යෙදුමෙන් කියවන්න

1. මහාපදානසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. මහාපදානසුත‍්තවණ‍්ණනා

1. මහාපදාන සුත්ත වර්ණනාව

පුබ‍්බෙනිවාසපටිසංයුත‍්තකථා

එවං මෙ සුතං…පෙ… කරෙරිකුටිකායන‍්ති මහාපදානසුත‍්තං. තත්‍රායං අපුබ‍්බපදවණ‍්ණනා – කරෙරිකුටිකායන‍්ති කරෙරීති වරුණරුක‍්ඛස‍්ස නාමං, කරෙරිමණ‍්ඩපො තස‍්සා කුටිකාය ද‍්වාරෙ ඨිතො, තස‍්මා “කරෙරිකුටිකා”ති වුච‍්චති, යථා කොසම‍්බරුක‍්ඛස‍්ස ද‍්වාරෙ ඨිතත‍්තා “කොසම‍්බකුටිකා”ති. අන‍්තොජෙතවනෙ කිර කරෙරිකුටි කොසම‍්බකුටි ගන්‍ධකුටි සලළාගාරන‍්ති චත‍්තාරි මහාගෙහානි, එකෙකං සතසහස‍්සපරිච‍්චාගෙන නිප‍්ඵන‍්නං. තෙසු සලළාගාරං රඤ‍්ඤා පසෙනදිනා කාරිතං, සෙසානි අනාථපිණ‍්ඩිකෙන කාරිතානි. ඉති භගවා අනාථපිණ‍්ඩිකෙන ගහපතිනා ථම‍්භානං උපරි කාරිතාය දෙවවිමානකප‍්පාය කරෙරිකුටිකායං විහරති. පච‍්ඡාභත‍්තන‍්ති එකාසනිකඛලුපච‍්ඡාභත‍්තිකානං පාතොව භුත‍්තානං අන‍්තොමජ‍්ඣන‍්හිකෙපි පච‍්ඡාභත‍්තමෙව. ඉධ පන පකතිභත‍්තස‍්ස පච‍්ඡතො “පච‍්ඡාභත‍්ත”න‍්ති අධිප‍්පෙතං. පිණ‍්ඩපාතපටික‍්කන‍්තානන‍්ති පිණ‍්ඩපාතතො පටික‍්කන‍්තානං, භත‍්තකිච‍්චං නිට‍්ඨපෙත්‍වා උට‍්ඨිතානන‍්ති අත්‍ථො.

එවම්මෙසුතං -පෙ- කරෙරිකුටිකාය යනුවෙන් ආරම්භ වන මහාපදාන සූත්‍රයයි. මේ එහි අපූර්ව වූ පද වර්ණනාවයි. කරෙරිකුටිකාය යන්නෙහි කරෙරි යනු ලුණුවරණ ගසට නමකි. කරෙරි මණ්ඩපය ඒ කුටියෙහි දොරටුව ළඟ පිහිටියේය. ඒ නිසා කරෙරු කුටිකා යැයි කියනු ලැබේ. යම්සේ කොසඹ රුක් අබියස පිහිටි බැවින් කොසම්බකුටිකා යැයි කියන්නාක් මෙනි. දෙව්රම් වෙහෙරෙහි වනාහි කරෙරි කුටිය, කොසම්බ කුටිය, ගන්‍ධකුටිය, සලළ ගෘහය කියා මහා ගෘහ සතරක් ඇත. ඒ එකිනෙක ගෘහය ශතසහස්‍ර ගණන් ධන පරිත්‍යාගයෙන් ගොඩනගන ලදි. ඒවා අතරින් සලළ ඝරය වනාහි පසේනදී කොසොල් රජු විසින් කරවන ලදි. ඉතිරි එ්වා අනේපිඬු ගෘහපතියා විසින් කරවන ලදි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු ගෘහපතියා විසින් ටැම් මත කරවන ලද, දිව්‍ය විමානයක් බඳු කරෙරි කුටියෙහි වැඩ වසයි. පච්ඡා භත්තං යනු ඒකාසනිකාංගය සමාදන් වූ අලුයම වළඳන ඇත්තාට මධ්‍යාහ්න ආහාරය පච්ඡා භත්ත වේ. මෙහි වනාහි ස්වාභාවික ආහාර වේලට පසුව යන අදහස ගැනේ. පිණ්ඩපාත පටික්කන්තානං පිණ්ඩපාතයෙන් ඉවත් වූ ඇත්තන්ට, බත්කිස නිමවා නැගිට සිටිය ඇත්තන්ට යන අර්ථයි.

කරෙරිමණ‍්ඩලමාළෙති තස‍්සෙව කරෙරිමණ‍්ඩපස‍්ස අවිදූරෙ කතාය නිසීදනසාලාය. සො කිර කරෙරිමණ‍්ඩපො ගන්‍ධකුටිකාය ච සාලාය ච අන‍්තරෙ හොති, තස‍්මා ගන්‍ධකුටීපි කරෙරිකුටිකාපි සාලාපි – “කරෙරිමණ‍්ඩලමාළො”ති වුච‍්චති. පුබ‍්බෙනිවාසපටිසංයුත‍්තාති “එකම‍්පි ජාතිං, ද‍්වෙපි ජාතියො”ති එවං විභත‍්තෙන පුබ‍්බෙනිවුත්‍ථක‍්ඛන්‍ධසන‍්තානසඞ‍්ඛාතෙන පුබ‍්බෙනිවාසෙන සද‍්ධිං යොජෙත්‍වා පවත‍්තිතා. ධම‍්මීති ධම‍්මසංයුත‍්තා.

කරෙරි මණ්ඩල මාලෙ යනු එම කරෙරි මණ්ඩපයේම අසලින් කරන ලද හිඳිනා ශාලාවෙහි. ඒ කරේරි මණ්ඩපය වනාහි ගඳකිළියටත් ශාලාවටත් අතරෙහි පිහිටියේය. ඒ නිසා ගඳකිළියද කරෙරි කුටිකා යැයි ද ශාලාව කරෙරි මණ්ඩල මාලය යැයිද කියනු ලැබේ. පුබ්බෙනිවාස පටිසංයුත්තා යනු එක් ජාතියක් ජාති දෙකක් ආදී ලෙස පෙර වසන ලද ස්කන්ධ සංඛ්‍යාත පෙර විසූ ආත්මභාවයන් සමග යෙදී පැවතියා වූ ධම්මී ධර්මයෙන් යුක්ත වූ.

උදපාදීති අහො අච‍්ඡරියං දසබලස‍්ස පුබ‍්බෙනිවාසඤාණං, පුබ‍්බෙනිවාසං නාම කෙ අනුස‍්සරන‍්ති, කෙ නානුස‍්සරන‍්තීති. තිත්‍ථියා අනුස‍්සරන‍්ති, සාවකා ච පච‍්චෙකබුද‍්ධා ච බුද‍්ධා ච අනුස‍්සරන‍්ති. කතරතිත්‍ථියා අනුස‍්සරන‍්ති? යෙ අග‍්ගප‍්පත‍්තකම‍්මවාදිනො, තෙපි චත‍්තාලීසංයෙව කප‍්පෙ අනුස‍්සරන‍්ති, න තතො පරං. සාවකා කප‍්පසතසහස‍්සං අනුස‍්සරන‍්ති. ද‍්වෙ අග‍්ගසාවකා අසඞ‍්ඛ්‍යෙය්‍යඤ‍්චෙව කප‍්පසතසහස‍්සඤ‍්ච. පච‍්චෙකබුද‍්ධා ද‍්වෙ අසඞ‍්ඛ්‍යෙය්‍යානි කප‍්පසතසහස‍්සඤ‍්ච. බුද‍්ධානං පන එත‍්තකන‍්ති පරිච‍්ඡෙදො නත්‍ථි, යාවතකං ආකඞ‍්ඛන‍්ති, තාවතකං අනුස‍්සරන‍්ති.

උදපාදි යනු අහෝ පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ පෙර විසූ ආත්මභාවයන් දැනගැනීමේ නුවණ පුදුමය. පෙර විසූ කඳපිළිවෙල කවරෙක් නම් සිහි කරන්නේද? කවරෙක් නම් සිහි නොකරන්නේද? තීර්තකයෝ සිහිකරති. ශ්‍රාවකයෝත් පසේබුදුවරයන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේලාත් සිහි කරත්. කවරනම් තීර්ථකයෝ සිහිකරත්ද? යම් ඒ කර්මවාදී වූ අගතැන්පත් වූවාහු ද කල්ප හතලිහක් සිහිකරත්. ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ශතසහස්‍රයක් සිහිකරත්. අගසව් දෙදෙනා වහන්සේ අසංඛෙය්‍ය වූ කල්ප ශත සහස්‍රයක් සිහිකරත්. පසේබුදුවරයන් වහන්සේලා කල්ප ශතසහස්‍ර අසංඛ්‍ය දෙකක්ද සිහිකරත්. බුදුවරයන් වහන්සේලාට මෙපමණයැයි සීමාවක් නැත. යම්තාක් කැමැති වෙත්ද ඒතාක් සිහි කරත්.

තිත්‍ථියා ඛන්‍ධපටිපාටියා අනුස‍්සරන‍්ති, පටිපාටිං මුඤ‍්චිත්‍වා න සක‍්කොන‍්ති. පටිපාටියා අනුස‍්සරන‍්තාපි අසඤ‍්ඤභවං පත්‍වා ඛන්‍ධප‍්පවත‍්තිං න පස‍්සන‍්ති, ජාලෙ පතිතා කුණ‍්ඨා විය, කූපෙ පතිතා පඞ‍්ගුළා විය ච හොන‍්ති. තෙ තත්‍ථ ඨත්‍වා “එත‍්තකමෙව, ඉතො පරං නත්‍ථී”ති දිට‍්ඨිං ගණ‍්හන‍්ති. ඉති තිත්‍ථියානං පුබ‍්බෙනිවාසානුස‍්සරණං අන්‍ධානං යට‍්ඨිකොටිගමනං විය හොති. යථා හි අන්‍ධා යට‍්ඨිකොටිග‍්ගාහකෙ සතියෙව ගච‍්ඡන‍්ති, අසති තත්‍ථෙව නිසීදන‍්ති, එවමෙව තිත්‍ථියා ඛන්‍ධපටිපාටියාව අනුස‍්සරිතුං සක‍්කොන‍්ති, පටිපාටිං විස‍්සජ‍්ජෙත්‍වා න සක‍්කොන‍්ති.

යම් ඒ අගතැන්පත් කර්මවාදී තීර්ථකයෝ වෙත්ද ඔවුහු කඳපිළිවෙලින් සිහිකරත්. පිළිවෙල සිඳ දමා නොහැකි වෙත්. පිළිවෙලින් සිහිකරන්නාහු නමුත් අසඤ්ඤභාවයට පැමිණ ස්කන්ධ පැවැත්ම නොදකිත්. දැලෙහි බැඳුනු පක්‍ෂීන් මෙනි. මොට වූවන් මෙන් කොරුන් මෙන් වෙත්. ඔවුහු එහි සිට මෙය පමණයි. මින් එහා නැත යන දෘෂ්ටිය ගනිත්. මෙසේ තීර්ථකයන් පෙරවිසූ කඳපිළිවෙල සිහිකිරීම වනාහි අන්ධයාගේ කණවැල අල්ලාගෙන යාම වැනිය. යම්සේ අන්ධයෝ සැරයටිය අග අල්වා ගත්තවුන් ඇතිකල්හි යත්. නැතිකල්හි එහිම හිඳිත්. මෙපරිද්දෙන් තීර්ථකයෝ කඳපිළිවෙලින් සිහිකරන්නට හැකිවෙත්. පිළිවෙල හැර නොහැකි වෙත්.

සාවකාපි ඛන්‍ධපටිපාටියාව අනුස‍්සරන‍්ති, අසඤ‍්ඤභවං පත්‍වා ඛන්‍ධප‍්පවත‍්තිං න පස‍්සන‍්ති. එවං සන‍්තෙපි තෙ වට‍්ටෙ සංසරණකසත‍්තානං ඛන්‍ධානං අභාවකාලො නාම නත්‍ථි. අසඤ‍්ඤභවෙ පන පඤ‍්චකප‍්පසතානි පවත‍්තන‍්තීති තත‍්තකං කාලං අතික‍්කමිත්‍වා බුද‍්ධෙහි දින‍්නනයෙ ඨත්‍වා පරතො අනුස‍්සරන‍්ති; සෙය්‍යථාපි ආයස‍්මා සොභිතො. ද‍්වෙ අග‍්ගසාවකා පන පච‍්චෙකබුද‍්ධා ච චුතිපටිසන්‍ධිං ඔලොකෙත්‍වා අනුස‍්සරන‍්ති. බුද‍්ධානං චුතිපටිසන්‍ධිකිච‍්චං නත්‍ථි, යං යං ඨානං පස‍්සිතුකාමා හොන‍්ති, තං තදෙව පස‍්සන‍්ති.

ශ්‍රාවකයෝ ද කඳපිළිවෙලින් සිහිකරත්. අසඤ්ඤ භවයට පැමිණ ස්කන්ධයන්ගේ පැවැත්ම නොදකිත්. මෙසේ ඇතිකල්හිද සසර සැරිසරන සත්ත්වයන්ගේ ස්කන්ධයක් නොමැති කාලයක්ද නැත. අසඤ්ඤ භවයෙහි වනාහි කල්ප පන්සියයක් පවතීයැයි එපමණ කාලයක් ඉක්මවා බුදුවරයන් වහන්සේලා විසින් දෙන ලද ක්‍රමයෙහි පිහිටා එයින් එහි සිහිකරත්. යම්සේ ආයුෂ්මත් ඝොසිත තෙරුන් මෙනි. අගසව් දෙනමද පසේබුදුරයන් වහන්සේලා ද චුති ප්‍රතිසන්ධි බල බලා සිහිකරත්. බුදුවරයන් වහන්සේලාට චුති, ප්‍රතිසන්ධි දෙකම නැත. යම් යම් ස්ථානයක් දකිනු කැමැතිද ඒ ඒ දේම දකිත්.

තිත්‍ථියා ච පුබ‍්බෙනිවාසං අනුස‍්සරමානා අත‍්තනා දිට‍්ඨකතසුතමෙව අනුස‍්සරන‍්ති. තථා සාවකා ච පච‍්චෙකබුද‍්ධා ච. බුද‍්ධා පන අත‍්තනා වා පරෙහි වා දිට‍්ඨකතසුතං සබ‍්බමෙව අනුස‍්සරන‍්ති.

තීර්ථකයෝ ද පෙර අත්බැව් සිහිකරන්නාහු තමා විසින් දකින ලද අසන ලද කරන ලද දෙයම සිහිකරත්. ශ්‍රාවකයෝද එසේම වෙත්. පසේබුදුවරයන් වහන්සේලාත්, බුදුවරයන් වහන්සේලාත් තමන් විසින් හෝ අනුන් විසින් දකින ලද අසන ලද කරන ලද සියල්ලම සිහිකරත්.

තිත්‍ථියානං පුබ‍්බෙනිවාසඤාණං ඛජ‍්ජොපනකඔභාසසදිසං, සාවකානං පදීපොභාසසදිසං, අග‍්ගසාවකානං ඔසධිතාරකොභාසසදිසං, පච‍්චෙකබුද‍්ධානං චන්‍දොභාසසදිසං, බුද‍්ධානං සරදසූරියමණ‍්ඩලොභාසසදිසං. තස‍්ස එත‍්තකානි ජාතිසතානි ජාතිසහස‍්සානි ජාතිසතසහස‍්සානීති වා එත‍්තකානි කප‍්පසතානි කප‍්පසහස‍්සානි කප‍්පසතසහස‍්සානීති වා නත්‍ථි, යං කිඤ‍්චි අනුස‍්සරන‍්තස‍්ස නෙව ඛලිතං, න පටිඝාතං හොති, ආවජ‍්ජනපටිබද‍්ධමෙව ආකඞ‍්ඛමනසිකාරචිත‍්තුප‍්පාදපටිබද‍්ධමෙව හොති. දුබ‍්බලපත‍්තපුටෙ වෙගක‍්ඛිත‍්තනාරාචො විය, සිනෙරුකූටෙ විස‍්සට‍්ඨඉන්‍දවජිරං විය ච අසජ‍්ජමානමෙව ගච‍්ඡති. “අහො මහන‍්තං භගවතො පුබ‍්බෙනිවාසඤාණ”න‍්ති එවං භගවන‍්තංයෙව ආරබ‍්භ කථා උප‍්පන‍්නා, ජාතා පවත‍්තාති අත්‍ථො. තං සබ‍්බම‍්පි සඞ‍්ඛෙපතො දස‍්සෙතුං “ඉතිපි පුබ‍්බෙනිවාසො, ඉතිපි පුබ‍්වෙනිවාසො”ති එත‍්තකමෙව පාළියං වුත‍්තං. තත්‍ථ ඉතිපීති එවම‍්පි.

තීර්ථකයන්ගේ පෙර විසූ අත්බැව් දැනීමේ නුවණ කදෝපැණියකුගේ ආලෝකය බඳුය. ශ්‍රාවකයන්ගේ වනාහි ප්‍රදීපයක ආලෝකය බඳුය. අග්‍ර ශ්‍රාවකයන්ගේ වනාහි ඕෂධී තාරකාවගේ ආලෝකය මෙනි. පසේබුදුවරයන් වහන්සේලාගේ වනාහි චන්ද්‍රයාගේ ආලෝකය වැනිය. බුදුවරයන් වහන්සේලාගේ වනාහි සරත් කාලයේ සූර්යයාගේ ආලෝකය බඳුය. උන්වහන්සේලාට මෙපමණ ජාති සියය ජාති දහසක් ජාති ලක්‍ෂයක් හෝ කල්ප සියයක් කල්ප දහසක් කල්ප ලක්‍ෂයක් කියා නැත. යමක් සිහි කරන්නේ ද එහි පැකිලීමක් හෝ ගැටීමක් නැත. ආවර්ජනය හා බැඳුනේම වන්නේ ය. කැමැත්ත, මෙනෙහි කිරීම හා සිතිවිල්ල පහළවීම හා බැඳී පවතී. දුබල පරඬලාවක හෙළන ලද රත්වූ යකඩයක් මෙන් සිනේරු පර්වතයෙහි විදින ලද වජ්‍රයක් මෙන් නොරැඳී ගමන් කරයි. අහෝ! බුදුවරයන් වහන්සේගේ පෙර විසූ කඳපිළිවෙල දන්නා නුවණ පුදුම සහගතය. මහත්ය. මෙසේ බුදුරජාණන් වහන්සේ අරබයා උපන්, පැවති යන අර්ථයි. ඒ සියල්ල ද ලුහුඩින් දක්වන්නට මෙයද පෙරවිසූ අයුරුය. මෙයද පෙරවිසූ අයුරුය යන්න පමණක් පෙළෙහි දක්වන ලදි. එහි මෙසේය.

අස‍්සොසි ඛො…පෙ… අථ භගවා අනුප‍්පත‍්තොති එත්‍ථ යං වත‍්තබ‍්බං, තං බ්‍රහ‍්මජාලසුත‍්තවණ‍්ණනායං වුත‍්තමෙව. අයමෙව හි විසෙසො – තත්‍ථ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන අස‍්සොසි, ඉධ දිබ‍්බසොතෙන. තත්‍ථ ච වණ‍්ණාවණ‍්ණකථා විප‍්පකතා, ඉධ පුබ‍්බෙනිවාසකථා. තස‍්මා භගවා – “ඉමෙ භික‍්ඛූ මම පුබ‍්බෙනිවාසඤාණං ආරබ‍්භ ගුණං ථොමෙන‍්ති, පුබ‍්බෙනිවාසඤාණස‍්ස පන මෙ නිප‍්ඵත‍්තිං න ජානන‍්ති; හන්‍ද නෙසං තස‍්ස නිප‍්ඵත‍්තිං කථෙත්‍වා දස‍්සාමී”ති ආගන‍්ත්‍වා පකතියාපි බුද‍්ධානං නිසීදිත්‍වා ධම‍්මදෙසනත්‍ථමෙව ඨපිතෙ තඞ‍්ඛණෙ භික‍්ඛූහි පප‍්ඵොටෙත්‍වා දින‍්නෙ වරබුද‍්ධාසනෙ නිසීදිත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ”ති පුච‍්ඡාය ච “ඉධ, භන‍්තෙ”තිආදිපටිවචනස‍්ස ච පරියොසානෙ තෙසං පුබ‍්බෙනිවාසපටිසංයුත‍්තං ධම‍්මිං කථං කථෙතුකාමො ඉච‍්ඡෙය්‍යාථ නොතිආදිමාහ. තත්‍ථ ඉච‍්ඡෙය්‍යාථ නොති ඉච‍්ඡෙය්‍යාථ නු. අථ නං පහට‍්ඨමානසා භික‍්ඛූ යාචමානා එතස‍්ස භගවාතිආදිමාහංසු. තත්‍ථ එතස‍්සාති එතස‍්ස ධම‍්මිකථාකරණස‍්ස.

අස්සොසි ඛො -පෙ- අථ භගවා අනුප්පත්තො යනු මෙහි යමක් කිවයුතුද? එය බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනාවේ කියන ලදි. මෙයම විශේෂයයි. එහිදී සර්වඥතා ඥානයෙන් අසන ලදි. මෙහි දිවකනින් අසන ලදි. එහිද වර්ණනාව, වර්ණනා කථාව නිමකළේ නැත. මෙහි පෙර අත්බැව් පිළිබඳ කථාය. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ, මේ භික්‍ෂූන් මාගේ පෙරවිසූ අත්බැව් දැනගැනීමේ නුවණ පිළිබඳව ගුණ කථා කරන්නේ යැයි ද මාගේ එම නුවණ ලබාගත් ආකාරය නොදනිත් යැයි ද සිතා දැන් ඔවුන්ට එහි නිෂ්පත්තිය කියා දෙන්නෙමියි වැඩමකර සාමාන්‍ය බුද්ධාසනයේ වැඩසිට ඒ මොහොතේම ධර්මදේශනාව සඳහා භික්‍ෂූන් විසින් පිළියෙල කරන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහිඳ මහණෙනි! කවර කථාවකින් යුක්තව සිටියේදැයි විචාරා ස්වාමීනි! මෙහිදී ආදී වූ පිළිතුරු දීමෙන් පසුව ඔවුන්ට පෙර විසූ කඳපිළිවෙල හා සම්බන්ධ වූ ධර්මදේශනාව පවත්වනු කැමැත්තේ ඔබලා කැමැත්තහුද ආදිය වදාළහ. එහි ඉච්ඡෙය්‍යාථ නො යනු කිම කැමැති වන්නාහුද? ඉක්බිති සතුටු සිත් ඇති භික්‍ෂූහු උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ එතස්ස භගවා (භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මදේශනාව සඳහා) ආදිය පැවසූහ. එහි එතස්ස යනු මේ ධර්මකථාව කරනු පිණිස.

අථ භගවා තෙසං යාචනං ගහෙත්‍වා කථෙතුකාමො “තෙන හි, භික‍්ඛවෙ, සුණාථා”ති තෙ සොතාවධාරණසාධුකමනසිකාරෙසු නියොජෙත්‍වා අඤ‍්ඤෙසං අසාධාරණං ඡින‍්නවටුමකානුස‍්සරණං පකාසෙතුකාමො ඉතො සො, භික‍්ඛවෙතිආදිමාහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම පිළිගෙන දේශනාකරනු කැමැත්තේ එසේනම් මහණෙනි, අසව්! යැයි ඔවුන්ගේ කන් මනාව සිහියෙහි පිහිටුවා අන්‍යයන්ට අසමාන වූ සිඳීගිය මාර්ගය සිහිපත් කිරීම කරනු කැමැත්තේ ඉතො සො භික්ඛවෙ ආදිය වදාළහ.

තත්‍ථ යං විපස‍්සීති යස‍්මිං කප‍්පෙ විපස‍්සී. අයඤ‍්හි ‘ය’න‍්ති සද‍්දො “යං මෙ, භන‍්තෙ, දෙවානං තාවතිංසානං සම‍්මුඛා සුතං සම‍්මුඛා පටිග‍්ගහිතං, ආරොචෙමි තං, භගවතො”තිආදීසු (දී· නි· 2.203) පච‍්චත‍්තවචනෙ දිස‍්සති. “යං තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නො, අඤ‍්ඤං තං පුච‍්ඡාම තදිඞ‍්ඝ බ්‍රූහී”තිආදීසු (සු· නි· 881) උපයොගවචනෙ. “අට‍්ඨානමෙතං, භික‍්ඛවෙ, අනවකාසො, යං එකිස‍්සා ලොකධාතුයා”තිආදීසු (අ· නි· 1.277) කරණවචනෙ. ඉධ පන භුම‍්මත්‍ථෙති දට‍්ඨබ‍්බො. තෙන වුත‍්තං – “යස‍්මිං කප‍්පෙ”ති. උදපාදීති දසසහස‍්සිලොකධාතුං උන‍්නාදෙන‍්තො උප‍්පජ‍්ජි.

එහි යං විපස්සී යනු යම් කල්පයක විපස්සී නම් බුදුරජාණන් වහන්සේ අයං යන්න යං ශබ්දයෙන් කියැවේ. ස්වාමීනි! මෙය තව්තිසාවේ දෙවියන් වෙතින් අසන ලදි. ඉදිරියෙහිදී පිළිගන්නා ලද ද මෙය ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සැළ කරමු ආදියෙහි ප්‍රත්‍යක්‍ෂ වචනයෙහි දක්නට ලැබේ. ‘යං තං අපුච්ඡිම්හ අකිත්තයිනො අඤ්ඤං යං පුච්ඡාම තදිග්ඝ බ්‍රෑහි යන තැන්වල උපයෝග වචනයෙහි ද අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං එකිස්සා ලොකධාතුයා යන තැන්වල කරණ අර්ථයෙහි ද, මෙහි වනාහි නුඹලා විසින් දතයුතුයි. ඒ නිසා යස්මිං කප්පෙ (යම් කල්පයක) යැයි කියන ලදි. උදපාදි යනු දස සහශ්‍රී ලෝකධාතුව නාද කරමින් පැන නැංගේය.

භද‍්දකප‍්පෙති පඤ‍්චබුද‍්ධුප‍්පාදපටිමණ‍්ඩිතත‍්තා සුන්‍දරකප‍්පෙ සාරකප‍්පෙති භගවා ඉමං කප‍්පං ථොමෙන‍්තො එවමාහ. යතො පට‍්ඨාය කිර අම‍්හාකං භගවතා අභිනීහාරො කතො, එතස‍්මිං අන‍්තරෙ එකකප‍්පෙපි පඤ‍්ච බුද‍්ධා නිබ‍්බත‍්තා නාම නත්‍ථි. අම‍්හාකං භගවතො අභිනීහාරස‍්ස පුරතො පන තණ‍්හඞ‍්කරො, මෙධඞ‍්කරො, සරණඞ‍්කරො, දීපඞ‍්කරොති චත‍්තාරො බුද‍්ධා එකස‍්මිං කප‍්පෙ නිබ‍්බත‍්තිංසු. තෙසං ඔරභාගෙ එකං අසඞ‍්ඛ්‍යෙය්‍යං බුද‍්ධසුඤ‍්ඤමෙව අහොසි.

භද්ද කප්පෙ යනු බුදුවරයන් වහන්සේලා පස්නමක් පහළවන බැවින් සුන්දර වූ කල්පයෙහි සාරවත් වූ කල්පයෙහි මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කල්පය වර්ණනා කරමින් මෙසේ වදාළ සේක. යම්තැනක පටන් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ වන්නේද, ඒ අතර එක් කල්පයකදීවත් බුදුවරයන් පස්නමක් පහළවීමක් නම් නැත. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රාර්ථනාවට පෙර තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර යන බුදුවරයන් සිව්නමක් එක් කල්පයක පහළ වූහ. එයට මෙහා එක් අසංඛෙය්‍යක් බුද්ධශූන්‍ය විය.

අසඞ‍්ඛ්‍යෙය්‍යකප‍්පපරියොසානෙ පන කොණ‍්ඩඤ‍්ඤො නාම බුද‍්ධො එකොව එකස‍්මිං කප‍්පෙ උප‍්පන‍්නො. තතොපි අසඞ‍්ඛ්‍යෙය්‍යං බුද‍්ධසුඤ‍්ඤමෙව අහොසි. අසඞ‍්ඛ්‍යෙය්‍යකප‍්පපරියොසානෙ මඞ‍්ගලො, සුමනො, රෙවතො, සොභිතොති චත‍්තාරො බුද‍්ධා එකස‍්මිං කප‍්පෙ උප‍්පන‍්නා. තතොපි අසඞ‍්ඛ්‍යෙය්‍යං බුද‍්ධසුඤ‍්ඤමෙව අහොසි.

කල්ප අසංඛ්‍යයක් අවසානයේ කොණ්ඩඤ්ඤ නම් එකම බුදුරජාණන් වහන්සේ එක් කල්පයක පහළ වූ සේක. එයින් ද අසංඛ්‍ය කල්පයක් බුද්ධශූන්‍ය විය. අසංඛෙය්‍ය කල්පයක අවසානයේ මංගල, සුමන, රේවත, සෝභිත යන බුදුවරයන් සතර නම එක් කල්පයක පහළ වූහ. එයින්ද කල්ප අසංඛ්‍යයක් බුද්ධශූන්‍ය විය.

අසඞ‍්ඛ්‍යෙය්‍යකප‍්පපරියොසානෙ පන ඉතො කප‍්පසතසහස‍්සාධිකස‍්ස අසඞ‍්ඛ්‍යෙය්‍යස‍්ස උපරි අනොමදස‍්සී, පදුමො, නාරදොති තයො බුද‍්ධා එකස‍්මිං කප‍්පෙ උප‍්පන‍්නා. තතොපි අසඞ‍්ඛ්‍යෙය්‍යං බුද‍්ධසුඤ‍්ඤමෙව අහොසි.

කල්ප අසංඛෙය්‍ය අවසානයෙහි වනාහි මෙයින් කල්ප ශතසහස්‍රයකට අධික කල්ප අසංඛ්‍යයට පෙර අනෝමදස්සී, පදුම, නාරද යන බුදුවරු තුන් නම එක් කල්පයක පහළ වූහ. එයින් කල්ප අසංඛෙය්‍යක් බුද්ධශූන්‍ය විය.

අසඞ‍්ඛ්‍යෙය්‍යකප‍්පපරියොසානෙ පන ඉතො කප‍්පසතසහස‍්සානං උපරි පදුමුත‍්තරො භගවා එකොව එකස‍්මිං කප‍්පෙ උප‍්පන‍්නො. තස‍්ස ඔරභාගෙ ඉතො තිංසකප‍්පසහස‍්සානං උපරි සුමෙධො, සුජාතොති ද‍්වෙ බුද‍්ධා එකස‍්මිං කප‍්පෙ උප‍්පන‍්නා. තතො ඔරභාගෙ ඉතො අට‍්ඨාරසන‍්නං කප‍්පසහස‍්සානං උපරි පියදස‍්සී, අත්‍ථදස‍්සී, ධම‍්මදස‍්සීති තයො බුද‍්ධා එකස‍්මිං කප‍්පෙ උප‍්පන‍්නා. අථ ඉතො චතුනවුතිකප‍්පෙ සිද‍්ධත්‍ථො නාම බුද‍්ධො එකොව එකස‍්මිං කප‍්පෙ උප‍්පන‍්නො. ඉතො ද‍්වෙ නවුතිකප‍්පෙ තිස‍්සො, ඵුස‍්සොති ද‍්වෙ බුද‍්ධා එකස‍්මිං කප‍්පෙ උප‍්පන‍්නා. ඉතො එකනවුතිකප‍්පෙ විපස‍්සී භගවා උප‍්පන‍්නො. ඉතො එකතිංසෙ කප‍්පෙ සිඛී, වෙස‍්සභූති ද‍්වෙ බුද‍්ධා උප‍්පන‍්නා. ඉමස‍්මිං භද‍්දකප‍්පෙ කකුසන්‍ධො, කොණාගමනො, කස‍්සපො, ගොතමො අම‍්හාකං සම‍්මාසම‍්බුද‍්ධොති චත‍්තාරො බුද‍්ධා උප‍්පන‍්නා, මෙත‍්තෙය්‍යො උප‍්පජ‍්ජිස‍්සති. එවමයං කප‍්පො පඤ‍්චබුද‍්ධුප‍්පාදපටිමණ‍්ඩිතත‍්තා සුන්‍දරකප‍්පො සාරකප‍්පොති භගවා ඉමං කප‍්පං ථොමෙන‍්තො එවමාහ.

කල්ප අසංඛෙය්‍යක් අවසානයෙහි වනාහි මෙයින් කල්ප ශතසහස්‍රයකට මත්තෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පමණක් එක් කල්පයක පහළ වූහ. එයින් මෙහා මෙයින් කල්ප තිස්දහසකට පෙර සුමේධ, සුජාත කියා බුදුවරු දෙනමක් එක් කල්පයක පහළ වූහ. එයින් මෙහා මෙයින් කල්ප දහඅට දහසකට පෙර අත්‍ථදස්සී, පියදස්සී. ධම්මදස්සී යැයි බුදුවරු තුන් නමක් එක් කල්පයක පහළ වූහ. ඉක්බිති මෙයින් අනූහතරවන කල්පයෙහි සිද්ධාර්ථ නම් බුදුරජාණන් වහන්සේ පමණක් එක් කල්පයක පහළ විය. මෙයින් අනූදෙවන කල්පයෙහි තිස්ස, ඵුස්ස කියා බුදුවරු දෙනමක් එක් කල්පයක පහළ වූහ. මෙයින් අනූ එක්වන කල්පයෙහි විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූහ. මෙයින් තිස්එක්වන කල්පයෙහි සිඛී, වෙස්සභූ යැයි බුදුවරු දෙනමක් පහළ වූහ. මේ භද්‍ර කල්පයෙහි කකුසඳ, කෝණාගම, කස්සප හා අපගේ භාග්‍යවතුන් වහන්සේ වන ගෞතම යන බුදුවරයන් වහන්සේලා සතරනමක් පහළ වූහ. මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ අනාගතයේ පහළ වන්නේය. මෙසේ මේ කල්පය බුදුවරයන් පස්නමකින් සමන්විත බැවින් සුන්දර කල්පය කියාද, සාර කල්පය කියාද යන ලෙසින් බුදුරජාණන් වහන්සේ මේ කල්පය වර්ණනා කරමින් මෙසේ වදාළහ.

කිං පනෙතං බුද‍්ධානංයෙව පාකටං හොති – “ඉමස‍්මිං කප‍්පෙ එත‍්තකා බුද‍්ධා උප‍්පන‍්නා වා උප‍්පජ‍්ජිස‍්සන‍්තීති වා”ති, උදාහු අඤ‍්ඤෙසම‍්පි පාකටං හොතීති? අඤ‍්ඤෙසම‍්පි පාකටං හොති. කෙසං? සුද‍්ධාවාසබ්‍රහ‍්මානං.

මේ කල්පයෙහි මෙපමණ බුදුවරු පහළ වූහ. පහළ වන්නාහ යන මේ කරුණ බුදුවරයන් වහන්සේලාට පමණක් දැනෙන්නේ ඇයි? නැත්නම් අන් අයටත් පෙනේද? එසේය. අන් අයටද පෙනෙයි. කවර අයටද? ශුද්ධාවාස බ්‍රහ්මයන්ට.

කප‍්පසණ‍්ඨානකාලස‍්මිඤ‍්හි එකමසඞ‍්ඛ්‍යෙය්‍යං එකඞ‍්ගණං හුත්‍වා ඨිතෙ ලොකසන‍්නිවාසෙ ලොකස‍්ස සණ‍්ඨානත්‍ථාය දෙවො වස‍්සිතුං ආරභති. ආදිතොව අන‍්තරට‍්ඨකෙ හිමපාතො විය හොති. තතො තිලමත‍්තා කණමත‍්තා තණ‍්ඩුලමත‍්තා මුග‍්ග-මාස-බදර-ආමලක-එළාලුක-කුම‍්භණ‍්ඩ-අලාබුමත‍්තා උදකධාරා හුත්‍වා අනුක‍්කමෙන උසභද‍්වෙඋසභඅඩ‍්ඪගාවුතගාවුතද‍්වෙගාවුතඅඩ‍්ඪයොජනයොජනද‍්වියොජන…පෙ… යොජනසතයොජනසහස‍්සයොජනසතසහස‍්සමත‍්තා හුත්‍වා කොටිසතසහස‍්සචක‍්කවාළබ‍්භන‍්තරෙ යාව අවිනට‍්ඨබ්‍රහ‍්මලොකා පූරෙත්‍වා තිට‍්ඨන‍්ති. අථ තං උදකං අනුපුබ‍්බෙන භස‍්සති, භස‍්සන‍්තෙ උදකෙ පකතිදෙවලොකට‍්ඨානෙසු දෙවලොකා සණ‍්ඨහන‍්ති, තෙසං සණ‍්ඨහනවිධානං විසුද‍්ධිමග‍්ගෙ පුබ‍්බෙනිවාසකථායං වුත‍්තමෙව.

කල්පය පිහිටන කල්හි එක් අසංඛෙය්‍යක් එක් අංගනයක් ලෙස පිහිටි කල්හි ලෝකයාට පිළියෙල වීම පිණිස වැස්ස වසින්නට පටන් ගනී. ආරම්භයේදී අතරෙහි පිහිටි හිමපතනයක් මෙන් වෙයි. එයින් නිවුඩු, සහල්, මුං, මෑ, බජිරි, නෙල්ලි, කැකිරි, කොමඩු, ලබු ආදිය දිය ධාරාවක් මෙන් වී පිළිවෙලින් බඹය, දෙක, අට, අඩගව්වක්, අඩ යොදුනක්, යොදුනක්, දෙකක් -පෙ- යොදුන් සියයක්, යොදුන් දහසක් පමණ වී අකනිටා බඹලොව දක්වා කෝටි සහසහස්‍රයක් සක්වල ගැබ පුරවා සිටී. ඉක්බිති ඒ ජලය අනුපිළිවෙලින් පහත බසී. ජලය පහත බසින කල්හි ස්වාභාවික දිව්‍යලෝක පිහිටිය යුතු තැන්වල දිව්‍යලෝක පිහිටයි. ඒවා පිහිටන ආකාරය විශුද්ධි මාර්ගයෙහි පුබ්බෙනිවාස කථා කොටසෙහි කියන ලදි.

මනුස‍්සලොකසණ‍්ඨහනට‍්ඨානං පන පත‍්තෙ උදකෙ ධමකරණමුඛෙ පිහිතෙ විය වාතවසෙන තං උදකං සන‍්තිට‍්ඨති, උදකපිට‍්ඨෙ උප‍්පලිනිපණ‍්ණං විය පථවී සණ‍්ඨහති. මහාබොධිපල‍්ලඞ‍්කො විනස‍්සමානෙ ලොකෙ පච‍්ඡා විනස‍්සති, සණ‍්ඨහමානෙ පඨමං සණ‍්ඨහති. තත්‍ථ පුබ‍්බනිමිත‍්තං හුත්‍වා එකො පදුමිනිගච‍්ඡො උප‍්පජ‍්ජති, තස‍්ස සචෙ තස‍්මිං කප‍්පෙ බුද‍්ධො නිබ‍්බත‍්තිස‍්සති, පුප‍්ඵං උප‍්පජ‍්ජති. නො චෙ, නුප‍්පජ‍්ජති. උප‍්පජ‍්ජමානඤ‍්ච සචෙ එකො බුද‍්ධො නිබ‍්බත‍්තිස‍්සති, එකං උප‍්පජ‍්ජති. සචෙ ද‍්වෙ, තයො, චත‍්තාරො, පඤ‍්ච බුද‍්ධා නිබ‍්බත‍්තිස‍්සන‍්ති, පඤ‍්ච උප‍්පජ‍්ජන‍්ති.

මිනිස්ලොව පිහිටන තැනට ජලය පත්කල්හි පෙරහන්කඩයක මුව වැසුවාක් මෙන් වායු බලයෙන් ඒ ජලය ස්ථිරව පිහිටා සිටියි. ඒ ජලය මතුපිට නෙලුම්පතක් මෙන් මහපොළොව පිහිටයි. ලෝකය විනාශවන විට මහබෝමැඩ පසුව විනාශ වෙයි. පිහිටනවිට පළමුවෙන් පිහිටයි. එහි පෙරනිමිත්තක් වී නෙලුම්ගසක් පහළවෙයි. ඉදින් ඒ කල්පයෙහි බුදුවරුන් පහළවන්නේ නම් මලක් හටගනී. නොවේනම් මලක් හටගන්නේ නැත. එසේ මල් හටගන්නා විට එක් බුදුවරයෙක් පහළ වන්නේ නම් එක් මලක් ද, දෙකක්, තුනක්, හතරක් ආදී වශයෙන් බුදුවරයන් වහන්සේලා පස්නමක් පහළ වන්නේ නම් මල් පහක් හටගනී.

තානි ච ඛො එකස‍්මිංයෙව නාළෙ කණ‍්ණිකාබද‍්ධානි හුත්‍වා. සුද‍්ධාවාසබ්‍රහ‍්මානො “ආයාම, මයං මාරිසා, පුබ‍්බනිමිත‍්තං පස‍්සිස‍්සාමා”ති මහාබොධිපල‍්ලඞ‍්කට‍්ඨානං ආගච‍්ඡන‍්ති, බුද‍්ධානං අනිබ‍්බත‍්තනකප‍්පෙ පුප‍්ඵං න හොති. තෙ පන අපුප‍්ඵිතගච‍්ඡං දිස‍්වා – “අන්‍ධකාරො වත භො ලොකො භවිස‍්සති, මතා මතා සත‍්තා අපායෙ පූරෙස‍්සන‍්ති, ඡ දෙවලොකා නව බ්‍රහ‍්මලොකා සුඤ‍්ඤා භවිස‍්සන‍්තී”ති අනත‍්තමනා හොන‍්ති. පුප‍්ඵිතකාලෙ පන පුප‍්ඵං දිස‍්වා – “සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තෙසු මාතුකුච‍්ඡිං ඔක‍්කමන‍්තෙසු නික‍්ඛමන‍්තෙසු සම‍්බුජ‍්ඣන‍්තෙසු ධම‍්මචක‍්කං පවත‍්තෙන‍්තෙසු යමකපාටිහාරියං කරොන‍්තෙසු දෙවොරොහනං කරොන‍්තෙසු ආයුසඞ‍්ඛාරං ඔස‍්සජ‍්ජන‍්තෙසු පරිනිබ‍්බායන‍්තෙසු දසසහස‍්සචක‍්කවාළකම‍්පනාදීනි පාටිහාරියානි දක‍්ඛිස‍්සාමා”ති ච “චත‍්තාරො අපායා පරිහායිස‍්සන‍්ති, ඡ දෙවලොකා නව බ්‍රහ‍්මලොකා පරිපූරෙස‍්සන‍්තී”ති ච අත‍්තමනා උදානං උදානෙන‍්තා අත‍්තනො අත‍්තනො බ්‍රහ‍්මලොකං ගච‍්ඡන‍්ති. ඉමස‍්මිං භද‍්දකප‍්පෙ පඤ‍්ච පදුමානි උප‍්පජ‍්ජිංසු. තෙසං නිමිත‍්තානං ආනුභාවෙන චත‍්තාරො බුද‍්ධා උප‍්පන‍්නා, පඤ‍්චමො උප‍්පජ‍්ජිස‍්සති. සුද‍්ධාවාසබ්‍රහ‍්මානොපි තානි පදුමානි දිස‍්වා ඉමමත්‍ථං ජානිංසු. තෙන වුත‍්තං – “අඤ‍්ඤෙසම‍්පි පාකටං හොතී”ති.

ඒ මල්ද එක් දණ්ඩක කර්ණිකා එකට බැඳී හටගනී. ශුද්ධාවාස දෙවිවරු, යමු. පෙරනිමිති බලමු යැයි මහබෝමැඩ පිහිටි තැනට එක් බුදුවරයන් පහළනොවන කල්පයකදී මල් හටගන්නේ නැත. ඒ ශුද්ධාවාස දෙවිවරු මල් නැති ගස බලා ලෝකය වනාහි අඳුරු වන්නේය. මැරෙන මැරෙන සත්ත්වයෝ අපායේ පිරෙත්. සදෙව්ලොවත් බ්‍රහ්මලෝක නවයත් හිස් වන්නේ යැයි අසතුටු සිත් ඇත්තෝ වෙත්. මල් පිපුණු කල්හි වනාහි මල් දැක සර්වඥ වූ බෝධිසත්ත්වයන් මව්කුසට පිවිසෙන විටත්, මව්කුසින් බිහිවන විටත් සම්මා සම්බෝධියට පත්වනවිටත් දම්සක් පවත්වන විට යමක ප්‍රාතිහාර්ය පවත්වන කල්හි දේවාරෝහණය කරන කල්හිද ආයු සංස්කාර කරන කල්හිද පිරිනිවන්පානා විටත් දසදහසක් සක්වල කම්පා වීම ආදී ප්‍රාතිහාර්යයන් දකින්නෙමු යැයි ද සතර අපාය පිරිහෙන්නේය. සදෙව්ලොවත් බ්‍රහ්මලෝක නවයත් පිරෙන්නේ යැයි සතුටු සිත් ඇත්තාහු උදන් අනමින් තම තමන්ගේ බ්‍රහ්මලෝකවලට යත්. මේ කල්පයෙහි වනාහි නෙලුම්මල් පහක් හටගත්තේය. ඒ නිමිතිවල අනුභාවයෙන් බුදුවරු සතරනමක් පහළ වූහ. පස්වැනි බුදුහිමියෝ පහළ වන්නාහ. ශුද්ධාවාස බ්‍රහ්මයෝද ඒ මල් දැක මේ කාරණය දැනගත්හ. ඒ නිසා කියන ලදි. ‘අන් අයටද පෙනී යයි’

ආයුපරිච‍්ඡෙදවණ‍්ණනා

ආයු පරිච්ඡේදය

ඉති භගවා – “ඉතො සො, භික‍්ඛවෙ”තිආදිනා නයෙන කප‍්පපරිච‍්ඡෙදවසෙන පුබ‍්බෙනිවාසං දස‍්සෙත්‍වා ඉදානි තෙසං බුද‍්ධානං ජාතිපරිච‍්ඡෙදාදිවසෙන දස‍්සෙතුං විපස‍්සී, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ ආයුපරිච‍්ඡෙදෙ පරිත‍්තං ලහුකන‍්ති උභයමෙතං අප‍්පකස‍්සෙව වෙවචනං. යඤ‍්හි අප‍්පකං, තං පරිත‍්තඤ‍්චෙව ලහුකඤ‍්ච හොති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඉතො සො භික්ඛවෙ (මහණෙනි! මෙයින් ඒ.) ආදී ක්‍රමයෙන් කල්ප බෙදා වෙන්කිරීම් වශයෙන් පුබ්බෙ නිවාසය (පෙර වාසය) දක්වා දැන් ඒ බුදුවරයන්ගේ ජන්ම බෙදා පෙන්වීම් ආදිය දක්වන්නට ‘විපස්සී භික්ඛවෙ’ ආදිය කීය. එහි ආයු පරිච්ඡේදයේදී පරිත්තං ලහුකං යන මෙය ස්වල්පය යන අර්ථය සඳහාමය. යමක් වනාහි (අප්පකං) අල්පද එය (පරිත්තං) ස්වල්පය. සැහැල්ලුද වෙයි. (ලහු)

අප‍්පං වා භිය්‍යොති වස‍්සසතතො වා උපරි අප‍්පං, අඤ‍්ඤං වස‍්සසතං අපත්‍වා වීසං වා තිංසං වා චත‍්තාලීසං වා පණ‍්ණාසං වා සට‍්ඨි වා වස‍්සානි ජීවති. එවං දීඝායුකො පන අතිදුල‍්ලභො, අසුකො කිර එවං චිරං ජීවතීති තත්‍ථ තත්‍ථ ගන‍්ත්‍වා දට‍්ඨබ‍්බො හොති. තත්‍ථ විසාඛා උපාසිකා වීසවස‍්සසතං ජීවති, තථා පොක‍්ඛරසාති බ්‍රාහ‍්මණො, බ්‍රහ‍්මායු බ්‍රාහ‍්මණො, සෙලො බ්‍රාහ‍්මණො, බාවරියබ්‍රාහ‍්මණො, ආනන්‍දත්‍ථෙරො, මහාකස‍්සපත්‍ථෙරොති. අනුරුද‍්ධත්‍ථෙරො පන වස‍්සසතඤ‍්චෙව පණ‍්ණාසඤ‍්ච වස‍්සානි, බාකුලත්‍ථෙරො වස‍්සසතඤ‍්චෙව සට‍්ඨි ච වස‍්සානි. අයං සබ‍්බදීඝායුකො. සොපි ද‍්වෙ වස‍්සසතානි න ජීවති.

අප්පං වා භීය්‍යො යනු වර්ෂ සියයකට පෙර අල්ප වූ වෙනත් වර්ෂ සියයකට පත්නොවී විස්සක්, තිහක්, හතලිහක් හෝ පනහක් හෝ හැටක් හෝ වර්ෂ ජීවත්වෙයි. මෙසේ දීර්ඝායුෂ ඇත්තන් වනාහි අතිශයින් දුර්ලභය. අසවලා වනාහි මෙසේ බොහෝ කල් ජීවත් වන්නේ යැයි ඒ ඒ තැන්වල ගොස් දතයුත්තේ වෙයි. එහිදී විශාඛා මහෝපාසිකාව වර්ෂ එකසිය විස්සක් ජීවත් විය. එපරිද්දෙන් පොක්ඛරසාදි බ්‍රාහ්මණයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයා සෙල බ්‍රාහ්මණයා, පාවාරිය බ්‍රාහ්මණයා, ආනන්ද තෙරුන් වහන්සේ, මහාකාශ්‍යප තෙරුන් වහන්සේ වනාහි වර්ෂ එකසිය පනහක්ද බක්කුල තෙරුන් වහන්සේ එකසිය සැට වසක්ද ජීවත් විය. සියල්ලන්ටම වඩා දීර්ඝායුෂ වින්ද නමුත් වර්ෂ දෙසීයයක් ජීවත්වූයේ නැත.

විපස‍්සීආදයො පන සබ‍්බෙපි බොධිසත‍්තා මෙත‍්තාපුබ‍්බභාගෙන සොමනස‍්සසහගතඤාණසම‍්පයුත‍්තඅසඞ‍්ඛාරිකචිත‍්තෙන මාතුකුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිං ගණ‍්හිංසු. තෙන චිත‍්තෙන ගහිතාය පටිසන්‍ධියා අසඞ‍්ඛ්‍යෙය්‍යං ආයු, ඉති සබ‍්බෙ බුද‍්ධා අසඞ‍්ඛ්‍යෙය්‍යායුකා. තෙ කස‍්මා අසඞ‍්ඛ්‍යෙය්‍යං න අට‍්ඨංසු? උතුභොජනවිපත‍්තියා. උතුභොජනවසෙන හි ආයු හායතිපි වඩ‍්ඪතිපි.

විපස්සී ආදී සියලු බෝසත්වරු මෛත්‍රී පෙරටු කරගත් සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත අසංඛාරික චිත්තයෙන් මව්කුස පිළිසිඳ ගත්හ. ඒ සිතින් ප්‍රතිසන්ධිය ගත්තහුගේ ආයුෂ අසංඛෙය්‍යකි. මෙසේ සියලු බුදුවරු අසංඛ්‍යයක් ආයු ඇත්තන් වන නමුත් කුමක් නිසා අසංඛ්‍යෙයක් ජීවත් නොවූවාහුද? සෘතු භෝජන වශයෙන් ආයුෂ වැඩිවෙයි. එසේම පිරිහෙයි.

තත්‍ථ යදා රාජානො අධම‍්මිකා හොන‍්ති, තදා උපරාජානො, සෙනාපති, සෙට‍්ඨි, සකලනගරං, සකලරට‍්ඨං අධම‍්මිකමෙව හොති; අථ තෙසං ආරක‍්ඛදෙවතා, තාසං දෙවතානං මිත‍්තා භූමට‍්ඨදෙවතා, තාසං දෙවතානං මිත‍්තා ආකාසට‍්ඨකදෙවතා, ආකාසට‍්ඨකදෙවතානං මිත‍්තා උණ‍්හවලාහකා දෙවතා, තාසං මිත‍්තා අබ‍්භවලාහකා දෙවතා, තාසං මිත‍්තා සීතවලාහකා දෙවතා, තාසං මිත‍්තා වස‍්සවලාහකා දෙවතා, තාසං මිත‍්තා චාතුමහාරාජිකා දෙවතා, තාසං මිත‍්තා තාවතිංසා දෙවතා, තාසං මිත‍්තා යාමා දෙවතාති එවමාදි. එවං යාව භවග‍්ගා ඨපෙත්‍වා අරියසාවකෙ සබ‍්බා දෙවබ්‍රහ‍්මපරිසාපි අධම‍්මිකාව හොන‍්ති. තාසං අධම‍්මිකතාය විසමං චන්‍දිමසූරියා පරිහරන‍්ති, වාතො යථාමග‍්ගෙන න වායති, අයථාමග‍්ගෙන වායන‍්තො ආකාසට‍්ඨකවිමානානි ඛොභෙති, විමානෙසු ඛොභිතෙසු දෙවතානං කීළනත්‍ථාය චිත‍්තානි න නමන‍්ති, දෙවතානං කීළනත්‍ථාය චිත‍්තෙසු අනමන‍්තෙසු සීතුණ‍්හභෙදො උතු යථාකාලෙන න සම‍්පජ‍්ජති, තස‍්මිං අසම‍්පජ‍්ජන‍්තෙ න සම‍්මා දෙවො වස‍්සති, කදාචි වස‍්සති, කදාචි න වස‍්සති; කත්‍ථචි වස‍්සති, කත්‍ථචි න වස‍්සති, වස‍්සන‍්තොපි වප‍්පකාලෙ අඞ‍්කුරකාලෙ නාළකාලෙ පුප‍්ඵකාලෙ ඛීරග‍්ගහණාදිකාලෙසු යථා යථා සස‍්සානං උපකාරො න හොති, තථා තථා වස‍්සති ච විගච‍්ඡති ච, තෙන සස‍්සානි විසමපාකානි හොන‍්ති, විගතගන්‍ධවණ‍්ණරසාදිසම‍්පන‍්නානි. එකභාජනෙ පක‍්ඛිත‍්තතණ‍්ඩුලෙසුපි එකස‍්මිං පදෙසෙ භත‍්තං උත‍්තණ‍්ඩුලං හොති, එකස‍්මිං අතිකිලින‍්නං, එකස‍්මිං සමපාකං. තං පරිභුත‍්තං කුච‍්ඡියම‍්පි තීහාකාරෙහි පච‍්චති. තෙන සත‍්තා බහ‍්වාබාධා චෙව හොන‍්ති, අප‍්පායුකා ච. එවං තාව උතුභොජනවසෙන ආයු හායති.

එහිදී යම්කලෙක රජවරු අධාර්මික වෙත්ද එකල්හි යුවරජ, සෙන්පති, සිටුවරු මෙන්ම මුළු නගරයත් මුළු රටත් අධාර්මික වෙයි. ඉක්බිති ඔවුන්ගේ ආරක්ෂක දේවතාවෝද ඔවුන්ගේ මිත්‍ර වූ භූමිය ආශ්‍රිත දෙවියෝ ද ඒ දෙවියන්ගේ මිත්‍ර ආකාසස්ථ දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර උණුවළා දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර වළාකුළු ආශ්‍රිත දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර ශීත වළාහක දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර වස්ස වලාහක දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර චාතුර්මහා රාජික දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර තාවතිංස දෙවියෝ ද ඔවුන්ගේ මිත්‍ර යාම දෙවියෝ ද යන ලෙසට භවාග්‍රය දක්වා ආර්ය ශ්‍රාවකයන් හැර සියලු දෙව් බඹ පිරිස් ද අධාර්මික වෙත්. ඔවුන්ගේ අධාර්මික බව හේතුවෙන් විෂම ලෙස ඉරහඳ පවතිත්. වායුම නියම මගෙහි ගමන් නොකරයි. වැරදි මගින් හඹා යාම නිසා ආකාසස්ථ විමානයන් කැළඹේ. විමානයන් කැළඹෙන විට ක්‍රීඩා සඳහා සිත නොනැමේ. දෙවියන්ගේ සිත් ක්‍රීඩා සඳහා නොනැමෙන බැවින් ශීත, උණුසුම ආදී භේදයන් සෘජු ආදිය නියම කලට නොපැමිණේ. නියම කල්හි සෘතු නොපැමිණීමෙන් මනාව වර්ෂාව නොලැබේ. විටක වැසි වසී. විටක නොවසී. තැනකට වසී. තැනකට නොවසී. වැසි වැස්සත් වපුරණ ලද කල්හිද අංකුර හටගන්නා කල්හිද බණ්ඩි කාලයේ ද මල් හටගන්නා කල්හිද කිරිවදින කාලයෙහිද යම් යම් ආකාරයකින් අස්වැන්නට සහායක් නොවන්නේ ද ඒ ඒ ආකාරයට වසී. වර්ෂාව පහව යයි. එයින් අස්වැන්න නියම අයුරින් නොපැසෙයි. ගන්ධ, රස, වර්ණ ආදියෙන් තොරවූයේ වෙයි. එකම භාජනයෙහි දමන ලද සහල්වලින් පිසූ සමහර බත් නියම ලෙස නොපැසී තිබේ. සමහර කොටසක බත් අතිශයින් තෙත්ය. සමහර තැනක හොඳින් පැසී ඇත. එය අනුභව කළවිට කුස තුළදී තුන් ආකාරයකින් පැසෙයි. එයින් සත්ත්වයෝ බොහෝ ආබාධ ඇත්තෝ වෙත්. අල්ප ආයුෂ ඇත්තෝ වෙත්. මෙසේ පළමුව සෘතු හා අනුභව කිරීම් හේතුවෙන් ආයුෂ හීන වෙයි.

යදා පන රාජානො ධම‍්මිකා හොන‍්ති, තදා උපරාජානොපි ධම‍්මිකා හොන‍්තීති පුරිමනයෙනෙව යාව බ්‍රහ‍්මලොකා සබ‍්බෙපි ධම‍්මිකා හොන‍්ති. තෙසං ධම‍්මිකත‍්තා සමං චන්‍දිමසූරියා පරිහරන‍්ති, යථාමග‍්ගෙන වාතො වායති, යථාමග‍්ගෙන වායන‍්තො ආකාසට‍්ඨකවිමානානි න ඛොභෙති, තෙසං අඛොභා දෙවතානං කීළනත්‍ථාය චිත‍්තානි නමන‍්ති. එවං කාලෙන උතු සම‍්පජ‍්ජති, දෙවො සම‍්මා වස‍්සති, වප‍්පකාලතො පට‍්ඨාය සස‍්සානං උපකාරං කරොන‍්තො කාලෙ වස‍්සති, කාලෙ විගච‍්ඡති, තෙන සස‍්සානි සමපාකානි සුගන්‍ධානි සුවණ‍්ණානි සුරසානි ඔජවන‍්තානි හොන‍්ති, තෙහි සම‍්පාදිතං භොජනං පරිභුත‍්තම‍්පි සම‍්මා පරිපාකං ගච‍්ඡති, තෙන සත‍්තා අරොගා දීඝායුකා හොන‍්ති. එවං උතුභොජනවසෙන ආයු වඩ‍්ඪති.

යම්කලෙක්හි රජවරු ධාර්මික වෙත්ද පෙර පරිදිම බ්‍රහ්මලෝකය තෙක් සියල්ලෝම ධාර්මික වෙත්. ඔවුන්ගේ ධාර්මික බව නිසා ඉරහඳ සම ලෙස පායයි. නියම මගෙන් වායුව හමයි. නියම මගින් සුළං හමනවිට ආකාසස්ථ විමාන නොකැළඹෙයි. මේවා නොකැළඹීම නිසා දෙවියන්ගේ සිත් ක්‍රීඩාව සඳහා යොමු වේ. මෙසේ නියම කාලයට සෘතු ආරම්භ වේ. වැස්ස මනාව වසී. වැපුරූ කාලයේ පටන් අස්වැන්නට උපකාර කරමින් නියම කලට වැසි වසී. නියම කලට වැස්ස පහව යයි. එයින් ධාන්‍ය මනාව පැසී මනා සුවඳ ඇතිව, මනා වර්ණ ඇතිව මනා රස ඇතිව ඕජස් සහිත වේ. එයින් පිළියෙල කළ ආහාරය අනුභව කළවිට මනාව දිරවයි. එයින් සත්ත්වයෝ නීරෝගීව දීර්ඝායුෂ ඇත්තෝ වෙත්. මෙසේ සෘතු, භෝජන වශයෙන් ආයුෂ වැඩෙයි.

තත්‍ථ විපස‍්සී භගවා අසීතිවස‍්සසහස‍්සායුකකාලෙ නිබ‍්බත‍්තො, සිඛී සත‍්තතිවස‍්සසහස‍්සායුකකාලෙති ඉදං අනුපුබ‍්බෙන පරිහීනසදිසං කතං, න පන එවං පරිහීනං, වඩ‍්ඪිත්‍වා වඩ‍්ඪිත්‍වා පරිහීනන‍්ති වෙදිතබ‍්බං.

එහිදී විපස්සී භාග්‍යවතුන් වහන්සේ වර්ෂ අසූදහසක් ආයු ඇති කාලයක පහළ වූ සේක. සිඛී භාග්‍යවතුන් වහන්සේ හැත්තෑදහසක් වර්ෂ ආයු ඇති කාලයකද පහළ වූ සේක. මෙය පිළිවෙලින් පිරිහෙන තත්ත්වයට පත්වෙයි. මෙසේ පිරිහීමට පත් නොවෙයි. ක්‍රමයෙන් වැඩිවී පරිහානියට පත්වේයැයි දතයුතුයි.

කථං? ඉමස‍්මිං තාව කප‍්පෙ කකුසන්‍ධො භගවා චත‍්තාලීසවස‍්සසහස‍්සායුකකාලෙ නිබ‍්බත‍්තො, ආයුප‍්පමාණං පඤ‍්ච කොට‍්ඨාසෙ කත්‍වා චත‍්තාරි ඨත්‍වා පඤ‍්චමෙ විජ‍්ජමානෙයෙව පරිනිබ‍්බුතො. තං ආයු පරිහායමානං දසවස‍්සකාලං පත්‍වා පුන වඩ‍්ඪමානං අසඞ‍්ඛ්‍යෙය්‍යං හුත්‍වා තතො පරිහායමානං තිංසවස‍්සසහස‍්සකාලෙ ඨිතං; තදා කොණාගමනො භගවා නිබ‍්බත‍්තො. තස‍්මිම‍්පි තථෙව පරිනිබ‍්බුතෙ තං ආයු දසවස‍්සකාලං පත්‍වා පුන වඩ‍්ඪමානං අසඞ‍්ඛ්‍යෙය්‍යං හුත්‍වා පරිහායිත්‍වා වීසතිවස‍්සසහස‍්සකාලෙ ඨිතං; තදා කස‍්සපො භගවා නිබ‍්බත‍්තො. තස‍්මිම‍්පි තථෙව පරිනිබ‍්බුතෙ තං ආයු දසවස‍්සකාලං පත්‍වා පුන වඩ‍්ඪමානං අසඞ‍්ඛ්‍යෙය්‍යං හුත්‍වා පරිහායිත්‍වා වස‍්සසතකාලං පත‍්තං, අථ අම‍්හාකං සම‍්මාසම‍්බුද‍්ධො නිබ‍්බත‍්තො. එවං අනුපුබ‍්බෙන පරිහායිත්‍වා පරිහායිත්‍වා වඩ‍්ඪිත්‍වා වඩ‍්ඪිත්‍වා පරිහීනන‍්ති වෙදිතබ‍්බං. තත්‍ථ යං යං ආයුපරිමාණෙසු මනුස‍්සෙසු බුද‍්ධා නිබ‍්බත‍්තන‍්ති, තෙසම‍්පි තං තදෙව ආයුපරිමාණං හොතීති වෙදිතබ‍්බං.

මේ කල්පයෙහි කකුසඳ භාග්‍යවතුන් වහන්සේ වර්ෂ හතලිස් දහසක් ආයු ඇති කාලයක පහළ වූහ. ආයු ප්‍රමාණය කොටස් පහකට බෙදා සතරක් හැර පස්වන කොටස පවත්නා කල්හිම පිරිනිවන් පෑ සේක. ඒ ආයුෂ පිරිහීම වර්ෂ දහය දක්වා පහත බැස නැවත වර්ධනය වී අසංඛෙය්‍ය දක්වා වැඩිවී අනතුරුව පිරිහීගොස් තිස්දහසට පත්ව සිටියේය. කෝණාගම බුදුරජාණන් වහන්සේ එකල පහළවූ සේක. උන්වහන්සේද එසේම පිරිනිවන්පෑ කල්හි ඒ වයස වර්ෂ දහයට පත්ව නැවත වර්ධනය වී අසංඛෙය්‍යට පත්ව පිරිහී ගොස් විසිදහසට පත්ව සිටී. එකල්හි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක. උන්වහන්සේද එසේ පිරිනිවන්පෑ කල්හි ආයුෂ දස වර්ෂයක ප්‍රමාණයට පත්ව නැවත වර්ධනය වී අසංඛෙය්‍යට පත්ව පිරිහී වර්ෂ සියයට පත්ව සිටියේය. ඉක්බිති අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සේක. මෙසේ පිළිවෙලින් අඩුවී, වැඩිවී පිරිහී, නොපිරිහී අඩු බවට පත්වූයේ යැයි දතයුතුයි. එහිදී යම් යම් ආයු ප්‍රමාණයන්හි මිනිසුන් සිටිකල්හි බුදුවරු පහළවෙත්ද උන්වහන්සේලාට ද ඒ ආයු ප්‍රමාණයම වන්නේ ය.

ආයුපරිච‍්ඡෙදවණ‍්ණනා නිට‍්ඨිතා.

ආයු පරිච්ඡේදය නිමියේ ය.

බොධිපරිච‍්ඡෙදවණ‍්ණනා

බෝධි පරිච්ඡේදය

බොධිපරිච‍්ඡෙදෙ පන පාටලියා මූලෙති පාටලිරුක‍්ඛස‍්ස හෙට‍්ඨා. තස‍්සා පන පාටලියා ඛන්‍ධො තං දිවසං පණ‍්ණාසරතනො හුත්‍වා අබ‍්භුග‍්ගතො, සාඛා පණ‍්ණාසරතනාති උබ‍්බෙධෙන රතනසතං අහොසි. තං දිවසඤ‍්ච සා පාටලි කණ‍්ණිකාබද‍්ධෙහි විය පුප‍්ඵෙහි මූලතො පට‍්ඨාය එකසඤ‍්ඡන‍්නා අහොසි, දිබ‍්බගන්‍ධං වායති. න කෙවලඤ‍්ච තදා අයමෙව පුප‍්ඵිතා, දසසහස‍්සචක‍්කවාළෙ සබ‍්බපාටලියො පුප‍්ඵිතා. න කෙවලඤ‍්ච පාටලියො, දසසහස‍්සචක‍්කවාළෙ සබ‍්බරුක‍්ඛානං ඛන්‍ධෙසු ඛන්‍ධපදුමානි, සාඛාසු සාඛාපදුමානි, ලතාසු ලතාපදුමානි, ආකාසෙ ආකාසපදුමානි පුප‍්ඵිතානි, පථවිතලං භින්‍දිත්‍වාපි මහාපදුමානි උට‍්ඨිතානි. මහාසමුද‍්දොපි පඤ‍්චවණ‍්ණෙහි පදුමෙහි නීලුප‍්පලරත‍්තුප‍්පලෙහි ච සඤ‍්ඡන‍්නො අහොසි. සකලදසසහස‍්සචක‍්කවාළං ධජමාලාකුලං තත්‍ථ තත්‍ථ නිබද‍්ධපුප‍්ඵදාමවිස‍්සට‍්ඨමාලාගුළවිප‍්පකිණ‍්ණං නානාවණ‍්ණකුසුමසමුජ‍්ජලං නන්‍දනවනචිත‍්තලතාවනමිස‍්සකවනඵාරුසකවනසදිසං අහොසි. පුරත්‍ථිමචක‍්කවාළමුඛවට‍්ටියං උස‍්සිතද‍්ධජා පච‍්ඡිමචක‍්කවාළමුඛවට‍්ටිං අභිහනන‍්ති. පච‍්ඡිමදක‍්ඛිණඋත‍්තරචක‍්කවාළමුඛවට‍්ටියං උස‍්සිතද‍්ධජා දක‍්ඛිණචක‍්කවාළමුඛවට‍්ටිං අභිහනන‍්ති. එවං අඤ‍්ඤමඤ‍්ඤසිරීසම‍්පත‍්තානි චක‍්කවාළානි අහෙසුං. අභිසම‍්බුද‍්ධොති සකලං බුද‍්ධගුණවිභවසිරිං පටිවිජ‍්ඣමානො චත‍්තාරි සච‍්චානි අභිසම‍්බුද‍්ධො.

බෝධි පරිච්ඡේදයෙහි වනාහි පාටලියා මූලෙ යනු පාටලික ගසෙහි යට, ඒ පළොල් ගසෙහි කඳ ඒ දවසේ පනස් රියනක් වී හටගත්තා වූ ශාඛා පනස්රියනක් විය. පළලින් රියන් සියයක් විය. ඒ දවසේ ද ඒ පළොල් ගස කර්ණිකාවකින් බැන්දාක් මෙන් මුලසිටම මල්වලින් ගැවසී ගත්තේය. දිව්‍යමය සුවඳ හමයි. එකල්හි මේ පළොල් ගස පමණක් මල් පිපුණේ නොවේ. දස දහසක් සක්වල සියළු ගස්වල කඳෙහි කඳමල් ද අතුවල ශාඛා පුෂ්පයන් ද වැල්වල ලතා පුෂ්පයන් ද අහසෙහි ආකාස පුෂ්පයන් ද පිපී ගියේය. මහපොළොව ද පැලී මහා පද්මයන් පැන නැංගේය. මහා සමුද්‍රයද පංචවර්ණ පද්මයන්ගෙන් ද නිලුපුල් රතුපුල් ආදියෙන් ගැවසී ගත්තේය. සියලු දසදහස් සක්වළ කොඩිවැල්වලින් ගැවසී ගත්තේය. ඒ ඒ තැන මල්දම් හා විසිරුණු නොයෙක් වර්ණ මල් සමූහයෙන් බබලන නන්දන වනය, චිත්තලතා වනය, මිස්සක වනය හා ඵාරුසක වනය හා සමවිය. පෙරදිග සක්වල මුවවිටෙහි ඔසවන ලද කොඩි බටහිර සක්වල මුවවිටෙහි ගැටෙත්. බටහිර, උතුර, දකුණ සක්වල මුවවිටෙහි ඔසවන ලද ධජ දක්‍ෂිණ චක්‍රවාටයේ මුවවිටෙහි ගැටේ. මෙසේ චක්‍රවාට නොයෙක් ආකාර ශ්‍රී සම්පත්තියෙන් යුකත් විය. අභිසම්බුද්ධො යනු සියළු බුදුගුණ සම්පත්තිය වටහා ගන්නේ චතුරාර්ය සත්‍යය වටහාගත්තේ වෙයි.

“සිඛී, භික‍්ඛවෙ, භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො පුණ‍්ඩරීකස‍්ස මූලෙ අභිසම‍්බුද‍්ධො”තිආදීසුපි ඉමිනාව නයෙන පදවණ‍්ණනා වෙදිතබ‍්බා. එත්‍ථ පන පුණ‍්ඩරීකොති සෙතම‍්බරුක‍්ඛො. තස‍්සාපි තදෙව පරිමාණං. තං දිවසඤ‍්ච සොපි දිබ‍්බගන්‍ධෙහි පුප‍්ඵෙහි සුසඤ‍්ඡන‍්නො අහොසි. න කෙවලඤ‍්ච පුප‍්ඵෙහි, ඵලෙහිපි සඤ‍්ඡන‍්නො අහොසි. තස‍්ස එකතො තරුණානි ඵලානි, එකතො මජ‍්ඣිමානි ඵලානි, එකතො නාතිපක‍්කානි ඵලානි, එකතො සුපක‍්කානි පක‍්ඛිත‍්තදිබ‍්බොජානි විය සුරසානි ඔලම‍්බන‍්ති. යථා සො, එවං සකලදසසහස‍්සචක‍්කවාළෙසු පුප‍්ඵූපගරුක‍්ඛා පුප‍්ඵෙහි, ඵලූපගරුක‍්ඛා ඵලෙහි පටිමණ‍්ඩිතා අහෙසුං.

‘මහණෙනි, සිඛී භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්මා සම්බුද්ධ වූයේ පුණ්ඩරීක වෘක්‍ෂ මූලයෙහි බුද්ධත්වයට පත්වූ සේක යනාදී තැන්වල මේ ක්‍රමයෙන්ම වර්ණනාව දතයුතුයි. මෙහි වනාහි පුණ්ඩරීකො යනු එහිද එම ප්‍රමාණ විය. එදවස ඒ වෘක්‍ෂයද දිව්‍යමය සුවඳින් යුත් මලින් ගැවසී ගත්තේය. හුදෙක් මල්වලින් පමණක් නොවෙයි. ගෙඩිවලින් ද පිරී ගියේය. එහි එක් පැත්තක ලාගෙඩිය, එක් පැත්තක ළපටි ගෙඩිය. එක් පැත්තක මධ්‍යම ප්‍රමාණයට පැසුණු ගෙඩිය. එක පැත්තක සාමාන්‍යයෙන් පැසුණු ගෙඩිය. එක්පසෙක දිව්‍ය ඕජස් බහාලූවක් වැනි රසවත්ව මනාව පැසී එල්බෙන ගෙඩිය. යම්සේ ඒ වෘක්‍ෂය මෙන් සියළු දසදහස් සක්වල මල් හටගැනීමට සුදුසු ගස් මලින් ද ගෙඩි හටගැනීමට යෝග්‍ය ගස් ගෙඩිවලින් ද සමන්විත විය.

සාලොති සාලරුක‍්ඛො. තස‍්සාපි තදෙව පරිමාණං, තථෙව පුප‍්ඵසිරීවිභවො වෙදිතබ‍්බො. සිරීසරුක‍්ඛෙපි එසෙව නයො. උදුම‍්බරරුක‍්ඛෙ පුප‍්ඵානි නාහෙසුං, ඵලවිභූති පනෙත්‍ථ අම‍්බෙ වුත‍්තනයාව, තථා නිග්‍රොධෙ, තථා අස‍්සත්‍ථෙ. ඉති සබ‍්බබුද‍්ධානං එකොව පල‍්ලඞ‍්කො, රුක‍්ඛා පන අඤ‍්ඤෙපි හොන‍්ති. තෙසු යස‍්ස යස‍්ස රුක‍්ඛස‍්ස මූලෙ චතුමග‍්ගඤාණසඞ‍්ඛාතබොධිං බුද‍්ධා පටිවිජ‍්ඣන‍්ති, සො සො බොධීති වුච‍්චති. අයං බොධිපරිච‍්ඡෙදො නාම.

සාලො යනු සල්ගස, එය ද එම ප්‍රමාණම විය. මල්වලින් ඇතිවූ ශ්‍රී සෝභාව එපරිද්දෙන්ම දතයුතුයි. මහරි ගස පිළිබඳවද මෙසේමය. දිඹුල් ගසේ මල් නොවීය. ඵල සම්පත්තිය වනාහි මෙහි අඹගස පිළිබඳව කියූ ආකාරයෙන්මය. නිග්‍රොධ වෘක්‍ෂය පිළිබඳවත් ඇසතු වෘක්‍ෂය පිළිබඳවත් එසේමය. මෙසේ සියළු බුදුවරයන් වහන්සේලාට එකම පර්යංකයකි. වෙනත් වෘක්‍ෂයෝ ද වෙත්. ඒවා අතරින් යම් යම් වෘක්‍ෂ මූලයක සිට බුදුවරු සිව්මග නුවණ නම් වූ බෝධිය අවබෝධ කර ගනිත්ද ඒ ඒ වෘක්‍ෂය බෝධිය යයි කියනු ලැබේ.

සාවකයුගපරිච‍්ඡෙදවණ‍්ණනා

ශ්‍රාවකයුග පරිච්ඡේදය

සාවකයුගපරිච‍්ඡෙදෙ පන ඛණ‍්ඩතිස‍්සන‍්ති ඛණ‍්ඩො ච තිස‍්සො ච. තෙසු ඛණ‍්ඩො එකපිතිකො කනිට‍්ඨභාතා, තිස‍්සො පුරොහිතපුත‍්තො. ඛණ‍්ඩො පඤ‍්ඤාපාරමියා මත්‍ථකං පත‍්තො, තිස‍්සො සමාධිපාරමියා මත්‍ථකං පත‍්තො. අග‍්ගන‍්ති ඨපෙත්‍වා විපස‍්සිං භගවන‍්තං අවසෙසෙහි සද‍්ධිං අසදිසගුණතාය උත‍්තමං. භද‍්දයුගන‍්ති අග‍්ගත‍්තායෙව භද‍්දයුගං.

සාවක යුග පරිච්ඡේදයේ වනාහි ඛණ්ඩතිස්ස යනු ඛණ්ඩය. තිස්සය. ඔවුනතුරෙන් ඛණ්ඩ තෙමේ එකම පියකු ඇත්තේ කණිටු සොහොයුරාය. තිස්ස යනු පුරෝහිතගේ පුත්‍රයාය. ඛණ්ඩ තෙමේ ප්‍රඥා පාරමිතාවේ මස්තකප්‍රාප්ත වූයේය. තිස්ස තෙමේ සමාධි පාරමිතා වේ. අග්ගං යනු විපස්සී බුදුරජාණන් වහන්සේ හැර ඉතිරි ඇත්තන් සමග අසමාන වූ ගුණයෙන් උතුම් වූ. භද්දයුගං යනු අග්‍රස්ථානයට පත් බැවින් භද්දයුග නම් වී.

අභිභූසම‍්භවන‍්ති අභිභූ ච සම‍්භවො ච. තෙසු අභිභූ පඤ‍්ඤාපාරමියා මත්‍ථකං පත‍්තො. සිඛිනා භගවතා සද‍්ධිං අරුණවතිතො බ්‍රහ‍්මලොකං ගන‍්ත්‍වා බ්‍රහ‍්මපරිසාය විවිධානි පාටිහාරියානි දස‍්සෙන‍්තො ධම‍්මං දෙසෙත්‍වා දසසහස‍්සිලොකධාතුං අන්‍ධකාරෙන ඵරිත්‍වා – “කිං ඉද”න‍්ති සඤ‍්ජාතසංවෙගානං ඔභාසං ඵරිත්‍වා – “සබ‍්බෙ මෙ රූපඤ‍්ච පස‍්සන‍්තු, සද‍්දඤ‍්ච සුණන‍්තූ”ති අධිට‍්ඨහිත්‍වා – “ආරම‍්භථා”ති ගාථාද‍්වයං (සං· නි· 1.185) භණන‍්තො සද‍්දං සාවෙසි. සම‍්භවො සමාධිපාරමියා මත්‍ථකං පත‍්තො අහොසි.

අභිභූ සම්භවං යනු අභිභූ හා සම්භව. ඒ අතරෙන් අභිභූ ප්‍රඥා පාරමිතාවේ මස්තකප්‍රාප්ත වූයේ සිඛී බුදුන් සමග අරුණවතියෙන් බඹලොවට ගොස් බඹපිරිසට නොයෙක් ප්‍රාතිහාර්යයන් දක්වා ධර්මදේශනාකොට සහශ්‍රී ලෝකධාතුවේ අන්ධකාරය පතුරුවා, මේ කුමක්දැයි හටගත් සංවේග ඇත්තන්ට ආලෝකය පතුරුවා සියල්ලෝම මාගේ රූපය දකිත්වා. ශබ්දය අසත්වායි අධිෂ්ඨාන කොට ‘ආරභථ’ ආදී ගාථා දෙකක් කියමින් ඒ හඬ ඇස්සවීය. බොහෝදෙනා සමාධි පාරමිතාවේ මස්තකප්‍රාප්ත වූවෝ වූහ.

සොණුත‍්තරන‍්ති සොණො ච උත‍්තරො ච. තෙසුපි සොණො පඤ‍්ඤාපාරමිං පත‍්තො, උත‍්තරො සමාධිපාරමිං පත‍්තො අහොසි. විධුරසඤ‍්ජීවන‍්ති විධුරො ච සඤ‍්ජීවො ච. තෙසු විධුරො පඤ‍්ඤාපාරමිං පත‍්තො අහොසි, සඤ‍්ජීවො සමාධිපාරමිං පත‍්තො. සමාපජ‍්ජනබහුලො රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානකුටිලෙණමණ‍්ඩපාදීසු සමාපත‍්තිබලෙන ඣායන‍්තො එකදිවසං අරඤ‍්ඤෙ නිරොධං සමාපජ‍්ජි, අථ නං වනකම‍්මිකාදයො “මතො”ති සල‍්ලක‍්ඛෙත්‍වා ඣාපෙසුං. සො යථාපරිච‍්ඡෙදෙන සමාපත‍්තිතො උට‍්ඨාය චීවරානි පප‍්ඵොටෙත්‍වා ගාමං පිණ‍්ඩාය පාවිසි. තදුපාදායෙව ච නං “සඤ‍්ජීවො”ති සඤ‍්ජානිංසු. භිය්‍යොසුත‍්තරන‍්ති භිය්‍යොසො ච උත‍්තරො ච. තෙසු භිය්‍යොසො පඤ‍්ඤාය උත‍්තරො, උත‍්තරො සමාධිනා අග‍්ගො අහොසි. තිස‍්සභාරද‍්වාජන‍්ති තිස‍්සො ච භාරද‍්වාජො ච. තෙසු තිස‍්සො පඤ‍්ඤාපාරමිං පත‍්තො, භාරද‍්වාජො සමාධිපාරමිං පත‍්තො අහොසි. සාරිපුත‍්තමොග‍්ගල‍්ලානන‍්ති සාරිපුත‍්තො ච මොග‍්ගල‍්ලානො ච. තෙසු සාරිපුත‍්තො පඤ‍්ඤාවිසයෙ, මොග‍්ගල‍්ලානො සමාධිවිසයෙ අග‍්ගො අහොසි. අයං සාවකයුගපරිච‍්ඡෙදො නාම.

සොණුත්තර යනු සොණ හා උත්තර. ඔවුනතුරෙන් ‘සොණ ප්‍රඥාව සම්පූර්ණත්වයට පත්කළේය. උත්තර වනාහි සමාධිය සම්පූර්ණත්වයට පත්වූයේ විය. විධූර සජීවං යනු විධුර ද සජීව ද වෙති. ඔවුනතුරෙන් විධුර ප්‍රඥාව සම්පූර්ණත්වයට පත්කළේය. සජීව සමාධිය සම්පූර්ණත්වයට පත්කළේය. සමවැදීම් බහුල වූයේ රාත්‍රීස්ථාන, දිවාස්ථාන, කුටි, ලෙන්, මණ්ඩප ආදියෙහි සමාපත්ති බලයෙන්ම යැපෙන්නේ. එක්දිනක් අරණ්‍යයෙහි නිරෝධ සමාපත්තියට සමවැදුනේය. ඉක්බිති ඔහු මළේයයි සලකා වනයේ වැඩකරන ජනයා දවා දැමූහ. හෙතෙම පිළිවෙලින් සමාපත්තියෙන් නැගිට සිවුරු ගසාදමා ගමට පිඬු පිණිස ගියේය. ඒ හේතුකොටගෙනම ඔහු සංජීව යයි හැඳින්වූහ. භීයොසුත්තරං යනු භීයොසො ද උත්තරද ඔවුනතුරෙන් භීයොසො ප්‍රඥාවෙන් උසස්ය. උත්තර සමාධියෙන් උසස් විය. තිස්ස භාරද්වාජ යනු තිස්ස ද භාරද්වාජ ද ඔවුනතුරෙන් තිස්ස ප්‍රඥාවෙන් සම්පූර්ණත්වයට පත්විය. භාරද්වාජ සමාධියෙන් සම්පූර්ණත්වයට පත්විය. සාරිපුත්තමොග්ගල්ලානං සාරිපුත්ත ද මුගලන් ද ඔවුනතුරෙන් සාරිපුත්‍ර ප්‍රඥා විෂයෙහි ද මොග්ගල්ලාන සමාධි විෂයෙහි ද අග්‍රප්‍රාප්ත වූහ.

සාවකසන‍්නිපාතපරිච‍්ඡෙදවණ‍්ණනා

ශ්‍රාවක සන්නිපාත පරිච්ඡේදය

සාවකසන‍්නිපාතපරිච‍්ඡෙදෙ විපස‍්සිස‍්ස භගවතො පඨමසන‍්නිපාතො චතුරඞ‍්ගිකො අහොසි, සබ‍්බෙ එහිභික‍්ඛූ, සබ‍්බෙ ඉද‍්ධියා නිබ‍්බත‍්තපත‍්තචීවරා, සබ‍්බෙ අනාමන‍්තිතාව ආගතා, ඉති තෙ ච ඛො පන‍්නරසෙ උපොසථදිවසෙ. අථ සත්‍ථා බීජනිං ගහෙත්‍වා නිසින‍්නො උපොසථං ඔසාරෙසි. දුතියතතියෙසුපි එසෙව නයො. තථා සෙසබුද‍්ධානං සබ‍්බසන‍්නිපාතෙසු. යස‍්මා පන අම‍්හාකං භගවතො පඨමබොධියාව සන‍්නිපාතො අහොසි, ඉදඤ‍්ච සුත‍්තං අපරභාගෙ වුත‍්තං, තස‍්මා “මය‍්හං, භික‍්ඛවෙ, එතරහි එකො සාවකානං සන‍්නිපාතො”ති අනිට‍්ඨපෙත්‍වා “අහොසී”ති වුත‍්තං.

ශ්‍රාවක සන්නිපාත පරිච්ඡේදයේදී විපස්සී බුදුන්ගේ පළමු රැස්වීම සතරවැදෑරුම් විය. සියල්ලෝම එහිභික්‍ෂුභාවයෙන්, සියල්ලෝම සෘද්ධියෙන් ලැබුණු පාත්‍රා සිවුරු ඇතිව, සියල්ලෝම ඇමතීමකින් තොරව පැමිණියාහ. ඔවුහුද පසලොස්වක් උපෝසථ දවසෙහි. ඉක්බිති ශාස්තෲන් වහන්සේ වටාපත ගෙන හුන්නේ උපෝසථය ප්‍රකාශ කළේය. දෙවන තුන්වන ඒවායේ ද මේ ක්‍රමයයි. එසේම ඉතිරි බුදුවරයන්ගේ සැම එක්රැස් වීමේදී. යම්හෙයකින් වනාහි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම බෝධියේදීම එක්රැස්වීමක් විය. මේ සූත්‍රය ද පසුභාගයෙහි කියන ලදි. ඒ නිසා මහණෙනි, දැන් එක් ශ්‍රාවක රැස්වීමක් යැයි නිම නොකොට වීයැයි කියන ලදි.

තත්‍ථ අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානීති පුරාණජටිලානං සහස‍්සං, ද‍්වින‍්නං අග‍්ගසාවකානං පරිවාරානි අඩ‍්ඪතෙය්‍යසතානීති අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානි. තත්‍ථ ද‍්වින‍්නං අග‍්ගසාවකානං අභිනීහාරතො පට‍්ඨාය වත්‍ථුං කථෙත්‍වා පබ‍්බජ‍්ජා දීපෙතබ‍්බා. පබ‍්බජිතානං පන තෙසං මහාමොග‍්ගල‍්ලානො සත‍්තමෙ දිවසෙ අරහත‍්තං පත‍්තො. ධම‍්මසෙනාපති පන‍්නරසමෙ දිවසෙ ගිජ‍්ඣකූටපබ‍්බතමජ‍්ඣෙ සූකරඛතලෙණපබ‍්භාරෙ භාගිනෙය්‍යස‍්ස දීඝනඛපරිබ‍්බාජකස‍්ස සජ‍්ජිතෙ ධම‍්මයාගෙ වෙදනාපරිග‍්ගහසුත‍්තන‍්තෙ (ම· නි· 2.201) දෙසියමානෙ දෙසනං අනුබුජ‍්ඣමානං ඤාණං පෙසෙත්‍වා සාවකපාරමිඤාණං පත‍්තො. භගවා ථෙරස‍්ස අරහත‍්තප‍්පත‍්තිං ඤත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා වෙළුවනෙයෙව පච‍්චුට‍්ඨාසි. ථෙරො – “කුහිං නු ඛො භගවා ගතො”ති ආවජ‍්ජන‍්තො වෙළුවනෙ පතිට‍්ඨිතභාවං ඤත්‍වා සයම‍්පි වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා වෙළුවනෙයෙව පච‍්චුට‍්ඨාසි. අථ භගවා පාතිමොක‍්ඛං ඔසාරෙසි. තං සන‍්නිපාතං සන්‍ධාය භගවා – “අඩ‍්ඪතෙළසානි භික‍්ඛුසතානී”ති ආහ. අයං සාවකසන‍්නිපාතපරිච‍්ඡෙදො නාම.

එහි අඩ්ඪතෙළසානි භික්ඛූසතානි යනු පුරාණ ජටිලයන්ගේ දහසකුත් අගසව් දෙනමගේ පිරිවර දෙසියපනහක් යන එක්දහස් දෙසිය පනහක්, එහි අගසව් දෙනමගේ ප්‍රාර්ථනාවේ පටන් කථාවස්තුව දක්වා පැවිද්ද දැක්විය යුතුය. පැවිදි වූ උන්වහන්සේලා දෙනමගෙන් මහමුගලන් තෙරුන්වහන්සේ සත්වන දිනයෙහි රහත්බවට පත්වූයේය. ධර්ම සේනාපතීන් වහන්සේ පසළොස්වන දින ගිජුකුළුපව්ව මැද හූරන් සෑරූ ලෙන්දොරදී තම බෑනණුවන් වූ දීඝනඛ පරිබ්‍රාජකයා විසින් සූදානම් කළ ධර්මයාගයේදී වේදනා පරිග්‍රහ සූත්‍රාන්තය දේශනා කරන කල්හි දේශනාව හා බැඳී සිටින ඤාණය යොදවා ශ්‍රාවකපාරමී ඥානය ලබාගත්තේය. භාග්‍යවතුන් වහන්සේ තෙරුන් රහත්බවට පත්වීම දැනගෙන අහසට පැනනැගී වේළුවනාරාමයේ පහළ වූ සේක. තෙරුන්වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩියේදැයි ආවර්ජනාකර බලන්නේ වේළුවනයෙහි වැඩසිටින බව දැනගෙන තමන්ද අහසට පැන නැගී වේළුවනයට පැමිණියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිමෝක්‍ෂය සවිස්තරව වදාළසේක. මේ රැස්වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ‘අඩ්ඪතෙළසානි භික්ඛුසතානි’ යැයි වදාළහ.

උපට‍්ඨාකපරිච‍්ඡෙදවණ‍්ණනා

උපට්ඨාන පරිච්ඡේදය

උපට‍්ඨාකපරිච‍්ඡෙදෙ පන ආනන්‍දොති නිබද‍්ධුපට‍්ඨාකභාවං සන්‍ධාය වුත‍්තං. භගවතො හි පඨමබොධියං අනිබද‍්ධා උපට‍්ඨාකා අහෙසුං. එකදා නාගසමාලො පත‍්තචීවරං ගහෙත්‍වා විචරි, එකදා නාගිතො, එකදා උපවානො, එකදා සුනක‍්ඛත‍්තො, එකදා චුන්‍දො සමණුද‍්දෙසො, එකදා සාගතො, එකදා මෙඝියො. තත්‍ථ එකදා භගවා නාගසමාලත්‍ථෙරෙන සද‍්ධිං අද‍්ධානමග‍්ගපටිපන‍්නො ද‍්වෙධාපථං පත‍්තො. ථෙරො මග‍්ගා ඔක‍්කම‍්ම – “භගවා, අහං ඉමිනා මග‍්ගෙන ගච‍්ඡාමී”ති ආහ. අථ නං භගවා – “එහි භික‍්ඛු, ඉමිනා මග‍්ගෙන ගච‍්ඡාමා”ති ආහ. සො – “හන්‍ද, භගවා, තුම‍්හාකං පත‍්තචීවරං ගණ‍්හථ, අහං ඉමිනා මග‍්ගෙන ගච‍්ඡාමී”ති වත්‍වා පත‍්තචීවරං ඡමායං ඨපෙතුං ආරද‍්ධො. අථ නං භගවා – “ආහර, භික‍්ඛූ”ති වත්‍වා පත‍්තචීවරං ගහෙත්‍වා ගතො. තස‍්සපි භික‍්ඛුනො ඉතරෙන මග‍්ගෙන ගච‍්ඡතො චොරා පත‍්තචීවරඤ‍්චෙව හරිංසු, සීසඤ‍්ච භින්‍දිංසු. සො – “භගවා ඉදානි මෙ පටිසරණං, න අඤ‍්ඤො”ති චින‍්තෙත්‍වා ලොහිතෙන ගළිතෙන භගවතො සන‍්තිකං අගමාසි. “කිමිදං භික‍්ඛූ”ති ච වුත‍්තෙ තං පවත‍්තිං ආරොචෙසි. අථ නං භගවා – “මා චින‍්තයි, භික‍්ඛු, එතංයෙව තෙ කාරණං සල‍්ලක‍්ඛෙත්‍වා නිවාරයිම‍්හා”ති වත්‍වා නං සමස‍්සාසෙසි.

උපට්ඨාක පරිච්ඡේදයෙහි වනාහි ආනන්‍දො යැයි නිරන්තර උපස්ථායක බව පිණිස කියන ලදි. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් අලුත ස්ථිර උපස්ථායකවරයෙක් සිටියේ නැත. එක් දිනක නාගසමාල පාසිවුරු ගෙන ගියේය. එක් දිනක් නාගිත තෙරුන්, එක් දිනක් උපවාන, එක්දිනක් සුනක්ඛත්ත, එක්දිනක් චුන්ද සාමණේර, එක් දිනක් සාගත, එක් දිනක් මෙඝිය මෙසේ කළහ. එහිදී එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ නාගසමාලා තෙරුන් සමග මහමගට පිවිසියේ දෙමංසන්ධියකට පැමිණියේය. තෙරුන් වහන්සේ මගින් ඉවත්ව භාග්‍යවතුන් වහන්ස, මම මේ මගින් යන්නෙමියි කීහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ, එන්න මහණ, මේ මාර්ගයෙන් යමුයැයි වදාළහ. හෙතෙම ස්වාමීනි! ඔබවහන්සේගේ පාත්‍රා සිවුරු ගන්න. මම මේ මාර්ගයෙන් යමි යි කියා පාත්‍රාසිවුරු බිම තබන්නට පටන් ගත්තේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට, මෙහෙ ගෙනෙන්නට යැයි තම පාත්‍රා සිවුරු ගෙන වැඩියේය. වෙනත් මගකින් යන්නා වූ ඔහුගේ පාත්‍රා සිවුරු ද පැහැරගත්හ. හිස ද පැලූහ. මට දැන් පිහිටවන්නේ බුදුරජාණන් වහන්සේමය. වෙන කෙනෙක් නැතැයි සිතා ලේ ගලමින් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියේය. ඇයි මහණ, මේ කුමක්දැයි විචාළ කල්හි ඒ පුවත දන්වා සිටියේය. ඉක්බිති ඔහුට භාග්‍යවතුන් වහන්සේ, මහණ, ඒ ගැන නොසිතන්න. මේ කරුණෙන් ඔබව නිදහස් කරන්නෙමියි ඔහුව අස්වැසීය.

එකදා පන භගවා මෙඝියත්‍ථෙරෙන සද‍්ධිං පාචීනවංසමිගදායෙ ජන‍්තුගාමං අගමාසි. තත්‍රාපි මෙඝියො ජන‍්තුගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා නදීතීරෙ පාසාදිකං අම‍්බවනං දිස‍්වා – “භගවා, තුම‍්හාකං පත‍්තචීවරං ගණ‍්හථ, අහං තස‍්මිං අම‍්බවනෙ සමණධම‍්මං කරොමී”ති වත්‍වා භගවතා තික‍්ඛත‍්තුං නිවාරියමානොපි ගන‍්ත්‍වා අකුසලවිතක‍්කෙහි උපද‍්දුතො අන්‍වාසත‍්තො (අ· නි· 9.3; උදාන පරිච‍්ඡෙදො 31 දට‍්ඨබ‍්බො). පච‍්චාගන‍්ත්‍වා තං පවත‍්තිං ආරොචෙසි. තම‍්පි භගවා – “ඉදමෙව තෙ කාරණං සල‍්ලක‍්ඛෙත්‍වා නිවාරයිම‍්හා”ති වත්‍වා අනුපුබ‍්බෙන සාවත්‍ථිං අගමාසි. තත්‍ථ ගන්‍ධකුටිපරිවෙණෙ පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝපරිවුතො භික‍්ඛූ ආමන‍්තෙසි – “භික‍්ඛවෙ, ඉදානිම‍්හි මහල‍්ලකො, ‘එකච‍්චෙ භික‍්ඛූ ඉමිනා මග‍්ගෙන ගච‍්ඡාමා’ති වුත‍්තෙ අඤ‍්ඤෙන ගච‍්ඡන‍්ති, එකච‍්චෙ මය‍්හං පත‍්තචීවරං නික‍්ඛිපන‍්ති, මය‍්හං නිබද‍්ධුපට‍්ඨාකං එකං භික‍්ඛුං ජානාථා”ති. භික‍්ඛූනං ධම‍්මසංවෙගො උදපාදි. අථායස‍්මා සාරිපුත‍්තො උට‍්ඨායාසනා භගවන‍්තං වන්‍දිත්‍වා – “අහං, භන‍්තෙ, තුම‍්හෙයෙව පත්‍ථයමානො සතසහස‍්සකප‍්පාධිකං අසඞ‍්ඛ්‍යෙය්‍යං පාරමියො පූරයිං, නනු මාදිසො මහාපඤ‍්ඤො උපට‍්ඨාකො නාම වට‍්ටති, අහං උපට‍්ඨහිස‍්සාමී”ති ආහ. තං භගවා – “අලං සාරිපුත‍්ත, යස‍්සං දිසායං ත්‍වං විහරසි, අසුඤ‍්ඤායෙව මෙ සා දිසා, තව ඔවාදො බුද‍්ධානං ඔවාදසදිසො, න මෙ තයා උපට‍්ඨාකකිච‍්චං අත්‍ථී”ති පටික‍්ඛිපි. එතෙනෙවුපායෙන මහාමොග‍්ගල‍්ලානං ආදිං කත්‍වා අසීතිමහාසාවකා උට‍්ඨහිංසු. තෙ සබ‍්බෙපි භගවා පටික‍්ඛිපි.

එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ මෙඝිය තෙරුන් සමග ප්‍රාචීනවංස මිගදායෙහි ජන්තුගමට වැඩි සේක. එහිදී ද මෙඝිය ජන්තු ග්‍රාමයෙහි පිඬුසිඟා හැසිර ගංතෙර පැහැපත් අඹවනයක් දැක භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ පාත්‍රා සිවුරු ගන්න. මම මේ අඹවනයෙහි මහණදම් පුරමියි කියා භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්වරක් වළක්වන ලද්දේ නමුත් ගොස් අකුසල චිත්තයන්ගෙන් යුක්ත වූයේ ආපසු ඇවිත් ඒ බව දන්වා සිටියේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට මේ කරුණ ගැන සලකා ඔබව වැළැක්වූයෙමි යයි පිළිවෙලින් සැවැත්නුවරට වැඩි සේක. එහි ගන්ධකුටි පිරිවෙනෙහි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩසිටියේ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, දැන් මම මහලු වෙමි. ඇතැම් භික්‍ෂූහු මේ මගින් යමු යැයි කී කල්හි වෙනත් මගකින් යත්. තවත් කෙනෙක් මාගේ පාත්‍රාසිවුරු බිම තබත්. මට ස්ථිර උපස්ථායක භික්‍ෂුවක ගැන සිතා බලන්න. භික්‍ෂූන්ට ධර්ම සංවේගය පහළ විය. ඉක්බිති සැරියුත් මහතෙරුන් වහන්සේ නැගිට බුදුන් වැඳ ස්වාමීනි, මම ඔබවහන්සේවම ප්‍රාර්ථනා කරමින් කල්ප ශතසහස්‍රයක් පෙරුම් පිරූයෙමි. මා වැනි මහා ප්‍රාඥයකු උපස්ථායක වීම සුදුසු නොවේද? මම උපස්ථාන කරන්නෙමියි කීය. භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්‍රය, අවශය නැත. ඔබ යම් දිශාවක වාසය කරන්නේද ඒ දිශාව හිස් නොවේ. ඔබගේ අවවාදය බුදු කෙනෙකුගේ අවවාදය මෙනි. ඔබ විසින් මට උපස්ථාන කිරීමක් අවශ්‍ය නැතැයි ප්‍රතික්‍ෂේප කළ සේක. මේ ආකාරයට මහ මුගලන් තෙරුන් වහන්සේ ප්‍රමුඛ කොට අසූමහා ශ්‍රාවකයෝ නැගී සිටියාහ. භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ලන් ප්‍රතික්‍ෂේප කළ සේක.

ආනන්‍දත්‍ථෙරො පන තුණ‍්හීයෙව නිසීදි. අථ නං භික‍්ඛූ එවමාහංසු – “ආවුසො, ආනන්‍ද, භික‍්ඛුසඞ‍්ඝො උපට‍්ඨාකට‍්ඨානං යාචති, ත්‍වම‍්පි යාචාහී”ති. සො ආහ – “යාචිත්‍වා ලද‍්ධුපට‍්ඨානං නාම ආවුසො කීදිසං හොති, කිං මං සත්‍ථා න පස‍්සති, සචෙ රොචිස‍්සති, ආනන්‍දො මං උපට‍්ඨාතූති වක‍්ඛතී”ති. අථ භගවා – “න, භික‍්ඛවෙ, ආනන්‍දො අඤ‍්ඤෙන උස‍්සාහෙතබ‍්බො, සයමෙව ජානිත්‍වා මං උපට‍්ඨහිස‍්සතී”ති ආහ. තතො භික‍්ඛූ – “උට‍්ඨෙහි, ආවුසො ආනන්‍ද, උට‍්ඨෙහි ආවුසො ආනන්‍ද, දසබලං උපට‍්ඨාකට‍්ඨානං යාචාහී”ති ආහංසු. ථෙරො උට‍්ඨහිත්‍වා චත‍්තාරො පටික‍්ඛෙපෙ, චතස‍්සො ච ආයාචනාති අට‍්ඨ වරෙ යාචි.

ආනන්ද තෙරුන් වහන්සේ නිහඬව සිටියේය. ඉක්බිති භික්‍ෂූහු උන්වහන්සේට මෙසේ පැවසූහ. ඇවැත්නි! භික්‍ෂු සංඝයා උපස්ථායක තනතුර ඉල්ලා සිටිති. ඔබද ඉල්ලුම් කරන්න යැයි කීහ. උන්වහන්සේ මෙසේ පැවසූහ. ඇවැත්නි, ඉල්වා ලබාගන්නා ලද තනතුර කෙබඳු වන්නේද? කිම! ශාස්තෲන් වහන්සේට මා නොපෙනේද? ඉදින් මා කැමැති නම් ආනන්දය! මට උපස්ථාන කරන්න යැයි වදාරන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහණෙනි! අන්‍යයන් විසින් ආනන්දයන් උනන්දු කරවිය යුත්තේ නොවේ. තෙමේම දැනගෙන මා හට උවටැන් කරන්නේ යැයි වදාළ සේක. ඉක්බිති භික්‍ෂූහු ඇවැත්නි, ආනන්දය, නැගී සිටින්න. ආනන්දය, දශබලධාරීන් වහන්සේගේ උපස්ථාන තනතුර ඉල්වන්න යැයි කීහ. තෙරුන් වහන්සේ නැගිට පිළිකෙව් සතරකුත් ඉල්ලීම් සතරකුත් යන වර අටක් ඉල්ලා සිටියේය.

චත‍්තාරො පටික‍්ඛෙපා නාම – “සචෙ මෙ, භන‍්තෙ, භගවා අත‍්තනා ලද‍්ධං පණීතං චීවරං න දස‍්සති, පිණ‍්ඩපාතං න දස‍්සති, එකගන්‍ධකුටියං වසිතුං න දස‍්සති, නිමන‍්තනං ගහෙත්‍වා න ගමිස‍්සති, එවාහං භගවන‍්තං උපට‍්ඨහිස‍්සාමී”ති වත්‍වා – “කිං පනෙත්‍ථ, ආනන්‍ද, ආදීනවං පස‍්සසී”ති වුත‍්තෙ – “සචාහං, භන‍්තෙ, ඉමානි වත්‍ථූනි ලභිස‍්සාමි, භවිස‍්සන‍්ති වත‍්තාරො – ‘ආනන්‍දො දසබලෙන ලද‍්ධං පණීතං චීවරං පරිභුඤ‍්ජති, පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජති, එකගන්‍ධකුටියං වසති, එකතො නිමන‍්තනං ගච‍්ඡති, එතං ලාභං ලභන‍්තො තථාගතං උපට‍්ඨාති, කො එවං උපට‍්ඨහතො භාරො’ති” ඉමෙ චත‍්තාරො පටික‍්ඛෙපෙ යාචි.

සතර පිළිකෙව් මොනවාද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ලබන ලද ප්‍රණීත වූ සිවුරු මට නොදිය යුතුයි. පිණ්ඩපාතය මට නොදිය යුතුයි. එකම ගඳකිළියේ වාසය නොකළ යුතුයි. ආරාධනා භාරගෙන යායුතු නැත. මෙසේ නම් මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නෙමියි කියූවිට, කිම ආනන්දය, ඔබ මෙහිදී යම් ආදීනවයක් දුටුවේදැයි ඇසීය. ස්වාමීනි! ඉදින් මම මේ ලාභයන් ලබන්නෙම් නම් ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේට ලැබුණු වටිනා සිවුරු පරිභෝග කරයි. පිණ්ඩපාතය වළඳයි. එකට ගඳකිළියේ වාසය කරයි. එකම ආරාධනාවට දානය සඳහා වඩියි. මේ ලාභ ලැබෙන නිසා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරයි කියා කියන්නෝ ඇතිවන්නාහ. මෙසේ උපස්ථාන කිරීම කෙසේ නම් කරදරයක්ද? මේ නිසා මේ පිළිකෙව් සතර ඉල්ලා සිටියෙමි.

චතස‍්සො ආයාචනා නාම – “සචෙ, භන‍්තෙ, භගවා මයා ගහිතනිමන‍්තනං ගමිස‍්සති, සචාහං තිරොරට‍්ඨා තිරොජනපදා භගවන‍්තං දට‍්ඨුං ආගතං පරිසං ආගතක‍්ඛණෙ එව භගවන‍්තං දස‍්සෙතුං ලච‍්ඡාමි, යදා මෙ කඞ‍්ඛා උප‍්පජ‍්ජති, තස‍්මිංයෙව ඛණෙ භගවන‍්තං උපසඞ‍්කමිතුං ලච‍්ඡාමි, යං භගවා මය‍්හං පරම‍්මුඛා ධම‍්මං දෙසෙති, තං ආගන‍්ත්‍වා මය‍්හං කථෙස‍්සති, එවාහං භගවන‍්තං උපට‍්ඨහිස‍්සාමී”ති වත්‍වා –

සතරවැදෑරුම් ඉල්ලීම් කවරේද? ඉදින් ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ මා විසින් ගන්නා ලද ආරාධනයකට වඩීද, ඉදින් මම රට හරහා ජනපද හරහා භාග්‍යවතුන් වහන්සේව දැකීමට ආ ජනයාට පැමිණිවිටම භාග්‍යවතුන් වහන්සේව මුණගස්වන්නට හැකිවෙමි. යම්විටක මට සැකයක් පහළවන්නේද ඒ මොහොතේම භාග්‍යවතුන් වහන්සේ ළඟට යාමට හැකිවෙමි. එසේම මා නැති තැනක භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළ සේක්ද, ආපසු වැඩියවිට මට නැවත දේශනා කරයි. මෙසේ මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරමි.

“කං පනෙත්‍ථ, ආනන්‍ද, ආනිසංසං පස‍්සසී”ති වුත‍්තෙ – “ඉධ, භන‍්තෙ, සද‍්ධා කුලපුත‍්තා භගවතො ඔකාසං අලභන‍්තා මං එවං වදන‍්ති – ‘ස‍්වෙ, භන‍්තෙ ආනන්‍ද, භගවතා සද‍්ධිං අම‍්හාකං ඝරෙ භික‍්ඛං ගණ‍්හෙය්‍යාථා’ති, සචෙ භන‍්තෙ භගවා තත්‍ථ න ගමිස‍්සති, ඉච‍්ඡිතක‍්ඛණෙයෙව පරිසං දස‍්සෙතුං, කඞ‍්ඛඤ‍්ච විනොදෙතුං ඔකාසං න ලච‍්ඡාමි, භවිස‍්සන‍්ති වත‍්තාරො – ‘කිං ආනන්‍දො දසබලං උපට‍්ඨාති, එත‍්තකම‍්පිස‍්ස අනුග‍්ගහං භගවා න කරොතී’ති.

කිම ආනන්ද, ඔබ මෙහි ආනිශංස දකින්නෙහිදැයි විචාර කල්හි මෙසේ පැවසීය. මෙහිදී ස්වාමීනි! ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට අවකාශයක් නොලැබ මට මෙසේ කියත්. ආනන්ද හිමියනි! හෙට භාග්‍යවතුන් වහන්සේ සමග අපගේ නිවසෙහි දානය වළඳන්න කියා. ඉදින් භාග්‍යවතුන් වහන්සේ එහි නොවඩීද සිතූ වේලාවේම පිරිස දකින්නට, සැක දුරුකර ගන්නට අවස්ථාවක් නොලබමි. එවිට භාග්‍යවතුන් වහන්සේ තමන්ට උපකාර කරන ආනන්ද හිමියන්ට මෙතරම් වූ උපකාරයක් නොකරන්නේ යැයි කියන්නෝ ඇතිවන්නාහ.

භගවතො ච පරම‍්මුඛා මං පුච‍්ඡිස‍්සන‍්ති – ‘අයං, ආවුසො ආනන්‍ද, ගාථා, ඉදං සුත‍්තං, ඉදං ජාතකං, කත්‍ථ දෙසිත’න‍්ති. සචාහං තං න සම‍්පාදයිස‍්සාමි, භවිස‍්සන‍්ති වත‍්තාරො – ‘එත‍්තකම‍්පි, ආවුසො, න ජානාසි, කස‍්මා ත්‍වං ඡායා විය භගවන‍්තං අවිජහන‍්තො දීඝරත‍්තං විචරසී’ති. තෙනාහං පරම‍්මුඛා දෙසිතස‍්සපි ධම‍්මස‍්ස පුන කථනං ඉච‍්ඡාමී”ති ඉමා චතස‍්සො ආයාචනා යාචි. භගවාපිස‍්ස අදාසි.

භාග්‍යවතුන් වහන්සේ නැති තැන්වලදී මගෙන් මෙසේ විචාරත්. ඇවැත්නි, ආනන්ද, මේ ගාථාව, මේ සූත්‍රය මේ ජාතකය කවර තැනකදී දේශනා කරන ලද්දේ ද? ඉදින් මම ඒවාට පිළිතුරු නොදෙන්නේ නම් මෙසේ කියන්නෝ ඇති වෙත්. ඇවැත්නි, කිම ඔබ නොදන්නෙහිද? කවර හෙයකින් ඔබ සෙවනැල්ලක් මෙන් භාග්‍යවතුන් වහන්සේව අත් නොහැර බොහෝකලක් හැසුරුනෙහිය. ඒ නිසා මා නැති තැන දේශනා කළ ධර්මය නැවත අසනු කැමැත්තෙමි. මේ ඉල්ලීම් සතර ඉල්ලා සිටියෙමි. භාග්‍යවතුන් වහන්සේද ඒවා ඔහුට ලබාදුන් සේක.

එවං ඉමෙ අට‍්ඨ වරෙ ගහෙත්‍වා නිබද‍්ධුපට‍්ඨාකො අහොසි. තස‍්සෙව ඨානන‍්තරස‍්සත්‍ථාය කප‍්පසතසහස‍්සං පූරිතානං පාරමීනං ඵලං පාපුණීති ඉමස‍්ස නිබද‍්ධුපට‍්ඨාකභාවං සන්‍ධාය – “මය‍්හං, භික‍්ඛවෙ, එතරහි ආනන්‍දො භික‍්ඛු උපට‍්ඨාකො අග‍්ගුපට‍්ඨාකො”ති ආහ. අයං උපට‍්ඨාකපරිච‍්ඡෙදො නාම.

මෙසේ මේ වර අට ගෙන නිරන්තර උපස්ථායකයා විය. මේ තනතුර සඳහාම කල්ප ශතසහස්‍රයක් පුරණ ලද පෙරුම් සඵලත්වයට පත්විය. මේ මොහුගේ ස්ථිර උපස්ථායක බව සඳහා ‘මහණෙනි, දැන් ආනන්ද භික්‍ෂුව මාගේ උපස්ථායකයා අග්‍ර උපස්ථායකයා’ යැයි වදාළ සේක. මේ උපට්ඨාන පරිච්ඡේදයයි.

පිතිපරිච‍්ඡෙදො උත‍්තානත්‍ථොයෙව.

පිතු පරිච්ඡේදය කියන ලද අර්ථ ඇත්තේම ය.

විහාරං පාවිසීති කස‍්මා විහාරං පාවිසි? භගවා කිර එත‍්තකං කථෙත්‍වා චින‍්තෙසි – “න තාව මයා සත‍්තන‍්නං බුද‍්ධානං වංසො නිරන‍්තරං මත්‍ථකං පාපෙත්‍වා කථිතො, අජ‍්ජ මයි පන විහාරං පවිට‍්ඨෙ ඉමෙ භික‍්ඛූ භිය්‍යොසො මත‍්තාය පුබ‍්බෙනිවාසඤාණං ආරබ‍්භ වණ‍්ණං කථයිස‍්සන‍්ති. අථාහං ආගන‍්ත්‍වා නිරන‍්තරං බුද‍්ධවංසං කථෙත්‍වා මත්‍ථකං පාපෙත්‍වා දස‍්සාමී”ති භික‍්ඛූනං කථාවාරස‍්ස ඔකාසං දත්‍වා උට‍්ඨායාසනා විහාරං පාවිසි.

විහාරං පාවිසි යන්නෙහි කුමක් නිසා පිවිසියේද? භාග්‍යවතුන් වහන්සේ වනාහි මෙපමණක් කියා මෙසේ සිතීය. මා විසින් සත්බුදුවරයන් වහන්සේලාගේ වංසකථාව නිරන්තරයෙන් මස්තකප්‍රාප්ත කොට කියන ලද්දේ නොවෙයි. අද මා විහාරයට පිවිසි අවස්ථාවේදී මේ භික්‍ෂූහු බොහෝසෙයින් පෙරවිසූ ජීවිත දන්නා නුවණ පිළිබඳව වර්ණනා කරත්. ඉක්බිති මම අවුත් නිරන්තරයෙන් බුද්ධවංසය කියා මස්තකප්‍රාප්තකොට දක්වන්නෙමියි භික්‍ෂූන්ට කථාවට ඉඩ සලසා අසුනෙන් නැගිට විහාරයට වැඩි සේක.

යඤ‍්චෙතං භගවා තන‍්තිං කථෙසි, තත්‍ථ කප‍්පපරිච‍්ඡෙදො, ජාතිපරිච‍්ඡෙදො, ගොත‍්තපරිච‍්ඡෙදො, ආයුපරිච‍්ඡෙදො, බොධිපරිච‍්ඡෙදො, සාවකයුගපරිච‍්ඡෙදො, සාවකසන‍්නිපාතපරිච‍්ඡෙදො, උපට‍්ඨාකපරිච‍්ඡෙදො, පිතිපරිච‍්ඡෙදොති නවිමෙ වාරා ආගතා, සම‍්බහුලවාරො අනාගතො, ආනෙත්‍වා පන දීපෙතබ‍්බො.

භාග්‍යවතුන් වහන්සේ යම් මේ පෙළ වදාළේද එහි කල්ප පරිච්ඡේදය, ජාති පරිච්ඡේදය, ගෝත්‍ර පරිච්ඡේදය, ආයු පරිච්ඡේදය, බෝධි පරිච්ඡේදය, සාවක යුග පරිච්ඡේදය, සාවක සන්නිපාත පරිච්ඡේදය, උපට්ඨාක භික්‍ෂු පරිච්ඡේදය, ප්‍රීති පරිච්ඡේදය යන නව වාරයක් ආයේය. සම්බහුල වාරය ආවේ නැත. එය අධ්‍යාහාරකොට වනාහි දැක්විය යුතුය.

සම‍්බහුලවාරකථාවණ‍්ණනා

සබ‍්බබොධිසත‍්තානඤ‍්හි එකස‍්මිං කුලවංසානුරූපෙ පුත‍්තෙ ජාතෙ නික‍්ඛමිත්‍වා පබ‍්බජිතබ‍්බන‍්ති අයමෙව වංසො, අයං පවෙණී. කස‍්මා? සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තානඤ‍්හි මාතුකුච‍්ඡිං ඔක‍්කමනතො පට‍්ඨාය පුබ‍්බෙ වුත‍්තප‍්පකාරානි අනෙකානි පාටිහාරියානි හොන‍්ති, තත්‍ර නෙසං යදි නෙව ජාතනගරං, න පිතා, න මාතා, න භරියා, න පුත‍්තො පඤ‍්ඤායෙය්‍ය, “ඉමස‍්ස නෙව ජාතනගරං, න පිතා, න භරියා, න පුත‍්තො පඤ‍්ඤායති, දෙවො වා සක‍්කො වා මාරො වා බ්‍රහ‍්මා වා එස මඤ‍්ඤෙ, දෙවානඤ‍්ච ඊදිසං පාටිහාරියං අනච‍්ඡරිය”න‍්ති මඤ‍්ඤමානො ජනො නෙව සොතබ‍්බං, න සද‍්ධාතබ‍්බං මඤ‍්ඤෙය්‍ය. තතො අභිසමයො න භවෙය්‍ය, අභිසමයෙ අසති නිරත්‍ථකොව බුද‍්ධුප‍්පාදො, අනිය්‍යානිකං සාසනං හොති. තස‍්මා සබ‍්බබොධිසත‍්තානං – “එකස‍්මිං කුලවංසානුරූපෙ පුත‍්තෙ ජාතෙ නික‍්ඛමිත්‍වා පබ‍්බජිතබ‍්බ”න‍්ති අයමෙව වංසො අයං පවෙණී. තස‍්මා පුත‍්තාදීනං වසෙන සම‍්බහුලවාරො ආනෙත්‍වා දීපෙතබ‍්බො.

සියළුම බෝධිසත්ත්වයන්ගේ එකම කුලවංශානුරූප වූ පුත්‍රයන් උපන් කල්හි ගිහිගෙයින් නික්මගොස් පැවිදිවිය යුතුය. මෙයම වංසයයි. මේ ප්‍රවේණියයි. කුමක් නිසා සර්වඥතාවට පත්වන බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීමේ පටන් පෙර කියන ලද පරිදි අනේක ප්‍රාතිහාර්යයෝ සිදුවෙත්ද? එහිදී මොවුන්ගේ ජාත නගරය පියා භාර්යාව පුත්‍රයා පෙන්නුම් කරන්නේ නැත. මොහු දෙවියෙක් හෝ ශක්‍රයෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ වේයැයි හැඟේ. දෙවියන්ට ද මෙබඳු ප්‍රාතිහාර්යයක් පුදුමයක් නොවේයැයි සිතන ජනයා නො අසන්නේය. විශ්වාස නොකරන්නේ යැයි හඟිමි. එයින් අවබෝධය නොවන්නේය. අභිසමය නැතිකල්හි බුද්ධෝත්පාදය නිරර්ථක වෙයි. සසුන නෛර්යාණික නොවන්නේය. ඒ නිසා සියළු බෝධිසත්ත්වවරුන් එකම කුලවංශයන්ට අනුරූප වූ දරුවන් උපන් කල්හි ගිහිගෙයින් නික්ම පැවිදිවිය යුතුයි යන මෙය වංශයයි. ප්‍රවේණියයි. ඒ නිසා පුත්‍රාදීන් වශයෙන් බොහෝ වාරයක් ගෙන දැක්විය යුතුයි.

සම‍්බහුලපරිච‍්ඡෙදවණ‍්ණනා

තත්‍ථ –

එහිදී

සමවත‍්තක‍්ඛන්‍ධො අතුලො, සුප‍්පබුද‍්ධො ච උත‍්තරො; සත්‍ථවාහො විජිතසෙනො, රාහුලො භවති සත‍්තමොති.

සමවත්තක්ඛන්‍ධ - අතුල - සුප්පබුද්ධ - උත්තර, සත්‍ථවාහ, විජිතසෙන හා සත්වෙනි රාහුල නම් වන්නේය.

එතෙ තාව සත‍්තන‍්නම‍්පි බොධිසත‍්තානං අනුක‍්කමෙනෙව සත‍්ත පුත‍්තා වෙදිතබ‍්බා.

මොව්හු වනාහි සත්බුදුවරයන්ගේ පිළිවෙලින් පුත්‍රයන් යයි දතයුතුයි.

තත්‍ථ රාහුලභද‍්දෙ තාව ජාතෙ පණ‍්ණං ආහරිත්‍වා මහාපුරිසස‍්ස හත්‍ථෙ ඨපයිංසු. අථස‍්ස තාවදෙව සකලසරීරං ඛොභෙත්‍වා පුත‍්තසිනෙහො අට‍්ඨාසි. සො චින‍්තෙසි – “එකස‍්මිං තාව ජාතෙ එවරූපො පුත‍්තසිනෙහො, පරොසහස‍්සං කිර මෙ පුත‍්තා භවිස‍්සන‍්ති, තෙසු එකෙකස‍්මිං ජාතෙ ඉදං සිනෙහබන්‍ධනං එවං වඩ‍්ඪන‍්තං දුබ‍්භෙජ‍්ජං භවිස‍්සති, රාහු ජාතො, බන්‍ධනං ජාත”න‍්ති ආහ. තං දිවසමෙව ච රජ‍්ජං පහාය නික‍්ඛන‍්තො. එස නයො සබ‍්බෙසං පුත‍්තුප‍්පත‍්තියන‍්ති. අයං පුත‍්තපරිච‍්ඡෙදො.

එහිදී රාහුල භද්ද උපන්කල්හි පණිවිඩයක් ගෙනවුත් මහා පුරුෂයාණන්ගේ අතෙහි තැබූහ. ඉක්බිති එකෙණෙහිම ඔහුගේ මුළු සිරුර කැළඹී දරු සෙනෙහසක් ඇතිවූයේ විය. එතුමා සිතීය. එක් දරුවෙක් උපන් කල්හි මෙබඳු වූ දරු සෙනෙහසක් හටගත්තේය. මට දහස් ගණනකට වැඩි දරුවෝ වන්නාහ. ඔවුන් එකිනෙකා උපන්කල්හි මේ ආදර බැම්ම මෙසේ වැඩෙනවිට එයට පිළියමක් කළ නොහැකි වන්නේය. රාහුල උපන්නේය. බන්ධනයක් ඇතිවිය කියා කීය. එදිනම රාජ්‍යය අතහැර නික්ම ගියේය. සියලු දරුවන්ගේ උත්පත්ති කථාවේදී මේ ක්‍රමයමය. මේ පුත්‍ර පරිච්ඡේදයයි.

සුතනා සබ‍්බකාමා ච, සුචිත‍්තා අථ රොචිනී; රුචග‍්ගතී සුනන්‍දා ච, බිම‍්බා භවති සත‍්තමාති.

සුධනා, සබ්බකාමා, සුචිත්තා, රොචනී, රුචග්ගන්තී, සුනන්දා ද බිම්බා සත්වෙහිද වන්නීය.

එතා තෙසං සත‍්තන‍්නම‍්පි පුත‍්තානං මාතරො අහෙසුං. බිම‍්බාදෙවී පන රාහුලකුමාරෙ ජාතෙ රාහුලමාතාති පඤ‍්ඤායිත්‍ථ. අයං භරියපරිච‍්ඡෙදො.

මේ අය සත් දරුවන්ට මව්වරු වූවාහ. බිම්බා දේවිය වනාහි රාහුල කුමාරයන් උපන් කල්හි රාහුල මාතා යැයි හැඳින්වූහ. මේ භාර්යා පරිච්ඡේදයයි.

විපස‍්සී කකුසන්‍ධොති ඉමෙ පන ද‍්වෙ බොධිසත‍්තා පයුත‍්තආජඤ‍්ඤරථමාරුය‍්හ මහාභිනික‍්ඛමනං නික‍්ඛමිංසු. සිඛී කොණාගමනොති ඉමෙ ද‍්වෙ හත්‍ථික‍්ඛන්‍ධවරගතා හුත්‍වා නික‍්ඛමිංසු. වෙස‍්සභූ සුවණ‍්ණසිවිකාය නිසීදිත්‍වා නික‍්ඛමි. කස‍්සපො උපරිපාසාදෙ මහාතලෙ නිසින‍්නොව ආනාපානචතුත්‍ථජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා ඣානා උට‍්ඨාය තං ඣානං පාදකං කත්‍වා – “පාසාදො උග‍්ගන‍්ත්‍වා බොධිමණ‍්ඩෙ ඔතරතූ”ති අධිට‍්ඨාසි. පාසාදො ආකාසෙන ගන‍්ත්‍වා බොධිමණ‍්ඩෙ ඔතරි. මහාපුරිසොපි තතො ඔතරිත්‍වා භූමියං ඨත්‍වා – “පාසාදො යථාඨානෙයෙව පතිට‍්ඨාතූ”ති චින‍්තෙසි. සො යථාඨානෙ පතිට‍්ඨාසි. මහාපුරිසොපි සත‍්ත දිවසානි පධානමනුයුඤ‍්ජිත්‍වා බොධිපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා සබ‍්බඤ‍්ඤුතං පටිවිජ‍්ඣි. අම‍්හාකං පන බොධිසත‍්තො කණ‍්ටකං අස‍්සවරමාරුය‍්හ නික‍්ඛන‍්තොති. අයං යානපරිච‍්ඡෙදො.

විපස්සී, කකුසඳ යන මේ බෝධිසත්ත්වයෝ දෙදෙන ආජඤ්ඤ අශ්වයන් සයදෙනෙක් යොදන ලද රථයකට නැගී මහාභිනිෂ්ක්‍රමණයට පිටත්ව ගියහ. සිඛී, කෝණාගමන යන බුදුවරු දෙනම ඇතුන් පිට නැගී නික්මුණාහ. වෙස්සභූ බුදුහු රන්සිවි ගෙයක හිඳ නික්මුණේය. කාශ්‍යපයන් වහන්සේ උඩුමහල් තලයෙහි සිටියේම ආනාපාන චතුර්ථධ්‍යානය නිපදවාගෙන ධ්‍යානයෙන් නැගිට ප්‍රාසාදයට ගොස් බෝමැඩට බසීවායි අධිෂ්ඨාන කළහ. ප්‍රාසාදය අහසින් අවුත් බෝමැඩ වැතිරී ගියේය. මහා පුරුෂයාණෝ ද එයින් බැස භූමියෙහි සිට ප්‍රාසාදය නියම තන්හිම පිහිටාවායි සිතීය. එය නියම තැන පිහිටියේය. මහා පුරුෂයෝ ද දින සතක් ප්‍රධන් වීර්යය කොට බෝමැඩ වැඩසිට සර්වඥතා ඥානය අවබෝධ කරගත් සේක. අපගේ බෝධිසත්ත්වයෝ වනාහි උතුම් කන්‍ථක අසුපිට නැගී නික්ම ගියේය. මේ යාන පරිච්ඡේදය යි.

විපස‍්සිස‍්ස පන භගවතො යොජනප‍්පමාණෙ පදෙසෙ විහාරො පතිට‍්ඨාසි, සිඛිස‍්ස තිගාවුතෙ, වෙස‍්සභුස‍්ස අඩ‍්ඪයොජනෙ, කකුසන්‍ධස‍්ස ගාවුතෙ, කොණාගමනස‍්ස අඩ‍්ඪගාවුතෙ, කස‍්සපස‍්ස වීසතිඋසභෙ. අම‍්හාකං භගවතො පකතිමානෙන සොළසකරීසෙ, රාජමානෙන අට‍්ඨකරීසෙ පදෙසෙ විහාරො පතිට‍්ඨිතොති. අයං විහාරපරිච‍්ඡෙදො.

විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ විහාරය යොදුනක් පමණ ප්‍රදේශයෙහි පිහිටා තිබිණ. සිඛී බුදුන්ට ගව් තුනක් ද වෙස්සභූ බුදුන්ට යොදුන් අටක් ද කකුසඳ බුදුන්ට ගව්වක් ද කෝණාගමන බුදුන්ට අඩ ගව්වක් කාශ්‍යප බුදුන් උසභ විස්සක් ද අපගේ භාග්‍යවතුන් වහන්සේට වනාහි ප්‍රකෘති මිම්මෙන් කරීස දහසයක් රාජ මිම්මෙන් කරීස අටක ප්‍රදේශයේ විහාරය පිහිටියේය. මේ විහාර පරිච්ඡේදය යි.

විපස‍්සිස‍්ස පන භගවතො එකරතනායාමා විදත්‍ථිවිත්‍ථාරා අට‍්ඨඞ‍්ගුලුබ‍්බෙධා සුවණ‍්ණිට‍්ඨකා කාරෙත්‍වා චූළංසෙන ඡාදෙත්‍වා විහාරට‍්ඨානං කිණිංසු. සිඛිස‍්ස සුවණ‍්ණයට‍්ඨිඵාලෙහි ඡාදෙත්‍වා කිණිංසු. වෙස‍්සභුස‍්ස සුවණ‍්ණහත්‍ථිපාදානි කාරෙත්‍වා තෙසං චූළංසෙන ඡාදෙත්‍වා කිණිංසු. කකුසන්‍ධස‍්ස වුත‍්තනයෙනෙව සුවණ‍්ණිට‍්ඨකාහි ඡාදෙත්‍වා කිණිංසු. කොණාගමනස‍්ස වුත‍්තනයෙනෙව සුවණ‍්ණකච‍්ඡපෙහි ඡාදෙත්‍වා කිණිංසු. කස‍්සපස‍්ස සුවණ‍්ණකට‍්ටීහියෙව ඡාදෙත්‍වා කිණිංසු. අම‍්හාකං භගවතො සලක‍්ඛණානං කහාපණානං චූළංසෙන ඡාදෙත්‍වා කිණිංසු. අයං විහාරභූමිග‍්ගහණධනපරිච‍්ඡෙදො.

විපස්සී භාග්‍යවතුන් වහන්සේට රියනක් දිග වියනක් පළල අඟල් අටක් උස රන් උළු කරවා වසා විහාර ස්ථානය මිළට ගත්හ. සිඛී බුදුන්ට රන්උළු තහඩුවලින් වසා මිළට ගත්හ. වෙස්සභූ බුදුන්ට ස්වර්ණමය ඇත් පා කරවා ඒවා වසා මිළට ගත්හ. කකුසඳ බුදුන්ට ද කියන ලද ආකාරයෙන්ම රන්උළුවලින් වසා මිළට ගත්හ. කෝණාගමන බුදුන්ට කියන ලද අයුරින්ම ස්වර්ණමය කැස්බෑවන්ගෙන් වසා මිළට ගත්හ. කාශ්‍යප බුදුන්ට වනාහි රන් උළුවලින්ම වසා මිළට ගත්හ. අපගේ භාග්‍යවතුන් වහන්සේට වනාහි කහවනු ලක්‍ෂයක් වසා මිළට ගත්හ. මේ විහාර භූමි මිළදී ගැනීමේදී ධනය වියදම් කළ ආකාරය දක්වන පරිච්ඡේදයයි.

තත්‍ථ විපස‍්සිස‍්ස භගවතො තථා භූමිං කිණිත්‍වා විහාරං කත්‍වා දින‍්නුපට‍්ඨාකො පුනබ‍්බසුමිත‍්තො නාම අහොසි, සිඛිස‍්ස සිරිවඩ‍්ඪනො නාම, වෙස‍්සභුස‍්ස සොත්‍ථියො නාම, කකුසන්‍ධස‍්ස අච‍්චුතො නාම, කොණාගමනස‍්ස උග‍්ගො නාම, කස‍්සපස‍්ස සුමනො නාම, අම‍්හාකං භගවතො සුදත‍්තො නාම. සබ‍්බෙ චෙතෙ ගහපතිමහාසාලා සෙට‍්ඨිනො අහෙසුන‍්ති. අයං උපට‍්ඨාකපරිච‍්ඡෙදො නාම.

එහිදී විපස්සී බුදුන්ට එබඳු භූමියක් මිළට ගෙන විහාරයක් කොට දෙනලද උපාසක තැන පුනබ්බ සුමිත්ත නම් විය. සිඛී බුදුන්ගේ උපාසක තැන සිරිවඩ්ඪ නම් වී. වෙස්සභූ බුදුන්ගේ සොත්‍ථිය නම් වී. කකුසඳ බුදුන්ගේ අච්චුත නම්, කෝණාගමන බුදුන්ගේ උග්ග නම්. කාශ්‍යප බුදුන්ගේ සුමන නම්. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ වනාහි සුදත්ත නම් විය. මේ සියළුම ගෘහපතියෝ මහාසාළ සිටුවරු වූහ. මේ උපට්ඨාක පරිච්ඡේදය යි.

අපරානි චත‍්තාරි අවිජහිතට‍්ඨානානි නාම හොන‍්ති. සබ‍්බබුද‍්ධානඤ‍්හි බොධිපල‍්ලඞ‍්කො අවිජහිතො, එකස‍්මිංයෙව ඨානෙ හොති. ධම‍්මචක‍්කප‍්පවත‍්තනං ඉසිපතනෙ මිගදායෙ අවිජහිතමෙව හොති. දෙවොරොහනකාලෙ සඞ‍්කස‍්සනගරද‍්වාරෙ පඨමපදගණ‍්ඨිකා අවිජහිතාව හොති. ජෙතවනෙ ගන්‍ධකුටියා චත‍්තාරි මඤ‍්චපාදට‍්ඨානානි අවිජහිතානෙව හොන‍්ති. විහාරො පන ඛුද‍්දකොපි මහන‍්තොපි හොති, විහාරොපි න විජහිතොයෙව, නගරං පන විජහති. යදා නගරං පාචීනතො හොති, තදා විහාරො පච‍්ඡිමතො; යදා නගරං දක‍්ඛිණතො, තදා විහාරො උත‍්තරතො. යදා නගරං පච‍්ඡිමතො, තදා විහාරො පාචීනතො; යදා නගරං උත‍්තරතො, තදා විහාරො දක‍්ඛිණතො. ඉදානි පන නගරං උත‍්තරතො, විහාරො දක‍්ඛිණතො.

තවත් අත්නොහරින ලද ස්ථාන සතරක් වේ. සියලු බුදුවරයන්ගේ බෝධි පර්යංකය අත්නොහළ තැනකි. එකම තැනක වෙයි. ඉසිපතන මිගදායෙහි දම්සක් පැවතුම් දේශනය අත්නොහළේමය. දේවාරෝහණ කාලයෙහි සංකස්ස නගර දොරටුවේ පළමු පා ගැටීම අත්නොහළේම වෙයි. ජේතවනයෙහි ගඳකිළියෙහි ඇඳෙහි පාද සතර පිහිටි තැනද අත්නොහළ තැනකි. විහාරය ලොකුද කුඩාද වෙයි. විහාරයද අත්නොහරියි. නගරය අත්හරියි. යම්කලෙක නගරය පෙරදිග පැත්තෙන් වෙයිද විහාරය පශ්චිම දිශාවෙන් ද යම්විටක නගරය දකුණු පැත්තෙන්ද එවිට විහාරය උතුරු පැත්තෙන් යම්විටක නගරය එවිට විහාරය පෙරදිගින් යම්විටක නගරය උතුරෙන් එවිට විහාරය දකුණින්. දැන් වනාහි නගරය උතුරින් විහාරය දකුණින්.

සබ‍්බබුද‍්ධානඤ‍්ච ආයුවෙමත‍්තං, පමාණවෙමත‍්තං, කුලවෙමත‍්තං, පධානවෙමත‍්තං, රස‍්මිවෙමත‍්තන‍්ති පඤ‍්ච වෙමත‍්තානි හොන‍්ති. ආයුවෙමත‍්තං නාම කෙචි දීඝායුකා හොන‍්ති, කෙචි අප‍්පායුකා. තථා හි දීපඞ‍්කරස‍්ස වස‍්සසතසහස‍්සං ආයුප‍්පමාණං අහොසි, අම‍්හාකං භගවතො වස‍්සසතං ආයුප‍්පමාණං.

සියළුම බුදුවරයන්ට ආයුෂ, ප්‍රමාණ, කුල, වීර්ය, රශ්මිය යනුවෙන් වෙනස්කම් පසක් ඇත. ආයුෂ පිළිබඳ වෙනස නම් කෙනෙක් දීර්ඝායුෂ ඇත්තාහ. කෙනෙක් අල්පායුෂ්ක වෙති. එසේම දීපංකර බුදුන්ට වර්ෂ ශතසහස්‍රයක් ආයු ප්‍රමාණයක් විය. -පෙ- අපගේ භාග්‍යවතුන් වහන්සේට වනාහි වර්ෂ සියයකි.

පමාණවෙමත‍්තං නාම කෙචි දීඝා හොන‍්ති කෙචි රස‍්සා. තථා හි දීපඞ‍්කරො අසීතිහත්‍ථො අහොසි, සුමනො නවුතිහත්‍ථො, අම‍්හාකං භගවා අට‍්ඨාරසහත්‍ථො.

ප්‍රමාණයේ වෙනස නම් ඇතැම් බුදුකෙනෙක් උසය. කෙනෙක් මිටිය. එසේම දීපංකර බුදුහු රියන් අසූවක් විය. සුමන බුදුන් අනූ රියනක් විය. අපගේ ශාස්තෲන් වහන්සේ වනාහි දහඅට රියනක් වූහ.

කුලවෙමත‍්තං නාම කෙචි ඛත‍්තියකුලෙ නිබ‍්බත‍්තන‍්ති, කෙචි බ්‍රාහ‍්මණකුලෙ. පධානවෙමත‍්තං නාම කෙසඤ‍්චි පධානං ඉත‍්තරකාලමෙව හොති, යථා කස‍්සපස‍්ස භගවතො. කෙසඤ‍්චි අද‍්ධනියං, යථා අම‍්හාකං භගවතො.

කුලයෙහි වෙනස නම් කෙනෙක් ක්‍ෂත්‍රිය කුලයෙහි උපදිත්. කෙනෙක් බ්‍රාහ්මණ කුලයෙහි උපදිත්. වීර්ය පිළිබඳ වෙනස යනු ඇතැමුන්ගේ වීර්යය සුළුකලක් පවතී. යම්සේ කාශ්‍යප බුදුන්ගේ මෙනි. ඇතැමුන්ගේ දිගුකල් පවත්නේ වේ. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මෙනි.

රස‍්මිවෙමත‍්තං නාම මඞ‍්ගලස‍්ස භගවතො සරීරරස‍්මි දසසහස‍්සිලොකධාතුප‍්පමාණා අහොසි. අම‍්හාකං භගවතො සමන‍්තා බ්‍යාමමත‍්තා. තත්‍ර රස‍්මිවෙමත‍්තං අජ‍්ඣාසයප‍්පටිබද‍්ධං, යො යත‍්තකං ඉච‍්ඡති, තස‍්ස තත‍්තකං සරීරප‍්පභා ඵරති. මඞ‍්ගලස‍්ස පන නිච‍්චම‍්පි දසසහස‍්සිලොකධාතුං ඵරතූති අජ‍්ඣාසයො අහොසි. පටිවිද‍්ධගුණෙසු පන කස‍්සචි වෙමත‍්තං නාම නත්‍ථි.

රශ්මියෙහි වෙනස නම් මංගල බුදුන්ගේ ශරීර රශ්මිය දසසහශ්‍රී ලෝකධාතුව පමණ විය. අපගෙ භාග්‍යවතුන් වහන්සේගේ වනාහි හාත්පසින් බඹයක් පමණ විය. එහි රශ්මිය පිළිබඳ විශේෂත්වය අධ්‍යාත්මය හා සම්බන්ධය යමෙක් යම්පමණ කැමැතිවෙයිද ඔහුගේ එපමණ වූ ශරීර ප්‍රභාවක් පැතිරෙයි. මංගල බුදුන්ගේ වනාහි නිතරම දසදහසක් ලෝකධාතුවෙහි පැතිරේවායි බලාපොරොත්තුව විය. අවබෝධ කරගත් ගුණයන්හි කිසිදු විශේෂත්වයක් නම් නැත.

අපරං අම‍්හාකංයෙව භගවතො සහජාතපරිච‍්ඡෙදඤ‍්ච නක‍්ඛත‍්තපරිච‍්ඡෙදඤ‍්ච දීපෙසුං. සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තෙන කිර සද‍්ධිං රාහුලමාතා, ආනන්‍දත්‍ථෙරො, ඡන‍්නො, කණ‍්ටකො, නිධිකුම‍්භො, මහාබොධි, කාළුදායීති ඉමානි සත‍්ත සහජාතානි. මහාපුරිසො ච උත‍්තරාසාළ‍්හනක‍්ඛත‍්තෙනෙව මාතුකුච‍්ඡිං ඔක‍්කමි, මහාභිනික‍්ඛමනං නික‍්ඛමි, ධම‍්මචක‍්කං පවත‍්තෙසි, යමකපාටිහාරියං අකාසි. විසාඛානක‍්ඛත‍්තෙන ජාතො ච අභිසම‍්බුද‍්ධො ච පරිනිබ‍්බුතො ච. මාඝනක‍්ඛත‍්තෙනස‍්ස සාවකසන‍්නිපාතො ච අහොසි, ආයුසඞ‍්ඛාරොස‍්සජ‍්ජනඤ‍්ච, අස‍්සයුජනක‍්ඛත‍්තෙන දෙවොරොහනන‍්ති එත‍්තකං ආහරිත්‍වා දීපෙතබ‍්බං. අයං සම‍්බහුලපරිච‍්ඡෙදො නාම.

තවද අපගේ භාග්‍යවතුන් වහන්සේගේ වනාහි සහජාත පරිච්ඡේදයක් හා නැකැත් පරිච්ඡේදයක් ද දැක්වූහ. සර්වඥ බෝධිසත්ත්වයන් සමග වනාහි රාහුල මාතාවත් ආනන්ද තෙරුන්, ඡන්න, කන්‍ථක, ධන නිධාන, මහාබෝධිය, කාළුදායී යන මේ සප්ත සහජාත වස්තූන්ද මහා පුරුෂයෝ වනාහි උතුරුසළ නැකතින් මව්කුසට පිවිසියේය. මහාබිනික්මන කළේය. දම්සක් පැවැත්වූහ. යමකප්‍රාතිහාර්ය දැක්වූහ. විශාඛ නැකතින් උපන්නේය. බුදු වූයේය. පිරිනිවන් පෑවේය. මාඝ නැකතින් උන්වහන්සේගේ ශ්‍රාවක සන්නිපාතය සිදුවිය. ආයු සංස්කාර කිරීමද සිදුවිය. අස්විද නැකතින් දේවාරෝහණයද යන මෙපමණක් කරුණු ගෙනහැර දැක්විය යුතුයි. මේ සම්බහුල පරිච්ඡේදය යි.

ඉදානි අථ ඛො තෙසං භික‍්ඛූනන‍්තිආදීසු තෙ භික‍්ඛූ – “ආවුසො, පුබ‍්බෙනිවාසස‍්ස නාම අයං ගති, යදිදං චුතිතො පට‍්ඨාය පටිසන්‍ධිආරොහනං. යං පන ඉදං පටිසන්‍ධිතො පට‍්ඨාය පච‍්ඡාමුඛං ඤාණං පෙසෙත්‍වා චුති ගන‍්තබ‍්බං, ඉදං අතිගරුකං. ආකාසෙ පදං දස‍්සෙන‍්තො විය භගවා කථෙසී”ති අතිවිම‍්හයජාතා හුත්‍වා – “අච‍්ඡරියං, ආවුසො,”තිආදීනි වත්‍වා පුන අපරම‍්පි කාරණං දස‍්සෙන‍්තො – “යත්‍ර හි නාම තථාගතො”තිආදිමාහංසු.

දැන් ඉක්බිති ඒ භික්‍ෂූන්ට ආදියෙහි ඒ භික්‍ෂූහු ඇවැත්නි! පුබ්බෙනිවාසය නම් වූ මේ ගතිය චුතියේ පටන් ප්‍රතිසන්ධිය දක්වා යම් මේ පිළිසිඳ ගැනීමේ පටන් ආපස්සට නුවණ මෙහෙයවා චුතිය ගත්තේය. මේ ඉතා බැරෑරුම් වූ මෙය අහසෙහි පිය දක්වන්නාක් මෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළේ යැයි අතිශයින් පුදුම වී (අච්ඡරියං ආවුසො) ඇවැත්නි, පුදුමයි. ආදිය කියා නැවත තවත් කාරණයක් දක්වමින් යම්තැනක වනාහි තථාගතයන් වහන්සේ ආදිය පැවසූහ.

තත්‍ථ යත්‍ර හි නාමාති අච‍්ඡරියත්‍ථෙ නිපාතො, යො නාම තථාගතොති අත්‍ථො. ඡින‍්නපපඤ‍්චෙති එත්‍ථ පපඤ‍්චා නාම තණ‍්හා මානො දිට‍්ඨීති ඉමෙ තයො කිලෙසා. ඡින‍්නවටුමෙති එත්‍ථ වටුමන‍්ති කුසලාකුසලකම‍්මවට‍්ටං වුච‍්චති. පරියාදින‍්නවට‍්ටෙති තස‍්සෙව වෙවචනං, පරියාදින‍්නසබ‍්බකම‍්මවට‍්ටෙති අත්‍ථො. සබ‍්බදුක‍්ඛවීතිවත‍්තෙති සබ‍්බං විපාකවට‍්ටසඞ‍්ඛාතං දුක‍්ඛං වීතිවත‍්තෙ. අනුස‍්සරිස‍්සතීති ඉදං යත්‍රාති නිපාතවසෙන අනාගතවචනං, අත්‍ථො පනෙත්‍ථ අතීතවසෙන වෙදිතබ‍්බො. භගවා හි තෙ බුද‍්ධෙ අනුස‍්සරි, න ඉදානි අනුස‍්සරිස‍්සති. එවංසීලාති මග‍්ගසීලෙන ඵලසීලෙන ලොකියලොකුත‍්තරසීලෙන එවංසීලා. එවංධම‍්මාති එත්‍ථ සමාධිපක‍්ඛා ධම‍්මා අධිප‍්පෙතා, මග‍්ගසමාධිනා ඵලසමාධිනා ලොකියලොකුත‍්තරසමාධිනා, එවංසමාධයොති අත්‍ථො. එවංපඤ‍්ඤාති මග‍්ගපඤ‍්ඤාදිවසෙනෙව එවංපඤ‍්ඤා. එවංවිහාරීති එත්‍ථ පන හෙට‍්ඨා සමාධිපක‍්ඛානං ධම‍්මානං ගහිතත‍්තා විහාරො ගහිතොව පුන කස‍්මා ගහිතමෙව ගණ‍්හාතීති චෙ; න ඉදං ගහිතමෙව, ඉදඤ‍්හි නිරොධසමාපත‍්තිදීපනත්‍ථං වුත‍්තං. තස‍්මා එවං නිරොධසමාපත‍්තිවිහාරී තෙ භගවන‍්තො අහෙසුන‍්ති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

එහි යත්‍රහි නාමා යනු ආශ්චර්ය අර්ථයෙහි නිපාතයකි. යමෙක් නම් තථාගතයන් වහන්සේය යන අර්ථයි. ඡින්නපපංචෙ යනු මෙහි පපංච නම් තණ්හා, මාන, දිට්ඨි යන කෙලෙස් තුනයි. ඡින්නවටුමෙ යනු මෙහි වටුම යනු කුසල් කුසලකර්ම රාශිය යන අර්ථයි. පරියාදින්න වට්ටෙ යනු එයටම සමාන වචනයකි. හාත්පසින් මඩනා ලද සියළු කර්ම සමූහය යන අර්ථයි. සබ්බ දුක්ඛ විතිවත්තෙ යනු සියළු කර්මවිපාක සමූහ සංඛ්‍යාත දුක ඉක්මවූ කල්හි අනුස්සරිස්සති මෙය යම්තැනක නිපාත වශයෙන් අනාගත වචනයි. මෙහි අර්ථය වනාහි අතීත ලෙස ගතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ ඒ බුදුවරුන් සිහිකළේය. දැන් සිහිකරන්නේ නැත. එවං සීලා මාර්ග ශීලයෙන්, ඵල ශීලයෙන්, ලෞකික ලෝකෝත්තර ශීලයෙන් මෙබඳු සිල් ඇති. එවං ධම්මා යනු මෙහි සමාධි පාක්‍ෂික ධර්මයෝ අදහස් කරන ලදහ. මාර්ග සමාධියෙන්, ඵල සමාධියෙන්, ලෞකික ලෝකෝත්තර සමාධියෙන් මෙසේ සමාධියෙන් යන අර්ථයි. එවං පඤ්ඤා යනු මාර්ග ප්‍රඥාදී වශයෙන් මෙබඳු ප්‍රඥා ඇති. එවං විහාරි මෙහි වනාහි පහත සමාධි පාක්‍ෂික ධර්මයන් ගත් බැවින් වාසය (විහාරො) ගන්නා ලදි. නැවත කුමක් නිසා ගත් දෙය නැවත ගන්නා ලද්දේ ද? මෙය ගන්නා ලද්දේ නොවේ. මෙය වනාහි නිරෝධ සමාපත්තිය දැක්වීම පිණිස කියන ලදි. මේ නිසා මෙසේ නිරෝධ සමාපත්ති විහාරී වූ ඒ බුදුවරු වූහ යැයි මෙහි අර්ථ දතයුතුයි.

එවංවිමුත‍්තාති එත්‍ථ වික‍්ඛම‍්භනවිමුත‍්ති, තදඞ‍්ගවිමුත‍්ති, සමුච‍්ඡෙදවිමුත‍්ති, පටිප‍්පස‍්සද‍්ධිවිමුත‍්ති, නිස‍්සරණවිමුත‍්තීති පඤ‍්චවිධා විමුත‍්ති. තත්‍ථ අට‍්ඨ සමාපත‍්තියො සයං වික‍්ඛම‍්භිතෙහි නීවරණාදීහි විමුත‍්තත‍්තා වික‍්ඛම‍්භනවිමුත‍්තීති සඞ‍්ඛ්‍යං ගච‍්ඡන‍්ති. අනිච‍්චානුපස‍්සනාදිකා සත‍්තානුපස‍්සනා සයං තස‍්ස තස‍්ස පච‍්චනීකඞ‍්ගවසෙන පරිච‍්චත‍්තාහි නිච‍්චසඤ‍්ඤාදීහි විමුත‍්තත‍්තා තදඞ‍්ගවිමුත‍්තීති සඞ‍්ඛ්‍යං ගච‍්ඡන‍්ති. චත‍්තාරො අරියමග‍්ගා සයං සමුච‍්ඡින‍්නෙහි කිලෙසෙහි විමුත‍්තත‍්තා සමුච‍්ඡෙදවිමුත‍්තීති සඞ‍්ඛ්‍යං ගච‍්ඡන‍්ති. චත‍්තාරි සාමඤ‍්ඤඵලානි මග‍්ගානුභාවෙන කිලෙසානං පටිප‍්පස‍්සද‍්ධන‍්තෙ උප‍්පන‍්නත‍්තා පටිප‍්පස‍්සද‍්ධිවිමුත‍්තීති සඞ‍්ඛ්‍යං ගච‍්ඡන‍්ති. නිබ‍්බානං සබ‍්බකිලෙසෙහි නිස‍්සටත‍්තා අපගතත‍්තා දූරෙ ඨිතත‍්තා නිස‍්සරණවිමුත‍්තීති සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. ඉති ඉමාසං පඤ‍්චන‍්නං විමුත‍්තීනං වසෙන – “එවං විමුත‍්තා”ති එත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

එවං විමුත්තා යනු මෙහි විෂ්ඛම්භන විමුක්තිය, තදංග විමුක්තිය, සමුච්ඡේද විමුක්තිය, පටිප්පස්සද්ධි විමුක්තිය, නිස්සරණ විමුක්තිය කියා විමුක්ති පස් ආකාරය. එහි අෂ්ට සමාපත්ති තමා මැඩපවත්වන ලද නීවරණ ආදියෙන් මිදුණු බැවින් වික්ඛම්භන විමුක්ති යැයි සැකයට පත්වෙත්. අනිච්චානුපස්සනා ආදී වූ සප්ත අනුපස්සනා ඒ ඒ විරුද්ධ අංග වශයෙන් අත්හැර දමන ලද නිත්‍ය සඤ්ඤාදියෙන් මිදුණු බැවින් තදංග විමුක්තිය යැයි සැක කරත්. ආර්ය මාර්ග සතර තථා මුලිනුපුටා දමන ලද කෙලෙස්වලින් මිදුණු බැවින් සමුච්ඡේද විමුක්තිය කියා සැකයට පත්වෙති. සාමඤ්ඤඵල සතර මාර්ගානුභාවයෙන් කෙලෙසුන් සංසිඳුනු බව උපන් බැවින් සංසිඳුනු විමුක්තිය යයි සැක කරත්. නිර්වාණය සියළු කෙලෙසුන්ගෙන් තොර බැවින්, පහව ගිය බැවින්, දුරු වූ බැවින් නිස්සරණ විමුක්තිය කියා සැකයට පත්වෙයි. මෙසේ මේ පස්වැදෑරුම් විමුක්ති වශයෙන් මෙසේ මිදුනේ යැයි මෙහි අර්ථ දතයුතුයි.

පටිසල‍්ලානා වුට‍්ඨිතොති එකීභාවා වුට‍්ඨිතො.

පටිසල්ලාන වුට්ඨිතො යනු එකතු වී නැගී සිටිය බැවින්

“ඉතො සො, භික‍්ඛවෙ”ති කො අනුසන්‍ධි? ඉදඤ‍්හි සුත‍්තං – “තථාගතස‍්සෙවෙසා, භික‍්ඛවෙ, ධම‍්මධාතු සුප‍්පටිවිද‍්ධා”ති ච “දෙවතාපි තථාගතස‍්ස එතමත්‍ථං ආරොචෙසු”න‍්ති ච ඉමෙහි ද‍්වීහි පදෙහි ආබද‍්ධං. තත්‍ථ දෙවතාරොචනපදං සුත‍්තන‍්තපරියොසානෙ දෙවචාරිකකොලාහලං දස‍්සෙන‍්තො විචාරෙස‍්සති. ධම‍්මධාතුපදානුසන්‍ධිවසෙන පන අයං දෙසනා ආරද‍්ධා. තත්‍ථ ඛත‍්තියො ජාතියාතිආදීනි එකාදසපදානි නිදානකණ‍්ඩෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි.

ඉතො සො භික්ඛවෙ යනු කවර නම් ගැලපීමක් ද? මේ සූත්‍රය වනාහි, මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් මේ ධර්මධාතුව මනාව අවබෝධ කරගන්නා ලදි. දෙවියෝ ද තථාගතයන් වහන්සේට මේ කාරණය දන්වා සිටියහ යන මේ දෙපදයන් හා බැඳී පවතී. එහිදී දෙවියන් විසින් දන්වා සිටිය දෙය සූත්‍රාන්ත දේශනාව අවසානයේ දේව චාරිකාව පිළිබඳ ඝෝෂාව දක්වමින් විචාරන්නේය. ධර්මධාතුව වනාහි පදයන්ගේ සන්ධි ගැලපීම් වශයෙන් මේ දේශනාව ආරම්භ කරන ලදි. එහි ‘ජාතියෙන් ක්‍ෂත්‍රියයෙක්ය’ යනාදිය එකොළොස් පදයක් නිදාන කාණ්ඩයෙහි කියන ලද ආකාරයෙන්ම දතයුතුයි.

බොධිසත‍්තධම‍්මතාවණ‍්ණනා

අථ ඛො, භික‍්ඛවෙ, විපස‍්සී බොධිසත‍්තොතිආදීසු පන විපස‍්සීති තස‍්ස නාමං, තඤ‍්ච ඛො විවිධෙ අත්‍ථෙ පස‍්සනකුසලතාය ලද‍්ධං. බොධිසත‍්තොති පණ‍්ඩිතසත‍්තො බුජ‍්ඣනකසත‍්තො. බොධිසඞ‍්ඛාතෙසු වා චතූසු මග‍්ගෙසු සත‍්තො ආසත‍්තො ලග‍්ගමානසොති බොධිසත‍්තො. සතො සම‍්පජානොති එත්‍ථ සතොති සතියෙව. සම‍්පජානොති ඤාණං. සතිං සූපට‍්ඨිතං කත්‍වා ඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා මාතුකුච‍්ඡිං ඔක‍්කමීති අත්‍ථො. ඔක‍්කමීති ඉමිනා චස‍්ස ඔක‍්කන‍්තභාවො පාළියං දස‍්සිතො, න ඔක‍්කමනක‍්කමො. සො පන යස‍්මා අට‍්ඨකථං ආරූළ‍්හො, තස‍්මා එවං වෙදිතබ‍්බො –

‘ඉක්බිති මහණෙනි, විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේ’ යනාදියෙහි වනාහි විපස්සී යනු උන්වහන්සේගේ නමය. එයද විවිධ අර්ථයන්හි යෙදිය හැකි බැවින් ලබන ලදි. බෝධිසත්ත්වයන් යනු පණ්ඩිත සත්ත්වයෙකි. අවබෝධ කරගත හැකි සත්ත්වයෙකි. බෝධි සංඛ්‍යාත වූ සිව්මගෙහි යෙදුනේ, ඇලුනේ නුයි බෝධිසත්ව නම් වෙයි. සතො සම්පජානො යන මෙහි ‘සතො’ යනු සිහියයි. සම්පජානො යනු නුවණයි. සිහිය මනාව පිහිටුවා නුවණින් පිරිසිඳ දැන මව්කුසට වඳීය යන අර්ථයි. ඔක්කමී යනු මෙයින් ඔහුගේ මව්කුසට එළඹීම පෙළෙහි දක්වන ලදී. බසින ක්‍රමය නොවේ. එය වනාහි යම්හෙයකින් අට්ඨකථාවට නගන ලද්දේ ද ඒ නිසා මෙසේ දතයුතුයි.

සබ‍්බබොධිසත‍්තා හි සමතිංස පාරමියො පූරෙත්‍වා, පඤ‍්ච මහාපරිච‍්චාගෙ පරිච‍්චජිත්‍වා, ඤාතත්‍ථචරියලොකත්‍ථචරියබුද‍්ධචරියානං කොටිං පත්‍වා, වෙස‍්සන‍්තරසදිසෙ තතියෙ අත‍්තභාවෙ ඨත්‍වා, සත‍්ත මහාදානානි දත්‍වා, සත‍්තක‍්ඛත‍්තුං පථවිං කම‍්පෙත්‍වා, කාලඞ‍්කත්‍වා, දුතියචිත‍්තවාරෙ තුසිතභවනෙ නිබ‍්බත‍්තන‍්ති. විපස‍්සී බොධිසත‍්තොපි තථෙව කත්‍වා තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා සට‍්ඨිසතසහස‍්සාධිකා සත‍්තපඤ‍්ඤාස වස‍්සකොටියො තත්‍ථ අට‍්ඨාසි. අඤ‍්ඤදා පන දීඝායුකදෙවලොකෙ නිබ‍්බත‍්තා බොධිසත‍්තා න යාවතායුකං තිට‍්ඨන‍්ති. කස‍්මා? තත්‍ථ පාරමීනං දුප‍්පූරණීයත‍්තා. තෙ අධිමුත‍්තිකාලකිරියං කත්‍වා මනුස‍්සපථෙයෙව නිබ‍්බත‍්තන‍්ති. පාරමීනං පූරෙන‍්තො පන යථා ඉදානි එකෙන අත‍්තභාවෙන සබ‍්බඤ‍්ඤුතං උපනෙතුං සක‍්කොන‍්ති, එවං සබ‍්බසො පූරිතත‍්තා තදා විපස‍්සී බොධිසත‍්තො තත්‍ථ යාවතායුකං අට‍්ඨාසි.

සියලු බෝධිසත්ත්වවරු සමතිස් පාරමිතාවන් පුරා පස්මහා පරිත්‍යාගයන් කොට, ඤාතීන්ගේ අභිවෘද්ධිය සඳහා ලෝකයාගේ අභිවෘද්ධිය සඳහාය යන බුද්ධි චර්යාවන්ගේ පරතෙරට ගොස් වෙස්සන්තර සමාන තුන්වන ආත්මභාවයේ සිට සප්තමහා දානයන් දී සත්වරක් මහපොළොව කම්පාවී කලුරිය කොට දෙවන චිත්ත වාරයෙහි තුසිත පුරයෙහි උපදිත්. විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේ ද එසේම කොට තුසිත පුරයෙහි ඉපිද හැටදහසක් අධිකකොට ඇති පනස්හත් කෝටියක් වර්ෂ එහි සිටියේය. වෙනත් කලක වනාහි දීඝායුක දෙව්ලොව උපන්නාහු දිවි ඇති තෙක් නොසිටිත්. කුමක් හෙයින්ද? එහි පාරමිතාවන් පිරීමට නොහැකි බැවිනි. ඔව්හු අධිමුත්ති කාලක්‍රියාව කොට මිනිස් පියසෙහිම උපදින්නාහ. පාරමිතාවන් පුරමින් දැන් එකම ආත්මභාවයකින් සර්වඥතා බවට පත්වීමට හැකිවෙත්. මෙසේ සර්වප්‍රකාරයෙන් පරිපූර්ණ බැවින් එකල්හි විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේ එහි දිවි ඇතිතෙක් වැඩි සිටියේය.

දෙවතානං පන – “මනුස‍්සානං ගණනාවසෙන ඉදානි සත‍්තහි දිවසෙහි චුති භවිස‍්සතී”ති පඤ‍්ච පුබ‍්බනිමිත‍්තානි උප‍්පජ‍්ජන‍්ති – මාලා මිලායන‍්ති, වත්‍ථානි කිලිස‍්සන‍්ති, කච‍්ඡෙහි සෙදා මුච‍්චන‍්ති, කායෙ දුබ‍්බණ‍්ණියං ඔක‍්කමති, දෙවො දෙවාසනෙ න සණ‍්ඨාති. තත්‍ථ මාලාති පටිසන්‍ධිග‍්ගහණදිවසෙ පිළන්‍ධනමාලා, තා කිර සට‍්ඨිසතසහස‍්සාධිකා සත‍්තපණ‍්ණාස වස‍්සකොටියො අමිලායිත්‍වා තදා මිලායන‍්ති. වත්‍ථෙසුපි එසෙව නයො. එත‍්තකං පන කාලං දෙවානං නෙව සීතං න උණ‍්හං හොති, තස‍්මිං කාලෙ සරීරා බින්‍දුබින්‍දුවසෙන සෙදා මුච‍්චන‍්ති. එත‍්තකඤ‍්ච කාලං තෙසං සරීරෙ ඛණ‍්ඩිච‍්චපාලිච‍්චාදිවසෙන විවණ‍්ණතා න පඤ‍්ඤායති, දෙවධීතා සොළසවස‍්සුද‍්දෙසිකා විය ඛායන‍්ති, දෙවපුත‍්තා වීසතිවස‍්සුද‍්දෙසිකා විය ඛායන‍්ති, මරණකාලෙ පන තෙසං කිලන‍්තරූපො අත‍්තභාවො හොති. එත‍්තකඤ‍්ච තෙසං කාලං දෙවලොකෙ උක‍්කණ‍්ඨිතා නාම නත්‍ථි, මරණකාලෙ පන නිස‍්සසන‍්ති විජම‍්භන‍්ති, සකෙ ආසනෙ නාභිරමන‍්ති.

දෙවියන්ගේ වනාහි, මිනිස්ලොව ගණන් ගැනීම් ලෙස දැන් සත්දිනකින් චුතිය වන්නේ යැයි පස්මහ පෙරනිමිති පහළ වේ. මල්මාලා මැලවී යයි. වස්ත්‍ර කිළිටි වෙයි. කිසිලිවලින් දහඩිය ගලයි. සිරුරෙහි දුර්වර්ණයක් ඇතිවෙයි. දෙවියෝ දේවාසනයේ සිටින්නට නොහැකි වෙත්. එහි මාලා යනු පිළිසිඳ ගන්නා දවසෙහි පැළඳි මල්දම්ය. ඒවා වනාහි, වර්ෂ හැටදහසක්, පනස්හත් කෝටියක් කල් නොමැලවී තිබී එකල්හි මැලවී යයි. වස්ත්‍ර පිළිබඳවද මේ ක්‍රමයයි. එතෙක් කල් දෙවියන්ට සීතලක් හෝ උණුසුමක් නොදැනෙයි. එකල්හි සිරුරින් බිංදු බිංදු වශයෙන් දහඩිය වැගිරෙයි. එතෙක් කල් ඔවුන්ගේ සිරුරේ කැඩීම්, පැසීම් ආදියක් වශයෙන් විවර්ණ බවක් නොපෙනෙයි. දෙව්දූවරු සොළොස්විය ඇත්තියන් මෙන්ද දේවපුත්‍රයෝ විසියවයස් ඇත්තන් මෙන්ද පෙනෙත්. මරණ කාලයෙහි වනාහි ඔවුන්ගේ මළානික වූ ආත්මභාවයක් ඇත්තේ වෙයි. මෙතෙක් කල් ඔවුන්ට දෙව්ලොව පිළිබඳ කලකිරීමක් නම් නැත. මරණ කාලයෙහි වනාහි ඈණුම් හරිත්. සුසුම් හෙළත්. තම අසුන ප්‍රිය නොකරත්.

ඉමානි පන පුබ‍්බනිමිත‍්තානි යථා ලොකෙ මහාපුඤ‍්ඤානං රාජරාජමහාමත‍්තාදීනංයෙව උක‍්කාපාතභූමිචාලචන්‍දග‍්ගාහාදීනි නිමිත‍්තානි පඤ‍්ඤායන‍්ති, න සබ‍්බෙසං; එවං මහෙසක‍්ඛදෙවතානංයෙව පඤ‍්ඤායන‍්ති, න සබ‍්බෙසං. යථා ච මනුස‍්සෙසු පුබ‍්බනිමිත‍්තානි නක‍්ඛත‍්තපාඨකාදයොව ජානන‍්ති, න සබ‍්බෙ; එවං තානිපි න සබ‍්බදෙවතා ජානන‍්ති, පණ‍්ඩිතා එව පන ජානන‍්ති. තත්‍ථ යෙ මන්‍දෙන කුසලකම‍්මෙන නිබ‍්බත‍්තා දෙවපුත‍්තා, තෙ තෙසු උප‍්පන‍්නෙසු – “ඉදානි කො ජානාති, ‘කුහිං නිබ‍්බත‍්තෙස‍්සාමා’ති” භායන‍්ති. යෙ මහාපුඤ‍්ඤා, තෙ “අම‍්හෙහි දින‍්නං දානං, රක‍්ඛිතං සීලං, භාවිතං භාවනං ආගම‍්ම උපරි දෙවලොකෙසු සම‍්පත‍්තිං අනුභවිස‍්සාමා”ති න භායන‍්ති.

යම්සේ ලෝකයෙහි මහා පින්වත් රාජරාජ මහාමාත්‍යාදීන්ට ම උල්කාපාත, භූම්කම්පා, චන්ද්‍රග්‍රහණ ආදී වූ නිමිති පෙනෙත්ද සියල්ලන්ටම නොපෙනේද එපරිද්දෙන් මහේශාක්‍ය දෙවිවරුන්ටම පෙනෙයි. සියල්ලන්ම නොවේ. යම්සේ වනාහි මිනිසුන් අතර නැකැත් කියන්නෝ ආදීහුම පෙරනිමිති දකිත්ද සියල්ලෝ නො දකිත්ද එපරිද්දෙන් ඒ නිමිති සියළු දෙවියෝ නොදනිත්. පණ්ඩිතයෝම දනිත්. එහි යම් ඒ මද කුසලයකින් උපන් දේවපුත්‍රයෝ වෙත්ද ඔවුහු උපන්කල්හි දැන් කවරෙක් දනිත්ද? කොහි උපදින්නේ දැයි බියවෙත්. යම් ඒ මහා පුණ්‍යවන්ත දෙවියෝ සිටිත්ද ඔව්හු අප විසින් දෙන ලද දන්, රකින සිල්, වඩන ලද භාවනාවල පිං ලැබ ඉහළ දෙව්ලොවවල සම්පත් අනුභව කරන්නෙමු යැයි බිය නොවෙත්.

විපස‍්සී බොධිසත‍්තොපි තානි පුබ‍්බනිමිත‍්තානි දිස‍්වා “ඉදානි අනන‍්තරෙ අත‍්තභාවෙ බුද‍්ධො භවිස‍්සාමී”ති න භායති. අථස‍්ස තෙසු නිමිත‍්තෙසු පාතුභූතෙසු දසසහස‍්සචක‍්කවාළදෙවතා සන‍්නිපතිත්‍වා – “මාරිස, තුම‍්හෙහි දස පාරමියො පූරෙන‍්තෙහි න සක‍්කසම‍්පත‍්තිං, න මාරසම‍්පත‍්තිං, න බ්‍රහ‍්මසම‍්පත‍්තිං, න චක‍්කවත‍්තිසම‍්පත‍්තිං පත්‍ථෙන‍්තෙහි පූරිතා, ලොකනිත්‍ථරණත්‍ථාය පන බුද‍්ධත‍්තං පත්‍ථයමානෙහි පූරිතා. සො වො, ඉදානි කාලො, මාරිස, බුද‍්ධත‍්තාය, සමයො, මාරිස, බුද‍්ධත‍්තායා”ති යාචන‍්ති.

විපස්සී බෝධිසත්ත්වයෝද ඒ පෙරනිමිති දැක දැන් අනතුරු ආත්මභාවයෙහි බුදුවන්නෙමියි බිය වූයේ නැත. ඉක්බිති ඔහුට ඒ නිමිති පහළ වූ කල්හි දසදහසක් දෙව්ලොවවල දෙවියෝ රැස්වී, ස්වාමීනි, දසපාරමිතාවන් පුරන්නා වූ ඔබවහන්සේ විසින් ශක්‍ර සම්පත්තිය හෝ මාර සම්පත්තිය හෝ බ්‍රහ්ම සම්පත්තිය හෝ චක්‍රවර්ති සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් පුරණ ලද්දේ නොවේ. ලෝක සත්ත්වයාව සසරින් එතෙර කිරීමේ අදහසින් බුදුබවම ප්‍රාර්ථනා කළ සේක. උතුමාණනි! මේ දැන් එයට සුදුසු කාලයයි. උතුමාණෙනි, එයට දැන් කාලයයි.

අථ මහාසත‍්තො තාසං දෙවතානං පටිඤ‍්ඤං අදත්‍වාව කාලදීපදෙසකුලජනෙත‍්තිආයුපරිච‍්ඡෙදවසෙන පඤ‍්චමහාවිලොකනං නාම විලොකෙසි. තත්‍ථ “කාලො නු ඛො, න කාලො”ති පඨමං කාලං විලොකෙසි. තත්‍ථ වස‍්සසතසහස‍්සතො උද‍්ධං වඩ‍්ඪිතආයුකාලො කාලො නාම න හොති. කස‍්මා? තදා හි සත‍්තානං ජාතිජරාමරණානි න පඤ‍්ඤායන‍්ති, බුද‍්ධානඤ‍්ච ධම‍්මදෙසනා නාම තිලක‍්ඛණමුත‍්තා නත්‍ථි. තෙ තෙසං – “අනිච‍්චං දුක‍්ඛමනත‍්තා”ති කථෙන‍්තානං – “කිං නාමෙතං කථෙන‍්තී”ති නෙව සොතුං, න සද‍්දහිතුං මඤ‍්ඤන‍්ති, තතො අභිසමයො න හොති, තස‍්මිං අසති අනිය්‍යානිකං සාසනං හොති. තස‍්මා සො අකාලො. වස‍්සසතතො ඌනආයුකාලොපි කාලො න හොති. කස‍්මා? තදා හි සත‍්තා උස‍්සන‍්නකිලෙසා හොන‍්ති, උස‍්සන‍්නකිලෙසානඤ‍්ච දින‍්නො ඔවාදො ඔවාදට‍්ඨානෙ න තිට‍්ඨති, උදකෙ දණ‍්ඩරාජි විය ඛිප‍්පං විගච‍්ඡති. තස‍්මා සොපි අකාලොව. වස‍්සසතසහස‍්සතො පට‍්ඨාය හෙට‍්ඨා, වස‍්සසතතො පට‍්ඨාය උද‍්ධං ආයුකාලො කාලො නාම, තදා ච අසීතිවස‍්සසහස‍්සායුකා මනුස‍්සා. අථ මහාසත‍්තො – “නිබ‍්බත‍්තිතබ‍්බකාලො”ති කාලං පස‍්සි.

ඉක්බිති මහා සත්ත්වයන් වහන්සේ ඒ දෙවියන්ට පොරොන්දුවක් නොදීම කාලය, දීපය, කුලය, මාතාව, ආයු කාලය වශයෙන් පස්මහ බැලුම් බැලුයේය. එහිදී සුදුසු කාලය ද නැද්ද කියා පළමුව කාලය බැලුවේය. එහි වර්ෂ ශත සහස්‍රයක් දක්වා වැඩුනු ආයු කාලය කාලය නම් නොවේ. කුමක් නිසාද? එකල්හි වනාහි සත්ත්වයන්ට ජාති, ජරා, මරණ නොවැටහෙයි. බුදුවරයන්ගේ ධර්මය වනාහි ත්‍රි ලක්‍ෂණයෙන් යුක්ත වූයේය. ඒ ජනයාට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යැයි බණ දෙසනවිට මේ කුමක් කියන්නේ දැයි අසන්නට හෝ විශ්වාස කරන්නට නො සිතත්. එයින් ධර්මාවබෝධයක් සිදුවන්නේ නැත. එසේ ඇතිකල්හි ශාසනය නෛර්යාණික නොවේ. ඒ නිසා එය නුසුදුසු කාලයයි. වර්ෂ සියයකට අඩු ආයු කාලයද කාලය නොවේ. කුමක් නිසාද? එකල්හි සත්ත්වයෝ උත්සන්න වූ කෙලෙස් ඇත්තෝ වෙත්. උත්සන්න වූ කෙලෙස් ඇත්තන්ට දෙන ලද අවවාදය අවවාදයක් ලෙස නොපිහිටයි. ජලයෙහි දඬු සමූහයක් මෙන් වහා ඉවත්ව යයි. ඒ නිසා එයද අකාලයයි. ශතසහස්‍රයේ පටන් යටත්පිරිසෙයින් වර්ෂ සියයේ පටන් ඉහළ ආයු කාලය කාල නම් වේ. එකල්හිද මනුෂ්‍යයෝ අසූදහසක් ආයු ඇත්තෝය. ඉක්බිති මහාසත්ත්වයෝ ඉපදිය යුතු කාලය බැලීය.

තතො දීපං විලොකෙන‍්තො සපරිවාරෙ චත‍්තාරො දීපෙ ඔලොකෙත්‍වා – “තීසු දීපෙසු බුද‍්ධා න නිබ‍්බත‍්තන‍්ති, ජම‍්බුදීපෙයෙව නිබ‍්බත‍්තන‍්තී”ති දීපං පස‍්සි.

අනතුරුව දීපය (රට) බලන්නේ සපිරිවරින් දිවයින් සතර බලා එයින් දිවයින් තුනක බුදුවරු නූපදිත්. දඹදිව ම උපදින්නාහයි දීපය බැලීය.

තතො – “ජම‍්බුදීපො නාම මහා, දසයොජනසහස‍්සපරිමාණො, කතරස‍්මිං නු ඛො පදෙසෙ බුද‍්ධා නිබ‍්බත‍්තන‍්තී”ති දෙසං විලොකෙන‍්තො මජ‍්ඣිමදෙසං පස‍්සි. මජ‍්ඣිමදෙසො නාම – “පුරත්‍ථිමාය දිසාය ගජඞ‍්ගලං නාම නිගමො”තිආදිනා (මහාව· 259) නයෙන විනයෙ වුත‍්තොව. සො ආයාමතො තීණි යොජනසතානි, විත්‍ථාරතො අඩ‍්ඪතෙය්‍යානි, පරික‍්ඛෙපතො නවයොජනසතානීති. එතස‍්මිඤ‍්හි පදෙසෙ බුද‍්ධා පච‍්චෙකබුද‍්ධා අග‍්ගසාවකා අසීති මහාසාවකා චක‍්කවත‍්තිරාජානො අඤ‍්ඤෙ ච මහෙසක‍්ඛා ඛත‍්තියබ්‍රාහ‍්මණගහපතිමහාසාලා උප‍්පජ‍්ජන‍්ති. ඉදඤ‍්චෙත්‍ථ බන්‍ධුමතී නාම නගරං, තත්‍ථ මයා නිබ‍්බත‍්තිතබ‍්බන‍්ති නිට‍්ඨං අගමාසි.

ඉක්බිති දීපය නම් විශාලය. යොදුන් දසදහසක ප්‍රමාණයයි. කවරනම් ප්‍රදේශයක බුදුවරු උපදිත්දැයි දේශය ගැන බලන්නේ මධ්‍යදේශය බැලීය. මැදුම් දේශය වනාහි පූර්වදිශාවෙන් කජංගල නම් නියම්ගමය යනාදී ලෙස විනයෙහි කියන ලදි. එම ප්‍රදේශය දිගින් යොදුන් තුන්සියයකි. පළලින් යොදුන් දෙසියපනහකි. හාත්පසින් යොදුන් නවසියයකි. මේ ප්‍රදේශයේ වනාහි බුදුවරු, පසේබුදුවරු, අගසව්වෝ, අසූමහා ශ්‍රාවකයෝ, සක්විති රජ ද අන්‍ය වූ මහේශාක්‍ය ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, මහාසාල ඇත්තෝ උපදිත්. මෙහි වනාහි බන්‍ධුමතී නම් නගරයයි. මා එහි ඉපදිය යුතු යයි තීරණය කළේය.

තතො කුලං විලොකෙන‍්තො – “බුද‍්ධා නාම ලොකසම‍්මතෙ කුලෙ නිබ‍්බත‍්තන‍්ති. ඉදානි ච ඛත‍්තියකුලං ලොකසම‍්මතං, තත්‍ථ නිබ‍්බත‍්තිස‍්සාමි, බන්‍ධුමා නාම මෙ රාජා පිතා භවිස‍්සතී”ති කුලං පස‍්සි.

අනතුරුව කුලය ගැන බලන්නේ, බුදුවරු වනාහි ලෝකසම්මත කුලයක උපදින්නාහ. දැන් ද ක්‍ෂත්‍රිය කුලය ලෝක සම්මතය. එහි උපදින්නෙමි. බන්‍ධුමා නම් රජු මාගේ පියා වන්නේ යැයි කුලය බැලීය.

තතො මාතරං විලොකෙන‍්තො – “බුද‍්ධමාතා නාම ලොලා සුරාධුත‍්තා න හොති, කප‍්පසතසහස‍්සං පූරිතපාරමී, ජාතිතො පට‍්ඨාය අඛණ‍්ඩපඤ‍්චසීලා හොති, අයඤ‍්ච බන්‍ධුමතී නාම දෙවී ඊදිසා, අයං මෙ මාතා භවිස‍්සති, “කිත‍්තකං පනස‍්සා ආයූ”ති ආවජ‍්ජන‍්තො “දසන‍්නං මාසානං උපරි සත‍්ත දිවසානී”ති පස‍්සි.

ඉක්බිති මව ගැන බලන්නේ, බුද්ධ මාතාව නම් ලොල්බැවින් සුරාවට ගිජු වූ කෙනෙක් නොවේ. කල්ප ශත සහස්‍රයක පටන් පුරන ලද පාරමී ඇත්තී උපතේ පටන් නොසිඳි සිල් ඇත්තීය. මේ බන්‍ධුමතී නම් දේවිය ද මෙබඳුය. මැය මාගේ මව වන්නීය. ඇගේ වයස කොපමණ වන්නේ දැයි ආවර්ජනා කොට බලන්නේ මාස දහයකුත් දවස් සතක් බව දුටුවේය.

ඉති ඉමං පඤ‍්චමහාවිලොකනං විලොකෙත්‍වා “කාලො, මෙ මාරිසා, බුද‍්ධභාවායා”ති දෙවතානං සඞ‍්ගහං කරොන‍්තො පටිඤ‍්ඤං දත්‍වා – “ගච‍්ඡථ, තුම‍්හෙ”ති තා දෙවතා උය්‍යොජෙත්‍වා තුසිතදෙවතාහි පරිවුතො තුසිතපුරෙ නන්‍දනවනං පාවිසි. සබ‍්බදෙවලොකෙසු හි නන්‍දනවනං අත්‍ථියෙව. තත්‍ර නං දෙවතා ඉතො චුතො සුගතිං ගච‍්ඡාති පුබ‍්බෙකතකුසලකම‍්මොකාසං සාරයමානා විචරන‍්ති. සො එවං දෙවතාහි කුසලං සාරයමානාහි පරිවුතො තත්‍ථ විචරන‍්තොයෙව චවි.

මෙසේ මේ පස්මහ බැලුම් බලා දෙවිවරුනි, බුදුබව පිණිස මට දැන් කාලයයි. දෙවිවරුන්ට සංග්‍රහ කරන්නේ ප්‍රතිඥා දී දෙවිවරුනි, නුඹලා යන්න යැයි පිටත්කර යවා තුසිත දෙවියන් විසින් පිරිවරන ලද්දේ තුසිත පුරයෙහි නන්‍දන වනයට පිවිසියේය. සියළුම දිව්‍යලෝකවල නන්‍දන වනයක් ඇත්තේමය. එහිදී දෙවියෝ මෙයින් චුතව සුගතියට යන්න. මෙයින් චුතවී සුගතියට යන්න යැයි කරන ලද කුසලයට අවස්ථාවක් සොයමින් හැසිරෙත්. හෙතෙම මෙසේ කුසලයට අවස්ථාවක් සොයන දෙවියන් විසින් පිරිවරන ලද්දේ එහි ඇවිදින්නේම එයින් චුත විය.

එවං චුතො ච ‘චවාමී’ති ජානාති, චුතිචිත‍්තං න ජානාති. පටිසන්‍ධිං ගහෙත්‍වාපි ජානාති, පටිසන්‍ධිචිත‍්තමෙව න ජානාති. “ඉමස‍්මිං මෙ ඨානෙ පටිසන්‍ධිං ගහිතා”ති එවං පන ජානාති. කෙචි පන ථෙරා – “ආවජ‍්ජනපරියායො නාම ලද‍්ධුං වට‍්ටති, දුතියතතියචිත‍්තවාරෙ එව ජානිස‍්සතී”ති වදන‍්ති. තිපිටකමහාසීවත්‍ථෙරො පන ආහ – “මහාසත‍්තානං පටිසන්‍ධි න අඤ‍්ඤෙසං පටිසන්‍ධිසදිසා, කොටිප‍්පත‍්තං පන තෙසං සතිසම‍්පජඤ‍්ඤං. යස‍්මා පන තෙනෙව චිත‍්තෙන තං චිත‍්තං ඤාතුං න සක‍්කා, තස‍්මා චුතිචිත‍්තං න ජානාති. චුතික‍්ඛණෙපි ‘චවාමී’ති ජානාති. පටිසන්‍ධිචිත‍්තං න ජානාති. ‘අසුකස‍්මිං මෙ ඨානෙ පටිසන්‍ධි ගහිතා’ති ජානාති, තස‍්මිං කාලෙ දසසහස‍්සිලොකධාතු කම‍්පතී”ති. එවං සතො සම‍්පජානො මාතුකුච‍්ඡිං ඔක‍්කමන‍්තො පන එකූනවීසතියා පටිසන්‍ධිචිත‍්තෙසු මෙත‍්තාපුබ‍්බභාගස‍්ස සොමනස‍්සසහගතඤාණසම‍්පයුත‍්තඅසඞ‍්ඛාරිකකුසලචිත‍්තස‍්ස සදිසමහාවිපාකචිත‍්තෙන පටිසන්‍ධි ගණ‍්හි. මහාසීවත්‍ථෙරො පන උපෙක‍්ඛාසහගතෙනාති ආහ. යථා ච අම‍්හාකං භගවා, එවං සොපි ආසාළ‍්හීපුණ‍්ණමායං උත‍්තරාසාළ‍්හනක‍්ඛත‍්තෙනෙව පටිසන්‍ධිං අග‍්ගහෙසි.

මෙසේ චුත වූයේ චුතවෙමියි දනියි. නමුත් ච්‍යුති නිමිත්ත නොදනී. පිළිසිඳ ගෙනද දනියි. පටිසන්ධි සිත නොදනී. මේ ස්ථානයේ පිළිසිඳ ගත්තේ යැයි මෙසේ වනාහි දැනගනී. ඇතැම් තෙරවරු ආවර්ජන පිළිවෙල නම් ලබන්නට සුදුසුය. දෙවන තුන්වන චිත්ත වාරයෙහි මෙසේ දැනගන්නේ යැයි කියත්. ත්‍රිපිටක මහාසීව තෙරුන් වහන්සේ වනාහි, මහා සත්ත්වයන්ගේ ප්‍රතිසන්ධිය අන්‍යයන්ගේ ප්‍රතිසන්ධිය හා සමාන නොවේ. අවසානයට පත් ඔවුන්ගේ සිහිය හා නුවණ ඇත්තේය. යම්හෙයකින් ඒ සිතෙන්ම ඒ සිත දැනගන්නට නොහැකිය. ඒ නිසා ච්‍යුති චිත්තය නොදනී. ච්‍යුතිය සිදුවන මොහොතේම ච්‍යුත වෙමියි නොදනී. ප්‍රතිසන්ධිය චිත්තය නොදනී. අසවල් තැන මාගේ ප්‍රතිසන්ධිය ඇතිවී යයි දනියි. ඒ කාලයේ සතසහස්‍රී ලෝකධාතුව කම්පා වෙයි. මෙසේ සිහිකල්පනා සහිතව මව්කුසට පිවිසෙන්නේ වනාහි එකුන්විසි ප්‍රතිසන්ධි චිත්තයේදී මෛත්‍රී පූර්වභාග සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික කුසල් සිතට සමාන මහා විපාක චිත්තයෙන් ප්‍රතිසන්ධිය ගත්තේය. මහාසීව තෙරුන් වහන්සේ වනාහි උපේක්‍ෂා සහගත සිතින් යැයි කීය. යම්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඇසළ මස පුන් පොහෝ දා උතුරුසළ නැකතින්ම ප්‍රතිසන්ධිය ගත්තේය.

තදා කිර පුරෙ පුණ‍්ණමාය සත‍්තමදිවසතො පට‍්ඨාය විගතසුරාපානං මාලාගන්‍ධාදිවිභූතිසම‍්පන‍්නං නක‍්ඛත‍්තකීළං අනුභවමානා බොධිසත‍්තමාතා සත‍්තමෙ දිවසෙ පාතො උට‍්ඨාය ගන්‍ධොදකෙන නහායිත්‍වා සබ‍්බාලඞ‍්කාරවිභූසිතා වරභොජනං භුඤ‍්ජිත්‍වා උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය සිරිගබ‍්භං පවිසිත්‍වා සිරිසයනෙ නිපන‍්නා නිද‍්දං ඔක‍්කමමානා ඉදං සුපිනං අද‍්දස –

එදා වනාහි පූර්ව පුණ්ණමී සත්වන දවසේ පටන් සුරාපානයෙන් තොරව මල්ගඳ සුවඳ ආදී සම්පත්තියෙන් යුත් නැකැත්කෙළි උත්සවයේ සතුට විඳිමින් බෝසත් බව සත්වන දිනයේ අලුයම පිබිදී සුවඳ දියෙන් ස්නානය කොට සියලු අලංකාරයන්ගෙන් සැරසී උතුම් භෝජනයක් වළඳා උපෝසථ ශීලාංගයන් අධිෂ්ඨාන කොට ශ්‍රීයහන් ගබඩාවට පැමිණ උතුම් සහනයෙහි වැද නින්දට පිවිසියේ මේ සිහිනය දුටුවාය.

“චත‍්තාරො කිර නං මහාරාජානො සයනෙනෙව සද‍්ධිං උක‍්ඛිපිත්‍වා අනොතත‍්තදහං නෙත්‍වා නහාපෙත්‍වා දිබ‍්බවත්‍ථං නිවාසෙත්‍වා දිබ‍්බගන්‍ධෙහි විලිම‍්පෙත්‍වා දිබ‍්බපුප‍්ඵානි පිළන්‍ධිත්‍වා, තතො අවිදූරෙ රජතපබ‍්බතො, තස‍්ස අන‍්තො කනකවිමානං අත්‍ථි, තස‍්මිං පාචීනතො සීසං කත්‍වා නිපජ‍්ජාපෙසුං. අථ බොධිසත‍්තො සෙතවරවාරණො හුත්‍වා තතො අවිදූරෙ එකො සුවණ‍්ණපබ‍්බතො, තත්‍ථ චරිත්‍වා තතො ඔරුය‍්හ රජතපබ‍්බතං අභිරුහිත්‍වා කනකවිමානං පවිසිත්‍වා මාතරං පදක‍්ඛිණං කත්‍වා දක‍්ඛිණපස‍්සං ඵාලෙත්‍වා කුච‍්ඡිං පවිට‍්ඨසදිසො අහොසි”.

සතරවරම් රජදරුවෝ ඇයව සයනයත් සමග උසුලාගෙන අනෝතත්ත විලට ගෙනගොස් නහවා දිව්‍යමය වස්ත්‍ර හඳවා දිව්‍යමය සුවඳ ගල්වා දිව්‍යමය මල් පැළඳ එයින් නුදුරෙහි එහි රිදී පර්වතය තුළ තිබෙන රන්විමනෙහි පෙරදිග පැත්තට හිස සිටින සේ හොවාලූහ. ඉක්බිති බෝධිසත්ත්වයෝ උතුම් සුදු ඇතකු වී එයින් නුදුරෙහි ඇති සුවර්ණ පර්වතයෙහි හැසිර එයින් බැස රිදී පර්වතයට නැගී රන්විමනට පිවිස මවට ප්‍රදක්‍ෂිණාකොට දකුණු පැත්ත පලාගෙන කුසතුළට පිවිසියාක් මෙන් විය.

අථ පබුද‍්ධා දෙවී තං සුපිනං රඤ‍්ඤො ආරොචෙසි. රාජා විභාතාය රත‍්තියා චතුසට‍්ඨිමත‍්තෙ බ්‍රාහ‍්මණපාමොක‍්ඛෙ පක‍්කොසාපෙත්‍වා හරිතූපලිත‍්තාය ලාජාදීහි කතමඞ‍්ගලසක‍්කාරාය භූමියා මහාරහානි ආසනානි පඤ‍්ඤපෙත්‍වා තත්‍ථ නිසින‍්නානං බ්‍රාහ‍්මණානං සප‍්පිමධුසක‍්කරාභිසඞ‍්ඛතස‍්ස වරපායාසස‍්ස සුවණ‍්ණරජතපාතියො පූරෙත්‍වා සුවණ‍්ණරජතපාතීහෙව පටිකුජ‍්ජිත්‍වා අදාසි, අඤ‍්ඤෙහි ච අහතවත්‍ථකපිලගාවීදානාදීහි නෙසං සන‍්තප‍්පෙසි.

ඉක්බිති ප්‍රබුද්ධ දේවිය ඒ සිහිනය රජුට සැළකළාය. රජු රාත්‍රිය පහවගිය කල්හි හැටහතරක් බ්‍රාහ්මණ නායකයන් කැඳවා කොළපාට පත්‍ර හා විළඳ ආදී මංගල වස්තූන්ගෙන් සරසන ලද භූමියෙහි ඉතා වටිනා ආසන පනවා එහි සිටියා වූ බ්‍රාහ්මණයන්ට ගිතෙල්, මී, උක්සකුරු ආදිය යොදා පිළියෙල කරන ලද උතුම් කිරිබත්වලින් ස්වර්ණමය හා රිදීමය පාත්‍රා පුරවා සුවර්ණ, රජත පියන්වලින්ම වසා පිළිගැන්වීය. අන්‍ය වූද අලුත්වස්ත්‍ර හා දුඹුරු වර්ණ දෙනුන් දීම ආදියෙන් ඔවුන්ට සංග්‍රහ කළේය.

අථ නෙසං සබ‍්බකාමසන‍්තප‍්පිතානං තං සුපිනං ආරොචෙත්‍වා – “කිං භවිස‍්සතී”ති පුච‍්ඡි. බ්‍රාහ‍්මණා ආහංසු – “මා චින‍්තයි, මහාරාජ, දෙවියා තෙ කුච‍්ඡිම‍්හි ගබ‍්භො පතිට‍්ඨිතො, සො ච ඛො පුරිසගබ‍්භො න ඉත්‍ථිගබ‍්භො, පුත‍්තො තෙ භවිස‍්සති. සො සචෙ අගාරං අජ‍්ඣාවසිස‍්සති, රාජා භවිස‍්සති චක‍්කවත‍්තී. සචෙ අගාරා නික‍්ඛම‍්ම පබ‍්බජිස‍්සති, බුද‍්ධො භවිස‍්සති ලොකෙ විවට‍්ටච‍්ඡදො”ති. අයං තාව – “මාතුකුච‍්ඡිං ඔක‍්කමී”ති එත්‍ථ වණ‍්ණනාක‍්කමො.

ඉක්බිති සියල්ලෝ සන්තර්පණය වූ ඔවුන්ට ඒ සිහිනය පවසා කුමක් වන්නේදැයි විචාළේය. බ්‍රාහ්මණයෝ පැවසුහ. මහරජතුමනි! කිසිවක් නොසිතන්න. ඔබගේ දේවියගේ කුසෙහි ගැබක් පිහිටියේය. ඒ ද වනාහි මහා පුරුෂ ගැබකි. කාන්තා ගැබක් නොවේ. ඔබට පුතෙක් ලැබෙන්නේය. ඉදින් හෙතෙම ගිහිගෙයි වසන්නේ නම් සක්විති රජ වන්නේය. ඉදින් ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේද ලෝකයෙහි දුරුකළ මෝහ ආදිය ඇති බුදුබවට පත්වන්නේය. මේ පළමු මව්කුසට ඒමය. මෙසේ මෙහි වර්ණනා ක්‍රමයයි.

අයමෙත්‍ථ ධම‍්මතාති අයං එත්‍ථ මාතුකුච‍්ඡිඔක‍්කමනෙ ධම‍්මතා, අයං සභාවො, අයං නියාමොති වුත‍්තං හොති. නියාමො ච නාමෙස කම‍්මනියාමො, උතුනියාමො, බීජනියාමො, චිත‍්තනියාමො, ධම‍්මනියාමොති පඤ‍්චවිධො (ධ· ස· අට‍්ඨ· 498).

අයමෙත්‍ථධම්මතා යනු මේ මෙහි මව්කුසට ඒමේ ස්වභාවයයි. මේ නියාම යැයි කියන ලදි. මේ නියමය වනාහි කම්මනියාම, උතුනියාම, බීජනියාම, චිත්ත නියාම, ධම්මනියාම යැයි පස්වැදෑරුම්ය.

තත්‍ථ කුසලස‍්ස ඉට‍්ඨවිපාකදානං, අකුසලස‍්ස අනිට‍්ඨවිපාකදානන‍්ති අයං කම‍්මනියාමො. තස‍්ස දීපනත්‍ථං – “න අන‍්තලික‍්ඛෙ”ති (ඛු· පා· 127) ගාථාය වත්‍ථූනි වත‍්තබ‍්බානි. අපිච එකා කිර ඉත්‍ථී සාමිකෙන සද‍්ධිං භණ‍්ඩිත්‍වා උබ‍්බන්‍ධිත්‍වා මරිතුකාමා රජ‍්ජුපාසෙ ගීවං පවෙසෙසි. අඤ‍්ඤතරො පුරිසො වාසිං නිසෙන‍්තො තං ඉත්‍ථිකම‍්මං දිස‍්වා රජ‍්ජුං ඡින්‍දිතුකාමො – “මා භායි, මා භායී”ති තං සමස‍්සාසෙන‍්තො උපධාවි. රජ‍්ජු ආසීවිසො හුත්‍වා අට‍්ඨාසි. සො භීතො පලායි. ඉතරා තත්‍ථෙව මරි. එවමාදීනි චෙත්‍ථ වත්‍ථූනි දස‍්සෙතබ‍්බානි.

එහිදී කුසලයට යහපත් වූ විපාකයක් දීමත් අකුසලයට අයහපත් විපාකයක් දීමත් යන මෙය කර්ම නියාමයයි. එය පැහැදිලි කිරීම සඳහා ‘න අන්තලික්ඛෙ’ ආදී ගාථාවන් කිවයුතුයි. තවද එක් ස්ත්‍රියක් වනාහි ස්වාමියා සමග භේද වී කලකිරී දිවි නසාගන්නට සිතා ගෙලට ලනු දමාගත්තේය. එක්තරා පුරුෂයෙක් පිහියක් සොයන්නේ එය දැක ලණුව කපනු කැමැත්තේ බිය නොවන්න. බිය නොවන්න ඇයව සනසා එහා මෙහා ගියේය. ලණුව සර්පයෙක් මෙන් වී නැගී සිටියේය. හෙතෙම බිය වී පළා ගියේය. අනික් තැනැත්තිය එතනම මළාය. මේ ආදී වූ කථාවස්තූන් මෙහි දැක්විය යුතුයි.

තෙසු තෙසු ජනපදෙසු තස‍්මිං තස‍්මිං කාලෙ එකප‍්පහාරෙනෙව රුක‍්ඛානං පුප‍්ඵඵලගහණාදීනි, වාතස‍්ස වායනං අවායනං, ආතපස‍්ස තික‍්ඛතා මන්‍දතා, දෙවස‍්ස වස‍්සනං අවස‍්සනං, පදුමානං දිවා විකසනං රත‍්තිං මිලායනන‍්ති එවමාදි උතුනියාමො.

ඒ ඒ ජනපදවල ඒ ඒ කාලවලදී එක්පහරින්ම ගස්වල මල්ගෙඩි සමූහයක් සුළං හැමීම නතරවී ආ හිරුඑළියේ තදබව අඩුවීම, වර්ෂාව නොවැටීම, නෙලුම්මල් දවල් විකසිතවීම රාත්‍රියෙහි පරවීම මේ ආදිය උතුනියාමය.

යං පනෙතං සාලිබීජතො සාලිඵලමෙව, මධුරතො මධුරසංයෙව, තිත‍්තතො තිත‍්තරසංයෙව ඵලං හොති, අයං බීජනියාමො.

යම් මේ වනාහි හැල් බීජයෙන් හැල් ඵලයක් ද මිහිරිබවෙන් මිහිරි රසයන්ට තිත්ත බවෙන් තිත්ත රසයක්ම ඵලය වෙයි. මේ බීජ නියාමයයි.

පුරිමා පුරිමා චිත‍්තචෙතසිකා ධම‍්මා පච‍්ඡිමානං පච‍්ඡිමානං චිත‍්තචෙතසිකානං ධම‍්මානං උපනිස‍්සයපච‍්චයෙන පච‍්චයොති එවං යදෙතං චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං අනන‍්තරා සම‍්පටිච‍්ඡනාදීනං නිබ‍්බත‍්තනං, අයං චිත‍්තනියාමො.

කලින් කලට ඇතිවන චිත්ත චෛතසික ධර්මයන් පසුව ඇතිවන චිත්ත චෛතසිකයන්ට ආධාර වන හෙයින් ප්‍රත්‍යය නම් වේද මෙසේ චක්‍ෂුවිඥාන ආදීන්ට අනතුරුව පිළිගැනීම් ආදියේ හටගැනීමක් යන මෙය චිත්ත නියාමයයි.

යා පනෙසා බොධිසත‍්තානං මාතුකුච‍්ඡිඔක‍්කමනාදීසු දසසහස‍්සිලොකධාතුකම‍්පනාදීනං පවත‍්ති, අයං ධම‍්මනියාමො නාම. තෙසු ඉධ ධම‍්මනියාමො අධිප‍්පෙතො. තස‍්මා තමෙවත්‍ථං දස‍්සෙන‍්තො ධම‍්මතා එසා භික‍්ඛවෙතිආදිමාහ.

යම් මේ බෝධිසත්ත්වයන් මව්කුසට පැමිණීම ආදියෙහිද දසදහසක් ලෝකධාතුව කම්පාවීම ආදිය ධර්මනියාමයයි. ඒවා අතුරෙන් මෙහිදී ධර්මනියාමය අදහස් කරන ලදි. ඒ නිසා එම කාරණයම දක්වන්නේ මහණෙනි, මේ වනාහි ධර්මතාවයැයි’ ආදිය දෙසූ සේක.

තත්‍ථ කුච‍්ඡිං ඔක‍්කමතීති එත්‍ථ කුච‍්ඡිං ඔක‍්කන‍්තො හොතීති අයමෙවත්‍ථො. ඔක‍්කන‍්තෙ හි තස‍්මිං එවං හොති, න ඔක‍්කමමානෙ. අප‍්පමාණොති වුඩ‍්ඪිප‍්පමාණො, විපුලොති අත්‍ථො. උළාරොති තස‍්සෙව වෙවචනං. උළාරානි උළාරානි ඛාදනීයානි ඛාදන‍්තීතිආදීසු (ම· නි· 1.399) හි මධුරං උළාරන‍්ති වුත‍්තං. උළාරාය ඛලු භවං වච‍්ඡායනො සමණං ගොතමං පසංසාය පසංසතීතිආදීසු (ම· නි· 1.288) සෙට‍්ඨං උළාරන‍්ති වුත‍්තං. ඉධ පන විපුලං අධිප‍්පෙතං. දෙවානං දෙවානුභාවන‍්ති එත්‍ථ දෙවානං අයමානුභාවො නිවත්‍ථවත්‍ථස‍්ස පභා ද‍්වාදසයොජනානි ඵරති, තථා සරීරස‍්ස, තථා අලඞ‍්කාරස‍්ස, තථා විමානස‍්ස, තං අතික‍්කමිත්‍වාති අත්‍ථො.

එහි කුච්ඡිං ඔක්කමති යන තැන කුසට පිවිසෙන්නේ වෙයි යන මේ අර්ථයයි. පැමිණිකල්හි වනාහි එහිදී මෙසේ වෙයි. බැසගන්නා කල්හි නොවෙයි. අප්පමාණො යනු වැඩුනු ප්‍රමාණය මහත්ය යන අර්ථයි. උළාරො යනු එයටම සමාන වචනයකි. විශාල වූ කෑයුතු දේ අනුභව කරත් යනාදී තැන්වල මධුරං උළාරං යැයි කියන ලදි. ‘උළාරාය ඛඩ්ඪ භවං වච්ඡායනො සමණං ගොතමං පසංසාය පසංසති’ (ශ්‍රේෂ්ඨ වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට පැසසුම් සඳහා පැසසීම් කරයි) මෙතැන උළාර යැයි කීවේ ශ්‍රේෂ්ඨ යන අර්ථයමයි. දෙවානං දෙවානුභාවං මෙහි දෙවියන්ගේ ආනුභාවයයි. අඳින ලද ඇඳුම්වල ආලෝකය දොලොස් යොදුනක් පැතිරෙයි. ශරීරයේ දී එසේය. අලංකාරව ලද එසේය. විමානයෙහිද එසේය. එය ඉක්මවා යන අර්ථයි.

ලොකන‍්තරිකාති තිණ‍්ණං තිණ‍්ණං චක‍්කවාළානං අන‍්තරා එකෙකො ලොකන‍්තරිකො හොති, තිණ‍්ණං සකටචක‍්කානං වා තිණ‍්ණං පත‍්තානං වා අඤ‍්ඤමඤ‍්ඤං ආහච‍්ච ඨපිතානං මජ‍්ඣෙ ඔකාසො විය. සො පන ලොකන‍්තරිකනිරයො පරිමාණතො අට‍්ඨයොජනසහස‍්සො හොති. අඝාති නිච‍්චවිවටා. අසංවුතාති හෙට‍්ඨාපි අප‍්පතිට‍්ඨා. අන්‍ධකාරාති තමභූතා. අන්‍ධකාරතිමිසාති චක‍්ඛුවිඤ‍්ඤාණුප‍්පත‍්තිනිවාරණතො අන්‍ධභාවකරණතිමිසෙන සමන‍්නාගතා. තත්‍ථ කිර චක‍්ඛුවිඤ‍්ඤාණං න ජායති. එවංමහිද‍්ධිකාති චන්‍දිමසූරියා කිර එකප‍්පහාරෙනෙව තීසු දීපෙසු පඤ‍්ඤායන‍්ති, එවං මහිද‍්ධිකා. එකෙකාය දිසාය නව නව යොජනසතසහස‍්සානි අන්‍ධකාරං විධමිත්‍වා ආලොකං දස‍්සෙන‍්ති, එවංමහානුභාවා. ආභාය නානුභොන‍්තීති අත‍්තනො පභාය නප‍්පහොන‍්ති. තෙ කිර චක‍්කවාළපබ‍්බතස‍්ස වෙමජ‍්ඣෙන විචරන‍්ති, චක‍්කවාළපබ‍්බතඤ‍්ච අතික‍්කම‍්ම ලොකන‍්තරිකනිරයා. තස‍්මා තෙ තත්‍ථ ආභාය නප‍්පහොන‍්ති.

ලොකන්තරිකා යනු චක්‍රවාට තුනක් අතර එක එක ලෝකන්තරිකයක් වෙයි. රියසක තුනක් හෝ පාත්‍රා තුනක් හෝ එකිනෙකට ගැටෙන සේ තබන ලදුව ඒ මැද ඇති අවකාසය මෙනි. එය වනාහි ලෝකන්තරික නරකයයි. ප්‍රමාණයෙන් යොදුන් අටදහසකි. අඝා යනු නිරන්තර විවෘත වූ අසංවුතා යනු යටින්ද නොපිහිටි. අන්‍ධකාරා අඳුරු වූ අන්‍ධකාර තිමිසා යනු චක්ඛු විඤ්ඤාණය පහළවීම වැළැක්වීමෙන් අන්ධ බව ඇතිකරන අඳුරින් යුක්ත. එහි වනාහි චක්ඛු විඤ්ඤාණය පහළ නොවේ. එවං මහිද්ධිකා යනු ඉරහඳ වනාහි එක්වරම ද්වීප තුනක පෙනේ. එපරිද්දෙන් මහා සෘද්ධි ඇති එක එක දිශාවෙන් යොදුන් ශතසහස්‍ර නවයක් අන්ධකාරය දුරුකොට ආලෝකය දක්වමින් මෙබඳු මහානුභාව ඇති ආභාය නානුභොන්ති. තමන්ගේ ප්‍රභාවෙන් සමර්ථ නොවෙත්. ඒවා වනාහි සක්වල පව්වේ මැදින් ගමන්කරත්. සක්වළ පව්වද ඉක්මවා ලෝකන්තරික නිරය වේ. ඒ නිසා ඒවා එහිදී ආලෝකයෙන් නොබබළත්.

යෙපි තත්‍ථ සත‍්තාති යෙපි තස‍්මිං ලොකන‍්තරිකමහානිරයෙ සත‍්තා උප‍්පන‍්නා. කිං පන කම‍්මං කත්‍වා තත්‍ථ උප‍්පජ‍්ජන‍්තීති. භාරියං දාරුණං මාතාපිතූනං ධම‍්මිකසමණබ්‍රාහ‍්මණානඤ‍්ච උපරි අපරාධං, අඤ‍්ඤඤ‍්ච දිවසෙ දිවසෙ පාණවධාදිසාහසිකකම‍්මං කත්‍වා උප‍්පජ‍්ජන‍්ති, තම‍්බපණ‍්ණිදීපෙ අභයචොරනාගචොරාදයො විය. තෙසං අත‍්තභාවො තිගාවුතිකො හොති, වග‍්ගුලීනං විය දීඝනඛා හොන‍්ති. තෙ රුක‍්ඛෙ වග‍්ගුලියො විය නඛෙහි චක‍්කවාළපබ‍්බතෙ ලග‍්ගන‍්ති. යදා සංසප‍්පන‍්තා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස හත්‍ථපාසං ගතා හොන‍්ති, අථ “භක‍්ඛො නො ලද‍්ධො”ති මඤ‍්ඤමානා තත්‍ථ වාවටා විපරිවත‍්තිත්‍වා ලොකසන්‍ධාරකඋදකෙ පතන‍්ති, වාතෙ පහරන‍්තෙපි මධුකඵලානි විය ඡිජ‍්ජිත්‍වා උදකෙ පතන‍්ති, පතිතමත‍්තාව අච‍්චන‍්තඛාරෙ උදකෙ පිට‍්ඨපිණ‍්ඩි විය විලීයන‍්ති.

යෙපි තත්‍ථ සත්තා යම්කෙනෙක් ඒ ලෝකන්තරික මහා නිරයේ උපන්නාහුද? කුමන නම් කර්මයක් කොට එහි උපන්නාහුද? භාර්යාවන් කෙරෙහි දරුණු බව මව්පියන්ට ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අපරාධ කිරීමත් දිනපතා ප්‍රාණ වධකිරීම ආදී වූ සාහසික වැඩද කර එහි උපදිත්. තම්බපණ්ණි දිවයිනෙහි අභය චෝරනාග වැනි සොරුන් මෙනි. ඔවුන්ගේ ආත්මභාවයන් ගව්තුනක් පමණ වෙයි. වවුලන්ගේ මෙන් දිග නිය ඇත්තේ වෙයි. ඔවුහු වවුලන් මෙන් නියවලින් සක්වල පාදයෙහි එල්ලෙත්. යම්විටක හෙමින් හෙමින් යන්නාහු ඔවුනොවුන්ගේ අත් එකට බැඳෙත්. අපට අහරක් ලැබුනේ යැයි සිතමින් එහි යෙදී සිටියාහු පෙරළී පොළව දරා සිටින ජලයේ වැටෙත්. සුළං වදිනවිට මීගෙඩි මෙන් කැඩී ජලයට වැටෙත්. වැටෙනවිටම අතිශයින්ම ක්‍ෂාර වූ ජලයෙහි පිටිපිඩක් මෙන් දිය වේ.

අඤ‍්ඤෙපි කිර භො සන‍්ති සත‍්තාති භො යථා මයං මහාදුක‍්ඛං අනුභවාම, එවං අඤ‍්ඤෙ කිර සත‍්තාපි ඉමං දුක‍්ඛමනුභවනත්‍ථාය ඉධූපපන‍්නාති තං දිවසං පස‍්සන‍්ති. අයං පන ඔභාසො එකයාගුපානමත‍්තම‍්පි න තිට‍්ඨති, අච‍්ඡරාසඞ‍්ඝාටමත‍්තමෙව විජ‍්ජොභාසො විය නිච‍්ඡරිත්‍වා – “කිං ඉද”න‍්ති භණන‍්තානංයෙව අන‍්තරධායති. සඞ‍්කම‍්පතීති සමන‍්තතො කම‍්පති. ඉතරද‍්වයං පුරිමපදස‍්සෙව වෙවචනං. පුන අප‍්පමාණො චාතිආදි නිගමනත්‍ථං වුත‍්තං.

අඤ්ඤෙ පි කිර භො සන්ති සත්තා යනු යම්සේ අපි මහා දුකක් විඳිමුද එපරිද්දෙන් අන්‍ය සත්ත්වයෝද මේ දුක විඳීම පිණිස මෙහි උපන්නාහු යැයි ඒ දවස බලත්. මේ ආලෝකය වනාහි එක මොහොතකුදු නොසිටී. අසුරුගසන තරම් සුළු වේලාවක් විදුලිය එළියක් මෙන් පැතිරී මේ කුමක්දැයි කියනවිටම අතුරුදහන් වෙයි. සංකම්පති යනු හාත්පසින් කම්පා වෙයි. ඉතිරි දෙක කලින් පදයටම පර්යාය වචනයි. නැවත අප්පමාණො ච (අප්‍රමාණ ද) යන්න නිගමනාර්ථය සඳහා කියන ලදි.

චත‍්තාරො නං දෙවපුත‍්තා චාතුද‍්දිසං රක‍්ඛාය උපගච‍්ඡන‍්තීති එත්‍ථ චත‍්තාරොති චතුන‍්නං මහාරාජානං වසෙන වුත‍්තං. දසසහස‍්සචක‍්කවාළෙසු පන චත‍්තාරො චත‍්තාරො කත්‍වා චත‍්තාලීසසහස‍්සානි හොන‍්ති. තත්‍ථ ඉමස‍්මිං චක‍්කවාළෙ මහාරාජානො ඛග‍්ගහත්‍ථා බොධිසත‍්තස‍්ස ආරක‍්ඛත්‍ථාය උපගන‍්ත්‍වා සිරිගබ‍්භං පවිට‍්ඨා, ඉතරෙ ගබ‍්භද‍්වාරතො පට‍්ඨාය අවරුද‍්ධකෙ පංසුපිසාචකාදියක‍්ඛගණෙ පටික‍්කමාපෙත්‍වා යාව චක‍්කවාළා ආරක‍්ඛං ගණ‍්හිංසු.

චත්තාරො නං දෙවපුත්තා චතුද්දිසං රක්ඛාය උපගච්ඡන්ති යන තැන චත්තාරො යනු සිව්මහරජාණන් සඳහා කියන ලදි. දසදහසක් සක්වලද වනාහි සතර සතර බැගින් කොට සතළිස් දහසක් වෙත්. එහි මේ සක්වල මහරජවරු කඩුගත් අත් ඇතිව බෝධිසත්ත්වයන්ගේ ආරක්ෂාව පිණිස එළඹ සිරියහන් ගබඩාවට පිවිසියාහ. ඉතිරි අය යහන් ගබඩාවේ දොර ළඟ සිට යටත් ප්‍රාංශු පිශාච ආදී යක්‍ෂ ගණයාව ඉවත්කර සක්වල ගල දක්වා ආරක්ෂා යෙදූහ.

කිමත්‍ථාය පනායං රක‍්ඛා? නනු පටිසන්‍ධික‍්ඛණෙ කලලකාලතො පට‍්ඨාය සචෙපි කොටිසතසහස‍්සමාරා කොටිසතසහස‍්සසිනෙරුං උක‍්ඛිපිත්‍වා බොධිසත‍්තස‍්ස වා බොධිසත‍්තමාතුයා වා අන‍්තරායකරණත්‍ථං ආගච‍්ඡෙය්‍යුං, සබ‍්බෙ අන‍්තරාව අන‍්තරධායෙය්‍යුං. වුත‍්තම‍්පි චෙතං භගවතා රුහිරුප‍්පාදවත්‍ථුස‍්මිං – “අට‍්ඨානමෙතං, භික‍්ඛවෙ, අනවකාසො, යං පරුපක‍්කමෙන තථාගතං ජීවිතා වොරොපෙය්‍ය. අනුපක‍්කමෙන, භික‍්ඛවෙ, තථාගතා පරිනිබ‍්බායන‍්ති. ගච‍්ඡථ, තුම‍්හෙ භික‍්ඛවෙ, යථාවිහාරං, අරක‍්ඛියා, භික‍්ඛවෙ තථාගතා”ති (චූළව· 341). එවමෙව, තෙන පරුපක‍්කමෙන න තෙසං ජීවිතන‍්තරායො අත්‍ථි, සන‍්ති ඛො පන අමනුස‍්සා විරූපා දුද‍්දසිකා භෙරවරූපා මිගපක‍්ඛිනො, යෙසං රූපං වා දිස‍්වා සද‍්දං වා සුත්‍වා බොධිසත‍්තමාතු භයං වා සන‍්තාසො වා උප‍්පජ‍්ජෙය්‍ය, තෙසං නිවාරණත්‍ථාය රක‍්ඛං අග‍්ගහෙසුං. අපිච බොධිසත‍්තස‍්ස පුඤ‍්ඤතෙජෙන සඤ‍්ජාතගාරවා අත‍්තනො ගාරවචොදිතාපි තෙ එවමකංසු.

මේ ආරක්ෂාව කුමක් සඳහාද? කෝටි සත සහස්‍රයක් මාරයෝ, ප්‍රතිසන්ධි ග්‍රහණය කළ කාලයේ පටන් කෝටි සතසහශ්‍රයක් සිනේරුව ඔසවා බෝධිසත්ත්වයන්ට හෝ බෝධිසත්ව මෑණියන්ට අනතුරක් කිරීම සඳහා එන්නාහු නම්, සියළු අන්තරාවන් අතුරුදන් කරන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේද දේශනා කරන ලදි. රුධිර උප්පාද වස්තුවෙහිදී මහණෙනි, යම්කිසි උපක්‍රමයකින් තථාගතයන් වහන්සේගේ ජීවිතය තොර වන්නේය යන කාරණය සිදුනොවන්නකි. මෙසේ මේ අන්‍ය උපක්‍රමයකින් තථාගතයන් පිරිනිවන් පාන්නේ නැත. මහණෙනි! වෙනසක් නොසිතා වඩින්න. තථාගතයන් වහන්සේලාව ආරක්ෂා කළයුතු නැත. මෙසේ මේ බාහිර උපද්‍රවයකින් තථාගතයන් වහන්සේලාට කරදරයක් වන්නේ නැත. විරූප වූ දැකීමට අප්‍රිය, බියජනක දර්ශන ඇති මෘගයන්ගේ හා පක්‍ෂීන්ගේ බියජනක රූප දැක ශබ්ද අසා බෝසත් මෑණියන්ට යම්කිසි බියක් හෝ සන්ත්‍රාසයක් ඇතිවන්නේද ඒවා වැළැක්වීම සඳහා ආරක්ෂාව යෙදූහ. තවද බෝසතුන්ගේ පින් තේජසින් හටගත් ගෞරව ඇතිව එයින් මෙහෙයවන ලද ඔවුහු මෙසේ කළහ.

කිං පන තෙ අන‍්තොගබ‍්භං පවිසිත්‍වා ඨිතා චත‍්තාරො මහාරාජානො බොධිසත‍්තස‍්ස මාතුයා අත‍්තානං දස‍්සෙන‍්ති, න දස‍්සෙන‍්තීති? නහානමණ‍්ඩනභොජනාදිසරීරකිච‍්චකාලෙ න දස‍්සෙන‍්ති, සිරිගබ‍්භං පවිසිත්‍වා වරසයනෙ නිපන‍්නකාලෙ පන දස‍්සෙන‍්ති. තත්‍ථ කිඤ‍්චාපි අමනුස‍්සදස‍්සනං නාම මනුස‍්සානං සප‍්පටිභයං හොති, බොධිසත‍්තස‍්ස මාතා පන අත‍්තනො චෙව පුත‍්තස‍්ස ච පුඤ‍්ඤානුභාවෙන තෙ දිස‍්වා න භායති, පකතිඅන‍්තෙපුරපාලකෙසු විය අස‍්සා එතෙසු චිත‍්තං උප‍්පජ‍්ජති.

කුමක් නිසා ඔවුහු ඇතුල් ගැබට පිවිස සිටියා වූ සතරවරම් රජදරුවෝ බෝසත් මෑණියන්ට තමන්ව පෙන්වත්ද? නැද්ද? ස්නානය, සැරසීම, භෝජනය යන අවස්ථාවලදී වූ ශරීර කෘත්‍යයන් කරන කල්හි නොපෙනෙත්. ශ්‍රී යහන් ගබඩාවට පිවිස උතුම් ස්ථානයෙහි හොත් අවස්ථාවේදී පෙනෙත්. එහිදී කිසියම් අමනුෂ්‍ය දර්ශනයක් සිදුවූයේ නම් එය මිනිසුන්ට බිය උපදවන්නේය. බෝසත් මෑණියෝ වනාහි තමාගේ ද දරුවාගේ ද පින් බලයෙන් ඔවුන් දැක බිය නොවෙත්. සාමාන්‍ය අන්තඃපුර පාලකයන් කෙරෙහි මෙන් ඔවුන් කෙරෙහි සිත් උපදවා ගනිත්.

පකතියා සීලවතීති සභාවෙනෙව සීලසම‍්පන‍්නා. අනුප‍්පන‍්නෙ කිර බුද‍්ධෙ මනුස‍්සා තාපසපරිබ‍්බාජකානං සන‍්තිකෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා සීලං ගණ‍්හන‍්ති. බොධිසත‍්තමාතාපි කාලදෙවිලස‍්ස ඉසිනො සන‍්තිකෙ සීලං ගණ‍්හාති. බොධිසත‍්තෙ පන කුච‍්ඡිගතෙ අඤ‍්ඤස‍්ස පාදමූලෙ නිසීදිතුං නාම න සක‍්කා, සමානාසනෙ නිසීදිත්‍වා ගහිතසීලම‍්පි ආවජ‍්ජනකරණමත‍්තං හොති. තස‍්මා සයමෙව සීලං අග‍්ගහෙසීති වුත‍්තං හොති.

පකතියා සීලවතී ස්වභාවයෙන් ම සිල්වත්ය. බුදුන් නූපන් කල්හි මිනිස්සු තාපස පරිබ්‍රාජක ආදීන් ළඟ වැඳ ඇණ තබාගෙන හිඳ සිල් ගනිත්. බෝසත් මෑණියෝද කාලදේවල සෘෂිවරයා ළඟ සිල්ගනී. බෝසතුන් කුස පිළිසිඳගත් කල්හි වෙන කෙනෙකුගේ පාද මූලයක සිටින්නට නොහැකිය. සම අසුනෙහි සිට ගන්නා ලද ශීලයද අවමානයට හේතුවක් පමණි. ඒ නිසා තමාම සිල් සමාදන් වූයේ යැයි කියන ලදි.

පුරිසෙසූති බොධිසත‍්තස‍්ස පිතරං ආදිං කත්‍වා කෙසුචි මනුස‍්සෙසු පුරිසාධිප‍්පායචිත‍්තං නුප‍්පජ‍්ජති. බොධිසත‍්තමාතුරූපං පන කුසලා සිප‍්පිකා පොත්‍ථකම‍්මාදීසුපි කාතුං න සක‍්කොන‍්ති. තං දිස‍්වා පුරිසස‍්ස රාගො නුප‍්පජ‍්ජතීති න සක‍්කා වත‍්තුං, සචෙ පන තං රත‍්තචිත‍්තො උපසඞ‍්කමිතුකාමො හොති, පාදා න වහන‍්ති, දිබ‍්බසඞ‍්ඛලිකා විය බජ‍්ඣන‍්ති. තස‍්මා “අනතික‍්කමනීයා”තිආදි වුත‍්තං.

පුරිසෙසු යනු බෝසත් පියා ආදීකොට කිසියම් මිනිසුන් කෙරෙහි පුරුෂාධිපත්‍ය පිළිබඳ සිතක් නූපදී. බෝසත් මවගේ රූපය වනාහි දක්ෂ ශිල්පීන් විසින් පුස්තකර්ම ආදියේ කරන්නට අසමත් වේ. ඇය දැක පුරුෂයාට රාගය නූපදී යැයි කිව නොහැක. ඉදින් කාමාශාවෙන් එනු කැමැත්තේ වේද පාදයෝ නූසුලත්. දිව්‍යමය හැකිල්ලෙන් බැඳෙයි. ඒ නිසා අනතික්කමනීය ආදිය කියන ලදි.

පඤ‍්චන‍්නං කාමගුණානන‍්ති පුබ‍්බෙ කාමගුණූපසඤ‍්හිතන‍්ති ඉමිනා පුරිසාධිප‍්පායවසෙන වත්‍ථුපටික‍්ඛෙපො කතො, ඉධ ආරම‍්මණප‍්පටිලාභො දස‍්සිතො. තදා කිර දෙවියා එවරූපො පුත‍්තො කුච‍්ඡිං උපපන‍්නොති සුත්‍වා සමන‍්තතො රාජානො මහග‍්ඝආභරණතූරියාදිවසෙන පඤ‍්චද‍්වාරාරම‍්මණවත්‍ථුභූතං පණ‍්ණාකාරං පෙසෙන‍්ති. බොධිසත‍්තස‍්ස ච බොධිසත‍්තමාතු ච කතකම‍්මස‍්ස උස‍්සන‍්නත‍්තා ලාභසක‍්කාරස‍්ස පමාණපරිච‍්ඡෙදො නත්‍ථි.

පංචන්නං කාමගුණානං යනු පෙර කාමගුණයන් එක්තැන් කරන ලද්දේ යැයි මේ පුරුෂයන් පිළිබඳ අභිප්‍රායයෙන් වස්තු ප්‍රතික්‍ෂේපය කියන ලදි. මෙහි අරමුණු ප්‍රතිලාභය කියන ලදි. එකල්හි වනාහි දේවියට මෙබඳු පුතකු කුස උපන්නේ යැයි අසා හාත්පස රජවරු බොහෝ වටිනා ආභරණ, තූර්යභාණ්ඩ ආදිය දොරටු පසට අරමුණුවන පණිවිඩ යවත්. බෝධිසත්ත්වයන්ගේද බෝධිසත්ව මෑණියන්ගේ ද කරන ලද කර්මය බලවත් බැවින් ලාභසත්කාරයන් ලැබීමේ සීමාවක් නම් නැත.

අකිලන‍්තකායාති යථා අඤ‍්ඤා ඉත්‍ථියො ගබ‍්භභාරෙන කිලමන‍්ති හත්‍ථපාදා උද‍්ධුමාතතාදීනි පාපුණන‍්ති, එවං තස‍්සා කොචි කිලමථො නාහොසි. තිරොකුච‍්ඡිගතන‍්ති අන‍්තොකුච‍්ඡිගතං. පස‍්සතීති කලලාදිකාලං අතික‍්කමිත්‍වා සඤ‍්ජාතඅඞ‍්ගපච‍්චඞ‍්ගඅහීනින්‍ද්‍රියභාවං උපගතංයෙව පස‍්සති. කිමත්‍ථං පස‍්සති? සුඛවාසත්‍ථංයෙව. යථෙව හි මාතා පුත‍්තෙන සද‍්ධිං නිපන‍්නා වා නිසින‍්නා වා – “හත්‍ථං වාස‍්ස පාදං වා ඔලම‍්බන‍්තං උක‍්ඛිපිත්‍වා සණ‍්ඨපෙස‍්සාමී”ති සුඛවාසත්‍ථං පුත‍්තං ඔලොකෙති, එවං බොධිසත‍්තමාතාපි යං තං මාතු උට‍්ඨානගමනපරිවත‍්තනනිසජ‍්ජාදීසු උණ‍්හසීතලොණිකතිත‍්තකකටුකාහාරඅජ‍්ඣොහරණකාලෙසු ච ගබ‍්භස‍්ස දුක‍්ඛං උප‍්පජ‍්ජති, “අත්‍ථි නු ඛො මෙ තං පුත‍්තස‍්සා”ති සුඛවාසත්‍ථං ඔලොකයමානා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසින‍්නං බොධිසත‍්තං පස‍්සති. යථා හි අඤ‍්ඤෙ අන‍්තොකුච‍්ඡිගතා පක‍්කාසයං අවත්‍ථරිත්‍වා ආමාසයං උක‍්ඛිපිත්‍වා උදරපටලං පිට‍්ඨිතො කත්‍වා පිට‍්ඨිකණ‍්ඩකං නිස‍්සාය උක‍්කුටිකං ද‍්වීසු මුට‍්ඨීසු හනුකං ඨපෙත්‍වා දෙවෙ වස‍්සන‍්තෙ රුක‍්ඛසුසිරෙ මක‍්කටා විය නිසීදන‍්ති, න එවං බොධිසත‍්තො, බොධිසත‍්තො පන පිට‍්ඨිකණ‍්ඩකං පිට‍්ඨිතො කත්‍වා ධම‍්මාසනෙ ධම‍්මකථිකො විය පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා පුරත්‍ථාභිමුඛො නිසීදති. පුබ‍්බෙකතකම‍්මං පනස‍්සා වත්‍ථුං සොධෙති, සුද‍්ධෙ වත්‍ථුම‍්හි සුඛුමච‍්ඡවිලක‍්ඛණං නිබ‍්බත‍්තති. අථ නං කුච‍්ඡිතචො පටිච‍්ඡාදෙතුං න සක‍්කොති, ඔලොකෙන‍්තියා බහිඨිතො විය පඤ‍්ඤායති. තමත්‍ථං උපමාය විභාවෙන‍්තො භගවා සෙය්‍යථාපීතිආදිමාහ. බොධිසත‍්තො පන අන‍්තොකුච‍්ඡිගතො මාතරං න පස‍්සති. න හි අන‍්තොකුච‍්ඡියං චක‍්ඛුවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති.

අකිලන්තකායා යනු යම්සේ අන් ස්ත්‍රීහු ගැබ්බරින් වෙහෙසට පත්වෙයි. අත් පා ඉදිමෙයි. ඇයට මෙබඳු කිසිම පීඩාවක් ඇතිවූයේ නැත. තිරොකුච්ඡිගතං යනු කුස තුළට ගිය. පස්සති යනු කලල අවස්ථාව ආදිය පසුකර හටගත් අඟපසඟවල යහපත් බවම දකී. කුමක් නිසා දකීද, සුව වාසය සඳහාය. යම්සේ වනාහි මව පුතා සමග සිටියා හෝ ඔහුගේ අතක් හෝ පාදයක් පහතට වැටී තිබේනම් එය ඔසවා තබන්නෙමියි සුවපහසුව සඳහා පුත්‍රයාව බලයි. මෙසේ බෝධිසත්ත්වයන්ගේ මව ද යම් ඒ මවගේ නැගීසිටීම, ගමන, පෙළීම, හෙවීම ආදියෙහිත් උණු, සීත, ලවණ, තිත්ත, කටුක ආහාර ගන්නා කල්හි ගැබට දුකක් ඇතිවෙයි. කිම මාගේ පුත්‍රයා සතුටින් සුවසේ සිටීදැයි බෝධිසත්ත්වයන්ව බලන්නී පළඟක් බැඳ සිටින්නා වු බෝධිසත්ත්වයන්ව දකියි. යම්සේ වනාහි කුසතුළට ගිය අන්‍යයෝ පක්‍වාශය වසාගෙන ආමාශය ඔසවා උදර පටලය පිටුපසට කොට පිටිකොන්ද ආධාර කරගෙන උක්කුටිකයෙන් සිට දෙමිටෙහි හකුව තබාගෙන, වැසි වසින කල්හි ගස් බෙනයක වඳුරන් මෙන් සිටිත්. බෝධිසත්ත්වයෝ එසේ නොවේ. බෝධිසත්ත්වයෝ වනාහි පිටකොන්ද පිටුපසට කොට ධර්මාසනයක සිටින ධර්මකථිකයකු මෙන් පළඟක් බැඳ පෙරදිගට අභිමුඛව සිටී. මොහු විසින් පෙර කරන ලද කර්මය හදවත පිරිසිදු කරයි. හදවත පිරිසිදු වූ කල්හි සියුම් ඡවි ලක්‍ෂණ පහළ වෙයි. ඉක්බිති ඒ කුසෙහි සම බෝසතුන්ව වසන්නට නොහැකි වෙයි. බලන්නියට පිටත සිටියාක් මෙන් පෙනෙයි. ඒ කාරණය උපමාවකින් දක්වන භාග්‍යවතුන් වහන්සේ ‘සෙය්‍යථාපි’ (යම්සේ වනාහි) ආදියෙන් පැවසූ සේක. බෝසතාණන් වහන්සේ වනාහි මව්කුස සිටියේ නමුත් මව ම දකියි. කුස තුළදී චක්ඛු විඤ්ඤාණය පහළ නොවෙයි.

කාලඞ‍්කරොතීති න විජාතභාවපච‍්චයා, ආයුපරික‍්ඛයෙනෙව. බොධිසත‍්තෙන වසිතට‍්ඨානඤ‍්හි චෙතියකුටිසදිසං හොති, අඤ‍්ඤෙසං අපරිභොගාරහං, න ච සක‍්කා බොධිසත‍්තමාතරං අපනෙත්‍වා අඤ‍්ඤං අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙතුන‍්ති තත‍්තකංයෙව බොධිසත‍්තමාතු ආයුප‍්පමාණං හොති, තස‍්මා තදා කාලඞ‍්කරොති. කතරස‍්මිං පන වයෙ කාලං කරොතීති? මජ‍්ඣිමවයෙ. පඨමවයස‍්මිඤ‍්හි සත‍්තානං අත‍්තභාවෙ ඡන්‍දරාගො බලවා හොති, තෙන තදා සඤ‍්ජාතගබ‍්භා ඉත්‍ථී ගබ‍්භං අනුරක‍්ඛිතුං න සක‍්කොති, ගබ‍්භො බහ‍්වාබාධො හොති. මජ‍්ඣිමවයස‍්ස පන ද‍්වෙ කොට‍්ඨාසෙ අතික‍්කම‍්ම තතියෙ කොට‍්ඨාසෙ වත්‍ථු විසදං හොති, විසදෙ වත්‍ථුම‍්හි නිබ‍්බත‍්තදාරකා අරොගා හොන‍්ති, තස‍්මා බොධිසත‍්තමාතාපි පඨමවයෙ සම‍්පත‍්තිං අනුභවිත්‍වා මජ‍්ඣිමවයස‍්ස තතියෙ කොට‍්ඨාසෙ විජායිත්‍වා කාලං කරොතීති අයමෙත්‍ථ ධම‍්මතා.

කාලං කරොති යනු ප්‍රසූත කළ පමණින් නොවේ. ආයුෂ ගෙවීමෙන්මය. බෝසතුන් විසින් වාසය කළයුතු තැන වනාහි චෛත්‍යයක ගර්භය මෙනි. වෙන අයට පරිභෝග කිරීමට යෝග්‍ය නොවේ. බෝසත් මව ඉවත්කර අන් කතක් අගමෙහෙසුන් තනතුරේ තබන්නට නොහැකිය. එපමණක්ම බෝධිසත්ව මෑණි කෙනෙකුගේ ආයුෂ වන්නේය. ඒ නිසා එකල්හි කලුරිය කරන්නේය. කවරනම් වයසකදී කලුරිය කරන්නීද, මධ්‍යම වයසේදී. සත්ත්වයන්ගේ පළමු වයසේදී වනාහි ඡන්‍දරාග රාගය බලවත්ය. එකල්හි හටගත්තා වූ ගර්භය ස්ත්‍රී ගර්භයකි. ආරක්ෂා කරගැනීමට නොහැකි වෙයි. ගැබට බොහෝ කරදර ඇතිවෙයි. මධ්‍යම වයසේදී වනාහි දෙකොටසක් ඉක්ම තුන්වන කොටසේදී හෘදය වස්තුව විෂම වෙයි. හදවත විෂම ඇතිකල්හි උපන් දරුවෝ රෝගීහු වෙත්. ඒ නිසා බෝසත් මවද පළමු වියේදී සම්පත් අනුභව කර මධ්‍යම වයසේ තුන්වන භාගයේ දී දරුවකු ප්‍රසූත කර මිය යන්නේය යන්න මෙහි ධර්මතාවයයි.

නව වා දස වාති එත්‍ථ වා සද‍්දස‍්ස විකප‍්පනවසෙන සත‍්ත වා අට‍්ඨ වා එකාදස වා ද‍්වාදස වාති එවමාදීනං සඞ‍්ගහො වෙදිතබ‍්බො. තත්‍ථ සත‍්තමාසජාතො ජීවති, සීතුණ‍්හක‍්ඛමො පන න හොති. අට‍්ඨමාසජාතො න ජීවති, අවසෙසා ජීවන‍්ති.

නව වා දස වා යනු මෙහි ‘වා’ ශබ්දය විකල්ප අර්ථයෙහිය. සතක් හෝ අටක් හෝ එකොළොසක් හෝ දොළොසක් හෝ යනාදී ලෙස ගතයුතුයි. සත්මසකින් උපන්නහු ජීවත් වෙයි. ශීතල, උණුසුම දරන්නට සමත් නොවෙයි. අටමසින් උපන්නහු ජීවත් නොවෙයි. සෙස්සෝ ජීවත් වෙති.

දෙවා පඨමං පටිග‍්ගණ‍්හන‍්තීති ඛීණාසවා සුද‍්ධාවාසබ්‍රහ‍්මානො පටිග‍්ගණ‍්හන‍්ති. කථං පටිග‍්ගණ‍්හන‍්ති? “සූතිවෙසං ගණ‍්හිත්‍වා”ති එකෙ. තං පන පටික‍්ඛිපිත්‍වා ඉදං වුත‍්තං – ‘තදා බොධිසත‍්තමාතා සුවණ‍්ණඛචිතං වත්‍ථං නිවාසෙත්‍වා මච‍්ඡක‍්ඛිසදිසං දුකූලපටං යාව පාදන‍්තා පාරුපිත්‍වා අට‍්ඨාසි. අථස‍්සා සල‍්ලහුකගබ‍්භවුට‍්ඨානං අහොසි, ධමකරණතො උදකනික‍්ඛමනසදිසං. අථ තෙ පකතිබ්‍රහ‍්මවෙසෙනෙව උපසඞ‍්කමිත්‍වා පඨමං සුවණ‍්ණජාලෙන පටිග‍්ගහෙසුං. තෙසං හත්‍ථතො චත‍්තාරො මහාරාජානො අජිනප‍්පවෙණියා පටිග‍්ගහෙසුං. තතො මනුස‍්සා දුකූලචුම‍්බටකෙන පටිග‍්ගහෙසුං’. තෙන වුත‍්තං – “දෙවා පඨමං පටිග‍්ගණ‍්හන‍්ති, පච‍්ඡා මනුස‍්සා”ති.

දෙවා පඨමං පතිගණ්හත්ති යනු ක්‍ෂීණාශ්‍රව ශුද්ධාවාස බ්‍රහ්මයෙක් පිළිගනියි. කෙසේ පිළිගනී ද? ඒ අදහස ප්‍රතික්‍ෂේප කොට මෙය කියන ලදි. එකල්හි බෝධිසත්ත්ව මාතාව රන්වැඩ දැමූ වස්ත්‍රයක් හැඳ මත්ස්‍ය ඇසක් සමාන දුහුල් වස්ත්‍රයක් දෙපා පෙරහන්කඩයකින් ජලය නික්මෙන්නාක් මෙනි. ඉක්බිති ඔවුහු ප්‍රකෘති බ්‍රහ්ම විලාශයෙන්ම පැමිණ පළමුව රන්දැළකින් පිළිගත්හ. ඔවුන්ගේ අතින් සතරවරම් රජදරුවෝ අඳුන්දිවි සමින් ද එයින් මනුෂ්‍යයෝ දුහුල් කුඩා කොට්ටයකින් පිළිගත්හ. ඒ නිසා කියන ලදි. දෙවියෝ පළමුව පිළිගනිත්. පසුව මනුෂයයෝ.

චත‍්තාරො නං දෙවපුත‍්තාති චත‍්තාරො මහාරාජානො. පටිග‍්ගහෙත්‍වාති අජිනප‍්පවෙණියා පටිග‍්ගහෙත්‍වා. මහෙසක‍්ඛොති මහාතෙජො මහායසො ලක‍්ඛණසම‍්පන‍්නො.

චත්තාරො නං දෙවපුත්තා සතරවරම් මහරජවරු. පටිග්ගහෙත්‍වා අඳුන් දිවිසමකින් පිළිගෙන මහෙසක්ඛො යනු මහා තේජස් ඇති, මහා යසස් ඇති ලක්‍ෂණයන්ගෙන් යුක්ත වූ.

විසදොව නික‍්ඛමතීති යථා අඤ‍්ඤෙ සත‍්තා යොනිමග‍්ගෙ ලග‍්ගන‍්තා භග‍්ගවිභග‍්ගා නික‍්ඛමන‍්ති, න එවං නික‍්ඛමති, අලග‍්ගො හුත්‍වා නික‍්ඛමතීති අත්‍ථො උදෙනාති උදකෙන. කෙනචි අසුචිනාති යථා අඤ‍්ඤෙ සත‍්තා කම‍්මජවාතෙහි උද‍්ධංපාදා අධොසිරා යොනිමග‍්ගෙ පක‍්ඛිත‍්තා සතපොරිසං නරකපපාතං පතන‍්තා විය, තාළච‍්ඡිද‍්දෙන නික‍්කඩ‍්ඪියමානා හත්‍ථී විය මහාදුක‍්ඛං අනුභවන‍්තා නානාඅසුචිමක‍්ඛිතාව නික‍්ඛමන‍්ති, න එවං බොධිසත‍්තො. බොධිසත‍්තඤ‍්හි කම‍්මජවාතා උද‍්ධපාදං අධොසිරං කාතුං න සක‍්කොන‍්ති. සො ධම‍්මාසනතො ඔතරන‍්තො ධම‍්මකථිකො විය, නිස‍්සෙණිතො ඔතරන‍්තො පුරිසො විය ච ද‍්වෙ හත්‍ථෙ ච ද‍්වෙ පාදෙ ච පසාරෙත්‍වා ඨිතකොව මාතුකුච‍්ඡිසම‍්භවෙන කෙනචි අසුචිනා අමක‍්ඛිතොව නික‍්ඛමති.

විසදො ව නික්ඛමති යම්සේ අනික් සත්ත්වයෝ යෝනි මාර්ගයේ ගැටෙන්නාහු නික්මෙත්. එසේ නික්මෙන්නේ නැත. නොඇලී සිටම නික්මෙන්නේ යැයි අර්ථයි. උද්දෙන. ජලයෙන් කෙනචි අසුචිතා යනු යම්සේ අන්‍ය සත්ත්වයෝ කර්මජ වාතයෙන් පා උඩට හා හිස යටට යෝනි මාර්ගයට වැටෙන්නාහු පුරුෂ ප්‍රමාණ සියයක් තරම් වූ නරකයකට වැටෙන්නාක් මෙන් තල් සිදුරකින් අදිනු ලබන ඇතින්නියක මෙන් මහත් දුක්වේදනාවක් විඳින්නී නොයෙක් අපිරිසිදු ද්‍රව්‍යයන් වැකී නික්මෙත්. බෝධිසත්ත්වයෝ එසේ නොවෙති. බෝධිසත්ත්වයන් වනාහි පා උඩටත් හිස පහතටත් කරන්නට නොහැකි වේ. හෙතෙම ධර්මාසනයකින් බසින්නා වූ ධර්මකථිකයෙක් මෙන් හිනිමඟකින් බසින පුරුෂයෙක් මෙන්ද අත්පා දෙකද දිගහැර සිටියේම මව්කුස හටගත් කිසිම අපිරිසිදු ද්‍රව්‍යයක් නොතැවරී නික්මෙයි.

උදකස‍්ස ධාරාති උදකවට‍්ටියො. තාසු සීතා සුවණ‍්ණකටාහෙ පතති උණ‍්හා රජතකටාහෙ. ඉදඤ‍්ච පථවිතලෙ කෙනචි අසුචිනා අසම‍්මිස‍්සං තෙසං පානීයපරිභොජනීයඋදකඤ‍්චෙව අඤ‍්ඤෙහි අසාධාරණං කීළාඋදකඤ‍්ච දස‍්සෙතුං වුත‍්තං, අඤ‍්ඤස‍්ස පන සුවණ‍්ණරජතඝටෙහි ආහරියමානඋදකස‍්ස චෙව හංසවත‍්තකාදිපොක‍්ඛරණීගතස‍්ස ච උදකස‍්ස පරිච‍්ඡෙදො නත්‍ථි.

උදක ධාරා ජලධාරාව, ඒවායින් සීතල ජලය ස්වර්ණමය දෙනෙහි වැටෙයි. උණු ජලය රිදී දෙනෙහි වැටෙයි. මහපොළොවෙහි කිසිම අපවිත්‍ර දෙයක් මිශ්‍ර නොවී ඔවුන්ගේ පානීය හා පරිභෝජනීය ජලය අන්‍යයන්ට සමාන නොවූ ක්‍රීඩා සඳහා ජලයද දැක්වීමම කියන ලදි. අනික් රන් රිදී කළවලින් ගෙනෙන ලද ජලය ද හංස වලල්ල ආදී පොකුණට ගිය ජලය පිළිබඳවද බෙදීමක් නැත.

සම‍්පතිජාතොති මුහුත‍්තජාතො. පාළියං පන මාතුකුච‍්ඡිතො නික‍්ඛන‍්තමත‍්තො විය දස‍්සිතො, න එවං දට‍්ඨබ‍්බං. නික‍්ඛන‍්තමත‍්තඤ‍්හි නං පඨමං බ්‍රහ‍්මානො සුවණ‍්ණජාලෙන පටිග‍්ගණ‍්හිංසු, තෙසං හත්‍ථතො චත‍්තාරො මහාරාජානො අජිනප‍්පවෙණියා, තෙසං හත්‍ථතො මනුස‍්සා දුකූලචුම‍්බටකෙන. මනුස‍්සානං හත්‍ථතො මුච‍්චිත්‍වා පථවියං පතිට‍්ඨිතො.

සම්පති ජාතො යනු ඒ මොහොතෙහි හටගත්. පෙළෙහි වනාහි මව්කුසින් නික්මීම් මාත්‍රයක් මෙන් දැක්වීය. එය මෙසේ නොගත යුතුයි. කුමාරයාව පළමුව බ්‍රහ්මයෝ රන්දැලකින් පිළිගත්හ. ඔවුන්ගේ අතින් සතරවරම් රජදරුවෝ අඳුන් දිවි සමකින් පිළිගත්හ. ඔවුන්ගේ අතින් මනුෂ්‍යයෝ දුහුල් කොට්ටයකින්ද මිනිසුන්ගේ අතින් මිදී මහපොළොවෙහි පිහිටා සිටියේය.

සෙතම‍්හි ඡත‍්තෙ අනුධාරියමානෙති දිබ‍්බසෙතච‍්ඡත‍්තෙ අනුධාරියමානම‍්හි. එත්‍ථ ච ඡත‍්තස‍්ස පරිවාරානි ඛග‍්ගාදීනි පඤ‍්ච රාජකකුධභණ‍්ඩානිපි ආගතානෙව. පාළියං පන රාජගමනෙ රාජා විය ඡත‍්තමෙව වුත‍්තං. තෙසු ඡත‍්තමෙව පඤ‍්ඤායති, න ඡත‍්තග‍්ගාහකො. තථා ඛග‍්ගතාලවණ‍්ටමොරහත්‍ථකවාළබීජනීඋණ‍්හීසමත‍්තායෙව පඤ‍්ඤායන‍්ති, න තෙසං ගාහකා. සබ‍්බානි කිර තානි අදිස‍්සමානරූපා දෙවතා ගණ‍්හිංසු. වුත‍්තඤ‍්චෙතං –

සෙතම්හි ඡත්තෙ අනුහීරමානෙ යනු දිව්‍යමය සේසතක් දරාසිටින කල්හි, මෙහි ඡත්‍රයට පිරිවර කඩු ආදී පස්මහ කකුධ භාණ්ඩයන්ද අයත්ය. පෙළෙහි වනාහි, රජකුගේ ගමනෙහිදී රජු මෙන් ඡත්‍රයම කියන ලදි. ඒවා අතර ඡත්‍රයම පෙනෙයි. ඡත්‍රය අල්වාගෙන සිටින්නා නොපෙනෙයි. එපරිද්දෙන් කඩු, තල්වැට, මොණර අත්, වල්විදුනා, නළල්පට ආදිය පෙනේ. ඒවා දරා සිටින්නන් නොපෙනේ. ඒ සියල්ල නොපෙනෙන ලෙස දේවතාවෝ දැරුවාහ. මෙයද කියා ඇත.

“අනෙකසාඛඤ‍්ච සහස‍්සමණ‍්ඩලං, ඡත‍්තං මරූ ධාරයුමන‍්තලික‍්ඛෙ; සුවණ‍්ණදණ‍්ඩා විපතන‍්ති චාමරා, න දිස‍්සරෙ චාමරඡත‍්තගාහකා”ති. (සු· නි· 693);

නොයෙක් ශාඛා ඇති දහසක් මඩුලු ඇති ඡත්‍රයන් දෙවියෝ අහසෙහි දැරූහ. රන්දඬු ඇති චාමර සෙල්වේ. නමුත් චාමර, ඡත්‍ර, දරා සිටින්නන් නොපෙනේ.

සබ‍්බා ච දිසාති ඉදං සත‍්තපදවීතිහාරූපරි ඨිතස‍්ස විය සබ‍්බදිසානුවිලොකනං වුත‍්තං, න ඛො පනෙවං දට‍්ඨබ‍්බං. මහාසත‍්තො හි මනුස‍්සානං හත්‍ථතො මුච‍්චිත්‍වා පඨවියං පතිට‍්ඨිතො පුරත්‍ථිමං දිසං ඔලොකෙසි. අනෙකානි චක‍්කවාළසහස‍්සානි එකඞ‍්ගණානි අහෙසුං. තත්‍ථ දෙවමනුස‍්සා ගන්‍ධමාලාදීහි පූජයමානා – “මහාපුරිස, ඉධ තුම‍්හෙහි සදිසොපි නත්‍ථි, කුතො උත‍්තරිතරො”ති ආහංසු. එවං චතස‍්සො දිසා, චතස‍්සො අනුදිසා, හෙට‍්ඨා, උපරීති දස දිසා අනුවිලොකෙත්‍වා අත‍්තනා සදිසං අදිස‍්වා – “අයං උත‍්තරා දිසා”ති උත‍්තරාභිමුඛො සත‍්තපදවීතිහාරෙන අගමාසීති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

සබ්බාචදිසා යනු මේ සත් පියවරක් තබනවිට සියළු දිසාවන් විලෝකනය කිරීම කියන ලදි. මෙය වනාහි මෙසේ නොදත යුතුයි. මහා සත්ත්වයෝ වනාහි මිනිසුන්ගේ අතින් මිදී පෙරදිග බැලීය. නොයෙක් සියදහස් ගණන් සක්වලවල් එකම මිදුලක් මෙන් විය. එහිදී දෙවි මිනිස්සු ගඳමල් ආදියෙන් පුදන්නාහු මහා පුරුෂයාණෙනි! මේ ලෝකයේ ඔබවහන්සේට සමාන කෙනෙක් නැත. ඊට වඩා උසස් කෙනෙක් නැත්තේමයයි කීහ. මෙසේ සතර දිශාවත් සතර අනුදිශාවත් මත්තෙහිද දස දිශාවන්ද බලා තමාට සමානයකු නොදැක මේ උතුරු දිසාව යැයි සත්පියවරක් ඉදිරියට ගමන් කළේය. මෙහිදී මෙසේ අර්ථ දතයුතුයි.

ආසභින‍්ති උත‍්තමං. අග‍්ගොති ගුණෙහි සබ‍්බපඨමො. ඉතරානි ද‍්වෙ පදානි එතස‍්සෙව වෙවචනානි. අයමන‍්තිමා ජාති, නත්‍ථි දානි පුනබ‍්භවොති පදද‍්වයෙන ඉමස‍්මිං අත‍්තභාවෙ පත‍්තබ‍්බං අරහත‍්තං බ්‍යාකාසි.

ආසභීං යනු උතුම්. අග්ගො යනු ගුණයන්ගෙන් සියල්ලන්ට පළමු. ඉතිරි දෙපදය මෙයටම සමාන පදය. අයමන්තිමා ජාති නත්‍ථිදානි පුනබ්භවො යන පද දෙකින් මේ ආත්මභාවයෙහි පත්විය යුතු රහත්බව ප්‍රකාශ කළේය.

එත්‍ථ ච සමෙහි පාදෙහි පථවියා පතිට‍්ඨානං චතුරිද‍්ධිපාදපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, උත‍්තරාභිමුඛභාවො මහාජනං අජ‍්ඣොත්‍ථරිත්‍වා අභිභවිත්‍වා ගමනස‍්ස පුබ‍්බනිමිත‍්තං, සත‍්තපදගමනං සත‍්තබොජ‍්ඣඞ‍්ගරතනපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, දිබ‍්බසෙතච‍්ඡත‍්තධාරණං විමුත‍්තිවරඡත‍්තපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, පඤ‍්චරාජකකුධභණ‍්ඩානං පටිලාභො පඤ‍්චහි විමුත‍්තීහි විමුච‍්චනස‍්ස පුබ‍්බනිමිත‍්තං, සබ‍්බදිසානුවිලොකනං අනාවරණඤාණපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං, ආසභිවාචාභාසනං අප‍්පටිවත‍්තියධම‍්මචක‍්කප‍්පවත‍්තනස‍්ස පුබ‍්බනිමිත‍්තං, “අයමන‍්තිමා ජාතී”ති සීහනාදො අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බානස‍්ස පුබ‍්බනිමිත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඉමෙ වාරා පාළියං ආගතා, සම‍්බහුලවාරො පන නාගතො, ආහරිත්‍වා දීපෙතබ‍්බො.

මෙහිද සමපාදයන්ගෙන් පොළවෙහි පිහිටා සිටීම සතර ආකාර සෘද්ධිපාදයන් ලැබීමේ පෙරනිමිත්තකි. උතුරුදෙසට යොමුවීම මහාජනයා යටපත්කර ඉදිරියට යාමේ පෙරනිමිත්තකි. දිව්‍යමය ශ්වේතඡත්‍ර දරාසිටීම නිර්වාණය නමැති උතුම් ඡත්‍රය ලැබීමේ පෙරනිමිත්තකි. පංචරාජ කකුධ භාණ්ඩයන් ලැබීම පස්මහා විමුක්තීන්ගෙන් මිදීමේ පෙරනිමිත්තය. සියළු දිශාවන් බැලීම අනාවරණ ඤාණය ලැබීමේ පෙරනිමිත්තය. ශ්‍රේෂ්ඨ වාක්‍යයක් ප්‍රකාශ කිරීම වෙන කවරකු විසින්වත් පැවැත්විය නොහැකි උතුම් දම්සක් සූත්‍ර දේශනා පැවැත්වීමේ පෙරනිමිත්තය. අයමන්තිමා ජාති (මේ මාගේ අන්තිම ජාතියයි) යන සිංහනාදය අනුපාදිසෙස නිර්වාණධාතුවෙන් පිරිනිවන්පානා බවට පෙරනිමිත්තය කියා දතයුතුයි. මේ පිළිවෙල පෙළෙහි ආවේය. විස්තර පිළිවෙල සඳහන් වන්නේ නැත. එබැවින් අධ්‍යහාරකොට දැක්විය යුතුයි.

මහාපුරිසස‍්ස හි ජාතදිවසෙ දසසහස‍්සිලොකධාතු කම‍්පි. දසසහස‍්සිලොකධාතුම‍්හි දෙවතා එකචක‍්කවාළෙ සන‍්නිපතිංසු. පඨමං දෙවා පටිග‍්ගණ‍්හිංසු, පච‍්ඡා මනුස‍්සා. තන‍්තිබද‍්ධා වීණා චම‍්මබද‍්ධා භෙරියො ච කෙනචි අවාදිතා සයමෙව වජ‍්ජිංසු. මනුස‍්සානං අන්‍දුබන්‍ධනාදීනි ඛණ‍්ඩාඛණ‍්ඩං ඡිජ‍්ජිංසු. සබ‍්බරොගා වූපසමිංසු, අම‍්බිලෙන ධොතතම‍්බමලං විය විගච‍්ඡිංසු. ජච‍්චන්‍ධා රූපානි පස‍්සිංසු. ජච‍්චබධිරා සද‍්දං සුණිංසු. පීඨසප‍්පී ජවසම‍්පන‍්නා අහෙසුං. ජාතිජළානම‍්පි එළමූගානං සති පතිට‍්ඨාසි. විදෙසපක‍්ඛන්‍දා නාවා සුපට‍්ටනං පාපුණිංසු. ආකාසට‍්ඨකභූමට‍්ඨකරතනානි සකතෙජොභාසිතානි අහෙසුං. වෙරිනො මෙත‍්තචිත‍්තං පටිලභිංසු. අවීචිම‍්හි අග‍්ගි නිබ‍්බායි. ලොකන‍්තරෙසු ආලොකො උදපාදි. නදීසු ජලං නප‍්පවත‍්තති. මහාසමුද‍්දෙ මධුරසං උදකං අහොසි. වාතො න වායි. ආකාසපබ‍්බතරුක‍්ඛගතා සකුණා භස‍්සිත්‍වා පථවිගතා අහෙසුං. චන්‍දො අතිවිරොචි. සූරියො න උණ‍්හො, න සීතලො, නිම‍්මලො උතුසම‍්පන‍්නො අහොසි. දෙවතා අත‍්තනො අත‍්තනො විමානද‍්වාරෙ ඨත්‍වා අප‍්ඵොටනසෙළනචෙලුක‍්ඛෙපාදීහි මහාකීළකං කීළිංසු. චාතුද‍්දීපිකමහාමෙඝො වස‍්සි. මහාජනං නෙව ඛුදා න පිපාසා පීළෙසි. ද‍්වාරකවාටානි සයමෙව විවරිංසු. පුප‍්ඵූපගඵලූපගා රුක‍්ඛා පුප‍්ඵඵලානි ගණ‍්හිංසු. දසසහස‍්සිලොකධාතු එකද‍්ධජමාලා අහොසි.

මහා පුරුෂයන් උපන් දිනයෙහි දසසහශ්‍රී ලෝකධාතුව කම්පා විය. දසසහශ්‍රී ලෝකධාතුවෙහි දේවතාවෝ එක් සක්වළකට රැස්වූහ. පළමුව දෙවියෝ පිළිගත්හ. පසුව මනුෂයයෝ පිළිගත්හ. තත් බැඳි වීණා සම්බැඳි බෙර කිසිවකු විසින් වාදනය නොකොට තමන්ම වාදනය විය. මිනිසුන්ගේ දම්වැල් බැඳීම් ආදිය කඩකඩවී බිඳී ගියේය. සියළු රෝග ඇඹුලෙන් මදින ලද තඹ ලෝහය මෙන් ඉවත්ව ගියේය. ජාති අන්ධයෝ රූප දුටුවාහ. ජාති බිහිරෝ ශබ්ද ඇසූහ. කොරු ජවසම්පන්න වූහ. විදෙස්වලට පිටත්ව ගිය නැව් ස්වකීය පටුනට පැමිණියාහ. අහසෙහිත් බිමත් ඇති මාණික්‍ය තවතේජසින් බැබලුනාහ. වෛරී පුද්ගලයන්ට මෛත්‍රී සිත් පහළවිය. අවීචි නරකයේ ගිනි නිවුනේය. ලෝකන්තරයේ ආලෝකය පහළවිය. ගංගාවල ජලය ගලාගියේ නැත. මහ මුහුදෙහි මිහිරි රස ජලය විය. වායුව හමා ගියේ නැත. ආකාසයෙහි, පර්වතවල, ගස්වල සිටි පක්‍ෂීහු බැස බිම සිටියාහ. සඳ අතිශයින් බැබලුනේය. සූර්යයා උණුසුම් නොවීය. සීතල නොවීය. නිර්මල සෘතුවලින් යුක්ත විය. දෙවියෝ තම තමන්ගේ විමන් දොරටුවල සිට අත්පොළසන් දීම, ප්‍රීති ඝෝෂා, පිලිහිස සීසැරීම් ආදියෙන් මහත් ක්‍රීඩා කළහ. සිව්දිග වැසි වැස්සේය. මහාජනයා බඩසයින් හෝ පිපාසයෙන් නොපෙළෙයි. දොරකවුළු තමන්ම විවෘත විය. මල් හටගන්නා, ගෙඩි හටගන්නා ගස්වලමල් ගෙඩි හටගත්තේය. දසසහශ්‍රී ලෝකධාතුව එකම කොඩිවැලක් මෙන් විය.

තත්‍රාපි දසසහස‍්සිලොකධාතුකම‍්පො සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. දෙවතානං එකචක‍්කවාළෙ සන‍්නිපාතො ධම‍්මචක‍්කප‍්පවත‍්තනකාලෙ එකප‍්පහාරෙනෙව සන‍්නිපතිත්‍වා ධම‍්මං පටිග‍්ගණ‍්හනස‍්ස පුබ‍්බනිමිත‍්තං. පඨමං දෙවතානං පටිග‍්ගහණං චතුන‍්නං රූපාවචරජ‍්ඣානානං පටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. පච‍්ඡා මනුස‍්සානං පටිග‍්ගහණං චතුන‍්නං අරූපාවචරජ‍්ඣානානං පටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. තන‍්තිබද‍්ධවීණානං සයං වජ‍්ජනං අනුපුබ‍්බවිහාරපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. චම‍්මබද‍්ධභෙරීනං වජ‍්ජනං මහතියා ධම‍්මභෙරියා අනුස‍්සාවනස‍්ස පුබ‍්බනිමිත‍්තං. අන්‍දුබන්‍ධනාදීනං ඡෙදො අස‍්මිමානසමුච‍්ඡෙදස‍්ස පුබ‍්බනිමිත‍්තං. මහාජනස‍්ස රොගවිගමො චතුසච‍්චපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. ජච‍්චන්‍ධානං රූපදස‍්සනං දිබ‍්බචක‍්ඛුපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. බධිරානං සද‍්දස‍්සවනං දිබ‍්බසොතධාතුපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. පීඨසප‍්පීනං ජවසම‍්පදා චතුරිද‍්ධිපාදපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. ජළානං සතිපතිට‍්ඨානං චතුසතිපට‍්ඨානපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. විදෙසපක‍්ඛන්‍දනාවානං සුපට‍්ටනසම‍්පාපුණනං චතුපටිසම‍්භිදාධිගමස‍්ස පුබ‍්බනිමිත‍්තං. රතනානං සකතෙජොභාසිතත‍්තං යං ලොකස‍්ස ධම‍්මොභාසං දස‍්සෙස‍්සති, තස‍්ස පුබ‍්බනිමිත‍්තං.

එහිදී දසසහශ්‍රී ලෝකධාතුව කම්පාවීම මොහුගේ සර්වඥතා ඥානය ලැබීමේ පෙරනිමිත්තකි. දෙවියන් එක් සක්වලකට රැස්වීම දම්සක් පැවතුම් පවත්වන කාලයෙහි එක්වරටම රැස්වී ධර්මය පිළිගැනීම පිළිබඳ පෙරනිමිත්තකි. පළමුව දෙවියන් විසින් පිළිගැනීම සතරවැදෑරුම් රූපාවචර ධ්‍යානයන් ලබන බවට පෙරනිමිත්තකි. පසුව මිනිසුන් පිළිගැනීම අරූප ධ්‍යාන සතර ලැබීමේ පෙරනිමිත්තකි. තත්බැඳි වීණාවන් තමන්ම වාදනය වීම අනුපිළිවෙලට විහාර ලාභයට පෙරනිමිත්තකි. සම්බැඳි බෙර වාදනය වීම මහත් වූ දහම් බෙරයට සවන්දීමේ පෙරනිමිත්තකි. අනුබන්ධ ආදිය බිඳදැමීමත් අස්මිමානය සිඳදැමීමත් පිළිබඳ පෙරනිමිත්තකි. මහාජනයාගේ රෝග පහව යාම චතුරාර්ය සත්‍යය ප්‍රතිලාභයාගේ පෙරනිමිත්තකි. ජාත්‍යන්ධයන් රූප දැකීම දිවැස් ලැබීම පිළිබඳ පෙරනිමිත්තය. බිහිරන් ශබ්ද ඇසීම දිවකන ලැබීමේ පෙරනිමිත්තයි. කොරුන් ජවසම්පන්නයන් වීම සෘද්ධිපාද සතර ලැබීමේ පෙරනිමිත්තයි. කෙලතොල්ලන්ට සිහිය ලැබීම සතිපට්ඨාන සතර ලැබීමේ පෙරනිමිත්තය. විදේශවලට පිටත්ව ගිය නැව් තමන්ගේ තොටුපලවලට පැමිණීම සිව්පිළිසිඹියා අවබෝධයට පෙරනිමිත්තකි. මාණික්‍යයන් තමන්ගේ තේජසින් ආලෝකමත් වීම ලෝකයාට යම් ධර්මාලෝකයක් දක්වත්ද එයට පෙරනිමිත්තකි.

වෙරීනං මෙත‍්තචිත‍්තපටිලාභො චතුබ්‍රහ‍්මවිහාරපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. අවීචිම‍්හි අග‍්ගිනිබ‍්බායනං එකාදසඅග‍්ගිනිබ‍්බායනස‍්ස පුබ‍්බනිමිත‍්තං. ලොකන‍්තරිකාලොකො අවිජ‍්ජන්‍ධකාරං විධමිත්‍වා ඤාණාලොකදස‍්සනස‍්ස පුබ‍්බනිමිත‍්තං. මහාසමුද‍්දස‍්ස මධුරතා නිබ‍්බානරසෙන එකරසභාවස‍්ස පුබ‍්බනිමිත‍්තං. වාතස‍්ස අවායනං ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතභින්‍දනස‍්ස පුබ‍්බනිමිත‍්තං. සකුණානං පථවිගමනං මහාජනස‍්ස ඔවාදං සුත්‍වා පාණෙහි සරණගමනස‍්ස පුබ‍්බනිමිත‍්තං. චන්‍දස‍්ස අතිවිරොචනං බහුජනකන‍්තතාය පුබ‍්බනිමිත‍්තං. සූරියස‍්ස උණ‍්හසීතවිවජ‍්ජනඋතුසුඛතා කායිකචෙතසිකසුඛප‍්පත‍්තියා පුබ‍්බනිමිත‍්තං. දෙවතානං විමානද‍්වාරෙසු ඨත්‍වා අප‍්ඵොටනාදීහි කීළනං බුද‍්ධභාවං පත්‍වා උදානං උදානස‍්ස පුබ‍්බනිමිත‍්තං. චාතුද‍්දීපිකමහාමෙඝවස‍්සනං මහතො ධම‍්මමෙඝවස‍්සනස‍්ස පුබ‍්බනිමිත‍්තං. ඛුදාපීළනස‍්ස අභාවො කායගතාසතිඅමතපටිලාභස‍්ස පුබ‍්බනිමිත‍්තං. පිපාසාපීළනස‍්ස අභාවො විමුත‍්තිසුඛෙන සුඛිතභාවස‍්ස පුබ‍්බනිමිත‍්තං. ද‍්වාරකවාටානං සයමෙව විවරණං අට‍්ඨඞ‍්ගිකමග‍්ගද‍්වාරවිවරණස‍්ස පුබ‍්බනිමිත‍්තං. රුක‍්ඛානං පුප‍්ඵඵලග‍්ගහණං විමුත‍්තිපුප‍්ඵෙහි පුප‍්ඵිතස‍්ස ච සාමඤ‍්ඤඵලභාරභරිතභාවස‍්ස ච පුබ‍්බනිමිත‍්තං. දසසහස‍්සිලොකධාතුයා එකද‍්ධජමාලිතා අරියද‍්ධජමාලමාලිතාය පුබ‍්බනිමිත‍්තන‍්ති වෙදිතබ‍්බං. අයං සම‍්බහුලවාරො නාම.

වෛරීන්ට මෙත්සිත් පහළවීම සතර බඹවිහරණ ලැබීමේ පෙරනිමිත්තකි. අවීචියෙහි ගිනි නිවීම එකොළොස් ගින්න නිවීමේ පෙරනිමිත්තය. ලෝකන්තරික නරකයේ ආලෝකය පහළවීම අවිද්‍යා අඳුර නැතිකර ඤාණාලෝකය දැක්වීමේ පෙරනිමිත්තය. ගංගාවන්හි ජලය ගලානොයාම සිව් විශාරද බැව් ලැබීමේ පෙරනිමිත්තය. මහා සමුද්‍රයේ ජලය මිහිරිබවට පත්වීම නිර්වාණයෙහි ඇති එකම රසය බවට පෙරනිමිත්තය. සුළං හමා නොයාම දෙසැටක් මිථ්‍යාදෘෂ්ටි බිඳදැමීමේ පෙරනිමිත්තය. පක්‍ෂීන් භූමියෙහි ගමන්කිරීම මහාජනයා අවවාද අසා සත්ත්වයන් තෙරුවන් සරණයාමේ පෙරනිමිත්තය. චන්ද්‍රයා අතිශයින් බැබලීම බොහෝ ජනයාගේ සිත් ගන්නා බවට පෙරනිමිත්තකි. සූර්යයාගේ උණුසුමත් සීතලත් දෙකින්ම තොරවීම සෘතු පිළිබඳ යහපත්බවෙන් කායික හා චෛතසික සුවපත් බව ලැබීමේ පෙරනිමිත්තය. දෙවියන් විමන් දොරටුවල අත්පොළසන් දීමාදියෙන් ක්‍රීඩා කිරීම බුදුබව ලබා උදන් අනන බවට පෙරනිමිත්තකි. සිව් දිවයින්වලට මහා වැසි වැස්ම මහත් වූ ධර්ම නමැති මහාමේඝය වසින බවට පෙරනිමිත්තකි. බඩසයින් පීඩා විඳීමක් නැතිවීම කායගතා සති අමාව ලැබීමේ පෙරනිමිත්තය. පිපාසයෙන් පෙළීමක් නොමැතිවීම විමුක්ති සුවයෙන් සුවපත්වීම පිළිබඳ පෙරනිමිත්තය. දොරකවුළු ස්වයංක්‍රීයව විවෘතවීම ආර්ය අෂ්ටාංගික මාර්ගය විවෘතවීමේ පෙරනිමිත්තය. වෘක්‍ෂයන්හි මල්පල හටගැනීම විමුක්තිය නමැති මල් පිපෙන බවටත් සාමඤ්ඤඵල නමැති බරෙන් බරවන බවටත් පෙරනිමිත්තකි. දසසහශ්‍රී ලෝකධාතුව එකම ධජ පන්තියක් මෙන් වීම අරිය ධජ මාලාවෙන් යුක්ත බවට පෙරනිමිත්තකියි දතයුතුයි. මේ සම්බහුල වාරය නම්වේ.

එත්‍ථ පඤ‍්හං පුච‍්ඡන‍්ති – “යදා මහාපුරිසො පථවියං පතිට‍්ඨහිත්‍වා උත‍්තරාභිමුඛො පදසා ගන‍්ත්‍වා ආසභිං වාචං අභාසි, තදා කිං පථවියා ගතො, උදාහු ආකාසෙන; දිස‍්සමානො ගතො, උදාහු අදිස‍්සමානො; අචෙලකො ගතො, උදාහු අලඞ‍්කතපටියත‍්තො; දහරො හුත්‍වා ගතො, උදාහු මහල‍්ලකො; පච‍්ඡාපි කිං තාදිසොව අහොසි, උදාහු පුන බාලදාරකො”ති? අයං පන පඤ‍්හො හෙට‍්ඨාලොහපාසාදෙ සමුට‍්ඨිතො තිපිටකචූළාභයත්‍ථෙරෙන විස‍්සජ‍්ජිතොව. ථෙරො කිර එත්‍ථ නියතිපුබ‍්බෙකතකම‍්මඉස‍්සරනිම‍්මානවාදවසෙන තං තං බහුං වත්‍වා අවසානෙ එවං බ්‍යාකරි – “මහාපුරිසො පථවියා ගතො, මහාජනස‍්ස පන ආකාසෙන ගච‍්ඡන‍්තො විය අහොසි. දිස‍්සමානො ගතො, මහාජනස‍්ස පන අදිස‍්සමානො විය අහොසි. අචෙලකො ගතො, මහාජනස‍්ස පන අලඞ‍්කතපටියත‍්තො විය උපට‍්ඨාසි. දහරොව ගතො, මහාජනස‍්ස පන සොළසවස‍්සුද‍්දෙසිකො විය අහොසි. පච‍්ඡා පන බාලදාරකොව අහොසි, න තාදිසො”ති. පරිසා චස‍්ස – “බුද‍්ධෙන විය හුත්‍වා භො ථෙරෙන පඤ‍්හො කථිතො”ති අත‍්තමනා අහොසි. ලොකන‍්තරිකවාරො වුත‍්තනයො එව.

මෙහි ප්‍රශ්න අසත්. යම්විටක මහා සත්ත්වයෝ භූමියෙහි සිට උතුරු දෙස බලා ගොස් ශ්‍රේෂ්ඨ වූ වචනයක් ප්‍රකාශ කළේද එවිට පොළොවෙහි ගමන් කළේ ද නැතහොත් අහසින් ගියේද? පෙනෙන්නට ගියේද? නොපෙනී ගියේද? ඇඳුම් රහිතව ගියේද, නැතිනම් මනාව හැඳ පැළඳ ගෙනද? කුඩා කල්හි ගියේ ද නැත්නම් මහළුව ද? පසුවද එබඳුම වීද? නැතහොත් නැවත බාල දරුවෙක් වීද? මේ ප්‍රශ්නය වනාහි පහත ලෝහප්‍රාසාදයේ වැඩසිටින ත්‍රිපිටක චූලාභය තෙරුන් විසින් විසඳන ලදි. තෙරුන් වහන්සේ වනාහි මෙහිදී නියති පෙර කරන ලද කර්ම හා ඊශ්වර නිර්මාණවාද වශයෙන් ඒ ඒ බොහෝ දේ කියා අවසානයේ මෙසේ විස්තර කළේය. මහා පුරුෂයන් වහන්සේ බිම පොළොවෙහි ගමන් කළ සේක. එය මහාජනයාට අහසෙන් යන්නාක් මෙන් විය. පෙනෙන්නට ගියේය. මහාජනයාට නොපෙනෙන්නාක් මෙන් විය. ඇඳුම් නැතිව ගියේය. මහජනයාට වැටහී ගියේ මනාව හැඳ පැළඳ සිටි ලෙසිනි. බාලයෙක්ව ගියේය. මහාජනයාට පෙනුනේ සොළොස්වස් වූවකු ලෙසය. පසුව වනාහි බාල දරුවකු මෙන් විය. එබන්දෙක් නොවීය. බුදුවීමෙන් තෙරුන් විසින් ප්‍රශ්නය විසඳන ලදැයි ඔහුගේ පිරිස සතුටු සිත් ඇත්තේ විය. ලෝකන්තරික වාරය කියන ලද පරිදිමය.

ඉමා ච පන ආදිතො පට‍්ඨාය කථිතා සබ‍්බධම‍්මතා සබ‍්බබොධිසත‍්තානං හොන‍්තීති වෙදිතබ‍්බා.

මේ මුලපටන් කියන ලද සියළු ධර්මතාවයන් සැම බෝධිසත්ත්වයන් වහන්සේ නමකටම වන්නේ යැයි දතයුතුයි.

ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණවණ‍්ණනා

අද‍්දස ඛොති දුකූලචුම‍්බටකෙ නිපජ‍්ජාපෙත්‍වා ආනීතං අද‍්දස. මහාපුරිසස‍්සාති ජාතිගොත‍්තකුලපදෙසාදිවසෙන මහන‍්තස‍්ස පුරිසස‍්ස. ද‍්වෙ ගතියොති ද‍්වෙ නිට‍්ඨා, ද‍්වෙ නිප‍්ඵත‍්තියො. අයඤ‍්හි ගතිසද‍්දො – “පඤ‍්ච ඛො ඉමා, සාරිපුත‍්ත, ගතියො”ති (ම· නි· 1.153) එත්‍ථ නිරයාදිභෙදාය සත‍්තෙහි ගන‍්තබ‍්බගතියා වත‍්තති. “ඉමෙසං ඛො අහං භික‍්ඛූනං සීලවන‍්තානං කල්‍යාණධම‍්මානං නෙව ජානාමි ආගතිං වා ගතිං වා”ති (ම· නි· 1.508) එත්‍ථ අජ‍්ඣාසයෙ. “නිබ‍්බානං අරහතො ගතී”ති (පරි· 339) එත්‍ථ පටිස‍්සරණෙ. “අපි ච ත්‍යාහං බ්‍රහ‍්මෙ ගතිඤ‍්ච පජානාමි, ජුතිඤ‍්ච පජානාමි එවංමහිද‍්ධිකො බකො බ්‍රහ‍්මා”ති (ම· නි· 1.503) එත්‍ථ නිප‍්ඵත‍්තියං වත‍්තති. ස‍්වායමිධාපි නිප‍්ඵත‍්තියං වත‍්තතීති වෙදිතබ‍්බො. අනඤ‍්ඤාති අඤ‍්ඤා ගති නිප‍්ඵත‍්ති නාම නත්‍ථි.

අද්දසා ඛො යනු දුහුල් සුමුඟක තබා ගෙනෙන ලද බව දකින ලදි. මහා පුරිසස්ස යනු ජාති ගෝත්‍ර කුල, ප්‍රදේශ වශයෙන් මහත් වූ පුරුෂයාට, ද්වෙ ගතියො යනු නිමාවන් දෙකකි. නිෂ්පත්ති දෙකකි. මෙහි ‘ගති’ ශබ්දය සාරිපුත්‍රය! මෙහි පංචගති නම් මේවාය’ යන තැන නිරය ආදී භේදයෙන් සත්ත්වයන් විසින් යායුතු ගති පිළිබඳවය. ‘මේ සිල්වත් යහපත් පැවැත්මෙන් යුත් භික්‍ෂූන්ගේ ගතිය හෝ අගතිය නොදනිමි’ යන තැන අදහස යන අර්ථයෙහිය. ‘නිර්වාණය රහතන්ගේ ගතියයි’ යන තැන පිළිසරණයෙහිය. තවද මම මෙහි බ්‍රහ්මයන්ගේ ගතියද දනිමි. ච්‍යුතියද දනිමි. උත්පත්තියද දනිමි. මේ බ්‍රහ්මයා මෙබඳු මහා සෘද්ධි ඇත්තේය කියා ‘මෙතැන නිෂ්පත්ති අර්ථයේ වේ. මෙහිදී නිෂ්පත්ති අර්ථයේ වන්නේ යැයි දතයුතුයි. අනඤ්ඤො යනු වෙනත් ගතියක් හෝ නිෂ්පත්තියක් නම් නැත.

ධම‍්මිකොති දසකුසලධම‍්මසමන‍්නාගතො අගතිගමනවිරහිතො. ධම‍්මරාජාති ඉදං පුරිමපදස‍්සෙව වෙවචනං. ධම‍්මෙන වා ලද‍්ධරජ‍්ජත‍්තා ධම‍්මරාජා. චාතුරන‍්තොති පුරත්‍ථිමසමුද‍්දාදීනං චතුන‍්නං සමුද‍්දානං වසෙන චතුරන‍්තාය පථවියා ඉස‍්සරො. විජිතාවීති විජිතසඞ‍්ගාමො. ජනපදො අස‍්මිං ථාවරියං ථිරභාවං පත‍්තොති ජනපදත්‍ථාවරියප‍්පත‍්තො. චණ‍්ඩස‍්ස හි රඤ‍්ඤො බලිදණ‍්ඩාදීහි ලොකං පීළයතො මනුස‍්සා මජ‍්ඣිමජනපදං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බතසමුද‍්දතීරාදීනි නිස‍්සාය පච‍්චන‍්තෙ වාසං කප‍්පෙන‍්ති. අතිමුදුකස‍්ස රඤ‍්ඤො චොරෙහි සාහසිකධනවිලොපපීළිතා මනුස‍්සා පච‍්චන‍්තං පහාය ජනපදමජ‍්ඣෙ වාසං කප‍්පෙන‍්ති, ඉති එවරූපෙ රාජිනි ජනපදො ථිරභාවං න පාපුණාති. ඉමස‍්මිං පන කුමාරෙ රජ‍්ජං කාරයමානෙ එතස‍්ස ජනපදො පාසාණපිට‍්ඨියං ඨපෙත්‍වා අයොපට‍්ටෙන පරික‍්ඛිත‍්තො විය ථිරො භවිස‍්සතීති දස‍්සෙන‍්තො – “ජනපදත්‍ථාවරියප‍්පත‍්තො”ති ආහංසු.

ධම්මිකො යනු දස කුසල ධර්මයන්ගෙන් යුක්ත වූ අගතියට යාමෙන් වැලකුණු ධම්ම රාජා යන මෙය පෙර පදයටම පර්යාය වචනයකි. දැහැමි ලෙස ලබන ලද රාජ්‍යය බැවින් ධම්මරාජ නම් වේ. චාතුරන්තො පෙරදිග සමුද්‍රාදීන්ගේ සිව් සමුදුර වශයෙන් සතරකට මැදි වූ මහපොළවට අධිපති විජිතාවී දිනන ලද සංග්‍රාම ඇති, ජනපදය - මෙහි ස්ථිර බවට පත්වූ ජනපදත්‍ථාවරිය සම්පන්නො සැඩපරුෂ රජුගේ බලිකර්ම ආදියෙන් ලෝකයා පීඩාවට පත්වන විට ජනයා මධ්‍යම ජනපදය අතහැර දමා පර්වත, සමුද්‍ර තීර ආදිය ඇසුරුකොට ප්‍රත්‍යයන්තයෙහි වාසය කරත්. රජු දරුණු නැතිවන විට සොරුන් හා සාහසිකයන් විසින් ජනපද පීඩාවට පත්කරනවිට ජනයා ප්‍රත්‍යන්තය අතහැර ජනපද මධ්‍යයෙහි වාසය කරත්. මෙසේ මෙබඳු රජකෙනෙක් රාජ්‍යය කරන කල්හි ජනපදය ස්ථිරභාවයකට පත්නොවෙයි. මේ කුමාරයා රාජ්‍යය කරවන කල්හි මොහුගේ ජනපදය ගලක් මත තබා ලෝහමය පියනකින් වසන ලද්දාක් මෙන් ස්ථිරසාර වන්නේ යැයි දක්වන්නේ ජනපදත්‍ථාවරියප්පත්තෙ යැයි කියන ලදි.

සත‍්තරතනසමන‍්නාගතොති එත්‍ථ රතිජනනට‍්ඨෙන රතනං. අපිච –

සත්තරතන සමන්නාගතො යන මෙහි රතිය වඩවන බැවින් රතන නම් වේ. තවද

“චිත‍්තීකතං මහග‍්ඝඤ‍්ච, අතුලං දුල‍්ලභදස‍්සනං; අනොමසත‍්තපරිභොගං, රතනං තෙන වුච‍්චති”.

ගෞරව කරන ලද බොහෝ වටිනා අසහාය වූ දැකීමට දුර්ලභ වූ උසස් පුද්ගලයන් විසින් පරිභෝග කරන නිසා රතන යැයි කියනු ලැබේ.

චක‍්කරතනස‍්ස ච නිබ‍්බත‍්තකාලතො පට‍්ඨාය අඤ‍්ඤං දෙවට‍්ඨානං නාම න හොති, සබ‍්බෙ ගන්‍ධපුප‍්ඵාදීහි තස‍්සෙව පූජඤ‍්ච අභිවාදනාදීනි ච කරොන‍්තීති චිත‍්තීකතට‍්ඨෙන රතනං. චක‍්කරතනස‍්ස ච එත‍්තකං නාම ධනං අග‍්ඝතීති අග‍්ඝො නත්‍ථි, ඉති මහග‍්ඝට‍්ඨෙනාපි රතනං. චක‍්කරතනඤ‍්ච අඤ‍්ඤෙහි ලොකෙ විජ‍්ජමානරතනෙහි අසදිසන‍්ති අතුලට‍්ඨෙනාපි රතනං. යස‍්මා ච පන යස‍්මිං කප‍්පෙ බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, තස‍්මිංයෙව චක‍්කවත‍්තිනො උප‍්පජ‍්ජන‍්ති, බුද‍්ධා ච කදාචි කරහචි උප‍්පජ‍්ජන‍්ති, තස‍්මා දුල‍්ලභදස‍්සනට‍්ඨෙනාපි රතනං. තදෙතං ජාතිරූපකුලඉස‍්සරියාදීහි අනොමස‍්ස උළාරසත‍්තස‍්සෙව උප‍්පජ‍්ජති, න අඤ‍්ඤස‍්සාති අනොමසත‍්තපරිභොගට‍්ඨෙනාපි රතනං. යථා චක‍්කරතනං, එවං සෙසානිපීති. ඉමෙහි සත‍්තහි රතනෙහි පරිවාරභාවෙන චෙව සබ‍්බභොගූපකරණභාවෙන ච සමන‍්නාගතොති සත‍්තරතනසමන‍්නාගතො.

චක්‍රරත්නය පහළ වූ කාලයේ පටන් අන් දේවස්ථානයක් නොවීය. සියල්ලෝම සුවඳ, මල් ආදියෙන් එයට ම පූජා පවත්වත්. ගෞරව කරත්නුයි. ගෞරව කිරීම් අර්ථයෙන් රතන නම් වේ. චක්‍රරත්නයට වනාහි මෙපමණ මිලක් අගනේයැයි වටිනාකමක් කිවනොහැක. මෙහි බොහෝ වටිනා බැවිනුත් රතන නම් වේ. චක්‍රරත්නය ද ලෝකයෙහි විද්‍යමාන අනිත් චක්‍රයන්ට වඩා වෙනස්ය. මේ නිසා අසාමාන්‍ය බැවින් ද රතන නම් වේ. යම්හෙයකින් වනාහි, යම් කල්පයක බුදුවරු උපදිත්ද, ඒ කාලයේම සක්විති රජවරු, පසේබුදුවරු, බුදුවරු කවදා හෝ කොහේ හෝ උපදිත්ද, ඒ නිසා දැකීමට දුර්ලභ යන අර්ථයෙන්ම රතන නම් වේ. ඒ මේ ජාති, රූප, කුල, ඓශ්වර්ය ආදිය උතුම් වූ උදාර වූ පුද්ගලයාටම උපදී. අන් අයට නොවේ. ඒ නිසා ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ පරිභෝග කිරීම යන අර්ථයෙන් ද රතන නම් වේ. චක්‍රරත්න යම්සේද සෙසු රත්නයන්ද එසේම යැයි ද යන මේ සප්ත රත්නයන්ගෙන් පිරිවරාගත් බැවින් ද පරිභෝග කරන බැවින් ද යුක්ත බැවින් සත්ත රත්නයෙන් යුත් යැයි කියයි.

ඉදානි තෙසං සරූපතො දස‍්සනත්‍ථං තස‍්සිමානීතිආදි වුත‍්තං. තත්‍ථ චක‍්කරතනන‍්තිආදීසු අයං සඞ‍්ඛෙපාධිප‍්පායො – ද‍්වෙසහස‍්සදීපපරිවාරානං චතුන‍්නං මහාදීපානං සිරිවිභවං ගහෙත්‍වා දාතුං සමත්‍ථං චක‍්කරතනං පාතුභවති. තථා පුරෙභත‍්තමෙව සාගරපරියන‍්තං පථවිං අනුසංයායනසමත්‍ථං වෙහාසඞ‍්ගමං හත්‍ථිරතනං, තාදිසමෙව අස‍්සරතනං, චතුරඞ‍්ගසමන‍්නාගතෙ අන්‍ධකාරෙ යොජනප‍්පමාණං අන්‍ධකාරං විධමිත්‍වා ආලොකදස‍්සනසමත්‍ථං මණිරතනං, ඡබ‍්බිධදොසවිවජ‍්ජිතං මනාපචාරි ඉත්‍ථිරතනං, යොජනප‍්පමාණෙ අන‍්තොපථවිගතං නිධිං දස‍්සනසමත්‍ථං ගහපතිරතනං, අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා සකලරජ‍්ජමනුසාසනසමත්‍ථං ජෙට‍්ඨපුත‍්තසඞ‍්ඛාතං පරිණායකරතනං පාතුභවති.

දැන් ඒවායේ ස්වරූපය දැක්වීම පිණිස ‘තස්සිමානි’ යනාදිය කියන ලදි. එහි චක්කරතනං ආදියෙහි මේ කෙටි අදහසයි. දෙදහසක් දිවයින් පිරිවරකොට ඇති සතරමහා දිවයින්වල සම්පත් ගෙනදීමට සමර්ථ චක්‍රරත්නය පහළ වෙයි. එපරිද්දෙන් දවසේ පූර්වභාග කාලයේදී සාගරය අවසන්කොට ඇති මහපොළොවෙහි සංචාරය කරන්නට සමර්ථ අහසින් යා හැකි හස්ති රත්නය, එබඳුම වූ අශ්ව රත්නය, අංග සතරකින් සමන්විත අඳුරෙහි යොදුනක් පමණ අන්ධකාරය නැතිකොට ආලෝකයදැකීමට සමර්ථ මාණික්‍ය රත්නය, සයවැදෑරුම් දෝෂයන්ගෙන් තොර මනා හැසිරීම් ඇති ස්ත්‍රීරත්නය, යොදුනක් පමණ ඇතුළත පිහිටි නිධාන දැකීමට සමර්ථ ගෘහපති රත්නයත්, අගමෙහෙසියගේ කුසෙහි ඉපිද මුළු රාජ්‍යයටම අනුශාසනා කිරීමට සමර්ථ දෙටු පුත් වූ පරිනායක රත්නයක් පහළ වෙයි.

පරොසහස‍්සන‍්ති අතිරෙකසහස‍්සං. සූරාති අභීරුකා. වීරඞ‍්ගරූපාති වීරානං අඞ‍්ගං වීරඞ‍්ගං, වීරියස‍්සෙතං නාමං, වීරඞ‍්ගං රූපමෙතෙසන‍්ති වීරඞ‍්ගරූපා, වීරියජාතිකා වීරියසභාවා වීරියමයා අකිලාසුනො අහෙසුං. දිවසම‍්පි යුජ‍්ඣන‍්තා න කිලමන‍්තීති වුත‍්තං හොති. සාගරපරියන‍්තන‍්ති චක‍්කවාළපබ‍්බතං සීමං කත්‍වා ඨිතසමුද‍්දපරියන‍්තං. අදණ‍්ඩෙනාති යෙ කතාපරාධෙ සත‍්තෙ සතම‍්පි සහස‍්සම‍්පි ගණ‍්හන‍්ති, තෙ ධනදණ‍්ඩෙන රජ‍්ජං කාරෙන‍්ති. යෙ ඡෙජ‍්ජභෙජ‍්ජං අනුසාසන‍්ති, තෙ සත්‍ථදණ‍්ඩෙන. අයං පන දුවිධම‍්පි දණ‍්ඩං පහාය අදණ‍්ඩෙන අජ‍්ඣාවසති. අසත්‍ථෙනාති යෙ එකතොධාරාදිනා සත්‍ථෙන පරං විහෙසන‍්ති, තෙ සත්‍ථෙන රජ‍්ජං කාරෙන‍්ති නාම. අයං පන සත්‍ථෙන ඛුද‍්දමක‍්ඛිකායපි පිවනමත‍්තං ලොහිතං කස‍්සචි අනුප‍්පාදෙත්‍වා ධම‍්මෙනෙව – “එහි ඛො මහාරාජා”ති එවං පටිරාජූහි සම‍්පටිච‍්ඡිතාගමනො වුත‍්තප‍්පකාරං පථවිං අභිවිජිනිත්‍වා අජ‍්ඣාවසති, අභිභවිත්‍වා සාමී හුත්‍වා වසතීති අත්‍ථො.

පරොසහස්සං යනු අමතර සහස්‍රයක් සූරා යනු බියසුළු නොවූ වීරංගරූපා යනු වීරයන්ගේ ලක්‍ෂණ මේ වීර්යටම නමකි. වීරයන්ගේ අංග ලක්‍ෂණ ඇත්තේ මොවුන්ටනුයි වීරංගරූපා වීර්ය ඇති, වීර්ය ස්වභාව කොට ඇති, වීර්යමය වූවන් මෙන් වෙහෙසට පත්නොවූ දවසක්ම යුද්ධ කරන්නාහු වෙහෙසට පත්නොවන යැයි කියන ලදි. සාගර පරියන්තං යනු සක්වල පව්ව සීමාකොට සිටියා වූ සමුද්‍රය අවසන්කොට ඇති. අදණ්ඩෙන යනු අපරාධ කළ ජනයාගෙන් සියයක්, දහසක් අයකර ගනිත්ද ඔවුහු ධනදණ්ඩෙන (දඩ ගැසීමෙන්) රාජ්‍ය පාලනය කරත්. යම්කෙනෙක් වරදකරුවන්ට තලාපෙළා පාලනය කරත්. ඒ ආයුධ දඬුවමින්ය. මේ දෙයාකාර වූද දඬුවම් අත්හැර අදණ්ඩයෙන් පාලනය කරත්. අසත්‍ථෙන යනු යමෙක් එක් අතකින් තියුණු ආයුධයකින් අනුන්ට හිංසා කරත්. ඔවුහු ආයුධයෙන් රාජ්‍යය කරන්නෝය. මොහු වනාහි ආයුධයකින් කුඩා මැස්සකු බොන ලේ බිඳකුදු කිසිවකුගෙන් නූපදවා ධර්මයෙන්ම මහරජවරුනි! එන්න. මෙසේ සතුරු රජවරුන් සමග පිළිගැනීම් ඇතිව අභිවීජියා අභිභවනය කොට ස්වාමිත්වයට පත්ව වසයි යන අර්ථයි.

එවං එකං නිප‍්ඵත‍්තිං කථෙත්‍වා දුතියං කථෙතුං සචෙ ඛො පනාතිආදි වුත‍්තං. තත්‍ථ රාගදොසමොහමානදිට‍්ඨිකිලෙසතණ‍්හාසඞ‍්ඛාතං ඡදනං ආවරණං විවටං විද‍්ධංසිතං විවටකං එතෙනාති විවටච‍්ඡදො. “විවට‍්ටච‍්ඡදා”තිපි පාඨො, අයමෙව අත්‍ථො.

මෙසේ එක් නිෂ්පත්තියක් කියා දෙවැන්න කියන්නට ‘ඉන් වනාහි’ ආදිය කියන ලදි. එහි රාග, දෝස, මෝහ, මාන, දිට්ඨි, කෙලෙස්, තණ්හා ආදී වූ ආවරණ විවෘත කරන ලද්දේ මොහු විසිනුයි ‘විවත්තච්ඡද’ නම් වේ. (විවෘත කරන ලද ආවරණ ඇත්තේ වේ.) විවත්තච්ඡද්දො කියාද පාඨයක් ඇත.

එවං දුතියං නිප‍්ඵත‍්තිං කථෙත්‍වා තාසං නිමිත‍්තභූතානි ලක‍්ඛණානි දස‍්සෙතුං අයඤ‍්හි, දෙව, කුමාරොතිආදි වුත‍්තං. තත්‍ථ සුප‍්පතිට‍්ඨිතපාදොති යථා අඤ‍්ඤෙසං භූමියං පාදං ඨපෙන‍්තානං අග‍්ගපාදතලං වා පණ‍්හි වා පස‍්සං වා පඨමං ඵුසති, වෙමජ‍්ඣෙ වා පන ඡිද‍්දං හොති, උක‍්ඛිපන‍්තානං අග‍්ගතලාදීසු එකකොට‍්ඨාසොව පඨමං උට‍්ඨහති, න එවමස‍්ස. අස‍්ස පන සුවණ‍්ණපාදුකතලමිව එකප‍්පහාරෙනෙව සකලං පාදතලං භූමිං ඵුසති, එකප‍්පහාරෙනෙව භූමිතො උට‍්ඨහති. තස‍්මා අයං සුප‍්පතිට‍්ඨිතපාදො.

මෙසේ දෙවෙනි නිෂ්පත්තිය කියා ඒවාට නිමිති වූ, හේතු වූ ලක්‍ෂණ දක්වන්නට ‘අයං හි දෙව කුමාරො’ (දේවයිනි, මේ කුමාරයා) ආදිය කියන ලදි. එහි සුප්පතිට්ඨිත පාදො යනු යම්සේ අන් අය භූමියෙහි පා තබනවිට පාදයේ ඉදිරි කොටස හෝ විලුඹ හෝ පැත්තක් හෝ පළමුවෙන් පොළවේ ස්පර්ශ වෙයි. මැද සිදුරක් ඇතිවෙයි. පාදයේ ඉදිරි කොටස ඔසවන විට එක් කොටසක් පමණක් එසවෙයි. මෙය මෙසේ නොවේ. බෝසතාණන්ගේ වනාහි ස්වර්ණමය පාදුකාවක් මෙන් එක්වරම මුළු පාදතලයම බිම ස්පර්ශ වෙයි. එක්වරටම පොළවෙන් උඩට එසවෙයි. ඒ නිසා මොහු මනාව පිහිටි පා ඇත්තේ වෙයි.

චක‍්කානීති ද‍්වීසු පාදතලෙසු ද‍්වෙ චක‍්කානි, තෙසං අරා ච නෙමි ච නාභි ච පාළියං වුත‍්තාව. සබ‍්බාකාරපරිපූරානීති ඉමිනා පන අයං විසෙසො වෙදිතබ‍්බො, තෙසං කිර චක‍්කානං පාදතලස‍්ස මජ‍්ඣෙ නාභි දිස‍්සති, නාභිපරිච‍්ඡින‍්නා වට‍්ටලෙඛා දිස‍්සති, නාභිමුඛපරික‍්ඛෙපපට‍්ටො දිස‍්සති, පනාළිමුඛං දිස‍්සති, අරා දිස‍්සන‍්ති, අරෙසු වට‍්ටිලෙඛා දිස‍්සන‍්ති, නෙමිමණිකා දිස‍්සන‍්ති. ඉදං තාව පාළියං ආගතමෙව. සම‍්බහුලවාරො පන අනාගතො, සො එවං දට‍්ඨබ‍්බො –

චක්කානි යනු පාදතල දෙකේ චක්‍ර දෙකක් ඇත. ඒවායේ නිම් වළල්ල ද ගරාදි ද නාභියද පෙළෙහි කියන ලදි. සබ්බාකාර පරිපූරාණි යනු මෙයින් වනාහි මේ විශේෂය දතයුතුයි. ඒ චක්‍රවල පාද තලයේ මැද නාභිය දිස්වේ. නාභිය හාත්පස රවුම් වළල්ල දිස්වේ. නැබ මුල වටවූ වළල්ල දිස්වේ. රෝද දැති දිස්වේ. එහි වටරේඛා දිස්වේ. රෝද පට්ටම දිස්වේ. නිම් වළලු පෙනේ. මෙය පෙළෙහි දක්නට ලැබෙන වැඩි විස්තර සඳහන් නොවේ. එය මෙසේ දතයුතුය.

සත‍්ති, සිරිවච‍්ඡො, නන්‍දි, සොවත‍්තිකො, වටංසකො, වඩ‍්ඪමානකං, මච‍්ඡයුගළං, භද‍්දපීඨං, අඞ‍්කුසකො, පාසාදො, තොරණං, සෙතච‍්ඡත‍්තං, ඛග‍්ගො, තාලවණ‍්ටං, මොරහත්‍ථකො, වාළබීජනී, උණ‍්හීසං, මණි, පත‍්තො, සුමනදාමං, නීලුප‍්පලං, රත‍්තුප‍්පලං, සෙතුප‍්පලං, පදුමං, පුණ‍්ඩරීකං, පුණ‍්ණඝටො, පුණ‍්ණපාති, සමුද‍්දො, චක‍්කවාළො, හිමවා, සිනෙරු, චන්‍දිමසූරියා, නක‍්ඛත‍්තානි, චත‍්තාරො මහාදීපා, ද‍්විපරිත‍්තදීපසහස‍්සානි, අන‍්තමසො චක‍්කවත‍්තිරඤ‍්ඤො පරිසං උපාදාය සබ‍්බො චක‍්කලක‍්ඛණස‍්සෙව පරිවාරො.

සත්‍රය, සිරිවස, ස්වස්තිකය, මුදුන්මල්කඩ, වැඩෙන මත්ස්‍ය යුගලයන්, භද්‍ර පීඨය, අංකුසයක්, ප්‍රාසාදය, තොරණ, සේසත, කඩුව, තල්වැට, මොණර අත වල්විදුනාව, නළල්පට, පාත්‍රය, සමන්මල්දම, නිලුපුල් රතුපුල් සුදු උපුල්, පද්ම, පුණ්ඩරීක, පූර්ණඝට, පූර්ණපාත්‍ර, සමුද්‍රය සක්වල, හිමාලය, මහාමේරුව, ඉරහඳ, තරු ආදිය, සතරමහා දිවයින් දෙදහසක් ආරක්‍ෂක ප්‍රදීප, අඩුතරමින් සක්විති රජුගේ පිරිස සඳහා සියල්ලම චක්‍ර ලක්‍ෂණයේ පරිවාරයයි.

ආයතපණ‍්හීති දීඝපණ‍්හි, පරිපුණ‍්ණපණ‍්හීති අත්‍ථො. යථා හි අඤ‍්ඤෙසං අග‍්ගපාදො දීඝො හොති, පණ‍්හිමත්‍ථකෙ ජඞ‍්ඝා පතිට‍්ඨාති, පණ‍්හිං තච‍්ඡෙත්‍වා ඨපිතා විය හොති, න එවං මහාපුරිසස‍්ස. මහාපුරිසස‍්ස පන චතූසු කොට‍්ඨාසෙසු ද‍්වෙ කොට‍්ඨාසා අග‍්ගපාදො හොති, තතියෙ කොට‍්ඨාසෙ ජඞ‍්ඝා පතිට‍්ඨාති, චතුත්‍ථකොට‍්ඨාසෙ ආරග‍්ගෙන වට‍්ටෙත්‍වා ඨපිතා විය රත‍්තකම‍්බලගෙණ‍්ඩුකසදිසා පණ‍්හි හොති.

ආයතපණ්හී යනු දිග විලුඹ පිරිපුන් විලුඹ යන අර්ථයි. යම්සේ වනාහි අන් අයගේ පා අග දිගය. විලුඹ මත කෙණ්ඩාව පිහිටා ඇත. විලුඹ ඇස දමා තැබුවාක් මෙන් වෙයි. මහා පුරුෂයන්ගේ එසේ නොවේ. මහා පුරුෂයාගේ වනාහි කොටස් සතරෙන් දෙකක්ම පාදයේ ඉදිරි කොටස වෙයි. තුන්වන කොටසේ කෙණ්ඩය පිහිටියේය. සතරවන කොටසෙහි ඉදිකටුවකින් මසා තබන ලද රත්කම්බිලි පන්දුවක් වැනි විලුඹ වෙයි.

දීඝඞ‍්ගුලීති යථා අඤ‍්ඤෙසං කාචි අඞ‍්ගුලියො දීඝා හොන‍්ති, කාචි රස‍්සා, න එවං මහාපුරිසස‍්ස. මහාපුරිසස‍්ස පන මක‍්කටස‍්සෙව දීඝා හත්‍ථපාදඞ‍්ගුලියො මූලෙ ථූලා, අනුපුබ‍්බෙන ගන‍්ත්‍වා අග‍්ගෙ තනුකා, නිය්‍යාසතෙලෙන මද‍්දිත්‍වා වට‍්ටිතහරිතාලවට‍්ටිසදිසා හොන‍්ති. තෙන වුත‍්තං – “දීඝඞ‍්ගුලී”ති.

දීඝංගලි යනු යම්සේ අන් අයගේ ඇතැම් ඇඟලි දිග් වේ. සමහර ඒවා කෙටිය. මහා පුරුෂයාගේ එසේ නොවේ. මහාපුරුෂයාගේ වනාහි වඳුරකුගේ මෙන් දිග අත්පා ඇඟිලි මුලින් මහත්ව පිළිවෙලින් අග සිහින්ව ලාටුතෙලින් අඹරා රවුම්කරන ලද හිරියල් වළලු මෙන් වේ. ඒ නිසා දීඝංගුලී යැයි කියන ලදි.

මුදුතලුනහත්‍ථපාදොති සප‍්පිමණ‍්ඩෙ ඔසාරෙත්‍වා ඨපිතං සතවාරවිහතකප‍්පාසපටලං විය මුදු. යථා ච ඉදානි ජාතමත‍්තස‍්ස, එවං වුඩ‍්ඪකාලෙපි මුදුතලුනායෙව භවිස‍්සන‍්ති, මුදුතලුනා හත්‍ථපාදා එතස‍්සාති මුදුතලුනහත්‍ථපාදො.

මුදුතළුණහත්‍ථපාදො යනු ගිතෙල්වල බහාතබන ලද සත්වරක් පොලන ලද කපුරොදක් මෙන් මෘදුය. යම්සේ දැන් උපන් අලුතය. මෙසේ වැඩුනු කල්හිද තරුණවම සිටිත්. මෘදු වූ තරුණ වූ අත්පා ඇත්තේ මොහුටනුයි = මුදුතළුණ හත්‍ථපාදො.

ජාලහත්‍ථපාදොති න චම‍්මෙන පටිබද‍්ධඅඞ‍්ගුලන‍්තරො. එදිසො හි ඵණහත්‍ථකො පුරිසදොසෙන උපහතො පබ‍්බජ‍්ජං න පටිලභති. මහාපුරිසස‍්ස පන චතස‍්සො හත්‍ථඞ‍්ගුලියො පඤ‍්චපි පාදඞ‍්ගුලියො එකප‍්පමාණා හොන‍්ති, තාසං එකප‍්පමාණතාය යවලක‍්ඛණං අඤ‍්ඤමඤ‍්ඤං පටිවිජ‍්ඣිත්‍වා තිට‍්ඨති. අථස‍්ස හත්‍ථපාදා කුසලෙන වඩ‍්ඪකිනා යොජිතජාලවාතපානසදිසා හොන‍්ති. තෙන වුත‍්තං – “ජාලහත්‍ථපාදො”ති.

ජාලහත්‍ථපාදො සමෙන් වැසුනා වූ ඇඟිලි අතර ඇත්තේ නොවෙයි. මෙබඳු තැනැත්තා වනාහි පෙණයක් බඳු අත් ඇතිව උපන් පුරුෂ දෝෂයෙන් යුක්ත වූයේ පැවිද්ද පවා නොලබයි. මහා පුරුෂයාගේ වනාහි අතේ ඇඟිලි හතරක් පාදයෙහි ඇඟිලි පසක් එකප්‍රමාණ වේ. ඒවායේ සමානතාවය නිසා දැලක් බඳු ගතිය එකිනෙක මැඩගෙන සිටී. ඉක්බිති ඔහුගේ අත්පා දක්ෂ වඩුවකු විසින් සකස් කරන ලද දැල් වා කවුළුවක් මෙන් වෙයි. ඒ නිසා ජාලහත්‍ථපාදො කියා කියන ලදි.

උද‍්ධං පතිට‍්ඨිතගොප‍්ඵකත‍්තා උස‍්සඞ‍්ඛා පාදා අස‍්සාති උස‍්සඞ‍්ඛපාදො. අඤ‍්ඤෙසඤ‍්හි පිට‍්ඨිපාදෙ ගොප‍්ඵකා හොන‍්ති, තෙන තෙසං පාදා ආණිබද‍්ධා විය බද‍්ධා හොන‍්ති, න යථාසුඛං පරිවට‍්ටන‍්ති, ගච‍්ඡන‍්තානං පාදතලානිපි න දිස‍්සන‍්ති. මහාපුරිසස‍්ස පන ආරුහිත්‍වා උපරි ගොප‍්ඵකා පතිට‍්ඨහන‍්ති, තෙනස‍්ස නාභිතො පට‍්ඨාය උපරිමකායො නාවාය ඨපිතසුවණ‍්ණපටිමා විය නිච‍්චලො හොති, අධොකායොව ඉඤ‍්ජති, සුඛෙන පාදා පරිවට‍්ටන‍්ති, පුරතොපි පච‍්ඡතොපි උභයපස‍්සෙසුපි ඨත්‍වා පස‍්සන‍්තානං පාදතලානි පඤ‍්ඤායන‍්ති, න හත්‍ථීනං විය පච‍්ඡතොයෙව.

උඩින් පිහිටි වළලුකර ඇති බැවින්, උත්සංකපාද මොහුට ඇත්තේනුයි උස්සංකපාදො අන් අයගේ වනාහි පාදයේ පිටුපස ගොප්ඇටය තිබේ. එයින් ඔවුන්ගේ පාදයෝ ඇණගැසුවාක් මෙන් තදය. පහසුවෙන් පෙරළිය නොහැක. ගමන් කරන්නහුගේ යටිපතුල් මත්තෙහි ගොප්ඇට පිහිටියේය. එබැවින් ඔහුගේ නාභියේ පටන් උඩුකය සෙලවෙයි. පහසුවෙන් පාදයෝ පෙරළෙත්. ඉදිරියෙන්ද පසුපසින්ද දෙපැත්තෙන්ද සිට බලන්නන්ට යටිපතුල් පෙනේ. ඇතුන්ගේ මෙන් පසුපසින් පමණක් නොවේ.

එණිජඞ‍්ඝොති එණිමිගසදිසජඞ‍්ඝො මංසුස‍්සදෙන පරිපුණ‍්ණජඞ‍්ඝො, න එකතො බද‍්ධපිණ‍්ඩිකමංසො, සමන‍්තතො සමසණ‍්ඨිතෙන මංසෙන පරික‍්ඛිත‍්තාහි සුවට‍්ටිතාහි සාලිගබ‍්භයවගබ‍්භසදිසාහි ජඞ‍්ඝාහි සමන‍්නාගතොති අත්‍ථො.

එණිජංඝො එණි මුවන්ට සමාන කෙණ්ඩා ඇති මසින් පිරුණු කෙණ්ඩා එකට බැඳුනු මස්පිඬු නොවේ. හාත්පසින් සමානව පිහිටි මසින් වට වූ මනාව වට වූ හැල්ගොබ සමාන කෙණ්ඩාවලින් යුක්ත වූයේය යන අර්ථයයි.

අනොනමන‍්තොති අනමන‍්තො, එතෙනස‍්ස අඛුජ‍්ජඅවාමනභාවො දීපිතො. අවසෙසජනා හි ඛුජ‍්ජා වා හොන‍්ති වාමනා වා. ඛුජ‍්ජානං උපරිමකායො අපරිපුණ‍්ණො හොති, වාමනානං හෙට‍්ඨිමකායො. තෙ අපරිපුණ‍්ණකායත‍්තා න සක‍්කොන‍්ති අනොනමන‍්තා ජණ‍්ණුකානි පරිමජ‍්ජිතුං. මහාපුරිසො පන පරිපුණ‍්ණඋභයකායත‍්තා සක‍්කොති.

අනොනමන්තො නො නැමෙන - මෙයින් ඔහුගේ කුදු නැති, මිටි නැති බව දක්වන ලදි. අනික් ජනයෝ කුදු හෝ වෙත්. මිටි වෙත්. කුදු අයගේ සිරුරේ උඩ කොටස සම්පූර්ණ නැත. මිට්ටන්ගේ කයේ පහත කොටසය. ඔවුහු සම්පූර්ණ නොවූ කය ඇති බැවින් නොනැමී දන පිරිමදින්නට නොහැකි වෙත්. මහා පුරුෂයා වනාහි පිරිපුන් උභය කාය ඇති බැවින් එසේ කරන්නට හැකිවෙයි.

කොසොහිතවත්‍ථගුය‍්හොති උසභවාරණාදීනං විය සුවණ‍්ණපදුමකණ‍්ණිකසදිසෙහි කොසෙහි ඔහිතං පටිච‍්ඡන‍්නං වත්‍ථගුය‍්හං අස‍්සාති කොසොහිතවත්‍ථගුය‍්හො. වත්‍ථගුය‍්හන‍්ති වත්‍ථෙන ගුහිතබ‍්බං අඞ‍්ගජාතං වුච‍්චති.

කොසොහිත වත්‍ථගුය්හො යනු වෘෂභයන්ගේ, ඇතුන්ගේ මෙන් ස්වර්ණමය පියුම් කර්ණිකාවක් මෙන් කෝසයකින් වැසුනා වූ පුරුෂලිංගය මොහුට ඇත්තේනුයි කොසොහිතවත්‍ථගුය්හො. වත්‍ථගුය්හං යනු වස්ත්‍රයෙන් වැසිය යුතු ලිඟුව කියනු ලැබේ.

සුවණ‍්ණවණ‍්ණොති ජාතිහිඞ‍්ගුලකෙන මජ‍්ජිත්‍වා දීපිදාඨාය ඝංසිත්‍වා ගෙරුකපරිකම‍්මං කත්‍වා ඨපිතඝනසුවණ‍්ණරූපසදිසොති අත්‍ථො. එතෙනස‍්ස ඝනසිනිද‍්ධසණ‍්හසරීරතං දස‍්සෙත්‍වා ඡවිවණ‍්ණදස‍්සනත්‍ථං කඤ‍්චනසන‍්නිභත‍්තචොති වුත‍්තං. පුරිමස‍්ස වා වෙවචනමෙතං.

සුවණ්ණවණ්ණෙ යනු දෑහිඟුලෙන් අඹරා දිවියන්ගේ දත්වලින් ගලගා, ගුරුගල් පිරියම්කොට තබන ලද ඝන රන්වන් රූපයක් සමාන යන අර්ථයි. මෙයින් ඔහුගේ ඝන, සිනිඳු, මෘදු ශරීරයක් ඇතිබව දක්වා ඡවි වර්ණය දැක්වීම පිණිස කංචනසන්නිභතචො යැයි කියන ලදි. මෙයද පෙර කියන ලද්දටම පර්යාය වචනයකි.

රජොජල‍්ලන‍්ති රජො වා මලං වා. න උපලිම‍්පතීති න ලග‍්ගති පදුමපලාසතො උදකබින්‍දු විය විවට‍්ටති. හත්‍ථධොවනාදීනි පන උතුග‍්ගහණත්‍ථාය චෙව දායකානං පුඤ‍්ඤඵලත්‍ථාය ච බුද‍්ධා කරොන‍්ති, වත‍්තසීසෙනාපි ච කරොන‍්තියෙව. සෙනාසනං පවිසන‍්තෙන හි භික‍්ඛුනා පාදෙ ධොවිත්‍වා පවිසිතබ‍්බන‍්ති වුත‍්තමෙතං.

රජොපල්ල යනු රජස් හෝ කිලුටු හෝ න උපලිම්පති නොතැවරෙයි. නෙලුම් කොළයක ජලබින්දුවක් මෙන් පෙරළී යයි. අත් සේදීම ආදිය සෘතුගැන්වීම පිණිසද දායකයන්ට පින්ඵල සඳහාද බුදුවරු එසේ කරත්. චාරිත්‍රයක් ලෙස ද කරත්. සෙනසුන්ට පිවිසෙන භික්‍ෂුව පා සෝදා පිවිසිය යුතුයි’ යනුවෙන් මෙය වතාවතකි.

උද‍්ධග‍්ගලොමොති ආවට‍්ටපරියොසානෙ උද‍්ධග‍්ගානි හුත්‍වා මුඛසොභං උල‍්ලොකයමානානි විය ඨිතානි ලොමානි අස‍්සාති උද‍්ධග‍්ගලොමො.

උද්ධග්ගලොමො යනු අග කැරකැවී අග් උඩට සිටින මුහුණේ ශෝභාව බලන්නවුන් මෙන් සිටියා වූ ලොම් ඇත්තේනුයි උද්ධග්ගලොමො නම් වේ.

බ්‍රහ‍්මුජුගත‍්තොති බ්‍රහ‍්මා විය උජුගත‍්තො, උජුමෙව උග‍්ගතදීඝසරීරො භවිස‍්සති. යෙභුය්‍යෙන හි සත‍්තා ඛන්‍ධෙ කටියං ජාණූසූති තීසු ඨානෙසු නමන‍්ති, තෙ කටියං නමන‍්තා පච‍්ඡතො නමන‍්ති, ඉතරෙසු ද‍්වීසු ඨානෙසු පුරතො. දීඝසරීරා පන එකෙ පස‍්සවඞ‍්කා හොන‍්ති, එකෙ මුඛං උන‍්නමෙත්‍වා නක‍්ඛත‍්තානි ගණයන‍්තා විය චරන‍්ති, එකෙ අප‍්පමංසලොහිතා සූලසදිසා හොන‍්ති, එකෙ පුරතො පබ‍්භාරා හොන‍්ති, පවෙධමානා ගච‍්ඡන‍්ති. අයං පන උජුමෙව උග‍්ගන‍්ත්‍වා දීඝප‍්පමාණො දෙවනගරෙ උස‍්සිතසුවණ‍්ණතොරණං විය භවිස‍්සතීති දීපෙන‍්ති. යථා චෙතං, එවං යං යං ජාතමත‍්තස‍්ස සබ‍්බසො අපරිපුණ‍්ණං මහාපුරිසලක‍්ඛණං හොති, තං තං ආයතිං තථාභාවිතං සන්‍ධාය වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

බ්‍රහ්මුජ්ජුගත්තො බ්‍රහ්මයා මෙන් සෘජු ශරීර ඇත්තේ, සෘජුව උඩට නැගුණු ශරීරය වන්නේය. බොහෝ සෙයින් සත්ත්වයෝ කඳ, තුණටිය, දණ යන තුන් තැනකින් නැමෙත්. ඔව්හු තුනටියෙන් නැමෙන්නාහු පස්සට නැමෙත්. ඉතිරි දෙතැනින් නැමෙන්නේ ඉදිරියටය. දිගු ශරීර ඇත්තන් එක් පැත්තකින් ඇදය. ඇතැමෙක් උඩට නැමී තරු ගණින්නාක් මෙන් ඇවිදිත්. කෙනෙක් අල්ප වූ මස් ලේ ඇත්තාහු උල් මෙන් වෙත්. තව කෙනෙක් ඉදිරියට නැමී සිටිත්. වෙවුළමින් යත්. මොහු වනාහි සෘජුව මතුවී දිග්ප්‍රමාණ වූයේ දෙව්පුර ඔසවන ලද තොරණක් මෙන් වන්නේ යැයි දක්වත්. යම්සේ මෙය උපන් තැනැත්තාට අප්‍රමාණ වූ මහා පුරුෂ ලක්‍ෂණ ඇත්තේ වෙයිද ඒ ඒ ඉදිරියට වන්නා වූත් එසේම භාවිතය සඳහාත් කියන ලදැයි දතයුතුයි.

සත‍්තුස‍්සදොති ද‍්වෙ හත්‍ථපිට‍්ඨියො ද‍්වෙ පාදපිට‍්ඨියො ද‍්වෙ අංසකූටානි ඛන්‍ධොති ඉමෙසු සත‍්තසු ඨානෙසු පරිපුණ‍්ණො මංසුස‍්සදො අස‍්සාති සත‍්තුස‍්සදො. අඤ‍්ඤෙසං පන හත්‍ථපාදපිට‍්ඨාදීසු සිරාජාලං පඤ‍්ඤායති, අංසකූටක‍්ඛන්‍ධෙසු අට‍්ඨිකොටියො. තෙ මනුස‍්සා පෙතා විය ඛායන‍්ති, න තථා මහාපුරිසො, මහාපුරිසො පන සත‍්තසු ඨානෙසු පරිපුණ‍්ණමංසුස‍්සදත‍්තා නිගූළ‍්හසිරාජාලෙහි හත්‍ථපිට‍්ඨාදීහි වට‍්ටෙත්‍වා සුට‍්ඨපිතසුවණ‍්ණාළිඞ‍්ගසදිසෙන ඛන්‍ධෙන සිලාරූපකං විය ඛායති, චිත‍්තකම‍්මරූපකං විය ච ඛායති.

සත්තුස්සදො යනු අත්පිටි දෙකක් පාපිටි දෙකත් දෙඇලයත්, කඳ යන මේ සත්තැන පිරිපුන් මාංශ ඇත්තේ මොහුටය. සත්තස්සදො නම් වෙයි. අන් අයගේ අත් පා පිටිවල නහරදැල් පෙනෙයි. දෙඇලයන්හි ඇට අග් ඇත. ඒ මිනිස්සු ප්‍රේතයන් මෙන් පෙනෙත්. මහා පුරුෂයා එසේ නොවේ. මහා පුරුෂයා වනාහි එක්තැනක පිරිපුන් උස්ව වැඩුනු මස් ඇති නිසා සැඟවුණු ශිරා ජාලයන් ඇති අත්පිටු ආදියෙන් අඹරා තබන ලද රන් මිහිඟු බෙරයක් මෙන් කඳෙන් යුක්ත වූයේ ගල්රූපයක් මෙන් පෙනෙයි. සිතුවම් කළ රූපයක් මෙන් පෙනෙයි.

සීහස‍්ස පුබ‍්බද‍්ධං විය කායො අස‍්සාති සීහපුබ‍්බද‍්ධකායො. සීහස‍්ස හි පුරත්‍ථිමකායොව පරිපුණ‍්ණො හොති, පච‍්ඡිමකායො අපරිපුණ‍්ණො. මහාපුරිසස‍්ස පන සීහස‍්ස පුබ‍්බද‍්ධකායො විය සබ‍්බො කායො පරිපුණ‍්ණො. සොපි සීහස‍්සෙව තත්‍ථ තත්‍ථ විනතුන‍්නතාදිවසෙන දුස‍්සණ‍්ඨිතවිසණ‍්ඨිතො න හොති, දීඝයුත‍්තට‍්ඨානෙ පන දීඝො, රස‍්සථූලකිසපුථුලඅනුවට‍්ටිතයුත‍්තට‍්ඨානෙසු තථාවිධොව හොති. වුත‍්තඤ‍්හෙතං භගවතා –

සිංහයකුගේ පූර්වාධර්ය මෙන් කයක් මොහුට ඇත්තේනුයි සීහපුබ්බංකායො නම් වේ. සිංහයාගේ වනාහි කයෙහි ඉදිරිකොටස පිරිපුන්ය. ශරීරයේ පසුපස කොටස සම්පූර්ණ නැත. මහා පුරුෂයාගේ වනාහි සිංහයාගේ පූර්වකාය මෙන් මුළු සිරුරම සම්පූර්ණය. ඔහුද සිංහයාගේ මෙන් ඒ ඒ තැන්වල උස්පහත් වශයෙන් නුසුදුසු ලෙස විෂම ලෙස පිහිටියේ නොවේ. දිග්විය යුතු තැන දිගය. කෙටි, මහත්, කෙට්ටු, පළල් ආදී ගැලපෙන තැන්වල ඒ ආකාරයම වෙයි. මෙසේ කියන ලදි.

“මනාපියෙව ඛො, භික‍්ඛවෙ, කම‍්මවිපාකෙ පච‍්චුපට‍්ඨිතෙ යෙහි අඞ‍්ගෙහි දීඝෙහි සොභති, තානි අඞ‍්ගානි දීඝානි සණ‍්ඨන‍්ති. යෙහි අඞ‍්ගෙහි රස‍්සෙහි සොභති, තානි අඞ‍්ගානි රස‍්සානි සණ‍්ඨන‍්ති. යෙහි අඞ‍්ගෙහි ථූලෙහි සොභති, තානි අඞ‍්ගානි ථූලානි සණ‍්ඨන‍්ති. යෙහි අඞ‍්ගෙහි කිසෙහි සොභති, තානි අඞ‍්ගානි කිසානි සණ‍්ට‍්ඨන‍්ති. යෙහි අඞ‍්ගෙහි පුථුලෙහි සොභති, තානි අඞ‍්ගානි පුථුලානි සණ‍්ඨන‍්ති. යෙහි අඞ‍්ගෙහි වට‍්ටෙහි සොභති, තානි අඞ‍්ගානි වට‍්ටානි සණ‍්ඨන‍්තී”ති.

‘මහණෙනි, මනාප වූ කර්මවිපාකයක් එළඹ සිටි කල්හි යම් අංගයකින් දික්ව හොබනේද, ඒ අංග දිගට පිහිටත්. යම් අංගයකින් කෙටිව හොබනේද, එය කෙටිව පිහිටයි. යම් අංගයකින් මහත්ව හොබීද, එය මහත්ව පිහිටයි. යම් අංගයකින් කෘශව හොබනේද එය කෘශව පිහිටයි. යම් අංගයකින් පළල්ව හොබනේද එය පළල්ව පිහිටයි. යම් අංගයකින් වටකුරුව හොබනේද එය වටකුරුව පිහිටයි.

ඉති නානාචිත‍්තෙන පුඤ‍්ඤචිත‍්තෙන චිත‍්තිතො දසහි පාරමීහි සජ‍්ජිතො මහාපුරිසස‍්ස අත‍්තභාවො, ලොකෙ සබ‍්බසිප‍්පිනො වා සබ‍්බඉද‍්ධිමන‍්තො වා පතිරූපකම‍්පි කාතුං න සක‍්කොන‍්ති.

මහා පුරුෂයාගේ ආත්මභාවය මෙසේ දාන චේතනාවෙන්ද පුණ්‍ය චේතනාවෙන් ද සිතන ලද්දේ දස පාරමිතාවන්ගෙන් සැදුනේ වෙයි. ලෝකයෙහි සියලු ශිල්පීන් හෝ සියළු සෘද්ධිමතුන් හෝ ඒ හා සමාන ප්‍රතිරූපයක් කරන්නට නොහැකි වෙත්.

චිතන‍්තරංසොති අන‍්තරංසං වුච‍්චති ද‍්වින‍්නං කොට‍්ටානං අන‍්තරං, තං චිතං පරිපුණ‍්ණං අන‍්තරංසං අස‍්සාති චිතන‍්තරංසො. අඤ‍්ඤෙසඤ‍්හි තං ඨානං නින‍්නං හොති, ද‍්වෙ පිට‍්ඨිකොට‍්ටා පාටියෙක‍්කා පඤ‍්ඤායන‍්ති. මහාපුරිසස‍්ස පන කටිතො පට‍්ඨාය මංසපටලං යාව ඛන්‍ධා උග‍්ගම‍්ම සමුස‍්සිතසුවණ‍්ණඵලකං විය පිට‍්ඨිං ඡාදෙත්‍වා පතිට‍්ඨිතං.

චිතන්තරංසො යනු අන්තරංස යනු කොටස් දෙකක් අතර, පිරිපුන් අන්තරංසයක් මොහුට ඇත්තේය. චිතන්තරංසො යි අන්‍යයන්ගේ වනාහි ඒ ස්ථානය පහත්ය. පිටෙහි දෙපැත්ත වෙන වෙනම පෙනෙයි. මහා පුරුෂයාගේ වනාහි තුනටියේ පටන් මාංශපේශිය දක්වා කඳෙන් මතුවී ඔසවන ලද ස්වර්ණමය ඵලකයක් මෙන් පිට වසාගෙන පිහිටියේය.

නිග්‍රොධපරිමණ‍්ඩලොති නිග්‍රොධො විය පරිමණ‍්ඩලො. යථා පඤ‍්ඤාසහත්‍ථතාය වා සතහත්‍ථතාය වා සමක‍්ඛන්‍ධසාඛො නිග්‍රොධො දීඝතොපි විත්‍ථාරතොපි එකප‍්පමාණොව හොති, එවං කායතොපි බ්‍යාමතොපි එකප‍්පමාණො. යථා අඤ‍්ඤෙසං කායො දීඝො වා හොති බ්‍යාමො වා, න එවං විසමප‍්පමාණොති අත්‍ථො. තෙනෙව යාවතක්‍වස‍්ස කායොතිආදි වුත‍්තං. තත්‍ථ යාවතකො අස‍්සාති යාවතක්‍වස‍්ස.

නිග්‍රොධ පරිමණ්ඩලො යනු නුග ගසක් මෙන් අතුපතර ඇත්තේය. යම්සේ වනාහි රියන් පනහක් හෝ රියන් සියයකින් හෝ සමාන කඳෙහි අතුවලින් යුත් නුග ගස දිගින් පළලින් එකම ප්‍රමාණයකි. යම්සේ කයින්ද බඹයෙන් ද එක ප්‍රමාණයකි. යම්සේ අන්‍යයන්ගේ කය දිගය. නැතහොත් බඹය දිගය. මෙසේ වෙනස් වූ ප්‍රමාණ ඇත්තේ නොවෙයි. එයින්ම ‘ඔහුගේ කය යම් පමණද යනාදිය කියන ලදි. එහි යාවතකො+අස්ස යන්න යාවතක්‍වස්ස කියා වේ.

සමවට‍්ටක‍්ඛන්‍ධොති සමවට‍්ටිතක‍්ඛන්‍ධො. යථා එකෙ කොඤ‍්චා විය ච බකා විය ච වරාහා විය ච දීඝගලා වඞ‍්කගලා පුථුලගලා ච හොන‍්ති, කථනකාලෙ සිරාජාලං පඤ‍්ඤායති, මන්‍දො සරො නික‍්ඛමති, න එවං මහාපුරිසස‍්ස. මහාපුරිසස‍්ස පන සුවට‍්ටිතසුවණ‍්ණාළිඞ‍්ගසදිසො ඛන්‍ධො හොති, කථනකාලෙ සිරාජාලං න පඤ‍්ඤායති, මෙඝස‍්ස විය ගජ‍්ජිතො සරො මහා හොති.

සමවත්තක්ඛන්‍ධො යනු සමාන වැඩුනු කඳ යම්සේ කෙනෙක් කොස්වාලිහිණියන් මෙන් කොකුන් මෙන් ඌරන් මෙන්ද වෙත්. දික්වූ ගෙල, ඇදවූ ගෙල, පළල් වූ ගෙල හෝ වේ. කථාකරනවිට නහර මතුවී පෙනෙයි. මඳ හඬක් නික්මෙයි. මහා පුරුෂයාගේ එසේ නොවේ. මහා පුරුෂයාගේ වනාහි මනාව වටවූ ස්වර්ණමය මිහිඟු බෙරයක් මෙන් කඳ පිහිටියේ වෙයි. කථාකරනවිට නහරවැල් නොපෙනේ. මේඝය මෙන් ගර්ජනාවක් බඳු මහත් ස්වර ඇත්තේ වෙයි.

රසග‍්ගසග‍්ගීති එත්‍ථ රසං ගසන‍්ති හරන‍්තීති රසග‍්ගසා. රසහරණීනමෙතං අධිවචනං, තා අග‍්ගා අස‍්සාති රසග‍්ගසග‍්ගී. මහාපුරිසස‍්ස කිර සත‍්තරසහරණීසහස‍්සානි උද‍්ධග‍්ගානි හුත්‍වා ගීවායමෙව පටිමුක‍්කානි. තිලඵලමත‍්තොපි ආහාරො ජිව‍්හග‍්ගෙ ඨපිතො සබ‍්බකායං අනුඵරති. තෙනෙව මහාපධානං පදහන‍්තස‍්ස එකතණ‍්ඩුලාදීහිපි කළායයූසපසතමත‍්තෙනාපි කායස‍්ස යාපනං අහොසි. අඤ‍්ඤෙසං පන තථා අභාවා න සකලං කායං ඔජා ඵරති. තෙන තෙ බහ‍්වාබාධා හොන‍්ති.

රසග්ගසග්ගී මෙහි රසය විඳින්නේ නුයි රසග්ගසා. රසය ගැනීමට මේ නමකි. ඒ අග්‍රභාවය මොහුට ඇත්තේනුයි රසග්ගරග්ගී, මහා පුරුෂයාට වනාහි සත්සියයක් රසනහර උඩට ආ අග් ඇතිව බෙල්ලෙහි ඇලී සිටී. තල ඇටයක් පමණ වූද ආහාරයක් දිවෙහි තබන ලද්දේ මුළු සිරුරෙහිම පැතිර යයි. ඒ නිසාම මහා වීර්ය වඩන්නහුගේ ජීවිතය එක හාල් ඇටයකින්ද යුෂ නැලියකින් දහසයෙන් පංගුවකින්ද යැපුනේය. අන්‍යයන්ට වනාහි එසේ නොවීමෙන් සියළු සිරුරෙහි ඕජාව පැතිරෙන්නේ නැත. එයින් ඔව්හු බොහෝ ආබාධ ඇත්තෝ වෙත්.

සීහස‍්සෙව හනු අස‍්සාති සීහහනු. තත්‍ථ සීහස‍්ස හෙට‍්ඨිමහනුමෙව පරිපුණ‍්ණං හොති, න උපරිමං. මහාපුරිසස‍්ස පන සීහස‍්ස හෙට‍්ඨිමං විය ද‍්වෙපි පරිපුණ‍්ණානි ද‍්වාදසියා පක‍්ඛස‍්ස චන්‍දසදිසානි හොන‍්ති. අථ නෙමිත‍්තකා හනුකපරියන‍්තං ඔලොකෙන‍්තාව ඉමෙසු හනුකෙසු හෙට‍්ඨිමෙ වීසති උපරිමෙ වීසතීති චත‍්තාලීසදන‍්තා සමා අවිරළා පතිට‍්ඨහිස‍්සන‍්තීති සල‍්ලක‍්ඛෙත්‍වා අයඤ‍්හි දෙව, කුමාරො චත‍්තාලීසදන‍්තො හොතීතිආදිමාහංසු. තත්‍රායමත්‍ථො, අඤ‍්ඤෙසඤ‍්හි පරිපුණ‍්ණදන‍්තානම‍්පි ද‍්වත‍්තිංස දන‍්තා හොන‍්ති. ඉමස‍්ස පන චත‍්තාලීසං භවිස‍්සන‍්ති. අඤ‍්ඤෙසඤ‍්ච කෙචි දන‍්තා උච‍්චා, කෙචි නීචාති විසමා හොන‍්ති, ඉමස‍්ස පන අයපට‍්ටකෙන ඡින‍්නසඞ‍්ඛපටලං විය සමා භවිස‍්සන‍්ති. අඤ‍්ඤෙසං කුම‍්භිලානං විය දන‍්තා විරළා හොන‍්ති, මච‍්ඡමංසානි ඛාදන‍්තානං දන‍්තන‍්තරං පූරෙන‍්ති. ඉමස‍්ස පන කනකඵලකායං සමුස‍්සිතවජිරපන‍්ති විය අවිරළා තූලිකාය දස‍්සිතපරිච‍්ඡෙදා විය දන‍්තා භවිස‍්සන‍්ති. අඤ‍්ඤෙසඤ‍්ච පූතිදන‍්තා උට‍්ඨහන‍්ති. තෙන කාචි දාඨා කාළාපි විවණ‍්ණාපි හොන‍්ති. අයං පන සුට‍්ඨු සුක‍්කදාඨො ඔසධිතාරකම‍්පි අතික‍්කම‍්ම විරොචමානාය පභාය සමන‍්නාගතදාඨො භවිස‍්සති.

සිංහයාට බඳු හනු මොහුට ඇත්තේය යැයි සීහ හනු නම් වේ. එහි සිංහයාගේ යටි හක්ක පමණක් සම්පූර්ණ වූයේ වෙයි. උඩ කොටස එසේ නොවේ. මහා පුරුෂයාගේ වනාහි සිංහයාගේ යටිහනුව මෙන් කොටස් දෙකම සම්පූර්ණය. දොළොස්වක දා චන්ද්‍රයා මෙනි. ඉක්බිති නිමිති දන්නෝ හකු අවසන තෙක් බලන්නාහු මේ හනුවලින් පහත හනුවේ විස්සක්ද උඩහනුවේ විස්සක්ද කියා දත් සතළිහක් සමානව විවර නැතිව පිහිටන්නේ යැයි සලකා දේවයිනි! මේ කුමාරයා චත්තාලීස දන්තො (දත් සතළිසක් ඇත්තේ) ආදිය කීවාහුය. එහි මේ අර්ථයයි. පිරිපුන් දත් ඇති අන්‍යයන්ට වනාහි දත් තිස්දෙකක් වේ. මොහුට වනාහි සතළිසක් වේ. අන්‍යයන්ගේ ඇතැම් දත් උසය. සමහර ඒවා පහත්ය යන ලෙස විසමව පිහිටා ඇත. මොහුගේ වනාහි ලෝහමය පත්‍රයක සවිකළ සක්පෙළක් මෙන් සමාන වන්නේය. අන් අයගේ වනාහි කිඹුලන්ගේ මෙන් දත් විරල වේ. මස්මාළු කන අයගේ දත් අතර පිරෙයි. මොහුගේ වනාහි රන්වැලක එල්වන ලද වජ්‍ර පන්තියක් මෙන් හිඩැස් නැතිව පින්සලකින් ඇඳ දක්වන ලද්දාක් මෙන් දක්වන්නේය. වෙන අයගේ නරක් වූ දත් ඇතිවේ. ඒ නිසා සමහර දත් කළු ද විවර්ණද වේ. මේ වනාහි මනා සුදුපාටින් යුත් දත්ය. ඔසධී තාරකාවද පරදන බබලන ප්‍රභාවකින් යුක්ත දත් වන්නේය.

පහූතජිව‍්හොති පුථුලජිව‍්හො. අඤ‍්ඤෙසං ජිව‍්හා ථූලාපි හොන‍්ති කිසාපි රස‍්සාපි ථද‍්ධාපි විසමාපි, මහාපුරිසස‍්ස පන ජිව‍්හා මුදු දීඝා පුථුලා වණ‍්ණසම‍්පන‍්නා හොති. සො හි එතං ලක‍්ඛණං පරියෙසිතුං ආගතානං කඞ‍්ඛාවිනොදනත්‍ථං මුදුකත‍්තා තං ජිව‍්හං කථිනසූචිං විය වට‍්ටෙත්‍වා උභො නාසිකසොතානි පරාමසති, දීඝත‍්තා උභො කණ‍්ණසොතානි පරාමසති, පුථුලත‍්තා කෙසන‍්තපරියොසානං කෙවලම‍්පි නලාටං පටිච‍්ඡාදෙති. එවමස‍්ස මුදුදීඝපුථුලභාවං පකාසෙන‍්තො තෙසං කඞ‍්ඛං විනොදෙති. එවං තිලක‍්ඛණසම‍්පන‍්නං ජිව‍්හං සන්‍ධාය “පහූතජිව‍්හො”ති වුත‍්තං.

පහූතජිව්හො යනු පළල් දිවක්, අන් අයගේ දිව මහතද වෙයි. කෘශ ද කෙටි ද තද හා විෂම ද වේ. මහා පුරුෂයාණන්ගේ වනාහි දිව මෘදුය, දිගය, පළල්ය. වර්ණ සම්පන්නය. ඔහු ඒ ලක්‍ෂණ බලන්නට ආවා වූ අයගේ සැක දුරුකිරීම සඳහා මෘදු බැවින් ඒ දිව තද නූලක් මෙන් කරකවා නාසය හා දෙකන් ස්පර්ශ කරයි. දිග බැවින් කන්දෙක පිරිමදී. පළල් බැවින් හිසේ කෙස් දක්වා සම්පූර්ණ නළල් තලය වසාගනී. මෙසේ ඔහුගේ මෘදු හා දිග, පළල බව ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ සැකය දුරුකරයි. ඒ නිසා ත්‍රිලක්‍ෂණ සංඛ්‍යාත දිව ගැන ‘පහූතජිව්හො’ යැයි කියන ලදි.

බ්‍රහ‍්මස‍්සරොති අඤ‍්ඤෙ ඡින‍්නස‍්සරාපි භින‍්නස‍්සරාපි කාකස‍්සරාපි හොන‍්ති, අයං පන මහාබ්‍රහ‍්මුනො සරසදිසෙන සරෙන සමන‍්නාගතො භවිස‍්සති, මහාබ්‍රහ‍්මුනො හි පිත‍්තසෙම‍්හෙහි අපලිබුද‍්ධත‍්තා සරො විසදො හොති. මහාපුරිසෙනාපි කතකම‍්මං තස‍්ස වත්‍ථුං සොධෙති. වත්‍ථුනො සුද‍්ධත‍්තා නාභිතො පට‍්ඨාය සමුට‍්ඨහන‍්තො සරො විසදො අට‍්ඨඞ‍්ගසමන‍්නාගතොව සමුට‍්ඨාති. කරවීකො විය භණතීති කරවීකභාණී, මත‍්තකරවීකරුතමඤ‍්ජුඝොසොති අත්‍ථො.

බ්‍රහ්මස්සරො යනු අන් අයගේ බිඳුනු ස්වර ඇත්තේය. කාක ස්වර ඇත්තේය. මොහු වනාහි මහා බ්‍රහ්මයාගේ ස්වරයට සමාන ස්වරයෙන් යුක්ත වන්නේය. මහා බ්‍රහ්මයාගේ ද සෙම්පිත් ආදියෙන් බාධා නැති බැවින් ස්වරය පිරිසිදුය. මහා පුරුෂයා විසින්ද කරන ලද කර්මයෙන් ඔහුගේ හදවත පිරිසිදු කරයි. හදවත පිරිසිදු බැවින් නාභියේ පටන් හටගන්නා ස්වරය පිරිසිදුය. අංග අටකින් සමන්විතව හටගනී. කොවුලෙක් මෙන් කථා කරයි. ඒ නිසා කරවිකභාණී නම් වේ. මත් කොවුලකුගේ මිහිරි හඬ යන අර්ථයි.

අභිනීලනෙත‍්තොති න සකලනීලනෙත‍්තො, නීලයුත‍්තට‍්ඨානෙ පනස‍්ස උමාපුප‍්ඵසදිසෙන අතිවිසුද‍්ධෙන නීලවණ‍්ණෙන සමන‍්නාගතානි නෙත‍්තානි හොන‍්ති, පීතයුත‍්තට‍්ඨානෙ කණිකාරපුප‍්ඵසදිසෙන පීතවණ‍්ණෙන, ලොහිතයුත‍්තට‍්ඨානෙ බන්‍ධුජීවකපුප‍්ඵසදිසෙන ලොහිතවණ‍්ණෙන, සෙතයුත‍්තට‍්ඨානෙ ඔසධිතාරකසදිසෙන සෙතවණ‍්ණෙන, කාළයුත‍්තට‍්ඨානෙ අද‍්දාරිට‍්ඨකසදිසෙන කාළවණ‍්ණෙන සමන‍්නාගතානි. සුවණ‍්ණවිමානෙ උග‍්ඝාටිතමණිසීහපඤ‍්ජරසදිසානි ඛායන‍්ති.

අභිනීල නෙත්තො යනු සම්පූර්ණ නිල් ඇස. ඔහුගේ ඇසේ නිල්විය යුතු තැන ‘උම්මා’ යන වල්වලට සමාන වූ අතිශයින් විශුද්ධ වූ නිල්පාටින් යුත් ඇස් වේ. කහපාට තිබිය යුතු තැන කිණිහිරියා මල් සමාන කහපාටින්ද ලේපාට තිබිය යුතු තැන බඳු වදමල් සමාන රතුපාටින්ද සුදුපාට පිහිටිය යුතු තැන ඔසධී තාරකාවට සමාන සුදුපාටින්ද කලුපාට තිබිය යුතු තැන අමු කොහොඹ ඇට සමාන කාලවර්ණයෙන් ද යුක්ත වූයේ රන් විමනක විවෘත කරන ලද මාණික්‍යමය සීමැදුරු කවුළුවක් සේ පෙනේ.

ගොපඛුමොති එත්‍ථ පඛුමන‍්ති සකලචක‍්ඛුභණ‍්ඩං අධිප‍්පෙතං, තං කාළවච‍්ඡකස‍්ස බහලධාතුකං හොති, රත‍්තවච‍්ඡකස‍්ස විප‍්පසන‍්නං, තංමුහුත‍්තජාතතරුණරත‍්තවච‍්ඡකසදිසචක‍්ඛුභණ‍්ඩොති අත්‍ථො. අඤ‍්ඤෙසඤ‍්හි චක‍්ඛුභණ‍්ඩා අපරිපුණ‍්ණා හොන‍්ති, හත්‍ථිමූසිකාදීනං අක‍්ඛිසදිසෙහි විනිග‍්ගතෙහිපි ගම‍්භීරෙහිපි අක‍්ඛීහි සමන‍්නාගතා හොන‍්ති. මහාපුරිසස‍්ස පන ධොවිත්‍වා මජ‍්ජිත්‍වා ඨපිතමණිගුළිකා විය මුදුසිනිද‍්ධනීලසුඛුමපඛුමාචිතානි අක‍්ඛීනි.

ගොපමුඛො යනු, මෙහි පඛුම යනු මුළු ඇස්ගඩුවම අදහස් කරන ලදි. එය කළු වස්සකුගේ ඝන වූයේය. රතු වස්සකුගේ ඉතා පැහැදිලිය. එවේලේම උපන් තරුණ වස්සකුගේ බඳු ඇස්ගඩුව යන අර්ථයි. අන් අයගේ ඇස්ගඩු වනාහි අසම්පූර්ණ වේ. ඇත්, මී, කාක ආදී සතුන්ගේ ඇස්වලට සමාන එළියට නෙරා ආ ගාම්භීර වූ ඇස්වලින් යුත්, මහා පුරුෂයාගේ වනාහි සෝදා අඹරා තබන ලද මැණික් ගුලි මෙන් මෘදු, සිනිඳු, නීල සියුම් ඇස්පිහාටු ඇති ඇස්.

උණ‍්ණාති උණ‍්ණලොමං. භමුකන‍්තරෙති ද‍්වින‍්නං භමුකානං වෙමජ‍්ඣෙ නාසිකමත්‍ථකෙයෙව ජාතා, උග‍්ගන‍්ත්‍වා පන නලාටවෙමජ‍්ඣෙ ජාතා. ඔදාතාති පරිසුද‍්ධා, ඔසධිතාරකසමානවණ‍්ණා. මුදූති සප‍්පිමණ‍්ඩෙ ඔසාරෙත්‍වා ඨපිතසතවාරවිහතකප‍්පාසපටලසදිසා. තූලසන‍්නිභාති සිම‍්බලිතූලලතාතූලසමානා, අයමස‍්ස ඔදාතතාය උපමා. සා පනෙසා කොටියං ගහෙත්‍වා ආකඩ‍්ඪියමානා උපඩ‍්ඪබාහුප‍්පමාණා හොති, විස‍්සට‍්ඨා දක‍්ඛිණාවට‍්ටවසෙන ආවට‍්ටිත්‍වා උද‍්ධග‍්ගා හුත්‍වා සන‍්තිට‍්ඨති. සුවණ‍්ණඵලකමජ‍්ඣෙ ඨපිතරජතපුබ‍්බුළකං විය, සුවණ‍්ණඝටතො නික‍්ඛමමානා ඛීරධාරා විය, අරුණප‍්පභාරඤ‍්ජිතෙ ගගනප‍්පදෙසෙ ඔසධිතාරකා විය ච අතිමනොහරාය සිරියා විරොචති.

උණ්ණා යනු ඌර්ණරෝමය, භමුකන්තරෙ බැම දෙක මැද නහය මැදම පිහිටි උඩට නැගී නළල මැද පිහිටි. ඔදාතා පිරිසිදු. ඔසධී තාරකාවට සමාන වර්ණ ඇති. මුදු යනු ඉතා පිරිසිදු ගිතෙල්වල දමා තබන ලද සියවරක් පොලන ලද කපුරොදක් හා සමාන වූ තූලසන්නිභා යනු ඉඹුල් ගසේ පුළුන්, වැල්වල පුළුන් හා සමාන වූ මේ මෙහි සුදු බවට උපමාය. එය වනාහි අගින් අල්ලාගෙන අදිනු ලබන කල්හි බාහුවෙන් අඩකට කිට්ටු ප්‍රමාණ වේ. දිගහැරියවිට දකුණු පැත්තට කැරකී අග් උඩට සිටින සේ පිහිටයි. රන් ඵලකයක් මත තබන ලද රිදී බුබුලක් මෙන් රන්කලයකින් නික්මෙන කිරි ධාරාවක් මෙන් අරුණාලෝකයෙන් ප්‍රභාමත් වූ අහස්තලයේ ඔසධී තාරකාවක් මෙන්ද අතිශයින් මනහර ශ්‍රියාවෙන් බබලයි.

උණ‍්හීසසීසොති ඉදං පරිපුණ‍්ණනලාටතඤ‍්ච පරිපුණ‍්ණසීසතං චාති ද‍්වෙ අත්‍ථවසෙ පටිච‍්ච වුත‍්තං. මහාපුරිසස‍්ස හි දක‍්ඛිණකණ‍්ණචූළිකතො පට‍්ඨාය මංසපටලං උට‍්ඨහිත්‍වා සකලනලාටං ඡාදයමානං පූරයමානං ගන‍්ත්‍වා වාමකණ‍්ණචූළිකායං පතිට‍්ඨිතං, තං රඤ‍්ඤො බන්‍ධඋණ‍්හීසපට‍්ටො විය විරොචති. මහාපුරිසස‍්ස කිර ඉමං ලක‍්ඛණං දිස‍්වා රාජූනං උණ‍්හීසපට‍්ටං අකංසු. අයං තාව එකො අත්‍ථො. අඤ‍්ඤෙ පන ජනා අපරිපුණ‍්ණසීසා හොන‍්ති, කෙචි කපිසීසා, කෙචි ඵලසීසා, කෙචි අට‍්ඨිසීසා, කෙචි හත්‍ථිසීසා, කෙචි තුම‍්බසීසා, කෙචි පබ‍්භාරසීසා. මහාපුරිසස‍්ස පන ආරග‍්ගෙන වට‍්ටෙත්‍වා ඨපිතං විය සුපරිපුණ‍්ණං උදකපුබ‍්බුළසදිසං සීසං හොති. තත්‍ථ පුරිමනයෙ උණ‍්හීසවෙඨිතසීසො වියාති උණ‍්හීසසීසො. දුතියනයෙ උණ‍්හීසං විය සබ‍්බත්‍ථ පරිමණ‍්ඩලසීසොති උණ‍්හීසසීසො.

උණ්හීසසීසො යනු පිරිපුන් නළල් තලය ඇතිබවද පිරිපුන් ශීර්ෂයද යන දෙකරුණ අරභයා කියන ලදි. මහා පුරුෂයාගේ වනාහි දකුණු කන් සිලුවේ පටන් මස්පිඩක් උඩට නැගී සියලු නළල වසා පරිපූර්ණව ගොස් වටනක්සිළුවේ පිහිටි රජු විසින් බඳින ලද උරහිස් පටියක් මෙන් බබලයි. මහාපුරුෂයාගේ වනාහි මේ ලක්‍ෂණය දැක රජවරුන්ට නළල්පට කළේය. මේ එක් අර්ථයක් පමණි. අන්‍ය ජනයා වනාහි අසම්පූර්ණ හිස් ඇත්තාහ. කෙනෙක් කපාදැම්මාක් වැනි හිස් ඇත්තාහ. කෙනෙක් ඇට මතුවූ හිස් ඇත්තාහ. තව කෙනෙක් පර්වතයක් වැනි හිස් ඇත්තාහ. මහාපුරුෂයාගේ වනාහි හිඳිකටු තුඩෙන් වටකර තැබුවාක් වැනි සම්පූර්ණ ජලබිඳුවක් බඳු හිසක් ඇත්තේ වෙයි. එහි පෙර පරිද්දෙන් නළල්පටකින් වෙළන ලද්දාක් වැනි හිස් ඇත්තේය. උණ්හීසසීසො නම් වේ. දෙවන ක්‍රමයට නළල්පටක් මෙන් සියළු තන්හි මනාව මට්ටම් වූ හිස ය යන අර්ථයෙහි උණ්හීසසීසො.

විපස‍්සීසමඤ‍්ඤාවණ‍්ණනා

සබ‍්බකාමෙහීති ඉදං ලක‍්ඛණානි පරිග‍්ගණ‍්හාපෙත්‍වා පච‍්ඡා කතං විය වුත‍්තං, න පනෙවං දට‍්ඨබ‍්බං. පඨමඤ‍්හි තෙ නෙමිත‍්තකෙ සන‍්තප‍්පෙත්‍වා පච‍්ඡා ලක‍්ඛණපරිග‍්ගණ‍්හනං කතන‍්ති වෙදිතබ‍්බං. තස‍්ස විත්‍ථාරො ගබ‍්භොක‍්කන‍්තියං වුත‍්තොයෙව. පායෙන‍්තීති ථඤ‍්ඤං පායෙන‍්ති. තස‍්ස කිර නිද‍්දොසෙන මධුරෙන ඛීරෙන සමන‍්නාගතා සට‍්ඨි ධාතියො උපට‍්ඨාපෙසි, තථා සෙසාපි තෙසු තෙසු කම‍්මෙසු කුසලා සට‍්ඨිසට‍්ඨියෙව. තාසං පෙසනකාරකෙ සට‍්ඨි පුරිසෙ, තස‍්ස තස‍්ස කතාකතභාවං සල‍්ලක‍්ඛණෙ සට‍්ඨි අමච‍්චෙ උපට‍්ඨාපෙසි. එවං චත‍්තාරි සට‍්ඨියො ඉත්‍ථීනං, ද‍්වෙ සට‍්ඨියො පුරිසානන‍්ති ඡ සට‍්ඨියො උපට‍්ඨකානංයෙව අහෙසුං. සෙතච‍්ඡත‍්තන‍්ති දිබ‍්බසෙතච‍්ඡත‍්තං. කුලදත‍්තියං පන සිරිගබ‍්භෙයෙව තිට‍්ඨති. මා නං සීතං වාතිආදීසු මා අභිභවීති අත්‍ථො වෙදිතබ‍්බො. ස‍්වාස‍්සුදන‍්ති සො අස‍්සුදං. අඞ‍්කෙනෙව අඞ‍්කන‍්ති අඤ‍්ඤස‍්ස බාහුනාව අඤ‍්ඤස‍්ස බාහුං. අඤ‍්ඤස‍්ස ච අංසකූටෙනෙව අඤ‍්ඤස‍්ස අංසකූටං. පරිහරියතීති නීයති, සම‍්පාපියතීති අත්‍ථො.

සබ්බකාමෙහි යනු මේ ලකුණු පිළිගන්වා පසුව කරන ලද්දාක් මෙන් යැයි කියන ලදි. මෙසේ තේරුම් නොගත යුතුයි. නිමිති දන්නවුන්ට සංග්‍රහ කර පසුව ලකුණු විමසා බැලීම කරන ලදැයි දතයුතුයි. ඒ පිළිබඳ විස්තර ගැබට පිවිසීම ගැන කියනවිට කියන ලදි. පායෙන්ති තනයෙන් පොවත්. ඔහුට වනාහි දොස් රහිත මිහිරි කිරි ඇති කිරිමවුන් සැටක් යොදවන ලදි. එපරිද්දෙන්ම ඒ ඒ කටයුතුවල දක්‍ෂයන් හැට බැගින් යොදන ලදි. ඔවුන් පිටත්කර හැරීමේ කාර්යයේ පුරුෂයන් සැටක් ඒ ඒ තැනැත්තා තමන්ගේ කටයුතු කළ නොකළ බව සොයා බැලීමට ඇමැතියන් සැටදෙනෙක් යෙදවීය. මෙසේ සැටසතරක් කාන්තාවන් හා හැටදෙකක් පුරුෂයන් සේවකයන් ලෙස යෙදවූහ. සෙතච්ඡත්තං යනු දිව්‍යමය සේසත කුල පරපුරෙන් ආ එක සිරියහන් ගබඩාවේම තිබේ. මා නං සීතං වා ආදියෙහි අභිභවනය නොකරන්න යන අර්ථය දතයුතුයි. ස්වාස්සූදං -සො- හෙතෙම - සුදං යනු පද පූර්ණයේ නිපාතයකි. අන් තැනැත්තියකගේ අතින් අන් තැනැත්තියකගේ අතට අන් කෙනෙකුගේ දසරුවෙන් වෙන අයෙකුගේ දසරුවට. පරිහරීයති පමුණුවයි යන අර්ථයි.

මඤ‍්ජුස‍්සරොති අඛරස‍්සරො. වග‍්ගුස‍්සරොති ඡෙකනිපුණස‍්සරො. මධුරස‍්සරොති සාතස‍්සරො. පෙමනියස‍්සරොති පෙමජනකස‍්සරො. තත්‍රිදං කරවීකානං මධුරස‍්සරතාය – කරවීකසකුණෙ කිර මධුරරසං අම‍්බපක‍්කං මුඛතුණ‍්ඩකෙන පහරිත්‍වා පග‍්ඝරිතරසං පිවිත්‍වා පක‍්ඛෙන තාලං දත්‍වා විකූජමානෙ චතුප‍්පදා මත‍්තා විය ලළිතුං ආරභන‍්ති. ගොචරපසුතාපි චතුප‍්පදා මුඛගතානි තිණානි ඡඩ‍්ඩෙත්‍වා තං සද‍්දං සුණන‍්ති. වාළමිගා ඛුද‍්දකමිගෙ අනුබන්‍ධමානා උක‍්ඛිත‍්තං පාදං අනික‍්ඛිපිත්‍වාව තිට‍්ඨන‍්ති. අනුබද‍්ධමිගා ච මරණභයං ජහිත්‍වා තිට‍්ඨන‍්ති. ආකාසෙ පක‍්ඛන්‍දා පක‍්ඛිනොපි පක‍්ඛෙ පසාරෙත්‍වා තං සද‍්දං සුණමානාව තිට‍්ඨන‍්ති. උදකෙ මච‍්ඡාපි කණ‍්ණපටලං පප‍්ඵොටෙත්‍වා තං සද‍්දං සුණමානාව තිට‍්ඨන‍්ති. එවං මධුරස‍්සරා කරවීකා.

මඤ්ජූස්සරො යනු මිහිරි හඬ - වග්ගුස්සරො දක්‍ෂ වූ නිපුණ වූ ස්වරය. මධුරස්සරො යනු මිහිරි ස්වරය. පෙමනීයස්සරො ප්‍රිය උපදවන ස්වරය, මේ එහි කොවුලන්ගේ මිහිරිස්වර ඇති බැවින්. කොවුලන් වනාහි මිහිරි රසැති අඹගෙඩියකට තුඩින් ඇණ වැගිරෙන රසය බී පියාපත් සලා කුජනය කරන කල්හි මාත්‍රා සතරක් ඇති පදයක් මෙන් මිහිරි ලෙස අරඹයි. ගොදුරු ගනිමින් සිටින සිව්පාවෝ ද මුවින් ගත් තණකොල අතහැර දමා ඒ හඬ අසත්. ව්‍යාල මෘගයෝ කුඩා සතුන් ලුහුබඳින්නේ ඔසවන ලද පාදය බිම නොතබා සිටිත්. ලුහුබඳින ලද මුවාද මරණ භය හැර සිටිත්. අහසෙහි පියාසර කරන පක්‍ෂීහු පියාපත් දිගහැරගෙන සිටිත්. ජලයේ සිටින මත්ස්‍යයෝ ද කන්පටලය නොසොල්වා ඒ හඬ අසමින්ම සිටිත්. මෙසේ මිහිරි ස්වර ඇති කොවුලෝය.

අසන්‍ධිමිත‍්තාපි ධම‍්මාසොකස‍්ස දෙවී – “අත්‍ථි නු ඛො, භන‍්තෙ, බුද‍්ධස‍්සරෙන සදිසො කස‍්සචි සරො”ති සඞ‍්ඝං පුච‍්ඡි. අත්‍ථි කරවීකසකුණස‍්සාති. කුහිං, භන‍්තෙ, තෙ සකුණාති? හිමවන‍්තෙති. සා රාජානං ආහ – “දෙව, අහං කරවීකසකුණං පස‍්සිතුකාමාම‍්හී”ති. රාජා – “ඉමස‍්මිං පඤ‍්ජරෙ නිසීදිත්‍වා කරවීකො ආගච‍්ඡතූ”ති සුවණ‍්ණපඤ‍්ජරං විස‍්සජ‍්ජෙසි. පඤ‍්ජරො ගන‍්ත්‍වා එකස‍්ස කරවීකස‍්ස පුරතො අට‍්ඨාසි. සො – “රාජාණාය ආගතො පඤ‍්ජරො, න සක‍්කා න ගන‍්තු”න‍්ති තත්‍ථ නිසීදි. පඤ‍්ජරො ආගන‍්ත්‍වා රඤ‍්ඤො පුරතො අට‍්ඨාසි. න කරවීකසද‍්දං කාරාපෙතුං සක‍්කොන‍්ති. අථ රාජා – “කථං, භණෙ, ඉමෙ සද‍්දං න කරොන‍්තී”ති ආහ. ඤාතකෙ අදිස‍්වා දෙවාති. අථ නං රාජා ආදාසෙහි පරික‍්ඛිපාපෙසි. සො අත‍්තනො ඡායං දිස‍්වා – “ඤාතකා මෙ ආගතා”ති මඤ‍්ඤමානො පක‍්ඛෙන තාලං දත්‍වා මධුරස‍්සරෙන මණිවංසං ධමමානො විය විරවි. සකලනගරෙ මනුස‍්සා මත‍්තා විය ලළිංසු. අසන්‍ධිමිත‍්තා චින‍්තෙසි – “ඉමස‍්ස තාව තිරච‍්ඡානගතස‍්ස එවං මධුරො සද‍්දො, කීදිසො නු ඛො සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණසිරිපත‍්තස‍්ස භගවතො සද‍්දො අහොසී”ති පීතිං උප‍්පාදෙත්‍වා තං පීතිං අවිජහිත්‍වා සත‍්තහි ජඞ‍්ඝසතෙහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි. එවං මධුරො කිර කරවීකසද‍්දොති. තතො පන සතභාගෙන සහස‍්සභාගෙන ච මධුරතරො විපස‍්සිස‍්ස කුමාරස‍්ස සද‍්දො අහොසීති වෙදිතබ‍්බො.

ධර්මාශෝකයන්ගේ දේවිය වූ අසන්ධිමිත්‍රාව, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ හඬට සමාන හඬක් කවරකුහට ඇත්තේදැයි සංඝයාගෙන් විචාළාය. ඇත. කොවුලාගේ හඬය. ස්වාමීනි! ඒ පක්‍ෂීහු කොහි සිටිත්ද? හිමවතැයයි කීහ. ඕ තොමෝ රජතුමාට මෙසේ කීවාය. මම කොවුල් පක්‍ෂියකු දකිනු කැමැත්තෙමි. රජතෙමේ මේ කූඩුවෙහි හිඳ කොවුලකු පැමිණේවායි රන්කූඩුවක් යැවීය. මැදිරිය ගොස් එක කුරවීකයකු ඉදිරියේ සිටියේය. ඒ රජුගේ අණින් ආවා වූ මැදිරියයි. නොගොස් සිටින්නට බැරියයි එහි සිටියේය. මැදිරිය අවුත් රජු ඉදිරියේ පෙනී සිටියේය. කොවුලා හඬවන්නට නොහැක්කාහ. ඉක්බිති රජතුමා, හිතවත, මේ ජනයාට කථාකරන්න යැයි කීය. දේවයන් වහන්ස, නෑයන් දැක හඬලමියි කීය. ඉක්බිති රජු ඔහුව කැඩපත්වලින් ආවරණය කරවීය. ඔහු තමාගේම ඡායාවන් දැක නෑයන් පැමිණියේ යැයි සිතා පියාපත්වලින් තාලයක් නගා මිහිරි ස්වරයකින් මැණික්මය බටනළාවක් පිඹින්නාක් මෙන් නාද කළේය. මුළු නගරයේම ජනයා මත්වූවාක්හු මෙන් වූහ. අසන්‍ධිමිත්‍රාව මෙසේ සිතුවාය. මේ තිරිසන් සත්ත්වයාගේ මෙබඳු මිහිරි හඬක් වන්නේද සර්වඥතාඥානය ලැබූ භාග්‍යවතුන්ගේ හඬ කෙබඳු වූයේදැයි ප්‍රීතිය උපදවා ප්‍රීතිය අත්නොහැරම සත්සියයක් ප්‍රභේද ඇති සෝවාන්ඵලයෙහි පිහිටියේය. කොවුල්නාදය මෙසේ මධුර විය. විපස්සී කුමාරයාගේ හඬ ඊට වඩා සියක් ගුණයක් දහස් ගුණයක් මිහිරි විය.

කම‍්මවිපාකජන‍්ති න භාවනාමයං, කම‍්මවිපාකවසෙන පන දෙවතානං චක‍්ඛුසදිසමෙව මංසචක‍්ඛු අහොසි, යෙන නිමිත‍්තං කත්‍වා තිලවාහෙ පක‍්ඛිත‍්තං එකතිලම‍්පි අයං සොති උද‍්ධරිත්‍වා දාතුං සක‍්කොති.

කම්ම විපාකජ යනු භාවනාමය නොවන, කර්මවිපාක වශයෙන් වනාහි දෙවියන්ට ඇසට සමාන මසැස විය. යමක් අරමුණු කරගෙන තලඇට ගොඩකින් එක් තලඇටයක් මේ එයයයි තෝරා දෙන්නට හැකිවෙයි.

විපස‍්සීති එත්‍ථ අයං වචනත්‍ථො, අන‍්තරන‍්තරා නිමීලජනිතන්‍ධකාරවිරහෙන විසුද‍්ධං පස‍්සති, විවටෙහි ච අක‍්ඛීහි පස‍්සතීති විපස‍්සී; දුතියවාරෙ විචෙය්‍ය විචෙය්‍ය පස‍්සතීති විපස‍්සී; විචිනිත්‍වා විචිනිත්‍වා පස‍්සතීති අත්‍ථො.

විපස්සී යනු මෙහි මේ වචනාර්ථයයි. අතරින් පතර වහා හටගත් අඳුර නැතිවීමෙන් එළිය දකී. විවෘත වූ ඇස්වලින් දකීනුයි විපස්සී නම් වේ. දෙවෙනිවර සොයන්නේය. දකින්නේය කියා විපස්සී නම් වේ. තෝරාගෙන දකීය යන අර්ථයි.

අත්‍ථෙ පනායතීති අත්‍ථෙ ජානාති පස‍්සති, නයති වා පවත‍්තෙතීති අත්‍ථො. එකදිවසං කිර විනිච‍්ඡයට‍්ඨානෙ නිසීදිත්‍වා අත්‍ථෙ අනුසාසන‍්තස‍්ස රඤ‍්ඤො අලඞ‍්කතපටියත‍්තං මහාපුරිසං ආනෙත්‍වා හත්‍ථෙ ඨපයිංසු. තස‍්ස තං අඞ‍්කෙකත්‍වා උපලාළයමානස‍්සෙව අමච‍්චා සාමිකං අස‍්සාමිකං අකංසු. බොධිසත‍්තො අනත‍්තමනසද‍්දං නිච‍්ඡාරෙසි. රාජා – “කිමෙතං, උපධාරෙථා”ති ආහ. උපධාරියමානා අඤ‍්ඤං අදිස‍්වා – “අඩ‍්ඩස‍්ස දුබ‍්බිනිච‍්ඡිතත‍්තා එවං කතං භවිස‍්සතී”ති පුන සාමිකංයෙව සාමිකං කත්‍වා “ඤත්‍වා නු ඛො කුමාරො එවං කරොතී”ති වීමංසන‍්තා පුන සාමිකං අස‍්සාමිකං අකංසු. පුනපි බොධිසත‍්තො තථෙව සද‍්දං නිච‍්ඡාරෙසි. අථ රාජා – “ජානාති මහාපුරිසො”ති තතො පට‍්ඨාය අප‍්පමත‍්තො අහොසි. ඉදං සන්‍ධාය වුත‍්තං – “විචෙය්‍ය විචෙය්‍ය කුමාරො අත්‍ථෙ පනායතී”ති.

[missing trans] එක් දවසක් වනාහි විනිශ්චය ආසනයේ සිට අර්ථයෙන් අනුශාසනා කරන රජුට මනාව අලංකාර කොට සූදානම් කළ මහා පුරුෂයන්ට ගෙනවිත් අතෙහි තැබුවාහ. ඔහුව උකුලේ තබාගෙන නලවනවිට ඇමතිවරු එක් ස්වාමියකු අස්වාමික කළහ. බෝධිසත්ත්වයෝ නොසතුටු හඬක් නිකුත් කළේය. රජු මේ කුමක්ද කියා සොයා බලන්නට නියෝග කළේය. සොයා බලන්නාහු වෙන කරුණක් නොදැක අසාධාරණ විනිශ්චයක් කරන ලද බැවින් මෙසේ කරන ලදැයි වටහාගෙන නැවත හිමිකරු හිමිකරු බවටම පත්කොට කුමාරයා මෙය දැනගෙන මෙසේ කරන්නේයැයි ස්වාමියා අස්වාමික කළහ. නැවතද බෝධිසත්ත්වයෝ එබඳුම හඬක් නිකුත් කළේය. ඉක්බිති රජතුමා මහා පුරුෂයෝ දනීතියි එතැන් පටන් අප්‍රමාදී විය. මේ ගැන මෙසේ කියන ලදි. ‘කුමාරයා අර්ථයන් විමසන්නේය. විමසන්නේය.’

වස‍්සිකන‍්තිආදීසු යත්‍ථ සුඛං හොති වස‍්සකාලෙ වසිතුං, අයං වස‍්සිකො. ඉතරෙසුපි එසෙව නයො. අයං පනෙත්‍ථ වචනත්‍ථො වස‍්සාවාසො වස‍්සං, වස‍්සං අරහතීති වස‍්සිකො. ඉතරෙසුපි එසෙව නයො.

වස්සික යනාදියෙහි යම්තැනක වැහිකාලයේ වසින්නට පහසු වෙයිද මෙය වස්සික නම් වේ. අන් ඒවාද මේ ක්‍රමයටමය. මේ මෙහි වචනාර්ථයයි. වස්කාලයේ වසන්නට සුදුසුයි. වස්සිකො. අන් ඒවායේ ද මේ ක්‍රමයයි.

තත්‍ථ වස‍්සිකො පාසාදො නාතිඋච‍්චො හොති, නාතිනීචො, ද‍්වාරවාතපානානිපිස‍්ස නාතිබහූනි නාතිතනූනි, භූමත්‍ථරණපච‍්චත්‍ථරණඛජ‍්ජභොජ‍්ජානිපෙත්‍ථ මිස‍්සකානෙව වට‍්ටන‍්ති. හෙමන‍්තිකෙ ථම‍්භාපි භිත‍්තියොපි නීචා හොන‍්ති, ද‍්වාරවාතපානානි තනුකානි සුඛුමච‍්ඡිද‍්දානි, උණ‍්හප‍්පවෙසනත්‍ථාය භිත‍්තිනියූහානි නීහරියන‍්ති. භූමත්‍ථරණපච‍්චත්‍ථරණනිවාසනපාරුපනානි පනෙත්‍ථ උණ‍්හවිරියානි කම‍්බලාදීනි වට‍්ටන‍්ති. ඛජ‍්ජභොජ‍්ජං සිනිද‍්ධං කටුකසන‍්නිස‍්සිතං නිරුදකසන‍්නිස‍්සිතඤ‍්ච. ගිම‍්හිකෙ ථම‍්භාපි භිත‍්තියොපි උච‍්චා හොන‍්ති, ද‍්වාරවාතපානානි පනෙත්‍ථ බහූනි විපුලජාතානි හොන‍්ති, භූමත්‍ථරණාදීනි දුකූලමයානි වට‍්ටන‍්ති. ඛජ‍්ජභොජ‍්ජානි මධුරසසන‍්නිස‍්සිතභරිතානි. වාතපානසමීපෙසු චෙත්‍ථ නව චාටියො ඨපෙත්‍වා උදකස‍්ස පූරෙත්‍වා නීලුප‍්පලාදීහි සඤ‍්ඡාදෙන‍්ති. තෙසු තෙසු පදෙසෙසු උදකයන‍්තානි කරොන‍්ති, යෙහි දෙවෙ වස‍්සන‍්තෙ විය උදකධාරා නික‍්ඛමන‍්ති.

එහි වාසය කරන ප්‍රාසාදය බොහෝ පහත් ද නැත. බොහෝ උස් ද නැත. දොරවල්, වාකවුළු ආදිය බොහෝ නොවේ. අඩුද නොවේ. බිමතුරුණු, පසතුරුණු ආදියත් ඛාද්‍ය භෝජ්‍ය ආදියත් මිශ්‍රකිරීම සුදුසුය. හේමන්තයෙහි කණු ද බිත්ති ද පහත්විය යුතුය. දොරවල් වාකවුළු අඩුවිය යුතුය. සියුම් විවර ඇත්තේය. උණුසුම ඇතුල්වීම පිණිස උස බිත්ති ඉවත් කෙරේ. බුමුතුරුණු, පසතුරුණු හැඳීම පෙරවීම ආදිය වනාහි මෙහිදී උණුසුම ඇතිකරන කම්බිලි ආදිය සුදුසු වේ. ඛාද්‍ය, භෝජ්‍ය, සිනිඳු, කටුක, සම්මිශ්‍ර වූ ගිම්හානයේ කණු ද භිත්තිද උස්ය. දොර වාකවුළු වනාහි බොහෝ විශාල දැල් ඇතිව වන්නේය. බිම් ඇතිරිලි ආදිය දුහුල් ඒවා වීම සුදුසුය. ඛාද්‍ය භෝජ්‍ය ආදිය මිහිරි රස සීත වීර්ය වඩවන්නේය. වාකවුළු සමීපයෙහි අළුඅත් සැලි තබා ජලයෙන් පුරවා නිලුපුල් ආදියෙන් යුක්ත කරත්. ඒ ඒ ප්‍රදේශවල ජල යන්ත්‍ර සාදත්. එයින් වර්ෂාව ඇතිකල්හි මෙන් ජලධාරා වැගිරේ.

නිප‍්පුරිසෙහීති පුරිසවිරහිතෙහි. න කෙවලඤ‍්චෙත්‍ථ තූරියානෙව නිප‍්පුරිසානි, සබ‍්බට‍්ඨානානිපි නිප‍්පුරිසානෙව, දොවාරිකාපි ඉත්‍ථියොව, නහාපනාදිපරිකම‍්මකරාපි ඉත්‍ථියොව. රාජා කිර – “තථාරූපං ඉස‍්සරියසුඛසම‍්පත‍්තිං අනුභවමානස‍්ස පුරිසං දිස‍්වා පුරිසාසඞ‍්කා උප‍්පජ‍්ජති, සා මෙ පුත‍්තස‍්ස මා අහොසී”ති සබ‍්බකිච‍්චෙසු ඉත්‍ථියොව ඨපෙසීති.

නිප්පුරිසෙහි පුරුෂයන් ඇති, හුදෙක් තූර්ය භාණ්ඩම නොවේ. පුද්ගලයන් නැති සියලු ස්ථානයන්ම පුරුෂයන් නැති. දොරටුපාලකයන්ද ස්ත්‍රීහුය. නෑවීම ආදී කටයුතු කරන්නේ ද ස්ත්‍රීන්මය. රජු වනාහි එබඳු වූ ඓශ්වර්ය සම්පත්තියක් අනුභව කරන්නහුට පුරුෂයාව දැක සැකයක් උපදී. එය මාගේ පුත්‍රයාට නොවේවායි සියලු කාර්යයන්හි ස්ත්‍රීන්වම යෙදූහ.

පඨමභාණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමු බණවර වර්ණනාව නිමියේ ය.

ජිණ‍්ණපුරිසවණ‍්ණනා

දුතියභාණවාරෙ ගොපානසිවඞ‍්කන‍්ති ගොපානසී විය වඞ‍්කං. භොග‍්ගන‍්ති ඛන්‍ධෙ, කටියං, ජාණූසූති තීසු ඨානෙසු භොග‍්ගවඞ‍්කං. දණ‍්ඩපරායනන‍්ති දණ‍්ඩගතිකං දණ‍්ඩපටිසරණං. ආතුරන‍්ති ජරාතුරං. ගතයොබ‍්බනන‍්ති අතික‍්කන‍්තයොබ‍්බනං පච‍්ඡිමවයෙ ඨිතං. දිස‍්වාති අඩ‍්ඪයොජනප‍්පමාණෙන බලකායෙන පරිවුතො සුසංවිහිතාරක‍්ඛොපි ගච‍්ඡන‍්තො යදා රථො පුරතො හොති, පච‍්ඡා බලකායො, තාදිසෙ ඔකාසෙ සුද‍්ධාවාසඛීණාසවබ්‍රහ‍්මෙහි අත‍්තනො ආනුභාවෙන රථස‍්ස පුරතොව දස‍්සිතං, තං පුරිසං පස‍්සිත්‍වා. සුද‍්ධාවාසා කිර – “මහාපුරිසො පඞ‍්කෙ ගජො විය පඤ‍්චසු කාමගුණෙසු ලග‍්ගො, සතිමස‍්ස උප‍්පාදෙස‍්සාමා”ති තං දස‍්සෙසුං. එවං දස‍්සිතඤ‍්ච තං බොධිසත‍්තො චෙව පස‍්සති සාරථි ච. බ්‍රහ‍්මානො හි බොධිසත‍්තස‍්ස අප‍්පමාදත්‍ථං සාරථිස‍්ස ච කථාසල‍්ලාපත්‍ථං තං දස‍්සෙසුං. කිං පනෙසොති “එසො ජිණ‍්ණොති කිං වුත‍්තං හොති, නාහං, භො ඉතො පුබ‍්බෙ එවරූපං අද‍්දස”න‍්ති පුච‍්ඡි.

දෙවන බණවරයෙහි ගොපානසිවංකං යනු ගොනැස්සෙහි මෙන් ඇද වූ භොග්ග යනු කඳ ද තුනටිය, දන යන තුන් තැන නැමෙන ඇද ඇති. දණ්ඩපරායනං දඬුවම් දෙන, දඬුවමට පිළිසරණ වූ. ආතුරං ජරාවෙන් ආතුර වූ. ගතයොබ්බනං ඉක්මගිය යොවුන් බව ඇති පශ්චිම වයසෙහි සිටියා වූ දිස්වා අඩයොදුන, යොදුනක් පමණ වූ බලකාය පිරිවරාගත් මනාව යොදන ලද ආරක්ෂා ඇතිව යන්නේ යම්සේ රථය පෙරටුකොට යයිද පසුව බලකාය යන්නේද එබඳු අවස්ථාවකදී ශුද්ධාවාස, ක්‍ෂීණාශ්‍රව බ්‍රහ්මයන් විසින් තමන්ගේ ආනුභාවයෙන් රථයට පෙරටුව දක්වන ලද ඒ පුරුෂයාව දැක, සුද්ධාවාස දෙවියෝ වනාහි, මහා පුරුෂයා වනාහි මඩෙහි හස්තියකු මෙන් පස්කම් ගුණයෙහි ඇලුනේ වෙයි. මොහුට සිහිය උපදවන්නෙමියි ඔහුව දැක්වූහ. මෙසේ දක්වන ලද ඔහුව බෝධිසත්ත්වයෝද දකිති. රථාචාර්යයාද දකියි. බ්‍රහ්මයෝද බෝධිසත්ත්වයන්ගේ අප්‍රමාදී බව සඳහාද රථාචාර්යයාගේ කථා සල්ලාපය සඳහාද ඔහුව දැක්වූහ. කිං පනෙසො යනු මෙතෙමේ දිරා ගියේය. කුමක් කියන ලද්දේ ද? මම මීට පෙර මෙබන්දක් නුදුටුවෙමියි විචාරයි.

තෙන හීති යදි මය‍්හම‍්පි එවරූපෙහි කෙසෙහි එවරූපෙන ච කායෙන භවිතබ‍්බං, තෙන හි සම‍්ම සාරථි. අලං දානජ‍්ජ උය්‍යානභූමියාති – “අජ‍්ජ උය්‍යානභූමිං පස‍්සිස‍්සාමා”ති ගච‍්ඡාම, අලං තාය උය්‍යානභූමියාති සංවිග‍්ගහදයො සංවෙගානුරූපමාහ. අන‍්තෙපුරං ගතොති ඉත්‍ථිජනං විස‍්සජ‍්ජෙත්‍වා සිරිගබ‍්භෙ එකකොව නිසින‍්නො. යත්‍ර හි නාමාති යාය ජාතියා සති ජරා පඤ‍්ඤායති, සා ජාති ධිරත්‍ථු ධික‍්කතා අත්‍ථු, ජිගුච‍්ඡාමෙතං ජාතින‍්ති, ජාතියා මූලං ඛණන‍්තො නිසීදි, පඨමෙන සල‍්ලෙන හදයෙ විද‍්ධො විය.

තෙනහි යනු ඉදින් මගේ ද මෙබඳු කෙස් මෙබඳු කයක් වන්නේය. තෙනහි සම්ම සාරථී අලංදානජ්ජ උය්‍යානභූමියා අද යම් උයන්බිමක් දකින්නෙමියි යන්නෙමුද ඒ උද්‍යානභූමියෙන් වැඩක් නැතැයි කලකිරුණු හදවතක් ඇත්තේ සංවේගානුරූපව මෙසේ කීය. අන්තෙපුරගතො යනු ස්ත්‍රීජනයාව ඉවත්කර සිරියහන් ගැබෙහි හුදෙකලාව සිටියේ යත්‍රහි නාමා යම් ජාතියක් ඇතිකල්හි ජරාව පෙනෙයිද ඒ ජාතිය. ධිරත්‍ථු නින්දා වේවා! මේ ජාතිය පිළිකුල් කරමියි, ජාතියෙහි මුල කනින්නේ පළමු හුලෙන් හෘදයේ විද්දාක් මෙන් හුන්නේය.

සාරථිං ආමන‍්තාපෙත්‍වාති රාජා කිර නෙමිත‍්තකෙහි කථිතකාලතො පට‍්ඨාය ඔහිතසොතො විචරති, සො “කුමාරො උය්‍යානං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ නිවත‍්තො”ති සුත්‍වා සාරථිං ආමන‍්තාපෙසි. මා හෙව ඛොතිආදීසු රජ‍්ජං කාරෙතු, මා පබ‍්බජතු, බ්‍රාහ‍්මණානං වචනං මා සච‍්චං හොතූති එවං චින‍්තෙසීති අත්‍ථො.

සාරථිං අමන්තාපෙත්‍වා රජු වනාහි නිමිතිකරුවන් විසින් කියන ලද කාලයේ පටන් කන් යොමාගෙනම ඇවිදියි. ඒ කුමාරයා උයනට යන්නේ අතරමග නතර වූයේ යැයි අසා රථාචාර්යයාට කථා කළේය. මාහෙව ඛො යනාදියෙහි රාජ්‍යය කෙරේවා. පැවිදි නොවේවායි බ්‍රාහ්මණයන්ගේ වචනය සත්‍යයක් නොවේවායි මෙසේ සිතීය යන අර්ථයි.

බ්‍යාධිපුරිසවණ‍්ණනා

අද‍්දස ඛොති පුබ‍්බෙ වුත‍්තනයෙනෙව සුද‍්ධාවාසෙහි දස‍්සිතං අද‍්දස. ආබාධිකන‍්ති ඉරියාපථභඤ‍්ජනකෙන විසභාගබාධෙන ආබාධිකං. දුක‍්ඛිතන‍්ති රොගදුක‍්ඛෙන දුක‍්ඛිතං. බාළ‍්හගිලානන‍්ති අධිමත‍්තගිලානං. පලිපන‍්නන‍්ති නිමුග‍්ගං. ජරා පඤ‍්ඤායිස‍්සති බ්‍යාධි පඤ‍්ඤායිස‍්සතීති ඉධාපි යාය ජාතියා සති ඉදං ද‍්වයං පඤ‍්ඤායති, ධික‍්කතා සා ජාති, අජාතං ඛෙමන‍්ති ජාතියා මූලං ඛණන‍්තො නිසීදි, දුතියෙන සල‍්ලෙන විද‍්ධො විය.

අද්දසා ඛො පෙර කියන ලද පරිදිම ශුද්ධාවාස දෙවියන් විසින් දක්වන ලද්ද දුටුවේය. ආබාධිකං යනු ඉරියව් බිඳීමෙන් ද අසමාන වූ ආබාධයෙන් ද රෝගී වූ. දුක්ඛිතං යනු රෝගවීමේ දුකින් දුකට පත්වූ. බාළ්හගිලානං දැඩි ලෙස ගිලන් වූ. පළිපන්න ගිලුනා වූ. ජරා පඤ්ඤායිස්සති ව්‍යාධි පඤ්ඤායිස්සති මෙහිද යම් ජාතියක සිටියදී මේ දෙක පෙනීයයි ද ඒ ජාතියට නින්දා වේවා. නූපන්නේ නම් ආරක්ෂාකාරීය යනාදී ලෙස ජාතියේ මුල කනින්නේ දෙවෙනි ආයුධයෙන් ඇන්නාක් මෙන් සිටියේය.

කාලඞ‍්කතපුරිසවණ‍්ණනා

විලාතන‍්ති සිවිකං. පෙතන‍්ති ඉතො පටිගතං. කාලඞ‍්කතන‍්ති කතකාලං, යත‍්තකං තෙන කාලං ජීවිතබ‍්බං, තං සබ‍්බං කත්‍වා නිට‍්ඨපෙත්‍වා මතන‍්ති අත්‍ථො. ඉමම‍්පිස‍්ස පුරිමනයෙනෙව බ්‍රහ‍්මානො දස‍්සෙසුං. යත්‍ර හි නාමාති ඉධාපි යාය ජාතියා සති ඉදං තයං පඤ‍්ඤායති, ධික‍්කතා සා ජාති, අජාතං ඛෙමන‍්ති ජාතියා මූලං ඛණන‍්තො නිසීදි, තතියෙන සල‍්ලෙන විද‍්ධො විය.

විලාතං යනු දෝළාව. පෙතං යනු මෙයින් නික්මගිය. කාලකතං මියගිය. යම්තාක් කල් ජීවත්විය යුතුද ඒ සියල්ල කොට නිමවා මළේය යන අර්ථයි. ඔහුට පෙරසේම මෙය බ්‍රහ්මයෝ දැක්වූහ. යත්‍ර හි නාමා යනු මෙහිද යම් ජාතියක සිටින කල්හි මේ භය පෙනෙයි. ඒ ජාතියට නින්දා වේවා. නූපන් දේ ක්‍ෂේමයි. මෙසේ ජාතියේ මුල කනින්නාක් මෙන් තුන්වන ආයුධයෙන් විදින ලද්දාක් මෙන් හුන්නේය.

පබ‍්බජිතවණ‍්ණනා

භණ‍්ඩුන‍්ති මුණ‍්ඩං. ඉමම‍්පිස‍්ස පුරිමනයෙනෙව බ්‍රහ‍්මානො දස‍්සෙසුං. සාධු ධම‍්මචරියාතිආදීසු අයං දෙව ධම‍්මචරණභාවො සාධූති චින‍්තෙත්‍වා පබ‍්බජිතොති එවං එකමෙකස‍්ස පදස‍්ස යොජනා වෙදිතබ‍්බා. සබ‍්බානි චෙතානි දසකුසලකම‍්මපථවෙවචනානෙව. අවසානෙ පන අවිහිංසාති කරුණාය පුබ‍්බභාගො. අනුකම‍්පාති මෙත‍්තාය පුබ‍්බභාගො. තෙනහීති උය්‍යොජනත්‍ථෙ නිපාතො. පබ‍්බජිතං හිස‍්ස දිස‍්වා චිත‍්තං පබ‍්බජ‍්ජාය නින‍්නං ජාතං. අථ තෙන සද‍්ධිං කථෙතුකාමො හුත්‍වා සාරථිං උය්‍යොජෙන‍්තො තෙන හීතිආදිමාහ.

භණ්ඩුං මුඩු. පෙරසේම බ්‍රහ්මයෝ ඔහුට පෙන්වූහ. සාධු ධම්මචරියා ආදියෙහි මේ දේවධර්මයන්හි හැසිරෙන බව යහපත් යැයි පැවිදි වූයේයැයි මෙසේ එක එක පදයාගේ යෙදීම දතයුතුය. සියලුම මේ දස කුසලයන්ට පර්යාය වචනයන්ය. අවසානයෙහි වනාහි අවිහිංසා කරුණාවේ පූර්ව අවස්ථාවකි. අනුකම්පා මෛත්‍රීයෙහි පූර්ව අවස්ථාවයි. තෙනහි නම් උනන්දු කරවීම් අර්ථයෙහි නිපාතයයි. පැවිද්දකු දැක මොහුගේ සිත වනාහි පැවිද්දට නැමුනේය. ඉක්බිති ඔහු සමග කියනු කැමැත්තේ වී රථාචාර්යයා උනන්දු කරවන්නේ ‘තෙනහි’ (එසේනම්) ආදිය කීය.

බොධිසත‍්තපබ‍්බජ‍්ජාවණ‍්ණනා

අථ ඛො, භික‍්ඛවෙති – “පබ‍්බජිතස‍්ස සාධු ධම‍්මචරියා”තිආදීනි ච අඤ‍්ඤඤ‍්ච බහුං මහාජනකායෙන රක‍්ඛියමානස‍්ස පුත‍්තදාරසම‍්බාධෙ ඝරෙ වසතො ආදීනවපටිසංයුත‍්තඤ‍්චෙව මිගභූතෙන චෙතසා යථාසුඛං වනෙ වසතො පබ‍්බජිතස‍්ස විවෙකානිසංසපටිසංයුත‍්තඤ‍්ච ධම‍්මිං කථං සුත්‍වා පබ‍්බජිතුකාමො හුත්‍වා – අථ ඛො, භික‍්ඛවෙ, විපස‍්සී කුමාරො සාරථිං ආමන‍්තෙසි.

අථඛො භික්ඛවෙ පැවිද්දහුගේ මනා වූ ධර්මචරියාව ආදියද අනිත් බොහෝ මහා බලකායකින් රකිනු ලබන්නා වූ දරුවන් හා භාර්යාවන් නිසා ඇතිවන සම්බාධ සහිත ගෘහයෙහි වසන්නහුට ආදීනවයන්ගෙන් යුත් ගොලු වූ සිතින් සුවසේ වනයෙහි වසන්නා වූ පැවිද්දාගේ විවේකය ආදියෙන් සමන්විත ධර්මකථා අසා පැවිදිවනු කැමති වී ඉක්බිති මහණෙනි! විපස්සී කුමාරයා රියදුරා ඇමතීය.

ඉමානි චත‍්තාරි දිස‍්වා පබ‍්බජිතං නාම සබ‍්බබොධිසත‍්තානං වංසොව තන‍්තියෙව පවෙණීයෙව. අඤ‍්ඤෙපි ච බොධිසත‍්තා යථා අයං විපස‍්සී කුමාරො, එවං චිරස‍්සං චිරස‍්සං පස‍්සන‍්ති. අම‍්හාකං පන බොධිසත‍්තො චත‍්තාරිපි එකදිවසංයෙව දිස‍්වා මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා අනොමානදීතීරෙ පබ‍්බජිතො. තෙනෙව රාජගහං පත්‍වා තත්‍ථ රඤ‍්ඤා බිම‍්බිසාරෙන – “කිමත්‍ථං, පණ‍්ඩිත, පබ‍්බජිතොසීති” පුට‍්ඨො ආහ –

මේ සතර කාරණා දැක පැවිදිවීම නම් සියලු බෝසත්වරුන්ගේ වංශයයි. පිළිවෙලයි. ප්‍රවේණියයි. අන් බෝසත්වරු ද යම්සේ මේ ‘විපස්සී කුමාරයා මෙසේ බොහෝකල්, බලත්. අපගේ බෝධිසත්ත්වයෝ වනාහි කරුණු සතරම එක දවසේදීම දැක මහාබිනික්මන් නික්මැ අනෝමා ගං ඉවුරේ පැවිදි වූයේ, එයින්ම රජගහ නුවරට පැමිණ එහිදී බිම්බිසාර රජු විසින් පණ්ඩිතය! කුමක් නිසා පැවිදි වූයෙහිදැයි විචාරණ ලද්දේ මෙසේ කීය.

“ජිණ‍්ණඤ‍්ච දිස‍්වා දුඛිතඤ‍්ච බ්‍යාධිතං, මතඤ‍්ච දිස‍්වා ගතමායුසඞ‍්ඛයං; කාසායවත්‍ථං පබ‍්බජිතඤ‍්ච දිස‍්වා, තස‍්මා අහං පබ‍්බජිතොම‍්හි රාජා”ති.

ජරාවට පත්වූවකු, දුකට පත්වූවකු, රෝගී වූවකු, ආයුෂ අවසන් වී මළ තැනැත්තකු, කාසාය වස්ත්‍රයක්, පැවිද්දෙක් ද දැක රජතුමනි! මම පැවිදි වූයෙමි.

මහාජනකායඅනුපබ‍්බජ‍්ජාවණ‍්ණනා

සුත්‍වාන තෙසන‍්ති තෙසං චතුරාසීතියා පාණසහස‍්සානං සුත්‍වා එතදහොසි. ඔරකොති ඌනකො ලාමකො. අනුපබ‍්බජිංසූති අනුපබ‍්බජිතානි. කස‍්මා පනෙත්‍ථ යථා පරතො ඛණ‍්ඩතිස‍්සානං අනුපබ‍්බජ‍්ජාය – “බන්‍ධුමතියා රාජධානියා නික‍්ඛමිත්‍වා”ති වුත‍්තං, එවං න වුත‍්තන‍්ති? නික‍්ඛමිත්‍වා සුතත‍්තා. එතෙ කිර සබ‍්බෙපි විපස‍්සිස‍්ස කුමාරස‍්ස උපට‍්ඨාකපරිසාව, තෙ පාතොව උපට‍්ඨානං ආගන‍්ත්‍වා කුමාරං අදිස‍්වා පාතරාසත්‍ථාය ගන‍්ත්‍වා භුත‍්තපාතරාසා ආගම‍්ම “කුහිං කුමාරො”ති පුච‍්ඡිත්‍වා “උය්‍යානභූමිං ගතො”ති සුත්‍වා “තත්‍ථෙව නං දක‍්ඛිස‍්සාමා”ති නික‍්ඛමන‍්තා නිවත‍්තමානං සාරථිං දිස‍්වා – “කුමාරො පබ‍්බජිතො”ති චස‍්ස වචනං සුත්‍වා සුතට‍්ඨානෙයෙව සබ‍්බාභරණානි ඔමුඤ‍්චිත්‍වා අන‍්තරාපණතො කාසාවපීතානි වත්‍ථානි ආහරාපෙත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා පබ‍්බජිංසු. ඉති නගරතො නික‍්ඛමිත්‍වා බහිනගරෙ සුතත‍්තා එත්‍ථ – “බන්‍ධුමතියා රාජධානියා නික‍්ඛමිත්‍වා”ති න වුත‍්තං.

සුත්‍වාන තෙසං යනු අසූහාර දහසක් ප්‍රාණීන්ට එය අසා මෙබඳු සිතක් ඇතිවිය. ඔරකො අඩු, ළාමක වූ. අනුපබ්බජිංසු අනුව පැවිදි වූහ. මෙහිදී කුමක් නිසා, ඛණ්ඩතිස්ස ආදීන්ගේ අනුපැවිද්ද පිණිස බන්‍ධුමතී රාජධානියෙන් නික්ම යැයි කියන ලදද? මෙසේ නොකීවේද? නික්මී අසන ලද බැවින්, මේ සියලු දෙනා වනාහි විපස්සී කුමාරයාගේ උපස්ථායක පිරිසය. ඔව්හු උදයේම උපස්ථානය පිණිස අවුත් කුමාරයා නොදැක උදේ ආහාරය පිණිස ගොස් උදේ ආහාරය වළඳා අවුත් කුමාරයා කොහේදැයි අසා උයනට ගියේ යැයි අසා එහිදීම ඔහුව හමුවන්නෙමුයි නික්ම ගියාහු රථාචාර්යයා නතරවනු දැක කුමාරයා පැවිදි වූයේය යන ඔහුගේ වචනය අසා, ඇසූ තැනදීම සියලු ආභරණ ගලවා දමා වෙළඳසැලකින් කසාවන් වස්ත්‍ර ගෙන්වාගෙන කෙස්රැවුල් කපා පැවිදි වූහ මෙසේ නගරයෙන් නික්ම නගරයෙන් පිටතදී අසන ලද බැවින් ‘මෙහි බන්‍ධුමතී රාජධානියෙන් නික්ම’ යැයි නොකියන ලදි.

චාරිකං චරතීති ගතගතට‍්ඨානෙ මහාමණ‍්ඩපං කත්‍වා දානං සජ‍්ජෙත්‍වා ආගම‍්ම ස‍්වාතනාය නිමන‍්තිතො ජනස‍්ස ආයාචිතභික‍්ඛමෙව පටිග‍්ගණ‍්හන‍්තො චත‍්තාරො මාසෙ චාරිකං චරි.

චාරිකං චරති යනු ගිය ගිය තැන මහා මණ්ඩපයක් කොට දානය සූදානම් කර අවුත් පසුදා දානය සඳහා ආරාධනා කරන්නා වූ ජනයාගේ ඉල්ලා සිටින ලද භික්‍ෂාවට පිළිගන්නේ මාස හතරක් චාරිකාවේ හැසිරෙයි.

ආකිණ‍්ණොති ඉමිනා ගණෙන පරිවුතො. අයං පන විතක‍්කො බොධිසත‍්තස‍්ස කදා උප‍්පන‍්නොති? ස‍්වෙ විසාඛපුණ‍්ණමා භවිස‍්සතීති චාතුද‍්දසීදිවසෙ. තදා කිර සො – “යථෙව මං ඉමෙ පුබ‍්බෙ ගිහිභූතං පරිවාරෙත්‍වා චරන‍්ති, ඉදානිපි තථෙව, කිං ඉමිනා ගණෙනා”ති ගණසඞ‍්ගණිකාය උක‍්කණ‍්ඨිත්‍වා “අජ‍්ජෙව ගච‍්ඡාමී”ති චින‍්තෙත්‍වා පුන “අජ‍්ජ අවෙලා, සචෙ ඉදානි ගමිස‍්සාමි, සබ‍්බෙව ඉමෙ ජානිස‍්සන‍්ති, ස‍්වෙව ගමිස‍්සාමී”ති චින‍්තෙසි. තං දිවසඤ‍්ච උරුවෙලගාමසදිසෙ ගාමෙ ගාමවාසිනො ස‍්වාතනාය නිමන‍්තයිංසු. තෙ චතුරාසීතිසහස‍්සානම‍්පි තෙසං පබ‍්බජිතානං මහාපුරිසස‍්ස ච පායාසමෙව පටියාදයිංසු. අථ මහාපුරිසො පුනදිවසෙ තස‍්මිංයෙව ගාමෙ තෙහි පබ‍්බජිතෙහි සද‍්ධිං භත‍්තකිච‍්චං කත්‍වා වසනට‍්ඨානමෙව අගමාසි. තත්‍ථ තෙ පබ‍්බජිතා මහාපුරිසස‍්ස වත‍්තං දස‍්සෙත්‍වා අත‍්තනො අත‍්තනො රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානානි පවිට‍්ඨා. බොධිසත‍්තොපි පණ‍්ණසාලං පවිසිත්‍වා නිසින‍්නො.

ආකිණ්ණො මේ සමූහයා විසින් පිරිවරන ලද්දේ මේ විතර්කය බෝධිසත්ත්වයන්ට කවදා නම් පහළවීද? හෙට වෙසක් පුන් පොහොය වන්නේ යැයි දාහතරවන දිනයේ, එදා වනාහි හෙතෙම, යම්සේ මේ අය ගිහිව සිටිය මා පිරිවරාගෙන හැසිරෙත්ද දැනුදු එසේමය. මේ පිරිසෙන් කවර වැඩෙක්දැයි සමූහයක් සමග ජීවත්වීම කෙරෙහි කලකිරී අදම යන්නෙමියි සිතා නැවත අද සුදුසු නැත. ඉදින් දැන් යන්නෙම් නම් මේ සියල්ලෝම දැනගනිත්. එනිසා හෙට යන්නෙමියි සිතීය. එදවසටද උරුවේලගමට සමාන ගමක ගම්වැසියෝ පසුදා දානය පිණිස ආරාධනා කළහ. ඔවුහු අසූහාරදහසක් පැවිද්දන්ට ද මහාපුරුෂයාණන්ටද උදෑසන දානය පිළියෙල කර දුන්හ. ඉක්බිති මහා පුරුෂයා පසුවදා ඒ ගමෙහි ඒ පැවිද්දන් සමග බත්කිස නිමවා වාසය කරන තැනටම ගියේය. එහිදී ඒ පැවිද්දෝ මහා පුරුෂයාණන්ට වත් දක්වා තම තමන්ගේ රාත්‍රී නතරවන තැන්වලට, දවල් නතරවන තැන්වලටම පිවිසිය අතර බෝධිසත්ත්වයෝ පන්සලට පිවිස හුන්නේ:-

“ඨිතෙ මජ‍්ඣන‍්හිකෙ කාලෙ, සන‍්නිසීවෙසු පක‍්ඛිසු; සණතෙව බ්‍රහාරඤ‍්ඤං, තං භයං පටිභාති ම”න‍්ති. (සං· නි· 1.15);

මධ්‍යාහ්න වේලාවේදී පක්‍ෂීන් නිහඬව හුන් කල්හි මහා වනය හඬ නගන්නාක් මෙන්ය. මට එය බියක් ඇතිකරයි.

එවරූපෙ අවිවෙකාරාමානං භයකාලෙ සබ‍්බසත‍්තානං සදරථකාලෙයෙව – “අයං කාලො”ති නික‍්ඛමිත්‍වා පණ‍්ණසාලාය ද‍්වාරං පිදහිත්‍වා බොධිමණ‍්ඩාභිමුඛො පායාසි. අඤ‍්ඤදාපි ච තස‍්මිං ඨානෙ විචරන‍්තො බොධිමණ‍්ඩං පස‍්සති, නිසීදිතුං පනස‍්ස චිත‍්තං න නමිතපුබ‍්බං. තං දිවසං පනස‍්ස ඤාණං පරිපාකගතං, තස‍්මා අලඞ‍්කතං බොධිමණ‍්ඩං දිස‍්වා ආරොහනත්‍ථාය චිත‍්තං උප‍්පන‍්නං. සො දක‍්ඛිණදිසාභාගෙන උපගම‍්ම පදක‍්ඛිණං කත්‍වා පුරත්‍ථිමදිසාභාගෙ චුද‍්දසහත්‍ථං පල‍්ලඞ‍්කං පඤ‍්ඤපෙත්‍වා චතුරඞ‍්ගවීරියං අධිට‍්ඨහිත්‍වා – “යාව බුද‍්ධො න හොමි, න තාව ඉතො වුට‍්ඨහාමී”ති පටිඤ‍්ඤං කත්‍වා නිසීදි. ඉදමස‍්ස වූපකාසං සන්‍ධාය – “එකොව ගණම‍්හා වූපකට‍්ඨො විහාසී”ති වුත‍්තං.

මෙබඳු උතුම් විවේකයෙහි ඇලුනවුන්ට භයක් ඇතිකල්හි සියලු සත්ත්වයන්ට මේ සිත්තැවුල් ඇතිකරන කාලයයි, නික්ම පන්සලේ දොර වසා බෝමැඩ දෙසට ගියේය. වෙන දිනවල මෙතැන හැසිරෙන්නේ බෝමැඩ දකියි. හිඳින්නට මොහුගේ සිතක් ඇතිවූයේ නැත. ඒ දවස වනාහි ඔහුගේ ඤාණය මේරීමට ගියේය. ඒ නිසා අලංකාර කළ බෝමැඩ දැක එයට නැගීමට සිතක් පහළවිය. ඔහු දකුණුදිසාව පැත්තෙන් පැමිණ පැදකුණුකොට පෙරදිග පැත්තෙහි දාහතර රියනක් ප්‍රමාණ පර්යංකයක් පනවාගෙන අංග සතරකින් යුත් වීර්ය අධිෂ්ඨාන කරගෙන බුදුවන තෙක් මෙතැනින් නො නැගිටිමි යි පොරොන්දු වී හුන්නේය. මේ ඔහුගේ හුදෙකලා බව නිසා ‘හුදෙකලාව ගණයාගෙන් තොරව වාසය කෙළෙමි’ කියා කියන ලදි.

අඤ‍්ඤෙනෙව තානීති තෙ කිර සායං බොධිසත‍්තස‍්ස උපට‍්ඨානං ආගන‍්ත්‍වා පණ‍්ණසාලං පරිවාරෙත්‍වා නිසින‍්නා “අතිවිකාලො ජාතො, උපධාරෙථා”ති වත්‍වා පණ‍්ණසාලං විවරිත්‍වා තං අපස‍්සන‍්තාපි “කුහිං ගතො”ති නානුබන්‍ධිංසු, “ගණවාසෙ නිබ‍්බින‍්නො එකො විහරිතුකාමො මඤ‍්ඤෙ මහාපුරිසො, බුද‍්ධභූතංයෙව නං පස‍්සිස‍්සාමා”ති වත්‍වා අන‍්තොජම‍්බුදීපාභිමුඛා චාරිකං පක‍්කන‍්තා.

අඤ්ඤෙනෙවතානි ඔව්හු වනාහි සවස බෝධිසත්ත්වයන්ට උපස්ථාන පිණිස අවුත් පන්සල වටකරගෙන සිටියාහු බොහෝවේලා ඉක්ම ගියේය. විමසිලිමත් වන්නයැයි පන්සල් දොර විවරකොට ඔහුව නොදක්නාහු කොහේ ගියේද, කොහේ ගියේද කියා පසුපස සොයා නොගියහ. මහා පුරුෂයන් වහන්සේ සමූහයා සමග ජීවත්වීම කෙරෙහි කලකිරුනේ හුදෙකලාව වාසය කරන්නට කැමැති වූයේ විය යුතුයයි සිතේ. බුදුවීම උන්වහන්සේව හමුවන්නෙමුයි දඹදිව අභ්‍යන්තරයට අභිමුඛව චාරිකාවේ ගියහ.

බොධිසත‍්තඅභිවෙසවණ‍්ණනා

වාසූපගතස‍්සාති බොධිමණ‍්ඩෙ එකරත‍්තිවාසං උපගතස‍්ස. රහොගතස‍්සාති රහසි ගතස‍්ස. පටිසල‍්ලීනස‍්සාති එකීභාවවසෙන නිලීනස‍්ස. කිච‍්ඡන‍්ති දුක‍්ඛං. චවති ච උපපජ‍්ජති චාති ඉදං ද‍්වයං පන අපරාපරං චුතිපටිසන්‍ධිං සන්‍ධාය වුත‍්තං. ජරාමරණස‍්සාති එත්‍ථ යස‍්මා පබ‍්බජන‍්තො ජිණ‍්ණබ්‍යාධිමත‍්තෙයෙව දිස‍්වා පබ‍්බජිතො, තස‍්මාස‍්ස ජරාමරණමෙව උපට‍්ඨාති. තෙනෙවාහ – “ජරාමරණස‍්සා”ති. ඉති ජරාමරණං මූලං කත්‍වා අභිනිවිට‍්ඨස‍්ස භවග‍්ගතො ඔතරන‍්තස‍්ස විය – අථ ඛො, භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි.

වාසූපගතස්ස යනු බෝමැඩ එක් රැයක් වාසය කරන්නට ගිය තැනැත්තාට, රහොගතස්ස රහසිගතව සිටියහුට පතිසල්ලීනස්ස හුදෙකලාව සැඟවී සිටින්නහුට, කිච්ඡං දුක චවති ච උප්පජ්ජති ච යනු මේ දෙක වනාහි භවයෙන් භවයට යනු ච්‍යුති-ප්‍රතිසන්ධි දෙක සඳහා කියන ලදි. ජරාමරණස්ස යන මෙහි යම්හෙයකින් පැවිදි වන්නාහු ජරාවට පත්, රෝගී, මළ අයම දැක පැවිදි වූවාහුය. ඒ නිසා ඔහුට ජරාමරණ දෙකම වැටහේ. ඒ නිසා කියන ලදි. (ජරා මරණස්ස) කියා, මෙසේ ජරාමරණ මුල්කොටගෙන ඇතුළට පිවිස සිටියා වූ භවාග්‍රයෙන් ඉවතට බසින්නහුට මෙනි. ඉක්බිති මහණෙනි! විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය.

යොනිසොමනසිකාරාති උපායමනසිකාරා පථමනසිකාරා. අනිච‍්චාදීනි හි අනිච‍්චාදිතොව මනසිකරොතො යොනිසොමනසිකාරො නාම හොති. අයඤ‍්ච – “කිස‍්මිං නු ඛො සතිජාතිආදීනි හොන‍්ති, කිස‍්මිං අසති න හොන‍්තී”ති උදයබ‍්බයානුපස‍්සනාවසෙන පවත‍්තත‍්තා තෙසං අඤ‍්ඤතරො. තස‍්මාස‍්ස ඉතො යොනිසොමනසිකාරා ඉමිනා උපායමනසිකාරෙන අහු පඤ‍්ඤාය අභිසමයො, බොධිසත‍්තස‍්ස පඤ‍්ඤාය යස‍්මිං සති ජරාමරණං හොති, තෙන ජරාමරණකාරණෙන සද‍්ධිං සමාගමො අහොසි. කිං පන තන‍්ති? ජාති. තෙනාහ – “ජාතියා ඛො සති ජරාමරණං හොතී”ති. යා චායං ජරාමරණස‍්ස කාරණපරිග‍්ගාහිකා පඤ‍්ඤා, තාය සද‍්ධිං බොධිසත‍්තස‍්ස සමාගමො අහොසීති අයමෙත්‍ථ අත්‍ථො. එතෙනුපායෙන සබ‍්බපදානි වෙදිතබ‍්බානි.

යොනිසො මනසිකාරො - උපාය මනසිකාර හා පථ මනසිකාර (උපාය හා මාර්ග) අනිත්‍ය ආදිය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහු, එය යොනිසෝ මනසිකාර නම් වේ. මෙයද කුමක් ඇතිකල්හි ජාති ආදිය වේද කුමක් නැතිකල්හි නොවේද? හටගැනීම හා අභාවයට යාම සිහිකිරීම් වශයෙන් පැවති බැවින් එයින් අන්‍ය වූ, ඒ නිසා මොහුට මේ යෝනිසෝ මනසිකාරයෙන් මේ උපාය මනසිකාරයෙන් ප්‍රඥාවගේ අවබෝධය විය. බෝධිසත්ත්වයන්ගේ ප්‍රඥාවෙන්, යමක් ඇතිකල්හි ජරාමරණ දෙක සිදුවේද, ඒ ජරාමරණය කාරණය සමග එක්වීම විය. එය වනාහි කුමක්ද? උපතයි. ඒ නිසා කීය. ජාතියා ඛො සති ජරාමරණං හොති (උපත ඇතිකල්හි ජරාමරණ වේ.) ජරාමරණ දෙකට හේතුකාරණ විමසන ප්‍රඥාව. ඒ ප්‍රඥාව සමග බෝධිසත්ත්වයන්ගේ එක්වීමක් විය යනු මෙහි අර්ථයි. මේ ආකාරයට සියලු පද දැනගත යුතුයි.

නාමරූපෙ ඛො සති විඤ‍්ඤාණන‍්ති එත්‍ථ පන සඞ‍්ඛාරෙසු සති විඤ‍්ඤාණන‍්ති ච, අවිජ‍්ජාය සති සඞ‍්ඛාරාති ච වත‍්තබ‍්බං භවෙය්‍ය, තදුභයම‍්පි න ගහිතං. කස‍්මා? අවිජ‍්ජාසඞ‍්ඛාරා හි අතීතො භවො තෙහි සද‍්ධිං අයං විපස‍්සනා න ඝටියති. මහාපුරිසො හි පච‍්චුප‍්පන‍්නවසෙන අභිනිවිට‍්ඨොති. නනු ච අවිජ‍්ජාසඞ‍්ඛාරෙහි අදිට‍්ඨෙහි න සක‍්කා බුද‍්ධෙන භවිතුන‍්ති. සච‍්චං න සක‍්කා, ඉමිනා පන තෙ භවඋපාදානතණ‍්හාවසෙනෙව දිට‍්ඨාති. ඉමස‍්මිං ඨානෙ විත්‍ථාරතො පටිච‍්චසමුප‍්පාදකථා කථෙතබ‍්බා. සා පනෙසා විසුද‍්ධිමග‍්ගෙ කථිතාව.

නාමරූපෙ ඛො සති විඤ්ඤාණං මෙහි වනාහි සංස්කාරයන් ඇතිකල්හි විඥානයද අවිද්‍යාව ඇතිකල්හි සංස්කාරයන් ද ඇතිවන්නේ යයි කිවයුතුය. ඒ දෙකම නොගන්නා ලදි. ඒ නිසා අවිජ්ජා සංඛාර දෙක අතීත භවයයි. ඒවා සමග මේ විදර්ශනාව නොගැටෙයි. මහා පුරුෂයන් වහන්සේ වනාහි වර්තමාන කාල වශයෙන් යෙදුනේ වෙයි. නොදක්නා ලද අවිජ්ජා සංඛාර ආදී වූ නොදුටු දෙයකින් අවබෝධයක් ලබන්නට නොහැක. සත්‍යයි. නොහැක. මොහු විසින් ඒ භව උපාදාන තණ්හා වශයෙන්ම දකින ලදැයි මෙතැන විස්තර වශයෙන් පටිච්ච සමුප්පාද කථාව කිවයුතුයි. මේ කාරණය විශුද්ධිමාර්ගයෙහි කියන ලදි.

පච‍්චුදාවත‍්තතීති පටිනිවත‍්තති. කතමං පනෙත්‍ථ විඤ‍්ඤාණං පච‍්චුදාවත‍්තතීති? පටිසන්‍ධිවිඤ‍්ඤාණම‍්පි විපස‍්සනාඤාණම‍්පි. තත්‍ථ පටිසන්‍ධිවිඤ‍්ඤාණං පච‍්චයතො පටිනිවත‍්තති, විපස‍්සනාඤාණං ආරම‍්මණතො. උභයම‍්පි නාමරූපං නාතික‍්කමති, නාමරූපතො පරං න ගච‍්ඡති. එත‍්තාවතා ජායෙථ වාතිආදීසු විඤ‍්ඤාණෙ නාමරූපස‍්ස පච‍්චයෙ හොන‍්තෙ, නාමරූපෙ ච විඤ‍්ඤාණස‍්ස පච‍්චයෙ හොන‍්තෙ, ද‍්වීසුපි අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයෙසු හොන‍්තෙසු එත‍්තකෙන ජායෙථ වා…පෙ… උපපජ‍්ජෙථ වා, ඉතො හි පරං කිං අඤ‍්ඤං ජායෙය්‍ය වා…පෙ… උපපජ‍්ජෙය්‍ය වා. නනු එතදෙව ජායති ච…පෙ… උපපජ‍්ජති චාති? එවං සද‍්ධිං අපරාපරචුතිපටිසන්‍ධීහි පඤ‍්ච පදානි දස‍්සෙත්‍වා පුන තං එත‍්තාවතාති වුත‍්තමත්‍ථං නිය්‍යාතෙන‍්තො – “යදිදං නාමරූපපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූප”න‍්ති වත්‍වා තතො පරං අනුලොමපච‍්චයාකාරවසෙන විඤ‍්ඤාණපච‍්චයා නාමරූපමූලං ආයතිම‍්පි ජාතිජරාමරණං දස‍්සෙතුං නාමරූපපච‍්චයා සළායතනන‍්තිආදිමාහ. තත්‍ථ කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති සකලස‍්ස ජාතිජරාමරණසොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාදිභෙදස‍්ස දුක‍්ඛරාසිස‍්ස නිබ‍්බත‍්ති හොති. ඉති මහාපුරිසො සකලස‍්ස වට‍්ටදුක‍්ඛස‍්ස නිබ‍්බත‍්තිං අද‍්දස.

පච්චුදාවත්තති ආපසු හැරෙයි. කවරනම් වූ විඤ්ඤාණයක් මෙහිදී ආපසු හැරෙයි ද? පටිසන්ධි විඤ්ඤාණයත් විපස්සනා විඤ්ඤාණයත්ය. එහිදී ප්‍රතිසන්ධි විඤ්ඤාණය හේතු වශයෙන් ආපසු හැරෙයි. විදර්ශනා විඤ්ඤාණය අරමුණු වශයෙන් දෙකම නාමරූප ඉක්මවා නොයයි. නාමරූප දෙකින් ඉදිරියට නොයයි. මෙපමණක් හටගත්තේය යනාදියෙහි විඤ්ඤාණය නාමරූප දෙකට හේතුවන කල්හි නාමරූප දෙක විඤ්ඤාණයට හේතුවේ. මේ දෙතැනට එකිනෙකට හේතුවීමෙන් මෙපමණකින් හටගත්තේය. හෝ උපදින්නේය. මෙයින් මතු අනිකෙක් කුමක් උපදවන්නේද, හටගන්නේද මෙයට හටගන්නේ උපදින්නේ නොවේද? මෙසේ එකිනෙක සමග එකට බැඳුනු ච්‍යුති ප්‍රතිසන්ධි ආදියෙන් පද පසක් යම් මේ නාමරූප හේතුවෙන් විඤ්ඤාණයත්, විඤ්ඤාණය හේතුවෙන් නාමරූපත් ඇතිවේයැයි කියා ඊට අනතුරුව අනුලෝම වශයෙන් ප්‍රත්‍යවන ආකාරයට විඤ්ඤාණය හේතුවෙන් නාමරූප මූලිකව ඉදිරියටත් ජරාමරණ දක්වන්නට නාමරූප පච්චයා සළායතනං (නාමරූප හේතුවෙන් ෂඩායතන පහළ වේ.) ආදිය කීය. එයින් සම්පූර්ණ දුක්ඛස්ඛන්ධය හටගනී යනුවෙන් සියළු ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස (ජාති-ජරා-මරණ-ශෝක-වැළපීම්-දුක-දොම්නස-සිත්තැවුල) යන භේද ඇති දුක් සමූහයේ හටගැනීම වන්නේය. මෙසේ මහා පුරුෂයාණෝ සියලු සසර දුකෙහි හටගැනීම දුටුවහ.

සමුදයො සමුදයොති ඛොති නිබ‍්බත‍්ති නිබ‍්බත‍්තීති ඛො. පුබ‍්බෙ අනනුස‍්සුතෙසූති න අනුස‍්සුතෙසු අස‍්සුතපුබ‍්බෙසු. චක‍්ඛුං උදපාදීතිආදීසු උදයදස‍්සනපඤ‍්ඤාවෙසා. දස‍්සනට‍්ඨෙන චක‍්ඛු, ඤාතකරණට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා, නිබ‍්බිජ‍්ඣිත්‍වා පටිවිජ‍්ඣිත්‍වා උප‍්පන‍්නට‍්ඨෙන විජ‍්ජා, ඔභාසට‍්ඨෙන ච ආලොකොති වුත‍්තා. යථාහ – “චක‍්ඛුං උදපාදීති දස‍්සනට‍්ඨෙන. ඤාණං උදපාදීති ඤාතට‍්ඨෙන. පඤ‍්ඤා උදපාදීති පජානනට‍්ඨෙන. විජ‍්ජා උදපාදීති පටිවෙධට‍්ඨෙන. ආලොකො උදපාදීති ඔභාසට‍්ඨෙන. චක‍්ඛුධම‍්මො දස‍්සනට‍්ඨො අත්‍ථො. ඤාණධම‍්මො ඤාතට‍්ඨො අත්‍ථො. පඤ‍්ඤාධම‍්මො පජානනට‍්ඨො අත්‍ථො. විජ‍්ජාධම‍්මො පටිවෙධට‍්ඨො අත්‍ථො. ආලොකො ධම‍්මො ඔභාසට‍්ඨො අත්‍ථො”ති (පටි· ම· 2.39). එත‍්තකෙහි පදෙහි කිං කථිතන‍්ති? ඉමස‍්මිං සති ඉදං හොතීති පච‍්චයසඤ‍්ජානනමත‍්තං කථිතං. අථවා වීථිපටිපන‍්නා තරුණවිපස‍්සනා කථිතාති.

සමුදයො සමුදයොති ඛො උපත. උපත කියා හෝ අනනුස්සුතෙසු නොඇසූ, නොඇසූ විරූ, චක්ඛුං උදපාදි (ඇස පහළ විය.) ආදියෙහි මේ හටගැනීම දැකීමේ ප්‍රඥාවයි. දැකීම් අර්ථයෙන් චක්ඛු නම් වේ. නුවණ ඇතිකරන අර්ථයෙන් ඤාණ නම් වේ. වටහාගැනීමේ අර්ථයෙන් පඤ්ඤා වේ. කලකිරී, අවබෝධ කරගෙන හටගත් යන අර්ථයෙන් විජ්ජා නම් වේ. බැබලීම් යන අර්ථයෙන් ආලෝකයැයි කියන ලදි. මෙසේ කීය. චක්ඛුං උදපාදි - දැකීම් අර්ථයෙන් ඤාණං උදපාදි - නුවණ යන අර්ථයෙන්. වටහාගැනීමේ අර්ථයෙන් ප්‍රඥාවයි. විජ්ජා උදපාදි (විද්‍යාව පහළ විය) යන තැන අවබෝධ කිරීමේ අර්ථයෙන් ආලොකො උදපාදි යන තැන බැබලීම යන අර්ථයෙන් - චක්ඛුං යනු ධර්මය දකී යන අර්ථයි. ඤාණය ස්වභාවය වූයේ ඤාණයේ ප්‍රඥා ස්වභාවය දැනගන්නට යන අර්ථය. විජ්ජා යනු අවබෝධ කරගැනීමේ අර්ථය. ආලෝක ස්වභාවය බැබලීම් අර්ථයි. මෙපමණ පදවලින් කුමක් කියන ලද ද? මෙය ඇතිකල්හි මෙය වෙයි. හේතුව වටහාගැනීම් මාත්‍රය කියන ලදි. එසේ නැත්නම් මාර්ගයට පිළිපන් තරුණ විදර්ශනාව කියන ලදි.

අධිගතො ඛො ම්‍යායන‍්ති අධිගතො ඛො මෙ අයං. මග‍්ගොති විපස‍්සනාමග‍්ගො. බොධායාති චතුසච‍්චබුජ‍්ඣනත්‍ථාය, නිබ‍්බානබුජ‍්ඣනත්‍ථාය එව වා. අපි ච බුජ‍්ඣතීති බොධි, අරියමග‍්ගස‍්සෙතං නාමං, තදත්‍ථායාතිපි වුත‍්තං හොති. විපස‍්සනාමග‍්ගමූලකො හි අරියමග‍්ගොති. ඉදානි තං මග‍්ගං නිය්‍යාතෙන‍්තො – “යදිදං නාමරූපනිරොධාතිආදිමාහ. එත්‍ථ ච විඤ‍්ඤාණනිරොධොතිආදීහි පච‍්චත‍්තපදෙහි නිබ‍්බානමෙව කථිතං. ඉති මහාපුරිසො සකලස‍්ස වට‍්ටදුක‍්ඛස‍්ස අනිබ‍්බත‍්තිනිරොධං අද‍්දස.

අධිගතො ඛො ම්‍යායං යනු මා විසින් මෙය අවබෝධ කරගන්නා ලදි. මග්ගො යනු විදර්ශනා මාර්ගයයි. බොධාය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම පිණිස, නැත්නම් නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා තවද ඛුජ්ඣතී - අවබෝධ කරගන්නේනුයි බෝධි නම් වේ. මේ ආර්ය මාර්ගයට නමකි. ඒ සඳහාය කියාද කියා ඇත. මෙසේ මහා පුරුෂයා සියලු සසර දුක නැවත නූපදින නිරෝධය දුටුවේය.

නිරොධො නිරොධොති ඛොති අනිබ‍්බත‍්ති අනිබ‍්බත‍්තිති ඛො. චක‍්ඛුන‍්තිආදීනි වුත‍්තත්‍ථානෙව. ඉධ පන සබ‍්බෙහෙව එතෙහි පදෙහි – “ඉමස‍්මිං අසති ඉදං න හොතී”ති නිරොධසඤ‍්ජානනමත‍්තමෙව කථිතං, අථවා වුට‍්ඨානගාමිනී බලවවිපස‍්සනා කථිතාති.

නිරොධො - නිරොධොති ඛො නූපදීම නොඉපදීම කියා චක්ඛුං ආදිය කියන ලද අර්ථයමය. මෙහි වනාහි මේ සියලුම පදවලින් මෙය නැතිකල්හි මෙය නොවේ. නිරෝධය හඳුනා ගැනීම් මාත්‍රයම කියන ලදි. නැත්නම් ඉහළට යන බලවත් විදර්ශනාව කියන ලදි.

අපරෙන සමයෙනාති එවං පච‍්චයඤ‍්ච පච‍්චයනිරොධඤ‍්ච විදිත්‍වා තතො අපරභාගෙ. උපාදානක‍්ඛන්‍ධෙසූති උපාදානස‍්ස පච‍්චයභූතෙසු ඛන්‍ධෙසු. උදයබ‍්බයානුපස‍්සීති තමෙව පඨමං දිට‍්ඨං උදයඤ‍්ච වයඤ‍්ච අනුපස‍්සමානො. විහාසීති සිඛාපත‍්තං වුට‍්ඨානගාමිනිවිපස‍්සනං වහන‍්තො විහරි. ඉදං කස‍්මා වුත‍්තං? සබ‍්බෙයෙව හි පූරිතපාරමිනො බොධිසත‍්තා පච‍්ඡිමභවෙ පුත‍්තස‍්ස ජාතදිවසෙ මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා පබ‍්බජිත්‍වා පධානමනුයුඤ‍්ජිත්‍වා බොධිපල‍්ලඞ‍්කමාරුය‍්හ මාරබලං විධමිත්‍වා පඨමයාමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්ති, දුතියයාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙන‍්ති, තතියයාමෙ පච‍්චයාකාරං සම‍්මසිත්‍වා ආනාපානචතුත්‍ථජ‍්ඣානතො උට‍්ඨාය පඤ‍්චසු ඛන්‍ධෙසු අභිනිවිසිත්‍වා උදයබ‍්බයවසෙන සමපඤ‍්ඤාස ලක‍්ඛණානි දිස‍්වා යාව ගොත්‍රභුඤාණා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරියමග‍්ගෙන සකලෙ බුද‍්ධගුණෙ පටිවිජ‍්ඣන‍්ති. අයම‍්පි මහාපුරිසො පූරිතපාරමී. සො යථාවුත‍්තං සබ‍්බං අනුක‍්කමං කත්‍වා පච‍්ඡිමයාමෙ ආනාපානචතුත්‍ථජ‍්ඣානතො උට‍්ඨාය පඤ‍්චසු ඛන්‍ධෙසු අභිනිවිසිත්‍වා වුත‍්තප‍්පකාරං උදයබ‍්බයවිපස‍්සනං ආරභි. තං දස‍්සෙතුං ඉදං වුත‍්තං.

අපරෙන සමයෙන යනු මෙසේ හේතුවද හේතුවේ නිරෝධයද දැනගෙන ඊට පසුව උපාදානක්ඛන්‍ධෙසු උපාදානයට හේතුව වූ ස්කන්ධයන්හි. උදයබ්බයානුපස්සී එයට පළමුව දකින ලදි. හටගැනීමද අභාවයද යන දෙකම බලන්නේ. විහාසි යනු මුදුන්පත් ඉහළට යන විදර්ශනාව වඩමින් වාසය කරයි. කුමක් නිසා මෙය කීවේද? ආත්මභාවයේදී දරුවකු උපන් දවසේ මහාබිනික්මන් කොට පැවිදිව කෙළෙසුන් නැසීමේ උත්සාහයේ යෙදී බෝමැඩට නැග මාරබලය නසා පළමුයාමයෙහි පෙරවිසූ කඳපිළිවෙල සිහිකරත්. දෙවෙනි යාමයෙහි දිවැස පිරිසිදු කරත්. තුන්වන යාමයෙහි ප්‍රත්‍යාකාරය (පටිච්ච සමුප්පාදය) විමසා බලා ආනාපාන සිව්වන ධ්‍යානයෙන් නැගිට පංචස්කන්ධයන්හි අභ්‍යන්තරයට පිවිස හටගැනීම අභාවය වශයෙන් පනසක් ලකුණු දැක ගොත්‍රභූ ඤාණ සංඛ්‍යාත විදර්ශනා වඩා ආර්යමාර්ගයෙන් සියළු බුද්ධ ගුණයන් අවබෝධ කරගනිත්. මේ මහා පුරුෂයාණෝ ද පුරන ලද පාරමී ඇත්තේ කියන ලද පරිදි සියල්ල පිළිවෙලින් නිමවා පශ්චිම යාමයේදී ආනාපාන චතුර්ථ ධ්‍යානයෙන් නැගිට පංච ස්කන්ධයන්හි පිවිස බලා කියන ලද ආකාර ඇති හටගැනීම හා විනාශ අරමුණු කරගත් විදර්ශනාව පටන් ගත්තේය. එය දැක්වීමට මෙය කියන ලදි.

තත්‍ථ ඉති රූපන‍්ති ඉදං රූපං, එත‍්තකං රූපං, ඉතො උද‍්ධං රූපං නත්‍ථීති රුප‍්පනසභාවඤ‍්චෙව භූතුපාදායභෙදඤ‍්ච ආදිං කත්‍වා ලක‍්ඛණරසපච‍්චුපට‍්ඨානපදට‍්ඨානවසෙන අනවසෙසරූපපරිග‍්ගහො වුත‍්තො. ඉති රූපස‍්ස සමුදයොති ඉමිනා එවං පරිග‍්ගහිතස‍්ස රූපස‍්ස සමුදයදස‍්සනං වුත‍්තං. තත්‍ථ ඉතීති එවං සමුදයො හොතීති අත්‍ථො. තස‍්ස විත්‍ථාරො – “අවිජ‍්ජාසමුදයා රූපසමුදයො, තණ‍්හාසමුදයා රූපසමුදයො, කම‍්මසමුදයා රූපසමුදයො, ආහාරසමුදයා රූපසමුදයොති, නිබ‍්බත‍්තිලක‍්ඛණං පස‍්සන‍්තොපි රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සතී”ති එවං වෙදිතබ‍්බො. අත්‍ථඞ‍්ගමෙපි “අවිජ‍්ජානිරොධා රූපනිරොධො…පෙ… විපරිණාමලක‍්ඛණං පස‍්සන‍්තොපි රූපක‍්ඛන්‍ධස‍්ස නිරොධං පස‍්සතී”ති (පටි· ම· 1.50) අයමස‍්ස විත්‍ථාරො.

එහි ඉතිරූපං යනු මේ රූපය - මෙපමණක් රූපය - මෙයින් උඩට රූපයක් නැත යන වෙනස්වන ස්වභාවය නිසාම මහාභූත දැඩිව ගැනීම ආදී භේද මුල්කොට ලක්ඛණ - ලකුණ - රස - රසය පච්චුපට්ඨාන වැටහීම - පදට්ඨාන - ආසන්න කාරණය ආදී වශයෙන් සියලු රූපයන් ගැනීම කියන ලදි. ඉති රූපස්ස සමුදයො යනු මෙයින්, මෙසේ ගන්නා ලද රූපයේ හටගැනීම පිළිබඳ විදර්ශනාව කියන ලදි. එහි ඉති යනු මෙසේ හටගැනීම වන්නේය යන අර්ථයි. එහි විස්තරය අවිද්‍යාව හටගැනීමෙන් රූප හටගැනීමත්, තණ්හාව ඇතිවීමෙන් රූප හටගැනීමත්, කර්ම හටගැනීමෙන් රූප හටගැනීමත් ආහාර හටගැනීමෙන් රූප හටගැනීමත් යන ලෙස උපතට හේතුව දකින්නේද රූප ස්කන්ධයාගේ හටගැනීම දකීනුයි මෙසේ දතයුතුයි. විනාශයට යාමේදී අවිජ්ජාව නැතිවීමෙන් රූප නිරෝධය වේ. -පෙ- වෙනස්වන ලක්‍ෂණ දකින්නේ රූපස්කන්ධයාගේ නිරෝධය දකින්නේය. මේ විස්තරයයි.

ඉති වෙදනාතිආදීසුපි අයං වෙදනා, එත‍්තකා වෙදනා, ඉතො උද‍්ධං වෙදනා නත්‍ථි. අයං සඤ‍්ඤා, ඉමෙ සඞ‍්ඛාරා, ඉදං විඤ‍්ඤාණං, එත‍්තකං විඤ‍්ඤාණං, ඉතො උද‍්ධං විඤ‍්ඤාණං නත්‍ථීති වෙදයිතසඤ‍්ජානනඅභිසඞ‍්ඛරණවිජානනසභාවඤ‍්චෙව සුඛාදිරූපසඤ‍්ඤාදි ඵස‍්සාදි චක‍්ඛුවිඤ‍්ඤාණාදි භෙදඤ‍්ච ආදිං කත්‍වා ලක‍්ඛණරසපච‍්චුපට‍්ඨානපදට‍්ඨානවසෙන අනවසෙසවෙදනාසඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණපරිග‍්ගහො වුත‍්තො.

ඉතිවෙදනා යනු ආදියෙහි මේ වේදනාව, මෙපමණක් වේදනාව මෙයින් උඩට වේදනාවක් නැත. මේ සඤ්ඤාවයි. මේ සංස්කාරයෝය. මේ විඤ්ඤාණයයි. මෙපමණක් විඤ්ඤාණය. මෙයින් උඩට විඤ්ඤාණයක් නැතය යන දැනගන්නා ලද හඳුනා ගන්නා, කර්ම රැස්කරගන්නා, දැනගැනීමේ ස්වභාවය සැපය ආදී රූප සඤ්ඤාවන්, ස්පර්ශය, චක්ඛු විඤ්ඤාණය ආදී භේදයන්ද මුල්කොට ලක්ඛණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් සියලුම වේදනා, සඤ්ඤා - සංඛාර විඤ්ඤාණ සමූහය කියන ලදි.

ඉති වෙදනාය සමුදයොතිආදීහි පන එවං පරිග‍්ගහිතානං වෙදනාසඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණානං සමුදයදස‍්සනං වුත‍්තං. තත්‍රාපි ඉතීති එවං සමුදයො හොතීති අත්‍ථො. තෙසම‍්පි විත්‍ථාරො – “අවිජ‍්ජාසමුදයා වෙදනාසමුදයො”ති (පටි· ම· 1.50) රූපෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. අයං පන විසෙසො – තීසු ඛන්‍ධෙසු “ආහාරසමුදයා”ති අවත්‍වා “ඵස‍්සසමුදයා”ති වත‍්තබ‍්බං. විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙ “නාමරූපසමුදයා”ති අත්‍ථඞ‍්ගමපදම‍්පි තෙසංයෙව වසෙන යොජෙතබ‍්බං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන උදයබ‍්බයවිනිච‍්ඡයො සබ‍්බාකාරපරිපූරො විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තො.

ඉති වෙදනා සමුදයො ආදියෙන් වනාහි මෙසේ අල්ලාගන්නා ලද වේදනාවන්ගේ සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ලක්‍ෂණයන් කියන ලදි. සමුදය දර්ශනය කියන ලදි. එහි ද ඉති යනු මෙසේ සමුදය (හටගැනීම) වන්නේය යන අර්ථයි. ඒවායේ ද විස්තර අවිජ්ජාව හටගැනීමෙන් වේදනා හටගනී යැයි රූපයෙහි කියන ලද ආකාරයෙන්ම දතයුතුය. මෙය වනාහි විශේෂයයි. ස්කන්ධ තුනක ආහාර සමුදයෙන් යැයි නොකියා ඵස්ස සමුදයා (ස්පර්ශය හටගැනීමෙන්) යැයි කිවයුතුයි. විඤ්ඤාණ ස්කන්ධයෙහි නාමරූප හටගැනීමෙන් කියා අර්ථ ගැනීමට අවශ්‍ය පදය ද යෙදිය යුතුයි. මේ මෙහි කෙටි අර්ථයි. විස්තර වශයෙන් හටගැනීම හා විනාශය පිළිබඳ විනිශ්චය සියලු ආකාරයෙන් පරිපූර්ණව විශුද්ධි මාර්ගයෙහි කියන ලදි.

තස‍්ස පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු උදයබ‍්බයානුපස‍්සිනො විහරතොති තස‍්ස විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස ඉමෙසු රූපාදීසු පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු සමපඤ‍්ඤාසලක‍්ඛණවසෙන උදයබ‍්බයානුපස‍්සිනො විහරතො යථානුක‍්කමෙන වඩ‍්ඪිතෙ විපස‍්සනාඤාණෙ අනුප‍්පාදනිරොධෙන නිරුජ‍්ඣමානෙහි ආසවසඞ‍්ඛාතෙහි කිලෙසෙහි අනුපාදාය අග‍්ගහෙත්‍වාව චිත‍්තං විමුච‍්චති, තදෙතං මග‍්ගක‍්ඛණෙ විමුච‍්චති නාම, ඵලක‍්ඛණෙ විමුත‍්තං නාම; මග‍්ගක‍්ඛණෙ වා විමුත‍්තඤ‍්චෙව විමුච‍්චති ච, ඵලක‍්ඛණෙ විමුත‍්තමෙව.

තස්ස පඤ්චා සුපාදානක්ඛන්‍ධෙසු උදයද්වායානු පස්සිනො විහරතො ඒ විපස්සී බුදුන්ගේ මේ රූපාදී පංච උපාදාන ස්කන්ධයන්හි සමප්‍රඥා, සලක්‍ෂණ වශයෙන් හටගැනීම හා අභාවය බලමින් වාසය කරන්නහුගේ පිළිවෙලින් වැඩුණු විදර්ශනා ඥානය නැවත නූපදවීමෙන්, නිරෝධයෙන් නැතිව යන්නා වූ ආශ්‍රව සංඛ්‍යාත වූ කෙලෙස් දැඩිව නොගෙනම සිත මිදුනේය. ඒ මෙය මාර්ගක්‍ෂණයෙහි මිදෙයි නම් වේ. එලක්‍ෂණයෙහි මිදුනු නම් වේ. මිදෙයි. එලක්‍ෂණයෙහි මිදුනු.

එත‍්තාවතා ච මහාපුරිසො සබ‍්බබන්‍ධනා විප‍්පමුත‍්තො සූරියරස‍්මිසම‍්ඵුට‍්ඨමිව පදුමං සුවිකසිතචිත‍්තසන‍්තානො චත‍්තාරි මග‍්ගඤාණානි, චත‍්තාරි ඵලඤාණානි, චතස‍්සො පටිසම‍්භිදා, චතුයොනිපරිච‍්ඡෙදකඤාණං, පඤ‍්චගතිපරිච‍්ඡෙදකඤාණං, ඡ අසාධාරණඤාණානි, සකලෙ ච බුද‍්ධගුණෙ හත්‍ථගතෙ කත්‍වා පරිපුණ‍්ණසඞ‍්කප‍්පො බොධිපල‍්ලඞ‍්කෙ නිසින‍්නොව –

මෙපමණකින් මහා පුරුෂයෝ සියළු බැඳීම්වලින් මිදුනේ සූර්යරශ්මිය වැදුනු පියුමක් මනාව පිපුණාක් මෙන් මනාව පිපුණු චිත්ත සන්තාන ඇත්තේ චාතුර්මාර්ග සත්‍යයන්ද චතුර් ඵලඥානයන් ද පටිසම්භිදා සතරද සිව්යෝනි පිළිසිඳ දැනගැනීමේ නුවණ ද පංචගති වෙන්කර දැනගැනීමේ නුවණ ද සයවැදෑරුම් අසාධාරණ ඤාණයන් ද සියළු බුදුගුණයන් අත්පත් කරගෙන සම්පූර්ණ වූ බලාපොරොත්තු ඇත්තේ බෝමැඩ හුන්නේ.

“අනෙකජාතිසංසාරං, සන්‍ධාවිස‍්සං අනිබ‍්බිසං; ගහකාරං ගවෙසන‍්තො, දුක‍්ඛා ජාති පුනප‍්පුනං.

ගෙය සාදන්නා වූ තැනැත්තාව සොයමින් සොයාගත නොහැකිව අනන්ත වූ ආත්ම ගණනාවක් සසර ඇවිද්දෙමි. පුනර්භවය නම් වූ ජාතිය දුකය.

ගහකාරක දිට‍්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ‍්බා තෙ ඵාසුකා භග‍්ගා, ගහකූටං විසඞ‍්ඛතං; විසඞ‍්ඛාරගතං චිත‍්තං, තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති. (ධ· ප· 153, 154);

ගෙය සාදන්නා දුටුවෙහිය. නැවත ගෙය නොකරන්නෙහිය. සියළු පරාළ ආදී උපකරණ බිඳ දමන ලදි. කැණිමඬල විනාශ කරන ලදි. ලෞකිකත්වයෙන් වෙන් වූ සිත තණ්හාවේ ක්‍ෂය බවට පත්කළේය.

“අයොඝනහතස‍්සෙව, ජලතො ජාතවෙදසො; අනුපුබ‍්බූපසන‍්තස‍්ස, යථා න ඤායතෙ ගති.

යකඩ මුගුරකින් පහරකන ලද්දහු ගිනිජාලාවෙන් දැවුනහු මෙන් පිළිවෙලින් උපශාන්ත වූවහුගේ ගතියක් නොපෙනේ.

එවං සම‍්මාවිමුත‍්තානං, කාමබන්‍ධොඝතාරිනං; පඤ‍්ඤාපෙතුං ගති නත්‍ථි, පත‍්තානං අචලං සුඛ”න‍්ති. (උදා· 80);

මෙසේ කාම බන්ධන නමැති ඕඝය තරණය කළ මනාව මිදුනා වූ අචල වූ සැපයට පැමිණි උතුමන්ගේ ගතියක් පෙන්විය නොහැක.

එවං මනසි කරොන‍්තො සරදෙ සූරියො විය, පුණ‍්ණචන්‍දො විය ච විරොචිත්‍ථාති.

[missing trans]

දුතියභාණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

බ්‍රහ‍්මයාචනකථාවණ‍්ණනා

තතියභාණවාරෙ යංනූනාහං ධම‍්මං දෙසෙය්‍යන‍්ති යදි පනාහං ධම‍්මං දෙසෙය්‍යං. අයං පන විතක‍්කො කදා උප‍්පන‍්නොති? බුද‍්ධභූතස‍්ස අට‍්ඨමෙ සත‍්තාහෙ. සො කිර බුද‍්ධො හුත්‍වා සත‍්තාහං බොධිපල‍්ලඞ‍්කෙ නිසීදි, සත‍්තාහං බොධිපල‍්ලඞ‍්කං ඔලොකෙන‍්තො අට‍්ඨාසි, සත‍්තාහං රතනචඞ‍්කමෙ චඞ‍්කමි, සත‍්තාහං රතනගබ‍්භෙ ධම‍්මං විචිනන‍්තො නිසීදි, සත‍්තාහං අජපාලනිග්‍රොධෙ නිසීදි, සත‍්තාහං මුචලින්‍දෙ නිසීදි, සත‍්තාහං රාජායතනෙ නිසීදි. තතො උට‍්ඨාය අට‍්ඨමෙ සත‍්තාහෙ පුන ආගන‍්ත්‍වා අජපාලනිග්‍රොධෙ නිසින‍්නමත‍්තස‍්සෙව සබ‍්බබුද‍්ධානං ආචිණ‍්ණසමාචිණ‍්ණො අයඤ‍්චෙව ඉතො අනන‍්තරො ච විතක‍්කො උප‍්පන‍්නොති.

තුන්වන බණවරෙහි යන්නූනාහං ධම්මං දෙසෙය්‍ය යදින් වනාහි මම ධර්මය දේශනා කරන්නෙම්ද, මේ විතර්කය කවදා ඇතිවීද? බුදුබව ලබා අටවන සතියෙහි උන්වහන්සේ වනාහි බුදු වී දවස් හතක් බෝමැඩ හුන්නේය. එතැන් පටන් දින හතක් බෝධි පල්ලංකය බලමින් සිටියේය. දින හතක් රුවන් සක්මනෙහි සක්මන් කළේය. දින හතක් රුවන්ගබෙහි ධර්මය සිහිකරමින් වැඩසිටියේය. සත්දිනක් අජපල් නුගරුක මුල සිටියේය. සත්දිනක් මුචලින්ද නාගදරණයේ සිටියේය. සත්දිනක් රාජායතනයේ සිටියේය. එයින් නැගිට අටවන සතියෙහි නැවත අවුත් අජපාල නිග්‍රොධ මූලයේ හුන් සියළු බුදුවරයන්ට පුරුදු මෙයමය. මෙයට අමතර විතර්කයක් ද පහළවිය.

තත්‍ථ අධිගතොති පටිවිද‍්ධො. ධම‍්මොති චතුසච‍්චධම‍්මො. ගම‍්භීරොති උත‍්තානභාවපටික‍්ඛෙපවචනමෙතං. දුද‍්දසොති ගම‍්භීරත‍්තාව දුද‍්දසො දුක‍්ඛෙන දට‍්ඨබ‍්බො, න සක‍්කා සුඛෙන දට‍්ඨුං. දුද‍්දසත‍්තාව දුරනුබොධො දුක‍්ඛෙන අවබුජ‍්ඣිතබ‍්බො, න සක‍්කා සුඛෙන අවබුජ‍්ඣිතුං. සන‍්තොති නිබ‍්බුතො. පණීතොති අතප‍්පකො. ඉදං ද‍්වයං ලොකුත‍්තරමෙව සන්‍ධාය වුත‍්තං.

එහි අධිගතො යනු අවබෝධ කළ ධම්මො යනු චතුරාර්ය සත්‍ය ධර්මය. ගම්භීරො නොගැඹුරු බව ප්‍රතික්‍ෂේප කරන වචනයකි. දුද්දසො ගැඹුරු බව නිසා දැකීමට අපහසු දුකසේ දැකිය යුතු, ලෙහෙසියෙන් දකින්නට අමාරු, දැකීමට අපහසු බැවින්ම දුරනුබොධො දුකසේ අවබෝධ කරගත යුතු, පහසුවෙන් අවබෝධ කරගන්නට නොහැකි. සන්තො නිවුණු. පණීතො තෘප්තියට පත්කළනොහැකි. මේ දෙකම ලෝකුත්තර බව සඳහාම කියන ලදි.

අතක‍්කාවචරොති තක‍්කෙන අවචරිතබ‍්බො ඔගාහිතබ‍්බො න හොති, ඤාණෙනෙව අවචරිතබ‍්බො. නිපුණොති සණ‍්හො. පණ‍්ඩිතවෙදනීයොති සම‍්මාපටිපදං පටිපන‍්නෙහි පණ‍්ඩිතෙහි වෙදිතබ‍්බො. ආලයරාමාති සත‍්තා පඤ‍්චසු කාමගුණෙසු අල‍්ලීයන‍්ති, තස‍්මා තෙ ආලයාති වුච‍්චන‍්ති. අට‍්ඨසතතණ‍්හාවිචරිතානි ආලයන‍්ති, තස‍්මා ආලයාති වුච‍්චන‍්ති. තෙහි ආලයෙහි රමන‍්තීති ආලයරාමා. ආලයෙසු රතාති ආලයරතා. ආලයෙසු සුට‍්ඨු මුදිතාති ආලයසම‍්මුදිතා. යථෙව හි සුසජ‍්ජිතං පුප‍්ඵඵලභරිතරුක‍්ඛාදිසම‍්පන‍්නං උය්‍යානං පවිට‍්ඨො රාජා තාය තාය සම‍්පත‍්තියා රමති, පමුදිතො ආමොදිතො හොති, න උක‍්කණ‍්ඨති, සායං නික‍්ඛමිතුං න ඉච‍්ඡති, එවමිමෙහිපි කාමාලයතණ‍්හාලයෙහි සත‍්තා රමන‍්ති, සංසාරවට‍්ටෙ පමුදිතා අනුක‍්කණ‍්ඨිතා වසන‍්ති. තෙන නෙසං භගවා දුවිධම‍්පි ආලයං උය්‍යානභූමිං විය දස‍්සෙන‍්තො – “ආලයරාමා”තිආදිමාහ.

අතක්කාවචරො තර්කයෙන් අවබෝධ කළ නොහැකි, බැසගත නොහැකි. නුවණින්ම අවබෝධ කළයුතු. නිපුණො සියුම් වූ. පණ්ඩිත වෙදනීයො මහා ප්‍රතිපදාවට පිළිපන් පණ්ඩිතයන් විසින් දතයුතුය. ආලයරාමා සත්ත්වයෝ පස්කම් ගුණයන්හි ඇලෙත්. ඒ නිසා ඔව්හු ආලයා යැයි කියති. අටසියයක් තණ්හාසේවිතවලට ආලය කරත්. ඒ නිසා ආලය යැයි කියත්. ඒ ආශා කරන දෙයින් සතුටු වේනුයි ආලය රාමා. ආශාකරන දෙයෙහි ඇලුනු ආලයරතා ආශාකරන වස්තූන්හි මනාව සතුටුවෙත්ද, ඒ ආලය සම්මුදිතා යම්සේ වනාහි මනාව සකස්කළ මල්ගෙඩිවලින් බර වූ උයනට පිවිසි රජතුමා ඒ ඒ සැපතින් සතුටු වෙයි. සතුටට, ප්‍රමුදිත බවට පත්වෙයි. කලකිරෙන්නේ නැත. සවසද ඉන් නික්ම යන්නට අකමැති වෙයි. මෙසේ මේ කාමවස්තූන් කෙරෙහි ඇලී සතුටු වෙත්. සසරෙහි ප්‍රීති සොම්නස් බවට පැමිණ කලකිරීමක් නැතිව වාසය කරත්. ඒ නිසා ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ දෙවැදෑරුම් ආලය ඇතිකරන උයන්බිමක් මෙන් දක්වන්නේ ‘ආලයරාමා’ ආදිය කීය.

යදිදන‍්ති නිපාතො, තස‍්ස ඨානං සන්‍ධාය – “යං ඉද”න‍්ති, පටිච‍්චසමුප‍්පාදං සන්‍ධාය – “යො අය”න‍්ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පාදොති ඉමෙසං පච‍්චයා ඉදප‍්පච‍්චයා, ඉදප‍්පච‍්චයා එව ඉදප‍්පච‍්චයතා, ඉදප‍්පච‍්චයතා ච සා පටිච‍්චසමුප‍්පාදො චාති ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පාදො. සඞ‍්ඛාරාදිපච‍්චයානං අවිජ‍්ජාදීනං එතං අධිවචනං. සබ‍්බසඞ‍්ඛාරසමථොතිආදි සබ‍්බං නිබ‍්බානමෙව. යස‍්මා හි තං ආගම‍්ම සබ‍්බසඞ‍්ඛාරවිප‍්ඵන්‍දිතානි සම‍්මන‍්ති වූපසම‍්මන‍්ති තස‍්මා – “සබ‍්බසඞ‍්ඛාරසමථො”ති වුච‍්චති. යස‍්මා ච තං ආගම‍්ම සබ‍්බෙ උපධයො පටිනිස‍්සට‍්ඨා හොන‍්ති, සබ‍්බා තණ‍්හා ඛීයන‍්ති, සබ‍්බෙ කිලෙසරාගා විරජ‍්ජන‍්ති, සබ‍්බං දුක‍්ඛං නිරුජ‍්ඣති, තස‍්මා “සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හාක‍්ඛයො විරාගො නිරොධො”ති වුච‍්චති.

යදිදං යනු නිපාතයකි. ඒ තැන සඳහා යම් මේ දෙයයැයි පටිච්ච සමුප්පාදය සඳහාය යන අර්ථය දතයුතුය. ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො මොවුන්ගේ හේතුවෙන් යනු ඉදප්පච්චයා. ඒ බවම ඉදප්පච්චයතා පටිච්ච සමුප්පාදයයි. සංස්කාර ආදී ප්‍රත්‍යයන් වූ අවිජ්ජා ආදියට මේ තවත් නමකි. සබ්බ සංඛාරසමථො ආදී සියල්ල නිර්වාණයමය. යම්හෙයකින් එයට පැමිණ සියළු සංස්කාරයන්ගේ දැඟලීම් සංසිඳේ. ඒ නිසා සබ්බසංඛාර සමථ යැයි කියයි. යම්හෙයකින් එයට පැමිණ සියලු උපධීන් දුරුකළා වේ. සියළු තණ්හාවන් ක්‍ෂය වී යයි. සියළු කෙලෙස් රාගයන්හි නොඇලෙත්. සියළු දුක් නැතිව යයි. ඒ නිසා සියළු උපධීන් දුරුකිරීම තණ්හාව ක්‍ෂය කිරීම, විරාගය, නිරෝධය යනුවෙන් කියති.

සා පනෙසා තණ‍්හා භවෙන භවං, ඵලෙන වා සද‍්ධිං කම‍්මං විනති සංසිබ‍්බතීති කත්‍වා වානන‍්ති වුච‍්චති. තතො වානතො නික‍්ඛන‍්තන‍්ති නිබ‍්බානං. සො මමස‍්ස කිලමථොති යා අජානන‍්තානං දෙසනා නාම, සො මම කිලමථො අස‍්ස, සා මම විහෙසා අස‍්සාති අත්‍ථො. කායකිලමථො චෙව කායවිහෙසා ච අස‍්සාති වුත‍්තං හොති, චිත‍්තෙ පන උභයම‍්පෙතං බුද‍්ධානං නත්‍ථි.

ඒ මේ තෘෂ්ණාව වනාහි භවයෙන් භවයට හෝ ඵලය සමග හෝ කර්මය නම්මවා ගනී. වසා ගනී යන ලෙස ‘වාන’ (තෘෂ්ණාව) කියා කියති. ඒ වානයෙන් (තෘෂ්ණාවෙන් නික්ම ගියේය) යන අර්ථයෙන් නිබ්බාණං (නිවන) යැයි කියයි. සො මමස්ස කිලමථො යම් ඒ නොදන්නවුන්ගේ දේශනාවක් වේද එය මට පීඩාවක් වන්නේය. එය මට වෙහෙසක් වන්නේය යන අර්ථයි. සිරුරට පීඩාවීම මෙන්ම කයට වෙහෙසවීමද වන්නේ යැයි කියන ලදි. බුදුවරයන් වහන්සේලාගේ සිතෙහි වනාහි මේ දෙකම නැත.

අපිස‍්සූති අනුබ්‍රූහනත්‍ථෙ නිපාතො. සො – “න කෙවලං එතදහොසි, ඉමාපි ගාථා පටිභංසූ”ති දීපෙති. විපස‍්සින‍්තිආදීසු විපස‍්සිස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සාති අත්‍ථො. අනච‍්ඡරියාති අනුඅච‍්ඡරියා. පටිභංසූති පටිභානසඞ‍්ඛාතස‍්ස ඤාණස‍්ස ගොචරා අහෙසුං, පරිවිතක‍්කයිතබ‍්බතං පාපුණිංසු.

අපිස්සු යනු වැඩීම් අර්ථයෙහි නිපාතයකි. හුදෙක් මෙබඳු අදහසක් පමණක් නොවීය. මේ ගාථාවන්ද කීවේයැයි දක්වයි. විපස්සී යනාදියෙන් භාග්‍යවත්, අර්හත්, සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ. අනච්ඡරියා යනු පුදුමවිය යුත්තක් නොවේ. පටිභංසු වැටහීම් සංඛ්‍යාත ඤාණයට ගොදුරු විය. විමසා බැලිය යුතු තත්ත්වයට පත්විය.

කිච‍්ඡෙනාති දුක‍්ඛෙන, න දුක‍්ඛාය පටිපදාය. බුද‍්ධානඤ‍්හි චත‍්තාරොපි මග‍්ගා සුඛපටිපදාව හොන‍්ති. පාරමීපූරණකාලෙ පන සරාගසදොසසමොහස‍්සෙව සතො ආගතාගතානං යාචකානං අලඞ‍්කතපටියත‍්තං සීසං ඡින්‍දිත්‍වා ගලලොහිතං නීහරිත්‍වා සුඅඤ‍්ජිතානි අක‍්ඛීනි උප‍්පාටෙත්‍වා කුලවංසපදීපකං පුත‍්තං මනාපචාරිනිං භරියන‍්ති එවමාදීනි දෙන‍්තස‍්ස අඤ‍්ඤානි ච ඛන‍්තිවාදිසදිසෙසු අත‍්තභාවෙසු ඡෙජ‍්ජභෙජ‍්ජාදීනි පාපුණන‍්තස‍්ස ආගමනීයපටිපදං සන්‍ධායෙතං වුත‍්තං. හලන‍්ති එත්‍ථ හකාරො නිපාතමත‍්තො, අලන‍්ති අත්‍ථො. පකාසිතුන‍්ති දෙසෙතුං; එවං කිච‍්ඡෙන අධිගතස‍්ස ධම‍්මස‍්ස අලං දෙසෙතුං; කො අත්‍ථො දෙසිතෙනාති වුත‍්තං හොති. රාගදොසපරෙතෙහීති රාගදොසඵුට‍්ඨෙහි රාගදොසානුගතෙහි වා.

කිච්ඡෙන දුකෙන්, දුක්ඛ ප්‍රතිපදාවෙන් නොවේ. බුදුවරයන්ගේ වනාහි සිව්මග සුඛ ප්‍රතිපදාවක්ම වන්නේය. පාරමිතාවන් පුරන කල්හි රාග සහිත, දොස් සහිත, මෝහ සහිතවම ඇතිකල්හි ආවා වූ යාචකයන්ට, සරසා පිළියෙල කළ හිස කපා වැගිරෙන ලේ බැහැරකොට, ඇස් උපුටා කුලවංශයට පහනක් බඳු පුත්‍රයාවත්, ප්‍රියමනාප වූ භාර්යාවත්, මේ ආදීන් දන් දෙන්නහුගේත් ක්‍ෂාන්තිවාදී සමාන ආත්මභාවවලදී සිඳීම් බිඳීම් ආදියට පමුණුවන්නහුගේ පැවති ප්‍රතිපදාව සඳහා මෙය කියන ලදි. හලං මෙහි ‘හ’ කාරය නිපාත මාත්‍රයකි. ප්‍රයෝජනයක් නැත යන අර්ථයි. පකාසිතුං දේශනා කරන්නට මෙසේ අපහසුවෙන් අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමක් අවශ්‍ය නැත. දේශනා කිරීමෙන් කවරනම් ප්‍රයෝජනයක්ද, කවර අර්ථයක් ද යැයි කියන ලදි. රාගදොසපරෙතෙහි රාගයෙන් හා ද්වේෂයෙන් ස්පර්ශ වූ රාග දෝස දෙකින් අනුගත වූ

පටිසොතගාමින‍්ති නිච‍්චාදීනං පටිසොතං අනිච‍්චං දුක‍්ඛමනත‍්තාසුභන‍්ති එවං ගතං චතුසච‍්චධම‍්මං. රාගරත‍්තාති කාමරාගෙන භවරාගෙන දිට‍්ඨිරාගෙන ච රත‍්තා. න දක‍්ඛන‍්තීති අනිච‍්චං දුක‍්ඛමනත‍්තා අසුභන‍්ති ඉමිනා සභාවෙන න පස‍්සිස‍්සන‍්ති, තෙ අපස‍්සන‍්තෙ කො සක‍්ඛිස‍්සති එවං ගාහාපෙතුං? තමොඛන්‍ධෙන ආවුටාති අවිජ‍්ජාරාසිනා අජ‍්ඣොත්‍ථටා.

පටිසොතගාමිං නිත්‍ය ආදීන්ට විරුද්ධ වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ යන ලෙස කොටස් වූ චතුරාර්ය සත්‍යය ධර්මය, රාගරත්තා කාමරාගයෙන්, භව රාගයෙන්, දිට්ඨි රාගයෙන් රත්වූ න දක්ඛින්ති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ යන මේ ආකාරයෙන් නොබලත්. එවුන් මෙසේ නොදකින කල්හි මේ ආකාරයෙන් අවබෝධ කරවන්නට කවරෙක් නම් සමත් වන්නේද?

අප‍්පොස‍්සුක‍්කතායාති නිරුස‍්සුක‍්කභාවෙන, අදෙසෙතුකාමතායාති අත්‍ථො. කස‍්මා පනස‍්ස එවං චිත‍්තං නමි? නනු එස – “මුත‍්තො මොචෙස‍්සාමී, තිණ‍්ණො තාරෙස‍්සාමි”,

අප්පොස්සුක්කතාය යනු උත්සාහය නැතිව දේශනා නොකරනු කැමැත්තෙන් යන අර්ථයි. කුමක් නිසා මොහුගේ සිත නැමුනේද? මිදුනා වූ මෙතෙම මුදවන්නෙමි. එගොඩට ගියෙම් එගොඩ කරවන්නෙම් නොවේද?

“කිං මෙ අඤ‍්ඤාතවෙසෙන, ධම‍්මං සච‍්ඡිකතෙනිධ; සබ‍්බඤ‍්ඤුතං පාපුණිත්‍වා, සන‍්තාරෙස‍්සං සදෙවක”න‍්ති.

මෙහි නොදන්නා වේශයකින් ධර්මය වටහාගැනීමෙන් ඇති ඵලය කුමක්ද? සර්වඥ බවට පත්ව දෙවියන් සහිත ලෝකයාව එතර කරන්නෙමි.

පත්‍ථනං කත්‍වා පාරමියො පූරෙත්‍වා සබ‍්බඤ‍්ඤුතං පත‍්තොති. සච‍්චමෙතං, පච‍්චවෙක‍්ඛණානුභාවෙන පනස‍්ස එවං චිත‍්තං නමි. තස‍්ස හි සබ‍්බඤ‍්ඤුතං පත්‍වා සත‍්තානං කිලෙසගහනතං ධම‍්මස‍්ස ච ගම‍්භීරතං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස සත‍්තානං කිලෙසගහනතා ච ධම‍්මගම‍්භීරතා ච සබ‍්බාකාරෙන පාකටා ජාතා. අථස‍්ස – “ඉමෙ සත‍්තා කඤ‍්ජිකපුණ‍්ණලාබු විය තක‍්කභරිතචාටි විය වසාතෙලපීතපිලොතිකා විය අඤ‍්ජනමක‍්ඛිතහත්‍ථා විය කිලෙසභරිතා අතිසංකිලිට‍්ඨා රාගරත‍්තා දොසදුට‍්ඨා මොහමූළ‍්හා, තෙ කිං නාම පටිවිජ‍්ඣිස‍්සන‍්තී”ති චින‍්තයතො කිලෙසගහනපච‍්චවෙක‍්ඛණානුභාවෙනාපි එවං චිත‍්තං නමි.

මෙසේ ප්‍රාර්ථනා කර පාරමිතා පුරා සර්වඥ බවට පත්වූයේය කියායි. මෙය සත්‍යයකි. ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ ආනුභාවයෙන් වනාහි ඔහුගේ සිත මෙසේ නැමුනේය. සර්වඥ බවට පැමිණ සත්ත්වයන් කෙලෙස්වලින් පිරී ඇති බවත් ධර්මයෙහි ගැඹුරුබවද මෙනෙහි කරන්නා වූ ඔහුට සර්වප්‍රකාරයෙන්ම ප්‍රකට විය. ඉක්බිති මේ සත්ත්වයෝ කැඳ පිරවූ ලබුකැටයක් මෙන් ද මෝරු පිරූ සැළියක් මෙන් ද වසාතෙල් පෙඟවූ රෙදිකඩක් මෙන් ද අඳුන් තවරා ගත් අත් ඇත්තකු මෙන් ද කෙලෙස්වලින් භරිතව අතිශයින් කිළිටි බවට පත්වූවාහු රාගයෙන් රත්වූවාහු ද්වේෂයෙන් දූෂිත වූවාහු මෝහයෙන් මුලා වූවාහු කෙසේ නම් අවබෝධ කරගන්නාහුදැයි සිතන්නා වූ ඔහුට කෙලෙස්වලින් ගහණ බව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ ආනුභාවයෙන් මෙසේ සිත නැමුනේය.

“අයඤ‍්ච ධම‍්මො පථවීසන්‍ධාරකඋදකක‍්ඛන්‍ධො විය ගම‍්භීරො, පබ‍්බතෙන පටිච‍්ඡාදෙත්‍වා ඨපිතො සාසපො විය දුද‍්දසො, සතධා භින‍්නස‍්ස වාලස‍්ස කොටියා කොටිං පටිපාදනං විය දුරනුබොධො, නනු මයා හි ඉමං ධම‍්මං පටිවිජ‍්ඣිතුං වායමන‍්තෙන අදින‍්නං දානං නාම නත්‍ථි, අරක‍්ඛිතං සීලං නාම නත්‍ථි, අපරිපූරිතා කාචි පාරමී නාම නත්‍ථි. තස‍්ස මෙ නිරුස‍්සාහං විය මාරබලං විධමන‍්තස‍්සාපි පථවී න කම‍්පිත්‍ථ, පඨමයාමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තස‍්සාපි න කම‍්පිත්‍ථ, මජ‍්ඣිමයාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙන‍්තස‍්සාපි න කම‍්පිත්‍ථ, පච‍්ඡිමයාමෙ පන පටිච‍්චසමුප‍්පාදං පටිවිජ‍්ඣන‍්තස‍්සෙව මෙ දසසහස‍්සිලොකධාතු කම‍්පිත්‍ථ. ඉති මාදිසෙනාපි තික‍්ඛඤාණෙන කිච‍්ඡෙනෙවායං ධම‍්මො පටිවිද‍්ධො තං ලොකියමහාජනා කථං පටිවිජ‍්ඣිස‍්සන‍්තී”ති ධම‍්මගම‍්භීරතාපච‍්චවෙක‍්ඛණානුභාවෙනාපි එවං චිත‍්තං නමීති වෙදිතබ‍්බං.

මේ ධර්මයද පොළව දරාසිටින ජලකඳක් මෙන් ගැඹුරුය. පර්වතයකින් වසාතබන ලද්දාක් මෙන් දුකසේ දැකිය යුතු කොටස් සියයකට බිඳීගිය අශ්ව ලොමක අග මෙන් වටහාගත නොහැකි, මේ ධර්මය වටහා ගන්නට උත්සාහ කරන්නා වූ මා විසින් නුදුන් දනක් නම් නැත. නොරැකි ශීලයක් නම් නැත. නොපිරූ විරූ පාරමිතාවක් නම් නැත. ලෙහෙසියෙන් මෙන් මාරබලය පරදවා ලූ කල්හිද පොළව කම්පා නොවීය. පළමු යාමයෙහි පූර්වේනිවාසය අනුස්මරණය කරනවිටත් කම්පා නොවීය. මධ්‍යම යාමයෙහි දිවැස පිරිසිදුකරන කල්හිත් කම්පා නොවීය. පශ්චිම යාමයෙහි වනාහි පටිච්ච සමුප්පාද ධර්මය මා විසින් වටහාගන්නා කල්හි දසසහශ්‍රී ලෝකධාතුව කම්පා විය. මෙසේ මා වැනි සියුම් නුවණක් ඇත්තහු විසින් ද මේ ධර්මය ඉතා අපහසුවෙන් අවබෝධ කරගන්නා ලදි. ඒ ධර්මය ලෞකික මහාජනයා කෙසේනම් අවබෝධ කරගන්නාහුදැයි ධර්මයෙහි ගැඹුරුබව මෙනෙහි කිරීමේ ආනුභාවයෙන් සිත නැමුනේ යයි දතයුතුයි.

අපිච බ්‍රහ‍්මුනා යාචිතෙ දෙසෙතුකාමතායපිස‍්ස එවං චිත‍්තං නමි. ජානාති හි භගවා – “මම අප‍්පොස‍්සුක‍්කතාය චිත‍්තෙ නමමානෙ මං මහාබ්‍රහ‍්මා ධම‍්මදෙසනං යාචිස‍්සති, ඉමෙ ච සත‍්තා බ්‍රහ‍්මගරුකා, තෙ ‘සත්‍ථා කිර ධම‍්මං න දෙසෙතුකාමො අහොසි, අථ නං මහාබ්‍රහ‍්මා යාචිත්‍වා දෙසාපෙසි, සන‍්තො වත භො ධම‍්මො, පණීතො වත භො ධම‍්මො’ති මඤ‍්ඤමානා සුස‍්සූසිස‍්සන‍්තී”ති. ඉමම‍්පිස‍්ස කාරණං පටිච‍්ච අප‍්පොස‍්සුක‍්කතාය චිත‍්තං නමි, නො ධම‍්මදෙසනායාති වෙදිතබ‍්බං.

තවද බ්‍රහ්මයා විසින් අයැදි කල්හි දේශනාකරනු කැමැත්තහුගේ සිත මෙසේ නැමුනේය. උනන්දුවක් නැති තත්ත්වයට මගේ හිත යොමුවන කල්හි මහා බ්‍රහ්මයා ධර්මදේශනාව සඳහා අයදින්නේය යැයි භාග්‍යවතුන් වහන්සේ දනියි. මේ සත්ත්වයෝද බ්‍රහ්මයාට ගරු කරන්නෝය. ඉක්බිති ඔවුහු මෙසේ සිතත්. ශාස්තෲන් වහන්සේ වනාහි ධර්මය දේශනා නොකරන්නට සිතීය. ඉක්බිති ඔහුට මහා බ්‍රහ්මයා ඉල්ලීමක් කර ධර්මය දේශනා කරවීය. ඒ ධර්මය වනාහි ශාන්තය. ප්‍රණීතය කියා හඟින සත්ත්වයෝ ඇහුම්කන් දෙනු කැමැත්තාහු වෙත්. මේ කාරණය නිසා ධර්මය දේශනා කිරීමට උනන්දුවක් නැතිවීයැයි දතයුතුයි.

අඤ‍්ඤතරස‍්සාති එත්‍ථ කිඤ‍්චාපි “අඤ‍්ඤතරො”ති වුත‍්තං, අථ ඛො ඉමස‍්මිං චක‍්කවාළෙ ජෙට‍්ඨකමහාබ්‍රහ‍්මා එසොති වෙදිතබ‍්බො. නස‍්සති වත භො ලොකොති සො කිර ඉමං සද‍්දං තථා නිච‍්ඡාරෙසි, යථා දසසහස‍්සිලොකධාතුබ්‍රහ‍්මානො සුත්‍වා සබ‍්බෙ සන‍්නිපතිංසු. යත්‍ර හි නාමාති යස‍්මිං නාම ලොකෙ. පුරතො පාතුරහොසීති තෙහි දසහි බ්‍රහ‍්මසහස‍්සෙහි සද‍්ධිං පාතුරහොසි. අප‍්පරජක‍්ඛජාතිකාති පඤ‍්ඤාමයෙ අක‍්ඛිම‍්හි අප‍්පං පරිත‍්තං රාගදොසමොහරජං එතෙසං, එවං සභාවාති අප‍්පරජක‍්ඛජාතිකා. අස‍්සවනතාති අස‍්සවනතාය. භවිස‍්සන‍්තීති පුරිමබුද‍්ධෙසු දසපුඤ‍්ඤකිරියවත්‍ථුවසෙන කතාධිකාරා පරිපාකගතා පදුමානි විය සූරියරස‍්මිසම‍්ඵස‍්සං, ධම‍්මදෙසනංයෙව ආකඞ‍්ඛමානා චතුප‍්පදිකගාථාවසානෙ අරියභූමිං ඔක‍්කමනාරහා න එකො, න ද‍්වෙ, අනෙකසතසහස‍්සා ධම‍්මස‍්ස අඤ‍්ඤාතාරො භවිස‍්සන‍්තීති දස‍්සෙති.

අඤ්ඤතරස්ස යන මෙහි කිසිවෙක් යැයි සිතීය. ඉක්බිති මේ සක්වල ප්‍රධාන මහා බ්‍රහ්මයා මොහුයැයි දතයුතුයි. හස්සකිවතභො යම්සේ දසසහශ්‍රී ලෝකධාතුවේ බ්‍රහ්මයෝ අසා සියල්ලෝම රැස්වූවාහුද එපරිද්දෙන් මේ හඬ නිකුත් කළේය. යත්‍රහි නාමා යනු යම් ඒ ලෝකයක. පුරතො පාතුරහොසි ඒ දසදහසක් බ්‍රහ්මයන් සමග පහළ විය. අප්පරජක්ඛජාතිකා ප්‍රඥාමය ඇසෙහි අල්ප වූ, සුළු වූ රාග දෝස මෝහ රජස් මොවුන්ට ඇත්තේනුයි මෙබඳු ස්වභාව ඇත්තේනුයි අප්පරජක්ඛජාතිකා නම් වේ. අස්සවන්තා නොඅසන බව. භවිස්සන්ති වන්නාහ. කලින් බුදුවරයන් වහන්සේලාගේ කාලවලදී දසපුණ්‍ය ක්‍රියා වශයෙන් කරන ලද ප්‍රාර්ථනා ඇත්තාහු මේරූ පද්මයන් මෙන් හිරුඑළියේ ස්පර්ශය නමැති ධර්මදේශනාවම බලාපොරොතේතු වන්නාහු පේළි සතරක ගාථාවසානයේ ආර්යමාර්ගයට බසිනු කැමැති එක්කෙනක් නොවෙයි. දෙදෙනෙක් නොවෙයි. නොයෙක් සියදහස් ගණන් ධර්මය වටහා ගත්තෝ වන්නාහුයැයි දක්වයි.

අජ‍්ඣෙසනන‍්ති එවං තික‍්ඛත‍්තුං යාචනං. බුද‍්ධචක‍්ඛුනාති ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණෙන ච ආසයානුසයඤාණෙන ච. ඉමෙසඤ‍්හි ද‍්වින‍්නං ඤාණානං “බුද‍්ධචක‍්ඛූ”ති නාමං, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස “සමන‍්තචක‍්ඛූ”ති, තිණ‍්ණං මග‍්ගඤාණානං “ධම‍්මචක‍්ඛූ”ති. අප‍්පරජක‍්ඛෙතිආදීසු යෙසං වුත‍්තනයෙනෙව පඤ‍්ඤාචක‍්ඛුම‍්හි රාගාදිරජං අප‍්පං, තෙ අප‍්පරජක‍්ඛා. යෙසං තං මහන‍්තං, තෙ මහාරජක‍්ඛා. යෙසං සද‍්ධාදීනි ඉන්‍ද්‍රියානි තික‍්ඛානි, තෙ තික‍්ඛින්‍ද්‍රියා. යෙසං තානි මුදූනි, තෙ මුදින්‍ද්‍රියා. යෙසං තෙයෙව සද‍්ධාදයො ආකාරා සුන්‍දරා, තෙ ස‍්වාකාරා. යෙ කථිතකාරණං සල‍්ලක‍්ඛෙන‍්ති, සුඛෙන සක‍්කා හොන‍්ති විඤ‍්ඤාපෙතුං, තෙ සුවිඤ‍්ඤාපයා. යෙ පරලොකඤ‍්චෙව වජ‍්ජඤ‍්ච භයතො පස‍්සන‍්ති, තෙ පරලොකවජ‍්ජභයදස‍්සාවිනො නාම.

අජ්ඣෙසනං මෙසේ තුන්වරක් ඉල්ලා සිටීම. බුද්ධචක්ඛුතා ඉන්‍ද්‍රිය පරොපරිය ඤාණයෙන්ද ආසයානුසය ඤාණයෙන්ද යන මේ ඤාණ දෙක බුද්ධචක්ඛු නම් වේ. සර්වඥතා ඥානය සමන්තචක්ඛු නම් වේ. මාර්ග ඥාන තුන ධම්මචක්ඛු නම් වේ. අප්පරජක්ඛෙ යනාදියෙහි යමකුට කියන ලද පරිද්දෙන් ප්‍රඥා චක්‍ෂුසෙහි රාගාදි රජස් අල්පවේද ඔව්හු අප්පරජක්ඛා නම් වෙත්. යමෙක් හට ඒවා බොහෝ වේද, ඔවුහු මහා රජක්ඛා නම් වේ. යමකුගේ ශ්‍රද්ධා ආදී ඉන්‍ද්‍රියයන් තියුණු වේද ඔවුහු තික්ඛින්‍ද්‍රියා ය. යමකුගේ ඒවා මෘදු වේද, ඔවුහු මුදුන්‍ද්‍රියා වේ. යමකුගේ යම් ඒ ශ්‍රද්ධා ආදී ස්වභාවයන් සුන්දර වේ ද ඔව්හු ස්වාකාරා නම් වේ. යමෙක් කියන ලද කාරණය සළකත්ද පහසුවෙන් දන්වන්නට හැකිවෙත්ද ඔව්හු සුවිඤ්ඤාපයා නම් වේ. යමෙක් පරලොවත් වරදත් භය ලෙස දකිත්ද ඔවුහු පරලොකවජ්ජභය දස්සාවිනො නම් වෙති.

අයං පනෙත්‍ථ පාළි – “සද‍්ධො පුග‍්ගලො අප‍්පරජක‍්ඛො, අස‍්සද‍්ධො පුග‍්ගලො මහාරජක‍්ඛො.… ආරද‍්ධවීරියො…පෙ… කුසීතො… උපට‍්ඨිතස‍්සති… මුට‍්ඨස‍්සති… සමාහිතො… අසමාහිතො… පඤ‍්ඤවා… දුප‍්පඤ‍්ඤො පුග‍්ගලො මහාරජක‍්ඛො. තථා සද‍්ධො පුග‍්ගලො තික‍්ඛින්‍ද්‍රියො…පෙ… පඤ‍්ඤවා පුග‍්ගලො පරලොකවජ‍්ජභයදස‍්සාවී, දුප‍්පඤ‍්ඤො පුග‍්ගලො න පරලොකවජ‍්ජභයදස‍්සාවී.

මේ වනාහි මෙහි පෙළයි. ශ්‍රද්ධාවන්ත පුද්ගලයා අල්ප රක්‍ෂ නම් වේ. ශ්‍රද්ධා නැති පුද්ගලයා මහා රජක්‍ෂ වේ. පටන් ගන්නා ලද වීර්ය ඇති, කම්මැලි, එළඹසිටි සිහි ඇති මුලා වූ සිහි ඇති, එක්තැන් වූ, සිත එක්තැන් නොවූ, ප්‍රඥාවන්ත, ප්‍රඥාවන්ත නොවූ පුද්ගලයා මහාරජක්‍ෂ නම් වේ. එපරිද්දෙන් ශ්‍රද්ධාවන්ත පුද්ගලයා සියුම් ඉන්‍ද්‍රියන් ඇත්තේ -පෙ- ප්‍රඥාවන්ත පුද්ගලයා පරලොව වරදෙහි බිය දකින්නේ - ප්‍රඥාව අඩු පුද්ගලයා පරලොව වරදෙහි බිය නොදකී.

ලොකොති ඛන්‍ධලොකො, ධාතුලොකො, ආයතනලොකො, සම‍්පත‍්තිභවලොකො, විපත‍්තිභවලොකො, සම‍්පත‍්තිසම‍්භවලොකො, විපත‍්තිසම‍්භවලොකො. එකො ලොකො – සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා. ද‍්වෙ ලොකා – නාමඤ‍්ච රූපඤ‍්ච. තයො ලොකා – තිස‍්සො වෙදනා. චත‍්තාරො ලොකා – චත‍්තාරො ආහාරා. පඤ‍්ච ලොකා – පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා. ඡ ලොකා – ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි. සත‍්ත ලොකා – සත‍්ත විඤ‍්ඤාණට‍්ඨිතියො. අට‍්ඨ ලොකා – අට‍්ඨ ලොකධම‍්මා. නව ලොකා – නව සත‍්තාවාසා. දස ලොකා – දසායතනානි. ද‍්වාදස ලොකා – ද‍්වාදසායතනානි. අට‍්ඨාරස ලොකා – අට‍්ඨාරස ධාතුයො.

ලොකො යනු ස්කන්ධ ලෝකය - ධාතු ලෝකය, ආයතන ලෝකය, සම්පත්ති සම්භව ලෝකය, විපත්ති භව ලෝකය, සම්පත්ති ලබන ලෝකය, විපත් හටගන්නා ලෝකය, එක ලෝකයක් සියලු සත්ත්වයෝ ආහාර මුල්කරගෙන සිටින්නාහ. ලෝක දෙකක් නාමරූප නම් වේ. ලෝක තුනක් වේදනාත්‍රය ලෝක සතර සතරාකාර ආහාරය. ලෝකපස පංච උපාදාන ස්කන්ධ, ලෝක සය නම් ආධ්‍යාත්මික ආයතන සය. සප්ත ලෝක නමි. සත් විඤ්ඤාණයන්ගේ පිහිටීම, ලෝක අට, අෂ්ටලෝක ධර්මයයි. ලෝක නවය සත්තාවාස නවයයි. ලෝකදසය නම් ආයතන දසයයි. ලෝක දොළස නම් ආයතන දොළසයි. අටළොස් ලෝකනම් අටළොස් ධාතූන්ය.

වජ‍්ජන‍්ති සබ‍්බෙ කිලෙසා වජ‍්ජං, සබ‍්බෙ දුච‍්චරිතා වජ‍්ජං, සබ‍්බෙ අභිසඞ‍්ඛාරා වජ‍්ජං, සබ‍්බෙ භවගාමිකම‍්මා වජ‍්ජං. ඉති ඉමස‍්මිඤ‍්ච ලොකෙ ඉමස‍්මිඤ‍්ච වජ‍්ජෙ තිබ‍්බා භයසඤ‍්ඤා පච‍්චුපට‍්ඨිතා හොති, සෙය්‍යථාපි උක‍්ඛිත‍්තාසිකෙ වධකෙ. ඉමෙහි පඤ‍්ඤාසාය ආකාරෙහි ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි ජානාති පස‍්සති අඤ‍්ඤාති පටිවිජ‍්ඣති, ඉදං තථාගතස‍්ස ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙ ඤාණ”න‍්ති (පටි· ම· 1.112).

වජ්ජං සියලු කෙළෙස් වැරදිනම් වේ. සියළු දුශ්චරිත වැරදිය. සියළුම කර්ම රැස්කිරීම වැරදිය. සියළු භවගාමී කර්ම වැරදිය. මේ ලෝකයෙහි මෙසේ මේ වරදෙහි බලවත් භය සංඥාවක් එළඹ සිටියේ වෙයිද යම්සේ වධකයන් කඩුව ඔසවා සිටි කල්හි මෙන් මේ ක්‍රම පනහකින් මේ පංච ඉන්‍ද්‍රියන් දනියි ද දකී ද දැනගනීද අවබෝධ වේද, මේ තථාගතයන් වහන්සේගේ ඉන්‍ද්‍රිය පරොපරියත්ත ඤාණය නම් වේ.

උප‍්පලිනියන‍්ති උප‍්පලවනෙ. ඉතරෙසුපි එසෙව නයො. අන‍්තොනිමුග‍්ගපොසීනීති යානි අඤ‍්ඤානිපි පදුමානි අන‍්තොනිමුග‍්ගානෙව පොසයන‍්ති. උදකං අච‍්චුග‍්ගම‍්ම ඨිතානීති උදකං අතික‍්කමිත්‍වා ඨිතානි. තත්‍ථ යානි අච‍්චුග‍්ගම‍්ම ඨිතානි, තානි සූරියරස‍්මිසම‍්ඵස‍්සං ආගමයමානානි ඨිතානි අජ‍්ජ පුප‍්ඵනකානි. යානි සමොදකං ඨිතානි, තානි ස‍්වෙ පුප‍්ඵනකානි. යානි උදකානුග‍්ගතානි අන‍්තොඋදකපොසීනි, තානි තතියදිවසෙ පුප‍්ඵනකානි. උදකා පන අනුග‍්ගතානි අඤ‍්ඤානිපි සරොජඋප‍්පලාදීනි නාම අත්‍ථි, යානි නෙව පුප‍්ඵිස‍්සන‍්ති, මච‍්ඡකච‍්ඡපභක‍්ඛානෙව භවිස‍්සන‍්ති, තානි පාළිං නාරූළ‍්හානි. ආහරිත්‍වා පන දීපෙතබ‍්බානීති දීපිතානි.

උප්පලිනිං උපුල් වනයෙහි අන් ඒවායේද මේ ක්‍රමයටමය. අනෙකා නිමුග්ග පොසිනී යම් යම් අනික් පද්මයෝ ඇතුලෙහි ගිලුනාහු පෝෂණය කරත්. උදකං අච්චුග්ගම්ම තිට්ඨන්ති ජලය ඉක්මවා සිටිත්. එහි යම් ඒ උඩට නැගී සිටියා වූ ඒවා හිරුඑළිය වැදීම බලාපොරොත්තුවෙන් සිටියේද අද පිපෙන්නේ ද යම් ඒ හැකිළී තිබෙන ඒවා හෙට පිපෙන ඒවාය. යම් ඒ ජලය තුළ රැඳී තිබෙන එයින් පෝෂණය වන ඒවා වේද ඒ තුන්වන දවසෙහි පිපෙන ඒවාය. යම් ඒ ජලයේ ගිලී ඇති අනිකුත් පියුම් උපුල් ආදිය වේ. ඒවා පිපෙන්නේ නැත. මත්ස්‍යයන්ට, කැසුබුවන්ට ආහාර වේ. ඒවා පෙළෙහි නොනැගුනේය. පිටතින් ගෙනවුත් දැක්විය යුතුය.

යථෙව හි තානි චතුබ‍්බිධානි පුප‍්ඵානි, එවමෙව උග‍්ඝටිතඤ‍්ඤූ, විපඤ‍්චිතඤ‍්ඤූ, නෙය්‍යො, පදපරමොති චත‍්තාරො පුග‍්ගලා. තත්‍ථ යස‍්ස පුග‍්ගලස‍්ස සහ උදාහටවෙලාය ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො උග‍්ඝටිතඤ‍්ඤූ. යස‍්ස පුග‍්ගලස‍්ස සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථෙ විභජියමානෙ ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො විපඤ‍්චිතඤ‍්ඤූ. යස‍්ස පුග‍්ගලස‍්ස උද‍්දෙසතො පරිපුච‍්ඡතො යොනිසොමනසිකරොතො කල්‍යාණමිත‍්තෙ සෙවතො භජතො පයිරුපාසතො අනුපුබ‍්බෙන ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො නෙය්‍යො. යස‍්ස පුග‍්ගලස‍්ස බහුම‍්පි සුණතො බහුම‍්පි භණතො බහුම‍්පි ගණ‍්හතො බහුම‍්පි ධාරයතො බහුම‍්පි වාචයතො න තාය ජාතියා ධම‍්මාභිසමයො හොති, අයං වුච‍්චති පුග‍්ගලො පදපරමො (පු· ප· 148, 149, 150, 151).

යම්සේ වනාහි ඒ සිව්ආකාර මල් වේද එපරිද්දෙන් උග්ඝටිතඤ්ඤ, විපචිතඤ්ඤ, ඤෙය්‍ය, පදපරම යැයි පුද්ගලයෝ සතර දෙනෙකි. මෙහි, යම් පුද්ගලයකු හට කියන ලද වේලෙහිම ධර්මය වැටහීම වන්නේද, මේ පුද්ගලයා උග්ඝටිතඤ්ඤ වේ. යම් පුද්ගලයකු හට කෙටියෙන් කියන ලද්ද විස්තර වශයෙන් අර්ථය බෙදා බලන කල්හි ධර්මාවබෝධය වන්නේද මේ පුද්ගලයා විපචිතඤ්ඤ යැයි කියැවේ. යම් පුද්ගලයකුට අසන කියන නුවණින් මෙනෙහි කරන කල්‍යාණ මිත්‍රයන් සේවනය කරන භජනය කරන ඇසුරුකරන පිළිවෙලින් ධර්මාවබෝධය වන්නේද මේ පුද්ගලයා ඤෙය්‍ය නම් වේ. යම් පුද්ගලයකුට ඇසුවත්, බොහෝකොට කීවත් බොහෝකොට ධාරණය කරගත්තත්, බොහෝකොට කියන්නහුම ඒ ජාතියේදී ධර්මාවබෝධය නොවෙයි. මේ පුද්ගලයා පදපරම නම් වේ.

තත්‍ථ භගවා උප‍්පලවනාදිසදිසං දසසහස‍්සිලොකධාතුං ඔලොකෙන‍්තො – “අජ‍්ජ පුප‍්ඵනකානි විය උග‍්ඝටිතඤ‍්ඤූ, ස‍්වෙ පුප‍්ඵනකානි විය විපඤ‍්චිතඤ‍්ඤූ, තතියදිවසෙ පුප‍්ඵනකානි විය නෙය්‍යො, මච‍්ඡකච‍්ඡපභක‍්ඛානි විය පදපරමො”ති අද‍්දස. පස‍්සන‍්තො ච – “එත‍්තකා අප‍්පරජක‍්ඛා, එත‍්තකා මහාරජක‍්ඛා. තත්‍රාපි එත‍්තකා උග‍්ඝටිතඤ‍්ඤූ”ති එවං සබ‍්බාකාරතො අද‍්දස. තත්‍ථ තිණ‍්ණං පුග‍්ගලානං ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ භගවතො ධම‍්මදෙසනා අත්‍ථං සාධෙති, පදපරමානං අනාගතෙ වාසනත්‍ථාය හොති.

එහිදී භාග්‍යවතුන් වහන්සේ උපුල්වනය හා සමාන දසදහසක් ලෝකධාතුව දෙස බලන්නේ අද පිපෙන මල් වැනි උග්ඝටිතඤ්ඤ පුද්ගලයන්ද හෙට පිපෙන මල්වැනි විපචිතඤ්ඤ පුද්ගලයන්ද තුන්වන දවසේ පිපෙන ඤෙය්‍ය පුද්ගලයන්ද මත්ස්‍යයන්ට කැස්බාවන්ට ගොදුරුවන මල් වැනි පදපරම පුද්ගලයන්ද දුටුවේය. එසේ බලන්නේ මෙපමණක් ජනයා අල්ප වූ කෙලෙස් ඇත්තෝය. මෙපමණක් බොහෝ කෙලෙස් ඇත්තෝය. එහිද මෙපමණක් උග්ඝටිතඤ්ඤූ ආදි ලෙස සියළු ආකාරයෙන්ම දුටුවේය. එහිදී පුද්ගලයන් තුන් දෙනෙකුට මේ ආත්මභාවයේදී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාවෙන් රහත්බව ලැබේ. පදපරම පුද්ගලයන්ට අනාගතය පිණිස වාසනා ඇත.

අථ භගවා ඉමෙසං චතුන‍්නං පුග‍්ගලානං අත්‍ථාවහං ධම‍්මදෙසනං විදිත්‍වා දෙසෙතුකම්‍යතං උප‍්පාදෙත්‍වා පුන තෙ සබ‍්බෙසුපි තීසු භවෙසු සබ‍්බෙ සත‍්තෙ භබ‍්බාභබ‍්බවසෙන ද‍්වෙ කොට‍්ඨාසෙ අකාසි. යෙ සන්‍ධාය වුත‍්තං – “යෙ තෙ සත‍්තා කම‍්මාවරණෙන සමන‍්නාගතා, විපාකාවරණෙන සමන‍්නාගතා, කිලෙසාවරණෙන සමන‍්නාගතා, අස‍්සද‍්ධා අච‍්ඡන්‍දිකා දුප‍්පඤ‍්ඤා අභබ‍්බා නියාමං ඔක‍්කමිතුං කුසලෙසු ධම‍්මෙසු සම‍්මත‍්තං, ඉමෙ තෙ සත‍්තා අභබ‍්බා. කතමෙ සත‍්තා භබ‍්බා? යෙ තෙ සත‍්තා න කම‍්මාවරණෙන…පෙ…ඉමෙ තෙ සත‍්තා භබ‍්බා”ති (විභ· 827; පටි· ම· 1.114).

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයන් තුන්දෙනාටම ප්‍රයෝජනවත් ධර්මදේශනාව දැනගෙන දේශනා කිරීමට කැමැත්තක් ඇතිකරගෙන නැවත භවත්‍රයේ සියළුම සත්ත්වයන් භබ්බ, අභබ්බ (යෝග්‍ය - අයෝග්‍ය) වශයෙන් කොටස් දෙකකට බෙදීය. කවුරුන් සඳහා කියන ලද්දේ ද? යම් ඒ සත්ත්වයෝ කර්මබාධාවෙන් යුක්තද, විපාක බාධාවෙන් යුක්තද කෙලෙස් බාධාවෙන් යුක්තද ශ්‍රද්ධාව නැති, කැමැති බවක් නැති, දුෂ්ප්‍රාඥ වූ කුසල් දහම්හි නිවැරදි ස්වභාවයට පත්වන්නට නොහැකි මේ සත්ත්වයෝ අභබ්බ නම් වෙති. භබ්බ සත්ත්වයෝ කවරහුද? යම් ඒ සත්ත්වයෝ කර්මයාගේ ආවරණයෙන් යුක්ත නොවූයේ වෙත්ද -පෙ- මේ සත්ත්වයෝ භබ්බ නම් වෙත්.

තත්‍ථ සබ‍්බෙපි අභබ‍්බපුග‍්ගලෙ පහාය භබ‍්බපුග‍්ගලෙයෙව ඤාණෙන පරිග‍්ගහෙත්‍වා – “එත‍්තකා රාගචරිතා, එත‍්තකා දොසමොහවිතක‍්කසද‍්ධාබුද‍්ධිචරිතා”ති ඡ කොට‍්ඨාසෙ අකාසි. එවං කත්‍වා – “ධම‍්මං දෙසෙස‍්සාමී”ති චින‍්තෙසි. බ්‍රහ‍්මා තං ඤත්‍වා සොමනස‍්සජාතො භගවන‍්තං ගාථාහි අජ‍්ඣභාසි. ඉදං සන්‍ධාය – “අථ ඛො සො, භික‍්ඛවෙ, මහාබ්‍රහ‍්මා”තිආදි වුත‍්තං.

මෙහිදී සියළුම අභබ්බ පුද්ගලයන් හැර භබ්බ පුද්ගලයන්ම ඤාණයෙන් විමසා, මෙහි මෙපමණක් රාග චරිතයන්ය. මෙපමණක් දෝස, මෝහ, විතර්ක, සද්ධා, බුද්ධි යන කොටස්වලට බෙදන ලදි. මෙසේ කොට ධර්මය දේශනා කරන්නෙමියි සිතීය. බ්‍රහ්මයෝ ඒ බව දැනගෙන සොම්නස් සහගතව භාග්‍යවතුන් වහන්සේට ගාථාවන්ගෙන් ප්‍රකාශ කළේය. මේ වෙනුවෙන් ‘අථ ඛො සො භික්ඛවෙ බ්‍රහ්මා’ (මහණෙනි, ඉක්බිති ඒ බ්‍රහ්මයා) ආදිය කියන ලදි.

තත්‍ථ අජ‍්ඣභාසීති අධිඅභාසි, අධිකිච‍්ච ආරබ‍්භ අභාසීති අත්‍ථො.

එහි අජ්ඣභාසි ප්‍රකාශ කළේය. අරභයා ප්‍රකාශ කළේය යන අර්ථයි.

සෙලෙ යථා පබ‍්බතමුද‍්ධනිට‍්ඨිතොති සෙලමයෙ එකග‍්ඝනෙ පබ‍්බතමුද‍්ධනි යථාඨිතොව, න හි තත්‍ථ ඨිතස‍්ස දස‍්සනත්‍ථං ගීවුක‍්ඛිපනපසාරණාදිකිච‍්චං අත්‍ථි. තථූපමන‍්ති තප‍්පටිභාගං සෙලපබ‍්බතූපමං. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො, යථා සෙලපබ‍්බතමුද‍්ධනි යථාඨිතොව චක‍්ඛුමා පුරිසො සමන‍්තතො ජනතං පස‍්සෙය්‍ය, තථා ත්‍වම‍්පි සුමෙධ, සුන්‍දරපඤ‍්ඤසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන සමන‍්තචක‍්ඛු භගවා ධම‍්මමයං පඤ‍්ඤාමයං පාසාදමාරුය‍්හ සයං අපෙතසොකො සොකාවතිණ‍්ණං ජාතිජරාභිභූතං ජනතං අපෙක‍්ඛස‍්සු, උපධාරය උපපරික‍්ඛ.

සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො ශෛලමය වූ ඒකඝන වූ පර්වත මුදුනෙහි හිටි ලෙසට, එහි සිටියහුට දැකීම පිණිස බෙල්ල උස්කිරීම, දිග්කිරීම ආදී කටයුතු ඇත. තථූපමං යනු එයට සමාන වූ, ශෛල පර්වතයක් බඳු වූ, මේ වනාහි මෙහි කෙටි අර්ථයි. යම්සේ ශෛල පර්වතය මුදුනේ සිටියා වූ ඇස් ඇති පුරුෂයා හාත්පස ජනයාව දකින්නේය. එපරිද්දෙන් ඔබ ද නුවණැති, මහාප්‍රාඥ වූ සර්වඥතා ඤාණයෙන් යුත් සමන්තචක්ඛු වූ භාග්‍යවතුන් වහන්සේ ධර්මමය ප්‍රඥාමය ප්‍රාසාදයට නැගී තෙමේ පහ වූ ශෝක ඇත්තේ ශෝකයෙන් පීඩාවට පත් ජාතිජරාවෙන් මඩනා ලද ජනතාව බලන්න. සළකාගන්න. පරීක්‍ෂාකර බලන්න.

අයමෙත්‍ථ අධිප‍්පායො – යථා හි පබ‍්බතපාදෙ සමන‍්තා මහන‍්තං ඛෙත‍්තං කත්‍වා තත්‍ථ කෙදාරපාළීසු කුටිකායො කත්‍වා රත‍්තිං අග‍්ගිං ජාලෙය්‍යුං. චතුරඞ‍්ගසමන‍්නාගතඤ‍්ච අන්‍ධකාරං අස‍්ස. අථස‍්ස පබ‍්බතස‍්ස මත්‍ථකෙ ඨත්‍වා චක‍්ඛුමතො පුරිසස‍්ස භූමිං ඔලොකයතො නෙව ඛෙත‍්තං, න කෙදාරපාළියො, න කුටියො, න තත්‍ථ සයිතමනුස‍්සා පඤ‍්ඤායෙය්‍යුං, කුටිකාසු පන අග‍්ගිජාලමත‍්තමෙව පඤ‍්ඤායෙය්‍ය. එවං ධම‍්මපාසාදමාරුය‍්හ සත‍්තනිකායං ඔලොකයතො තථාගතස‍්ස යෙ තෙ අකතකල්‍යාණා සත‍්තා, තෙ එකවිහාරෙ දක‍්ඛිණජාණුපස‍්සෙ නිසින‍්නාපි බුද‍්ධචක‍්ඛුස‍්ස ආපාථං නාගච‍්ඡන‍්ති, රත‍්තිං ඛිත‍්තසරා විය හොන‍්ති. යෙ පන කතකල්‍යාණා වෙනෙය්‍යපුග‍්ගලා, තෙ තස‍්ස දූරෙ ඨිතාපි ආපාථං ආගච‍්ඡන‍්ති, සො අග‍්ගි විය හිමවන‍්තපබ‍්බතො විය ච. වුත‍්තම‍්පි චෙතං –

මේ වනාහි මෙහි බලාපොරොත්තු අර්ථයයි. යම්සේ පර්වතය පාමුල හාත්පස මහත් වූ කුඹුරක් කොට එහි නියරවල කුටි සාදවා රාත්‍රියෙහි ගිනි දැල්වූහ. චතුරංග සමන්විත අන්‍ධකාරය වන්නේය. ඉක්බිති මේ පර්වතය මුදුනෙහි සිට බිම බලන්නා වූ ඇස් ඇති පුරුෂයකු කුඹුර හෝ නියරවල් හෝ පැල්පත් හෝ එහි නිදාගත් මිනිසුන් හෝ නොපෙනෙන්නේය. පැල්වල ගිනිදැල් පමණක් පෙනේ. මෙසේ ධර්මප්‍රාසාදයට නැග සත්ත්වයන් බලන්නා වූ තථාගතයන් වහන්සේට යම් ඒ යහපත් දෙය නොකළ එකම විහාරයෙහි දකුණු දන පැත්තේ සිටියාවූත් සත්ත්වයන් බුදුරජාණන් වහන්සේගේ නේත්‍රයට යොමු නොවේ. රාත්‍රියෙහි විදින ලද ඊයක් මෙන් වෙයි. යම් ඒ යහපත් දේ කළා වූ හික්මවීමට සුදුසු පුද්ගලයෝ වෙත්ද, ඔවුහු උන්වහන්සේට ඈතින් සිටියත් නේත්‍රයට හසුවෙත්. ඔව්හු හිමාලය පර්වතයෙන් ගින්නක් මෙනි. මෙයද කියන ලදි.

“දූරෙ සන‍්තො පකාසෙන‍්ති, හිමවන‍්තොව පබ‍්බතො; අසන‍්තෙත්‍ථ න දිස‍්සන‍්ති, රත‍්තිං ඛිත‍්තා යථා සරා”ති. (ධ· ප· 304);

දුර සිටියාහුද හිමාලය පර්වතය මෙන් පෙනෙත්. ළඟ සිටියත් රාත්‍රියෙහි විදින ලද ඊයක් මෙන් නොපෙනේ.

උට‍්ඨෙහීති භගවතො ධම‍්මදෙසනත්‍ථං චාරිකචරණං යාචන‍්තො භණති. වීරාතිආදීසු භගවා වීරියවන‍්තතාය වීරො, දෙවපුත‍්තමච‍්චුකිලෙසමාරානං විජිතත‍්තා විජිතසඞ‍්ගාමො, ජාතිකන‍්තරාදිනිත්‍ථරණත්‍ථාය වෙනෙය්‍යසත්‍ථවාහනසමත්‍ථතාය සත්‍ථවාහො, කාමච‍්ඡන්‍දඉණස‍්ස අභාවතො අණණොති වෙදිතබ‍්බො.

උට්ඨෙහි යනු භාග්‍යවතුන් වහන්සේට ධර්මදේශනා සඳහා චාරිකාවේ වඩින්නට ඉල්ලා සිටිමින් කියයි. වීරා ආදියෙහි, භාග්‍යවතුන් වහන්සේ වීර්ය ඇති බැවින් වීර නම් වේ. දේවපුත්ත, මච්චු, කිලෙස යන මාරයන් පරාජය කළ බැවින් දිනන ලද සංග්‍රාම ඇත්තේය. ජාතිය ආදී කාන්තාරවලින් එගොඩවීම සඳහා හික්මවිය යුතු ජනයාව කැඳවාගෙන යාමට සමර්ථ බැවින් සත්‍ථවාහ නම් වේ. කාමච්ඡන්‍ද නමැති ණය නොමැති බැවින් අණන යැයි දතයුතුයි.

අපාරුතාති විවටා. අමතස‍්ස ද‍්වාරාති අරියමග‍්ගො. සො හි අමතසඞ‍්ඛාතස‍්ස නිබ‍්බානස‍්ස ද‍්වාරං. සො මයා විවරිත්‍වා ඨපිතොති දස‍්සෙති. පමුඤ‍්චන‍්තු සද‍්ධන‍්ති සබ‍්බෙ අත‍්තනො සද‍්ධං පමුඤ‍්චන‍්තු විස‍්සජ‍්ජෙන‍්තු. පච‍්ඡිමපදද‍්වයෙ අයමත්‍ථො, අහඤ‍්හි අත‍්තනො පගුණං සුප‍්පවත‍්තිතම‍්පි ඉමං පණීතං උත‍්තමං ධම‍්මං කායවාචාකිලමථසඤ‍්ඤී හුත්‍වා න භාසිං, ඉදානි පන සබ‍්බෙ ජනා සද‍්ධාභාජනං උපනෙන‍්තු, පූරෙස‍්සාමි තෙසං සඞ‍්කප‍්පන‍්ති.

අපරුතා යනු විවෘත, අමතස්සද්වාරා ආර්ය මාර්ගය - යමෙක් වනාහි අමෘත සංඛ්‍යාත නිර්වාණයට දොරටුව වේද, එය මා විසින් විවෘත කර තබන ලදී යැයි දක්වයි. පමුඤ්චන්තු සංඛං යනු සියල්ලෝම තමන්ගේ ශ්‍රද්ධාව මුදත්වා. පතුරුවා හරිත්වා. පසුපද දෙකෙහි මේ අර්ථයයි. මම වනාහි තමා විසින් ප්‍රගුණ කරන ලද මනාව පවත්වාගන්නා ලද මේ ප්‍රණීත, උතුම් ධර්මය, කය, වචනය දෙකේ පීඩාවට පත්වීමකින් ප්‍රකාශ නොකෙළෙමි. දැන් වනාහි සියළු ජනයා ශ්‍රද්ධා නමැති භාජනය යොමු කරන්න. ඔවුන්ගේ බලාපොරොත්තු පුරවන්නෙමි.

අග‍්ගසාවකයුගවණ‍්ණනා

බොධිරුක‍්ඛමූලෙති බොධිරුක‍්ඛස‍්ස අවිදූරෙ අජපාලනිග්‍රොධෙ අන‍්තරහිතොති අත්‍ථො. ඛෙමෙ මිගදායෙති ඉසිපතනං තෙන සමයෙන ඛෙමං නාම උය්‍යානං හොති, මිගානං පන අභයවාසත්‍ථාය දින‍්නත‍්තා මිගදායොති වුච‍්චති. තං සන්‍ධාය වුත‍්තං – “ඛෙමෙ මිගදායෙ”ති. යථා ච විපස‍්සී භගවා, එවං අඤ‍්ඤෙපි බුද‍්ධා පඨමං ධම‍්මදෙසනත්‍ථාය ගච‍්ඡන‍්තා ආකාසෙන ගන‍්ත්‍වා තත්‍ථෙව ඔතරන‍්ති. අම‍්හාකං පන භගවා උපකස‍්ස ආජීවකස‍්ස උපනිස‍්සයං දිස‍්වා – “උපකො ඉමං අද‍්ධානං පටිපන‍්නො, සො මං දිස‍්වා සල‍්ලපිත්‍වා ගමිස‍්සති. අථ පුන නිබ‍්බින්‍දන‍්තො ආගම‍්ම අරහත‍්තං සච‍්ඡිකරිස‍්සතී”ති ඤත්‍වා අට‍්ඨාරසයොජනමග‍්ගං පදසාව අගමාසි. දායපාලං ආමන‍්තෙසීති දිස‍්වාව පුනප‍්පුනං ඔලොකෙත්‍වා – “අය්‍යො නො, භන‍්තෙ, ආගතො”ති වත්‍වා උපගතං ආමන‍්තෙසි.

බොධිරුක්ඛමූලෙ බෝරුකට නුදුරෙන් අජපල් නුගරුක මුල අතුරු නැතිව යන අර්ථයි. ඛෙමෙ මිගදායෙ - ඉසිපතනය ඒ කාලයේ ඛෙම නම් උයනක් ඇත. මුවන්ට නිර්භයව වාසය කිරීමට දුන් බැවින් මිගදාය යැයි කියනු ලැබේ. ඒ සඳහා කියන ලදි. ‘ඛෙමෙ මිගදායෙ’ කියා විපස්සී බුදුරජාණන් වහන්සේ යම්සේද එසේම අන්‍ය බුදුවරු ද ප්‍රථම ධර්මදේශනාව පිණිස යන්නාහු අහසින් ගොස් එහිම පහතට බසිත්. අපගේ භාග්‍යවතුන් වහන්සේ උපක ආජීවකයාගේ වාසනා සම්පත්තිය දැක, උපක තෙමේ මේ මාර්ගයට පිවිසියේය. ඔහු මා දැක කථාබහකොට යන්නේය. ඉක්බිති නැවත කලකිරී පැමිණ රහත්බව සඵල කරගන්නේ යැයි දැනගෙන දහඅට යොදුන් මාර්ගය පයින්ම වැඩියේය. දායපාලං ආමන්තෙසි දැකද නැවත නැවත බලා ස්වාමීනි! අපගේ ආර්යයන් වහන්සේ පැමිණියේ යැයි පැමිණි සිටියහුට ඇමතීය.

අනුපුබ‍්බිං කථන‍්ති දානකථං, දානානන‍්තරං සීලං, සීලානන‍්තරං සග‍්ගං, සග‍්ගානන‍්තරං මග‍්ගන‍්ති එවං අනුපටිපාටිකථං කථෙසි. තත්‍ථ දානකථන‍්ති ඉදං දානං නාම සුඛානං නිදානං, සම‍්පත‍්තීනං මූලං, භොගානං පතිට‍්ඨා, විසමගතස‍්ස තාණං ලෙණං ගති පරායණං, ඉධලොකපරලොකෙසු දානසදිසො අවස‍්සයො පතිට‍්ඨා ආරම‍්මණං තාණං ලෙණං ගති පරායණං නත්‍ථි. ඉදඤ‍්හි අවස‍්සයට‍්ඨෙන රතනමයසීහාසනසදිසං, පතිට‍්ඨානට‍්ඨෙන මහාපථවීසදිසං, ආරම‍්මණට‍්ඨෙන ආලම‍්බනරජ‍්ජුසදිසං. ඉදඤ‍්හි දුක‍්ඛනිත්‍ථරණට‍්ඨෙන නාවා, සමස‍්සාසනට‍්ඨෙන සඞ‍්ගාමසූරො, භයපරිත‍්තාණට‍්ඨෙන සුසඞ‍්ඛතනගරං, මච‍්ඡෙරමලාදීහි අනුපලිත‍්තට‍්ඨෙන පදුමං, තෙසං නිදහනට‍්ඨෙන අග‍්ගි, දුරාසදට‍්ඨෙන ආසීවිසො, අසන‍්තාසනට‍්ඨෙන සීහො, බලවන‍්තට‍්ඨෙන හත්‍ථී, අභිමඞ‍්ගලසම‍්මතට‍්ඨෙන සෙතඋසභො, ඛෙමන‍්තභූමිසම‍්පාපනට‍්ඨෙන වලාහකඅස‍්සරාජා. දානඤ‍්හි ලොකෙ සක‍්කසම‍්පත‍්තිං මාරසම‍්පත‍්තිං බ්‍රහ‍්මසම‍්පත‍්තිං චක‍්කවත‍්තිසම‍්පත‍්තිං සාවකපාරමිඤාණං පච‍්චෙකබොධිඤාණං අභිසම‍්බොධිඤාණං දෙතීති එවමාදිදානගුණපටිසංයුත‍්තං කථං.

ආනුපුබ්බී කථා දානයට අනතුරුව ශීලය ශීලයට අනතුරුව ස්වර්ගය, ස්වර්ගයට අනතුරුව මාර්ගය මෙසේ අනුපිළිවෙලින් කරන කථාව. එහි දානකථං මේ දානය වනාහි සැපයන්ට නිදානයකි. සම්පත්වලට මුලය. භෝග සම්පත්වලට පිහිටය. වැරදි මග ගියහුට ආරක්ෂා සහිත ලෙණකි. මෙලොව පරලොව දෙකට පිහිටකි. දානයට සමාන නෑයෙක්, පිහිටක්, ආධාරකයක්, ආරක්ෂාවක්, සසර ගමනට පිහිටක් නැත. මෙය වනාහි පිහිටවීම් අර්ථයෙන් රතනමය වූ සිංහාසනයකට සමානය. ස්ථාවර අර්ථයෙන් මහපොළොව හා සමානය. එල්බසිටීමේ අර්ථයෙන් එල්ලී සිටීමට රැහැණක් බඳුය. මෙය වනාහි දුක නැති කිරීම යන අර්ථයෙන් නැවක්, සැනසීම් අර්ථයෙන් සංග්‍රාම සූරයෙක්, භයෙන් ආරක්ෂා කිරීමේ අර්ථයෙන් මනාව සකස්කළ නගරයක්, මසුරුමල ආදියෙන් කිලිටි නොවූ යන අර්ථයෙන් පද්මයකි. ඔවුන්ගේ දැවීම් අර්ථයෙන් ගින්නකි. ළංවීමට අපහසු අර්ථයෙන් ආසීර් විසයකි. බිය නොවන අර්ථයෙන් සිංහයෙකි. බලවත්කම යන අර්ථයෙන් හස්තියෙකි. උතුම් මංගල සම්මත බැවින් සුදු වෘෂභයෙකි. ක්‍ෂේම භූමියකට පැමිණීම් අර්ථයෙන් වළාහක අශ්වරාජයෙකි. ‘දානය වනාහි ලෝකයෙහි ශක්‍ර සම්පත්තිය ලබාදෙයි. මාර සම්පත්තිය, බ්‍රහ්ම සම්පත්තිය, චක්‍රවර්තී සම්පත්තිය, ශ්‍රාවක පාරමී ඥානය, පසේබුදු නුවණ, බුද්ධත්වය ලබාදෙයි. මේ ආදී වූ දානය බැඳී පවත්නා කථාවයි.

යස‍්මා පන දානං දදන‍්තො සීලං සමාදාතුං සක‍්කොති, තස‍්මා තදනන‍්තරං සීලකථං කථෙසි. සීලකථන‍්ති සීලං නාමෙතං අවස‍්සයො පතිට‍්ඨා ආරම‍්මණං තාණං ලෙණං ගති පරායණං. ඉධලොකපරලොකසම‍්පත‍්තීනඤ‍්හි සීලසදිසො අවස‍්සයො පතිට‍්ඨා ආරම‍්මණං තාණං ලෙණං ගති පරායණං නත්‍ථි, සීලසදිසො අලඞ‍්කාරො නත්‍ථි, සීලපුප‍්ඵසදිසං පුප‍්ඵං නත්‍ථි, සීලගන්‍ධසදිසො ගන්‍ධො නත්‍ථි, සීලාලඞ‍්කාරෙන හි අලඞ‍්කතං සීලකුසුමපිළන්‍ධනං සීලගන්‍ධානුලිත‍්තං සදෙවකොපි ලොකො ඔලොකෙන‍්තො තිත‍්තිං න ගච‍්ඡතීති එවමාදිසීලගුණපටිසංයුත‍්තං කථං.

යම්හෙයකින් වනාහි දන් දෙන්නහු ශීලය සමාදන් වන්නට හැකිවෙයි. ඒ නිසා එයට අනතුරුව සීල කථාව කරයි. සීලකථාව සීලය නම් වූ මෙය නෑයෙකි. පිහිටකි. එල්බ ගැනීමට ආධාරකයකි. ආරක්ෂාවකි. මෙලොව පරලොව ගමනට පිහිටකි. මෙලොව පරලොව සම්පත්වලට සීලය සමාන පිහිටක් ශීලය සමාන ආධාරකයක්, උදව්වක්, ශීලයට සමාන අලංකාරයක් නැත. සීලය නමැති පුෂ්පයට සමාන පුෂ්පයක් නැත. සීලයට සමාන සුවඳක් නැත. ශීල නමැති අලංකාරයෙන් අලංකාර කරන ලද ශීලය නමැති මල් පැළඳි සීලන මැති සුවඳ තැවරුණු දෙවියන් සහිත ලෝකයා බලන්නේ තෘප්තියකට පත් නොවේ.

ඉදං පන සීලං නිස‍්සාය අයං සග‍්ගො ලබ‍්භතීති දස‍්සෙතුං සීලානන‍්තරං සග‍්ගකථං කථෙසි. සග‍්ගකථන‍්ති අයං සග‍්ගො නාම ඉට‍්ඨො කන‍්තො මනාපො, නිච‍්චමෙත්‍ථ කීළා, නිච‍්චං සම‍්පත‍්තියො ලබ‍්භන‍්ති, චාතුමහාරාජිකා දෙවා නවුතිවස‍්සසතසහස‍්සානි දිබ‍්බසුඛං දිබ‍්බසම‍්පත‍්තිං පටිලභන‍්ති, තාවතිංසා තිස‍්සො ච වස‍්සකොටියො සට‍්ඨි ච වස‍්සසතසහස‍්සානීති එවමාදිසග‍්ගගුණපටිසංයුත‍්තං කථං. සග‍්ගසම‍්පත‍්තිං කථයන‍්තානඤ‍්හි බුද‍්ධානං මුඛං නප‍්පහොති. වුත‍්තම‍්පි චෙතං – “අනෙකපරියායෙන ඛො අහං, භික‍්ඛවෙ, සග‍්ගකථං කථෙය්‍ය”න‍්තිආදි.

මේ ශීලය නිසා වනාහි මේ ස්වර්ගය ලබන්නේය යන්න දැක්වීමම ශීලයට අනතුරුව ස්වර්ග පිළිබඳ කථාව කියයි. සග්ගකථං යනු මේ සර්ගය නම් ඉටුය. සිත්කළුය. මනාපය. මෙහි නිතරව ක්‍රීඩාවෝය. නිරතුරු සැපසම්පත් ලබත්. චාතුර්මහාරාජික දෙවිවරු වර්ෂ අනූදහසක් දෙව්සැප හා සම්පත් ලබත්. තව්තිසා දෙවියෝ වර්ෂ කෝටිතුනක් හා වර්ෂ හැටදහසක් ආදී සියළු ස්වර්ගය හා සම්බන්ධ කථාව ස්වර්ග සම්පත්තිය කියන්නවුන්ට බුදුවරයන් වහන්සේලාගේ ශ්‍රී මුඛය ප්‍රමාණවත් නැත. මෙයද කියා ඇත. මහණෙනි! මට නොයෙක් ආකාරයෙන් ස්වර්ග කථාව කියන්නේය ආදියයි.

එවං සග‍්ගකථාය පලොභෙත්‍වා පුන හත්‍ථිං අලඞ‍්කරිත්‍වා තස‍්ස සොණ‍්ඩං ඡින්‍දන‍්තො විය – “අයම‍්පි සග‍්ගො අනිච‍්චො අද‍්ධුවො, න එත්‍ථ ඡන්‍දරාගො කාතබ‍්බො”ති දස‍්සනත්‍ථං – “අප‍්පස‍්සාදා කාමා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො”තිආදිනා (ම· නි· 1.235; 2.42) නයෙන කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං කථෙසි.

මෙසේ ස්වර්ග කථාවට, පොළඹවා නැවත හස්තියකු සරසා සොඬය සිඳින්නාක් මෙන් මේ ස්වර්ගයද අනිත්‍යයි. ස්ථිර නැත. මෙහි ඡන්‍දරාගය ඇතිකරගත යුතු නොවේය යන්න දැක්වීම සඳහා කාමයෝ වනාහි අල්ප වූ ආශ්වාද ඇත්තෝය. බොහෝ දුක් සහිතය. බලවත් සිත්තැවුල් ඇති කරන්නේය. ආදීනව මෙහි බොහෝය. යනාදී ක්‍රමයෙන් කාමයන්ගෙන් ආදීනව ළාමක බව කිළිටි බව දේශනා කළේය.

තත්‍ථ ආදීනවොති දොසො. ඔකාරොති අවකාරො ලාමකභාවො. සංකිලෙසොති තෙහි සත‍්තානං සංසාරෙ සංකිලිස‍්සනං. යථාහ – “කිලිස‍්සන‍්ති වත භො සත‍්තා”ති (ම· නි· 2.351). එවං කාමාදීනවෙන තෙජ‍්ජත්‍වා නෙක‍්ඛම‍්මෙ ආනිසංසං පකාසෙසි, පබ‍්බජ‍්ජාය ගුණං පකාසෙසීති අත්‍ථො. සෙසං අම‍්බට‍්ඨසුත‍්තවණ‍්ණනායං වුත‍්තනයඤ‍්චෙව උත‍්තානත්‍ථඤ‍්ච.

එහි ආදීනවො යනු දොස්. ඔකාරො යනු විසිරෙන, ලාමක බව, සංකිලෙසො ඒවායින් සත්ත්වයන්ව සසර කෙළෙසත්. යම්සේ කියන ලදි. පින්වත් සත්ත්වයිනි! කිළිටි වන්නාහ. මෙසේ කාම ආදීනවවලින් තර්ජනයකොට නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිශංස ප්‍රකාශ කළේය. පැවිද්දේ ගුණ ප්‍රකාශ කළේය යන අර්ථයි. ඉතිරිය අම්බට්ඨ සූත්‍ර වර්ණනාවේ කියූ ආකාරයෙන්මය. අර්ථය කියන ලදමැයි.

අලත්‍ථුන‍්ති කථං අලත්‍ථුං? එහිභික‍්ඛුභාවෙන. භගවා කිර තෙසං ඉද‍්ධිමයපත‍්තචීවරස‍්සූපනිස‍්සයං ඔලොකෙන‍්තො අනෙකාසු ජාතීසු චීවරදානාදීනි දිස‍්වා එථ භික‍්ඛවොතිආදිමාහ. තෙ තාවදෙව භණ‍්ඩූ කාසායවසනා අට‍්ඨහි භික‍්ඛුපරික‍්ඛාරෙහි සරීරපටිමුක‍්කෙහෙව වස‍්සසතිකත්‍ථෙරා විය භගවන‍්තං නමස‍්සමානාව නිසීදිංසු.

අලත්‍ථුං කෙසේ ලැබුවාහුද? භාග්‍යවතුන් වහන්සේ සෘද්ධිමය පාත්‍රාසිවුරු ඔවුන්ට ලැබීමේ වාසනාව බලා නොයෙක් ජාතීන්හි සිවුරු දන්දීම් ආදිය දැක මහණෙනි! මෙහි එන්න’ යනාදිය වදාළ සේක. ඔව්හු එකෙණෙහිම හිස මුඩුවී කසාවන් පිළිපොරවා අටපිරිකරවලින් සැරසී සියවස් ගිය තෙරවරුන් මෙන් භාග්‍යවතුන් වහන්සේට වඳිමින් සිටියහ.

සන්‍දස‍්සෙසීතිආදීසු ඉධලොකත්‍ථං සන්‍දස‍්සෙසි, පරලොකත්‍ථං සන්‍දස‍්සෙසි. ඉධලොකත්‍ථං දස‍්සෙන‍්තො අනිච‍්චන‍්ති දස‍්සෙසි, දුක‍්ඛන‍්ති දස‍්සෙසි, අනත‍්තාති දස‍්සෙසි, ඛන්‍ධෙ දස‍්සෙසි, ධාතුයො දස‍්සෙසි, ආයතනානි දස‍්සෙසි, පටිච‍්චසමුප‍්පාදං දස‍්සෙසි, රූපක‍්ඛන්‍ධස‍්ස උදයං දස‍්සෙන‍්තො පඤ‍්ච ලක‍්ඛණානි දස‍්සෙසි, තථා වෙදනාක‍්ඛන්‍ධාදීනං, තථා වයං දස‍්සෙන‍්තොපි උදයබ‍්බයවසෙන පඤ‍්ඤාසලක‍්ඛණානි දස‍්සෙසි, පරලොකත්‍ථං දස‍්සෙන‍්තො නිරයං දස‍්සෙසි, තිරච‍්ඡානයොනිං, පෙත‍්තිවිසයං, අසුරකායං, තිණ‍්ණං කුසලානං විපාකං, ඡන‍්නං දෙවලොකානං, නවන‍්නං බ්‍රහ‍්මලොකානං සම‍්පත‍්තිං දස‍්සෙසි.

සන්‍දස්සෙසි ආදියෙහි මෙලොව පරලොව අර්ථය දැක්වීය. මෙලොව අර්ථය දක්වන්නේ අනිත්‍යයැයි පෙන්වීය. දුකයැයි දැක්වීය. අනාත්මයැයි දැක්වීය. ස්කන්ධයන් දැක්වීය. ධාතු දැක්වීය. ආයතන දැක්වීය. පටිච්ච සමුප්පාදය දැක්වීය. රූප ස්කන්ධයාගේ හටගැනීම දක්වන්නේ ලක්‍ෂණ පහක් දැක්වීය. වේදනා ස්කන්ධ ආදීන්ගේ වැයවීම දක්වන්නේ යැයි හටගැනීම හා අභාවය වශයෙන් ලකුණු පනසක් දැක්වීය. පරලොව පිණිස දක්වන්නේ නිරය දැක්වීය. තිරිසන්යෝනිය ප්‍රේත විෂය, අසුරකාය, තුන් කුසලයන්ගේ විපාකය. දිව්‍යලෝක සයෙහිත් බ්‍රහ්මලෝක නවයෙහිත් සම්පත් පෙන්වීය.

සමාදපෙසීති චතුපාරිසුද‍්ධිසීලතෙරසධුතඞ‍්ගදසකථාවත්‍ථුආදිකෙ කල්‍යාණධම‍්මෙ ගණ‍්හාපෙසි.

සමාදපෙසි චතුපාරිශුද්ධි ශීළය, තෙළෙස් ධුතාංග දසකථා වස්තු ආදී වූ යහපත් ධර්මයන් ගැන්වීය.

සමුත‍්තෙජෙසීති සුට‍්ඨු උත‍්තෙජෙසි, අබ‍්භුස‍්සාහෙසි. ඉධලොකත්‍ථඤ‍්චෙව පරලොකත්‍ථඤ‍්ච තාසෙත්‍වා තාසෙත්‍වා අධිගතං විය කත්‍වා කථෙසි. ද‍්වත‍්තිංසකම‍්මකාරණපඤ‍්චවීසතිමහාභයප‍්පභෙදඤ‍්හි ඉධලොකත්‍ථං බුද‍්ධෙ භගවති තාසෙත්‍වා තාසෙත්‍වා කථයන‍්තෙ පච‍්ඡාබාහං, ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා චාතුමහාපථෙ පහාරසතෙන තාළෙත්‍වා දක‍්ඛිණද‍්වාරෙන නිය්‍යමානො විය ආඝාතනභණ‍්ඩිකාය ඨපිතසීසො විය සූලෙ උත‍්තාසිතො විය මත‍්තහත්‍ථිනා මද‍්දියමානො විය ච සංවිග‍්ගො හොති. පරලොකත්‍ථඤ‍්ච කථයන‍්තෙ නිරයාදීසු නිබ‍්බත‍්තො විය දෙවලොකසම‍්පත‍්තිං අනුභවමානො විය ච හොති.

සමුත්තෙජෙසි මනාව උනන්දු කරවූයේය. මෙහි ලෝකාර්ථයද පරලෝකාර්ථයද තව තවා අවබෝධ කරගත්තාක් මෙන් පැවසීය. තිස්දෙකක් කර්ම කිරීමත් විසිපස් වැදෑරුම් මහා බියත් මේ ලෝක අභිවෘද්ධිය පිණිස බුද්ධ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තව තවා කියවන්නේ බාහු පසුපසට තබා බැඳ සිව්මංසල පහර සියයකින් තළා දකුණු දොරටුවෙන් ගෙනයන්නාක් මෙන් දංගෙඩියෙහි තබන ලද හිසක් මෙන්ද උලතබන ලද්දක්හු මෙන්ද මත් ඇතකු විසින් මඩින්නාක් මෙන් වෙයි. පරලොව අර්ථය කියනකල්හි නිරය ආදියෙහි උපන්නෙක් මෙන් දෙව්ලොව සැපය අනුභව කරන්නාක් මෙන්ද වෙයි.

සම‍්පහංසෙසීති පටිලද‍්ධගුණෙන චොදෙසි, මහානිසංසං කත්‍වා කථෙසීති අත්‍ථො.

සම්පහංසෙසි ලබන ලද ගුණයෙන් සතුටු විය. මහත් වූ ආනිශංස ලෙස කොට කීවේය යන අර්ථයි.

සඞ‍්ඛාරානං ආදීනවන‍්ති හෙට‍්ඨා පඨමමග‍්ගාධිගමත්‍ථං කාමානං ආදීනවං කථෙසි, ඉධ පන උපරිමග‍්ගාධිගමත්‍ථං – “අනිච‍්චා, භික‍්ඛවෙ, සඞ‍්ඛාරා අද‍්ධුවා අනස‍්සාසිකා, යාවඤ‍්චිදං, භික‍්ඛවෙ, අලමෙව සබ‍්බසඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දිතුං අලං විරජ‍්ජිතුං අලං විමුච‍්චිතු”න‍්තිආදිනා (අ· නි· 7.66; සං· නි· 2.134) නයෙන සඞ‍්ඛාරානං ආදීනවඤ‍්ච ලාමකභාවඤ‍්ච තප‍්පච‍්චයඤ‍්ච කිලමථං පකාසෙසි. යථා ච තත්‍ථ නෙක‍්ඛම‍්මෙ, එවමිධ – “සන‍්තමිදං, භික‍්ඛවෙ, නිබ‍්බානං නාම පණීතං තාණං ලෙණ”න‍්තිආදිනා නයෙන නිබ‍්බානෙ ආනිසංසං පකාසෙසි.

සංඛාරානං ආදීනවං යට පළමු මාර්ග අධිගමය පිණිස කාමයන්ගේ ආදීනව ප්‍රකාශ කළේය. මෙහිදී වනාහි මතු මාර්ග අධිගමය පිණිස ‘මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයි. ස්ථිර නැත. සැනසුමක් නැත. මහණෙනි! සියලු සංස්කාරයන්හි කලකිරිය යුතුයි. ඒවායේ නොඇලිය යුතුය. ඒවායින් මිදිය යුතුයි ආදී ක්‍රමයට සංස්කාරයන්ගේ ආදීනවද ලාමක බවද එයට හේතුවද පීඩාවට පත්වීම ද ප්‍රකාශ කළේය. යම්සේ වනාහි නෛෂ්ක්‍රම්‍යයෙහිද මෙසේ මෙහිදී මහණෙනි, නිර්වාණය නම් ශාන්තය. ප්‍රණීතය. ආරක්ෂාවකි. පිහිටකි ආදි ක්‍රමයට නිර්වාණයෙහි ආනිශංසද ප්‍රකාශ කළේය.

මහාජනකායපබ‍්බජ‍්ජාවණ‍්ණනා

මහාජනකායොති තෙසංයෙව ද‍්වින‍්නං කුමාරානං උපට‍්ඨාකජනකායොති.

මහාජනකායො ඒ කුමාරයන් දෙදෙනාට උපස්ථාන කරන ජනයා.

භගවන‍්තං සරණං ගච‍්ඡාම, ධම‍්මඤ‍්චාති සඞ‍්ඝස‍්ස අපරිපුණ‍්ණත‍්තා ද‍්වෙවාචිකමෙව සරණමගමංසු.

භගවන්තං සරණං ගච්ඡාම ධම්මං ච සංඝරත්නය පරිපූර්ණ නොමැති බැවින් ද්වේවාචික සරණ ගියහ.

අලත්‍ථුන‍්ති පුබ‍්බෙ වුත‍්තනයෙනෙව එහිභික‍්ඛුභාවෙනෙව අලත්‍ථුං. ඉතො අනන‍්තරෙ පබ‍්බජිතවාරෙපි එසෙව නයො.

අලත්‍ථුං පෙර කියන ලද ආකාරයෙන්ම ඒහි භික්‍ෂුභාවයෙන්ම පැවිද්ද ලැබූහ. මීට අනතුරුව පැවිද්ද ලැබීමේ වාරයේදී ද මේ ක්‍රමයමයි.

චාරිකාඅනුජානනවණ‍්ණනා

පරිවිතක‍්කො උදපාදීති කදා උදපාදි? සම‍්බොධිතො සත‍්ත සංවච‍්ඡරානි සත‍්ත මාසෙ සත‍්ත දිවසෙ අතික‍්කමිත්‍වා උදපාදි. භගවා කිර පිතුසඞ‍්ගහං කරොන‍්තො විහාසි. රාජාපි චින‍්තෙසි – “මය‍්හං ජෙට‍්ඨපුත‍්තො නික‍්ඛමිත්‍වා බුද‍්ධො ජාතො, දුතියපුත‍්තො මෙ නික‍්ඛමිත්‍වා අග‍්ගසාවකො ජාතො, පුරොහිතපුත‍්තො දුතියඅග‍්ගසාවකො, ඉමෙ ච අවසෙසා භික‍්ඛූ ගිහිකාලෙපි මය‍්හං පුත‍්තමෙව පරිවාරෙත්‍වා විචරිංසු. ඉමෙ සබ‍්බෙ ඉදානිපි මය‍්හංයෙව භාරො, අහමෙව ච නෙ චතූහි පච‍්චයෙහි උපට‍්ඨහිස‍්සාමි, අඤ‍්ඤෙසං ඔකාසං න දස‍්සාමී”ති විහාරද‍්වාරකොට‍්ඨකතො පට‍්ඨාය යාව රාජගෙහද‍්වාරා උභයතො ඛදිරපාකාරං කාරාපෙත්‍වා කිලඤ‍්ජෙහි ඡාදාපෙත්‍වා වත්‍ථෙහි පටිච‍්ඡාදාපෙත්‍වා උපරි ච ඡාදාපෙත්‍වා සුවණ‍්ණතාරකවිචිත‍්තං සමොලම‍්බිතතාලක‍්ඛන්‍ධමත‍්තං විවිධපුප‍්ඵදාමවිතානං කාරාපෙත්‍වා හෙට‍්ඨා භූමියං චිත‍්තත්‍ථරණෙහි සන්‍ථරාපෙත්‍වා අන‍්තො උභොසු පස‍්සෙසු මාලාවච‍්ඡකෙ පුණ‍්ණඝටෙ, සකලමග‍්ගවාසත්‍ථාය ච ගන්‍ධන‍්තරෙ පුප‍්ඵානි පුප‍්ඵන‍්තරෙ ගන්‍ධෙ ච ඨපාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි.

පරිවිතක්කො උදපාදි යනුවෙන් කවදා පහළ වීද? සම්බෝධියෙන් සංවත්සර හතක් මාස හතක් හා සත් දවසක් ඉක්මගොස් පහළ විය. භාග්‍යවතුන් වහන්සේ වනාහි පියාට සළකමින් වාසය කළේය. රජු මෙසේ සිතීය. මගේ දෙටු පුතා නික්මගොස් බුදුවිය. මාගේ දෙවෙනි පුත්‍රයා නික්ම ගොස් අග්‍රශ්‍රාවක විය. පුරෝහිත පුත්‍රයා දෙවෙනි ශ්‍රාවක විය. මේ ඉතිරි භික්‍ෂූහු ගිහි කල්හිද මගේ පුත්‍රයාව පිරිවරාගෙන හැසිරුනාහ. මොව්හු වනාහි පෙරද දැන්ද මට ම භාරය. මම ම ඔවුන්ට සිව්පසයෙන් උපස්ථාන කරන්නෙමි. අන් අයට ඉඩක් නොදෙන්නෙමියි විහාරයේ දොරටුවේ පටන් රජගෙදර දොරටුව දක්වා දෙපැත්තේ කිහිරිවැටක් සාදවා පැදුරුවලින් ආවරණය කරවා වස්ත්‍රවලින් වසා උඩින්ද ආවරණය කොට රන්තරුවලින් විසිතුරු වූ එල්ලෙන තල්කඳන් පමණ විවිධ වූ මල්දම්වලින් වියනක් සාදවා පහත බිම විසිතුරු ඇතිරිළි අතුරවා ඇතුළත දෙපැත්තේ මල් පිරුණු පුන්කලස් මුලුමග වැසෙන සේද විවිධ සුවඳ වර්ගද තබා භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය.

භගවා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො අන‍්තොසාණියාව රාජගෙහංගන‍්ත්‍වා භත‍්තකිච‍්චං කත්‍වා විහාරං පච‍්චාගච‍්ඡති. අඤ‍්ඤො කොචි දට‍්ඨුම‍්පි න ලභති, කුතො පන භික‍්ඛං වා දාතුං, පූජං වා කාතුං, ධම‍්මං වා සොතුං. නාගරා චින‍්තෙසුං – “අජ‍්ජ සත්‍ථු ලොකෙ උප‍්පන‍්නස‍්ස සත‍්තමාසාධිකානි සත‍්තසංවච‍්ඡරානි, මයඤ‍්ච දට‍්ඨුම‍්පි න ලභාම, පගෙව භික‍්ඛං වා දාතුං, පූජං වා කාතුං, ධම‍්මං වා සොතුං. රාජා – ‘මය‍්හමෙව බුද‍්ධො, මය‍්හමෙව ධම‍්මො, මය‍්හමෙව සඞ‍්ඝො’ති මමායිත්‍වා සයමෙව උපට‍්ඨහි. සත්‍ථා ච උප‍්පජ‍්ජමානො සදෙවකස‍්ස ලොකස‍්ස අත්‍ථාය හිතාය උප‍්පන‍්නො. න හි රඤ‍්ඤොයෙව නිරයො උණ‍්හො අස‍්ස, අඤ‍්ඤෙසං නීලුප‍්පලවනසදිසො. තස‍්මා රාජානං වදාම. සචෙ නො සත්‍ථාරං දෙති, ඉච‍්චෙතං කුසලං. නො චෙ දෙති, රඤ‍්ඤා සද‍්ධිං යුජ‍්ඣිත්‍වාපි සඞ‍්ඝං ගහෙත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කරොම. න සක‍්කා ඛො පන සුද‍්ධනාගරෙහෙව එවං කාතුං, එකං ජෙට‍්ඨපුරිසම‍්පි ගණ‍්හාමා”ති.

භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරා වටතිර මැදින් රජගෙදරට වැඩ දන් වළඳා ආපසු විහාරයට වඩියි. අන් කෙනෙකුට දකින්ටවත් දන්දීමටවත් පූජා කරන්නටවත්, බණ අසන්නටවත් නොලැබේ. නාගරිකයෝ මෙසේ සිතූහ. ශාස්තෲන් වහන්සේ ලොව පහළවී වර්ෂ හතක් හා මාස හතක් අදට ගතවී ඇත. අපි දකින්නටවත් ඉඩක් නොලබමු. දානයක් දීම, පූජාවක් පැවැත්වීම, ධර්මය ඇසීම ගැන කවර කථාද? රජු බුදුරජාණන් වහන්සේ මගේමය. ධර්මය මගේමය. සංඝයා මගේමය කියා මමත්වයෙන් තෙමේම උපස්ථාන කරයි. ශාස්තෲන් වහන්සේ නමක් ලොව උපදින්නේ දෙවියන් සහිත ලෝකයාට යහපත පිණිසය. නරකය උණුසුම් වන්නේ රජුට පමණක් නොවේ. අන්‍යයන්ට නිලුපුල් වනයක් නොවේ. ඒ නිසා රජුට කියමු. ඉදින් ශාස්තෲන් වහන්සේව අපට දෙන්නේද එය කුසලයකි. ඉදින් නොදෙන්නේ නම් රජු සමග යුදකර හෝ සංඝයාව ලබාගෙන දානාදී පිංකම් කරමු. නාගරිකයන් සමග පමණක් යුද්ධයක් කළ නොහැක. එක් උසස් පුද්ගලයකු ද අල්ලාගත යුතුය.

තෙ සෙනාපතිං උපසඞ‍්කමිත්‍වා තස‍්සෙතමත්‍ථං ආරොචෙත්‍වා – “සාමි, කිං අම‍්හාකං පක‍්ඛො හොසි, උදාහු රඤ‍්ඤො”ති ආහංසු. සො – “අහං තුම‍්හාකං පක‍්ඛො හොමි, අපි ච ඛො පන පඨමදිවසො මය‍්හං දාතබ‍්බො”ති. තෙ සම‍්පටිච‍්ඡිංසු. සො රාජානං උපසඞ‍්කමිත්‍වා – “නාගරා, දෙව, තුම‍්හාකං කුපිතා”ති ආහ. කිමත්‍ථං තාතාති? සත්‍ථාරං කිර තුම‍්හෙයෙව උපට‍්ඨහථ, අම‍්හෙ න ලභාමාති. සචෙ ඉදානිපි ලභන‍්ති, න කුප‍්පන‍්ති, අලභන‍්තා තුම‍්හෙහි සද‍්ධිං යුජ‍්ඣිතුකාමා දෙවාති. යුජ‍්ඣාමි, තාත, නාහං භික‍්ඛුසඞ‍්ඝං දෙමීති. දෙව තුම‍්හාකං දාසා තුම‍්හෙහි සද‍්ධිං යුජ‍්ඣාමාති වදන‍්ති, තුම‍්හෙ කං ගණ‍්හිත්‍වා යුජ‍්ඣිස‍්සථාති? නනු ත්‍වං සෙනාපතීති? නාගරෙහි විනා න සමත්‍ථො අහං දෙවාති. තතො රාජා – “බලවන‍්තො නාගරා, සෙනාපතිපි තෙසඤ‍්ඤෙව පක‍්ඛො”ති ඤත්‍වා “අඤ‍්ඤානිපි සත‍්තමාසාධිකානි සත‍්තසංවච‍්ඡරානි මය‍්හං භික‍්ඛුසඞ‍්ඝං දදන‍්තූ”ති ආහ. නාගරා න සම‍්පටිච‍්ඡිංසු. රාජා – “ඡ වස‍්සානි, පඤ‍්ච, චත‍්තාරි, තීණි, ද‍්වෙ, එකවස‍්ස”න‍්ති හාපෙසි. එවං හාපෙන‍්තෙපි න සම‍්පටිච‍්ඡිංසු. අඤ‍්ඤෙ සත‍්ත දිවසෙ යාචි. නාගරා – “අතිකක‍්ඛළං දානි රඤ‍්ඤා සද‍්ධිං කාතුං න වට‍්ටතී”ති අනුජානිංසු.

ඔව්හු සේනාපතියා ළඟට ගොස් ඔහුට මේ කාරණය දන්වා, ස්වාමීනි, කිම ඔබතුමා අපගේ පක්‍ෂයේද? නැතහොත් රජුගේ පක්‍ෂයේදැයි ඇසූහ. හෙතෙම මම නුඹලාගේ පක්‍ෂයේ වෙමි. තවද වනාහි පළමු දවස මට දිය යුතුයි. ඔව්හු එකඟ වූහ. ඔහු රජු වෙතට ගොස් දේවයන් වහන්ස! නගරවැසියෝ ඔබවහන්සේ කෙරෙහි කිපුනාහ. දරුව, කුමක් නිසාද? ස්වාමීනි! ශාස්තෲන් වහන්සේට ඔබ පමණක් උපස්ථාන කරයි. අපි නොලබමු. ඉදින් දැන් නමුත් ලබන්නේ නම් නොකිපෙත්. නොලබන්නාහු නුඹලා සමග යුදකරනු කැමැත්තාහ. දරුව, යුධ කරන්නෙමි. භික්‍ෂු සංඝයා නොදෙමි. ස්වාමීනි! ඔබවහන්සේගේ දාසයෝ ඔබ සමග යුද කරන්නෙමු යැයි කියති. නුඹවහන්සේ කවුරුන් රැගෙන යුද කරන්නේද? සේනාපතිය ඇයි නුඹ? ස්වාමීනි, නුවරවැසියන් නොමැතිව මටද නොහැකිය. ඉක්බිති රජු නුවරවැසියෝ බලවත්ය. සේනාපතියාද ඔවුන්ගේ පක්‍ෂයේ යැයි දැනගෙන තවත් අවුරුදු සතක් හා මාස හතක් මට භික්‍ෂු සංඝයා දෙත්වයි කීය. නුවර වැසියෝ පිළිනොගත්හ. රජු වර්ෂ හයක්, වර්ෂ පහක් යැයි අඩුකළත් එයට එකඟ නොවූහ. තවත් දින සතක් ඉල්වීය. නුවරවැසියෝ දැන් රජු සමග අතිශයින් ගැටීම සුදුසු නැතැයි කැමැති වූහ.

රාජා සත‍්තමාසාධිකානං සත‍්තන‍්නං සංවච‍්ඡරානං සජ‍්ජිතං දානමුඛං සත‍්තන‍්නමෙව දිවසානං විස‍්සජ‍්ජෙත්‍වා ඡ දිවසෙ කෙසඤ‍්චි අපස‍්සන‍්තානංයෙව දානං දත්‍වා සත‍්තමෙ දිවසෙ නාගරෙ පක‍්කොසාපෙත්‍වා – “සක‍්ඛිස‍්සථ, තාත, එවරූපං දානං දාතු”න‍්ති ආහ. තෙපි – “නනු අම‍්හෙයෙව නිස‍්සාය තං දෙවස‍්ස උප‍්පන‍්න”න‍්ති වත්‍වා – “සක‍්ඛිස‍්සාමා”ති ආහංසු. රාජා පිට‍්ඨිහත්‍ථෙන අස‍්සූනි පුඤ‍්ඡමානො භගවන‍්තං වන්‍දිත්‍වා – “භන‍්තෙ, අහං අට‍්ඨසට‍්ඨිභික‍්ඛුසතසහස‍්සං අඤ‍්ඤස‍්ස වාරං අකත්‍වා යාවජීවං චතූහි පච‍්චයෙහි උපට‍්ඨහිස‍්සාමීති චින‍්තෙසිං. නාගරා න දානි මෙ අනුඤ‍්ඤාතා, නාගරා හි ‘මයං දානං දාතුං න ලභාමා’ති කුප‍්පන‍්ති. භගවා ස‍්වෙ පට‍්ඨාය තෙසං අනුග‍්ගහං කරොථා”ති ආහ.

රජු සත් අවුරුදු සත්මාසයකට සකස්කළ දානය දවස් හතකට සූදානම් කර දවස් හයක් කිසිවකුටත් නොපෙනෙන සේ දන් දී සත්වන දවසෙහි නුවරවැසියන් කැඳවා දරුවෙනි! මෙබඳු දානයක් දෙන්නට හැකිවන්නහුදැයි ඇසීය. ඔව්හුද අප නිසාම මේ අදහස රජුට ඇතිවීයැයි හැකිය ස්වාමීනියි කීහ. රජු පිටු අතින් කඳුළු පිසදමමින් භාග්‍යවතුන් වහන්සේට වැඳ ස්වාමීනි! මම හැටඅට දහසක් භික්‍ෂූන්ව වෙන අයට නොපවරා දිවි ඇතිතෙක් සිව්පසයෙන් උපස්ථාන කරන්නෙමියි සිතුවෙමි. දැන් මම නුවරවැසියන්ටද ඉඩ දුන්නෙමි. නුවරවැසියෝ වනාහි කිම, අපි දන් දෙන්නට ඉඩක් නොලබමු යැයි කිපෙත්. හෙට පටන් ඔවුන්ට අනුග්‍රහ කරන්න යැයි කීය.

අථ දුතියදිවසෙ සෙනාපති මහාදානං සජ‍්ජෙත්‍වා – “අජ‍්ජ යථා අඤ‍්ඤො කොචි එකභික‍්ඛම‍්පි න දෙති, එවං රක‍්ඛථා”ති සමන‍්තා පුරිසෙ ඨපෙසි. තං දිවසං සෙට‍්ඨිභරියා රොදමානා ධීතරං ආහ – “සචෙ, අම‍්ම, තව පිතා ජීවෙය්‍ය, අජ‍්ජාහං පඨමං දසබලං භොජෙය්‍ය”න‍්ති. සා තං ආහ – “අම‍්ම, මා චින‍්තයි, අහං තථා කරිස‍්සාමි යථා බුද‍්ධප‍්පමුඛො භික‍්ඛුසඞ‍්ඝො පඨමං අම‍්හාකං භික‍්ඛං පරිභුඤ‍්ජිස‍්සතී”ති. තතො සතසහස‍්සග‍්ඝනිකාය සුවණ‍්ණපාතියා නිරුදකපායාසස‍්ස පූරෙත්‍වා සප‍්පිමධුසක‍්කරාදීහි අභිසඞ‍්ඛරිත්‍වා අඤ‍්ඤාය පාතියා පටිකුජ‍්ජිත්‍වා තං සුමනමාලාගුළෙහි පරික‍්ඛිපිත්‍වා මාලාගුළසදිසං කත්‍වා භගවතො ගාමං පවිසනවෙලාය සයමෙව උක‍්ඛිපිත්‍වා දාසිගණපරිවුතා නගරා නික‍්ඛමි. අන‍්තරාමග‍්ගෙ සෙනාපතිඋපට‍්ඨාකා – “අම‍්ම, මා ඉතො අගමා”ති වදන‍්ති. මහාපුඤ‍්ඤා නාම මනාපකථා හොන‍්ති, න ච තෙසං පුනප‍්පුනං භණන‍්තානං කථා පටික‍්ඛිපිතුං සක‍්කා හොති. සා – “චූළපිතා මහාපිතා මාතුලා කිස‍්ස තුම‍්හෙ ගන‍්තුං න දෙථා”ති ආහ. සෙනාපතිනා – “අඤ‍්ඤස‍්ස කස‍්සචි ඛාදනීයභොජනීයං දාතුං මා දෙථා”ති ඨපිතම‍්හ අම‍්මාති. කිං පන මෙ හත්‍ථෙ ඛාදනීයං භොජනීයං පස‍්සථාති? මාලාගුළං පස‍්සාමාති. කිං තුම‍්හාකං සෙනාපති මාලාගුළපූජම‍්පි කාතුං න දෙතීති? දෙති, අම‍්මාති. තෙන හි, අපෙථ, අපෙථාති භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා මාලාගුළං ගණ‍්හාපෙථ භගවාති ආහ. භගවා එකං සෙනාපතිස‍්සුපට‍්ඨාකං ඔලොකෙත්‍වා මාලාගුළං ගණ‍්හාපෙසි. සා භගවන‍්තං වන්‍දිත්‍වා – “භගවා, භවාභවෙ නිබ‍්බත‍්තියං මෙ සති පරිතස‍්සනජීවිතං නාම මා හොතු, අයං සුමනමාලා විය නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ පියාව හොමි, නාමෙන ච සුමනා යෙවා”ති පත්‍ථනං කත්‍වා සත්‍ථාරා – “සුඛිනී හොහී”ති වුත‍්තා වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

ඉක්බිති පසුදා සේනාපතියා මහදන් සූදානම් කර අද යම්සේ වෙන කෙනෙක් එක් භික්‍ෂාවක්වත් නොදෙන ලෙස ආරක්ෂා යෙදිය යුතු යැයි හාත්පස පුරුෂයන් යෙදූහ. ඒ දවසේ සිටුභාර්යාව හඬමින් දුවණියට මෙසේ කීවාය. ඉදින් දුවණියනි, ඔබගේ පියා ජීවත්වන්නේ නම් අද මම පළමුවෙන්ම භාග්‍යවතුන් වහන්සේට වළඳවමි. ඉක්බිති ඕ තොමෝ ඇයට මෙසේ කීවාය. මෑණියනි! නොසිතන්න. බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයා පළමුවෙන්ම අපෙන් වළඳන ලෙස මම කටයුතු යොදන්නෙමි. ඉක්බිති ලක්‍ෂයක් වටිනා රන් පාත්‍රයක ජලය රහිතව පිසූ කිරිබතක් පුරවා ගිතෙල්, මී, හකුරු ආදිය යොදා එය වෙනත් පාත්‍රයකින් වසා එය සමන් මල් මාලාවන්ගෙන් වටකර මල්ගොටුවක් ලෙස කර භාග්‍යවතුන් වහන්සේ ගමට වඩින වේලාවෙහි තෙමේම ඔසවාගෙන දාසි ජනයා පිරිවරාගෙන ගෙදරින් නික්මුණාය. අතරමග සේනාපතියාගේ ආරක්ෂකයෝ මෑණියනි! මෙතනින් මෙහා නොඑන්න යැයි කියත්. මහපිණැත්තෝ වනාහි ප්‍රියමනාප කථා ඇත්තෝ වෙති. ඔවුන්ට නැවත නැවතත් කීමෙන් කථාව ප්‍රතික්‍ෂේප කරන්නට නොහැකි වේ. ඕ තොමෝ කිම සුළුපියා, පියා, මාමා යන කවරනම් කෙනෙකුන්ට තෙපි යන්නට අවසර නොදෙන්නහුදැ’යි කීවාය. මෑණියනි! වෙන කිසිවකු විසින් ආහාරපාන දීමට ඉඩ නොදිය යුතුයැයි සේනාපතියා විසින් අපට මෙහි තබන ලදි. කිම ඔබලා මාගේ අතෙහි කෑමබීම ආදි කිසිවක් දකින්නහුදැයි ඇසුවාය. නැත. මල්ගොඩක් දකිමු යැයි කීහ. කිම ඔබලාගේ සේනාපතියා, අන් අයට මල් පූජාකරන්ටවත් ඉඩ නොදෙන්නේදැයි ඇසුවාය. මෑණියනි! ඉඩ දෙමු. එසේනම් යන්නට ඉඩදෙන්න කියා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්ස! මල් සමූහය පිළිගන්න යැයි කීවාය. භාග්‍යවතුන් වහන්සේ එක් සේනාපති ආරක්ෂකයකු ලවා මල්ගොඩ ගත්තේය. භාග්‍යවතුන් වහන්සේට වැඳ ඕ තොමෝ ස්වාමීනි! භවයක් පාසා උපන්නා වූ මට ආශාවන්ගෙන් පීඩාවට පත්නොවන ජීවිතයක්ම ලැබේවා! මේ සමන්මල් මාලාව මෙන් උපනුපන් තැන්වල ප්‍රියමනාප වෙමි. නමින් ‘සුමනා’ම වේවායි ප්‍රාර්ථනාකොට ශාස්තෲන් වහන්සේ විසින් සුවපත් වේවායි ආශිර්වාද කරන ලද්දී වැඳ ප්‍රදක්‍ෂිණා කොට නික්ම ගියාය.

භගවා සෙනාපතිස‍්ස ගෙහං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදි. සෙනාපති යාගුං ගහෙත්‍වා උපගඤ‍්ඡි, සත්‍ථා පත‍්තං පිදහි. නිසින‍්නො, භන‍්තෙ, භික‍්ඛුසඞ‍්ඝොති. අත්‍ථි නො එකො අන‍්තරා පිණ‍්ඩපාතො ලද‍්ධොති. සො මාලං අපනෙත්‍වා පිණ‍්ඩපාතං අද‍්දස. චූළුපට‍්ඨාකො ආහ – “සාමි, මාලාති මං වත්‍වා මාතුගාමො වඤ‍්චෙසී”ති. පායාසො භගවන‍්තං ආදිං කත්‍වා සබ‍්බෙසං භික‍්ඛූනං පහොති. සෙනාපතිපි අත‍්තනො දෙය්‍යධම‍්මං අදාසි. සත්‍ථා භත‍්තකිච‍්චං කත්‍වා මඞ‍්ගලං වත්‍වා පක‍්කාමි. සෙනාපති – “කා නාම සා පිණ‍්ඩපාතමදාසී”ති පුච‍්ඡි. සෙට‍්ඨිධීතා, සාමීති. සප‍්පඤ‍්ඤා සා ඉත්‍ථී, එවරූපාය ඝරෙ වසන‍්තියා පුරිසස‍්ස සග‍්ගසම‍්පත‍්ති නාම න දුල‍්ලභාති තං ආනෙත්‍වා ජෙට‍්ඨිකට‍්ඨානෙ ඨපෙසි.

භාග්‍යවතුන් වහන්සේ ද ගෙට පිවිස පනවන ලද අසුනෙහි වැඩසිටි සේක. සේනාපතියා ද කැඳ රැගෙන එළඹියේය. ශාස්තෲන් වහන්සේ පාත්‍රය වැසූ සේක. ස්වාමීනි, භික්‍ෂූන් වහන්සේලා වැඩසිටියහ කීහ. අපට අතරමගදී ලැබුණු පිණ්ඩපාතයක් ඇත. මල් සමූහය ඉවත්කර පිණ්ඩපාතය දුටුවේය. සුළු සේවකයෙක් මෙසේ කීය. ස්වාමීනි! එක් කාන්තාවක් මල් මාලාවක්යැයි මා රැවටුවාය. කිරිබත භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සියළු භික්‍ෂූන්ට ප්‍රමාණවත් විය. සේනාපතියාද තමන්ගේ ද දානවස්තුව පිළිගැන්වීය. ශාස්තෲන් වහන්සේ ද දන් වළඳා ආශිර්වාද කොට නික්ම වැඩි සේක. සේනාපතියා කවරනම් තැනැත්තියක් පිණ්ඩපාතය දුන්නීදැයි විචාළේය. ස්වාමීනි! සිටු දුවණිය යැයි කීය. ගෙදර වසන්නා වූ ප්‍රඥාවන්ත මෙබඳු ස්ත්‍රියකගේ පුරුෂයාට ස්වර්ග සම්පත්තිය නම් දුර්ලභ නොවේ. ඇයව ගෙනවුත් දෙටු තනතුරෙහි තැබුවේය.

පුනදිවසෙ නාගරා දානමදංසු, පුනදිවසෙ රාජාති එකන‍්තරිකාය දානං දාතුං ආරභිංසු. රාජාපි චරපුරිසෙ ඨපෙත්‍වා නාගරෙහි දින‍්නදානතො අතිරෙකතරං දෙති, නාගරාපි තථෙව කත්‍වා රඤ‍්ඤා දින‍්නදානතො අතිරෙකතරං. රාජගෙහෙ නාටකිත්‍ථියො දහරසාමණෙරෙ වදන‍්ති – “ගණ‍්හථ, තාතා, න ගහපතිකානං ගත‍්තවත්‍ථාදීසු පුඤ‍්ඡිත්‍වා බාළදාරකානං ඛෙළසිඞ‍්ඝාණිකාදිධොවනහත්‍ථෙහි කතං, සුචිං පණීතං කත”න‍්ති. පුනදිවසෙ නාගරාපි දදමානා වදන‍්ති – “ගණ‍්හථ, තාතා, න නගරගාමනිගමාදීසු සඞ‍්කඩ‍්ඪිතතණ‍්ඩුලඛීරදධිසප‍්පිආදීහි, න අඤ‍්ඤෙසං ජඞ‍්ඝසීසපිට‍්ඨිආදීනි භඤ‍්ජිත්‍වා ආහරාපිතෙහි කතං, ජාතිසප‍්පිඛීරාදීහියෙව කත”න‍්ති. එවං සත‍්තසු සංවච‍්ඡරෙසු සත‍්තසු මාසෙසු සත‍්තසු දිවසෙසු ච අතික‍්කන‍්තෙසු අථ භගවතො අයං විතක‍්කො උදපාදි. තෙන වුත‍්තං – “සම‍්බොධිතො සත‍්ත සංවච‍්ඡරානි සත‍්ත මාසානි සත‍්ත දිවසානි අතික‍්කමිත්‍වා උදපාදී”ති.

පසුදා නගරවැසියෝ දන් දුන්හ. ඊළඟ දිනයේ රජතුමාය. මෙසේ එකක් හැර එකක් දන් දෙන්නට පටන් ගත්හ. රජු ද චරපුරුෂයන් තබා නාගරිකයන් දෙන ලද දානයට වඩාත් දන්දෙයි. නාගරිකයෝ ද එසේම කොට රජු විසින් දෙන ලද දානයට වඩා අතිරේක දේ දන් දුන්හ. රජගෙදර නාටක ස්ත්‍රීහු බාල සාමණේරවරුන්ට මෙසේ කියත්. දරුවෙනි! ගෘහපතියන්ගේ බත් පිළිනොගන්න. වස්ත්‍ර ආදියෙහි පිසදමා කුඩා දරුවන්ගේ කෙළසොටු ආදිය සේදූ අත්වලින් කරන ලද පිරිසිදුව, ප්‍රණීතව කරන ලදි. පසුදා නාගරිකයෝ ද දෙන්නාහු මෙසේ කියත්. දරුවෙනි, ගම්නියම්ගම්වල එකතුකරන ලද සහල්, කිරි, දීකිරි, ගිතෙල් ආදියෙන් අනුන්ගේ දණ, හිස, පිට ආදිය බිඳ ගෙනෙන ලද ද, ඒවායින් කරන ලද ගිතෙල් කිරි ආදියෙන් කරන ලද. මෙසේ දින සතක් ගතවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ විතර්කය ඇතිවිය. බුද්ධත්වයෙන් වර්ෂ හතක් සත් මාසයක්, දින හතක් ඉක්මගිය කල්හි පහළවිය යනුවෙන් කියන ලදි.

අඤ‍්ඤතරො මහාබ්‍රහ‍්මාති ධම‍්මදෙසනං ආයාචිතබ්‍රහ‍්මාව.

අඤ්ඤතරො මහාබ්‍රහ්මා යනු ධර්මදේශනාව ඉල්වා සිටි බ්‍රහ්මයා

චතුරාසීති ආවාසසහස‍්සානීති චතුරාසීති විහාරසහස‍්සානි. තෙ සබ‍්බෙපි ද‍්වාදසසහස‍්සභික‍්ඛුගණ‍්හනකා මහාවිහාරා අභයගිරිචෙතියපබ‍්බතචිත‍්තලපබ‍්බතමහාවිහාරසදිසාව අහෙසුං.

චතුරාසීතියා ආවාස සහස්සානි විහාර අසූහාර දහසක් ඒ සියළු දොළොස් දහසක් පමණ වූ මහාවිහාර, අභයගිරි චෛත්‍ය, සිතුල්පව් ආදී පර්වත මහාවිහාර සමාන විය.

ඛන‍්තී පරමං තපොති අධිවාසනඛන‍්ති නාම පරමං තපො. තිතික‍්ඛාති ඛන‍්තියා එව වෙවචනං. තිතික‍්ඛා සඞ‍්ඛාතා අධිවාසනඛන‍්ති උත‍්තමං තපොති අත්‍ථො. නිබ‍්බානං පරමන‍්ති සබ‍්බාකාරෙන පන නිබ‍්බානං පරමන‍්ති වදන‍්ති බුද‍්ධා. න හි පබ‍්බජිතො පරූපඝාතීති යො අධිවාසනඛන‍්තිවිරහිතත‍්තා පරං උපඝාතෙති බාධෙති හිංසති, සො පබ‍්බජිතො නාම න හොති. චතුත්‍ථපාදො පන තස‍්සෙව වෙවචනං. “න හි පබ‍්බජිතො”ති එතස‍්ස හි න සමණො හොතීති වෙවචනං. පරූපඝාතීති එතස‍්ස පරං විහෙඨයන‍්තොති වෙවචනං. අථ වා පරූපඝාතීති සීලූපඝාතී. සීලඤ‍්හි උත‍්තමට‍්ඨෙන පරන‍්ති වුච‍්චති. යො ච සමණො පරං යං කඤ‍්චි සත‍්තං විහෙඨයන‍්තො පරූපඝාතී හොති, අත‍්තනො සීලං විනාසකො, සො පබ‍්බජිතො නාම න හොතීති අත්‍ථො. අථවා යො අධිවාසනඛන‍්තියා අභාවතො පරූපඝාතී හොති, පරං අන‍්තමසො ඩංසමකසම‍්පි සඤ‍්චිච‍්ච ජීවිතා වොරොපෙති, සො න හි පබ‍්බජිතො. කිං කාරණා? මලස‍්ස අපබ‍්බාජිතත‍්තා. “පබ‍්බාජයමත‍්තනො මලං, තස‍්මා පබ‍්බජිතොති වුච‍්චතී”ති (ධ· ප· 388) ඉදඤ‍්හි පබ‍්බජිතලක‍්ඛණං. යොපි න හෙව ඛො උපඝාතෙති, න මාරෙති, අපි ච දණ‍්ඩාදීහි විහෙඨෙති, සො පරං විහෙඨයන‍්තො සමණො න හොති. කිං කාරණා? විහෙසාය අසමිතත‍්තා. “සමිතත‍්තා හි පාපානං, සමණොති පවුච‍්චතී”ති (ධ· ප· 265) ඉදඤ‍්හි සමණලක‍්ඛණං.

ඛන්තී පරමං තපො අධිවාසනා ක්‍ෂාන්තිය නම් පරම තපසය. තිතික්‍ඛා යනු ක්‍ෂාන්තිය යන වචනයට සමාන වචනයකි. ඉවසීම් සංඛ්‍යාත ක්‍ෂාන්තිය - උතුම් තපසය යන අර්ථයි. නිබ්බාණං පරමං සර්වප්‍රකාරයෙන් නිර්වාණය උතුම් යැයි බුදුවරු වදාරත්. නහි පබ්බජිතො පරූපඝාති යනු යමෙක් අධිවාසන නම් වූ ඉවසීම නැති බැවින් අනුන් නසයි. වනසයි. හිංසා කරයි ද ඔහු පැවිද්දෙක් නම් නොවන්නේය. සතරවන පාදය එයටම සමාන වචනයකි. න හි පබ්බජිතො යනු මොහු ශ්‍රමණයෙක් නොවේය යන සමාන වචනයයි. පරුපඝාති යනු අනුන්ට හිංසා කරයි යන සමාන වචනයයි. නැතහොත් සීලය නසන්නෙකි. ශීලය වනාහි උතුම් යන අර්ථයෙන් පරං යැයි කියයි. යම් ශ්‍රමණයෙක් වෙන කෙනෙකු යම්කිසි සත්ත්වයකු හිංසාවට පත් කරන්නේද හේ පරූපසාතී නම් වේ. තමන්ගේ ශීලය නසන්නෙකි. ඔහු පැවිද්දෙක් නොවේය යන අර්ථයි. එසේ නැතහොත් යමෙක් අධිවාසනා සංඛ්‍යාත ඉවසීම නැතිකමෙන් අනුන් නසන්නේ වේද, අනුන් යටත්පිරිසෙයින් මැසි මදුරුවකු ජීවිතයෙන් පහ කරයිද ඔහු පැවිද්දෙක් නොවේ. කුමක් නිසාද? කෙලෙස්මල පහ නොකළ බැවිනි. තමාගේ කෙලෙස්මල පහ කරන්නේ නුයි ‘පබ්බජිතො’ යැයි කියනු ලැබේ. මේ පැවිද්දේ ලක්‍ෂණයයි. යමෙක් වනාහි නොමරයි. ඝාතනය නොකරවයි. එසේ නමුත් දඬු ආදියෙන් හිංසාවට පත්කරයි. අනුන්ට හිංසා කරන ඔහු ද පැවිද්දෙක් නොවේ. කුමක් නිසාද? හිංසාවෙන් තොර නොවූ බැවින්. පාපයන් සමනය කළ බැවින් ‘සමණො’ යැයි කියනු ලැබේ. මේ ශ්‍රමණ ලක්‍ෂණයෝය.

දුතියගාථාය සබ‍්බපාපස‍්සාති සබ‍්බාකුසලස‍්ස. අකරණන‍්ති අනුප‍්පාදනං. කුසලස‍්සාති චතුභූමිකකුසලස‍්ස. උපසම‍්පදාති පටිලාභො. සචිත‍්තපරියොදපනන‍්ති අත‍්තනො චිත‍්තජොතනං, තං පන අරහත‍්තෙන හොති. ඉති සීලසංවරෙන සබ‍්බපාපං පහාය සමථවිපස‍්සනාහි කුසලං සම‍්පාදෙත්‍වා අරහත‍්තඵලෙන චිත‍්තං පරියොදාපෙතබ‍්බන‍්ති එතං බුද‍්ධානං සාසනං ඔවාදො අනුසිට‍්ඨී ති.

දෙවෙනි ගාථාවේ සබ්බ පාපස්ස යනු සියලු අකුසලයන්ගේ අකරණං නොඉපදවීම. කුසලස්ස යනු සිව්භූමියට අයත් කුසල්. උපසම්පදා යනු ලැබීමයි. සචිත්ත පරියොදපනං තමන්ගේ සිත බබලවන. එය වනාහි රහත්බවෙන් වෙයි. මෙසේ සීල සංවරයෙන් සියළු පාපයන් හැරදමා සමථ විපස්සනාවන්ගෙන් කුසල් උපයාගෙන රහත්ඵලයෙන් සිත පිරිසිදු කරගත යුත්තේය යන මෙය බුදුවරයන්ගේ අනුශාසනයයි. අවවාදයයි.

තතියගාථාය අනූපවාදොති වාචාය කස‍්සචි අනුපවදනං. අනූපඝාතොති කායෙන උපඝාතස‍්ස අකරණං. පාතිමොක‍්ඛෙති යං තං පඅතිමොක‍්ඛං, අතිපමොක‍්ඛං, උත‍්තමසීලං, පාති වා අගතිවිසෙසෙහි මොක‍්ඛෙති දුග‍්ගතිභයෙහි, යො වා නං පාති, තං මොක‍්ඛෙතීති “පාතිමොක‍්ඛ”න‍්ති වුච‍්චති. තස‍්මිං පාතිමොක‍්ඛෙ ච සංවරො. මත‍්තඤ‍්ඤුතාති පටිග‍්ගහණපරිභොගවසෙන පමාණඤ‍්ඤුතා. පන‍්තඤ‍්ච සයනාසනන‍්ති සයනාසනඤ‍්ච සඞ‍්ඝට‍්ටනවිරහිතන‍්ති අත්‍ථො. තත්‍ථ ද‍්වීහියෙව පච‍්චයෙහි චතුපච‍්චයසන‍්තොසො දීපිතො හොතීති වෙදිතබ‍්බො. එතං බුද‍්ධාන සාසනන‍්ති එතං පරස‍්ස අනුපවදනං අනුපඝාතනං පාතිමොක‍්ඛසංවරො පටිග‍්ගහණපරිභොගෙසු මත‍්තඤ‍්ඤුතා අට‍්ඨසමාපත‍්තිවසිභාවාය විවිත‍්තසෙනාසනසෙවනඤ‍්ච බුද‍්ධානං සාසනං ඔවාදො අනුසිට‍්ඨීති. ඉමා පන සබ‍්බබුද‍්ධානං පාතිමොක‍්ඛුද‍්දෙසගාථා හොන‍්තීති වෙදිතබ‍්බා.

තුන්වැනි ගාථාවෙහි අනූපවාදො වචනයෙන් කිසිවකුට හෝ අපවාද කිරීමකි. අනූපඝාතො යනු කයින් ඝාතනය නොකිරීම. පාතිමොක්ඛෙ යම් ඒ උතුම් මෝක්‍ෂය, උතුම් මිදී යාම, උත්තමශීලය, සුගතියට බාධාකර ධර්මයන්ගෙන් ආරක්ෂා කරයි. දුගති බියවලින් මුදවා ගනී. යමක් වනාහි ඔහුව ආරක්ෂා කෙරේද ඔහුව මුදවාගනීද යන අර්ථයෙන් පාතිමොක්ඛයැයි කියනු ලැබේ. ඒ ප්‍රාතිමෝක්‍ෂයෙහි සංවර වූයේ. මත්තඤ්ඤුතා පිළිගැනීම හා පරිභෝජනය පිළිබඳ ප්‍රමාදය දන්නා. පන්‍ථඤ්චසයනාසනං සයනාසනයද සම්බන්ධයෙන් තොරවූ යන අර්ථයි. මෙහිද ප්‍රත්‍ය දෙකකින් සිව්පසයෙහි සතුටුවීම දක්නව ලදැයි දතයුතුයි. එතං බුද්ධානසාසනං මෙසේ අනුනට අවමාන නොකිරීම, උපඝාතනය නොකිරීම, ප්‍රාතිමෝක්‍ෂයෙහි සංවරවීම පිළිගැනීම හා පරිභෝජනය පිළිබඳ පමණ දන්නා බව හා අෂ්ට සමාපත්තීන්හි වසීභාවයෙන් විවේක සේනාසන සේවනයද බුදුවරයන්ගේ අවවාදයයි. අනුශාසනයයි. මේවා වනාහි සියළු බුදුවරයන්ගේ ප්‍රාතිමෝක්‍ෂ උද්දේස ගාථාවන්නේ යැයි දතයුතු.

දෙවතාරොචනවණ‍්ණනා

එත‍්තාවතා ච ඉමිනා විපස‍්සිස‍්ස භගවතො අපදානානුසාරෙන විත්‍ථාරකථනෙන – “තථාගතස‍්සෙවෙසා, භික‍්ඛවෙ, ධම‍්මධාතු සුප‍්පටිවිද‍්ධා”ති එවං වුත‍්තාය ධම‍්මධාතුයා සුප‍්පටිවිද‍්ධභාවං පකාසෙත්‍වා ඉදානි – “දෙවතාපි තථාගතස‍්ස එතමත්‍ථං ආරොචෙසු”න‍්ති වුත‍්තං දෙවතාරොචනං පකාසෙතුං එකමිදාහන‍්තිආදිමාහ.

මෙපමණකින් මේ විපස්සී බුදුන්ගේ චරිතාපදාන කථා විස්තරයෙන් ‘මහණෙනි! තථාගතයන් වහන්සේගේම ඒ ධර්මධාතුව මනාසේ අවබෝධ කළ ‘මෙසේ කීමෙන් ධර්මධාතුව මනාලෙස අවබෝධ කරගත් බව ප්‍රකාශ කොට දැන් ‘දෙවියෝ ද තථාගතයන් වහන්සේට මේ කාරණය සැලකළහ යනුවෙන් කියන ලද දෙවියන්ගේ ඉල්ලීම ප්‍රකාශ කරන්නට ‘එකමිදාහං’ ආදිය පැවසීය.

තත්‍ථ සුභගවනෙති එවංනාමකෙ වනෙ. සාලරාජමූලෙති වනප‍්පතිජෙට‍්ඨකස‍්ස මූලෙ. කාමච‍්ඡන්‍දං විරාජෙත්‍වාති අනාගාමිමග‍්ගෙන මූලසමුග‍්ඝාතවසෙන විරාජෙත්‍වා. යථා ච විපස‍්සිස‍්ස, එවං සෙසබුද‍්ධානම‍්පි සාසනෙ වුත්‍ථබ්‍රහ‍්මචරියා දෙවතා ආරොචයිංසු, පාළි පන විපස‍්සිස‍්ස චෙව අම‍්හාකඤ‍්ච භගවතො වසෙන ආගතා.

සුභගවනෙ යනු සුභග නම් වූ වනයෙහි සාලරාමූලෙ දෙටු වනස්පතී වෘක්‍ෂයක මුල. කාමච්ඡන්‍දං විරාජෙත්‍වා යනු අනාගාමී මාර්ගයෙන් මුලිනුපුටා දැම්මී වශයෙන් විරාගයට පත් මෙසේ විපස්සී බුදුන්ට මෙන් සෙසු බුදුවරයන් වහන්සේලාගේ ශාසනයෙහි කියන ලද බ්‍රහ්මචරියාව දෙවියෝ සැළ කළහ. පෙළෙහි වනාහි විපස්සී බුදුන්ගේත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේත් යනාදී ලෙස ආවා වූ

තත්‍ථ අත‍්තනො සම‍්පත‍්තියා න හායන‍්ති, න විහායන‍්තීති අවිහා. න කඤ‍්චි සත‍්තං තපන‍්තීති අතප‍්පා. සුන්‍දරදස‍්සනා අභිරූපා පාසාදිකාති සුදස‍්සා. සුට‍්ඨු පස‍්සන‍්ති, සුන්‍දරමෙතෙසං වා දස‍්සනන‍්ති සුදස‍්සී. සබ‍්බෙහෙව ච සගුණෙහි භවසම‍්පත‍්තියා ච ජෙට‍්ඨා, නත්‍ථෙත්‍ථ කනිට‍්ඨාති අකනිට‍්ඨා.

එහි තමන්ගේ සම්පත්තියෙන් නොපිරිහෙත්. හැර නොදමත් යන අර්ථයෙන් ‘අවිහා’ නම් වේ. කිසිම සත්ත්වයකු නොතවයිද ඒ නිසා අතප්පා. මනා දැකුම් ඇති මනහර, ප්‍රසාදජනක යන අර්ථයෙන් සුදස්සනා නම් වේ. මනාව දකිත්. මොවුන්ගේ දර්ශනය සුන්දරය. මනාව දකිත්. මොවුන්ගේ දැක්ම සුන්දරය යනුවෙන් සුදස්සී නම් වේ. සියලුම ගුණයන්ගෙන් භව සම්පත්තියෙන් ද ජ්‍යෙෂ්ඨය. මෙහි කනිටු වූවෝ නැත යන අර්ථයෙන් අකනිට්ඨා

ඉධ ඨත්‍වා භාණවාරා සමොධානෙතබ‍්බා. ඉමස‍්මිඤ‍්හි සුත‍්තෙ විපස‍්සිස‍්ස භගවතො අපදානවසෙන තයො භාණවාරා වුත‍්තා. යථා ච විපස‍්සිස‍්ස, එවං සිඛීආදීනම‍්පි අපදානවසෙන වුත‍්තාව. පාළි පන සඞ‍්ඛිත‍්තා. ඉති සත‍්තන‍්නං බුද‍්ධානං වසෙන අම‍්හාකං භගවතා එකවීසති භාණවාරා කථිතා. තථා අවිහෙහි. තථා අතප‍්පෙහි. තථා සුදස‍්සෙහි. තථා සුදස‍්සීහි. තථා අකනිට‍්ඨෙහීති සබ‍්බම‍්පි ඡබ‍්බීසතිභාණවාරසතං හොති.

[missing trans] බ්‍රහ්මයන් විසින් සියල්ලම බණවර දෙදහස් හයසීයක් වෙයි.

තෙපිටකෙ බුද‍්ධවචනෙ අඤ‍්ඤං සුත‍්තං ඡබ‍්බීසතිභාණවාරසතපරිමාණං නාම නත්‍ථි, සුත‍්තන‍්තරාජා නාම අයං සුත‍්තන‍්තොති වෙදිතබ‍්බො. ඉතො පරං අනුසන්‍ධිද‍්වයම‍්පි නිය්‍යාතෙන‍්තො ඉති ඛො භික‍්ඛවෙතිආදිමාහ. තං සබ‍්බං උත‍්තානමෙවාති.

එය ත්‍රිපිටක බුද්ධ වචනයෙහි අන්‍ය සූත්‍රයක් බණවර දෙදහස් හයසීයක් නම් නැත. මේ සූත්‍රාන්තය සූත්‍රාන්ත රාජයැයි දතයුතුයි. මීට පසුව අනුසන්ධි දෙකම දක්වමින් ඉති ඛො භික්ඛවේ ‘මහණෙනි! මෙසේ වනාහි ආදිය කීය. ඒ සියල්ලම ප්‍රකට අර්ථ ඇත්තේමය.

ඉති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථායං මහාපදානසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මහාපදාන සූත්‍ර වර්ණනාව නිමියේ ය.