා න්හායිතුකාමා නදීතීරං ගන්ත්වා රජතපට්ටවණ්ණෙ වාලිකාසණ්ඩෙ අපරාපරං චඞ්කමිංසු. එකං චඞ්කමන්තං ඉතරො අනුචඞ්කමි, පුන ඉතරං ඉතරොති. තෙන වුත්තං “අනුචඞ්කමන්තානං අනුවිචරන්තාන”න්ති. මග්ගාමග්ගෙති මග්ගෙ ච අමග්ගෙ ච. කතමං නු ඛො පටිපදං පූරෙත්වා කතමෙන මග්ගෙන සක්කා සුඛං බ්රහ්මලොකං ගන්තුන්ති එවං මග්ගාමග්ගං ආරබ්භ කථං සමුට්ඨාපෙසුන්ති අත්ථො.
වාසෙට්ඨ භාරද්වාජානං වාසෙට්ඨගේ සහ පොක්ඛරසාතිගේ අතවැසියාගේ, භාරද්වාජගේද තාරුක්ඛගේ ද අතවැසියාගේ ද මේ දෙදෙන ජාති සම්පන්න ත්‍රිවේදයෙහි පරතෙරට ගියාහු වූහ. ජංඝා විහාරං බොහෝ කලක් හිඳගෙන සිටීමේ හේතුවෙන් වෙහෙස නැතිකිරීම පිණිස පයින් ඇවිදීම. ඔව්හු දිවාකල්හි සජ්ඣායනා කොට සවස නැගිට නෑම සඳහා අවශ්‍ය බඩු ගඳමල් සේදූ ඇඳුම් ගෙන්වාගෙන තමාගේ පිරිවරින් පිරිවරන ලදුව නහනු කැමැත්තාහු නදීතෙරට ගොස් රිදීපටක වර්ණය ඇති වැලිමැද ඔබමොබ සක්මන් කළහ. එකකු සක්මන් කරනවිට අනිකා ඔහු අනුව සක්මන් කළේය. නැවත අනිකා අනුව සක්මන් කළේය. එහෙයින් කියන ලදි. අනුචංක මන්තානං අනුවිචරන්තානං’ යනුවෙන් මග්ගා මග්ගෙ මාර්ගයෙහිද අමාර්ගයෙහිද, කුමක් හෝ ප්‍රතිපත්තියක් පුරා කුමන මගකින් සුවසේ බඹලොවට යාමට හැකිදැයි මෙසේ මගනොමග අරබයා කථාවක් නැංවූහ යන අර්ථයි.
අඤ්ජසායනොති උජුමග්ගස්සෙතං වෙවචනං, අඤ්ජසා වා උජුකමෙව එතෙන ආයන්ති ආගච්ඡන්තීති අඤ්ජසායනො නිය්යානිකො නිය්යාතීති නිය්යායන්තො නිය්යාති, ගච්ඡන්තො ගච්ඡතීති අත්ථො.
අඤ්ජසායනො සෘජු මාර්ගයට සමාන වචනයකි. කෙළින් මාර්ගයද සෘජු මාර්ගයකි. මෙයින් අයත්ති - යත්නුයි අඤ්ජසායනො. නීය්යාණිකො නිය්යාති යන්නේ යයි යන අර්ථයි. කොහි යයිද?
තක්කරස්ස බ්රහ්මසහබ්යතායාති යො තං මග්ගං කරොති පටිපජ්ජති, තස්ස බ්රහ්මුනා සද්ධිං සහභාවාය, එකට්ඨානෙ පාතුභාවාය ගච්ඡතීති අත්ථො. ය්වායන්ති යො අයං. අක්ඛාතොති කථිතො දීපිතො. බ්රාහ්මණෙන පොක්ඛරසාතිනාති අත්තනො ආචරියං අපදිසති. ඉති වාසෙට්ඨො සකමෙව ආචරියවාදං ථොමෙත්වා පග්ගණ්හිත්‍වා විචරති. භාරද්වාජොපි සකමෙවාති. තෙන වුත්තං “නෙව ඛො අසක්ඛි වාසෙට්ඨො”තිආදි.
තක්කර බ්‍රහ්මයාගේ සහභාවයට යමෙක් ඒ මාර්ගය කරයිද පිළිපදීද ඔහුගේ බ්‍රහ්මයා සමග එක්වීමෙන් එක්තැනක පහළවීම පිණිස යයි යන අර්ථයි. ය්වායං නම් වේ. අක්ඛාතො කියන ලද්දේ දක්වන ලද්දේ බ්රාහ්මණෙන පොක්ඛරසාතිනා තමාගේ ආචාර්යවරයා පෙන්වයි. මෙසේ වාසෙට්ඨ තමාගේම ආචාර්ය වාදයට ස්තුතිකොට තදින් ගෙන හැසිරේ. භාරද්වාජද තමාගේ ආචාර්යවාදය ගෙන හැසිරේ. එහෙයින් කියන ලදි. ‘නෙව ඛො අසක්ඛි වාසෙට්ඨො’ ආදිය.
තතො වාසෙට්ඨො “උභින්නම්පි අම්හාකං කථා අනිය්යානිකාව, ඉමස්මිඤ්ච ලොකෙ මග්ගකුසලො නාම භොතා ගොතමෙන සදිසො නත්ථි, භවඤ්ච ගොතමො අවිදූරෙ වසති, සො නො තුලං ගහෙත්වා නිසින්නවාණිජො විය කඞ්ඛං ඡින්දිස්සතී”ති චින්තෙත්වා තමත්ථං භාරද්වාජස්ස ආරොචෙත්වා උභොපි ගන්ත්වා අත්තනො කථං භගවතො ආරොචෙසුං. තෙන වුත්තං “අථ ඛො වාසෙට්ඨො…පෙ… ය්වායං අක්ඛාතො බ්රාහ්මණෙන තාරුක්ඛෙනා”ති.
ඉක්බිති වාසෙට්ඨ අප දෙදෙනාගේම කථාව අනෛර්යාණිකය. මේ ලෝකයෙහි භවත් ගෞතමයන් හා සමාන මාර්ග කුශලතා ඇත්තෙක් නැත. භවත් ගෞතමයෝ ද නුදුරෙහි වසති. උන්වහන්සේ තුලාවක් ගෙන හුන් වෙළෙන්දකු මෙන් සැක සිඳින්නෝ යයි සිතා ඒ බව භාරද්වාජට දන්වා දෙදෙනාම ගොස් තමාගේ කථාව භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. එහෙයින් කියන ලදි. ඉක්බිති වාසෙට්ඨ -පෙ- තාරුක්ඛ බ්‍රාහ්මණයා විසින් යමක් කියන ලද්දේ ද යනුවෙන්.
එත්ථ භො ගොතමාති එතස්මිං මග්ගාමග්ගෙ. විග්ගහො විවාදොතිආදීසු පුබ්බුප්පත්තිකො විග්ගහො. අපරභාගෙ විවාදො. දුවිධොපි එසො නානාආචරියානං වාදතො නානාවාදො.
එත්ථ භො ගොතමො මේ මගනොමගෙහි. විග්ගහො ආදී තන්හි කලින් හටගන්නා බැවින් විග්රහ වෙයි. පසුව විවාදයයි. විවිධ වූ එය නොයෙක් ඇදුරන්ගේ වාදයෙන් නානාවාද වෙයි.
අථ කිස්මිං පන වොති ත්වම්පි අයමෙව මග්ගොති අත්තනො ආචරියවාදමෙව පග්ගය්හ තිට්ඨසි, භාරද්වාජොපි අත්තනො ආචරියවාදමෙව, එකස්සාපි එකස්මිං සංසයො නත්ථි. එවං සති කිස්මිං වො විග්ගහොති පුච්ඡති.
අථ කිස්මිං පන වො ඔබද මෙයම මාර්ගය යැයි තමාගේ ආචාර්යවාදයම තදින් අල්ලාගෙන සිටින්නෙහිය. භාරද්වාජද තමාගේ ආචාර්යවාදය තදින් අල්ලාගෙන සිටී. එකකුට එකකු කෙරෙහි සැකයක් නැත. මෙසේ ඇතිකල අපගේ කුමන විග්‍රහයක් දැයි අසයි.
මග්ගාමග්ගෙ, භො ගොතමාති මග්ගෙ භො ගොතම අමග්ගෙ ච, උජුමග්ගෙ ච අනුජුමග්ගෙ චාති අත්ථො. එස කිර එකබ්රාහ්මණස්සාපි මග්ගං “න මග්ගො”ති න වදති. යථා පන අත්තනො ආචරියස්ස මග්ගො උජුමග්ගො, න එවං අඤ්ඤෙසං අනුජානාති, තස්මා තමෙවත්ථං දීපෙන්තො “කිඤ්චාපි භො ගොතමා”තිආදිමාහ.
මග්ගාමග්ගෙ භො ගොතමො භවත් ගෞතමයෙනි, මගෙහිද නොමගෙහිද, සෘජු මාර්ගයෙහිද වක්‍ර මාර්ගයෙහි ද යන අර්ථයි. මොහු එක් බමුණෙකුගේවත් මාර්ගය අමාර්ගයයි නොකියයි. යම්සේ තමාගේ ආචාර්යවරයාගේ මාර්ගය සෘජු මාර්ගය වේද, එය අන්‍යයන්ට නො අනු දනී. ඒ නිසා ඒ අරුත දක්වන්නේ ‘කිඤ්චාපි හො ගොතම’ යනාදිය කීය.
සබ්බානි තානීති ලිඞ්ගවිපල්ලාසෙන වදති, සබ්බෙ තෙති වුත්තං හොති. බහූනීති අට්ඨ වා දස වා. නානාමග්ගානීති මහන්තාමහන්තජඞ්ඝමග්ගසකටමග්ගාදිවසෙන නානාවිධානි සාමන්තා ගාමනදීතළාකඛෙත්තාදීහි ආගන්ත්වා ගාමං පවිසනමග්ගානි.
සබ්බානි තානි ලිංග විපර්යාසයෙන් කියයි. ඒ සියල්ල යයි කියන ලද්දේ වෙයි. බහූනි අටක් හෝ දහයක් හෝ නානා මග්ගා මහත් නොමහත් පා මග, ගැල්මහ ආදි වශයෙන් නානා විධ හාත්පස ගම් ගංගා පොකුණු කෙත් ආදී අතරින් පැමිණ ගමට පිවිසෙන මාර්ග.
“නිය්යන්තීති වාසෙට්ඨ වදෙසී”ති භගවා තික්ඛත්තුං වචීභෙදං කත්වා පටිඤ්ඤං කාරාපෙසි. කස්මා? තිත්ථියා හි පටිජානිත්වා පච්ඡා නිග්ගය්හමානා අවජානන්ති. සො තථා කාතුං න සක්ඛිස්සතීති.
නීයන්ති ති වාසෙට්ඨ වදෙසි භාග්‍යවතුන් වහන්සේ තෙවරක් කථා කරවා ප්‍රතිඥාවක් කරවූ සේක. කුමක් නිසාද යත්, තීර්ථකයෝ පිළිගෙන පසුව නිග්‍රහ කරමින් අවමන් කරති. එසේ කිරීමට නොහැකි වන්නාහුය.
තෙව තෙවිජ්ජාති තෙ තෙවිජ්ජා. වකාරො ආගමසන්ධිමත්තං. අන්ධවෙණීති අන්ධපවෙණී, එකෙන චක්ඛුමතා ගහිතයට්ඨියා කොටිං එකො අන්ධො ගණ්හති, තං අන්ධං අඤ්ඤො තං අඤ්ඤොති එවං පණ්ණාසසට්ඨි අන්ධා පටිපාටියා ඝටිතා අන්ධවෙණීති වුච්චති. පරම්පරසංසත්තාති අඤ්ඤමඤ්ඤං ලග්ගා, යට්ඨිගාහකෙනපි චක්ඛුමතා විරහිතාති අත්ථො. එකො කිර ධුත්තො අන්ධගණං දිස්වා “අසුකස්මිං නාම ගාමෙ ඛජ්ජභොජ්ජං සුලභ”න්ති උස්සාහෙත්වා “තෙන හි තත්ථ නො සාමි නෙහි, ඉදං නාම තෙ දෙමා”ති වුත්තෙ, ලඤ්ජං ගහෙත්වා අන්තරාමග්ගෙ මග්ගා ඔක්කම්ම මහන්තං ගච්ඡං අනුපරිගන්ත්වා පුරිමස්ස හත්ථෙන පච්ඡිමස්ස කච්ඡං ගණ්හාපෙත්වා “කිඤ්චි කම්මං අත්ථි, ගච්ඡථ තාව තුම්හෙ”ති වත්වා පලායි, තෙ දිවසම්පි ගන්ත්වා මග්ගං අවින්දමානා “කුහිං නො චක්ඛුමා, කුහිං මග්ගො”ති පරිදෙවිත්වා මග්ගං අවින්දමානා තත්ථෙව මරිංසු. තෙ සන්ධාය වුත්තං “පරම්පරසංසත්තා”ති. පුරිමොපීති පුරිමෙසු දසසු බ්රාහ්මණෙසු එකොපි. මජ්ඣිමොපීති මජ්ඣිමෙසු ආචරියපාචරියෙසු එකොපි. පච්ඡිමොපීති ඉදානි තෙවිජ්ජෙසු බ්රාහ්මණෙසු එකොපි. හස්සකඤ්ඤෙවාති හසිතබ්බමෙව. නාමකඤ්ඤෙවාති ලාමකංයෙව. තදෙතං අත්ථාභාවෙන රිත්තකං, රිත්තකත්තායෙව තුච්ඡකං. ඉදානි බ්රහ්මලොකො තාව තිට්ඨතු, යො තෙවිජ්ජෙහි න දිට්ඨපුබ්බොව. යෙපි චන්දිමසූරියෙ තෙවිජ්ජා පස්සන්ති, තෙසම්පි සහබ්යතාය මග්ගං දෙසෙතුං නප්පහොන්තීති දස්සනත්ථං “තං කිං මඤ්ඤසී”තිආදිමාහ.
තෙචතෙවිජ්ජා ඒ තෙවිජ්ජයෝ. ච කාරය ආගම සන්ධි මාත්‍රයකි. අන්ධවෙණී අන්ධ ප්‍රවේණිය. එක් ඇස් ඇති අයකු විසින් ගන්නා ලද යෂ්ටියෙහි කොන එක් අන්ධයෙක් ගනී. ඔහු තවෙකෙක් අල්ලා ගනී. ඔහු තවෙකෙක් අල්ලා ගනී. මෙසේ පනහක් හැටක් අන්ධයෝ පිළිවෙළින් ගැටුණෝ අන්ධවේණී යයි කියනු ලැබේ. පරම්පරං සංසත්තා ඔවුනොවුන් ලැගුණාහු. යෂ්ටිය ගන්නා ඇස් ඇත්තකු නැති යන අර්ථයි. එක් ධූර්තයෙක් අඳ පිරිස දැක අසුවල් ගමෙහි කෑම් බීම් සුලභයයි උත්සාහ ඇතිකොට ඔවුන් විසින් ‘ස්වාමීනි, එතැනට ගෙන ගෙන යන්න ඔබට මෙනම් දෙයක් දෙමු’යි කී කල්හි අල්ලස් ගෙන අතරමග මගින් ඉවතට ගොස් මහා පඳුරක් වටකොට පළමුවැන්නාගේ අතින් පසුව එන්නාගේ කිසිල්ල අල්ලවා මට වැඩක් ඇත. උඹලා පලයල්ලා යයි කියා පළා ගියේය. ඔවුහු දවසම ගොස් මග නොදැන ඇස් ඇත්තා කොහිද, මග කොහිදැයි හඬා වැලපී මග නොදැන එහිම හැසිරුණාහුය. ඒ සඳහා කියන ලදි. ‘පරම්පර සංසත්තා’ යනුවෙන්. පුරිමොපි ආචාර්ය ප්රාචාර්යයන් මැද එකෙක්. පච්ඡිමොපි දැන් තෙවිජ්ජයන් අතර එකෙක්. හස්සකඤ්ඤෙවා සිනාසිය යුතු අන්‍යයෝ. නාමකඤ්ඤෙවා ලාමක අන්‍යයෝ. මෙය අර්ථයක් නැති බැවින් රික්තයකි. රික්තක බැවින්ම තුච්ඡ කොට සලකන ලද්දේය. දැන් බ්‍රහ්මයා සිටියා වේ. හේ තෙවිජ්ජයන් විසින් නොදක්නා ලද විරූය. යම් තෙවිජ්ජයෝ සඳහිරු බලත්ද ඔවුන්ගේ සහභාවයව යාමට මාර්ගය දෙසන්ට නොපොහොසත් වෙතියි දක්වන්ට තංකිං මඤ්ඤසි ආදිය කීය.
තත්ථ යතො චන්දිමසූරියා උග්ගච්ඡන්තීති යස්මිං කාලෙ උග්ගච්ඡන්ති. යත්ථ ච ඔග්ගච්ඡන්තීති යස්මිං කාලෙ අත්ථමෙන්ති, උග්ගමනකාලෙ ච අත්ථඞ්ගමනකාලෙ ච පස්සන්තීති අත්ථො. ආයාචන්තීති “උදෙහි භවං චන්ද, උදෙහි භවං සූරියා”ති එවං ආයාචන්ති. ථොමයන්තීති “සොම්මො චන්දො, පරිමණ්ඩලො චන්දො, සප්පභො චන්දො”තිආදීනි වදන්තා පසංසන්ති. පඤ්ජලිකාති පග්ගහිතඅඤ්ජලිකා. නමස්සමානාති “නමො නමො”ති වදමානා.
එහි යත්ථ චන්දිම සුරියා උග්ගච්ඡන්ති එකල උඩට ගනී. යත්ථච ඔග්ගච්ඡන්ති යම්කලෙක අස්තයට යයිද නගින කල්හිද බසින කල්හිද දකිත් යන අර්ථයි. ආයාචන්ති භාග්‍යවත් චන්ද්රය උදාවන්න. සූර්යයා උදාවන්න යයි මෙසේ අයැද සිටිත්. ථොමයන්ති චන්ද්‍රයා සෞම්‍යය. චන්ද්‍රයා පරිමණ්ඩල ඇත්තේය. චන්ද්‍රයා තල්ලුවී යන්නෙකියි ආදිය කියමින් ප්‍රශංසා කරති. පඤ්ජලිකා බැඳගත් ඇඳිලි ඇත්තාහු. නමස්සමානා නමො නමො යයි කියමින්.
යං පස්සන්තීති එත්ථ යන්ති නිපාතමත්තං. කිං පන න කිරාති එත්ථ ඉධ පන කිං වත්තබ්බං. යත්ථ කිර තෙවිජ්ජෙහි බ්රාහ්මණෙහි න බ්රහ්මා සක්ඛිදිට්ඨොති එවමත්ථො දට්ඨබ්බො.
යං පස්සන්ති මෙහි යං යනු නිපාත මාත්‍රයකි. කිංපන න කිර මෙහි යම්තැනෙක තෙවිජ්ජ බමුණන් විසින් බ්‍රහ්මයා ඇසින් නොදුටුකල මෙහිදී කුමක් කියන්නද මෙසේ අර්ථය දතයුතුය.
අචිරවතීනදීඋපමාකථා
සමතිත්තිකාති සමභරිතා. කාකපෙය්යාති යත්ථ කත්ථචි තීරෙ ඨිතෙන කාකෙන සක්කා පාතුන්ති කාකපෙය්යා. පාරං තරිතුකාමොති නදිං අතික්කමිත්වා පරතීරං ගන්තුකාමො. අව්හෙය්යාති පක්කොසෙය්ය. එහි පාරාපාරන්ති අම්භො පාර අපාරං එහි, අථ මං සහසාව ගහෙත්වා ගමිස්සසි, අත්ථි මෙ අච්චායිකකම්මන්ති අත්ථො.
සමතිත්තිකා සමබර වූවාහු. කාකපෙය්යා ඉවුරෙහි කොතැනක හෝ සිටි කපුටාට බීමට හැක්කේනුයි කාකපෙය්යා. පාරං තරිතුකාමො නදිය ඉක්මවා පරතෙරට යනු කැමැත්තේ. අව්හෙය්ය කැඳවන්නේය. එහි පාරාපාරං පින්වත් එතෙර, මෙතෙරට එන්න. එවිට මා වහාම ගෙන යන්නෙහිය. මට හදිසි කටයුත්තක් ඇත යන අර්ථයි.
යෙ ධම්මා බ්රාහ්මණකාරකාති එත්ථ පඤ්චසීලදසකුසලකම්මපථභෙදා ධම්මා බ්රාහ්මණකාරකාති වෙදිතබ්බා, තබ්බිපරීතා අබ්රාහ්මණකාරකා. ඉන්දමව්හායාමාති ඉන්දං අව්හායාම පක්කොසාම. එවං බ්රාහ්මණානං අව්හායනස්ස නිරත්ථකතං දස්සෙත්වා පුනපි භගවා අණ්ණවකුච්ඡියං සූරියො විය ජලමානො පඤ්චසතභික්ඛුපරිවුතො අචිරවතියා තීරෙ නිසින්නො අපරම්පි නදීඋපමංයෙව ආහරන්තො “සෙය්යථාපී”තිආදිමාහ.
යෙධම්මා බ්රාහ්මණකරණා මෙහි පංචශීල, දශකුශල කර්මපථ යනුවෙන් බෙදුණු ධර්ම බ්රාහ්මණකරණයයි දතයුතුය. එයින් වෙනස් වූ ධර්ම අබ්රාහ්මකරණ නමි. ඉන්දව්හයාම ඉන්ද්රයාට කතා කරමු. ඉන්ද්රයා කැඳවමු. මෙසේ බමුණන්ගේ ආහ්වානයෙහි (කැඳවීමෙහි) අරුත් රහිත බව දක්වා නැවතද භාග්‍යවතුන් වහන්සේ මුහුදු කුස තුළ සූර්යයා මෙන් බබලමින් පන්සියයක් භික්ෂූන් පිරිවරා අචිරවතී නදී තීරයෙහි හුන් සේක් තවත් නදී උපමාවක් ම ගෙනඑන සේක් ‘සෙය්යථාපි’ ආදිය කී සේක.
කාමගුණාති කාමයිතබ්බට්ඨෙන කාමා, බන්ධනට්ඨෙන ගුණා. “අනුජානාමි භික්ඛවෙ, අහතානං වත්ථානං දිගුණං සඞ්ඝාටි”න්ති (මහාව· 348) එත්ථ හි පටලට්ඨො ගුණට්ඨො. “අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො, වයොගුණා අනුපුබ්බං ජහන්තී”ති එත්ථ රාසට්ඨො ගුණට්ඨො. “සතගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා”ති (ම· නි· 3.379) එත්ථ ආනිසංසට්ඨො ගුණට්ඨො. “අන්තං අන්තගුණං (ඛු· පා· 3.1) කයිරා මාලාගුණෙ බහූ”ති (ධ· ප· 53) ච එත්ථ බන්ධනට්ඨො ගුණට්ඨො. ඉධාපි එසෙව අධිප්පෙතො. තෙන වුත්තං “බන්ධනට්ඨෙන ගුණා”ති. චක්ඛුවිඤ්ඤෙය්යාති චක්ඛුවිඤ්ඤාණෙන පස්සිතබ්බා. එතෙනුපායෙන සොතවිඤ්ඤෙය්යාදීසුපි අත්ථො වෙදිතබ්බො. ඉට්ඨාති පරියිට්ඨා වා හොන්තු, මා වා, ඉට්ඨාරම්මණභූතාති අත්ථො.
කාමගුණා - කැමති වියයුතු අර්ථයෙන් කාමා. බන්ධන අර්ථයෙන් ගුණා ‘මහණෙනි, තුනී රෙද්දෙන් දෙපට සිවුර අනුදනිමි’ - අනුජානාමි භික්ඛවෙ අහතානං වත්ථානං දිගුණං සංඝාටිං - මෙහි පටල අර්ථය සහ ගුණ අර්ථය ‘කාලය ගෙවේ. රාත්‍රිය දැඩි වේ. වයස් ගුණ පිළිවෙලින් අත්හරී. අච්චෙන්තිකාලා තරයන්ති රත්තියො වයො ගුණා අනු පුබ්බං ජහන්ති - මෙහි රාශී අර්ථය සහ ගුණ අර්ථයයි. දක්ෂිණාව ආනිසංස සියයක් ඇත්තෙකැයි අදහස් කෙරේ. සත ගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා මෙහි ආනිසංස අර්ථය සහ ගුණ අර්ථයයි. ‘බඩවැල මහබඩවැඩ බොහෝ මල්දම් කරන්නේය. අන්තං අන්තගුණං, කයිරා මාලාගුණෙ බහු - මෙහි බන්ධන අර්ථය සහ ගුණ අර්ථයයි. මෙහිද එයම අදහස් කරන ලදි. බන්ධන අර්ථයෙන් ගුණ යයි ඒ නිසා කියන ලදි. චක්ඛු විඤ්ඤෙය්යා චක්ඛු විඤ්ඤාණයෙන් බැලිය යුතුය. මේ උපායයෙන් සොතවිඤ්ඤාණ ආදියෙහිද අර්ථය දතයුතුය. ඉට්ඨා ඉෂ්ට වූයේ හෝ වේවා නොවේවා ඉෂ්ට ආරම්මණ වූ යන අර්ථයි.
කන්තාති කාමනීයා. මනාපාති මනවඩ්ඪනකා. පියරූපාති පියජාතිකා. කාමූපසඤ්හිතාති ආරම්මණං කත්වා උප්පජ්ජමානෙන කාමෙන උපසඤ්හිතා. රජනීයාති රඤ්ජනීයා, රාගුප්පත්තිකාරණභූතාති අත්ථො.
කන්තා කමනීය. මනාපා මන වඩන. පියරූපා ප්‍රිය ඇතිකරන. කාමූපසංහිතා අරමුණුකොට උපදනා කාමයෙන් යුතු. රජනීයා රංජනය කළ යුතු රාගය ඉපදීමට කරුණු වූ යන අර්ථයි.
ගධිතාති ගෙධෙන අභිභූතා හුත්වා. මුච්ඡිතාති මුච්ඡාකාරප්පත්තාය අධිමත්තකාය තණ්හාය අභිභූතා. අජ්ඣොපන්නාති අධිඔපන්නා ඔගාළ්හා “ඉදං සාර”න්ති පරිනිට්ඨානප්පත්තා හුත්වා. අනාදීනවදස්සාවිනොති ආදීනවං අපස්සන්තා. අනිස්සරණපඤ්ඤාති ඉදමෙත්ථ නිස්සරණන්ති, එවං පරිජානනපඤ්ඤාවිරහිතා, පච්චවෙක්ඛණපරිභොගවිරහිතාති අත්ථො.
ගධිතා ලෝභයෙන් යටපත් කරන ලද්දෝවැ. මුච්ඡිතා මූර්ඡා ආකාර බවට පත් අධිමාත්‍ර වූ තෘෂ්ණාවෙන් යටපත් කරන ලද්දෝවැ. අජ්ඣොපන්නා ගිලී කිමිදී. මෙය හරයයි නිෂ්ඨාවට පැමිණියෝව. අනාදීනව දස්සාවිනො ආදීනව නොදක්නාහු. අනිස්සරණ පඤ්ඤා මෙය මෙහි නිස්සරණං යනු මෙසේ පරිඥාන ප්‍රඥාවෙන් විරහිත වූ. ප්රත්යවේක්ෂණයෙන් පරිභෝගයක් නැති යන අර්ථයි.
ආවරණාතිආදීසු ආවරන්තීති ආවරණා. නිවාරෙන්තීති නීවරණා. ඔනන්ධන්තීති ඔනාහනා. පරියොනන්ධන්තීති පරියොනාහනා. කාමච්ඡන්දාදීනං විත්ථාරකථා විසුද්ධිමග්ගතො ගහෙතබ්බා.
ආවරණා ආදී තන්හි ආවරණය කරත්නුයි ආවරණං නිවාරණය කරත්නුයි නීවරණං දවටත්නුයි ඔනහා. හාත්පසින් දැවටෙත්නුයි පරියොනහා. කාමච්ඡන්ද ආදීන්ගේ විස්තර කථාව විශුද්ධි මාර්ගයෙන් ගතයුතුය.
ආවුතා නිවුතා ඔනද්ධා පරියොනද්ධාති පදානි ආවරණාදීනං වසෙන වුත්තානි. සපරිග්ගහොති ඉත්ථිපරිග්ගහෙන සපරිග්ගහොති පුච්ඡති. අපරිග්ගහො භො ගොතමාතිආදීසුපි කාමච්ඡන්දස්ස අභාවතො ඉත්ථිපරිග්ගහෙන අපරිග්ගහො. බ්යාපාදස්ස අභාවතො කෙනචි සද්ධිං වෙරචිත්තෙන අවෙරො. ථිනමිද්ධස්ස අභාවතො චිත්තගෙලඤ්ඤසඞ්ඛාතෙන බ්යාපජ්ජෙන අබ්යාපජ්ජො. උද්ධච්චකුක්කුච්චාභාවතො උද්ධච්චකුක්කුච්චාදීහි සංකිලෙසෙහි අසංකිලිට්ඨචිත්තො සුපරිසුද්ධමානසො. විචිකිච්ඡාය අභාවතො චිත්තං වසෙ වත්තෙති. යථා ච බ්රාහ්මණා චිත්තගතිකා හොන්තීති, චිත්තස්ස වසෙන වත්තන්ති, න තාදිසොති වසවත්තී.
ආවටා නිවුතා ඔඵුටා පරියොනද්ධා පද ආවරණ ආදීන්ගේ වශයෙන් කියන ලදි. සපරිග්ගහො ස්ත්‍රී පරිග්‍රහයෙන් පරිග්‍රහ සහිතදැයි විමසයි. අපරිග්ගහො භො ගොතමො ආදී තන්හිද කාමච්ඡන්දය නැති බැවින් ස්ත්‍රී පරිග්‍රහයෙන් පරිග්‍රහ නැත්තේ. ව්‍යාපාදය නැති බැවින් කවරකු හෝ සමග වෛර සිතින් වෛර නැති. ථීනමිද්ධය නැති බැවින් සිතෙහි ගිලන් බව සංඛ්‍යාත වූ ව්‍යාපාදයෙන් අව්‍යාපජ්ඣ වූ. උද්ධච්චකුක්කුච්චය නැති බැවින් උද්ධච්ච කුක්කුච්ච ආදි කෙසේවලින් නොකිලිටි සිත් ඇත්තේ සුපිරිසිදු මනසක් ඇත්තේ විචිකිච්ඡාව නැති බැවින් සිත වසඟයෙන් පවතී. යම්සේ බමුණෝ චිත්ත ගතිකයෝ වෙත්ද, සිතෙහි වසඟ බවෙහි පවතිත්ද, වසවත්ති යනු එබන්දෙක් නොවේ.
ඉධ ඛො පනාති ඉධ බ්රහ්මලොකමග්ගෙ. ආසීදිත්වාති අමග්ගමෙව “මග්ගො”ති උපගන්ත්වා. සංසීදන්තීති “සමතල”න්ති සඤ්ඤාය පඞ්කං ඔතිණ්ණා විය අනුප්පවිසන්ති. සංසීදිත්වා විසාරං පාපුණන්තීති එවං පඞ්කෙ විය සංසීදිත්වා විසාරං අඞ්ගමඞ්ගසංභඤ්ජනං පාපුණන්ති. සුක්ඛතරං මඤ්ඤෙ තරන්තීති මරීචිකාය වඤ්චෙත්වා “කාකපෙය්යා නදී”ති සඤ්ඤාය “තරිස්සාමා”ති හත්ථෙහි ච පාදෙහි ච වායමමානා සුක්ඛතරණං මඤ්ඤෙ තරන්ති. තස්මා යථා හත්ථපාදාදීනං සංභඤ්ජනං පරිභඤ්ජනං, එවං අපායෙසු සංභඤ්ජනං පරිභඤ්ජනං පාපුණන්ති. ඉධෙව ච සුඛං වා සාතං වා න ලභන්ති. තස්මා ඉදං තෙවිජ්ජානං බ්රාහ්මණානන්ති තස්මා ඉදං බ්රහ්මසහබ්යතාය මග්ගදීපකං තෙවිජ්ජකං පාවචනං තෙවිජ්ජානං බ්රාහ්මණානං. තෙවිජ්ජාඉරිණන්ති තෙවිජ්ජාඅරඤ්ඤං ඉරිණන්ති හි අගාමකං මහාඅරඤ්ඤං වුච්චති. තෙවිජ්ජාවිවනන්ති පුප්ඵඵලෙහි අපරිභොගරුක්ඛෙහි සඤ්ඡන්නං නිරුදකං අරඤ්ඤං. යත්ථ මග්ගතො උක්කමිත්වා පරිවත්තිතුම්පි න සක්කා හොන්ති, තං සන්ධායාහ “තෙවිජ්ජාවිවනන්තිපි වුච්චතී”ති.
ඉධ ඛො පන මෙහි බ්‍රහ්මලෝක මාර්ගයෙහි. ආදිසිත්වා නොමග මගැයි එළඹ. සංසීදන්ති සමතලයක්ය යන හැඟීමෙන් මඩට බැසගත්තාක් මෙන් පිවිසෙති. සංසීදිත්වා විසාදං පාපුණන්ති මෙසේ මඩෙහි මෙන් හිඳ දුර්මුඛ බව අඟපසඟ බිඳීමට පැමිණෙති. සුක්ඛතරං මඤ්ඤෙ පතරං මිරිඟුවෙන් මුළාවී කාකපෙය්ය නදියක් යයි හැඟීමෙන් තරණය කරන්නෙමුයි අතින් පයින් වෑයම් කරමින් පැල්ම වඩා වියලි යයි හඟිමි. ඒ නිසා ඔවුහු අත්පා බිඳීමක් කෑමක් වේද එසේ අපායයන්හි බිඳීම් කෑමවලට පැමිණෙත්. මෙලොවද සැපයක් හෝ සතුටක් නොලබත්. තස්මා ඉදං තෙවිජ්ජානං බ්රාහ්මණානං ඒ නිසා මෙය තෙවිජ්ජ බ්‍රාහ්මණයන්ට බ්‍රහ්ම සහව්‍යතාව සඳහා මගපෙන්වන තෙවිජ්ජක ධර්මය වෙයි. තෙවිජ්ජා ඊරිතං තෙවිජ්ජ අරණ්යයකි. ඉරණ යනු ගමක් නැති මහා අරණ්යයයි කියනු ලැබේ. එහි මාර්ගයෙන් ඉවත්ව හැරෙන්නට පවා නොහැක්කේය. ඒ සඳහා කීය. තෙවිජ්ජා විපිනං යයි ද කියනු ලැබේ.
තෙවිජ්ජාබ්යසනන්ති තෙවිජ්ජානං පඤ්චවිධබ්යසනසදිසමෙතං. යථා හි ඤාතිරොගභොග දිට්ඨි සීලබ්යසනප්පත්තස්ස සුඛං නාම නත්ථි, එවං තෙවිජ්ජානං තෙවිජ්ජකං පාවචනං ආගම්ම සුඛං නාම නත්ථීති දස්සෙති.
තෙවිජ්ජා ව්යසනං මෙය තෙවිජ්ජයන්ගේ පංචවිධ ව්‍යසනයන්ට සමානය. යම්සේ ඥාති රෝග භෝග දෘෂ්ටි ශීල ව්‍යසනයන්ට පත්වූවහුට සැපයක් නම් නැද්ද, මෙසේ තෙවිජ්ජයන්ට තෙවිජ්ජක ධර්මයට පැමිණ සැපයක් නම් නැතැයි දක්වයි.
ජාතසංවඩ්ඪොති ජාතො ච වඩ්ඪිතො ච, යො හි කෙවලං තත්ථ ජාතොව හොති, අඤ්ඤත්ථ වඩ්ඪිතො, තස්ස සමන්තා ගාමමග්ගා න සබ්බසො පච්චක්ඛා හොන්ති, තස්මා ජාතසංවඩ්ඪොති ආහ. ජාතසංවඩ්ඪොපි යො චිරනික්ඛන්තො, තස්ස න සබ්බසො පච්චක්ඛා හොන්ති. තස්මා “තාවදෙව අවසට”න්ති ආහ, තඞ්ඛණමෙව නික්ඛන්තන්ති අත්ථො. දන්ධායිතත්තන්ති අයං නු ඛො මග්ගො, අයං න නුඛොති කඞ්ඛාවසෙන චිරායිතත්තං. විත්ථායිතත්තන්ති යථා සුඛුමං අත්ථජාතං සහසා පුච්ඡිතස්ස කස්සචි සරීරං ථද්ධභාවං ගණ්හාති, එවං ථද්ධභාවග්ගහණං. න ත්වෙවාති ඉමිනා සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස අප්පටිහතභාවං දස්සෙති. තස්ස හි පුරිසස්ස මාරාවට්ටනාදිවසෙන සියා ඤාණස්ස පටිඝාතො. තෙන සො දන්ධායෙය්ය වා විත්ථායෙය්ය වා. සබ්බඤ්ඤුතඤ්ඤාණං පන අප්පටිහතං, න සක්කා තස්ස කෙනචි අන්තරායො කාතුන්ති දීපෙති.
ජාතවද්ධෙ උපන්නේද වැඩුණේද, යමෙක් හුදෙක් එහි උපන්නේ වෙයිද අන්තැනක වැඩුණේ වෙයි. ඔහුට හාත්පස ග්‍රාම මාර්ග සර්වාකාරයෙන් ප්රත්යක්ෂ නොවේද, ඒ නිසා ජාතවද්ධො යයි කීය. ජාතවද්ධයකු වුවද යමෙක් බොහෝ කලක් ගමෙන් නික්ම සිටියේද ඔහුට සර්වාකාරයෙන් ප්රත්යක්ෂ නොවේ. ඒ නිසා එකෙණෙහ නික්මුණේයයි කීය. එකෙණෙහි නික්මුණු යන අර්ථයි. දන්ධායිතත්තං මාර්ගය මෙයද, මාර්ගය මෙයදැයි සැක වශයෙන් කල්යන බව. විත්ථායිතත්තං යම්සේ සියුම් දෙයක් වහා අසනු ලැබූවහුගේ ශරීරය තදබවක් ගනීද එසේ තදබව, අලස බව ගැනීමයි. නත්ථෙ ව මෙයින් සර්වඥතා ඥානයෙහි අදූෂිත බව දැක්වේ. ඒ පුරුෂයාගේ මාරාවේශ වශයෙන් ඥානයෙහි විනාශයක් වේද, ඒ නිසා ඔහු අලස හෝ වන්නේය. පැකිළෙන්නේ හෝ වෙයි. සර්වඥතාඥානය අදූෂිත බැවින් එයට කවරකු විසින් හෝ අන්තරායක් කිරීමට නොහැකි යයි දක්වයි.
උල්ලුම්පතු භවං ගොතමොති උද්ධරතු භවං ගොතමො. බ්රාහ්මණිං පජන්ති බ්රාහ්මණදාරකං, භවං ගොතමො මම බ්රාහ්මණපුත්තං අපායමග්ගතො උද්ධරිත්වා බ්රහ්මලොකමග්ගෙ පතිට්ඨපෙතූති අත්ථො. අථස්ස භගවා බුද්ධුප්පාදං දස්සෙත්වා සද්ධිං පුබ්බභාගපටිපදාය මෙත්තාවිහාරාදිබ්රහ්මලොකගාමිමග්ගං දෙසෙතුකාමො “තෙන හි වාසෙට්ඨා”තිආදිමාහ. තත්ථ “ඉධ තථාගතො”තිආදි සාමඤ්ඤඵලෙ විත්ථාරිතං. මෙත්තාසහගතෙනාතිආදීසු යං වත්තබ්බං, තං සබ්බං විසුද්ධිමග්ගෙ බ්රහ්මවිහාරකම්මට්ඨානකථායං වුත්තං.
උල්ලුම්පතු භවං ගොතමො භවත් ගෞතමයන් වහන්සේ ඔසවා තබන සේක්වා. බ්රාහ්මණිංපජං බමුණු දරුවා. භවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණ පුත්‍රයකු වූ මා අපාය මාර්ගයෙන් උඩට ඔසවා බ්‍රහ්මලෝක මාර්ගයෙහි පිහිටුවන සේක්වා යන අර්ථයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බුද්ධෝත්පාදය දක්වා පූර්වභාග ප්‍රතිපදාව සමග මෛත්‍රී විහාර ආදී බ්රහ්මලේකයට යන මාර්ගය දේශනා කරනු කැමති සේක් ‘තෙනහි වාසෙට්ඨ’ ආදිය කී සේක. එහි ඉධ තථාගතො’ ආදිය සාමඤ්ඤ ඵලයෙහි විස්තර කරන ලදි. ‘මෙත්තා සහගතෙන’ ආදී තන්හි යමක් කිවයුතුද ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි බ්‍රහ්මවිහාර කම්මට්ඨාන කථාවෙහි කියන ලදි.
සෙය්යථාපි වාසෙට්ඨ බලවා සඞ්ඛධමොතිආදි පන ඉධ අපුබ්බං. තත්ථ බලවාති බලසම්පන්නො. සඞ්ඛධමොති සඞ්ඛධමකො. අප්පකසිරෙනාති අකිච්ඡෙන අදුක්ඛෙන. දුබ්බලො හි සඞ්ඛධමො සඞ්ඛං ධමන්තොපි න සක්කොති චතස්සො දිසා සරෙන විඤ්ඤාපෙතුං, නාස්ස සඞ්ඛසද්දො සබ්බතො ඵරති. බලවතො පන විප්ඵාරිකො හොති, තස්මා “බලවා”තිආදිමාහ. මෙත්තාය චෙතොවිමුත්තියාති එත්ථ මෙත්තාති වුත්තෙ උපචාරොපි අප්පනාපි වට්ටති, “චෙත්තොවිමුත්තී”ති වුත්තෙ පන අප්පනාව වට්ටති. යං පමාණකතං කම්මන්ති පමාණකතං කම්මං නාම කාමාවචරං වුච්චති. අප්පමාණකතං කම්මං නාම රූපාරූපාවචරං. තඤ්හි පමාණං අතික්කමිත්වා ඔදිස්සකඅනොදිස්සකදිසාඵරණවසෙන වඩ්ඪෙත්වා කතත්තා අප්පමාණකතන්ති වුච්චති. න තං තත්‍රාවසිස්සති න තං තත්රාවතිට්ඨතීති තං කාමාවචරකම්මං තස්මිං රූපාවචරාරූපාවචරකම්මෙ න ඔහීයති, න තිට්ඨති. කිං වුත්තං හොති – තං කාමාවචරකම්මං තස්ස රූපාරූපාවචරකම්මස්ස අන්තරා ලග්ගිතුං වා ඨාතුං වා රූපාරූපාවචරකම්මං ඵරිත්වා පරියාදියිත්වා අත්තනො ඔකාසං ගහෙත්වා පතිට්ඨාතුං න සක්කොති. අථ ඛො රූපාවචරාරූපාවචරකම්මමෙව කාමාවචරං මහොඝො විය පරිත්තං උදකං ඵරිත්වා පරියාදියිත්වා අත්තනො ඔකාසං ගහෙත්වා තිට්ඨති. තස්ස විපාකං පටිබාහිත්වා සයමෙව බ්රහ්මසහබ්යතං උපනෙතීති. එවංවිහාරීති එවං මෙත්තාදිවිහාරී.
සෙය්යථාපි වාසෙට්ඨ බලවා සංඛධමො ආදිය මෙහි පෙර නො ආයේය. එහි බලවා යනු බලසම්පන්න, සංඛධමො සක් පිඹින්නෙක්. අප්පකසිරෙන කරදර නැතිව, දුකක් නැතිව, දුර්වල සක් පිඹින්නා සක පිඹින්නේ වුවද සිව්දෙස ශබ්දයෙන් දන්වන්ට නොහැක්කේ වෙයි. ඔහුගේ සක්හඬ සැමතැන නොපැතිරේ. බලවන්තයාගේ හඬ පැතිරී යන්නක් වේ. ඒ නිසා බලවා යයි කීය. මෙත්තාය චෙතො විමුත්තියා මෙහි මෙත්තා යයි කීවිට උපචාරයද, අර්පණාවද වටී. චෙතො විමුත්ති යයි කීවිට අර්පණාව පමණක් වටී. යං පමාණ කතං කම්මං පමාණ කතං කම්මං යනු කාමාවචරයයි කියනු ලැබේ. අප්පමාණ කතං කම්මං යනු රූපාවචර අරූපාවචරයයි. එය ප්‍රමාණය ඉක්මවා නියත අනියත දිශාවන්හි පැතිරීම් වශයෙන් වර්ධනය කොට කරන ලද බැවින් අප්පමාණ කතං යයි කියනු ලැබේ. න තං තත්ර වසිස්සති න තං තත්‍රාවතිට්ඨති ඒ කාමාවචර කර්මය එහි රූපාවචර අරූප්‍ය කර්මයෙන් සෝදා හරී. නොසිටී. කුමක් කියන ලද්දේ ද? ඒ කාමාවචර කර්මයට ඒ රූපාවචර අරූපාවචර කර්මය අතර ලගින්ට හෝ සිටින්ට හෝ රූපාවචර අරූපාවචර කර්මය පතුරුවා අභිභවා සිටින්ට තමාගේ අවකාශයක් ගෙන පිහිටා සිටීමට නොහැකිය. නැවතද, රූපාවචර අරූපාවචර කර්මයම කාමාවචරය මහා දියකඳක් මෙන් මඳ දියක් පතුරුවා අභිභවා තමාගේ අවකාශයක් ගෙන සිටී. එහි විපාකය ඉවත්කොට තමාම බ්‍රහ්ම සහව්‍යතාවට ගෙනයයි. එවං විහාරී මෙසේ මෛත්‍රී ආදි විහාර ඇත්තේ.
එතෙ මයං භවන්තං ගොතමන්ති ඉදං තෙසං දුතියං සරණගමනං. පඨමමෙව හෙතෙ මජ්ඣිමපණ්ණාසකෙ වාසෙට්ඨසුත්තං සුත්වා සරණං ගතා, ඉමං පන තෙවිජ්ජසුත්තං සුත්වා දුතියම්පි සරණං ගතා. කතිපාහච්චයෙන පබ්බජිත්වා අග්ගඤ්ඤසුත්තෙ උපසම්පදඤ්චෙව අරහත්තඤ්ච අලත්ථුං. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
එතෙමයං භගවන්තං ගොතමං සරණං මෙය ඔවුන්ගේ දෙවැනි සරණාගමනයයි. පළමුවෙන්ම ඔවුහු මජ්ඣිම පණ්ණාසකයෙහි වාසිට්ඨ සූත්‍රය අසා සරණ ගියහ. මේ තෙවිජ්ජ සූත්‍රය අසා දෙවැනිව සරණ ගොස් කිහිප දිනක් ඇවෑමෙන් පැවිදි වී අග්ගඤ්ඤ සූත්‍රයේදී උපසම්පදාවද රහත්බවද ලැබූහ. සේසස සියලු තැන කියන ලද අර්ථ ඇත්තේමය.
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං තෙවිජ්ජසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවිජ්ජ සූත්‍ර වර්ණනාව නිමියේ ය.
නිට්ඨිතා ච තෙරසසුත්තපටිමණ්ඩිතස්ස සීලක්ඛන්ධවග්ගස්ස අත්ථවණ්ණනාති.
සීලක්ඛන්ධ වර්ණනාවද මෙසේ නිමියේ ය.
සීලක්ඛන්ධවග්ගට්ඨකථා නිට්ඨිතා.