2. මහානිදානසුත්තවණ්ණනා අට්ඨකථා
2. මහානිදානසුත්තවණ්ණනා
2. මහානිදාන සූත්‍ර වර්ණනාව
නිදානවණ්ණනා
එවං මෙ සුතං…පෙ… කුරූසූති මහානිදානසුත්තං. තත්රායං අනුත්තානපදවණ්ණනා. කුරූසු විහරතීති කුරූ නාම ජානපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො රුළ්හීසද්දෙන “කුරූ”ති වුච්චති. තස්මිං කුරූසු ජනපදෙ. අට්ඨකථාචරියා පනාහු – මන්ධාතුකාලෙ තීසු දීපෙසු මනුස්සා “ජම්බුදීපො නාම බුද්ධපච්චෙකබුද්ධමහාසාවකචක්කවත්තිප්පභුතීනං උත්තමමනුස්සානං උප්පත්තිභූමි උත්තමදීපො අතිරමණීයො”ති සුත්වා රඤ්ඤා මන්ධාතුචක්කවත්තිනා චක්කරතනං පුරක්ඛත්වා චත්තාරො දීපෙ අනුසංයායන්තෙන සද්ධිං ආගමංසු. තතො රාජා පරිණායකරතනං පුච්ඡි – “අත්ථි නු ඛො මනුස්සලොකතො රමණීයතරං ඨාන”න්ති. කස්මා දෙව එවං භණසි? කිං න පස්සසි චන්දිමසූරියානං ආනුභාවං, නනු එතෙසං ඨානං ඉතො රමණීයතරන්ති? රාජා චක්කරතනං පුරක්ඛත්වා තත්ථ අගමාසි. චත්තාරො මහාරාජානො – “මන්ධාතුමහාරාජා ආගතො”ති සුත්වාව “මහිද්ධිකො මහානුභාවො රාජා, න සක්කා යුද්ධෙන පටිබාහිතු”න්ති සකං රජ්ජං නිය්යාතෙසුං. සො තං ගහෙත්වා පුන පුච්ඡි – “අත්ථි නු ඛො ඉතො රමණීයතරං ඨාන”න්ති?
එවං මෙසුතං -පෙ- කුරුසු යනුවෙන් ආරම්භ වන මහා නිදානයයි. මේ එහි ගැඹුරු පද වර්ණනාවයි. කුරු නම් ජනපද වැසි රාජකුමාරවරු ඔවුන්ගේ වාසස්ථානය එකම ජනපදයකි. ආරෝපණය කළ ශබ්දයාගේ අර්ථයෙන් ‘කුරුසු’ කියා (කුරු ජනපදවල) කියනු ලැබේ. ඒ කුරු ජනපදවල අටුවාචාරීන් වහන්සේලා මෙසේ කීහ. මහා මන්ධාතු රජ කාලයේ දිවයින් තුනේ ජනයා, දඹදිව නම් බුදු පසේ බුදු මහා ශ්‍රාවක චක්‍රවර්තී රජුන්ටත් උත්තම පුරුෂයන්ටත් උත්පත්ති ස්ථාන වූ උතුම් දිවයිනක් යැයි ද එය අති රමණීය යැයි ද අසා චක්‍රරත්නය පෙරටු කොටගෙන දිවයින් සතරෙහි ඇවිදින්නා වූ මහා මන්ධාතු සක්විති රජතුමා සමග ආවාහ. ඉක්බිති රජු පරිනායක රත්නය ගැන ඇසුවේය. මනුෂ්‍ය ලෝකයට වඩා රමණීය තැනක් ඇත්තේ ද? දේවයන් වහන්ස! කුමක් නිසා මෙසේ කියන්නේද? ඉරහඳ දෙකේ ආනුභාවය නොදකින්නෙහිද? මොවුන්ගේ තැන මෙයට වඩා රමණීයතර නොවන්නේ ද? රජු චක්‍රරත්නය පෙරටුකොට එහි ගියේය. සතරවරම් මහ රජවරු මන්ධාතු මහරජතුමා ආවේ යැයි අසාම රජු මහානුභාව සම්පන්නය. මහා සෘද්ධි ඇත්තේය. මේ රජු යුද්ධයෙන් පරාජය කළනොහැක. තමන්ගේ රාජ්‍යය පවරා දුන්හ. ඔහු එයද ගෙන නැවත විචාළේය. මීට වඩා රමණීය තැනක් තිබේද?
අථස්ස තාවතිංසභවනං කථයිංසු. “තාවතිංසභවනං, දෙව, ඉතො රමණීයතරං. තත්ථ සක්කස්ස දෙවරඤ්ඤො ඉමෙ චත්තාරො මහාරාජානො පරිචාරකා දොවාරිකභූමියං තිට්ඨන්ති, සක්කො දෙවරාජා මහිද්ධිකො මහානුභාවො, තස්සිමානි උපභොගට්ඨානානි – යොජනසහස්සුබ්බෙධො වෙජයන්තො පාසාදො, පඤ්චයොජනසතුබ්බෙධා සුධම්මා දෙවසභා, දියඩ්ඪයොජනසතිකො වෙජයන්තරථො තථා එරාවණො හත්ථී, දිබ්බරුක්ඛසහස්සප්පටිමණ්ඩිතං නන්දනවනං, චිත්තලතාවනං, ඵාරුසකවනං, මිස්සකවනං, යොජනසතුබ්බෙධො පාරිච්ඡත්තකො කොවිළාරො, තස්ස හෙට්ඨා සට්ඨියොජනායාමා පඤ්ඤාසයොජනවිත්ථතා පඤ්චදසයොජනුබ්බෙධා ජයකුසුමපුප්ඵවණ්ණා පණ්ඩුකම්බලසිලා, යස්සා මුදුතාය සක්කස්ස නිසීදතො උපඩ්ඪකායො අනුපවිසතී”ති.
ඉක්බිති ඔහුට තාවතිංස භවනය ගැන කීහ. දේවයන් වහන්ස, තව්තිසා දෙව්ලොව රමණීයයි. සතරවරම් රජදරුවෝ එහි ශක්‍ර දේවේන්ද්රයාගේ පරිචාරකයෝ වෙති. දොරටුව ළඟ සිටිත්. සක්දෙව් රජු මහා සෘද්ධි ඇත්තේය. මහානුභාව ඇත්තේය. මේ ඔහුගේ උපභෝග ස්ථානයන්ය. වෛජයන්ත ප්‍රාසාදය ස්ථානයන්ය. වෛජයන්ත ප්‍රාසාදය යොදුන් දහසක් උසය. සුධර්මා දේව සභාව යොදුන් පන්සියයක් උසය. වෛජයන්ත රථය යොදුන් එකසිය පනහකි. එසේම ඓරාවණ හස්තියා දිව්‍යමය වෘක්ෂයන් දහසකින් සැරසීගත් නන්දන වනය, චිත්තලතා වනය, ඵාරුසක වනය, මිස්සක වනය, යොදුන් සියයක් උසය. පරසතු රුක යට යොදුන් සැටක් දිග යොදුන් පනහක් පළල යොදුන් පහළොවක් පළල, ජයසුමන මල්වල වර්ණයට සමාන පඬුපුල් අස්න. එහි මොළොක් බව නිසා හිඳගත්තා වූ ශක්‍රයාගේ සිරුරෙන් හරි අඩක් ගිලෙයි.
තං සුත්වා රාජා තත්ථ ගන්තුකාමො චක්කරතනං අබ්භුක්කිරි. තං ආකාසෙ පතිට්ඨාසි සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. අථ ද්වින්නං දෙවලොකානං වෙමජ්ඣතො චක්කරතනං ඔතරිත්වා පථවියං පතිට්ඨාසි සද්ධිං පරිණායකරතනපමුඛාය චතුරඞ්ගිනියා සෙනාය. රාජා එකකොව තාවතිංසභවනං අගමාසි. සක්කො – “මන්ධාතා ආගතො”ති සුත්වාව තස්ස පච්චුග්ගමනං කත්වා – “ස්වාගතං, තෙ මහාරාජ, සකං තෙ මහාරාජ, අනුසාස මහාරාජා”ති වත්වා සද්ධිං නාටකෙහි රජ්ජං ද්වෙ භාගෙ කත්වා එකං භාගමදාසි. රඤ්ඤො තාවතිංසභවනෙ පතිට්ඨිතමත්තස්සෙව මනුස්සභාවො විගච්ඡි, දෙවභාවො පාතුරහොසි. තස්ස කිර සක්කෙන සද්ධිං පණ්ඩුකම්බලසිලායං නිසින්නස්ස අක්ඛිනිමිසමත්තෙන නානත්තං පඤ්ඤායති. තං අසල්ලක්ඛෙන්තා දෙවා සක්කස්ස ච තස්ස ච නානත්තෙ මුය්හන්ති. සො තත්ථ දිබ්බසම්පත්තිං අනුභවමානො යාව ඡත්තිංස සක්කා උප්පජ්ජිත්වා චුතා, තාව රජ්ජං කාරෙත්වා අතිත්තොව කාමෙහි තතො චවිත්වා අත්තනො උය්යානෙ පතිට්ඨිතො වාතාතපෙන ඵුට්ඨගත්තො කාලමකාසි.
එය අසා රජු එහි යනු කැමැත්තේ චක්‍රරත්නය එසවීය. එය අහෙසහි නැගී සිටියේය. චතුරංගනී සේනාව සමග දෙදෙව්ලොවට මැදින් චක්‍රරත්නය බැස පරිනායක රත්නය ප්රමුඛ සිව්රඟ සෙනඟ සමග පොළවෙහි පිහිටියේය. රජු හුදෙකලාව තව්තිසා භවනයට ගියේය. ශක්‍රයා මහා මන්ධාතු ආවේයැයි අසාම ඔහුට පෙරගමන්කොට, මහරජතුමනි, සුබ ගමන්. මහරජතුමනි! අනුශාසනා කරන්න යැයි කියා නළුවන් සමග රාජ්‍යය දෙකට බෙදා එක් කොටසක් දුන්නේය. රජු තාවතිංස භවනයෙහි පා තැබූ විගසම ඔහුගේ මනුෂ්‍යාත්ම භාවය ඉවත්විය. දේවත්වයක් පහළ විය. ශක්‍රයා සමග පඬුපුල්සල අස්නෙහි හුන්නා වූ රජුට ඇසිපිය හෙළන වේලාවකින් විවිධත්වයක් පෙනෙයි. එය නොසළකා හැරිය දෙවිවරු ශක්රයාගේත් ඔහුගේත් වෙනසෙහි මුළාවෙත්. හෙතෙම එහි දිව්‍ය සම්පත්තිය අනුභව කරමින් යම්තාක් ශක්‍රයන් තිස්හය දෙනෙක් ඉපිද ච්‍යුතව ගියාහු ද ඒ තාක් ශක්රරාජ්යය කොට කාම වස්තූන්හි තෘප්තියක් නොලබා එයින් ච්‍යුතව තමන්ගේ උයනට වැටුනේ වායුවෙන් හා අව්වෙන් පීඩාවට පත්වූයේ මිය ගියේය.
චක්කරතනෙ පන පුන පථවියං පතිට්ඨිතෙ පරිණායකරතනං සුවණ්ණපට්ටෙ මන්ධාතු උපාහනං ලිඛාපෙත්වා ඉදං මන්ධාතු රජ්ජන්ති රජ්ජමනුසාසි. තෙපි තීහි දීපෙහි ආගතමනුස්සා පුන ගන්තුං අසක්කොන්තා පරිණායකරතනං උපසඞ්කමිත්වා – “දෙව, මයං රඤ්ඤො ආනුභාවෙන ආගතා, ඉදානි ගන්තුං න සක්කොම, වසනට්ඨානං නො දෙහී”ති යාචිංසු. සො තෙසං එකමෙකං ජනපදමදාසි. තත්ථ පුබ්බවිදෙහතො ආගතමනුස්සෙහි ආවසිතපදෙසො තායෙව පුරිමසඤ්ඤාය – “විදෙහරට්ඨ”න්ති නාමං ලභි, අපරගොයානතො ආගතමනුස්සෙහි ආවසිතපදෙසො “අපරන්තජනපදො”ති නාමං ලභි, උත්තරකුරුතො ආගතමනුස්සෙහි ආවසිතපදෙසො “කුරුරට්ඨ”න්ති නාමං ලභි, බහුකෙ පන ගාමනිගමාදයො උපාදාය බහුවචනෙන වොහරියති. තෙන වුත්තං – “කුරූසු විහරතී”ති.
චක්‍රරත්නය නැවත පොළවෙහි පිහිටියේ පරිනායක රත්නය රන් තහඩුවක මන්ධාතු රජුගේ පාවහන් යැයි ලියවා, මේ මන්ධාතු රාජ්‍යයයි රජකළේය. දිවයින් තුනෙන් ආවා වූ ජනයා නැවත ආපසු යන්නට අපොහොසත් වූවාහු පරිනායක රත්නය ළඟට පැමිණ දේවයන් වහන්ස! අපි රජුගේ ආනුභාවයෙන් පැමිණියෙමු. දැන් ආපසු යන්නට නොහැක්කෙමු. අපට වාසය කරන්නට තැනක් දෙන්නයැයි ඉල්වා සිටියහ. හෙතෙම ඔවුන්ට එක එක ජනපද දුන්නේය. එහි පූර්ව විදේහයෙන් ආවා වූ ජනයා විසින් වාසය කරන ලද ප්‍රදේශය එම පෙර නමින්ම විදේහ රට යැයි නම ලැබුවේය. අපර ගොයානයෙන් ආවා වූ මනුෂ්‍යයන් වාසය කළ ප්‍රදේශය අපරන්ත ජනපදයයි නම් ලැබීය. උතුරුකුරු දිවයිනෙන් පැමිණි මිනිසුන් වාසය කළ ප්‍රදේශය කුරු රට යයි නම් ලැබීය. බොහොමයක් ගම් නියම්ගම් ආදිය බහුවචනයෙන් ව්‍යවහාර කරත්. ඒ නිසා කියන ලදි - කුරූසු විහරති.
කම්මාසධම්මං නාම කුරූනං නිගමොති කම්මාසධම්මන්ති එත්ථ කෙචි ධ-කාරස්ස ද-කාරෙන අත්ථං වණ්ණයන්ති. කම්මාසො එත්ථ දමිතොති කම්මාසදම්මො. කම්මාසොති කම්මාසපාදො පොරිසාදො වුච්චති. තස්ස කිර පාදෙ ඛාණුකෙන විද්ධට්ඨානෙ වණො රුහන්තො චිත්තදාරුසදිසො හුත්වා රුහි. තස්මා කම්මාසපාදොති පඤ්ඤායිත්ථ. සො ච තස්මිං ඔකාසෙ දමිතො පොරිසාදභාවතො පටිසෙධිතො. කෙන? මහාසත්තෙන. කතරස්මිං ජාතකෙති? මහාසුතසොමජාතකෙති එකෙ. ඉමෙ පන ථෙරා ජයද්දිසජාතකෙති වදන්ති. තදා හි මහාසත්තෙන කම්මාසපාදො දමිතො. යථාහ –
කම්මාස්සධම්මං නාම කුරූනං නිගමො - කම්මාස්ස ධම්මං යන මෙහි, කෙනෙක් ‘ධ’ කාරයට ‘ද’ කාරයෙන් අර්ථ දක්වත්. කම්මාසයාව මෙහිදී දමනය කළ නිසා කම්මාසදම්ම වී කම්මාසො යන්නෙන් කබර සහිත පා ඇති පෝරිසාදයා ගැනේ. ඔහුගේ වනාහි පාදයෙහි උලක් ඇනීමෙන් හටගත් වනය සුවවීමේදී සිතියම් කළ ලීයන් මෙන් වී සුව විය. ඒ නිසා කම්මාසපාද (කබරපාද) යැයි හැඳින්වූහ. ඔහුද ඒ අවස්ථාවේදී දමනය කරන ලද්දේ පෝරිසාද යන නමින් නිදහස් විය. කවරනම් මහා සත්ත්වයකු විසින් කවරනම් ජාතකයදී ද? මහාසුතසෝම ජාතකයේදී යැයි කෙනෙක් කියති. සමහර තෙරවරු ජයද්දිස ජාතකයේදී යැයි කියත්. එකල්හි වනාහි මහා සත්ත්වයන් විසින් කම්මාසපාදව දමනය කරන ලදි. යම්සේ කීවේද?
“පුත්තො යදා හොමි ජයද්දිසස්ස; පඤ්චාලරට්ඨධිපතිස්ස අත්රජො. චජිත්වාන පාණං පිතරං පමොචයිං; කම්මාසපාදම්පි චහං පසාදයි”න්ති.
යම්කලෙක පංචාල රටේ අධිපති ජයද්දිස රජුගේ පුත්‍රයා වීමි. ප්‍රාණය හැර පියාව මුදවා ගත්තෙමි. මම කම්මාස ජනයාවද සතුටු කළෙමි.
කෙචි පන ධ-කාරෙනෙව අත්ථං වණ්ණයන්ති. කුරූරට්ඨවාසීනං කිර කුරුවත්තධම්මො, තස්මිං කම්මාසො ජාතො, තස්මා තං ඨානං කම්මාසො එත්ථ ධම්මො ජාතොති කම්මාසධම්මන්ති වුච්චති. තත්ථ නිවිට්ඨනිගමස්සාපි එතදෙව නාමං. භුම්මවචනෙන කස්මා න වුත්තන්ති. අවසනොකාසතො. භගවතො කිර තස්මිං නිගමෙ වසනොකාසො කොචි විහාරො නාම නාහොසි. නිගමතො පන අපක්කම්ම අඤ්ඤතරස්මිං උදකසම්පන්නෙ රමණීයෙ භූමිභාගෙ මහාවනසණ්ඩො අහොසි තත්ථ භගවා විහාසි, තං නිගමං ගොචරගාමං කත්වා. තස්මා එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො – “කුරූසු විහරති කම්මාසධම්මං නාම කුරූනං නිගමො, තං ගොචරගාමං කත්වා”ති.
ඇතැමෙක් ‘ධ’ කාරයෙන්ම අර්ථය වර්ණනා කරත්. කුරුරට වැසියන්ගේ වනාහි කුරුවතාවත්, එහි හටගත් මිශ්‍ර පැහැය. ඒ නිසා ඒ ස්ථානය කම්මාස නම් වී. මෙහි ධර්මයෙහි හටගත් නිසා කම්මාසධම්ම යැයි කියනු ලැබේ. එහි පදංචි වූ නියම්ගමටද එම නාමයම ලැබින. භූමිය යන වචනයෙන් කුමක් නිසා නොකියන ලද ද? වාසය කරන්නට ඉඩක් නොලත් බැවින්, භාග්‍යවතුන් වහන්සේට වනාහි ඒ නියම්ගමෙහි වැඩසිටින්නට ඉඩකඩ ඇති කිසිම විහාරයක් නොවීය. ඒ නියම්ගමින් බැහැරව වෙනත් ජලපහසුකම් ඇති රමණීය වූ භූමිභාගයක විශාල වනරොදක් විය. භාග්‍යවතුන් වහන්සේ ඒ ගම ගොදුරුගම කොට එහි වැඩසිටියේය. ඒ නිසා මෙසේ මෙහි අර්ථය දතයුතුයි. කුරුසු විහරති කම්මාස්සධම්මං නාම කුරුනං නිගමො. කුරුන්ගේ නියම්ගමක් වූ කම්මාස්ස ධම්මයෙහි වැඩවසයි. එය ගොදුරුගම කොට යැයි අර්ථ ගතයුතුයි.
ආයස්මාති පියවචනමෙතං, ගාරවවචනමෙතං. ආනන්දොති තස්ස ථෙරස්ස නාමං. එකමන්තන්ති භාවනපුංසකනිද්දෙසො – “විසමං චන්දිමසූරියා පරිවත්තන්තී”තිආදීසු (අ· නි· 4.70) විය. තස්මා යථා නිසින්නො එකමන්තං නිසින්නො හොති, තථා නිසීදීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. භුම්මත්ථෙ වා එතං උපයොගවචනං නිසීදීති උපාවිසි. පණ්ඩිතා හි ගරුට්ඨානියං උපසඞ්කමිත්වා ආසනකුසලතාය එකමන්තං නිසීදන්ති. අයඤ්ච තෙසං අඤ්ඤතරො, තස්මා එකමන්තං නිසීදි.
ආයස්මා මේ ප්රියවචනයකි. මේ ගරුකළයුතු වචනයකි. ආනන්දො යනු ඒ තෙරුන්ගේ නමය. එකමන්තං මෙය භාව නපුංසක නිර්දේශයකි. ඉරහඳ දෙක විෂම ලෙස පරිහරණය කරත්’ යනාදියෙහි මෙනි. ඒ නිසා යම්සේ එකත්පසෙක සිටියේද එපරිද්දෙන් හිඳියි කියා මෙහි අර්ථ ගතයුතුයි. මෙය භූමි අර්ථයෙහි උපයෝග වචනයකි. නිසීදි යනු වාඩිවිය. පණ්ඩිතයෝ වනාහි ගරුකළයුතු තැනකට පැමිණ වාඩිවීමේ කුසලතාවයෙන් එකත්පසෙක හිඳගනිත්. මෙයද ඔවුන්ගේ අනිකකි. ඒ නිසා එකත්පසෙක හුන්නේය.
කථං නිසින්නො ඛො පන එකමන්තං නිසින්නො හොතීති? ඡ නිසජ්ජදොසෙ වජ්ජෙත්වා. සෙය්යථිදං – අතිදූරං, අච්චාසන්නං, උපරිවාතං, උන්නතප්පදෙසං, අතිසම්මුඛං, අතිපච්ඡාති.
කෙසේ හිඳගතහොත් එකත්පසෙක හිඳගත්තේ යැයි කියන්නේද? වාඩිවීමේ දොස් සයක් අත්හැර ඒ කෙසේද? බොහෝ දුර, බොහෝ ළඟ, උඩ, පහත් තැන. කෙලින්ම අබියසව - බොහෝ පිටුපස යනුවෙනි.
අතිදූරෙ නිසින්නො හි සචෙ කථෙතුකාමො හොති, උච්චාසද්දෙන කථෙතබ්බං හොති. අච්චාසන්නෙ නිසින්නො සඞ්ඝට්ටනං කරොති. උපරිවාතෙ නිසින්නො සරීරගන්ධෙන බාධති. උන්නතප්පදෙසෙ නිසින්නො අගාරවං පකාසෙති. අතිසම්මුඛා නිසින්නො සචෙ දට්ඨුකාමො හොති, චක්ඛුනා චක්ඛුං ආහච්ච දට්ඨබ්බං හොති. අතිපච්ඡා නිසින්නො සචෙ දට්ඨුකාමො හොති, ගීවං පරිවත්තෙත්වා දට්ඨබ්බං හොති. තස්මා අයම්පි තික්ඛත්තුං භගවන්තං පදක්ඛිණං කත්වා සක්කච්චං වන්දිත්වා එතෙ ඡ නිසජ්ජදොසෙ වජ්ජෙත්වා දක්ඛිණජාණුමණ්ඩලස්ස අභිමුඛට්ඨානෙ ඡබ්බණ්ණානං බුද්ධරස්මීනං අන්තො පවිසිත්වා පසන්නලාඛාරසං විගාහන්තො විය සුවණ්ණපටං පාරුපන්තො විය රත්තුප්පලමාලාවිතානමජ්ඣං පවිසන්තො විය ච ධම්මභණ්ඩාගාරිකො ආයස්මා ආනන්දො නිසීදි. තෙන වුත්තං – “එකමන්තං නිසීදී”ති.
බොහෝ දුර සිටියාහු ඉදින් කතා කරනු කැමැත්තේ නම් උස්හඬින් කථා කළයුතුයි. ඉතා ළඟින් සිටියහු ගැටීම් ඇතිවෙයි. උඩින් සිටියහු ශරීර ගන්ධයෙන් බාධා ඇතිවෙයි. උස්තැනක සිටියහු අගෞරවයක් ප්‍රකාශ කරයි. බොහෝ ළඟ සිටියහු ඉදින් දකිනු කැමැත්තේ වෙයිද ඇසින් ඇස ගැටී දැකිය යුතුයි. බොහෝ පිටුපසින් සිටියේ ඉදින් දකිනු කැමැත්තේ වෙයිද බෙල්ල දිගුකර දැකිය යුතුයි. ඒ නිසා මොහුද තුන්වරක් භාග්‍යවතුන් වහන්සේම ප්රදක්ෂිණා කර මනාව වැඳ මේ හිඳගැනීමේ දොස් හය අත්හැර දකුණු දණමඬලට ඉදිරිපස ෂට්වර්ණ බුද්ධරශ්මිය තුළට පිවිස පැහැදිලි ලාක්ෂා රසයක් තවරාගන්නාක් මෙන් රුවන් පටක් පොරවන්නාක් මෙන් රතුපුල් මල්මාලා වියනක් මැදට පිවිසෙන්නාක් මෙන් ධර්ම භාණ්ඩාගාරික ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ වැඩ සිටියේය. ඒ නිසා එකත්පසෙක සිටියේයැයි කියන ලදි.
කාය පන වෙලාය, කෙන කාරණෙන අයමායස්මා භගවන්තං උපසඞ්කමන්තොති? සායන්හවෙලායං පච්චයාකාරපඤ්හපුච්ඡනකාරණෙන. තං දිවසං කිරායමායස්මා කුලසඞ්ගහත්ථාය ඝරද්වාරෙ ඝරද්වාරෙ සහස්සභණ්ඩිකං නික්ඛිපන්තො විය කම්මාසධම්මගාමං පිණ්ඩාය චරිත්වා පිණ්ඩපාතපටික්කන්තො සත්ථු වත්තං දස්සෙත්වා සත්ථරි ගන්ධකුටිං පවිට්ඨෙ සත්ථාරං වන්දිත්වා අත්තනො දිවාට්ඨානං ගන්ත්වා අන්තෙවාසිකෙසු වත්තං දස්සෙත්වා පටික්කන්තෙසු දිවාට්ඨානං පටිසම්මජ්ජිත්වා චම්මක්ඛණ්ඩං පඤ්ඤපෙත්වා උදකතුම්බතො උදකං ගහෙත්වා උදකෙන හත්ථපාදෙ සීතලෙ කත්වා පල්ලඞ්කං ආභුජිත්වා නිසින්නො සොතාපත්තිඵලසමාපත්තිං සමාපජ්ජි. අථ පරිච්ඡින්නකාලවසෙන සමාපත්තිතො උට්ඨාය පච්චයාකාරෙ ඤාණං ඔතාරෙසි. සො – “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”තිආදිතො පට්ඨාය අන්තං, අන්තතො පට්ඨාය ආදිං, උභයන්තතො පට්ඨාය මජ්ඣං, මජ්ඣතො පට්ඨාය උභො අන්තෙ පාපෙන්තො තික්ඛත්තුං ද්වාදසපදං පච්චයාකාරං සම්මසි. තස්සෙවං සම්මසන්තස්ස පච්චයාකාරො විභූතො හුත්වා උත්තානකුත්තානකො විය උපට්ඨාසි.
කවර වේලාවක කුමන කරුණකින් මේ ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියේද? සවස් වේලාවේ ප්‍රත්‍යාකාර ප්‍රශ්නය්ක විචාරීම පිණිස ඒ දවස මේ ආයුෂ්මතුන් වහන්සේ කුල සංග්‍රහය පිණිස ගෙදොරක් ගෙදොරක් පාසා දහසක් බැඳි පියල්ලක් තබන්නාක් මෙන් කම්මාස්සධම්මයේ පිඬුසිඟා ඇවිද පිණ්ඩපාතයෙන් වැළකුනේ ශාස්තෲන් වහන්සේට වත් සපයා ශාස්තෲන් වහන්සේ ගඳකිළියට පිවිසි කල්හි බුදුන් වැඳ තමන් දවල් වසන තැනට ගොස් අතවැසි භික්ෂූන්ට වත් සපයා පිටත්වන කල්හි දිවා විහාරස්ථානය හැමද සම්කඩ අතුරා කලයේ ජලයෙන් අත්පා සිහිල්කොට පළඟක් බැඳ සිටියේ සෝතාපත්තිඵල සමාපත්තියට සමවැද වෙන්කළ කාල වශයෙන් සමාපත්තියෙන් නැගිට ප්‍රත්‍යාකාරය කෙරෙහි ඤාණය පිවිසවීය. හෙතෙම ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ යනාදිය මුලපටන් අගට, අගපටන් මුලට දෙකෙළවරේ සිට මැදට මැදපටන් දෙකෙළවරට පමුණුවන්නේ තුන්වරක් දොළොස්පදයක් ප්‍රත්‍යාකාරයෙන් සම්මර්ශනය කළේය. මෙසේ සම්මර්ශනය කරන්නහුට ප්‍රත්‍යාකාරය ප්‍රකට වී වැටහෙයි.
තතො චින්තෙසි – “අයං පච්චයාකාරො සබ්බබුද්ධෙහි – ‘ගම්භීරො චෙව ගම්භීරාවභාසො චා’ති කථිතො, මය්හං ඛො පන පදෙසඤාණෙ ඨිතස්ස සාවකස්ස සතො උත්තානො විභූතො පාකටො හුත්වා උපට්ඨාති, මය්හංයෙව නු ඛො එස උත්තානකො හුත්වා උපට්ඨාති, උදාහු අඤ්ඤෙසම්පී”ති? අථස්ස එතදහොසි – “හන්දාහං ඉමං පඤ්හං ගහෙත්වා භගවන්තං පුච්ඡාමි, අද්ධා මෙ භගවා ඉමං අත්ථුප්පත්තිං කත්වා සාලින්දං සිනෙරුං උක්ඛිපන්තො විය එකං සුත්තන්තකථං කථෙත්වා දස්සෙස්සති. බුද්ධානඤ්හි විනයපඤ්ඤත්තිං, භුම්මන්තරං, පච්චයාකාරං, සමයන්තරන්ති ඉමානි චත්තාරි ඨානානි පත්වා ගජ්ජිතං මහන්තං හොති, ඤාණං අනුපවිසති, බුද්ධඤාණස්ස මහන්තභාවො පඤ්ඤායති, දෙසනා ගම්භීරා හොති තිලක්ඛණබ්භාහතා සුඤ්ඤතපටිසංයුත්තා”ති.
ඉක්බිති මෙසේ සිතීය. මේ ප්‍රත්‍යාකාරය සියළු බුදුවරයන් විසින් ගැඹුරුව, ගැඹුරු ආලෝකයක් යැයි කියන ලදි. ප්‍රදේශ ඤාණයක පිහිටි ශ්‍රාවකයකු වූ මා හට උසස්ව මහත් ආලෝකයක් ලෙස ප්‍රකට වී වැටහේ. මටම උස්පහත්ව වැටහේ. නැතහොත් අන් අයටත් එසේමද? ඉක්බිති ඔහුට මෙබඳු අදහසක් ඇතිවිය. දැන් මම මේ ප්රශ්නය ගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් අසමි. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය හේතුසාධක කරගෙන සම්පූර්ණ මහමෙර ඔසවන්නාක් මෙන් එක් සූත්‍රාන්ත කථාවක් කියා දක්වන්නේය. බුදුවරයන් වහන්සේලාගේ වනාහි විනය ප්රඥප්තිය, භුම්මන්තර, පච්චයාකාර, සමයන්තර යන මේ ස්ථාන සතර තැනට පත්ව මහත් වූ ගර්ජනා ඇතිවෙයි. මහත් වූ ඤාණය ලබයි. බුද්ධ ඤාණයේ මහත්බව පෙනෙයි. දේශනාව ගැඹුරු වෙයි. ත්රිලක්ෂණයේ ගැටුනු ශූන්‍යතාවෙන් සමන්විත
සො කිඤ්චාපි පකතියාව එකදිවසෙ සතවාරම්පි සහස්සවාරම්පි භගවන්තං උපසඞ්කමන්තො න අහෙතුඅකාරණෙන උපසඞ්කමති, තං දිවසං පන ඉමං පඤ්හං ගහෙත්වා – “ඉමං බුද්ධගන්ධහත්ථිං ආපජ්ජ ඤාණකොඤ්චනාදං සොස්සාමි, බුද්ධසීහං ආපජ්ජ ඤාණසීහනාදං සොස්සාමි, බුද්ධසින්ධවං ආපජ්ජ ඤාණපදවික්කමං පස්සිස්සාමී”ති චින්තෙත්වා දිවාට්ඨානා උට්ඨාය චම්මක්ඛණ්ඩං පප්ඵොටෙත්වා ආදාය සායන්හසමයෙ භගවන්තං උපසඞ්කමි. තෙන වුත්තං – “සායන්හවෙලායං පච්චයාකාරපඤ්හපුච්ඡනකාරණෙන උපසඞ්කමන්තො”ති.
හෙතෙම ස්වභාවයෙන් එක් දවසකට සියවරක් දහස්වරක් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණෙන්නේ හේතුරහිතව, අකාරණව නොඑළඹෙයි. එදවස වනාහි මේ ප්රශ්නය ගෙන ප්‍රඥා නමැති කුංචනාද කරන බුද්ධ නමැති ගන්ධ හස්තියා ළඟට පැමිණ, බුද්ධ නමැති සිංහරාජයා ළඟට පැමිණ ඤාණ නමැති සීහනාදය අසමි. බුද්ධ නමැති උතුම් අශ්වයා වෙත පැමිණ ඤාණ නමැති පද වික්‍රමය දකින්නෙමි යි සිතා දවල් සිටි තැනින් නැගිට සම්කඩ හකුලාගෙන සවස්වේලාවේ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියෙමි. එබැවින් කියන ලදි. සවස්වේලාවේ ප්‍රත්‍යාකාර වූ ප්‍රශ්නයක් විමසීමේ ආකාරයෙන් එළඹෙන්නේ.
යාව ගම්භීරොති එත්ථ යාවසද්දො පමාණාතික්කමෙ, අතික්කම්ම පමාණං ගම්භීරො, අතිගම්භීරොති අත්ථො. ගම්භීරාවභාසොති ගම්භීරොව හුත්වා අවභාසති, දිස්සතීති අත්ථො. එකඤ්හි උත්තානමෙව ගම්භීරාවභාසං හොති පූතිපණ්ණාදිවසෙන කාළවණ්ණපුරාණඋදකං විය. තඤ්හි ජාණුප්පමාණම්පි සතපොරිසං විය දිස්සති. එකං ගම්භීරං උත්තානාවභාසං හොති මණිගඞ්ගාය විප්පසන්නඋදකං විය. තඤ්හි සතපොරිසම්පි ජාණුප්පමාණං විය ඛායති. එකං උත්තානං උත්තානාවභාසං හොති චාටිආදීසු උදකං විය. එකං ගම්භීරං ගම්භීරාවභාසං හොති සිනෙරුපාදකමහාසමුද්දෙ උදකං විය. එවං උදකමෙව චත්තාරි නාමානි ලභති. පටිච්චසමුප්පාදෙ පනෙතං නත්ථි. අයඤ්හි ගම්භීරො චෙව ගම්භීරාවභාසො චාති එකමෙව නාමං ලභති. එවරූපො සමානොපි අථ ච පන මෙ උත්තානකුත්තානකො විය ඛායති, යදිදං අච්ඡරියං, භන්තෙ, අබ්භුතං භන්තෙති. එවං අත්තනො විම්හයං පකාසෙන්තො පඤ්හං පුච්ඡිත්වා තුණ්හීභූතො නිසීදි.
යාවගම්භීරො යනු මෙහි යාව ශබ්දය ප්‍රමාණය ඉක්මවා යාමෙහි ඉක්මගිය ප්‍රමාණය ගැඹුරුය. අතිශයින් ගැඹුරුය යන අර්ථයි. ගම්භීරාවභාසො යනු ගැඹුරුව සිට බබලයි. දකියි යන අර්ථයි. එකක් වනාහි නොගැඹුරුව, ගැඹුරු ආලෝකය වෙයි. කිළිටි කොළ ඇති කාලවර්ණ පැරණි ජලය මෙන්, එය වනාහි දනක් පමණ වූ නමුත් පුරුෂ ප්‍රමාණ සියයක් මෙන් පෙනෙයි. එකක් ගැඹුරු උස් වූ ආලෝකයක් වෙයි. මැණික් ගඟක පැහැදිලි ජලය මෙන්, එය වනාහි පුරුෂ ප්‍රමාණ සියයක් නමුත් දණක් පමණ මෙන් පෙනෙයි. එක් නොගැඹුරු එකක් නොගැඹුරු ආලෝකයක් දක්වයි. හැළි ආදියෙහි ජලය මෙනි. ගැඹුරු එකක් ගැඹුරු ආභාසය ඇත්තේ වෙයි. මහමෙර යට මහා සමුද්‍රයේ ජය මෙනි. මෙසේ ජලයම නම් සතරක් ලබයි. පටිච්ච සමුප්පාදයෙහි වනාහි එසේ නොවේ. මෙය වනාහි ගැඹුරුමය. ගැඹුරු ආභාසයක් ඇත. එකම නමක් ලබයි. මෙසේ සමාන වූයේ වෙයි. තවද වනාහි මට නොගැඹුරු සේ පෙනෙයි. ස්වාමීනි! මෙය ආශ්චර්යයික. අද්භූතය. මෙසේ තමාගේ පුදුමය ප්‍රකාශ කරන්නේ ප්රශ්නය විචාළේය. ප්රශ්නය අසා නිහඬව සිටියේය.
භගවා තස්ස වචනං සුත්වා – “ආනන්දො භවග්ගග්ගහණාය හත්ථං පසාරෙන්තො විය, සිනෙරුං ඡින්දිත්වා මිඤ්ජං නීහරිතුං වායමමානො විය, විනා නාවාය මහාසමුද්දං තරිතුකාමො විය, පථවිං පරිවත්තෙත්වා පථවොජං ගහෙතුං වායමමානො විය බුද්ධවිසයපඤ්හං අත්තනො උත්තානං වදති. හන්දස්ස ගම්භීරභාවං ආචික්ඛිස්සාමී”ති චින්තෙත්වා මා හෙවන්තිආදිමාහ.
භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ වචනය අසා ආනන්ද තෙරුන් භවාග්‍රය අල්ලා ගන්නට අත් දිගු කරන්නාක් මෙන් මහමෙර සිඳ දමා මිදුලු පිටතට ගන්නට උත්සාහ කරන්නෙක් මෙන් නැවක් නැතිව මහා සමුද්‍රය තරණය කරන්නට බලාපොරොත්තු වන්නකු මෙන් මහපොළොව පෙරළා පෘථිවි ඕජස ගන්නට උත්සාහ කරන්නකු මෙන් බුදුන්ට විෂය වූ ප්‍රශ්නයක් තමාට නොගැඹුරු යයි කියයි. දැන් මොහුට මෙහි ගැඹුරු බව කියන්නෙමියි සිතා ‘මා හෙවං’ යනාදිය පැවසීය.
තත්ථ මා හෙවන්ති හ-කාරො නිපාතමත්තං. එවං මා භණීති අත්ථො. මා හෙවන්ති ච ඉදං වචනං භගවා ආයස්මන්තං ආනන්දං උස්සාදෙන්තොපි භණති අපසාදෙන්තොපි.
එහි මාහෙවං යන්නෙහි ‘හ’ කාරය නිපාත මාත්‍රයකි. මෙසේ නොකියවයි යන අර්ථයි. ‘මාහෙවං’ යන මේ වචනය වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ප්‍රශංසා කරමින් ද දෝෂාරෝපණය කරමින්ද කථා කරයි.
උස්සාදනාවණ්ණනා
තත්ථ උස්සාදෙන්තො – ආනන්ද, ත්වං මහාපඤ්ඤො විසදඤාණො, තෙන තෙ ගම්භීරොපි පටිච්චසමුප්පාදො උත්තානකො විය ඛායති. අඤ්ඤෙසං පනෙස උත්තානකොති න සල්ලක්ඛෙතබ්බො, ගම්භීරොයෙව ච ගම්භීරාවභාසො ච. තත්ථ චතස්සො උපමා වදන්ති. ඡමාසෙ සුභොජනරසපුට්ඨස්ස කිර කතයොගස්ස මහාමල්ලස්ස සමජ්ජසමයෙ කතමල්ලපාසාණපරිචයස්ස යුද්ධභූමිං ගච්ඡන්තස්ස අන්තරා මල්ලපාසාණං දස්සෙසුං, සො – කිං එතන්ති ආහ. මල්ලපාසාණොති. ආහරථ නන්ති. උක්ඛිපිතුං න සක්කොමාති වුත්තෙ සයං ගන්ත්වා කුහිං ඉමස්ස භාරියට්ඨානන්ති වත්වා ද්වීහි හත්ථෙහි ද්වෙ පාසාණෙ උක්ඛිපිත්වා කීළාගුළෙ විය ඛිපිත්වා අගමාසි. තත්ථ මල්ලස්ස මල්ලපාසාණො ලහුකොපි න අඤ්ඤෙසං ලහුකොති වත්තබ්බො. ඡමාසෙ සුභොජනරසපුට්ඨො මල්ලො විය හි කප්පසතසහස්සං අභිනීහාරසම්පන්නො ආයස්මා ආනන්දො, යථා මල්ලස්ස මහාබලතාය මල්ලපාසාණො ලහුකො, එවං ථෙරස්ස මහාපඤ්ඤතාය පටිච්චසමුප්පාදො උත්තානො, සො අඤ්ඤෙසං උත්තානොති න වත්තබ්බො.
එහි ප්රශංසාත්මක ලෙස ආනන්දය! නුඹ මහා ප්‍රඥා ඇත්තේය. තියුණු නුවණ ඇත්තේය. ඒ නිසා පටිච්ච සමුප්පාදය ගැඹුරු වුවත් නොගැඹුරු ලෙස පෙනෙයි. අන් අයට වනාහි මෙය නොගැඹුරු යයි නොසැළකිය යුතුය. එය ගැඹුරුමය. ගැඹුරු ආලෝකය ඇත්තේමය. එහිදී උපමා සතරක් කියත්. හයමාසයක් රසබොජුන් අනුභව කළ, යෝග්‍ය තත්ත්වයට පත් පුහුණු වූ, උත්සව සමයේ මල්ලවපොර තරගයට යන මල්ලවපොරකරුට අතරමගදී උසුලන පාෂාණයක් පෙන්වූහ. මේ කුමක්දැයි ඔහු ඇසීය. මේ උසුලන පාෂාණයකියි කීහ එය ගෙනව්යැයි කීය. එය අපට ඉසිලිය නොහැක යයි කී කල්හි තෙමේ ගොස් මෙය කොහේ දැමිය යුතුදැයි අසා අත් දෙකට පාෂාණ දෙකක් උසුලාගෙන ක්‍රීඩා පන්දු මෙන් එහි දමා ගියේය. එහිදී මල්ලවපොර ශූරයාට ඒ පාෂාණය සැහැල්ලු වුවත් අන්‍යයන්ට සැහැල්ලු නැතැයි කිවයුතුයි. සයමාසයක් මනා බොජුන් රස විඳි මල්ලවපොරකරු මෙන් කල්ප ශතසහස්‍රයක් ප්‍රාර්ථනා සහිත ආනන්ද තෙරුන් වහන්සේ, යම්සේ වනාහි බර උසුලන්නාට තමා බලසම්පන්න බැවින් උසුලන පාෂාණය සැහැල්ලු විය. මෙසේ තෙරුන්වහන්සේට මහා ප්‍රඥා බැවින් පටිච්ච සමුප්පාද ධර්මය නොගැඹුරුය. එය අන්‍යයන්ට නොගැඹුරු යයි නොකිව යුතුයි.
මහාසමුද්දෙ ච තිමිනාම මච්ඡො ද්වියොජනසතිකො තිමිඞ්ගලො තියොජනසතිකො, තිමිපිඞ්ගලො චතුයොජනසතිකො තිමිරපිඞ්ගලො පඤ්චයොජනසතිකො, ආනන්දො තිමිනන්දො අජ්ඣාරොහො මහාතිමීති ඉමෙ චත්තාරො යොජනසහස්සිකා. තත්ථ තිමිරපිඞ්ගලෙනෙව දීපෙන්ති. තස්ස කිර දක්ඛිණකණ්ණං චාලෙන්තස්ස පඤ්චයොජනසතෙ පදෙසෙ උදකං චලති. තථා වාමකණ්ණං. තථා නඞ්ගුට්ඨං, තථා සීසං. ද්වෙ පන කණ්ණෙ චාලෙත්වා නඞ්ගුට්ඨෙන උදකං පහරිත්වා සීසං අපරාපරං කත්වා කීළිතුං ආරද්ධස්ස සත්තට්ඨයොජනසතෙ පදෙසෙ භාජනෙ පක්ඛිපිත්වා උද්ධනෙ ආරොපිතං විය උදකං පක්කුථති, තියොජනසතමත්තෙ පදෙසෙ උදකං පිට්ඨිං ඡාදෙතුං න සක්කොති. සො එවං වදෙය්ය – “අයං මහාසමුද්දො ගම්භීරො ගම්භීරොති වදන්ති කුතස්ස ගම්භීරතා, මයං පිට්ඨිපටිච්ඡාදනමත්තම්පි උදකං න ලභාමා”ති. තත්ථ කායුපපන්නස්ස තිමිරපිඞ්ගලස්ස මහාසමුද්දො උත්තානොති, අඤ්ඤෙසං ඛුද්දකමච්ඡානං උත්තානොති න වත්තබ්බො, එවමෙව ඤාණුපපන්නස්ස ථෙරස්ස පටිච්චසමුප්පාදො උත්තානොති, අඤ්ඤෙසම්පි උත්තානොති න වත්තබ්බො.
මහා සමුද්‍රයේද ‘කිමි’ නම් මත්ස්‍යයා යොදුන් දෙසීයකි. තිමිංගල නම් මත්ස්‍යයා යොදුන් තුන්සියයකි. තිමිපිංගල නම් මත්ස්‍යයා යොදුන් හාරසීයකි. තිමිරිපිංග නම් මත්ස්‍යයා යොදුන් පන්සියයකි. ආනන්ද - තිමින්ද - අජ්ඣාරොහ මහා තිමි යන මේ මත්ස්‍යයෝ යොදුන් සාරදහසකි. එහිදී තිමිරපිංගලයන් වට දක්වති. ඒ මත්ස්‍යයාගේ දකුණු කන සොලවනවිට යොදුන් පන්සියයක් ප්‍රදේශයේ ජලය සෙලවෙයි. වම් කනද නගුටද හිසද එසේමය. කන්දෙක සොළවා නගුටින් පහරදී හිස එහෙ මෙහෙ සොලවා ක්‍රීඩා කරන්නට ආරම්භ කළවිට යොදුන් සත්සියයක් ප්‍රමාණ භාජනයක දමා උදුනක් මත තබන ලද ජලය මෙන්, තුන්සියයක් යොදුන් ප්‍රමාණ පිට වසන්නටවත් නොහැකි වෙයි. ඔහු මෙසේ කියන්නේය. මේ මහා සමුද්‍රය ගැඹුරුය, ගැඹුරුය කියා කියත්. එහි මොන ගැඹුරක්ද? අපි පිට වසාගන්නට තරම්වත් ජලය නොලබමු. මෙසේ තම ශරීරය අනුව තිමිර පිංගලයාට මහා සමුද්‍රය නොගැඹුරුය. අනිත් කුඩා මත්ස්‍යයන්ට ගැඹුරුය කියා නොකිව යුතුයි. එපරිද්දෙන් ඤාණයෙන් උසස් වූ තෙරුන්ට පටිච්ච සමුප්පාදය නොගැඹුරුය. අනිත් අයටද නොගැඹුරුය කියා නොකිව යුතුයි.
සුපණ්ණරාජා ච දියඩ්ඪයොජනසතිකො, තස්ස දක්ඛිණපක්ඛො පඤ්ඤාසයොජනිකො හොති තථා වාමපක්ඛො, පිඤ්ඡවට්ටි සට්ඨියොජනිකා, ගීවා තිංසයොජනිකා, මුඛං නවයොජනං, පාදා ද්වාදසයොජනිකා. තස්මිං සුපණ්ණවාතං දස්සෙතුං ආරද්ධෙ සත්තට්ඨයොජනසතං ඨානං නප්පහොති. සො එවං වදෙය්ය – “අයං ආකාසො අනන්තො අනන්තොති වදන්ති, කුතස්ස අනන්තතා, මයං පක්ඛවාතප්පසාරණොකාසම්පි න ලභාමා”ති. තත්ථ කායුපපන්නස්ස සුපණ්ණරඤ්ඤො ආකාසො පරිත්තොති, අඤ්ඤෙසං ඛුද්දකපක්ඛීනං පරිත්තොති න වත්තබ්බො, එවමෙව ඤාණුපපන්නස්ස ථෙරස්ස පටිච්චසමුප්පාදො උත්තානොති, අඤ්ඤෙසම්පි උත්තානොති න වත්තබ්බො.
ගුරුළු රාජයාද යොදුන් එකසිය පනහකි. ඔහුගේ දකුණු පියාපත යොදුන් පනහකි. එපරිද්දෙන්ම වම්පසත් වේ. පිල්කළඹ හැටයොදුනක්ද බෙල්ල තිස් යොදුනක්ද වේ. මුඛය යොදුන් නවයකි. පාද දොළොස් යොදුනකි. ඒ ගුරුළා වාතය දක්වන්නට පටන්ගත් කල්හි හත්අට සියයක් යොදුන් ප්‍රමාණවත් නොවේ. ඔහු මෙසේ කියන්නේය. මේ ආකාශය අනන්තය. අනන්තය කියා කියත්. මෙහි අනන්ත බවක් කොහිද? අපි පියාපත්වලින් නැගෙන සුළං ප්‍රහාරයකටවත් ඉඩක් නැත. එහි ගුරුළුරාජයාට ආකාශය කුඩාය. අනිත් කුඩා පක්ෂීන්ට කුඩාය කියා නොකිව යුතුයි. එපරිද්දෙන් ඤාණයෙන් යුක්ත තෙරුන්ට පටිච්ච සමුප්පාදය නොගැඹුරුය. අන් අයටද නොගැඹුරු යැයි නොකිවයුතුය.
රාහු අසුරින්දො පන පාදන්තතො යාව කෙසන්තා යොජනානං චත්තාරි සහස්සානි අට්ඨ ච සතානි හොති. තස්ස ද්වින්නං බාහානං අන්තරං ද්වාදසයොජනසතිකං. බහලත්තෙන ඡයොජනසතිකං. හත්ථපාදතලානි තියොජනසතිකානි, තථා මුඛං. එකෙකං අඞ්ගුලිපබ්බං පඤ්ඤාසයොජනං, තථා භමුකන්තරං. නලාටං තියොජනසතිකං. සීසං නවයොජනසතිකං. තස්ස මහාසමුද්දං ඔතිණ්ණස්ස ගම්භීරං උදකං ජාණුප්පමාණං හොති. සො එවං වදෙය්ය – “අයං මහාසමුද්දො ගම්භීරො ගම්භීරොති වදන්ති, කුතස්ස ගම්භීරතා, මයං ජාණුප්පටිච්ඡාදනමත්තම්පි උදකං න ලභාමා”ති. තත්ථ කායුපපන්නස්ස රාහුනො මහාසමුද්දො උත්තානොති, අඤ්ඤෙසං උත්තානොති න වත්තබ්බො, එවමෙව ඤාණුපපන්නස්ස ථෙරස්ස පටිච්චසමුප්පාදො උත්තානොති, අඤ්ඤෙසම්පි උත්තානොති න වත්තබ්බො. එතමත්ථං සන්ධාය භගවා – “මා හෙවං, ආනන්ද, අවච; මා හෙවං, ආනන්ද අවචා”ති ආහ.
රාහු අසුරේන්ද්රයා වනාහි පාදාන්තයේ පටන් කේසාන්තය දක්වා යොදුන් හාරදහස් පන්සියයකි. ඔහුගේ බාහු දෙක අතර යොදුන් එක්දහස් දෙසීයකි. ඝනකමින් යොදුන් හයසියයකි. අත්පා තලයන් යොදුන් තුන්සියයකි. මුඛයද එසේමය. එක එක ඇඟිලි පුරුක යොදුන් පනසකි. එසේම දෙබැම අතර නළල යොදුන් තුන්සියයකි. හිස යොදුන් නවසීයකි. මහා සමුද්‍රයට බැසගත් ඔහුට යොදුන් දහසක් පමණ තැන ගැඹුරු ජලය දණක් පමණ වෙයි. හෙතෙම මෙසේ කියන්නේය. මේ මහා සමුද්‍රය ගැඹුරුය, ගැඹුරුය කියා කියත්. එහි ගැඹුරු බවක් කොයින්ද? අපි දණහිස වැසෙන තරම්වත් ජලය නොලබමු. එහි රාහුගේ ශරීරයට මහා සමුද්‍රය පහත්ය. අනිත් අයටද පහත්යැයි නොකිව යුතුයි. එපරිද්දෙන් ඤාණයෙන් යුක්ත තෙරුන්ට පටිච්ච සමුප්පාදය පහත්ය අන් අයටද පහත්ය කියා නොකිව යුතුයි. මේ කාරණය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ, ආනන්දය මෙසේ නොකියන්න. මෙසේ නොකියන්න’ යැයි වදාළ සේක.
ථෙරස්ස හි චතූහි කාරණෙහි ගම්භීරොපි පටිච්චසමුප්පාදො උත්තානොති උපට්ඨාති. කතමෙහි චතූහි? පුබ්බූපනිස්සයසම්පත්තියා, තිත්ථවාසෙන, සොතාපන්නතාය, බහුස්සුතභාවෙනාති.
තෙරුන්වහන්සේට වනාහි කාරණ සතරක් නිසා ගැඹුරු වූද පටිච්ච සමුප්පාදය නොගැඹුරු යැයි වැටහේ. කවර කරුණු සතරක්ද? පෙර පැවැති වාසනා සම්පත්තිය, ශුද්ධ ස්ථානයක වාසය සෝවාන් බවට පත්වීම හා බහුශ්‍රැත භාවයෙන් යුක්ත වීම යන සතරයි.
පුබ්බූපනිස්සයසම්පත්තිකථා
ඉතො කිර සතසහස්සිමෙ කප්පෙ පදුමුත්තරො නාම සත්ථා ලොකෙ උප්පජ්ජි. තස්ස හංසවතී නාම නගරං අහොසි, ආනන්දො නාම රාජා පිතා, සුමෙධා නාම දෙවී මාතා, බොධිසත්තො උත්තරකුමාරො නාම අහොසි. සො පුත්තස්ස ජාතදිවසෙ මහාභිනික්ඛමනං නික්ඛම්ම පබ්බජිත්වා පධානමනුයුඤ්ජන්තො අනුක්කමෙන සබ්බඤ්ඤුතං පත්වා – “අනෙකජාතිසංසාර”න්ති උදානං උදානෙත්වා සත්තාහං බොධිපල්ලඞ්කෙ වීතිනාමෙත්වා පථවියං ඨපෙස්සාමීති පාදං අභිනීහරි. අථ පථවිං භින්දිත්වා මහන්තං පදුමං උට්ඨාසි. තස්ස ධුරපත්තානි නවුතිහත්ථානි, කෙසරං තිංසහත්ථං, කණ්ණිකා ද්වාදසහත්ථා, නවඝටප්පමාණො රෙණු අහොසි.
මෙයින් කල්ප ශතසහස්‍රයකට පෙර පදුමුත්තර නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළවිය. එතුමන්ට හංසවතී නම් නගරය විය. ආනන්ද නම් රජු පියාය. සුමේධා නම් දේවිය මවය. බෝධිසත්ත්වයෝ උත්තර කුමාරයා නම් වූහ. හෙතෙම දරුවකු උපන් දිනයේම මහාභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී වීර්යයෙහි යෙදුනේ පිළිවෙලින් සර්වඥ බවට පත්ව ‘අනෙකජාති සංසාරං’ යනාදී උදානය පවසා දින සතක් බෝමැඩ ගතකර බිම තබන්නෙමියි පය තැබීය. ඉක්බිති මහපොළව පැලී මහත් වූ පද්මයක් පැන නැංගේය. එහි පත්‍රයක් රියන් අනූවකි. කෙසරු රියන් තිහකි. කර්ණිකාව දොළොස් රියනකි. කල නවයක් පමණ රේණු විය.
සත්ථා පන උබ්බෙධතො අට්ඨපණ්ණාසහත්ථුබ්බෙධො අහොසි. තස්ස උභින්නං බාහානමන්තරං අට්ඨාරසහත්ථං, නලාටං පඤ්චහත්ථං, හත්ථපාදා එකාදසහත්ථා. තස්ස එකාදසහත්ථෙන පාදෙන ද්වාදසහත්ථාය කණ්ණිකාය අක්කන්තමත්තාය නවඝටප්පමාණො රෙණු උට්ඨාය අට්ඨපණ්ණාසහත්ථං පදෙසං උග්ගන්ත්වා ඔකිණ්ණමනොසිලාචුණ්ණං විය පච්චොකිණ්ණො. තදුපාදාය භගවා පදුමුත්තරොත්වෙව පඤ්ඤායිත්ථ. තස්ස දෙවිලො ච සුජාතො ච ද්වෙ අග්ගසාවකා අහෙසුං. අමිතා ච අසමා ච ද්වෙ අග්ගසාවිකා. සුමනො නාම උපට්ඨාකො. පදුමුත්තරො භගවා පිතුසඞ්ගහං කුරුමානො භික්ඛුසතසහස්සපරිවාරො හංසවතියා රාජධානියා වසති.
ශාස්තෲන් වහන්සේ වනාහි උසින් අටපනස් රියන් විය. උන්වහන්සේගේ බාහු දෙක අතර දහඅට රියනකි. නළල රියන් පහකි. අත්පා රියන් එකොළොසකි. උන්වහන්සේගේ රියන් එකොළොසක් වූ පාදයෙන් දොළොස් රියන් කර්ණිකාව පිරිමදිනවිට කලනවයක් පමණ රේණු නැගී පනස්අට රියනක් පමණ උසට පැන නැගී ඉසින ලද මනෝසීල කුඩු මෙන් පැතිරුණේය. ඒ හේතුවෙන්ම භාග්‍යවතුන් වහන්සේ පදුමුත්තර යැයි හැඳින්වූහ. උන්වහන්සේට දෙවල, සුජාත යැයි අගසව් දෙනමක් වූහ. අමිතා අසමා යැයි අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක සුමන නම් විය. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පියාට සංග්‍රහ කරන්නේ භික්ෂූන් දහසක් පිරිවරා හංසවතී රාජධානියෙහි වසති.
කනිට්ඨභාතා පනස්ස සුමනකුමාරො නාම. තස්ස රාජා හංසවතිතො වීසතියොජනසතෙ ඨානෙ භොගගාමං අදාසි. සො කදාචි ආගන්ත්වා පිතරඤ්ච සත්ථාරඤ්ච පස්සති. අථෙකදිවසං පච්චන්තො කුපිතො. සුමනො රඤ්ඤො පෙසෙසි – “පච්චන්තො කුපිතො”ති. රාජා “මයා ත්වං තත්ථ කස්මා ඨපිතො”ති පටිපෙසෙසි. සො නික්ඛම්ම චොරෙ වූපසමෙත්වා – “උපසන්තො, දෙව, ජනපදො”ති රඤ්ඤො පෙසෙසි. රාජා තුට්ඨො – “සීඝං මම පුත්තො ආගච්ඡතූ”ති ආහ. තස්ස සහස්සමත්තා අමච්චා හොන්ති. සො තෙහි සද්ධිං අන්තරාමග්ගෙ මන්තෙසි – “මය්හං පිතා තුට්ඨො, සචෙ මෙ වරං දෙති, කිං ගණ්හාමී”ති. අථ නං එකච්චෙ “හත්ථිං ගණ්හථ, අස්සං ගණ්හථ, රථං ගණ්හථ, ජනපදං ගණ්හථ, සත්තරතනානි ගණ්හථා”ති ආහංසු. අපරෙ – “තුම්හෙ පථවිස්සරස්ස පුත්තා, තුම්හාකං ධනං න දුල්ලභං, ලද්ධම්පි චෙතං සබ්බං පහාය ගමනීයං, පුඤ්ඤමෙව එකං ආදාය ගමනීයං; තස්මා තෙ දෙවෙ වරං දදමානෙ තෙමාසං පදුමුත්තරං භගවන්තං උපට්ඨාතුං වරං ගණ්හථා”ති. සො – “තුම්හෙ මය්හං කල්යාණමිත්තා, න මමෙතං චිත්තං අත්ථි, තුම්හෙහි පන උප්පාදිතං, එවං කරිස්සාමී”ති ගන්ත්වා පිතරං වන්දිත්වා පිතරාපි ආලිඞ්ගෙත්වා තස්ස මත්ථකෙ චුම්බිත්වා – “වරං තෙ පුත්ත, දෙමී”ති වුත්තෙ “සාධු මහාරාජ, ඉච්ඡාමහං මහාරාජ භගවන්තං තෙමාසං චතූහි පච්චයෙහි උපට්ඨහන්තො ජීවිතං අවඤ්ඣං කාතුං, ඉමමෙව වරං දෙහී”ති ආහ. “න සක්කා තාත, අඤ්ඤං වරෙහී”ති වුත්තෙ “දෙව, ඛත්තියානං නාම ද්වෙ කථා නත්ථි, එතමෙව දෙහි, න මෙ අඤ්ඤෙනත්ථො”ති. තාත බුද්ධානං නාම චිත්තං දුජ්ජානං, සචෙ භගවා න ඉච්ඡිස්සති, මයා දින්නෙපි කිං භවිස්සතීති? සො – “සාධු, දෙව, අහං භගවතො චිත්තං ජානිස්සාමී”ති විහාරං ගතො.
[missing trans] නම් විය. ඔහුට රජතුමා හංසවතියේ සිට යොදුන් දෙදහසක ප්‍රමාණයේ ගම්වරයක් දුන්නේය. හෙතෙම වරින්වර අවුත් පියාවත් ශාස්තෲන් වහන්සේවත් දකියි. ඉක්බිති එක්දිනක් ප්‍රත්‍යන්තයක ජනයා කිපුනේය කියා රජුට දැන්වීය. රජු කුමක් නිසා මා විසින් ඔබව එහි යොදවන ලදදැයි නැවතත් දන්වා යැවීය. ඔහු සොරුන් යටත්කොට, දේවයන් වහන්ස! ජනපදය සංසිඳුනේ යැයි රජුට දන්වා යැවීය. රජු සතුටුව, වහා මගේ පුත්‍රයා එනු ලැබේවායි කීය. ඔහුට දහසක් පමණ අමාත්‍යවරු සිටිති. හෙතෙම ඔවුන් සමග අතරමගදී සාකච්ඡා කළේය. මාගේ පියා සතුටුවූයේ වෙයි. ඉදින් මට වරයක් දෙන්නේ නම් කුමක් ලබාගන්නෙම්ද? ඉක්බිති ඇතැමෙක් ඇතෙකු ලබාගන්න යැයි කීහ. ඇතැමෙක් අශ්වයකු ගන්න, ජනපදයක් ගන්න, සප්තරත්නයන් ගන්න යැයි යනාදී ලෙස කීහ. සමහරු ඔබවහන්සේ මහා ධනවන්තයකුගේ පුත්‍රයෙකි. ඔබට ධනය හිඟ නැත. ලැබුවත් ඒ සියල්ල දමා යායුතුයි. එකම පින රැගෙන යා යුතුයි. ඒ නිසා රජතුමා වර දෙන කල්හි තුන්මාසයක් පදුමුත්තර බුදුන්ට උපස්ථාන කිරීමට වරයක් ඉල්ලා ගන්න යැයි කීහ. හෙතෙම නුඹලා වනාහි මාගේ කල්‍යාණ මිත්‍රයෝය. මට එබඳු සිතක් නැත. නුඹලා විසින් ඒ සිත ඇතිකරන ලදි. එසේ කරන්නෙමියි ගොස් පියාට වැඳ පියා විසින් වැළඳ ගන්නා ලද්දේ හිස සිඹ පුත්‍රය, මම ඔබට වරයක් දෙමියි කියන ලද්දේ, මහරජතුමනි! මම තුන්මාසයක් භාග්‍යවතුන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කර ජීවිතය සඵල කරගන්නට මට මේ වරය දෙන්න යැයි කීය. දරුව, එය කළ නොහැක. වෙන වරයක් ඉල්වන්නැයි කීය. ක්ෂත්රියයන්ගේ වනාහි වචන දෙකක් නැත. එබැවින් මෙයම දෙන්න. මට වෙන එකකින් වැඩෙක් නැත. දරුව, බුදුවරයන්ගේ සිත වටහාගන්නට අපහසුය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමැති නොවන්නේ නම් මා දුන් දෙයට කුමක් වන්නේද? දේවයන් වහන්ස! එසේය. මම භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගන්නෙමියි විහාරයට ගියේය.
තෙන ච සමයෙන භත්තකිච්චං නිට්ඨපෙත්වා භගවා ගන්ධකුටිං පවිට්ඨො හොති. සො මණ්ඩලමාළෙ සන්නිසින්නානං භික්ඛූනං සන්තිකං අගමාසි. තෙ තං ආහංසු – “රාජපුත්ත, කස්මා ආගතොසී”ති? භගවන්තං දස්සනාය, දස්සෙථ මෙ භගවන්තන්ති. න මයං, රාජපුත්ත, ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ සත්ථාරං දට්ඨුං ලභාමාති. කො පන, භන්තෙ, ලභතීති? සුමනත්ථෙරො නාම රාජපුත්තාති. “සො කුහිං, භන්තෙ, ථෙරො”ති. ථෙරස්ස නිසින්නට්ඨානං පුච්ඡිත්වා ගන්ත්වා වන්දිත්වා – “ඉච්ඡාමහං, භන්තෙ, භගවන්තං පස්සිතුං, දස්සෙථ මෙ”ති ආහ. ථෙරො – “එහි රාජපුත්තා”ති තං ගහෙත්වා තං ගන්ධකුටිපරිවෙණෙ ඨපෙත්වා ගන්ධකුටිං අභිරුහි. අථ නං භගවා – “සුමන, කස්මා ආගතොසී”ති ආහ. රාජපුත්තො, භන්තෙ, භගවන්තං දස්සනාය ආගතොති. තෙන හි භික්ඛු ආසනං පඤ්ඤාපෙහීති. ථෙරො ආසනං පඤ්ඤාපෙසි, නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. රාජපුත්තො භගවන්තං වන්දිත්වා පටිසන්ථාරං අකාසි. කදා ආගතොසි රාජපුත්තාති? භන්තෙ, තුම්හෙසු ගන්ධකුටිං පවිට්ඨෙසු. භික්ඛූ පන – “න මයං ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ භගවන්තං දට්ඨුං ලභාමා”ති මං ථෙරස්ස සන්තිකං පාහෙසුං. ථෙරො පන එකවචනෙනෙව දස්සෙසි. ථෙරො, භන්තෙ, තුම්හාකං සාසනෙ වල්ලභො මඤ්ඤෙති. ආම රාජකුමාර, වල්ලභො එස භික්ඛු මය්හං සාසනෙති. භන්තෙ, බුද්ධානං සාසනෙ කිං කත්වා වල්ලභො හොතීති? දානං දත්වා සීලං සමාදියිත්වා උපොසථකම්මං කත්වා කුමාරාති. භගවා, අහං ථෙරො විය බුද්ධසාසනෙ වල්ලභො හොතුකාමො, තෙමාසං මෙ වස්සාවාසං අධිවාසෙථාති. භගවා – “අත්ථි නු ඛො තත්ථ ගතෙන අත්ථො”ති ඔලොකෙත්වා අත්ථීති දිස්වා “සුඤ්ඤාගාරෙ, ඛො රාජකුමාර තථාගතා අභිරමන්තී”ති ආහ. කුමාරො “අඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතා”ති වත්වා “අහං, භන්තෙ, පුරිමතරං ගන්ත්වා විහාරං කාරෙමි, මයා පෙසිතෙ භික්ඛුසතසහස්සෙන සද්ධිං ආගච්ඡථා”ති පටිඤ්ඤං ගහෙත්වා පිතුසන්තිකං ගන්ත්වා “දින්නා මෙ, දෙව, භගවතා පටිඤ්ඤා, මයා පහිතෙ භගවන්තං පෙසෙය්යාථා”ති පිතරං වන්දිත්වා නික්ඛමිත්වා යොජනෙ යොජනෙ විහාරං කාරෙත්වා වීසයොජනසතං අද්ධානං ගන්ත්වා අත්තනො නගරෙ විහාරට්ඨානං විචිනන්තො සොභනං නාම කුටුම්බිකස්ස උය්යානං දිස්වා සතසහස්සෙන කිණිත්වා සතසහස්සං විස්සජ්ජෙත්වා විහාරං කාරෙසි. තත්ථ භගවතො ගන්ධකුටිං සෙසභික්ඛූනඤ්ච රත්තිට්ඨානදිවාට්ඨානත්ථාය කුටිලෙණමණ්ඩපෙ කාරාපෙත්වා පාකාරපරික්ඛෙපෙ කත්වා ද්වාරකොට්ඨකඤ්ච නිට්ඨපෙත්වා පිතුසන්තිකං පෙසෙසි – “නිට්ඨිතං මය්හං කිච්චං, සත්ථාරං පහිණථා”ති.
ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසන් කර ගන්ධකුටියට වැඩියේ වන. ඔහු මිදුලෙහි රැස්ව සිටි භික්ෂූන් සමීපයට ගියේය. ඔව්හු ඔහුට මෙසේ කීහ. රාපුත්රය! කුමක් නිසා පැමිණියෙහිද? භාග්‍යවතුන් වහන්සේව හමුවන්නටය. මට උන්වහන්සේව මුණගස්වන්න. රාජපුත්‍රය! අපි සිතන සිතන වේලාවට ශාස්තෲන් වහන්සේව දකින්නට නොහැක්කෙමු. ස්වාමීනි! කවරෙක් එසේ ලබයිද? රාජපුත්‍රය! සුමන නම් තෙරුන් වහන්සේය. ස්වාමීනි! උන්වහන්සේ කොහිදැයි තෙරුන්වහන්සේ හිඳිනා තැන් විමසා ගොස් වැඳ ස්වාමීනි! අපි භාග්‍යවතුන් වහන්සේව දකින්නට කැමැත්තෙමු. අපට මුණගස්වන්න යැයි කීය. තෙරුන්වහන්සේ එවිට එන්න රාජපුත්‍රය! යැයි ඔහුත් සමග ගොස් ඔහුව ගඳකිළි පිරිවෙණෙහි තබා ගඳකිළියට නැංගේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, සුමන! කුමක් නිසා පැමිණියේදැයි ඇසීය. ස්වාමීනි! රාජපුත්රයෙක් භාග්‍යවතුන් වහන්සේ දැකීමට පැමිණ සිටීයැයි පැවසීය. එසේනම් භික්ෂුව ආසනයක් පනවන්නැයි කියා තෙරුන් වහන්සේ ආසනයක් සූදානම් කළේය. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අසුනෙහි වැඩසිටි සේක. රාජපුත්‍රයා බුදුන් වැඳ පිළිසඳර කථා කළේය. රාජපුත්‍රයා කවර වේලාවක පැමිණියේදැයි ඇසූවිට ස්වාමීනි! ඔබවහන්සේ ගඳකිළියට පිවිසි අවස්ථාවේ යැයි පැවසීය. සිතු සිතු වේලාවට භාග්‍යවතුන් වහන්සේ දකින්නට අපට නොහැක යයි භික්ෂූහු මා තෙරුන් වහන්සේ සමීපයට යැවූහ. තෙරුන් වහන්සේ වනාහි එක වචනයෙන්ම මුණගැස්වීය. ස්වාමීනි! ඔබවහන්සේගේ ශාසනයෙහි මේ භික්ෂූන් වහන්සේ අතිශයින් විශ්වසනීයයි සිතමි. එසේය රාජකුමාරයෙනි. මේ භික්ෂුව මාගේ ශාසනයේ අතිශයින් විශ්වසනීය කෙනෙකි. ස්වාමීනි! මම මේ තෙරුන් මෙන් බුද්ධ ශාසනයෙහි විශ්වාසනීය කෙනෙක් වනු කැමැත්තෙමි. තුන් මාසයක් මාගේ වස් ආරාධනය පිළිගන්නා සේක්වායි කීය. භාග්‍යවතුන් වහන්සේ එහි යාමෙන් යම්කිසි ප්‍රයෝජනයක් ඇත්දැයි බලා ඇත යැයි සිතා, රාජකුමාරය! තථාගතයන් වහන්සේලා වනාහි ශූන්යාගාරයේ නතරවනු කැමැති වෙත් යැයි කීය. කුමාරයා, භාග්‍යවතුන් වහන්සේව හඳුනා ගත්තෙමි. සුගතයන් වහන්සේව දැනගත්තෙමි යි කියා ස්වාමීනි! මම පළමුවෙන්ම ගොස් විහාරයක් කරමි. මා විසින් යවන ලද සියක් දහසක් භික්ෂූන් සමග වඩින්න යැයි ප්‍රතිඥා ලබාගෙන පියා සමීපයට ගොස් දේවයන් වහන්ස! භාග්‍යවතුන් වහන්සේ විසින් පොරොන්දුවක් දෙන ලදි. මා විසින් දැන්වූ කල්හි භාග්‍යවතුන් වහන්සේව එවන්න යැයි පියාට වැඳ නික්ම යොදුනක් පාසා විහාර කරවන්නේ යොදුන් දෙදහසක් මග ගොස් තමන්ගේ නගරයෙහි විහාරයක් සාදන්නට තැනක් සොයන්නේ ‘සෝභ’ නම් කෙළෙඹියාගේ උයන දැක ලක්ෂයක් දී මිළට ගෙන ලක්ෂයක් වියදම් කර විහාරයක් කරවීය. එහි භාග්‍යවතුන් වහන්සේට ගඳකිළියක්ද සෙසු භික්ෂූන්ට ද රාත්‍රී ස්ථාන හා දිවා ස්ථාන සඳහා වෙන වෙනම කුටි සාදවා පවුරුවලින් වටකර දොරටුද නිමකර පියාට දන්වා යැවීය. මාගේ කටයුතු නිමාවී ඇත. ශාස්තෲන් වහන්සේව එවන්න.
රාජා භගවන්තං භොජෙත්වා – “භගවා, සුමනස්ස කිච්චං නිට්ඨිතං, තුම්හාකං ගමනං පච්චාසීසතී”ති ආහ. භගවා සතසහස්සභික්ඛුපරිවාරො යොජනෙ යොජනෙ විහාරෙසු වසමානො අගමාසි. කුමාරො “සත්ථා ආගතො”ති සුත්වා යොජනං පච්චුග්ගන්ත්වා මාලාදීහි පූජයමානො විහාරං පවෙසෙත්වා –
රජු භාග්‍යවතුන් වහන්සේව වළඳවා, භාග්‍යවතුන් වහන්ස! සුමන කුමාරයාගේ කටයුතු නිමාවී ඇත. ඔබවහන්සේගේ වැඩමවීම බලාපොරොත්තුව සිටී යැයි කීය. භාග්‍යවතුන් වහන්සේ ලක්ෂයක් භික්ෂූන් පිරිවරා යොදුනෙන් යොදන ඒ ඒ විහාරයන්හි නතරවෙමින් වැඩිසේක. කුමාරයා ශාස්තෲන් වහන්සේ වඩින්නේ යැයි අසා යොදුනක් දුර පෙරගමන් කොට ගඳමල් ආදියෙන් පුදමින් විහාරයට වැඩමවාගෙන ගොස්
“සතසහස්සෙන මෙ කීතං, සතසහස්සෙන මාපිතං; සොභනං නාම උය්යානං, පටිග්ගණ්හ මහාමුනී”ති.
සතසහස්සෙන මෙ කීතං සතසහස්සෙන මාපිතං සොභනං නාම උය්යානං පතිගණ්හ මහා මුනී
මා විසින් ලක්ෂයකට මිළදී ගන්නා ලද ලක්ෂයක් වියදම් කර නිර්මාණය කරන ලද සොභන නම් වූ උද්‍යානය මහා මුනීන්ද්රයන් වහන්ස! පිළිගනු සේක්වා.
විහාරං නිය්යාතෙසි. සො වස්සූපනායිකදිවසෙ දානං දත්වා අත්තනො පුත්තදාරෙ ච අමච්චෙ ච පක්කොසාපෙත්වා ආහ – “අයං සත්ථා අම්හාකං සන්තිකං දූරතො ආගතො, බුද්ධා ච නාම ධම්මගරුනො න ආමිසගරුකා. තස්මා අහං තෙමාසං ද්වෙ සාටකෙ නිවාසෙත්වා දස සීලානි සමාදියිත්වා ඉධෙව වසිස්සාමි, තුම්හෙ ඛීණාසවසතසහස්සස්ස ඉමිනාව නීහාරෙන තෙමාසං දානං දදෙය්යාථා”ති.
කියා විහාරය පූජා කළේය. හෙතෙම වස්වසනා දිනයෙහි දන් දී තමන්ගේ දරුවන් හා භාර්යාවන් ද ඇමැතිවරුන් ද කැඳවා මෙසේ කීය. මේ ශාස්තෲන් වහන්සේ දුරක සිට අප ළඟට වැඩි සේක. බුදුවරයන් වහන්සේලා වනාහි ධර්මගරුක වෙත්. ආමිසය ගරු නොකරත්. ඒ නිසා මම මේ තුන්මාසය සළු දෙකක් හැඳපොරවා දසසිල් සමාදන් වී මෙහිම වාසය කරන්නෙමි. නුඹලා රහතන් වහන්සේලා ලක්ෂයකට මේ ආකාරයෙන්ම තුන්මසක් දන්දෙව්.
සො සුමනත්ථෙරස්ස වසනට්ඨානසභාගෙයෙව ඨානෙ වසන්තො යං ථෙරො භගවතො වත්තං කරොති, තං සබ්බං දිස්වා “ඉමස්මිං ඨානෙ එකන්තවල්ලභො එස ථෙරො, එතස්සෙව මෙ ඨානන්තරං පත්ථෙතුං වට්ටතී”ති චින්තෙත්වා උපකට්ඨාය පවාරණාය ගාමං පවිසිත්වා සත්තාහං මහාදානං දත්වා සත්තමෙ දිවසෙ භික්ඛුසතසහස්සස්ස පාදමූලෙ තිචීවරං ඨපෙත්වා භගවන්තං වන්දිත්වා – “භන්තෙ, යදෙතං මයා මග්ගෙ යොජනන්තරිකං යොජනන්තරිකං විහාරං කාරාපනතො පට්ඨාය පුඤ්ඤං කතං, තං නෙව සක්කසම්පත්තිං, න මාරසම්පත්තිං, න බ්රහ්මසම්පත්තිං පත්ථයන්තෙන, බුද්ධස්ස පන උපට්ඨාකභාවං පත්ථයන්තෙන කතං. තස්මා අහම්පි, භගවා, අනාගතෙ සුමනත්ථෙරො විය බුද්ධස්ස උපට්ඨාකො භවෙය්ය”න්ති පඤ්චපතිට්ඨිතෙන නිපතිත්වා වන්දි.
හෙතෙම සුමන තෙරුන්ට වාසය කරන සමීපයේම නතරවී සිට තෙරුන් වහන්සේ යම් වතක් භාග්‍යවතුන් වහන්සේට කරයිද ඒ සියල්ල දැක මේ ස්ථානයේ වැඩසිටින එකම විශ්වාස කටයුතු පුද්ගලයා මේ තෙරුන් වහන්සේය. මුන්වහන්සේගේ තනතුරම ප්‍රාර්ථනා කළයුතුයැයි සිතා වෙන් වෙන් වශයෙන් පවාරණය පිණිස ගමට පිවිස සත්දිනක් මහදන් දී සත්වන දිනයෙහි ලක්ෂයක් භික්ෂූන් වහන්සේලාගේ පාදමූලයෙහි තුන්සිවුර තබා භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ස්වාමීනි! මාර්ගයෙහි යොදුනෙන් යොදුන විහාර කරවීමේ පටන් යම් පිනක් මා විසින් කරන ලද ද එය ශක්‍ර සම්පත්තිය, මාර සම්පත්තිය, බ්‍රහ්ම සම්පත්තිය පතා කරන ලද්දේ නොවෙයි. බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක තනතුර ප්‍රාර්ථනා කරගෙන කරන ලදි. ඒ නිසා මම ද සුමන තෙරුන් වහන්සේ මෙන් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා වන්නෙමියි පසඟ පිහිටුවා වැන්දේය.
භගවා – “මහන්තං කුලපුත්තස්ස චිත්තං, සමිජ්ඣිස්සති නු ඛො නො”ති ඔලොකෙන්තො – “අනාගතෙ ඉතො සතසහස්සිමෙ කප්පෙ ගොතමො නාම බුද්ධො උප්පජ්ජිස්සති, තස්සෙව උපට්ඨාකො භවිස්සතී”ති ඤත්වා –
භාග්‍යවතුන් වහන්සේ වනාහි කුලපුත්‍රයාගේ පැතුම ඉතා ප්‍රබල වූවකි. එය ඉටුවන්නේ ද නැද්ද කියා බලන්නේ අනාගතයේ මෙයින් කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නම් වූ බුදුවරයන් වහන්සේ නමක් පහළ වන්නේය. උන්වහන්සේගේ උපස්ථායකයා වන්නේ යැයි දැනගෙන
“ඉච්ඡිතං පත්ථිතං තුය්හං, සබ්බමෙව සමිජ්ඣතු; සබ්බෙ පූරෙන්තු සඞ්කප්පා, චන්දො පන්නරසො යථා”ති.
ඉච්ඡිතං පත්ථිතං තුය්හං, සබ්බමෙව සමිජ්ඣතු සබ්බෙ පූරෙන්තු සංකප්පා චන්දො පණ්ණරසො යථා
ඔබගේ සියළු සිතුම් පැතුම් ඉටුවේවා. සියළු බලාපොරොත්තු පසළොස්වකදා චන්ද්‍රයා මෙන් පරිපූර්ණත්වයට පත්වේවා.
ආහ. කුමාරො තං සුත්වා – “බුද්ධා නාම අද්වෙජ්ඣකථා හොන්තී”ති දුතියදිවසෙයෙව තස්ස භගවතො පත්තචීවරං ගහෙත්වා පිට්ඨිතො පිට්ඨිතො ගච්ඡන්තො විය අහොසි. සො තස්මිං බුද්ධුප්පාදෙ වස්සසතසහස්සං දානං දත්වා සග්ගෙ නිබ්බත්තිත්වා කස්සපබුද්ධකාලෙපි පිණ්ඩාය චරතො ථෙරස්ස පත්තග්ගහණත්ථං උත්තරිසාටකං දත්වා පූජමකාසි. පුන සග්ගෙ නිබ්බත්තිත්වා තතො චුතො බාරාණසිරාජා හුත්වා අට්ඨන්නං පච්චෙකබුද්ධානං පණ්ණසාලායො කාරෙත්වා මණිආධාරකෙ උපට්ඨපෙත්වා චතූහි පච්චයෙහි දසවස්සසහස්සානි උපට්ඨානං අකාසි. එතානි පාකටට්ඨානානි.
කුමාරයා එය අසා බුදුවරු නම් කථා දෙකක් නැති ඇත්තෝ යැයි පසුවදාම ඒ භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගෙන පසුපසින් යන්නාක් මෙන් විය. හෙතෙම එම බුද්ධෝත්පාදයේදී වර්ෂ ලක්ෂයක් දන් දී සුරලොව ඉපිද කාශ්‍යප බුදුන්ගේ කාලයේද පිඬුසිඟා වඩින තෙරනමකගේ පාත්‍රය තබාගැනීම පිණිස උතුරුසළුව පූජා කළේය. නැවත ස්වර්ගයෙහි ඉපිද එයින් චුතව බරණැස් රජුව පසේබුදුවරයන් වහන්සේලා අටනමකට පන්සල් කරවා දී මාණික්‍යමය ආධාරකයන් පිහිටුවා සිව්පසයෙන් වර්ෂ ලක්ෂයක් උපස්ථාන කළේය. මේ ප්‍රකට තැන්ය.
කප්පසතසහස්සං පන දානං දදමානොව අම්හාකං බොධිසත්තෙන සද්ධිං තුසිතපුරෙ නිබ්බත්තිත්වා තතො චුතො අමිතොදනසක්කස්ස ගෙහෙ පටිසන්ධිං ගහෙත්වා අනුපුබ්බෙන කතාභිනික්ඛමනො සම්මාසම්බොධිං පත්වා පඨමගමනෙන කපිලවත්ථුං ආගන්ත්වා තතො නික්ඛමන්තෙ භගවති භගවතො පරිවාරත්ථං රාජකුමාරෙසු පබ්බජිතෙසු භද්දියාදීහි සද්ධිං නික්ඛමිත්වා භගවතො සන්තිකෙ පබ්බජිත්වා නචිරස්සෙව ආයස්මතො පුණ්ණස්ස මන්තාණිපුත්තස්ස සන්තිකෙ ධම්මකථං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨහි (සං· නි· 3.83). එවමෙස ආයස්මා පුබ්බූපනිස්සයසම්පන්නො තස්සිමාය පුබ්බූපනිස්සයසම්පත්තියා ගම්භීරොපි පටිච්චසමුප්පාදො උත්තානකො විය උපට්ඨාසි.
කල්ප ලක්ෂයක් දන් දෙන්නේ අපගේ බෝධිසත්ත්වයන් සමග තුසිත දෙව්ලොව ඉපිද එයින් ච්‍යුතව අමිතෝදන ශාක්‍යයාගේ ගෙයි පිළිසිඳ ගෙන පිළිවෙලින් කරන ලද අබිනික්මන් ඇත්තේ බුද්ධත්වයට පත්ව පළමුවෙන් කපිලවස්තු නගරයට වැඩමවා භාග්‍යවතුන් වහන්සේ එතනින් නික්ම යනකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පිරිවර පිණිස රාජකුමාරවරුන් පැවිදිවන කල්හි භද්දිය ආදීන් සමග නික්ම භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදිව නොබෝ කලකින්ම ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණ තෙරුන්ගෙන් බණ අසා සෝවාන් පෙළෙහි පිහිටියේය. මේ පරිද්දෙන් මේ තෙරුන්වහන්සේ පෙර වාසනා සම්පත්තිය ඇත්තේ වෙයි. මේ පෙර වාසනා මහිමය නිසා ගැඹුරු වූද පටිච්ච සමුත්පාද ධර්මය මුන්වහන්සේට නොගැඹුරු ලෙස වැටහිණ.
තිත්ථවාසාදිවණ්ණනා
තිත්ථවාසොති පුනප්පුනං ගරූනං සන්තිකෙ උග්ගහණසවනපරිපුච්ඡනධාරණානි වුච්චන්ති. සො ථෙරස්ස අතිවිය පරිසුද්ධො, තෙනාපිස්සායං ගම්භීරොපි පටිච්චසමුප්පාදො උත්තානකො විය උපට්ඨාසි.
තිත්ථවාසො යනු නැවත නැවතත් ගුරුවරුන් ළඟ ඉගෙනීම, සවන්දීම, විචාරීම, ධාරණය යන මේවා අදහස් කෙරේ. එය තෙරුන්වහන්සේට වනාහි අතිශයින් පිරිසිදුය. ඒ නිසා මේ තෙරුන්වහන්සේට ගැඹුරු වූ ද පටිච්චසමුප්පාද ධර්මය නොගැඹුරු ලෙස වැටහෙයි.
සොතාපන්නානඤ්ච නාම පච්චයාකාරො උත්තානකොව හුත්වා උපට්ඨාති, අයඤ්ච ආයස්මා සොතාපන්නො. බහුස්සුතානඤ්ච චතුහත්ථෙ ඔවරකෙ පදීපෙ ජලමානෙ මඤ්චපීඨං විය නාමරූපපරිච්ඡෙදො පාකටො හොති, අයඤ්ච ආයස්මා බහුස්සුතානං අග්ගො හොති, බාහුසච්චානුභාවෙනපිස්ස ගම්භීරොපි පච්චයාකාරො උත්තානකො විය උපට්ඨාසි.
සෝවාන් වූවන්ට වනාහි ප්‍රත්‍යාකාරය නොගැඹුරු ලෙස වැටහේ. මේ තෙරුන් වහන්සේද සෝවාන් කෙනෙක් බහුශ්‍රැතයන්ට වනාහි රියන් සතරක් වූ කාමරයක පහනක් දැල්වෙන විට ඇඳ පුටු මෙන් නාමරූප පරිච්ඡේදය පැහැදිලිව පෙනෙයි. මේ තෙරුන් වහන්සේ ද බහුශ්‍රැතයන් අතර අගතැන්පත් කෙනෙකි. බහුශ්‍රැත බව නිසා මොහුට ගැඹුරු වූ ප්‍රත්‍ය පිළිවෙල නොගැඹුරු ලෙස වැටහේ.
පටිච්චසමුප්පාදගම්භීරතා
තත්ථ අත්ථගම්භීරතාය, ධම්මගම්භීරතාය, දෙසනාගම්භීරතාය, පටිවෙධගම්භීරතායාති චතූහි ආකාරෙහි පටිච්චසමුප්පාදො ගම්භීරො නාම.
එහි අර්ථයෙහි ගැඹුරු බව නිසාත් ධර්මයේ ගැඹුරු බව නිසාත් දේශනාවේ ගැඹුරු බව නිසාත්, අවබෝධයේ ගැඹුරු බව නිසාත් යන සිව් ආකාරයෙන් පටිච්ච සමුප්පාද ධර්මය ගැඹුරුය.
තත්ථ ජරාමරණස්ස ජාතිපච්චයසම්භූතසමුදාගතට්ඨො ගම්භීරො…පෙ… සඞ්ඛාරානං අවිජ්ජාපච්චයසම්භූතසමුදාගතට්ඨො ගම්භීරොති අයං අත්ථගම්භීරතා.
එහි ජාති මරණ දෙකෙහි ජාති ප්‍රත්‍ය නිසා හටගත් යන අර්ථය ගැඹුරුය. -පෙ- සංස්කාරවල අවිජ්ජාව නිසා හටගත්තේය. අර්ථය ගැඹුරුය යන මේ අර්ථයෙහි ගැඹුරු බවයි.
අවිජ්ජාය සඞ්ඛාරානං පච්චයට්ඨො ගම්භීරො…පෙ… ජාතියා ජරාමරණස්ස පච්චයට්ඨො ගම්භීරොති අයං ධම්මගම්භීරතා.
අවිජ්ජාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වේ යන [missing trans] අර්ථය ගැඹුරුය.
කත්ථචි සුත්තෙ පටිච්චසමුප්පාදො අනුලොමතො දෙසියති, කත්ථචි පටිලොමතො, කත්ථචි අනුලොමපටිලොමතො, කත්ථචි මජ්ඣතො පට්ඨාය අනුලොමතො වා පටිලොමතො වා අනුලොමපටිලොමතො වා, කත්ථචි තිසන්ධි චතුසඞ්ඛෙපො, කත්ථචි ද්විසන්ධි තිසඞ්ඛෙපො, කත්ථචි එකසන්ධි ද්විසඞ්ඛෙපොති අයං දෙසනාගම්භීරතා.
කිසියම් සූත්‍රයක පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් දේශනා කරයි. සමහර තැනක ප්‍රතිලෝම ලෙස තවත් තැනක අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. කිසියම් තැනක මැදසිට, අනුලෝම වශයෙන්, ප්‍රතිලෝම වශයෙන් අනුලෝම පටිලෝම ලෙස, කිසි තැනක ත්රිසන්ධි චතුසංඛෙප ලෙස, තවත් තැනක ද්විසන්ධි සංක්ෂේප ලෙස කිසියම් තැනක එකසන්ධි ද්විසංඛෙප ලෙස යන මේ ක්‍රමයෙන් දේශනා ගම්භීරතාවයයි.
අවිජ්ජාය පන අඤ්ඤාණඅදස්සනසච්චාපටිවෙධට්ඨො ගම්භීරො, සඞ්ඛාරානං අභිසඞ්ඛරණායූහනසරාගවිරාගට්ඨො, විඤ්ඤාණස්ස සුඤ්ඤතඅබ්යාපාරඅසඞ්කන්තිපටිසන්ධිපාතුභාවට්ඨො, නාමරූපස්ස එකුප්පාදවිනිබ්භොගාවිනිබ්භොගනමනරුප්පනට්ඨො, සළායතනස්ස අධිපතිලොකද්වාරක්ඛෙත්තවිසයිභාවට්ඨො, ඵස්සස්ස ඵුසනසඞ්ඝට්ටනසඞ්ගතිසන්නිපාතට්ඨො, වෙදනාය ආරම්මණරසානුභවනසුඛදුක්ඛමජ්ඣත්තභාවනිජ්ජීවවෙදයිතට්ඨො, තණ්හාය අභිනන්දිතඅජ්ඣොසානසරිතාලතාතණ්හානදීතණ්හාසමුද්දදුප්පූරණට්ඨො, උපාදානස්ස ආදානග්ගහණාභිනිවෙසපරාමාසදුරතික්කමට්ඨො, භවස්ස ආයූහනාභිසඞ්ඛරණයොනිගතිඨිතිනිවාසෙසු ඛිපනට්ඨො, ජාතියා ජාතිසඤ්ජාතිඔක්කන්තිනිබ්බත්තිපාතුභාවට්ඨො, ජරාමරණස්ස ඛයවයභෙදවිපරිණාමට්ඨො ගම්භීරොති. එවං යො අවිජ්ජාදීනං සභාවො, යෙන පටිවෙධෙන අවිජ්ජාදයො සරසලක්ඛණතො පටිවිද්ධා හොන්ති; සො ගම්භීරොති අයං පටිවෙධගම්භීරතාති වෙදිතබ්බා.
අවිජ්ජාව නිසා නොදැනීම, නොදැකීම, සත්‍ය අවබෝධ නොවීම යන ලෙස අර්ථ වශයෙන් ගැඹුරුය. සංස්කාරයන්ගේ සම්පාදනය, රැස්කිරීම, හටගැනීම යන ලෙස නිදාන (හේතු) අර්ථයි. විඤ්ඤාණයේ ශූන්‍ය බව, අව්‍යාපාර, අසංඛත බව යන්න ප්රතිසන්ධිය ඇතිවීමේ අර්ථයි. නාමරූපයන්ගේ එකුප්පාද, බෙදා වෙන්කිරීම නම් වූ විනිබ්භොග, අවිනිබ්භොග, අරුප්පන (වෙනස් නොවීම) අර්ථයි. ෂඩායතනයන්ගේ අධිපති, ලෝකද්වාර ඛෙත්තවිසයී භාව අර්ථයයි. ස්පර්ශයේ, ස්පර්ශ වීම, ගැටීම, එක්වීම, රැස්වීමේ අර්ථයි. වේදනාවන්ගේ අරමුණ, රස විඳීම, සැප දුක මධ්‍යස්ථ බව නිජ්ජිවි අවබෝධ අර්ථයි. තණ්හාවගේ සතුටුවීම, බලවත් ඇල්ම, එක්තැන්වීම, තෘෂ්ණා නදිය, තෘෂ්ණා සමුද්‍රය පිරවීමට අපහසු බව යන අර්ථයි. උපාදානයාගේ දැඩි ලෙස ගැනීම, ඇලීම, ස්පර්ශ කිරීම (පරාමාස) ඉවත් කිරීමට අපහසු යන අර්ථයි. භවයාගේ රැස්කිරීම, සකස්කිරීම, යෝනි, ගති, ඨිති, වාස යන මේවායේ හෙළීම යන අර්ථයි. ජාතියේ, ජාති, සජාති පිහිටීම, උපත පහළවීම යන අර්ථයි. ජරාමරණයාගේ ක්ෂයවීම, වැයවීම, භේදවීම, වෙනසට පත්වීම යන අර්ථ ගම්භීරතාවය ඇත. මෙසේ යම් යම් අවිද්‍යා ආදීන්ගේ ස්වභාවය යම් ප්රතිවේදයකින් අවිජ්ජා ආදී ධර්මයන් ස්වකීය ලක්ෂණයන්ගෙන් අවබෝධ වූයේ වේද එය ගම්භීරය කියා. මේ ප්‍රතිවේධ ගම්භීරතාවයයි.
සා සබ්බාපි ථෙරස්ස උත්තානකා විය උපට්ඨාසි. තෙන භගවා ආයස්මන්තං ආනන්දං උස්සාදෙන්තො – “මා හෙව”න්තිආදිමාහ. අයඤ්චෙත්ථ අධිප්පායො – ආනන්ද, ත්වං මහාපඤ්ඤො විසදඤාණො, තෙන තෙ ගම්භීරොපි පටිච්චසමුප්පාදො උත්තානකො විය ඛායති, තස්මා – “මය්හමෙව නු ඛො එස උත්තානකො හුත්වා උපට්ඨාති, උදාහු අඤ්ඤෙසම්පී”ති මා එවං අවචාති.
ඒ සියල්ලම තෙරුන්ට සරල ලෙස වැටහිණ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ව වළක්වමින් මාහෙවං ආදිය වදාළහ. මේ වනාහි මෙහි බලාපොරොත්තුවයි. ආනන්දය! නුඹ මහා ප්රාඥයෙකි. තියුණු නුවණ ඇත්තෙකි. ඒ නිසා නුඹට ගැඹුරු වූ පටිච්චසමුප්පාද ධර්මය නොගැඹුරු ලෙස පෙනෙයි. එබැවින් මෙය මටම නොගැඹුරු ලෙස පෙනෙයි. නැතහොත් අන් අයටත් එසේම යැයි මෙසේ නොකියන්න කියා
අපසාදනාවණ්ණනා
යං පන වුත්තං – “අපසාදෙන්තො”ති, තත්ථ අයං අධිප්පායො – ආනන්ද, “අථ ච පන මෙ උත්තානකුත්තානකො විය ඛායතී”ති මා හෙවං අවච. යදි හි තෙ එස උත්තානකුත්තානකො විය ඛායති, කස්මා ත්වං අත්තනො ධම්මතාය සොතාපන්නො නාහොසි, මයා දින්නනයෙව ඨත්වා සොතාපත්තිමග්ගං පටිවිජ්ඣසි. ආනන්ද, ඉදං නිබ්බානමෙව ගම්භීරං, පච්චයාකාරො පන තව උත්තානකො ජාතො, අථ කස්මා ඔළාරිකං කාමරාගසංයොජනං පටිඝසංයොජනං, ඔළාරිකං කාමරාගානුසයං පටිඝානුසයන්ති ඉමෙ චත්තාරො කිලෙසෙ සමුග්ඝාටෙත්වා සකදාගාමිඵලං න සච්ඡිකරොසි? තෙයෙව අණුසහගතෙ චත්තාරො කිලෙසෙ සමුග්ඝාටෙත්වා අනාගාමිඵලං න සච්ඡිකරොසි? රූපරාගාදීනි පඤ්ච සංයොජනානි, භවරාගානුසයං, මානානුසයං, අවිජ්ජානුසයන්ති ඉමෙ අට්ඨ කිලෙසෙ සමුග්ඝාටෙත්වා අරහත්තං න සච්ඡිකරොසි?
යමක් කියන ලද ද එය දෝෂාරෝපණයක්ය. එහි අදහස මෙසේය. ආනන්දය, යම්සේ වනාහි ගැඹුරු දෙය නොගැඹුරු ලෙස පෙනේ යයි නොකියන්න. ඉදින් වනාහි ඔබට මේ ගැඹුරු දෙය නොගැඹුරු ලෙස පෙනෙයිද? කුමක් නිසාද? නුඹ තමාගේ ස්වභාවය අනුව සෝවාන් වූයේ නොවේ. මා දුන් න්‍යාය මාර්ගයේ සිට සෝවාන් මාර්ගය අවබෝධ කරගත්තෙහිය. ආනන්දය! මේ නිර්වාණයම ගැඹුරුය. ප්‍රත්‍යාකාරය (පටිච්ච සමුප්පාද) වනාහි බවට නොගැඹුරු එකක් විය. ඉක්බිති කුමක් නිසා ඕලාරික වූ කාමරාග සංයෝජනයත්, පටිඝ සංයෝජනයත් (ව්‍යාපාද) ඕලාරික වූ කාමරාගයත්, පටිඝයත් යන කෙලෙස් සතර නසා සකෘදාගාමී ඵලය අවබෝධකර නොගන්නෙහිද? ඒ අනුසහගත වූ කෙලෙස් සතර මුලිනුදුරා දමා අනාගාමී ඵලය අවබෝධකර නොගන්නෙහිද? රූපරාග ආදී වූ සංයෝජන පස මානයත්, භවරාගයත් අවිජ්ජාවත් යනමේ කෙළෙස් අට මුලිනුපුටා දමා රහත්බව අවබෝධ කර නොගන්නෙහිද?
කස්මා ච සතසහස්සකප්පාධිකං එකං අසඞ්ඛ්යෙය්යං පූරිතපාරමිනො සාරිපුත්තමොග්ගල්ලානා විය සාවකපාරමිඤාණං නප්පටිවිජ්ඣසි? සතසහස්සකප්පාධිකානි ද්වෙ අසඞ්ඛ්යෙය්යානි පූරිතපාරමිනො පච්චෙකබුද්ධා විය ච පච්චෙකබොධිඤාණං නප්පටිවිජ්ඣසි? යදි වා තෙ සබ්බථාව එස උත්තානකො හුත්වා උපට්ඨාති, අථ කස්මා සතසහස්සකප්පාධිකානි චත්තාරි අට්ඨ සොළස වා අසඞ්ඛ්යෙය්යානි පූරිතපාරමිනො බුද්ධා විය සබ්බඤ්ඤුතඤ්ඤාණං න සච්ඡිකරොසි? කිං අනත්ථිකොසි එතෙහි විසෙසාධිගමෙහි, පස්ස යාවඤ්ච තෙ අපරද්ධං, ත්වං නාම සාවකො පදෙසඤාණෙ ඨිතො අතිගම්භීරං පච්චයාකාරං – “උත්තානකො මෙ උපට්ඨාතී”ති වදසි, තස්ස තෙ ඉදං වචනං බුද්ධානං කථාය පච්චනීකං හොති, න තාදිසෙන නාම භික්ඛුනා බුද්ධානං කථාය පච්චනීකං කථෙතබ්බන්ති යුත්තමෙතං.
කුමක් නිසා කල්ප ලක්ෂයකට අධික ඒකාසංඛ්‍ය කල්පයක් පුරණ ලද පාරමිතාවන් ඇති සැරියුත් මුගලන් දෙනම මෙන් ශ්‍රාවක පාරමී ඤාණය අවබෝධ කර නොගන්නෙහිද? ඉදින් ඔබට මේ සියල්ල සරල ලෙස වැටහේ නම් කුමක් නිසා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හෝ අටක් හෝ සොළසක් අසංඛ්‍ය කල්පයක් පාරමිතා පුරන සම්මා සම්බුදුවරයන් වහන්සේලා මෙන් සර්වඥතාඥානය අවබෝධ කර නොගන්නෙහිද? කුමක් නිසා මේ විශේෂ අධිගමයන්ගෙන් වියුක්ත වන්නේද බලන්න. ඤාණයේ කොටසක පමණක් පිහිටි ශ්‍රාවකයකු වන ඔබ වරදකරුවෙකි. කුමක් නිසාද? අතිශයින් ගැඹුරු වූ ප්‍රත්‍යාකාරය (පටිච්ච සමුප්පාදය) මට ඉතා සරල ලෙස වැටහේයැයි කියන්නෙහිය. ඒ ඔබගේ වචනය බුදුවරයන් වහන්සේලාගේ වචනයට විරුද්ධ වූවකි. එබඳු වූ භික්ෂුවක විසින් බුදුවරයන්ගේ කථාවට විරුද්ධව කථා කළයුතුයැයි සිතීම සුදුසුද?
නනු මය්හං, ආනන්ද, ඉදං පච්චයාකාරං පටිවිජ්ඣිතුං වායමන්තස්සෙව සතසහස්සකප්පාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි අතික්කන්තානි? පච්චයාකාරං පටිවිජ්ඣනත්ථාය ච පන මෙ අදින්නං දානං නාම නත්ථි, අපූරිතපාරමී නාම නත්ථි. පච්චයාකාරං පටිවිජ්ඣස්සාමීති පන මෙ නිරුස්සාහං විය මාරබලං විධමන්තස්ස අයං මහාපථවී ද්වඞ්ගුලමත්තම්පි න කම්පි තථා පඨමයාමෙ පුබ්බෙනිවාසං, මජ්ඣිමයාමෙ දිබ්බචක්ඛුං සම්පාදෙන්තස්ස. පච්ඡිමයාමෙ පන මෙ බලවපච්චූසසමයෙ – “අවිජ්ජා සඞ්ඛාරානං නවහි ආකාරෙහි පච්චයො හොතී”ති දිට්ඨමත්තෙව දසසහස්සිලොකධාතු අයදණ්ඩකෙන ආකොටිතකංසතාලං විය විරවසතං විරවසහස්සං මුඤ්චමානා වාතාහතෙ පදුමිනිපණ්ණෙ උදකබින්දු විය කම්පිත්ථ. එවං ගම්භීරො චායං, ආනන්ද, පටිච්චසමුප්පාදො, ගම්භීරාවභාසො ච. එතස්ස ආනන්ද, ධම්මස්ස අනනුබොධා…පෙ… නාතිවත්තතීති.
ආනන්දය! මේ ප්‍රත්‍යාකාරය වටහාගන්නට උත්සාහ කරන වටකල්ප ලක්ෂයක් අධිකකොට ඇති සිව් අසංඛ්‍යයක් කල් ගතවිය. මේ ප්‍රත්‍යාකාරය වටහාගැනීම පිණිස නුදුන් දානයක් නම් නැත. නොපිරූ පාරමිතාවක් නැත. ප්‍රත්‍යාකාරය අවබෝධකර ගන්නෙමියි උත්සාහයක් නැති බව මාරබලය පරාජය කරද්දී මේ මහපොළව අඟල් දෙකක්වත් සෙලවූයේ නැත. එසේම ප්‍රථම යාමයේදී පෙරවිසූ කඳපිළිවෙල මධ්‍යම යාමයේදී දිවැස, පිරිසිදු කරන්නා වූ, පශ්චිම යාමයෙහි එසේම ඉතා අළුයම අවිජ්ජා සංඛාර පිළිබඳ නව ආකාරයකින් ප්‍රත්‍ය වන්නේ යැයි දුටු විගසම දස සහශ්‍රී ලෝකධාතුව යකඩයකින් පහරදෙන ලද ලෝහ තැටියක් මෙන් සියවරක් හඬ නඟමින් වාතයෙන් පහරලත් නෙලුම් පත්‍රයක දියබිඳුවක් මෙන් කම්පා විය. ආනන්දය! එපරිද්දෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැඹුරු ආලෝකයක් ඇත්තේය. ආනන්දය, මේ ධර්මය අවබෝධ නොවීමෙන් -පෙ- ඉක්මවා නොයයි.
එතස්ස ධම්මස්සාති එතස්ස පච්චයධම්මස්ස. අනනුබොධාති ඤාතපරිඤ්ඤාවසෙන අනනුබුජ්ඣනා. අප්පටිවෙධාති තීරණප්පහානපරිඤ්ඤාවසෙන අප්පටිවිජ්ඣනා. තන්තාකුලකජාතාති තන්තං විය ආකුලකජාතා. යථා නාම දුන්නික්ඛිත්තං මූසිකච්ඡින්නං පෙසකාරානං තන්තං තහිං තහිං ආකුලං හොති, ඉදං අග්ගං ඉදං මූලන්ති අග්ගෙන වා අග්ගං මූලෙන වා මූලං සමානෙතුං දුක්කරං හොති; එවමෙව සත්තා ඉමස්මිං පච්චයාකාරෙ ඛලිතා ආකුලා බ්යාකුලා හොන්ති, න සක්කොන්ති තංපච්චයාකාරං උජුං කාතුං. තත්ථ තන්තං පච්චත්තපුරිසකාරෙ ඨත්වා සක්කාපි භවෙය්ය උජුං කාතුං, ඨපෙත්වා පන ද්වෙ බොධිසත්තෙ අඤ්ඤෙ සත්තා අත්තනො ධම්මතාය පච්චයාකාරං උජුං කාතුං සමත්ථා නාම නත්ථි. යථා පන ආකුලං තන්තං කඤ්ජියං දත්වා කොච්ඡෙන පහතං තත්ථ තත්ථ ගුළකජාතං හොති ගණ්ඨිබද්ධං, එවමිමෙ සත්තා පච්චයෙසු පක්ඛලිත්වා පච්චයෙ උජුං කාතුං අසක්කොන්තා ද්වාසට්ඨිදිට්ඨිගතවසෙන ආකුලකජාතා හොන්ති, ගණ්ඨිබද්ධා. යෙ හි කෙචි දිට්ඨිගතනිස්සිතා, සබ්බෙ පච්චයාකාරං උජුං කාතුං අසක්කොන්තායෙව.
එතස්ස ධම්මස්ස මේ ප්‍රත්‍යාකාර ධර්මයට අනනුබොධා යනු හඳුනාගැනීම හා වටහාගැනීම වශයෙන් අවබෝධකර නොගැනීම. අප්පටිවෙධා යනු තීරණ පහාන පරිඤ්ඤා වශයෙන් අවබෝධ නොකිරීම. තන්තාකුලකජාතා යනු නූලක් මෙන් අවුල් වූ යම්සේ වනාහි ඉවත දමන ලද මීයන් කැපූ පේෂකාර්මිකයන්ගේ නූල් ඒ ඒ තැන අවුල්ය. මේ අගය. මේ මුලය කියා අගින් අගට හෝ මුලින් මුලට හෝ ගැලපීම දුෂ්කරය. මෙපරිද්දෙන් සත්ත්වයෝ මේ ප්රත්යාකාරයෙහි පැකුළුනාහු අවුල්වියවුල් බවට පත්වූවෝ වෙත්. ඒ ප්‍රත්‍යාකාරය සෘජු කිරීමට අසමත් වෙති. ඒ නූල වෙන වෙනම පුරුෂයන්ගේ ක්‍රියාකාරකම්වලින් සෘජු කිරීමට පුළුවන. බෝධිසත්ත්වයන්ගේ දෙදෙනෙක් හැර අනික් සත්ත්වයන් තම තමන්ගේ ධර්මතාවයන්ගෙන් ප්‍රත්‍යාකාරය සෘජු කිරීමට සමර්ථ වන්නේ නැත. යම්සේ වනාහි අවුල් වූ නූලට කැඳ දමා බුරුසුවකින් පිරිමැද්ද නමුත් තැන් තැන්වල ගුලි ගැසී, ගැටගැසී ඇත. එසේම මේ සත්ත්වයෝ ප්‍රත්‍යයන්හි පැකිළී ප්‍රත්‍යයන් සෘජු කිරීමට නොහැක්කාහු දෙසැට මිථ්‍යාදෘෂ්ටි වශයෙන් ගුලිගැසී සිටිත්. ගැටගැසුනාහු යම්කිසි දෘෂ්ටියකින් යුක්ත වූවාහු වෙත්. සියල්ලෝම ප්‍රත්‍යාකාරය සෘජු කිරීමට සමර්ථයෝ නොවෙත්.
කුලාගණ්ඨිකජාතාති කුලාගණ්ඨිකං වුච්චති පෙසකාරකඤ්ජියසුත්තං. කුලා නාම සකුණිකා, තස්සා කුලාවකොතිපි එකෙ. යථා හි තදුභයම්පි ආකුලං අග්ගෙන වා අග්ගං මූලෙන වා මූලං සමානෙතුං දුක්කරන්ති පුරිමනයෙනෙව යොජෙතබ්බං.
ගුළාගණ්ඨිකජාතා යනු පේෂ කාර්මිකයන්ගේ කැඳ පෙවූ නූල් කුලා නම් කිරිල්ලිය. ඇගේ කැදැල්ල යයි සමහරු කියති. යම්සේ වනාහි ඒ දෙකම අවුල් සහිතයි. අගින් අගට මුලින් මුලට එකතු කරන්නට අපහසුය යනුවෙන් පෙර පරිද්දෙන්ම යොදාගත යුතුයි.
මුඤ්ජපබ්බජභූතාති මුඤ්ජතිණං විය පබ්බජතිණං විය ච භූතා. යථා තානි තිණානි කොට්ටෙත්වා කතරජ්ජු ජිණ්ණකාලෙ කත්ථචි පතිතං ගහෙත්වා තෙසං තිණානං ඉදං අග්ගං, ඉදං මූලන්ති අග්ගෙන වා අග්ගං මූලෙන වා මූලං සමානෙතුං දුක්කරන්ති. තම්පි පච්චත්තපුරිසකාරෙ ඨත්වා සක්කා භවෙය්ය උජුං කාතුං, ඨපෙත්වා පන ද්වෙ බොධිසත්තෙ අඤ්ඤෙ සත්තා අත්තනො ධම්මතාය පච්චයාකාරං උජුං කාතුං සමත්ථා නාම නත්ථි. එවමයං පජා පච්චයාකාරෙ උජුං කාතුං අසක්කොන්තී දිට්ඨිගතවසෙන ගණ්ඨිකජාතා හුත්වා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති.
මුජබ්බජභූතා තණකොළ වර්ගයක්, එබඳු වූ බුබුස් තණ මෙන්, ඒ ආකාර වූ ඒ තණකොළ ඒවා තළා කරන ලද නූග දිරාගිය කල්හි යම්තැනක වැටී තිබුණු එය ගෙන ඒ තණකොළවල මේ අගය. මේ මුලය. අගින් අග හෝ මුලින් මුල හෝ ගලපන්නට අපහසුය. එයද වෙනවෙනම පුරුෂ කාර්යයෙහිලා සෘජු කරන්නට හැකිවිය හැක. බෝධිසත්ත්වයන් දෙදෙනෙක් හැර අන් සත්ත්වයෝ තමන්ගේ ස්වභාවයෙන් ප්‍රත්‍යාකාරය. සෘජු කරන්නට සමත් නොවෙත්. එපරිද්දෙන් මේ ප්‍රජාව ප්‍රත්‍යාකාරය සෘජු කරන්නට නොහැක්කාහු දෘෂ්ටිගත වීමෙන් ගැට සහිත වී අපායට, දුගතියට, විපත්තිකර සංසාරය නොඉක්මවයි.
තත්ථ අපායොති නිරයතිරච්ඡානයොනිපෙත්තිවිසයඅසුරකායා. සබ්බෙපි හි තෙ වඩ්ඪිසඞ්ඛාතස්ස අයස්ස අභාවතො – “අපායො”ති වුච්චන්ති. තථා දුක්ඛස්ස ගතිභාවතො දුග්ගති. සුඛසමුස්සයතො විනිපතිතත්තා විනිපාතො. ඉතරො පන –
එහි අපායො යනු නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය හා අසුරකායයි. මේ සියල්ලෝම වර්ධන සංඛ්‍යාත අයක් නොමැතිවීමෙන් අපාය යැයි කියත්. එසේම දුක්ඛයාගේ ගති ස්වභාවයෙන් දුග්ගති සැප සමූහයෙන් වැටෙන්නේ නුයි විනිපාත නම් වේ. අනික වනාහි -
“ඛන්ධානඤ්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ්බොච්ඡින්නං වත්තමානා, සංසාරොති පවුච්චතී”ති.
ඛන්ධානං පටිපාටි ධාතු ආයතනානිච අබ්බොච්ඡින්නං වත්තමානං සංසාරොති පවුච්චති
ස්කන්ධයන්ගේ පිළිවෙල ධාතු ආයතන යන මේවා එකට බැඳී පවතින්නේ සංසාරයයි කියනු ලැබේ.
තං සබ්බම්පි නාතිවත්තති නාතික්කමති. අථ ඛො චුතිතො පටිසන්ධිං, පටිසන්ධිතො චුතින්ති එවං පුනප්පුනං චුතිපටිසන්ධියො ගණ්හන්තා තීසු භවෙසු චතූසු යොනීසු පඤ්චසු ගතීසු සත්තසු විඤ්ඤාණට්ඨිතීසු නවසු සත්තාවාසෙසු මහාසමුද්දෙ වාතුක්ඛිත්තනාවා විය යන්තෙසු යුත්තගොණො විය ච පරිබ්භමතියෙව. ඉති සබ්බං පෙතං භගවා ආයස්මන්තං ආනන්දං අපසාදෙන්තො ආහාති වෙදිතබ්බං.
ඒ සියල්ලම නොඉක්මවයි. ඉක්බිති ච්‍යුතියෙන් ප්‍රතිසන්ධියත්, ප්රතිසන්ධියෙන් ච්‍යුතියත් යන ලෙස නැවත නැවතත් ච්‍යුති ප්රතිසන්ධි ගැනීම් ලබන්නාහු තුන් භවයෙහි යෝනි සතරෙහි, පස් ගතිවල, විඤ්ඤාණඨිති සතෙහි, නව සත්තාවාසවල මහා සමුද්‍රයෙහි වාතයෙන් පහර වැදුනු නැවක් මෙන් යන්ත්‍රයක යොදන ලද ගොනකු මෙන් ද පරිභ්‍රමණය වන්නේය. මෙසේ මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට නින්දා කරමින් පැවසීයයි දතයුතුයි.
පටිච්චසමුප්පාදවණ්ණනා
ඉදානි යස්මා ඉදං සුත්තං – “ගම්භීරො චායං, ආනන්ද, පටිච්චසමුප්පාදො”ති ච “තන්තාකුලකජාතා”ති ච ද්වීහියෙව පදෙහි ආබද්ධං, තස්මා – “ගම්භීරො චායං, ආනන්ද, පටිච්චසමුප්පාදො”ති ඉමිනා තාව අනුසන්ධිනා පච්චයාකාරස්ස ගම්භීරභාවදස්සනත්ථං දෙසනං ආරභන්තො අත්ථි ඉදප්පච්චයා ජරාමරණන්තිආදිමාහ. තත්රායමත්ථො – ඉමස්ස ජරාමරණස්ස පච්චයො ඉදප්පච්චයො, තස්මා ඉදප්පච්චයා අත්ථි ජරාමරණං, අත්ථි නු ඛො ජරාමරණස්ස පච්චයො, යම්හා පච්චයා ජරාමරණං භවෙය්‍යාති එවං පුට්ඨෙන සතා, ආනන්ද, පණ්ඩිතෙන පුග්ගලෙන යථා – “තං ජීවං තං සරීර”න්ති වුත්තෙ ඨපනීයත්තා පඤ්හස්ස තුණ්හී භවිතබ්බං හොති, “අබ්යාකතමෙතං තථාගතෙනා”ති වා වත්තබ්බං හොති, එවං අප්පටිපජ්ජිත්වා, යථා – “චක්ඛු සස්සතං අසස්සත”න්ති වුත්තෙ අසස්සතන්ති එකංසෙනෙව වත්තබ්බං හොති, එවං එකංසෙනෙව අත්ථීතිස්ස වචනීයං. පුන කිං පච්චයා ජරාමරණං, කො නාම සො පච්චයො, යතො ජරාමරණං හොතීති වුත්තෙ ජාතිපච්චයා ජරාමරණන්ති ඉච්චස්ස වචනීයං, එවං වත්තබ්බං භවෙය්‍යාති අත්ථො. එස නයො සබ්බපදෙසු.
දැන් යම්හෙයකින් මේ සූත්‍රය ‘ගම්භීරොචායං ආනන්ද පටිච්චසමුප්පාදො’ ආනන්දය, මේ පටිච්ච සමුප්පාදය ගැඹුරුය කියාද ‘තන්තාකුලකණතා’ නූල්වලින් අවුල් වූ යන මේ පද දෙකෙහිම බැඳීමක් ඇත. ඒ නිසා ආනන්දය, මේ පටිච්චසමුප්පාදය ගැඹුරුය යන මේ ගැලපීමෙන් ප්රත්යාකාරයේ ගැඹුරු බව දේශනා කිරීම පිණිස අරඹමින් ‘අත්ථි ඉදප්පච්චයා ජරාමරණං මේ ප්‍රත්‍ය හේතුවෙන් ජරාමරණ ඇතිවේ. ආදිය පැවසීය. එහි අර්ථය මෙයයි. මේ ජරාමරණවලට හේතුව ඉදප්පච්චය ඒ හේතුවෙන් ජරාමරණ ඇතිවේ. ජරාමරණවලට හේතුවක් තිබේද? යම් හේතුවකින් ජරාමරණ සිදුවන්නේද? ආනන්දය! පණ්ඩිත පුද්ගලයකු විසින් මෙසේ විචාරණ ලද කල්හි, ඒ ජීවිතය, ඒ ශරීරයැයි කී කල්හි ප්රශ්නය තැබිය යුතු බැවින් නිහඬවිය යුතුයි. මෙය තථාගතයන් වහන්සේ විසින් පහදා දෙන ලද්දේයැයි කිවයුතුයි. මෙසේ පිළිනොපැද යම්සේ චක්ඛු ශාස්වත අශාස්වතද කී කල්හි ස්ථිරවම අශාස්වතයැයි කිවයුතුයි. ඒකාන්ත වශයෙන් කිවයුතු වචනයක් ඇත. නැවත කුමන හේතුවක් නිසා ජරාමරණ ඇතිවේද, යමකින් ජරාමරණ වන්නේද? ඒ ප්‍රත්‍යය කුමක්ද කියා කී කල්හි ජාතිය හේතුවෙන් ජරාමරණ වන්නේ යැයි කිවයුතුයි. මෙසේ කිවයුතු වන්නේය යන අර්ථයි. සියලු පදයන්හි මේ ක්‍රමයයි.
නාමරූපපච්චයා ඵස්සොති ඉදං පන යස්මා සළායතනපච්චයාති වුත්තෙ චක්ඛුසම්ඵස්සාදීනං ඡන්නං විපාකසම්ඵස්සානංයෙව ගහණං හොති, ඉධ ච “සළායතනපච්චයා”ති ඉමිනා පදෙන ගහිතම්පි අගහිතම්පි පච්චයුප්පන්නවිසෙසං ඵස්සස්ස ච සළායතනතො අතිරිත්තං අඤ්ඤම්පි විසෙසපච්චයං දස්සෙතුකාමො, තස්මා වුත්තන්ති වෙදිතබ්බං. ඉමිනා පන වාරෙන භගවතා කිං කථිතන්ති? පච්චයානං නිදානං කථිතං. ඉදඤ්හි සුත්තං පච්චයෙ නිජ්ජටෙ නිග්ගුම්බෙ කත්වා කථිතත්තා මහානිදානන්ති වුච්චති.
නාමරූපපච්චයා ඵස්සො මෙය වනාහි, යම්හෙයකින් ෂට් ආයතන හේතුවෙන් යැයි කී කල්හි චක්ඛු සම්පර්ශන ආදී විපාක ස්පර්ශ සයම ගණන් ගැනේ. මෙහිද ෂඩායතන හේතුවෙන් මේ පදයෙන් ගන්නා ලදි. නොගන්නා ලද ප්‍රත්‍ය උප්පන්න වශයෙන් ද, ස්පර්ශයාගේද ෂඩායතනවලින් ඉතිරි වෙනත් විශේෂ ප්‍රත්‍යයක් දක්වනු කැමැත්තේ ඒ නිසා කියන ලදැයි දතයුතුයි. මේ ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් කුමක් දේශනා කරන ලදද? ප්‍රත්‍යයන්ගේ හේතුව කියන ලදි. මේ සූත්‍රය වනාහි ප්‍රත්‍යයන් ගැටළු රහිත අවුල් නැතිකොට ප්‍රකාශකරන ලද බැවින් මහානිදාන යැයි කියනු ලැබේ.
ඉදානි තෙසං තෙසං පච්චයානං තථං අවිතථං අනඤ්ඤථං පච්චයභාවං දස්සෙතුං ජාතිපච්චයා ජරාමරණන්ති ඉති ඛො පනෙතං වුත්තන්තිආදිමාහ. තත්ථ පරියායෙනාති කාරණෙන. සබ්බෙනසබ්බං සබ්බථාසබ්බන්ති නිපාතද්වයමෙතං. තස්සත්ථො – “සබ්බාකාරෙන සබ්බා සබ්බෙන සභාවෙන සබ්බා ජාති නාම යදි න භවෙය්යා”ති. භවාදීසුපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. කස්සචීති අනියමවචනමෙතං, දෙවාදීසු යස්ස කස්සචි. කිම්හිචීති ඉදම්පි අනියමවචනමෙව, කාමභවාදීසු නවසු භවෙසු යත්ථ කත්ථචි. සෙය්යථිදන්ති අනියමිතනික්ඛිත්තඅත්ථවිභජනත්ථෙ නිපාතො, තස්සත්ථො – “යං වුත්තං ‘කස්සචි කිම්හිචී’ති, තස්ස තෙ අත්ථං විභජිස්සාමී”ති. අථ නං විභජන්තො – “දෙවානං වා දෙවත්තායා”තිආදිමාහ. තත්ථ දෙවානං වා දෙවත්තායාති යා අයං දෙවානං දෙවභාවාය ඛන්ධජාති, යාය ඛන්ධජාතියා දෙවා “දෙවා”ති වුච්චන්ති. සචෙ හි ජාති සබ්බෙන සබ්බං නාභවිස්සාති ඉමිනා නයෙන සබ්බපදෙසු අත්ථො වෙදිතබ්බො. එත්ථ ච දෙවාති උපපත්තිදෙවා. ගන්ධබ්බාති මූලඛන්ධාදීසු අධිවත්ථදෙවතාව. යක්ඛාති අමනුස්සා. භූතාති යෙ කෙචි නිබ්බත්තසත්තා. පක්ඛිනොති යෙ කෙචි අට්ඨිපක්ඛා වා චම්මපක්ඛා වා ලොමපක්ඛා වා. සරීසපාති යෙ කෙචි භූමියං සරන්තා ගච්ඡන්ති. තෙසං තෙසන්ති තෙසං තෙසං දෙවගන්ධබ්බාදීනං. තදත්ථායාති දෙවගන්ධබ්බාදිභාවාය. ජාතිනිරොධාති ජාතිවිගමා, ජාතිඅභාවාති අත්ථො.
දැන් ඒ ඒ ප්‍රත්‍යයන්ගේ සත්‍ය බව, අසත්‍ය බව වෙනස් නොවන බව, හේතුවන බව දැක්වීමට ‘ජාතිය හේතුකොට ජරාමරණ ඇතිවේ යන්න කියන ලදී’ ආදිය කියන ලදි. එහි පරියායෙන කාරණයෙන් සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං මේ නිපාත දෙකකි. එහි අර්ථය නම් සියළු ආකාරයෙන් සියල්ල සියල්ලෙන් ස්වභාවයෙන් සියළු ජාති නාම ඉදින් නොවන්නේය. ‘භව’ ආදියෙහිද මේ අයුරින්ම අර්ථය දතයුතුයි. කස්සචි මේ අනියම් වචනයකි. දෙව ආදියෙහි යම්කිසිවකුට කිම්හිචි මෙයද අනියම් වචනයකි. කාමභව ආදී භව නවයෙහි යම්කිසි තැනක. සෙය්යථීදං මේ මෙහි යොදන ලද අර්ථය බෙදා දැක්වීමේ නිපාතයකි. එහි අර්ථය නම් : කවරකුට හෝ යම්කිසි තැනකදී හෝ යමක් කියන ලද ද එහි ඒ අර්ථය බෙදා වෙන්කර දක්වන්නෙමියි ඉක්බිති එය බෙදා දක්වන්නේ දෙවානං චා දෙවත්තාය’ ආදිය කියන ලදි. එහි දෙවානං වා දෙවත්තාය යනු යම් මේ දෙවියන්ගේ දේවත්වයට අයත් කොටස. යම්කිසි කොටසකට අයත් දෙවියෝ යැයි කියත්. ඉදින් වනාහි ජාතිය සියල්ලෙන් සියල්ල නොවන්නේය යනාදී ලෙස සියළු පදයන්හි අර්ථ දතයුතුය. මෙහිද දෙවා යනු උප්පත්ති දෙවියෝ ය. ගන්ධබ්බා යනු මුල, කඳ ආදියේ අධිගෘහිත දෙවියෝය. යක්ඛා යනු අමනුෂ්‍යයෝය. භූතා යනු යම් ඒ බිහි වූ සත්ත්වයෝ. පක්ඛිනො යම්කිසි අස්ථිමය පක්ෂ, සම්මය පක්ෂ, ලෝහමය පක්ෂ හෝ. සිරිංසපා යම්කිසි පොළවෙහි හැසිරෙන්නාහු යන්නාහු තෙසං තෙසං ඒ ඒ දේවගාන්ධර්ව ආදීන්ට තථත්තාය දේව ගාන්ධර්ව ආදී තත්ත්වයන් සඳහා ජාතිනිරොධා ජාතිය තොරවීමෙන්, ජාතිය නොවීමෙන් යන අර්ථයි.
හෙතූතිආදීනි සබ්බානිපි කාරණවෙවචනානි එව. කාරණඤ්හි යස්මා අත්තනො ඵලත්ථාය හිනොති පවත්තති, තස්මා “හෙතූ”ති වුච්චති. යස්මා තං ඵලං නිදෙති – “හන්ද, නං ගණ්හථා”ති අප්පෙති විය තස්මා නිදානං. යස්මා ඵලං තතො සමුදෙති උප්පජ්ජති, තඤ්ච පටිච්ච එති පවත්තති, තස්මා සමුදයොති ච පච්චයොති ච වුච්චති. එස නයො සබ්බත්ථ. අපි ච යදිදං ජාතීති එත්ථ යදිදන්ති නිපාතො. තස්ස සබ්බපදෙසු ලිඞ්ගානුරූපතො අත්ථො වෙදිතබ්බො. ඉධ පන – “යා එසා ජාතී”ති අයමස්ස අත්ථො. ජරාමරණස්ස හි ජාති උපනිස්සයකොටියා පච්චයො හොති.
හෙතු ආදී සියලු කාරණා සමානාර්ථ පදයි. කාරණය වනාහි යම්හෙයකින් තමන්ගේ ප්‍රයෝජනය පිණිස පවතී. ඒ නිසා හේතු යැයි කියනු ලැබේ. යම්හෙයකින් ඵලය එයින් හටගනීද, පහළ වෙයිද එයද ප්‍රත්‍යය වෙයි. පවතී. ඒ නිසා සමුදය කියාද ප්‍රත්‍යය කියාද කියනු ලැබේ. සියලු තන්හිම මේ ක්‍රමයයි. තවද යදිදං ජාති මෙහි යදි-ඉදං යන මේවා නිපාතය. සියළු පදයන්හි ලිංගානුරූප වූ අර්ථය දතයුතුය. මෙහි වනාහි යම් මේ ජාතිය යැයි මෙහි අර්ථ ගැනේ. ජරාමරණ දෙකට ජාතිය උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වේ.
භවපදෙ – “කිම්හිචී”ති ඉමිනා ඔකාසපරිග්ගහො කතො. තත්ථ හෙට්ඨා අවීචිපරියන්තං කත්වා උපරි පරනිම්මිතවසවත්තිදෙවෙ අන්තොකරිත්වා කාමභවො වෙදිතබ්බො. අයං නයො උපපත්තිභවෙ. ඉධ පන කම්මභවෙ යුජ්ජති. සො හි ජාතියා උපනිස්සයකොටියාව පච්චයො හොති. උපාදානපදාදීසුපි – “කිම්හිචී”ති ඉමිනා ඔකාසපරිග්ගහොව කතොති වෙදිතබ්බො.
භව පදයෙහි කිස්මි (කිසියම් තැනක) මෙයින් ඉඩ සලසන ලදි. එහිදී අවීචිය යටින් සීමාවකොට මත්තෙන් පරනිර්මිත වසවර්ති දෙවියන් ඇතුළත් කොට කාම භවයයි දතයුතුයි. උත්පත්ති භවයෙහි මේ ක්‍රමයයි. මෙහි වනාහි කර්මභවය යොදයි. එය වනාහි ජාතියේ උපනිශ්‍රය කෙළවරින් ප්‍රත්‍යය වේ. උපාදාන පද ආදියෙහි කිසියම් තැනක මෙයින් ඉඩ සලසා ගන්නා ලදැයි දතයුතුයි.
උපාදානපච්චයා භවොති එත්ථ කාමුපාදානං තිණ්ණම්පි කම්මභවානං තිණ්ණඤ්ච උපපත්තිභවානං පච්චයො, තථා සෙසානිපීති උපාදානපච්චයා චතුවීසතිභවා වෙදිතබ්බා. නිප්පරියායෙනෙත්ථ ද්වාදස කම්මභවා ලබ්භන්ති. තෙසං උපාදානානි සහජාතකොටියාපි උපනිස්සයකොටියාපි පච්චයො.
උපාදාන පච්චයා භවො මෙහි කාම උපාදානය කාමභව තුනටත් උත්පත්ති භව තුනටත් ප්‍රත්‍ය වේ. ඉතිරිඒවාටද එසේය. උපාදාන ප්‍රත්‍යයෙන් භව විසිහතර දතයුතුයි. මෙහිදී පිළිවෙලකින් තොරව දොළොස් කර්මභවයන් ගැනේ. ඒ උපාදානයන්ට එකට හටගත් හේතුවෙන් උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වේ.
රූපතණ්හාති රූපාරම්මණෙ තණ්හා. එස නයො සද්දතණ්හාදීසු. සා පනෙසා තණ්හා උපාදානස්ස සහජාතකොටියාපි උපනිස්සයකොටියාපි පච්චයො හොති.
රූප තණ්හා රූප අරමුණෙහි තෘෂ්ණාවයි. ශබ්ද තණ්හා ආදියෙහිද මේ ක්‍රමයයි. ඒ මේ තෘෂ්ණාව වනාහි උපාදානයට එකට හටගත් හේතුවෙන්ද උපනිශ්‍රය හේතුවෙන්ද ප්‍රත්‍ය වේ.
එස පච්චයො තණ්හාය, යදිදං වෙදනාති එත්ථ විපාකවෙදනා තණ්හාය උපනිස්සයකොටියා පච්චයො හොති, අඤ්ඤා අඤ්ඤථාපීති.
තණ්හාවේද මේ ක්‍රමයයි. යදිදං වෙදනා මෙහි විපාක වේදනාව තණ්හාවට උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වේ. අනික් අනික් අයුරකින් වේ.
එත්තාවතා පන භගවා වට්ටමූලභූතං පුරිමතණ්හං දස්සෙත්වා ඉදානි දෙසනං, පිට්ඨියං පහරිත්වා කෙසෙසු වා ගහෙත්වා විරවන්තං විරවන්තං මග්ගතො ඔක්කමෙන්තො විය නවහි පදෙහි සමුදාචාරතණ්හං දස්සෙන්තො – “ඉති ඛො පනෙතං, ආනන්ද, වෙදනං පටිච්ච තණ්හා”තිආදිමාහ.
භාග්‍යවතුන් වහන්සේ මෙපමණකින් සසරට මුල් වූ පළමු තෘෂ්ණාව දක්වා දැන් දේශනාව පිටට පහරදී කෙස්වලින් අල්ලාගෙන කෑගසමින් මාර්ගයෙන් ඉවත් කරන්නාක් මෙන් පද නමයකින් නිතර හඳුන්වනු ලබන තෘෂ්ණාව දක්වමින් ඉතිඛො ආනන්ද වෙදනං පටිච්ච තණ්හා (මෙසේ වනාහි ආනන්දය, වේදනාව හේතුවෙන් තණ්හාව) ආදිය පැවසීය.
තත්ථ තණ්හාති ද්වෙ තණ්හා එසනතණ්හා ච, එසිතතණ්හා ච. යාය තණ්හාය අජපථසඞ්කුපථාදීනි පටිපජ්ජිත්වා භොගෙ එසති ගවෙසති, අයං එසනතණ්හා නාම. යා තෙසු එසිතෙසු ගවෙසිතෙසු පටිලද්ධෙසු තණ්හා, අයං එසිතතණ්හා නාම. තදුභයම්පි සමුදාචාරතණ්හාය එව අධිවචනං. තස්මා දුවිධාපෙසා වෙදනං පටිච්ච තණ්හා නාම. පරියෙසනා නාම රූපාදිආරම්මණපරියෙසනා, සා හි තණ්හාය සති හොති.
එහි තණ්හා යනු දෙයාකාර තෘෂ්ණාවයි. සොයන්නා වූ තණ්හාව හා සොයන ලද තණ්හාව යන දෙකයි. යම් තණ්හාවකින් කඳුවල උල්ගසා එල්ලී යන මාර්ගය, එළුවන් යන මාර්ගය ආදියට පිවිස භෝගයන් සොයයිද වේ එසන තණ්හාවයි. යම් ඒ සොයන ලද ලබාගන්නා ලද රැස්කරගන්නා ලද දේ කෙරෙහි ඇති තෘෂ්ණාව එසිතතණ්හා නම් වේ. මේ දෙකට පවත්නා තෘෂ්ණාවට සංඥා නාමයකි. ඒ නිසා මේ දෙකම වේදනාව නිසා ඇතිවන තෘෂ්ණාව නම් වේ. පරියෙසනා නම් රූපාදී අරමුණු සෙවීමයි. එය වනාහි තෘෂ්ණාව ඇතිකල්හි සිදුවෙයි.
ලාභොති රූපාදිආරම්මණපටිලාභො, සො හි පරියෙසනාය සති හොති. විනිච්ඡයො පන ඤාණතණ්හාදිට්ඨිවිතක්කවසෙන චතුබ්බිධො. තත්ථ – “සුඛවිනිච්ඡයං ජඤ්ඤා, සුඛවිනිච්ඡයං ඤත්වා අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්යා”ති (ම· නි· 3.323) අයං ඤාණවිනිච්ඡයො. “විනිච්ඡයොති ද්වෙ විනිච්ඡයා – තණ්හාවිනිච්ඡයො ච දිට්ඨිවිනිච්ඡයො චා”ති (මහානි· 102). එවං ආගතානි අට්ඨසතතණ්හාවිචරිතානි තණ්හාවිනිච්ඡයො. ද්වාසට්ඨි දිට්ඨියො දිට්ඨිවිනිච්ඡයො.
ලාභො යනු රූප ආදී අරමුණු ලැබීමයි. එය වනාහි සෙවීම ඇතිකල්හි වෙයි. විනිශ්චය වනාහි ඤාණ, තණ්හා, දිට්ඨි, විතක්ක වශයෙන් සතරආකාරය. එහි සුඛ විනිශ්චය දතයුතුයි. සුඛ විනිශ්චය දැනගෙන අභ්‍යන්තර සැපය හා යෙදෙන්නේය යන මෙය ඤාණ විනිශ්චය වේ. විනිශ්චය ද තෘෂ්ණා විනිශ්චය දෘෂ්ටි විනිශ්චය කියා ද විනිශ්චය දෙයාකාරය. මෙසේ ආවා වූ එකසිය අටක් තෘෂ්ණාවේ පැවැත්ම තණ්හා විනිශ්චය නම් වේ. හැටදෙකක් දෘෂ්ටි දිට්ඨි විනිශ්චය නම් වේ.
“ඡන්දො ඛො, දෙවානමින්ද, විතක්කනිදානො”ති (දී· නි· 2.358) ඉමස්මිං පන සුත්තෙ ඉධ විනිච්ඡයොති වුත්තො විතක්කොයෙව ආගතො. ලාභං ලභිත්වා හි ඉට්ඨානිට්ඨං සුන්දරාසුන්දරඤ්ච විතක්කෙනෙව විනිච්ඡිනාති – “එත්තකං මෙ රූපාරම්මණත්ථාය භවිස්සති, එත්තකං සද්දාදිආරම්මණත්ථාය, එත්තකං මය්හං භවිස්සති, එත්තකං පරස්ස, එත්තකං පරිභුඤ්ජිස්සාමි, එත්තකං නිදහිස්සාමී”ති. තෙන වුත්තං – “ලාභං පටිච්ච විනිච්ඡයො”ති.
‘ශක්‍ර දේවේන්ද්රය! ඡන්දය වනාහි විතර්කයට හේතුව වේ’ යනුවෙන් මේ සූත්‍රයෙහි දී මෙහි විනිශ්චය යැයි කියන ලද විතර්කයට ආයේය. ලාභයක් ලැබ වනාහි ඉටු අනිටු සුන්දර අසුන්දර යන විතර්කයෙන්ම විනිශ්චය කරත්. මෙපමණක් මාගේ රූපාරම්මණය සඳහා වන්නේය. මෙපමණක් සද්ද ආදී අරමුණු සඳහා මෙතෙක් මට වන්නේය. මෙතෙක් අනුන්ට වන්නේය. මෙපමණක් පරිභෝග කරන්නෙමි. මෙපමණක් තැන්පත් කරන්නෙමි. ඒ නිසා කියන ලදි. ‘ලාභං පටිච්ච විනිච්ඡයො’ (ලාභය අරභයා විනිශ්චය)
ඡන්දරාගොති එවං අකුසලවිතක්කෙන විතක්කිතවත්ථුස්මිං දුබ්බලරාගො ච බලවරාගො ච උප්පජ්ජති, ඉදඤ්හි ඉධ තණ්හා. ඡන්දොති දුබ්බලරාගස්සාධිවචනං. අජ්ඣොසානන්ති අහං මමන්ති බලවසන්නිට්ඨානං. පරිග්ගහොති තණ්හාදිට්ඨවසෙන පරිග්ගහණකරණං. මච්ඡරියන්ති පරෙහි සාධාරණභාවස්ස අසහනතා. තෙනෙවස්ස පොරාණා එවං වචනත්ථං වදන්ති – “ඉදං අච්ඡරියං මය්හමෙව හොතු, මා අඤ්ඤෙසං අච්ඡරියං හොතූති පවත්තත්තා මච්ඡරියන්ති වුච්චතී”ති.
ඡන්දරාගො යනු මෙසේ අකුසල විතර්කයෙන් කල්පනා කළ කල්හි වස්තූන් කෙරෙහි දුර්වල වූ රාගයකුත් බලවත් වූ රාගයකුත් උපදින්නේය. මේ වනාහි මෙහි තණ්හාවයි. ඡන්දො යනු දුර්වල රාගයට සමානාර්ථ පදයකි. අජ්ඣොසාන මම ය, මාය යනුවෙන් බලවත් ලෙස සනිටුහන් කිරීම. පරිග්ගහො යනු තණ්හා දිට්ඨි වශයෙන් තදින් අල්වා ගැනීම. මච්ඡරියං යනු අනුන් හා සමාන තත්ත්වය නොඉවසීම ඒ නිසාම පැරැන්නෝ මෙබඳු කථාවක් කියත්. මේ පුදුමය මටම වේවා. අන් අයට නොවේවායි පැවැත්ම මච්ඡරිය යැයි කියත්.
ආරක්ඛොති ද්වාරපිදහනමඤ්ජූසගොපනාදිවසෙන සුට්ඨු රක්ඛණං. අධිකරොතීති අධිකරණං, කාරණස්සෙතං නාමං. ආරක්ඛාධිකරණන්ති භාවනපුංසකං, ආරක්ඛහෙතූති අත්ථො. දණ්ඩාදානාදීසු පරනිසෙධනත්ථං දණ්ඩස්ස ආදානං දණ්ඩාදානං. එකතො ධාරාදිනො සත්ථස්ස ආදානං සත්ථාදානං. කලහොති කායකලහොපි වාචාකලහොපි. පුරිමො පුරිමො විරොධො විග්ගහො. පච්ඡිමො පච්ඡිමො විවාදො. තුවංතුවන්ති අගාරවවචනං තුවංතුවං.
ආරක්ඛො යන දොර වැසීම, පෙට්ටියක දමා රැකීම ආදී වශයෙන් මනාව ආරක්ෂා කිරීමයි. විවාද කරන්නේනුයි අධිකරණං නම් වේ. මෙය හේතුව යන්නට නමකි. ආරක්ඛාධිකරණං භාවනපුංසක ආරක්ෂක හේතු යන අර්ථයි. දණ්ඩාදානාදීසු අනුන් වැළැක්වීම සඳහා දණ්ඩක් ගැනීම දණ්ඩාදාන නම් වේ. එක් පැත්තක මුවහත ඇති ආයුධයක් ගැනීම සත්ථාදාන නම් වේ. කලහො යනු ශාරීරිකව ඇතිවන කෝලාහලය, වචනයෙන් ඇතිවන කෝලාහලයද පළමු විරෝධය. විග්ගහො පසුව, විවාදො තුවං තුවං නුඹ. නුඹ. යන්න අගෞරව වචනයකි.
ඉදානි පටිලොමනයෙනාපි තංසමුදාචාරතණ්හං දස්සෙතුං පුන – “ආරක්ඛාධිකරණ”න්ති ආරභන්තො දෙසනං නිවත්තෙසි.
දැන් ප්‍රතිලෝම ක්‍රමයට ඒ නිතර ඇතිවන තණ්හාව දැක්වීමට නැවත ආරක්ඛා, අධිකරණ යනුවෙන් ආරම්භ කරමින් දේශනාව නතර කරයි.
තත්ථ කාමතණ්හාති පඤ්චකාමගුණිකරාගවසෙන උප්පන්නා රූපාදිතණ්හා. භවතණ්හාති සස්සතදිට්ඨිසහගතො රාගො. විභවතණ්හාති උච්ඡෙදදිට්ඨිසහගතො රාගො. ඉමෙ ද්වෙ ධම්මාති වට්ටමූලතණ්හා ච සමුදාචාරතණ්හා චාති ඉමෙ ද්වෙ ධම්මා. ද්වයෙනාති තණ්හාලක්ඛණවසෙන එකභාවං ගතාපි වට්ටමූලසමුදාචාරවසෙන ද්වීහි කොට්ඨාසෙහි වෙදනාය එකසමොසරණා භවන්ති, වෙදනාපච්චයෙන එකපච්චයාති අත්ථො. තිවිධඤ්හි සමොසරණං ඔසරණසමොසරණං, සහජාතසමොසරණං, පච්චයසමොසරණඤ්ච. තත්ථ – “අථ ඛො සබ්බානි තානි කාමසමොසරණානි භවන්තී”ති ඉදං ඔසරණසමොසරණං නාම. “ඡන්දමූලකා, ආවුසො, එතෙ ධම්මා ඵස්සසමුදයා වෙදනාසමොසරණා”ති (අ· නි· 8.83) ඉදං සහජාතසමොසරණං නාම. “ද්වයෙන වෙදනාය එකසමොසරණා”ති ඉදං පන පච්චයසමොසරණන්ති වෙදිතබ්බං.
එහි කාමතණ්හා යනු පංචකාම ගුණයෙහි ඇලීම් වශයෙන් ඇතිවන්නා වු රූපාදී තණ්හාවන්. භවතණ්හා යනු ශාස්වත දෘෂ්ටියෙන් යුත් රාගයයි. විභව තණ්හා යනු උච්ඡේද දෘෂ්ටිමය වූ රාගයයි. ඉමෙ ද්වෙ ධම්මා යනු සසරට මුල වූ තණ්හාවත් නිතර පවත්නා තණ්හාවත් නිතර පවත්නා තණ්හාවත් යන මේ ධර්මතාවයන් දෙක. ද්වයෙන තෘෂ්ණා ලක්ෂණ වශයෙන් එකම ස්වභාවය වුවත් වට්ටමූල (සසරට මුල) හා සමුදාචාර (නිතර පවත්නා) වශයෙන් කොටස් දෙකෙන්ම හටගත්තා වූ වේදනාව එකට එක්තැන් වේ. වේදනා හේතුවෙන් එක් හේතුවක් යන අර්ථයි. සමොසරණය (එකට ගැවසීම) තුන් ආකාරය. එහි ‘ඉක්බිති ඒ සියල්ල සමෝසරණ නම් වේ.’ යන මෙය ඔසරණ සමොසරණ (එක තැනකට රැස්වීම) නම් වේ. ඇවැත්නි, මේ ධර්මතාවයන් ඡන්දය මුල්කර ගත්තේය. ස්පර්ශය හා වේදනාව එක්ව හැසිරෙන්නේය යන මෙය සහජාත සමොසරණ නම් වේ. වේදනා දෙකින් එකට හැසිරීම යන මෙය වනාහි පච්චය සමොසරණ (හේතූන් එක්රැස්ව පැවැත්ම) නම් වේ.
චක්ඛුසම්ඵස්සොති ආදයො සබ්බෙ විපාකඵස්සායෙව. තෙසු ඨපෙත්වා චත්තාරො ලොකුත්තරවිපාකඵස්සෙ අවසෙසා ද්වත්තිංස ඵස්සා හොන්ති. යදිදං ඵස්සොති එත්ථ පන ඵස්සො බහුධා වෙදනාය පච්චයො හොති.
චක්ඛු සම්ඵස්සො යනාදි සියල්ල විපාක ඵස්සයන්ය. සතර ලෝකෝත්තර (ඵස්ස) ස්පර්ශයන් හැර ඉතිරි තිස්දෙකක් ඵස්සයො වෙත්. ‘ඉදින් මේ ඵස්ස යන්න - මෙහිදී ඵස්ස (ස්පර්ශය) බොහෝ ආකාරයෙන් වේදනාවට හේතුව වේ.
යෙහි, ආනන්ද, ආකාරෙහීතිආදීසු ආකාරා වුච්චන්ති වෙදනාදීනං අඤ්ඤමඤ්ඤං අසදිසසභාවා. තෙයෙව සාධුකං දස්සියමානා තං තං ලීනමත්ථං ගමෙන්තීති ලිඞ්ගානි. තස්ස තස්ස සඤ්ජානනහෙතුතො නිමිත්තානි. තථා තථා උද්දිසිතබ්බතො උද්දෙසා. තස්මා අයමෙත්ථ අත්ථො – “ආනන්ද, යෙහි ආකාරෙහි…පෙ… යෙහි උද්දෙසෙහි නාමකායස්ස නාමසමූහස්ස පඤ්ඤත්ති හොති, යා එසා ච වෙදනාය වෙදයිතාකාරෙ වෙදයිතලිඞ්ගෙ වෙදයිතනිමිත්තෙ වෙදනාති උද්දෙසෙ සති, සඤ්ඤාය සඤ්ජානනාකාරෙ සඤ්ජානනලිඞ්ගෙ සඤ්ජානනනිමිත්තෙ සඤ්ඤාති උද්දෙසෙ සති, සඞ්ඛාරානං චෙතනාකාරෙ චෙතනාලිඞ්ගෙ චෙතනානිමිත්තෙ චෙතනාති උද්දෙසෙ සති, විඤ්ඤාණස්ස විජානනාකාරෙ විජානනලිඞ්ගෙ විජානනනිමිත්තෙ විඤ්ඤාණන්ති උද්දෙසෙ සති – ‘අයං නාමකායො’ති නාමකායස්ස පඤ්ඤත්ති හොති. තෙසු නාමකායප්පඤ්ඤත්තිහෙතූසු වෙදනාදීසු ආකාරාදීසු අසති අපි නු ඛො රූපකායෙ අධිවචනසම්ඵස්සො පඤ්ඤායෙථ? ය්වායං චත්තාරො ඛන්ධෙ වත්ථුං කත්වා මනොද්වාරෙ අධිවචනසම්ඵස්සවෙවචනො මනොසම්ඵස්සො උප්පජ්ජති, අපි නු ඛො සො රූපකායෙ පඤ්ඤායෙථ, පඤ්ච පසාදෙ වත්ථුං කත්වා කත්වා උප්පජ්ජෙය්යා”ති. අථ ආයස්මා ආනන්දො අම්බරුක්ඛෙ අසති ජම්බුරුක්ඛතො අම්බපක්කස්ස උප්පත්තිං විය රූපකායතො තස්ස උප්පත්තිං අසම්පටිච්ඡන්තො නො හෙතං භන්තෙති ආහ.
‘යේහි ආනන්ද ආකාරෙහි’ (ආනන්දය, යම් ආකාරයකින්) ආදියේදී ක්රමයන් කියත්. වේදනාදීන් ගේ ඔවුනොවුන් අතර ඇති අසමාන ස්වභාවය නිසාය. ඒවා ද මනාව දැක්විය යුතුය. ඒ ඒ සැඟවුනු අර්ථය අවබෝධ කරයිනුයි ලිංගානි යැයි කියමි. ඒ ඒ දෙය හඳුනාගැනීමේ හේතුවෙන් නිමිති වේ. ඒ ඒ පරිද්දෙන් නියම කිරීම කළයුතු බැවින් උද්දෙසා නම් වේ. ඒ නිසා මෙහි අර්ථය : ආනන්දය, යම් ආකාරයකින් -පෙ- යම් උද්දේසයකින් නාමකායයාගේ නාම සමූහයම පැණවීම් වෙයි. යම් මෙය වේදනාවෙන් වින්දනය කළයුතු ආකාරයන්, වින්දනය කළයුතු ලක්ෂණයන් වින්දනය කළයුතු නිමිති නියම කළ කල්හි සංඥාවගේ හඳුනාගන්නා ආකාරයන්, හඳුනාගන්නා ලක්ෂණයන්, හඳුනාගන්නා නිමිති සඤ්ඤායැයි නියමයන් ඇතිකල්හි සංස්කාරයන්ගේ චේතනා විලාශයන්, චේතනා ලක්ෂණයන්, චේතනා නිමිති, චේතනා යැයි නියම කළ කල්හි විඤ්ඤාණයාගේ හඳුනාගන්නා ආකාරයන් හඳුනාගන්නා ලක්ෂණයන් හඳුනාගන්නා නිමිති විඤ්ඤාණයැයි නියම කළ කල්හි මේ නාමකාය යැයි නාම කායයට පැනවීමක් ඇත. ඒ නාමකාය පඤ්ඤත්තිවලට හේතූන් අතර වේදිත ආදී ආකාරයන් නැති කල්හි නමුත් රූපකායයෙහි සංඥාවගේ ස්පර්ශක් පෙනෙන්නේය. යම් මේ ස්කන්ධ සතර හේතුකොටගෙන මනෝද්වාරයෙහි සංඥාවට සමාන වචනය වූ මනෝ සම්ඵස්සය උපදී. එසේ නමුත් එය රූප කායයෙහි පෙනෙන්නේය. සප්පැහැදුම් වස්තු කොටගෙන උපදවන්නේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ අඹගසක් නැතිව දඹගසෙන් අඹගෙඩියක පහළවීම මෙන් රූපකායයෙන් එහි උපත නොපිළිගනිමින් ‘හොහෙතං භන්තෙ’ (ස්වාමීනි! මෙය නොවේ.) ආදිය කීය.
දුතියපඤ්හෙ රුප්පනාකාරරුප්පනලිඞ්ගරුප්පනනිමිත්තවසෙන රූපන්ති උද්දෙසවසෙන ච ආකාරාදීනං අත්ථො වෙදිතබ්බො. පටිඝසම්ඵස්සොති සප්පටිඝං රූපක්ඛන්ධං වත්ථුං කත්වා උප්පජ්ජනකසම්ඵස්සො. ඉධාපි ථෙරො ජම්බුරුක්ඛෙ අසති අම්බරුක්ඛතො ජම්බුපක්කස්ස උප්පත්තිං විය නාමකායතො තස්ස උප්පත්තිං අසම්පටිච්ඡන්තො “නො හෙතං භන්තෙ”ති ආහ.
දෙවෙනි ප්රශ්නයේ වෙනස්වන ආකාරය වෙනස්වන ලක්ෂණය, වෙනස්වන නිමිත්ත වශයෙන් රූපයයි නියමකිරීම් වශයෙන් ආකාරාදීන්ගේ අර්ථය දතයුතුයි. පටිඝසම්ඵස්සො යනු කෝපය සහිත රූප ස්කන්ධයක් විෂයකොට හටගන්නා වූ ස්පර්ශයයි. මෙහිදී ද තෙරුන් වහන්සේ දඹරුකක් නැතිකල්හි අඹගසකින් දඹ ගෙඩියක් හටගැනීම මෙන් නාමකායයෙන් එහි උපත නොපිළිගනිමින් නොහෙතං භන්තෙ (ස්වාමීනි, මෙය එසේ නොවේ) ආදිය පැවසීය.
තතියපඤ්හො උභයවසෙනෙව වුත්තො. තත්ර ථෙරො ආකාසෙ අම්බජම්බුපක්කානං උප්පත්තිං විය නාමරූපාභාවෙ ද්වින්නම්පි ඵස්සානං උප්පත්තිං අසම්පටිච්ඡන්තො “නො හෙතං භන්තෙ”ති ආහ.
තුන්වන ප්රශ්නය දෙයාකාරයෙන්ම කියන ලදි. එහිදී තෙරුන් වහන්සේ ආකාසයෙහි අඹ දඹ ගෙඩි හටගැනීමක් මෙන් නාමරූප දෙක නැතිකල්හි දෙයාකාර ඵස්සයන්ගේ හටගැනීම නොපිළිගනිමින් නොහෙතං භන්තෙ ආදිය පැවසීය.
එවං ද්වින්නං ඵස්සානං විසුං විසුං පච්චයං දස්සෙත්වා ඉදානි ද්වින්නම්පි තෙසං අවිසෙසතො නාමරූපපච්චයතං දස්සෙතුං – “යෙහි ආනන්ද ආකාරෙහී”ති චතුත්ථං පඤ්හං ආරභි. යදිදං නාමරූපන්ති යං ඉදං නාමරූපං, යං ඉදං ඡසුපි ද්වාරෙසු නාමරූපං, එසෙව හෙතු එසෙව පච්චයොති අත්ථො. චක්ඛුද්වාරාදීසු හි චක්ඛාදීනි චෙව රූපාරම්මණාදීනි ච රූපං, සම්පයුත්තකා ඛන්ධා නාමන්ති එවං පඤ්චවිධොපි සො ඵස්සො නාමරූපපච්චයාව ඵස්සො. මනොද්වාරෙපි හදයවත්ථුඤ්චෙව යඤ්ච රූපං ආරම්මණං හොති, ඉදං රූපං. සම්පයුත්තධම්මා චෙව යඤ්ච අරූපං ආරම්මණං හොති, ඉදං අරූපං නාම. එවං මනොසම්ඵස්සොපි නාමරූපපච්චයා ඵස්සොති වෙදිතබ්බො. නාමරූපං පනස්ස බහුධා පච්චයො හොති.
මෙසේ ඵස්සයන් දෙකට වෙන වෙනම ප්‍රත්‍යයන් (හේතු කාරණ) දක්වා දැන් ඒ දෙකටම විශේෂයක් නැතිව නාමරුප දෙක හේතුවන ආකාරය දක්වන්නට යෙහි ආනන්ද ආකාරෙහි (ආනන්දය! යම් ආකාරයකින් යැයි සතරවන ප්රශ්නය පටන් ගත්තේය. යදිදං නාමරූපං යම් මෙය නාමරූපය. යම් මෙය දොරටු සයෙහිද නාමරූප මෙයට හේතුවයි. මෙයට ප්‍රත්‍යයයි යන අර්ථ ඇත්තේය. චක්ෂුද්වාර ආදියෙහි චක්ඛු ආදියත් රූප අරමුණු ආදියත් රූපයයි. ඒ හා සම්ප්‍රයුක්ත වූ ස්කන්ධයෝ නාමයෝ වෙත්. මෙසේ පංචවිධ වූ එය නාමරූප ප්‍රත්‍යය වීමෙන් ඵස්සය මනෝද්වාරයෙහි හෘදයවස්තුවත් යම් රූපයක් අරමුණු වේද මේ රූපය හා එක්වූ ධර්මයෝද යම් අරූප වූවක් අරමුණු වේද, මෙය අරූපය කියාද මෙසේ මනෝ සම්ඵස්සයද නාමරූප හේතුවෙන් ඵස්සය වන්නේයැයි දතයුතුයි. නාමරූප වනාහි මෙයට බොහෝ ආකාරයෙන් ප්‍රත්‍ය වෙයි.
න ඔක්කමිස්සථාති පවිසිත්වා පවත්තමානං විය පටිසන්ධිවසෙන න වත්තිස්සථ. සමුච්චිස්සථාති පටිසන්ධිවිඤ්ඤාණෙ අසති අපි නු ඛො සුද්ධං අවසෙසං නාමරූපං අන්තොමාතුකුච්ඡිස්මිං කලලාදිභාවෙන සමුච්චිතං මිස්සකභූතං හුත්වා වත්තිස්සථ. ඔක්කමිත්වා වොක්කමිස්සථාති පටිසන්ධිවසෙන ඔක්කමිත්වා චුතිවසෙන වොක්කමිස්සථ, නිරුජ්ඣිස්සථාති අත්ථො. සො පනස්ස නිරොධො න තස්සෙව චිත්තස්ස නිරොධෙන, න තතො දුතියතතියානං නිරොධෙන හොති. පටිසන්ධිචිත්තෙන හි සද්ධිං සමුට්ඨිතානි සමතිංස කම්මජරූපානි නිබ්බත්තන්ති. තෙසු පන ඨිතෙසුයෙව සොළස භවඞ්ගචිත්තානි උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති. එතස්මිං අන්තරෙ ගහිතපටිසන්ධිකස්ස දාරකස්ස වා මාතුයා වා පනස්ස අන්තරායො නත්ථි. අයඤ්හි අනොකාසො නාම. සචෙ පන පටිසන්ධිචිත්තෙන සද්ධිං සමුට්ඨිතරූපානි සත්තරසමස්ස භවඞ්ගස්ස පච්චයං දාතුං සක්කොන්ති, පවත්ති පවත්තති, පවෙණී ඝටියති. සචෙ පන න සක්කොන්ති, පවත්ති නප්පවත්තති, පවෙණී න ඝටියති, වොක්කමති නාම හොති. තං සන්ධාය “ඔක්කමිත්වා වොක්කමිස්සථා”ති වුත්තං.
න ඔක්කමිස්සථ යැයි පිවිස පවතින්නාක් මෙන් පිළිසිඳ ගැනීම් වශයෙන් නොපවතින්නේය. සම්මුච්චිස්සථ ප්රතිසන්ධි විඤ්ඤාණයක් නැතිකල්හි නමුත් ශුද්ධ වූ ඉතිරි නාමරූප මව්කුස ඇතුළත කලල ආදී වශයෙන් එක්වී මිශ්‍රණය වී පවතින්නේය. ඔක්කමිත්වා වොක්කමිස්සථ ප්රතිසන්ධි වශයෙන් කියන ලද බැසගත්තා වූ ච්‍යුති වශයෙන් නික්ම යන්නේය. නිරුද්ධ වන්නේය යන අර්ථයි. එය වනාහි එහි නිරෝධයයි. ඒ චිත්තයාගේ නිරෝධයෙන් නොවේ. එහි දෙවන තුන්වන නිරෝධයන්ගෙන් නොවෙයි. ප්රතිසන්ධි සිත සමග හටගත්තා වූ සමතිස් කර්මජ රූපයෝ හටගනිත්. ඒවා ඇතිකල්හිම සොළොස් භවාංග සිත් ඉපිද නිරුද්ධ වේ. මේ අතරතුර පිළිසිඳ ගත්තා වූ දරුවාට හෝ මවට හෝ අනතුරක් නැත. මෙය වනාහි ‘අනොකාස’ නම් වේ. ඉදින් වනාහි ප්රතිසන්ධි සිත සමග හටගත් රූප දාහත්වන භවාංගයට ප්රත්යවන්නට හැකිවේ. පවතී. ප්‍රවේණිය හා ගැලපේ. ඉදින් වනාහි එසේ නොහැකි වන්නේ නම් පැවැත්ම නොපවතීද ප්‍රවේණිය හා නොගැලපේ. වොක්කමනය (ඉවත්වීම) යනු වේ. ඒ සඳහා (ඔක්කමිත්වා වොක්කමිස්සථ) යැයි කියන ලදි.
ඉත්ථත්තායාති ඉත්ථභාවාය, එවං පරිපුණ්ණපඤ්චක්ඛන්ධභාවායාති අත්ථො. දහරස්සෙව සතොති මන්දස්ස බාලස්සෙව සන්තස්ස. වොච්ඡිජ්ජිස්සථාති උපච්ඡිජ්ජිස්සථ වුඩ්ඪිං විරූළ්හිං වෙපුල්ලන්ති විඤ්ඤාණෙ උපච්ඡින්නෙ සුද්ධං නාමරූපමෙව උට්ඨහිත්වා පඨමවයවසෙන වුඩ්ඪිං, මජ්ඣිමවයවසෙන විරූළ්හිං, පච්ඡිමවයවසෙන වෙපුල්ලං අපි නු ඛො ආපජ්ජිස්සථාති. දසවස්සවීසතිවස්සවස්සසතවස්සසහස්සසම්පාපනෙන වා අපි නු ඛො වුඩ්ඪිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සථාති අත්ථො.
ඉත්ථත්තාය මේ සඳහා මෙසේ පරිපූර්ණ පංචස්කන්ධය සඳහාය යන අර්ථයි. දහරස්සෙව සතො බාලයකුව සිටි කල්හි වොච්ඡිජ්ජිස්සථ සිඳ දමන්නේය. වුද්ධිං විරුළ්හිං වෙපුල්ලං යනු විඤ්ඤාණයෙහි සිඳුනු කල්හි ශුද්ධ වූ නාමරූපයන් නැගීසිට පළමු වයස් වශයෙන් වැඩීමත් මැදිවයස් වශයෙන් අභිවෘද්ධියත් පශ්චිම වයස් වශයෙන් මහත් බවටත් පත්වන්නේය. දසවස්, විසිවස්, සියවස්, දහස්වස් පැමිණීමෙන්, වැඩිවීමට, වර්ධනයට, මහත්බවට පැමිණෙන්නේය යන අර්ථයි.
තස්මාතිහානන්දාති යස්මා මාතුකුච්ඡියං පටිසන්ධිග්ගහණෙපි කුච්ඡිවාසෙපි කුච්ඡිතො නික්ඛමනෙපි, පවත්තියං දසවස්සාදිකාලෙපි විඤ්ඤාණමෙවස්ස පච්චයො, තස්මා එසෙව හෙතු එස පච්චයො නාමරූපස්ස, යදිදං විඤ්ඤාණං. යථා හි රාජා අත්තනො පරිසං නිග්ගණ්හන්තො එවං වදෙය්ය – “ත්වං උපරාජා, ත්වං සෙනාපතීති කෙන කතො නනු මයා කතො, සචෙ හි මයි අකරොන්තෙ ත්වං අත්තනො ධම්මතාය උපරාජා වා සෙනාපති වා භවෙය්‍යාසි, ජානෙය්යාම වො බල”න්ති; එවමෙව විඤ්ඤාණං නාමරූපස්ස පච්චයො හොති. අත්ථතො එවං නාමරූපං වදති විය “ත්වං නාමං, ත්වං රූපං, ත්වං නාමරූපං නාමාති කෙන කතං, නනු මයා කතං, සචෙ හි මයි පුරෙචාරිකෙ හුත්වා මාතුකුච්ඡිස්මිං පටිසන්ධිං අගණ්හන්තෙ ත්වං නාමං වා රූපං වා නාමරූපං වා භවෙය්‍යාසි, ජානෙය්යාම වො බල”න්ති. තං පනෙතං විඤ්ඤාණං නාමරූපස්ස බහුධා පච්චයො හොති.
තස්මාතිහානන්ද යම්හෙයකින් මව්කුසෙහි පිළිසිඳ ගැනීමේදී කුසෙහි වාසය කිරීමේදී ද කුසින් නික්මීමේදී ද පැවැත්මත්, දසවස් ආදී කාලයෙහි විඤ්ඤාණයටම හේතුවේ. ඒ නිසා මෙයට නාමරූපවලට හේතුව ප්‍රත්‍යය වේ. ඒ මේ විඤ්ඤාණයයි. යම්සේ වනාහි රජු තමාගේ පිරිසට අපහාස කරන්නේ මෙසේ කියන්නේය. ඔබ යුවරජුය. ඔබ සේනාපතිය. කවරකු විසින් කරන ලද ද? මා විසින් කරන ලදි. ඉදින් මා නොකරන කල්හි ඔබ තමන්ගේ ධර්මතාවයෙන් යුවරජු හෝ සේනාපති හෝ වන්නෙහිය. තොපගේ බලය දන්නෙමු. එපරිද්දෙන් විඤ්ඤාණය නාමරූපවලට ප්‍රත්‍ය වෙයි. අර්ථ වශයෙන් මෙසේ නාමරූපයයි කියන්නා වැනිය. ඔබ නාමයයි. ඔබ රූපයයි. ඔබ නාම රූපය කවරකු විසින් කරන ලදද? මා විසින් කරන ලද්දේ ද? ඉදින් මා පෙර ඇවිදින්නෙක්ව මව්කුස පිළිසිඳ නොගන්නා කල්හි ඔබ නාමය හෝ රූපය හෝ නාමරූප දෙකම හෝ වන්නෙහිය. ඔබගේ බලය දැනගන්නෙමු. ඒ මේ විඤ්ඤාණය වනාහි නාමරූප දෙකට බොහෝ සෙයින් ප්‍රත්‍ය වේ.
දුක්ඛසමුදයසම්භවොති දුක්ඛරාසිසම්භවො. යදිදං නාමරූපන්ති යං ඉදං නාමරූපං, එසෙව හෙතු එස පච්චයො. යථා හි රාජපුරිසා රාජානං නිග්ගණ්හන්තො එවං වදෙය්යුං – “ත්වං රාජාති කෙන කතො, නනු මයා කතො, සචෙ හි මයි උපරාජට්ඨානෙ, මයි සෙනාපතිට්ඨානෙ අතිට්ඨන්තෙ ත්වං එකකොව රාජා භවෙය්‍යාසි, පස්සෙය්යාම තෙ රාජභාව”න්ති; එවමෙව නාමරූපම්පි අත්ථතො එවං විඤ්ඤාණං වදති විය “ත්වං පටිසන්ධිවිඤ්ඤාණන්ති කෙන කතං, නනු අම්හෙහි කතං, සචෙ හි ත්වං තයො ඛන්ධෙ හදයවත්ථුඤ්ච අනිස්සාය පටිසන්ධිවිඤ්ඤාණං නාම භවෙය්‍යාසි, පස්සෙය්යාම තෙ පටිසන්ධිවිඤ්ඤාණභාව”න්ති. තඤ්ච පනෙතං නාමරූපං විඤ්ඤාණස්ස බහුධා පච්චයො හොති.
දුක්ඛ සමුදය සම්භවො යනු දුක්ඛ රාශියක හටගැනීම. යදිදං නාමරූපං යනු යම් මේ නාමරූපවලට මෙයට හේතුවයි. මෙයට ප්රත්යයි. යම්සේ වනාහි රාජපුරුෂයෝ රජවරුන්ට නිග්‍රහ කරන්නේ මෙසේ කියන්නාහ. ඔබ රජයැයි කවරකු විසින් කරන ලද ද? මා විසින් කන ලද්දේ නොවේද? ඉදින් වනාහි මා යුවරජ ලෙස ඉදින් සේනාපති ලෙස නොසිටින්නට නුඹ හුදෙකලාවම රජ වන්නෙහිය. ඔබගේ රජබව බලාගන්නෙමු. එපරිද්දෙන් නාමරූප දෙකද අර්ථ වශයෙන් විඤ්ඤාණයට මෙසේ කියන්නාක් මෙනි. නුඹ ප්රතිසන්ධි විඤ්ඤාණය යැයි කවරකු විසින් කරන ලද ද? අප විසින් කරන ලද්දේ නොවේද? ඉදින් නුඹ ස්කන්ධ තුනක් හෘදය වස්තුවක් නැතිව ප්රතිසන්ධි විඤ්ඤාණය නම් වන්නෙහිය. ඔබගේ ප්රතිසන්ධි විඤ්ඤාණභාවය බලන්නෙමු. ඒ නාමරූපයන්ද විඤ්ඤාණයට බොහෝ සෙයින් ප්‍රත්‍යය වේ.
එත්තාවතා ඛොති විඤ්ඤාණෙ නාමරූපස්ස පච්චයෙ හොන්තෙ, නාමරූපෙ විඤ්ඤාණස්ස පච්චයෙ හොන්තෙ, ද්වීසු අඤ්ඤමඤ්ඤපච්චයවසෙන පවත්තෙසු එත්තකෙන ජායෙථ වා…පෙ… උපපජ්ජෙථ වා, ජාතිආදයො පඤ්ඤායෙය්යුං අපරාපරං වා චුතිපටිසන්ධියොති.
එත්තාවතා ඛො විඤ්ඤාණය නාමරූපයන්ට ප්‍රත්‍ය වන අතර නාමරූප විඤ්ඤාණයට ප්‍රත්‍යවන අතර ඒ දෙකට එකිනෙකට ප්‍රත්‍ය වී පැවැත්මෙන් මෙපමණකින් හටගනිත්. උපදිත් කියා හෝ ආදිය පනවන්නාහ. ඔවුනොවුන්ට ච්‍යුති ප්රතිසන්ධි වශයෙනි.
අධිවචනපථොති “සිරිවඩ්ඪකො ධනවඩ්ඪකො”තිආදිකස්ස අත්ථං අදිස්වා වචනමත්තමෙව අධිකිච්ච පවත්තස්ස වොහාරස්ස පථො. නිරුත්තිපථොති සරතීති සතො, සම්පජානාතීති සම්පජානොතිආදිකස්ස කාරණාපදෙසවසෙන පවත්තස්ස වොහාරස්ස පථො. පඤ්ඤත්තිපථොති – “පණ්ඩිතො බ්යත්තො මෙධාවී නිපුණො කතපරප්පවාදො”තිආදිකස්ස නානප්පකාරතො ඤාපනවසෙන පවත්තස්ස වොහාරස්ස පථො. ඉති තීහි පදෙහි අධිවචනාදීනං වත්ථුභූතා ඛන්ධාව කථිතා. පඤ්ඤාවචරන්ති පඤ්ඤාය අවචරිතබ්බං ජානිතබ්බං. වට්ටං වත්තතීති සංසාරවට්ටං වත්තති. ඉත්ථත්තන්ති ඉත්ථංභාවො, ඛන්ධපඤ්චකස්සෙතං නාමං.
අධිවචනපථො ශ්‍රියාව වඩන, ධනය වඩන ආදියේ අර්ථය නොදැක වචන මාත්‍රය පමණක් ප්‍රධානකොට පැවැති ව්‍යවහාර මාර්ගයයි. [missing trans] පඤ්ඤත්තිපථො පණ්ඩිතය, ව්‍යක්තය, ඤාණවන්තය. නිපුණය. අනුන් හා වාදකරන ලද්දේය. ආදියේ නොයෙක් ආකාරයෙන් හැඳින්වීම් වශයෙන් පැවැති ව්‍යවහාර මාර්ගයයි. මෙසේ මේ තුනෙන්ම අධිවචනවලට වස්තු වූ ස්කන්ධයන්ම කියන ලදි. පඤ්ඤාවචරං ප්‍රඥාවෙන් වටහාගත යුතු දැනගත යුතු. වට්ටං වට්ටති සංසාර වට්ටය පවතී. ඉත්ථත්තං මේ බව, මේ ස්කන්ධ පංචකයට නමකි.
පඤ්ඤාපනායාති නාමපඤ්ඤත්තත්ථාය. “වෙදනා සඤ්ඤා”තිආදිනා නාමපඤ්ඤත්තත්ථාය, ඛන්ධපඤ්චකම්පි එත්තාවතා පඤ්ඤායතීති අත්ථො. යදිදං නාමරූපං සහ විඤ්ඤාණෙනාති යං ඉදං නාමරූපං සහ විඤ්ඤාණෙන අඤ්ඤමඤ්ඤපච්චයතාය පවත්තති, එත්තාවතාති වුත්තං හොති. ඉදඤ්හෙත්ථ නිය්යාතිතවචනං.
පඤ්ඤාපනාය නමදීම් පිණිස. වේදනා සඤ්ඤු ආදී ලෙස නම් පැනවීම පිණිස ස්කන්ධ පංචකයද මෙපමණකින් පෙනේයයි යන අර්ථයි. යදිදං නාමරූපං සහවිඤ්ඤාණො යම් මේ නාමරූප විඤ්ඤාණය සමග අන්‍යොන්‍ය හේතුප්‍රත්‍යය ලෙස පවතී. මෙපමණක්යැයි කියන ලදි. මෙය වනාහි මෙහි ගෙනෙන ලද අර්ථයයි.
අත්තපඤ්ඤත්තිවණ්ණනා
ඉති භගවා – “ගම්භීරො චායං, ආනන්ද, පටිච්චසමුප්පාදො, ගම්භීරාවභාසො චා”ති පදස්ස අනුසන්ධිං දස්සෙත්වා ඉදානි “තන්තාකුලකජාතා”ති පදස්ස අනුසන්ධිං දස්සෙන්තො “කිත්තාවතා චා”තිආදිකං දෙසනං ආරභි. තත්ථ රූපිං වා හි, ආනන්ද, පරිත්තං අත්තානන්තිආදීසු යො අවඩ්ඪිතං කසිණනිමිත්තං අත්තාති ගණ්හාති, සො රූපිං පරිත්තං පඤ්ඤපෙති. යො පන නානාකසිණලාභී හොති, සො තං කදාචි නීලො, කදාචි පීතකොති පඤ්ඤපෙති. යො වඩ්ඪිතං කසිණනිමිත්තං අත්තාති ගණ්හාති, සො රූපිං අනන්තං පඤ්ඤපෙති. යො වා පන අවඩ්ඪිතං කසිණනිමිත්තං උග්ඝාටෙත්වා නිමිත්තඵුට්ඨොකාසං වා තත්ථ පවත්තෙ චත්තාරො ඛන්ධෙ වා තෙසු විඤ්ඤාණමත්තමෙව වා අත්තාති ගණ්හාති, සො අරූපිං පරිත්තං පඤ්ඤපෙති. යො වඩ්ඪිතං නිමිත්තං උග්ඝාටෙත්වා නිමිත්තඵුට්ඨොකාසං වා තත්ථ පවත්තෙ චත්තාරො ඛන්ධෙ වා තෙසු විඤ්ඤාණමත්තමෙව වා අත්තාති ගණ්හාති, සො අරූපිං අනන්තං පඤ්ඤපෙති.
‘මෙසේ භාග්‍යවතුන් වහන්සේ, ආනන්දය මේ පටිච්චසමුප්පාදය ගැඹුරුය. ගැඹුරු ආලෝකයක් ඇත්තේය යනුවෙන් පදයාට අනුසන්ධි දක්වා දැන් නලක් මෙන් අවුල් විය යනාදී ලෙස පදයට අනුසන්ධි දක්වන්නේ කිත්තාවතා වා ආදී වූ දේශනාව ආරම්භ කළේය. එහි ආනන්දය! ස්වල්ප වූ ද රූපය ආත්මයැයි යනාදී තැන්වල යමෙක් නොවඩන ලද කසිණ නිමිත්ත ආත්මය යැයි ගනීද හෙතෙම රූපය ස්වල්ප ලෙස දක්වයි ද යමෙක් වනාහි කසිණලාභියෙක් වේද හෙතෙම එය කිසිවිටක නිල්පාට ලෙසත් කිසිවිටෙක කහපාට ලෙසත් පෙන්වයි. යමෙක් වඩන ලද කසිණ නිමිත්ත ආත්මය යැයි ගනීද හෙතෙම රූපය ආන්තම යැයි දක්වයි. යමෙක් වනාහි නොවඩන ලද ඒ කසිණ නිමිත්ත උගුලුවා නිමිත්ත විසින් ස්පර්ශ අවකාශය හෝ එහි පැවති ස්කන්ධ සතර හෝ ඒවායේ පිහිටි විඤ්ඤාණ මාත්‍රය හෝ ආත්මය යැයි ගනීද හෙතෙම අරූපී බව සුළු ලෙස පෙන්වයි. හෙතෙම වඩන ලද නිමිත්ත උදුරා නිමිත්ත විසින් ස්පර්ශ කළ අවකාශය හෝ එහි පැවැති ස්කන්ධ සතර හෝ ඒවායේ පැවැති විඤ්ඤාණ මාත්‍රයම හෝ ආත්මය යැයි ගනීද හෙතෙම අරූපී වූ අනාත්මයක් පෙන්වයි.
තත්රානන්දාති එත්ථ තත්රාති තෙසු චතූසු දිට්ඨිගතිකෙසු. එතරහි වාති ඉදානෙව, න ඉතො පරං. උච්ඡෙදවසෙනෙතං වුත්තං. තත්ථභාවිං වාති තත්ථ වා පරලොකෙ භාවිං. සස්සතවසෙනෙතං වුත්තං. අතථං වා පන සන්තන්ති අතථසභාවං සමානං. තථත්තායාති තථභාවාය. උපකප්පෙස්සාමීති සම්පාදෙස්සාමි. ඉමිනා විවාදං දස්සෙති. උච්ඡෙදවාදී හි “සස්සතවාදිනො අත්තානං අතථං අනුච්ඡෙදසභාවම්පි සමානං තථත්ථාය උච්ඡෙදසභාවාය උපකප්පෙස්සාමි, සස්සතවාදඤ්ච ජානාපෙත්වා උච්ඡෙදවාදමෙව නං ගාහෙස්සාමී”ති චින්තෙති. සස්සතවාදීපි “උච්ඡෙදවාදිනො අත්තානං අතථං අසස්සතසභාවම්පි සමානං තථත්ථාය සස්සතභාවාය උපකප්පෙස්සාමි, උච්ඡෙදවාදඤ්ච ජානාපෙත්වා සස්සතවාදමෙව නං ගාහෙස්සාමී”ති චින්තෙති.
තත්රානන්දා යන මෙහි තත්ර යනු ඒ සතර දෘෂ්ටිගත වූවන් කෙරෙහි එතරහි වා දැන්ම මින්පසුව නොවේ. මෙය උච්ඡේද වශයෙන් මෙය කියන ලදි. එහි භාවිං වා යනු එහි හෝ පරලොව හෝ වන්නා වූ ශාස්වත වශයෙන් මෙය කියන ලදි. අතථං වා පන සන්තං අසත්‍ය බව තථත්තාය. සත්‍ය බව පිණිස උපකප්පෙස්සාමි පිළියෙල කරන්නෙමි. මෙයින් විවාදය දක්වයි. උච්ඡේදවාදීන් විසින් ශාස්වතවාදියාට තමාගේ සත්‍ය නොවූ ස්වභාවය සත්‍ය පිණිස උච්ඡේද බව පිණිස ළඟා කරන්නෙමි. ශාස්වතවාදයද ඔහුට දන්වා ශාස්වතවාදයම ඔහුට පිළිගන්වන්නෙමියි සිතීය.
එවං සන්තං ඛොති එවං සමානං රූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තන්ති අත්ථො. රූපින්ති රූපකසිණලාභිං. පරිත්තත්තානුදිට්ඨි අනුසෙතීති පරිත්තො අත්තාති අයං දිට්ඨි අනුසෙති, සා පන න වල්ලි විය ච ලතා විය ච අනුසෙති. අප්පහීනට්ඨෙන අනුසෙතීති වෙදිතබ්බො. ඉච්චාලං වචනායාති තං පුග්ගලං එවරූපා දිට්ඨි අනුසෙතීති වත්තුං යුත්තං. එස නයො සබ්බත්ථ.
එවං සන්තං ඛො මෙසේ රූප කසිණලාභියා ස්වල්ප වූ ද ආත්මය පෙන්වන්නේ ද යන අර්ථයි. රූපිං යනු රූප කසිණ ලාභියා පරිත්තත්තානුදිට්ඨි අනුසෙති ස්වල්පය ද ආත්මය යැයි මේ දෘෂ්ටිය අත්නොහැර පවතී. එය වනාහි වැලක් මෙන් අත්නොහැර පවතී. අප්‍රහීන අර්ථයේ අත්නොහැර පවතීයයි දතයුතුයි. ඉච්චාලං වචනාය ඒ පුද්ගලයා මෙබඳු වූ දෘෂ්ටියක් අත්නොහැර සිටී යැයි කියන්නට සුදුසුය. සැමතන්හිම මේ ක්‍රමයයි.
අරූපින්ති එත්ථ පන අරූපකසිණලාභිං, අරූපක්ඛන්ධගොචරං වාති එවමත්ථො දට්ඨබ්බො. එත්තාවතා ලාභිනො චත්තාරො, තෙසං අන්තෙවාසිකා චත්තාරො, තක්කිකා චත්තාරො, තෙසං අන්තෙවාසිකා චත්තාරොති අත්තතො සොළස දිට්ඨිගතිකා දස්සිතා හොන්ති.
අරූපිං මෙහි වනාහි අරූප කසිණලාභියා අරූප වූ ස්කන්ධයන්ට ගෝචර වූ යන අර්ථ දතයුතුයි. මෙපමණකින් ලබන්නා වූ සතරදෙනෙක්, ඔවුන්ගේ අතවැසි තාර්කිකයෝ සතරදෙනෙක් ඔවුන්ගේ අතවැසි සතරදෙනෙක් මෙසේ අර්ථ වශයෙන් දෘෂ්ටි අල්වාගත් දහසය දෙනෙක් දක්වන ලදහ.
නඅත්තපඤ්ඤත්තිවණ්ණනා
එවං යෙ අත්තානං පඤ්ඤපෙන්ති, තෙ දස්සෙත්වා ඉදානි යෙ න පඤ්ඤපෙන්ති, තෙ දස්සෙතුං – “කිත්තාවතා ච ආනන්දා”තිආදිමාහ. කෙ පන න පඤ්ඤපෙන්ති? සබ්බෙ තාව අරියපුග්ගලා න පඤ්ඤපෙන්ති. යෙ ච බහුස්සුතා තිපිටකධරා ද්විපිටකධරා එකපිටකධරා, අන්තමසො එකනිකායම්පි සාධුකං විනිච්ඡිනිත්වා උග්ගහිතධම්මකථිකොපි ආරද්ධවිපස්සකොපි පුග්ගලො, තෙ න පඤ්ඤපෙන්තියෙව. එතෙසඤ්හි පටිභාගකසිණෙ පටිභාගකසිණමිච්චෙව ඤාණං හොති. අරූපක්ඛන්ධෙසු ච අරූපක්ඛන්ධා ඉච්චෙව.
මෙසේ යමෙක් ආත්මය දක්වත් ද, ඔවුන් දක්වා දැන් යමෙක් ආත්මය නොපෙන්වත්ද ඔවුන්ව දක්වන්නට ‘කිත්තාවතා ච ආනන්ද’ (ආනන්දය, කොපමණක්) ආදිය පැවසූහ. [missing trans]
අත්තසමනුපස්සනාවණ්ණනා
එවං යෙ න පඤ්ඤපෙන්ති, තෙ දස්සෙත්වා ඉදානි යෙ තෙ පඤ්ඤපෙන්ති, තෙ යස්මා දිට්ඨිවසෙන සමනුපස්සිත්වා පඤ්ඤපෙන්ති, සා ච නෙසං සමනුපස්සනා වීසතිවත්ථුකාය සක්කායදිට්ඨියා අප්පහීනත්තා හොති, තස්මා තං වීසතිවත්ථුකං සක්කායදිට්ඨිං දස්සෙතුං පුන කිත්තාවතා ච ආනන්දාතිආදිමාහ.
[missing trans]
තත්ථ වෙදනං වා හීති ඉමිනා වෙදනාක්ඛන්ධවත්ථුකා සක්කායදිට්ඨි කථිතා. අප්පටිසංවෙදනො මෙ අත්තාති ඉමිනා රූපක්ඛන්ධවත්ථුකා. අත්තා මෙ වෙදියති, වෙදනාධම්මො හි මෙ අත්තාති ඉමිනා සඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණක්ඛන්ධවත්ථුකා. ඉදඤ්හි ඛන්ධත්තයං වෙදනාසම්පයුත්තත්තා වෙදියති. එතස්ස ච වෙදනාධම්මො අවිප්පයුත්තසභාවො.
එහි වෙදනං වා හි යන්නෙන් වේදනා ස්කන්ධයට වස්තු වූ සක්කායදිට්ඨිය ගැන කියන ලදි. අප්පටිසංවෙදිහොති මෙඅත්තා මෙයින් රූපස්කන්ධය වස්තු වේ. මාගේ ආත්මය දැනෙයි. වේදනාව වනාහි මාගේ ආත්මයයි මෙයින් සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධයන්ට වස්තු වූ මේ ස්කන්ධ තුන වේදනාවෙන් යුක්ත බැවින් දැනෙයි. මෙයටද වේදනාව තොර නොවූ ස්වභාව ඇත්තේය.
ඉදානි තත්ථ දොසං දස්සෙන්තො – “තත්රානන්දා”තිආදිමාහ. තත්ථ තත්රාති තෙසු තීසු දිට්ඨිගතිකෙසු. යස්මිං, ආනන්ද, සමයෙතිආදි යො යො යං යං වෙදනං අත්තාති සමනුපස්සති, තස්ස තස්ස අත්තනො කදාචි භාවං, කදාචි අභාවන්ති එවමාදිදොසදස්සනත්ථං වුත්තං.
දැන් එහි දොස් දක්වන්නේ ‘තත්රාහන්ද’ ආදිය පැවසීය. එහි තත්ර යනු ඒ තුන් ආකාර දෘෂ්ටිගතිකයන් කෙරෙහි යස්මිං ආනන්ද සමයෙ යම් යම් කෙනෙක් යම් යම් වේදනාවක් ආත්මයයි දකීද ඒ ඒ තැනැත්තාට ආත්මය කිසිවිටක ඇති බවද නැති බවද යනාදී දෝෂ දැක්වීම සඳහා කියන ලදි.
අනිච්චාදීසු හුත්වා අභාවතො අනිච්චා. තෙහි තෙහි කාරණෙහි සඞ්ගම්ම සමාගම්ම කතාති සඞ්ඛතා. තං තං පච්චයං පටිච්ච සම්මා කාරණෙනෙව උප්පන්නාති පටිච්චසමුප්පන්නා. ඛයොතිආදි සබ්බං භඞ්ගස්ස වෙවචනං. යඤ්හි භිජ්ජති, තං ඛියතිපි වයතිපි විරජ්ඣතිපි නිරුජ්ඣතිපි, තස්මා ඛයධම්මාතිආදි වුත්තං.
අනිත්‍ය ආදියෙහි පිහිටා නොවීමෙන් අනිත්‍ය. ඒ ඒ කාරණාවන්ගෙන් එක්ව කරන ලදැයි සංඛත නම් වේ. ඒ ඒ කාරණය හේතුකොටගෙන යහපත් කරුණින් හටගත්තේනුයි පටිච්චසමුප්පන්න නම් වේ. ඛයො ආදී සියල්ල අභාවයට බිඳීයාමට සමාන වචනයි. යමක් බිඳෙයිද එය ක්ෂය වෙයි. වැයවෙයි. නොඇලෙයි. නිරුද්ධ වෙයි. ඒ නිසා ඛයධම්මො යැයි කියන ලදි.
බ්යගා මෙති විඅගාති බ්යගා, විගතො නිරුද්ධො මෙ අත්තාති අත්ථො. කිං පන එකස්සෙව තීසුපි කාලෙසු – “එසො මෙ අත්තා”ති හොතීති, කිං පන න භවිස්සති? දිට්ඨිගතිකස්ස හි ථුසරාසිම්හි නික්ඛිත්තඛාණුකස්සෙව නිච්චලතා නාම නත්ථි, වනමක්කටො විය අඤ්ඤං ගණ්හාති, අඤ්ඤං මුඤ්චති. අනිච්චසුඛදුක්ඛවොකිණ්ණන්ති විසෙසෙන තං තං වෙදනං අත්තාති සමනුපස්සන්තො අනිච්චඤ්චෙව සුඛඤ්ච දුක්ඛඤ්ච අත්තානං සමනුපස්සති අවිසෙසෙන වෙදනං අත්තාති සමනුපස්සන්තො වොකිණ්ණං උප්පාදවයධම්මං අත්තානං සමනුපස්සති. වෙදනා හි තිවිධා චෙව උප්පාදවයධම්මා ච, තඤ්චෙස අත්තාති සමනුපස්සති. ඉච්චස්ස අනිච්චො චෙව අත්තා ආපජ්ජති, එකක්ඛණෙ ච බහූනං වෙදනානං උප්පාදො. තං ඛො පනෙස අනිච්චං අත්තානං අනුජානාති, න එකක්ඛණෙ බහූනං වෙදනානං උප්පත්ති අත්ථි. ඉමමත්ථං සන්ධාය – “තස්මාතිහානන්ද, එතෙනපෙතං නක්ඛමති ‘වෙදනා මෙ අත්තා’ති සමනුපස්සිතු”න්ති වුත්තං.
ව්යග්ගා මෙ වි+අග්ග, පහවූ, නිරුද්ධ වූ මාගේ ආත්මය යන අර්ථයි. කුමක් නිසා එක් තැනැත්තෙකුටම තුන් කාලයේදීම මේ මාගේ ආත්මය වන්නේය. කුමක් නිසා නොවන්නේද? දෘෂ්ටිය ගත්තහුට වනාහි දහයියා ගොඩක සිටවූ කනුවක් මෙන් ස්ථිරබවක් නම් නැත. වානරයකු මෙන් එකක් ගනී. අනිකක් අත්හරියි. අනිච්චං සුඛං දුක්ඛං වොකිණ්ණං විශේෂයෙන් ඒ ඒ වේදනාව ආත්මයැයි බලන්නහු අනිත්‍යයද සැපයද දුක්ද ආත්මය ලෙස දකී. විශේෂත්වයකින් තොරව වේදනාව ආත්මයැයි දකින්නේ ගැවසීගත්තා වූ හටගැනීම හා අභාවය ආත්මය ලෙස දකී. වේදනාව වනාහි තුන්ආකාරය. උපත හා නැතිවීම ස්වභාවකොට ඇත්තේය. මොහු එය ආත්මය යැයි දකියි. ඉක්බිති ඔහුට අනිත්‍ය ආත්මය බවට පත්වේ. මොහොතින්ම බොහෝ වේදනාවන්ගේ හටගැනීම වනාහි අනිත්‍ය ආත්මය ලෙස නොපවසමි. එක් ක්ෂණයකදී බොහෝ වේදනාවන් හටගැනීමක් නැත. මේ අර්ථය සඳහා ‘ඒ නිසා ආනන්දය! මේ වේදනාව මාගේ ආත්මය යැයි නොදකිමි’යි කියා ඇත.
යත්ථ පනාවුසොති යත්ථ සුද්ධරූපක්ඛන්ධෙ සබ්බසො වෙදයිතං නත්ථි. අපි නු ඛො තත්ථාති අපි නු ඛො තස්මිං වෙදනාවිරහිතෙ තාලවණ්ටෙ වා වාතපානෙ වා අස්මීති එවං අහංකාරො උප්පජ්ජෙය්යාති අත්ථො. තස්මාතිහානන්දාති යස්මා සුද්ධරූපක්ඛන්ධො උට්ඨාය අහමස්මීති න වදති, තස්මා එතෙනපි එතං නක්ඛමතීති අත්ථො. අපි නු ඛො තත්ථ අයමහමස්මීති සියාති අපි නු ඛො තෙසු වෙදනාධම්මෙසු තීසු ඛන්ධෙසු එකධම්මොපි අයං නාම අහමස්මීති එවං වත්තබ්බො සියා. අථ වා වෙදනානිරොධා සහෙව වෙදනාය නිරුද්ධෙසු තෙසු තීසු ඛන්ධෙසු අපි නු ඛො අයමහමස්මීති වා අහමස්මීති වා උප්පජ්ජෙය්යාති අත්ථො. අථායස්මා ආනන්දො සසවිසාණස්ස තිඛිණභාවං විය තං අසම්පටිච්ඡන්තො නො හෙතං භන්තෙති ආහ.
යත්ථපනාවුසො යම් ඒ ශුද්ධ වූ රූපස්කන්ධයක සර්වප්‍රකාරයෙන්ම විඳවීමක් නැත. අපිනුඛො තත්ථා එසේනම් ඒ වෙදනා රහිත තල්වැටක හෝ වාකවුළුවෙහි හෝ සිටිමියි මෙබඳු වූ අහංකාරයක් උපදින්නේය යන අර්ථයි. තස්මාතිහානන්ද යම්හෙයකින් ශුද්ධ වූ රූපස්කන්ධය නැගිට ‘මම වෙමි’ කියා නොකියයි. ඒ නිසා මෙයින් ද මෙය ඉවසයි කියා අර්ථ දතයුතුයි. අපිනුඛො තත්ථ අයමහමස්මීති සියා ඒ වේදනා ධර්මයන්හි ස්කන්ධ තුනෙහි එක් ස්වභාවයක්වත් මේ නම් මම වෙමි යි මෙසේ කිවයුතු වන්නේය. නැතහොත් වේදනාව නැතිවීමෙන් ස්කන්ධ තුනෙහි වේදනාව නිරුද්ධ වූ කල්හි ‘මේ මම වෙමි. මම වෙමි. උපදින්නෙමි’යි යන අර්ථයි. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ සා අඟෙහි තියුණු බව මෙන් එය නොපිළිගනිමින් ස්වාමීනි, මෙය එසේ නොවේයැයි කීය.
එත්තාවතා කිං කථිතං හොති? වට්ටකථා කථිතා හොති. භගවා හි වට්ටකථං කථෙන්තො කත්ථචි අවිජ්ජාසීසෙන කථෙසි, කත්ථචි තණ්හාසීසෙන, කත්ථචි දිට්ඨිසීසෙන. තත්ථ “පුරිමා, භික්ඛවෙ, කොටි නප්පඤ්ඤායති අවිජ්ජාය, ‘ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසි, අථ පච්ඡා සමභවී’ති. එවඤ්චිදං, භික්ඛවෙ, වුච්චති. අථ ච පන පඤ්ඤායති ඉදප්පච්චයා අවිජ්ජා”ති (අ· නි· 10.61) එවං අවිජ්ජාසීසෙන කථිතා. “පුරිමා, භික්ඛවෙ, කොටි නප්පඤ්ඤායති භවතණ්හාය, ‘ඉතො පුබ්බෙ භවතණ්හා නාහොසි, අථ පච්ඡා සමභවී’ති. එවඤ්චිදං, භික්ඛවෙ, වුච්චති. අථ ච පන පඤ්ඤායති ඉදප්පච්චයා භවතණ්හා”ති (අ· නි· 10.62) එවං තණ්හාසීසෙන කථිතා. “පුරිමා, භික්ඛවෙ, කොටි නප්පඤ්ඤායති භවදිට්ඨියා, ‘ඉතො පුබ්බෙ භවදිට්ඨි නාහොසි, අථ පච්ඡා සමභවී’ති, එවඤ්චිදං, භික්ඛවෙ, වුච්චති. අථ ච පන පඤ්ඤායති ඉදප්පච්චයා භවදිට්ඨී”ති එවං දිට්ඨිසීසෙන කථිතා. ඉධාපි දිට්ඨිසීසෙනෙව කථිතා.
මෙපමණකින් කුමක් කියන ලද ද? සසර පිළිබඳ කථාව කියන ලදි. භාග්‍යවතුන් වහන්සේ සසර පිළිබඳ කථා කරන්නේ සමහර තැනක අවිජ්ජාව මුල්කරගෙන කථාකරයි. තවත් තැනක තණ්හාව මුල්කරගෙන කථා කරයි. තවත් තැනක දෘෂ්ටිය මුල්කොට කථා කරයි. එහි මහණෙනි! අවිජ්ජාවගේ මුලක් නොපෙනේ. මීට පෙර අවිජ්ජාව නොවීය. ඉක්බිති පසුව හටගත්තේය. මහණෙනි, මෙය මෙසේ කියයි. තවද මෙසේ පෙනෙයි. මෙය ප්‍රත්‍යකොට ඇති බව අවිජ්ජාවය. මෙසේ අවිජ්ජා මාතෘකාවෙන් කියන ලද මහණෙනි! භව තණ්හාවේ මුලක් නොපෙනේ. මීට පෙර භව තණ්හාවක් නොවීය. ඉක්බිති පසුව හටගත්තේය. මහණෙනි, මෙසේද කියයි. තවද වනාහි මේ හේතුවෙන් භව තණ්හාව පෙනෙයි. මෙසේ තණ්හා ශීර්ෂයෙන් කියන ලදි. මෙහිදීද දෘෂ්ටි මාතෘකාවෙන්ම කියන ලදි.
දිට්ඨිගතිකො හි සුඛාදිවෙදනං අත්තාති ගහෙත්වා අහඞ්කාරමමඞ්කාරපරාමාසවසෙන සබ්බභවයොනිගති – විඤ්ඤාණට්ඨිතිසත්තාවාසෙසු තතො තතො චවිත්වා තත්ථ තත්ථ උපපජ්ජන්තො මහාසමුද්දෙ වාතුක්ඛිත්තනාවා විය සතතං සමිතං පරිබ්භමති, වට්ටතො සීසං උක්ඛිපිතුංයෙව න සක්කොති.
දෘෂ්ටි ගත් තැනැත්තා වනාහි සුඛ ආදී වේදනාවන් ආත්මයැයි ගෙන අහංකාරය, මමංකාරය හා පරාමර්ශනය (ස්පර්ශය) වශයෙන් හා සියළු භව, යෝනි, ගති, විඤ්ඤාණඨිති වශයෙන් සත්තාවාසවල ඒ ඒ තැනින් ච්‍යුතව ඒ ඒ තැන්වල උපදින්නේ මහා සමුද්‍රයේ වාතයෙන් ඔසවන ලද නැවක් මෙන් නිරන්තරයෙන් කරකැවෙයි. හිස ඔසවන්නටවත් නොහැකි වෙයි.
ඉති භගවා පච්චයාකාරමූළ්හස්ස දිට්ඨිගතිකස්ස එත්තකෙන කථාමග්ගෙන වට්ටං කථෙත්වා ඉදානි විවට්ටං කථෙන්තො යතො ඛො පන, ආනන්ද, භික්ඛූතිආදිමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යාකාරයෙන් මුළා වූ දෘෂ්ටිගත්තා වූ මෙපමණක් කථා මාර්ගයෙන් සසර ගැන කියා දැන් නිවන ගැන කියන්නේ ‘ආනන්දය! යම් හෙයකින් භික්ෂුව යනාදිය පැවසීය.
තඤ්ච පන විවට්ටකථං භගවා දෙසනාසු කුසලත්තා විස්සට්ඨකම්මට්ඨානං නවකම්මාදිවසෙන වික්ඛිත්තපුග්ගලං අනාමසිත්වා කාරකස්ස සතිපට්ඨානවිහාරිනො පුග්ගලස්ස වසෙන ආරභන්තො නෙව වෙදනං අත්තානං සමනුපස්සතීතිආදිමාහ. එවරූපො හි භික්ඛු – “යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ වා සන්තිකෙ වා, සබ්බං රූපං අනිච්චතො වවත්ථපෙති, එකං සම්මසනං. දුක්ඛතො වවත්ථපෙති, එකං සම්මසනං. අනත්තතො වවත්ථපෙති, එකං සම්මසන”න්තිආදිනා නයෙන වුත්තස්ස සම්මසනඤාණස්ස වසෙන සබ්බධම්මෙසු පවත්තත්තා නෙව වෙදනං අත්තාති සමනුපස්සති, න අඤ්ඤං, සො එවං අසමනුපස්සන්තො න කිඤ්චි ලොකෙ උපාදියතීති ඛන්ධලොකාදිභෙදෙ ලොකෙ රූපාදීසු ධම්මෙසු කිඤ්චි එකධම්මම්පි අත්තාති වා අත්තනියන්ති වා න උපාදියති.
භාග්‍යවතුන් වහන්සේ ඒ නිවන් පිළිබඳ කථාව දේශනාවන්හි දක්ෂතාවයෙන් විසිරී ගිය කමටහන නවකර්මාදී වශයෙන් වික්ෂිප්ත වූ පුද්ගලයාව ස්පර්ශ නොකර සතිපට්ඨානයෙහි පිහිටි පුද්ගලයා වශයෙන් ආරම්භ කරන්නේ නෙව වෙදනං අත්තානං සමනුපස්සති (වේදනාව ආත්මය ලෙස නොදකී) ආදිය පැවසීය. මෙබඳු වූ ආකාර වූ භික්ෂුව යම්කිසි රූපයක් අතීත, අනාගත, වර්තමාන වශයෙන් හෝ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් ඕලාරික හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ ළඟ හෝ දුර පිහිටි සියළු රූප අනිත්‍ය ලෙස සලකයි. එකක් සම්මර්ශනය කරන්නේ දුක ලෙස නිවැරදි සිහියෙන් සළකයි. එකක් ගැන සලකන්නේ අනාත්ම ලෙස සලකයි. ආදී ක්‍රමයට කියන ලද නුවණින් සලකා බැලීමේ ඤාණයාගේ වශයෙන් සියළු ධර්මයන්හි පැවැති බැවින් වේදනාව ආත්මය ලෙස නොසලකයි. අනික් ධර්මයක් ද නොවේ. සො එවං අසමනුපස්සන්තො න කිංචි ලොකෙ උපාදියති (ඔහු මෙසේ නුවණින් සලකා නොබලන්නේ ලෝකයෙහි කිසිවක් ආත්මයැයි නොගනී.) ස්කන්ධ ලෝක ආදී ප්‍රභේද ඇති ලෝකයෙහි රූපාදී ධර්මයන්හි කිසියම් ධර්මයක්වත් ආත්මය කියා හෝ ආත්මයට අයත් කියා හෝ අල්ලාගනු නොලැබේ.
අනුපාදියං න පරිතස්සතීති අනුපාදියන්තො තණ්හාදිට්ඨිමානපරිතස්සනායාපි න පරිතස්සති. අපරිතස්සන්ති අපරිතස්සමානො. පච්චත්තංයෙව පරිනිබ්බායතීති අත්තනාව කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බායති. එවං පරිනිබ්බුතස්ස පනස්ස පච්චවෙක්ඛණාපවත්තිදස්සනත්ථං ඛීණා ජාතීතිආදි වුත්තං.
අනුපාදිසං න පරිතස්සති අල්ලා නොගන්නේ තණ්හා, දෘෂ්ටි, මාන යන පීඩාවන්ගෙන් පීඩාවට පත් නොවෙයි. අපරිතස්සං පීඩාවට පත් නොවන්නේ පච්චත්තංයෙව පරිනිබ්බායති තමාම කෙලෙස් පරිනිර්වාණයෙන් පිරිනිවන් පායි. මෙසේ පිරිනිවන්පෑවහුගේ ප්රත්යවේක්ෂාවගේ පැවැත්ම දැක්වීම සඳහා ඛීණාජාති (ජාතිය ක්ෂයවිය) ආදිය කියන ලදි.
ඉති සා දිට්ඨීති යා තථාවිමුත්තස්ස අරහතො දිට්ඨි, සා එවං දිට්ඨි. “ඉතිස්ස දිට්ඨී”තිපි පාඨො. යො තථාවිමුත්තො අරහා, එවමස්ස දිට්ඨීති අත්ථො. තදකල්ලන්ති තං න යුත්තං. කස්මා? එවඤ්හි සති – “අරහා න කිඤ්චි ජානාතී”ති වුත්තං භවෙය්ය, එවං ඤත්වා විමුත්තඤ්ච අරහන්තං “න කිඤ්චි ජානාතී”ති වත්තුං න යුත්තං. තෙනෙව චතුන්නම්පි නයානං අවසානෙ – “තං කිස්ස හෙතූ”තිආදිමාහ.
ඉති සා දිට්ඨිති යම් එසේ විදුනාවූ රහතන් වහන්සේගේ දෘෂ්ටිය, ඒ මෙබඳු දෘෂ්ටිය ‘ඉතිස්සදිට්ඨි’ කියාද පාඨයක් ඇත. යම් ඒ එසේ මිදුනා වූ රහතන් වහන්සේ මෙබඳු දෘෂ්ටියක් ඇත්තේය යන අර්ථයි. තදකල්ලං යනු එය සුදුසු නැත. කුමක් නිසා මෙසේ ඇති කල්හි රහතන් වහන්සේ උපන්නේ නැතැයි කියන්නේය. මෙසේ දැනගෙන විමුක්තියද රහත්බවද පිළිබඳ කිසිවක් නොදෙන්නේයැයි කියන්නට යෝග්‍ය නැත. එයින්ම ක්‍රම සතර අවසානයේ එයට හේතුව කුමක්ද? යනාදිය කීය. එහි යාවතා අධිවචනං යනු යම්පමණ සමාන වචන සංඛ්‍යාත වූ ව්‍යවහාරයක් ඇත.
තත්ථ යාවතා ආනන්ද අධිවචනන්ති යත්තකො අධිවචනසඞ්ඛාතො වොහාරො අත්ථි. යාවතා අධිවචනපථොති යත්තකො අධිවචනස්ස පථො, ඛන්ධා ආයතනානි ධාතුයො වා අත්ථි. එස නයො සබ්බත්ථ. පඤ්ඤාවචරන්ති පඤ්ඤාය අවචරිතබ්බං ඛන්ධපඤ්චකං. තදභිඤ්ඤාති තං අභිජානිත්වා. එත්තකෙන භගවතා කිං දස්සිතං? තන්තාකුලපදස්සෙව අනුසන්ධි දස්සිතො.
යාවතා අධිවචන පථො යම් පමණ අධිවචනයාගේ මාර්ගයයි. ස්කන්ධ-ආයතන ධාතු හෝ ඇත. සැමතන්හි මේ ක්‍රමයයි. පඤ්ඤාවචරං ප්‍රඥාවෙන් හැසිරිය යුතු ස්කන්ධ පංචකය, තදභිඤ්ඤා එය දැනගෙන, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් කුමක් දක්වන ලද ද? තන්තාකුලක (අවුල් වූ නූල් පංදුව) පදයටම ගැලපීම දක්වන ලදි.
සත්තවිඤ්ඤාණට්ඨිතිවණ්ණනා
ඉදානි යො – “න පඤ්ඤපෙතී”ති වුත්තො, සො යස්මා ගච්ඡන්තො ගච්ඡන්තො උභතොභාගවිමුත්තො නාම හොති. යො ච – “න සමනුපස්සතී”ති වුත්තො, සො යස්මා ගච්ඡන්තො ගච්ඡන්තො පඤ්ඤාවිමුත්තො නාම හොති. තස්මා තෙසං හෙට්ඨා වුත්තානං ද්වින්නං භික්ඛූනං නිගමනඤ්ච නාමඤ්ච දස්සෙතුං සත්ත ඛො ඉමානන්ද විඤ්ඤාණට්ඨිතියොතිආදිමාහ.
දැන් යම් ඒ කෙනෙක් නොදක්වන්නේයැයි කියන ලද ද හෙතෙම යම්හෙයකින් ගමන් කරන්නේ දෙපාර්ශවයෙන්ම මිදුනේ නම් වන්නේය. යමෙක් නුවණින් නොබලන්නේයැයි කියන ලදද හෙතෙම යම්හෙයකින් යන්නේ ප්රඥාවිමුක්ත යැයි කියනු ලැබේ. ඒ නිසා පහත කියන ලද භික්ෂූන් දෙදෙනාගේ නික්මයාමද නාමයද දක්වන්නට ‘සත්තඛො ඉමානන්ද විඤ්ඤාණඨිතියො (ආනන්දය! මේ විඤ්ඤාණඨිති සතයි) ආදිය කීය.
තත්ථ සත්තාති පටිසන්ධිවසෙන වුත්තා, ආරම්මණවසෙන සඞ්ගීතිසුත්තෙ (දී· නි· 3.311) වුත්තා චතස්සො ආගමිස්සන්ති. විඤ්ඤාණං තිට්ඨති එත්ථාති විඤ්ඤාණට්ඨිති, විඤ්ඤාණපතිට්ඨානස්සෙතං අධිවචනං. ද්වෙ ච ආයතනානීති ද්වෙ නිවාසට්ඨානානි. නිවාසට්ඨානඤ්හි ඉධායතනන්ති අධිප්පෙතං. තෙනෙව වක්ඛති – “අසඤ්ඤසත්තායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනමෙව දුතිය”න්ති. කස්මා පනෙතං සබ්බං ගහිතන්ති? වට්ටපරියාදානත්ථං. වට්ටඤ්හි න සුද්ධවිඤ්ඤාණට්ඨිතිවසෙන සුද්ධායතනවසෙන වා පරියාදානං ගච්ඡති, භවයොනිගතිසත්තාවාසවසෙන පන ගච්ඡති, තස්මා සබ්බමෙතං ගහිතං.
එහි සත්තා යනු පිළිසිඳ ගැනීම් වශයෙන් කියන ලද අරමුණු වශයෙන් සංගීති සූත්‍රයේදී සතරදෙනෙක් දක්නට ලැබේ. විඤ්ඤාණය මෙහි පිහිටියේනුයි විඤ්ඤාණඨිති. විඤ්ඤාණය පිහිටීමට මේ සමානාර්ථ පදයකි. ද්වෙ ආයතනානි නිවාසස්ථාන දෙකකි. නිවාසස්ථාන යන්නෙන් මෙහි ආයතන අදහස් කෙරේ. එයින්ම කියයි. නතරවන ස්ථාන දෙකකි. නතරවන තැන මෙහි ආයතන යන්නෙන් අභිප්‍රේතයි. එයින් ම කියයි ‘අසඤ්ඤසත්ත ආයතනය, නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය කියා දෙකකි. කුමක් නිසා මේ සියල්ලම ගන්නා ලදද? සසර ඉතිරි නොකොට ගැනීමටය. සසර වනාහි ශුද්ධ විඤ්ඤාණයාගේ ඨිතිය වශයෙන් හෝ ශුද්ධ ආයතන වශයෙන් එකට නොගැනේ. භව, යෝනි, ගති, සත්තාවාස වශයෙන් ගැනේ. ඒ නිසා මේ සියල්ලම ගන්නා ලදි.
ඉදානි අනුක්කමෙන තමත්ථං විභජන්තො කතමා සත්තාතිආදිමාහ. තත්ථ සෙය්යථාපීති නිදස්සනත්ථෙ නිපාතො, යථා මනුස්සාති අත්ථො. අපරිමාණෙසු හි චක්කවාළෙසු අපරිමාණානං මනුස්සානං වණ්ණසණ්ඨානාදිවසෙන ද්වෙපි එකසදිසා නත්ථි. යෙපි හි කත්ථචි යමකභාතරො වණ්ණෙන වා සණ්ඨානෙන වා එකසදිසා හොන්ති, තෙසම්පි ආලොකිතවිලොකිතකථිතහසිතගමනඨානාදීහි විසෙසො හොතියෙව. තස්මා නානත්තකායාති වුත්තා. පටිසන්ධිසඤ්ඤා පන නෙසං තිහෙතුකාපි ද්විහෙතුකාපි අහෙතුකාපි හොන්ති, තස්මා නානත්තසඤ්ඤිනොති වුත්තා. එකච්චෙ ච දෙවාති ඡ කාමාවචරදෙවා. තෙසු හි කෙසඤ්චි කායො නීලො හොති, කෙසඤ්චි පීතකාදිවණ්ණො. සඤ්ඤා පන නෙසං ද්විහෙතුකාපි තිහෙතුකාපි හොන්ති, අහෙතුකා නත්ථි. එකච්චෙ ච විනිපාතිකාති චතුඅපායවිනිමුත්තා උත්තරමාතා යක්ඛිනී, පියඞ්කරමාතා, ඵුස්සමිත්තා, ධම්මගුත්තාති එවමාදිකා අඤ්ඤෙ ච වෙමානිකා පෙතා. එතෙසඤ්හි පීතඔදාතකාළමඞ්ගුරච්ඡවිසාමවණ්ණාදිවසෙන චෙව කිසථූලරස්සදීඝවසෙන ච කායො නානා හොති, මනුස්සානං විය ද්විහෙතුකතිහෙතුකඅහෙතුකවසෙන සඤ්ඤාපි. තෙ පන දෙවා විය න මහෙසක්ඛා, කපණමනුස්සා විය අප්පෙසක්ඛා, දුල්ලභඝාසච්ඡාදනා දුක්ඛපීළිතා විහරන්ති. එකච්චෙ කාළපක්ඛෙ දුක්ඛිතා ජුණ්හපක්ඛෙ සුඛිතා හොන්ති, තස්මා සුඛසමුස්සයතො විනිපතිතත්තා විනිපාතිකාති වුත්තා. යෙ පනෙත්ථ තිහෙතුකා තෙසං ධම්මාභිසමයොපි හොති, පියඞ්කරමාතා හි යක්ඛිනී පච්චූසසමයෙ අනුරුද්ධත්ථෙරස්ස ධම්මං සජ්ඣායතො සුත්වා –
දැන් පිළිවෙලින් එම අර්ථය බෙදා දක්වන්නේ කතමා සත්තා (සත්ත්වයෝ කවරහු) ආදිය කීය. එහි සෙය්යථාපි යනු නිදර්ශනාර්ථයේ නිපාතයයි. මිනිසුන් මෙනි යන අර්ථයි. අප්‍රමාණ වූ සක්වල අපරිමාන වූ මිනිසුන්ගේ වර්ණය, ස්වරූපය වශයෙන් දෙදෙනෙක් එක සමාන නොවේ. යම් ඒ කිසිතැනක නිවුන් සහෝදරයෝ වර්ණයෙන් හෝ ස්වරූපයෙන් හේ එකසමාන වෙත්. ඔවුන්ගේද දැකීම, බැලීම, කථාව, සිනහව, ගමන, සිටීම ආදියෙන් විශේෂයක් ඇත්තේමය. ඒ නිසා නානත්තකායා (විවිධ වූ කාය ඇත්තේ) යැයි කියන ලදි. ප්රතිසන්ධි සංඥාව වනාහි ඔවුන්ගේ තිහේතුක, ද්විහේතුක හෝ අහේතුක වෙයි. ඒ නිසා නානත්තසඤ්ඤිනො (වෙනස් වූ සඤ්ඤා ඇත්තෝය) කියා කීය. එකච්චෙ ච දෙවා කාමාවචර සයෙහි දෙවිවරු, ඒවායේ ඇතැමුන්ගේ ශරීර නිල්පාටය. සමහරුන්ගේ කහපාට ආදී වර්ණ ඇත්තේය. ඔවුන්ගේ සඤ්ඤාව වනාහි ද්විහේතුක හෝ තිහේතුක වෙයි. අහේතුක නැත. එකච්චෙ ච විනිපාතිකා සතර අපායෙන් මිදුනු උත්තර මාතාව, පියංකර මාතා යක්ෂණිය පුනබ්බසුමිත්ත ධම්මගොත්ත ආදීහුද අනික් වේමාතික ප්‍රේතයෝය. ඔවුන්ගේ වනාහි කහපාට, සුදුපාට, කලුපාට කලු රන්වන් සම ඇති ආදී ලෙසත් කෘශ, ස්ථුල, උස, මිටි ආදී වශයෙන් කය විවිධය. මිනිසුන්ට මෙන් ද්විහේතුක තිහේතුක අහේතුක වශයෙන්ද සඤ්ඤාවද වේ. ඔව්හු වනාහි දෙවියන් මෙන් මහේශාක්‍ය නොවෙති. දුප්පත් මිනිසුන් මෙන් අල්පේශාක්‍ය වෙති. ආහාර, වස්ත්‍ර දුර්ලභය. දුකෙන් පීඩා විඳිමින් හැසිරෙත්. සමහරෙක් කාල පක්ෂයෙහි දුක්ඛිත වන අතර තවත් කෙනෙක් බැබලෙන පක්ෂයෙහි සැපවත් වෙත්. ඒ නිසා සුවපහසු ශරීරයෙන් පහත වැටුණු බැවින් විනිපාතිකා යැයි කියත්. මෙහි යම්කෙනෙක් ත්‍රිහේතුක වන්නේ නම් ඔවුන්ට ධර්මාවබෝධය සිදුවෙයි. පියංකර මාතාව යක්ෂණියකි. අලුයම්වේලාවේ අනුරුද්ධ තෙරුන් ධර්මය සජ්ඣායනා කරනු අසා -
“මා සද්දමකරි පියඞ්කර, භික්ඛු ධම්මපදානි භාසති; අපි ධම්මපදං විජානිය, පටිපජ්ජෙම හිතාය නො සියා; පාණෙසු ච සංයමාමසෙ, සම්පජානමුසා න භණාමසෙ; සික්ඛෙම සුසීල්යමත්තනො, අපි මුච්චෙම පිසාචයොනියා”ති. (සං· නි· 2.40);
මා සද්දං කරි පියංකර භික්ඛු ධම්මපදානි භාසති අපිච ධම්මපදං විජානිය පටිපජ්ජෙව හිතාය නො සියා පාණෙසූච සඤ්ඤමාමසෙ සම්පජානමුසා න භණාමසෙ සික්ඛෙව සුසීල්යමත්තනො අපි මුච්චෙව පිසාච යොනියා
ප්‍රියංකර ශබ්ද නොකරන්න. භික්ෂුව දහම්පද කියයි. දහම්පද ඉගෙනගෙන අපගේ යහපත පිණිස පිළිපදිමු.
ප්රාණීන්ය යන හැඟීම දැඩිව සිතට ගන්න. දැන දැන බොරු නොකියමු. අපි ශීලයෙහි මනාව හික්මෙමු. ප්‍රේත ආත්මයෙන් ද මිදෙන්නෙමු.
එවං පුත්තකං සඤ්ඤාපෙත්වා තං දිවසං සොතාපත්තිඵලං පත්තා. උත්තරමාතා පන භගවතො ධම්මං සුත්වාව සොතාපන්නා ජාතා.
මෙසේ පුත්‍රයාට දන්වා එම දවස සෝවාන් ඵලයට පැමිණි උත්තර මාතාව වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසාම සෝවාන් වූවාය.
බ්රහ්මකායිකාති බ්රහ්මපාරිසජ්ජබ්රහ්මපුරොහිතමහාබ්රහ්මානො. පඨමාභිනිබ්බත්තාති තෙ සබ්බෙපි පඨමෙන ඣානෙන අභිනිබ්බත්තා. තෙසු බ්රහ්මපාරිසජ්ජා පන පරිත්තෙන අභිනිබ්බත්තා, තෙසං කප්පස්ස තතියො භාගො ආයුප්පමාණං. බ්රහ්මපුරොහිතා මජ්ඣිමෙන, තෙසං උපඩ්ඪකප්පො ආයුප්පමාණං, කායො ච තෙසං විප්ඵාරිකතරො හොති. මහාබ්රහ්මානො පණීතෙන, තෙසං කප්පො ආයුප්පමාණං, කායො පන තෙසං අතිවිප්ඵාරිකො හොති. ඉති තෙ කායස්ස නානත්තා, පඨමජ්ඣානවසෙන සඤ්ඤාය එකත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනොති වෙදිතබ්බා.
බ්රහ්මකායිකා යනු බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත හා මහාබ්‍රහ්ම. පඨමාභි නිබ්බත්තා යනු ඔව්හු සියල්ලෝම ප්‍රථමධ්‍යානයෙන් බිහිවූහ. ඔවුනතුරෙන් බ්‍රහ්ම පාරිසජ්ජයෝ වනාහි තත්ත්වයෙන් අඩුව පහළ වූවාහුය. ඔවුන්ට වනාහි කල්පයකින් තුනෙන් කොටසක් ආයු ඇතිවේ. බ්‍රහ්ම පුරෝහිතයෝ තත්ත්වයෙන් මධ්‍යමව පහළ වූහ. ඔවුන්ට කල්පයෙන් හරි අඩක් ආයු ඇත. ඔවුන්ගේ කයද බොහෝ පුළුල් වූයේ වෙයි. මහා බ්‍රහ්මයෝ උසස් ලෙස පහළ වූහ. ඔවුන්ට කල්පයක් ආයු ඇත. ඔවුන්ගේ කය වනාහි අතිශයින්ම පුළුල් වූයේ වෙයි. කයෙහි නානත්වය නිසා ප්‍රථමධ්‍යාන වශයෙන් සංඥාවෙන් ඒකාකාරය. කයෙන් විවිධය. ඔවුන් එකත්තසඤ්ඤී යයි දතයුතුයි.
යථා ච තෙ, එවං චතූසු අපායෙසු සත්තා. නිරයෙසු හි කෙසඤ්චි ගාවුතං, කෙසඤ්චි අඩ්ඪයොජනං, කෙසඤ්චි යොජනං අත්තභාවො හොති, දෙවදත්තස්ස පන යොජනසතිකො ජාතො. තිරච්ඡානෙසුපි කෙචි ඛුද්දකා, කෙචි මහන්තා. පෙත්තිවිසයෙපි කෙචි සට්ඨිහත්ථා, කෙචි සත්තතිහත්ථා, කෙචි අසීතිහත්ථා හොන්ති, කෙචි සුවණ්ණා, කෙචි දුබ්බණ්ණා හොන්ති. තථා කාලකඤ්ජිකා අසුරා. අපි චෙත්ථ දීඝපිට්ඨිකපෙතා නාම සට්ඨියොජනිකාපි හොන්ති. සඤ්ඤා පන සබ්බෙසම්පි අකුසලවිපාකඅහෙතුකාව හොන්ති. ඉති ආපායිකාපි නානත්තකායා එකත්තසඤ්ඤිනොත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡන්ති.
යම්සේ වනාහි මෙසේ සිව් අපායවලත් නිරයවලත් සමහර සත්ත්වයන්ගේ ගව්වක් පමණ ද සමහරුන්ගේ අඩයොදුනක් පමණද සමහරුන්ගේ යොදුනක් පමණද ආත්මභාව වේ. දෙව්දත්ගේ වනාහි යොදුන් සියයක් විය. තිරිසනුන් අතරද ඇතැමෙක් කුඩාය. ඇතැමෙක් විශාලය. ප්‍රේත ආත්මභාවවලද කෙනෙක් රියන් හැටක්, තව කෙනෙක් රියන් හැත්තෑවක්, ඇතැමෙක් අසූරියන් වෙති. කෙනෙක් වනා වර්ණයෙන් යුක්තය. සමහරු දුර්වර්ණ වෙති. එපරිද්දෙන් කාලකඤ්ජක අසුරයෝ වනාහි මෙහිදී දිග්වූ පිටක් ඇත්තෝය. හැටයොදුන්ද වෙති. සංඥාව වනාහි සියල්ලන්ටම අකුසල විපාක අහේතුක වෙති. මෙසේ අපායගත සත්ත්වයෝද නානත්තකාය, ඒකත්ත සඤ්ඤී නොවේදැයි සැකයක් ඇතිවේ.
ආභස්සරාති දණ්ඩඋක්කාය අච්චි විය එතෙසං සරීරතො ආභා ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා පතන්තී විය සරති විස්සරතීති ආභස්සරා. තෙසු පඤ්චකනයෙන දුතියතතියජ්ඣානද්වයං පරිත්තං භාවෙත්වා උපපන්නා පරිත්තාභා නාම හොන්ති, තෙසං ද්වෙ කප්පා ආයුප්පමාණං. මජ්ඣිමං භාවෙත්වා උපපන්නා අප්පමාණාභා නාම හොන්ති, තෙසං චත්තාරො කප්පා ආයුප්පමාණං. පණීතං භාවෙත්වා උපපන්නා ආභස්සරා නාම හොන්ති, තෙසං අට්ඨ කප්පා ආයුප්පමාණං. ඉධ පන උක්කට්ඨපරිච්ඡෙදවසෙන සබ්බෙපි තෙ ගහිතා. සබ්බෙසඤ්හි තෙසං කායො එකවිප්ඵාරොව හොති, සඤ්ඤා පන අවිතක්කවිචාරමත්තා වා අවිතක්කඅවිචාරා වාති නානා.
ආභස්සරා යනු දැවුණු පන්දමකින් පිටවන ආලෝකය මෙන් මොවුන්ගේ ශරීරවලින් ආලෝකය කැඩි කැඩී වැටෙන්නාක් මෙන් පැතිරෙයි. විහිදෙයි නුයි ආභස්සරා නම් වෙත්. ඔවුනතුරෙන් පංචක ක්‍රමයට ද්විතීය හා තෘතීය ධ්‍යානයන් තරමක් වඩා උපන්නාහු පරිත්තාභා නම් වෙත්. ඔවුන්ට කල්ප දෙකක් ආයු ඇත. මධ්‍යම ලෙස වඩා උපන්නාහු අප්පමාණාභා නම් වෙත්. ඔවුන්ට කල්ප සතරක් ආයු ඇත. උසස්ම ලෙස වඩා උපත ලද්දාහු ආභස්සර නම් වෙති. ඔවුන්ට කල්ප අටක් ආයු ඇත. මෙහි වනාහි උත්කෘෂ්ඨ හා පරිච්ඡේද වශයෙන් ඒ සියලුදෙනාව ගන්නා ලදහ. ඒ සියල්ලන්ගේම කය එකම පැතිරීම් ඇත්තේ වෙයි. සඤ්ඤාව වනාහි අවිතර්ක විචාරමාත්රය හෝ අවිතක්ක අවිචාර යැයි විවිධයි.
සුභකිණ්හාති සුභෙන ඔකිණ්ණා විකිණ්ණා, සුභෙන සරීරප්පභාවණ්ණෙන එකග්ඝනාති අත්ථො. එතෙසඤ්හි ආභස්සරානං විය න ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා පභා ගච්ඡති. පඤ්චකනයෙ පන පරිත්තමජ්ඣිමපණීතස්ස චතුත්ථජ්ඣානස්ස වසෙන සොළසද්වත්තිංසචතුසට්ඨිකප්පායුකා පරිත්තසුභඅප්පමාණසුභසුභකිණ්හා නාම හුත්වා නිබ්බත්තන්ති. ඉති සබ්බෙපි තෙ එකත්තකායා චෙව චතුත්ථජ්ඣානසඤ්ඤාය එකත්තසඤ්ඤිනො චාති වෙදිතබ්බා. වෙහප්ඵලාපි චතුත්ථවිඤ්ඤාණට්ඨිතිමෙව භජන්ති. අසඤ්ඤසත්තා විඤ්ඤාණාභාවා එත්ථ සඞ්ගහං න ගච්ඡන්ති, සත්තාවාසෙසු ගච්ඡන්ති.
සුභකිණ්හා යනු යහපත් බව ගැවසීගත්, පැතිරෙන්නා වූ මනා ශරීර ප්‍රභාවෙන් ඒකඝන වූ යන අර්ථයි. මොවුන්ට වනාහි ආභස්සරයන්ට මෙන් සිඳී සිඳී ආලෝකය ගමන් නොකරයි. පංචකනයෙහි වනාහි සාමාන්‍ය, මධ්‍යම, ප්‍රණීත, චතුර්ථධයාන වශයෙන් සොළොස් ආකාරය. පරිත්තසුභ, අප්පමානසුභ, සුභ කිණ්ණ යන නම්වලින් උපදින්නාහු කල්ප හැටහතරක් ආයු ඇත්තාහ. මෙසේ මේ සියල්ලෝම ඒකත්තකාය වේ. චතුර්ථධ්‍යානයෙන් එකත්තසඤ්ඤීහු වෙත්. වේහප්ඵල බ්‍රහ්මයෝ සතරවන විඤ්ඤාණඨිතියම භජනය කරත්. අසඤ්ඤසත්තකයෝ විඤ්ඤාණය නොමැතිකමින් මෙයට අඩංගු නොවෙත්. සත්තාවාසවලට යෙත්.
සුද්ධාවාසා විවට්ටපක්ඛෙ ඨිතා න සබ්බකාලිකා, කප්පසතසහස්සම්පි අසඞ්ඛ්යෙය්යම්පි බුද්ධසුඤ්ඤෙ ලොකෙ නුප්පජ්ජන්ති. සොළසකප්පසහස්සබ්භන්තරෙ බුද්ධෙසු උප්පන්නෙසුයෙව උප්පජ්ජන්ති, ධම්මචක්කප්පවත්තස්ස භගවතො ඛන්ධවාරට්ඨානසදිසා හොන්ති. තස්මා නෙව විඤ්ඤාණට්ඨිතිං න සත්තාවාසං භජන්ති. මහාසීවත්ථෙරො පන – “න ඛො පන සො සාරිපුත්ත සත්තාවාසො සුලභරූපො යො මයා අනිවුත්ථපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා අඤ්ඤත්ර සුද්ධාවාසෙහි දෙවෙහී”ති (ම· නි· 1.160) ඉමිනා සුත්තෙන සුද්ධාවාසාපි චතුත්ථවිඤ්ඤාණට්ඨිතිං චතුත්ථසත්තාවාසංයෙව භජන්තීති වදති, තං අප්පටිබාහියත්තා සුත්තස්ස අනුඤ්ඤාතං.
ශුද්ධාවාසිකයෝ ද විවට්ට (නිවන) පක්ෂයට අයත් වූවාහු සර්වකාලික නොවෙත්. කල්ප ලක්ෂයක් හෝ අසංඛ්‍යෙයක් බුදුවරයන්ගෙන් තොර ලෝකයේ නූපදිත්. කල්ප දහසය දහසක් තුළ බුදුවරුන් උපදනා කල්හිම උපදිත්. දම්සක් පැවැත්වූ භාග්‍යවතුන් වහන්සේගේ තාවකාලික නවාතැන්පළවල් මෙන් වේ. ඒ නිසා විඤ්ඤාණඨිතියකට හෝ සත්ත්වාසයක් ඇසුරු කිරීමට පත් නොවෙත්. මහාසීව තෙරුන් වහන්සේ වනාහි ‘සාරිපුත්‍රය! ඒ සත්තාවාසය සුලභ වූවක් නොවේ. මේ දීර්ඝකාලය තුළ වෙන තැන්වල ශුද්ධාවාස දෙවියන් විසින් නොවසන ලදි. මේ සූත්‍රයෙන් ශුද්ධාවාස දෙවිවරු ද සතරවන විඤ්ඤාණඨිතියත් සතරවන සත්තාවාසයක්ම භජනය කරත් යැයි කියයි. එය නොවැලැක්වූ බැවින් සූත්‍රයට අනුදැන වදාළහ.
සබ්බසො රූපසඤ්ඤානන්තිආදීනං අත්ථො විසුද්ධිමග්ගෙ වුත්තො. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පන යථෙව සඤ්ඤාය, එවං විඤ්ඤාණස්සපි සුඛුමත්තා නෙව විඤ්ඤාණං නාවිඤ්ඤාණං. තස්මා විඤ්ඤාණට්ඨිතීසු අවත්වා ආයතනෙසු වුත්තං.
සබ්බසො රූපසඤ්ඤානං යනාදියේ අර්ථ විශුද්ධි මාර්ගයේ කියන ලදි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වනාහි සඤ්ඤාව මෙනි. මෙසේ විඤ්ඤාණයද ඉතා සියුම් බැවින් විඤ්ඤාණය නොවේ. අවිඤ්ඤාණයද නොවේ. ඒ නිසා විඤ්ඤාණඨිති ආදියෙහි නොකියා ආයතනවලදී කියන ලදි.
තත්රාති තාසු විඤ්ඤාණට්ඨිතීසු. තඤ්ච පජානාතීති තඤ්ච විඤ්ඤාණට්ඨිතිං පජානාති. තස්සා ච සමුදයන්ති “අවිජ්ජාසමුදයා රූපසමුදයො”තිආදිනා (පටි· ම· 1.49) නයෙන තස්සා සමුදයඤ්ච පජානාති. තස්සා ච අත්ථඞ්ගමන්ති – “අවිජ්ජානිරොධා රූපනිරොධො”තිආදිනා නයෙන තස්සා අත්ථඞ්ගමඤ්ච පජානාති. අස්සාදන්ති යං රූපං පටිච්ච…පෙ… යං විඤ්ඤාණං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං විඤ්ඤාණස්ස අස්සාදොති, එවං තස්සා අස්සාදඤ්ච පජානාති. ආදීනවන්ති යං රූපං…පෙ… යං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං විඤ්ඤාණස්ස ආදීනවොති, එවං තස්සා ආදීනවඤ්ච පජානාති. නිස්සරණන්ති යො රූපස්මිං…පෙ… යො විඤ්ඤාණෙ ඡන්දරාගවිනයො, ඡන්දරාගප්පහානං, ඉදං විඤ්ඤාණස්ස නිස්සරණන්ති (සං· නි· 2.26) එවං තස්සා නිස්සරණඤ්ච පජානාති. කල්ලං නු තෙනාති යුත්තං නු තෙන භික්ඛුනා තං විඤ්ඤාණට්ඨිතිං තණ්හාමානදිට්ඨීනං වසෙන අහන්ති වා මමන්ති වා අභිනන්දිතුන්ති. එතෙනුපායෙන සබ්බත්ථ වෙදිතබ්බො. යත්ථ පන රූපං නත්ථි, තත්ථ චතුන්නං ඛන්ධානං වසෙන, යත්ථ විඤ්ඤාණං නත්ථි, තත්ථ එකස්ස ඛන්‍ධස්ස වසෙන සමුදයො යොජෙතබ්බො. ආහාරසමුදයා ආහාරනිරොධාති ඉදඤ්චෙත්ථ පදං යොජෙතබ්බං.
තත්ර යනු ඒ විඤ්ඤාණඨිතිවල. තචපජානාති ඒ විඤ්ඤාණඨිතියද දැනගනී. තස්සාච සමුදයං අවිජ්ජාව හටගැනීමෙන් රූප හටගැනීම වේ ආදී ක්‍රමයෙන් එහි සමුදයද දැනගනී. තස්සා ච අත්ථගමං අවිජ්ජාව නිරුද්ධ කිරීමෙන් රූප නිරෝධය වේ ආදී ලෙසින් එහි අභාවයට යාම දැනගනී. අස්සාදං යනු රූපය හේතුකොටගෙන -පෙ- යම් විඤ්ඤාණයක් හේතුකොටගෙන සැපය සොම්නස උපදීද මේ විඤ්ඤාණයාගේ ආශ්වාදයයි. මෙසේ එහි ආශ්වාදයද දැනගනී. ආදීනවං යනු යම් රූපයක් -පෙ- යම් විඤ්ඤාණයක් අනිත්‍ය, දුක්ඛ, වෙනස්වන ස්වභාවය ඇති ලෙස මේ විඤ්ඤාණයාගේ ආදීනවයි කියා එහි ආදීනව දැනගනී. නිස්සරණං යමෙක් රූපයෙහි -පෙ- යමෙක් විඤ්ඤාණයෙහි ඡන්දරාගය හික්මවාගනීද, ඡන්දරාගය ප්රහාණය කරයිද මෙය විඤ්ඤාණයෙන් නිස්සරණය යැයි මෙසේ එහි නිස්සරණය (නිදහස් වීම, ගැලවීම) ද වටහාගනී. කල්ලංනු තෙන ඒ භික්ෂුව විසින් ඒ විඤ්ඤාණඨිතිය තණ්හා මාන දිට්ඨි වශයෙන් මම ය මාගේ ය කියා සතුටුවීමට සුදුසු නොවේද? මේ ආකාරයෙන් සියළු තන්හි අර්ථ දතයුතුයි. යම්තැනක රූපය නැද්ද එහි ස්කන්ධ සතරක් වශයෙන්, යම්තැනක රූපය නැද්ද එහි ස්කන්ධ සතරක් වශයෙන්, යම්තැනක විඤ්ඤාණය නැද්ද එහි එක ස්කන්ධයක් වශයෙන් ද සමුදය ආදිය දතයුතුය. ආහාර සමුදයෙන් ආහාර නිරෝධය යන මේ පදය මෙහි නොයෙදිය යුතුය.
යතො ඛො, ආනන්ද, භික්ඛූති යදා ඛො ආනන්ද, භික්ඛු. අනුපාදා විමුත්තොති චතූහි උපාදානෙහි අග්ගහෙත්වා විමුත්තො. පඤ්ඤාවිමුත්තොති පඤ්ඤාය විමුත්තො. අට්ඨ විමොක්ඛෙ අසච්ඡිකත්වා පඤ්ඤාබලෙනෙව නාමකායස්ස ච රූපකායස්ස ච අප්පවත්තිං කත්වා විමුත්තොති අත්ථො. සො සුක්ඛවිපස්සකො ච පඨමජ්ඣානාදීසු අඤ්ඤතරස්මිං ඨත්වා අරහත්තං පත්තො චාති පඤ්චවිධො. වුත්තම්පි චෙතං – “කතමො ච පුග්ගලො පඤ්ඤාවිමුත්තො? ඉධෙකච්චො පුග්ගලො න හෙව ඛො අට්ඨ විමොක්ඛෙ කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති, අයං වුච්චති පුග්ගලො පඤ්ඤාවිමුත්තො”ති (පු· ප· 15).
යතො ඛො ආනන්ද භික්ඛු ආනන්දය, යම්විටක භික්ෂුව දැඩිකොට නොගන්නා ලෙස මිදුනේ වේද යන සිව් උපාදානවලින් නොගෙන මිදුනේය. පඤ්ඤා විමුත්තො යනු ප්‍රඥාවෙන් මිදුනු, අටවැදෑරුම් විමෝක්ෂයන් අවබෝධකර නොගෙන ප්‍රඥා බලයෙන්ම නාමකායයාගේත් රූප කායයාගේත් පැවැත්ම නතරකොට විදුනේය යන අර්ථයි. ඒ සුක්ඛ විදර්ශකයාද ප්‍රථමධ්‍යාන ආදියෙහි එක්තරා තැනක සිට රහත්බවට පත්වූයේ යැයි කියා පස්වැදෑරුම් වෙයි. මෙය මෙසේ කියා ඇත. පඤ්ඤා විමුත්ත පුද්ගලයා නම් කවරෙක්ද? මෙලොව එක් පුද්ගලයෙක් අෂ්ට විමෝක්ෂයන් කයින් ස්පර්ශනොකර වාසය කරයිද ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයන් ක්ෂය කළා වේද මේ පුද්ගලයා ප්‍රඥා විමුක්ත නම් වේ.
අට්ඨවිමොක්ඛවණ්ණනා
එවං එකස්ස භික්ඛුනො නිගමනඤ්ච නාමඤ්ච දස්සෙත්වා ඉතරස්ස දස්සෙතුං අට්ඨ ඛො ඉමෙතිආදිමාහ. තත්ථ විමොක්ඛොති කෙනට්ඨෙන විමොක්ඛො? අධිමුච්චනට්ඨෙන. කො පනායං අධිමුච්චනට්ඨො නාම? පච්චනීකධම්මෙහි ච සුට්ඨු මුච්චනට්ඨො, ආරම්මණෙ ච අභිරතිවසෙන සුට්ඨු මුච්චනට්ඨො, පිතුඅඞ්කෙ විස්සට්ඨඞ්ගපච්චඞ්ගස්ස දාරකස්ස සයනං විය අනිග්ගහිතභාවෙන නිරාසඞ්කතාය ආරම්මණෙ පවත්තීති වුත්තං හොති. අයං පනත්ථො පච්ඡිමෙ විමොක්ඛෙ නත්ථි, පුරිමෙසු සබ්බෙසු අත්ථි.
මෙසේ එක් භික්ෂුවකගේ පිටවීමත්, නාමයත් දක්වා අනිකකුගේ දැක්වීම පිණිස ‘අට්ඨකො ඉමෙ’ (මේ අට) ආදිය කීය. එහි විමොක්ඛ යනු කවර අර්ථයකින් විමොක්ඛ වන්නේද? මෙය වනාහි ස්ථිරව පිහිටි යන අර්ථයෙන්ය. අධිමුච්චන අර්ථය නම් විරුද්ධ ධර්මතාවයන්ගෙන් මනාව මිදීමේ අර්ථයයි. අරමුණු වශයෙන් ද අභිරති වශයෙන්ද මනාව මිදෙනු කැමැත්තේ පියාගේ ඇකයෙහි අතපය දිගහැර නිදන දරුවකුගේ නින්ද මෙන් නින්දා නොකරන ලද හා සැක රහිත බව නිසා අරමුණෙහි පවතීයයි කියන ලදි. මේ අර්ථය වනාහි පසුව ලබන විමොක්ෂයෙහි නැත. පෙර පැවැති සියල්ලෙහි ඇත.
රූපී රූපානි පස්සතීති එත්ථ අජ්ඣත්තං කෙසාදීසු නීලකසිණාදීසු නීලකසිණාදිවසෙන උප්පාදිතං රූපජ්ඣානං රූපං, තදස්සත්ථීති රූපී. බහිද්ධා රූපානි පස්සතීති බහිද්ධාපි නීලකසිණාදීනි රූපානි ඣානචක්ඛුනා පස්සති. ඉමිනා අජ්ඣත්තබහිද්ධාවත්ථුකෙසු කසිණෙසු උප්පාදිතජ්ඣානස්ස පුග්ගලස්ස චත්තාරි රූපාවචරජ්ඣානානි දස්සිතානි. අජ්ඣත්තං අරූපසඤ්ඤීති අජ්ඣත්තං න රූපසඤ්ඤී, අත්තනො කෙසාදීසු අනුප්පාදිතරූපාවචරජ්ඣානොති අත්ථො. ඉමිනා බහිද්ධා පරිකම්මං කත්වා බහිද්ධාව උප්පාදිතජ්ඣානස්ස පුග්ගලස්ස රූපාවචරජ්ඣානානි දස්සිතානි.
රූබීරූපානි පස්සති මෙහි අභ්‍යන්තර කේස ආදියෙහි නීලකසිණ ආදි වශයෙන් උපදවන ලද රූප ධ්‍යානයයි. රූපය මොහුට ඇත්තේනුයි රූපී. බහිද්ධාරූපානිපස්සති පිටතින්ද නීලකසිණ ආදී රූප ධ්‍යාන ඇසින් බලයි. මෙයින් අධ්‍යාත්මික, බාහිර වස්තු වූ කසිණයන්හි උපදවන ලද ධ්‍යාන ඇති පුද්ගලයාට රූපාවචර ධ්‍යාන සතරක් දක්වන ලදි. අජ්ඣත්තං අරූපසඤ්ඤී තමා පිළිබඳව කේසාදියෙහි රූපසඤ්ඤාවක් නැති නූපදවන ලද රූපාවචර ධ්‍යානයන්හි යන අර්ථයි. මෙයින්ද බාහිර පිරියම්කොට පිටතින්ම උපදවාගත් ධ්‍යාන ඇති පුද්ගලයාගේ රූපාවචර ධයානයන් දක්වන ලදහ.
සුභන්ත්වෙව අධිමුත්තො හොතීති ඉමිනා සුවිසුද්ධෙසු නීලාදීසු වණ්ණකසිණෙසු ඣානානි දස්සිතානි. තත්ථ කිඤ්චාපි අන්තොඅප්පනායං සුභන්ති ආභොගො නත්ථි, යො පන විසුද්ධං සුභං කසිණමාරම්මණං කරිත්වා විහරති, සො යස්මා සුභන්ති අධිමුත්තො හොතීති වත්තබ්බතං ආපජ්ජති, තස්මා එවං දෙසනා කතා. පටිසම්භිදාමග්ගෙ පන – “කථං සුභන්ත්වෙව අධිමුත්තො හොතීති විමොක්ඛො? ඉධ භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති…පෙ… මෙත්තාය භාවිතත්තා සත්තා අප්පටිකූලා හොන්ති. කරුණා, මුදිතා, උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති…පෙ… උපෙක්ඛාය භාවිතත්තා සත්තා අප්පටිකූලා හොන්ති. එවං සුභං ත්වෙව අධිමුත්තො හොතීති විමොක්ඛො”ති (පටි· ම· 1.212) වුත්තං.
සුභ නෙත්ථව අධිමුත්තො හොති මෙයින් ඉතා පිරිසිදු නීල ආදී වූ වර්ණ කසිණයන්හි ධ්‍යානයන් දක්වන ලදහ. එහි කිසිවක් අභ්‍යන්තර අර්පනාවෙහි සුභය කියා සිතාබැලීමක් නැත. යමෙක් වනාහි පරිශුද්ධ වූ සුභ කසිණයක් අරමුණුකොට වාසය කරයිද හෙතෙම යම්හෙයකින් සුභයයි අධික ලෙස ඇලුනේ කිවයුතු බවට පත්වේ. ඒ නිසා මෙසේ දේශනා කරන ලදි. පටිසම්භිදා මාර්ගයෙහි වනාහි කෙසේනම් සුභයැයි අධික ලෙස යෙදුනේ වේදැයි විමොක්ඛො යැයි දැක්වීය’ මේ ලෝකයෙහි භික්ෂුවක් මෛත්‍රී සහගත සිතෙන් එක් දිසාවක් පැතිර වාසය කරයි ද මෛත්‍රී වඩන ලද බැවින් සත්ත්වයෝ පිළිකුල් නැත්තෝ වෙති. කරුණා - මුදිතා - උපෙක්ඛා සහගත සිතෙන් එක් දිසාවක් පැතිර වාසය කරයි. උපෙක්ෂාවෙන් වඩන ලද බැවින් සත්ත්වයෝ පිළිකුල් නැත්තෝ වෙත්. මෙසේ යෙදුනේ වේද, එය විමොක්ඛො යැයි කියන ලදි.
සබ්බසො රූපසඤ්ඤානන්තිආදීසු යං වත්තබ්බං, තං සබ්බං විසුද්ධිමග්ගෙ වුත්තමෙව. අයං අට්ඨමො විමොක්ඛොති අයං චතුන්නං ඛන්ධානං සබ්බසො විසුද්ධත්තා විමුත්තත්තා අට්ඨමො උත්තමො විමොක්ඛො නාම.
සබ්බසො රූපසඤ්ඤානං ආදියෙහි යමක් කිවයුතුද ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි කියන ලදි. අයං අට්ඨමො විමොක්ඛො මේ ස්කන්ධ සතරෙන් සර්වප්‍රකාරයෙන්ම විශුද්ධියට පැමිණි බැවින්, මිදුනු බැවින් අටවැනි උත්තම විමොක්ෂය නම් වේ.
අනුලොමන්ති ආදිතො පට්ඨාය යාව පරියොසානා. පටිලොමන්ති පරියොසානතො පට්ඨාය යාව ආදිතො. අනුලොමපටිලොමන්ති ඉදං අතිපගුණත්තා සමාපත්තීනං අට්ඨත්වාව ඉතො චිතො ච සඤ්චරණවසෙන වුත්තං. යත්ථිච්ඡකන්ති ඔකාසපරිදීපනං, යත්ථ යත්ථ ඔකාසෙ ඉච්ඡති. යදිච්ඡකන්ති සමාපත්තිදීපනං, යං යං සමාපත්තිං ඉච්ඡති. යාවතිච්ඡකන්ති අද්ධානපරිච්ඡෙදදීපනං, යාවතකං අද්ධානං ඉච්ඡති. සමාපජ්ජතීති තං තං සමාපත්තිං පවිසති. වුට්ඨාතීති තතො උට්ඨාය තිට්ඨති.
අනුලොමං යනු මුලපටන් අවසානය දක්වා පටිලොමං අගපටන් මුල දක්වා අනුලොම පටිලොමං මේ අතිශයින් ප්‍රගුණ බැවින් සමාපත්තිවල අටවැන්න බැවින්ද එහෙ මෙහ ඇවිදීම් වශයෙන් ද කියන ලදි. යත්ථිච්ඡකං අවකාස දැක්වීම් යම් යම් අවකාසයක් බලාපොරොත්තු වෙයිද යදිච්ඡකං යනු සමාපත්ති දැක්වීමයි. යම් යම් සමාපත්තියක් කැමැතිවෙයිද යාවතිච්ඡකං මාර්ග කොටස දැක්වීමයි. යම්තාක් මාර්ගය කැමැති වෙයිද, සමාපජ්ජති ඒ ඒ සමාපත්තියට පිවිසෙයි. වුට්ඨාති එයින් නැගිට සිටී.
උභතොභාගවිමුත්තොති ද්වීහි භාගෙහි විමුත්තො, අරූපසමාපත්තියා රූපකායතො විමුත්තො, මග්ගෙන නාමකායතො විමුත්තොති. වුත්තම්පි චෙතං –
උභතොභාග විමුත්තො කොටස් දෙකකින් මිදුනේ. අරූප සමාපත්තියෙන් රූප කායයෙන් මිදුනේ, මාර්ගයෙන් නාමකායයෙන් මිදුනේ එය මෙසේ කියා ඇත.
“අච්චී යථා වාතවෙගෙන ඛිත්තා, (උපසිවාති භගවා) අත්ථං පලෙති න උපෙති සඞ්ඛං; එවං මුනී නාමකායා විමුත්තො, අත්ථං පලෙති න උපෙති සඞ්ඛ”න්ති. (සු· නි· 1080);
අච්චියථා වාතවෙගෙන ඛිත්තා (උපසීවාති භගවා) අත්ථං ඵලෙති න උපෙති සංඛ්යයං එවංමුනි නාමකායා විමුත්තො අත්ථං ඵලෙති න උපෙති සංඛ්‍යං
වාත වේගයෙන් පහරන ලද ගිනිසිළක් මෙන් අර්ථය ළඟා කර ගනී. කනස්සල්ලකට පත් නොවේ. මුනිවරයා මෙසේ නාම කායයෙන් මිදුනේ අර්ථය ළඟා කර ගනී. පසුතැවිල්ලකට පත් නොවෙයි.
සො පනෙස උභතොභාගවිමුත්තො ආකාසානඤ්චායතනාදීසු අඤ්ඤතරතො උට්ඨාය අරහත්තං පත්තො ච අනාගාමී හුත්වා නිරොධා උට්ඨාය අරහත්තං පත්තො චාති පඤ්චවිධො. කෙචි පන – “යස්මා රූපාවචරචතුත්ථජ්ඣානම්පි දුවඞ්ගිකං උපෙක්ඛාසහගතං, අරූපාවචරජ්ඣානම්පි තාදිසමෙව. තස්මා රූපාවචරචතුත්ථජ්ඣානතො උට්ඨාය අරහත්තං පත්තොපි උභතොභාගවිමුත්තො”ති.
ඔහු වනාහි මේ දෙපාර්ශ්වයෙන්ම මිදුනේ ආකාසානඤ්චායතන ආදි එකකින් නැගිට රහත් බවට පත්වුවද අනාගාමී වී නිරෝධ සමාපත්තියෙන් නැගිට යැයි පස් ආකාර වේ. කෙනෙක් වනාහි යම්හෙයකින් රූපාවචර චතුර්ථ ධ්‍යානයද අංග දෙකකින් යුත් රූපාවචර චතුර්ථ ධ්‍යානයෙන් නැගිට රහත්බවට පත්වූවහුද උභය භාගයෙන් මිදුනේ නම් වේ.
අයං පන උභතොභාගවිමුත්තපඤ්හො හෙට්ඨා ලොහපාසාදෙ සමුට්ඨහිත්වා තිපිටකචූළසුමනත්ථෙරස්ස වණ්ණනං නිස්සාය චිරෙන විනිච්ඡයං පත්තො. ගිරිවිහාරෙ කිර ථෙරස්ස අන්තෙවාසිකො එකස්ස පිණ්ඩපාතිකස්ස මුඛතො තං පඤ්හං සුත්වා ආහ – “ආවුසො, හෙට්ඨාලොහපාසාදෙ අම්හාකං ආචරියස්ස ධම්මං වණ්ණයතො න කෙනචි සුතපුබ්බ”න්ති. කිං පන, භන්තෙ, ථෙරො අවචාති? රූපාවචරචතුත්ථජ්ඣානං කිඤ්චාපි දුවඞ්ගිකං උපෙක්ඛාසහගතං කිලෙසෙ වික්ඛම්භෙති, කිලෙසානං පන ආසන්නපක්ඛෙ විරූහනට්ඨානෙ සමුදාචරති. ඉමෙ හි කිලෙසා නාම පඤ්චවොකාරභවෙ නීලාදීසු අඤ්ඤතරං ආරම්මණං උපනිස්සාය සමුදාචරන්ති, රූපාවචරජ්ඣානඤ්ච තං ආරම්මණං න සමතික්කමති. තස්මා සබ්බසො රූපං නිවත්තෙත්වා අරූපජ්ඣානවසෙන කිලෙසෙ වික්ඛම්භෙත්වා අරහත්තං පත්තොව උභතොභාගවිමුත්තොති, ඉදං ආවුසො ථෙරො අවච. ඉදඤ්ච පන වත්වා ඉදං සුත්තං ආහරි – “කතමො ච පුග්ගලො උභතොභාගවිමුත්තො. ඉධෙකච්චො පුග්ගලො අට්ඨවිමොක්ඛෙ කායෙන ඵුසිත්වා විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති, අයං වුච්චති පුග්ගලො උභතොභාගවිමුත්තො”ති (පු· ප· 24).
මේ උභතො භාගයෙන් විමුක්තිය පිළිබඳ ප්රශ්නය පහත ලෝහ ප්‍රාසාදයේ හටගෙන ත්‍රිපිටකධාරී චුල්ලසුමන තෙරුන්ගේ වර්ණනාව නිසා නොබෝ කලකින් විනිශ්චයකට පත්විය. ගිරි විහාරයෙහි වනාහි තෙර නමකගේ අතවැස්සෙක් එක් පිණ්ඩපාතික භික්ෂුවකගේ මුවින්ම ඒ ප්රශ්නය අසා කීය. ඇවැත්නි! පහළ ලෝහ ප්‍රාසාදයේ අපගේ ඇදුරුතුමන්ගේ වර්ණනා කරන්නා වූ ධර්මය කිසිවකු විසින් නොඇසූවිරූය. ස්වාමීනි! තෙරුන්වහන්සේ කුමක් කීවේද? රූපාවචර චතුර්ථධ්යානය කිසියම් අංග දෙකකින් යුත් උපේක්ෂා සහගත කෙලෙසුන් ද යටපත් කරයි. කෙලෙසුන්ගේ වනාහි ආසන්නයේ වර්ධනය වන තැන නිතර පවතී. මේ ක්ලේශයෝ නම් පංචස්කන්ධයෙහි නීල ආදී වූ වෙනත් අරමුණක් උදෙසා නිතර හැසිරෙත්. රූපාවචර ධ්‍යානයත් අරමුණක් නොඉක්මවයි. ඒ නිසා සැම අයුරින්ම රූපය නතරකොට අරූපඣාන වශයෙන් කෙලෙසුන් යටපත් කර රහත්බවට පත්වූයේම උභතොභාග විමුත්ත යැයි තෙරුන්වහන්සේ පැවසීය. මෙයද කියා මේ සූත්‍රය ගෙනහැර දැක්වීය - දෙපාර්ශවයෙන්ම මිදුනු පුද්ගලයා නම් කවරෙක්ද? මේ ලෝකයේ එක් පුරුෂයෙක් අටවැදෑරුම් විමොක්ෂයන් කයින් ස්පර්ශ කර වාසය කරයි. ප්‍රඥාවෙන් ද බලා ඔහුගේ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු. උභතො භාගයෙන් මිදුනු පුද්ගලයා මොහුය.
ඉමාය ච ආනන්ද උභතොභාගවිමුත්තියාති ආනන්ද ඉතො උභතොභාගවිමුත්තිතො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
ඉතිරිය සැමතැන්හි කියන ලදමැයි.
ඉති සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථායං මහානිදානසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහානිදාන සූත්‍ර වර්ණනාව නිමියේ ය.